Thursday, December 12, 2013
ගණ දෙවි පුරාවෘත්තය ඓතිහාසික භූගෝලීය ශාස්ත‍්‍රීය ක‍්‍රමය අනුව
ගණ දෙවි පුරාවෘත්තය ඓතිහාසික භූගෝලීය ශාස්ත‍්‍රීය ක‍්‍රමය අනුව
මිනිසා ඈත අතීතයේ පටන් මූඛ පරම්පරාවෙන් පවත්වා ගෙන එන විවිධ පුරාවෘත්ත ආදිසාම්ප‍්‍රදායික නිර්මාණ ජනශ‍්‍රැතිය නම් වේ. ජනශ‍්‍රැතිය මිනිසා හා බද්ධ වූවකි. ජනශ‍්‍රැතිය තුළ අන්තර්ගත වී ඇත්තේ මිනිසාගේ ජීවිතයට සම්බන්ධ කාරණයාය. කාලයාගේ ඇවෑමෙන් මිනිසා ශිෂ්ටාචාරගත වීමත් සම`ග මෙවැනි දෑ මිනිසා තම මතකයේ රඳවා ගැනීමට රුචි නොකළේය. එහෙත් එම ජනශ‍්‍රැති අමතක කර අපට ඉදිරි ගමනක් යෑමට නොහැකිය. මෙම අවධානම මුලින්ම වටහා ගත්තේ පින්ලන්ත ජනශ‍්‍රැතිවේදීන්ය. එමනිසාවෙන් ඔවුන් ජනශ‍්‍රති එකතු කිරීමේ ක‍්‍රමවේදයක් ආරම්භ කෙරිණි. එම ක‍්‍රමය නම් ඓතිහාසික භූගෝලීය ශාස්ත‍්‍රීය ක‍්‍රමයයි. මෙම ක‍්‍රමවේදයට අනුව විවිධ ප‍්‍රදේශවල එකම ජනශ‍්‍රැතිය ව්‍යාප්ත වී ඇති අයුරු පැහැදිලිව වටහා ගත හැකිය. ඒ අනුව අප මෙහිදී ක‍්‍රමවේදය පිළිබඳ අවධානය දක්වමින් ගණ දෙවි පුරාවෘත්තය ඓතිහාසික භූගෝලීය ශාස්ත‍්‍රීය ක‍්‍රමයට අනුව අධ්‍යයනය කරනු ලබයි.
ජනශ‍්‍රැතිය
ලෝකයේ පවතින පැරණිතම විෂයන් අතර එක් විෂයක් ලෙස ජනශ‍්‍රැතිය හැඳින්විය හැකිය. එම ජනශ‍්‍රැතිය කවදා, කෙදිනක, කොතනක, කෙසේ පහළ වූවාදැයි නිෂ්චිතව පැවසිය නොහැකිය. මන්ද යත්, එය මිනිස් ශිෂ්ටාචායේ ආරම්භය තෙක් දිවයන බැවිනි. එම ජනශ‍්‍රැතියට අයත් වන්නේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් මුඛ පරම්පරාගතව පරම්පරාවෙන් පරම්පරාවට, සංස්කෘතියෙන් සංස්කෘතියට මානව වර්ගයා අතර සැබැඳි ජන සාහිත්‍යයයි. ‘මේ සියල්ල කැටි කරගත් පසු ඉතා සරලව වටහා ගත යුත්තේ ජනශ‍්‍රැතිය යනු මුඛපරම්පරාගතව කලක් තිස්සේ පැවත එන සාමූහික දැන නුවණ බවයි.’ මෙහිදී තවදුරටත් ජනශ‍්‍රැතිය යන්නේහි අරුත් විස\ ගැනීම පිණිස ඒහා බැඳි නිර්වචන කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.
‘‘ප‍්‍රාථමික සමාජවලද සංස්කෘතියෙන් හා ශිෂ්ටාචාරයේ සංවර්ධිත සමාජවලද බිහිවන සාම්ප‍්‍රදායික නිර්මාණ ජනශ‍්‍රැති වශයෙන් සලකණු ලැබේ.’’
‘‘ජනශ‍්‍රැතිය යනුවෙන් අප අදහස් කරන්නේ ඓතිහාසික පර්යේෂණයට ලක් වූ වකවානුවකට පෙර සිටම පොත පතින් නොව මුඛ පරම්පරාවෙන් සහ මනුෂ්‍ය චර්යාවෙන් එනම් පුරාණෝක්ති, සුරංගනා කථා ... ආදිය හා සමාජ සංස්ථාවන් ම`ගින් පැවත එන සම්පූර්ණ අඛංණ්ඩ සංස්කෘති සම්බන්ධයයි.’’
‘‘සාම්ප‍්‍රදායිකව හෝ කටපාඩමින් හෝ ප‍්‍රායෝගිකව ක‍්‍රියාකාරී අන්දමින් හෝ පුද්ගලයාගෙන් පුද්ගලයාට අයිතිවන ජනකථා, ජනකවි, ජන ගී, නැටුම් ගැයුම් වැයුම් ආදිය ජනශ‍්‍රති වේ.’’
‘‘ජනශ‍්‍රැතිය යනු ප‍්‍රාථමිකව හෝ සංකීර්ණ බවට පත් නූතන හෝ ජන සමූහයක් අතර කාලයක් තිස්සේ මුඛපරම්පරාගත සම්ප‍්‍රදායෙන් ව්‍යාප්ත වූ ඥාන සම්භාරයයි. එය ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් හෝ ඒ දෙකින්ම නිර්මාණය වී පරම්පරාවේ පරම්පරාවට පැවත යනු දැකිය හැකිය.’’
මෙහිදී ජනශ‍්‍රැතිය අර්ථ ගැන්වෙන්නේ කුමන අර්ථයකින්ද වග මොනවට අවබෝධ කරගත හැකිය. ඒ තුළ සමුපේත වන්නේ මිනිසාට සුඛ විහරණය සලසන කවි, කතා, ඇදහිලි විශ්වාස ආදියයි. ඒවායේ නිර්මාතෘ මිනිසාමය. එහිදී සමාජයේ දැකිය හැකි සෑම පුද්ගල ප‍්‍රකාශනයක්ම ජනශ‍්‍රති ගණයට අයත් නොවේ. යම්කිසි ප‍්‍රකාශනයක් ජනශ‍්‍රැතියෙහිලා සැලකෙන්නේ එය සාමූහික විඥානයට අභිරූප වූවොත් පමණි. එම සාමූහික විඥානය සමාජගත වීමේදී අවශ්‍ය ලෙස ඔපමට්ටම් වී නැවත නැවතත් නිර්මාණය වී ජනශ‍්‍රැතිය බවට පත් වේ.
උදා-: ආගමික පරිසරයට අනුකූලව අප අදහන දහමට අනුරූපීව භක්තිය වඩවන සාමූහික විඥාන සමාජ ගත වුවහොත්, අප එය කැමැත්තෙන් වැළඳගනී. සංස්කෘතියට ආගමට දහමට නොගැළපෙන විඥාන සමාජය බැහැර කරයි. ඒ අනුව ජනශ‍්‍රැතියක් වන්නේ සමූහයක් තුළ සමාජගත වන දේය.
මුල්කාලීන ජන සමාජය තුළ ජනශ‍්‍රැති විසිරුණ මල් ගොඩක් සේ පැතිරී ඉහිරී ගොස් තිබිණි. එය අනාගත පරම්පරාවට ආරක්‍ෂා කර දීමේ මහ`ගු කාර්ය ආරම්භ වන්නේ 18වන සියවසයේ අගභාගයෙනි. ඒ සඳහා මුල පුරනු ලබන්නේ විලියම් තෝම්ස් නැමැති පුද්ගලයාය. ජනශ‍්‍රැතිය සඳහාිත්‍දකනකදරු’ යන ඉංග‍්‍රීසි වචනය හඳුන්වා දෙනු ලැබුවේ මොහුය. සමාජය ජනශ‍්‍රැති විද්‍යාව පිළිබඳ අවධානය යොමු කරනු ලබන්නේ මෙම සංධිස්ථානයෙන් පසුවය.
පුරාවෘත්තය
ජනශ‍්‍රැතිය ආකාස්මිකව පහළ වූවක් නොවේ. එය කාලාන්තරයක් තිස්සේ ඓතිහාසික ක‍්‍රමවේදයක් සේම සමාජානුයෝජනීය ක‍්‍රියාවලියක් යටතේ වර්ධනය වූවකි. එලෙස නිර්මිත ජනශ‍්‍රැතිය තුළ අනුතර්ගත වී ඇති සියලූ කාරණා වෙන් වෙන් වශයෙන් මෙලෙස නාමගත කළ හැකිය.
x ජනතාව
x ජනකවිය
x ජන විශ්වාස හා ඇදහිලි
x අභිචාර විධි
x අධි විශ්වාස
x චාරිත‍්‍ර වාරිත‍්‍ර හා යාතු කර්ම
x වෘක්‍ෂශ‍්‍රැති
x සත්වශ‍්‍රැති
x ප‍්‍රස්තාව පිරුළු
x තේරවිලි
x ජන වෙදකම හා ක‍්‍රීඩාව
x ජනකතා
x පුරාකථා
x පුරාවෘත්ත
මේ සමස්ත අංග අතර ජනකතාව සුවිශේෂී අංගයක් ලෙස හැඳින්විය හැකිය. සැම ජන කොට්ටාසයකටම ආවේනික වූ විනෝදාස්වාදය හා ආදර්ශවත් කරුණු අනාවරණය කරණ ජනකතා, පරපුරෙන් පරපුරට සම්පේ‍්‍රෂණය වන්නේ මුඛපරම්පරාවෙනි. එම ජනකතාවෙහි වර්ධනීය අවස්ධාවක් ලෙස පුරාවෘත්ත හා පුරාකතා හැඳින්විය හැකිය. එහෙත් ජනකතාවත් පුරාවෘත්තයත් යනු දෙකකි. එහි යම් වෙනස්කමක් ප‍්‍රතීයමාන වේ. ජනකතාව සමාජයේ සාමාන්‍ය ජනයා ගැන පැවසෙන ඔවුනට අනුරූපී වූ ජන ව්‍යවහාරයන්ය. පුරාවෘත්තය නිර්මාණය වන්නේ සමාජයේ උසස්, වන්දනීය, පූජනීය පුද්ගලයෙක්, රජතුමෙක්, දෙවියෙක් වැනි සම්භාවිත පුද්ගලයෙක් වටාය.
