UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ලක්දිව සාහිත්‍ය සම්ප‍්‍රදාය පද්‍යකරණයට දැක් වූ නැඹුරුතාව

Thursday, December 12, 2013

ලක්දිව සාහිත්‍ය සම්ප‍්‍රදාය පද්‍යකරණයට දැක් වූ නැඹුරුතාව

ලක්දිව සාහිත්‍ය සම්ප‍්‍රදාය පද්‍යකරණයට දැක් වූ නැඹුරුතාව ලක්දිව සිංහල සාහිත්‍යයෙහි මාණික්‍යමය කිරීටයක් සේ දිස් වන්නේ පද්‍ය සම්ප‍්‍රදායයි. ‘‘සියලූම කලාවන් අතුරෙන් සිංහලයෝ කාව්‍යකරණයේ මනා කුසලතාවක් දැක්වූහ. සිංහලයන් සිතැ`ගි දේ ප‍්‍රකාශයට පත් කිරීමේදී කාව්‍ය නිර්මාණ තුළ මනා ප‍්‍රමුඛත්වයක් දක්වා ඇත.’’ සිංහලයන්ට කවි ලීම උගහට කරුණක් නොවන බව මින් පැහැදිලි වේ. ලක්දිව පද්‍ය සම්ප‍්‍රදාය ප‍්‍රධාන කොටස් තුනක් යටතේ අධ්‍යයනය කළ හැකිය. එනම්, 01. සීගිරි ගී රචනා වීමට ප‍්‍රථමයෙන් දක්නට ලැබෙන සෙල්ලිපි පද්‍ය සම්ප‍්‍රදාය 02. ඓතිහාසික කෘති, සාහිත්‍ය කෘති හා ජනප‍්‍රවාද ම`ගින් හෙලිවන පද්‍ය සම්ප‍්‍රදාය 03. සීගිරි ගී ම`ගින් හෙළිවන පද්‍ය සම්ප‍්‍රදාය වශයෙනි. 01. සීගිරි ගී රචනා වීමට ප‍්‍රථමයෙන් දක්නට ලැබෙන සෙල්ලිපි පද්‍ය සම්ප‍්‍රදාය සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් සිංහල පද්‍ය සම්ප‍්‍රදායක් පැවති බවට හමුවන පැරණිතම මූලාශ‍්‍රය වන්නේ ඓතිහාසික ශිලා ලේඛනයන්ය. ‘‘ඉතාම පැරණි යුගයට අයත් සෙල්ලිපි අතර පද්‍යයෙන් ලියවුණු සෙල්ලිපි දක්නට ලැබේ.’’ ඒ සඳහා ප‍්‍රමුඛතම සාක්‍ෂ්‍ය සැපයෙන්නේ කි‍්‍ර:පූ: තුන්වන සියවසයේ අනුරපුර පළාතෙනි. ‘‘මහා රඣහ ගමණී (මාත‍්‍රා 9* අබයහ දෙවන පියශ (11* (ර*ම(ණි* බ(රි*ය මිලක තිශ (11* විහාරෙ කා(රි*තෙ කතිය’’ (11* 02. ඓතිහාසික කෘති, සාහිත්‍ය කෘති හා ජනප‍්‍රවාද ම`ගින් හෙලිවන පද්‍ය සම්ප‍්‍රදාය මේ සඳහා සාක්‍ෂ්‍ය සැපයෙන සාධක බහුලව දක්නට ලැබේ. එම සාධක කිහිපයක් මෙලෙස වෙන් වශයෙන් දැක්විය හැකිය. x මහාවංසයේ සඳහන් වන්නේ විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට ගොඩබට අවස්ථාවේ ගීත රාවයක් ඇසුණු බවයි. ‘‘රාත‍්‍රී භාගයේ ඒ කුමර තූර්ය නාද සහිත ගී හ`ඩක් අසා’’ x බුද්ධඝෝෂ හිමියන් රචිත සාරත්ථපකාසිනී නම් පාලි අටුවාවේ එන ‘‘ඇල්ගෙවිලියන් විසින් තිලකුණු පවසමින් ගැයූ ගීතයක් ශ‍්‍රවණය කරමින් හැටනමක් රහත් වූ’’ සිදුවීම. (නිවනට සැපැමිණි ස`ග සැට නමකි * x සුළු මුගලන් විසින් හෙළ කවක් ලියා ඇති බව මහාවංසයේ සඳහන් වේ. x සිදත් ස`ගරාවෙහි අනුරපුරෙන් රචිත මයුර සංදේශයක් ගැන සඳහන් වීම. (‘‘මොනරිඳු එකල්හි පුල් සලග නවාගනී’’ * x සියබස්ලකරට අනුව අනන්‍යතා ගුණයෙන් හෙබි දේශීය පද්‍ය සම්ප‍්‍රදායක් පැවති බව විද්‍යමාන වීම . 03. සීගිරි ගී ම`ගින් හෙළිවන පද්‍ය සම්ප‍්‍රදාය සීගිරි ගී ම`ගින් පූර්ව සිංහල පද්‍ය සම්ප‍්‍රදායක සලකුණු පුළුල් ක්‍ෂේත‍්‍රයක් මත විහිද පැවති බවට සාධක හමු වේ. සිංහල කවියා භාරතීය ආභාසය විඳිමින් ප‍්‍රශස්ත කාව්‍ය සම්ප‍්‍රදායක ඇසුර ලබමින් සිටි බව මෙම උපැහරණයෙන් පසක් වෙයි. එනම් මහා කවි කාලිදාසයන් විසින් රචනා කරන ලද මේඝ ¥තය පිළිබඳ ලක්වැසියන් දැනුවත් වූ බවට සීගිරි ගී ම`ගින් සාක්‍ෂ්‍ය සැපයේ. ‘‘වන්දිමි හිමි වලා- තොගොසින් ඇය නිවෙස්නට’’ එපමණක් නොව කි‍්‍ර:ව: හයවෙනි සිවසෙහි විසූ භාමහ ප`ඩිවරයාගේ කාව්‍යාලංකාර කෘතිය සම්බන්ධයෙන් ලක්වැසි ජනයා දැනුවත් වූ බව සීගිරි පද්‍ය ම`ගින් විද්‍යමාන වේ. ‘‘මේ ගෙත්තමට සිතුජු- කෙනෙක්ද මේ කවෙක් හින්දෙලී’’ ‘‘ගතෝස්තමර්කො භාතින්දුර්යන්ති වාසාය පක්‍ෂිණඃ’’ මෙම සමස්ත ධාරයන් මත ප‍්‍රත්‍යක්‍ෂභූත වන්නේ ලක්වැසියා දඹදෙණි යුගයේ සිදත් රචනා වීමට ප‍්‍රථමයෙන් කාව්‍යකරණයෙහිලා සමතෙක් වූ වගයි. එපමණක් නොව ගද්‍ය, පද්‍ය ව්‍යාකරණ ඥානයෙන්ද සන්නද්ධ වූ බවයි. එහෙත් ලක්දිව ව්‍යාකරණ ග‍්‍රන්ථයක ශේෂ වූ මූලාශ‍්‍රය හමු වන්නේ දඹදෙණි යුගයෙනි. ඒ අනුව ලක්වැසියා සතු පැරණිතම ව්‍යාකරණ ග‍්‍රන්ථය වන්නේ සිදත්ස`ගරාවයි. එම සිදත්ස`ගරාව යන්න කවරක්ද, එය කුමක් අරභයා රචනා වූවක්ද යන්න මින් පසු අවධානයට යොමු කරයි. සිදත්ස`ගරාව යනු සිංහල සාහිත්‍ය වංශය කෙදිනක, කොතැනක, කුමන මූලාශ‍්‍රයකින් ඇරඹුනු වග නිශ්චිතව කීමට උගහටය. එහෙත් ලක්වැසි ජනයා අභිමානයෙන් සිහිපත් කළ හැකි සාහිත්‍යවංශයක උරුමක්කරුවන් වග පැවසිය හැක්කකි. එම ගද්‍ය පද්‍ය සාහිත්‍ය මූලාශ‍්‍ර අධ්‍යයනයේදී ලක්වැසි ජනයා විදග්ධ ව්‍යාකරණ ඥානයකින් සමන්විත වූ බව ස්ඵුට වේ. ඒ අනුව ‘‘වර්තමාන සිංහල ව්‍යාකරණ විකාශනයේ ආරම්භක මූලාශ‍්‍රය සිදත්ස`ගරාවයි.’’ අනුරපුර යුගයේ පටන් සිංහල සාහිත්‍ය වංශාවලිය ඇරඹුනද ව්‍යාකරණ ග‍්‍රන්‍ථයක කේන්ද්‍රගත මූලාශ‍්‍රය වශයෙන් සිදත හමුවන්නේ දඹදෙණි යුගයෙන්ය. ඒ බැව් පී.බී සන්නස්ගල මහතා ‘සිංහල සාහිත්‍ය වංශය’ නම් ග‍්‍රන්‍ථයෙහි දක්වා ඇත. (සිදත කළේ දඹදෙණි කාලයේ බව සැක නැත.* කතුවරයා පවසන්නේ මෙය ක‍්‍රි. ව. 1270 - 1293 යන කාලවකවානු වල රචනා කළ බවයි. ඒ අනුව සිදත්ස`ගරාවෙහි සමස්ත අන්තර්ගතය මෙලෙස වෙන් වෙන් වශයෙන් අවබෝධයේ පහසුව තකා දැක්විය හැකිය. කෘතියක අවබෝධකරගෙන දැනගත යුතු කරුණු පහකි. එනම්, 01. කෘතියේ නම 02. නිමිත්ත 03. කර්තෘ 04. ප‍්‍රමාණය 05. ප‍්‍රයෝජන 1. කෘතියේ නම :- (සංඥා* - සිදත් ස`ගරාව - කෘතියෙහි ඒ බව සටහන් කර ඇත්තේ මෙලෙසින්ය. ‘‘මහද ගඳකිිලි කැරැු - සව්නේ ගෙවා දත්හට දුහුනන් දැනුම් සඳහා - කරනෙම් සිදත් ස`ගරා’’ මීට අමතරව කතුවරයා කෘතියෙහි විවිධ තැන්වල පොත සිදත - සිදත්ස`ගරාව යන නාමයන්ගෙන් හඳුන්වා ඇත. x ‘‘දෙනෙ දැන මෙ සිදත - පතිරාජ පිරුවන x දුහුන දනහට මුත් මෙතුදු සිදතින් ජයතින් x පතිරජ පිරුවනගෙ සිදත x පළකරනු වස් මෙකෙළෙම් - කුළුණින් සිදත් ස`ගරා’’ 2. නිමිත්ත :- (නිමිත්තං* - සාහිත්‍ය රචනයට (පද්‍යකරණයට* පැමිණෙන ආධුනිකයන්ට ව්‍යාකරණ දැනුම සැලසීම එහි නිමත්තයි. ‘‘මහද ගඳකිිලි කැරැු - සව්නේ ගෙවා දත්හට දුහුනන් දැනුම් සඳහා - කරනෙම් සිදත් ස`ගරා’’ 3. කර්තෘ :- (කත්තාරං* - සිදත්ස`ගරාව කරන පතිරාජ දේව ඇමතියාගේ ආරාධනයෙන් බව සිදත්ස`ගරාවසානයෙහි එන කාරණා වලින් පැහැදිලිය. ‘‘දකණ ලස සියල් - බුජ මහ’වුරෙති රක්නා දෙදෙ’ව් රදලගම් විමන’ගැ - පතිරාජ දෙව් සැරදෙනේ ’’ එසේම මෙම කෘතිය පතිරාජ පිරිවෙන්පති හිමියන්ගේ සිදත් ස`ගරාව බව කර්තෘ සන්දර්ශ කවියෙන් පැහැදිලි වේ. ‘‘මෙහි පදනු’ව`ග දැනැ වියරණ සිඳු බජමින නිතැතිනි මන පසිඳ විදුදන දපිනි’පිලෙ ත යස රළ දිගෙ’ලබෙන විතර පත සයුරු මෙන න`ගනු මෙලක නිති දිය දදන නර නත මින’’ (පතිරාජ පිරුවනගෙ සිදත* මෙම පතිරාජ පිරුවන්පති හිමියන් යනු කවරෙක්ද යන්න ගැටලූ සහගත පැනයකි. විද්වතුන් අතර මේ සඳහා මූලික මත දෙකක් පවතී. එනම්, 1. අනෝමදස්සි හිමි 2. වේදේහ හිමි යන මත දෙකයි. මෙ අතර බොහෝ විද්වතුන් සිදත් ස`ගරාවෙහි කතුවරයා වේදේහ හිමියන් බව පවසයි. 4. ප‍්‍රමාණය :- පරිමාණය - කතුවරයා මෙහි වියරණ විධි 20ක් ගැන දක්වා ඇත. ‘‘එබැවින් සන් සඳ - ලි`ගු විබත් සමස් පියවි පසකිරිය ලොපදෙසගම් - පෙරරූ දෙරූ පෙරැුලි වැඩි අඩු නිපා නියම් - අනියම් අවිදුමන්විදි වී විසිවැදෑරුම් - වියරණ විදි සපයා’’ එම වියරණ විධි 20 මෙලෙස සුපැහැදිලි ලෙස දැක්විය හැකිය. 1ග ‘‘සන් - සංඥා - ෘැසෙබසඑසදබ :ඡුයදබැඑසජිල ඡුයදබදකදටහල ටර්චයැපසජි* 2ග සඳ - සන්‍ධි - ක්‍දපඉසබ්එසදබ 3ග ලි`ගු - ලිංග - ඨැබාැර 4ග විබත් - විභක්ති - ක්‍්ිැ 5ග සමස් - සමාස - ක්‍දපචදමබා 6ග පියෙව් - ප‍්‍රකෘති - ීඑැපි 7ග පස - ප‍්‍රත්‍ය - ්ෙසෙංැි 8ග කිරිය - ක‍්‍රියා - ඪැරඉ 9ග ලොප - ලෝපය - ෑකසිසදබ 10ග අදෙස් - ආදේශය - ීමඉිඑසඑමඑසදබ 11ග අගම් - ආගමය - ්මටපැබඒඑසදබ 12ග පෙරරූ - පූර්ව රූපය - ්ිිසපසක්එසදබ 13ග දෙරූ - ද්විත්ව රූප- ඍැාමචකසජ්එසදබ 14ග පෙරැුළි - පෙරැුළි- ඵැඒඑයැිසි 15ග වැඩි- මාත‍්‍රාවෘද්ධි- ෂබජරු්ිැ 16ග අඩු- ඌණය- ඍැාමජඑසදබ 17ග නිපා- නිපාතය- ඡු්රඑසජකැි 18ග නියම්- නියම් විධි- ඍැටමක්ර ත්‍දරප්එසදබ 19ග අනියම්- අනියම්- ෂරරුටමක්ර ත්‍දරප්එසදබ 20ග අවිදුමත්- අවිද්‍යමාන- ධඉිජමරු ත්‍දරපි’’ 5. ප‍්‍රයෝජන :- (පයෝජන* - නිවැරදිව ව්‍යාකරණ භාවිතයට ඉඩ සැලසීම. යථෝක්ත කාරණා අනුව සිදත් ස`ගරාවෙහි අන්තර්ගතාදී කාරණා මොනවට පැහැදිලි වේ. සිදත්ස`ගරාව පද්‍යකරණය සඳහා කෘතියක් යැයි කීම කෙතරම් යුක්ති යුක්තද? සිංහල භාෂාවෙහි ගද්‍ය පද්‍ය යන කාරණා දෙක සඳහා රචිත පැරණිතම ව්‍යාකරණ ග‍්‍රන්ථය සිදත්ස`ගරාවයි. එහෙත් සිංහල භාෂාවෙහි පැණෙන ගද්‍ය පද්‍ය දෙකෙහිලා දෙකෙහිලා අසමානතා දක්නට ලැබෙන බව නොවළහා කිව යුත්තකි. ‘‘සිංහලයේ ගද්‍යයෙහි පද්‍යයෙහි උපයුක්ත භාෂාවෙහිද පවත්නා වෙනස්කම් නිසා ව්‍යාකරණයෙහිද අසමානතා දක්නට ලැබෙන බවද ඉතා පැහැදිලි කරුණකි.’’ මෙම සංදිග්ධතා පැණෙන කාරණද්වය නිසාම සිදත්ස`ගරාවද කුමන ධාරණාවක් මත රචනා වූ කෘතියක්ද වග විවාදයට තුඩු දෙන කෘතියකි. එහෙත් බොහෝ විද්වතුන් මත පළකරන්නේ සිදත්ස`ගරාව පද්‍යකරණය සඳහා රචිත කෘතියක් යන්නයි. උදා-: ‘‘මේ ග‍්‍රන්ථය කරන ලද්දේ බොහෝ සෙයින්ම කාව්‍යශාස්ත‍්‍රාලාභිෂීවූ අධුනිකයන්ගේ ප‍්‍රයෝජනය පිණිස බව...’’ (ඩබ්. ඇෆ් ගුණවර්ධන* ‘‘මෙහි එන වියරණ විදි විස්සම බන්ධනය සඳහා අදාළව ප‍්‍රයෝජනවත්, දතයුතු කරුණු බව...’’ (ඒ.ඒ අබේසිංහ* ‘‘සිදතෙහි එන වර්ණමාලාව මෙම තෙවදෑරුම් පද නිරූපණය ඇසුරෙන් නිරූඪය. සිදත්ස`ගරාව රචිත අවධිය තෙක් වූ පද්‍ය කාව්‍ය භාෂාව නිරූපණයෙහි ඉහත කී ලක්‍ෂණ දක්නට ලැබේ.’’ (ඩබ්.එස් කරුණාතිලක* මෙම නිර්වචනානුසාරයෙන් සිදත්ස`ගරාව පද්‍යකරණයට ළැදි කෘතියක් බව ප‍්‍රකට වේ. යථෝක්ත සාකච්ඡුා කරන ලද්දේ සිදතට බාහිර කරුණුය. ඒ අනුව සිදත පද්‍යකරණය සඳහා රචිත කෘතියක් යන්න මෙලෙස ප‍්‍රත්‍යක්‍ෂ කළ හැක. එම කාරණා අවබෝධයේ පහසුව පිණිස මෙලෙස වෙන් වශයෙන් දැක්විය හැකිය. x සිදතෙහි උදෘත ම`ගින් හෙළිවන කාරණා x සිදතෙහි එන බස්වහර හා නිදසුන් x වාක්කෝෂ පිළිබඳ අවධානය x ලිංග විභාගය x වර්ණ මාලාව x වියරණ විධි හා පද්‍යකරණය අතර සබඳතාවක් තිබීම x අරුත් වියකන කොටස පද්‍යකරණයට නැඹුරුතාවක් දැක්වීම x වෙසෙසුන් වෙසෙස් අදියරෙහි විග‍්‍රහය x සිදතෙහි අවසන් පරිචේඡ්ද දෙකෙන් පද්‍යකරණයට ලබාදෙන උපදෙස් x සිදතෙහි ඡුන්දස් රුකීම සඳහා වන වාග් විපර්යාසමය රීති ඇතුළත් වීම x සිදත්ස`ගරාව සඳහා තත්කාලීන පද්‍ය කෘති පාදක වීම x ප‍්‍රකෘති සඳහන x සිදතෙහි උදෘත ම`ගින් හෙළිවන කාරණා සිඳත්ස`ගරා පදණකරණයට එඹෙන ආධුනිකයන් සඳහා ලියවුණු කෘතියක් වගට සිදතෙහි උදෘත ම`ගින් සාක්‍ෂ්‍ය සැපයේ. ‘‘මහද ගඳකිිලි කැරැු - සව්නේ ගෙවා දත්හට දුහුනන් දැනුම් සඳහා - කරනෙම් සිදත් ස`ගරා’’ මෙහි ආධුනිකයන් යන නාමය කුමන අර්ථයකින් යෙදුවාද යන්න සැක සහිතය. එහෙත් බොහෝ විද්වත් මතය වන්නේ සිදතෙහි ආරම්භයේම එන මෙම ප‍්‍රකාශයෙන් අර්ථ ගන්වා ඇත්තේ පද්‍යකරණයෙහි ආධුනිකයන්ට බවයි. ‘‘මෙහිදී අධුනිකයන් යැයි ගන්නා ලදදේ සිංහලය දත් එහෙත් පද්‍ය නිබන්ධනයට නුහුරු ජනතාවයි.’’ මීට අමතරව ‘‘ඉති වියරණ දැන- කිවියර පදී බඳනා ඉටු’නිටු ගණ අකුරු ඈ- ලකුණු විමසා බඳනේ’’ ‘‘මෙසේ ව්‍යාකරණ ඉගෙන පද්‍ය බන්ධනය කරන්නාවූ කවිය ඉෂ්ට, අනිෂ්ට, ගණ අක්‍ෂර ආදි ලක්‍ෂණ විමසා බන්ධනය කළ යුත්තේය.’’ ‘‘යොදත වෙසෙස් සම වේ- වෙසෙසුනැ ලි`ගු විබත් බස් නොයොදත තබ අනියමෙන්- කිවිකම්හි තෙර පතුයේ’’ ‘‘තුල්‍යාධිකරණයෙන් යොදන කල්හි විශේෂණ විශේෂයන්හි ලිංග විභක්ති සමාන වේ. එසේ (නොයොදන කල්හි* කවිකමෙහි පාරප‍්‍රාප්ත වූයේ නියමයකින් තොරව යොදව.’’ යන උදෘත ම`ගින් සිදත කවිකම්හි දිරි ගැන්වීමට රචිත කෘතියක් මින් බව පැහැදිලි වේ. x සිදතෙහි එන බස්වහර හා නිදසුන් සිදත්ස`ගරාවෙහි එන සමස්ත බස්වහර හා එහි එන නිදසුන් පිරික්සීමේදී පසරුත් අදියරෙහි හැර අන් සැම අවස්ථාවකම බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ ව්‍යාකරණ රීති පද්‍යයෙන් ලිවීමය. ඒ සඳහා උදාහරණ සමස්ත සිදතෙහිම දැකගත හැකිය. මීට අමතරව මෙහි එන නිදසුන් පද්‍යයෙන් සේම ගද්‍යයෙන් ලියවී ඇත. එහෙත් එම පාඨ බොහෝ සෙයින් නෑකම් කියන්නේ පද්‍යයටයි. ‘‘ඇතැම් නිදසුන් පද්‍ය මෙන්ම ගද්‍යයෙන්ද එකසේ යෙදිය හැකි බව සැබවි. එහෙත් ඒ යෙදුම් යෝග්‍ය වන්නේ පද්‍ය රීතියටය.’’ ඇතැම්විට මෙම ක‍්‍රමය වනපොත් කිරීමේ පහසුව පිණිස යොදා ගන්නට ඇත. උදා-: පද්‍ය සඳහා- ‘‘කියලත එක අරුත- සබඳවැ සදන් නන’රුත් එ වියූ සමස් විදි නම්- එහි බේ දැන් පවස්මෝ’’ පද්‍ය රීතියට බර ගද්‍ය රීතිය- ‘‘සොබන, කොබන, ලොබන, ලළන, ගලන, බබළන ... කිපි මෙ ඈ කතුකරු පසින් නිපන්.’’ x වාක්කෝෂ පිළිබඳ අවධානය සිදත්ස`ගරා කතුවරයා තම කෘතියෙහිදී ව්‍යාකරණමය ලක්‍ෂණ පමණක් නොව වාක්කෝෂාත්මක තොරතුරු දක්වා ඇත. එබඳු තොරතුරු මෙලෙස දැක්විය හැකිය. ‘‘1. ‘හ’කාර යුක්ත හා වියුක්ත වචන (හකාරවිනිසක අදියර* 2. පුරුෂ ලිංගික, ස්තී‍්‍ර ලිංගික ප‍්‍රකෘති (ලි`ගු අදියර* 3. සකර්මක හා අකර්මක ධාතු (කිරිය අදියර* මේ වාක්කෝෂාත්මක තොරතුරු වඩාත් අදාළ වන්නේ ශබ්ද ශාස්ත‍්‍රය උගන්නා දුහුනන්ට නොව කාව්‍ය ශාස්ත‍්‍රය හෙවත් පද්‍යකරණය උගන්නා දුහුනන්ටය.’’ x ලිංග විභාගය සිදත්ස`ගරාවෙහි ලිංග විභාගයෙහි විශේෂත්වයක් දක්නට ඇත. එනම් සකු ව්‍යාකරණ සම්ප‍්‍රදායෙහි මෙන් පුරුෂ- ස්ත‍්‍රී- නපුංසක යන වර්ග තුනක් මෙහි නොතිබීමයි. එහි ඇත්තේ ස්තී‍්‍ර- පුරුෂ (පුම- ඉතිරි* වර්ගීකරණය පමණි. ‘‘කවි සමයෙහි අප‍්‍රාණ වස්තූන් පණ ඇති සේ සලකනු ලැබෙති.... කවි සමයෙහි එකී බෙදීම අනුව යමින් ‘දිය’ (ලෝකය* පුරුෂයෙකු මෙන්ම, ‘විදු’ (විද්‍යා* ස්ත‍්‍රියක මෙන්ම වර්ග කිරීමට සිදත් කතුවරයා පෙළඹුණහයිද, පුම- ඉතිරි යන නමින් සියබසෙහි ලිංග දෙක හැඳින්වීමට රුචි වූවහයිද සිතිය හැකිය.’’ මෙම සාධකය ඒ.ඒ අබේසිංහ මහතාද අනුමත කරයි. ‘‘කවිසමයට අදාළව පුම ඉතිරි ලි`ගු දෙක පමණක් පවතින බව දැක්වීම සිදත්ස`ගරාවේ ඇති විශේෂත්වයකි.’’ x වර්ණ මාලාව සිදතෙහි දක්නට ලැබෙන්නේ අකුරු තිහක වර්ණ මාලාවකි. ‘‘පණ’කුරු පසෙක් එද- ලූහු ගුරු බෙයන් දස වේ ගත’කුරුද වේ විස්සෙක්- වහරට යුහූ සියබැසැ’’ මෙම අවම සංකේත සංඛ්‍යාව සම්බන්ධයෙන් අදහස් දක්වන විද්වතුන් පවස්නනේ මෙම අක්‍ෂර මාලා යෝග්‍ය වන්නේ පද්‍යකරණයට බවයි. ‘‘එහෙත් මේ සංකේත ප‍්‍රමාණවත් වන්නේ තත් කාලීන පද්‍ය, එනම් ගී කාව්‍ය ලේඛනගත කිරීම පමණි.’’ x වියරණ විධි හා පද්‍යකරණය අතර සබඳතාවක් තිබීම සිදත්ස`ගරාවෙහි එන ව්‍යාකරණ විග‍්‍රහයේ දක්නට ලැබෙන්නේ විධි විස්සක් පමණි. ‘‘එබැවින් සන් සඳ - ලි`ගු විබත් සමස් පියවි පසකිරිය ලොපදෙසගම් - පෙරරූ දෙරූ පෙරැුලි වැඩි අඩු නිපා නියම් - අනියම් අවිදුමන්විදි වී විසිවැදෑරුම් - වියරණ විදි සපයා’’ එය ඉතා සීමිත ව්‍යාකරණ සිද්ධාන්ත ගණනයකි. ‘‘එහෙත් මෙම වියරණ විධි සියල්ල පද සාධනයේදී නොහොත් පද බන්ධනයේදී එක සේ වැදගත් වෙයි. පද්‍යකරණය හා ඒ වියරණ විධි හා සම්බන්ධයක් ඇත්තා සේ පෙනේ.’’ x අරුත් වියකන කොටස පද්‍යකරණයට නැඹුරුතාවක් දැක්වීම කතුවරයා යම් යම් පදවල අර්ථ ව්‍යාඛ්‍යාන දක්වා ඇත්තේ ගද්‍ය ස්වරූපයෙනි. එහෙත් එම ‘අරුත් වියකන’ කොටස් තුළද දක්නට ඇත්තේ පද්‍ය ස්වරූපයෙකි. උදා-: ‘‘ඉඳුරු, ගිනි, යම ඈ දසහු තම හිමියන් නමින්ද මල් පිලි ඈ ඒ ඒ ලිය රුක් නමින්ද ...’’ x වෙසෙසුන් වෙසෙස් අදියරෙහි විග‍්‍රහය සිදතෙහි වෙසෙසුන් වෙසෙස් අදියර කවිබස හා සිදත කෙතරම් ළැදි බවකින් සමන්විතද යන්න ප‍්‍රකට කරයි. ‘‘යොදත වෙසෙස් සම වේ- වෙසෙසුනැ ලි`ගු විබත් බස් නොයොදත තබ අනියමෙන්- කිවිකම්හි තෙර පතුයේ’’ ‘‘තුල්‍යාධිකරණයෙන් යොදන කල්හි විශේෂණ විශේෂයන්හි ලිංග විභක්ති සමාන වේ. එසේ (නොයොදන කල්හි* කවිකමෙහි පාරප‍්‍රාප්ත වූයේ නියමයකින් තොරව යොදව.’’ මෙම`ගින් සිදත්ස`ගරාව පද්‍යකරණයට උපදෙස් දෙන කෘතියක් වගට කරුණු පැහැදිලි වේ. x සිදතෙහි අවසන් පරිචේඡ්ද දෙකෙන් පද්‍යකරණයට ලබාදෙන උපදෙස් සිදත්ස`ගරාවෙහි අවසන් පරිච්චෙඡ්ද දෙකින් පද්‍ය බන්ධනයෙහිලා ඝෘජු උපදෙස් ලබා දී ඇත. එම පරිච්ෙඡ්ද දෙක ඉටු අනිටු හා ලකර යනුවෙන් හඳුන්වයි. මෙම කොටස් දෙකෙහි ඝෘජුවම එන ව්‍යාකරණ විග‍්‍රහ පද්‍ය රචනය උදෙසා රචිත බව පැහැදිලි වේ. උදා-:‘‘ඉති වියරණ දැන- කිවියර පදී බඳනා ඉටු’නිටු ගණ අකුරු ඈ- ලකුණු විමසා බඳනේ’’ ‘‘මෙසේ ව්‍යාකරණ ඉගෙන පද්‍ය බන්ධනය කරන්නාවූ කවිය ඉෂ්ට, අනිෂ්ට, ගණ අක්‍ෂර ආදි ලක්‍ෂණ විමසා බන්ධනය කළ යුත්තේය.’’ ‘‘ය හ ඈ වණන් මුත්- සරින් මෙර තෙදින් හිරු නොම ළැ`ග පෙර කිවිසමා- කව් බැඳ යස බඳ දෙවා’’ ‘‘ය, හ අකුරු හැර ඡුන්දස් සඳහා හිස් පද නොදමා පැරණි කවියන් නොඉක්මවා කවි බැඳ යශස් ශරීරය ජීවත් කරවු.’’ x සිදතෙහි ඡුන්දස් රුකීම සඳහා වන වාග් විපර්යාසමය රීති ඇතුළත් වීම සිදතෙහි ඡුන්දස් රුකීම සඳහා වන වාග් විපර්යාසමය රීති ඇතුළත් වන අතර එම රීති බොහෝ සෙයින් සමීප වන්නනේ පද්‍යකරණයටයි. ‘‘මෙහි සඳ, ලොප්, අගම්, අදෙස්, පෙරරූ, දෙරූ, පෙරළි, වැඩි, අඩු, නියම්, අනියම් අවිදුමත් විධි යන මාතෘකා දොළහක් වාග් විපර්යාසාත්මක රීතීන් හෝ ... මේ වියරන විධි දොළහ පද්‍ය බන්ධනය අරමුණු කරගෙන කරනු ලබන නිර්මාණාත්මක වාග් විපර්යාසයන් සඳහා අදාළ වූ රීතීන් වන අතර...’’ x සිදත්ස`ගරාව සඳහා තත්කාලීන පද්‍ය කෘති පාදක වීම යථෝක්ත මාතෘකාවක් යටතේ සිදත රචනා වීමට ලක්දිව සාහිත්‍යයේ පද්‍යකරණයට විශාල නැඹුරුවක් තිබූ බව සනාථ විය. සිදත්ස`ගරා කතුවරයා පද්‍යකරණය සඳහා සිදත රචනා වීමට එම සාමාජීය බලපෑම (පෙළඹවීම* හේතුවන්නට ඇත. ‘‘සිදත් ස`ගරාවට වීරසෝළිය නම් දෙමළ ව්‍යාකරණයෙන් ලැබුණු අභාසයක් ගැනද ඇතැම් විට සඳහන්ව තිබේ.... පොළොන්නරු හා දඹදෙණි රාජධානි සමයන්හි ලංකාවේ උගතුන් අතර ජනප‍්‍රියව පවතින්නට ඇත. එයද බොහෝ දුරට පද්‍යකරණයට උපදෙස් දෙන්නක් සේ පෙනීයයි.’’ මීට අමතරව සිදතට කව්සිළුමිණ, මුවදෙව්දාවත, පුරාණ කුසදාකව, පුරාණ මයුර සංදේශය (‘‘මොනරිඳු එකල්හි පුල් සලග නවාගනී’’ *, අසක්දාකව ආදී පද්‍ය කෘති ම`ගින් ආභාසය ලබා ඇති බව කෘතියෙහි අන්තර්ගත කරුණු ම`ගින් හෙළි වේ. x ප‍්‍රකෘති සඳහන සිදතෙහි ප‍්‍රකෘති සටහනේදී ධාතු ප‍්‍රකෘති දක්වන තැන තත්සම, තද්භව, නිෂ්පන්න යන කරුණු තුනක් උගන්වයි. එම`ගින් කෘතිය පද්‍යකරණය උදෙසා රචිත බව ප‍්‍රකට වන බව ඩබ්.එස් කරුණාතිලක මහතා පවසයි. ‘‘සිදතෙහි එන වර්ණමාලාව මෙම තෙවදෑරුම් පද නිරූපණය ඇසුරෙන් නිරූඪය. සිදත්ස`ගරාව රචිත අවධිය තෙක් වූ පද්‍ය කාව්‍ය භාෂාව නිරූපණයෙහි ඉහත කී ලක්‍ෂණ දක්නට ලැබේ.’’ යථෝක්ත කාරණා ම`ගින් සිදත් ස`ගරාව පද්‍යකරණයට උචිත ව්‍යාකරණයක් සහිත කෘතියක් බව විද්‍යමාන වේ. එහෙත් ඇතැම් උගතුන් මෙම කෘතිය පද්‍යකරණය සඳහා රචිත කෘතියක් නොව පොදුවේ සිංහල භාෂාවට කරන ලද ව්‍යාකරණයක් බව පවසසයි. එහිදී ඔවුන් න`ගන තර්ක කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. x ‘දුහුනන්’ යන්නනේ ආධුනිකයන් මිස කාව්‍යකරණයේ ආධුනිකයන් අදහසක් නැත. x සිදතේ හෝඩිය ගද්‍යයටද ප‍්‍රමාණවත්ය x ඇතැම් තැන්වල ගද්‍ය කොටස් දක්නට ලැබීම (පසරුත් අදියර* x ‘ඉති වියරණ දැන- කිවියර පදී බඳනා’ යන්නේ කාව්‍යාර්ථක් අදහස් නොවේ යන්න ආදී කාරණා උදාහරණ වශයෙන් දැක්විය හැකි. එහෙත් සමස්ත කාරණා සන්සංදනාත්මකව අධ්‍යයනය කිරීමේදී සිදතෙහි පද්‍යකරණයට යම් නැඹුරුවක් ඇති බවට සාක්‍ෂ්‍ය ප‍්‍රමාණවත්ය. ඒ අනුව සමස්ත ධාරණාවන් අධ්‍යයනය කිරීමේදී පැහැදිල වන්නේ දඹදෙණි යුගය වන විට පද්‍යකරණයේ සුබවාදී නැඹුරුතාවක් දක්නට ලැබුණු බවයි. එහිදී ගද්‍යයට වඩා පද්‍ය අපහසු කාර්යක් නිසාවෙන් එහි යෙදෙන ආධුනිකයන්ගේ පහසුව පිණිස මෙම කෘතිය රචනා කරන්නට ඇත. ‘‘... සිංහල ආධුනික කවීන් පද්‍යකරණයෙහි ඇති දුෂ්කරතාවන් නැතිබව හ`ගවමින් ඔවුන් දිරිමත් කිරීමට... ඒ නවකයින් කෙරෙහි කරුණාවෙන්ම මේ සිදත්ස`ගරාව සම්පාදනය කර ඇති බව කිව යුතුය.’’ මීට පරිභාහිරව යම් යම් උගතුන් මෙය පද්‍යකරණය සඳහා උචිත කෘතියක් නොවේ යැයි තර්ක ගෙන හැර පෑවද, යථෝක්ත සමස්ත ධාරණා අධ්‍යයනය කිරීමේදී සිදත් ස`ගරාව සිංහල භාෂාවටම අදාළ ව්‍යකරණයන්ගෙන් සමන්විත වුවද, වැඩි නැඹුරුතාවක් පද්‍යකරණය සඳහා දක්වා ඇති බව යුක්ති යුක්ත ප‍්‍රකාශයක් වන්නේය. සිංහල භාෂා ව්‍යාකරණයෙහි දැනට ගුරු තැන්හි ලා සැලකෙන කෘතිය වන්නේ දඹදෙණි යුගයේ රචිත සිදත්ස`ගරාවයි. මෙම කෘතිය සමස්ත සිංහල ව්‍යාකරණයේ අත්පොත වශයෙන් භාවිත කළද, මෙම කෘතිය රචනා කරණ ලද්දේ ගද්‍යයටද, පද්‍යයටද යන්න විවාදාපන්න කාරණයන් විය. විවිධ විද්වත්හු මේ සම්බන්ධයෙන් විවිධ මත දැරූහ. පූර්වෝත නිබන්ධයේදී තදුක්ත කාරණාව උදාහරණ සහිතව ප‍්‍රත්‍යක්‍ෂ කෙරිණි. එහිදී මෙම සිදත පද්‍යකරණයට දක්වන නැඹුරුතාව සිදතෙහි උදෘත ම`ගින් හෙළිවන කාරණා, සිදතෙහි එන බස්වහර හා නිදසුන්, වාක්කෝෂ පිළිබඳ අවධානය, ලිංග විභාගය, වර්ණ මාලාව, වියරණ විධි හා පද්‍යකරණය අතර සබඳතාවක් තිබීම, අරුත් වියකන කොටස පද්‍යකරණයට නැඹුරුතාවක් දැක්වීම, වෙසෙසුන් වෙසෙස් අදියරෙහි විග‍්‍රහය, සිදතෙහි අවසන් පරිචේඡ්ද දෙකෙන් පද්‍යකරණයට ලබාදෙන උපදෙස්, සිදතෙහි ඡුන්දස් රුකීම සඳහා වන වාග් විපර්යාසමය රීති ඇතුළත් වීම, සිදත්ස`ගරාව සඳහා තත්කාලීන පද්‍ය කෘති පාදක වීම, ප‍්‍රකෘති සඳහන ආදී මූලාශ‍්‍රයයන් ම`ගින් පළට විය. මීට පරිභාහිරව යම් යම් උගතුන් මෙය පද්‍යකරණය සඳහා උචිත කෘතියක් නොවේ යැයි තර්ක ගෙන හැර පෑවද, යථෝක්ත සමස්ත ධාරණා අධ්‍යයනය කිරීමේදී සිදත් ස`ගරාව සිංහල භාෂාවටම අදාළ ව්‍යකරණයන්ගෙන් සමන්විත වුවද, වැඩි නැඹුරුතාවක් පද්‍යකරණය සඳහා දක්වා ඇති බව යුක්ති යුක්ත ප‍්‍රකාශයක් වශයෙන් දැක්විය හැකිය. ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍රයෝ මහාවංසය (සිංහල*, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල, 2008. ව්‍යාඛ්‍යාන සහිත සිදත් ස`ගරාව, (සංස්.* ඒ.ඒ අබේසිංහ. කර්තෘ ප‍්‍රකාශනයකි. 1990ග ලෝවැඩ ස`ගරාව, (සංස්.* ගුණපාල සේනාධීර. අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, 1979. සාරත්‍ථපකාසිනී (සංයුක්ත නිකායට්ඨකතා වංගීස සංයුක්තය*,(සංස්.* සූරියගොඩ සුමංගල හිමි. කොළඹ 1920. සිදත්ස`ගරා විමසුම, ඔක්කම්පිටියේ පඤ්ඤසාර හිමි. කර්තෘ ප‍්‍රකාශනයකි, 2009. සිදත් ස`ගරාව, (සංස්.* අත්තනායක එම් හේරත්. සීමාසහිත ස්ටැම්ෆර්ඞ් ලේක් පෞද්ගලික සමාගම, පන්නිපිටිය, 2000. සිදත්ස`ගරාව, (සංස්.* කේ. ජයතිලක, ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ, කොළඹ 12, 2009. සියබස්ලකර දීපනී, (සංස්.* වී.ඞී.එස් ගුණවර්ධන. සමයවර්ධන පොක් ප‍්‍රකාශකයෝ, කොළඹ 10, 2003. සීගිරි ගී පද්‍යාවලී, නන්දසේන මුදියන්සේ. ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2004. ද්විතීක මූලාශ‍්‍රයෝ කුලසූරිය,ආනන්ද . සිංහල සාහිත්‍යය 01, විසිදුනු ප‍්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 1999. ජයසේකර, යූ.ඞී. ගී කවේ වග තුග, සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, කොළඹ. සන්නස්ගල, පී.බී . සිංහල සාහිත්‍ය වංශය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2009. ස`ගරා මෙත් සිසිල, (සංස්.* මීගහපැලැස්සේ නන්ද හිමි. සර්වෝදය විශ්වලේඛා මුද්‍රණය, රත්මලාන, 1996. විද්‍යෝදය ධර්ම ශාස්තී‍්‍රය සංග‍්‍රහය, (සංස්.* වෑගම පියරතන හිමි. විද්‍යෝදය ආදි ශිෂ්‍ය සංගමයේ ප‍්‍රකාශනයකි, 1993. සම්භාෂා 12, (සංස්.* මාදොවිට පඤාරාම හිමි, ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම, බත්තරමුල්ල, 2002. සම්මානී, ගලෙන්බිඳුනුවැවේ විජිතනන්ද හිමි ඇතුලූ පිරිස (සංස්.*, කර්තෘ ප‍්‍රකාශනයකි. 2009. ණ්ඩහ්ක්බන්ර් ධෙ ඊ්ප්ය්ග ඡුගඩග භ්හ්බ්එයද ි්ිඑරහ :ෑා*ල ඵදඑසඒක ඊදබදරිසා්ිිල ෘැකයසල07ල 1999ල :ිැජදබා ෑාසඑසදබ*ග ඨදා්නමපඉමර්ගක්‍ගෑගල ීසබය්කැිැ ඛසඑැර්එමරුල ඡුරසබඑැා සබ ක්‍ැහකදබ ඉහ එයැ ජදකදපඉද ්චදඑයැජ්රසැිල ජදත ඛෑෘග 1955ග