Wednesday, December 11, 2013
සාහිත්‍ය කෘතියක් හා ප‍්‍රශස්තියක් වශයෙන් මොරතොටවතෙහි ආස්ථානය මොරතොටවතෙහි ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණ
සිව්වන පරිච්ෙඡ්දය
04 සාහිත්‍ය කෘතියක් හා ප‍්‍රශස්තියක් වශයෙන් මොරතොටවතෙහි ආස්ථානය
04.1 මොරතොටවතෙහි ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණ
මුංකොටුවේරාළ හෙවත් මුංකොටුවේ අබේසිංහ නැමැති කිවිවරයා විසින් මොරතොට ධම්මක්ඛන්‍ධ මහානාහිමියන්ගේ උදාර ගුණයන් වර්ණනා කරමින් මහනුවර යුගයේදී (ක‍්‍රි.ව. 1719* රචිත මොරතොටවත පද්‍ය කාව්‍යය පිළිබඳ ප‍්‍රමාණවත් දැනුමක් වත්මන් සමාජයේ සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ නියැලෙන බොහෝ දෙනෙකුට ඇතැයි විශ්වාස කළ නොහැකිය. මෙම හේතුව නිසා තත්කෘතිය සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ කවර ස්ථරයකට ඇතුළත් වන්නේද පවා ඇතමෙක් නොදත්හ. ජනතාවගේ අවධානයෙන් වියැකෙමින් පැවති මෙම මාහැ`ගි කව සංස්කරණය කර මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීමට කටයුතු කරන ලද්දේ, ක‍්‍රි. ව. 1959දී සාහිත්‍යවාගීශ්වරාචාර්ය විද්‍යාවාචස්පති ශ‍්‍රී චාල්ස් ද සිල්වා ප`ඩිතුමන් විසිනි. එතුමා විසින් කරනලද සංස්කරණයෙහි මොරතොටවත පද්‍ය කාව්‍ය ප‍්‍රශස්ති කාව්‍යයක් වශයෙන් සඳහන් කර ඇත.
”මොරතොටවත වනාහි විරිඳු කවකි. විරිඳු කව නම් රට දැය සමය ඈ වැවුමෙහි නිරත වූ මහතුන්ගේ නැණ ගුණ විකුම් ඈ වැනුමට ඇරුණු පබඳ වෙසෙසෙකි. අපේ රටේ ඇතැම් වියත්හු විරිඳු කව් ප‍්‍රශස්ති කාව්‍ය යන නමිනුදු හඳුන්වති”
චාල්ස් ද සිලිවාගේ උක්ත ප‍්‍රකාශයෙන් ප‍්‍රකාශ වන්නේ මොරතොටවත කෘතිය ප‍්‍රශස්ති කාව්‍ය ගණයට අයත්වන බවය. එසේ වුවත් එහි අන්තර්ගත ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණ පිළිබඳව කිසිඳු අධ්‍යයනයක් මේ වනවිටත් සිදුකර නොමැත. කිසියම් පුද්ගලයෙකුගේ ගුණයන් වර්ණනා කළ පමණින්ම එම කෘතිය ප‍්‍රශස්තියක් යැයි ප‍්‍රකාශ කළ නොහැකිය. ප‍්‍රශස්ති කාව්‍යයක් වීමට නම් ඒ සඳහා අනන්‍ය වූ ලක්‍ෂණ තිබිය යුතුය. ප‍්‍රශස්තියක් යනු කුමක්ද එහි ලක්‍ෂණ මොනවාද ආදි කරුණු මෙම පර්යේෂණයේ පළමු පරිච්ෙඡ්දය තුළ සාකච්ඡුාවට බඳුන් කළෙමු. මෙහිදි අධ්‍යයනය කෙරෙනුයේ මොරතොටවත පද්‍ය කාව්‍යය තුළ අන්තර්ගත ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණ පිළිබඳවය. භාරතයේ රචිත සංස්කෘත සාහිත්‍යයේ ආභාසයෙන් මෙරට රචනා වූ ප‍්‍රශස්ති කාව්‍යයන්හි ඉතා සුළුවශයෙන් වෙනස්කම් දක්නට ලැබේ. භාරතීය සංස්කෘත සාහිත්‍යයේ අන්තර්ගත ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණ බොහෝමයක් සිංහල ප‍්‍රශස්ති කාව්‍යයන්හි දක්නට ලැබුණද සිංහල සාහිත්‍යයට අනන්‍ය වූ දේශීය ලක්‍ෂණ කිහිපයක් එකතු කිරීමට ලාංකේය ප‍්‍රශස්තිකරුවෝ උත්සුක වූහ. රාජ, මැති, ඇමති හෝ වෙනත් ප‍්‍රභූවරයෙකු වර්ණනා කරමින් රචනා වූ ප‍්‍රශස්තියකට වඩා තරමක් වෙනස් ස්වරූපයක් මොරතොටවතෙහි දක්නට ලැබේ. එනම් භික්‍ෂූන් වහන්සේනමක් වර්ණනා කරමින් රචනා වූ ප‍්‍රශස්ති කාව්‍යයක් වන නිසාවෙනි. මෙලෙස රචනා වූ මොරතොටවත ප‍්‍රශස්ති කාව්‍යයෙහි භාරතීය මෙන්ම දේශීය ප‍්‍රශස්ති ලක්‍ෂණද අන්තර්ගතව පවතී. මොරතොටවතෙහි අන්තර්ගත ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණ පහත පරිදි වර්ගකර දැක්විය හැකිය. එනම්,
තෙරුවන් සරණයාම
කතානායකයාගේ පරපුර උත්කර්ෂවත් ලෙස වර්ණනා කිරීම
කතානායකයාගේ කීර්තිඝෝෂය වර්ණනා කිරීම
ශබ්දාලංකාරවලට විශේෂ තැනක් දීම
අතිශයෝක්තියට ප‍්‍රමුඛස්ථානය දීම ආදි
වශයෙනි.
තෙරුවන් සරණයාම
බුදුදහම අනුව ජීවිතය සකස් කරගත් ඕනැම පුද්ගලයෙකු තම ජීවිතයේ විශේෂ කාර්යයක් ආරම්භ කිරීමේදී බුද්ධ, ධම්ම, සංඝ යන ත‍්‍රිවිධරත්නය සිහිපත් කර එම කාර්යය ආරම්භ කිරීම චාරිත‍්‍රයක් වශයෙන් පවත්වාගෙන එන සුවිශේෂී ලක්‍ෂණයකි. මෙම ලක්‍ෂණය සුලභව දක්නට ලැබෙන අවස්ථාවක් ලෙස ග‍්‍රන්‍ථ රචනා කරන අවස්ථා පෙන්වාදිය හැකිය. අනුරාධපුර යුගයේ සිට පැවත ආ මෙම චාරිත‍්‍රය මහනුවර යුගයේදීද ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක විය. බුදුදහම, බුදුධ චරිතය, බෞද්ධ සංස්කෘතිය වැනි බෞද්ධාගමික තේමාවන් ඔස්සේ රචනා කළ කෘති පමණක් නොව රජ, ඇමති ආදින් වර්ණනා කරමින් රචනා කළ ප‍්‍රශස්ති කාව්‍ය ආරම්භයේදීද ත‍්‍රිවිධරත්නයට නමස්කාර කිරීමට දේශීය සාහිත්‍යකරුවෝ උත්සුක වූහ. භාරතයේ රචනා වූ ¥ත, සන්දේශ හා ප‍්‍රශස්ති කාව්‍යයන්හි දෙවියන් සිහිපත් කරමින් දෙවියන්ට නමස්කාර කරමින් කෘතිය ආරම්භ කළ අතර ලක්දිව රචනා වූ සන්දේශ, හටන්, ප‍්‍රශස්ති, වර්ණනා ආදි කෘති පවා ත‍්‍රිවිධරත්නයට නමස්කාර කරමින් ආරම්භකර ඇත. ලක්දිව ප‍්‍රශස්ති සාහිත්‍ය සඳහා භාරතීය ආභාසය ලැබුණුද එහි ඇතැම් ලක්‍ෂණ දේශීය උරුව අනුව වෙනස්වීම්වලට භාජනය වූ අයුරු මෙතුළින් පැහැදිලි වේ. ශ‍්‍රී ලංකාව තුළ රචනා වූ ප‍්‍රශස්ති කාව්‍යයන්හි සුවිශේෂී ලක්‍ෂණයක් වශයෙන් මෙය පෙන්වාදිය හැකිය.
මොරතොටවත ප‍්‍රශස්ති කාව්‍යයෙහි දක්නට ලැබෙන දේශීය ප‍්‍රශස්ති ලක්‍ෂණයක් වශයෙන් තෙරුවන් නමස්කාරය පෙන්වාදිය හැකිය. ඒ සඳහා කතුවරයා පද්‍ය තුනක් උපයෝගී කරගෙන ඇත. බුද්ධ, ධම්ම හා සංඝ යන ත‍්‍රිවිධරත්නයේ ගුණයන් කෙටියෙන් වර්ණනා කර ත‍්‍රිවිධරත්නයට නමස්කාර කිරීම සිදු කරයි. පහත දැක්වෙන්නේ මොරතොටවත කතුවරයා ත‍්‍රිවිධරත්නය නමස්කාරය සඳහා උපයෝගී කරගත් පද්‍ය කිහිපයි.
”පිරිස යුත් ස`ග තුරු
දහම් රැුස් යුත් අම යුරු
දුර හළ මෝ අඳුරු
බැතින් නමදිම් සුගත් නිසයුරු (01*
දුසිරි හිම දුර හළ
මන කමල් විකසිත කළ
මුනි යුගඳුර පහළ
සදම් දින රද වඳිම් හැම කල (02*
ගුණ සුවඳ හමනා
සුර නර සපද බඳනා
සසුන් සර පිපෙනා
වඳිම් මුණි සුත කමල නිතිනා” (03*
කතා නායකයාගේ පරපුර උත්කර්ෂවත් ලෙස වර්ණනා කිරීම
තනි පුද්ගලයෙකු වර්ණනා කිරීමේ අරමුණින් රචනා කළ ප‍්‍රශස්ති කාව්‍යයන්හි එම පුදුගලයා සම්බන්‍ධ හාත්පස සියලූම තොරතුරු වර්ණනයට ලක් කෙරේ. එම`ගින් වර්ණනයට ලක්වන පුද්ගලයා පිළිබඳ ගෞරවයක් ලබාදීමට කතුවරයෝ උත්සාහ ගත්හ. හාත්පස සියලූ තොරතුරු යනුවෙන් සඳහන් කරන ලද්දේ වර්ණනාවට ලක්වන්නේ පුද්ගයා පමණක් නොව ඔහුගේ වංශ පරම්පරාව, එම පරම්පරාවට ජයග‍්‍රහණ අත්කර දුන් පුද්ගලයන්, ශ්‍රේෂ්ඨ ප`ඩුවන් ආදින් පිළිබඳවත් අවධානය යොමු කළ නිසාවෙනි. මෙය ලක්දිව ප‍්‍රශස්ති රචකයන් විසින් ප‍්‍රශස්ති කාව්‍ය ආකෘතියට අමුතුවෙන් එක්කළ ලක්‍ෂණයක් නොවන අතර භාරතීය ප‍්‍රශස්ති රචකයන්ද අනුගමනය කළ සාම්ප‍්‍රදායික ප‍්‍රශස්ති කාවය්‍ය ලක්‍ෂණයකි. භාරතයේ සහ ලක්දිව රචනා වූ සියලූම ප‍්‍රශස්ති කාව්‍යයන්හි මෙම ලක්‍ෂණය දැකිය හැකිය. ප‍්‍රශස්ති සඳහා අනන්‍ය වූ ලක්‍ෂණයක් වශයෙන්ද මෙය හැඳින්විය හැකිය.
ලක්දිව රචනා වූ ප‍්‍රශස්ති බොහෝමයක් රජවරුන් අරමුණු කරගනිමින් රචිත ඒවා වන අතර ඔවුන්ගේ වංශපරම්පාව උත්කර්ෂවත් ලෙස වර්ණනාවට ලක්කර ඇත. ඇතැම් ප‍්‍රශස්ති කාව්‍යයන්හි රජුගේ වංශපරම්පරාව ක‍්‍රි. පූ. යුගය දක්වා ඈතට ගෙනගොස් ඇත. පැරකුම්බාසිරිත් කතුවරයා හයවන පැරකුම් රජුගේ වංශ පරම්පරාව මනුරාජකුලයේ ඔක්කාක රාජපරම්පරාව දක්වාත් රජසිංහසිරිත තුළ මහනුවර රජකළ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ වංශපරම්පරාව රාවන රජපරපුර දක්වාත් ඈතට වර්ණනා කිරීම නිදසුන් වශයෙන් පෙන්වාදිය හැකිය. මේ අයුරින් ලක්දිව රජවරුන්ගේ වංශ පරම්පරාව දඹදිව ශාක්‍ය කුලයේ උසස් රාජපරම්පරාවල් හා සම්බන්‍ධ කොට ඇත. එම ආකෘතිය ආරක්‍ෂා කළ මොරතොටවත ප‍්‍රශස්ති කාව්‍යය රචක මුංකොටුවේරාළද ධම්මක්ඛන්‍ධ නාහිමියන්ගේ වංශපරම්පරාව දඹදිව බ‍්‍රාහ්මණ වංශය දක්වා ඈතට ගෙනයයි. ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ වංශපරම්පරාව ප‍්‍රකාශ කිරීම සඳහා කතුවරයා පද්‍ය දොළසක් පමණ වැයකොට ඇත. ඒසා විසාල පද්‍ය ප‍්‍රමාණයක් වැය කිරීම තුළින් කතානායකයාගේ වංශපරම්පරාව වර්ණනා කිරීම යන ප‍්‍රශස්ති කාව්‍ය ලෂණ කෙරෙහි කතුවරුන් වැඩි අවධානයක් දක්වා ඇතිබව පැහැදිලි වේ. ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ වංශපරම්පරාව දඹදිව බ‍්‍රාහ්මණ වංශය තෙක් සම්බන්‍ධ කිරීම මෙලෙස සිදුකර ඇත.
”පොරණ එක් සමයෙක
මධුර දෙස එක් පියසෙක
දිජවරු අට දෙනෙක
සතර වේදය ඉගෙන කෙළ දැක” (06*
දඹදිව මධුරා ප‍්‍රදේශයේ වාසය කළ, සතරවේදය මනාලෙස උගත් බ‍්‍රාහ්මණ වංශිකයන් අටදෙනෙකු සීතාවක රාජ්‍ය සමයේදී මෙරටට පැමිණි බවත් ඔවුන්ගෙන් එක්අයෙකු වන බාලකෘෂ්ණ නැමැති බ‍්‍රාහ්මණයාගෙන් පැවත එන පරපුරේ අයෙකු ලෙස ධම්මක්ඛන්‍ධ හිමියනන්ගේ පරපුර ගෙනහැර දක්වයි.
”මෙ කී දිජ අට දෙන
කෙරෙන් සුරු වන අපමණ
බාල කෘෂ්ණයැ යන
බමුණු මුණුබුරු පතල ගුණ නැණ” (11*
ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ පරපුර බ‍්‍රාහ්මණ වංශය දක්වා ඈතට ගෙනයන කතුවරයා ඔවුන් සතු වස්තු සම්භාරය, බලය හා ශක්තිය, ඥාන සම්භාරය ආදි විස්තරයන්ද උත්කර්ෂවත් ලෙස වර්ණනයට ලක්කරයි.
”සතර මදයෙන් දෝ
ඉසුරු පිරිහීමෙන් දෝ
කිසිම බියෙකින් දෝ
නොවැස එහි ඒ දිජවරින්දෝ (07*
තමතමන් දන්නා
සිප් සිතර හැම පෙන්නා
රජුන් සුපසන්නා
සුදුසු ගම්වර ලබා උන්නා (10*
රන් බන්දි යුවලෙකි
මනෝහර මුතු හරයකි
ගම්වර කීපයෙකි
හික්මැ වූ ගරුතර ඇතින්නකි” (13*
මෙහි සඳහන් බ‍්‍රාහ්මණ වංශිකයන් සියලූ ඉසුරු සම්පත් සහිතව ශිල්ප ශාස්ත‍්‍ර මනාව ඉගෙන ගනිමින් වාසය කළ බවත් ලක්දිවට පැමිණ එවකට රාජ්‍යය හෙබවූ රාජසිංහ රජුට තමන්ගේ දක්‍ෂතා පෙන්නූ බවත් ඉහත පද්‍යයන්ගෙන් ප‍්‍රකාශ වේ. එහිදී සතුටට පත් වූ රජතුමා ඔවුන්හට ගම්වර කිහිපයක්, රත්තරන් වළලූ, මුතුවලින් සකස් කළ මාල හා ඇතින්නක් තෑගි වශයෙන් ලබාදී ඇත. බාලකෘෂ්ණ නම් බ‍්‍රාහ්මණයාගේ මුණුබුරෙකු වූ රණසිංහ මුදියන්සේගේ පරපුරේ පස්වන මුණුබුරා වූ පටබැඳි නැමැති අයගේ පුත‍්‍රයා වූයේ ධම්මක්ඛන්‍ධ හිමියන්ය. ඒ බව මොරතොටවත ප‍්‍රශස්ති කාව්‍යයේ 14, 15 යන පද්‍ය දෙකෙන් කතුවරයා ප‍්‍රකාශ කරයි. ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ පියා වූ පටබැඳි නැමැත්තා සතුව තිබූ වස්තු සම්පත්තිය කතුවරයා ප‍්‍රකාශ කරන්නේ මෙසේය.
”දැසි දැස් ගව මහිස්
සපිරි වී අටු සතරැුස්
සරු කෙත් පැන් පහස්
ගෙවකතු ගහ කොළ පුවක් පොල් කොස්(16*
විසිතුරු සළු බරණ
තඹ ලෝ වළන් නොබිදෙන
මේ ඈ නොයෙක් වෙන
සිරින් මොරතොට පියස සසොබන” (17*
ධම්මක්ඛන්‍ධ හිමියන් උපත ලැබුයේ මොරතොට ගමෙහි ප‍්‍රභූ පවුලක වන අතර ඔවුන් සතුව ගවයන් විශාල ප‍්‍රමාණයක්, සරුවට වැඩෙන කුඹුරු, වී පිර වූ අටුකොටු, පුවක්, පොල්, කොස් ආදි බෝග වර්ග වැනි ආදායම් ලැබෙන මාර්ග තිබුණු බවත් ඒවායේ වැඩ කිරීම සඳහා දැසි දාසයන් සිටි බවත් කියැවේ. එසේම විසිතුරු රෙදි හා ආභරණ පරිහරණය කළ මොවුන් මොරතොට ගම් ප‍්‍රදේශයට ආලෝකයක් ගෙනදෙන අයුරින් ජීවත්ව ඇත. මේ ආදි වශයෙන් ඉතා උකත්කර්ෂවත් ලෙස ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ වංශපරම්පරාව වර්ණනා කිරීමට කතුවරයා සමත්ව ඇත.
කතා නායකයාගේ කීර්තිඝෝෂය වර්ණනා කිරීම
ප‍්‍රශස්ති කාව්‍ය රචනා කරන කතුවරුන්ගේ ප‍්‍රධාන අරමුණ වන්නේ කතානායකයා උත්කර්ෂවත් ලෙස වර්ණනා කිරීමයි. මෙහිදී සිදුවන්නේ කතානායකයා සතු හැකියාවන්, ඔහු විසින් සිදු කළ යහපත් ක‍්‍රියාවන්, ඔහු තුළ ඇති යහපත් මානුෂීය ගුණධර්මයන් ආදි දේ පිළිබඳ අතිශයෝක්තියෙන් යුතුව වර්ණනා කිරීමයි. මේ තුළින්ද කතුවරයා අපේක්‍ෂා කරන ලද්දේ කතානායකයා කෙරෙහි පාඨක සිතේ ගෞරවය ඇතිකිරීමය. රජවරුන් වර්ණනා කරමින් රචිත රාජ ප‍්‍රශස්තීන්හි මෙම ලක්‍ෂණය කෘතිය පුරාවටම අන්තර්ගත කොට ඇත්තේ රජු කෙරෙහි පාඨක සිතේ ගෞරවය මෙන්ම භයපක්‍ෂපාතිත්වය ඇති කිරීම සඳහාය. කතානායකයාගේ කීර්තිඝෝෂය වර්ණනා කරන මෙම ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණයද මෙරට ප‍්‍රශස්ති රචනයන් විසින් අලූතින් සොයා ගනුලැබූවක් නොවේ. මෙය ප‍්‍රශස්ති කාව්‍ය ආරම්භයේ සිටම භාරතීය ප`ඩුවන්විසින් අනුගමනය කළ ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණයකි. දේශීය ප‍්‍රශස්ති රචකයෝද එම ලක්‍ෂණය ඒ අයුරින්ම පවත්වාගෙන යාමට කටයුතු කළහ.
මොරතොටවත ප‍්‍රශස්ති කාව්‍යයෙහි කතානායකයා වන්නේ රාජගුරු මොරතොට ධම්මක්ඛන්‍ධ මහානාහිමිපාණන් වහන්සේය. කෘතිය පුරාවටම උන්වහන්සේ වර්ණනා කරමින් රචනා වූ පද්‍ය විශාල ප‍්‍රමාණයක් අන්තර්ගව ඇත. කතුවරයා ප‍්‍රකාශ කරන ආකාරයට ධම්මක්ඛන්‍ධ හිමියන් කුඩාකාලයේ සිටම පැවිදි දිවියට අදාළ වත්පිළිවෙත් මනාව සම්පූර්ණකර ඇත. භික්‍ෂු ශාසනයේ පරිහානි කාලවකවානුවක් වන මහනුවර යුගයේදි සාමණේර භික්‍ෂූන් වහන්සේ නමක්, භික්‍ෂුත්වයට අදාළ ධර්ම, විනය මැනවින් සම්පූර්ණ කිරීම, පාලි, සංස්කෘත ආදි භාෂාවන් පිළිබඳ ප‍්‍රමාණවත් අවබෝධයක් ලබා තිබීම වැනි දේ කීර්ති ප‍්‍රශංසා ලැබීමට හේතුවන සාධකයන්ය. නියම භික්‍ෂුප‍්‍රතිපදාවන් ආරක්‍ෂා කරන ධම්මක්ඛන්‍ධ හිමියන් වැනි භික්‍ෂූන් කෙරෙහි ආයාසයෙන් කීර්ති ප‍්‍රශංසා ළ`ගා කරගතයුතු නොවේ. නිරායාසයෙන්ම ඒවා ගලාගෙන එන බව කතුවරයා පවසයි.
”ලොබේ උවත් කුහකව ඉහ සැපතේ
තිබේ යසස් වැසිලා ගොස් අපතේ
සුබේ සිනට බණ දැරුවොත් සතතේ
ඉබේ දිවෙයි යස කිත් මුළු දියතේ” (29*
ධම්මක්ඛන්‍ධ හිමියන්ට ලැබුණු කීර්තිප‍්‍රශංසා ආදිය ප‍්‍රකාශ කිරීම සඳහා කතුවරයා පද්‍ය 33ක් පමණ භාවිත කරයි. ඥානයෙන් හා ගුණයෙන් යුතු, තේජස් බලයෙන් යුක්ත වූ ධම්මක්ඛන්‍ධ හිමියන් සැම ආකාරයෙන්ම ප‍්‍රශංසා ලැබීමට සුදුස්සෙකු යැයි මුංකොටුවේරාළ ප‍්‍රකාශ කරයි.
‘‘නැණින් ගුණයෙන් සමතා - යස
තෙදින් බෙලෙන් විකුමින් සමතා
උතුම් දහම් කඳ මහතා - සැම
දෙයින් පැසැසිය යුතු සසතා’’ (86*
ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ කීර්තිය ලක්දිව පමණක් නොව කාම්බෝජය වැනි රටවල පවා පැතිර තිබූ බව මොරතොටවත ප‍්‍රශස්ති කාව්‍යයේ සඳහන් වේ. කාම්බෝජ රටෙන් තානාපතිවරුන් දෙදෙනෙකු පැමිණි අවස්ථාවේ ඔවුන් හා කතාකිරීමට පාලි භාෂාව දත් අයෙකු ඒ වනවිට සිටියේ ධම්මක්ඛන්‍ධ හිමියන් පමණි. එහෙයින් එම තානාපතිවරුන් දෙදෙනාගෙන් ප‍්‍රශංසා ලැබීම පමණක් නොව උන්වහන්සේ පිළිබඳ තොරතුරු බුරුමය වැනි විදේශ රටවල ජනතාව පවා දැනගෙන සිටිබව ප‍්‍රත්‍යක්‍ෂ වේ. පාලි භාෂාවෙන් කතාකිරීමට තරම් දැනුමක් තිබීම තත්කාලයේ ගරුබුහුමන් ලැබිය යුතු ගුණාංගයක් විය.
”අමරපුර දෙසිනා
තානාපතිවරු දෙදෙනා
සම`ග එම බසිනා
කතා කළ දා සතුටු නරනා” (106*
රටක ප‍්‍රධානියා යනු එම රට තුළ උසස්ම වරප‍්‍රසාද භුක්තිවිඳින පුද්ගලයා වේ. ඔහු ආශ‍්‍රය කරන්නේද සමාජයේ දැනුමෙන්, ගුණයෙන් උසස් සමාජ මෙහෙවරෙහි යෙදෙන සමාජයේ උසස් යැයි පිළිගත් පුද්ගලයන් පමණි. රජතුමා ළ`ගින් ඇසුරු කිරීම සමාජයෙන් කීර්ති ප‍්‍රශංසා ලැබීමට ප‍්‍රබල හේතුවක් වේ. වර්තමානයේද මෙම තත්වය ඒ අයුරින්ම පවතිනබව පිළිගත යුතුය. ධම්මක්ඛන්‍ධ හිමියෝ එකල රාජ්‍ය හෙබ වූ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ සමීපතම මිත‍්‍රයෙකු බවට පත්ව සිටියහ. රජුගෙන් කීර්තිප‍්‍රශංසා නිරන්තරයෙන් ධම්මක්ඛන්‍ධ හිමියන්ට ලැබුණු බවට නිදසුන් විශාල ප‍්‍රමාණයක් මොරතොටවත ප‍්‍රශස්ති කාව්‍ය තුළ අන්තර්ගත වේ. ගුණයෙන්, නැණයෙන් යුතු සමාජ මෙහෙවරෙහි යෙදෙන දරුවන් සිටින දෙමාපියන්ට කීර්තිප‍්‍රශංසා නිරන්තරයෙන් ලැබේ. එම කීර්තිය භික්‍ෂූන් වහන්සේ නමකට ලැබෙන්නේ උගත් බුද්ධිමත් ගෝලයන් බිහිකිරීම තුළිනි. ධම්මක්ඛන්‍ධ හිමියන්ට දැනඋගත් ගෝලයෝ විශාල ප‍්‍රමාණයක් සිටියහ. ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ ගෝලයන් පිළිබඳ විස්තර කෘතියේ 131 - 157 දක්වා වූ පද්‍ය 17කින් විස්තර වේ. ධර්ම විනය මෙන්ම පාලි, සංස්කෘත වැනි භාෂා ඥානයෙන් යුතු උන්වහන්සේලා ආගමික, සාමාජික, දේශපාලනික, සංස්කෘතික ආදි විශාල සමාජ මෙහෙවරයන්හි යෙදුණුබව මොරතොටවත කතුවරයා ප‍්‍රකාශ කරන්නේ එතුළින් ධම්මක්ඛන්‍ධ හිමියන්ට ගරු බුහුමන් විශාල වශයෙන් ලැබුණුබව සඳහන් කරමිණි.
”මෙබඳු විදුරු නැණවත් ගෝලයින් කළ
පසිඳු දහම්ක`ද තෙරිඳුගෙ යස විපුල
නුබුදු වී නො දැහැ සිටිනා කෙලෙස් මුල
කෙබඳු කිවි වනා නිමවති මෙදිය තුළ (158*
ගරු වූ සිතින් කිවියකු කළ හොත් වාද
උරු වූ නැණ සියෙන් වූ කල සුළු වේ ද
සුරු වූ ගෝලවරු සිටිනා කල සාද
ගුරු වූ තෙරිඳු යස කියනුම කවරේද” (159*
ශබ්දාලංකාරවලට විශේෂ තැනක් දීම
පද්‍යයෙන් රචිත කෘතීන්හි දක්නට ලැබෙන සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ ශබ්දාලංකාරවලට ප‍්‍රමුඛස්ථානයක් ලබාදීමයි. ප‍්‍රශස්ති කාව්‍යයන්හි මෙම ලක්‍ෂණය තවදුරටත් ඉස්මතුව පෙනේ. ශබ්දාලංකාර යනු භාෂාව උපයෝගී කරගනිමින් ශබ්දය ම`ගින් පද්‍යයට අලංකාරයක් එක්කිරීමයි. අලංකාර ශාස්ත‍්‍රය පිළිබඳ අධ්‍යයනය කළ භාරතීය ප`ඩුවෝ මේ පිළිබඳ විවිධ අදහස් දැක්වූහ. ශබ්දාලංකාර පිළිබඳ මුලින්ම අදහස් දැක්වූ භරතමුණි ප‍්‍රකාශ කරන්නේ ශබ්දාලංකාර වශයෙන් ගතහැක්කේ යමකය පමණක් බවය. පිඞිගලනාථද එම අදහස එලෙසම පිළිගනී. එසේ වුවත් මේ පිළිබඳ දීර්ඝව කරුණු අධ්‍යයනය කළ දණ්ඞී, භාමහ, වාමන ආදීහු යමක හා අනුප‍්‍රාස දෙකම ශබ්දාලංකාර වශයෙන් හැඳින් වූහ. චිරන්තන විග‍්‍රහයෙහි අනුප‍්‍රාස, යමක, වක්‍රෝක්ති, භාෂාසම, චිත‍්‍ර, ශ්ලේෂ යන ෂඞ් වැදෑරුම් අංග ශබ්දාලංකාර වශයෙන් හඳුන්වා ඇතත් විවිධ වූ වෘත්තද, ලයමානය, යතිය, රිද්මය ආදියද ඊට අයත් වියයුතු බව පෙනේ.
ශබ්දාලංකාර පිළිබඳ දීර්ඝව කරුණු අධ්‍යයනයක් මෙහිදි සිදු නොවන අතර මොරතොටවත කතුවරයා සිය පද්‍යකරණය සඳහා උපයෝගී කරගත් ශබ්දාලංකාර පිළිබඳ පමණක් අධ්‍යයනයක් සිදුකෙරේ. මොරතොටවත කතුවරයා භාවිත කළ ශබ්දාලංකාර අතර අනුප‍්‍රාස භාවිතයට විශේෂ ස්ථානයක් හිමි වේ. අනප‍්‍රාසය යනුවෙන් හඳුන්වන්නේ සමාන වචන හෝ අක්‍ෂර ළ`ග ළ`ග යොදා ගනිමින් ශබ්දයේ අලංකාරයක් ඇතිකිරීමයි. අනුප‍්‍රාසය පාද සතරේම සමානාක්‍ෂරයන්හි පුනර්යෝජනයෙන් පමණක්ම කවර හෝ ආකාරයකින් යෙදී එකිනෙකට සම්බන්‍ධව ශබ්දධ්වනිය ඇතිකරවන අක්‍ෂරයක හෝ අක්‍ෂර සමූහයක පුනරාවෘත්තයෙන් ඇතිවිය හැක්කකි. මෙසේ බලන කල්හි ශබ්දධ්වනි ඇතිකරවන අක්‍ෂර හා වචන ම`ගින් අනුප‍්‍රාසය ගොඩනැගේ. මොරතොටවත පද්‍ය කාව්‍යයෙහි 49වන පද්‍ය අනුප‍්‍රාස රසය ඉස්මතු කරන කදිම නිදසුනකි.
”සක වසින් එක් දහස් සත්සිය අටට පත් වූ මෙමැ වසේ
ලක උතුම් නිරිඳුගෙන් නායක ඉසුරු ලැබිලා නිසි ලෙසේ
සකල සෙන් පිරිවරින් සමුදුර ගොඩ ගමන් ගත්තා ලෙසේ
නෙක යසින් මොරතොට සුවාමී විහාරෙට වැඩියා තොසේ”
උක්ත පද්‍යයෙහි ‘ක’ අක්‍ෂරය පාද සතරෙහි කිහිප අවස්ථාවකම යොදාගනිමින් ‘‘සක වසින්, ලක උතුම්, සකල සෙන්, නෙක යසින්’’ ආදි වචන ම`ගින් ශබ්දධ්වනි ගොඩන`ගා ඇති අයුරක් දක්නට ලැබේ. ධ්වනිය යනු කිසියම් කරුණක් ප‍්‍රකාශ කිරීමේදී එය මැනවින් ඉස්මතු කිරීම සඳහා කතුවරයා විසින් භාෂාව උපයෝගී කරගන්නා ආකාරයයි. අනුප‍්‍රාස රසයෙන් යුතු ධ්වනි ගුණය සහිත පද්‍ය කිසියම් කෘතියක ඇතුළත් කලයුත්තේ අවස්ථාවට උචිතවන පරිදිය. උක්ත සඳහන් 49වන පද්‍යය මොරතොට හිමියන් මහානායක පදවිය ලබා පෙරහැරෙන් විහාරයට වඩින අවස්ථාව පිළිබඳ විස්තර කිරීමට කතුවරයා යොදාගත් පද්‍යයි. පෙරහරෙහි බෙර, දවුල්, තම්මැට්ටම් ආදි වාද්‍ය භාණ්ඩවල තාලයට නර්තනයන් ඉදිරිපත් කරන අයුරක් එම පද්‍ය කියවනවිට ධ්වනිත වේ. ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ ගුණවර්ණනා කරන 81වෙනි පද්‍ය අනුප‍්‍රාස රසය ඉස්මතු කරන කදිම නිදසුනකි.
”නිත්ත බණත් විනයත් වනපොත් කැර ගත්ත සමත් ඇතුවා
මැත්ත වරුත් දෙවියොත් ජනයොත් එහි භක්ති සිතක් සිතුවා
ලත්ත පිළිත් සිවුරුත් නොයෙකුත් දෙයිනුත් අඩුවක් නැතුවා
සිත්ත රුවත් මෙ පවත් අඳිතොත් හො`ද පෙත්තක වත් යුතුවා” (81*
මෙහි ‘ත්ත’ යන අක්‍ෂරද්වය උපයෝගී කරගනිමින් කනට මිහිරි ශබ්දාලංකාරයක් ගොඩනැංවීමට කතුවරයා සමත්ව ඇතිබව පෙනේ. මෙලෙස අනුප‍්‍රාස රසය මතුකරන පද්‍ය විශාල ප‍්‍රමාණයක් තත්කෘතිය තුළ අන්තර්ගත වේ.
ශබ්දාලංකාර ඇතිකරන තවත් අවස්ථාවක් වන්නේ එළිසමය පිහිටුවීමේ අවස්ථාවයි. පෙරදිග කාව්‍ය බන්‍ධන න්‍යායට අනුව සිව්පදයක අනිවාර්යයෙන්ම දැකියහැකි ලක්‍ෂණයක් වන්නේ එළිවැට ආරක්‍ෂා කිරීමයි. මෙය එළිවැට රක්‍ෂණය, එළිය, එළිවැට, එළි සමය ආදි නම්වලින් හැඳින්වෙන අතර කවියක අවකාසස්ථානය හෙවත් ඉඩසහිත ස්ථානය ලෙස ඡුන්දස් න්‍යායධරයෝ හඳුන්වා දෙති. එළිවැට යනුවෙන් හැඳින්වෙන්නේ සම ශබ්ද පාද හතරේම සමාන කිරීමයි. එනම් සිව්පදයක පළමු පදය අවසන් වන අක්‍ෂරයෙන්ම අනෙක් පද තුනෙහිද අවසානය සනිටුහන් කිරීමයි. මෙම ලක්‍ෂණය සිව්පදවලදි අනිවාර්ය වන අතර දෙපදවලදිද අනුගමනය කලයුතු කාව්‍ය ලක්‍ෂණයකි. එළිවැට පිහිටුවීම පිළිබඳ පැරණි කවීන් බොහෝවිට උනන්දු වූයේ පදාන්ත එළිවැට සම්බන්‍ධවයි. එහෙත් පාලි, සංස්කෘත හා සම්භාව්‍ය සිංහල පද්‍ය තුළද, කවියෙහි ආදි, මධ්‍ය හා අන්ත යන ස්ථානත‍්‍රයෙහිම එළිවැට පිහිට වූ අවස්ථා දක්නට ලැබේ. මොරතොටවත කතුවරයා එළිවැට රක්‍ෂණය කරඇති අයුරු උක්ත සඳහන් 81වෙනි පද්‍යයෙන් තහවුරු වේ. එහි එක් පදපේළියක් තුළ අවස්ථා පහකදි එළිවැට රක්‍ෂණය කර ඇත. පද්‍යයේ පළමුපේළිය වන ‘නිත්ත බණත් විනයත් වනපොත් කැර ගත්ත සමත් ඇතුවා’ යන්නෙහි නිත්ත, බණත්, විනයත්, ඇතුවා යන ස්ථානවලට සමගාමීව අනෙක් පේළි තුනෙහිද එළිසමය පිහිටුවා ඇත. ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ ගෝලයකු වන රත්තාගල හිමියන් පිළිබඳ විස්තර කරන පහත ස`දහන් 137වෙනි පද්‍යයේද මුල මැද හා අග යන අවස්ථා තුනේදි එළිවැට ආරක්‍ෂා කර තිබේ.
‘‘වැත්තා කළ සහිඳු ගන්වා සියලූ සික
මෙත්ත කුලැවින් සුසිරිත දහම් රැුක
ලත්තා පල මෙ ලොවැ දි මැ සුරු අකාලික
රත්තා ගල යතිඳු මාහැ`ගි ගෝලයෙක’’ (137*
මේ අයුරින් කිහිප ස්ථානයක එළිවැට ආරක්‍ෂා කරමින් ශබ්දාලංකාරය ඇතිවන සේ රචනා කළ පද්‍ය විශාල ප‍්‍රමාණයක් මොරතොටවත කෘතිය තුළ අන්තර්ගත වේ.
මොරතොටවත කතුවරයා භාවිත කළ ශබ්දාලංකාර අතර යමකයටද විශේෂ ස්ථානයක් හිමිවේ. වෙන් වෙන් වූ අර්ථ ඇති ස්වර, ව්‍යඤ්ජනයන්ගේ පුනරාවෘත්තිය යමක නම් වේ. මෙහිදි සිදු වන්නේ සමාන අක්‍ෂර සහිත වචන කිහිපයක් එක් පද්‍යයක් තුළ අන්තර්ගත කිරීම වනඅතර එම වචන භාවිතකරන ස්ථානයන් අනුව ඒවායේ අර්ථය වෙනස් වීමයි. වෙනස් වූ අර්ථ ඇති සමාන වචන පද්‍යයක් තුළට එක්කිරීම තුළින්ද ශබ්ද රසය ඇති වේ. මොරතොටවත පද්‍ය කාව්‍යයේද මේ අයුරින් ශබ්දරසය මතුකළ අවස්ථා කිහිපයකි. ඒ අතුරින් 74වන පද්‍ය වෙසෙස් කොට පෙන්වාදිය හැකිය.
”ලද පසින් කැප ලෙසට රස මසවුළින් එළවා අහර පානේ
බණ දහම් වත් නොකඩ කරවා සාර මස හැම දවස් ගානේ
උප සපන් පස් වැනි වසේ පස් නමක් වස් වසවා වසානේ
කිසිවෙකින් උනු නොවූ පිරිකර සහිත දුන්නා කටින දානෙ”් (74*
උක්ත සඳහන් පද්‍යයෙහි තෙවැනි පාදයේ සමාන අක්‍ෂර සහිත වචන කිහිපයක් යෙදී ඇතිමුත් ඒ ඒ වචනවලින් ප‍්‍රකාශ කරන අර්ථය සමාන නොවේ. ‘පස් සහ වස’ යන වචන දෙක අවස්ථා කිහිපයකදී පුනරුක්ති වී ඇත. ‘පස් වැනි වසේ හා පස්නමක්’ වශයෙන් යෙ¥ කල්හි එහි අර්ථය වන්නේ අවුරුදු පහක් සහ භික්‍ෂූන් වහන්සේලා පස්නමක් වශයෙනි. එසේම ‘වස් වසවා වසානේ’ යන්නෙහිද ඇත්තේ වස් වැසීම හා අවසානය යන අර්ථ දෙකයි. මේ අයුරින් පද භාවිතකිරීම තුළින් පද්‍යයේ අර්ථයට මෙන්ම ඉන් නැගෙන ධ්වනියටද අලංකාරයක් එකතු වේ.
අතිශයෝක්තියට ප‍්‍රමුඛස්ථානය දීම
ප‍්‍රශස්තීන්හි දක්නට ලැබෙන තවත් සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ අතිශයෝක්තියට ප‍්‍රධාන තැනක් දීමයි. ප‍්‍රස්තුතයේ උත්කර්ෂවත්බව වැඩිකරනු සඳහා ලෝකසීමාව ඉක්මවා කරනු ලබන වර්ණනය අතිශයෝක්තිය නමින් හැඳින් වේ. එනම් කිසියම් දෙයක් තිබෙන තත්වයට වඩා උසස් කොට වර්ණනා කිරීමයි. මෙම ලක්‍ෂණය බහුලව දක්නට ලැබෙන්නේ සන්දේශ හා ප‍්‍රශස්ති කාව්‍යයන්හිදිය. දෙවිකෙනෙකු හෝ රජවරුන් වැනි ප‍්‍රභූවරයෙකු වර්ණනා කිරීමේදී ඔවුන්ගේ බාහිර මෙන්ම අභ්‍යන්තර ගුණයන් දෙගුණ තෙගුණ කර වර්ණනා කිරීමට සාහිත්‍යකරුවෝ සමත් වූහ. ප‍්‍රශස්ති කාව්‍යයන්හි රජවරුන් අතිශයෝක්තියෙන් යුතුව වර්ණනා කිරීමේ ප‍්‍රධාන අරමුණ වූයේ රජුගෙන් යම් යම් දීමනාවන් බලාපොරොත්තුවෙනි. එසේම වර්ණනයට ලක්කරන පුද්ගලයා පිළිබඳ ගෞරවයක් ඇති කිරීමද තවත් අරමුණක් වශයෙන් පෙන්වාදිය හැකිය.
මොරතොටවත ප‍්‍රශස්ති කාව්‍ය තුළ ධම්මක්ඛන්‍ධ නාහිමියන්ගේ ගුණයන් විශාල වශයෙන් කතුවරයා ප‍්‍රකාශ කරයි. එසේ කරන වර්ණනාවන් අතුරෙන් අතිශයෝක්තියට නැඹුරු වූ වර්ණනාවන්ද බහුල වශයෙන් දැකිය හැකිය. මොරතොටවත පද්‍ය කාව්‍ය ප‍්‍රශස්ති කාව්‍යයක්ය යන්න මෙම ලක්‍ෂණය කදිම සාධකයකි. ධම්මක්ඛන්‍ධ හිමියන් උපසම්පදා කිරීමෙන් පසු ස්වකීය විහාරස්ථානයට වැඩමවන ලද්දේ මහත් වූ පෙරහරකිනි. එහිදී උන්හවන්සේ ගමන්ගත් විලාසයෙහි ගාම්භීරත්වය කතුවරයා වර්ණනා කරන්නේ රාම රාවණ යුද්ධයේදී අසුරයන්ව පරාජය කර යන රාවන රජු විලාසයෙනි.
”සරා නඳුන් වන ජය කොඩි බන්දා
අරා එරාවණ නම් වරණින්දා
පරාද කැර යන දා අසුරින්දා
නුරා ගමන් ගත් විලස මිහින්දා” (35*
ධම්මක්ඛන්‍ධ හිමියන්ට රාජගුරු පදවිය ලැබීම පිළිබඳ තොරතුරු අතිශයෝක්තියෙන් යුතුව කතුවරයා ප‍්‍රකාශ කරයි. ධම්මක්ඛන්‍ධ හිමියන් තරම් බණදහම් උගත් භික්‍ෂූන් වහන්සේ නමක් මේ තුන්ලෝකයේම සිට නොමැත බව කතුවරයා ප‍්‍රකාශ කරන්නේ මෙසේය.
”එකක් දෙකකට සමත් අය නම් එමට සිටියෝ දිය කුසේ
නොයෙක් දේටම සූර උතුමෙකි දහම් කඳ යති අස දිසේ
මෙලක් දිව බුදු සසුන් වැඩ කළ ස`ග රජුන් හැර මෙ දවසේ
සියක් වසෙකින් මෙපිට නායක නමක් වූයේ නැත මෙසේ” (80*
ධම්මක්ඛන්‍ධ හිමියන් මහානායක පදවියට පත්වීමට වසර 35කට පමණ පෙර වැලිවිට ශ‍්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ වැනි මහාතෙරවරුන් රට, ආගම, ජාතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරමින් ලංකාදීපයේ වැඩ සිටිබව ලක්වාසී ජනයා දන්නා කරුණකි. එසේ වුවත් ධම්මක්ඛන්‍ධ හිමියන් කෙරෙහි තිබූ ගෞරවය ප‍්‍රකාශ කිරීම්වස් කතුවරයා උන්වහන්සේ පිළිබඳ ඒ අයුරින් තොරතුරු අතිශයෝක්තියෙන් යුතුව ගෙනහැර දක්වා ඇතිබව පැහැදිලි වේ. මේ අයුරින් ධම්මක්ඛන්‍ධ හිමියන් පිළිබඳ අතිශයෝක්තියෙන් කරන ලද තවත් වර්ණනා බොහෝමයක් තත්කෘතිය තුළ අන්තර්ගත වේ.
04.2 චරිතකතා කාව්‍යාංග හා මොරතොටවත
කිසියම් පුද්ගලයෙකුගේ ජීවන තොරතුරු අළලා ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් රචනා වී ඇති කෘති විශේෂය චරිතකතා නමින් හැඳින් වේ. සිංහල සාහිත්‍ය තුළ එවන් කෘති විශාල ප‍්‍රමාණයක් දක්නට ලැබේ. රට, ජාතිය හෝ ආගමෙහි ප‍්‍රගමනය වෙනුවෙන් දේශපාලන, අධ්‍යාපන, සාහිත්‍ය ආදි ක්‍ෂේත‍්‍රයන්හි අභිවෘද්ධිය පිණිස කටයුතු කළ පුද්ගලයන් පිළිබඳ මතකය පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන්නේ ඔවුන්ගේ ජීවන තොරතුරුත් සම`ගය. උක්ත ක්‍ෂේත‍්‍ර විෂයෙහි කිසියම් මෙහෙයක් සිදුකළ පුද්ගලයන්ගේ උපතේ සිට මරණය දක්වා තොරතුරු ඇතුළත්ව රචනා වී ඇති කෘති විශේෂය සඳහා චරිතකතා යන නම භාවිත වේ. මෙවන් කෘති රචනා වන්නේ අදාළ පුද්ගලයාට උපහාර ප‍්‍රදානය කිරීමේ අරමුණ ඇතිව හා ජීවත්වන අයට එම`ගින් ආදර්ශ ලබාගැනීමේ අරමුණ ඇතිවය. ජීවිතයේ කටුක කාලපරිච්ජේදවලදී චරිතකතා කියවීම තම ගමනට රුකුලක් හා දිරියක් වූ බව ශ‍්‍රී ජවහල්ලාල් නේරු ප‍්‍රකාශකර ඇත. එසේම දාර්ශනිකයන්ගේ චරිතකතා කියවීමෙන් තමා මහත් ආශ්වාදයක් ලදබව බර්නාඞ් ෂෝ ප‍්‍රකාශ කළ අතර චීන ප`ඩිවරයෙකු වන යෑනිං නම් පුද්ගලයා කියා සිටින්නේ හරිහැටි කියවන්නට දන්නේ නම් සෑම මිනිසාම පොතක් බවයි. චරිතාපදාන නම් සාහිත්‍යාංයෙහි වටිනාකම පිළිබඳව ලොව ප‍්‍රකට ප`ඩිවරුන් තිදෙනෙකු ඉදිරිපත් කළ උක්ත ප‍්‍රකාශන තුළින් පැහැදිලි වේ.
සිංහල චරිතකතා සාහිත්‍යයේ අතීතය පිළිබඳ විමසීමේදී එහි මූලබීජ බෞද්ධ සාහිත්‍ය දක්වා ඈතට දිවයයි. මහාවංශය, ථූපවංශය, පන්සිය පනස් ජාතකපොත, සද්ධර්මරත්නාවලිය. බුත්සරණ, අමාවතුර ආදි කෘතීන්හි මෙන්ම ත‍්‍රිපිටකයේ අපදාන පාලියේද ඇතැම් චරිත පිළිබඳ දීර්ඝ වශයෙන් තොරතුරු ඇතුළත් වේ. බුදුරජාණන් වහන්සේගේ චරිතයේ ඇති ශ්‍රේෂ්ඨ ගුණාංග අන්තර්ගත කරමින් බුද්ධචරිතය ආශ‍්‍රයෙන් රචනා වූ ග‍්‍රන්‍ථ විශාල ප‍්‍රමාණයක් වර්තමානය වනවිට චරිතකතා සාහිත්‍යයට එකතු වී තිබේ. එසේම තත්කාලයේ සිටි ප‍්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේලා, රජවරු, සිටුවරු, මැතිඇමතිවරු වැනි අයගේ ජීවන තොරතුරුද සූත‍්‍රානුගත කරුණු ආශ‍්‍රයෙන් සිංහල චරිතකතා සාහිත්‍ය පෝෂණය කිරීමට සමත්ව ඇත. අනුරාධපුර යුගයේ මුල්කාලයේදී රචනා වූ මහාවංශය, දීපවංශය, ථූපවංශය වැනි වංශකතාවන්හිද විජය, පණ්ඩුකාභය, දුටුගැමුණු, එළාර ආදි රජවරුනගේ ජීවන තොරතුරු අන්තර්ගත වේ. මෙලෙස තොරතුරු විමර්ශනයකර බලන කල්හි බෞද්ධ සාහිත්‍ය හා වංශකතා සාහිත්‍ය තුළින් සිංහල චරිතකතා සාහිත්‍ය පෝෂණය වී ඇති අයුරු පැහැදිලි වේ.
චරිතකතා රචනයක් වූ කලී මානුෂිකත්වය පිළිබඳ තියුණු අධ්‍යයනයක යෙදෙන්නට පාඨකයා යොමුකරන ලේඛන කලාවිශේෂයක් වශයෙන් පෙන්වාදිය හැකිය. එයට හේතුව යම් යම් පුද්ගලයන්ගේ ජීවන තොරතුරු තවත් අයෙකු විසින් රචනා කිරීමයි. බොහෝවිට චරිතකතාවක් රචනා වන්නේ තමන් පෞද්ගලිකව දන්නා හඳුනන පුද්ගලයෙකු පිළිබඳය. එහිදී අදාළ පුද්ගලයාගේ චරිතය සුදු (යහපත්* චරිතයක් කිරීමේ යටි අරමුණක් කතුවරයාට තිබිය හැකිය. සාර්ථක චරිතකතාවක් රචනා කිරීමේදී උක්ත අරමුණෙන් කතුවරයා ඉවත් නොවුණහොත් පාඨයා නොම`ග යාමක් සිදු වේ. කිසියම් ක්‍ෂේත‍්‍රයක විශාල මෙහෙයක් ඉටුකළ පුද්ගලයෙකුගේ චරිතය අළලා කෘතියක් සම්පාදනය කිරීමේදී අදාළ පුද්ගලයාගේ ජීවන චර්යාව උපතේ සිට සාධාරණ ගවේෂණයක් කිරීම තුළින් කරුණු අධ්‍යයනයකර කෘතිය රචනා කළයුතු වේ. මෙසේ ගවේෂණය කිරීමකින් තොරව චරිතකතාවක් රචනා කිරීමට යාමේදී ප‍්‍රස්තුත චරිතයේ අප‍්‍රකට ස්ථාන කතුවරයා තුළින් ම`ගහැරී යාහැකිය. චරිතකතා කතුවරයාගේ වගකීම වන්නේ ප‍්‍රස්තුත චරිතයන්ගේ සාධුචර්යාවන්, ගුණ යහපත්කම් ආස්වාදය කරන්නට මෙන්ම, ඒ චරිතය සතු ඇතැම් දුබලතා හෝ අඩුපාඩු හෝ වෙතොත් ඒවා සානුකම්පිතව ඉවසන්නට පාඨකයා පුරුදු කිරීමේ ශක්තියක් ඇතිකිරීමය.
චරිතකතා කතුවරයෙකු සතුවියයුතු තවත් ගුණාංගයක් වන්නේ පාඨක රුචිය ඇතිවන අයුරින් ආස්වාදදායී ලෙස කෘතිය රචනා කිරීමයි. අතිශයෝක්ති වර්ණනා ඇතුළත් කිරීමෙන් සාහිත්‍යයික අගය වැඩිකිරීමක් එම`ගින් අපේක්‍ෂා නොකෙරේ. පාඨකයාගේ අවධානය තත්කෘතිය කෙරෙහි ඇතිවන අයුරින් විචිත‍්‍ර රචනා ශෛලියක් අනුගමනය කිරීමට චරිතකතා රචකයන් උත්සුක වීම මෙම`ගින් අපේක්‍ෂා කෙරේ. කතුවරයා විසින් රැුස්කරගන්නාලද දත්ත සමූහය මනා ගැලපීමකින් යුක්තව පාඨක රුචිය ඇතිවන අයුරින් ඉදිරිපත් කිරීමේ හැකියාව චරිතකතා රචකයන් සමත් වියයුතුය.
වර්තමානයේ චරිතකතා රචකයන් අතර ප‍්‍රවීණ ලේඛක අමරහේවා මද්දුමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 2011 අගෝස්තු මස 30 වෙනි අගහරුවාදා ලංකාදීප පුවත්පත ම`ගින් පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකච්ජාෙවිදී ඔහු විසින් චරිතකතා රචනා කිරීම සම්බන්‍ධව ඉතා වැදගත් අදහස් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. එහිදී ඔහුගෙන් විමසන ලද එක් පැනයක් වන්නේ නවකතා රචනා කිරීමට වඩා චරිතකතා රචනා කිරීම අපහසුද? යන්නයි. එම පැනය සඳහා ඔහු ලබාදුන් පිළිතුර තුළින් චරිතකතාවක් යනු කුමක්ද හා එහි ස්වභාවයත් චරිතකතා කතුවරයා මුහුණපාන ගැටළු පිළිබඳවත් මනා අවබෝධයක් ලබාගත හැකිය.
‘‘නවකතාවක් ලියනවා නම් නවකතාකරුවාට ඕන දෙයක් ලියන්න පුළුවන්. එහෙත් චරිතකතා ලියනකොට එහෙම බැහැ. චරිතකතාවක් ලියන විට හැකිතාක් නිවැරදි තොරතුරු ඇතුළත් වෙන්න ඕනෑ. මුලින්ම කාලයක් තිස්සේ ඒ චරිතයට අදාළ තොරතුරු එකතු කරන්න ඕනෑ. පැරණි චරිතයක් නම් රාජ්‍ය ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දවස් ගාණත් තැපල තැපල අදාළ පොත් කියවන්න ඕකෑ. ඒ නිසා චරිතාපදාන රචනය නවකතාවක් ලියනවාට වඩා බැ?රුම්. මං හො`ද උදාහරණයක් කියන්නම්. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවෙත් (1931* පාර්ලිමේන්තුවෙත් (1947* පළමු කතානායක ශ‍්‍රීමත් ෆ‍්‍රැන්සිස් මොළමුරේ. ඔහු තමන්ගේ ජීවිත කාලය තුල වි`දින්න පුළුවන් ඉහළම ගෞරවයත්, ලබන්න පුළුවන් දුක් කරදර අවනම්බු සියල්ලක් ලැබූ කෙනෙක්. ඔහු දික්කසාද නඩුවක පළමු විත්තිකරු වශයෙන් ද`ඩුවම් ලැබුවා. ඒ වගේම ඔහු සාපරාදී ක‍්‍රියාවකට හිරේ ගියා. නමුත් ඔහු හිරෙන් නිදහස් වෙලා නැවත තර`ග කරල පළමු පාර්ලිමේන්තුවේ කතානායක වුණා. මේ තොරතුරු හොයන්න මට මාස හයකට වඩා කාලය ගියා. දැනට හොයාගෙන තිබෙන පැරණිම කැලෑපත්තරය ගහල තිබෙන්නෙත් මේ ෆ‍්‍රැන්සිස් මොළමුරේට විරුද්ධව. ඒ කැලෑ පත්තරය නම් පත්තරේකට හෙළි කරන්නත් බැරි තරමට අසභ්‍යයි.’’
අමරහේවා මද්දුමගේ උක්ත අදහස විමසා බලන කල්හි අවබෝධ වන්නේ චරිතකතා රචනා කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවයි. වර්තමානයේ ලක්දිව චරිතකතා සාහිත්‍ය පෝෂණය කළ රචකයන් අතර ඞී. බී. ධනපාල, ඬේවිඞ් කරුණාරත්න, හේමපාල මුනිදාස, කේ. බී. සුගතදාස, ටී. ඇස්. ධර්මබන්දු, රන්ජිත් අමරකීර්ති පලිහවඩන, ඒ. ඞී. රන්ජන් කුමාර වැනි ලේඛකයෝ ප‍්‍රධාන වෙති.
චරිතකතා කාව්‍යාංග යනුවෙන් හැඳින්වෙන්නේ කිසියම් පුද්ගලයෙකුගේ චරිතය අළලා පද්‍යයෙන් රචනාවන කෘති විශේෂය සඳහාය. චරිතකතා බොහෝ ප‍්‍රමාණයක් රචනා වන්නේ ගද්‍යයෙන් වන අතර පද්‍යයෙන් රචනා වී ඇති චරිතකතාද සැලකියයුතු ප‍්‍රමාණයක් සිංහල පද්‍ය සාහිත්‍යයේ දක්නට ලැබේ. පද්‍යයෙන් චරිතකතා රචනාවීම ආරම්භ වූයේ කෝට්ටේ යුගයේ වනඅතර මහනුවර යුගයේදී ඒ සඳහා තවත් ග‍්‍රන්‍ථ කිහිපයක් එකතු වී තිබේ. කෝට්ටේ යුගයේ රචනා වූ චරිතකතා කාව්‍ය වන්නේ වයන්ති මාලයයි. ඉන්පසුව මහනුවර යුගයේදී ස`ගරාජ විත්තිය, සමනළ හෑල්ල, බොක්සැල් උපත, පත්තිනි හෑල්ල හා අඹ විදමන නමින් තවත් චරිතකතා කිහිපයක් මෙම සාහිත්‍යයට එකතු වී තිබේ.
චරිතකතා කාව්‍ය හා ප‍්‍රශස්ති කාව්‍ය යන ක්‍ෂේත‍්‍ර දෙකෙහි මතුපිටින් පෙනෙන ලක්‍ෂණ අනුව එක සමාන බවක් පෙනී යයි. එහෙත් මේ පිළිබඳව ගැඹුරින් කරුණු අධ්‍යයනය කරන කල්හි ක්‍ෂේත‍්‍ර දෙකක් බව පැහැදිලි වේ. ප‍්‍රශස්ති හා චරිතකතා කාව්‍ය යන දෙයංශයම එක් පුද්ගලයෙකු අරමුණු කරගනිමින් පද්‍යයෙන් රචනාකර ඇත. එහෙත් ප‍්‍රශස්තීන්හි අන්තර්ගත වන්නේ අදාළ පුද්ගලයාගේ ගුණ, කීර්ති වර්ණනයකි. අදාළ චරිතයේ යහපත් පැතිකඩ පමණක් ප‍්‍රශස්ති රචකයාගේ විෂය පථය වනඅතර අයහපත් පැතිකඩ අවදානයට යොමු නොවේ. ඊට හේතුව ප‍්‍රශස්ති රචනා කරන්නේ නම්බුනාම, තානාන්තර හෝ ලාභයන් අපේක්‍ෂාවෙන් වනනිසාය. වර්ණනාවට ලක්වන්නාගේ ගුණයන් අති උත්කර්ෂයෙන් යුතුව ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රමාණයට ලැබෙන ප‍්‍රතිලාභය තීරණය වේ. වැඩි වැඩියෙන් මිලමුදල්, භවබෝග හා තානාන්තර බලාපොරොත්තු වූවෝ අදාළ පුද්ගලයා සතුව නොමැති ගුණධර්ම ඇතැයි ආරෝපණය කරති. එහිදී අතිශයෝක්ති වර්ණනයට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.
චරිතකතා රචකයන්ගේ අරමුණ ප‍්‍රශස්ති රචකයන්ගේ අරමුණින් හාත්පසින්ම වෙනස් එකකි. චරිතකතා රචනා කිරීමේ ප‍්‍රධාන අරමුණ වන්නේ පුද්ගල ජීවිතයට ආදර්ශයන් ලබාදීමයි. සමාජයේ මිනිසෙකු වශයෙන් ජීවත් වන විට සෑම පුද්ගලයෙකුගෙන්ම ඉටු විය යුතු යුතුකම් හා වගකීම් ප‍්‍රමාණයක් වේ. එම යුතුකම් හා වගකීම් ඉටුකිරීමේ ප‍්‍රමාණය, සමාජය තුළ පුද්ගල පිළිගැනීමේ ප‍්‍රමාණය තීරණය කෙරේ. කිසියම් පුද්ගලයෙකු තම සීමාව ඉක්මවා යම් ක්‍ෂේත‍්‍රයක උන්නතිය වෙනුවෙන් තම දායකත්වය ලබාදෙන්නේ නම් එම පුද්ගලයා විශේෂ පුද්ගලයෙකු වශයෙන් සමාජය තුළ පිළිගැනීමට ලක් වේ. එවන් පුද්ගලයන්ගේ ජීවන චර්යාව තුළ තවත් අයෙකුට ලබාගත හැකි ආදර්ශ මෙන්ම අද්දැකීම්ද විශාල වශයෙන් අන්තර්ගතව ඇත. පුද්ගල ජීවිතයක් හැඩගස්වා ගතහැකි එවැනි ආදර්ශ හා අද්දැකීම් මතුකර පෙන්වීම චරිතකතා රචකයන්ගේ අරමුණ වේ. ජීවන අද්දැකීම් ලබාදීමේ අරමුණෙන් රචනා වන චරිතකතා තුළ ප‍්‍රශස්තීන්හි මෙන් අතිශයෝක්ති වර්ණනා ඇතුළත් නොවේ.
මොරතොටවත පද්‍ය කාව්‍ය තුළ අන්තර්ගත වන්නේ ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ සම්පූර්ණ ජීවන චරිතය උවත් එය චරිතකතා සාහිත්‍යාංගයට ඇතුළත් කළ නොහැක්කේ චරිතකතා කාව්‍යයන්හි දක්නට නොලැබෙන විශේෂ ලක්‍ෂණ කිහිපයක් මොරතොටවත පද්‍ය කාව්‍යය තුළ අන්තර්ගත වනනිසාය. ඉන් පළමු සාධකය වන්නේ කතානායකයාගේ පරපුර දීර්ඝ වශයෙන් වර්ණනා කිරීමයි. චරිතකතා කාව්‍ය තුළ කතානායකයාගේ පරම්පරාව විස්තර වන්නේ ඉතාම කෙටියෙනි. අදාළ පුද්ගලයාගේ පරම්පරාවේ වීර පුරුෂයෙකු සිටියහොත් පමණක් ඔහු පිළිබ`දව කෙටි විස්තරයක් සිදු කරන අතර නැතහොත් මාපියදෙදෙනා ගැන හා සහෝදරයන් පිළිබඳ ඉතාම කෙටියෙන් තොරතුරු ගෙනහැර දක්වා අදාළ චරිතයට පමණක් ප‍්‍රමුඛස්ථානය ලබා දේ. මොරතොටවත පද්‍ය කාව්‍යය තුළ කතානායකයාගේ පරම්පරාව දීර්ඝ වශයෙන් විස්තර කර ඇත. 06වන පද්‍යයේ සිට 17වන පද්‍ය දක්වා පද්‍ය දොළසක් කතානායකයාගේ පරම්පරාව විස්තර කිරීම සඳහා මොරතොටවත කතුවරයා උපයෝගී කොට ගෙන ඇත. ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ පරම්පාව ඉන්දියාවේ බ‍්‍රාහ්මණ වංශය දක්වා ඈතට රැුගෙන යාමට කතුවරයා මෙහිදී උත්සාහගෙන තිබේ.
මොරතොටවත පද්‍ය කාව්‍ය චරිතකතා කාව්‍යයක් නොව ප‍්‍රශස්ති කාව්‍යයක්ය යන්න ඉදිරිපත් කළහැකි තවත් සාධකයක් වන්නේ තෙරුවන් නමස්කාරය හා දෙවියන්ගේ ආශීර්වාදය ප‍්‍රාර්ථනා කිරීමයි. චරිතකතා කතුවරු සියකෘතිය ආරම්භයේදී ත‍්‍රිවිධරත්නය නමස්කාර කිරීමක් සිදු නොකරන අතර කතුවරයා, කතානායකයා, කෘතිය හා පාඨකයන් ආරක්‍ෂා කරදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලීමක්ද සිදු නොකරති. එහෙත් මොරතොටවත කතුවරයා පද්‍ය තුනකින් ති‍්‍රවිධ රත්නය නමස්කාර කර තවත් පද්‍ය දෙකකින් දෙවියන්ගේ ආශීර්වාදය ප‍්‍රාර්ථනා කරයි.
චරිතකතා කාව්‍යයන්හි දැකිය නොහැකි තවත් ලක්‍ෂණයක් වන්නේ කර්තෘ නාම සන්දර්ශනයක් ඇතුළත් වීමයි. කෘතියේ මුලින් හෝ හැඳින්වීම තුළ කතුවරයා හා රචිත කාලය පිළිබඳ තොරතුරු ඇතුළත් කරනමුත් අන්තර්ගතයට එම තොරතුරු ඇතුළත් නොකෙරේ. මොරතොටවත පද්‍ය කාව්‍යයේ අවසන් පද්‍ය වන 167වැනි පද්‍යයෙන් කර්තෘනාම සන්දර්ශනය ඉදිරිපත් කර ඇත. කෘතිය රචිත වර්ෂය හා කතුවරයා පැහැදිලිව එහි සඳහන් වේ. එය කෘතියේ අන්තර්ගතයට බාධාවක් නොවන අයුරින් ඉදිරිපත් කිරීමට මෙහි කතුවරයා සමත්ව ඇත. එතුළින් පැහැදිලි වන්නේ මොරතොටවත පද්‍ය කාව්‍ය චරිතකතා කාව්‍යයක් නොව ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණ නියෝජනය කරන කෘතියක් බවයි.
මොරතොටවත පද්‍ය කාව්‍ය චරිතකතා කාව්‍යයෙන් වෙනස්වීම කෙරෙහි බලපාන තවත් සාධකයක් වන්නේ අර්ථරසයට වඩා ශබ්දරසයට ප‍්‍රමුඛස්තානය දීමයි. ප‍්‍රශස්තියක් යනු පිනවීම, සතුටු කිරීම අරමුණු කරගනිමින් රචනා වූවක් වන අතර අසා රසවි`දිය හැකිසේ එහි බස්වහර සකස්ව ඇත. ශබ්ද රසය ඉස්මතු කිරීම සඳහා උපයෝගී කර ගන්නා විවිධ උපක‍්‍රම රාශියක් මොරතොටවත කතුවරයා මෙහිලා ප‍්‍රයෝජනයට ගෙන තිබේ. ශබ්ධ මාධූර්ය ගොඩනැ`ගීමට අවශ්‍යවන යමක හා අනුප‍්‍රාස බහුලව යොදාගැනීම, විවිධ විරිත්වලින් රචනා කර තිබීම, නොයෙක් වර්ණනා ඇතුළත් කිරීම ආදිය තුළින් ශ‍්‍රවනේන්‍ද‍්‍රිය පිනවීමට අවැසි ලක්‍ෂණ බොහෝමයක් මුංකොටුවේරාළ භාවිත කර තිබේ. චරිතකතා කාව්‍යයන්හි ශබ්දරසයට වඩා ප‍්‍රමුඛස්ථානය ලබාදී ඇත්තේ අර්ථරසයටය. කියවා පහසුවෙන් අවබෝධ කරගත හැකිවන සේ සරල බස්වහරක් ම`ගින් චරිතකතා කාව්‍ය රචනා කරන්නේ අසා රසවි`දීමට වඩා කියවා රසවි`දීමට හැකිවන අයුරිනි. මේ හේතුව නිසා පාලි, සංස්කෘත හා ද්‍රවිඩ වැනි භාෂාවන්හි වචන යොදා ගනිමින් උච්ඡුාරණය කිරීමට අපහසු භාෂා ශෛලියක් චරිතකතා කාව්‍ය රචකයන් භාවිත කොට නොමැත.
මෙසේ තොරතුරු විමසා බලන කල්හි මොරතොටවත පද්‍ය කාව්‍යය තුළ දක්නට ලැබෙන්නේ චරිතකතා කාව්‍යයක දක්නට ලැබෙන ලක්‍ෂණ නොව ප‍්‍රශස්ති කාව්‍යයක දැකියහැකි භාෂා ලක්‍ෂණයන්ය. එහෙයින් මෙය චරිතකතාවක් නොව ප‍්‍රශස්ති කාව්‍යයක් යැයි ඉඳුුරා ප‍්‍රකාශ කළ හැකිය. තත්කෘතිය මුල්පිටපත ආශ‍්‍රයෙන් සංස්කරණය කළ චාර්ල්ස් ද සිල්වා මෙය විරිඳු කවක් යැයි ප‍්‍රකාශ කරන ලද්දේ උක්ත සාධක පදනම් කරගෙන විය හැකිය.
04.3 ප‍්‍රස්තුතෝචිත භාෂා භාවිතය හා රචනා ශෛලිය සාහිත්‍ය කෘතියක් සඳහා කෙතෙක්දුරට උචිත වන්නේද?
කිසියම් කෘතියක තත්ත්වය පිළිබඳ නිගමනයකට එළබීමට නම් එහි භාෂාව හා රචනා ශෛලිය කෙරෙහි අවධානය යොමුකිරීම අනිවාර්යය වේ. පද්‍ය හෝ ගද්‍ය කෘතියක භාවිත භාෂාවේ සාර්ථක අසාර්ථකභාවය මත පාඨක රුචිය වැඩිවීම හෝ අඩුවීම සිදු වේ. ප‍්‍රශ්තුතයට හෙවත් කෘතියේ තේමාවට උචිත භාෂාවක් හා රචනා ශෛලියක් තත්කෘතියේ තිබේ නම් ඒ කෙරෙහි පාඨක අවධානය වැඩි වශයෙන් ලැබේ. එසේම ප‍්‍රශ්තුතයට උචිත අයුරින් භාෂාව හා රචනා ශෛලියක් භාවිතකර නොමැති කෘතීන් පාඨක අවධානයෙන් ගිලිහෙන්නේ ගද්‍ය හෝ පද්‍ය භේදයකින් තොරවය. ප‍්‍රශ්තුතෝචිත භාෂා භාවිතය හා රචනා ශෛලිය යනුවෙන් අදහස් කරන්නේ පාඨකයාට පහසුවෙන් අවබෝධ කරගතහැකි සරල භාෂාව හා රචනා ශෛලිය නොවේ. සාහිත්‍යයේ ඒ ඒ ක්‍ෂේත‍්‍ර නියෝජනය කරමින් ග‍්‍රන්‍ථ රචනා කිරීමේදී අදාළ ක්‍ෂේත‍්‍රයට ආවේණික භාෂාව හා රචනා ශෛලිය භාවිත කිරීමට කතුවරුන් සමත් වියයුතුය. විමර්ශනයට ලක්වන මොරතොටවත පද්‍ය කාව්‍ය ප‍්‍රශස්ති කාව්‍ය ගණයට අයත් වනනිසා ප‍්‍රශස්ති කාව්‍ය සඳහා උචිත භාෂාවක් හා රචනා ශෛලියක් මෙහි අන්තර්ගතව තිබේද යන්න පිළිබඳව මෙහිදී විමසුමට ලක් කළයුතු වේ.
මොරතොටවත පද්‍ය කාව්‍යයෙහි රචනා වී තිබෙන්නේ සිංහල භාෂා මාධ්‍යයෙන් වුවත් ප‍්‍රශ්තුතයට උචිත අයුරින් භාෂාව හැසිරවීමට කතුවරයා සමත්ව ඇත. ප‍්‍රශස්ති කාව්‍යයන්හි විශේෂ ලක්‍ෂණයක් වන්නේ භාෂාවේ ඇති විවිධතාවයි. එනම් කෘතිය රචනාවන භාෂා මාධ්‍යයට අමතරව තවත් භාෂාවන් කිහිපයක් මිශ‍්‍රකර ගනිමින් පද්‍ය බන්‍ධනය කිරීමය. මෙහිදී බෙහෙවින් ප‍්‍රශස්ති කතුවරුන් භාවිතයට ගෙනඇත්තේ සංස්කෘත භාෂාව මිශ‍්‍ර කඨෝර භාෂාවකි. මොරතොටවත නම් වූ ප‍්‍රශස්ති කාව්‍ය රචනා කරන මුංකොටුවේරාළ මිශ‍්‍රභාෂා උපයෝගී කරගැනීමේදී සංස්කෘත භාෂාවට පමණක් ප‍්‍රමුඛස්ථානය දී නොමැති බවක් පෙනීයයි. කෙසේ වෙතත් මෙම කෘතියේ භාෂා භාවිතය පිළිබඳ විමසීමේදී ක්‍ෂේත‍්‍ර කිහිපයක් ඔස්සේ කරුණු අධ්‍යයනය කළයුතු වේ. එනම්
පාලි බස්වහර
සංස්කෘත බස්වහර
ද්‍රවිඩ බස්වහර
ගැමි බස්වහර
සරල බස්වහර
උපමා භාවිතය වශයෙනි.
පාලි භාෂාව අනුරාධපුර යුගයේ සිටම ශ‍්‍රී ලාංකිකයන්ට සමීප භාෂාවකි. එයට හේතුව බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන ලද්දේ පාලි භාෂාවෙන් වීමය. මිහිඳු මාහිමියන් බුදුදහම රැුගෙන මෙරටට වැඩම කළ අවධියේ සිට වර්තමානය දක්වාම රාජ්‍ය ආගම වශයෙන් බුදුදහම පැවතීම තුළින් සැම බෞද්ධයෙකුටම පාලි වචන ස්වල්පයක හෝ අවබෝධයක් තිබේ. දහම් පාසැල් අධ්‍යාපනයේදී බෞද්ධ දරුවන්ට පාලි භාෂාව පිළිබඳ අවබෝධයක් ලබාදීම වර්තමානයේද සිදුවන්නකි. අනුරාධපුර පොළොන්නරු යුගවලදී පාලි භාෂාව මැනවින් හැදෑරු පිරිස අතර පැවිදි පක්‍ෂය පමණක් නොව ගිහි ප`ඩුවෝද සිටියහ. බොහෝ විට ග‍්‍රන්‍ථ රචනයට යොමුවූයේ සමාජයේ බුද්ධිමත් පිරිස වනඅතර භාෂා කිහිපයක ප‍්‍රමාණවත් දැනුමක් ඔවුන් සතු විය. මොරතොටවත රචනා කළ මුංකොටුවේ අබේසිංහ කලක් පැවිදිව සිටි අයෙකු වනනිසා පාලි භාෂාව පිළිබඳ පුළුල් දැනුමක් මොහු සතුව තිබෙන්නට ඇතැයි විශ්වාස කල හැකිය. මොරතොටවත පද්‍ය කාව්‍යයේ භාෂා භාවිතයේ විවිධත්වය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඇතැම් වචන පාලි භාෂාවෙන් රචනා කරතිබීම වෙසෙස් කොට පෙන්වාදිය හැකිය. මොරතොටවත කෘතියේ පාලි වචන ඇතුළත් පද්‍ය විශාල ප‍්‍රමාණයක් තිබේ. ඒ අතර 3, 4, 6, 19, 24, 41, 75, 101, 153 යන පද්‍යයන්හි පාලි භාෂාවේ වචන දකක්නට ලැබේ. මේ අතුරින් පාලි වචන ඇතුළත් පද්‍ය කිහිපයක් මෙසේ පෙන්වාදිය හැකිය.
”ගුණ සුවඳ හමනා
සුර නර සපද බඳනා
සසුන් සර පිපෙනා
වඳිම් මුණි සුත කමල නිතිනා (03*
පිළිමල් රුපු අනුහස් යුත් බලවත්
දනපල් වරණාදිය මැඩ ජය ගත්
බඔ දැල් සුතුරාදී නෙක බණ පොත්
නොවැ තුල් අටුවා හා කැර වන පොත්” (24*
ඉහත පද්‍ය දෙකෙහි පාලි වචන දහයක් පමණ ඇතුළත් වේ. මොරතොටවත කෘතියේ තුන්වන පද්‍යයේ පමණක් සුර, නර, සපද, සසුන්, සර, මුණි, සුත හා කමල යන`වෙන් පාලි වචන අටක් දක්නට ලැබේ. විසිහතරවන පද්‍යයේ අඩංගු පාලි වචන වන්නේ රුපු සහ වරණාදිය යන්නයි. මෙහිදි කතුවරයාගේ විශේෂත්වය වන්නේ සිංහල ඡුන්දස් හා මාත‍්‍රාවලට සරිලන සේ පාලි වචන සකස්කර තිබීමයි. පද්‍ය තුළට පාලි වචන එකතු කිරීමේදී පද්‍යයේ අර්ථයට කිසිඳු බාධාවක් සිදු නොවන අයුරින් එය සිදුකිරීමට කතුවරයා සමත්ව ඇත.
ප‍්‍රශස්ති කාව්‍යයන්හි දක්නට ලැබෙන සුවිශේෂීම ලක්‍ෂණයක් වන්නේ සංස්කෘත වචන ඇතුළත් කඨෝර භාෂාවක් වැඩිවශයෙන් භාවිත කිරීමයි. ප‍්‍රශස්තීන්හි සම්භවය සංස්කෘත සාහිත්‍ය වීමත් ශබ්දාලංකාර මතුකිරීම සඳහා සුදුසු වචනමාලාවක් සංස්කෘත භාෂාවේ තිබීමත් මෙයට හේතු වශයෙන් සඳහන් කළ හැකිය. පැරකුම්බා \සිරිත, කොන්ස්තන්තීන් හටන, රාජසිංහ හටන, ශ‍්‍රී නාමය වැනි ප‍්‍රශස්ති කාව්‍යයන් දෙස අවධානය යොමුකිරීමේදී සංස්කෘත භාෂාවේ වචන කොතරම් දුරට භාවිතකර තිබේද යන්න මනාව ප‍්‍රත්‍යක්‍ෂ වේ. පහත දැක්වෙන පැරකුම්බා සිරිතේ පද්‍යයෙහි සිංහල භාෂාවේ වචනවලට වඩා සංස්කෘත භාෂාවේ වචන ඇතුළත්ව ඇතිබව පැහැදිලි වේ.
”රණ මිණි මුතු ප`ඩුරු ලබන රටින් ලාඩ ගවුඩ වංග
තැන තැන වනවිල් වැද රැුඳි තුඩ වැඩි රුපු මැ`ඩි බුජංග
දින මිණිකුල විජය නිරිඳු පරපුරෙනා පුරෙක ලිංග
දින පැරකුම්බුජ රජ හිමි රාජවේශ්‍යා බුජංග” (71*
මේ අයුරින් ප‍්‍රශස්ති කාව්‍ය බොහෝමයක සංස්කෘත වචන බහුල වශයෙන් අන්තර්ගත වුවද මොරතොටවත ප‍්‍රශස්ති කාව්‍යයෙහි සංස්කෘත වචන ඇතුළත් වන්නේ ඉතාම සුළු වශයෙනි. තත්කාලය තුළ සංස්කෘත භාෂාව ඉගෙනීමට තිබූ දුෂ්කරතාව මේ සඳහා බලපාන්නට ඇති ප‍්‍රධානතම සාධකය වශයෙන් පෙන්වාදිය හැකිය. කෙසේ වෙතත් සංස්කෘත භාෂාවේ වචන ඇතුළත් පද්‍ය කිහිපයක් මොරතොටවත කෘතියේ අන්තර්ගත වේ. තත්කෘතියේ 08, 09, 11, 37, 43, 75 යන පද්‍යයන්හි පමණක් සංස්කෘත වචන කිහිපයක් දක්නට ලැබේ. මෙහි දැක්වෙන සංස්කෘත වචන අතර දිජවරු, බාල කෘෂ්ණයැ, නිග්රෝද, වරුෂා යනවචන පෙන්වාදිය හැකිය. පහත දැක්වෙන පද්‍ය දෙකෙහි බාල කෘෂ්ණයැ සහ නිග්රෝද යන සංස්කෘත වචනදෙක ඇතුළත්ව තිබේ.
”මෙකී දිජ අට දෙන
කෙරෙන් සුරු වන අපමණ
බාල කෘෂ්ණයැ යන
බමුණු මුනුබුුරු පතළ ගුණ නැණ (11*
සොළොස් සිය සැත්තෑ සයක් වස් සක වසින් පසු වූ තැනා
සතොස් වූ දුටු කෙණෙහි පිණ දැක තෙරිඳුපාලී නැණැසිනා
නිදොස් වී උපසම්පදා කැර නිග්රෝද නම් කී තැනා
උදෙස් පසළොස් තුළත පාමොක් නිමා වනපොත් කැරමිනා” (37*
මොරතොටවත පද්‍ය කාව්‍යයේ භාෂාව සම්බන්‍ධයෙන් අධ්‍යයනය කිරීමේදී ද්‍රවිඩ වචන භාවිතයද සුළු වශයෙන් දක්නට ලැබේ. මොරතොටවත පද්‍ය කාව්‍ය තුළ ද්‍රවිඩ වචන භාවිතකර ඇත්තේ පාලි හා සංස්කෘත වචනවලට සාපේක්‍ෂව අඩු වශයෙනි. අනෙකුත් බොහෝ ප‍්‍රශස්ති කාව්‍යයන්හි සංස්කෘත වචන මෙන්ම ද්‍රවිඩ වචනද බහුල වශයෙන් උපයෝගී කරගෙන ඇති අයුරක් පැහැදිලි වේ. එසේ වුවත් මොරතොටවත කතුවරයා ද්‍රවිඩ වචන සිය කෘතිය තුළට ඇතුළත් කිරීමට එතරම් රුචියක් දක්වා නොමැත. කෘතියේ 51 හා 52 යන පද්‍යයන්හි හමුවන ද්‍රවිඩ වචන කිහිපය හැර වෙනත් කිසිඳු තැනක ද්‍රවිඩ වචනයක් හමු නොවේ. මෙම පද්‍ය දෙකෙහි ඇතුළත් ද්‍රවිඩ වචන වන්නේ පන්දේරු, අන්දේරු, තම්බෝරු, වෙරන් පත්තු, වරම්, පුරම් පෙත්තු යන වචනපහයි.
”යමෙකුට පෙර නෙලැබුණු පන්දේරු - මේ
ගමනට සරසා බැඳ අන්දේරු
දියතට පරසිඳු කරවන සීරු - අප
සමිඳුට ලැබුණා ගරු තම්බෝරු (51*
වෙරන් පත්තු කරවන සුළු එව්වා - රිපු
තරම් ගත්තු අයටත් නැති එව්වා
වරම් ගත්තු රජ බල පෙන්නෙව්වා - ගරු
පුරම් පෙත්තු තෙරිඳුට පිමිබෙව්වා” (52*
මොරතොටවත පද්‍ය කාව්‍ය සිංහල භාෂාවෙන් රචනා වුවද එහි භාෂා ලක්‍ෂණ සම්බන්‍ධයෙන් කරුණු අධ්‍යයනය කිරීමේදී සිංහල භාෂාව ම`ගහැර පාලි, සංස්කෘත හා ද්‍රවිඩ යන භාෂාවලට පමණක් සීමා විය නොහැකිය. සිංහල භාෂාවේද විවිධ භාෂා ලක්‍ෂණ රාශියක් තත්කෘතිය තුළින් ගම්‍යමාන වේ. ඒ අතුරින් ගැමිවහර භාවිත කර තිබීම විශේෂ ලක්‍ෂණයක් වශයෙන් පෙන්වාදිය හැකිය. සාමාන්‍යයෙන් ග‍්‍රන්‍ථ රචනා කිරීමේදී උපයෝගී කර ගන්නා භාෂාව කතා ව්‍යවහාරයේ දක්නට ලැබෙන භාෂාවට වඩා තරමක් වෙනස් ස්වභාවයක් උසුලයි. ලේඛනයේදී භාවිත කරන භාෂාව ඉක්මවා කතා ව්‍යවහාරයේ භාවිත භාෂාව ඒ සඳහා යොදා ගන්නේ නම් එය ග‍්‍රාම්‍ය හෙවත් ගැමිවහර භාවිත කළ අවස්ථාවක් වශයෙන් හඳුන්වාදිය හැකිය. මෙලෙස ගැමිවහර යොදා ගැනීම තුළින් කෘතියේ හෝ නිර්මාණයේ අගය කිසිඳු අයුරකින් පහත වැටීමක් සිදු නොවේ. සිංහල සාහිත්‍ය තුළ ගැමිවහර යොදා ගනිමින් කළ නිර්මාණ විශාල වශයෙන් හමු වේ. කතුවරයා තමා ප‍්‍රකාශ කරන කාරණය හෝ සිද්ධිය පාඨකයාටද ඒ අයුරින්ම හැ`ගීම් දනවන ආකාරයෙන් ලබාදීමට ගන්නා උත්සාහයේදී ගැමිවහර භාවිත කිරීමට කතුවරුනට සිදු වේ. මෙලෙස ගැමි වහර උපයෝගී කර ගනිමින් රචනා කළ පද්‍ය කිහිපයක් මොරතොටවත පද්‍ය කාව්‍ය තුළ අන්තර්ගත වේ. පහත පද්‍ය මේ සඳහා නිදසුන් වේ.
”ගුණවතුන් ඉංටත්
සුසිරියන් පන්නංටත්
නිල සමන්නංටත්
කැපයි ඔබට ම පෙනුම් ගංටත්’’ (119*
‘‘මෙලක දෙවිඳු ගෙන් යස එන්ට වෙච්චි
ඒ දැක බාග බඩ කකියන්ට වෙච්චි
බෝසක කතාවේ දී කී එක වෙච්චි
නායක සමිඳුගේ යසස ම මතු වෙච්චි” (160*
මොරතොටවත කතුවරයා සිය කෘතිය තුළ ගැමිවහර කෙසේ භාවිතකර ඇත්ද යන්න අවබෝධ කර ගැනීමට උක්ත පද්‍යදෙක වුවද ප‍්‍රමාණවත් වේ. මෙම පද්‍යදෙකෙහි වැඩි වචන ප‍්‍රමාණයක් ඇත්තේ ගැමිව්‍යවහාරයේ දක්නට ලැබෙන ඒවාය. 119වන පද්‍යයේ එන ඉංටත්, පන්නංටත්, සමන්නංටත්, ගංටත් යන වචන බොහෝ දුරට යොදා ගැනෙන්නේ කතා ව්‍යවහාරයේදීය. මෙම වචනයන්හි ශාස්ත‍්‍රීය ක‍්‍රමය වන්නේ බින්දුව හා ට වෙනුවට පිළිවෙළින් න් හා න එකතු කිරීමයි. එවිට ඉන්නත්, පන්නන්නත් ආදි වශයෙන් සකස් වේ. 160වන පද්‍යයේද එන්ට, කකියන්ට හා වෙච්චි යන වචන අවස්ථාගණනාවක යොදාගෙන තිබේ. මේ ආකාරයෙන් මොරතොටවත පද්‍ය කාව්‍ය තුළ අවස්ථා කිහිපයකදී ගැමිවහර යොදාගෙන ඇති අයුරු දක්නට ලැබේ.
කිසියම් කෘතියක කතුවරයා ප‍්‍රකාශ කරන දේ ආයාසයකින් තොරව පාඨකයාට අවබෝධ කර ගැනීමට හැකිවන්නේ නම් ඒ කෘතිය කෙරෙහි පාඨක අවධානය වැඩිවශයෙන් යොමු වේ. එසේ පාඨක අවධානය වැඩිවශයෙන් යොමු කර ගැනීමට හැකි වැදගත් උපක‍්‍රමයක් වන්නේ කතුවරුන් උපයෝගි කරගන්නා සරල බස්වහරයි. අපගේ අධ්‍යයනයට බඳුන්වන මොරතොටවත පද්‍ය කාව්‍යයේ භාෂා ලක්‍ෂණ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී සරල බස්වහර භාවිතයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ සඳහා බලපාන ලද ප‍්‍රධානතම සාධකය වන්නේ සංස්කෘත මිශ‍්‍ර කඨෝර භාෂාවෙන් තරමක් ඈත්වීම යැයි අනුමාන කළ හැකිය. සංස්කෘත මිශ‍්‍ර කඨෝර භාෂාව තිබූ පමණින්ම කිසියම් කෘතියක් ප‍්‍රශස්ති කාව්‍යයක් යැයි වරදවා වටහාගතයුතු නොවේ. මොරතොටවත ප‍්‍රශස්ති කාව්‍ය රචනා කළ මුංකොටුවේරාළ සිය නිර්මාණය සඳහා යොදාගෙන ඇත්තේ ඉතා සරල බස්වහරකි. බුද්ධි මට්ටමෙන් ඉහළ තලයක ජීවත්වන ජනතාවට මෙන්ම සාමාන්‍ය බුද්ධි මට්ටමක් සහිත ජනතාවටද ඉතා පහසුවෙන් කියවා අවබෝධ කර ගැනීමට හැකිවන සේ මෙම ප‍්‍රශස්ති කාව්‍ය රචනා කිරීමට කතුවරයා සමත්ව ඇත. මෙහි පද්‍ය කිහිපයක් හැර අනෙක් සියල්ලම පාහේ රචනා කර ඇත්තේ සරල බස්වහරක් උපයෝගී කර ගනිමින්ය. මොරතොටවත පද්‍ය කාව්‍යයේ 01 - 23 දක්වා ඇති පද්‍ය 23ත් 89 - 130 දක්වා ඇති පද්‍ය 41ත් බන්‍ධනය කර තිබෙන්නේ සරල බස්වහරක් උපයෝගී කර ගනිමින්ය. ඒ සඳහා නිදසුන් වශයෙන් පහත පද්‍ය කිහිපය ඉදිරිපත් කළ හැකිය.
”තම තමන් දන්නා
සිප් සතර හැම පෙන්නා
රජුන් සුපසන්නා
සුදුසු ගම්වර ලබා උන්නා ’’(10*
විසි දෙනමක් ලවා
පිරිත් දහමක් කියවා
සතියක් දන් දෙවා
අන්තයේ ? බණක් කියවා” (94*
දෙදෙනෙකු අතර ඇතිවන කතාබහකදී එක්අකෙු විසින් කරන කිසියම් ප‍්‍රකාශයක් අනෙක් තැනැත්තාට අවබෝධ කර ගැනීමට අපහසු අවස්ථාවකදී උපමාවක් ම`ගින් අවබෝධය පහසු කරදීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. මෙම න්‍යාය ව්‍යවහාර භාෂාවේදී පමණක් නොව ලේඛනයේදීද කතුවරු බහුල වශයෙන් භාවිත කරති. ලේඛනයේදී උපමා භාවිත කරන්නේ අවබෝධයේ පහසුව සඳහා පමණක් නොව නිර්මාණය අලංකාර කිරීමේ අරමුණද ඇතිවය. සිංහල සාහිත්‍ය නිර්මාණයන්හි උපමා භාවිත කිරීම රචනා ශෛලියේ සුවිශේෂී ලක්‍ෂණයක් වශයෙන් පෙන්වාදිය හැකිය. ගද්‍ය පද්‍ය භේදයකින් තොරව සිංහල නිර්මාණ කරුවෝ අතීතයේ සිට වර්තමානය දක්වාම සිය නිර්මාණ, උපමා භාවිතය ම`ගින් අලංකාර කළහ. දඔදෙණි යුගයේදී ධර්මසේන හිමියන් විසින් රචනා කළ සද්ධර්මරත්නාවලිය උපමා භාවිතය අතින් ඉහළම ස්ථානයක තිබෙන නිර්මාණයකි. පද්‍ය නිර්මාණ අතර සන්දේශ සාහිත්‍යකරුවෝ සිය නිර්මාණ තුළ රසවත් ආකාරයෙන් උපමා භාවිතය ප‍්‍රයෝජනයට ගත්හ. මොරතොටවත පද්‍ය කාව්‍යයේ රචනා ශෛලියේ විශේෂ ලක්‍ෂණයක් වන උපමා භාවිතය අවස්ථා කිහිපයකදී කතුවරයා විසින් ප‍්‍රයෝජනයට ගෙන ඇත. මොරතොටවත කෘතියේ 20, 22, 25, 36, 38, 44, 150 යන පද්‍යයන්හි ප‍්‍රකාශ කරන කාරණය උපමා ම`ගින් තහවුරු කිරීමට කතුවරයා උත්සාහ ගනී.
”ගිහි සැප හැර මහත්
වනය අතැර ගිනි ගත්
නික්මෙන සේ මදැත්
සසුන් වැද ලැබ පැවිදි යහපත් (20*
කරමින් පෙරහර වෙහෙරට පැමිණා
දමමින් ගලවා එ පලන් බරණා
සියමින් වැඩි තෙරවරු වැඩ සිටිනා
සොබමන් පොහො ගෙට වන් සඳ සෙමෙනා” (36*
ධම්මක්ඛන්‍ධ මාහිමියන් ගිහිගෙය අතහැර පැවිදිවන අවස්ථාව කතුවරයා උපමාවක් ම`ගින් ඉදිරිපත් කර තිබේ. මදකිපුණු හස්තිරාජයෙක් ගිනිගත් වනාන්තරයකින් පලා යන්නේ යම්සේද ඒ අයුරින් ධම්මක්ඛන්‍ධ නාහිමියන්ද ගිහිගෙය හැර පැවිදි වූ බව ප‍්‍රකාශ කරයි. උපමාවක් කෘතිය තුළට ඇතුළත් කළයුතු නිසාම මිස අවස්ථාවට මැනවින් ගැලපෙන උපමාවන් යොදා ගැනීමට කතුවරයා ප‍්‍රවේශම් වී තිබීම මෙහි විශේෂ ලක්‍ෂණයයි. ඉහත 20වෙනි පද්‍යයේ ගිහිගෙය උපමා කරන්නේ ගිනිගත් වනාන්තරයකටය. බුදුදහමට අනුව ගිහිගෙය රාග, ද්වේෂ, මෝහ යන ගිනිවලින් නිරන්තරයෙන් ඇවිලෙමින් පවතී. එම ගිනිවලට හසුනොවී කිසියම් සහනයක් ලබා ගැනීමේ අරමුණෙන් අප කතානායකයන් වහන්සේ පැවිදි දිවියට පත් වූ බව ප‍්‍රකාශ කිරීමට ඉදිරිපත් කරඇති එම උපමාව අවස්ථානෝචිත උපමා භාවිතයක් යැයි ප‍්‍රකාශ කළ හැකිය. 36වන පද්‍යයේ සඳහන් වන්නේ අලූත උපසම්පදාව ලැබූ ධම්මක්ඛන්‍ධ නාහිමියන් විනය කර්මය කිරීම සඳහා පොහොයගෙට වඩින අවස්ථාවයි. මෙහිදී ධම්මක්ඛන්‍ධ හිමියන් උපමා කරන්නේ සඳටය. සඳ යනු සිසිලස හා සෞම්‍ය ගුණයෙන් යුත් ලෝකයක් එළිය කළහැකි වස්තුවක් වනඅතර ධම්මක්ඛන්‍ධ නාහිමියන්ද ස`ගසසුන බැබල වූ සංඝ පීතෲන් වහන්සේ නමකි. එහෙයින් උනවහන්සේ සඳට උපමා කිරීම කතුවරයා අතින් අහම්බෙන් සිදු වූ දෙයක් ලෙස පිළිගත නොහැකිය. මොරතොටවත පද්‍ය කාව්‍යයේ ඇතුළත් තවත් උපමා කිහිපයක් මෙසේ පෙන්වාදිය හැකිය. හංසයා ජලය සහිත කිරිවලින් කිරි පමණක් වෙන්කර ගන්නේ යම් සේද ඒ අයුරින්ම ධම්මක්ඛන්‍ධ හිමියන් පැවිදි දිවියට අදාළ වත්පිළිවෙත් සම්පූර්ණ කිරීම සිදු කළ බව 22වන පද්‍යයේ සඳහන් වේ. පාලි, සංස්කෘත, සිංහල ආදි භාෂා හා ඡුන්දස් අලංකාර ආදිය මනාව ඉගනගත් ධම්මක්ඛන්‍ධ හිමියන් චන්‍ද්‍ර මණ්ඩලය සේ ලෝකයේ ප‍්‍රසිද්ධ වූ බව 2වන පද්‍යයෙන් කතුවරයා ප‍්‍රකාශ කරයි. උපසම්පදාව ලැබ පළමු ධර්මදේශනාව පැවැත් වූ අවස්ථාව කෘතියේ සඳහන් වන්නේ ‘‘අහංකාර වැ නොබා කෙසරෙකු විලස ස`ග මැද බබලනා’’ වශයෙනි. කිසිවකට බිය නොවන කේසර සිංහයෙකු ගාම්භීරත්‍වයෙන් සිටින්නේ යම් සේද ඒ අයුරින් ධම්මක්ඛන්ධ නාහිමියන් සංඝයා මැද මහත් තේජසින් වැඩසිටි බව එම`ගින් ප‍්‍රකාශ වේ. උන්වහන්සේ විසින් පවත්වන ලද ධර්මදේශනය කතුවරයා මේ අයුරින් උපමාවට න`ගා ඇත. ‘‘අකල් මෙ ගැබින් සතුන් තුටු කර වහින වරුසාවක් ලෙසින් - කොවුල් නදයට නිගා කැර දම් දෙසූ ස`ද සුමිහිරි බසින්’’ යනුවෙනි. නියන් කාලයක වහින වර්ෂාවකින් ලැබෙන ආශ්වාදය කෙතෙක්ද යන්න අමුතුවෙන් විස්තර කළයුතු නොවේ. කොවුල් හ`ඩට වඩා මිහිරි හ`ඩකින් පැවැත් වූ එම ධර්මදේශනාවෙන් ජනයා සතුටට පත්ව තිබේ. මෙලෙස විග‍්‍රහ කර බලන කල්හි මොරතොටවත කෘතියෙහි අවස්ථානෝචිත උපමා භාවිතයක් තිබෙන බව අවිවාදයෙන් පිළිගත යුතුය.
මොරතොටවත පද්‍ය කාව්‍යයේ භාෂාවේ හා රචනා ශෛලියේ දක්නට ලැබෙත තවත් විශේෂ ලක්‍ෂණයක් වශයෙන් කරුණා ගුණය ඉස්මතුවීම පෙන්වාදිය හැකිය. ප‍්‍රශ්තුතයට උචිත භාෂාව හා රචනා ශෛලිය තත්කෘතිය තුළ කෙතෙක් දුරට කතුවරයා ඔප්නංවන්නේද යන්න මේ තුළින් වටහාගත හැකිය. මොරතොටවත කෘතිය රචනා වන්නේ භික්‍ෂූන් වහන්සේ නමක් වර්ණනා කිරීම අරමුණු කර ගනිමින් වනනිසා ඒ සඳහා උචිත පද මාලාවක් භාවිත කිරීමට කතුවරයා ප‍්‍රවේසම් වී තිබේ. පැරකුම්බා සිරිත වැනි ප‍්‍රශස්ති කාව්‍යයන්හි රජවරුන්ගේ යුද ශක්තිය වැනි අවස්ථා වර්ණනා කිරීමේදී එයට ගැලපෙන භාෂාවක් උපයෝගී කරගන්නා අයුරින්ම භික්‍ෂුවක් වර්ණනා කිරීමේදී ඒ සඳහා අවැසි සංයමය මොරතොටවත කතුවරයා සතුව මනාව තිබුණු බව කෘතිය පරිශීලනය කිරීමේදී පෙනීයයි. මුංකොටුවේරාළ රාජසභාවේදී හාස්‍ය උපදවන ශෘංගාරය මුසු කවි ප‍්‍රකාශ කළද සරණංකර සංඝරාජ මාහිමියන් වර්ණනා කරමින් රචිත ස`ගරජවත හා ධම්මක්ඛන්‍ධ මාහිමියන් වර්ණනා කරමින් රචනා කළ මොරතොටවත යන ප‍්‍රශස්ති කාව්‍ය රචනා කිරීමේදී මනා සංයමයකින් යුතුව පද්‍ය බන්‍ධනය කිරීමට ප‍්‍රවේසම් වී තිබේ. මොරතොටවත කෘතියේ ඇතුළත් පද්‍ය කිහිපයක් විමර්ෂණය කිරීම තුළින් මේ බව ප‍්‍රත්‍යක්‍ෂ වේ.
”එවැනි දම් රැුස් වගුරුවා ඒ දහම් කඳ යති දිවයුරු
සොඳිනි කිත්සිරි රාජසිහ රජ කමල පොබයා ලකිසුරු
මෙවැනි විකසිත නරන කමලින් නික්මවන ලද පියකරු
දෙවෙනි නායක ඉසුරු සුවඳක් දසත විහිදිණි දියතුරු ’’ (41*
අනෙක් මෙරටම සිවුරු යමෙකින් නො දක්වා දුසිරිත් නසා
නොයෙක් පිළිවෙත් හැසිර තෙවලා ඉගෙන හෙළු පෙළ මුණි බසා
මෙලක් දිව් වැසි සුගත් පුත් හැම කෙරේ වෙසෙසින් නොවෙසනා
මවක් මෙන් මෙත් කුළුණු අදහස් ගුණය පිහිටා අසදිසා” (78*
උක්ත සඳහන් 41වන පද්‍යයෙන් කියැවෙන්නේ ධම්මක්ඛන්‍ධ හිමියන් වෙත කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසින් අනුනායක පදවිය ප‍්‍රදානය කළ ආකාරයයි. එම අවස්ථාව ප‍්‍රකාශ කිරීම සඳහා යොදාගෙන ඇත්තේ කරුණා රසය මැනවින් ඉස්මතුවන පද මාලාවකි. අනුනායක පදවිය ලබා දුන් බව කතුවරයා ප‍්‍රකාශ කරන්නේ ‘‘දෙවෙනි නායක ඉසුරු සුවඳක් දසත විහිදිණි දියතුරු’’ යනුවෙනි. භික්‍ෂූන් වහන්සේ නමක් සතු වියයුතු ගුණාංග ධම්මක්ඛන්‍ධ නාහිමියන් සතුව ඇතිබව කෘතියේ 78වන පද්‍යයෙන් කතුවරයා ප‍්‍රකාශ කරන්නේ ‘‘මවක් මෙන් මෙත් කුළුණු අදහස් ගුණය පිහිටා අසදිසා’’ වශයෙනි. මවක් දරුවන් කෙරෙහි ක‍්‍රියා කරන්නේ කුමන ආකාරයෙන්ද ඒ අයුරින්ම රටවැසි ජනතාව කෙරෙහි ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ අනුකම්පාව ලැබුණු බව කතුවරයා ප‍්‍රකාශ කරයි. මෙවන් කරුණා රසයෙන් යුත් පද්‍ය විශාල ප‍්‍රමාණයනක් මොරතොටවත පද්‍ය කාව්‍යය තුළ අන්තර්ගත වේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment