Wednesday, December 11, 2013
හි`ගන්නා - කුමාරතුංග මුනිදාස
හි`ගන්නා - කුමාරතුංග මුනිදාස
හෙළ හවුලේ පුරෝගාමී කවියා වන කුමාරතුංග මුනිදාසයන්ගේ තවත් එක් ළමා පද්‍ය රචනයකි හි`ගන්නා නම් පද්‍ය රචනය. මෙහි පරමාර්ථය වන්නේ හි`ගන ජීවිතයක පවතින අසරණ භාවය හා දුක්ඛදායී භාවය යථාර්ථවාදී ව මතු කරන අතර ම ධනේශ්වර සමාජය සදය උපහාසයකට ලක් කීරීමයි. මේ සඳහා ඔහු හි`ගන්නෙකු තමාගේ ජීවිතය වෙළාගෙන ඇති ඛේදවාචකය පිළිබඳ කෙරෙන ආත්ම භාෂණයක් විෂය කර ගනී. හි`ගන්නා පිළිබඳ ළමා සිතෙහි අනුකම්පාවක් ඇති වන පරිදි නිර්මාණය කිරීමට කවියා උත්සුක වන සෙයක් පෙනේ.
කවියා පද්‍ය නිර්මාණයට ප‍්‍රවේශ වන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් යුතු ව ය. ආරම්භයේ දී ම කවියා හි`ගන්නාගේ ජීවිතය වෙළා ගෙන ඇති අසරණ භාවය හා හුදෙකලා භාවය ධ්වනිත කරයි.
‘‘නැත මා රකිනා මවක් පියෙක්,
නැත නෑදෑ හිතවත් කෙනෙක් කිසිත්.
අඳුරු යි මුළු ජීවිතේ ම-ගේ,
වෙන නෑ මා වැනි කාලක්න්නියෙක්. ’’
හි`ගන්නාගේ ජීවිතයේ පිහිට පිණිස වෙසෙන කිසිවෙක් නැත. පිළිසරණක් නැති හෙයින් ඔහු අසරණ ය. හිතවත් කෙනෙකු හෝ නැති හෙයින් හි`ගන්නාගේ මුළු ජීවිතය ම හුදෙකලා බවින් යුක්ත ය. පිහිටක් හෝ පිළිසරණක් නොමැති හෙයින් ම ඔහුගේ ජීවිතය අඳුරු ය. අඳුර යනු ශෝකයේ සංකේතයකි. හි`ගන්්නා විසින් කරනු ලබන ‘අඳුරු යි මුළු ජීවිතේ මගේ’ යන ඍජු ප‍්‍රකාශයෙන් හි`ගන්නාගේ ජීවිතයේ ඇති සෝචනීය ස්වභාවය පිළිබඳ හැ`ගීමක් රසිකයාට ඇති වේ. මෙකී ජීවිත ස්වභාවය හේතුවෙන් ම හි`ගන්නාට ඔහුගේ ජීවිතය පිළිබඳ පශ්චාත්තාපයක් ඇත. එම පශ්චාත්තාපය හේතුවෙන් ම ඔහු ‘වෙන නෑ මා වැනි කාලකන්නියෙක්’ ලෙස සිතයි.
හි`ගන්නාගේ ජීවිතය තිරිසනෙකුගේ ජීවිතයට ද වඩා දුක්ඛදායි වූවකි. ඒ හෙයින් ම හි`ගන්නා ‘තිරිසනුත් සැප සේ ම කල් ගෙවත්’ යනුවෙන් ප‍්‍රකාශ කරයි. මෙහි අපූර්ව වදන් භාවිතයක් හෝ කාව්‍යාලංකාර භාවිතයක් හෝ නැත ද හි`ගන්නා පිළිබඳ අනුකම්පාවක් සහෘද සිත්හි ඇති වේ. වරෙක රසිකයා කරුණ රසයෙන් යුතු වෙයි. හි`ගන්නාට අපාය ද මෙලොව ම ය. ඔහු ආභ්‍යන්තරික ව දැඩි සන්තාපයකට පත්වන බව ධ්වනිත කෙරෙන්නේ ‘ඇවිලෙන්නේ ගිනි දැල් පිටින් නො වේ’ යන ප‍්‍රකාශයෙනි.
හි`ගන්නාගේ ජීවිතයේ පවතින අසරණ භාවය අතිශයෝක්තියෙන් ප‍්‍රකාශ කිරීමට යාම හේතුවෙන් වරෙක හි`ගන්නා පිළිබඳ අනුකම්පාවකට වඩා පිළිකුලක් ඇති වේ. එවිට කරුණ රසය නොදැනුවත් ව ම බීභත්ස රසයක් බවට පත් කෙරේ. එවැනි අවස්ථා පද්‍ය නිර්මාණයේ අගය හීන කරයි.
‘‘එළාවා-දමතත් මෙමා දනන්
නිලමැස්සො මට ආදරේ කෙරෙත්.
හි`ගයෙක් පණුවන් හටත් ඇෙ`ග්
නැත, කෑමෙන් මට බත් පිඩක් නැතත්.’’
මිනිසුන් හි`ගන්නා එළවතත් නිලමැස්සන් හි`ගන්නාට ආදරය කරන බව පැවසීමෙන් හා හි`ගන්නාට කෑම නැතත් පණුවන් හි`ගන්නාගේ ශරීරක ආහාරයට ගන්නා බව කීම අතිශයෝක්තියකි. මෙම අතිශයෝක්තිය හේතුවෙන් හි`ගන්නා පිළිබඳ අනුකම්පාවකට වඩා ඇති වන්නේ පිළිකුලකි.
හි`ගන්නාගේ ආත්මභාෂණයන් තුළින් වරෙක හි`ගන්නගේ ජීවිතයේ ඇති අසරණ බව මතු කෙරෙන අතර ධනේශ්වර සමාජයේ ස්වභාවයන් ද මතු කෙරේ. ‘‘පොහොසත් මෙ ගමේම උන් නමුත් දෙ දිනක් නෑ ලැබුණේ සහල් මිටක්.’’ යනුවෙන් ධනේශ්වර සමාජයෙන් තමාට පිහිටක් නොලැබෙන බව කීම තුළින් ධනේශ්වර සමාජය උපහාසයකට ලක් වේ.
කවියා විසින් යොදනු ලබන ඇතම් උක්තීන් ම`ගින් පරමාර්ථයට හානිකර අදහස් මතුවන සෙයක් ද නිර්මාණයේ ඇත.
‘‘ලොව ගේ, අහසයි පියස්ස, මේ
පොළව යි මා ඇඳ, කොට්ට ගල් මුලූයි.
නො නිද-ගෙන ඉන්නේ මා ඉතින්
කිම මේ සා හොඳ දේ ඇතත්, අහෝ!’’
කවියාට මෙහි දී අවශ්‍ය ව ඇත්තේ හි`ගන ජීවිතයේ පවතින අසරණ භාවය මතු කිරීමට යි. ඒ සඳහා ඔහු නව්‍ය උපමා රූපක භාවිත කරයි. ලොව ගෙයකට ද අහස පියස්සකට ද පොළොව ඇඳකට ද ගල්මුල් කොට්ටවලට රූපක කරයි. හි`ගන්නාගේ පිහිට පිණිස පවතින්නේ ස්වභාව ධර්මය ම යි. එහෙත් එම උපමා රූපක යොදා ගෙන ‘නො නිදා ගෙන ඉන්නේ මා ඉතින් කිම මේ සා හොඳ දේ ඇතත්, අහෝ ’ යනුවෙන් කීම තුළින් මතුවන්නේ හි`ගන්නාගේ ජීවිතයේ ඇති අසරණ භාවයක් නොව අසීමිත නිදහසක් පිළිබඳ හැ`ගීමකි. පද්‍යයේ අවසානයේ ඇති ‘අහෝ’ යන වචනය නිදහසේ ඇති ව්‍යාජත්වය ප‍්‍රකාශ කළ ද එය හි`ගන්නාගේ ජීවිතයේ ඇති අසරණ භාවය ප‍්‍රකාශ කිරීමට සමත් වේ යැයි සිතිය නො හැකි ය.
‘‘කැරපන් වැඩ ගොස් හි`ගා නො කා
කිම? අත් පා නැතුවා ද? ඈ කියා
එළැවීම ඉතා ම පාසු වෙයි
‘‘වැඩ දෙන්නැ’’ යි කියුවත් වැඩක් නොදෙත්.
නිර්මාණයේ එන යථෝක්ත පද්‍යය වැනි බොහෝ පද්‍යයන් වාර්තාකථන ස්වරූපයක් දරයි. අදාළ කාරණය ප‍්‍රබල ව මතු කරන ස්වරූපයක් දැකීමට අසීරු ය. භාෂාව සරල වුව ද ධ්වනීපූර්ණ ගුණයෙන් හීන ය. කටවහර එලෙස ම භාවිත කළ ද එය නිර්මාණශීලි ලෙස භාවති කළ බවක් දැක ගත නො හැකි ය.
‘‘පොහොසත් මෙ ගමේම උන් නමුත්
දෙ දිනක් නෑ ලැබුණේ සහල් මිටක්.’’
‘‘පොහොසත් අය ගේ මුදල් දෙතොත්
ගරු නාමත් පදවිත් පතා-ගෙන යි.’’
‘‘පොහොසත්තු නම් නො දෙත්.’’ වැනි ප‍්‍රකාශ තුළින් ධනේශ්වර සමාජය ප‍්‍රබල උපහාසයකට ලක් කෙරේ. දිළින්දන් පමණක් දෙන බවත් පොහොසතුන් නොදෙන බවත් කීම තුළින් පන්ති පරතරය පිළිබඳ හැ`ගීමක් මතු කෙරේ. පොහොසතුන් යමක් දෙතොත් ඒ දෙන්නේ ආත්මවාසි පිණිස බව ප‍්‍රකාශ කිරීම පොහොසතුන් පිළිබඳ කෙරෙන දැඩි විවේචනයකි. හි`ගන්නා ප‍්‍රකාශ කරන ‘එහෙයින් මම නම් ඔවුන් කෙරේ අනුකම්පාවට සිත් නමා සිටිම්’’ යන්න ධනේශ්වර සමාජයට එල්ල කරන ප‍්‍රබල සරදමකි. ධනේශ්වර සමාජය හි`ගන්නාගේ අනුකම්පාවට ලක් වන බව කීම උපහාසයකි.
පද්‍ය නිර්මාණයේ අවසානයේ කියවෙන ‘නොලැබෙන්නේ මගේ ම දොශයෙන්’, ‘ඔහු නම් මා වැනි වැන්න තැත් කෙරෙත්’, ‘දනයෙන් පෙර පින් බෙලෙන් ලැබූ පල ගන්නා හැටි දන්නේ නෑ ඔවුන්’ වැනි ප‍්‍රකාශ බෞද්ධාගමික දර්ශනයේ ආභාසය විශද කරවයි. කර්මය හා කර්ම ඵල පිළිබඳ සංකල්පය හි`ගන්නා දැන සිටී.
සමස්ත පද්‍ය රචනාව ම එක හා තුන යන විසම පාදයන්හි මාත‍්‍රා 14 බැගින් හා දෙක හා හතර යන සම පාදයන්හි මාත‍්‍රා 16 බැගින් ඇති ගී විරිතකින් රචනා කොට ඇත. කටවහර ඇසුරෙන් පෝෂණය වූ සරල බස් වහර ව්‍යාකරණානුකූල ලෙස හැසිරවීමට කවියා උත්සුක වී ඇති බවක් පෙනේ. කුමාරතුංගයන් හෙළ හවුලේ පුරෝගාමියා හේතුවෙන් ම හෙළ හවුලේ කවිවල දක්නට ලැබෙන ඇකාරය මිශ‍්‍ර හුදු හෙළ වහර මෙම නිර්මාණයෙහි ද ඇත. මෙහි ප‍්‍රබල කාව්‍යෝක්තීන් නොමැති හෙයින් හා භාෂාව හා රූපක ආදිය වාර්තාකථන ස්වරූපයක් දරන හෙයින් වරෙක මෙම නිර්මාණය ආඛ්‍යානයක ස්වරූපයක් ද දරයි. කෙසේ වතුදු මෙම නිර්මාණය ගැඹුරු විවරණයකින් යුතු ව සමාජය දෙස බැලීමට යොමු කරවන හා හි`ගන්නන් පිළිබඳ අනුකම්පා කළ යුතු බව මතු කෙරෙන රචනාවක් ලෙස අගය කළ හැකි ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment