UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: පරිවර්තන අර්ථකථන

Thursday, December 12, 2013

පරිවර්තන අර්ථකථන

පරිවර්තන අර්ථකථන පරිවර්තන යන්න ‘පරි’ පූර්ව ‘වෘත්’ ධාතුවෙන් සැකසී ඇත. ‘වැටීම’, ‘පෙරළීම’ යන පද තුළ එහි සරල අර්ථ ජනනය කරයි. සිංහල ශබ්ද කෝෂ කතුවරුන් පරිවර්තන යන පදය අර්ථකථනය කරන්නේ මෙලෙසිනි. ‘‘පෙරළීම, හැරීම, මාරු කාරීම, අන් බසකට නැගීම, කරකැවීම, සැරි සැරීම, පැන දිවීම, හුවමාරු කිරීම, පැවතීම’’ වර්තමානයේ අප පර්වර්තනය අර්ථකථන කරන ආකාරයෙන්ම මධ්‍යකාලීන සිංහල සාහිත්‍යය තුළද එය එලෙසින්ම භාවිත කර ඇති බව මෙම නිදර්ශන ම`ගින් ප‍්‍රකට වේ. ‘‘...ආදි ගහණින් ලඞඝන පරිවර්තනාදි ගන්නේයි’’ ‘‘යම් කවර ඥෙය අර්ථයෙක් ඇත්නම් ඒ හැම අනෙතා බුද්ධ ඥානයෙහි පරිවර්තනය කෙරේ.’’ සිංහල භාෂාව තුළ ‘පරිවර්තන’ යන පදයේ අර්ථය සියවස් ගණනාවක් පුරාවට එකම අර්ථයෙන් යෙදී ඇත. ඉංගී‍්‍රසි භාෂාවේ පරිවර්තනය යන පදය ‘ඔර්බික්එසදබ’ වශයෙන් යෙදී ඇත. ඉංගී‍්‍රසි භාෂාවේ එම පදය යෙදී ඇත්තේ භාෂාව හා සම්බන්ධ කාර්යයන් සඳහාය. ඒබැව් ඉංගී‍්‍රසි ශබ්ද කෝෂවල එම පදයට දක්වා ඇති අර්ථකථනවලින් පැහැදිලි වේ. ‘‘එක් භාෂාවකින් තවත් භාෂාවකට මාරුවීම, මුල් භාෂාවෙන් වෙනස් වූ භාෂාවකට නැවත පිටපත් කිරීමේ කාර්යය, විදේශීය සාහිත්‍ය නිර්මාණයක් ස්වභාෂාවකට පෙරළීම’’ ඒ අනුව යථෝක්ත නිර්වචන අධ්‍යයනයේදී ‘පරිවර්තන’ යන්නෙහි පදගතාර්ථය අවබෝධ කරගත හැකිය. වර්තමාන සමාජය තුළ ජීවත්වන මිනිසා හුදෙකලා සත්වයෙක් හෝ වෙනම සමාජයකට කොටු වී තනිව ජීවත් වන සත්වයෙකු නොවේ. ඒ බැව් ගෝලීයකරණයත් සම`ග සමාජ ආදී සංස්ථාවල දක්නට ලැබෙන තාක්‍ෂණික දියුණුවත් සම`ග මොනවට පසක් වන කාරණයකි. එබඳු පදනමක් මත මිනිසාට අනෙකුත් සමාජයන් තුළින් වියුක්තව ජීවත් විය නොහැකිය. මිනිසාට නිරතුරුව ඔවුනොවුන් හා අදහස් සන්නිවේදනය කරගත යුතුය. ඒ අනුව මේ පදනම මත පරිවර්තන කාර්යයෙහි ආස්ථානය හෙවත් භූමිකාව, වටිනාකම අපට වටහා ගත හැකිය. එහිදී පරිවර්තනය යන්න සිංහලයාට පමණක් වෙන් වූවක් හෝ අත්‍යාවශ්‍ය වූවක් නොව සමස්ත මානව වර්ගයාට බලපාන කාරණවකි. මෙහිදී පෙර අපර දෙදිග විද්වතුන් පරිවර්තනය නිර්වචනය කර ඇති අන්දමද විමසා බැලිය යුතුය. ‘‘එක් භාෂාවකින් ලියන ලද සාහිත්‍යමය හෝ ශාස්ත‍්‍රීය කෘතියක් විශේෂයෙන්ම එම භාෂාව නොදත් පාඨකයන්ගේ ප‍්‍රයෝජනය සඳහා සම්පූර්ණයෙන්ම අන්‍ය භාෂාවකට නැ`ගීම පරිවර්තන නම් වේ.’’ ‘‘එක් භාෂාවකින් කියවෙන පණිවිඩයක් වෙනත් භාෂාවක භාවිත කරන සංකේත හරහා ප‍්‍රකාශ කිරීමක් ලෙසද සමහරෙක් යම් පණිවිඩයක් පවතින සංස්කෘතියේ සිට වෙනත් සංස්කෘතියකට මාරු කිරීමක් ලෙසද :ඔර්බික්එසබට එද ක්‍මකඑමරු එද ජමකඑමරු* හඳුන්වති.’’ (වර්තමානයේ මේ දෙකෙහිම එකතුව නිවැරදි අර්ථ දක්වන බව විශ්වාස කෙරේ* ‘‘යම් අයෙකු කතා කරන භාෂාව තවත් අයෙකුට තේරුම් ගත නොහැකි අවස්ථාවක තුන්වැන්නෙකු මැදිහත් වී එහි අර්ථ දෙවැන්නාට පැහැදිලි කරදීම භාෂා පරිවර්තනයයි.’’ ‘‘මූල භාෂවේ දැක්වෙන පාඨවල භාෂා අර්ථ සමස්තයක් වශයෙන් කියවා තේරුම් ගෙන (භාෂා රූපය නොව* ලක්‍ෂය භාෂවේ ඊට අනුරූපී පාඨ ම`ගින් පැහැදිලි හා නිවැරදි ලෙස ප‍්‍රකාශ කිරීම භාෂා පරිවර්තනයේ මූලික සිද්ධාන්තයයි.’’ පූර්වෝක්ත නිර්වචන ම`ගින් ‘පරිවර්තන’ යන පදයෙහි අර්ථය වටහා ගත හැකිය. වර්තමාන ලෝකයේ පරිවර්තනය අර්ථකථනය වී ඇති අන්දම විග‍්‍රහ කිරීමේදී, එය ප‍්‍රධාන විෂය ක්‍ෂේත‍්‍රයන් දෙකක් යටතේ විකාශය වී ඇති අන්දම වටහා ගත හැකිය. එනම් 1ග ශාස්තී‍්‍රය පරිවර්තන - විද්‍යා, තාක්‍ෂණ, නීති, ආගමික 2ග සාහිත්‍ය පරිවර්තන - නාට්‍ය, කාව්‍ය, ගද්‍ය, වශයෙනි. එසේ රචනා කළ පරිවර්තන කෘති පරිවර්තන නාම තුනක් යටතේ අධ්‍යයනය කළ හැකිය.  අනුකෘතිය - වෙනත් භාෂාවකින් සාහිත්‍ය කෘතියක් අනුකරණය කිරීමෙන් හා එහි නම් ගම් සාමාජික පසුබිම වෙනස් කිරීමෙන් නිපදවන කෘතිය  ඡුායානුවාදය - කථාවෙහි සාරය පමණක් ගෙන රචිත කෘතිය  සංක්‍ෂිප්ත අනුවාදය - කථා සාරය සංක්‍ෂිප්තව කෘතියක් ලෙස දැක්වීම යනුවෙනි. මෙම නිර්වචන හා අර්ථකථන විමසීමේදී පරිවර්තනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් දළ අවබෝධයක් ලබා ගත හැකිය. සිංහල පරිවර්තන සාහිත්‍යයෙහි ආරම්භය සිංහල පරිවර්තන ක‍්‍රමවේදය සිංහල සාහිත්‍යයේ ආරම්භය දක්වාම දිව යන්නකි. ලක්දිව නවමු සංස්කෘතියක මං පෙත් විවර වන්නේ මහින්දාගමනයේ ආගමනය සනිටුහන් වූ පසුවය. මහින්දාගමනයත් සම`ග ලක්දිව සියලූ සංස්ථාවන්හි නව පරිවර්තනයක් සිදුවිය. එම සමස්ත පරිවර්තනය සාහිත්‍යය සඳහාද එකසේ බලපෑවේය. ඒ අනුව ක‍්‍රි:පූ තුන්වන සියවසයේ මහින්දාගමනයත් සම`ග ඇරඹුණු හෙළටුවාකරණය සිංහල පරිවර්තන ක‍්‍රියාවලියෙහි ප‍්‍රාරම්භකම පියවර ලෙස හැඳින්විය හැකිය. ලක්දිව බුදුදහම ස්ථාපිත කිරීමත් සම`ග ශී‍්‍ර මුඛ දේශනාව මගධ භාෂාවෙන් රචනා වූ නිසාවෙන් එම ධර්මස්ඛන්ධයේ අවබෝධය පහසුව පිණිස සිංහල පරිවර්තනය ක‍්‍රියාවලිය ආරම්භයට බලපෑ හේතු සාධකයයි. එම පරිවර්තන ක‍්‍රියාවලිය තත් සමයෙහි සාහිත්‍ය මූලාශ‍්‍රයවල සටහන්ව තිබුණු ආකාරය මෙලෙස දැක්විය හැකිය. ‘‘අත්ථප්පකාසනත්ථං අට්ඨකථා ආදිතො වසි සතෙහි පඤ්චහි යා සංගීතා අනුසංගීතා ච පච්ඡුාපි, සිංහදීපං පන ආරභථාපි වසිනා මහා මහින්දෙන ඨපිතා සීහල භාසාය සීහලදීප වසීනමත්ථාය.’’ (සුමංගල විලාසිනී අටඨකථාව* ‘‘මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි අටුවා හෙළදිව අජුරො හෙළු බසින් තුබූහ.’’ (ධම්පියා අටුවාගැටපදය* ඒබැව් වංශකතාවල දක්වා ඇත්තේ මෙලෙසින්ය. ‘‘සීහලට්ඨකථා සුද්ධා- මහින්දේන සතීමතො කතා සීහල භාසාය- සීහළේසු පවත්තති’’ එසේම ලක්දිව පරිවර්තන ක‍්‍රියාවලිය බිහිවීමට ප‍්‍රධාන ධාරණා දෙකක් අටුවා ටීකා පරිශීලනයේදීද දක්නට ලැබේ. අටුවා මතය- ‘‘ඨපිතා සීහල භාසාය දීපවාසීන මත්ථාය’’ (බුදුගොස් හිමියන් පවසන්නේ දීපවාසීන්ගේ ප‍්‍රයෝජනය පිණිස පාලි අටුවා හෙළ බසින් තැබූ බවයි.* ටීකා මතය- ‘‘පච්ඡුා තම්බපණ්ණෙහි මහාථෙරෙහි නිකායාන්තර ලද්ධිසංකර පරිහරත්ථං සීහලභාසාය ඨපිතො’’ (අන්‍ය ලබ්ධීන්ගේ මතිමතාන්තරවලින් නිකාය විශ්වාසවලින් රැුකගැනීමට අටුවා හෙළු බසින් තැබූ බවයි.* මෙම මතද්වය විමර්ශන කිරීමේදී අටුවාචාරීන්ගේ මතය බොහෝ සෙයින් නිරවද්‍ය බව පැහැදිලි වේ. ඒ අනුව මහාවංශාදී මූලාශ‍්‍රය ම`ගින් අනුරාධපුර යුගයේ පරිවර්තන ක‍්‍රියාවලිය ආරම්භයට සේම සම්භවයටද හේතු වූ කාරාණා කවරේදැයි සාක්‍ෂ්‍ය සැපයා ගත හැකිය. අනුරාධපුර යුගයේ ‘පරිවර්තන’ සම්භවය අවධි තුනක් යටතේ අධ්‍යයනය කළ හැකිය. එනම්, 01. කි‍්‍ර:ව: තුන්වන සියවසයේ මහින්දාගමනයත් සම`ග පාලි ත‍්‍රිපිටකය සිංහලට නැගීම 02. කි‍්‍ර:ව: පස්වන සියවසයේදී බුද්ධඝෝෂ හිමියන්ගේ ආගමනයත් සම`ග නැවත හෙළටුවා පාලියට නැගීම 03. ක‍්‍රි:ව: අටවන සියවසයේදී පාලි අටුවාවලට සිංහල අටුවා සැපයීම යන කාරණා ත‍්‍රිත්වයයි. මෙම අවධි තුනේදීම සිදුවූවේ ‘පරිවර්තන’ සම්භවයයි. මුල්කාලීන ව්‍යාඛ්‍යාන කෘති වශයෙන් අප අධ්‍යයනය කරන්නේද මෙම පරිවර්තන කෘතිමය. මෙහිදී සිංහල පරිවර්තන සාහිත්‍යයෙහි සමාරම්භය සනිටුහන් වන ආකාරය පූර්වෝක්ත මූලාශ‍්‍රයයන් ඔස්සේ සුමට කරගත හැකිය. මුල්කාලීන වාක් කෝෂයේ පෘථුලත්වයට පරිවර්තන කාර්යයෙහි බලපෑම සිංහල සාහිත්‍ය සම්ප‍්‍රදාය පිළිබඳ අධ්‍යයනය කළ ෙඡ්කයෝ සිංහල භාෂාවේ ඉතිහාසය යුග කිහිපයකට බෙදා දක්වති. එනම්, ෂග ප‍්‍රාකෘත සිංහල අවධිය -(ක‍්‍රි:පූ: දෙවන සියවස සිට කි‍්‍ර:ව: තුන්වන හෝ හතරවන සියවස දක්වා* ෂෂග පුරාතන සිංහල අවධිය - (ක‍්‍රි:ව: හතරවන සියවස සිට ක‍්‍රි:ව: අටවන සියවස දක්වා* ෂෂෂග මධ්‍යතන සිංහල අවධිය - (ක‍්‍රි:ව: අටවන සියවස සිට ක‍්‍රි:ව: දහතුන්වන සියවස දක්වා* ෂඪග වර්තමාන සිංහල අවධිය - (ක‍්‍රි:ව: දහතුන්වන සියවසේ සිට අද දක්වා* යනුවෙනි. මෙහිදී සිංහල භාෂාවේ ආරම්භය කි‍්‍රස්තු පූර්ව යුග දක්වා දිව යන බව පැහැදිලි වේ. සිංහල භාෂාව වනාහි ඉන්දු ආර්ය භාෂා ගණයට අයත් වූවක් ලෙස දැන් සාමාන්‍යයෙන් සැමෝම පිළිගනිති. ඒ අනුව ලක්දිව භාෂාව නිර්මාණය වීමේදී භාරතයේ ආභාසය ලැබී ඇති බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. ‘‘ලංකාවේ ව්‍යවහාර වූවේ ‘බ‍්‍රාහ්මී’ නමින් හැ`දින් වූ ඉන්දියානු අක්‍ෂර මාලාවකි.’’ මෙමගින් ලාංකේය අක්‍ෂර මාලාව සකස් වීමේදී භාරතීය යෝධ සෙවනැල්ලක පහස ලැබූ බව පසක් වේ. ලක්දිව ලේඛන සම්ප‍්‍රදායක් සම්බන්ධයෙන් සෙල්ලිපි මූලාශ‍්‍රයගත කරුණු අනාවරණය වන්නේ ක‍්‍රි:පූ: 3වන සියවසයේදීය. මහින්දාගමනයත් සම`ග ලක්දිව සමාජයේ සිදුවන විප්ලවීය වෙනස පදනම් කරගෙන සිංහල සාහිත්‍යයේද ආරම්භය සනිටුහන් වේ. ලක්දිව පුරා වෙසෙන මහජනයා එක්සිත්ව බුදු දහමට දක්වන ළැදියාව පදනම් කරගනිමින් මගධ බසින් රචිත බුද්ධ භාෂිතය හෙළ බසට නැගීමට මිහිඳු හිමි ඇතුළු පිරිසට සිදු වේ. එම පරිවර්තන කි‍්‍රයාවලිය ලක්දිව ප‍්‍රචලිත වූ ආකාරය මුල් කාලීන සාහිත්‍ය කෘති අධ්‍යයනයේදී මනාව ප‍්‍රකටීභූත වේ. මේ සඳහා සිඛවළඳ සිඛවළඳ විනිස කෘතිය හා අමාවතුර කෘතියෙන් සාක්‍ෂ්‍ය සැපයේ. සිඛවළඳ සිඛවළඳ විනිසෙහි පරිවර්තන රීතිය -: ‘‘යො පන භික්‍ඛු ගාමා වා අරඤ්ඤ වා අදින්නං ථෙය්‍යසඬ්ඛාතං ආදියෙය්‍ය, යථාරූපෙ අදින්නාදානෙ රාජානො චොරං ගහෙත්වා හනෙය්‍යුං වා බන්ධෙය්‍යුං වා පබ්බාජෙය්‍යුං වා චොරොසි බාලොසි මූළ්හෝසි ථෙනොසී ති තථාරූපං භික්‍ඛු අදින්නං ආදියමානො අයම්පි පාරාජිකො හොති අසංවාසො’’ (විනය පිටකය* ‘‘පර මිනිසක්හු අයත් පල් පොහොනා වතක් සොර සිතින් ගත පරිජි වේ. මේ හැම අයිනාදන් පරිජි වේ.’’ (සිඛවළඳ සිඛවළඳ විනිස* අමාවතුරේ පරිවර්තන රීතිය -: ‘‘අතීතෙ පන බාරාණසී නගරෙ දිට්ඨමංගලිකා නාම චත්තාලිස කොටි විභවිස්ස එක ධීතිකා අහොසි.’’ (පපඤ්චසූදනී* ‘‘අතීතයේ බරණැස් නුවර සතළිස් කෙළක් ධන ඇති සිටක්හුගේ දිට්ඨමංගලිකා නම් එකම දුවක් වුව.’’ (අමාවතුර* එම පරිවර්තන ක‍්‍රියාවලිය නිසාවෙන් ලක්දිව සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයට සිදුවන සේවාවන් අතිමහත්ය. මුල්කාලීන සිංහල වාක්කෝෂය පුළුල් වීම එම සාධක අතරත ගාමක සාධකයකි. ඒ සඳහා ප‍්‍රධාන වශයෙන් සකු මගධ භාෂාවන්හි සෙවන සැලසිණි. පරිවර්තන ක‍්‍රියාවලියත් සම`ග වාක්කෝෂ පෘථුලත්වය භාෂා ඍණීකරණයද හේතු සාධක වේ. ‘‘ඍණීකරණය යන්නෙන් අදහස් කරන්නේ භාෂාවකින් තවත් වචන ගැනීමයි.’’ ඕනෑම පරිණාම භාෂාවක ඍණීකරණ සංකල්පය දැකගත හැකිය. පරිණාම භාෂාවක් සඳහා එය සමාන්‍ය සේම අත්‍යවශ්‍ය සිද්ධාන්තයකි. ‘‘මෙයින් අදහස් කෙරෙන්නේ ප‍්‍රස්තුත භාෂාවකට වෙනත් භාෂාවකින් වචන ආදිය ණයට ගැනීමයි.’’ ඍණීකරණයෙන් මිදී නිෂ්පන්න වචනවලින් පමණක් සැදුම්ලත් ස්වාධීන භාෂාවක් සොයා ගත නොහැකිය. මන්ද යත්, භාෂා පවුල් හා භාෂා ගන මත එකිනෙකට පෝෂණය ලබමින් භාෂා වැඞීම සිදුවන බැවිනි. භාෂා ඍණීකරණයක් සිදුවීමට භාෂාද්වයක් අත්‍යවශ්‍යය. එම භාෂාද්වය ප‍්‍රදායක අදායක යනුවෙන් නම් කළ හැකිය. (දායක භාෂාව සහ ප‍්‍රතිලාභී භාෂාව වශයෙන්ද හැඳින්වේ.* මෙහිදී ඍණීකරණයට ලක්වන්නේ ආදායක භාෂාවයි. ප‍්‍රදායක භාෂාවෙන් ලබාගන්නා වචන ඍණ වචනයි. ඒ අනුව මෙම ඍණීකරණ සංකල්පය භාෂා පරිණාමයේදී අත්‍යවශ්‍ය සාධකයක් බව පැහැදිලි වේ. මුල් කාලීන පරිවර්තන ක‍්‍රියාවලියේදී ඇතැම් කාරණා රචනා කිරීමේදී එම කාරණ ප‍්‍රකාශ කිරීමට සිංහල භාෂාවේ වචන දක්නට නොලැබිණි. එහිදී ප‍්‍රධාන වශයෙන් පාලි සංස්කෘත ආදී ප‍්‍රදායක භාෂා ම`ගින් ඍණ වචන සිංහල භාෂාවට ගලා ආවේය. පරිවර්තන ක‍්‍රියාවලියෙන් සිදු වූ එම ඍණ වචනවල ආගමනයත් සම`ග මුල් කාලීන සිංහලයේ වාක් කෝෂය පුළුල් විය. ඒ සඳහා උපැහරණ මෙලෙස ගෙනහැර දැක්විය හැකිය.  පරිවර්තිත වාක්කෝෂ ගත වන සාහිත්‍ය කෘතිවල හා සෙල්ලිපිවල දක්නට ලැබීම පාලි සංස්කෘති භාෂා ම`ගින් ඇති කෘති සිංහල පරිවර්තනය වීමත් සම`ග නවමු වදන් සිංහල වාක් කෝෂය එකළු කළේය. ඒ බැව් සෙල්ලිපිවල හා සාහිත්‍ය කෘති තුළ සමාන වදන් භාවිත වී ඇති අයුරින් වටහා ගත හැකිය. එම`ගින් පරිවර්තන නිසාවෙන් මුල් කාලීන සිංහලයේ වාක්කෝෂය බෙහෙවින් පුළුල් වූ බව වටහා ගත හැකිය. ‘‘මිහින්තලා සෙල්ලිපිය සිඛවළඳ හා සිඛවළඳ විනිස තුමහට තමහට දැහැමි දැහැටු සිවුර් සිවුරු වෙහෙර් වෙහෙර ඈයි ආදී’’  පරිවර්තන ක‍්‍රියාවලියේදී දැක්වූ සංයමය මෙම යුගය තුළ දක්නට ලැබෙන්නේ නොතැන්පත් සංකීර්ණ භාෂා විලාසයකි. එහෙත් පරිවර්තකයන් ඇතැම් නොතැන්පත් වදන් සුඛනම්‍ය ලෙස සංයමයෙන් භාවිත කළ අයුරු මුල් කාලීන පරිවර්තන කෘති ම`ගින් හෙළි වේ. එම වචන පරිවර්තනය මත සිංහල වාක් කෝෂය පුළුල් වීම සිදු විය. පාලි වචන ධම්පියා අටුවා ගැටපදය සිඛවළඳ හා සිඛවළඳ විනිස කච්ඡු කිජිලි කිසිලි අනුච්ýත නුසි නිසි නිස්සාය නිසයි නිසා අහං අව් මම  භාෂා පරිණාමීය සාධකවලින් සමන්විත වචන දක්නට ලැබීම මුල් කාලීන පරිවර්තන කෘති අධ්‍යයනයේදී පාලියෙන් හෝ සංස්කෘතයෙන් සිංහල වාග් මාලාවට එකතුවන වන වචන පරිණාමීය වෙමින් හෙළ වදන් ස්වරූපයෙන් පෙනී සිටි අයුරුද දැක ගත හැකිය. එහෙත් එම වචන හෙළදන් නොව පරිවර්තන ක‍්‍රියාවලිය පදනම් කරගනිමින් සිංයල වාක්කෝෂයට එකතු වූ වචනය. ‘‘විශේෂ ඝ විසෙස ඝ වසෙස ඝ වෙසෙස් මාංශ ඝ මංස ඝ මංස ඝ මස් ප‍්‍රතික්‍ෂේප ඝ පටිෙක්‍ඛප ඝ පිළිඛෙව ඝ පිළිකෙව් භොජන ඝ බොජුන ඝ බොජුන් කිලිටඨ ඝ කිලූට් ඝ කිලිටි දන්තකටඨ - දැහැට් - දැහැටි’’ (සිඛවළඳ හා සිඛවළඳ විනිස*  විකල්ප රූප භාවිත කිරීම පරිවර්තන කාර්යයේදී ඇතැම් විට මුල් කෘතිය රචිත භාෂාවේ වචන සඳහා විකල්ප වචන භාවිත කිරීමද දැකගත හැකිය. එම විකල්ප වචන භාවිතයෙන්ද සිදුවන්නේ සිංහල වාක්කෝෂයේ පෘථුලත්වයයි. එම විකල්ප වචන නිර්මාණයටද බලපා ඇත්තේ පරිවර්තන ක‍්‍රියාවලියයි. උදා-: ‘‘සුක්ක ඝ සුක් ඝ සුකුරු දන්තකටඨ ඝ දැහැට් ඝ දැහැටි දුට්ඨුල්ල ඝ තුළුල් ඝ දුළුල්’’  පාලි වචන සිංහලට බිඳ ගැනීම පරිවර්තන කාර්්‍යයේදී පාලි පද කතුවරයා සිංහලට බිඳ ගෙන ඇත්තේ ශාස්ත‍්‍රීය ව්‍යවහාරයක් සඳහා සංවිදිත වන අන්දමින්ය. එම පද සිංහල වචනමාලාව විශාල වීමට බෙහෙවින් බලපෑවේය. ඇතැම් පරිවර්තිත වචන වත්මනේදී පවා එලෙසින්ම භාවිත වීම තුළ වාක්කෝෂයේ එම වචන කෙතෙක් දුරට ස්ථාවර වූවේද යන්න වටහා ගත හැකිය. උදා-: ‘‘පාරාජිකා ඝ පරිජි මනුස්ස විග්ඝහ ඝ මිනිස්විකා සංඝාදිසේස ඝ සඝවෙසෙස් නිස්සග්ගිය ඝ නිසැ`ගි පාචිත්තිය ඝ පචිති ථුල්ලච්චය ඝ ථුලැසි පවාරණ ඝ පවුරුණු කායසංසගග ඝ කාසස`ගරා දුබ්භාසිත ඝ දුබැසි’’ (සිඛවළඳ හා සිඛවළඳ විනිස* ‘‘චත්තාලිස කොටි ඝ සතලිස් කෙළක් එකා ධීතිකා ඝ එකම දුවක් අඞගුලිමාලො නාම ඝ අගුල්මල් නම් පඤ්චායුධං ගහෙත්වා ඝ පඤ්චායුධ ගෙන’’ (අමාවතුර* එපමණක් නොව පාලි භාෂාවෙන් සිංහලය බෙහෙවින් පෝෂණය වී ඇති බව නමවන සියවසවසයේ රචිත ශිලාලේඛන වලින් පැහැදිලි වේ. එහි සම්පූර්ණයෙන්ම දක්නට ලැබෙන්නේ පාලි භාෂාවේ ආභාසයයි. ‘‘සිරිස`ගබෝය් මපුර්මුකා දොළොස්වන්නෙ පොසොනැ පුර විසෙනී දවස් දළනාමි දකිණිගිරි වෙහෙර් මහසග්නට් ලහාබතට් තෙවිසි කළන්දක් රන් දී දවස් පතා මහා බුන්ද්නෙන් දෙයඕමනාන් සාලෙ බත් ඉසා...’’ (කළුදිය කොකුණ සෙල්ලිපිය* මෙහිදී නවවන සහ දහවන සියවස්වල සෙල්ලිපි හා සිඛවළඳ, ධම්පියා අටුවා ගැටපදය ආදී මූලාශ‍්‍රය ම`ගින් සිංහල වාක් කෝෂයේ පෘථුලත්වයට පාලි භාෂාව ඍජුව බලපෑබව දැකගත හැකිය. එහෙත් මුල් කාලයේ පාලි කෘති ඇසුරෙන් සංස්කෘත වදන් සිංහල වචන මාලාවට එකතු වූ අයුරු සිඛවළදාදී කෘති පරිස්සමෙන් පිරික්සීමේදී දැකගත හැකිය. ‘‘වෛඩූර් මාණික්‍ය ඝ වෙරළුමිණි ගෞතම ගොත‍්‍ර ඝ ගොයුම් ගොත් තෘණ ඝ තණ’’ ‘‘පක්‍ෂයෙහි මාත‍්‍රයකදු පූව_ කෘත්‍ය සූතෝද්දේශ විකණ්ඩ ශාස්ත‍්‍ර’’ (ආකෘති, ශාස්ත‍්‍ර, සව_සාධාරණ*  සංස්කෘත වදන් ඇසුරෙන් වාක්කෝෂය පුළුල් වීම සියබස්ලකරාදී කෘති ම`ගින් නවවන ශතවර්ෂයේ සංස්කෘතයේ බලපෑම සිංහල වාක් කෝෂය කෙරෙහි බලපෑවද එය භාෂාවේ සැලකිය යුතු විපර්යාසයකට හේතු නොවීය. මුල්කාලීන සාහිත්‍යයේ බොහෝ සෙයින් පරිවර්තනයට ලක් වූවේ පාලි කෘතිය. සංස්කෘත ආභාසය සිංහල සාහිත්‍යයට ඍජුවම ඇතුළු වන්නේ අනුරපුර යුගයෙන් පසුවය. එනම් දොළොස්වන සියවස වන විටය. දොළොස්වන සියවස වන විට සිංහලයට සංස්කෘත භාෂාවේ බලපෑම කෙතරම් ප‍්‍රබලව සිදුවීද යන්න එකල රචිත ශිලා ලේඛන සාක්‍ෂ්‍ය දරයි. ‘‘අප බුදුන් කල්ප ශත සහස‍්‍රාධික චතුරාසඕඛ්‍ය පරිමිත කාලයක් සමතිස් පැරුම් පුරා මාරසංග‍්‍රාම භූමි වූ මහාබෝධි පර්යඕකාරූඪ ව දුර්වාරසපිරි වාර මාර පරාජය කොටැ සර්වඥපද ප‍්‍රාප්ත ව...’’ (මහා පරාක‍්‍රමබාහු රජුගේ පොළොන්නරු කතිකාවත* සංස්කෘත භාෂාවෙන් ගන්නා ලද තත්සම වචන සිංහල ශබ්ද කෝෂයෙහි බහුලව දැකගත හැකි වූ බව මින් ප‍්‍රකටීභූත වේ. එසේම දොළොස්වන සියවස වන විට සිංහල භාෂාවෙන් රචිත සෑම සාහිත්‍ය කෘතියකම සංස්කෘත බලපෑම මැනවින් දැකගත හැකිය. උදාහරණ වශයෙන් ගුරුළුගෝමීන් අමාවතුර රචනා කරන්නේ හුදු හෙළ වහර හා පාලි භාෂාවේ අනුසාරයෙනි. එහෙත් ඔහු තම දෙවෙනි කෘතිය වන ධර්මප‍්‍රදීපිකාව රචනා කරන්නේ සංස්කෘත වදන් වලින් ආඪ්‍ය බස්වහරකින්ය. උදා-: ‘‘ජාත සත්‍වයහට තරුණව‍්‍රණ සදෘශ සුකුමාර ශරීරය හට හස්තග‍්‍රහණ සනාපනධාවන චෝලපරිමාර්ජනාදි කාලයෙහි සූචිමුඛක්‍ෂුරධාරායෙන් වේධනාස්ථාලන සමාන යම් දු:ඛයෙක් උපදී ද මේ ගර්භයෙහි බහිර් නිෂ්ක‍්‍රමණ මූලක දු:ඛයැ’’ මෙම උදාහරණ ම`ගින් මුල් කාලීන සිංහලයේ වාක් කෝෂයේ දියුණුවට පර්වර්තන කාර්ය බෙහෙවින් බලපා ඇති බව පැහැදිලි වේ. ඒ සඳහා පාලි, සංස්කෘත භාෂාවල ඍණ වචන බෙහෙවින් බලපා ඇත.  ප‍්‍රාකෘත යුගයේ සිංහල වාක් කෝෂයේ පෘථුලත්වය ක‍්‍රි:පූ 3/2 සියවස්හි සිට කි‍්‍ර:ව 4/5 සියවස් දක්වා කාලය ප‍්‍රාකෘත යුගය සේ ගැනේ. මේ කාල වකවානුව පුරාවට බොහෝ ප‍්‍රාකෘත, පාලි, සංස්කෘත වචන සිංහල ශබ්ද කෝෂයට එකතු විය. එම වචන පරිවර්තනය වී පරිණාමයට පත් වීමේදී විවිධ ක‍්‍රම ඔස්සේ එය සිදු වී ඇත. එම ක‍්‍රමවේදයන්ගෙන් ස්වල්පයක් මෙලෙස දැක්විය හැකිය. දීර්ඝ ස්වරයන්ගේ අභාවය නාග ඝ නග, ග‍්‍රාම ඝ ගම, ආගත ඝ අගත, උපාසිකා ඝ උපසිකා සංයුක්ත ව්‍යංජනයන්ගේ අභාවය සඕඝ ඝ සග, ග‍්‍රාමණි ඝ ගමණි, ක්ෂුද්‍ර ඝ චුඩ අඝෝෂ ව්‍යඤ්ජන ඝෝෂත්වයට පත්වීම නට ඝ නඩ, කාශ්‍යබ ඝ කසබ, ස්තූප ඝ තුබ ඝෝෂ ව්‍යඤ්ජන අඝෝෂත්වයට පත්වීම නාග ඝ නග, නගර ඝ නකර, අභය ඝ අපයහ  පුරාතන යුගයේ සිංහල වාක් කෝෂයේ පෘථුලත්වය ක‍්‍රි:පූ 4/5 සියවස්හි සිට කි‍්‍ර:ව 8 සියවස් දක්වා කාලය පුරාතන යුගය සේ ගැනේ. මේ කාල වකවානුව පුරාවට බොහෝ පාලි, සංස්කෘත වචන සිංහල වාක් කෝෂයට ඇතුලූ වී ඇත. එම වචන පරිවර්තනය වී පරිණාමයට පත් වීමේදී විවිධ ක‍්‍රම ඔස්සේ එය සිදු වී ඇත. එම ක‍්‍රමවේදයන්ගෙන් ස්වල්පයක් මෙලෙස දැක්විය හැකිය. අ ඝ ඉ වීම ගත ඝ ගිය, දක ඝ දිය, පාරිශුද්ධ ඝ පිරිසිදු, පයෝධර ඝ පියොවුරු අ ඝ උ වීම ග`ගන ඝගුවන්, නයන ඝ නුවන්, දාරක ඝ දරු, පබුද්ධ ඝ පුබුදු අ ඝ එ වීම කදලී ඝ කෙහෙල්, චාමර ඝ සෙමර, ශ‍්‍රමණී ඝ මෙහෙණ මීට අමතරව ස්වර පරිණාමයේදී අ ඝඔ, අ ඝඇ, ඉ/ඊ ඝඅ, ඉ/ඊ ඝඉ, ඉ/ඊ ඝඋ, ඉ/ඊ ඝඑ, ඉ/ඊ ඝඔ, ඉ/ඊ ඝඇ, උ ඝඅ, උ ඝඉ, උ ඝඑ, උ ඝඔ ආදී විශාල වපසරියක් මත පරිවර්තිත වචන පරිණාමයට පත් වී සිංහල වාක් කෝෂයේ ස්ථාපනය වී ඇත. මීම අමතරව ව්‍යඤ්ජන ශබ්දද විශාල වපසරියක් මත පරිණාමයට පත්ව ඇත. උදා-: කෘත්වා ඝ කොටු, උපාසක ඝ උපසක, විකාර ඝ වියරු, දක ඝ දිය, සකල ඝ සියල්, ආගත්‍ය ඝ අවුත්, ග‍්‍රාම ඝ ගම් මෙම උදාහරණ ම`ගින් ලක්දිව මුල් කාලීන සමාජය තුළ පරිවර්තන ක‍්‍රියාවලිය පළමු සාහිත්‍ය පදනම බව පැහැදිලි වේ. එපමණක් නොව ඉන් සාහිත්‍ය සේවාවන් බහුලව සිදු වූ අතර එහි ප‍්‍රමුඛ ඵලය වූවේ ලක්දිව සිංහල වාක් කෝෂය පෘථුල වීම බව වටහා ගත හැකිය. සමාලෝචනය සිංහල සාහිත්‍යයේ ආරම්භක තතු සේම පරිවර්තන සාහිත්‍යයේද ආරම්භක මූලාශ‍්‍ර හමු වන්නේ අනුරාධපුර යුගයෙන්ය. ඕනෑම භාෂාවක වාක් කෝෂය එකවර නිෂ්පාදනය වන්නේ නැත. එය කාලයක් තිස්සේ ක‍්‍රමිකව පරිණාමයට පත් වෙමින් සිදු වන්නකි. මාතෘ භාෂා නොවන සැම භාෂාවක්ම තම වාක් කෝෂය නිර්මාණය කර ගන්නේ භාෂා ඍණීකරණීය සාධකය ම`ගින්ය. එනම් මාතෘ භාෂා ම`ගින් වචන ණයට ගැනීමෙන්ය. සිංහල භාෂාවේ වාග් මාලාවේ බොහෝ සෙයින් දක්නට ඇත්තේ පාලි, සංස්කෘත මාතෘ භාෂාවල අභාෂයයි. මුල්කාලීන සිංහල සාහිත්‍යය නිර්මාණය වන්නේ එම භාෂාවලින් රචිත සාහිත්‍ය ග‍්‍රන්ථ සිංහලට පරිවර්තනය වීමෙනි. එම පරිවර්තන ක‍්‍රියාවලිය මත සිංහල භාෂාවට සිදු වූ ප‍්‍රයෝජන අතර ගාමක සාධකයක් ලෙස සිංහල වාක් කෝෂයේ පෘථුලත්වය දැක්විය හැකිය. ඒ අනුව මුල් කාලීන සිංහලයේ වාක් කෝෂය පුළුල් වීමට පරිවර්තන කාර්ය බෙහෙවින් බලපා ඇති බව පූර්වෝක්ත කරුණු කාරණා මැනවින් සාක්‍ෂ්‍ය දරයි. ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍රයෝ අමාවතුර. (සංස්.*. කෝදාගොඩ ඤාණාලෝක හිමි, නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2004. ධම්පියා අටුවා ගැටපදය, (සංස්.* ඞී.ඊ හෙට්ටිආරච්චි. කොළඹ: ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාලය, 1974. ධර්මප‍්‍රදීපිකාව, රත්මලානේ ධම්මාරාම හිමි. කොළඹ: විද්‍යාලංකාර ප‍්‍රකාශනයකි, 1927. දීපවංශය 01, (සංස්.* අහුන්ගල්ලේ විමලකීර්ති හිමි. විද්‍යාවිලාස යන්ත‍්‍රාලය, 1950. පපඤ්චසූදනී. (සංස්.*. කිරිවත්තුඩුවේ ඤාණාලෝ හිමි, රත්නපුර: සෙත්‍ථා්දය මුද්‍රණාලය, 1947. මහාවංශය. (සංස්.*. හික්කඩුවේ සුමංගල හිමි, බටුවන්තුඩාවේ, කොළඹ: රජයේ මුද්‍රණාලය, 1908. සමන්තපාසාදිකාව, (සංස්.* කොස්ගොඩ සිරිවිසුද්ධි හිමි. කොළඹ: 1993. සාරත්ථදීපනී විනයටීකාව 1, (සංස්.* බී. දේවරක්‍ඛිත හිමි, කොළඹ: විද්‍යාභූෂණ මද්‍රණාලය, බු.ව 2458, සිඛවළඳ ප‍්‍රදීපය. කුමාරසිංහ දිසානායක, කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2006. සිඛවළඳ හා සිඛවළඳ විනිස, බත්තරමුල්ල: ප‍්‍රාචීන භාෂෝපකර සමාගම, 1999. සුමංගල විලාසිනී නාම දීඝනීකායට්ඨකතා01, (සංස්.* හෙයියන්තුඩුවේ දෙවමිත්ත හිමි. හේවාවිතාරණ මුද්‍රණාලය, 1918. ද්විතීක මූලාශ‍්‍රයෝ අබයකෝන්, එච්.එම්. ලොකුබණ්ඩා. අනුරපුර පොළොන්නරු සාහිත්‍යය, කත_ෘ ප‍්‍රකාශනයකි, 2005. කරුණාතිලක, ඩබ්.එස්, ඓතිහාසික වාග්විද්‍යා ප‍්‍රවේශය. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2006. ගුරුගේ, ආනන්ද ඩබ්.පී, සිංහල හා සංස්කෘතය. ලෝකෝ මුද්‍රණාලය, 1953. නානායක්කාර, ගුණවර්ධන. පොළොන්නරු යුගයේ ව්‍යාඛ්‍යාන සාහිත්‍යය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 1998. බලගල්ලේ, විමල් ජී, සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය. කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2006. විජේසිරි, නිමල්, පරිවර්තන නවකතාව හා ලංකා සමාජය. වරාකාපොල: ආරිය ප‍්‍රකාශකයෝ, 2007. සන්නස්ගල, පුංචිබණ්ඩාර, සිංහල සාහිත්‍යවංශය. කොළඹ: එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, 1961. ස`ගරා ඛේමානන්ද හිමි, ගොඩිගමුවේ, ‘සිඛවළඳ හා සිඛවළඳ විනිස,’ සතුදය ශාස්ත‍්‍රීය සංග‍්‍රහය. (සංස්.* ගැටුලාවේ අභයතිස්ස හිමි, සඳලංකා ශාස්ත්‍රෝදය පිරිවෙන, හෙණ්ඩියගල, 1962. ජයසේකර, ආනන්ද, ‘ඝෘණීකරණය ම`ගින් සිදුවන වචනාර්ථ විපර්යාසය’, විජයරත්න සම්භාවනා. (සංස්.* මිණිවන් පී තිලකරත්න. කොළඹ: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 1993, 69 පිටුව. මුදියන්සේ, නන්දසේන, සිංහල අකුරුවල විකාසය, සම්භාෂා 12, (සංස්.* මාදොවිට පඤාරාම හිමි, බත්තරමුල්ල: ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම, 2002. රතනජොති හිමි, හුන්දිරාපොල, ‘සිඛවළඳ හා සිඛවළඳ විනිසෙන් හෙළිවන භාෂා ලක්‍ෂණ,’ විදුදය ශාස්ත‍්‍රීය සංග‍්‍රහය. (සංස්.* ගලබොඩ ඤණිස්සර හාමි, කොළඹ: විද්‍යෝදය විශ්වවිද්‍යාලය, 1963. රත්නායක, මහින්ද, ‘පරිවර්තන කර්තව්‍යයෙහිලා භාෂාවේ සම්මාදම සහ පදානුපදික පරිවර්තනය’, පැහැසර. (සංස්.*. ලක්‍ෂමන් නුගපිටිය ආදීහු, කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2008. සිංහල පරිවර්තන සාහිත්‍යය. (සංස්.*. ආනන්ද ගුරුගේ, කොළඹ: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 1962. ශී‍්‍ර ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම ශත සංවත්සර සමරු ශාස්ත‍්‍රීය සංග‍්‍රහය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තමේනතුව, 2002. කෝෂ ග‍්‍රන්ථ ගුණසේන සිංහල මහා අකාරාදිය. (සංස්.*. කොළඹ: ඇම්.ඞී ගුණසේන සහ සමාගම, 1962, 631 පිටුව. සුමංගල ශබ්ද කෝෂය. 2, වැලිවිටියේ සෝරත හිමි. කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 1999. ීඒබා්රා ෘසජඑසදබ්රහ දෙ එයැ ෑබටකසිය ඛ්බටම්ටැග ඛදබාදබථ ත්‍මබන ්බා උ්බටබ්කකි ක්‍දපච්බහල 1970ග වෙනත් ක්‍ය්එඒ ී්බට්හ්බ් ක්‍ෘ ඍදප ඉහ ඪසච්ිි්බ් ඍැ්ිැරජය ෂබිඑසඑමඑැල ෘය්පප්ටසර්ල ෂට්එචමරසල 422403 ෘසිඑල භ්ියසනල ෂබාස්ග ක්‍දාරසබටඑදබල ්‍යගඋල ඡු්ර්බ්ඩසඒබ්ල ීල ෑචසටර්චයස් ’ැහස්බසජ්ග 1932ල සසසල චග 258