ජනකතා - සතුන්, කුරුල්ලන්, මිනිසුන් වටා ගෙතී ඇති කතාන්දර
පුරාවෘත්ත - දුටුගැමුණු, පත්තිනි, ගණ දෙවි ආදිපුරාවෘත්ත
මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ පුරාවෘත්ත පිළිබඳවය.
ඓතිහාසික භූගෝලීය ශාස්ත‍්‍රීය ක‍්‍රමය
සැම ජන සමාජයක් තුළම ජනශ‍්‍රැති දක්නට ලැබුණද, ඒ පිළිබඳ විද්‍යාත්මකව අධ්‍යයනය කරන ජනශ‍්‍රැති විද්‍යාව බිහිවන්නේ දහඅටවන සියවසයේ මැද භාගයේදීය. ‘‘ජනශ‍්‍රැති විද්‍යාව යනු ජනශ‍්‍රැතිය එකතු කිරීමටත්, වර්ගීකරණය කිරීමටත්, විග‍්‍රහ කිරීමටත් යොදාගනු ලබන විද්‍යාත්මක ක‍්‍රමවේදය හා සිද්ධාන්තවල එකතුවයි.’’ එම සිද්ධාන්තවලට අනුකූලව රටරටවල කරන ලද පර්යේෂණ හේතුවෙන් ජනශ‍්‍රැති විද්‍යාව වැඩි දියුණු විය. මේ සඳහා පින්ලන්ත ජනශ‍්‍රැතිවේදීහු මූලිකත්වය ගෙන කටයුතු කළහ. ඔවුන් රට පුරා ඇති විසිරී ඇති ජනශ‍්‍රැති එකතු කිරීම සිදු කළ අතර, එහිදී වැදගත් තැනක් ගනු ලැබුවේ ‘කලවෙල’ :න්කැඩ්ක්* නම් වූ ජනකාව්‍යයයි. ඓතිහාසික භූගෝලීය ශ‍්‍රාස්ත‍්‍රීය ක‍්‍රමය ජනශ‍්‍රැති ශබ්දකෝෂයේ නව වචනයක් බවට පත් වන්නේ මෙම ජනකාව්‍ය එකතු කිරීමේ ක‍්‍රමවේදයෙන් පසුවය. ඒ අනුව ‘කලවෙල’ නම් ජනකාව්‍ය එකතු කිරීමට පින්ලන්ත ජනශ‍්‍රැතිවේදීන් යොදාගත් ක‍්‍රමය ඓතිහාසික භූගෝලීය ශ‍්‍රාස්ත‍්‍රීය ක‍්‍රමයයි. මෙහි නිර්මාතෘ ජූලියස් ක්‍රෝන්ය. :න්‍මකසමි නරදයබ 1835-1888* ඒ පිළිබඳ ඔහු පවස්නනේ මෙබඳු අදහසකි.
‘‘මම කිසිඳු නිගමනයකට ඒමට පෙර කාව්‍යයේ විවිධ ප‍්‍රභේද කාල ඉතිහාසයකට අනුව හා භූගෝලීය ප‍්‍රදේශ අනුව පිළිවෙළකට සකස් කරගතිමි: මන්ද? කාව්‍යයේ මුල් කොටස් හා පසුව එක් වූ කොටස් වෙන් කොට හඳුනාගත හැකි වන්නේ මේ ක‍්‍රමයෙන් පමණක් බව මා විසින් සොයාගනු ලැබූ නිසාවෙනි.’’
සැම ජනශ‍්‍රැතියකටම අදාළ සුවිශේෂී ඉතිහාසයක් ඇති බව මෙම න්‍යායයෙහි මූලික ඉගැන්වීමයි. එමනිසාවෙන් ඒ ඒ ඉතිහාස වෘත්තාන්ත වෙන වෙනම ගෙන, එක සමාන දේ එකට එකතු කර විග‍්‍රහ කිරීම මෙම ක‍්‍රමයෙන් සිදු වේ. උදාහරණ වශයෙන් දුටුගැමුණු පුරාවෘත්තය ආරම්භ වූවේ කොහොමද? කවදාද? කොතනකද? ඉන් කුමක් අර්ථවත් වේද? යන ප‍්‍රශ්නවලට වඩා විවිධ ප‍්‍රදේශවල මෙම වෘත්තාන්තය පැතිරී ඇති අයුරු සොයා බැලීම මෙහිදී සිදු කරනු ලබයි. ඒ අනුව ඉතා ප‍්‍රවේශමෙන් ‘භූගෝලීය වෙනස්කම් අනුව හා ඉතිහාසය අනුව (ඒ කියන්නේ කාලයාගේ පැවැත්ම අනුව* ජනශ‍්‍රැති ප‍්‍රභේද එකතු කිරීම ඓතිහාසික භූගෝලීය ශ‍්‍රාස්ත‍්‍රීය ක‍්‍රමයයි.’ අවසානයේ එසේ එකතු කරගත් සියලූ ප‍්‍රභේදයන්ට මුල්විය හැකි ප‍්‍රධාන පරම්පරාමූලයන් :්රජයැඑහචැ* නිගමනය කරනු ලබයි. ඉන්පසු එම පරම්පරාමූලයන්ට අනුව ජනශ‍්‍රැතිය ආරම්භ වූවේ කවදාද? කොතනකද? යන නිගමනවලට එළඹිය හැකිය. තවද, ඒ ඒ ජනශ‍්‍රැති විවිධ භූගෝලීය ප‍්‍රදේශවල ව්‍යාප්ත වූ ආකාරය පියසටහන් ඔස්සේ පෙන්විය හැකිය. එම වෙනස් භූගෝලීය පරිසරවල ජනශ‍්‍රැතිය පෙනී සිටීමේදී, එයට ඇතුළු වූ නවතා සහ ඉන් බැහැර වූ කාරණාද සොයාගත හැකිය. ඒ අනුව ජනශ‍්‍රැතියක් පිළිබඳ සොයා බැලීමේදී සහ ඒවා එකතු කිරීමේදී නිවැරදි නිගමනවලට එළඹිය හැකි විශේෂිතම ක‍්‍රමය ඓතිහාසික භූගෝලීය ශ‍්‍රාස්ත‍්‍රීය ක‍්‍රමය ලෙස හැඳින්විය හැකිය.
ගණ දෙවි පුරාවෘත්තය ඓතිහාසික භූගෝලීය ශ‍්‍රාස්ත‍්‍රීය ක‍්‍රමයට අනුව
දේව වන්දනය ප‍්‍රාග් මහින්ද යුගයේ පටන් ලක්දිව විද්‍යමාන වූවකි. විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණෙන විට ශක‍්‍රයාගේ නියමයෙන් උපුල්වන් දෙවියන් එම පිරිසට පිරිත් පැන් සහ පිරිත් නූල් ලබා දුන් බව වශකතාවල සඳහන් වේ. මීට අමතරව බුදුරදුන්ගේ ලංකාගමනයේදී බණ අසා සෝවාන් වූ සමන් දෙවියන් ගැනද තොරතුරු දුරාතීතයක පටන් පැවත එයි. එසේම පණ්ඩුකාභය රජු ගරු බුහුමන් දැක්වූ වෙස්සවන, ව්‍යාධ, පච්ýමරාජිනී ආදි දෙවතාවන් පිළිබඳවද සඳහනක් වේ. මෙම කාරණා සැලකිල්ලට ගැනීමේදී දේව වන්දනය ලක්දිව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් පැවත එන්නක් බව පසක් වේ. එමනිසාවෙන් එම දේව විශ්වාස හා බැඳි ජනශ‍්‍රැති හා පුරාවෘත්ත ඈත අතීතයකට දිව යයි.
එම පුරාවෘත්ත අතර අපගේ ප‍්‍රධාන අවධානය යොමුවනු ලබන්නේ ගණ දෙවි පුරාවෘත්තය පිළිබඳවය. ලඹෝදරා, ගජවත්, විගුරජ, ගහණත්, ගනිඳු, මියහත්, මිහිරිය, එක්දත්, ගණේෂ, ගණපති සහ සිංහල ව්‍යවහාරය තුළ ගණදෙවි හා පුල්ලෙයාර් යන නම්වලින් මෙම දේවතාවා හඳුන්වා ඇත. ගණේෂ ශිව පාර්වතී යුවලගේ පුත‍්‍රයාය. ඔහුගේ ශරීර ස්වභාවය පිළිබඳ මෙබඳු සටහනක් ඇත.
‘‘රතු වර්ණයකින් යුතු ඔටුන්නක් පැළඳ සියලූ ආභරණයන්ගෙන් විභූෂිතව දොළොස් විධවූ බාහු හා ඉදිරියට නෙරූ උදරයක්ද අර්ද පර්යංකාරූඪ නර්තන ආසනයක්ද, ඇස් තුනක්ද එක් දළයක්ද දරන්නෙකි. එසේම දකුණු බාහුවලින් ඊතලයක්, අංකුශයක්, වජ‍්‍රයක්, කඩුවක් ශූලයක්ද වම් අත්වලින් දුන්නක් හා රුධිරය සහිත හිස් කබලක්ද වියලි මසින් හිස් කබලක්ද දරා පියුමක් මත හිඳ සිටියි. මී වාහනය ඔහුට හිමිය.’’
ඉන්දියාවේ චිරප‍්‍රසිද්ධ මෙම දේව වන්දනය ලක්දිව බැතිමත්හුද ගෞරව පූර්වකව වන්දනා මාන කරති. මෙම දෙවියන්ගෙන් නුවණ සංකේතවත් කර ඇති අතර නූවණ අපේක්‍ෂාවෙන් බැතිමත්හු දෙවියන් නමදිති.
ගණේෂ දෙවියන් පිළිබඳ සාධක ලක්දිව විද්‍යමාන වන්නේ ක‍්‍රිස්තු පූර්ව යුගවල පටන්ය. මිහින්තලයෙන් හමු වූ එක් දළයකින් යුත් හිසක් මේ සඳහා පැරණිතම මූලාශ‍්‍ර සපයයි. හින්දු දේව විශ්වාස දැඩි ලෙස අප සමාජය උකහා ගනු ලබන්නේ අනුරපුර හා පොළොන්නරු යුගවල සිදු වූ ද්‍රවිඩ ආක‍්‍රමණත් සම`ගින්ය. (පොළොන්නරු යුගයේ සඳකඩපහණිින් ගව සංකේතය ඈත් වීම ඒ සඳහා කදිම උදාහරණයයි. මීට අමතරව කැණීම්වලදී ශිව දේවාල අසළ ගණ දෙවි ප‍්‍රතිමා හමු වී ඇත.* එහි ප‍්‍රතිඵලයක් ලෙස සමාජ ගත වූ දේව වන්දනා අතර ගණ දේවි වන්දනය ප‍්‍රමුඛස්ථානයෙහිලා සැලකේ. ඉන්පසුව හමුවන ඓතිහාසික මූලාශ අනුව ගම්පොළ යුගයේ ගඩලාදෙණි පිළිමගෙයින්ද ගණ දෙවි ප‍්‍රතිමා හමු වී ඇත. මෙහිදී අපගේ අවධානය යොමු කරනු ලබන්නේ ගණ දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් බැඳී පවතින පුරාවෘත්ත සම්බන්ධයෙනි.
ගණ දෙවි පුරාවෘත්තයෙහි ආරම්භය බැඳී පවතින්නේ භාරතීය පරිසරය මතය. ඒ සම්බන්ධයෙන් විවිධ තොරතුරු භාරතීය පුරාණ ග‍්‍රන්ථවල සඳහන් වේ. එම පුරාවෘත්තය පසුකාලීනව ලංකාවට පැමිණීමේ විවිධ වෙනස්කම් වලට පාත‍්‍ර වෙමින් විවිධ ප‍්‍රදේශවල ව්‍යාප්තව ඇත. මෙහිදී ගණ දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් භාරතයෙන් හමුවන මූල පුරාවෘත්ත අප පළමුවෙන්ම අධ්‍යයනය කළ යුතුය. එහිදී ගණ දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් භාරතයෙහි පුරාවෘත්ත දෙකක් අපට දැකගත හැකිය. ඉන් පළමුවැන්න මෙසේය. ගණ දෙවියන්ගේ මව වන පාර්වතී දේවිය රතු රෙදි කඩකින් ඔහුව නිමවා ප‍්‍රණය ලබා දුන් බවය. දෙවැනි පුරාවෘත්තය නම් පාර්වතිය ස්නානය කරමින් සිටින අතරතුර රැුස් වූ දහ`ඩිය හා කුණු එකතු කිරීමෙන් ගණ දෙවියන් මැවූ බවයි. පසුව ඇයගේ ප‍්‍රාර්ථනාව අනුව ගණ දෙවියන් උපත ලද අතර ඇය නිතර නිතර ගණේෂ සම`ග සුරතල් වෙමින් සිටිනු දැක කිපුණු ශිව දරුවාගේ ගෙල සිඳ දැමූ බව සඳහන් වේ පසුව ඇයගේ වැළපීම නිසාවෙන් සිද්ධයන් ලවා ඇත් හිසක් ගෙන්වා මළ කඳට සවි කිරීමෙන් දරුවාට ප‍්‍රාණය ලබා දුන් බව තවදුරටත් ඉන්දීය පුරාණ ග‍්‍රන්ථවල සඳහන් වේ. ඉන්දීය පුරාණ ග‍්‍රන්ථවලින් හෙළිවන මෙම පුරාවෘත්තයන් දෙක ගණ දෙවි පුවත හා බැඳි පැරණිම අනාවරණයන් වන අතර මින් පළමුවැන්න කුමක්දැයි නිෂ්චිතව ප‍්‍රකාශ කළ නොහැකිය. එහෙත් ගණ දෙවි පුරාවෘත්තය හා විවිධ පුරාවෘත්ත අතර මූල කතාව මෙම කතා දෙක ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව ඓතිහාසික භූගෝලීය ශ‍්‍රාස්ත‍්‍රීය ක‍්‍රමයට අනුව ගණ දෙවි පුරාවෘත්තය එක් පරිසරයක පැතිරී ඇත්තේ එලෙසින්ය.
ලක්දිව හින්දු ආගමෙහි බලපෑම අනුරාධපුර යුගයේ පටන් දක්නට ලැබුනද, එහි කූටප‍්‍රප්තිය ලෙස හැඳින්විය හැක්කේ පොළොන්නරු යුගයයි. පොළොන්නරු යුගය තුළ ගණ දේවරූප සම්බන්ධයෙන් හමුවන සාක්‍ෂ්‍ය ඉහතදී සඳහන් කරන ලදී. ඒ අතර ප‍්‍රබලම සාක්‍ෂ්‍ය වන්නේ ශිව දේවාල අසළින් හමුවූ ගණ දෙවි රූපයයි. ඒ අනුව ගණ දෙවි පුරාවෘත්තය සම්බන්ධයෙන් අනෙක් පුරාවෘත්තය අපට දැකගත හැකි වන්නේ මෙම යුගයෙහි පොළොන්නරු පරිසරයෙහිදීය. ඒ පුරාවෘත්තය ජනශ‍්‍රැතියෙහි දැක්වෙන්නේ මෙලෙසිනි. විටෙක ඊශ්වරයා අවශ්‍යතාවක් සඳහා බැහැරට ගියේය. ඉන්පසු ගෙදර ආරක්‍ෂාවට කිසිවෙකු නොමැති බැවින්, පුරුෂයෙකු මවා දණ්ඩක් අතට දී උමා ස්නානයට ගියාය. පසුව ශිව ගෙදර පැමිණෙන විට ආරක්‍ෂකයා ඔහුට බඩ නොදුන්නේය. ඉන් කිපුණු ශිව ආරක්‍ෂකයාගේ හිස කඳින් වෙන් කළේය. එබැවින් දුකට පත් උමා ඔහු සම`ග කතා නොකර සිටියේය. පසුව ඔහු සිද්ධයන් යවා උතුරු දෙසට හිසලා සිටින ඇත් හිසක් ගෙනවිත් මළකඳට සවි කොට ප‍්‍රාණය ලබා දුන්නේය. පසුව උමා මුරකරු පුත් තනතුරෙහි ලා සැලකීය. එකම පුරාවෘත්තය විවිධ භූගෝලීය පරිසර මත විවිධාකාරයෙන් ප‍්‍රචලිත වන ආකාරය මෙම නිදසුනින් වටහා ගත හැකිය. එය නියමාකාරයෙන් විස\ගත හැකි වන්නේ ඓතිහාසික භූගෝලීය ක‍්‍රමයට අනුව එය විමර්ශනය කිරීමේදී බව මෙයින් වටහා ගත හැකිය.
පොළොන්නරු යුගයෙහි හින්දු විශ්වාස දැඩි ලෙස සමාජයෙහි ව්‍යාප්ත වීමට ප‍්‍රබල සාධකයක් වූයේ රාජ්‍ය නායකයන් ඒ කෙරෙහි දැක් වූ නැඹුරුතාව නිසාවෙනි. එහෙත් මෙම යුගයෙන් පසුව රාජ්‍ය නායකයන් බුදු දහම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරිණි. එමනිසාවෙන් හින්දු දේව විශ්වාසවල යම් යටපත් වීමක් සිදු විය. ඒ අනුව ගණ දෙවි පුරාවෘත්තය සම්බන්ධයෙන් අනෙකුත් ජනශ‍්‍රැතිය අපට හමුවන්නේ ගම්පොළ යුගයෙනි. ගම්පොළ යුගයෙහි හින්දු හා ද්‍රවිඪ ඇදහිලි සැඩි දක්නට ලැබුණු කාල සමයෙකි. එකල බිහි වූ කලා නිර්මාණ තුළද ඇත්තේ ද්‍රවිඪ ආභාසයකි. එසේම ගඩලාදෙණි පිළිමගෙයෙහි බුදු කුටියටම අළලා දේවාලද නිර්මාණ කිරීම තුළ හින්දු දේව විශ්වාසයන් පිළිබඳ එකළ ජන මතය මනාව වටහා ගත හැකිය. එම පිළිමගෙය තුළම ගණ දෙවි රූපයක්ද ඇතුළත් වී ඇත. ඒ අනුව ගණ දෙවි පුරාවෘත්තය නැවත හිස ඔසවන්නේ ගම්පොල යුගයෙනි. එම පුරාවෘත්තය මෙසේය.
පාර්වතිය හදිසි කාර්යයක් සඳහා යා යුතුව තිබුණු හෙයින් ගණ දෙවි බලා ගැනීම සඳහා සෙනසුරු දෙවියන්ය භාර දී ගියාය. සෙනසුරු විපත්ති දායක ක‍්‍රීඩාවක යෙදීම නිසාවෙන් ගණේෂගේ හිස නොමැති විය. පසුව පාර්වතිය මහා බ‍්‍රහ්මයාගේ උපදෙස් මත ඇත් හිසක් සවි කර පණ ලබා දුන්නේය.
මෙම දේව විශ්වාස කෙමෙන් කෙමෙන් සමාජයෙහි ස්ථාවර වීමත් සම`ග මෙම හින්දු දෙවිවරුන්ට බෞද්ධ අර්ථකථන සැපයිණ. බෞද්ධ මුහුණුවරක් ඇත් හින්දු දෙවියන් අතර කතරගම දෙවියන් සුවිශේෂී ස්ථානයක් හිමි කරගනී. ඔහු ස්ඛන්ධ යන නමින්ද හඳුන්වනු ලබයි. මෙම දෙවියන් ගණ දෙවියන්ගේ සහෝදරයා වීම තුළ අප සාකච්ඡුා කරන ප‍්‍රස්තුතයට මෙම දෙවියන් බෙහෙවින් සමීප වේ. ස්ඛන්ධ දේව විශ්වාසය බෙහෙවින් ප‍්‍රචලිත කතරගම ප‍්‍රදේශයේය. කතරගම දේවාලය තුළ ගණ දේව ඇදහිලි සඳහාද විශේෂ තැනක් හිමි වේ. කතරගම දෙවියන්ගේ දේවාලය සමීපයෙන්ම ගණ දෙවියන්ගේ දේවාලය පිහිටීම ඒ සඳහා කදිම නිදසුනකි. ඒ අනුව ගණ දෙවි පුරාවෘත්තය සම්බන්ධයෙන් සුවිශේෂී අනාවරණයක් කතරගම ප‍්‍රදේශය තුළද දක්නට ලැබේ. එම කතාව මෙසේය.
වල්ලි යනු කතරගම ප‍්‍රදේශයේ විසූ ජන නායකයෙකුගේ දියණියයි. ස්ඛන්ධ කුමරු මෙම තරුණියට පෙම් කළේය. එහෙත් ඇයගේ සිත දිනා ගැනීමට නොහැකි විය. ඒ සඳහා සොයුරු ගණේෂ කදිම උපක‍්‍රමයක් යෙදීය. එනම් වල්ලී දර කඩමින් සිටින විට ගණේෂ ඇත් වෙසක් ගෙන ඇය බියගැන්වීමට එක් පැත්තකින් පැමිණියේය. ඒ අතරතුර වල්ලී බේරාගෙන ඇගේ සිත් දිනා ගැනීමේ කාරිය කඳ සුරිඳු වෙත පැවරිණි. උපක‍්‍රමය කදිමට ක‍්‍රියාත්මක විය. එහෙත් ගණ දෙවියන් පියවි වෙස් ගන්වන පැන් බඳුන කඳ කුමරු අතින් ඉහිරී ගියේය. එමනිසාවෙන් කුමරුට ඇත් වෙසෙන් මිදීමට නොහැකි විය. යථෝක්ත සියලූ පුරාවෘත්ත විමසීමේදී ගණ දෙවි පුරාවෘත්තය භාරතයේ ආරම්භ වී විවිධ භූගෝලීය පරිසර මත ව්‍යාප්ත වී ඇති අයුරු මනාව පැහැදිලි විය.
මීට අමතරව ගණ දෙවි පුරාවෘත්තය හා සම්බන්ධ පුරාවෘත්ත කිහිපයයක් විවිධ භූගෝලීය පරිසරවල ජනශ‍්‍රැති අධ්‍යයනයේදී සොයාගත හැකිය. ඒවා වෙන් වෙන් වශයෙන් මේ ආකාරයෙන් දැක්විය හැකිය.
වන්නි ප‍්‍රදේශයේ මිනිසුන් වගා බිම්හි සරු අස්වැන්නක් ලබා ගැනීමට හුණු තැවරුණු පොල් ගෙඩියක් ගණ දෙවි පිළිරුව අභියස තබයි. සරු අස්වැන්නක් නොලැබුණ හොත් ගණ දෙවි පිළිරුවට නින්දා කොට වැවට දැමීමෙන් සරු අස්වැන්නක් ලැබේයැයි වන්නි ජනයා විශ්වාස කරයි.
රිටිගල ප‍්‍රදේශයේ මේ හා සමාන පුරාවෘත්තයක් ඇත. එනම් එම ප‍්‍රදේශයේ සිට ගෝඨයිම්බර හා ජයසේන යන යෝධයන් දෙදෙනා රා හලකදී කළ සටනකින් ජයසේනගේ හිස කඳින් වෙන් විය. පසුව ඔහුට වළහෙකුගේ හිසක් එක් කොට ප‍්‍රාණය ලබා දුන් බව ජන සාහිත්‍යයේ කියවේ. එම පුවතද ගණ දෙවියන්ගේ කතා පුවත හා යම් සාමානතාවක් දක්වයි.
ගණ දෙවියන් පිළිබඳ විවිධ පුරාවෘත්ත නේපාලයේද දැකගත හැකිය. එහෙත් නේපාලයේ ගණ දෙවියන් ශුභ කටයුතු සඳහා බාධා පමුණුවන දෙවියෙක් ලෙස හඳුන්වනු ලබයි.
මෙහිදී ගණ දෙවි පුරාවෘත්තය විවිධාකාරයේ ජන සමාජවල ව්‍යාප්ත වී ඇති ආකාරය උක්ත නිදසුන් තුළින් අවබෝධ කරගත හැකිය.
සමාලෝචනය
ලෝක ජනශ‍්‍රැතිය අධ්‍යයනය කිරීමේදී විවිධ පුරාවෘත්ත දැකගත හැකිය. ඇතැම් විට එක් එක් ජන සමාජ තුළ පවතින එම පුරාවෘත්ත තුළ සාම්‍යයක් පැවතිය හැකිය. එම පුරාවෘත්ත විවිධ ජන සමාජවල ව්‍යාප්ත වී ඇති ආකාරය, ඒවායෙහි ඇති සමානතා සේම අසමානතා අපට නිවැරදිව අවබෝධ කරගත හැක්කේ ඓතිහාසික භූගෝලීය ශාස්ත‍්‍රී ක‍්‍රමයට අනුව එම පුරාවෘත්ත විග‍්‍රහ කිරීමේදීය. අප මෙහිදී ගණ දෙවි පුරාවෘත්තය විවිධ ජන සමාජවල ව්‍යාප්ත වී ඇති අයුරු උක්ත ක‍්‍රමවේදයට අනුව විමසා බැලිණ. එහිදී ගණ පුරාවෘත්ත භාරතයේ ආරම්භ වී පසුකාලීනව ක‍්‍රමයෙන් ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ව්‍යාප්ත වූ ආකාරය සාකච්ඡුා කෙරිණ. එහිදී ගණ දෙවි පුරාවෘත්තයෙි වෙනස්කම් සාම්‍යතා කවරේදැයි මනාව වටහාගත හැකි විය. ඒ අනුව මෙම පුරවෘත්තය භාරතයේ විශාල වපසරියක ව්‍යාප්ත වී ඇති අයුරු උක්ත නිදර්ශන අධ්‍යයනයේදී පසක් විය.
ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය
ප‍්‍රාථමික මූලාශ‍්‍රයයෝ
මහාවංශය. (සංස්.*. මංගල ඉලංගසිංහ, කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2006.
ද්විතීයක මූලාශ‍්‍රයයෝ
අමරසේකර, දයා, ජන කවිය හා ජන සමාජය. වරකාපොල: ආරිය ප‍්‍රකාශකයෝ, 1996.
එල්ලාවල, හේම, පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය. ඉසුරුපාය: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 2002.
කුලරත්න, සාලිය, සන්නිවේදනය හා ජනශ‍්‍රැතිය. වරකාපොල: ආරිය ප‍්‍රකාශකයෝ, 2006.
චන්දරතන හිමි, ඔරුමාන්කුලම, හුරුළු මංගල්‍යය. රත්මලාන, 1991.
ජේ. ගමගේ, නිමල්, දේව සංකල්පය. කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.
ධර්මදාස, කේ. එන්. ඕ. තුන්දෙණිය, එච්. එම්. එස්. සිංහල දේව පුරාණය. පාදුක්ක: රජයේ මුද්‍රණාලය, 1994.
රත්නපාල, නන්දසේන, ජනශ‍්‍රැති විද්‍යාව. කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2006.
වීරසිංහ, අමරදාස, සිංහල ජනශ‍්‍රැති හැදෑරීම, බෙරලපනාතර, 1986.
සේනසිංහල, තිලක්, කතරගමේ දෙවි මහිමේ. ගණේමුල්ල: සුරේන්ද්‍ර ප‍්‍රකාශකයෝ, 1988.
තෘතීයික මූලාශ‍්‍රයෝ
ප‍්‍රණාම. (සංස්.*. ගාමිණී දෑල බණ්ඩාර, කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2006.
ඉංග‍්‍රීසි මූලාශ‍්‍රයෝ
ඊය්එඒජය්රහ්ල ෘැබදහඑදිබල ඊමාායසිඑ ෂජදබදටර්චයහග ඵ්ාර්ිථ 1924ග