Thursday, December 12, 2013
අක්‍ෂර ප‍්‍රභවය
අක්‍ෂර ප‍්‍රභවය
මානව සංහතිය කෙදින, කොතනකින් ඇරඹුනේද වග නිශ්චිතව කාල නිර්ණයකට එළඹිය නොහැකිය. ඒ සඳහා විවිධ ආගමික නිර්ණයන් අප අධ්‍යයනය කර තිබුනද, එම`ගින් මානව සංහතියේ ආරම්භය සම්බන්ධයෙන් නොවළහා, නිශ්චිතව යමක් නොපවසයි. එහෙත් මානව ශිෂ්ටාරචාරයේ මුල් භාගයේ පටන් මිනිසාට අදහස්, හැ`ගීම් දැනීම් ප‍්‍රකාශන මාධ්‍යයක් පැවති බව අපට එළඹිය හැකි ප‍්‍රධාන නිගමනයකි. එය කායික සහ ශාබ්දික වශයෙන් පවතින්නට ඇත. එසේ පැවති සංකීර්ණ ප‍්‍රකාශන විධි කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.
‘‘01. අංග චලන
02. චිත‍්‍ර සටහන්
03. ශබ්ද විධි
04. වෙනත් සංකේත’’
මෙම ප‍්‍රකාශන විධි අනුක‍්‍රමයෙන් විකාශනය වීම තුළ අක්‍ෂර බිහි වී ඇත. වාග් විද්‍යානුකූලව පර්යේෂණ කිරීමේදී පසක් වන්නේ මුලින් භාෂණ ක‍්‍රියාවලිය බිහි වූ බවත් ඉන්පසු ලේඛන ක‍්‍රියාවලිය සහ අක්‍ෂර මාලාව බිහි වූ බවත්ය. භාෂාවෙහි දක්නට ලැබෙන අක්‍ෂර, මානව සංහතියේ අසහාය නිර්මාණයක් වශයෙන් හැඳින්විය හැකිය. ඒ අනුව මානව භාෂාව සංකේතානුසාරයෙන් සන්නිවේදනය කිරීමේදී අක්‍ෂර බිහි වූ බව දැක්විය හැකිය.
‘‘වර්ණයකින් හ`ගවන උච්චාරණය කෙරෙන ශබ්දය මෙන්ම එම ශබ්දය හ`ගවන සංකේතයටද අක්‍ෂර යන නම භාවිත කරයි.’’
‘‘ශිෂ්ට මනුෂ්‍ය වග_ අතර ව්‍යවහාර වන භාෂාවන්ගේ හෝඩිවල වර්ණ අක්‍ෂර හෙවත් අකුරු වේ.’’
‘‘භාෂා ශාස්ත‍්‍රය පිළිබඳව කරුණු සෙවීමෙහිදී අක්‍ෂර පරිණාමය හෙවත් ක‍්‍රමයෙන් අකුරු හැඩගැසී ආ හැටිත් නොයෙක් ශබ්දයන් කලින් කල වෙනස් වෙමින් භාවිත වූ අකෘතිය දැනගත හැකිය.’’
ඒ අනුව මෙම අක්‍ෂරයන්ගේ මූලාරම්භය කෙසේ කෙදිනක සිදුවූවාදැයි නිර්ණය කිරීමට අපහසු කර්තව්‍යකි. අක්‍ෂර බිහිවීමේදී පෙරදිග ආභාසය ඒ අවට රාජ්‍යයන් සඳහා නිබඳව බලපා ඇත. භාරතය මුල් කරගෙන බිහි වූ එම අක්‍ෂර ක‍්‍රමය බ‍්‍රාහ්මීය අක්‍ෂර නමින් හඳුන්වයි. මෙම බ‍්‍රාහ්මීය අක්‍ෂර ලෝකයේ පළමු අක්‍ෂර ක‍්‍රමවේදය ලෙස දැක්වීමට බෝහෝ උගතුන් යත්න දරා ඇත. එහෙත් තර්කානුකූලව ලෝකයේ පුරාණතම අක්‍ෂර මාලාව බ‍්‍රාහ්මීය අක්‍ෂර ලෙස එකහෙළා ප‍්‍රකාශ කළ නොහැකිය. එහෙත් පුරාණතම අක්‍ෂර මාලා අතරත ප‍්‍රධානතම අක්‍ෂර මාලාවක් ලෙස බ‍්‍රාහ්මීය අක්‍ෂර හැඳින්විය හැකිය.
බ‍්‍රාහ්මීය අක්‍ෂර සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡුාවේදී මතුවන ප‍්‍රධානතම ගැටළුවක් වන්නේ එහි උපත පිළිබඳ පවත්නා නන්වැදෑරුම් මත විවිධත්වයයි. ඒ විවිධ මති මතාන්තර තුළ ඇති සංකීර්ණතාව මෙම නිදසුන් සාක්‍ෂි සපයයි.
‘‘01. බැබිලෝනියන්වරු භාවිත කළ අදහස් ඇ`ගවීමේ චිත‍්‍රාක්‍ෂර වර්ගයක් බවත් භාරතයෙන් ගිය වෙළඳුන්ගේ මාර්යෙන් එරටට ආ අකුරු විකාශනය වීමෙන් බ‍්‍රාහ්මීය අකුරු නිපන් බව.
02. බ‍්‍රාහ්මීය - නාගරී ආදී වර්ණමාලා පිනීෂියන් වර්ණමාලාවෙන් සකස් වී යැයි ඇතමෙක් කියති.
03. ක‍්‍රි:පූ 800 පමණ මෙසපොටේමියාවේ සිට පැමිණි වෙළඳුන්ගෙන් ප‍්‍රචාරය වූ බව.
04. ඉන්දියානු මිනිසාගේම ස්වයං නිර්මාණයක් බව.
05. මුලින්ම අකුරු නිර්මාණය කරන ලද්දේ මහාබ‍්‍රහ්මයා බවත් එමනිසා බ‍්‍රාහ්මීය අක්‍ෂර වන බව.
06. යුප්‍රෙටීස් මිටියාවතේ පූර්ව සාමටික් වර්ණ මාලාවෙන් බ‍්‍රාහ්මීය අක්‍ෂර සකස් වූ බව.
07. දකුණු අරාබියේ දක්‍ෂිණ සැමටික් වර්ණ මාලාවෙන් උපන් බව.
08. උත්තර භාරතීය සැමටික් වර්ණ මාලාවෙන් සකස් විණියැයි විශ්වාස කිරීම.
09. සිදුහත් කුමරු ශිල්ප දැක්වීමේ අක්‍ෂර 64ක් නිපදවා දැක්වූ බවත් ඒවා බ‍්‍රාහ්මීය අක්‍ෂර බව.’’
මීට අමතරව සිදුහත් කුමරු බ‍්‍රාහ්මීය අක්‍ෂර නිපදවූ වග අවදාන කල්පලතාවේද සඳහන් වේ. එහෙත් ‘‘අජන්තා ලෙන් චිත‍්‍රවල සුද්ධෝදන මාලිගාවේ ආලින්දයේ සර්වමිත‍්‍රගෙන් සිප්සතර ඉගෙන ගන්නා චිත‍්‍රයේ හිසට උඩින් ඇති සාධක අනුව’’ පමණක් සිදුහත් කුමරු බ‍්‍රාහ්මීය අක්‍ෂර නිපදවූවායැයි පැවසීමට ප‍්‍රමාණවත් සාක්‍ෂියක් යැයි පුරාක්‍ෂර විද්‍යාඥයෝ පිළිනොගනිති. මීට අමතරව ‘‘කල්පද්‍රම කලිකා නම් ග‍්‍රන්ථයෙහි කියවෙන්නේ වෘෂභ දෙවියන් විසින් සිය දකුණතින් අෂ්ටාදශ ලිපියක් ඉපදවූ බවත් ඉන් ආදිතම ලිපිය බ‍්‍රාහ්මීය ලිපියක් බවත්ය.’’ මේ පිළිබඳ විවිධ විද්වතුන් විවිධ මතවාද පළකර ඇත.
x බ‍්‍රාහ්මීය අක්‍ෂර ඉන්දු නිම්න අක්‍ෂර මාලාවෙන් උපන් බව ( ආර්. නාගස්වාමි*
x බ‍්‍රාහ්මීය අක්‍ෂර ඉන්දු නිම්න චිත‍්‍රාක්‍ෂර වලින් ප‍්‍රභවය වූ වග (පාණ්ඬේ, සිර්කාර්, වැටර්ජි, රාඝවන්*
x බ‍්‍රාහ්මීය අක්‍ෂර ද්‍රවිඩ මූලයකින් ප‍්‍රභවය වූ බව (පන්ටර්, මහදේවන්, රාධ*
යථෝක්තව බ‍්‍රාහ්මීය අක්‍ෂර සම්බන්ධයෙන් ප‍්‍රකට වන නන්වදෑරුම් මත තුළින් එහි ආරම්භය කෙතරම් සැලමුතු කාරණයක්ද වග වටහා ගත හැකිය. එසේම බොහෝ ආගම්වාදී නිර්වචන මගින් ප‍්‍රකාශ වන්නේ අක්‍ෂර දේව නිර්ණයක් බවයි. ඒ කාරණාව පෙරඅපර දෙදිග භාෂා ප‍්‍රභවය තුළ දිස් වේ. එහෙත් වාග් විද්‍යානුකූලව ලේඛන කලාවේ ඉතිහාසය පිළිබඳ ගවේෂණය කිරීමේදී හිස් ප‍්‍රලාපයක් බව ප‍්‍රත්‍යක්‍ෂ වේ.
මෙහිදී මානව ඉතිහාසය පිළිබඳ විමසා බලන විට මානවයාගේ ප‍්‍රභවයෙන් බොහෝ කලකට පසු භාෂාවන් පහළ වූ බවත් එසේ පහළ වූ භාෂාවන් දීර්ඝ කාලයක් ඇවෑමෙන් සිදු වූ පරිණාම හේතුවෙන් අක්‍ෂර සම්භවය වූ බවත් සිතිය හැකි නිගමනයකි. එසේ නිර්මිත අක්‍ෂර මාලාවක් ලෙස බ‍්‍රාහ්මීය අක්‍ෂර දැක්විය හැකිය. ආසියාතික රටවල බොහෝ අක්‍ෂර මාලා ඇතිවීමට බ‍්‍රාහ්මීය අක්‍ෂර හේතුවී ඇත.
සිංහල ප‍්‍රාග් බ‍්‍රාහ්මීය ලේඛන සම්ප‍්‍රදාය
‘‘සිංහල භාෂාව වනාහි ඉන්දු ආර්ය භාෂා ගණයට අයත් වූවක් ලෙස දැන් සාමාන්‍ය වශයෙන් සැලකේ.’’ ඒ අනුව ලක්දිව භාෂාව නිර්මාණය වීමේදී භාරතයේ ආභාසය ලැබී ඇති බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. ‘‘ලංකාවේ ව්‍යවහාර වූවේ ‘බ‍්‍රාහ්මී’ නමින් හැ`දින් වූ ඉන්දියානු අක්‍ෂර මාලාවකි.’’ මෙමගින් ලාංකේය අක්‍ෂර මාලාව සකස් වීමේදී භාරතීය යෝධ සෙවනැල්ලක පහස ලැබූ බව පසක් වේ. එය අනුක‍්‍රමයෙන් ලංකාවේ පරිපූර්ණවත් බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවක් ලෙස සංවර්ධනය විය. එහෙත් ඊට ප‍්‍රථමයෙන් (ප‍්‍රාග් මහින්ද යුගයේ* ලක්දිව ලේඛන සම්ප‍්‍රදායක් පැවතියාද වග ගවේෂණය කළ යුතු කාරණයකි. ක‍්‍රි:පූ: 3වන සියවසයේදී ලක්දිව ලේඛන සම්ප‍්‍රදායක් සම්බන්ධයෙන් සෙල්ලිපි මූලාශ‍්‍රයගත කරුණු අනාවරණය කළද, මහාවංසය වැනි වංසකතාවල එන ඇතැම් සාධක අනුව ඊට ප‍්‍රථමයෙන් ලේඛන සම්ප‍්‍රදායක් පැවති බවට කරුණු හෙළි වේ. ඒ සඳහා සාක්‍ෂි කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.
‘‘විජය රජු ප`ඩි රජුගෙන් දියණියක ඉල්ලා ලිපියක් යැවීම’’
‘‘විජය රජුගේ ඇවෑමෙන් ලංකාවේ රාජ්‍යත්වයට සුදුස්සෙක් නොවු හෙයින් එය භාර ගන්නා ලෙස සොයුරු සුමිත්තට ලිපියක් යැවූ බව’’
‘‘පණ්ඩුකාභය කුමරුගේ මලනුවන් වූ අභය රජු විසින් රහස් ලිපියක් පණ්ඩුකාභය කුමරුට යවා ඇත.’’
‘‘දුටුගැමුණු නම් රජතුමෙක් අනාගතයේ රුවන්වැලිසෑය කරවන බව දේවානම්පිය තිස්ස රජු ශිලා ස්ථභයක ලියා තිබූ වග’’
මෙම කාරණා විමසීමේදී ඉතා පූර්ව යුගයේ පටන් සිංහල ලේඛන සම්ප‍්‍රදායක් පැවති බවට සාධක හමු වේ. ඒ අනුව ‘‘සමස්තයක් ලෙස ගෙන බලන කළ සිංහලයාගේ සම්භවය සෙවීමටත් වඩා සිංහල භාෂාවේ උපත සෙවීමට වඩාත් දුෂ්කර කාර්යක් බව වටහා ගත හැක.’’ කෙසේ නමුදු ලක්දිව ලේඛන සම්ප‍්‍රදායක් මුල් කාලයේ පටන් පැවති වග උක්ත සාධක මගින් විද්‍යමාන වේ. එහෙත් පුරාක්‍ෂර විද්‍යාඥයින්ට අනුව එය ප‍්‍රමාණවත් සාක්‍ෂි නොවේ. මන්ද යත් පුරාවිද්‍යාත්මක සාධක පිළිගැනීමට දෘශ්‍යමාන සාධක අවශ්‍ය හෙයිනි. පුරාක්‍ෂර විද්‍යාඥයින්ට අනුව ලක්දිව ලේඛන කලාවක මූලාශ‍්‍රයයන් හමු වන්නේ
තුන්වන සියවසෙන් හමුවන සෙල්ලිපිවලට අනුවය. බොහෝ විද්වතුන් පිළිගන්නා අකාරයට ලක්දිව මහින්දාගමනයෙන් පසු සිංහල බ‍්‍රාහ්මිය අක්‍ෂර ප‍්‍රභවය වූ බව විශ්වාස කෙරේ. ඒ වග මිහින්තලය, වෙස්සගිරිය ආදී ස්ථාන වලින් හමු වූ සෙල්ලිපි වලින් ප‍්‍රත්‍යක්‍ෂ වේ. භාරතීය අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ට ලක්දිව එම අක්‍ෂර රූප (සංකේත* සාම්‍යත්වයක් දක්වන බව සෙල්ලිපි අධ්‍යයනය කිරීමේදී ප‍්‍රකට වේ. ඒ අනුව මෙතැන් පටන් අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර හා ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර අතර සමවිෂමතා අධ්‍යයනයට ප‍්‍රමුඛතම අවධානයක් යොමු කරනු ලබයි.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාව හා ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සමවිෂමතා
ලක්දිව අංග සම්පූර්ණ රාජ්‍යයක් වන්නේ බුදුසමයේ ආගමනයත් සමගය. ‘‘ලංකාවේ අක්‍ෂර කලාව පිළිබඳවද නිශ්චිතව වූ පුරාවිද්‍යාත්මක සාධක ලැබෙන්නේ ලංකාවට බුදු දහම සම්ප‍්‍රාප්ත වීමෙන් අනතුරුවය’’ එනම් දේවානම් පියතිස්ස රජ දවස මහින්දාගමනයත් සම`ගය. ඒ බැව් මොනවට ප‍්‍රත්‍යක්‍ෂ වන තත්කාලීන අක්‍ෂර කලාව ‘‘මිහින්තලේ හා වෙස්සගිරිය ආදී’’ ස්ථානවල ඇති සෙල්ලිපි මගින් අදටද විද්‍යමාන වේ. එසේ රචිත සෙල්ලිපි අක්‍ෂරවල විමසීමේදී ලක්දිව බ‍්‍රාහ්මීය අක්‍ෂර බොහෝ සෙයින් නෑකම් කියන්නේ භාරතයේ අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර සඳහාය. එම අක්‍ෂර මාලා දෙක වෙන වෙනම මෙලෙස දැක්විය හැකිය.
අශෝක බ‍්‍රාහා්මීය අක්‍ෂර මාලාවේ ස්වර :
අ ආ ඉ ඊ උ එ ඓ ඔ ඖ අං
ලංකා බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ ස්වර :
අ ආ ඉ උ ඌ එ ඔ
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ ව්‍යඤ්ජන ලංකා බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ ව්‍යඤ්ජන
ක ඛ ග ඝ ඞ ක ඛ ග ඝ
ච ඡු ජ ඣ ඤ ච ඡු ජ ඣ
ට ඨ ඩ ඪ ණ ට ඨ ඩ ඪ ණ
ත ථ ද ධ න ත ථ ද ධ න
ප ඵ බ භ ම ප ඵ බ භ ම
ය ර ල ව ය ර ල ව
ශ ෂ ස හ ළ ශ ෂ ස හ ළ
ලක්දිව අක්‍ෂර කලාවට සාක්‍ෂි සපයන ප‍්‍රධානතම මූලාශ‍්‍රය වන්නේ ශිලාලේඛනයන්ය. ‘‘දේවානම් පියතිස්ස රාජ සමයට අයත් මිහින්තලේ හා පිච්චන්දියාව ශිලාලිපි දැනට ලැබී ඇති පැරණිතම ශිලාලේඛනයන්ය.’’ එලෙස ආරම්භ වූ ශිලාලේඛන සම්ප‍්‍රදාය කෙතරම් දියුණුවීද යත්, එම කාල පරිච්ෙඡ්දය තුළ ශිලාලේඛන දහස ඉක්මවා රචනා කර ඇත. එහිදී රජවරුන් භික්‍ෂුන්ට යම් යම් ගල් ගුහා ප‍්‍රදානය කිරීම, වෙහෙර විහාර ඉදිකිරීම යන ස්ථානවල රචනා කර ඇත. එම ශිලා ලේඛනවල එන අක්‍ෂර මාලාව විහගාක්‍ෂියෙන් විමර්ශනය කිරීමේදී අශෝකාක්‍ෂර හා සාම්‍යක් ඇති බව පළට වේ. ඒ අනුව ලංකාවේ බ‍්‍රාහ්මීයඅක්‍ෂර හා අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර සැසදීමේදී දක්නට ලැබෙන සමාන අසමානතා මෙලෙස වෙන වෙනම දැක්විය හැකිය.
අ- අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ගේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ගේ ‘අ’ අක්‍ෂරය සාම්‍යතා ලක්‍ෂණ උසුලයි. අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ ‘අ’ අක්‍ෂරයේ ප‍්‍රධාන රූප 3කි.
01. - මෙම ලක්‍ෂණය ඇති අක්‍ෂර ‘‘ගිරිනාර්, ධෞලි, කල්සි’’ ශිලාලිපිවල දැකගත හැකිය.
02. -මෙම ලක්‍ෂණය ඇති අක්‍ෂර ‘‘ගිරිනාර්, ජෞගධ’’ ශිලාලිපිවල දැකගත හැකිය.
03. -මෙම ලක්‍ෂණ ඇති අක්‍ෂර ‘‘රූපනාත් බ‍්‍රහ්මගිරි’’ ශිලාලිපිවල දැකගත හැකිය.
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්හි ‘අ’ අක්‍ෂරය අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර හා සාම්‍යතාවක් දැක්වූවද විශේෂ වෙනසක් දක්නට ලැබේ.
01
02
ඒ අනුව අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ගේ ‘අ’අක්‍ෂරය හා ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ගේ ‘අ’ අක්‍ෂරය භාවිත වී ඇත්තේ මෙලෙසිනි.
‘‘ අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-: ’’
මෙම`ගින් අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ ‘අ’ අක්‍ෂරයේ සමාන අසමානතා හඳුනා ගත හැකිය.
ඉ- අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ගේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ගේ ‘ඉ’ අක්‍ෂරය යෙදීම තුළ යම් විවිධත්වයක් හෙවත් සංදිග්ධතාවක් ඇත.
1 2 3 4
මෙම ලක්‍ෂණ ඇති අක්‍ෂර ‘‘දිල්ලි, මිරාට්, දිල්ලි තොපා’’ යන ස්ථානවල ඇති ශිලාලේඛනවල දැකගත හැකිය. එහෙත් ලංකාවේ ශිලා ලේඛනවල හාත්පසින්ම වෙනස් ආකාරයේ ‘ඉ’ අක්‍ෂරයක් භාවිත වී ඇත. මෙම ලක්‍ෂණය ඇති අක්‍ෂර ‘‘පුලියන්කුලම, නුවරකන්ද’’ ස්ථානවල ඇති ශිලා ලේඛනවලින් ප‍්‍රකට වේ.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
මෙම`ගින් අක්‍ෂර මාලා දෙකෙහිම ‘ඉ’ අක්‍ෂරයෙහි විවිධත්වය මොනවට විද්‍යමාන වේ.
උ - අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ගේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ගේ ‘උ’ අක්‍ෂරයෙහි සමානතාවක් දක්නට ලැබේ.
‘‘අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-: (මේපූර්වා, රුම්මින්දෙයි*
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-: ’’
එ - අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්හි ‘එ’ අක්‍ෂරය ත‍්‍රිකෝණාකාර ස්වරූපයක් උසුලයි. අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ ‘එ’ අක්‍ෂරයේ ස්වරූප තුනක් දැක ගත හැකිය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර ‘‘ගිරිනාත්, ජෞගඩ’’ ශිලා ලේඛනවල දැකගත හැකිය. ලංකාවේ දිස්වන ‘එ’ අක්‍ෂරයද ඒ අනුව සම්පූර්ණයෙන්ම අශෝක අක්‍ෂරවල ‘ඉ’ අක්‍ෂරය හා සමානත්වයක් උසුලයි.
ඔ- අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ ‘ඔ’ අක්‍ෂරය මුළුමනින්ම සමානය. අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ මෙම අකුර ඉතා විරලව යෙදී ඇති නිසා විවිධ රූප අතිශයින් අඩුය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ ස්වරයන්හි සමවිෂමතා යථෝක්ත විස්තර කිරීම තුළ වටහා ගත හැකිය.
ක- අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ ‘ක’ අක්‍ෂරය බොහෝ සෙයින් සමානය. අක්‍ෂර මාලා දෙක තුළම ‘ක’ අක්‍ෂරයේ සමානතා රූප තුනක් දැක ගත හැකිය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරවල ‘ක’ අක්‍ෂරය පිළිවෙලින් ‘‘ගිරිනාර්, රුම්මින්දෙයි’’ යන ස්ථානවල ඇති ශිලාලේඛන මගින් සාක්‍ෂි සැපයේ.
ලක්දිව සෙල්ලිපිවල ‘ක’ අක්‍ෂරය පිළිවෙලින් ‘‘මිහින්තලය, පුලියන්කුලම, නුවරකන්ද’’ යන ප‍්‍රදේශවල දැකගත හැකිය.
ඛ- අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ ‘ඛ’ අක්‍ෂරය බොහෝ සෙයින් සමානය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ග- අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ ‘ග’ අක්‍ෂරය බොහෝ සෙයින් සාම්‍යය. අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර තුළ ‘ග’ සංකේත 4ක් දැක්වෙන අතර ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂරවල ‘ග’ අක්‍ෂර රූප දෙකක් දැකගත හැකිය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ඝ- ‘ඝ’ අක්‍ෂරය අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ එකම ක‍්‍රමයෙන් රචනා වී ඇත.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
‘‘එහෙත් අශෝන අක්‍ෂර මාලාවේ සුලභව දක්නට ලැබෙන වක‍්‍රාකාර ස්වරූපය නොව කෝණාකාර මෙම ස්වරූපයයි.’’
ච- ‘ච’ අක්‍ෂරයද අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ බෙහෙවින් සමානය. අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර තුළ එහි අක්‍ෂර රූප තුනක් පමණ දක්නට හැකිය. එය රුම්මින්දෙයි, නිගාලිසාගර්, රාම්පූර්වා, බ‍්‍රහ්මගිරි, ගිරිනාර් ආදි ස්ථානවල ඇති ශිලා ලේඛනවලින් ප‍්‍රත්‍යක්‍ෂ වේ. ලකදිව ‘ච’ අක්‍ෂරය පෙරියපුලියන්කුලම, එරුපොතාන, මිහින්තලය ආදි ස්ථානවල ඇති සෙල්ලිපිවලින් බහුලව දැකගත හැකිය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ඡු- ච’ අක්‍ෂරයද අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සාම්‍යතාවක් දෘශ්‍යමාන වේ. එහෙත් ලක්දිව ශිලාලේඛනවල ‘ඡු’ අක්‍ෂරය යෙදී ඇත්තේ ඉතා අල්පවයි. මෙම අක්‍ෂර ලක්දිව දුර්ලභ වීමට ප‍්‍රධාන වශයෙන් හේතු සාධක වූවේ ප‍්‍රකෘත සිංහල හා පුරාතන යුගවල මහප‍්‍රාණ අක්‍ෂර අතිශයින් දුර්ලභ වූ හෙයිනි.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ජ- අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ ශිලා ලේඛනවල බහුලව යෙදී ඇත්තේ අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ගේ ‘ජ’ අක්‍ෂරයේ ‘ ’ මෙම සංකේතයයි. ඒ අනුව එම අක්‍ෂරයද මෙම අක්‍ෂර මාලා දෙක තුළ සාම්‍යත්වයක් උසුලයි.
ඣ- අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ ‘ඣ’ අක්‍ෂර ස්වරූප දෙක එම ආකාරයෙන්ම ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ දැක ගත හැකිය.
‘‘අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-: ’’
ඤ- අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ ‘ඤ’ අක්‍ෂර ස්වරූප දෙකක් නිරූපණය වේ. අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේද මෙය දක්නට ලැබෙන්නේ ඉතා දුර්ලභවයි.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
මෙම අක්‍ෂර ‘‘ගිරිනාර්, බ‍්‍රහ්මගිරි’’ ස්ථානවල දැකගත හැකිය. ‘‘මෙතෙක් ප‍්‍රකාශයට පත්ව ඇති බ‍්‍රාහ්මීය යුගවලට අයත් ලංකාවේ ශිලාලිපිවල එක් තැනක ‘ඤ’ අක්‍ෂරය දක්නට ලැබේ.’’
ට- ‘ට’ අක්‍ෂරයද අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ මුළුමනින්ම සමානය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ඨ- ‘ඨ’ අක්‍ෂරයද අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සමානය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
එම යුගයේ ලක්දිව මහප‍්‍රාණ අක්‍ෂර බහුලව නොයෙදුණු නිසාවෙන් ‘ඨ’ අක්‍ෂරය අපට දැකගත හැකි වන්නේ ස්ථාන පහක පමණි.
ඩ- ‘ඩ’ අක්‍ෂරය අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ රූප තුනක යෙදී ඇත. එම රූප තුනෙන් මුල් ස්වරූපය ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ දැකගත හැකිය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
‘ඩ’ අක්‍ෂරයද අක්‍ෂර මාලා දෙක තුළ සාම්‍යක් උසුලන බව ඉන් ප‍්‍රත්‍යක්‍ෂ වේ.
ඪ- අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරවල ‘ඪ’ අක්‍ෂරය බහුලව යෙදී නොමැත. ‘‘අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සුලභව නොයෙදුණු මෙම අක්‍ෂරයේ විවිධතාද අල්පයි. අශෝකගේ නිගලිසගර්, ගිරිනාර්4, දිල්ලි තොපා ආදී ලිපිවල මෙම අක්‍ෂර දක්නට ලැබේ.’’ ලංකාවේ මෙම අක්‍ෂර දක්නට ලැබෙන්නේ තෝනිගල සෙල්ලියේ පමණි.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ණ- ‘ණ’ අක්‍ෂරයද අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාව සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාව සංසන්දනාත්මකව බැලීමේදී සමානය. එහෙත් මෙහිදී අපට හමුවන සුවිශේෂීත්වය වන්නේ ලක්දිව ශිලා ලිපිවල ‘ණ’ අක්‍ෂරයේ සංකේත තුනක් දකණට ලැබීමයි.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ත- ‘ත’ අක්‍ෂරයද අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සමානතාවක් ඇත. එසේම අක්‍ෂර මාලා දෙකෙහිම ඒ සඳහා සංකේත හතරක් දැකගත හැකිය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ථ- ‘ථ’ අක්‍ෂරයද අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ බෙහෙවින් සමානය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ද- අශෝක අක්‍ෂර මාලාවේ ‘ද’ අක්‍ෂරය සඳහා සංකේත හතරක් පමණ භාවිත කර ඇත. ඒ සඳහා ලක්දිව සංකේත තුනක් භාවිත කර ඇත. මෙම සංකේත සංසන්දනාත්මකව බැලීමේදී ඒ තුළ සාම්‍යක් ඇති බව දැකගත හැකිය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ධ- අක්‍ෂර මාලා දෙකෙහිම ‘ධ’ අක්‍ෂරය යෙදී ඇත්තේ මෙලෙසිනි.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
මේ තුළ සාම්‍යයක් මිස විවිධත්වයක් දක්නට නොලැබේ. ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර තුළ ‘ධ’ අක්‍ෂරය බහුලව යෙදී ඇත.
න- අක්‍ෂර මාලා දෙක තුළ ‘න’ අක්‍ෂරය ඉතා සුලභව දැකගත හැකි අතර එම අක්‍ෂරයන් තුළද ඇත්තේ සාම්‍යයකි.
‘‘අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-: ’’
ප- ‘ප’ අක්‍ෂරයද අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සමානය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-: (රාම්පූර්වා, නිගලීසගර් ස්ථානවල*
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-: (මිහින්තලේ, පුලියන්කුලම, බඹරගස්ගලාව*
ඵ- ‘‘ලංකාවේ බ‍්‍රාහ්මීය ලිපිවල එන මෙම අක්‍ෂරය අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ට සමාන වුවද, අතිශයින් දුර්ලභය.’’ ‘ඵ’ අක්‍ෂරය අපට දැකගත හැකි වන්නේ ‘‘වැලියාය’’ ප‍්‍රදේශයේ ඇති ශිලා ලේඛනකිනි.
බ- ‘බ’ අක්‍ෂරයද අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සමානතාවක් දක්නට ලැබේ.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
මෙම සංකේත අතර ලංකාවේ අක්‍ෂර තුළ යම් යම් විශේෂයක්ද දක්නට ලැබේ. ඇතැම් විට ඒවා ලේඛනයේදී ඇති වූ වෙනස්කම් විය හැකිය.
භ- අශෝකාක්‍ෂරවල එන ‘භ’ අක්‍ෂරය හා ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ එන ‘භ’ සංකේතය තුළ යම් යම් විවිධත්වයන් දැකගත හැකිය. එහෙත් එය එකිනෙකට වෙනස් වන විෂමතාවන් නොවේ.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ම- ‘ම’ අක්‍ෂරය සම්බන්ධයෙන් අක්‍ෂර මාලා දෙක තුළ යම් සංදිග්ධතාවක් දක්නට ඇත. අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ බහුලව භාවිත වී ඇත්තේ මෙම ස්වරූපයයි. එහෙත් ලක්දිව භාවිත වූ ස්වරූප අශෝකාක්‍ෂර තුළ දක්නට නොලැබේ. මෙම අක්‍ෂර අශෝක යුගයට සමගාමීව පාණ්ඩ්‍ය දේශයේ ‘‘මධුරා, ත‍්‍රිචිනාපොලි තින්නවේදී ගුහා ආශි‍්‍රත කුඩා බ‍්‍රාහ්මී ලිපි තුළ දක්නට ලැබේ.’’ මෙම`ගින් මහින්දාමනයට පෙර යම් අක්‍ෂර ක‍්‍රමයක හුරුවක් ලක්දිව පැවති බවට සාක්‍ෂි සැපයේ.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ය- ‘ම’ අක්‍ෂරය සම්බන්ධයෙන්ද අක්‍ෂර මාලා දෙක තුළ යම් සංදිග්ධතාවක් දක්නට ලැබේ.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
අශෝක අක්‍ෂරවල ‘ය’ අක්‍ෂරය තුළ අර්ධ කව දෙකක් දක්නට ලැබුනද ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂරවල ලම්බකාර රේඛාවක අර්ධ වක‍්‍රයක් ලෙස ‘ය’ අක්‍ෂරය භාවිත වී ඇත.
ර- ‘ර’ අක්‍ෂරය අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්හි රුළි සහිත ලම්බක ස්වරූපයක් ලෙසින්ය. විශේෂත්වය වන්නේ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂරන්හි ‘ර’ කාරයේ රුළි බහුල නොවීමයි. ඊට අමතරව අක්‍ෂර මාලා දෙක තුළම ‘ර’ අක්‍ෂරය සඳහා ඝෘජු රේඛාවක සංකේතයක්ද භාවිත කර ඇත.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ල- ‘ල’ අක්‍ෂරය අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සමානය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ව- ‘ව’ අක්‍ෂරය අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ හාත්පසින් සමානය.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
‘‘වෘත්තය වෙනුවට සමචතුරස‍්‍රයට ඉහළින් කෙටි ඉරක් යෙ¥ මෙම ස්වරූපය බුද්දන්ගල ලිපියේ දක්නට ලැබේ. ඒවා ලේඛක විවිධත්වයක් ලෙස සැලකිය හැකිය.’’
ශ- අක්‍ෂර මාලා දෙක තුළ සංදිග්ධතා පැනෙන තවත් අක්‍ෂරයක් ලෙස ‘ශ’ අක්‍ෂරය හැඳින්විය හැකිය. අශෝක අක්‍ෂරවල මෙම අක්‍ෂරය යෙදී ඇත්තේ දුර්ලභවයි. ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්හි මෙම අක්‍ෂරය අශෝකාක්‍ෂරයන්හි ස්වරූපයට හාත්පසින් වෙනස් ආකාරයෙන් නිරූපය වී ඇත.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ෂ- අක්‍ෂර මාලා දෙක තුළ ‘ෂ’ අක්‍ෂරය සංකේතාත්මකව සමාන වුවද, එම අක්‍ෂර යෙදී ඇත්තේ ඉතාම දුර්වලවයි.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලක්දිව මෙම අක්‍ෂරය රිටිගල, අ`ඩිගල ලිපිවල පමණක් දක්නට ලැබේ.
ස- ‘ස’ අක්‍ෂරය අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ තවත් සමාන අක්‍ෂරයකි.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
හ- අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
‘හ’ අක්‍ෂරයද අක්‍ෂර මාලා දෙකෙහි සමානය. එහෙත් ලක්දිව දක්නට ලැබෙන්නේ අශෝකාක්‍ෂරවල ස්වරූපය නොව මෙම ස්වරූපයයි.
ළ- ‘ළ’ අක්‍ෂරය සම්බන්ධයෙන් විවිධ මතවාද දක්නට ලැබේ.
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
සමස්ත අක්‍ෂර මාලා දෙක සංසන්දනාත්මකව විමසීමේදී එම අක්‍ෂර මාලා තුළ සමානත්වයකින් යුක්ත බව මොනවට පසක් වේ. ‘‘පොදුවේ ගත්කල අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර හා ලංකාවේ බ‍්‍රාහ්මීය ශිලාලේඛනවල එන බ‍්‍රාහ්මීය අක්‍ෂර අතර දැඩි සාම්‍යයක් පවතී. එහෙත් මෙම සාම්‍ය ඉ, ම, ය, ශ, යන අක්‍ෂරවල දක්නට නැත.’’ ඒ අනුව අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර හා ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර තුළ ඇති ප‍්‍රධානතම විෂමතාවය දක්නට ලැබෙන්නේ ඉ, ම, ය, ශ යන අක්‍ෂරයන්ගේය. එම විෂමතා අප සාකච්ඡුා කළ මාතෘකාවේ ප‍්‍රධානතම ධාරණාවයි.
කෙසේ වෙතත් ලක්දිව ප‍්‍රචලිත බ‍්‍රාහ්මීය අක්‍ෂර සමීපව කියවීමේදී ඒ සඳහා අනුභූති වී ඇත්තේ අශෝකාක්‍ෂර බව විවාදයෙන් තොරව පිළිගත යුත්තකි. යම් යම් අක්‍ෂරයන්හි සුළු සුළු විෂමතා දක්නට ලැබුනද එම වෙනස් වීම් ලේඛක විවිධත්වය හේතු කොට ගෙන සිදුවන්නට ඇත. එනම් පාශණයක කුඩා සියුම් අකුරක් කෙටීම ඉතා අපහසු කාර්යකි. එම නිසාවෙන් එසේ රචනා කරන අකුරුද නැවත මකා ප‍්‍රකෘර්ති තත්ත්වයට පත් කරගත නොහැකිය. ඒ අපහසුතාව අක්‍ෂර තුළ සුළු සුළු වෙනස්වීම් ඇතිකරවීමට බලපාන්නට ඇත. එම සුළු වෙනස්වීම් හැර අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර හා ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර තුළ දක්නට ලැබෙන ප‍්‍රධානතම වෙනස නම් ඉ, ම, ය, ශ යන අක්‍ෂරයන්ගේ සංදිග්ධතාවයි. එය මෙලෙස සුපැහැදිලිව දැක්විය හැකිය.
ඉ ම ය ශ
අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර-:
එහෙත් මෙහි ඇති සුවිශේෂීම කාරණය වන්නේ අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරවල දක්නට නොලැබෙන ඉ, ම අක්‍ෂර දෙක ‘‘දකුණු ඉන්දියවේ මධුරා, ත‍්‍රිචිනාපොලි, තින්නවේලි ප‍්‍රදේශවලින් සොයාගෙන ඇති ශිලා ලේඛනවල දක්නට ලැබේ. පුරාක්‍ෂර විද්‍යාඥයෝ එම ඉ,ම අක්‍ෂර රූප ඇති ස්ථාන තුනක් ඇතිබව විද්වතුන් පවසයි.
01. දකුණු ඉන්දීය පාණ්ඩ්‍ය දේශයට අයත් ත‍්‍රිචිනාපොලි, මධුරා හා ත‍්‍රිචිනවේලි ගුහාලිපි
02. ලංකාවේ මුල්ම බ‍්‍රාහ්මීය ගුහාලිපි
03. අරිකමේඩු ප‍්‍රදේශවලින් හමුවූ මැටි බ`දුන්වල ඇති අකුරු වශයෙනි.’’
එසේම අශෝක අක්‍ෂර මාලාවේ ඇති ‘ය’ අක්‍ෂරය ලංකාවේ ස්වරූපය හා එක්වතාවක් පමණක් දක්නට ලැබීමද ගැටුළුවකි. එසේම ‘‘ශ’’ අක්‍ෂරයද අක්‍ෂර මාලා දෙක තුළ පැහැදිලි විවිධත්වයකින් සමන්විතය. එපමණක් නොව ‘ළ’ අක්‍ෂරයද වෙනසක් ඇති බව සංසන්දනාත්මකව බැලීමේදී ප‍්‍රකට වේ. මෙම සමස්ත කාරණා අධ්‍යනය කිරීමේදී සුවිශේෂී ධාරණාවක මං පෙත් විවර වෙයි. එනම් මහින්දාගමනයට පූර්වයේ පටන් ලක්දිව බ‍්‍රාහ්මීය අක්‍ෂ භාවිත වීමයි. ‘‘බ‍්‍රාහ්මීය අක්‍ෂර අශෝක යුගයට පෙර සිටම ඉන්දියාවේ භාවිත වූ බව ජී බියුලර් මහතා පවසයි.’’ එහදී අප යොමු කරන ප‍්‍රස්තුතය නිවැරදි බව පැහැදිලි වේ. මෙම`ගින් මහින්දාගමනයට පෙර සිටම ඉන්දියාව සමග ස`බදතා පැවැත්වූ බව පැහැදිලි වේ. අවසාන වශයෙන් ප‍්‍රාග් මහින්ද යුගයේ අක්‍ෂර මාලාවක් ලක්දිව පැවති වග අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සමවිෂමතා අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ.
අවසාන වශයෙන් ජේ.බී දිසානායක මහතා භාෂාවේ ප‍්‍රභවය සම්බන්ධයෙන් දක්වන පැහැදිලි කිරිම මේ සඳහා අගනේය. එතුමා පවසන්නේ භාෂාව උපදින්නේ ඇමීබාවෙකු විලසින් බවයි. එනම් ඇමීබාවා උපදින්නේ එක් එක් ඇමීබාවාන් දෙකඩ වීමෙනි. නැතහොත් බිත්තර හෝ මව්කුස තුළ හැඩෙමින් වැඩෙමින් නොවේ. ‘‘භාෂාවක් උපදින්නේ එක් බසක් දෙකඩ වන්නාක් සෙයිනි. භාෂාවක් දෙකඩ වන්නේ කෙසේද? එක් බසක් කතා කරන පිරිසක් දෙතැනක පදිංචියට යෑමෙනි.’’ අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර දෙකඩ වීමෙන් සිංහල බ‍්‍රාහ්මීය අක්‍ෂර ඉපදුන අතර ඉන්දියාවෙන් වෙන්ව වෙනම සිංහල අක්‍ෂර මාලාව වැඩෙන විට ක‍්‍රමයෙන් වෙනස් වේ. ඒබ ව වර්තමාන සිංහල අක්‍ෂර මාලාව විමසීමේදී පසක් වේ.
භාෂාවක් වනාහි බොහෝ කාලයක පටන් කෙමෙන් කෙමෙන් ටිකෙන් ටික වර්ධනය වී විකාශය වූවකි. එය ඉතාමත් හෙමින් සිදු වන්නකි. භාෂාවක් ලේඛනයෙන් භාෂණයෙන් පරිපූර්ණවත් වන්නට වසර දහස් ගණනක් ගත වේ. සිංහල භාෂාවද එසේ විකාශය වූවකි. එහෙත් සිංහල භාෂාවේ මූල භාෂාව සෙවීම ඉතාමත් අපහසු කාර්යකි. සිංහල අක්‍ෂර මාලාවද කෙලෙස කෙදිනක, කොතනින් ඉපදුනාදැයි පැවසිය නොහැක. එහෙත් ක‍්‍රි:පූ 03වන සියවස වන විට ලක්දිව භාවිත වූ ලේඛන කලාව නෑකම් කියන්නේ අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ට බව එම අක්‍ෂර මාලා සංසන්දනාත්මකව බැලීමේදී තහවරු වේ. එහෙත් මෙම අක්‍ෂර මාලා දෙක තුළ සමතා මෙන්ම විෂමතාද දැකගත හැකිය. මෙහිදී යථෝක්ත සාධක මත අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සහ ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂර මාලාවේ සමවිෂතා කවරේද වග විමසා බලන ලදී. එහිදී සමතා බහුලව දැක ගත හැකිවිය. එහෙත් විෂමතා දැකගත හැක්කේ ඉතා අල්පවයි. එය ඉ, ම, ය, ශ යන අක්‍ෂරයන්හි නිරූපණය විය. ඒ අනුව මෙම නිබන්ධය ම`ගින් ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්හි සහ අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්හි සමවිෂමතා කවරේදැයි අධ්‍යයනය කෙරිණි. ඒ අනුව ලංකාවේ බ‍්‍රාහ්මීය අක්‍ෂරයන් බිහිවීමේදී ඒ සඳහා අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්හි සෙවන නිබඳව ලැබුණු බව උක්ත නිබන්ධය ම`ගින් විද්‍යමාන විය. එහිදී සමතා මෙන්ම විෂමතා වෙන වෙනම පැහැදිලිව යථෝක්තව අධ්‍යයනය කෙරිණි.
ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය
ප‍්‍රාථමික මූලාශ‍්‍රයෝ
මහාවංසය. (සංස්.*. පොල්වත්තේ බුද්ධදත්ත හිමි, ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1959.
සංක්‍ෂිප්ත ලංකා ඉතිහාසය. (එච්. ඩබ්. කොඞ්රිංටන්* (සංස්.*. කේ. එස් සෙනෙවිරත්න, ලංකා ආණ්ඩුවේ මුද්‍රණය, 1961.
ද්විතීක මූලාශ‍්‍රයෝ
අමරවංශ හිමි, කොත්මලේ . ලක්දිව සෙල්ලිපි, ඇම්. ඞී ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1969.
කරුණාරත්න, ඩබ්. ඇස් . සිංහල ශිලාලේඛන, ඇම්. ඞී ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1960.
ගුණවර්ධන, බන්ධුසේන . සිංහල අක්‍ෂර සම්භවය සහ එහි විකාශනය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 1996.
පඤ්ඤාසාර හිමි, ඔක්කම්පිටියේ , නිමල් මල්ල්ව ආරච්චි. සිංහල භාෂා විකාසය සහ ශිලා ලේඛන විමර්ශනය, කතෘ ප‍්‍රකාශනයකි, 2009.
පඤ්ඤාසාර හිමි, ඔක්කම්පිටියේ . සිංහල භාෂා විකාසය සහ භාරතීය ආභාසය, කතෘ ප‍්‍රකාශනයකි, 2007.
දිසානායක, ජේ. බී. . සිංහල අක්‍ෂර විචාරය, සුමිත ප‍්‍රකාශකයෝ, කළුබෝවිල, 2006.
ස`ගරා
සම්භාෂා 12, (සංස්.* මාදොවිට පඤාරාම හිමි, ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම, බත්තරමුල්ල, 2002.
කෝෂ ග‍්‍රන්ථ
සුමංගල ශබ්ද කෝෂය. 2, වැලිවිටියේ සෝරත හිමි, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 1999.
ඊමයකැරල ඨග ෂබාස්බ ච්කැදටර්චයහල දරසැබඒක ඊදදනි ඍැචරසබඑ ක්‍දචැර්එසදබල භැඅ ෘැකයසල 1980ග
ක්‍දාරසබටඑදබල ්‍යගඋල ඡු්ර්බ්ඩසඒබ්ල ීග ෑචසටර්චයස් ’ැහස්බසජ්ල 1932ග
්‍යමකඑ‘ිජයල ෑග ෂබිජරසචඑසදබි දෙ ්ිදන්ල ඩදක 1ල භැඅ ෑාසඑසදබල ෂබාදකදටසජ්ක ඊදදන ්‍යදමිැල ෘැකයස ඪ්ර්බ්ිසල 1969ල
ඡු්ර්බ්ඩසඒබ්ල ීග ෂබිජරසචඑසදබි දෙ ක්‍ැහකදබල ඩදක 1ල ඨදඩැරබපැබඑ චරසබඑසබටල ක්‍ැහකදබල 1970ග