Wednesday, December 11, 2013
ආරඤ්ඤක අභය ස්ථවිර වස්තුව
ආරඤ්ඤක අභය ස්ථවිර වස්තුව
තව ද මේ සද්ධර්මාලංකාරයෙහි තෙළෙස් වැනි ආරඤ්ඤක වග්ගය නම් කවර යත් - එහි පළමු වන ආරඤ්ඤක අභය ස්ථවිර වස්තුව මෙසේ දත යුතු - කෙසේද යත් ඃ
යටගිය දවස මෙම ලංකාද්වීපයෙහි මහාතගා නම් විහාරයෙක් වී ය,එහි වසන ත‍්‍රීපිටකධාරී වූ අභය නම් තෙරකෙනෙකුන් වහන්සේ ග‍්‍රාමාන්ත සේනාසනය හැර එම විහාර සමීපයෙහි වන ළැහැබක කරන ලද පන්සෙලෙක වසන සේක. එසේ හෙයින් මෑත භාගයෙහි උන්වහන්සේ ආරඤ්ඤක අභය ස්ථවිරයන් වහන්සේ යැයි ප‍්‍රසිද්ධ වූ සේක. එ කල එක් උපාසකයෙක් උන් වහන්සේ කරා එළඹ පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව හිඳ බණ අසා පහන් සිත් ඇතිව ආරාධනා කොට එ තැන් පටන් දොළොස් අවුරුද්දක් මුළුල්ලෙහි සිවුපස දානයෙන් උපස්ථාන කරන්නේ ය. මෙසේ උපස්ථාක කරන්යේ තෙරුන් වහන්සේට සිවුරු පිණිස වස්විසීම් ආදී වූ ඒ ඒ කාලයෙහි පිළි දන් දෙයි.ඒ පවත් දැන උපාසකයා වසන ගෙහි සමීපයෙහි අනික් ගෙයක හිඳිනා හරන්තික නම් වූ සොරෙක් රාත‍්‍රී භාගයෙහි ගොසින් දන් දුන් පිළි හැරගෙන පලා එන්නේය.තෙරුන් වහන්සේ ඉරී ගියා වූ දුර්වල සිවුරු ම වැළඳගෙන එන්නා සේක. ඉක්බිති එක් දවසෙක සිවුරු පිළිගෙන උපාසකයා විහාරයට ගොසින් තෙරුන් වහන්සේගේ සිවුරු දුර්වල වී තිබෙන්නා දැක නැවතත් සිවුරු පිණිස පිළි දන් දී සිතනුයේ ”මා විසින් මුන් වහන්සේට සිවුරු පිණිස බොහෝ පිළි දෙන ලදඃ ඉන් සිවුරක් කොට අඳනා පොරෝනා දෙයකුත් නුදුටිමි. එසේම කොට බැඳ වෙළා තබන දෙයක් වත් අන් තෙනකට දෙන දෙයක්වත් නුදුටිමි’ මෙදේ වන්ට කාරණා කවරේද? අද ඒ පරීක්ෂා කළ මැනවැ” යි සිතා රාත‍්‍රී භාගයෙහි කඩුවක් අතින් ගෙන විහාරය සමීපයෙහි මඟින් ඉවත් ව යන එන්නන් පරීක්ෂා කෙරෙමින් සැඟවී සිටගත.
එකල ඒ සොරා තෙරුන් වහන්සේ පිළි දන් දුන් බව දැන පළමු සේම ඇරගන්මි යි සිතා රාත‍්‍රී භාගයෙහි විහාරයට ගොස් පිළි තිබූ තැනින් ඇරගෙන නැවතත් සැක නැතිව එම මඟින් ම එමින් සිටියේ ය. එකල උපාසකයා බඩු හා සමඟ සොරු දැක දිවගෙන ගොස් ඔහුගේ හිසකේ පත ගසා අල්වා ගෙන ”එම්බල කොල, මෙතෙක් කල් මා තෙරුන් වහන්සේට දුන් පිළිගෙන ගියා තෙපිම දැ” යි විචාරා , ”එසේය ස්වාමීණී,” යි කී කල්හි ඒ උපාසකයා ඔහු අතින් පිළි ඇරගෙන”මතු මෙසේ වූ සොරකමක් කෙරෙයිද නොකෙරෙයි දි” යි කිය කියා අතින් පයින් ඔහු තළා දුර්වල කොට අමු සොහොනට ඇදගෙන ගොස් පළමු ගෙන ගොස් දැමූ අලූත් මළ මිනියක් අධොමුඛ කොට මුහුණින් බිම හොවා ඔහු පිට සොරා උඩුකුරු කොට වැදහොවා දෑත දෙපස පිට ඉස ආදී වූ තැන් මුදාගත නොහැකි පරිද්දෙන් වෙන වෙන ම තද කොට බැඳ හොවා තුමූ ඉස් සොදා නහා පළමුකොට ගමට අවුත් ගම්මැද සිට ”එම්බා මේ ගම හැම දෙනම මා කියන්නක් අසව. අද මේ රාත‍්‍රියෙහි එක් අමනුෂ්‍යයෙක් එයි. ඒ යක්‍ෂයා සැබැවින් දිටී නම් තොප හැම කා මරයි. මහත් වූ විනාශයට පමුණුවයි. එ බැවින් කල් තබා ගෙවලට වැද දොරවල් වසාගෙන බැණ නො නැඟී හිඳුව, ඒ් යක්‍ෂයා දැන් දැන් ඇවිත් ”මම අසුවලා ය අසුවලූන්ගේ නෑයෝ ය අසුවලා මගේ මිත‍්‍රයා ය” යනාදීන් කිය කියා කථා කරන්නේ වී නමුත් ඔහු හා සමඟ කතාවක් නො කරව. ගොළුවන් බිහිරන් සේ බැණ නොනැඟී හිඳුව” යි හඬගා කිය කියා තමන්ගේ ගෙට ගියේය. ඔහුගේ බස් අසා ගම්වැසි මනුෂ්‍යයෝ භයින් තැති ගෙන ගෙවල දොර අගුළු ලාගෙන ඒඑ ් තැන්හි සැඟවී ගියහ. එකල ඒ සොරා ඒ ඒ රාත‍්‍රී භාගයෙහි තමා පිට තබා බැඳි මළමිනිය උනාගත නොහී ඒ මිනිය පිට බැඳි වනම ඇරගෙන තමා වසන ගෙදොරට ඇවිත් භාර්යාවට කියනුයේ ”එම්බල මම හරන්තිකයාය. මාගේ කටහඬිනුත් දැනගත නොහැකිද? දොර හැර පියව” යි කී ය. එසේ කීවද ඔහුගේ භාර්යාතොමෝ භයින් තැතිගෙන පිට මළ මිනියකුත් බැඳගෙන ආ හෙයින් සැබවින් ම යක්‍ෂයෙකැයි සිතා බැන නොනැඟී සැඟවී ගියාය. එකල සොරා නොයෙක් කාරණා කියාත් ගිවිස්සා දොර අරවා ගත නොහී එසේම තමන්ගේ දෙමව්පියන්ගෙන් ද සෙසු නෘයන් හා කුසෙහි ඔත්තවුන්ගේද යහළු මිත‍්‍රාදීන්ගේ ද ගෙවලට වෙන වෙනම ගොස් එක තැනකත් දොර අරවාගත නුහුණේමය. එහු ගිය ගිය තැන්හිම මනුෂ්‍යයෝ සැබවින් ම යක්‍ෂයෙක් ආයේ යයි සිතා භයින් දොර නොහැරියාහු ම ය. මෙසේ ඒ සොරා ගම මුළුල්ලෙහි ඇවිද එක තැනෙකත් පිටිවහලක් නොලැබ තෙරුන් වහන්සේගේ සමීපයට යෙමි යි සිතා විහාරයටම ගොස් ”ස්වාමීනී, ගැත්තවුන්ට පිටිවහලක් වුව මැනව. මේ පිට බැඳි මළ මිනිය උනා හැර මා සුවපත් කළ මැනවැ යි කීය. තෙරුන් වහන්සේ ඔහු දැක කම්පාව ළපිරුණු ශෝක ඇතිව වහා හුනස්නෙන් නැඟී ඔහු සමීපයට එළඹ පිට බැඳි මළ මිනිය උනාගෙන ගොස් දුර දමා ඔහු උණු පැනින් නහවා කුලාවෙන් තෙල් ගෙන සකල ශරීරය තෙල් ගල්වා මුගුරෙන් පහළ තැන් තවමත් උන්කල්හි ඕහහට බැන බැට දුන් උපාසකයා උදෑසනින් ම සොරා කොයි ගියේ දෝ හොයි විචාරා සොයා ඇවිදුනේ විහාරයට ගොස් සොරා පිට තෙල් ගා තවමත් උන් තෙරුන් වහන්සේ දැක ඔබ සමඟ කථා කරන්නා වූ උපාසක තෙම,
එසො මයහං සහායොති - උපකාරං කරොති යො
තනං සෝ සරතෙ චොරො - නත්‍ථී චොරෙ සභායතා
ඛාදනෙතාපි පිචනෙතාපි - සයනෙතාපි ච එකතො
න ජහාතතතනො ධම්මං - නත්‍ථී චොරෙ සභායතා
මුඛොනෙකං ලපෙ චොරො - කායෙනෙකං කරොති සෝ
ලෙŠාකාසො හරනෙතව - නත්‍ථී චොරො සභායතා
මාතා පිතා ච බන්‍ධු ච - දිසවා චොරං සභායතා
¥රතො පරිචජෙජනති - කංඛනති සංගමේ සදා
යනාදීන් ”ස්වාමීනී, වඤ්චාසිත් නැති යම් කිසි සත්පුරුෂයෙක් තමා ස්වාභාව හෙයින් මෙමාගේ මිත‍්‍රයා වේ දැයි සිතා සොර සිත් ඇති අසත්පුරුෂයෙක් තමා ස්වභාව හෙයින් මෙමාගේ මිත‍්‍රයා වේ දැයි සිතා සොර සිත් ඇති අසත්පුරුෂයාට කවර තරම් උපකාරයක් කෙළේ නමුත් ඒ උපකාරය මඳකුත් සඳහන් නොකරන්නේ ම ය. එසේ හෙයින් සොරුන් හා විශ්වාස ව ළඟ නොරඳවුව මැනව, එක්වව කථා කොට හිඳත් තමන්ගේ චෞර ස්වභාවය නොහරනාහූ ම ය. එබැවින් වඤ්වාසිත් ඇති අසත්පුරුෂ සොරුන් අහසට පොළොව සෙයින් දුරින් ම දුරු කට යුත්තේ ය. චඤ්චා දන්නා සොරහු සිතින් එකක් සිතති, කටින් එකක් කියති, යින් අනිකක් කෙරෙති, ඉදින් යම්තම් අවසරයක් ලද්දාහු වී නම් තමන්ට උපකාර කළවුන්ගේ බාල අවස්ථායෙහි පටන් උපයා රැුස් කළ වස්තු සියල්ලම අරගෙන අරගෙන පලා යන්නාහු ම ය, එබැවින් සොරුන් කෙරෙහි විශ්වාසයක් නැත්තේ ම ය, සෙස්සන් තබා වැ¥ මව්පියන් හා බන්‍ධුජයෝ ද බාල අවස්ථාවෙහි පටන් එක කෙළිමඬලෙහි කෙළ ඇවිදි මිත‍්‍රජනයෝ ද පවා සොර සිත් ඇති අසත්පුරුෂයන් දුර එන්නා දුටත් අනර්ථයක් අවැඩක් කෙරේ දෝ හොයි යන භයින් සැකයෙන් දුරින් ම දුරු වන්නාහුම ය. ”යි මෙසේ සොරුන්ගේ නුගුණ ප‍්‍රකාශකොට කියා ”සිවාමීණී මෙබඳු අනුන් සන්තක වස්තු සොරා පැහැර ගන්නා වූ මිත‍්‍රදෝහියා ළඟ රඳවාගෙන තවා පළා නාවා තෙල් ගල්වා ඇඟ ඉස ගා පියන තෙල් සුඟක් නසා කුමක් පිණිස දුක් ගන්නා සේක් දැ” යි ඇසිල්ලකුත් මේ තැන නොරඳවා ලූහුබඳවාපුව මැනවැ” යි කීය. එසේ කී උපාසකයා හට අවවාද වදාරන තෙරුන් වහන්සේ,
යො සා යසස ඩසො පාදං - තසසපාදං න සො ඩසෙ
එවමෙව හි දුට්ඨසස - අදොසොව පසංසිතො
ූ
අකතඤඤැසස පොසසස - මෙතතිං යො න කරිසසති
කසස මෙතතිං හි සො කයිරා - තමාහු චරියං බුධා
යනාදීන් ”එම්බා උපාසකය, චන්ඩ පරුෂ ඇති යමක්හුගේ පය කඩා කෑයේ වීනම් ඒ මිනිසා නැවත ඔහුගේ පය කඩා කන්නේ නොවෙයි, එ පරිද්දෙන් ම දුෂ්ටගුණ ඇති අසත්පුරුෂයන් කවර තරම් අපරාධයක් නපුරක් කළත් උන්ට සත්පුරුෂයන් විසින් ප‍්‍රශංස කරන ලද්දේම මැයි, මේ ලෝකයෙහි යම්කිසි උත්තමයාණ කෙනෙක් කෙළෙහි උපකාර නොදන්නා අසත්පුරුෂයන් කෙරෙහි මෛත‍්‍රී නොකරන්නාහු වී නම් ඔහු කවුරුන්ට මෛත‍්‍රී කෙරෙත්ද. හේ එසේ මැයි. සත්පුරුෂයන්ට මෛත‍්‍රී කරන්නාහු වී නම් ඒ ම වේද උතුම් වූ මෛත‍්‍රී නමැති බුද්ධාදී වූ ප‍්‍රඥා සම්පන්න උත්තමයෝ කියන්නාහු ම ය” යි වදාරා ”එම්බා පින්වත් උපාසකයා මෝහට සොරකම් කරන ද්‍රෝහියා යයි නොසිතා මෛත‍්‍රී කරව. මූ තමන් කළ සොරකමෙහි විපාක මතු තබා මෙම ජාතියෙහි ම ලද්දේ වේ දැ” යි වදාරා උපාසකයාණන්ට අවවාද කොට නික්ම වූ සේක.
එයින් කීප දවසක් ගිය කල හරන්තික නම් වූ ඒ චෞරකාරයා ශරීරයෙහි බල ඇතිව ගෙන තෙරුන් වහන්සේ කරා රළඹ ” ස්වාමීනී, මම මේ ආත්මභාවයෙහි අනික් කෙනෙකුන් සේව ගියෙමි, එසේ හෙයින් නැවත ගිහිගෙයි විසිය නොහෙමි, මෙතෙක් කල් සොරකම් කිරීමෙන් රැුස් කළා වූ අකුසල් රාශිය ගෙවී යන පරිද්දෙන් තවත් මා කෙරෙහි අනුකම්පා උපදවා මහණ කොට වදාළ මැනැවැ’ යි යාච්ඤා වී ය. එතෙපුල් අසා කරුණාපර බුද්ධපුත‍්‍ර වූ මහතෙරුන් වහන්සේ ඔහු මහණ කොට උපස්පදා කැරවූ සේක. එතැන් පටන් උන්වහන්සේ ඔහු මඑණ කොට උපසම්පදා කැවූ සේක. එතැන් පටන් උන්වහන්සේ වත පිළිවෙතෙහි යෙදී අප‍්‍රමාදව භාවනා කරන සේක් නොබෝ කලකින් රහත් ව හරන්තික මහ තෙරුන් වහන්සේ යයි ප‍්‍රසිද්ධ වූ සේක. එසේ හෙයින් යම්කිසි කෙනෙක් පළමු වන වයස පඤ්ච කාමයෙහි ගිජුව නොයෙක් අකුසල් කිරීමෙන් පාපිෂ්ඨ ව ඇවිද්දාහ් වී නමුත් කාරණා කාරණා දන්නා වයසට පැමිණි යෞවන මදය, ආරොග්‍ය මදය, ජීවිත මදය යන ත‍්‍රිවිධ මදයෙන් මත්ව කුසල් කිරීමෙහි ප‍්‍රමාද වීම සතර දුක් විඳීමට ඒකාන්ත කාරණ යයි නුවණින් සලකා ප‍්‍රණාතිපාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, සුරාපානය යනාදී වූ අකුශල ධර්මයන් දුරුකොට ගෘහස්ථ ප‍්‍රව‍්‍රජ්ජිතාදී වූ ඒ ඒ භාවයට සුදුසු වූ කුශල ක‍්‍රියාවන් රැුස්කළේ වී නම් එසේ වූ උත්තම සත්ත්ව තෙම බදු පසේබුදු මහරහතන් විසින් පසන්නා ලද්දා වූ දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳ ශාන්ත වූ ප‍්‍රණීත වූ උතුම් වූ අමාමහ නිවන් පුරටත් පැමිණෙන්නාහු ම ය. එසේ හෙයින් කියන ලදී.
පාපො හුත්‍වා පඨම සමයෙ පඤ්චකාමානුගිෙŠා
යො චෙ පච්ඡුා පංහතී මදං යොනිසො ලොකයනෙතා
සොපායං භො තිහවවිිභවං කාමමාසාදයිත්‍ථා
නිබ්බාණගගං සිවමමතපුරං යාති සත්‍ථුපපසත්‍ථං
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment