Wednesday, December 11, 2013
අමාවතුරේ කථාවස්තුවලින් පිළිබිඹු වන්නේ රචකයාගේ පාණ්ඩිත්‍යයම නොව පොදුජන බසේත් බුද්ධිමය චින්තනයේත් සංකලනයකි
අමාවතුරේ කථාවස්තුවලින් පිළිබිඹු වන්නේ රචකයාගේ පාණ්ඩිත්‍යයම නොව පොදුජන බසේත් බුද්ධිමය චින්තනයේත් සංකලනයකි
විඥාපනය
ගද්‍යකාව්‍යයන්හි වර්ධනයෙහිලා පොළොන්නරු යුගය සුවිශේෂි කළ ගද්‍ය කාව්‍යය නම් අමාවතුරයි. විද්‍යමාන සාධක සහිත සිංහල කාව්‍යයන්හි ආදිතම ගද්‍ය කාව්‍යයද මෙයයි. අනුරාධපුර සමයෙහි පටන් ගැදි බසින් ගත් සපයා ඇති මුත් තත් ග‍්‍රන්ථයන් කාව්‍ය විශේෂයෙහිලා සැලකුම් ලබන්නේ නොවෙයි. බුදුසිරිත විෂය කරගත් ආදිතමයද මෙයයි.
ගත්කරුවෙකුගේ පාණ්ඩිත්‍ය පෙන්වීමට ඔහුගේ කෘති දෙස් දේ නම් සැබැවින්ම අමාවතුර කර්තෘ ගුරුළුගෝමී සංස්කෘත, පාලි, සිංහල භාෂා මැනවින් හදාළ ව්‍යාකරණ ඡුන්දෝලංකාර කාව්‍යනාටක විෂයයෙහි පාටව්‍යයකින් විභූෂිත මහාප`ඩිවරයාණ කෙනෙකි. ඔහු උගත් දේ ග‍්‍රන්ථ රචනයේදි භාවිතයට ගෙන ඇත. එහෙයින් පාණ්ඩිත්‍යය ස්වකීය කෘති තුළින් විද්‍යමාන වේ. එය මැනවින් ඉස්මතු වන්නේ ධර්මප‍්‍රදීපිකාවෙහිදීය. අමාවතුරෙදි ඔහුට අවශ්‍ය වූයේ ස්වකීය පාණ්ඩිත්‍යය පෙන්වීමට නොව නොවියත් හුදී ජනන් සඳහ සියබසින් බුදුසිරිත ගෙන හැර පෑමටයි. එහෙයින් මේ සඳහා ඔහු උපයෝගි කොට ගත්තේ පොදුජන භාෂාවයි. එමෙන්ම ගුරුළුගොමී වඩා පි‍්‍රය කළේ බුද්ධිමය චින්තනයටයි. එහෙයින් ඔහුගේ ප‍්‍රියතාව වූ බුද්ධිමය චින්තනය හා පොදුජන බස යන දෙකම මේ කෘතිය තුළ ඓන්ද්‍රීයව ගමන් කරයි. මෙම නිබන්ධනයේදි අප උත්සුක වන්නේ ගුරුළුගෝමීන්ගේ පාණ්ඩිත්‍යය අභිභවා මතු වන පොදුජන බසේ සහ බුද්ධිමය චින්තනයේ ඒකීයත්වය මතු කිරීමටයි.
අමාවතුර සහ ගුරුළුගෝමිගේ පාණ්ඩිත්‍යය
දේශපාලනික හේතු පදනම් කරගෙන කෙරෙන යුග වර්ගීකරණයකදි පොළොන්නරු යුගයටත් (1051-1234* භාෂාත්මක හේතු පදනම් කරගෙන කෙරෙන යුග වර්ගීකරණයකදි මධ්‍යකාලීන යුගයටත් (ක‍්‍රි.ව 8වන සියවසේ සිට ක‍්‍රි.ව 13වන සියවසේ මැද දක්වා* අයත් වන ගද්‍ය කාව්‍යයකි අමාවතුර. පොළොන්නරු සමය ලංකාවේ පමණක් නොව අග්නි දිග ආසියාවේම පරිවර්තනයක් ඇති කළ අවධියකි. මෙම අවධියේ කර්ම මාර්ගය හා ඥාන මාර්ගය යටපත් කරමින් ගංවතුරක් සේ ගැලූ හින්දු භක්කිමාර්ගයට එරෙහි වූවෝ නම් ලක්වැසියෝය. ඔවූහු හින්දු භක්ති වාදයට එරෙහිව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මත ගොඩනැගුණ බුද්ධ භක්තිවාදයක් බිහි කළහ. මෙහි විද්‍යමාන ආදිතම කාව්‍ය අමාවතුරයි.
ග‍්‍රන්ථාරම්භයේ එන ‘‘ ...බුදුගුණ අනන්ත වන බැවින් නවගුණ හැම කියත්, නොපිළිවනින් ‘පුරිසදම්මසාරථි’ යන පදය ගෙනැ අප බුදුන් පැරුම් පුරා බුදු වැ දෙව්රම් වෙහෙර පිළිගෙනැ එහි වෙසෙමින් තුන් ලොව්හි සැරිසැරූ විෂම පුරුෂයන් දමා අමාමහනිවන් පැමිණ පැමිණිවූ සේ නොවියත් හුදී ජනන් සඳහා සියබසින් මා විසින් සැඛෙවින් දක්වන ලැබේ.’’ යන පාඨයට අනුව මෙහිදී බුදුරජාණන් වහන්සේ විෂම පුරුෂයන් දමනය කොට අමාමහ නිවනට පැමිණ වූ අයුරු කියවෙන බව ගුරුළුගොමීහුම පවසති. එහෙයින්ම මොහු මේ සඳහා ‘පුරුෂදම්‍යසාරථි පදවර්ණනා’ යන නාමය තබයි. එහෙත් මෙය අප අතර ප‍්‍රචලිතව ඇත්තේ අමාවතුර යන නමිනි. අමා යනු අමෘතයට හා නිවනට සමානාර්ථ පදයෙකි. වතුර යනු ගලාබස්නා දිය පහරයි. එහෙයින් අමාවතුර යනු නිවනට පමුණුවන දිය පහරයි. ශ‍්‍රාවකයන් නිවනට පමුණුවන හෙයින් හෝ කථාවන්හි එන විෂම පුරුෂයන් දමා අමාවට පැමිණවූ හෙයින් හෝ මෙම නාමය ඊටම උචිත වූයේ වෙයි.
ග‍්‍රන්ථාවසානයේ දැක්වෙන ‘‘ගුරුළුගොමින් විසින් කරන ලද අමාවතුරු නම් ‘පුරිසදම්මසාරථි’ පදවණ_නා නිමි’’ යන පාඨයට අනුව මෙහි කතුවරයාණෝ වනාහි ගුරුළුගෝමීහුය. ගුරුළුගොමි සිටි යුගය පිළිබඳ මත භේද දෙකක් වේ. පොළොන්නරු යුගය හා අනුරාධපුර යුගය වශයෙනි. වඩා සම්භාවනීය මතය වන්නේ රත්මලානේ ශ‍්‍රී ධම්මාරාම හිමියන් ඉදිරිපත් කළ පොළොන්නරු යුගය යන මතයයි. මොහු කාලිංග දේශයෙන් මෙහි පැමිණියෙකු ලෙසටත් මෙහිම වූවෙකු ලෙසටත් මත වේ.
ගුරුළුගෝමිගේ ජන්මස්ථානය කවරක් වුවත් හෙතෙම වනාහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියතෙකු බව නම් ඉඳුරා කිව හැකිය. අමාවතුරට පෙර ඔහු ලියූ කෘතිය වන ධර්මප‍්‍රදීපිකාව මේ සඳහා මැනවින් දෙස් දෙයි. ධර්මප‍්‍රදීපිකාවේදි ඔහු සංස්කෘත ශ්ලෝක සහමුලින්ම උපුටා දැක්වීය. බසද සකුවට හුරුවටම ලිවීය. එහෙයින්් ඔහු සකු බසැ හසළයෙක් වීය. එමෙන්ම බුද්ධධර්මය විවරණ විභජන උත්තානිකම්ම කළේය. එහෙයින් ඔහුගේ ධර්මඥානය ප‍්‍රකට වේ. ‘‘මේ කර්මයන්ගේ විභාග ධම_ප‍්‍රදීපිකා නම් මහාබෝධිවංශ පරිකථායෙන් දන්නෙ යැ. හේ බුද්ධධම_ යැ. මේ බුද්ධචරිතයැ.’’ යනුවෙන් ඔහුම කියන පරිදි අමාවතුර තුළ ඇත්තේ බුද්ධචරිතයයි. අවදානයක් තුළ තම පාණ්ඩිත්‍යය විදහාපෑමට විශාල ඉඩක් නොලැබෙතත් ගුරුළුගෝමී ඉඩ ලත් සෑම විටකම ස්වකීය සමය සමයාන්තරඥානය හා භාෂාඥානය ප‍්‍රකට කළේය. අමාවතුර කියවන බුද්ධිමත් පාඨකයන්ට එකවරම පසක් වන කරුණු නම් ගුරුළුගෝමි නිත්‍ය ලෙසම මුළු තෙවළා දහමත් අටුවාකතාවනුත් අස්සක් මුල්ලක් නෑර කියවා ඇති බව හා ඔහු පෙළ බසෙහි කෙළ පැමිණි පු`ගුලකු බවයි. අමාවතුරෙහි එන කතා ඔහු ගෙන ඇත්තේ ති‍්‍රපිටකයෙන් හා අර්ථකථාවන්ගෙනි. පාලි භාෂව සිංහලයට පරිවර්තනය කිරීමේ නෛසර්ගික කෞශල්‍යයක් ඔහු සතු වීය.
‘‘මා සමණ ඒතං මග්ගං පටිපජ්ජි, ඒතස්මිං සමණ මග්ගේ චෝරෝ අඬ්ගුලිමාලෝ නාම ලූද්දො ලොහිතපාණි හතපහතේ නිවිට්ඨෝ ආදායාපන්නෝ පාණභූතේසු. තේන ගාමාපි අගමාකතා, නිගමාපි අනිගමාකතා, ජනපදාපි අජනපදාකතා,....’’
‘‘...මහණ, ඒ මගට නොයා එම`ගැ අ`ගුල්මල් නම් සොරෙකැ, දරුණැ, ලෙහෙ මු`ඩු අත් ඇත්තෙ යැ, සතුන් කෙරෙහි කුළුණු නැත්තේ යැ, ගම් නොගම් කෙළෙ, නියම් ගම් නොනියම්ගම් කෙළෙ, දනවු නොදනවු කෙළෙ,... ’’
මෙම පාඨ දෙක එකිනෙකට සන්සන්දනය කරන කල ඔහු සතු වූ පාලි භාෂාඥානය හා පරිවර්තන ශක්‍යතාව විද්‍යමාන වේ. එසේම ඉඩ ලත් සෑම විටෙකම ධර්මඥානයද ප‍්‍රකට කොට ඇත.
‘‘ ‘යාග’ ශබ්දය දේවපූජායෙහි දු සඬ්ගති ක‍්‍රියායෙහි දු දානයෙහි දු වැටෙයි. මෙ තැනැ වූ කල ‘යාග’ ශබ්දයෙන් දන් කියත්’’
භාෂාවේ ප‍්‍රකරණානුකූලව සිදුවන අර්ථ විපර්යාස හා විවිධ සමයන්හි එම වචනයෙන් අර්ථ ගන්වන දේ පිළිබඳ මනා අවබෝධයක් ඔහුසතු වන බව මෙම`ගින් පිළිබිඹු වේ. ඔහුගේ පාණ්ඩිත්‍යය පිළිබඳ ගතුගතෙකු වූ ආනන්ද මෛත්‍රේය මාහිමිහු මෙසේ පවසති.
‘‘ ...සකු මගද ඈ බස් දතුවෝ එදා මහා ප`ඩිහු යැ. ඔහු මහ මිහිඳු පරපුරින් ගෙනැ ආ බණ පෙළ බසින් හා හෙළ බසින් හා රැුක්කාහ. අන් බොදුනකාහි බණ හා බැහැරි සිප්සතර හා සකු බසින් හදාළහ. ගුරුළුගෝමීහු එහැම දහම් සතරෙහි නිපුණෝ යැ....’’ මෙයම සෑහේ ගුරුළුගොමීන්ගේ පාණ්ඩිත්‍යයට.
අමාවතුරෙන් විශද වන පොදුජන බසේත්් බුද්ධිමය චින්තනයේත් සංකලනය
යථොක්ත ලෙස අමාවතුරෙන් ගුරුළුගෝමීහුගේ පාණ්ඩිත්‍යය පසක් වෙතත් එය එයටම සීමා වූවක් නම් නොවේමය. ඔහු සතු වූ භාෂා කෞශල්‍යය හා බුද්ධිමය චින්තනය එකට කැටි වුණ සෙයක්ද එම`ගින් මතු වේ. ගුරුළුගෝමීන් අමාවතුර රචනයේදි අරමුණු කරගත් ශ‍්‍රාවක පිරිස නම් නොවියත් හුදී ජනයායි. මෙහි නොවියත් යනු කිසිවක් නොදත් ජනයා නොව, පාලි භාෂාව මැනවින් නොදත් ජනයායි. හුදී යන්න සුධී යන්නෙහි සිංහල ශබ්ද පරිණාම රූපයයි. එහෙයින් නොවියත් හුදී ජනයා යනු පාලි භාෂාව මැනවින් නොහදාළ සත්පුරුෂ ජනයායි. එසේ නම් මෙහි තිබිය යුත්තේ සාමාන්‍ය ජනයාට තේරෙන පොදු ජන වහරකුයි.
ගුරුළුගෝමීන් විසින් භාවිත කළ භාෂාව තත් යුගයේ භාෂාව නොවෙතියි යනු පිළිගත් මතය වේ. අනුරාධපුර යුගයේ භාෂාව මෙහිදි භාවිතය. හලන්ත ශබ්ද හා අර්ධතත්සම වචන දක්නට ලැබෙන්නේ අනුරාධපුර යුගයේදීය. පොළොන්නරු යුගයේදි දක්නට ලැබෙන්නේ ස්වරාන්ත ශබ්ද හා සංස්කෘත තත්සම වචන සමූහයක්ය. අමාවතුරෙහි භාෂාව පිළිබඳ කොදාගොඩ ඤාණාලෝක හිමියෝ මෙසේ පවසති.
‘‘ ...පොළොන්නරු අවධියට අයත් මුවදෙව්දාවත - සසදාවත ආදිය ලියූ බස එ කල රටවැසියන් බුණූ බස් නොවේ. එසේ ද වත් ඒ කව් රටවැසියන් පිණිසැ ගෙතිණ. ගුරුළුගොමීන් ලියූ බස ද එ කලැ රටවැසියන් බුණූ බස් නොවතුදු ඔවුන් ගෙතූ ගත් රටවැසියන් පිණිසැ වෙයි. රටවැසියනට බසිනුදු වැඩදා වන සේ ලියයුත්තෝ නම් බස නිසි සේ දත් ව්‍යක්තයෝ මැ යැ....’’
කෝදාගොඩ ඤාණාලෝක හිමියන් මේ පවසන්නේ බුත්සරණෙහි හා සෙල්ලිපිවල එන බස පොළොන්නරු යුගයේ සාමාන්‍ය ව්‍යවහාරය යන සිතුවිල්ලෙක්හි පිහිටාගෙනය. සෙල්ලිපිවල හා අනෙකුත් ගද්‍ය ග‍්‍රන්ථවල බස සංස්කෘතයට නැඹුරුව හා ස්වරාන්තව සිටි පමණකින් එය පොළොන්නරුවේ සාමාන්‍ය ජනයාගේ බසයැයි උපකල්පනය කිරීම අනුචිත යනු අප හැ`ගීමයි. අනුරාධපුර යුගයේ පටන් පොදුජනයාගේ බස වූයේ පාලියට නැඹුරු වූ සිංහලයයි. පොළොන්නරු යුගය වන විට සංස්කෘත භාෂාව එය ආක‍්‍රමණය කරන්නට පෙළඹුණ සේය. එම පෙළඹීම නොඑසේ නම් සංස්කෘතය විලාසිතාවක් කරගැනීමයි සෙල්ලිපිවලින් හා අනෙකුත් ගද්‍ය ග‍්‍රන්ථවලින් පෙනෙනුයේ. පොදු ජනයාගේ භාෂාව සංස්කෘතයට නැඹුරු වූ විලාසිතා භාෂාව නොව බුදුදහම ලියා තිබූ හෙවත් අනුරාධපුර සමයේ සිට ක‍්‍රමිකව විකාශනය වෙමින් ආ භාෂාවයි. අමාවතුර තුළ ඇත්තේ රාජකීය කටයුතුවලිදි හා වියතුන්ගේ පණ්ඩිතමානි බවෙහි විලාසිතාව වූ සංස්කෘතයට නැඹුරු භාෂව නොව පාලියට නැඹුරු වූ පොදුජනයා දත් සාමාන්‍ය ව්‍යවහාරයයි. එහෙයින් අමාවතුරු තුළ ඇත්තේ පාලිය ඇසුරෙන් සැකසුණ පොදුජන වහරයි.
අමාවතුර මූලිකත්වය දී ඇත්තේ භක්තියට වඩා බුද්ධියටයි ‘‘සියබසින් මා විසින් සාඛෙවින් දක්වන ලැබේ’’ යන පාඨයට අනුව මෙම ගද්‍යය වර්ණනාතික‍්‍රාන්ත වූ සාටෝපවත් ගද්‍ය රීතියකින් ලියවුණක් නොවේ. සංක්ෂේපයෙන් ලියන ලද්දකි. සංක්ෂේපයෙන් කියූ දෙයක් වටහා ගැන්මෙහි සමර්ථහු නම් උගත්හුමය. එහෙයින් මෙය බුද්ධිය කේන්ද්‍ර කොටගත් රචනාවකි. අඩුවෙන් යමක් කියා වැඩියෙන් සිතීමට පොළඹවාලූ කෘතියකි. මෙහි එකම දෙය පුනපුනා කීම් ස්වල්පය. මෙම බුද්ධිගෝචර සංක්ෂිප්ත රීතිය ඔහුට පාලියෙන් ලැබුණු සේය. අමාවතුරෙහි බුද්ධිගෝචර රීතිය පිළිබඳ මාර්ටින් වික‍්‍රමසිංහයෝ මෙසේ කියති.
‘‘අමාවතුර කියවන බුද්ධිමතකු තුළ හටගන්නේ බුද්ධියෙන් එළිය වුණු විසිතුරු ලොවකට පිවිසියෙකු තුළ ඇතිවන අදීන හැ`ගීමය; අනිත් ඇතම් සිංහල ග‍්‍රන්ථයන් කියවන කල ඇතිවන්නේ නන් විසිතුරු පාටින් බැබළෙන එළියෙන් එළිය වුව ද බොළඳ හැ`ගීම්වලිනුත් ශ‍්‍රද්ධාවෙනුත් අවිචාර බුද්ධියෙනුත් අඳුරු වුණු ලොවකට පිවිසියෙකු තුළ හටගන්නා දීන හැ`ගීමට සම වන හැ`ගීමකි....’’
ගුරුළුගෝමීහු තම ගත්හි කථා ඉදිරිපත් කිරිමේ පිළිවෙළ පවා බුද්ධිගෝචර අයුරින් කළ සෙයක් පෙනේ. දුර්දාන්ත දමනයේදි බුදුන් වහන්සේ බෝසත් අත්බැවිව්හිද විෂම පුරුෂයන් දැමූ බව දක්වයි. ස්වසන්තාන දමනයේදි තම සිත දැමූ පරිදි දක්වයි. ඉන් අනතුරුව තුන් ලොව්හි සැරි සැරූ විෂම පුරුෂයන් පිළිවෙළින් ගහපතිහුගේ පටන් බ‍්‍රහ්මයා දක්වා දැමූ පරිදි කියවේ. ගහපති දමනයෙන් අනතුරුව ගහපතිනට වඩා මහසතුන් වහන්සේ උසස් බව ශ‍්‍රාවකයා වෙත ප‍්‍රවේශ කරයි. කෙළවර බ‍්‍රහමයා දමනය කළ පසු සියල්ලකටම වඩා මහසතුන් වහන්දෑ උසස් බව ධ්වනිත කරයි. මෙලෙස කථාවන් ඉදිරිපත් කිරීමේ අනුක‍්‍රමය තුළ පවා ගුරුළුගෝමින්ගේ බුද්ධිමය චින්තනය විශද වේ.
විද්‍යාචක‍්‍රවර්ති අංගුලිමාල කථාව පටන් ගන්නේ නූතන කෙටිකතා රචකයෙකු සේය. විද්‍යාචක‍්‍රවර්තිට මතු කිරීමට අවශ්‍ය වන දේ මතුවන තැනින් ඔහු කථාව පටන් ගනී. එහෙත් ගුරුළුගෝමි එම කතාව පටන් ගන්නේ උප්පත්තියේ පටන්මය. ‘‘...කොසොල් රජහු ගේ භග_ නම් පුරෝහිතයා පිණිස මනාතාණි නම් බැමිණි ගබ් ගෙනැ ? පුතකු ප‍්‍රසව කළා. ඔහු මව් කුසින් නික්මෙන කලැ සියලූ නුවර ආයුධ දිලිණ....’’ ආදි වශයෙනි. අමාවතුර කර්තෘ වූ ගුරුළුගෝමි මහෝපාසකට කථාවෙහි හේතුඵල සම්බන්ධය රකින්නට වුවමනා වූ සේය. බුත්සරණෙහි මෙන් අංගුලිමාල ඉඳුරා සොරෙකැයි කියන්නට ගුරුළුගෝමි රුචි නොවීය. අංගුලිමාල දිවිසොරෙකු වූ පරිදි කිසෙයැ කියන්නට ඔහු රුචි විය. එහෙයින්ම ඔහු කථාවේ මුලසිටම ගෙන හැර දැක්වීය. අහිංසක අංගුලිමාල බවට පත්වන්නේ සහෝදර සිසුවන්ගේ ඊර්ශ්‍යා පරවශ අමනෝඥ කි‍්‍රයාකලාපයත් ගුරුවරයාගේ පැවති අපරීක්ෂිත කර්තව්‍යයන්හි අනුභාවයත් හේතු කොට ගෙනය. අංගුලිමාල නැවත පූර්ව අහිංසක චරිතයටත් වඩා අහිංසක චරිතයක් බවට පත්වන්නේ නිසි ගුරුකමෙහි අනුභාවයෙනි. මේ සියල්ලක්ම ඔහු දක්වන්නේ හේතුඵල සම්බන්ධයක් ඇතිවය. ‘සියල්ල සිදුවන්නේ හේතුඵල සම්බන්ධයක් ඇතිවය’ යන්න බුදුසමය විසින් පොදුජන චින්තනය වෙත ප‍්‍රවේශ කළ කරුණකි. මෙලෙස අප පවසන දැයෙහි යථාර්ථය මතු දැක්වෙන උපුටනයෙන් මැනවින් විශද වේ.
‘‘ ආචාර්ය ඔවුන් තමා සනා ඇති වැ බණනසේ දැකැ ‘ඇය හා ඔහු සස`ග ඇති සේ යැ’ යි බිඳී ‘ඔහු මරමි’ සිතී. ‘ඉදින් ඔහු මැරුයෙම් වීම් නම්, දිසාපාමොක් ඇදුරු තමා කරා ශිල්ප උගන්නට ගිය දරුවන් දොස් දක්වා මරයි කියා වටලා ශිල්ප උගන්නට එන්නෝ නො වෙති. එසේ වන්නා හා මට ලාභ පිරිහෙයි. එසේ බැවින් ‘ශිල්ප සමහරයට උපචාර යැ’ යි කියා මිනිස් දහසක් මරන්නට කියමි. ඒකාන්තයෙන් එයින් එකෙක් ඔහු මරයි’ සිතා,... ’’
බුත්සරණ කියවන්නෙකුට අංගුලිමාල සොරෙකු ලෙස වැටහී යතත් අමාවතුර කියවන්නෙකුට එසේ වැටහෙන්නේ නැත. ඔහු අංගුලිමාල දෙස අනුකම්පාවෙන් බලයි. අංගුලිමාල යනු ශිල්ප මැනවින් හදාළ, දිවි දෙවැනි කොට ගුරු ගෞරවය රඳවා ගත්තෙකැයි අමාවතුර පාඨකයෝ සිතති. මෙහි ඇත්තේ අනුරාධපුර යුගයේ සිට පාලියට හුරුව ක‍්‍රමිකව විකාශනය වූ බස් වහරකි. මෙහි ඇති භාෂාව නූතන භාෂාවෙන් පාවා වෙනස් වන්නේ ස්වල්ප වශයෙනි. වචන කිහිපයක් හැරුණ කොට අනෙක් වචන සියල්ලම නූතනයේදීද භාවිත වේ. එහෙයින් මෙම භාෂාව එකල පොදුජන වහරම වන්නට ඇත. එහි ඇති වෙසෙස් නම් කාව්‍යාත්මක භාවයයි. නොඑසේ නම් පද ගළපා ඇති පිළිවෙළයි.
බුදුසමය විසින් පොදුජනයාට ලබා දී ඇති බුද්ධිමය චින්තනයක් නම් පුද්ගලයා කර්මානුරූපීව උප්පත්තිය ලබන බවයි. අමාවතුරෙන් මැනවින් එය ඉස්මතු වේ. බුදුන් වහන්සේ බෝසත් අත්බැව්හිදී චණ්ඩාල කුලයෙක්හි උපත ලැබූ බවක් දිට්ඨමංගලිකා කථාවස්තුවෙහි එයි. එයට හේතු වශයෙන් කර්ම පරවශ වීම දක්වයි. මෙය ගුරුළුගොමි ඇතුළු සමාජයට බුදුසමය විසින් ලබා දුන් බුද්ධිමය චින්තනයයි.
‘‘එ කල්හි අප මහසත් කම_පරවශ වැ සැ`ඩල් කුලෙහි ඉපිදැ පිට්නුවරැු සම්ගෙකෙකැ වෙසේ. උහුට මාතඬ්ග නම් නමෙක් වි යැ. ’’
කළ කම් ඉදිරියෙහි බෝසත් වුවත් එක සමානයැයි දක්වන්නට මෙම`ගින් සමත්වැ ඇත. බුද්ධධර්මය විෂයයෙහි ඔහු තුළ පැවති නිරවද්‍ය අවබෝධය මෙමගින් මැනවින් ප‍්‍රකට වේ. මුළු දිට්ඨමංගලිකා කථාවම උපයෝගි කොට ගෙන ඇත්තේ කුල සම්මුතියේ පවතින අඳුරු පැතිකඩ කෙරෙහි ශ‍්‍රාවක බුද්ධිමය චින්තනය අවධියෙන් තැබීමට සේය. ඒ සඳහා ගුරුළුගෝමී විසින් භාවිත කොට ඇති බස් වහරද අතිශය රමණීය වේ. තමා පහත් කුලයකට අයත් වීමට ඇති බියෙන් ලහි ලහියේ පිළියම් සොයමින් හැසිරෙන අයුරක් භාෂාව තුළින් පවා මතු වේ. එහිදීද පොදුජන වහරම වහල් කොටගෙන ඇත. කුලීන-කුලහීන ගැටුම පිළිබඳ අමවතුර තුළ ඇති බුද්ධිමය චින්තනය විශිෂ්ටය.
‘‘ මේ නියායෙන් දවස් යත් යත්, දෙපස්හි සත් සත් ගෙහි මිනිස්හු නැ`ගී ‘ ඇපි තොප නිසා සැ`ඩල් වන්නට නො නිස්සම්හ. අප නො නසව. දැරිය දී උහු හොත් තැනින් න`ගා පියව’ යි කීහ.’’
පාලිය ඇසුරෙන් පෝෂණය වූ පොදුජන බසටත් මෙම කථාවම මැනවින් දෙස් දෙයි පොළොන්නරු යුගට වන විටත් පොදුජනයා මැනවින් පාලි භාෂාව දැන සිටින්නට ඇත. පාලියට හුරු වූ භාෂා ශෛලියට මෙවැනි නිදසුන් කොතෙකුත් උද්ධෘත කළ හැකිය.
‘‘මානෙල්මලකුදු ‘ඉතා බරැු’යි නොපළඳනා සිවුමැලි දැරි ‘නැෙ`ගවි හිමි’ කියන්නී ‘ උට්ඨාහි සාමි’ යි කිවැ. මහසත් ‘ උට්ඨාහ’ නම් නො වෙමි’ කී යැ. වැළි ‘කුම් යෙම් දැ’ යි කිව. ‘නැෙ`ගව, හිමි මාතඬ්ගය, (කියා’ යි* කී යැ. ඇය එසේ කී කල්හි, ‘තී ගේ මිනිස්හු මා නැ`ගී හිඳුනා පමණ ශක්ති නැති කළහ.’’
බුද්ධිමය චින්තනයකට අවශ්‍ය පසුබිම පාවා ඇතිවන පරිදි ගුරුළුගෝමින් ස්වකීය ග‍්‍රන්ථයට කථාවස්තු තොරාගෙන ඇත. අදාළ අනදාළ දෑ තෝරාගැනීමෙහි ගුරුළුගෝමිහු සමර්ථයහ. ඔහු උපාලි ගෘහපති හා බුදුරජාණන් වහන්සේ අතර ඇතිවන බුද්ධිමය සංවාදය විෂයයෙහි ශ‍්‍රාවක කුහුල වඩවන සේ හේ බස හැසිර වීය. තම පාණ්ඩිත්‍යය පෙන්වා මහාජනයා අතර කීර්තිරශ්මි කදම්භයක් පතුරවනු රුචි වූවකගේ ගම්භීර පුරසාරමක මනෝවෘත්තීන් මැනවින් ධ්වනිත කිරීම්හි දස්කම් ගුරුළුගෝමීහු පෑහ.
‘‘යම්සෙ බල ඇති පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවක්හු ලොමැ ගෙනැ මොබට ඔබට ඇදැ ආකර්ෂණ පරිකර්ෂණ සම්පරික්ෂණ කෙරේ ද, ඒ සෙයින් මැ ඒ සෙයින් මැ මහණ ගොයුම්හු ගේ වාදයෙන් වාද කොටැ කථාමාර්ගයෙන් දොස් දක්වා මොබට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි’’
පොදුජනයා රජවරුන් කෙරෙහි කවදත් යම් යම් චින්තනයන් පැවැත්වූහ. එම චින්තනය ඍජුව හො වක‍්‍රව කවදත් නිර්මාණය තුළින් ගත් කතුවරු මතු කළහ. පෙළෙන් එය ගත්තත් එය තම කෘතියේ අනිවාර්ය අංගයක් සේම ඔවූහු එය මතු කළහ. රජවරුන්ගේ ස්වභාවය කුමක් වන්නේද හා කුමක් විය යුත්තේද යන්නෙහි පොදුජනයා අවබෝධයෙන් සිටියහ. එහිදී ඔවුන් තුළ වූ චින්තනය අමාවතුර කර්තෘහුද අමාවතුර මගින් ඉදිරිපත් කළහ.
‘‘ අපගේ රජ සැදැහැ නැත්තේ යැ; සිල්වත් ගුණවතුන් කෙරෙහි නො පහන්නේ යැ; දුශ්ශීලයැ; තවුසෝ ධැමිට්හ. නො ධැමිට් රජ ධැමිට් වෙ’ යි සතුට් වූහ’’
‘රාජා භවතු ධම්මිකෝ ’ යනුවෙන් කවදත් පැතූ ජනයා එය සඵල වනු දැක්මෙහි කෙතරම් උදම් වූවාහුද යත් ‘නො ධැමිට් රජ ධැමිට් වෙ’ යි සතුට් වූහ’ යන්නෙන්ම එය මතුව පෙනේ. රජවරු දැහැමි කිරීමට නම් පළමුව අවශ්‍ය වන්නේ පස්දුසිල්හි ආදීනව කියා දුසිල් කෙරෙහි ලජ්ජා උපදවීමයි. පස්දුසිලෙන් රජ තෙමේ තොර නම් එරට යහපත් බව ජනයෝ දත්හ. එහෙයින් මෙම බුද්ධිමය චින්තනය ගුරුළුගෝමි මැනවින් මතු කළෙය.
‘‘ පණිවා නොකොට යුත්තේ යැ. අයිනාදන් නො ගත යුත්තේ යැ. මිස හසර නො සිරිය යුත්තේ යැ. මුසවා නො කියැ යුත්තේ යැ. රහ නො බිය යුත්තේ යැ. පණිවා නිරැුහිද් තිරිසන් යොන්හිද් ප්‍රෙත විසයෙහිද් අසුරකායෙහිද් පිළිසිඳ දෙයි....’’
මෙම උද්ධෘත දෙස බලන කල අනුරාධපුර යුගයේ සිට පොදුජනයා අතර පැවති සාටෝපවත් නොවූ සරල සුගම අව්‍යාජ භාෂාවෙහි නොමැකෙන සටහන් ලෙස අමාවතුරු භාෂාව අපට පෙනේ. පොදුජනයා අතරට සංස්කෘතය විලාසිතාවක් ලෙස නොගියේ නූතන ඉංගී‍්‍රසි විලාසිතාව නොගොස් ඇති සේය. නූතනයේ ඉංගී‍්‍රසිය විලාසිතාවක් වී ඇත්තේ පොදුජනයා අතර නොව සුළුතරයක් අතරයි. එහෙයින් එය අව්‍යාජ වූ පොදුජනයාගේ භාෂාව නොවෙයි. එසේම පොළොන්නරු යුගයේදි පාණ්ඩිත්‍ය විදහා පෑමෙහි මාණික්‍යමය ඔටුන්න වූ සංස්කෘත භාෂාව පොදුජන භාෂාව නොවෙයි. පොදුජන භාෂාව නම් යථෝක්ත නිදර්ශන මගින් මතු කළ පෙළ දහම ඇසුරෙන් පෝෂණය වූ අව්‍යාජ වූ සරල භාෂාවයි.
සමාලෝ්චනය
අචල ශ‍්‍රද්ධාවකින් ඔදවැඩි මහෝපාසකයෙකු වූ ගුරුළුගෝමී උගත් සමයසමායන්තරයන්හි හා භාෂාන්තරයන්හි පාටවයට දෙස් දෙන අමාවතුරු කව පොදුජන බස කාව්‍යාත්මකව හැසිරීමට හා බුද්ධිමය චින්තනයටද දෙස් දෙයි. සියලු ගද්‍ය රචකයන්ම සංස්කෘත රීතිය ඔස්සේ ගමන්කළ යුගයෙක පොදුජන වහර ඔස්සේ හුදෙකලාව ගමන් කළ අමාවතුර කර්තෘ ඒ තුළ පොදුජනබසත් බුද්ධිමය චින්තනයත් සංකලනයෙන් මවන ප‍්‍රතිභාව ප‍්‍රශංසාර්හය. සැබැවින්ම ගුරුළුගෝමි ග‍්‍රන්ථාවසානය දක්වාම තම කව ‘නොවියත් හුදී ජනන් උදෙසා’ බව අමතක නොකළ සේය. එහෙයින්ම ඔහු ස්වකීය ග‍්‍රන්ථය පුරාවටම පාලියට සමීප වූ පොදුජන බස හැසිරවීය. ඒත් සම`ගම එයට මුසු කොට බුද්ධිමය චින්තනයද මතු කළේය. ඒ හේතුවෙන්ම අමාවතුරේ කථාවස්තුවලින් පිළිබිඹු වන්නේ රචකයාගේ පාණ්ඩිත්‍යයම නොව පොදුජන බසේත් බුද්ධිමය චින්තනයේත් සංකලනයකි යන්නෙහි සත්‍යතාවක් පවති.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
ප‍්‍රාථමික මූලාශ‍්‍රය
මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම පණ්ණාසකය. බු. ජ. ති‍්‍ර. ග‍්‍ර. මා. (1973*.
ද්වෛතීයික මූලාශ‍්‍රය
ඤාණාලෝක හිමි, කෝදාගොඩ. (සංස්.*. අමාවතුර. දෙහිවල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2004.
ද සිල්වා, දි. වි. රිචඞ්. හෙළ පොත් විමසුම. කොළඹ: ගුණසේන සහ සමාගම, 1960.
ධර්මකීර්ති, නිවන්දම. සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය, දෙහිවල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2002.
මල්ලව ආරච්චි, නිමල්. සිංහල ගද්‍ය භාෂාවේ විකාශනය. කොළඹ 10: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2005.
වික‍්‍රමසිංහ, මාර්ටින්. සිංහල සාහිත්‍යයේ නැගීම. රාජගිරිය: සරස ප‍්‍රකාශන, 2005.
ස`ගරා
කුලසූරිය, ආනන්ද. ‘‘උත්කෘෂ්ට ගද්‍ය ග‍්‍රන්ථයක්’’ ලංකාවේ අධ්‍යාපනය පළමු භාගය. කොළඹ: සියවස ප‍්‍රකාශන, 1969.
ඤාණාවාස ස්ථවිර, හේන්පිටගෙදර. ‘‘පොළොන්නරු යුගයේ සිංහල සාහිත්‍යයෙන් ගොඩ නැගුණු බෞද්ධ භක්ති වාදය අග්නිදිග ආසියාවේ ඇති කළ වෙනස,’’ සාහිත්‍යය, 1973 විශේෂ කලාපය. (සංස්.*. සි ඊ ගොඩකුඹුරේ, විනි විතාරණ, කේ ජි අමරදාස, කොළඹ: සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව හා ශ‍්‍රී ලංකා සංස්කෘතික මණ්ඩලය, 1973.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment