Wednesday, December 11, 2013
මොරතොටවත පද්‍ය කාව්‍ය තුළින් හෙළිවන තත්කාලීන භික්‍ෂු සංස්ථාව
තෙවන පරිච්ෙඡ්දය
03. මොරතොටවත පද්‍ය කාව්‍ය තුළින් හෙළිවන තත්කාලීන භික්‍ෂු සංස්ථාව
03.1 භික්‍ෂු විනය හා ශාසනික ප‍්‍රතිපදා
බෞද්ධ ශාසනික ඉතිහාස කථනය තුළ හමුවන ප‍්‍රාථමික පරමාදර්ශී සමාජ සංස්ථාව ලෙසින් සංඝ සමාජය හඳුන්වාදිය හැකිය. සංඝ සමාජයේ මුල් රැුඳී පවතින්නේ බුදුන් වහන්සේ පහළ වූ භාරතීය සමාජ පසුබිම තුළය. සංඝ සමාජයේ නිර්මාතෘවරයා බුදුරජානන් වහන්සේය. උන්වහන්සේ විසින් සංඝ සමාජය නිර්මාණය කරන ලද්දේ තමන් විසින් අවබෝධ කරගත් ධර්මය ශ‍්‍රවණය කිරීමේ අභිලාසයෙන් තමා වෙත එළඹි ශ‍්‍රාවක එකතුවක් ලෙසිනි. සංඝ සමාජය වෙත මානවයන්ගේ ඇල්ම ඇතිවීම සඳහා බලපාන ලද හේතුව සුත්තනිපාතයේ මෙසේ සඳහන් වේ.
‘‘සමබාධොයං ඝරාවාසො රජසසායතනං ඉති
අබෙභාකාසොව පබබජජා ඉති දිසවාන පබබජි’’
ගෘහ වාසය කෙලෙසුන් සහිතය. කෙලෙසුන්ගෙන් පිරි තැනකි. පැවිද්ද සම්බාධ රහිත අභ්‍යවකාශය මෙන් හිස් තැනකි. යනාදි වශයෙන් සැලකීම හේතුවෙන් බොහෝ පිරිසක් සංඝ සමාජය වෙත ඇතුළත වූහ. ගෘහ වාසයේ ඇති සම්බාධ මොනවාද යන්න මජ්ක්‍ධිම නිකායේ සඳහන වන්නේ මෙසේය.
‘‘සො අපරෙන සමයෙන අපපංවා භොගකඛන්‍ධං පහාය මහනතංවා භොගක්‍ඛන්‍ධං පහාය අපපංවා ඤාති පරිවටටං පහාය මහනතංවා ඤාති පරිවටටං පහාය කෙසමසසු ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අචඡුාදෙත්‍වා අගාරසමා අනගාරියං පබබජජති.’’
(ගෘහස්ථ ජීවිතය හා සම්බන්ධිත දෘඪ බන්ධනයන්ට මග සලසන ලොකු කුඩා භෝගස්කන්ධයන් හා නෑදෑ අඹුදරුවන්, ඥාති හිතමිත‍්‍රාදීන් අතහැර කෙස් රැුවුල් බා කසට පැහැති වස්ත‍්‍ර හැඳ ගිහි ගෙයින් නික්ම පැවිදි වෙති.*
මෙබඳු ලෙසින් බන්ධනයන්ගෙන් විනිර්මුක්තව සංඝ සංස්ථාවට පිළිපන් මෙම පුද්ගලයෝ පොදුවේ සංඝ යන නාමයෙන් නැතහොත් භික්‍ඛු යන නාමයෙන් හැඳින්වූහ. බෝසතාණන් වහන්සේ දුෂ්කරක‍්‍රියා කරන සමයේ උන්වහන්සේගේ උපස්ථායකයන් ලෙස කටයුතු කළ කොණ්ඩඤ්ඤ, අස්සජී, වප්ප, භද්දිය, මහානාම යන පස්වග තවුසන්ගේ පැවිද්දත් සම`ගම සංඝ සමාජය ආරම්භ විය.
පස්වග මහණුන්ගෙන් ඇරඹි ස`ග සසුන ඉතා කෙටි කාලයක් තුළ විශාල පිරිසකගෙන් යුත් සමාජයක් බවට පත්වි විය. මොවුන්ගේ ඒකායන පරමාර්ථය වූයේ ජීවිතයේ යථාර්ථය අවබෝධකොට ගැනීමයි. මෙලෙසින් සංඝ සමාජයට ඇතුළත වූවන්ගේ මූලික පරමාර්ය වූයේ ගම් දනව් සිසාරා ලෝවැසියනට නිර්වාණය කරා ගමන් කරන මාර්ගය කියාදීමයි. තමන් විසින් අවබෝධිත විශ්ව යථාර්ථය මානව ප‍්‍රජාවට පැතිරවීමේ වාහකයන් ලෙසින් ධර්ම ප‍්‍රචාරය පිණිස මෙහෙවනු ලැබූ සංඝ සංස්ථාවේ ක‍්‍රියාකාරිත්වය හමුවේ දිනෙන් දින ක‍්‍රමිකව සංඝ සමාජය ප‍්‍රබල මානව සම්පතකින් සමන්විත සංවිධානයක් ලෙස ගොඩනැගෙන ආකාරය ත‍්‍රිපිටකාගත කරුණු ඇසුරෙන් මැනවින් තහවුරු වේ.
මහා පරිනිබ්බාණ සූත‍්‍රයේ ස`දහන් තොරතුරුවලට අනුව අවුරුදු 45ක් පමණ සත්වයනට සෙත් පිණිස ජීවිතය කැප කළ බුදුන් වහන්සේගේ නායකත්වය යටතේ ආරම්භ වූ භික්‍ෂු සමාජය උන්වහන්සේ පිරිනිවන්පාන සමය වනවිට මධ්‍ය ඉන්දීය ප‍්‍රදේශය පුරා සහ ඉන් ඔබ්බටත් විසිරී පැතිරී ගිය ප‍්‍රබලතම ස්වාධීන ස්වයං සේවා සංවිධානය ලෙසින් සංඝ සමාජය වර්ධනයට පත්ව තිබූ බැව් හඳුනාගත හැකිය. බුදුන් වහන්සේගේ ජීවන සමය තුළදී සංඝ සංවිධානය තුළ යම් යම් ගැටලූකාරී තත්වයන් පැනනැගී තිබූ නමුත් ඒවා ප‍්‍රබල ලෙස ව්‍යාප්තියට පත් නොවීය. එහෙත් බුද්ධ පරිනිර්වාණයත් සමගින් සංඝ සංස්ථාව තුළ විවිධ වියවුල්කාරී තත්වයන් නිර්මාණය වන අයුරු හඳුනාගත හැකිය. එකී ගැටලූකාරී තත්වයන්ගෙන් සංඝ සංස්ථාව සහ බුදුදහම සුරැුකීමේ අටියෙන් ශාසන භාරධාරී ප‍්‍රබල තෙරවරු ඒ ඒ අවස්ථාවලදී ධර්මසංගායනාවන් පැවැත්වීම තුළින් ගැටලූ සමතයකට පත් කර ගැනීමට සමත් වූහ.
එසේ පැවති ධර්මසංගායනාවන් අතුරින් ශ‍්‍රී ලාංකිකයන්ට අතිශය වැදගත් වන්නේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් හා ධර්මාශෝක මහරජතුමාගේ අනුග‍්‍රාහකත්වයෙන් පැවති තෙවන ධර්මගායනාවය. නිර්මල බුදුදහම ලංකාව ඇතුළු රාජ්‍යයන් නවයකට ව්‍යාප්ත කරන ලද්දේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එකල තම්බපණ්ණි නමින් හැඳින් වූ ලක්දිවට ධර්ම ප‍්‍රචාරය සඳහා වැඩම කරන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රධානත්වය දැරූ ධර්ම¥ත පිරිසකි. ලක්දිවට වැඩම කළ මෙම ධර්ම¥ත පිරිසේ පළමු ශ‍්‍රාවකයා වූයේ එවකට ලක්දිව රාජ්‍ය හෙබ වූ දේවානම්පියතිස්ස රජතුමාය. මිහිඳු මහාරහතන් වහන්සේ විසින් පවත්වන ලද ධර්මදේශනා ශ‍්‍රවනය කළ මෙරට ජනතාව කෙටි කාලයක් තුළ බුදුදහම කෙරෙහි පැහිදී බෞද්ධයෝ බවට පත්වූහ. මෙරට බුද්ධ ශාසනය ස්ථාපිත වීමට කුමක් කළ යුතුද යන්න රජතුමා මිහිඳු මහාරහතන් වහන්සේගෙන් විමසූ විට උන්වහන්සේ ප‍්‍රකාශ කරන ලද්දේ ලක්දිව මව්පියනට දාව මෙරටදී උපන් දරුවෙකු පැවිදි වී විනය හදාරා මෙරට ධර්මය දේශනා කරන තෙක් බුදුසසුන නොපිහිටන බවයි. ඒ අනුව රජතුමාගේ මුණුබුරෙකු වන අරිට්ඨ කුමරු පැවිදි දිවියට ඇතුළත් කරමින් මෙරට බුද්ධ ශාසනය ස්ථාපිත කිරීමට දේවානම්පියතිස්ස රජතුමා කටයුතු කළේය. මෙලෙස පැවිදි වූ අරිට්ඨ භික්‍ෂූන් වහන්සේගෙන් ලක්දිව සංඝ සංස්ථාව ආරම්භ විය.
මෙරට භික්‍ෂු සංස්ථාවෙහි ප‍්‍රාරම්භක අවධියේ සිට වර්තමානය දක්වා එහි ක‍්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී උන්නතීන් මෙන්ම අවනතීන්ද ඒ තුළ දක්නට ලැබේ. කෙසේ වෙතත් නිර්මල බුදුදහම අවිනෂ්ඨව පවත්වාගෙන යාමේදී ඇතැම් කාලපරිච්ජේද තුළ භික්‍ෂු සංස්ථාවට විවිධ අභියෝගවලට මුහුණ පාන්නට සිදු විය. මේ සඳහා විදේශීය ආක‍්‍රමණ, අන්‍යාගමික ක‍්‍රියාකාරිත්වයන්, රාජ්‍ය පාලකයා අන්‍යාගමිකයෙකුවීම, භික්‍ෂූන්ගේ ඇතැම් ක‍්‍රියාකලාපයන් ආදි කරුණු විශේෂ වශයෙන් බලපා ඇත. අරිට්ඨ භික්‍ෂූන් වහන්සේගේ සිට වර්තමානය දක්වා වූ කාලය අතරතුර යම් යම් සාධක හේතු කොටගෙන ලාංකේය භික්‍ෂු සංස්ථාවේ පරිහානිකර ලක්‍ෂණ ඉස්මතු විය. එසේ වුවත් ශාසනමාමක මහාතෙරවරු ඒ ඒ අවස්ථාවන්හිදී ක‍්‍රියාත්මක වෙමින් නිර්මල බුදුදහම හා මෙරට භික්‍ෂු සංස්ථාව ආරක්‍ෂා කර ගත්හ.
භික්‍ෂු සමාජයේ ඓතිහාසික විකාශනය සොයා බැලීමේදී පැහැදිලිවන එක් කරුණක් වන්නේ එය සර්වකාලීනව එකම ම`ගක ගමන්ගත් සංස්ථාවක් නොවූ බවයි. එය යුගයෙන් යුගයට සමාජ, ආර්ථික හා දේශපාලන පසුබිම හමුවේ විපරිණාමයට පත් වෙමින් විකාසනයට පත්විය. ලාංකේය භික්‍ෂු සංස්ථාවේ ව්‍යාප්තියට විශාල වශයෙන් අභියෝගයක් එල්ල වූ අවධියක් වශයෙන් මහනුවර යුගය හඳුන්වාදිය හැකිය. මහනුවර යුගයේ මෙරට භික්‍ෂූන්ගේ ක‍්‍රියා කලාපය පිළිබඳ තොරතුරු තත්කාලය තුළ රචනා වූ ලේඛනවලින් අනාවරණය කොටගත හැකිය. එම ලේඛනවලින් හෙළිවන තොරතුරුවලට අනුව භික්‍ෂූන්, භික්‍ෂු ජීවිතයේ මූලික පරමාර්ථවලින් තරමක් බැහැර වූ ආකාරයක් දක්නට ලැබේ. තත්කාලීන භික්‍ෂු සංස්ථාව පිළිබඳ නිවැරදි තොරතුරු එකල රචනා වූ ලේඛන ම`ගින් තහවුරු කොටගත හැකිය.
මහනුවර යුගයේ භික්‍ෂූන්ගේ විනය හා ශාසනික ප‍්‍රතිපදා කෙසේ ක‍්‍රියාත්මක වූයේද යන්න පිළිබඳ ප‍්‍රාමාණික තොරතුරු තත්කාලයේ රචිත ප‍්‍රශස්ති කාව්‍යයක් වන මොරතොටවත පද්‍ය කාව්‍යයෙන් හඳුනාගත හැකිය. මොරතොටවතට අමතරව වෙනත් ලේඛන තුළින්ද තත්කාලීන සංඝ සංස්ථාව පිළිබඳ කරුණු රැුසක් අනාවරණය වේ. තත් ලේඛනයන්ගෙන් හෙළිදරව් වන තොරතුරු මොරතොටවටතහි සඳහන් වන ශාසනික කරුණු සම`ග සන්සන්දනාත්මකව විමසීමෙන් ඒවායෙහි නිරවද්‍යතාව කෙසේදැයි තහවුරු කොටගත හැකිය.
ක‍්‍රි.ව. 1660 සිට 1679 දක්වා කාලය තුළ මෙරට රැුඳී සිටි රොබට් නොක්ස් නම් ඉංග‍්‍රීසිජාතික නැවියා විසින් එදාහෙළදිව නම් කෘතිය රචනා කිරීමේදී මහනුවර යුගයේ මුල්කාලීන භික්‍ෂු සංස්ථාව පිළිබඳ තොරතුරු රාශියක්ද ඉදිරිපත් කොට ඇත. මොහු විදේශිකයෙකු හෙයින් ඔහු විසින් දකින ලද දේ ඒ ආකාරයෙන්ම රචනා කරන්නට ඇත. රොබට් නොක්ස්ට අනුව තත්කාලීන භික්‍ෂු සංස්ථාව කෙසේ ක‍්‍රියාත්මක වූයේද යන්න පහත ප‍්‍රකාශයෙන් පැහැදිලි වේ.
‘‘.......යහපත් ගති ගුණ ඇති වැ වැඩුණු, දැන උගත් කම් ඇති කුල දරුවන් විනා අන්‍යයෝ ස්ථවිර පරම්පරාවට ඇතුළු නොවෙති. එවැනි සුදුසු කමින් යුතු බොහෝ දෙනෙක් එයට ඇතුළු වී සිටිති. මහණ වුණු පමණෙකින් මැ තෙර පදවිය නොලැබේ. මුළු රටේම තෙරුන්නාන්සේලා තුන් හතර නමකට වැඩිය නැති. ඔහු සංඝ ගණයා කෙරෙන් තෝරා ගත් කැරැු ගත්තෝ වෙති. ඔහු ලොකු ආදායමක් ලබති. අන් හැම පූජකයන්ට මැ නායක වෙති, රජු විසින් පත් කරනු ලැබූවෝ වෙති. ....... තෙරුන්නාන්සේලා හැරැු සෙසු භික්‍ෂූන් හැඳින් වෙන්නේ ‘ගණ’ නාමයෙනි. එහෙත් දෙගොල්ලන්ගේ මැ ඇඳුම එක සමාන යැ. ඔහු ඉ`ග වට දවටා කැටි කොටැ ගත් කහ වතක් වම් උරහිසට උඩින් පටලවා හඳිති. අපූරු හණ නූලින් කළ පටියක් හැණැ බ`දිති. හිස් මු`ඩු කෙරෙති. හිස් වැසුමක් නො හඳිති. හිරු අව්වෙන් රැුකෙනු සඳහා ලී මිටක් ඇති තල් අත්තක් අතැ දරති........භික්‍ෂූන්ට මහත් ලාභ සත්කාරද ගරු සත්කාරද ලැබේ.....කිසි කර්මාන්තයෙකැ යෙදීම ඔවුන්ට තහනම් යැ, විවාවීම තහනම්යැ, මාගමකගේ සිරුරට අත තැබීම පවා තහනම්යැ, පලවැළ, බත්, පැන්, යන මේ දෑ විනා අන් කිසිවක් ගැනීම තහනම් යැ, එ ද වැළඳිය යුතු දවසට එක වේලකි........ඔහු රා නොබොති. තමන් උදෙසා නොමැරූ මසක් නම් වළ`දති. එහෙත් සතුන් මැරීම වත් එයට අනුබල දීම වත් නොකෙරෙති. කැමති නම් මහණකම හැරියාට වරදක් නැති.’’
රොබට් නොක්ස්ගේ උක්ත ප‍්‍රකාශයට අනුව මහනුවර යුගයේ මුල් අවධිය තුළ භික්‍ෂු සංස්ථාවේ විශාල පරිහානියකර තත්වයක් දක්නට නොලැබේ. එසේ වුවත් ඉන් සියවසකට පමණ පසුව රචිත ස`ගරජවත පද්‍ය කාව්‍යයේ ඇතුළත් තොරතුරුවලට අනුව භික්‍ෂු සංස්ථාවේ විශාල පරිහානියක් තිබූ බව තහවුරු වේ. සරණංකර සංඝරාජ මාහිමියන් විසින් භික්‍ෂු සමාජය පිරිසිදු කරවීමට පෙර භික්‍ෂු සංස්ථාව කෙසේ තිබුණේද යන්න පිළිබ`දව ස`ගරජවතෙහි පහත සඳහන් 58 - 64 පද්‍ය කිහිපය ම`ගින් තහවුරු වේ.
‘‘දහම් ලෙස නො හැසිර
කුල ¥සනය කර කර
බණ නොයිගෙන පවර
නැකැත් වෙදකම් පුරුදු කැර කැර
එයින් ලොව සිත් ගෙන
වස්තුව උපදවා ගෙන
අඹු දරුවන් රකින
පමණමැයි උන් පුරන සිල් නැත
කෙසර සම් පොරවන
මහලූ ව`දුරන් විලසින
රහත් දද ඇ`දගෙන
චාටු තපසින් සසුන් කෙලසන
සැදහැත්තන් පුදන
නොයෙක් පූජා ලබමින
නෑයන්ට බෙදමින
නිමල සස්නේ කසල තවරන
නියම පස හරිමින
විසිතුරු පි`ගානක් ගෙන
පි`ඩු සි`ගුම් හරිමින
මහණ, අ`ගනුන් ලවා පිස කන
පෙර බුදුන් හැසිරුණ
ම`ගට සරදම් කරමින
ගිහි ඇමතියන් මෙන
මහත් අභිමානයෙන් කල් යන
හෙරණ ස`ග ගණ නෙක
කටයුතු තබා අනෙකක
හැසිරෙමින් නොව සැක
සස්න නටබුන් කැරපි සිරි ලක’’
ස`ගරජවත පද්‍ය කාව්‍යය රචිත කාලය තුළ භික්‍ෂු සංස්ථාව කෙසේ තිබුණේද යන්න පිළිබඳ උක්ත පද්‍ය කිහිපය තුළින් මනාව ප‍්‍රත්‍යක්‍ෂ වේ. තත්කාලය තුළදී භික්‍ෂූන් හැඳින්වූයේ ගණින්නාන්සේලා වශයෙනි. මොවුහු චීවරයක් වෙනුවට කහපැහැති නූලක් අතෙහි පැළඳගෙන විහාරස්ථානයන්හි හිඳිමින් ගිහියන් මෙන් වාසය කළහ. අඹුදරුවන් පෝෂණය කරමින්, යන්ත‍්‍ර මන්ත‍්‍ර, තොවිල්, හදිහූනියම් ආදි භික්‍ෂූන්ට නොගැළපෙන කාර්යයන් ම`ගින් මුදල් උපයමින් ජීවත්වන මෙම පිරිස භික්‍ෂු සංස්ථාවේ මූලික අරමුණුවලින් සම්පූර්ණයෙන්ම වෙනස් ම`ගක ගමන් කළ පිරිසකි. ක‍්‍රි.ව. 1979 පමණ කාලය වනවිට භික්‍ෂු සංස්ථාව මේ අයුරින් දරුණු ලෙස පරිහානියට පත්ව තිබුණද 1660, 1670 (මහනුවර යුගයේ මුල්කාලය* කාලයේ මෙවන් පරිහානියක් තිබූ බවක් දක්නට නොලැබේ. රොබට් නොක්ස්ගේ එදාහෙළදිව කෘතියේ භික්‍ෂු සංස්ථාව පිළිබඳ ඇතුළත් තොරතුරුවලින් ඒ බව පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ භික්‍ෂු ජීවිතයේ මූලික අරමුණු කරා ගමන් කළ භික්‍ෂු පිරිසක් මහනුවර යුගයේ ආරම්භක අවධියේ මෙරට සිටියද ඉන් සියවසකට පමණ පසු භික්‍ෂු සංස්ථාව විශාල වශයෙන් පරිහානියට පත්ව තිබූ අයුරු ස`ගරජවත කෘතිය තුළින් පසක් කර ගත හැකිය.
මොරතොටවත පද්‍ය කාව්‍යය රචනාවන කාලයේ දී භික්‍ෂු සංස්ථාවේ ක‍්‍රියාකාරීත්වය කෙසේ තිබුණේද යන්න තත්කෘතිය තුළින් අනාවරණය කරගත හැකිය. ස`ගරජවත කෘතියේ තරම් මොරතොටවත කෘතියෙහි භික්‍ෂු සංස්ථාවේ ක‍්‍රියාකාරීත්වය පිළිබ`ද තොරතුරු ඇතුළත් නොවුනද තත්යුගයේ භික්‍ෂූන්ගේ විනය හා ශාසනික ප‍්‍රතිපදා පිළිබඳ කිසියම් අවබෝධයක් ඒ තුළින් ලද හැකිය. ස`ගරජවතෙහි විස්තර වන භික්‍ෂු සංස්ථාවේ පරිහානිකර ලක්‍ෂණ, වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් සිදු කළ සංඝ සමාජ ශෝධනය ම`ගින් තරමක් දුරට පාලනය කිරීමට හැකි විය. ගනිණ්නාන්සේලාගේ කාලය තුළ මෙරට උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමක් සොයා ගැනීමට පවා නොහැකි විය. මෙසේ පරිහානියට පත්ව තිබූ භික්‍ෂු සංස්ථාව නැවත න`ගාසිටුවීම ස`දහා සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විශාල කාර්යභාර්යක් ඉටු කළහ. ¥ත පිරිසක් යවා සියම් රටින් පිරිසිදු උපසම්පදාව රැුගෙන විත් මෙරට භික්‍ෂූන්ට පිරිසිදු මහණ උපසම්පදාව ලබාදී භික්‍ෂු විනය නීතිරීති හා ශාසනික ප‍්‍රතිපදා ඇතුළත් කතිකාවතක් පිහිටු වීමට සංඝරාජ හිමියෝ කටයුතු කළහ. මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් මහානායක ධුරයට පත් වන්නේ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ අපවත් වී අවුරුදු තිස්පහක් ගතවීමෙන් පසුවය. මෙම අවුරුදු තිස්පහ කාලය තුළ දී නැවතත් භික්‍ෂු සංස්ථාවේ කිසියම් ආකාරයක පරිහානි ලක්‍ෂණ පැණනැ`ගී තිබුණු බව මොරතොටවත පද්‍ය කාව්‍යය තුළින් තහවුරු වේ. භික්‍ෂු විනය නීතිරීති හා ශාසනික ප‍්‍රතිපදාවන්හි අගතිගාමීත්වයක් ධම්මක්ඛන්ධ මාහිමියන් මහනායක ධුරයට පත්වන අවධියේ තිබුණු බවට මොරතොටවත කෘතියේ 114 - 117 පද්‍ය සාක්‍ෂ්‍ය දරයි.
‘‘නිරුත් විවසුත් යන
සුසිරි පිළිවෙත හැසිරෙන
මහ ස`ගනට පොරණ
සැදැහැ ඇත්තන් කුසල් දැන ගන
පි¥ ගම් නිසි කොට
වැඩ කළෝ අ`ද ඔතුවට
පසු කලක් ගිය විට
උන්ගෙ දරුවන් පැවිදි කර සිට
උන්ට බල ඇරැු ගෙන
උන් ම පරවෙණි කැර වෙන
උන් මිස ලොවින් වෙන
පැවිදි වන්නට නොදී ඉඳ ගෙන
හිරි ඔතප් නොහැසිර
විනය පෙළ බණ නැති කැර
දුසිරිත්ම කැර කැර
තිබෙන සඳ මෙහි මෙසේ බැවහර’’
අතීතයේ සැදැහැවත් බෞද්ධ ජනතාව මහත් ශ‍්‍රද්ධාවෙන් ස`ගසතුකොට පූජා කරන ලද විහාර ගම්බිම් මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් මහානායක ධුරයට පත්වන අවධියේ අඳයට දී තිබූ පිරිස විසින් පවරාගෙන තිබුණි. එපමණක් නොව තත් විහාරයන්හි පැවිදි වීමට අවසරය තිබුණේ එම ඉඩම්වල පදිංචි වී සිටි අයගේ දරුවන්ට පමණකි. ඔවුන් ඒවායේ වාසය කරමින් ඉඩම්වලින් ලැබෙන ආදායමෙන් තම පරම්පරාව පෝෂණය කරමින් ශාසනයේ පරිහානිය සිදු කළ බව ‘විනය පෙළ බණ නැති කැර - දුසිරිත්ම කැර කැර’ යන්නෙන් පැහැදිලි වේ. භික්‍ෂූන් විසින් පිළිපැදිය යුතු විනය නීතිරීති හා ශාසනික ප‍්‍රතිපදා අනුගමනය කළ බව එකල භික්‍ෂූන්ගෙන් දක්නට නොලැබුණි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ප‍්‍රවෘජ්‍යාවේ මූලික අරමුණු මෙකල භික්‍ෂූන් සතුව නොතිබූ බව එතුළින් පැහැදිලි වේ. සාමාන්‍ය භික්‍ෂූන් පමණක් නොව ඇතැම් නායක හිමිවරුද දුෂ්ප‍්‍රතිපත්තීන්හි නිරත වූ බව මොරතොටවත කතුවරයා මෙසේ පෙන්වාදෙයි.
‘‘තාපස වෙසේ මතු පිට සී සම වදුරට ගැසුවා මෙන් වෙළුවා
ලෝ පස ලැබැ අතවැසියන් නො තනා වරිගේ නෑදෑයින් බැලූවා
නේ රස දුහ ගුණ විවසුන් හෙළු පෙළ දැක්මෙහි කීමෙහි අඳ ගොළුවා
මේ ලෙස සමහරු නායක පදවිය කැරලා මෙ සසුන් පිරිහෙව්වා (58* ’’
ධම්මක්ඛන්ධ මහානායක හිමියන්ට පෙර මහානායක පදවිය හෙබවූ ඇතැම් භික්‍ෂූන් වහන්සේලා ක‍්‍රියා කළ ආකාරය උක්ත පද්‍ය තුළින් පැහැදිලි වේ. මේ පද්‍ය තුළින් හෙළිවන ආකාරයට මොවුන්ගේ බාහිර පෙනුම තාපසයන්ගේ ස්වරූපයක් ගෙන ඇත. දායකයන්ගෙන් සිව්පසය ලබාගන්නා මෙම භික්‍ෂූන් වහන්සේලා තමන්ගේ ඤාති පරම්පරාවේ අයට පරිත්‍යාග කරන අතර බුදුදහම පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති හෙයින් ධර්මය දේශනා කිරීමට පවා නොහැකි පිරිසකි. මෙසේ ක‍්‍රියා කරමින් ශාසනයේ පරිහානිය පිණිසම කටයුතු කර ඇත.
ධම්මක්ඛන්ධ හිමියෝ මහානායක පදවියට පත්වීමෙන් පසුව පරිහානිය කරා ගමන් කරමින් පැවති භික්‍ෂු ශාසනය නැවත න`ගාසිටුවීම සඳහා ක‍්‍රියා මාර්ග රාශියක් ගත්හ. සියම් නිකායේ මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේම භික්‍ෂූන් වහන්සේලා එක්රැුස් කරවා රාජසිංහ රජුගේද පූර්ණ අනුග‍්‍රහයෙන් පිහිටුවන ලද කතිකාවත මේ අතුරෙන් සුවිශේෂී ක‍්‍රියා මාර්ගයකි. මේ සඳහා නායකත්වය දෙනු ලැබූයේ ධම්මක්ඛන්ධ මහානාහිමියන් විසිනි. භික්‍ෂු විනය හා ශාසනික ප‍්‍රතිපදා ඇතුළත් මෙම කතිකාවත ‘රාජාධිරාජසිංහ කතිකාවත’ නමින් හැඳින්වේ. මෙහිදී විමසුමට ලක්වන චාල්ස් ද සිල්වා විසින් සංස්කරණය කළ මොරතොටවත පද්‍ය කාව්‍ය තුළට රාජාධිරාජසිංහ කතිකාවතද ඇතුළත් කර ඇත. එහි අන්තර්ගත කරුණු තුළින් තත්කාලීන භික්‍ෂු සමාජයේ පැවති තවත් පරිහානි ලක්‍ෂණ රාශියක් හඳුනාගත හැකිය. ධම්මක්ඛන්ධ මහානාහිමිගේ ප‍්‍රධානත්වයෙන් සකස් කළ කතිකාවත පහත පරිදිය.
1ග උපසම්පදා සාමණේර කොයි යම් තැනකටවත් ග‍්‍රන්‍ථ විදර්ශනා ධූරද්වයෙන් එකෙකැ යෙදී නිස ගන්ට නිසි කෙනෙක් ඇති. නිස ගෙන ගුරු කෙනෙකුන් ආශ‍්‍රය කොට වසනවා මිස නිස මුක්තා`ඞග සම්පූර්ණ නොවන තුරු සෙරවාරි වැ නොවැසිය යුතු.
2ග එසේ වසන තැන් විසිනුදු වතට පිරිතට එළැඹෙමින් ගුරු උපාධ්‍යායන් වහන්සේලාට සුවච කීකරු වැ විසිය යුතු.
3ග කාල විකාලයෙහි ඇතුළු ගමට යන කල නායක අනුනායක ආදී දැනැමිති තැනකට අසුවල් කරුණ නිසා යනවා යැ කියා දෙනමක් මැ යා යුතු.
4ග මහ වාසලට සැල කරන දෙයක්, රදලවරුන් ඉදිරියේ කියක කරන දෙයක් නායක අනුනායක තැන් ලවා කියවන බව මුත් නොදන්වා නො කියැ යුතු.
5ග පඤ්ච සහ ධර්මිකාදී විනයෙහි පෙනී තිබෙන අයට කරන වෙදකමක් මිසැ. පිටත් කෙනෙකුට වෙදකම් නොකට යුතු.
6ග නකත් කීම ආදී එක්විසි අනේවෂණයෙන් ජීවත් නො වියැ යුතු.
7ග මීට පළමුවෙන් මේ එක්විසි අනේවෂණයෙන් උපන් ප‍්‍රත්‍යන් ඇත විෂ මිශ‍්‍ර භෝජනයක් මෙන් දුරු කට යුතු.
8ග ස්ථවිර මධ්‍යම නවක සාමණේර යන කොයි නමක් විසින් වත් රන් රිදී ආදිය කැප කරුවන්විසින් කැර දෙන දෙයක් ප‍්‍රයෝජන වි`දිනවා මිස අකැප වස්තු නො පිළිගත යුතු.
9ග කැපකරුවන් විසින් කැර දෙන දෙයක් මුත් කැප අකැප වස්තු උකසට පොළියට නො දියැ යුතු.
10ග කැපකරුවන් විසින් ණයට පොළියට දුන් දෙය තම තමන් අය නො කැර ගත යුතු.
11ග නෑ නො නෑ ගිහින් ප‍්‍රතිබද්ධ කොයි යම් මැ කෙනකු ගේ වත් නඩු හබ කියනු පිණිස වලවුවලට නො යා යුතු.
12ග යම් කෙනකුන් ගේ ප‍්‍රමාදයක් පෙනේ නම්, හැම දෙනා එක් වැ ගෙන ඔවුන් ඒ ප‍්‍රමාදයෙන් වළක්නා ලෙස කරත් මුත් දෙ පක්ෂ වැ ගෙන උන්ටත් සස්නටත් අවැඩ වන ලෙස නො කට යුතු. ඔවුන් විසිනුදු එසේ මැ සම`ගි වැ කී කළ දෙය පිළි ගත යුතු.
13ග යක්ෂ ප‍්‍රලය කිරීම්, අංජනම් එළිය ඇරීම්, මන්ත‍්‍ර පුරවා සොරුන් ඇල්ලීම්, නිමිති, පේන කීම් ආදී ගර්හිත විද්‍යා නො කට යුතු, නූගත යුතු.
14ග කැප කරුවන් කැප ලෙසින් කැර දෙන දෙයක් මිසැ, තම තමන් විසින් කෘෂි වණිග් ආදී කර්මාන්ත නො කට යුතු.
15ග දැන දැන මේ ව්‍යවස්ථා වරදවා හැසිරෙන නමක් ඇත් නම් ඒ නම බුද්ධාඥා, රාජාඥා දෙකැම ඉක්මවා වසන හෙයින් ඒ බඳු හිරි ඔතප් නැති තැනට ශාසනාවේෂධාරී වැ සිටින්ට අවසර නො දියැ යුතු.
මෙලෙස කතිකාවතක් පිහිටුවමින් නීතිරීති මාලාවක් පැනවීමට සිදුවන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද විනය නීති අනුගමනය නොකිරීම හේතුවෙනි. රාජාධිරාජසිංහ කතිකාවතට අනුව තත්කාලය තුළ භික්‍ෂු සංස්ථාවේ පැවති දුෂ්ප‍්‍රතිපත්ති රාශියක් පිළිබඳ තොරතුරු හඳුනාගත හැකිය. කතිකාවත පිහිටුවීමෙහි අරමුණ වූයේ තත්කාලයේ භික්‍ෂූන් විසින් සිදු කළ ඒ ඒ වැරදි ක‍්‍රියාවන් නවතාලීමය. නිදසුන් වශයෙන් එහි අන්තර්ගත නීති කිහිපයක් මෙසේ විමසා බැලිය හැකිය. ‘කැපකරුවන් විසින් කැර දෙන දෙයක් මුත් කැප අකැප වස්තු උකසට පොළියට නො දියැ යුතු.’ යනුවෙන් නීතියක් එහි අන්තර්ගත වේ. මේ ආකාරයෙන් නීතියක් පැනවීමට සිදුව ඇත්තේ එකල භික්‍ෂූන් මිලමුදල් හා වෙනත් ද්‍රව්‍ය පොලියට ලබාදීම සිදුකර ඇති නිසාවෙනි. බුදුරජාණන් වහන්සේගේ විනය නීනිවලට අනුව රන්රිදීමසුකහවනු පිළිගැනීම හා පරිහරණය කිරීම භික්‍ෂූන්ට අකැප බව සඳහන් වේ. කතිකාවතෙහි ඇතුළත් තවත් නීතියක් වන්නේ ‘නෑ නො නෑ ගිහින් ප‍්‍රතිබද්ධ කොයි යම් මැ කෙනකු ගේ වත් නඩු හබ කියනු පිණිස වලව්වලට නො යා යුතු.’ යන්නයි. මෙතුළින් පැහැදිලි වන්නේ මේ කාලයේ ජීවත් වූ භික්‍ෂූන් වහන්සේලා ඥාතීන් හා වෙනත් ගිහියන්ගේ නඩුහබවලට පෙනී සිටි බවත් ඔවුන් ඒවායෙන් මුදවා ගැනීම පිණිස ප‍්‍රාදේශීය නායකයන්ගේ නිවෙස්වලට ගොස් සාක්‍ෂිදීම වැනි කටයුතු සිදුකර ඇති බවයි. මෙවැනි ක‍්‍රියාවන් තුළින් භික්‍ෂූන්ගේ ගරුත්වය ගිහි ජනතාව ඉදිරියේ හෑල්ලූවට ලක්විය. ‘යක්ෂ ප‍්‍රලය කිරීම්, අංජනම් එළිය ඇරීම්, මන්ත‍්‍ර පුරවා සොරුන් ඇල්ලීම්, නිමිති, පේන කීම් ආදි ගර්හිත විද්‍යා නො කට යුතු, නූගත යුතු.’ යනුවෙන් නීතියක්ද මෙම කතිකාවත තුළට ඇතුළත්ය. මෙම කාලයේ භික්‍ෂූන් ගිහියන් විසින් සිදු කරනු ලබන යන්ත‍්‍ර, මන්ත‍්‍ර. තොවිල්, හදිහූනියම් ආදි ක‍්‍රියාවන් සිදුකර ඇති බව එම`ගින් ප‍්‍රත්‍යක්‍ෂ වේ. මෙම ක‍්‍රියාවන් මොවුන් විසින් සිදු කරන්නට ඇත්තේ මුදල් ඉපැයීමේ අරමුණ ඇතිවය. මෙම කතිකාවතෙහි සඳහන් තොරතුරු ඉහතින් සාකච්ඡුා කරන ලද ස`ගරජවතෙහිද මේ ආකාරයෙන්ම විස්තර වේ. මෙසේ කරුණු අධ්‍යයනයේදී එකල භික්‍ෂූන් හා ගිහියන් අතර විශාල වෙනසක් දක්නට ලැබී නොමැත.
කතිකාවතෙහි අවසන ‘දැන දැන මේ ව්‍යවස්ථා වරදවා හැසිරෙන නමක් ඇත් නම් ඒ නම බුද්ධාඥා, රාජාඥා දෙකැම ඉක්මවා වසන හෙයින් ඒ බඳු හිරි ඔතප් නැති තැනට ශාසනාවේෂධාරී වැ සිටින්ට අවසර නො දියැ යුතු’ යනුවෙන් සඳහන් වේ. එම`ගින් පැහැදිලි වන්නේ විනය නීතිරීති උල්ලංගණය කරන භික්‍ෂූන්ට ශාසනය තුළ සිටීමට අවසර නොමැති බවයි. ශාසනයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ධම්මක්ඛන්ධ මහානාහිමියන් මාහැ`ගි මෙහෙයක් ඉටු කර ඇති අයුරු රාජාධිරාජසිංහ කතිකාවත තුළින් පැහැදිලිය. සමාජයේ බොහෝ දෙනෙකු සිදු කරන්නේ නීති පැනවීම පමණක් වන අතර පාලක පන්තිය එම නීතිරීති අනුගමනය කිරීම බොහෝදුරට දක්නට නොලැබේ. එසේ වුවත් ධම්මක්ඛන්ධ නාහිමියෝ ආදර්ශයෙන් මේවා ක‍්‍රියාත්මක කර පෙන්වූහ. උන්වහන්සේ විසින් සිදු කරන ලද ශාසනික ප‍්‍රතිපදා රාශියක් පිළිබඳ තොරතුරු මොරතොටවත පද්‍ය කාව්‍යය තුළ ඇතුළත්ය.
‘‘ගිහි වෙසට ඔබිනා
තපසට සරුප් නො වනා
තුන් දොරින් කෙරෙනා
නොයෙක් දුසිරිත් ලකුණු ඇඳිනා (21*
කාමයට සිත් නොලා බාලෙම පැවිදි වී ගිජු වෙලා දහමට
සෝම ම`ඩලක් පිරී ගිය සේ සතර පුරවා නිතර හිත යට
නාම හෙළු සකු මගද ඡුන්දස් සුතුරු අබිදම් විනය ඈ සෙට
සෑම දේටම පැමිණ කෙළ දුටු කෙනෙකි දම්කඳු තෙරිඳු මොරතොට (40*’’
භික්‍ෂු ශාසනය පිරිහීගිය කාලවකවානුවක පැවිදි ජීවිතයට ඇතුළත් වූ ධම්මක්ඛන්‍ධ හිමියන් පැවිදි වීමේ මුඛ්‍යාර්ථය වටහාගත් භික්‍ෂූන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කළ බවට උක්ත පද්‍ය සාක්‍ෂ්‍ය සපයයි. විනයානුකූලව පැවිද්දෙකු විසින් සිත, කය හා වචනය යන තුන්දොර නිරන්තරයෙන් සංවර කරගත යුතු වේ. කළ යුතු හා නොකළ යුතු දේ මොනවාද යන්න පිළිබඳ මනා වැටහීමක් ධම්මක්ඛන්‍ධ නාහිමියෝ් සතු වූහ. කුඩාකාලයේ සිටම කාමය පිළිබඳ මුදවාගත් සිතින් යුක්තව කටයුතු කළ උන්වහන්සේ සූත‍්‍ර, විනය, අභිධර්මය යන තෙවලා දහම ඇතුළු භික්‍ෂු ජීවිතයට අවශ්‍ය සැම ශාස්ත‍්‍රයකම ප‍්‍රාමාණික උගතෙකු වශයෙන් සඳහන් කළ හැකිය.
ධම්මක්ඛන්‍ධ මාහිමියන් විසින් අනුගමනය කළ ශාසනික ප‍්‍රතිපදා රාශියක් පිළිබඳ තොරතුරු මොරතොටවත පද්‍ය කාව්‍යයේ තොරතුරු ඇතුළත් වේ. යථෝක්ත කතිකාවත ඒ අතරින් ප‍්‍රමුඛත්වයක් උසුලයි. එසේම ශාසනයේ දියුණුව වෙනුවෙන් අනුගමනය කළ තවත් ශාසනික ප‍්‍රතිපදා රාශියක් පිළිබඳ තොරතුරු මොරතොටවත කෘතියේ අන්තර්ගත වේ. උන්වහන්සේ අනුරාධපුරයේ විශාල දානමය පින්කමක් සිදු කරන්නේ අටමස්ථානය සම්පූර්ණයෙන්ම කොඩි හා තිරවලින් අලංකාරවත් කරමිනි. එසේම දන්ත ධාතූන් වහන්සේ උදෙසා දෑසමන් මල් පූජාවක් සිදුකර දළදා මාලිගාවට අටපිරිකර තුනක්, තෙල් පහන් දසදහසක්, රිදී මේසයක්, කිරිපි`ඩු පාත‍්‍රා විස්සක් සහ විවිධ වර්ගයේ තිර විශාල ප‍්‍රමාණයක් පූජා කරමින් අවස්ථා කිහිපයකදී සිදු කළ ශාසනික ක‍්‍රියාවන් පිළිබඳ තොරතුරු 97, 98, 99 යන පද්‍යවලින් කියැවේ. උපසම්පදා වූ දිනයේ සිට උන්වහන්සේ විසින් සිදු කළ ස`ගසතු දානමය පින්කම් තුන්සිය හැටහතරක් බව සියවෙනි පද්‍යයෙන් කියැවේ.
‘‘අනුරාධ පුරවර
අට තැනම බැඳ කොඩි තිර
සහිත අට පිරිකර
පුදා මහ පා දෙකක් කිරි භර(96*
උපසපන් තෙක් සිට
වරින් වර ගෙන මිලයට
දන්ත දා රුවනට
පි¥ දැ සමන් වැඩිය කෙළකට(97*
උපසපන් දා තෙක්
දුන් දාන බුදු පා මොක්
තුන්සිය සූ සැටක්
ස`ග රදුන්ටත් පිළී සතියක් (100*’’
මේ අයුරින් ධම්මක්ඛන්‍ධ මාහිමියන් විසින් සිදු කළ විනය හා ශාසනික ප‍්‍රතිපදා විශාල ප‍්‍රමාණයකි. එතුළින් පැහැදිලි වන්නේ තත්කාලය තුුළ භික්‍ෂු ශාසනය කෙතෙක් පිරිහී තිබුණද විනය නීතිරීති හා ශාසනික ප‍්‍රතිපදා ආරක්‍ෂා කළ භික්‍ෂූන් වහන්සේලා ඉතා අල්ප වශයෙන් හෝ සිටි බවයි.
03.2. අධ්‍යාපනය හා ශාස්ත‍්‍රීය ක‍්‍රියාකාරකම්
මොරතොටවත පද්‍ය කාව්‍යය පිළිබඳ ගැඹුරින් කරුණු අධ්‍යයනයේදී සාකච්ඡුාවට භාජනය කළයුතු විෂයක්‍ෂේත‍්‍ර බොහෝමයක් හමු වේ. එසේ හමුවන ක්‍ෂේත‍්‍ර අතර අධ්‍යාපනය හා ශාස්ත‍්‍රීය ක‍්‍රියාකාරකම් යනු තවත් වැදගත් එක් මාතෘකාවකි. කිසියම් සමාජයක් අධ්‍යාපන හා ශාස්ත‍්‍රීය ක‍්‍රියාකාරකම් අතින් ඉදිරියෙන් සිටින්නේ නම් එම සමාජය දියුණු සමාජයක් වශයෙන් අවිවාදයෙන් සඳහන් කළ හැකිය. එයට හේතුව වන්නේ මිනිසාට දැනුම ලබාදීම කෙරෙහි අධ්‍යාපනය විශාල පිටිවහලක් බවට පත්වීමයි. බුද්ධිය යනු තාර්කිකව සිතා බලා කිසියම් කටයුත්තක් නිවැරැුදිව සිදුකිරීම උදෙසා පුද්ගලයා සතු ඥාන ශක්තියයි. මේ සඳහා අධ්‍යාපනය මගින් ඉටුකෙරෙන්නේ විසල් මෙහෙවරකි.
ලංකාවට බුදුදහම හඳුන්වාදීමත් සම`ගම භික්‍ෂුව ලාංකේය ජනතාවගේ මාර්ගෝපදේශකයා බවට විය. මහින්ද මහාරහතන් වහන්සේ ලංකාවාසීන්ගේ ධර්මාවබෝධය පිණිස දහම් දෙසූහ. අනුරපුර මහමෙවුනා උයන දෙවනපෑතිස් රජු විසින් මහා සංඝරත්නයට පූජා කිරීම, මුල්ම අධ්‍යාපන ආයතනයට මංගල ශිලා ප‍්‍රතිෂ්ඨාපනය කිරීමක් බඳුවිය. ලක්දිව වත්මන් පිරිවෙන් අධ්‍යාපන ක‍්‍රමය තෙක් අවිච්ýන්නව වර්ධනය වෙමින් ව්‍යාප්තව ආ අධ්‍යාපන ප‍්‍රවාහයක මූලාරම්භය අනුරාධපුරයෙහි මහාවිහාරය කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ විය. එලෙස මහාවිහාරයෙන් ආරම්භ වූ මෙරට අධ්‍යාපනය ආරාම මූලික අධ්‍යාපන ක‍්‍රමයක් වශයෙන් හඳුන්වාදිය හැකිය. එනම් බෞද්ධ විහාරස්ථාන ආශ‍්‍රයෙන් අධ්‍යාපන ක‍්‍රමවේදය සකස්ව තිබීමයි.
මෙරට අධ්‍යාපනයේ සන්ධිස්ථානයක් ලෙස වළගම්බා රාජ්‍ය යුගය සැලකෙයි. එකල ඇති වූ බැමිණිටියාසාය නම් වූ මහාදුර්භික්‍ෂය හේතුකොටගෙන ලංකාවේ ගිහිපැවිදි සැමටම අභාග්‍ය සම්පන්න කාලයක් උදාවිය. භික්‍ෂූන් වහන්සේලා රට අතහැර යාමටත් මරණයටත් පත් වූහ. අනුරාධපුර මහාවිහාර මළුවේ මෙන්ම රුවන්වැලි සෑයේද ගස්වැල් වැවෙන්නට විය. මේ අනුව බුදුසසුනේ වෙනස්කම්ද ඊට සමගාමීව ඇතිවිය. භික්‍ෂූන් පාංශුකූලික හා ධර්ම කථික වශයෙන් දෙපිලක් වී පර්යාප්තිය ප‍්‍රතිපත්තියට වඩා වැදගත් බවත් ශාසනයේ පැවැත්ම සඳහා පර්යාප්තිය අත්‍යවශ්‍ය බවත් පිළිගැනුණි. මේ අනුව ග‍්‍රන්‍ථධූරය ප‍්‍රබල විය. එබැවින් ඉගෙනීමත් ඉගැන්වීමත් සමාජයේ වැදගත් තැනක් ගනු ලැබීය. පසුකාලීනව මෙම ඉගැන්වීම් ත‍්‍රිපිටකයට පමණක් සීමා නොවී ඉතිහාසය, කලාශිල්ප, භාෂා ශාස්ත‍්‍ර, තර්ක, ව්‍යාකරණ ආදි ක්‍ෂේත‍්‍ර විශාල ප‍්‍රමාණයක් ඔස්සේ විහිද ගොස් ඇත. භික්‍ෂූන් වහන්සේලා සැම විෂයක්ම උසස් ලෙස හදාරා පොත්පත් ලියූහ. රාජකුමාරයාගේ සිට ගැමිදරුවන් දක්වා සැම සමාජ ස්ථරයකම අයටම භික්‍ෂූහු අධ්‍යාපනය ලබා දුන්හ. එහෙයින් සැම විහාරස්ථානයක්ම පාහේ අධ්‍යාපන මධ්‍යස්ථානයනක් වූවා සේම සැම භික්‍ෂුවක්ම ගුරුවරයෙක්ද වූයේය.
බුදුදහම ලක්දිවට ලැබුණු අවධියේ සිටම මෙම අධ්‍යාපන ක‍්‍රමය මෙරට ක‍්‍රියාත්මක වූයේ සිංහල, පාලි හා සංස්කෘත වැනි භාෂාවන්හි මනා නිපුණත්වයක් භික්‍ෂූන් වහන්සේලා සතු වූ නිසාවෙනි. අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි ආදි මුල්කාලීන යුගයන්හි රචනා වූ ග‍්‍රන්‍ථ පිළිබඳ අවධානය යොමු කිරීමේදී මෙම කාරණය මනාව ප‍්‍රත්‍යක්‍ෂ වේ. වර්තමානයේ තරම් අධ්‍යාපන ක‍්‍රමවේද, න්‍යායන් හා සංකල්ප සැකසී නොතිබුණු තත් අවධියේ ගැමි දරු දැරියන්ගේ අධ්‍යාපන කේන්‍ද‍්‍රස්ථානය වූයේ විහාරස්ථානයයි. විහාරාධිපති හිමියන් එහි ප‍්‍රධානියා විය. මෙරට මුල්කාලීන අධ්‍යාපනය ආරාමීය අධ්‍යාපනය යනුවෙන් හැඳින්වූයේ එම හේතුව නිසාවෙනි. මෙම ක‍්‍රියාවලිය අනුරාධපුර යුගයෙන් ආරම්භව කෝට්ටේ යුගය දක්වා අඛණ්ඩව පැවති අතර ක‍්‍රි. ව. පහළොස්වන සිවසෙහි (කෝට්ටේ යුගය* පමණ සිට සතුරු උවදුරු, දේශපාලන අර්බුද ආදි හේතූන් නිසා අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ අගතිගාමී ලක්‍ෂණ පහළ විය. කෝට්ටේ යුගයෙන් ආරම්භ වූ අධ්‍යාපනයේ පරිහානි තත්ත්වය සීතාවක සහ මහනුවර යුගය දක්වාම නොවෙනස්ව පැවතිබව ඒ ඒ යුගයන්හි රචිත විවිධ ලේඛනයන්ගෙන් තහවුරු වේ. අධ්‍යාපනයේ දරුණුතම පරිහානි කාලයක් උදා වූයේ මහනුවර යුගයේදීය.
මහනුවර යුගයේ අධ්‍යාපන හා ශාස්ත‍්‍රීය ක‍්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමේදී මොරතොටවත පද්‍ය කාව්‍යය තුළින් අනාවරණය කොටගත හැකි තොරතුරු බොහෝමයකි. එහි ඇතුළත් තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කරගැනීම සඳහා සංඝරාජ සාධුචර්යාව හා ස`ගරජවත යන මූලාශයන් භාවිත කළ හැකිය. මහනුවර යුගයේ අධ්‍යාපන හා ශාස්ත‍්‍රීය ක‍්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමේදී ඒ සඳහා වඩාත්ම සුදුසු ලේඛනය වන්නේ සංඝරාජ සාධුචර්යාවයි. මෙම කෘතිය රචනා කොට ඇත්තේ ක‍්‍රි.ව. 1779දී ආයිත්තාලියද්දේ මුහම්දිරම්රාළ විසිනි. වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ චරිතය අලළා, සත්‍ය තොරතුරු ඇතුළත්ව රචනා වී ඇති මෙම ග‍්‍රන්‍ථයෙහි උන්වහන්සේ අධ්‍යාපනය ලැබූ අයුරු හා ඉන්පසු උන්වහන්සේ විසින් සිදු කරනු ලැබූ ශාස්ත‍්‍රීය කි‍්‍රයාකාරකම් පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. මහනුවර යුගය අධ්‍යාපනය අතින් දරුණු ලෙස පරිහානියට පත්ව තිබූ බව සරණංකර හිමියන් ඉතාම අපහසුවෙන් අධ්‍යාපනය ලැබීම තුළින් පැහැදිලි වේ. සංඝරාජ සාධුචරියාවේ පහත දැක්වෙන උපුටනයෙන් ඒ බව ප‍්‍රත්‍යක්‍ෂ වේ.
‘‘....මාකෙහෙල්වල හිරේ සිටින පින්වත් ලෙවුකේ රාළහාමි ඇති බව දැන, එතැන්හි යාමෙන් ඊමෙන් දැක හැඳින කථා කොට පුරුදු පට්ටු ව ගොස් සතිපට්ඨාන සූත‍්‍රය පුහුණු කරවා බොහෝ දවසක් භාවනා වශයෙන් පිරිවහා එහි පින්පෙත් ගුරු ප`ඩුරු කොට ඒ මහත්මයාට දෙමින් බොහෝ සේ ආදර ගෞරව වශයෙන් යාච්ඤා කිරීමෙන් ඒ මහත්මයාගේ සිත් ගෙන .........ඒ මහත්මයා ගමින් පිටත ඒ කන්ද ස්වමීපයේ බෝධීන් වහන්සේ පිහිටි විහාරයට එන යන ප‍්‍රස්ථාව බලා, තමන් වහන්සේ ද කන්දේ සිට ඒ ප‍්‍රස්ථාවට ඒ විහාරයට එමින්, ඒ ස්ථානයේදීම බාලාවතාරේ නාම කාණ්ඩය කියවා ගනිමින්, පාඩම් කරන දේ වහ වහා වැල්ලේ ලියවා ගනිමින්, එසේ ලියවා කියවා ගන්නා දේ ඒ මහත්මයාටත් නො දන්වා වර්ධනය කරන පිණිස ගුණවත් යහපත් හිටිනා මළුවේ සිල්වත් පින්වත් නමට කියවමින් ලියවමින්, මෙම ලෙසින් නාම කාණ්ඩය ඒ මහත්මයාගෙන් ම ලියවා කියවා ගෙන තීන්දු වුණියින් පසු, ඒ මහත්මයාට බොහෝ සේ පින්පෙත් දෙමින් ලබන ලද අවවාද අනුශාසනා පිළිගෙන එතනින් නික්ම.......පල්කුඹුරේ අත්ථදස්සි සාමණේර ගුරුන් වෙතට ද ගොස් ඒ ගුරුන්ගෙනුත් නොයෙක් උත්සාහයෙන් ගුරු ප`ඩුරු දීමෙන් සිත් ගෙන සමාස කාණ්ඩය පටන් කියන්නට බැරි බැරි තැන් විමසා පොත කියවා ගෙන වැල්ලේ ලියන පිණිස වැලි අතුට ආරම්භ වුණා ම වැල්ලේ ලියවා ගත් හැටි ඒ ගුරුන්ට සිහි නැතිව තිබෙන නිසා වැල්ලේ ලියන සන්නය බලා ‘මහාවීරෝ’ යන පදය ඒ ගුරුන් ඉදිරියේ පද සිද්ධ කොට ලීවාම ‘අපිත් ලියවා ගත්තේ ඔය හැටි ම’ ය යි කියා ඒ ගුරුන් කී වචනය අසා එසේ වී නම් සෙසු සමාස කාණ්ඩාදිය සියල්ල මත් මෙම ක‍්‍රමයෙන් පද සිද්ධ කොට ලිය යුතු ය යි සලකා වැල්ලේ ලියන සන්නය ඇතුළු වූ පොත් ම ගුරු කොට ගෙන කිතක කාණ්ඩය අවසන් කොට පද සිද්ධි වැල්ලේ ලියන සේ ඉගෙන...’’
සංඝරාජ සාධුචරියාවේ එන උක්ත ප‍්‍රකාශය තුළින්, මහනුවර යුගයේ අධ්‍යාපනය කෙසේ තිබුණේද යන්න වටහා ගැනීමට අපහසු නොවේ. මෙම යුගයේ මෙරට ජනතාවගේ සාක්‍ෂරතා හැකියාව පහළ අගයක විය. ලෙවුකේ රාළහාමි හා පල්කුඹුරේ අත්ථදස්සි සාමණේරයන් වහන්සේ යන දෙදෙනා පාලි භාෂාව පිළිබඳ දැනුම ලද සීමිත පිරිස අතර වූහ. සරණංකර සාමණේරයන් වහන්සේ ඒ දෙදෙනාගෙන් බාලාවතාරය නම් පාලි ව්‍යාකරණ ග‍්‍රන්‍ථයෙහි නාමකාණ්ඩය, සමාසකාණ්ඩය හා කිතකකාණ්ඩය උගත් ආකාරය ඉහතින් විස්තර වේ. එවකට සිරභාරයේ පසු වූ ලෙවුකේ රාළහාමිගෙන් බාලාවතාරයේ නාමකාණ්ඩය ඉගෙන ගැනීම සඳහා මහත් වෙහෙසක් දැරීමට සරණංකර සාමණේරයන් වහන්සේට සිදු විය. ඒ බව ‘එහි පින්පෙත් ගුරු ප`ඩුරු කොට ඒ මහත්මයාට දෙමින් බොහෝ සේ ආදර ගෞරව වශයෙන් යාච්ඤා කිරීමෙන් ඒ මහත්මයාගේ සිත් ගෙන’ යන්නෙන් පැහැදිලි වේ. මහනුවර යුගයේ අධ්‍යාපන ක‍්‍රමවේදයේදී කටපාඩම් කිරීම හෙවත් වනපොත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් විය. එසේම පන්සල මුල්කරගත් අධ්‍යාපන ක‍්‍රමවේදයක් තත්යුගයේ පැවති බවත් වැල්ලේ ලිවීම හා තල්පත්වල ලිවීම මෙන්ම දිවා රාත‍්‍රී දෙකෙහිම ඒ සඳහා මහන්සි වූ බවත් ඉහත උපුටනයෙන් පැහැදිලි වේ. මෙලෙස ඉතා අපහසුවෙන් උගත් දෑ තවත් පිරිසකට ලබාදීම පිණිස ‘වැලිවිට උන්නාන්සේගේ සිල්වත් සමාගම’ නමින් සමාගමක් පිහිටුවා එතුළින් නව්‍ය අධ්‍යාපන ක‍්‍රියාදාමයක මූලාරම්භය සනිටුහන් කිරීමට සරණංකර හිමියෝ සමත් වූහ. ඒ බව සංඝරාජ සාධුචරියාවේ මෙසේ සඳහන් වේ.
‘‘පොත් පන්හිත් සපයා සමාගමට බෙදා දෙමින් ලීම් කීම් දවස් පතා නො වරදවා ම කරනවාය. ඒ දේ වැරැුද්ද අයගේ පොත් පන්හිත් ගනිමින් නැවත නො වරදවා කරන සේ නිග‍්‍රහ කිරීමෙන් හික්මවනවා ය. .... හිටි පන්සැලෙන් වෙනත් පන්සැලකට යන්ට නික්මෙන කොට පොත් පන්හිත් එකතු කර දන්නා නමක් විසින් ගෙන්වා ගෙන ගොස් දෙවෙනි දා බෙදා දී ලීම් කීම් පළමු ලෙසට කරනවාය. ඇ`දවල්වලට වැලි අතුර ? දාවල් උගන්නා අයට වැල්ලේ බොහෝ සේ ලියනවාය. සතර සංවර සීලය, හෙරණසිඛ, දිනචරියාව, සේඛියාව, සිල් වොලො ගන්නා සූතිස් යෝධයන් හා ශීලානිශංස, කාමයෙහි ආදීනව, ධම්පියා සන්නේ, තේලකටාහ ගාථා සන්නේ කියවනාය. ශතක පොත් කියා නිමවුණා ම. උගන්ට පුළු පුළුවන් අයට නිඝණ්ඩුව, ධාතු පාඨය, බාලාවතාරය, පද සාධනය කියවමින්, වරනැගිල්ල කියවමින්, ව්‍යාකරණ වැල්ලේ ලියවමින්, නාමය, ලිංගත‍්‍රය, සප්ත විභක්තියේ ඒක වචන බහු වචන තේරෙන ලෙසට ? දාවල් බොහෝ සේ උදාහරණ යොදා අස්වසනවා ය.’’
මහනුවර යුගයේ අධ්‍යාපනය පිළිබඳ සංඝරාජ සාධුචරියාවේ ඇතුළත් තොරතුරුවලට සාපේක්‍ෂව මොරතොටවත පද්‍ය කාව්‍යයේ දක්නට ලැබෙන්නේ අල්ප තොරතුරු ප‍්‍රමාණයකි. කෙසේ වෙතත් තත්කාලයේ අධ්‍යාපන හා ශාස්ත‍්‍රීය ක‍්‍රියාකාරකම් පිළිබඳ යම් ප‍්‍රමාණයක තොරතුරු මෙතුළින් සොයාගත හැකිය. සරණංකර සංඝරාජ මාහිමියන් විසින් ආරම්භ කළ සිල්වත් සමාගම තුළින් වර්ධනය වූ මහනුවර යුගයේ අධ්‍යාපනය ධම්මක්ඛන්‍ධ මාහිමියන්ගේ කාලය පමණ වනවිට යම් ප‍්‍රමාණයකට දියුණුව පැවතුණි. එබැවින් මහනුවර යුගයේ මුල්කාලීනව පැවති අධ්‍යාපන හා ශාස්ත‍්‍රීය ක‍්‍රියාකාරකම්හි පරිහානි තත්ත්වයක් මේ කාලය තුළ දක්නට නොලැබිණි. කෙසේ වෙතත් වර්තමානයේ තරම් දියුණුවක් ඒ තුළ දක්නට නොතිබුණු අතර බුදුදහමෙන් පෝෂණය වූ පන්සල මූලික කරගත් ආරාමීය අධ්‍යාපනය මෙම කාලයේද ඒ අයුරින්ම දක්නට ලැබුණි. පැවිදි දිවියටපත් භික්‍ෂූන් වහන්සේ නමක් විසින් උගතයුතු බණදහම් ධම්මක්ඛන්‍ධ හිමියන් මනාව ප‍්‍රගුණ කළ අයුරු පහත පද්‍ය කිහිපය ම`ගින් පැහැදිලි වේ.
‘‘සතර කමටහන් සිව් පස් විකුමෙක
නොහැර හෙරණ සික සිව් සංවරයෙක
නිතර මැ පිරුවන බණවර සතරෙක
පවර දහම් පද පදරුත් නො වැළක (23*
නාම මගද එළු සකු යන සකලා
ලීම කීම චන්දස් ගැන නුමුළා
සෑම දේම අතැඹුල මෙන් දැකලා
සෝම ම`ඩල විලසින් ලොව පතලා’’ (25*
වර්තමානයේ මෙන් තාක්‍ෂණ හා විද්‍යා විෂයයන් පිළිබඳ ඉගැන්වීම මහනුවර යුගය වනවිට ආරම්භ වී නොතිබුණි. තත්කාලය තුළ සමාජයේ උගත් බුද්ධිමත් අයෙකු වශයෙන් පිළිගැනීමට නම් බුදුදහම පිළිබඳ මෙන්ම සිංහල, පාලි හා සංස්කෘත වැනි භාෂාවන් කෙරෙහි ප‍්‍රාමාණික අවබෝධයක් ලබා තිබීම අනිවාර්යය විය. මෙම යුගයේදී බුදුදහම සහ භාෂාවන් පිළිබඳ සම්පූර්ණ ඤාණ සම්භාරය ගබඩා කර තබා තිබුණේ විහාරස්ථානයන්හිය. මෙම හේතුව නිසා තත්විෂයන්හි ප‍්‍රාඥයන් බිහිවූයේ භික්‍ෂු සමාජයෙනි. උක්ත පද්‍යය කිහිපයෙන් මොරතොට හිමියන් කුඩාකල අධ්‍යාපනය ලැබූ අයුරු පැහැදිලි වේ. උන්වහන්සේ උගත් දෑ අතර සතර කමටහන්, හෙරණසික, සතර සංවර සීලය, පිරුවාණා පොතෙහි සතරබණවර මෙන්ම සිංහල, පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳ ලියන්නට කියන්නට පමණක් නොව ඒවායේ ඡුන්දස් පිළිබඳවද අවබෝධයක් තිබුණු බව පැහැදිලි වේ. ත‍්‍රිපිටකය හා අටුවා ආදිය පිළිබඳ අධ්‍යාපනයද මහනුවර යුගයේ විහාරස්ථාන ආශ‍්‍රයෙන් පැවති බව මොරතොටවත පද්‍ය කාව්‍යයේ විසිහතරවන පැදියේ අවසන් දෙපදයෙන් හා හතළිස්වන පද්‍ය තුළින් කියැවේ.
‘‘බඹ දැල් සුතුරාදි නෙක බණ පොත්
නොවැ තුල් අටුවා හා කැර වන පොත්’’ (24*
‘‘ඇඳින ගෙන පෙළ ගැඹරු පදරුත් විමස විමසා සිත යුරු
කියන කල මහ තෙරිඳු මොරතොට දහම් කඳ තෙවලා දැරු
දෙවන රජසිරි පහළ සිරි රාජාදි රජසිහ ලකිසුරු
සවන කැර දික් ස`ගිය ආදී බොහෝ බණ පොත් නිරතුරු’’ (46*
බ‍්‍රහ්මජාල සූත‍්‍රය ආදි නොයෙක් සූත‍්‍ර ඇතුළත් බණපොත් හා අටුවා ග‍්‍රන්‍ථ කටපාඩම් කිරීම මෙකල අධ්‍යාපනයේ සුවිශේෂී ලක්‍ෂණයක් වශයෙන් හ`දුන්වාදිය හැකිය. හතළිස්හයවන පද්‍යයේ සඳහන් වන ‘ගැඹුරු පදරුත්’ යනුවෙන් සඳහන් වන්නේ අභිධර්මය පිළිබඳවය. අභිධර්මයෙහි ඇතුළත් වන්නේ ගැඹුරු ධර්ම කාරණා වන අතර ඒවා යමෙකුට පහසුවෙන් අවබෝධ කරගත නොහැකිය. එසේම දීඝ නිකාය ආදි බොහෝ බණපොත් ප‍්‍රමාණයක් ධම්මක්‍ඛන්‍ධ නාහිමියන් පරිහරණය කළ බව එහිම සඳහන් වේ. මොරතොටවත පද්‍ය කාව්‍යය රචනාවන කාලයේදී කිසියම් ප‍්‍රමාණයක සංවිධානය වූ අධ්‍යාපන ක‍්‍රියාවලියක් මෙරට තිබී ඇතිබව ධම්මක්‍ඛන්‍ධ නාහිමියන් සතු වූ දැනුම් සම්භාරය ම`ගින් අවබෝධ වේ. එලෙස පරිපූර්ණ වූ අධ්‍යාපනයක් උන්වහන්සේට ලබා ගැනීමට හැකි වූයේ උන්වහන්සේ තුළ වූ කැපවීම නිසාම පමණක් නොවන බව මෙහිලා සඳහන් කළ යුතුය. ඒ සඳහා අවැසි වටපිටාවක් කාලය විසින් සකස් කර දී තිබීම මෙහිදී ඉතා වැදගත්ය. සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් අධ්‍යාපනය සඳහා සුදුසු වාතාවරණයක් අලූතින්ම නිර්මාණය කර එය ක‍්‍රමයෙන් වර්ධනය කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ධම්මක්‍ඛන්‍ධ නාහිමියන්ගේ කාලය වනවිට කිසියම් ප‍්‍රමාණයක දියුණු අධ්‍යාපන ක‍්‍රමවේදයක් සකස්ව තිබුණු බව මෙම අධ්‍යයනය ම`ගින් ප‍්‍රත්‍යක්‍ෂ විය.
තත්කාලීන අධ්‍යාපනයේ තිබූ තවත් විශේෂ ලක්‍ෂණයක් වූයේ ලබාගන්නා අධ්‍යාපනය ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නැංවීමයි. එසේ හෙයින් මොරතොටවත පද්‍ය කාව්‍යය රචනාවන කාලය පමණ වනවිට අධ්‍යාපනය හා ශාස්ත‍්‍රීය ක‍්‍රියාකාරකම් එකිනෙකට මිශ‍්‍රව පැවති බවක් දක්නට ලැබේ. ධම්මක්‍ඛන්‍ධ නාහිමියන් මහානායක ධුරයට පත්වීමෙන් පසුව සාමණේර භික්‍ෂූන් වහන්සේලා විෂයෙහි ක‍්‍රියාත්මක කරන ලද අධ්‍යාපන ක‍්‍රමවේදය තුළ එම ලක්‍ෂණය අන්තර්ගත වූ බව තත්කෘතියෙහි සඳහන් වේ. තම තමන් උගත් ධර්ම කරුණු හා භාෂාන්තර ඤාණය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට තත්කාලීන භික්‍ෂූන් වහන්සේලා ක‍්‍රියා කළහ. මොරතොටවත පද්‍ය කාව්‍යය රචනාවන කාලයේ පැවති අධ්‍යාපන හා ශාස්ත‍්‍රීය ක‍්‍රියාකාරකම් පිළිබඳ විස්තරයක් මොරතොටවත පද්‍ය කාව්‍යයේ 125 - 130 දක්වා පද්‍යයන්හි සඳහන් වේ.
‘‘විනය බණ දන්නෝ
බණ පිරිතැ ලොල් වන්නෝ
වෑ කරණ දන්නෝ
ගණිත සැඳැ සත එළුව දන්නෝ(125*
එළු බණ කියන්නෝ
පාළි බණ තෝරන්නෝ
සකු සතර දන්නෝ
සියම් කංබෝජාදි දන්නෝ ’’ (26*
ආරාම මූලික කරගත් තත්කාලීන අධ්‍යාපනයෙහි ප‍්‍රමුඛත්වය හිමිවූයේ බෞද්ධ අධ්‍යාපනය කෙරෙහිය. ඒ අතරිනුදු විනය කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබූ බව පැහැදිලි වන්නේ පරිහානියට පත්ව තිබූ භික්‍ෂු ශාසනය නැවත න`ගා සිටුවීමේ අරමුණ ඇතිව අධ්‍යාපන ක‍්‍රමවේදය සකස්ව තිබූ නිසාය. විනය ම`ගින් හික්මීම පුහුණු කොට ධර්ම කරුණු, පිරිත් ආදි දෑ පිළිබඳ අවබෝධය ලබා දේ. තත්කාලීන අධ්‍යාපනය බුදුදහමට පමණක් සීමා වී තිබූ බවත් දක්නට නොලැබේ. ඒ බව ‘වෑකරණ දන්නෝ - ගණිත සැඳැ සත එළුව දන්නෝ’ යන්නෙන් ප‍්‍රත්‍යක්‍ෂ වේ. පාලි, සංස්කෘත හා සිංහල පමණක් නොව සියම්, කාම්බෝජ වැනි භාෂාවන් පිළිබඳ හා තත්භාෂාවන්හි ව්‍යාකරණ පිළිබඳ අධ්‍යාපනයද එකල ලබා දී තිබේ. එපමණක්ද නොව, දෝෂවලින් තොරව පද්‍ය බන්‍ධනය කරන අයුරු ඉගැන්වීමද තත්කාලීන අධ්‍යාපනය තුළ තිබූ තවත් විශේෂ ලක්‍ෂණයකි. මොරතොටවත පද්‍ය කාව්‍යයේ ඇතුළත් පහත පද්‍ය කිහිපය තුළින් තත්කාලීන පද්‍ය බන්‍ධනයේ තිබූ ශක්‍යතාව පැහැදිලි වේ.
‘‘යවහන් අරින්නෝ
විසි ගුණ අගුණ දන්නෝ
යති පුනරු දන්නෝ
පන් තිස් අලංකාර දන්නෝ (128*
හතුරු ගණ දන්නෝ
මිතුරු ගණවල් දන්නෝ
බන්දු ගණ දන්නෝ
ගණ අටේ ගුණ අගුණ දන්නෝ (129*
දිජ අකුරු දන්නෝ
කැත් කුල අකුරු දන්නෝ
වණිජ’කුරු දන්නෝ
සෑම කුදු කුල අකුරු දන්නෝ’’ (130*
තත්කාලීන පද්‍ය බන්‍ධනය සම්බන්‍ධයෙන් නිපුණත්වය කෙසේ පැවතියේද යන්න සඳහා උක්ත පද්‍ය කිහිපය නිදසුන් සපයයි. නිවැරැුදිව පද්‍යයක් බන්‍ධනය කරන්නේ නම් ඒ සඳහා අනුගමනය කළයුතු නීතිරීති මෙන්ම අත්හළයුතු දෝෂයන්ද වේ. පද්‍ය බන්‍ධනය සම්බන්‍ධව උපදෙස් සපයන එළුස`දැස් ලකුණේ න්‍යායන්, මොරතොටවත පද්‍ය කාව්‍යය රචනාවන කාලයේ පද්‍ය බන්‍ධනයෙහි නියුතු වූවන් මනාව දැන සිටි අයුරු අවබෝධ කරගත හැකි වේ. උක්ත සඳහන් 128වන පද්‍ය එළුස`දැස් ලකුණේ එන ‘‘යවහන් ලකුණු එළි - සැතපුම් ද දනු අතුරේ’’ යන්න හා මනාව ගැළපේ. එයින් ප‍්‍රකාශ වන්නේ යවහන් ලක්‍ෂණද එළි ලක්‍ෂණද අතුරේ සැතපුම්ද කාව්‍ය බන්‍ධනයේදී දැනගත යුතු බවයි. උක්ත 128වන පද්‍යයේ අර්ථය වන්නේ යවහන් දෝෂය ම`ගහැර ඒවායේ ගුණ දොස් හැඳින, යතිය හෙවත් නැවතීම නිසි තැන්හි පිහිටුවා, පුනරුක්ති දෝෂය ම`ගහැර, තිස් පහක් වූ අලංකාරවලින් සමාලංකෘතව පද්‍ය බන්‍ධනය කිරීමට සමත් පිරිසක් ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ කාලයේ සිටි බවයි. පද්‍ය බන්‍ධනය කිරීමේදී ගණ පිහිටුවීමද නිසියාකාරව සිදු කළ යුතුය. එළුස`දැස් ලකුණට අනුව ම ගණය, න ගණය, බ ගණය, ය ගණය, ජ ගණය, ර ගණය, ස ගණය සහ ත ගණය වශයෙන් ගණ අටකි. ඒවා සුබ හා අසුබ වශයෙන් කොටස් දෙකකි. මොරතොටවත පද්‍ය කාව්‍යය රචනාවන කාලයේ පද්‍ය බන්‍ධනයේ යෙදී සිටි පිරිස උක්ත ගණ අටෙහි ගුණ, අගුණ මනාව හැඳින සිටි බව 129වන පද්‍යයෙන් කියැවේ. සතුරු ගණ, මිතුරු ගණ හා ඤාති ගණ මොනවාද යන්න පිළිබඳ හොඳ අවබෝධයක් ඔවුනට තිබී ඇත. දිජ අකුරු, කැත් කුල අකුරු, වණිජකුරු හා කුදු කුල අකුරු මොනවාද සහ ඒ අක්‍ෂරවලට අනුව ලඝු, ගුරු හා මාත‍්‍රා පිහිටුවීම පිළිබඳ නිපුනත්වයක්ද තත්කාලයේ පද්‍ය බන්‍ධනය කරන්නෝ දැනගෙන සිටියහ.
සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ වැඩසිටි කාලයේ අධ්‍යාපනය ලැබීමේ තිබූ දුෂ්කරතාව ධම්මක්‍ඛන්‍ධ නාහිමියන් වැඩසිටි කාලයේ තරමක් පහව ගොස් ඇති අයුරක් මොරතොටවත පද්‍ය කාව්‍යය තුළින් පැහැදිලි වේ. මහනුවර යුගයේ පරිහානියට පත්ව තිබූ අධ්‍යාපන හා ශාස්ත‍්‍රීය ක‍්‍රියාකාරකම් නැවත ක‍්‍රමයෙන් වර්ධනය වීමෙහිලා බලපෑ ප‍්‍රධානතම හේතුව වූයේ සරණංකර හිමිගේ ශාස්ත‍්‍රීය පුනර්ජීවයයි. ඉන්පසු මොරතොට ධම්මක්‍ඛන්‍ධ මහානාහිමියන්ද තත්කර්තව්‍යය තවදුරටත් වර්ධනය කරමින් ඉදිරියට පවත්වාගෙන ගොස් ඇතිබව මොරතොටවත පද්‍ය කාව්‍යය තුළින් අනාවරණය වේ.
03.3. භික්‍ෂුව හා අන්තර් සමාජ සම්බන්‍ධතා
ලංකා සංස්කෘතිය කිසියම් නිශ්චිත පදනමක් ඔස්සේ සකස්වීමෙහි පදනම දැමුවේ මිහිඳු මහාරහතන් වහන්සේය. මිහිඳු හිමියන් විසින් මෙරටට ගෙන එනු ලැබුවේ එවකට භාරතයේ පැවති ආගමික, දේශපාලනික, ආර්ථික, සාමාජික ආදි සියලූම ක්‍ෂේස්ත‍්‍රයන්ගෙන් කැටිකරගත් සමාජ සංස්කෘතියකි. එහි විශේෂත්වය වූයේ මේ සියලූම සමාජ සංස්කෘතිකාංග සම`ග බුදුදහම බද්ධ වී තිබීමයි. බෞද්ධ ආභාසය මත පදනම් වූ එම සමාජ සංස්කෘතිකාංග නොවෙනස්ව, නිර්ලෝභීව ලාංකික ජනතාවට දායාද කිරීමට මිහිඳු මාහිමියෝ කටයුතු කළහ.
විශාල පිරිසක් බුදුසමය වැළඳගත් පසු දේවානම්පියතිස්ස රජු, බුදුසමය ලංකාවේ පිහිටියේදැයි මිහිඳු හිමියන්ගෙන් විචාල කල්හි උන්වහන්සේ ප‍්‍රකාශ කර සිටියේ ලාංකික දෙමව්පියන්ගෙන් උපන් දරුවෙකු පැවිදිව විනය හදාරා මෙරටදී ධර්ම දේශනා කරන තෙක් මෙහි බුදුදහම මුල්බැස නොගන්නා බවයි. මෙතුළින් පැහැදිලි වන්නේ මෙරට බුදුසමය ලාංකීය බුදුසමය බවට පත් කිරීමට මහිඳු මහරහතන් වහන්සේ විශාල උත්සාහයක් ගෙන ඇති බවයි. මෙබඳු පදනමක ගොඩනැ`ගුණු ලාංකීය භික්‍ෂු සංස්ථාව ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජ ප‍්‍රශ්නවලදී සුවිශේෂී භූමිකාවක් නිරූපණය කර ඇත.
අතීතයේ සිටම රාජ්‍ය පාලකයාගේ උපදේශකත්වය හිමිව තිබුණේ භික්‍ෂූන් වහන්සේලාටය. මෙම හේතුව නිසා දේශපාලනමය වශයෙන් වැදගත් තීන්දු තීරණ ගන්නා අවස්ථාවලදි භික්‍ෂූන්ගේ මැදිහත්වීම අනිවාර්ය සාධකයක් බවට පත්ව තිබුණි. භික්‍ෂූන් රාජ්‍ය පාලනයට ඍජුවම සම්බන්‍ධ නොවූවද රාජ්‍ය පාලකයාගේ ක‍්‍රියාකලාපය ඕනැම අවස්ථාවක වෙනස් කිරීමේ ශක්තිය උන්වහන්සේලා සතුවිය. එසේ හෙයින් ශාසනයට, රටට හෝ රටවැසියාට හානියක් වන ආකාරයෙන් ක‍්‍රියා කිරීමට පාලක පක්‍ෂයට අවස්ථාව නොලැබුණි. රාජ්‍ය පාලකයා සම`ග පමණක් නොව රට වැසියන් සමගද භික්‍ෂූන් වහන්සේලා නොයෙක් ආකාරයෙන් සම්බන්‍ධතා පැවැත් වූහ. බෞද්ධ ජනයාගේ උපතේ සිට මරණය දක්වාම ජීවිතයේ වැදගත් අවස්ථාවන්වලදී භික්‍ෂූන්ගේ සහභාගීත්වය අනිවාර්ය සාධකයක් වේ. දරුවෙකු ඉපදීමට සිටින අවස්ථාවලදී භික්‍ෂූන් වහන්සේ නමක් වැඩමවා අංගුලිමාල පිරිත දේශනා කර දරුවාට සහ මවට ආරක්‍ෂාව ප‍්‍රාර්ථනා කිරීමට ලාංකික බෞද්ධයෝ වර්තමානයේ පවා උත්සුක වෙති. එසේම ඉඳුල් කටගෑම, අකුරු කියවීම, විවාහය හා මරණය ආදි අවස්ථාවන්හිදී ගමේ පංසලේ හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් අවශ්‍ය වේ. මිනිසුන්ගේ සුභසිද්ධිය අපේක්‍ෂාවෙන් පිහිටුවන සමිති සමාගම්ද ගමේ විහාරස්ථානය මුල් කරගනිමින් ක‍්‍රියාත්මක වීම වර්තමාන්යේ වුවද දක්නට ලැබෙන ලක්‍ෂණයකි. දරුවන් යහමගට ගැනීමේ අපේක්‍ෂාවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම අතීතයේ සිට වර්තමානය දක්වා නොනවත්වා සැම විහාරස්ථානයක් ම`ගින්ම සිදු කරනු ලබන මාහැ`ගි සමාජ හෙහෙවරකි. මෙසේ කරුණු වමසා බලන කල්හි භික්‍ෂුව යනු අධ්‍යාත්මික ජීවිතයම අපේක්‍ෂාවෙන් කටයුතු කරන පිරිසක් පමණක්ම නොවන බව ප‍්‍රත්‍යක්‍ෂ වේ. රටෙහි සංවර්ධනය හා රට වැසියාගේ ලෞකික මෙන්ම ආධ්‍යාත්මික ජීවිතය කෙරෙහිද විශාල මගපෙන්වීමක් භික්‍ෂූන් වහන්සේලා සිදු කරති. මෙලෙස ක‍්‍රියා කිරීමේදි සමාජය හා නිරන්තරයෙන් උරෙනුර ගැටෙමින් විවිධාකාර වූ සම්බන්‍ධතා පැවැතිවීමට භික්‍ෂූන් වහන්සේලාට සිදු විය.
මෙහිදී අවධානය යොමු වන්නේ මොරතොටවත පද්‍ය කාව්‍යය තුළින් හෙළිවන තත්කාලීන භික්‍ෂුව හා අන්තර් සමාජ සම්බන්‍ධතා පිළිබඳවය. තත්කාලීන භික්‍ෂුවගේ අන්තර් සමාජ සම්බන්‍ධතා යනුවෙන් අදහස් කරන්නේ තත්කාලීන භික්‍ෂූන් වහන්සේලා ගිහි සමාජය සම`ග ගනුදෙනු කළ ආකාරයයි. ඒ ඒ යුගයන්හි භික්‍ෂූන් වහන්සේලා ගිහි සමාජය සම`ග පැවැත් වූ සම්බන්‍ධතා ඒ ඒ කාලවකවානුවල රචනා වූ ලේඛනයන්හි තොරතුරු ඇතුළත් වේ. මහනුවර යුගයේ භික්‍ෂුව හා අන්තර් සමාජ සම්බන්‍ධතා කෙසේ පැවතියේද යන්න පිළිබඳ තොරතුරු මොරතොටවත පද්‍ය කාව්‍යය තුළින් අනාවරණය කරගත හැකිය.
භික්‍ෂූන් වහන්සේලා හා අන්තර් සමාජ සම්බන්‍ධතා පිළිබඳ අධ්‍යයනය කිරීමේදී දේශපාලනය හෙවත් රාජ්‍ය පාලනය කෙරෙහි භික්‍ෂුවගේ මැදිහත්වීම කුමන අයුරකින් සිදුව ඇද්ද යන්න අධ්‍යයනය කිරීමට සිදුවේ. ලංකා ඉතිහාසයේ දේශපාලනය හා ආගම අතර සම්බන්‍ධීකාරයා වූයේ භික්‍ෂුවයි. දේශපාලනය භික්‍ෂුවගේ ආකල්පයන්ට විෂය නොවන නමුත් බුද්ධ ශාසනය ලංකාවේ ස්ථාපනය කළ අවස්ථාවේ සිට පාලකයන්ගෙන් ශාසනයේ දියුණුවට සිදු වූ සේවය මත පාලකයා හා භික්‍ෂුව අතර මුල්කාලයේ සිටම තිබූ සමීප සබඳතා නිසාත් භික්‍ෂුවට එම ක්‍ෂේස්ත‍්‍රයෙන් ඉවත් වීමට නොහැකි විය. පාලන සංවිධාන නිසිම`ග යොමු කිරීම හා බුද්ධිමත් නායකත්වයක් ඇති කිරීම භික්‍ෂූන්ගේ කාර්යභාර්ය විය. මුල්කාලයේදී භික්‍ෂුව දේශපාලනය කෙරෙහි ඍජු බලපෑමක් එල්ල නොකලද පසු කාලීනව දේශපාලන සංවිධානයේ ප‍්‍රබල තත්ත්වයක් භික්‍ෂුවට හිමිවිය. රාජ්‍ය පාලනය තුළ භික්‍ෂුවගේ ක‍්‍රියාකාරිත්වය කෙසේ පැවතියේද යන්න පහත උපුටනයෙන් පැහැදිලි වේ.
”...ආගමත්, ජාතියත්, රාජ්‍යයත් එක්වීම නිසා භික්‍ෂූන් වහන්සේලාට හැම කාර්ය්‍යයකදීම ප‍්‍රමුඛස්ථානයක් හිමි විය. රජුගේ නායකත්වයට වඩා භික්‍ෂුවගේ නායකත්වය ජනතාව පිළිගත් බව ප‍්‍රකටය. භික්‍ෂූන් වහන්සේලාට එරෙහි වූ කිසිම පාලකයෙකුට වැඩි කලක් පාලනය කිරීමට ඉඩක් නොලැබුණි. භික්‍ෂුවගේ නායකත්වය අභිබවා යාමට කිසිවෙකුටත් නොහැකි විය. රටට විපතක් වූ හැම විටකම භික්‍ෂුවගේ නායකත්වය වටා ජනතාව ඒකරාශි විය. එළාරගෙන් රට බේරා ගැනීමේ සටනේදී දුටුගැමුණු කුමාරයාට දුන් සහායෙන් පසුව භික්‍ෂූවගේ බලය තවත් බලවත් විය.”
මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් මහානායක ධුරය හොබවන කාලයේ මෙරට රාජ්‍ය පාලකයා වූයේ රාජාධි රාජසිංහ මහරජතුමාය. මෙතුමා උපතින් ද්‍රවිඩ ජාතිකයෙකු වූ අතර ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ ආශ‍්‍රය නිසා බෞද්ධයෙකු බවට පත්ව ඇත. එතැන් සිට බුදුදහම කෙරෙහි විශේෂ ඇල්මක් දැක් වූ මෙම රජතුමා ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ සමීපතම මිත‍්‍රයෙකු බවට පත්ව සිටියේය. ධම්මක්ඛන්‍ධ නාහිමියන් වෙතින් ධර්ම ශාස්ත‍්‍රය හදාළ රාජසිංහ රජු දීඝනිකාය, උපාසක ජනාලංකාරය, මිලින්‍දප‍්‍රශ්නය හා මහාවංශය උන්වහන්සේගෙන් ඉගනගෙන තිබේ. මේ ආකාරයෙන් රජුට ගුරුවරයෙකු වූ නිසා ධම්මක්ඛන්‍ධ නාහිමියන් රාජගුරු නාමයෙන් පිදුම් ලබා තිබේ. ධම්මක්ඛන්‍ධ හිමියන්ගෙන් බෞද්ධ අධ්‍යාපනය ලද රජතුමා ඒ හිමියන්ගේම ආරාධනයෙන් අසදිස ජාතක කාව්‍ය සිංහලට පවා පරිවර්තනය කළේය. එම පරිවර්තනය තුළ ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ ගුණ වර්ණනයක් ඇතුළත් කිරීමටද රජතුමා අමතක නොකළේය.
රාජාධි රාජසිංහ රජු හා ධම්මක්ඛන්‍ධ හිමියන් අතර පැවති සම්බන්‍ධය තුළින් මොරතොටවත පද්‍ය කාව්‍යය රචනා වූ කාලය පමණ වනවිට භික්‍ෂුව හා රාජ්‍ය අතර පැවති සම්බන්‍ධතාව කෙබඳුද යන්න අවබෝධ කොටගත හැකිය. භික්‍ෂුව හා රාජ්‍ය අතර පැවති සම්බන්‍ධය මොරතොටවත කෘතියේ මෙසේ සඳහන් වේ.
”එවැනි දම් රැුස් වගුරුවා ඒ දහම් කඳ යති දිවයුරු
සොඳිනි කිත්සිරි රාජසිහ රජ කමල පොබයා ලකිසුරු
මෙවැනි විකසිත නරණ කමලින් නික්මවන ලද පියකරු
දෙවෙනි නායන ඉසුරු සුව`දක් දසත විහිදිණි දියතුරු (41*
මෙලක් දිව සිත් රැුගෙන සදහම් දෙසන්නට අමයුරු රැුª
අනෙක් කෙනෙකුට නො පිළිවන් මැයි දහම් ක`ද තෙරි`දුන් බª
සියක් ගණනක් ගිහි පැවිද්දන් සබෙහි කැර කැර පරසිදු
නොයෙක් ලෙස තුති කර වදාළා එ කිත්සිරි රජසිහ ර¥” (42*
භික්‍ෂු සංස්ථාවේ ප‍්‍රදානත්වය හිමිවන්නේ ඒ ඒ නිකායන්වල නායක හිමිපාණන් වහන්සේලාටය. එයිනුදු මහානායක හා අනුනායක පදවිය හිමිවන්නේ විනයධර, ධර්මධර මහාතෙරවරුන්ටය. කිසියම් නිකායක සියලූම භික්‍ෂූන් වහන්සේලාගේ ප‍්‍රධානියා වන්නේ තත්නිකායේ මහානායක හාමුදුරුවන් වහන්සේය. මහානායක හිමියන්ගෙන් පසු අනුනායක හිමියෝ එහි ප‍්‍රධානත්වය උසුලති. මෙලෙස භික්‍ෂූන්ගේ ප‍්‍රධානත්වය උසුලන මහානායක හා අනුනායක තනතුරු සඳහා සුදුසු භික්‍ෂූන් වහන්සේලා පත්කිරීමේ අයිතිය මහනුවර යුගයේදී හිමිව තිබුණේ රටේ ප‍්‍රධානියා වූ රජතුමාටය. රජතුමා ප‍්‍රධාන සියලූම රටවැසියන්ගේ මනදොල ධර්මයෙන් සනසාලූ ධම්මක්ඛන්‍ධ හිමියන් වෙත රජතුමා විසින් සියම් නිකායේ අනුනායක පදවිය ප‍්‍රදානය කළ බව ‘දෙවෙනි නායන ඉසුරු සුවඳක් දසත විහිදිණි දියතුරු’ යන්නෙන් පැහැදිලි වේ. සියගණන් ගිහිපැවිදි පිරිසගේ සිත් ධර්මයෙන් ප‍්‍රබෝධමත් කළ ධම්මක්ඛන්‍ධ හිමියන්ට රාජසිංහ රජුගෙන් කීර්ති ප‍්‍රශංසා පවා ලැබී තිබේ. සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ එවකට මහානායක ධුරය හොබවමින් වැඩසිටි දරමිටිපොල ශ‍්‍රී ධම්මරක්ඛිත නාහිමියන්ගේ අපවත්වීමෙන් රාජසිංහ රජු විසින් ධම්මක්ඛන්‍ධ හිමියන් මහානායක ධුරයට පත්කරනු ලැබීය. තත්කාලීන රජවරු භික්‍ෂූන් වහන්සේලා සම`ග පැවති සම්බන්‍ධය තවදුරටත් මොරතොටවත පද්‍ය කාව්‍යයේ 43, 44, 45 පද්‍ය තුළින් විස්තර වේ.
”දහම් වරුසා කරන මොරතොට දහම් කඳ තෙරිඳුට නිති
කසුන් පට සළු පිළී විසිතුරු සිවුරු පිරිකර කැප ඇති
උතුම් කිත්සිරි රාජසිහ නම් නිරිඳු සිරි ලක අධිපති
වරින් වර බණ අසා පැහැදී පි¥ පුද ගණනක් නැති(43*
අකල් මෙ ගැබින් සතුන් තුටු කැර වහින වරුසාවක් ලෙසින්
කොවුල් නදයට නි`ගා කැර දම් දෙසූ සඳු සුමිහිරි බසින්
විපුල් ගුණ යුත් එ කිත්සිරි රජ සිංහ බුදුකුරු රදු විසින්
දෙගල් දොරුවේ වෙහෙර ලැබුණා දහම් ක`ද තෙරිඳුට තොසින්(44*
බැහැර කට යම් පසක් උදෙසා වෙහෙස වී යා නොදී නිතරම
වෙහෙර සුව සේ ඉඳින උත්සහ කරන සැටියට නිරුත්තියටම
දහර හෙරණුන් ආදි කොට ඇති ඔබගෙ අතවැසි ස`ගුන් හැමටම
අහර උදෙසා ලැබිනි ගංගාරාම වෙහෙරත් සහිත ගමබිම” (45*
ධම්මක්ඛන්‍ධ හිමියන් විසින් දේශනා කළ ධර්මය අසා පැහැදුණු රාජසිංහ රජතුමා අවස්ථා කිහිපයකදිම උන්වහන්සේට කසීසළු, විසිතුරු සිවුරු ආදි දේවල් පිරිකර වශයෙන් පූජා කර ඇත. අතීතයේ සිටම ලක්දිව රජවරු බුදුසසුන වෙනුවෙන් ඉඩකඩම් පූජා කිරීම චාරිත‍්‍රයක් වශයෙන් සිදු කළහ. එසේ කරන පූජාවන් සාංඝික වශයෙන් සියලූම භික්‍ෂූන් වහන්සේලාට අයිතිවන සේ පූජා කළද මොරතොටවත කෘතියේ සඳහන් වන්නේ රාජසිංහ රජතුමා ධම්මක්ඛන්‍ධ හිමියන් උදෙසා දෙගල්දොරුවේ විහාරය පෞද්ගලික පූජාවක් වශයෙන් සිදු කළ බවයි. ඒ බව ‘දෙගල් දොරුවේ වෙහෙර ලැබුණා දහම් කඳ තෙරිඳුට තොසින්’ යන්නෙන් පැහැදිලි වේ. මෙම විහාර පූජාව ඇතැම් විට සියලූම භික්‍ෂූන් වහන්සේලාට අයිතිවන සේ සාංඝිකව පූජා කරන්නට ඇත. ධම්මක්ඛන්‍ධ හිමියන් රජතුමා සම`ග තිබූ සමීප සම්බන්‍ධය ඉස්මතු කිරීම සඳහා කතුවරයා විසින් එසේ ප‍්‍රකාශ කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. එසේම රාජාධි රාජසිංහ රජතුමා විසින් සිදු කළ තවත් විහාර පූජාවක් පිළිබඳ තොරතුරු ඉහත ස`දහන් හතළිස්පස්වන පද්‍යයෙන් කියැ වේ. ගම්බිම් සහිතව ගංගාරාම විහාරය පූජා කරන්නේ ධම්මක්ඛන්‍ධ හිමියන් ඇතුලූ මහා සංඝරත්නයට බව ‘දහර හෙරණුන් ආදි කොට ඇති ඔබගෙ අතවැසි ස`ගුන් හැමටම’ යන ප‍්‍රකාශයෙන් ප‍්‍රත්‍යක්‍ෂ වේ. තත් විහාරයේ වාසය කරන සියලූම භික්‍ෂූන් වහන්සේලාගේ ප‍්‍රත්‍ය පහසුව සඳහා ඉඩකඩම් විශාල ප‍්‍රමාණයක් සහිතව ගංගාරාම විහාරය පූජා කර ඇත. විහාර පූජා කිරීමෙන් පමණක් සෑහීමට පත් නොවූ රජතුමා, ධම්මක්ඛන්‍ධ හිමියන්ට දානය පවා රාජමාළිගාවෙන් සකස් කළ බව පැවසේ.
”එවැනි ගුණ මේ ගැබින් වසිනා දහම් වරුසාවට තොසින්
අවණි පල් වෙසෙසින් පහන් වී යෙදුණු මහ පනතේ බසින්
ගවනි ලා සෙප්පුවෙක බලවත් පයිඩයක් කරනා ලෙසින්
ලැබිණි මුළු තැන් ගෙයින් දානේ නිතර දිව බොජුනක් ලෙසින්”
මෙසේ කරුණු විමසා බලන කල්හි මොරතොටවත කකෘතිය රචනා වන කාලය තුළ භික්‍ෂුව හා රාජ්‍ය පාලකයා අතර සමීප සම්බන්‍ධතාවක් පවත්වා ඇතිබව තහවුරු වේ. මොරතොටවත පද්‍ය කාව්‍යයේ ඇතුළත් වන රාජාධි රාජසිංහ රජු හා ධම්මක්ඛන්‍ධ හිමියන් අතර පැවති මිත‍්‍රත්වය තුළින් පැහැදිලි වන්නේ භික්‍ෂූන් වහන්සේලා හා රාජ්‍ය පාලකයා අතර මනා සම්බන්‍ධතාවක් තත්කාලයේ පැවති බවයි. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු හා වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ අතර පැවති සමීප සම්බන්‍ධතාව තුළින් ඒ බව තවදුරටත් තහවුරු වේ.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම අවුරුදු දෙදහස් හයසිියයක් තරම් ඈත ඉතිහාසයක සිට වර්තමානය දක්වාම විනාශ නොවී ආරක්‍ෂා වී පැවතියේ භික්‍ෂුන් වහන්සේලා හා ගිහි ජනතාව අතර පැවති මනා සම්බන්‍ධතාව නිසාවෙනි. එහෙත් ලෝකෝත්තර ජීවිතය සාක්‍ෂාත් කර ගන්නා අතරම ගිහි ජනතාවට ලෞකික ලෝකෝත්තර යන දෙයාකාර ජීවිතයන් සාර්ථක කර ගැනීමවස් අර්ථයෙන් ධර්මයෙන් උපදෙස්දීම භික්‍ෂූන්ගේ කාර්යභාර්ය විය. මෙසේ පුද්ගල ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උපදෙස් ලබාදෙන භික්‍ෂූන් පෝෂණය කිරීමේ වගකීම ගිහි ජනතාව වෙත පැවරී තිබුණි. බෞද්ධ සමාජ ව්‍යුහය ගොඩනැ`ගී ඇත්තේ මෙලෙස පැවති ගිහිපැවිදි සබඳතාව නිසාවෙනි. මෙලෙස පැවති ගිහිපැවිදි සම්බන්‍ධතාව පිළිබඳ තොරතුරු ඒ ඒ කාලවලදී රචනා වූ යම් යම් ලේඛනවලින් අනාවරණය වේ. භික්‍ෂූන් වහන්සේ නමක් වර්ණනා කරමින් රචනා වූ මොරතොටවත පද්‍ය කාව්‍යය තුළින්ද තත්කාලීන භික්‍ෂුව හා අන්තර් සමාජ සම්බන්‍ධතා පිළිබඳ තොරතුරු රැුසක් අනාවරණය වේ.
පැවිදිවීම, උපසම්පදාව ලැබීම හා නායක පදවියක් ලැබීම යනු භික්‍ෂූන් වහන්සේ නමකගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන්ය. මෙම අවස්ථාවන්වලදී දායක පක්‍ෂයෙන් ඉටුවිය යුතු යුතුකම් ප‍්‍රමාණයක්ද වේ. ඒ ඒ අවස්ථාවන්වලදී දායකයන්ගේ ක‍්‍රියාකාරිත්වය තුළින් ගිහිපැවිදි සම්බන්‍ධතාව කෙතෙක් දුරට තහවුරු වී තිබේද යන්න ප‍්‍රත්‍යක්‍ෂ වේ. ධම්මක්ඛන්‍ධ හිමියන්ට මහානායක පදවිය ලැබීම නිමෙත්තෙන් සතුටට පත්වූ දායක පිරිස මාහැ`ගි උත්සවයක් පවත්වා උන්වහන්සේ පිළිගැනීමට කටයුතු සංවිධානය කළහ. එසේ කරන ලද්දේ තත්කාලීන භික්‍ෂූන් වහන්සේලා ප‍්‍රභූවරුන් සම`ග පමණක් නොව සාමාන්‍ය ගිහි ජනයා සම`ගද හොඳ සබධතාවක් ගොඩන`ගාගෙන තිබුණු නිසාය. එසේ නොමැති නම් මේ සා විශාල උත්සවයක් ඒ නිමිත්තෙන් සංවිධානය කිරීමට සාමාන්‍ය ජනයා කටයුතු නොකරති. ධම්මක්ඛන්‍ධ හිමියන්ට මහානායක පදවිය ලැබීමෙන් පසු උන්වහන්සේ විහාරස්ථානය කරා වැඩමවන ලද්දේ දායක පිරිස විසින් සංවිධානය කළ මාහැ`ගි පෙරහැරකිනි. ඒ බවට පහත පද්‍ය කිහිපය නිදසුන් සපයයි.
”නික්මෙන්නන් කුඩ කොඩි ගැන්නෙව්වා - ගුණ
මක් වන්නන් දුරු කැර පැන්නෙව්වා
එක් වන්නන් තොස් තුත් රැුව් දෙව්වා - ගරු
සක්සින්නම් එක්ක මැ පිමිබෙව්වා
මෙවුල් බඳන නාටක දක්වන්නෝ - බෙර
දවුල් ගසා ගෙන පෙර ම`ග යන්නෝ
කොවුල් නදින් තුති කවි පවසන්නෝ - සිත
තැවුල් වෙලා මේ දැක තතනන්නෝ
ඉන් ඉට සෑහෙන දේවල් මෙව්වා - පෙර
මන්කොට හොරණෑ ගෙන පිම්බෙව්වා
අන්හට කාටත් වයනා එව්වා - ඔය
තම්මැට පෙරැුදුරු කරට ගැසෙව්වා”
මොරතොටවත පද්‍ය කාව්‍යයේ ඇතුළත් උක්ත ස`දහන් 53, 54, 55 යන පද්‍යයන්ගෙන් ධම්මක්ඛන්‍ධ නාහිමියන් උදෙසා පැවැත්වූ පෙරහැරක් පිළිබඳ තොරතුරු සඳහන් වේ. විශාල කොඩි රැුගත් පිරිස්, බෙර, තම්මැට්ටන් හා දවුල් වාදනය කරන පිරිස්, සියලූ ආභරණයන්ගෙන් සැරසී නර්තනයේ යෙදෙන නැට්ටුවන්, හොරණෑ පිඹින පිරිස් ආදි නොයෙක් අයුරින් අලංකාරවත් කරන ලද පෙරහැරක් පිළිබඳ විස්තර උක්ත පද්‍ය කිහිපයෙන් හෙළි වේ. මේ අයුරින් අලංකාරවත් විශාල පෙරහැරක් සූදානම් කිරීමට සුළු පිරිසකට ශක්තියක් නොමැති අතර ඒ සඳහා විශාල ජනතා සහභාගිත්වයක් අවශ්‍ය වේ. මොරතොටවත පද්‍ය කාව්‍යය රචනාවන කාලය තුළ වැඩසිටි භික්‍ෂූන් වහන්සේලා සාමාන්‍ය ජනතාව සම`ග සුහඳව කටයුතු නොකළේ නම් භික්‍ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් මේ සා විශාල උත්සවයක් සූදානම් කිරීමට ජනතාව ඉදිරිපත් වේ යැයි සිතිය නොහැකිය. ජනතාව කිසියම් හේතුවක් නිසා අසරණ වූ අවස්ථාවලදී ඉන් මුදවා ගැනීමට තත්කාලීන භික්‍ෂුන් වහන්සේලා කටයුතු කළහ. මරක්කල ජාතිකයන් දෙදෙනෙකුට ණයක් ගෙවාගැනීමට නොහැකිව හිරභාරයට අසුව රැුගෙන යන අවස්ථාවේදී රිදී තුන්සිය පනස්හතරක් ගෙවා ඔවුන්ව හිරෙන් මුදවා ගැනීමට ධම්මක්ඛන්‍ධ නාහිමියෝ සමත් වූහ. එසේම හි`ගුල්වල හා සපරගමුව යන ගම් දෙකෙහි ණයබරින් ජීවත් වූ තවත් පිරිසක් එම ණය ගෙවා ඉන් මුදවා ගත් ප‍්‍රවෘතියක්ද මොරතොටවත කෘතියේ සඳහන් වේ.
”යොන් හිර දෙ බානෙක
ණයට හසු වී යනු දැක
දුරලන සිතින් දුක
රිදී තුන්සිය පනස් සතරෙක (103*
හි`ගුල්වලැ ගොල්ලෙක
සපරගමුවේ ගොල්ලලෙක
ණය ගැතිව යනු දැක
ඔවුන් එ දුකින් මුදා හළ සෙක” (104*
මෙකල භික්‍ෂූන් වහන්සේලා ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් පමණක් නොව මිලමුදල්වලින්ද උපකාර කළ බව මේ කරුණු අනුව පැහැදිලි වේ. මෙවැනි කාර්යයන් තුළින් තත්කාලයේ ගිහිපැවිදි සම්බන්‍ධතාව තවදුරටත් වර්ධනය වී තිබෙන්නට ඇතැයි සිතීමට තරම් සාක්‍ෂ්‍ය මොරතොටවත පද්‍ය කාව්‍යය තුළින් ඉස්මතු වේ. මෙසේ කරුණු සලකා බලන කල්හි මොරතොටවත පද්‍ය කාව්‍යය රචනාවන කාලයේදී භික්‍ෂූන් වහන්සේලා තම ආධ්‍යාත්මය ගැන පමණක් සලකා කටයුතු නොකළ බවත් සමාජයේ දියුණුව උදෙසා විවිධ කාර්යයන්හි යෙදෙමින් කටයුතු කළ බවත් එතුළින් මනා අන්තර් සමාජ සම්බන්‍ධතාවක් පවත්වා ගෙන ගිය බවත්් තහවුරු වේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment