Thursday, December 12, 2013
පුරාතන හා නූතන සාහිත්‍ය නිර්මාණ හා පුරාණෝක්ති භාවිතය
පුරාතන හා නූතන සාහිත්‍ය නිර්මාණ හා පුරාණෝක්ති භාවිතය
හැඳින්වීම
මානව වර්ගයා සිතින් කයින් බැඳී සිටින විවිධ අත්දැකීම් තුළින් ලබන සංවේදනයන්, සන්තුෂ්ටීන්වලට අතීතයක් ඇත. සාහිත්‍ය කලා විෂයෙහිලාද තත් කරුණ එලෙසින්ම බලපවත්වනු ලැබේ. සාහිත්‍ය කලා නිර්මාණයක ඇති විවිධ සන්දර්භයන්, සංස්ථිතීන්වල මූලාරම්භය දැකිය හැක්කේ අතීත මූලාශ‍්‍රයන් තුළිනි. යථෝක්ත මාතෘකාව යටතේ සපයන මෙම ලිපියේදී පුරාණෝක්තියක් යනු කුමක්ද යන කරුණ පළමුව පැහැදිලි කරන අතර එහිදී පුරාණෝක්තිවල ඇති විවිධ විෂයක්‍ෂේත‍්‍රයන් කෙරෙහි අවධානය යොමු කරයි. අනතුරුව සාහිත්‍යය, පුරාතන හා නූතන වශයෙන් බෙදා ඒ ඒ සාහිත්‍යයන් තුළදී පුරාණෝක්ති භාවිත කොට ඇත්තේ කෙසේද යන වග පැහැදිලි කරන අතර එහි වැදගත්කමද මතු කරයි. එසේ විමර්ශනය කිරීමට හේතුව සාහිත්‍යයෙහි පුරාණෝක්ති භාවිතය පිළිබඳව අල්ප වශයෙන් රචිතව පැවතීමයි.
පුරාණෝක්ති යනු කුමක්ද?
පුරාණෝ්ක්ති යන යෙදුමේ සාමාන්‍ය අර්ථය ලෙස ‘පැරැුන්නන් කී දේ’ යන්න ගත හැකිය. විවිධ විෂයක්ෂේත‍්‍රයන් පුරා විසිරී පැතිරී පවතින මෙහි මුහුණුවරද විෂමය. පුරාණ කථා වශයෙන් සලකන විට, ජනකතා, ජනකතන්දර, කටකතා ආදි වශයෙන්ද හැඳින්වෙන්නේ පුරාණෝක්තිය. පැරැුන්නන් විසින් තම ජීවන චර්යාවන් පිළිබඳව මතු කරන ලද ප‍්‍රශ්නවලට විසඳුම් වශයෙන් පුරාණෝක්ති බිහි කර ගෙන ඇත.
‘පුරාණ + උක්ති’ යන්නෙන් පැරණි නියමයන් යන අර්ථය ප‍්‍රමුඛ වශයෙන් ගෙන දෙන අතර අපරදිග ලෝකයේ ඵහඑයදකදටහ යනුවෙන් හැඳින්වෙන්නේ මිථ්‍යා කථා හෝ පුරාණ කථා සම්ප‍්‍රදායයි. එහෙත් ඵහඑය යනු මිථ්‍යා කථාවන් ලෙස ඔවුහු එකලෙසම පිළිගත්හ. අපරදිග සාහිත්‍ය ඉතිහාස විෂයෙහි පැතිරී ඇති දේව කථා බහුලත්වය හේතුවෙන් පුරාණෝක්ති යනු පුරාවෘත්ත ගණයේ ප‍්‍රබන්ධ ලෙස ඔවුහු සැලකූහ.
ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය පෙන්වා දෙන පරිදි ‘පුරාණෝක්ති’ යනු ‘‘පුරාතන කාලය පිළිබඳ තොරතුරුය.’’ මේ අනුව ‘පුරාකෘත, පුරාධර්ම, පුරාතන, පුරාවස්තු, පුරාවිද්‍යා’ යන වහරට සමගාමීව පුරාණෝක්ති යනුවෙන් පැමිණි බවත් ‘උක්ත හා උක්ති’ යනු පිළිවෙළින් ‘කියන ලද’ හා ‘කීම’ යනුවෙන් දක්වයි. ඒ අනුව පැරැුන්නන් විසින් කියන ලද කථාවන්ට පුරාණෝක්ති යනුවෙන් පැවසීම යුක්ති යුක්තය. මලලසේකර ශබ්දකෝෂයට අනුව ඵහඑය යනු ‘සාම්ප‍්‍රදායික ප‍්‍රවාද, ජනප‍්‍රවාද, පොදුවේ පිළිගත් සාවද්‍ය මතය, දේව කථා, විශේෂ පුරාවෘත්ත’ යන ඒවා පුරාණෝක්ති වේ. පුරාණෝක්ති විද්‍යාව යනු ‘ජන පුරාණනය, ජනප‍්‍රවාද සංග‍්‍රහය, දේව පුරාණය’ යනාදි ලෙස අර්ථ දක්වයි. ප‍්‍රකට ප`ඩිවරයෙකු වූ මුනිදාස කුමාරතුංග ‘පුරාණෝක්ති විද්‍යාව යනු ජන පුරාණනය, ජනප‍්‍රවාද සංග‍්‍රහය, දේව පුරාණය’ යනාදි ලෙස අර්ථ දක්වයි. ඔහු පවසන පරිදි පුරාණෝක්ති යනු ‘පුරාණ කථා සමුදායකි’. ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂය ඵහඑය යන්න අර්ථ දක්වන්නේ ‘‘ඡුමරුකහ සෙජඑසඑසදමි බ්රර්එසඩැ මිම්කකහ සබඩදකඩසබට ිමචැරබ්එමර්ක චැරිදබි ැඑජ. ්බා ැපඉදාහසබට චදචමක්ර සාැ්ි දබ බ්එමර්ක චයැබදපැබ්” යනුවෙනි. එනම් පුරාණෝක්ති යනු අතිශයින්ම කල්පිත ආඛ්‍යාන විශේෂයක්’ වන බවත් එහිදී සාමාන්‍යයෙන් සිදුවන්නේ අධිමානසික චරිත හැඳින්වීමකි. එයින් ස්වාභාවික සංසිද්ධි විවරණය කරන බව එහි අර්ථයයි. එසේම පුරාණෝක්ති යනු කුමක්දැයි වටහාගැනීමට අපරදිග වියත් අදහස් කිහිපයක් මෙසේය.
මැලිනොව්ස්කි - පුරාණෝක්තිය ම`ගින් පුද්ගලයන් ගැනත් සමාජ සංකල්ප ගැනත් නොසිතූවිරූ විවරණ සමුදායක් සැපයෙන බැවින් ඒවා නොලියවුණු ඉතිහාස කථා :ඹබඅරසඑඑැබ යසිඑදරසජ්ක කැටැබාි* සමුදායකිග
මාග‍්‍රට් ටීඞ් - පුරාණෝක්ති යනු ප‍්‍රාග් සංරක්ෂණ සමාජයන්හි ප‍්‍රභවය ලැබ වාචිකව විසරණය වූ අපූරු සංකල්ප රැුගත් සංස්කෘතිකාංග සමුදායකි.
එම්. එම්. ඒබ‍්‍රහම් - නවීන කතා කලාවේ උපත පුරාණෝක්ති මත රඳා පවතින අතර පුරාණෝක්ති යාතුකර්මවලින් ප‍්‍රභවය වී ඇත. එසේම පුරාණෝක්තියේ එන කතානායකයා අද්භුත හෝ උත්තම ගණයේ සුපිරි පුද්ගලයෙකු වේ. එසේ නොවන ඒවා කතා වස්තුය.
ක්ලෝඞ් ලෙවී ස්ට‍්‍රවුස් - පුරාණෝක්තිය යනු කිසියම් සංස්කෘතියක වාසය කරන පුද්ගලයන්ගේ විඥානය හා බැඳුණු සංඥා හඳුනාගත හැකි කැඩපතකි.
උක්ත නිර්වචනයන් තුළින් අපට පැහැදිලිව පෙනී යන්නේ පුරාණෝක්ති යනු එක් දේශයකට, ආගමකට, සංස්කෘතියකට, ඉතිහාසයකට පමණක් අයත් දෙයක් නොවන බවයි. විවිධාකාරයේ සංස්කෘතික, මානව විද්‍යා :ක්‍මකඑමරු ්බඑයරදචකදටහ* ක්ෂේත‍්‍රයන්හි ව්‍යාප්තව පවතින, කල්පිතය තුළ අද්භුත වූත්, විස්මයජනක වූත් ආඛ්‍යාන විශේෂයක් ලෙස පුරාණෝක්ති හඳුනා ගත හැකිය. පුරාණෝක්තිවල ආදිකර්තෘ බොහෝවිට :ඵහඑයදටර්චයැර* අඥාතය. මේ අනුව පුරාණෝක්ති ප‍්‍රධාන වශයෙන්,
x ජනශ‍්‍රැති හා යාතුකර්ම
x පුද්ගල අනුභූතීන් හා චර්යාවන්
x මානව චින්තනය
x පුරාතන පරිකල්පන සහ ස්මරණය
x සමාජ පාලන ක‍්‍රම
x විද්‍යාව හා මිථ්‍යාව
x සාහිත්‍යය හා ආගමික දෘෂ්ටිය
x මානව පරිණාමය
යන මාතෘකා යටතේ ගොඩනැගී ඇත. බහුතරයක් පුරාණෝක්ති ආගමික සන්දර්භය, දේවවරම්වාදය තුළ ගොඩනැගී ඇති අතර ඒ අතුරින් භාරතීය හා ග‍්‍රීක දේවකතා පුරාණයන් අතිශයින්ම ජනප‍්‍රියය. පුරාණෝක්ති විහිදී ඇති විෂයක්ෂේත‍්‍රයන් අතුරින් ,
1. ජන ඇදහිලි හා විශ්වාස
2. ආගමික සන්නිවේදනය
3. ඉතිහාසය හා වංශකථා
4. දර්ශනය
5. සංස්කෘතික ක්ෂේත‍්‍ර
6. භාෂාව හා සාහිත්‍ය කලා
7. දේශාටන ගවේෂණ
8. ආක‍්‍රමණ හා විපත්ති
යනාදි ක්ෂේත‍්‍රයන් සුවිශේෂී වේ. මේ අනුව පෙනී යන්නේ පුරාණෝක්ති යනු පැරණි සමාජයේ පැවැති වීමංසන බුද්ධියේ නිර්මාණාත්මක නිපැයුමක් වශයෙනි. එසේම ස්වාභාවික වස්තුවල පටන් පුද්ගලයා සම්බන්ධ විවිධ අනුභූතීන්ට අදාළව ගොඩනැගී ඇති පුරාවෘත්ත, ජනකතා, ආදි මුඛ පරම්පරාගතව අවිච්ýන්නව පැමිණි, අතීත මානවයන්ගේ සාමාන්‍ය ජීවිතයට සමීප එහෙත් සාමාන්‍ය ව්‍යවහාරික ලෝකය ඉක්මවා යන ආකාරයේ තත්ත්වයන් ජනනය කරන, පුද්ගල ජීවිතය නිර්ණය කිරීම පිණිස විවර වූ ෙසෙද්ධාන්තික ක්ෂේත‍්‍රයක් ලෙසද පුරාණෝක්ති හඳුනා ගත හැකිය.
පුරාතන සාහිත්‍ය නිර්මාණවලදී පුරාණෝක්තිවල භාවිතය හා එහි වැදගත්කම
නිර්මාණකරුවා යනු අලූත් දෙයක් නොහොත් අමුතු දෙයක් නිමවන්නකු වන, එහෙත් මේ ලෝකයේම, මේ මහපොළවේම පය ගසා සිටින අලූත් යමක් නිමවන්නා නොහොත් නිෂ්පාදනය කරන්නාය. සාහිත්‍ය නිර්මාණකරුවාද එම න්‍යාය පදනම් කරගෙන අපූර්වත්වයෙන් යුතුව නිර්මාණකරණයේ යෙදෙන්නෙකි. එහිලා පුරාණෝක්ති පුරාතන සාහිත්‍යයෙහි සන්නිවේදන කාර්යය දැඩි කිරීම සඳහා මැනවින් භාවිත කොට ඇති අයුරු අපට දැක ගත හැකිය. ගද්‍ය, පද්‍ය නාටකාදියේදී සාමාන්‍ය ජීවිත තත්ත්වයන් හා සදෘශ කිරීමට පුරාතන සාහිත්‍යකරුවන් නිතර පුරාණෝක්ති යොදාගෙන ඇත. ඒ තුළින් සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණවල සන්නිවේදන ධාරිතාව වැඩි වී ඇත. පුරාණෝක්ති තුළින් හුදෙක් මානසික රූප හෝ කල්පිතයන් :ඪසිම්ක සප්ටැි දර ෂප්ටසබ්එසදබි* පමණක් විවරණය නොවන අතර පුරාණෝක්ති ඉන්ද්‍රියබද්ධ වන ලෙස සාහිත්‍ය නිර්මාණකරුවන් භාවිතයට ගෙන ඇත. තවද පුරාණෝක්තීන් තුළින් මනෝනිර්මිතයන් පමණක් නොව, ඊටම බද්ධ වූ වින්දන පථයක්ද විවර කරයි. විශේෂයෙන්ම පුරාණෝක්ති තුළින් ආගමික පසුබිම හා දේවවරම්වාදය විවරණය වන අතර ඊට අමතරව භාරතීය සාහිත්‍යයේ අෂ්ටදශ විද්‍යාවට අයත්වන ‘‘ශික්ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ඡුන්දස්, ජ්‍යෝතිශ්ශාස්ත‍්‍ර, ඍග්වේද, යජුර්වේද, සාමවේද, අථර්වේද, ධනුර්වේද, ගාන්ධර්ව, අර්ථ ශාස්ත‍්‍ර....’’ යනාදි දහඅටක් වූ ශිල්ප ශාස්ත‍්‍රයන් තුළද මනරම් පුරාණෝක්ති ගොඩනැගී ඇත. බහුතරයක් භාරතීය සාහිත්‍ය නිර්මාණකරුවන් එම පුරාණෝක්ති ස්වකීය ග‍්‍රන්ථයන්හි නිර්මාණාත්මකව ඔබ්බවා ප‍්‍රබල රසඥතාවක් ස්වකීය පාඨකයාට අර්ථාන්විතව ලබා දී ඇත.
ආගමික දර්ශනයක් ගත් කලද මෙම පුරාණෝක්ති භාවිතය උපයෝගි කර ගනිමින් දහම සමාජගත කිරීමේ ආකර්ෂණීය ක‍්‍රමවේදයක් ආගමික ශාස්තෘවරුන් භාවිත බව පෙනේ. බුද්ධාගම, හින්දු, ඉස්ලාම්, ක‍්‍රිස්තියානි ආදි ආගම්වලද බොහෝ පුරාණෝක්ති සොයා ගත හැකි අතර බුදුදහමේ එම තත්ත්වය ධම්මපදය, ජාතක පොත, සූත‍්‍ර දේශනා, ආදියෙන් දැක ගත හැකි ය. මෙනයින් බලන කල පුරාණෝක්ති ප‍්‍රමුඛ වශයෙන් ආගමික සංස්ථාව තුළ ඉස්මතු වී ඇති බව පෙනේ.
පුරාතන සාහිත්‍ය නිර්මාණකරුවන් යමක් දැඩිව අවධාරණය කිරීමට හෝ චරිතයක් අනිවාර්යයෙන් වැණීමට පුරාණෝක්ති යොදාගෙන ඇත. මහා බ‍්‍රහ්මයා සහ කුරවි කෙවිල්ල සම්බන්ධ පුරාණෝක්තිය පැරණි සහ නූතන සාහිත්‍ය නිර්මාණකරුවන් කටහඬ පිළිබඳ යමක් පැවසීමේදී නිතර භාවිතයට ගනු ලබන්නකි. ධර්මප‍්‍රදීපිකා කතුවරයා බුදුරදුන්ගේ කටහඬ පිළිබඳ විවරණය කිරීමේදී,
‘‘සෙස්සේ භින්නස්වර වෙත්මය, භින්න ස්වර වෙත්මය, කාකාස්වර වෙත්මය, බුදුහු වූකලී මහා බ‍්‍රහ්මයාගේ ස්වරසදෘශ ස්වරයෙන් පවත්වාගෙනයහ. බ‍්‍රහ්මයාගේ ස්වර ýන්න ශ්ලේෂමාදීන් අපරිරුද්ධ වන බැවින් විශුද්ධ වෙයි. බුදුන් විසින් කරන ලද පින්කම් ඔවුන්ගේ වස්තු සෝදයි වතුදු ශුද්ධ වන බැවින් නාභිය පටන්ගෙන සමුත්ථිවන ස්වරය විශුද්ධ අෂ්ටාංග සමන්නාගතව සමූර්ථිත වෙයි. කුරවීකෙවිල්ලන් හඬ සෙයින් මධුර වේමැයි,’’
මෙලෙස පැරණි සමාජය තුළ කෙදිනකවත් අත්විඳ නැති අත්දැකීමක් සාහිත්‍ය තුළට වද්දා ගැනීම නිසා සාහිත්‍යය තුළ අමුතුම රසයක් ඇති වන්නේ එහි ඇති කල්පිත ස්වභාවයම නිසා නොව එහි ඇති සාමාන්‍ය මනුෂ්‍යත්වය ඉක්මවා යන ස්වරූපය නිසාය. මේ තුළින් මිනිසාට අපූර්ව තෘප්තියක් ගෙනදෙන බව පැහැදිලිව පෙනෙන කරුණකි.
බුත්සරණයෙහි අපට බෞද්ධ සාහිත්‍යයෙහි නිරතුරු හමුවන කල්පිත ජනශ‍්‍රැති බහුලව යෙදී ඇත.
‘‘තමන් ගුණෙහි පහන් ශක‍්‍රයාට කෙළෙහි ගුණ දැක්මෙහි බණ දෙසා එගුණෙහි පහන් ශක‍්‍රයා සුජාතාව ලවා ගෙන්වූ අමා පැන් ඉස්වීමෙන් එමැ ගස කප්රුකක් සේ සෑ¥ කෙළෙහි ගුණ දන්නා බුදුන් සරණ යෙමියි බුත්සරණ යා යුතු.’’
සිංහල සාහිත්‍යයෙහි බුදුදහමින් ලැබුණු පුරාණෝක්ති සේයාව හේතුවෙන් ශක‍්‍රයා, අමෘතය, කල්ප වෘක්ෂය ආදිය අතිශයින් ජනප‍්‍රිය මාතෘකාවන්ය. එසේම තවද,
‘‘සුදුවැලිතලෙහි සිට තන්හි තන්හි ගී කියන ලියකින්නරාවන් මියුරු ගී හා හස්තිකාන්ත වීණාවෙහි මධුරස්වර හා කණැ ඕමින් ගමන්ගත් සර්වරජතමය කෛලාසකූටය සේ තමන් රුවින් සියලූ හිමාලය හොබවමින්’’
යන ෙඡ්දය තුළින් අපට ‘‘ලිය කින්නරාවියන්, හස්තිකාන්ත වීණාව, කෛලාසකූටය, හිමාලය’’ ආදි ජනප‍්‍රිය වස්තූන් කිහිපයක්ද හමුවෙයි. පුරාතන සාහිත්‍ය නිර්මාණකරුවා නිරතුරු ආගමික මතවාදයන් තුළින් මතුවූ සෞන්දර්යාත්මක වූ පුරාණෝක්ති එක හා හාස්‍යයට ගත් බව පෙනේ. අමාවතුර කතුවරයාද මනරම් ලෙස පුරාණෝක්ති භාවිතයට ගෙන ඇත.
‘‘සක්දෙව් රජහු ගෙ යෙදුමෙන් විශ්වකර්මයා විසින් මවා දෙන ලද සොමි සිහිල් පවන් දිය පිරුණු පස් පියුමින් සන් රන්මුවා පොකුණෙහි සහ පිරිවරින් දිය කෙළි කෙළැ’’
විශ්වකර්මයා නිරතුරු සිංහල සම්භාව්‍ය සාහිත්‍යයට ඇතුළු වූ චරිතයකි. අමාවතුර කතුවරයාද ඔහු ස්වකීය ඥානය තුළට අන්තර්ගත කරන ලද්දේ සමයසමයාන්තර පරිඥානය නිසාවෙනි. මේ අයුරින් පුරාණෝක්තීන් සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යයට ප‍්‍රවේශ වූ අතර ඒ තුළින් සාහිත්‍යකරුවා ප‍්‍රමුඛ පෙළේ වීරයෙකු හඳුන්වා දී එම චරිතයෙහි විද්‍යමාන චර්යා රටාවන් මෙන්ම චරිතය කළ නොකළ යුතු දේවල්, චරිතයේ ඇති අතිමානුෂීය හැකියාවන්, ප‍්‍රතිමල්ලවයන් ජය ගැනීම් හා එම වීර චරිතය අරමුණු මස්තකප‍්‍රාප්ත කර ගන්නා අයුරු පැහැදිලිව හා අවධාරණයෙන් පෙන්වා දීමට ස්වකීය නිර්මාණයන්ට පුරාණෝක්ති එකතු කර ඇත. ඒ තුළින් පාඨකයාගේ අභිපේ‍්‍රරිත අරමුණු හා නිර්මාණයට විශ්වීය වටිනාකමක්ද ලබාදීමට කටයුතු කර ඇති බවද සම්භාව්‍ය ගද්‍ය කෘති අධ්‍යයනයෙන් පෙනී යයි. එසේම සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාවලිය ආදි ග‍්‍රන්ථ තුළද පුරාණෝක්ති භාවිතය බෙහෙවින් දක්නට ඇත.
සම්භාව්‍ය ගද්‍ය කෘතිවල පමණක් නොව පද්‍ය ග‍්‍රන්ථයන්හිද පුරාණෝක්ති බහුලව භාවිතා කර ඇත. එහිලා විශේෂයෙන්ම අවස්ථා හා චරිතවල ඇති උත්කර්ෂය අතිශයෝක්තියෙන් වැණීමට පුරාණෝක්ති භාවිත කර ඇති බව පෙනේ. හඳේ ඇතැයි පැවසෙන සස ලපය බෙහෙවින් ප‍්‍රකට පුරාතන ආඛ්‍යානයකි. එය කෙතරම් ජනප‍්‍රිය හා භාවිත උපමාවක්දැයි බැලීමේදී නූතනයේදී පවා එය යොදාගන්නා සාහිත්‍ය නිර්මාණ විරල නොවේ. පුරාතන පද්‍ය සාහිත්‍යයේ විශිෂ්ට ග‍්‍රන්ථයක් ලෙස සැලකෙන සියබස්ලකරෙහි එය යොදා ගන්නේ,
‘‘පහන් නම් පළ වත් - සුදනිය බස් හෙ මෙසේ
සිසිහු සස ලේ පුල් නිල් - මහනෙල් කැලූම් ලගනී’’
යනුවෙනි. එසේම භාරතීය සම්භාව්‍ය සාහිත්‍යයෙහි නිර්මිත පුරාණෝක්ති ලක්දිව සාහිත්‍ය ග‍්‍රන්ථයන්ට පිවිසුණේ භාරතීය සාහිත්‍යයේ බලපෑම නිසාවෙන් හා ලක්දිව නිර්මාණකරුවන්ගේ භාෂාවන්හි මූල, සකු, මගධ ආදියෙහි තිබුණු නිසාය. සියබස්ලකර කතුවරයා සුරබිදෙන හෙවත් සියලූ සැප සම්පත් ලබාදෙන පුරාණෝක්තිවල එන ගවදෙන ගැන උපමාවක් යොදා ගන්නේ එනිසාය.
‘‘ගවඟන වේ පසස් - නදා බස් කැර සකස්
පිය සුවහට අන්හට - ගව බව් මේ හුදු සාදා’’
යන පද්‍ය තුළින් ඒ බව පෙනී යයි. තොටගමුවේ රාහුල හිමියන්ද ස්වකීය සන්දේශවලදී පුරාණෝක්ති බහුලව භාවිත කොට ඇත. පරෙවි සන්දේශයෙහි අන්තර්ගත,
‘‘විපුල් කුළුණු මෙත් ගුණයෙන් ලෙව් පුස්න
කොපුල් අත දළැස ලෙස තෙද රැුස් ඉස්න’’
යන පද්‍යයට ඊශ්වර දෙවියාගේ විශාල වූ තේජස සහිත නළල් ඇස ගැන ඇති පුරාණෝක්තිය යොදාගෙන ඇති අතර
‘‘සුරපුර මෙපුර දෙතටුව සව් සිරින් පුරා
මහබඹ මෙර තුලා කර බලන වර කිරා
ලූහු බැවිනේ දෙව්පුර රැුඳුනෙව් සුනෙර සිරා
බට වැනි බරින් දෙරණට මෙපුර මනහරා’’
යන පද්‍යයෙන් ‘මහා බ‍්‍රහ්මයා, දිව්‍ය ලෝකය’ හා මෙහි එන නගරය සහ ‘මහාමේරුව’ තුලාදණ්ඩ කොට සියලූ සම්පත්වලින් පිරවූ බව කියයි. මෙවැනි අද්භුත පුරාණෝක්ති සන්දේශ සාහිත්‍යයෙහි බෙහෙවින් දැක ගත හැකි අතර ඒ තුළින් ලක්දිව කවීන් සංස්කෘත කවීන් ගිය ම`ගම ගත් බවද පෙනී යයි. පරෙවියේ එන පහත පද්‍යයද එවැනි ස්වරූපයේ කවියකි.
‘‘සකකුම්භා ගිරියුරු ගුණැති තිරසර
මෙන කුම්බා යොන් පා කළ රුපු සයුර
බඳ කුම්බා සරියැදි දන නඳන තර
පැරකුම්බා නරනිඳු දින මෙපුරවර’’
මෙම පද්‍යයේදී පැරකුම්බා රජු වර්ණනා කිරීමට යාමේදී ‘‘මහාමේරු පර්වතය, අගස්ති ඍෂිවරයා, භද්‍රඝටය’’ යනාදි කල්පිත පුරාණෝක්ති යොදාගෙන ඇත.
‘‘උරගිඳු නිහර හර සුදඟර ගඟ වියත
කෙළෙසිඳු ඉඳු සිඳුරු සිඳුවර නිසිඳු සිත
පිරිසිදු කරත මෙනිරිඳු යස රැුස දසත
තිරසිඳු පැමිණි වර කිතු යුගය සිරි ගත’’
මෙම පද්‍යවෙහි ‘‘අහස් ගඟ, ඓරාවණයා, කිරි සයුර’’ යන වස්තූන් මනරම් අවස්ථාවකට පත් වූ අයුරු කවියා පෙන්වා දී ඇත. එසේම රාහුල හිමියන්ගේම කෘතියක් වන තිසර සංදේශයෙහි සඳහන්,
‘‘ලෙලෙනා ගුරුළු දද මුළු වෙන ඇති අගල’’
‘‘සෑදී සිටින මද යුදයට සේ රුවල
නිසි අඟනෙන් යුත් සුරඟන සේ රුවල’’
‘‘බැති සිත නුමුත තෙරුවන වෙත ගුණ පුරුදු
සම්පත දනුන සුරගුරු වත ලොව පසිඳු‘‘
යන පද්‍ය ඛණ්ඩයන් තුළින් ‘‘ගුරුළන්, අනංගයා, සුරගුරු’’ යන ආදිකල්පිතයන්හි විසරණව පවතින චරිත සම්බන්ධයෙන් විවිධ පුරාණෝක්ති ඇති අතර එම පුරාණෝක්ති පැරණි සාහිත්‍ය නිර්මාණකරුවන් බහුල වශයෙන් භාවිතයට ගෙන ඇත. තිසර සන්දේශයෙහි,
‘‘දියරම් විකුම් පෙන්වූ මුළු දෙරණ’’
යනුවෙන් රාම පිළිබඳව දැක්වේ. වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයේ එන ඓරාවණ නම් ඇතා පිළිබඳව එන,
‘‘ඇතෙක දෙතිස් කුඹු දළ සිව් සැටක් ඇති
ගෙයක රුවන් ටැම් සැත්තෑ දහස් ඇති’’
යන පුවතින්ද පෙනී යන්නේ බහුතරයක් වූ පුරාතන සාහිත්‍ය නිර්මාණකරුවන් ස්වකීය නිර්මාණයන්ට පුරාණෝක්ති බහුලව භාවිත කොට ඇති බවයි. මේ තුළින් සාහිත්‍ය නිර්මාණයක් තුළ අන්තර්ගත විය යුතු විශ්වව්‍යාපී ගුණය හා රසිකයාට පෘථුල වින්දනයක් සැපයීම සාහිංසික සන්නිවේදනය අවධාරණය කිරීම, වීර චරිත හා සිද්ධි තුළ අන්තර්ගත විය යුතු වින්දනයක් සැපයීම, සාමූහික සන්නිවේදනය අවධාරණය කිරීම, වීර චරිත හා සිද්ධිය තුළ ඇති සාමාන්‍ය තත්ත්වයන් ඉක්මවීමේ ගුණය, ඒවායේ උත්කෘෂ්ට ගුණාංග සමාජයට ආරෝපණය කිරීම යන පරමාර්ථයන් සඳහා පුරාතන සාහිත්‍යකරුවන් පුරාණෝක්ති භාවිත කොට ඇති බව පෙනී යයි.
නූතන සාහිත්‍ය නිර්මාණ විෂයෙහි පුරාණෝක්ති භාවිතය
ඓතිහාසික මූලබීජයන්ගෙන් වියුක්ත වූ සාහිත්‍ය නිර්මාණයන් සාහිත්‍යක්ෂේත‍්‍රයෙහි ඉස්මතු වන අතර ඒවායේ පැවත්ම දිගු නොවේ. එහෙත් නව්‍යකරණයෙන් යුතුව නිමවන ලද ප‍්‍රශස්ත මට්ටමේ නිර්මාණයන්ට පැවැත්මක් පැහැදිලිවම ප‍්‍රබුද්ධ සමාජයෙහි ඇත. සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යයට සාපේක්ෂව පද්‍ය සාහිත්‍යයෙහිද ජනශ‍්‍රැති හා ජනවහරින් ආ පුරාණෝක්ති ජනකවිය, ගීතය නාට්‍යය ආදි කලාංගයන් ම`ගින් හඳුනා ගත හැකිය. ඒ තුළින් නිර්මාණකරුවාගේ අභිමතාර්ථයන් අතීතයත් සම`ග තහවුරු කිරීමටත් විනිවිද දැකිය හැකි පරිදිත් භාවිත කිරීම හරහා නූතන සාහිත්‍ය නිර්මාණවලට ආලෝකයක් ලැබී ඇත. පැරණි දේවල් තුළින් අලූත් ලෝකය විග‍්‍රහ කිරීම මෙන්ම එම`ගින් මතු කර ගත හැකි අද්‍යතන ප‍්‍රවණතාද මෙතුළින් දැක ගත හැකිය. පුරාණෝක්ති මුල් කරගෙන බිහි වුණු සුවිශේෂි නිර්මාණාංගයක් වන ජන කවිය අපට අත්හැරිය නොහැකිය. කර්තෘ අඥාත තත්ත්වයෙන් පසුවන මෙම නිර්මාණයන් තුළින් මූලිකවම,
x අවට ඇති ලෝකයට පුද්ගලයෙකු හුරුකිරීම :ඡු්එඑැරබසබට එයැ අදරකා ්ඉදමඑ යසප*
x සෙසු පුද්ගල ජීවිත හා සස\ තම ජීවිතය වඩාත් සාර්ථක කර ගැනීම :ෘැසෙබැි යසි දඅබ චදිසඑසදබ සබ රුක්එසදබ එද දඑයැර චැදචකැ*
x තම පරිසරයට ඉතා මැනවින් ගැළපී සිටීමට උපකාරි වීම :්‍යැකච යසප ්ා්චඑ ිමජජැිිමෙකකහ එද යසප ැබඩසරදබපැබඑ*
යන අභිමතාර්ථයන් මූල් කර ගෙන ඇතිබව පැහැදිලි වේ. පුරාණෝක්තිවල දක්නට ඇති අනුභූතිමය පක්ෂය මූලික කර ගෙන තමා ජීවත් වන අවට පරිසරයෙන් සත්‍ය සෙවීමටත් නිර්මාණාත්මක ආකෘති ම`ගින් දුක, සතුට ආදි මනෝභාවයන් විශ‍්‍රැත කිරීමටත් කලාකාමීන් අතීතයේ සිට පුරුදු වී ඇත. එමගින් සමාජ පීඩනය, දිළිඳු බව, දෛනික ජීවිතයේ සරතැස, හුදෙකළාව, කාන්සිය, වියෝවේදනාව, ආක‍්‍රමණශීලිබව, විරෝධය ආදිය මනෝභාවයන් ලෙස නිර්මාණාත්මකව ඔවුන්ගේ මුවින් ගිලිහුණු ජනකවිය තුළ මැනවින් විශද කරන්නේ පුරාණෝක්තිමය ආභාසයද මැනවින් ලබමිනි.
‘‘පනාමුරේ ඇත් රංචුව ළං වෙනවා
චිහ් මිතුරේ වී අමුණම වනසනවා’’
මේ පනාමුරේ ප‍්‍රකට ඇත් රංචුව යොදාගෙන මාගම්පත්තුවේ ගොවියෙකුගේ මුවින් ගිලිහුණකි. පනාමුරේ ඇතා ගැන ජනප‍්‍රවාදයේ එන විවිධ විස්තර කාලීනව නිර්මාණයන්ට ඇතුළත් වී ඇත. පුරාණයේ සිට පදනම් විරහිත වුවද පැවති කුල ක‍්‍රමය ගැන විවිධාකාරයේ මතිමතාන්තර පැවතුණි. ඒ අරභයා එක්තරා අවස්ථාවක වෙරළාසන්නයේ කවියෙකු ජනවහර උපයෝගී කර ගෙන මෙසේ කරුණු ගොනු කර ඇත.
‘‘පුරාණයේ පටන් ගොවිවංසේ ලොකුය
කරාවේ අයත් මද්දිමකට සරිය
දුරාවේ ගැහැණු කොහොමත් රුව වැඩිය
හලාගම ගෑණු යනකොට කොහු ගඳය’’
යන පද්‍යයෙන් අතීත මතවාදයන් ස්වකීය නිර්මාණයන්ට එකතු කොට ගෙන නිර්මාණකරණයේ යෙදුණේ වියත් සාහිත්‍ය නිර්මාණකරුවන් පමණක් නොව සාමාන්‍ය බුද්ධියක් ඇති ජනයාද එය අනුගමනය කර ඇති බව තහවුරු වේ.
මෙනයින් බලන කල සිංහල ජනකවිය තුළ ඉතා මනරම් ලෙස ශ‍්‍රැතිය හා අනුභූතිය පදනම් කර ගත් පුරාණෝක්ති යොදා ගනිමින් නිර්මාණයන් සිදු කර ඇති බව පැහැදිලි වේ. එම`ගින් පෙනී යන්නේ පුරාණෝක්ති ජීවිතය වෙත වගකිීම් රහිත දෛවවාදි ආකල්පයකින් යුතුව සාමූහික හා ප‍්‍රජාමය අගයන්ගෙන් මිනිසාගේ එදිනෙදා ජීවිතය යථාර්ථවාදිව ඉදිරිපත් කිරීමට උපනිශ‍්‍රය වන බවයි.
නූතන සාහිත්‍ය ක්ෂේත‍්‍රයේදී හඳුනා ගත හැකි ජනප‍්‍රිය කලාංගයක් නම් ගීතයයි. එහිදී ගීතනිර්මාපකයන් ස්වකීය නිර්මාණයන් හරහා සාමාන්‍ය ජීවිතය රසිකයන්ට අවධාරණය කිරීමට පුරාණෝක්ති යොදාගෙන ඇත. ගීතය ම`ගින් කෙරෙන රසභාව උද්දීපනය, සමාජ පණිවුඩය හෘදය සංවේදිබව ආදි සියලූ අංගයන් සංස්පර්ශ කළ හැකි ධාරිතාවක් පුරාණෝක්තිවලට ඇත.
‘‘ගැහැණුන් ගැයුවද දරකඩමින්
නිවනට ස`ග සැට නම යවමින්
සැනහූ හුදු පිරිසිදු බණ වදහළ
නමදිමු මුනි සිරිපා’’
යනුවෙන් මහගම සේකරයන් ස්වකීය ගීතයට වස්තුවිෂය කොට ගන්නේ සාරත්ථප්පකාසිනී නම් සංයුත්ත නිකායට්ඨකථාවේ වංගීස සංයුත්තයේ එන ගෙවිලියන් ගැයූ ගීයක් අසා රහත් වූ භික්ෂූන් පිළිබඳ පුරාණෝක්තියයි. එසේම සුනිල් සරත් පෙරේරා,
‘‘අනෝතත්ත විල නෙළුම් නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වර`ගනා පිරිවරිනා
එරන්දතිය එනවා’’
යන ගීතයෙන්ද පුරාණෝක්තිවල උපයෝගිතාව පැහැදිලි කර ගත හැකිය.
එසේම නූතන ගීතයෙහි පුරාණෝක්ති භාවිතය පිළිබඳ විමසීමේදී රම්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ පහත ගීතයෙහි,
‘‘නපුරු කලට කාටත් වරදිනවා
හෙනහුරු අපලෙට බටකොළ කනවා
දවසක කාටත් ඇහැ පෑදෙනවා
දොර අරින්න අපෙ අම්මේ’’
යනුවෙන් විෂ්ණු දෙවියන්ට සෙනසුරු බටකොළ කෑමට සැලැස් වූ පුවත යොදාගෙන තිබේ. මෙතුළින් නූතන ගීත රචකයන් නිතරම උත්සුක වී ඇත්තේ පුරාණෝක්ති ම`ගින් අද්‍යතන ජීවිතය සනිදර්ශනව විවරණය කිරීමටය. ගීතය කෙරෙන් ප‍්‍රකටවන වාච්‍යාර්ථයට වඩා යමක් එම`ගින් රසිකයා වෙත සම්පේ‍්‍රෂණය කළ හැකි අතර එහිලා නිර්මාණයට හිමි වන ඓතිහාසික වටිනාකම බොහෝ දුරට නිර්මාණයේ ර\ පැවැත්ම තීරණය කිරීමටද බෙහෙවින් ඉවහල් වේ.
‘‘මගේ බිසවුනේ අසාපන්
නුඹ මන්ත‍්‍රී දේවි නොවුණේ
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි’’
යන රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ ගීතය ම`ගින්ද පෙනෙන්නේ නූතන ගීත රචකයන් පුරාණෝක්ති භාවිතයට කෙතරම් නැඹුරු වී ඇද්ද යන්නයි. එමගින් නිර්මාණකරුවන්ගේ ආධ්‍යාශය මෙන්ම ගීතයක් තුළින් අභිපේ‍්‍ර්රිත අභිමතාර්ථයන් ඉටුවන බව පෙනී යයි.
‘‘සක්මන් කරන මළුව පාළුයි දේවි
මං විතරයි ඔබ කිසිදිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිළේවි
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි’’
යන ගීතයෙන් බහුතරයක් සමාජ ප‍්‍රශ්න, පේ‍්‍රමය, විරහව ආදි මිනිසා භෞතිකව හා ආධ්‍යාත්මිකව විඳින දෑ පුරාණෝක්තිවලින් යම් පුනරුච්චාරණයක් කළ හැකි බවට නිදර්ශන සපයයි. මෙතුළින් පෙනී යන්නේ නූතන ගීත සාහිත්‍යයට පුරාණෝක්තිවල දායකත්වය ප‍්‍රබලව ලැබී ඇති බවයි.
ගීතය මෙන්ම නූතන සඳැස් නිර්මාණවලටද පුරාණෝක්තිවල කියැවෙන රසවත් සිදුවීම් බහුල වශයෙන් උපයුක්ත කොට ගෙන තිබේ. ඒ බව බොහෝ නූතන නිර්මාණ ඇසුරෙන් පැහැදිලි කර ගත හැකිය.
‘‘ගමේ පාසල අපට තක්සලාවක් විය
ලොකු මහත්තයා එහි දිසාපාමොක් වුණේය
කිසිවෙකුට ගත නොහෙන හතර මහනිධානය
උගත් ශිල්පය මැයි කියාදුන්නෙත් ඔහුය’’
යන පද්‍ය ඛණ්ඩය ම`ගින් කවියා මනා ලෙස සංකල්ප රූප මවන්නේ තක්සලාව, දිසාපාමොක්, හතර මහා නිධානය ආදි ජනප‍්‍රිය වූත් ඓතිහාසික වූත් පුරාණාඛ්‍යානයන් මුල්කරගෙන බව පෙනේ. ඒ අනුව නූතන සාහිත්‍ය කලා විෂයෙහි බිහිවන ජනප‍්‍රිය නිර්මාණාංගයක් වූ නිදහස් පද්‍ය සම්ප‍්‍රදායටද පුරාණෝක්තිවල ආභාසය ප‍්‍රබලව ආශ‍්‍රය වී තිබේ.
නාට්‍ය සාහිත්‍යය විෂයෙහිද බොහෝ විට උපයෝගි කොට ගෙන ඇත්තේ ඓතිහාසික ජනශ‍්‍රැති හා ජනප‍්‍රවාදවලට අයත් සිදුවීම්ය. නාට්‍ය සාහිත්‍යයෙහි එන නිර්මාණයන් බොහෝ ප‍්‍රමාණයක් විමසන විට ඒ බව පෙනී යයි.
‘‘ලොල්ලා වඩන නිති දුල්ලාම රන ලිය
තුල්ලා නයන මිණි ඉඳුනිල්ලා
පුල්ලා කමල වත දක්නා තුරානො ඈ
සිල්ලා නොවේය සිත සැන සිල්ලා’’
යනාදි වශයෙන් සිංහබාහු නාට්‍යයට පාදක වන වෘතාන්තයෙහි සිංහයා ආවේශයෙන් පවසන්නේ සිංහසීවලි රන්ලියක බවය. මෙවැනි අවස්ථාවන් ඕනෑ තරම් අපට නාට්‍ය සාහිත්‍යයෙහි සොයා ගත හැකිය.
‘‘ඈත එක් යුගයක ලෙයින් නැහැවුණ යුගයක
කෞකාස්කි නගරයක විසුවා යුව රජෙක්
සාපලත් නගරය නම් වූ’’
යනුවෙන් හුණුවටය කතාවටද පාදක කොට ගෙන ඇත්තේ ඓතිහාසික වෘතාන්තයකි. තවද සොකරි, නාඩගම්, නූර්ති ආදියෙහිද පුරාණෝක්තිවල භාවිතය අපට දැක ගත හැකි වේ. එසේම ඓතිහාසික නවකතාවල මෙන්ම පකිස්තාන් ජාතික ඉන්තිසාර්හුසේන් වැනි ලේඛකයන් පුරාණ කථා, කථාසරිත්සාගරය, එක්දහස් රැුය, සුරංගනා කතා ආදි ප‍්‍රකට පුරාණාඛ්‍යායනයන් උපයෝගි කොට ගනිමින් නැති වූ මිනිස්සු ආදි කෙටිකතාවන් තුළින් පුරාණෝක්තිවලට අපගේ පරිකල්පනය ඇවිස්සිය හැකි ශක්තිජනක බලයක් ඇති බව පෙන්වා දෙයි. මෙනයින් අපට පෙනී යන්නේ සාහිත්‍ය නිර්මාණකරණයේදී පුරාතන මෙන්ම අද්‍යතන සාහිත්‍ය නිර්මාණකරුවන්ද ස්වකීය නිර්මාණයන් විෂයයෙහිදී පුරාණෝක්ති භාවිතය සිදු කර ඇති බවයිx එතුළින් සාහිත්‍ය කලාකෘතියක අවධාරණාත්මක පාර්ශ්වය මෙන්ම සාහිත්‍යමය වශයෙන් කෙරෙන සමාජ සේවය තහවුරු කිරීමටද ඔවුන් වෑයම් කර ඇති බව සාහිත්‍ය නිර්මාණයන් අධ්‍යයනයේදී පෙනී යයි.
මිනිසා දෛනික ජීවිතයේදී ස්වාභාවික හා සදාචාරමය නීතියට නිරායාසයෙන්ම අවනත වේ. එහිදී එම යටත් තත්ත්වය හමුවේ. ජීවන යථාර්ථයන් රසඥතාවකින් එන්නත් කිරීමේ හැකියාව ඇත්තේ ගුණාත්මක සාහිත්‍ය නිර්මාණයකට පමණි. ඓතිහාසික රුචිකත්වයක් තුළින් පරාධීන රසිකයන් බිහි කරනු වෙනුවට එම ඓතිහාසික රසභාවපූර්ණ ආඛ්‍යායනයන් නූතනයට ආදේශ කරමින් නව රස නිෂ්පත්තියක් මතු කළ හැකිය. මෙම ක‍්‍රියාවලියෙහිලා පුරාණෝක්ති භාවිත කරමින් සාහිත්‍ය නිර්මාණයන් බිහි කිරීමේ වැදගත්කම කරණකොට සාහිත්‍ය නිර්මාණයක් ජන විඥානයට අමතන, භාව කම්පනයන් ස්පර්ශ කළ හැකි, නිර්මාණ බවට පත්ව ඇති බවට ඉහතින් සාකච්ඡුා කරන ලද කරුණුවලින් පෙනේ. එහිදී පුරාණෝක්ති භාවිතය වැදගත් වන්නේ සියවස් ගණනාවකට පෙර යටව ගිය, ආශ්චර්යමත් වූ සාමාන්‍ය මනුෂ්‍යත්වය ඉක්මවා යන, පේ‍්‍රරකයන්ගෙන් යුක්ත අතීත පුරාණාඛ්‍යානයන්ට මිනිසාගේ වර්තමාන ජීවිතය නැවත පිළිබිඹු කළ හැකි කැඩපතක් වියහැකි බැවිනි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment