Thursday, December 12, 2013
ධර්මප‍්‍රදීපිකාවේ ආඛ්‍යානමය කොටස්වල එන රචනා රීති හා භාෂා ලක්ෂණ නිදසුන් සහිතව
ධර්මප‍්‍රදීපිකාවේ ආඛ්‍යානමය කොටස්වල එන රචනා රීති හා භාෂා ලක්ෂණ නිදසුන් සහිතව
පරිකථා ආදිය ලියැවෙන්නේ භාෂා සාහිත්‍යයට ආධුනිකයන් විෂයයෙහි වන අතර එහි පරමාර්ථය දුර්බෝධ පද සුබෝධ කිරීම යැයි පවසා පරිකථා හෝ ගණ්ඨිපද විවරණ ලඝු කොට සැලකිය නොහැකි බව විශද කරවන ශ්‍රේෂ්ඨතම පරිකථාව නම් ධර්මප‍්‍රදීපිකාවයි. කෘතිය තුළම එන ‘‘ගුරුළුගෝමින් විසින් කරන ලද ධර්මප‍්‍රදීපිකා නම් මහාබොධිවංශ පරිකථා නිමි’’ යන නිමහම් වාක්‍යයෙන් පැහැදිලි වන පරිදි මෙහි කතුවරයාණෝ වනාහි ගුරුළුගෝමිහුය. සංඥා නාමය ධර්මප‍්‍රදීපිකා වන අතර විෂය ක්ෂේත‍්‍රය මහාබෝධිිවංශය වේ. කතුවරයාම පවසන පරිදි මෙය පරිකථාවක් වේ. එසේම ධර්ම ග‍්‍රන්ථයක් වේ. පරිකථාවක් යනු ටීකාවක එන කරුණු පරිසමාප්තව විස්තර කිරීමයි. මෙහි එන්නේ කවර ටීකාවකට සැපයූ පරිසමාප්ත විවරණයක්ද යත් බෝධිවංශ ටීකාවටයි. මෙහි අපේක්ෂිත පාඨක පිරිස නම් භාෂා සාහිත්‍යයට ආධුනිකයෝ නොවෙති. භාෂාව හා රචනා විලාසය ගම්භීර වන හෙයින් පසක් වන සත්තාව නම් ධර්මප‍්‍රදීපිකාව රචනා වී ඇත්තේ උගතුන් සඳහා බවයි. නිවන්දම ධර්මකීර්ති හිමියන්ගේ පහත සඳහන් ප‍්‍රකාශය එම යථාර්ථය තහවුරු කරයි.
‘‘පාළිය නො දත් සාමාන්‍ය ජනයා සඳහා ලියන ලද එවැනි ග‍්‍රන්ථ බොහෝමයක් ඇත ද පාළිය මෙන් ම ධම_ය උගත් බුද්ධිමතුන් සඳහා ද ලියන ලද සන්න ගැටපද පරිකථා ද නැත්තේ නොවේ. ආචාර්ය ගුරුළුගෝමීන් විසින් ලියන ලද ධර්මප‍්‍රදීපිකාව නම් මහාබෝධිවංශ පරිකථාව එබඳු කෘතියකි.’’ මෙහිදී අප විසින් විමසීමට අපේක්ෂිත වන්නේ ධර්මප‍්‍රදීපිකාවෙහි පැනෙන රචනා රීතිය හා භාෂා ලක්ෂණයි.
ධර්මප‍්‍රදීපිකාවේ රචනා රීතිය
රචනා රීතිය යනුවෙන් අදහස් වන්නේ පදයන් ගැළපීමේදි රචකයා විසින් භාවිත කොට ඇති විශේෂිත ක‍්‍රම වේදයයි. රචනා රීති තුනක් මුළු පුරාතන සිංහල සාහිත්‍ය පුරාවට විද්‍යමාන වේ.
01 වර්ණනා බාහුල්‍ය සාටෝපවත් සංස්කෘත රීතිය
02 පාලි රීතිය ගුරු කොටගත් අමිශ‍්‍ර සිංහල හෙවත් හුදුහෙළ රීතිය
03 සංස්කෘත රීතිය හා පාලි රීතිය මිශ‍්‍ර කොටගත් මිශ‍්‍ර සිංහල රීතිය (සාමාන්‍ය රීතිය* යනුයි.
කතුවරයා තෝරාගන්නේ කවරාකාර වූ පද ගැළපීමේ ක‍්‍රමවේදයක්ද හෙවත් රීතියද යන්න තීරණය වන්නේ කතුවරයාගේ අරමුණ හා පාඨක/ශ‍්‍රාවක පිරිස අනුව බව උච්ඡු (සම්භාව්‍ය* ගද්‍ය කෘති විමසීමෙන් පෙනී යයි. මෙයට අමතරව වර්ණනාවට භාජනය වන විෂය අනුව එනම් චරිතය අවස්ථාව අනුවද රීතිය තෝරාගැනීමක්ද ඇතැම් සිංහල කාව්‍යයක වෙයි. ධර්මප‍්‍රදීපිකාව ලියා ඇත්තේ භාෂාන්තර ඥානය හා සමයාන්තර ඥානය ඇති උගතුන් විෂයයෙහි වන බැවින් ප‍්‍රධාන වශයෙන් සාමාස පද බහුල වර්ණනාතික‍්‍රන්ත සාටෝපවත් සංස්කෘත රිතිය යොදාගෙන ඇතත් අනෙක් රිති දෙකද වරින්වර කෘතියෙන් මතුව පෙනේ. එහෙයින් මෙහි ඇත්තේ බුත්සරණ කතුවරයා භාවිත කළ අවස්ථවෝචිතව වෙනස් කරන මිශ‍්‍ර රීතියම යැයි පැවසීමෙහි වරදක් නොවන බව අප හැ`ගීමයි. කතුවරයා විසින් ස්වකීය භාෂා වෛශාරද්‍යයේ හා ධර්ම වෛශාරද්‍යයේ ප‍්‍රාමාණිකත්වය ප‍්‍රකට වන සේ රචිත ධර්මප‍්‍රදීපිකාව තුළින් රචනා රීතිත‍්‍රයටම අදාළ නිදසුන් කොතෙකුත් එළවිය හැකිය.
01 සිංහලය වර්ධනය වූයේ ප‍්‍රාකෘත භාෂාවක් වශයෙනි. එහෙයින් සිංහලයේ වූයේ කඨෝර පද රහිත සරල, සංක්ෂිප්ත රීතියකි. අනුරාධපුර යුගයේ රචිත සිඛවළඳ හා සිඛවළඳ විනිසෙහි ඇත්තේ මෙම ශෛලියයි. එහෙත් එකොළොස් වන සියවසෙන් පසුව ලංකාවට එල්ල වූ චෝළ ආක‍්‍රමණයන්හි ප‍්‍රතිඵලයනුත් සමගම සංස්කෘත භාෂා සාහිත්‍ය සිංහලය කෙරෙහි දැඩිව බලපාන්නට විය. මේ කාලවකවානුවෙහි සංස්කෘත භාෂාව පිළිබඳ ප‍්‍රාමාණික ඥානයකින් හෙබි ප`ඩිවරුද බිහි වූහ. උගතුන් අතර සංස්කෘතයට වැඩි නැඹුරවක්ද දක්නට විය. මේ හේතු සාධක හේතුවෙන් ධර්මප‍්‍රදීපිකාව තුළට සංස්කෘත රිතිය බලපෑම අරුමයක් නොවේ. මෙම රීතිය කොටස් දෙකක් යටතේ පියසීලි විජේමාන්න විස්තර කරයි. එනම්
01 සිංහල විභක්ත්‍යන්ත හා ආඛ්‍යාත රූපාන්ත හැරුණු විට සෙසු කොටස සංස්කෘත පදයෙන්ම
සමන්විත පාඨ
02 සංස්කෘත පද අතරට පළින්පළ යෙදුණු හෙළ වදන් සහිත පාඨ යනුවෙනි.
පළමු ගණයේ රීතියට පහත සඳහන් ෙඡ්දය මනා නිදසුනකි. එහි සිංහල වචන ඇත්තේ අල්ප වශයෙනි.
‘‘අන්තානන්තිකවිභාගයෙහි; සකලචක‍්‍රවාලවලයාවධිකසංවර්ද්ධිත කෘත්සනමණ්ඩලයෙහි ප‍්‍රතිලබ්ධධ්‍යාන වැ තත‍්‍රාර්පිත චිත්ත චෛත්තයන් මැ ආත්මත්වයෙන් පරිකල්ප්‍ය ආත්ම අනන්තයයි විප‍්‍රතිපන්න දුර්මතික එකෙකැ, තීර්යක්සංවර්ධිත කෘත්සනමණ්ඩලයෙහි ප‍්‍රතිලබ්ධධ්‍යාන වැ ආත්මගත අන්තානන්තො භයාංශපරාමර්ශරූපයෙන් මිථ්‍යාභිනිවේශපරවශ එකෙකැ, අවර්ද්ධිත කෘත්සනමණ්ඩලයෙහි ප‍්‍රතිලබ්ධසමාධිවශයෙන් ආත්මගත අන්තවන්තා ප‍්‍රකල්පනයෙන් කුමාග_ාවතීණ_ණ එකෙකැ....’’
‘‘ඨිතකො අනොනනමන්තො යනාදි තන්හි ඔවුන් සිට නොනැමි දෙදණ පිරිමදනා පරිදි කිසේ යැ යත් ? සෙස්සෝ කුබ්ජ හෝ වෙති. වාමන හෝ වෙති. කුබ්ජයන්ගේ ඌධ_ව කාය අපරිපූර්ණ වෙයි. වාමනයන්ගේ අධඃකාය අපරිපූර්ණ වෙයි. ඔවුහු අපරිපූර්ණකාය වන බැවින් සිට නොනැමි දෙදණ පිරිමදනට අසමථ_ වෙති. බුදුහු වූ කල පරිපූණ_ උභයකාය ඇති වන බැවින් සිට නො නැමී දෙඅත්ලෙන් දෙදණ පිරිමදිත්.’’
මුල් ෙඡ්දයේ එන විභක්ති ප‍්‍රත්‍යය කිහිපය සිංහල වේ. එමෙන්ම එකෙක්, මෙසේ, වේ යන පද කිිහිපය සිංහල වේ. අනෙක් වචන සියල්ල සංස්කෘත වේ .පදසාධන ක‍්‍රම බොහෝසෙයින් සංස්කෘත වේ. අතීත කාලීන කෘදන්ත, තද්ධිත, සමාස, සන්ධි සංස්කෘත බව නිතැතින්ම පෙනේ. මෙය කියවන උගත් පාඨකයෙකුට ශ‍්‍රීමත් දණ්ඩි ආචාර්යන් විසින් රචිත දශකුමාර චරිතය වැනි ගද්‍ය කෘතියක් සිහිවීම වැළක්විය නොහැකිය. පළමු ෙඡ්දයට වඩා සංස්කෘත වචන අඩු ශෛලියක්/රීතියක් දෙවන ෙඡ්දයෙහි වේ. මෙයයි ගුරුළුගෝමින් මෙහිදි පි‍්‍රය කළ රීතිය. ඔහු පි‍්‍රය කළ මෙම රීතිය ආඛ්‍යාන කොටස්හිද අනුගමනිතය.
‘‘වශවර්තිමාරයා තමා මහාපුරුෂයා මහභිනික්මන් කරන දවස් නුවරින් නික්මෙන තැනට ගොස් ආකාශයෙහි සිට ‘සිද්ධාර්ථය නොයා අදින් සප්තාහයෙකින් තට චක‍්‍රරත්නය ප‍්‍රාදුර්භුත වෙයි.’’ යන ආඛ්‍යාන ඛණ්ඩයෙන් ඒ බැව් මැනවින් පෙනේ.
02 වරෙක ඔහු හුදු හෙළ වහර භාවිතයට ගනිමින් ස්වකීය රචනා රීතිය සකසයි. එය ඔහුට ආයාසකර කටයුත්තක් නොවුණු සේය. බොහෝ සෙයින් මෙම රීතිය දක්නට ලැබෙන්නේ කෙටි අඛ්‍යාන දක්වන තන්හදීය.
‘‘එකල්හි අඕකුර රජ බමුණකු හා දෙදෙන දහසක් ගැලින් බඩු ගෙන කාම්බොජ නම් ජනපදයට යන්නාහු සැට යොදුනක් මරු භූමියට ගොස් වන්හු. ඔහු දාවල් හුණු වැල්ලෙහි නොඇක්මිය හැක්කෙන් ගැල්යට වැද හිඳ ? ? ගමන් යෙති. කාන්තාර මධ්‍යයට යන්නා හා මොවුන් ගෙන ගිය උදක ක්ෂය වැ ගියේ....’’
‘‘මෙ ඈ සැටතැනෙක්හි හිඳ මලියදෙව් මහතෙරුන් මෙසුත දෙසූ කලැ මෙසේ සැටසැට දෙන රහත්වූහු තෙවළා සුළුනාමහ තෙරුන් ඇඹුල්හැලූ වෙහෙර හිඳ මෙසුත දෙසන දවස් මිනිස් පිරිස් ගව්වක් තන්හි විය දෙව්පිරිස් යොදුනක් තන්හි වී සුත දෙසු අවසන්හි ස`ගහු දහසක් දෙන රහත්වූහු’’
අනුරාධපුර යුගයේ පටන් සංවර්ධනය වෙමින් පැවතියේ මෙම රීතියයි මෙහි විශේෂත්වය නම් මාතෘභාෂාගත ශබ්ද සිංහලයට යෝග්‍ය වන සේ බිඳ ගැනීමයි මෙහි භාෂාවේ ඇති සරලබව සුගමබව සංක්ෂිප්ත බව නිසාම පියසීලි විජේමාන්න මෙම රිතිය සරල සුගම කෙටි රීතිය ලෙස නම් කරයි
03 ගුරුළුගෝමින් වඩා රුචි වී ඇත්තේ හා තමාගේ භාෂා භාවිතයේ නිර්මාණශීලීත්වය විහිදුවා ඇත්තේ තුන්වන රීතිය ඔස්සේය. එම රීතිය නම් පාලි සංස්කෘත වචන අතරින් පතර ඇති සාමාන්‍ය රීතියයි හෙවත් මධ්‍යගාමි රීතියයි කෘතිය පුරාවටම මෙම රීතිය දක්නට ලැබේ. ආඛ්‍යාන රචනයේදි කර්තෘ විසින් වැඩි වශයෙන් අනුගමනය කර ඇත්තේ මෙම රීතියයි. ඇතැම් විට එයට හේතුව වන්නට ඇත්තේ එම භාෂා රීතිය නිර්මාණශීලි රචනයට යෝග්‍යවීම වන්නට ඇත. ඔහු විසින් අභිපේ‍්‍රත රසය ජනනය කිරීමට හෙවත් ශබ්ද ධ්වනි ජනිත කිරීමෙහි ලා එම භාෂාව අතිශය සුඛනම්‍ය ලෙස හැසිර තිබේ.
‘‘නච්චගීතවාදිතානි පයෝජයිංසු යන තන්හි නැටුම් ගඳවු පැවති පරිදි කිසේය යත් හිරුහු අවරන්පත් කල්හි කුමුදුවන පුබුදුවමින් අමාරස් විහිරවමින් මුළු ලොව් කිරිමුහුදුහි ගලමින් මෙන් පුන්සඳ නැගි කල්හි .... ශ්වේතාංගරාග ගෙන ශුද්ධශ්වේත වස්ත‍්‍රමුක්තාභරණයෙන් වරචිතවැ සුගන්ධ ශුද්ධකුසුමදාමයෙන් මු`ඩුමාල ලා මිසිදුවරින් කියඹුලිය සදා ලතුඅලූත් පතුල්තඹුරෙහි නුපුරරවයෙන් සුලභ වූ මෙවුල් ගිගිරු සියෝ මිණිවළලූ රවවමින් ගොස් සුරවමියන් බදු වරවමියෝ මියුරුරැුව් ඇති’’
නෘත්‍යගායානාදිය පිණිස සැරසෙන කාන්තාවන් මෙමගින් වර්ණිත හෙයින් කතුවරයා මෙහි භාෂාව හසුරුවා ඇත්තේ ලාස්‍ය නර්තනයක විලාසයටය මෙහි පදවැල එකදිගට නිහතමානිව ගලායන අතර වරෙක සිහින් ස්වරයෙන් ඉහළ නගී වරෙක සිහින් ස්වරයෙන් ම පහළ බසී සිහින් ස්වරයෙන් සිදුවන ශබ්දයේ ඉහළ පහළ යාම කතුවරයා මවා පෑවේ මිශ‍්‍ර භාෂා ශෛලිය හෙවත් සාමාන්‍ය ගද්‍ය ශෛලිය උපයෝගි කොට ගෙනය මෙලෙෂ වූ නිර්මාණශීලි භාෂා ව්‍යවහාරය කෘතිය පුරාවටම එන ආඛ්‍යානවලින් දක්නට ලැබේ
ධර්මප‍්‍රදීපිකාවේ භාෂා ලක්ෂණ
ධර්මප‍්‍රදීපිකාව තුළ ජිනාලංකාරයෙහි හා අභිධානප්පදීපිකාවෙහි එන පාඨ දක්නට ලැබෙන හෙයින් නිත්‍ය වශයෙන්ම ධර්මප‍්‍රදීපිකාව එම කෘතිවලට පශ්චාත්කාලීන විය යුතුය. දඹදෙණි යුගයේදි රචිත සිදත්ස`ගරාවෙහි ගුරුළුගෝමි යන නාමය සඳහන් වන හෙයින් නිත්‍ය ලෙසම ධර්මප‍්‍රදීපිකාව සිදත්ස`ගරාවට පූර්ව විය යුතුය. මේ අතර තුර කාලයට අයත් වූ ගුරුළුගෝමී නිත්‍ය ලෙසම කවර යුගයට අයත් දැයි ඉඳුරා කිව නොහැකි වෙතත් මත දෙකක් වේ. කෝදාගොඩ ඤාණාලෝක හිමිගේ මතයට අනුව ගුරුළුගෝමි පොළොන්නරු මහා පරාක‍්‍රමබාහු රාජ සමයට අයත් වන අතර පියසීලි විජේමාන්නගේ අදහසට අනුව නිශ්ශංකමල්ල රාජ සමයට අයත් වේ. යුග වර්ගීකරණයට අනුව ධර්මප‍්‍රදීපිකාව අයත් වන්නේ මධ්‍යකාලීන (ක‍්‍රි ව 8 සියවස - ක‍්‍රි ව 12 සියවස මැද* සිංහල යුගයටයි. එහෙයින් ධර්මප‍්‍රදීපිකාවේ භාෂා ලක්ෂණ ලෙස අපට අධ්‍යයනය කරන්නට වන්නේ මධ්‍යකාලීන සිංහල යුගයේ අවසන් සියවස් දෙක තුළ වූ භාෂා ලක්ෂණයි. එහිදී භාෂා ලක්ෂණ කිහිපයක් වේ.
01 සංස්කෘත තත්සම වචන බහුලව භාවිත වීම.
‘‘සකලචක‍්‍රවලවාලයාවධිකසංවර්ධිත කෘත්සනමණ්ඩලයෙහි ප‍්‍රතිලබ්ධධ්‍යානවැ තත‍්‍රාර්පිත චිත්තචෛත්තයන් මැ ආතමත්වයෙන් පරිකල්ප්‍ය ආත්ම අනන්තයයි විප‍්‍රතිපන්න දුර්වතික එකෙකැ තීර්යක්සංවර්ධිත කෘත්සනමණ්ඩලයෙහි ප‍්‍රතිලබ්ධධ්‍යානවැ....’’
02 පාලි තත්සම වචන බහුලව භාවිත වීම.
‘‘...ආතාපනපරිතාපනානුයෝගයෙහි යුක්තය හට ක්‍රෝධවශයෙන් අභුඤ්ජමානයහට රජ්ජු විසින් උද්බධ්‍යමානය....’’
03 ශුද්ධ සිංහලයට නැඹුරු වූ අවස්ථා.
අත්හු විදිනාකලැ අටගුල්බොල් එක් දුඹුල් පුවරවක් විදිති. මේ අටගුල්බොල් සීයක් දුඹුල්පුවරු එක් කොට තබා විනිවිදුව විද්ද....’’
‘‘මෙ ඈ සැටතැනෙක්හි හිඳ මලියදෙව් මහතෙරුන් මෙසුත දෙසූ කලැ මෙසේ සැටසැට දෙන රහත්වූහු තෙවළා සුළුනාමහ තෙරුන් ඇඹුල්හැලූ වෙහෙර හිඳ....’’
04 වර්තමාන ව්‍යවහාරයට සමීප වචන භාවිතය.
‘සීයක්’ ‘යටමාලෙහි’ ‘සැට දෙනෙක්ම’ ‘අසන බණ’ ‘එක්කෙනෙක්’
05 මධ්‍යකාලීන සිංහල යුගයේ සිංහල හෝඩියට පිවිසි ඇ කාර භාවිතය. එයද අයථා ස්ථානයෙහි නොවේය.
‘‘අනගැමි වැ...උපැද’’
06 ත් නිපාතයේ පූර්ව ස්වරූපය වන ද් භාවිතය.
‘තැනටද්’ ‘බුදුහු ‘මෙසේ රුවන් සක්මන්හිද් අහස්හිද් ගණ්ඩම්බශාඛායෙහිද් ’ ‘මව කෙරෙහිද් තා කෙරෙහද්’
07 ද වෙනුවට වූ ජ භාවිතය එහෙත් එය සුළු වශයෙනි.
‘වොරජමින්’ ‘මහජනා’
යථෝක්ත භාෂා ලක්ෂණයන්ට අමතරව මධ්‍යකාලීන සිංහල යුගයට අයත් තවත් භාෂා ලක්ෂණ රාශියක් ධර්මප‍්‍රදීපිකාව ඇසුරෙන් මතුකර ගත හැකිය.
ධර්මප‍්‍රදීපිකාවෙහි ඇති ආඛ්‍යාන කොටස් කේන්ද්‍ර කොටගෙන ගුරුළුගෝමීන් විසින් භාවිත කොට ඇති රචනා රීතිය හා භාෂා ලක්ෂණ පිළිබඳ කරන ලද ඉහත විවරණයට අනුව පෙනී යන්නේ තත්කාලීන ගද්‍යකරුවන් විසින් භාවිත කර ඇති සියලූ රීතින් ගුරුළුගෝමීන් විසින් භාවිත කොට ඇති බවකිි. එමෙන්ම ඔහු තම කෘතිය පරිකථාවක් වුවත් අවසර ලත් සෑම විටෙකම භාෂාව නිර්මාණශීලි ලෙස හසුරුවන්නටද යොමු වී ඇත. මෙහි භාෂා ලක්ෂණ පිළිබඳ සලකන කල්හි පෙනී යන්නේ එය ප‍්‍රධාන වශයෙන් සමකාලීන භාෂා ව්‍යවහාරය කේන්ද්‍රීය කොට ගෙන ඇති බවත් මද වශයෙන් අනුරාධපුර යුගයේ භාෂා ලක්ෂණද අනුගමනය කර ඇති බවකි. රීතිය හා භාෂාව යන ලක්ෂණ දෙකම ධර්මප‍්‍රදීපිකා කර්තෘ ගුරුළුගෝමි සෞන්දර්යාත්මක ලෙසත් විදග්ධ ලෙසත් හසුරුවා ඇති බව නම් ඉඳුරු කිව හැකිය.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
කුලසූරිය, ආනන්ද, සිංහල සාහිත්‍යය -1, විසිදුනු ප‍්‍රකාශකයෝ, බොරලැස්ගමුව, (1999*.
ගොඩකුඹුර, සි. ඊ, සිංහල සාහිත්‍යය, ඇපෝකිරි සමාගම, කොළඹ, (1955*.
ධර්මකීර්ති, නිවන්දම, සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, (2002*.
වික‍්‍රමසිංහ, මාර්ටින්, සිංහල සාහිත්‍යයේ නැ`ගීම, සරස ප‍්‍රකාශකයෝ, රාජගිරිය, (2005*.
සන්නස්ගල, පුඤ්චිබණ්ඩාර, සිංහල සාහිත්‍ය වංශය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, (2009*.
අමාවතුර, (සංස්* කෝදාගොඩ ඤාණාලෝක හිමි, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල,(2004*.
ධර්මප‍්‍රදීපිකා ,(සංස්* බද්දේගම විමලවංශ හිමි, ඇම් ඩි ගුණසේන සහ සමාගම, කොළඹ 11, (1967*.
මහබෝධිවංශ ග‍්‍රන්ථිපදය , (සංස්* ගතාරේ ධම්මපාල හිමි ,පියසිරි ප‍්‍රින්ටර්ස්, නුගේගොඩ, (1994*.
සිංහල සාහිත්‍ය ලතා, ,(සංස්* කොත්මලේ අමරවංශ හිමි, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, (2000*.