Wednesday, December 11, 2013
මොරතොටවත පද්‍ය කාව්‍යය හා තත් ලක්‍ෂණ
දෙවන පරිච්ෙඡ්දය
02. මොරතොටවත පද්‍ය කාව්‍යය හා තත් ලක්‍ෂණ
02. 1. මොරතොටවතෙහි කර්තෘ හා කාලය
සිංහල රජවරුන්ගේ රාජධානි පිහිටි ස්ථානයන්ට අනුව සිංහල සාහිත්‍යය අනුරාධපුර යුගය, පොළොන්නරු, දඹදෙණි ආදි වශයෙන් යුග අටකට බෙදා දක්වනු ලැබේ. සාහිත්‍යය යුග අනුපිළිවෙළෙහි අවසාන සිංහල රාජධානිය වන්නේ මහනුවර යුගයයි. එහිදී සිංහල සාහිත්‍යයේ කිසියම් පසුබෑමක් පෙන්නුම් කළද සාහිත්‍යය යුගයක් වශයෙන් සාකච්ඡුා කළ හැකි ගද්‍යය හා පද්‍යය කෘති බොහෝමයක් තත් යුගයේදී රචනා විය. මනුවර යුගයේ ආරම්භක පාලකයා වන පළමු විමලධර්මසූරිය රජතුමා ක‍්‍රි .ව. 1592දී රාජ්‍යත්වයට පත්විය. ඉන්පසු ක‍්‍රි. ව. 1739 පමණ කාලය දක්වා සිංහල රජවරුන් යටතේ පාලනය වී පසුව නායක්කාර වංශික රජවරුන් යටතට පත්විය. ක‍්‍රි. ව. 1815දී ඉංග‍්‍රීසීන්ගේ පාලනයට යටත්වීම දක්වා නායක්කාර වංශික රජවරුන් වරින්වර පෘතුගීසි හා ලන්දේසීන් සම`ග ආරවුල් ඇතිවීම හේතුවෙන් මහනුවර යුගය ආගමික, සංස්කෘතික, දේශපාලනික මෙන්ම සාහිත්‍ය අතින්ද විශාල පරිහානියට පත්ව තිබුණි. මේ සඳහා විශාල වශයෙන්ම බලපාන ලද්දේ පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීන්සීන්ට විරුද්ධව කළ සටන් ඇතැම් සිංහලයන් විසින් පාවාදීමයි. මේ හේතුවෙන් සාර්ථක පාලනයක් ගෙනයාමට තත් යුගයේ රජවරුනට හැකියාවක් නොලැබුණු අතර මහනුවර යුගයේ පාලනය අසාර්ථකවීම සඳහා ඇතැම් රජවරුන්ගේ දුර්වලකම්ද යම් පමණකට බලපා තිබේ.
මෙම හේතු සාධක නිසාවෙන් මහනුවර අවධිය ධර්ම ශාස්ත‍්‍රාලෝකය පිරිහීගිය අඳුරු කාල පරිච්ෙඡ්දයක් වශයෙන් සලකනු ලැබේ. සතුරු උවදුරු නිසාවෙන් පිරිහෙමින් පැවති ශාස්ත‍්‍රීය කටයුතු න`ගාසිටුවීම සඳහා සරණංකර සංඝරාජ මාහිමියන් කළ මෙහෙය පිළිබඳ විස්තරයක් මහනුවර යුගයේ සිංහල සාහිත්‍යය නම් ලිපියෙහි ඞී. ඊ. හෙට්ටිආරච්චි මෙසේ ඉදිරිපත් කරයි.
‘‘16වැනි ශතවර්ෂයෙහි සිට උග‍්‍ර වෙමින් ආ පරසතුරු උවදුරු කරන කොට ගෙන දවසින් දවස පිරිහෙමින් ආ ධර්ම ශාස්ත‍්‍රයන් නැසී යා නොදී ආරක්‍ෂා කොට ඒවා නැවතත් න`ගාලීමට නොපසුබට වීර්යයෙන් ක‍්‍රියා කළ උතුමෙක් පහළ විය. එනම් වැලිවිට සරණංකර හිමිපාණෝය. එවක සම්බුද්ධ ශාසනය පිරිහී තිබූ අයුරු කීර්ති ශ‍්‍රී රාජසිංහ, රාජාධිරාජසිංහ යන රජුන් කල කරවන ලද කතිකාවත්වලින් පෙනේ. භික්‍ෂු ජීවිතයත්, ගිහි ජීවිතයත් අතර වූයේ මද වෙනසකි. උපසම්පදාව පවා විදේශිකයන්ගෙන් ගෙන්වා ගැනීමට සිදු විය. භාෂා ශාස්ත‍්‍රාදියද අත්‍යන්තයෙන් පිරිහී පැවැත්තේය. සරණංකර හිමිපාණෝ දිවා ? දෙකෙහි බලවත් පරිශ‍්‍රම දරා ධර්ම ශාස්ත‍්‍රාලෝකය යළිත් පතුරුවන්නට පටන් ගත්හ. මිනිසුන්ගේ සිත් සතන්හි භක්තිය පිබිදෙන්නට වන. පොතපතද දිනෙන් දින සුලභ විය. අනුක‍්‍රමයෙන් රජ වූ වීර පරාක‍්‍රම නරේන්‍ද‍්‍රසිංහ ශ‍්‍රී සරණංකර හිමිපාණන් වෙත ඇදී ගියේය. එය උන්වහන්සේ පටන්ගෙන තිබුණු ශාසන ප‍්‍රතිසංස්කරණයටත් ධර්ම ශාස්ත‍්‍රාදියේ දියුණුවටත් මහත් රුකුලක් විය. මහත් දුෂ්කරතාවන්ට මුහුණපාමින් භාෂා ශාස්ත‍්‍රාදිය හැදෑරූ සරණංකර හිමිපාණෝ ....... ග‍්‍රන්‍ථ කීපයක් කළහ. උඩපාත දෙරටෙහිම ධර්ම ශාස්ත‍්‍රයන් නැවතත් න`ගා සිටුවීම සඳහා කාර්යක්‍ෂම පිරිසක් අත්‍යාවශ්‍ය බව උන්වහන්සේගේ ¥රදර්ශී වූ තීක්‍ෂණ බුද්ධියට ඉඳුරාම වැටහී ගියේය. මෙසේ උදාර අදහස් ඇත්තා වූ උගත් ශිෂ්‍ය පිරිසක් ඇති කරලීම උන්වහන්සේගෙන් ඉටු වූ විශිෂ්ටතම සේවයයි. පසුව ඇති වූ ජාතික හා සාහිත්‍යෝන්නතියට අසහාය හේතුව වූයේද එයයි. ’’
හෙට්ටිආරච්චිගේ උක්ත ප‍්‍රකාශය තුළින් මහනුවර යුගයේ සාහිත්‍යය පිලිබඳ පැහැදිලි චිත‍්‍රයක් මවාගත හැකිය. පිරිහී පැවති කටයුතු නැවත න`ගාසිටුවීම සඳහා සරණංකර සංඝරාජ මාහිමිපාණෝ මහත් වෙහෙසක් දැරූහ. උන්වහන්සේගේ එම ප‍්‍රයත්නය සාර්ථකවීම නිසා ශාස්ත‍්‍රීය කටයුතු නැවත ඇතිකරලීමේ හැකියාව ලැබී තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මහනුවර යුගයේ ගද්‍ය කෘතිවලට සාපේක්‍ෂව පද්‍යය කෘති බොහෝ ප‍්‍රමාණයක් රචනා විය. මහනුවර යුගයේ රචිත පද්‍ය කාව්‍යය කෘති මෙසේ වර්ග කර දැක්විය හැකිය.
ජාතකකතා කාව්‍යය හා බණකතා කාව්‍යය
විරුදාවලි හා හටන් කාව්‍යය
සන්දේශ කාව්‍යය
උපදේශ කාව්‍යය
ශෘංගාර කාව්‍යය
පරිවර්තන කාව්‍යය
විත්ති හා චරිත කාව්‍යය
ඉතිහාසකතා කාව්‍යය
වෙනත් වර්ණනා හා අලංකාර කාව්‍යය
දේව වර්නනා, තොවිල් හා සැහැලි වශයෙනි.
උක්ත වර්ගීකරණයට අනුව මෙම යුගයේ පද්‍ය ග‍්‍රන්‍ථ විශාල ප‍්‍රමාණයක් රචනා විය. ඒ අතුරින් ප‍්‍රශස්ති හා චරිතකතා කාව්‍ය ගණයට ඇතුළත් වන කෘතියක් වශයෙන් මොරතොටවත පද්‍ය කෘතියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන්ම භික්‍ෂූන් වහන්සේ නමක් වර්ණනා කිරීම අරමුණු කර ගනිමින් ග‍්‍රන්‍ථ රචනාවීම ආරම්භ වූයේ මහනුවර යුගයෙනි. මොරතොටවත රචනා වීමට ප‍්‍රථම මහනුවර යුගයේදීම (ක‍්‍රි.ව. 1778 - 1779* අසරණ සරණ සරණංකර සංඝරාජ මහානාහිමියන් වහන්සේ වර්ණනා කරමින් ස`ගරජවත රචනා විය. මෙහි කතුවරයා වන්නේ මුංකොටුවේ අබේසිංහරාළ නම් මහනුවර යුගයේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ රාජසභාවේ සිටි සුප‍්‍රකට කවියාය. භික්‍ෂූන් වහන්සේලා වර්ණනා කිරීම උදෙසා වෙනම ග‍්‍රන්‍ථ මහනුවර යුගයේ බිහි වුවද ඊට ප‍්‍රථම බිහි වූ සන්දේශ ග‍්‍රන්‍ථයන්හි භික්‍ෂූන් වහන්සේලා වර්ණනාවට ලක්කර තිබේ. ගිරාසන්දේශ කතුවරයා සිය කෘතිය තුළ දී තොටගමුවේ රාහුල හිමියන් වර්ණනාවට ලක්කරන අතර හංස සන්දේශ කතුවරයා කෑරගල වනරතන මාහිමියන් වර්ණනාවට ලක් කරයි. එවන් අවස්ථාවල දී උන්වහන්සේලා පිළිබඳ අතිශයෝක්ති වර්ණනා සිදුකර ඇත. එසේ වුවත් සන්දේශ රචනා කිරීමේ අරමුණ භික්‍ෂූන් වර්ණනා කිරීමම නොවේ.
මොරතොටවත පද්‍ය කාව්‍යය ක‍්‍රි. ව. 1797 - 1798 කාලය තුළ මුංකොටුවේ අබේසිංහරාළ විසින් රචනා කරන ලදි. මෙම කෘතිය රචනා කිරීමේ ප‍්‍රධාන අරමුණ වූයේ මොරතොට ධම්මක්ඛන්ධ මහානාහිමියන් වර්ණනා කිරීමයි. එසේම තත්කාලයේ පැවති භික්‍ෂු ජීවිතය, රාජ්‍ය පාලකයා හා භික්‍ෂුව අතර පැවති සම්බන්‍ධය, සමාජ, ආර්ථික හා අධ්‍යාපනික ආදි තොරතුරු රාශියක් මෙම කෘතිය තුළින් හෙළි කරගත හැකිය. මෙසේ වැදගත් තොරතුරු රාශියක් මෙතුළින් හෙළි කරගත හැකි වුවද වර්තමානයේ සිංහල පද්‍ය සාහිත්‍යයේ අප‍්‍රකට කෘතියක් වශයෙන් පැවතීම අභාග්‍ය සම්පන්න කරුණකි. මොරතොටවත පද්‍ය කාව්‍යයේ කතුවරයා වන මුංකොටුවේරාළ පිළිබඳ ජන වහරේ රසවත් සිද්ධි රාශියක් පවතී.
මහනුවර යුගයේ රාජ්‍යත්වයට පැමිණි කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ රාජසභාවේ පැවති කවිකාර මඩුවෙහි හිටිවන කවි කීමෙහි දක්‍ෂ කවියෝ කිහිපදෙනෙක් සිටියහ. ඒ අතර බින්තැන්නේ සාමි, ඌවේ කුඩා මොහොට්ටාල, බුන්නැහින ඒකනායකරාළ, මුංකොටුවේ අබේසිංහරාළ ආදින් රජුගේ හිත දිනාගත් ඉතා දක්‍ෂ කවියෝ වූහ. මොවුන් අතුරින්ද මුංකොටුවේ අබේසිංහරාළ හෙවත් මුංකොටුවේරාළ සුවිශේෂ ගණයේ කවියෙකු වශයෙන් පෙන්වාදිය හැකිය. මොහුගේ මුල් නම අබේසිංහ වන අතර රාළ යන්න ගෞරවය පිණිස ව්‍යවහාර කළ නාමයකි. වංශවත් පරම්පරාවන්ගෙන් පැවත එන ස්ත‍්‍රී පුරුෂ දෙපක්‍ෂය උදෙසාම ගෞරවය පිණිස විවිධ නාමයන් මහනුවර යුගයේදී භාවිත විය. තත්කාලයේ ආරම්භ වූ මෙම ගෞරව නාමයන් වර්තමානයේ වුවද සුළු වශයෙන් හෝ තිබෙනු දැකගත හැකිය. රාළ යන නාමය මහනුවර යුගයේ බහුල වශයෙන් භාවිත වූ ගෞරව නාමයක් වන අතර ගණේෂ්වර දේවාලයේ බ‍්‍රාහ්මණරාළ, මපල්වරන්තැන්නේරාළ, වේවැල්දෙණියේ මොහොට්ටාලරාළ ආදි නම් නිදසුන් වශයෙන් පෙන්වාදිය හැකිය. මොරතොටවත කතුවරයා වන අබේසිංහරාළගේ නමට මුලින් මුංකොටුවේ යනුවෙන් යෙදෙන්නේ මුංකොටුව ග‍්‍රාමයෙන් බින්න විවාහයක් කරගත් නිසාවෙනි. මොහු කලක් මොරතොට ධම්මක්ඛන්ධ මහානාහිමියන් යටතේ පැවිදිව සිට උපැවිදි වූ අයෙක් වශයෙන් සඳහන් වේ. උපැවිදි වීමෙන් පසු මොහු මුංකොටව නම් ග‍්‍රාමයෙන් විවාහයක් කරගෙන එහිම පදිංචි වී පසුව කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කවිකාර මඩුවේ ප‍්‍රසිද්ධ කවියෙකු බවට පත්ව ඇත. උපතින්ම දක්‍ෂ කවියෙකු වූ මුංකොටුවේරාළ කවිකාර මඩුවේ පරොහු කීමෙහි අතිදක්‍ෂ කවියෙකු විය. පරොහු කීම යනු කවියෙන් එකිනෙකාට ඇනුම්පද කියා ගැනීමයි. පරොහු ඇසීම සඳහා රාජසිංහ රජු මහත් සේ ප‍්‍රියතාවක් දක්වා ඇත. එක් කවියෙකු අනෙක් කවියාට පද්‍යයෙන් ඇනුම් පදයක් කී කල්හි ඔහුද පළමුවෙනියාට නොදෙවෙනි අයුරින් තවත් කවියක් ගලපන්නේ හාස්‍යද එයට එක් කරමිනි. පරොහු ඇසීමෙන් රාජසිංහ රජු අතිශය සන්තෝෂයට පත්ව ඇති අතර මේ සඳහා රජු අනුබල දුන් අවස්ථාද ජනවහරේ බහුලව දක්නට ලැබේ. රාජසිංහ රජුගේ කවිකාර මඩුවේ මුංකොටුවේරාළ සම`ග නිරන්තරයෙන් පරොහු කීමෙහි යෙදුණු කවියෙකු වූයේ කොත්මලේ සංගර නයිදේ හෙවත් ලෝකුරු නයිදේයි. මොවුන් දෙදෙනාම දක්‍ෂ කවියන් බව දන්නා රාජසිංහ රජුද පරොහු කීම සඳහා අනුබල දුන් අවස්ථා බොහෝමයකි. මේ දෙදෙනා අතර ඇති වූ වාද විවාදවලින් මුංකොටුවේරාළ කෙතරම් දක්‍ෂ කවියෙකුද යන්න මනාව ප‍්‍රත්‍යක්‍ෂ වේ. එක් දිනක් සංගර නයිදේ රාජ සභයට පැමිණෙන විට ඔහුගේ පැමිණීම තහන්දි කිරීම වස් රජුගෙන් ඉ`ගියක් ලැබූ මුංකොටුවේ රාළ මෙසේ පැවසීය.
‘‘කුපා ඩමට සළඹක් ගෙන කිරුවා
එපා කියද්දී පාල`ග මැරුවා
විපාක නැති දේ තව බොහො කැරුවා
එපා එන්න සබයට ලෝකුරුවා’’
සංගර නයිදේද කිසිවිටෙකත් කවියෙන් පැරදීමට සූදානම් නොවීය. මුංකොටුවේරාළ විසින් ප‍්‍රකාශ කළ කවියට පිළිතුරු වශයෙන් ලෝකුරු නයිදේ විසින් කවියක් ප‍්‍රකාශ කරන්නේ මුංකොටුවේරාළ පැවිදිව සිට සිවුරු අත්හළ අයෙකු බව රාජ සභාවටම ප‍්‍රකාශ කරමිනි.
‘‘මහණ වෙලා ගෙන් ගෙට බත් හි`ගුවා
එහෙම කැරම අඹුදරුවන් තැනුවා
බොහොම නි`ගා කැර දෙලොව රැුවටුවා
කොහොම කිවුද හීරලූ මුංකොටුවා’’
රජතුමාගේ අනුබලයෙන් ඇති වු මෙම කවි ගැටුම පසුව මුංකොටුවේරාළ විසින්ම කවියක් කියා සමතයකට පත් කර ඇත. මෙසේ ඇතිවන ඇනුම් පද තුළින් බලාපොරොත්තු වුයේ සතුට පමණක් වන අතර කිසිවිටෙකත් එකිනෙකා වෛර බැඳගැනීම දක්වා දුරදිග රැුගෙන නොයෑමට ඔවුන් ප‍්‍රවේසම් විය. එම තහංදිය ඉවත් කිරීම පිණිස මුංකොටුවේරාළ විසින් මෙසේ කවියක් ප‍්‍රකාශ කර ඇත.
‘‘අ ඹේ මොටද කන්නේ රස නැත් නම්
කු ඹේ මොටද නංවන දජ නැත් නම්
ති ඹේ මොටද අමුණෙක වී නැත් නම්
ස බේ මොටද ලෝකුරුවා නැත් නම්’’
සංගර නයිදේගේ නැන්දා කෙනෙක් විවාහයට පත් වීමේ සිද්ධියක් මුල් කර ගනිමින් තවත් එවැනි පරොහු කීමේ සිද්ධියක් ජනවහරේ එයි. සංගර නයිදේගේ නැන්දා විවාහයට පත්වූයේ කලින් විවාහ වී දීගය අත්හළ අයෙකු සම`ගය. මෙම සිද්ධිය මුල් කර ගනිමින් සංගර නයිදේ රාජසභාවට පැමිණෙන අවස්ථාවේ මුංකොටුවේරාළ විසින් කවියෙන් කළ ප‍්‍රකාශයට එවැනිම වාක්ප‍්‍රහාරයක් එල්ල කිරීමට සංගර නයිදේ ද සමත් විය. පහත සඳහන් වන්නේ පිළිවෙලින් මුංකොටුවේරාළ විසින් කියන ලද කවි දෙපදය කී සංගර නයිදේ විසින් සම්පූර්ණ කළ ආකාරයයි.
‘‘ලෝකුරු නයිදෙගෙ නැන්දා ද
ගමේ මහන්නට දුන්නා ද?
ඒ කත් බොල මට නින්දා ද
සාක්කියට තොගෙ නැන්දා ද?’’
මොරතොටවත පද්‍ය කාව්‍යයේ කතුවරයා පිළිිබඳ තොරතුරු විමසීමේදී ජනවහරේ එන රසවත් සිද්ධි බොහෝමයක් දක්නට ලැබේ. තවත් අවස්ථාවක රජමාළි`ගාව ඉදිරිපිට කුඹුරේ ගොයම් රැුගෙන යන ලස්සන කාන්තාවන් දැක කවියක් කියන්න යැයි මුංකොටුවේරාළට කී රාජසිංහ රජු වඩුගොඩ පිටියේරාළට මුංකොටුවේරාළව තල්ලූ කරන්න යැයි ඉ`ගියක් කළේය. කවියේ පළමු දෙපදය කියත්ම වඩුගොඩ පිටියේ විසින් මුංකොටුවේව තල්ලූ කළ මුත් ක්‍ෂණයකින් නැගිටි මුංකොටුවේ අනෙක් දෙපදය කියා කවිය සම්පූර්ණ කර ඇත.
‘‘යෙදී පණත මට මුළු ලොව වටි යා
සැදී පෙළට අ`ගනුන් එන සැටි යා
කදීම කවියක් කියන්න හිටියා
නොදී ඇරපි මේ වඩුගොඩ පිටියා’’
මොරතොටවත රචනා කළ මුංකොටුවේරාළ කෙතරම් දක්‍ෂ කවියෙකුද යන්න පැහැදිලි කරගත හැකි අවස්ථාවක් වන්නේ ඔහුට කොළඹ ප‍්‍රසිද්ධ මුදලි කෙනෙකු හමු වීමට ඇරයුමක් ලැබීමේ සිද්ධියි. ද්‍රවිඩ ජාතිකයෙකු වූ මොහුගේ නම ප‍්‍රන්සිස්කුස් පවුලස් සූරිය මුත්තයියා නම් වේ. මෙම ද්‍රවිඩ මුදලිවරයා වර්ණනා කිරීම පිණිස මුංකොටුවේ ක්‍ෂණයකින් සින්දුවක් සකස් කර කියන්නේ මෙසේය.
‘‘සිනිඳු දුහුල් ඇඳ සෝම පබාකර
සූසැට බරණ සැරසි මිණි මේවර
කනක රජත මිණි මුතු රත්නාකර
දෙමළ සයුර බබුළුවන නිසාකර
ප‍්‍රංසිස්කුස් පවුලස් - මැතිඳු සඳ සූරිය මුත්තයියා !
රූ සි රු සුතනඹ සුර`ගන සේ දී
කී ක රු දැසිදස් ගව මහි සා දී
වී ස රු කෙත්වත් කිරි වැදි පී දී
තවසරු සිරි සැප සුර සිරි සේ දී
ප‍්‍රංසිස්කුස් පවුලස් - මැතිඳු සඳ සූරිය මුත්තයියා !
මිහිපිට මෙ කොළොම් පුරඹර සිරිනා
සරිකොට පවසමි දැසි සත නයනා
මෙකලට දිළිඳුන් දුක් දුරු කරනා
තිලොවට යුවලැස් සිතුමිණ රුවනා
ප‍්‍රංසිස්කුස් පවුලස් - මැතිඳු සඳ සුරිය මුත්තයියා !
අ ම ර පුර සෙ සැපතින් සරු සාරේ
ප ත ර කොලොම් පුර සමුදුර තීරේ
ප ව ර සෙට්ටි මුදලිඳු උඩයාරේ
ක දි ර කුමරු රැුක දෙන් හම වාරේ
ප‍්‍රංසිස්කුස් පවුලස් - මැතිඳු සඳ සූරිය මුත්තයියා ! ’’
මේ අයුරින් පරොහු කීමේ සහ හිටිවන කවි කීමේ අතිදක්‍ෂ කවියෙකු වශයෙන් මොරතොටවත කතුවරයා ප‍්‍රසිද්ධියට පත්ව ඇත. මොහු විසින් රචනා කළ පද්‍ය කාව්‍ය දෙකකි. එනම් සරණංකර සංඝරාජ මහානාහිමියන් පිළිබඳ වර්ණනා කරමින් පද්‍ය 297කින් යුතු ‘ස`ගරජවත’ හා මොරතොට ධම්මක්ඛන්ධ මහානාහිමියන් වර්ණනා කරමින් පද්‍ය 167කින් යුත් ‘මොරතොටවත’ යන පද්‍ය කාව්‍ය දෙකයි. මොරතොටවත පද්‍ය කාව්‍යයේ අවසන පද්‍යයයෙන් මෙහි කතුවරයා මුංකොටුවේ අබේසිංහ හෙවත් මුංකොටුවේරාළ බව මෙසේ සඳහන් කර ඇත.
‘‘පෙ ළ ව ස් අරක් ගෙන මුංකොටුවේ වසන
දි ය කු ස් පසිඳු අබෙසිහ කිවියර විසින
සත ළො ස් සිය එකුන් විසි වසැ සක වසින
ගු ණ රැු ස් වැනූ පොත තෙරිඳුගෙ කර සවන’’ (167*
මොරතොටවත පද්‍ය කාව්‍යයෙහි කතුවරයා සම්බන්‍ධ සියලූ තොරතුරු හා කෘතිය රචනා වූ වර්ෂය පැහැදිලිව එහි අවසාන පද්‍යයෙන් දක්වා ඇත. මෙහි රචනා වර්ෂය ඉහත පද්‍යයට අනුව සකවර්ෂවලින් ‘සත ළොස් සිය එකුන් විසි වස සක වසින’ ලෙස දක්වයි. එනම් සකවර්ෂ 1719 වර්ෂය වන අතර මෙය රාජ්‍ය වර්ෂවලින් 1797 හෝ 1798 වියයුතු යැයි කහවත්තේ ජිනසිරි හිමියෝ සිය සාහිත්‍ය ග‍්‍රන්‍ථවලින් හෙළිවන මහනුවර යුගයේ බෞද්ධ ශාසනික තත්ත්වය නම් කෘතියෙහි සඳහන් කරති.
මෙසේ කරුණු අධ්‍යයනය කර බලන කල්හි මොරතොටවත පද්‍ය කාව්‍යය රචනා කළ කතුවරයා සහ රචනා කාලය පිළිබඳ ගැටලූ මතු නොවේ. මොරතොටවත පදය කාව්‍යය සංස්කරණයට ලක් කළ ශ‍්‍රී චාල්ස් ද සිල්වා එහි නම වශයෙන් දක්වන්නේ ‘මුංකොටුවේරාළ කළ මොරතොටවත’ වශයෙනි. කෘතියෙහි කතුවරයා සහ රචිත කාලය පිළිබඳ කිසිඳු සැකයක් ඇති නොවීමට ඉදිරිපත් කළ හැකි හොඳම සාධකය වන්නේ ඉහතින් ඉදිරිපත් කළ මොරතොටවතෙහි අවසන් පද්‍යයයි. ධම්මක්ඛන්‍ධ හිමියන් මහානායක ධුරය හෙබ වූ වර්ෂය හා මෙම කෘතිය රචනා වීමේ වර්ෂය සමකාලීන බව තොරතුරු අධ්‍යයනයේදී සොයාගත හැකිය. කෘතිය රචනා කළ මුංකොටුවේරාළ ධම්මක්ඛන්‍ධ මහානාහිමින්ගේ සමීපතමයෙකු බවත් මහානාහිමියන්ගේ පෞද්ගලික තොරතුරු පවා මොහු දැනසිටි බවත් කෘතියේ අන්තර්ගතය තුළින් තහවුරු වේ. මේ අනුව මොරතොටවත පද්‍ය කාව්‍යයේ කතුවරයා හා කාලය පිළිබඳ ගැටලූවක් මතු නොවේ.
02.2. අන්තර්ගතය හා ධම්මක්ඛන්‍ධාපදානය
කෝට්ටේ යුගයේ ආරම්භ වූ සාම්ප‍්‍රදායික ප‍්‍රශස්ති රචනය මහනුවර යුගය පමණ වනවිට කිසියම් අයුරක වෙනස් වීමකට භාජනය වූ බව පළමු පරිච්ෙඡ්දයේදී සාකච්ඡුා කළෙමු. මහනුවර යුගයේ රචනා වූ මොරතොටවත පද්‍ය කාව්‍යය සාම්ප‍්‍රදායික ප‍්‍රශස්ති ආකෘතිය තරමක් වෙනසකට ලක් කළ ප‍්‍රශස්ති කාව්‍යයක් වශයෙන් හැඳින්විය හැකිය. මහනුවර යුගයේ ප‍්‍රශස්ති කාව්‍ය විවිධ නම්වලින් හැඳින් වූ අතර මොරතොටවත විරිඳු කාව්‍ය යන නමින් ප‍්‍රකටව ඇත. විරිඳු කාව්‍ය යනු ද ප‍්‍රශස්තීන්හි එක් මුහුණුවරකි. මෙහි අන්තර්ගතය සකස්ව ඇත්තේ රාජගුරු මොරතොට ධම්මක්ඛන්‍ධ මහානාහිමියන්ගේ චරිතය මුල්කර ගනිමින්ය.
කෝට්ටේ යුගයෙන් ආරම්භ වූ ප‍්‍රශස්ති කාව්‍ය නම් මහා වෘක්‍ෂයෙහි තවත් එක් සුවිශේෂී ශාඛාවක් ලෙස මහනුවර යුගයේ රචිත මොරතොටවත පද්‍ය කාව්‍ය හඳුන්වාදිය හැකිය. සුවිශේෂී ශාඛාවක් වශයෙන් හැඳින් වූයේ ප‍්‍රශස්ති කාව්‍ය රචනා කිරීමේ අරමුණ මොරතොටවත ම`ගින් තීව‍්‍රර වීමක් සිදු වූ නිසාය. මොරතොටවත හා ස`ගරජවත යන ප‍්‍රශස්ති කාව්‍යදෙක රචනා වීමට පෙර ප‍්‍රශස්ති රචනා වූයේ රජ, ඇමති ආදි ගිහි ප‍්‍රභූවරයෙකු වර්ණනා කිරීම අරමුණු කරගනිමින්ය. නමුත් මොරතොටවත හා ස`ගරජවත යන ප‍්‍රශස්ති කාව්‍ය ග‍්‍රන්‍ථද්වය රචනාවීම සුවිශේෂී සිදුවීමක් වශයෙන් පෙන්වාදිය හැකිය. ඇතමෙක් මෙම ග‍්‍රන්‍ථද්වය ප‍්‍රශස්ති කාව්‍ය ගණයට නොව චරිතකතා කාව්‍යය ගණයට ඇතුළත් කළ හැකිබව ප‍්‍රකාශ කරති. මෙම කෘති පිළිබඳව විමසිලිමත්ව බලන කල්හි චරිතකතා කාව්‍යයකට වඩා ප‍්‍රශස්ති කාව්‍ය ගණයට වඩාත් ළංවන බව තහවුරු වේ. මෙම ග‍්‍රන්‍ථ සඳහා යොදා ඇති ‘වත’ යන නාමයෙන්ද ඒ බව පැහැදිලි වේ. ප‍්‍රශස්ති කාව්‍ය විශාල වශයෙන් රචනා වූ මහනුවර යුගයේ ඒ සඳහා විවිධ නම් භාවිත කර තිබේ. ඒ අතර විරිඳු, වර්ණනා, පවන, ශ‍්‍රී නාමය ආදි නම් ගොන්නට එකතු වූ තවත් නමක් වූයේ ‘වත’ යන්නයි.
වත යන වචනය පාලි භාෂාවේ ‘වත්‍ථු’ යන්නෙන් බිඳී ආ වචනයක් වන අතර කතාව, ප‍්‍රවෘත්තිය, පුවත හා වස්තුව ආදි තේරුම් එහි පවතී. වත යන වචනය සිංහල පද්‍ය සාහිත්‍යයට ආගන්තුක නමක් නොවන්නේ මුවදෙව්දාවත, සසදාවත, කුසදාවත වැනි පද්‍ය කාව්‍ය කිහිපයක් පොළොන්නරු යුගයේ පමණ සිට රචනා වී තිබීම හේතුවෙනි. එම කාව්‍ය ග‍්‍රන්‍ථයන්හිද ප‍්‍රශස්ති ලක්‍ෂණ අන්තර්ගතව ඇති අයුරු පළමු පරිච්ෙඡ්දයේදී කරුණු අධ්‍යයනය කළෙමු. මොරතොට ධම්මක්ඛන්‍ධ මහානාහිමියන්ගේ චරිතකතාව අන්තර්ගත කොට රචනා කළ කෘතියක් නිසාවෙන් ‘මොරතොටවත’ යනුවෙන් මෙම ග‍්‍රන්ථය නම් කර ඇත. මුවදෙව්දාවත, සසදාවත වැනි කෘති පූර්ණ ප‍්‍රශස්ති ගණයෙහිලා නොසැලකීමටත් මොරතොටවත හා ස`ගරජවත පද්‍ය කාව්‍ය පූර්ණ ප‍්‍රශස්ති ගණයෙහිලා සැලකීමටත් බලපෑ ප‍්‍රධාන හේතු සාධකය වන්නේ පුද්ගල වර්ණනාවක් අරමුණු කර ගනිමින් කෘතිය රචනා වී ඇති නිසාවෙනි. පුද්ගල වර්ණනාවක් වුවද මේවා චරිතකතා ගණයට ඇතුළත් නොවන්නේ අතිශයෝක්ති වර්ණනා, විවිධ විරිත් භාවිතය වැනි ප‍්‍රශස්ති ලක්‍ෂණ බොහෝමයක් ඇතුළත් වන බැවිනි. මොරතොටවත කෘතිය සංස්කරණයට ලක් කළ ශ‍්‍රී චාල්ස්ද සිල්වා එහි ප‍්‍රස්තාවනාවෙහි කෘතිය පිලිබඳ මෙසේ සඳහන් කරයි.
‘‘මොරතොටවත වනාහි විරිඳු කවකි. විරිඳු කව් නම් රට දැය සමය ඈ වැවුමෙහි නිරත වූ මහතුන්ගේ නැණ ගුණ විකුම් ඈ පබඳ වෙසෙසකි. අපේ රටේ ඇතැම් වියත්හු විරිඳු කව් ප‍්‍රශස්ති කාව්‍ය යන නමිනුදු හඳුන්වති.......... මේ කවට ඉහළින් තැබිය හැකි සිංහල විරිඳු කව් දෙකි. එනම් පැරකුම්බා සිරිත හා ස`ගරජවතයි.’’
චාල්ස්ද සිල්වාගේ මතයට අනුව පැරකුම්බා සිරිතට හා ස`ගරජවත යන කෘති දෙකට පමණක් මොරතොටවත දෙවෙනි වේ. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේ ආරම්භ කළ ආගමික, සාමාජික, අධ්‍යාපනික ආදි ක්‍ෂේත‍්‍රයන් බිඳවැටීමට ඉඩ නොදී ඉදිරියට රැුගෙන ආ අභීත වීර චරිතයක් වශයෙන් මොරතොට ධම්මක්ඛන්‍ධ මහානාහිමියෝ ප‍්‍රසිද්ධියන් ඉසිලූහ. මේ පිළිබඳව චාල්ස්ද සිල්වා මෙසේ ප‍්‍රකාශ කරයි.
‘‘මොරතොටවතෙහි වැනෙනුයේ සිය රට දැය බස සමය ඈ වැවුමෙහි වෙහෙසුණු මහා ස්ථවීර තුමෙකුගේ උදාර චරිතයයැ. මෙසේ කිවි වැනුමට ලක් වන මේ මහා තෙරණුවෝ වනාහි මොරතොට රාජගුරු සිරි ධම්මක්ඛන්‍ධ මහා නායක මහා ස්ථවිර පාදයාණෝයැ. කිතු වසින් 1787 සිට 1811 දක්වා පුරා සූවිසි හවුරුද්දක්ම මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක ධුරය දැරූ උන්වහන්සේ අපගේ ජාතික වීර පුරුෂයන්ගේ ගණයෙහිලා ගිණිය යුත්තෙකි.’’
රට, ජාතිය හා ආගම වෙනුවෙන් උදාර සේවාවක් සිදු කළ මෙවන් භික්‍ෂූන් වහන්සේ කෙනෙකු අරමුණු කර ගනිමින් ප‍්‍රශස්ති කාව්‍යයක් රචනා වීම ප‍්‍රශස්ති සාහිත්‍යයේ දියුණුවට බලපෑ හේතුවක් ලෙස පෙන්වාදිය හැකිය. මොරතොටවත පද්‍ය කාව්‍යයේ අන්තර්ගත වන්නේ ධම්මක්ඛන්‍ධ මහානාහිමියන්ගේ කුඩාකාලයේ සිට මහානායක පදවිය දක්වා වූ සම්පූර්ණ විස්තරයකි. පද්‍ය 167කින් සමන්විත කෘතියෙහි අන්තර්ගතය මෙසේ වර්ග කර දැක්විය හැකිය.
ධම්මක්ඛන්‍ධ නාහිමියන්ගේ වංශ පරම්පරාව දැක්වීම
පැවිදි වීමේ සිට උපසම්පදාව දක්වා වූ සාමණේර ජීවිතය
සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ධුරයට පත්වීම
වෙහෙර විහාර සංවර්ධනය කිරීම
මහානායක ධුරය හා රාජගුරු පදවි ප‍්‍රාප්තිය
කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු සම`ග පැවති මිත‍්‍රත්වය
මහනාහිමියන් විසින් සිදු කළ ආගමික සේවාව
කෘතියෙහි අන්තර්ගතය ධම්මක්ඛන්‍ධ මහානාහිමියන්ගේ චරිතය මුල්කර ගනිමින් පෙළගස්වා ඇති අයුරු උක්ත වර්ග කිරීම තුළින් පැහැදිලි වේ. උක්ත සඳහන් සැම සිද්ධියක්ම පද්‍යයට න`ගා තිබෙන්නේ කතානායකයාගේ ගුණයන් ඉස්මතු කර දක්වමිනි. එසේ බලන කල්හි ධමක්ඛන්‍ධ නාහිමියන් පිළිඳ තොරතුරු රාශියක් මෙම ග‍්‍රන්‍ථය තුළින් හෙළි කරගත හැකි වේ. මෙහි අන්තර්ගත තොරතුරු සත්‍ය තොරතුරු ලෙස පිළිගත හැකි වන්නේ කතුවරයා වන මුංකොටුවේරාළ ධම්මක්ඛන්‍ධ නාහිමියන්ගේ ගෝලයෙකු වන නිසාය. මුංකොටුවේරාළ මහානාහිමියන් ළ`ගින් ඇසුරු කළ හෙයින් උන්වහන්සේගේ පෞද්ගලික තොරතුරු පවා දැනගෙන සිටින්නට ඇතැයි විශ්වාස කළ හැකිය. මුංකොටුවේරාළ ධම්මක්ඛන්‍ධ නාහිමියන් කෙරෙහි තිබූ ගෞරවය හේතුවෙන් උන්වහන්සේගේ චරිතයේ විශේෂ අවස්ථා හා සිද්ධි අන්තර්ගත කරමින් මෙම කෘතිය රචනා කර තිබේ.
මොරතොට ධම්මක්ඛන්ධ මහානාහිමියන් පිළිබඳ නිවැරදි තොරතුරු සොයාගත හැකි ප‍්‍රධානතම මූලාශ‍්‍රය වන්නේද මොරතොටවත පද්‍ය කාව්‍යයි. ධම්මක්ඛන්‍ධාපධානය හෙවත් ධම්මක්ඛන්‍ධ මහානාහිමියන්ගේ චරිතය කෙබඳුද යන්න පිළිබඳ වැදගත් තොරතුරු මෙම`ගින් සොයාගත හැකිය. චාල්ස්ද සිල්වා කළ සංස්කරණයේ ප‍්‍රස්තාවනාවේ ධම්මක්ඛන්‍ධ මහා නාහිමියන්ගේ ජීවිතයේ විශේෂ සිද්ධි මාලාවක් මෙසේ ඉදිරිපත් කර ඇත.
සිද්ධිය වර්ෂය
උපත 1735
පැවිද්ද 1748
උපසම්පදාව 1755
අනුනායක පදවි ප‍්‍රාප්තිය -
දෙගල් දොරුව විහාරය ඉ`දි කිරීම 1771
මහානායක පදවි ප‍්‍රාප්තිය 1787
භික්‍ෂු සමාජ ශෝධනය හා කතිකාවත පිහිටු වීම 1782
රාජගුරු පදවිය ලැබීම -
අපවත් වීම 1811
ධම්මක්ඛන්‍ධ මහානාහිමියන්ගේ චරිතය කිසියම් පිළිවෙළකට අනුව මොරතොටවත කෘතියේ පෙළගස්වා ඇත. තෙරුවන් නමස්කාර කිරීමෙන් අනතුරුව 6 - 15 දක්වා වූ පද්‍ය තුළින් ධම්මක්ඛන්‍ධ නාහිමියන්ගේ වංශ පරම්පරාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කෙරේ. හයවෙනි බුවනෙකබාහු රජදවස දකුණු ඉන්දියාවේ ප`ඩිරට මධුරා පුරය නම් ප‍්‍රදේශයෙන් ශ‍්‍රී ලංකාවට පැමිණි බ‍්‍රාහ්මණ වංශිකයන් අටදෙනෙකු රජතුමාගෙන් ගම්වර ලබාගෙන මෙරට පදිංචි වී ඇත. එම බ‍්‍රාහ්මණ වංශිකයන් අටදෙනාගෙන් බාල ක‍්‍රිෂ්ණ නම් අයගේ මුණුබුරා වූයේ රණසිංහ මුදියන්සේ නම් අයෙකි. රණසිංහ මුදියන්සේගේ පස්වන මුණුබුරා වන පටබැද්දා මුදියන්සේගේ පුත‍්‍රයා වූයේ මොරතොට ධම්මක්ඛන්‍ධ නාහිමියන්ය. මොරතොටවත කෘතියේ එම පුවත මෙසේ දක්වා ඇත.
‘‘මෙකී දිජ අට දෙන
කෙරෙන් සුරු වන අපමණ
බාල කෘෂ්ණයැ යන
බමුණු මුණුබුරු පතළ ගුණ නැන (11*
ලැබ මේ ඉසුරු කඳු
රාජකරුණා පරසිඳු
රණසිංහ මුදලිඳු
කියා පට බැඳි දියත පරසිඳු (14*
ඇමතිඳුගේ සොඳුරු
පෙළේ පස්වැනි මුණුබුරු
පටබැඳි නැමති ගරු
මැතිඳුගේ පුත් ලොවට සුරතුරු’’ (15*
මෙසේ උසසස් කුල පරම්පරාවෙන් යුක්තව මෙලොව උපන් මේ පිංවත් කුමරාට භවබෝග සම්පත්වලින් කිසිඳු අඩුවක් නොවීය. පැවිදිවීම සම්බන්‍ධව සමාජය තුළ පවතින දුර්මතයක් වන්නේ හතර කේන්දරය පාලූ වූවන් පැවිදිවීම සඳහා විහාරස්ථානවලට භාරදෙන බවයි. එහෙත් එම මතයට අභියෝග කරමින් අප කතානායකයන් පැවිදි බිමට පත්වන්නේ කේන්දරයේ තිබූ දෝෂයක් හෝ වෙනයම් දෝෂයක් නිසා නොවේ. කුඩාකල සිට පැවිදි වීමේ ආශාවෙන් සිටි හෙයිනි. එහෙත් මේ කුඩා කුමරුවාට මුල්කාලයේදී දෙමව්පියන්ගේ කැමැත්ත ඒ සඳහා නොලැබුණි. පසුව කෙසේ හෝ අවුරුදු දහතුන සම්පූර්ණ වීමේදී පැවිදි බිමට පත්වීමට හැකියාවක් ලැබී ඇත.
‘‘ගිහි සැප හැර මහත්
වනය අතහැර ගිනි ගත්
නික්මෙන සේ මදැත්
සසුන් වැද ලැබ පැවිදි යහපත්’’ (20*
පැවිදි දිවියටපත් මේ කුඩා සාමණේරයන් වහන්සේට ගුරුදේවයන් වහන්සේලා විසින් තබන ලද නම වූයේ මොරතොට නිග්‍රෝධ යන නාමයයි. උපසම්පදා වන අවස්ථාවේ විනය දේශනා කිරීමේ තිබූ නිපුණත්වය නිසා උපාලි මහාස්ථවිරයන් වහන්සේ විසින් ධම්මක්ඛන්ධ යනුවෙන් නම වෙනස් කර තිබේ. පැවිදි වූ දිනයේ සිට ඒ සඳහා අවැසි වත්පිළිවෙත් මනාව සම්පූර්ණ කිරීමට නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ සමත් වූහ. අවුරුදු දහතුනක දරුවෙකුට හික්මීම පුරුදු කිරීම කිසි කලෙකත් කළ නොහැකි කාර්යයක් වුවද නිග්‍රෝධ පොඩි හාමුදුරුවන් පැවිදි දිවියට අවශ්‍ය හික්මීම පුහුණු කරන ලද්දේ කිසිවෙකුගේ හෝ උපකාරයක් නොමැතිවීම සුවිශේෂී වේ. අනාගතයේදී මහාප`ඩිරුවණක් වනබව කුඩා කාලයේදී මුන්වහන්සේගේ හැසිරීම තුළින් මනාව ප‍්‍රත්‍යක්‍ෂව තිබුණි. වත්පිළිවෙත් සම්පූර්ණ කිරීමෙන් පමණක් සෑහීමටපත් නොවූ මේ කුඩාස්වාමීන් වහන්සේ භික්‍ෂු ජීවිතයට අවශ්‍ය අධ්‍යාපනයද මැනවින් සම්පූර්ණ කළහ. මහනුවර යුගය වනාහි අධ්‍යාපනය අතින් සම්පූර්ණයෙන්ම පාහේ පරිහානියට පත් වූ යුගයකි. එවන් යුගයක පාලි, සංස්කෘත වැනි භාෂාවන් හා බුදුදහම පිළිබඳ ගැඹුරු දහම් කරුණු ඉගනීම සිදු කරන ලද්දේ දුෂ්කර අයුරිණි. මොරතොට නිග්‍රෝධ හිමියන් අධ්‍යාපනය ලැබූ අයුරු ප‍්‍රකාශ කිරීම සඳහා කතුවරයා පද්‍ය විශාල ප‍්‍රමාණයක් වැය කරයි.
‘‘තුන් දොරින් කෙරෙනා
නොයෙක් දුසිරිත් ලකුණු ඇ`දිනා (19*
දුසිරි මල පහ කොට
හිරි ඔතප් පිළිවෙතට වී සිට (20*
නාම මගද එළු සකු යන සකලා
ලීම කීම ඡුන්දස් ගැන නුමුලා
සෑම දේම අතැඹුල මෙන් දැකලා
සෝම ම`ඩල විලසින් ලොව පතලා’’ (26*
අධ්‍යාපනය අතින් ඉතාම දුෂ්කර අවධියක පැවිදි දිවියට අවශ්‍ය බණදහම් හා වත්පිළිවෙත් අප කතානායකයාණෝ මැනවින් සම්පූර්ණය කළහ. පැවිදි දිවියට අවශ්‍ය කරන අධ්‍යාපනය ඉතා ඉක්මනින් අවසන් කළ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ අවුරුදු විස්ස සම්පූර්ණ වීමත් සම`ගම උපසම්පදා දිවියට පත්වූහ. මුන්වහන්සේගේ උපසම්පදා මංගල උත්සවය පිළිබඳ දීර්ඝ විස්තරයක් මොරතොටවත පද්‍ය කාව්‍යයේ අන්තර්ගත වේ. සාමණේරයන් වහන්සේ නමක් උපසම්පදා කිරීම යනු භික්‍ෂු සමාජයේ නියම හිමිකාරිත්වය උරුම කර දීමයි. කිසියම් අයෙකු පැවිදි වූ දිනයේ සිට උපසම්පදා වන තුරු සාමණේර දසසීලය ආරක්‍ෂා කළයුතු අතර උපසම්පදාවේදී කෝටියක් සංවර සීලයේ පිහිටුවනු ලැබීමෙන් පසු භික්‍ෂු සමාජයේ නියම හිමිකාරිත්වයට උරුමකම් කියයි. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ උපසම්පදා මංගලෝත්සවය ඉතාම උත්කර්ෂවත් අන්දමින් සිදු කළ බව මොරතොටවත කතුවරයා ප‍්‍රකාශ කරයි. උපසම්පදා කිරීමට ප‍්‍රථම චීවරය ඉවත් කර ගිහිවෙස් ගන්වා සියලූ ආභරණ සහිතව රජ ඇඳුම් අන්දවනු ලැබේ. ඉන්පසු උපසම්පදා කරන සීමා මාලකය දක්වා ඇතෙකු පිට හිඳුවා පෙරහැරකින් රැුගෙන යනු ලැබේ. මොරතොට හිමියන්ගේ උපසම්පදාව පිළිබඳ තත් කෘතියේ මෙසේ සඳහන් වේ.
‘‘සමු ගෙන අනතුරු ගිහි වෙස් ගන්වා
ගිිහි තැන නැවතත් නිරි`දුට පෙන්වා
දැන ගෙන තුබු බණ වන පොත් දුන්නා
වෙසෙසින නරනිඳ සඳ සුපසන්නා (32*
දෙට කීත් සිරි රජ සිහ නර නින්දා
තුට කැර මොබ අබිමුකයට කැන්දා
හැට හතරක් රන් බරණ පලන්දා
පට සළු තුළ ම`ගුලැතු පිට ඉන්දා’’ (33*
නිග්‍රෝධ සාමණේරයන් වහන්සේට උපසම්පදාව ලබාදෙන ලද්දේ සියම් රටේ සිට මෙරටට වැඩම කළ උපාලි මහාස්ථවිරයන් වහන්සේ ප‍්‍රධාන භික්‍ෂූන් වහන්සේලා විසින් මල්වතු මහාවිහාර උපෝෂථාගායේදීය. මෙම උපසම්පදා උත්සවය තිබූ වර්ෂය කෘතියේ සඳහන් වන්නේ, ‘‘සොළොස් සිය සැත්තෑ සයක් වස් සක වසින් පසු වූ තැනා’’ මොරතොටවත කෘතියේ සියලූම වර්ෂ සඳහන්ව ඇත්තේ සක වර්ෂවලින් වන අතර උපසම්පදාව තිබූ වර්ෂය සක වර්ෂ 1676 වශයෙන් සඳහන් වේ. මොරතොටවත පද්‍ය කාව්‍යය සංස්කරණය කළ චාල්ස්ද සිල්වා ප‍්‍රකාශ කරන්නේ මෙය ක‍්‍රි.ව. 1755 බවයි. උපසම්පදා කරන අවස්ථාවේ උගත් බණදහම් පිළිබඳ සිදු කරන ලද පරීක්‍ෂණයේදී නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ඉතා සාර්ථක ලෙස සමත් වූහ. උපසම්පදා කළ පළමු දිනයේදීම සිදු කරන ලද ප‍්‍රාතිමෝක්ෂ දේශනාවට සවන් දුන් උපාලි මහාස්ථවීරයන් වහන්සේ නිග්‍රෝධ යන නම වෙනස් කර ධම්මක්ඛන්ධ යනුයෙන් නම් තැබූහ. ත‍්‍රිපිටකය පිළිබඳ තිබූ දැනුම හා එම ධර්මය දේශනා කිරීමේ හැකියාව උසස් අයුරින් තිබූ බැවින් උපාලි හිමියන් විසින් ධම්මක්ඛන්ධ යනුවෙන් නම වෙනස් කළ බව කෘතියේ 38වන පද්‍යයේ සඳහන් වේ.
‘‘අහංකාර වැ නො බා කෙසරකු විලස ස`ග මැද බබළලා
දහම් වදහළ රුවට පිරිසිදු ලෙසින් පාමොක් නිම වැලා
පහන් වී වෙසෙසින් උපාලි තෙරි`දු සුරතල් බලබලා
දහම් ක`ද බිකු කියා අසදිස නම් එදා පරසිදු කළා ’’ (38*
මෙලෙස ධර්මය දේශනා කිරීමේදී දැක් වූ දක්‍ෂතාව නිසා පැවිදි වූ දිනයේ තැබූ නිග්‍රෝධ යන නාමය වෙනස් කර උපසම්පදා වූ දිනයේ සිට මොරතොට ධම්මක්ඛන්ධ යන නාමයෙන් ප‍්‍රසිද්ධ විය. ධම්මක්ඛන්ධ නාහිමියන්ගේ ධර්මය ඇසූ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා උන්වහන්සේ කෙරෙහි පැහැදී ඉතාමත් ළ`ගින් ආශ‍්‍රය කිරීමට පටන්ගෙන තිබේ. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු උපතින් ද්‍රවිඩ ජාතිකයෙකු වුවද ධම්මක්ඛන්‍ධ හිමියන්ගෙන් බණ ඇසීම නිසා බෞද්ධයෙකු බවට පත්ව තිබේ. රාජසිංහ රජු හා ධම්මක්ඛන්‍ධ හිමියන් අතර පැවති සම්බන්‍ධය චාල්ස්ද සිල්වා මෙසේ ප‍්‍රකාශ කරයි.
‘‘කිතුනු වසින් 1780 සිට 1798 දක්වා රජය විචාල රාජාධි රාජසිංහ රජ්ජුරුවෝ මොරතොට හිමියන්ගේ ගෝලයෙක් වූහ. ඒ හිමියන් වෙතින් ධර්ම ශාස්ත‍්‍රය හදාළ රජතුමන් විශේෂයෙන් දීඝනිකාය, උපාසක ජනාලංකාරය, මිලින්‍ද ප‍්‍රශ්නය හා මහාවංශය මොරතොට හිමියන්ගෙන් අසා දැන ගත් බව දෙගල්දොරු සන්නසේ සඳහන් වේ. රජුනට ගුරු වූ හෙයින් අප හිමියනට රාජගුරු යන රාජදත්ත විරුද නාමයද විණි. අප හිමියනට ඒ රජුන් දැක් වූ ආදර බුහුමනට ඒ සන්නස ප‍්‍රමාණ මැයි.’’
කරුණු මැනවින් විමසා බලන කල්හි රාජාධි රාජසිංහ රජු ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ ගෝලයෙකු වශයෙන් පිළිගත හැකි වේ. ධම්මක්ඛන්ධ හිමියන්ගේ ආරාධනයෙන් රාජසිංහ රජු අසදිස ජාතකය සිංහලට පවා පරිවර්තනය කර තිබේ. එහිදි රජතුමා විසින් පද්‍ය ගණනාවක්ම ධම්මක්ඛන්ධ හිමියන්ගේ වතගොත හා ගුණ පිළිබඳ වර්ණනාවක් කිරීමට වෙන් කරයි. රජතුමා ධම්මක්ඛන්ධ හිමියන් කෙරෙහි තිබූ දැඩි ගෞරවය මෙන්ම ආදරය නොයිවසූ ඇතමෙකු මේ දෙදෙනා බිඳුවන්නට නොයෙක්වර උත්සාහ ගෙන ඇත. කිසියම් අයෙකු ධම්මක්ඛන්ධ හිමියන් පිළිබඳ රජුට කියන ලද ප‍්‍රවෘතියක් රජතුමා විසින් පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවේ සිදු වූ රසවත් සිදුවීමක් ජනප‍්‍රවාදයේ දක්නට ලැබේ. දිනක් රාත‍්‍රියේ රජතුමා විහාරස්ථානයට යන්නේ කාන්තාවක මෙන් අතෙහි වළලූ කිහිපයක් දමා ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ ශීලය පරීක්‍ෂා කිරීමේ අපේක්‍ෂාවෙනි. එසේ විහාරස්ථානයට ගිය රජතුමා ධම්මක්ඛන්ධ හිමියන් නිදන කාමරයේ කවුළුවකින් අත දමන්නේ නාහිමියන්ගේ ප‍්‍රතිචාර කෙසේද යන්න පිරික්සීම සඳහාය. එම අත රජතුමාගේ බව දැනගත් ධම්මක්ඛන්‍ධ හිමියෝ කවියකින් ඒ බව මෙසේ ප‍්‍රකාශ කළහ.
‘‘ළකල මුව තඹර සියො ගත සියුමැළියේ
අසලක නම් නිතර දැකුමට සිතු ඇලියේ
ඇසල මස දිටිමි යනවා දිය කෙළියේ
සකල සිරි ලකට අග රජ නුඹද ලියේ’’
උක්ත කවිය ඇසීමෙන් ධම්මක්ඛන්‍ධ හිමියන් කෙරෙහි තිබූ සැකය අත්හළ රජතුමාගේ ගෞරවය තවදුරටත් වැඩිවිය. එකෙනෙහි රජතුමා සිය ගෞරවය ප‍්‍රකාශ කිිරීම සඳහා මෙසේ කවියක් ප‍්‍රකාශ කරයි.
‘‘අමර ගුරු හරණ සත් දත් පිනාවන්
විතර නො වන ගුණ නැණ සපිරිනාවන්
පතර නැමති මොරතොට යති මනාවන්
සසර වසන තුරු මට වාසනාවන් ’’
ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ චරිතය පිළිබඳ විමසීමේදී රාජාධි රාජසිංහ රජු සම`ග තිබූ මිත‍්‍රත්වයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ධම්මක්ඛන්‍ධ නාහිමියන් විසින් සිදු කළ ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්‍යාපනික ආදි කුදුමහත් කටයුතු ඇගයීමක් වශයෙන් රජුගේ අනුමැතිය ඇතිව ඉතාමත් කෙටි කාලයකදී සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ධුරයට පත්කිරීමට තත්කාලීන භික්‍ෂූන් වහන්සේලා කටයුතු කළහ. සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ධුරය දරමින් වැඩසිටි දරමිටිගල ධම්මරක්ඛිත නාහිමියන්ගේ අපවත් වීමෙන් කි‍්‍ර. ව. 1787දී මොරතොට ධම්මක්ඛන්‍ධ හිමියෝ ස්වකීය නිකායෙහි මල්වතු පාර්ශ්වයේ මහානායක ධුරයට පත් වූහ. අනුනායක ධුරය දරමින් වැඩ සිටි කාලයේ විශාල වශයෙන් ආගමික සේවාවන් සිදු කළ අතර දෙගල්දොරුව විහාරස්ථානය සංවර්ධනය කිරීම ඒ අතුරින් සුවිශේෂී කටයුත්තක් වශයෙන් පෙන්වාදිය හැකිය. ගම්වර විශාල ප‍්‍රමාණයක් සහිතව රාජසිංහ රජතුමා විසින් පූජා කරන්නට යෙදුණු දෙගල්දොරුව විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරයක් බවට පත්කර පින්කම් රාශියක් සිදු කළ බව මොරතොටවතෙහි සඳහන් වේ. දෙගල්දොරුව විහාරයේ සිදු කළ නව කර්මාන්ත පිළිබඳ මොරතොටවත කතුවරයා මෙසේ පඳහන් කරයි.
‘‘වැඩ හිඳින පිළිමෙක
හොවී සැතපෙන පිළිමෙක
සත් රියන් මේ දෙක
පුරුෂ පමණක් සිටි පිළිම දෙක (90*
නොයෙක් තැන කැර ලා
අමුතුවෙන් ලෙන බිඳ ලා
පිළිමවල් බැඳ ලා
නිමා විසිතුරු වලින් ලා’’ (91*
එසේම මේ වනවිට ජරාජීර්ණ බවට පත්ව තිබූ මල්වතු මහාවිහාරයේ පෝයගෙය විසිතුරු චිත‍්‍ර හා කැටයම් සහිතව අලංකාර ලෙස ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුද මුන්වහන්සේ විසින් සිදු කළ තවත් ශාසනික සේවාවකි. මෙම පෝයගෙයි ප‍්‍රතිසංස්කරණ කටයුතු නිමා කර මාසයක් පුරාවට කරන ලද ධර්ම දේශනා සහ පිරිත් පින්කම් රාශියක්ද භික්‍ෂූන් වහන්සේලා සියක් නමක් උදෙසා කළ විශාල දානමය පින්කමක් පිළිබඳවද තොරතුරු මෙසේ සඳහන් වේ.
‘‘සියක් නමක් කැඳවා මහත් බැති පෙමින් අසුන්වල වැඩ හිඳුවා
මසක් නොකඩ කරවා පිරිත් බණ තුනක් එහිම පිට පිට කියවා
නොයෙක් ලෙසින් රසවා සූප වැංජනයෙන් දන් වැටකුත් තබවා
තුනක් පිරිත් නිමවා පසුත් එහි ? බණවල් සතරක් කියවා’’
මෙම පිංකමේදි භික්‍ෂූන් වහන්සේලා උදෙසා පූජා කළ පිරිකර වර්ග සියයක් පිළිබඳ දීර්ඝ විස්තරයක් මොරතොටවත පද්‍ය කාව්‍යයෙහි අන්තර්ගත වේ. භික්‍ෂූන් වහන්සේලා උදෙසා කරන ලද පුදපූජාවන් අතර ධර්මය ලිවීම සඳහා අවැසි කොළ සහ ලේඛන උපකරණ, විජිනිපත්, කොට්ට, පැදුරු, ලේන්සු, සැරයටි, කුඩ, අටපිරිකර පමණක් නොව උදලූ, කැති, පොරෝ ආදි ගෘහ උපකරණද ඒ අතර වේ. වස් තුන්මාසයක් අවසානයේදි සිදු කරන කඨින පිංකම කෙරෙහි ධම්මක්ඛන්‍ධ නාහිමියෝ විශේෂ අවධානයක් යොමු කළහ. ධම්මක්ඛන්‍ධ නාහිමියන් විසින් සිදු කළ ආගමික සේවාවේ එක් කොටසක් වන ධර්ම දේශනා පැවැත්වීම පිළිබඳ විස්තරයක් පහත පද්‍යයෙන් හෙළි වේ. උපසම්පදාව ලබා වසර තුනක් ගතවීමේ සිට අවුරුදු හතළිස් එකක කාලය තුළ රාත‍්‍රී ධර්ම දේශනා පමණක් 102ක් පවත්වා ඇති බව සඳහන් වේ.
‘‘උප සපන් තුන් වස පටන් එක් සාළිස් වරුෂා තුළා
මහ ස`ගුන් පුරවර රදුන් ලෝ හැම දනන් සිත් පහදලා
අද දහම් කඳ යති උතුම් තිලකට මුදුන් මල් කඩ වෙලා
වන පොතින් ? බණ ලෙසින් එක් සිය දෙකක් බණ වදහළා’’
ධම්මක්ඛන්‍ධ නාහිමියන් මෙවැනි ආගමික, සාමාජික සේවාවන් විශාල ප‍්‍රමාණයක් රට, ජාතිය, ආගම වෙනුවෙන් සිදු කළ සුවිශේෂී ගණයේ චරිතයක් බව මොරතොටවත පද්‍ය කාව්‍ය සාක්‍ෂ්‍ය දරයි. එවන් විශාල සේවාවක් කළ අප නාහිමියන්ට කරන ගෞරවයක් වශයෙන් රාජාධි රාජසිංහ රජතුමා විසින් රාජගුරු පදවිය ප‍්‍රදානය කරන්නේ මෙරට සියලූම භික්‍ෂූන් වහන්සේලාගේ නායකත්වය උන්වහන්සේට භාර කරමිනි. වැලිවිට අසරණ සරණ සංඝරාජ මාහිමියන්ගෙන් ගුරුහරුකම් ලබා ගනිමින් පැවිදි දිවිය ආරම්භ කළ ධම්මක්ඛන්‍ධ හිමියන් තුළද නිහතමානී ගුණය මැනවින් තිබී ඇත. මහනායක පදවිය හා රාජගුරු පදවිය ලැබූ මුත් කිසිඳු අවස්ථාවක උඩ`ගු බවින් යුක්ත නොවීය. තමා වෙත පැමිණෙන ඕනැම අයෙකුට කුමන හෝ උපකාරයක් කිරීම උන්වහන්සේගේ චරිතයේ විශේෂ ලක්‍ෂණයක් වේ. එලෙස අසරණයන්ට උදව් කළ අවස්ථා කිහිපයක් පිළිබඳ මොරතොටවත කෘතියේ තොරතුරු සඳහන් වේ.
‘‘යොන් හිර දෙ බානෙක
ණයට හසු වී යනු දැක
දුරලන සිතින් දුක
රිදී තුන් සිය පනස් සතරෙක
හි`ගුල්වලැ ගොල්ලෙක
සපරගමුවේ ගොල්ලෙක
ණය ගැතිව යනු දැක
ඔවුන් එ දුකින් මුදා හල සෙක’’
ධම්මක්ඛන්‍ධ නාහිමියන්ගේ චරිතයේ තවත් විශේෂ ලක්‍ෂණයක් වන්නේ උන්වහන්සේ විසින් මේතාක් සිදු කළ ආගමික, සාමාජික, සංස්කෘතික කටයුතු ඉදිරියටත් සිදු කරගෙන යාමෙහි සමත් ශිෂ්‍ය පිරිසක් බිහි කිරීමයි. ඒ අතර ගිහිපැවිදි විශාල පිරිසක් දක්නට ලැබේ. පැවිදි ශිෂ්‍ය පිරිස අතර දුනුමාලේ හිමි, රත්තාගල හිමි, දුල්ලෑවේ හිමි, මොරවක හිමි, වහරක හිමි, කහවත්තේ හිමි, කුඩා මකුළුදොළ හිමි ගෝනාගල විපස්සි හිමි, උඩයාලේ හිමි ආදි විශාල පිරිසක් වූහ. මුන්වහන්සේ විසින් බිහි කළ ගිහි ශිෂ්‍යන් අතර රාජාධි රාජසිංහ රජු, මුංකොටුවේ අබේසිංහරාළ ආදීහු වෙති. මුන්වහන්සේගේ කීර්ති නාමය ලංකාවේ පමණක් නොව සියම, තායිලන්තය, කාම්බෝජය ආදි විදේශ රටවලද පැතිර තිබූ බව කතුවරයා ප‍්‍රකාශ කරයි. කෙසේ වෙතත් රාජගුරු ධම්මක්ඛන්‍ධ නාහිමියන්ගේ අවසන් කාලය හා අපවත්වීම සම්බන්‍ධ තොරතුරු කිසිවක් මොරතොටවත පද්‍ය කාව්‍යයෙහි අන්තර්ගත නොවේ.
02.3 මොරතොටවතෙහි ආකෘතිය
ගiයෙන් හෝ පiයෙන් රචනා වන ඕනැම කෘතියක කිසියම් ආකෘතියක් දක්නට ලැබේ. ආකෘතිය යනු කෘතියක අඩංගු කරුණු පෙළගස්වා ඇති ආකාරයයි. කිසියම් තේමාවක් යටතේ ගiයෙන් හෝ පiයෙන් කෘතියක් රචනා කිරීමේදි ආකෘතිය කෙරෙහි කතුවරයාගේ අවධානය අනිවාර්යයෙන්ම යොමුවිය යුතුය. කිසියම් සැලස්මකට අනුව සිදු කරන ඕනැම කාර්යයක අපේක්‍ෂිත ප‍්‍රතිඵල ලබාගත හැකි වනවා සේම සැලැස්මක් නොමැතිව සිදු කරන කාර්යයන්හිදි අපේක්‍ෂිත ප‍්‍රතිඵල ලබාගත නොහැකි වේ. කතුවරයා බලාපොරොත්තු වනදේ පාඨකයාගේ ග‍්‍රහණයට එලෙසම හසුවීම කෙරෙහි ආකෘතිය බෙහෙවින් බලපානු ලැබේ. ගi කෘතියකටත් වඩා පiයෙන් රචනාවන ග‍්‍රන්‍ථයන් විෂයෙහි මෙම කාරණය බෙහෙවින් බලපායි. එම හේතුවෙන් ග‍්‍රන්‍ථ රචනා කරන ඕනැම කතුවරයෙකු ආකෘතිය පිළිබඳ විශේෂ වශයෙන් අවධානය යොමු කරයි.
ඕනැම ග‍්‍රන්ථයක ආකෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී කොටස් දෙකක් යටතේ කරුණු අධ්‍යයනය කළ යුතු වේ. ඒ අනුව මොරතොටවත පi කාව්‍යයේද ආකෘතිය කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්
1ග පෘෂ්ඨිමය ආකෘතිය
2ග අගාධ ආකෘතිය
වශයෙනි. පෘෂ්ඨිමය ආකෘතිය යනු ග‍්‍රන්‍ථය මතුපිටින් පෙනෙන ආකෘතිය හෙවත් ස්වභාවයයි. සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ කිසියම් අංශයක් නියෝජනය කරනු ලබන්නේ අගාධ ආකෘතියයි. මොරතොටවත පi කාව්‍යයේ අගාධ ආකෘතිය සකස් වී තිබෙන්නේ ප‍්‍රශස්ති කාව්‍ය ආකෘතිය අනුව බව මේ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පෙනී යයි.
මොරතොටවත පi කාව්‍යයේ පෘෂ්ඨිමය ආකෘතිය ධම්මක්ඛන්‍ධ මහනාහිමියන්ගේ චරිතය වටා ගොනුවී තිබේ. ධම්මක්ඛන්‍ධ නාහිමියන්ගේ පරම්පරාව විස්තර කිරීම හා උපතේ සිට මහානායක පදවිය ලැබීම දක්වා කරුණු එකිනෙකට සම්බන්‍ධ වනසේ ඉදිරිපත් කිරීමට කතුවරයා සමත්ව ඇත. මේ නිසා මොරතොටවත කතුවරයා සිය කෘතිය තුළ පැහැදිලි ආකෘතියක් හා රචනා අනුගමනය කර තිබෙන බව පැහැදිලිය. තත් ග‍්‍රන්‍ථයෙහි අන්තර්ගතයේ ආකෘතිය චාල්ස්ද සිල්වා සංස්කරණය කළ මොරතොටවත කෘතියේ මෙසේ දක්වා ඇත.
1-3 නමස්කාරය
4 දේවාරාධනය
5 කාර්ය දර්ශනය
6-14 කාව්‍ය නායකයාගේ පරම්පරාව
20 ප‍්‍රවෘජ්‍යාව
21-29 සාමණේර ජීවිතය
30-37 උපසම්පදාව
38 මංගල ධර්ම දේශනය
39-40 අධ්‍යයනය
41 අනුනායක පදවි ප‍්‍රාප්තිය
42-43 ධර්ම කථිකත්‍වය
44 දෙගල්දොරුවේ විහාරය ලැබීම
45 ගංගාරාමය ලැබීම
46 රාජාධි රාජසිංහ රජුට දික්ස`ගිය ඉගැන්වීම
47 දෙගල්දොරු විහාරය කාව්‍ය නායකයන්ගේ ඥාති ශිෂ්‍ය පරම්පරාවට පරවෙණි කොටැ රජුගෙන් ලැබීම
48-50 මහා නායක පදවි ප‍්‍රාප්තිය
51-57 මහා නායකෝත්සවය
58-60 මහා නායක හිමිගේ ගුණ වර්ණනය
61 රාජගුරු පදවි ප‍්‍රාප්තිය
62 අභිනව රාජගුරු ස්වාමීන්ගේ ගුණ වර්ණනය
63 පුණ්‍ය කර්ම වර්ණනයක්
64-73 මල් වත්තේ පොහෝ ගෙය අලූතින් තැනවීම හා එහි කඵ පිංකම්
74 කාැව්‍ය නායක හිමි කළ කඨින පිංකමක්
75 පැවැත් වූ ධර්ම දේශනා ප‍්‍රමාණය
76-88 කාව්‍ය නායක ගුණ වර්ණනයක්
89-95 දෙගල්දොරුවේ අලූතින් විහාරයක් කරවීම හා එහි සිදු කළ පිංකම්
96-105 කාව්‍ය නායක මාහිමියන්ගේ පුණ්‍යකාමී භාවය
106 බුරුමයෙන් පැමිණි තානාපති තැන හා පාළියෙන් කථා කිරීම
107-113 කාව්‍ය නායක මාහිමියන්ගේ වෙසෙසි ගුණ
114-117 තත් කාල භික්‍ෂු සමාජයේ පැවති ඇතැම් දුෂ්ප‍්‍රතිපත්ති
118-122 භික්‍ෂු සමාජ ශෝධනය හා රජුගෙන් ලැබුණු වරප‍්‍රසාද
123-130 අධ්‍යාපනික සේවාව
131-157 ඡුාත‍්‍ර ගණන (ශිෂ්‍ය*
158-166 ගුණ වර්ණනයක්
167 කර්තෘ සංදර්ශනය
ඉහතින් ඉදිරිපත් කර ඇත්තේ මොරතොටවත පi කාව්‍යයේ මතුපිට ආකෘතිය හෙවත් පෘෂ්ඨිමය ආකෘතියයි. එහි කිසියම් පැහැදිලි අනුපිළිවෙලක් තිබෙන බව පැහැදිලිව දක්නට ලැබේ. මොරතොටවත පi කාව්‍යයේ පෘෂ්ඨිමය ආකෘතිය සකස් කරගෙන ඇත්තේ කෙසේද යන්න පිලිබඳ අවබෝධයක් ප‍්‍රස්තුතයට අදාළ කරුණු පෙළගස්වා ඇති ආකාරයෙන් පැහැදිලි කරගත හැකිය. අනුරාධපුර, පොළොන්නරු යුගවල සිට පැවත එන පi කාව්‍යයන්හි පෘෂ්ඨිමය ආකෘතිය මොරතොටවත කතුවරයාද භාවිත කර ඇති බවක් පෙනීයයි. පi කාව්‍ය රචනය ආරම්භ වූ අවධියේ සිටම ලාංකේය කතුවරු ග‍්‍රන්‍ථාරම්භයේදී තෙරුවන් නමස්කාරය කිරීම චාරිත‍්‍රයක් වශයෙන් සිදු කළහ. එම ආකෘතියම අනුගමනය කළ මොරතොටවත කතුවරයාද කෘතියේ පළමු පi තුනෙන් තෙරුවන් නමස්කාරය සිදු කරයි.
‘‘පිරිස යුත් ස`ග තුරු
දහම් රැුස් යුත් අම යුරු
දුර හළ මෝ අඳුරු
බැතින් නමඳිම් සුගත් නිසයුරු (01*
දුසිරි හිම දුර හළ
මන කමල් විකසිත කළ
මුනි යුගඳුර පහළ
සදම් දින රද වඳිම් හැම කල (02*
ගුණ සුවඳ හමනා
සුර නර සපද බඳනා
සසුන් සර පිපෙනා
වඳිම් මුණි සුත කමල නිතිනා’’ (03*
මේ අයුරින් ග‍්‍රන්‍ථාරම්භයේදී තෙරුවන් නමස්කාර කිරීම මොරතොටවත පiයේ පෘෂ්ඨිමය ආකෘතියේ විශේෂ ලක්‍ෂණයක් වශයෙන් පෙන්වාදිය හැකිය. ඇතැම් පi කතුවරු ත‍්‍රිවිධරත්නය නමස්කාරය කිරීම සඳහා එක් පiයක් පමණක් භාවිත කළ අවස්ථාද හමු වේ. එසේ වුවත් අප කතුවරයා ඒ සඳහා පi තුනක් වැයකර තිබේ.
අතීතයේ සිට පi කෘති රචනා කළ ලාංකේය කතුවරු ත‍්‍රිවිධරත්නය නමස්කාර කිරීම විෂයෙහි විශේෂ ස්ථානයක් ලබාදුන් නමුත් දෙවියන් සිහිපත් කිරීමක් සිදු නොකළහ. එසේ කර ඇත්නම් ඉතාමත් සුළු ග‍්‍රන්‍ථ ප‍්‍රමාණයක පමණි. ත‍්‍රිවිධරත්නය නමස්කාර කිරීමෙන් පසු දෙවියන් සිහිපත් කරන සුළු පi ග‍්‍රන්‍ථ ප‍්‍රමාණය අතරට මොරතොටවත පi කාව්‍යයද ඇතුළත් වේ. තත්කෘතියේ පෘෂ්ඨිමය ආකෘතිය පිළිබඳ විමසීමේදී සුවිශේෂී ලක්‍ෂණයක් වශයෙන් මෙය අවිවාදයෙන් සඳහන් කළයුතු වේ. මොරතොටවත පi කාව්‍යයේ සිව්වන පiයෙහි දෙවියන් සිහිපත් කර ඇත්තේ මේ අයුරිනි.
‘‘පොතත් දසනෙත් නත්
තිනෙත් ගහනත් බරනෙත්
රිවි තුරුපති තලත්
රකිත් ඔබ හා මෙමා ලෙව් සත්’’ (04*
උක්ත පiයෙන් කතුවරයා ප‍්‍රකාශ කරන්නේ කෘතිය, කතුවරයා හා පාඨකයා දෙවියන් විසින් ආරක්‍ෂා කරදෙන ලෙසය. මෙහිදී ඊෂ්වර, හිරු හා සඳු ආදි දෙවිවරුන්ගේ නම් කිහිපයක්ද කතුවරයා විසින් ඉදිරිපත් කර ඇත. මේ අයුරින් දෙවියන් පිළිබඳ සිහිපත් කර තිබීමෙන් මොරතොටවත කෘතියේ පෘෂ්ඨිමය ආකෘතිය අලූත් ම`ගකට යොමුව ඇති අයුරක් පෙන්වාදිය හැකිය.
ත‍්‍රිවිධරත්නය නමස්කාර කිරීම සහ දෙවියන් සිහිපත් කිරීමෙන් පසුව ග‍්‍රන්‍ථය රචනා කරන තේමාව හෙවත් වස්තු විෂය පිළිබඳ එක් පiයකින් ඉදිරිපත් කිරීමද මෙහි පෘෂ්ඨිමය ආකෘතියේ තවත් වැදගත් ලක්‍ෂණයකි. මෙසේ කෘතියේ තේමාව ඉදිරිපත් කරන මෙම ලක්‍ෂණය කාර්යාදර්ශනය වශයෙන්ද හැඳින් වේ. එනම් තත්කෘතිය තුළින් තමා ප‍්‍රකාශ කරන්නේ කුමක් පිළිබඳවද යන්න කතුවරයා කරන ප‍්‍රකාශයයි. මෙම ආකෘතික ලක්‍ෂණයද බහුලව දක්නට නොලැබෙන්නකි. මොරතොටවත පi කාව්‍යයේ මෙම කාර්යාදර්ශන පi තුළින් කතුවරයා ප‍්‍රකාශ කරන්නනේ ත‍්‍රිවිධරත්නය නමස්කාර කර, දෙවියන් සිහිපත් කරමින් තමන් මේ සූදානම් වන්නේ මොරතොට ධම්මක්ඛන්‍ධ නාහිමියන්ගේ ගුණය හා කීර්තිය භක්තියෙන් යුතුව ප‍්‍රකාශ කරන බවයි.
‘‘තෙරුවන් වැඳ නැවත
දෙවියන් අරක් කැර වෙත
දම්කඳ ස`ගි`දු වෙත
පිිහිටි ගුණ යස වනමි බැති යෙන’’ (05*
කෘතියේ හයවන පiයේ සිට 166 වැන්න දක්වා පi 160කින් වස්තු විෂය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට මුංකොටුවේරාළ සමත්ව ඇත. කෘතියේ අන්තර්ගතය මනා ආකෘතියක් හා රචනා ශෛලියක් ඔස්සේ ගෙනහැර දක්වා ඇතිබව එම පැදි 160 තුළින් මොනවට ප‍්‍රත්‍යක්‍ෂ වේ. කෘතියේ අවසන් පi වන 167 වැන්නෙන් කර්තෘ නාම සන්දර්ශනය ඉදිරිපත් කර තිබේ. මෙය වනාහි පi කෘතීන්හි දක්නට ලැබෙන සාම්ප‍්‍රදායික ආකෘතික ලක්‍ෂණයකි. කර්තෘ නාම සන්දර්ශනය බොහෝවිට කෘතිය අවසානයේ දක්නට ලැබෙන අතර ඇතැම් කෘතීන්හි ආකෘතියේ මුල හෝ මැද කිසියම් ස්ථානයක ඇතුළත් කර ඇත. එවන් අවස්ථාවන්හි කර්තෘ නාම සන්දර්ශනය ලෙස වෙනම පiයක් දක්නට නොමැති අතර කතුවරයා හා කාලය පිළිබඳ ඉ`ගියක් පමණක් ලබාදී ඇත. තවත් සමහර කෘතීන්හි කර්තෘ නාම සන්දර්ශනයක් ඇතුළත්ව නොමැත. එයට හේතුව කෘතිය රචනා කළ තැනැත්තාගේ නම ප‍්‍රසිද්ධ කිරීමට රුචියක් නොමැතිවීම යැයි අනුමාන කළ හැකිය. ඇතැම් කෘතීන්හි එසේ වුවත් මොරතොටවත පi කාව්‍යයේ 167වන පiයෙහි කර්තෘ නාම සන්දර්ශනය ඇතුළත්ව ඇත. මෙම කෘතියේ පෘෂ්ඨිමය ආකෘතියේ දක්නට ලැබෙන තවත් වැදගත් ලක්‍ෂණයක් වශයෙන් මෙය පෙන්වාදිය හැකිය. මෙම කෘතිය රචනා කළ කතුවරයාගේ නම හා රචිත කාලය එම`ගින් ප‍්‍රකාශ වේ. කිසියම් කෘතියක් පිළිබඳ මෙවන් අධ්‍යයනයක් කිරීමේදී කර්තෘ නාම සන්දර්ශනය වැදගත් වන්නේ කතුවරයා හා කාලය පිළිබඳ මතුවන ගැටලූව නිරාකරණය කර ගැනීම උදෙසාය. පහත දැක්වෙන්නේ මොරතොටවත පi කාව්‍යයේ කර්තෘ නාම සන්දර්ශනයයි.
‘‘පෙළවස් අරක් ගෙන මුංකොටුවේ වසන
දියකුස් පසිඳු අබෙසිහ කිවියර විසින
සතළොස් සිය එකුන් විසි වසැ සක වසින
ගුණ රැුස් වැණූ පොත නිරිඳුගෙ කර සවන’’ (167*
කිසියම් ග‍්‍රන්ථයක ආකෘතිය පිළිබඳ විමසීමේදී අගාධ ආකෘතිය දෙසද අවධානය යොමු කළ යුතු වේ. මොරතොටවත පi කාව්‍යය ප‍්‍රශස්ති කාව්‍ය සම්ප‍්‍රදායට අයත් බැවින් මෙහි අගාධ ආකෘතිය සකස්වී ඇත්තේ ප‍්‍රශස්ති කාව්‍යයේ ආකෘතිය අනුවය. ප‍්‍රභූවරුන්ගේ ගුණ වර්ණනා කිරීම් අරමුණු කර ගනිමින් බිහි වූ ප‍්‍රශස්ති විශයෙහි වෙන් වූ වෙනම ආකෘතියක් දක්නට ලැබේ. එය අනෙකුත් සාහිත්‍ය අනුසංගයන්හි අගාධ ආකෘතියෙන් වෙනස් වු එකකි. මේ නිසා මොරතොටවත පi කාව්‍යයේ දක්නට ලැබෙන්නේ ප‍්‍රශස්ති කාව්‍යයන්හි දක්නට ලැබෙන අගාධ ආකෘතියයි. තත්කෘතියේ ඇතුළත් ප‍්‍රශස්ති ලක්‍ෂණ මොනවාද යන්න විමසීම තුළින් මෙහි අගාධ ආකෘතිය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වේ. මොරතොටවතෙහි ඇති ප‍්‍රශස්ති ලක්‍ෂණ පිළිබඳ සිව්වන පරිච්ෙඡ්දයේදි සාකච්ඡුා කෙරේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment