Thursday, December 12, 2013
තුන්මංසල (නව කතාව*
තුන්මංසල (නව කතාව*
වැව්බැ`දි රාජ්‍යයට අයත් කාගම ජනපදය හාත්පස සුන්දර නිල්වන් කෙත්යායෙන් වට වූ පුරාණ ජනපදයකි. අහස් ගැබ තුළ සූර්යයා උදා වෙන්නටත් පෙර කෙතට ගොඩ වදින එහි ජනයා නැවත කෙතෙන් ස්වකීය නිවාසස්ථාන වෙත පියමං කරන්නේ හිරු බැස හෝරාවකටත් පසුව පමණය. බහුතරයක් ජනතාව සුපුරුදු පරිදි කෘෂිකර්මාන්තය ජීවන රැුකියාව කරගත් අතර සෙසු පිරිස නගරබද රැුකියාවකින් හෝ ආරක්‍ෂක සේවයේ යෙදෙමින් ජීවත් වීමට පුරුදු වී සිටිති. එතරම් පැසුණු බුද්ධියකින් පරිපෝෂිත නොවූ සමාජ වපසරියක් සහිත කාගම ජනපදවාසීන්ගෙන් පුරුෂ පක්‍ෂය ඉතා කුඩා කාලයේ සිටම මත්පැන්වලට ඇබ්බැහි වී සිටිති. සාමාන්‍ය පෙළ විභාගය දක්වා හෝ අධ්‍යාපනය ලබන තරුණයෙක් සිටී නම් එය ඉතා කාලාන්තරයකින් සිදු වන්නකි. මෙයට ප‍්‍රධාන හේතුව නම් ඔවුන්ට මුහුණ දීමට සිදු වී ඇති ආර්ථික අපහසුතාවන්ය. ගැහැණු ළමුන් බොහෝ විට වැඩිවියට පත් වී ටික කාලයකින්ම තරුණයෙකු සම`ග ආලයෙන් වෙළීම කාගම ජනපදයට එතරම් අමුතු දෙයක් නොවේ. දෙමව්පියන්ට තම දරුවන් විෂයෙහි වෙන් කිරීමට ඇති කාලය ඉතා අල්ප බැවින් එයින් අනිටු වරප‍්‍රසාද ලබා ගැනීමට ¥දරුවන් පෙළඹී ඇත.
කුඩාකාලයේම ස්වකීය පියාගේ සෙනෙහස අහිමි වූ සමන්මලීට මව් සෙනෙහස ඕනෑවටත් වඩා ලැබුණි. ගෙදර බාලයා වූ ඇය නිවසේ හුරතලීද වූවාය. වැඩිහිටි සොහොයුරාගෙන් හා සොහොයුරියන් තිදෙනාගෙන් සෙනෙහස ලැබූ ඇයට හුරතලය නිසාම වරදකටවත් ද`ඩුවම් කරන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවුණි. නොයෙක් අගහිගකම්වලින් ඔවුන්ද පෙළුණු අතර සමන්මලීගේ අධ්‍යාපනය වෙනුවෙන් කළයුතු සියලූ කටයුතු ඇගේ මව ඇය වෙනුවෙන් ඉටු කළාය. මේ නිසාම ඇයට ඇයගේ අධ්‍යාපනය වෙනුවෙන් ස්වකීය සම්පූර්ණ කාලයම යෙදවීමට හැකි විය. සමන්මලී උත්පත්තියෙන්ම මනා රූප සෞන්දර්යයකට හිමිකම් කීවාය. මේ නිසාම කුඩා කාලයේ සිටම ඇයට ආදර සබ`දතා ස`දහා ඇරයුම් ලැබුණි. එහෙත් ඇය ඒ කිසිවකටත් නතු නොවූවාය.
මේ අතර තම පන්තියේම එකට අකුරු කරන කෙනෙකු ඇයට යෝජනාවත් ගෙන ආවේය. ඔහු අසල්වැසි ගමෙහි ජීවත් වූ අතර අතමිට සාර නිවෙසක විසූවෙකි. එහෙත් ඇය එම යෝජනාවද භාර නොගත්තාය. දිනක් මොවුහු විවේක කාලයේ ක‍්‍රීඩාංගණයේ කී‍්‍රඩා කරමින් සිටියහ.
‘‘අනේ සොරි සමන්මලී. මං හිතලා නෙවෙයි ගැහුවේ’’ මිහිරගේ අතින් ගිලහුණ පන්දුව සමන්මලීගේ මුහුණෙහි වැදීමෙන් පශ්චාත්තාපයට පත් මිහිර ඇගෙන් සමාව අයැදුවේය. රෝස මලක් මුකුලිතව ගියා සේ ඇගේ මුහුණද මිහිරගේ පන්දුව වැදීමෙන් මුකුලිත විය. මෙ නිසා ඇය හැ`ඞීමට පටන් ගත්තාය. මිහිරට මෙය මහත් වේදනාවක් විය.
‘‘අනේ සොරි සමන්මලී. මං හිතලා ඔයාට ගැහුවා නෙවෙයි. අනේ සොරි ඔයා අ`ඩන්න එපා.’’
ක‍්‍රිකට් සෙල්ලම් කිරීමට අමතරව කාගම ඉස්කෝලේ ළමයින්ගේ අනෙක් ජනප‍්‍රියතම කී‍්‍රඩාව වූයේ කූරේ ගැසීමයි. මෙහිදී බෝලය අතේ තිබෙන කෙනා විසින් වෙනත් කෙනෙකුට එයින් දමාගසයි. මිහිර එසේ වේගයෙන් පහර දුන් විට එය සමන්මලීට වැදුණේ ඔහු නොදැනුවත්වමය. බෝලය වේගයෙන් වැදීමේ වේදනාව නිසා සමන්මලීගේ හැ`ඩිල්ල නතර නොවූයේය. ටික කලක පටන් මිහිර සමන්මලී පිළිබ`දව බලාපොරොත්තු තබාගෙන සිටී. ඔහු තම හො`දම යහළුවා ම`ගින් එය සමන්මලීට දැනුම් දී තිබුණි. එහෙත් සමන්මලී ඔහුට ඒ ස`දහා නිසි පිළිතුරක් නොදුන්නාය. එහෙත් ඇගේ අකමැත්තක්ද නොදැක්වූවාය. විවේක කාලය හමාර වීමත් සම`ගම සිසුහුු සියල්ලෝම ස්වකීය පන්තීන් වෙත පියමං කළහ. සමන්මලී මෙන්ම මිහිරද තම පන්තිය වෙත ආවේ ඔවුනොවුන් ඇෙ`ග් වදින නොවදින තරම් ඉතා සමීපයෙන්ය. ඒ වන විට සමන්මලීගේ හැ`ඩිල්ලද නතර වී තිබුණි.
එදින පාසල් හමාර වී ඔවුන් ගෙදර ගියත් මිහිරගේ නම් හිතේ තිබුණේ ලොකු වේදනාවකි. සමන්මලීට දැන් දැන් මිහිර ගැන අනුකම්පාවක් ඇති වේ. ඇත්තටම තමා හැ`ඩුවේ බෝලය වැදීමෙන් රිදුන නිසාද? එසේ නම් අම්මා ගහන විට මම හ`ඩන්නේ නැත්තේ ඇයි? තමා හැ`ඩුවේ මිහිරගෙන් පන්දුව වැදීම නිසා තමාට ඇති වූ වේදනාව මිහිරටත් දැනවීම ස`දහා බව දැන් ඇයට අවබෝධ වෙයි. ඇයට මිහිර ගැන අනුකම්පාවක් ඇති වුවද මිහිර හමුවීම ස`දහා ලබන ස`දුදා තෙක් බලා සිටීමට සිදු වේ. සති අන්ත පන්ති ස`දහා වියදම් කිරීමට තරම් වත්කමක් සමන්මලීගේ අම්මාට නොතිබුණු නමුදු ඇගේ ඉදිරි ජීවිතය වෙනුවෙන් මුදල් බැංකුවක තැන්පත් කිරීමට තරම් ඇය කල්පනාකාරී වූවාය. මේ වන විට සමන්මලීගේ වැඩිමහල් සොහොයුරියන් තිදෙනාම විවාහ වී සිටි බැවින් ඇගේ අධ්‍යාපන කටයුතුවලට පමණක් වියදම් කිරීමට ඇගේ මෑණියන්ට සිදු විය. මෙය තමන්ට මහත් අස්වැසිල්ලක් වුවත් දිනපතා ගොවිතැන් ස`දහා යෑමේ අඩුවක් නොවුණි.
‘‘එදා වෙච්ච දේට සමන්මලී මාත් එක්ක තරහද?’’ ස`දුදා උදෑසනම සමන්මලී හමු වූ විගසින් මිහිර ඇසුවේය.
‘‘මොකක්ද?’’
‘‘ගිය සිකුරාදා මගේ අතින් බෝලේ වැදිච්ච එක ගැන’’
‘‘අනේ නෑ මිහිර. මම ඒක එදාම අමතක කලා’’
‘‘එහෙමද? ඒක කොච්චර හො`දද. ඒත් මට එදා ඔයා ගැන ගොඩක් දුක හිතුණා’’
‘‘ඒ ඇයි? ඔයා හිතල කරපු දෙයක් නෙවෙයිනේ. අනික මට රිදුන නිසයි මම ඇ`ඩුවේ. මම පරණ දේවල් හිතේ තියාගෙන ඉන්නේ නෑ මිහිර’’
‘‘සමන්මලී මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන’’
‘‘ඒ මොකටද? ඕන දෙයක් මාත් එක්ක දැන් කතා කරන්න’’
‘‘කමක් නෑ සමන්මලී. මම පස්සේ ඔයත් එක්ක කතා කරන්නම්’’
මිහිරට තම හිතේ සමන්මලී පිළිබ`ද තිබූ අදහස පිළිබ`දව ඇයගෙන් විමසීමට අවශ්‍ය වුවත් ඒ ස`දහා කාලය නොවූ බැවින් ඔහු එය සිතේ ස`ගවාගෙන සිටියේය. එහෙත් සමන්මලී පිළිබ`දව තම හිතේ තිබූ ආදරය දිනෙන් දින වැඩෙමින් පැවතුණි. පාසලේ වැඩ කටයුතු මැනවින් සිදු කළ සමන්මලී ගුරුවරුන්ගේ නොමද ආදරයට පාත‍්‍ර වූවාය. ම`දක් දඩබ්බර වුවත් ඇය පාසල් වැඩ කිසිම හේතුවක් නිසා අතපසු නොකළාය. ඇගේ කටකාරකම ගුරුවරුන්ගේ ආදරය දිනා ගැනීමට මහත් රුකුලක් විය. පන්ති නායිකාව වශයෙන් ඇය තේරී පත්වීමට මෙය ප‍්‍රබල සාධකයක් විය.
මේ අතර මිහිර ස්වකීය සගයකු ලවා සමන්මලී පිළිබ`දව අදහස ඇයට නැවතත් දැන්වීය. ඔහුය ඍජුව පිළිතුරක් ලබාදීමට සමන්මලී එවරද ඉදිරිපත් නොවූවාය.
‘‘එයාට එහෙම අදහසක් තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න කියන්න. ඔයා මගෙන් ඇවිල්ලා ඇහුවට වැඩක් නෑනේ. එයාට මොකද ඒ ගැන මාත් එක්ක කතා කරන්න බැරි? එයාට ඒක මාත් එක්ක කතා කරන්න තරම් හයියක් නැද්ද?’’
සමන්මලීගේ පිළිතුරෙන් ලැජ්ජාවට පත් සමීර මිහිරට හො`දටම බැන වැදුණේිය.
‘‘ උඔල ඕන දෙයක් කර ගනිල්ලා. මට නම් බැහැ උඔලට උදව් කරන්න. මම කැමති නෑ කෙල්ලන්ගෙන්් බැනුම් අහන්න.’’
‘‘ඇයි මොකද වුණේ? ඒකි උඹට බැන්නද?’’
‘‘නෑ... ඒකී කියපු දෙවල්වලට මටයි ලැජ්ජා හිතුණේ?’’
‘‘මොකක්ද ඒකී උඹට කීවේ?’’
සමීරගේ වචනවලින් හිත දිරිමත් කරගත් මිහිර පාසල් හමාර වී ගෙදර යන විට සමන්මලී හමු වීමට අදිටන් කර ගත්තේය. පාසලේ සිට සමන්මලීගේ නිවෙසට සැතැප්මක් පමණ දුරක් යා යුතුය. පාසලේ ගේට්ටුව අභියසින් දෙදෙනාට වෙන්වීමට සිදු වේ. සමන්මලීගේ ගෙදර පාසලේ සිට දකුණු දෙසට යායුතු අතර මිහිරගේ ගෙදරට යායුතුව ඇත්තේ පාසලේ සිට අනෙක් පසටය. ළමුන් විශාල සංඛ්‍යාවක් පාසල් හමාර වී ගෙදර යමින් සිටි නිසා මිහිරට එදිනද සමන්මලී සම`ග කතා කිරීමට නොහැකි විය. ස්වකීය පාපැදියට නැ`ගුණු මිහිර එදින පාසලෙන් නික්ම ගියේ පසුදින සමන්මලී හා කතා කරන අදිටනින් යුතුවය.
පාසලේ පළමු වාරය ළමුන්ට ඉතාමත් සතුටුදායක කාල පරිච්චේදයකි. බොහෝ පාසල්වල පළමු වාරය තුළ නිවාසාන්තර ක‍්‍රීඩා උත්සව පැවැත්වීම සාමාන්‍ය දෙයකි. පාසලේ සිටින සියලූම ළමුන් ගැහැණු පිරිමි වශයෙන් භේදයකින් තොරව කණ්ඩායම් තුනකට බෙදා වෙන් කර ඔවුනොවුන් අතර තර`ග පැවැත්වීම සාමාන්‍ය සිරිතකි. මෙම කාල පරාසය තුළ පාසලේ අධ්‍යාපනික කටයුතු සිදු නොවන අතර, ගුරුවරුද කණ්ඩායම්වලට වැදී ළමුන් සම`ග සම්බන්ධ වී ක‍්‍රිඩා කරති. සාමාන්‍යයෙන් පළමු වාරයම ළමුන්ගේ ශාරීරික ව්‍යායාම් හා ක‍්‍රීඩා කටයුතු ස`දහා වැය වේ. මෙම කාල වකවානුව තුළ ළමුන්ගේ අලූත් ආදර සබ`දතා ඇතිවීම මෙන්ම තිබෙන සබ`දතා වැඩිවීමද දක්නට ලැබේ. උදැසන නිවෙස්වලින් පාසල්වලට එන සිසුන් නිවාසාන්තර ක‍්‍රීඩා පැවැත්වෙන දිනයන්හි ආපසු සිය නිවෙස් ස`දහා යන්නේ මධ්‍යම රාත‍්‍රියට ආසන්නවය. ගැහැණු ළමයි බොහෝවිට ඇ`දිරී වැටීගෙන එනවිට සිය නිවෙස් කරායාමට පසුබට නොවෙති. පාසලේ ක‍්‍රීඩාභාර ගුරුවරයා ඇතුළු සමහර ආචාර්යවරුද ළමුන් පාසලෙන් ඉක්ම යන තුරු රැු`දී සිටිති. මේ නිසා දෙමව්පියන්ටද තම ¥දරුවන් ගැන කිසිදු බියක් වීමට දෙයක් නැත.
මිහිර මෙන්ම සමන්මලීද එකම කණ්ඩායමක් නියෝජනය කළහ. මෙය මිහිරට සතුට දනවන්නක් වූවත් සමන්මලීට එතරම් වෙනසක් නොවුණි. සමන්මලී ඉගෙනීමට මෙන්ම ක‍්‍රීඩාවටද ඇල්මක් මෙන්ම දක්‍ෂතාවක්ද දැක්වූවාය. මිහිර තම කණ්ඩායමේ නායකයා වූ බැවින් ඔහු තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැ`දවාගෙන යාම ස`දහා මහත් වෙහෙසක් ගත්තේය.
‘‘සමන්මලී, ඔයාලගේ ගෙදර පොල් අතු තියෙනවා නේ්ද?’’ මිහිර ඇසුවේය.
’’ඔව්’’
‘‘එහෙනම් අපිට ගොඩක් ලේසියි. අපේ නිවාසයට අවශ්‍ය පොල් අතු ටික එහෙන් ගේන්නට පුළුවන් වෙයි නේද? එහෙම වුණොත් අපේ නිවාසය හදන්න පොල් අතු සල්ලිවලට ගන්න ඕන නෑ’’
‘‘ඒක නම් මම දන්නේ නෑ. හැබැයි අපේ අම්මගෙන් ඇහුවොත් පොල් අතු ටිකක් ගන්න බැරි වෙන එකක් නෑ.’’
සමන්මලීගේ අම්මාගෙන් පොල් අතු ඉල්ලාගෙන රමණීය ලෙස ඔවුන් තම නිවාසය නිම කළේය. සමන්මලී සම`ග දොඩමළු වීම ස`දහා මිහිර අවස්ථාවක් ලැබෙන තුරු බලාගෙන සිටියේය. ඒ බව සමන්මලීට හො`දින් වැටහිණි. ඇය සෑම විටම මිහිරගෙන් ඈත් වීමට උත්සාහ කළාය. මේ අතර තර`ග ස`දහා සූදානම් වෙමින් සිටි එක් දිනක ධාරානිපාත වර්ෂාවක් ඇද හැලූණි. ක‍්‍රීඩා පිටියේ සිටි සියල්ලෝම ස්වකීය නිවාස වෙත ඇදුණාහ. තටු තෙමුණ කිකිළියන් සේ ඒ වන විටත් ගැහැණු ළමුන් වැස්සට හසු වී තෙමී සිටි බැවින් ඔවුනගේ ඇ`දුම් සිරුරටම ඇලී තබුණි. පිරිමි ළමුන්ගේද ඇ`දුම්වලින් වතුර බේරෙමින් තිබුණි.
‘‘සර් අපි යනවා.’’ කුඬේ ඔසවා ගත් සමන්මලීත් ඇගේ මිතුරියක වූ අනූෂාත් පාසලෙන් සිය නිවෙස් බලා පිටත් වූහ.
සමන්මලීගේ හො`දම මිතුරිය අනූෂාය. ඇගේ නිවස පිහිටා තිබුණේ සමන්මලීගේ නිවෙසට අල්ලපු වැටේය. කුඩා කල සිට අඹ යහළුවන් වූ ඔවුන් දෙදෙනා පාසල් ගියේ එකටමය. ඔවුන් දෙදෙනා අතර කිසිදු රහසක් නොවීය. අනූෂා පොතපතට වඩා ඇලූම් කළේ කෙළිදෙලෙන් සිටීමටය. සමන්මලීට තරම් ඉගෙන ගැනීමට හැකියාවක් නොවූ ඇය සමහර නොපැහැදිලි පාඩම් සමන්මලීගෙන් අසා දැන ගත්තාය. සමන්මලීද ඇයට පාඩම් කියා දුන්නේ ඇය කෙරෙහි මහත් අනුකම්පාවෙන්ය. ඔවුන් දෙදෙනාගේ මේ සම්බන්ධය නිසා ඔවුන්ගේ දෙමව්පියන්ද සිටියේ සතුටිනි. අනූෂා සමන්මලීත් සම`ග ඇති මේ මිතුරුකම නිසා අනූෂාගේ සොහොයුරා වූ නිමල්ටද සමන්මලී නිතර හමුවීමට අවස්ථාව උදා විය.
මිහිර තර`ග කිහිපයක්ම නියෝජනය කළේය. වොලිබෝල්, ක‍්‍රිකට් මෙන්ම එල්ලේ තර`ගද මිහිර නියෝජනය කළේය. ඔවුන් ඒ සෑම තර`ගයකින්ම ජය ගැනීමට සමත් විය. එහෙත් ඔහු තනිව නියෝජනය කළ තර`ග අතරින් ජයගත්තේ මීටර් දෙසියය දිවීම පමණයි. එයින්ද ඔහු ලබා ගත්තේ දෙවන ස්ථානයයි.
සමන්මලී උස පැනීම, දුර පැනීම මෙන්ම මීටර් සියයද ජය ගත්තාය. එහෙත් ඇය නියෝජනය කළ කණ්ඩායම් තර`ග ඉසව් අතරින් ඔවුන් ජය ගත්තේ නෙට් බෝල් තරගය පමණි. අවසන් දින ක‍්‍රීඩා උත්සවය නැරඹීම ස`දහා ළමයින්ගේ දෙමව්පියෝ පැමිණ සිටියහ. ආරාධිත අමුත්තා වශයෙන් පැමිණියේ උතුරුමැද පළාතේ මහ ඇමතිතුමාය. අවසන් දින උත්සවය මහත් උත්කර්ෂයෙන් පැවතුණි. තර`ගවල අවසන් ප‍්‍රතිපල ඉදිරිපත් කරන වේලාවෙහි ළමයි සියල්ලෝම ප‍්‍රීතිඝෝෂා නැතූහ. මිහිර නායකත්වය දැරූ විජය නිවාසය දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. නිවාසාන්තර ක‍්‍රීඩා පවත්වන දිනයන්හි මිහිර සමන්මලී සම`ග නිදහසේ කතා කිරීමට කොතෙකුත් උත්සහ ගත්තත් එය ව්‍යර්ථ විය. දිනක් පෞද්ගලක පන්තියකට යමින් සිටි මිහිරට සමන්මලී හමු වූයේ මේ අතරතුරදීය.
‘‘සමන්මලී කොහෙද යන්නේ?’’ පාපැදිය නැවැත් වූ මිහිර සමන්මලීගෙන් ඇසුවේය.
‘‘මම කැකිරාවේ යනවා.’’ සමන්මලී ඔහු දෙස නොබලාම කීවාය.
‘‘සමන්මලී මාත් එක්ක කතා කරන්න අකමැතිද?’’
‘‘නෑ. එහෙම එකක් නෑ. මිහිර ඇයි එහෙම අහන්නේ?’’ සමන්මලී තමා මිහිර සනසනු අටියෙන් ඇසුවාය.
‘‘මට ඒක හො`දට දැනෙනවා. සමන්මලී දැන් ඉස්සර වගේ නෙවෙයි. මම දැක්කම ම`ග හරිනවා. ඒකයි මම ඇහුවේ. මගෙන් ඔයාට වරදක්වත් වුණාද කියලා?’’
‘‘මට කාගෙන්වත් වරදක් වෙලා නෑ. අනික මම වෙනස් වෙලා නෑ. ඒ මිහිරට පෙනෙන හැටි’’
‘‘අන්න බස් එක එනවා. එහෙනම් මම යනවා මිහිර’’
මිහිරගෙන් සමුගත් සමන්මලී බසයට ගොඩ වැදුණාය. ඒ වන විට බසයේ එතරම් පිරිසක් නොසිටි බැවින් ඇයට වාඩි වී යාම ස`දහා අසුනක් හිමි විය. සමන්මලී මෙන්ම මිහිරද මෙවර සාමාන්‍ය පෙළ විභාගය ස`දහා මුහුණ දීමට සූදානම්ව සිටියහ. සමන්මලීගේ එකම බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වීමයි. ගමේ පාසලේ සාමාන්‍ය පෙළ දක්වා පමණක් පන්ති පවතින අතර උසස් පෙළ හැදෑරීම ස`දහා ඇයට වෙනත් පාසලකට ඇතුළත් විය යුතුය. ඇය කැකිරාවට යන්නේ ඇගේ හැ`දුනුම්පත සාදා ගැනීම ස`දහාය. ගමේ සිට කැකිරාවට එතරම් දුරක් නොමැති අතර හුදකලාව කැකිරාව බලා ගමන් කිරීමද ඇයට එතරම් අපහසු දෙයක් නොවේ. ඇය කැකිරාවේ ගොස් එන විට ඇගේ මව කුඹුරට ගොස් සිටියාය. මේ නිසා ඇ`දන් සිටි ඇ`දුම් පිටින්ම ඇය ඇෙ`දහි වැතිරුණාය. එහෙත් ටික වේලාවකින්ම කිසිවෙකුගේ හ`ඩක් ඇසී ඇය තිගැස්සී නැගී සිටියාය.
‘‘නංගී අම්මා තවම ආවේ නැද්ද?’’ උදැල්ල බිම තබමින් නිමල් ඇසුවේය.
‘‘නෑ අයියේ! මම දැන් කැකිරාවේ ගිහින් ආවේ’’
‘‘ ඇයි අයියේ, මොකක් හරි උවමනාවකටද?’’
‘‘නැහැ නංගී’’ යි කී නිමල් උදැල්ල කරට ගෙන සිය නිවෙස බලා ගමන් කළේය.
විකසිත කුසුම් මුකුලිත කරමින් හාත්පස පැතිර ගිය අන්ධකාරය ම`ගින් හිරු සමුදුර තුළ ස`ගවා ගත්තේය. විහ`ගනද කෙමෙන් කෙමෙන් වියැකෙමින් පැවතිණි. දවස නිමා කරමින් ගොවියෝ සහ ගෙවිලියෝ තෙත බරිත මඩ ඇ`දුම් සම`ගින් සිය නවෙස් කරා පියමං කළහ. පසළොස්වක පොහොය ළ`ග ළ`ගම එන නිසාදෝ අවට වට ඝනාන්ධකාරය අඩ ස`ද ම`ගින් මකා දමා තිබුණි. බටු පාත්තියේ වැඩ කළ සමන්මලීගේ මෑණියන්ද පන් මල්ලට රාත‍්‍රී ආහාරය ස`දහා ප‍්‍රමාණවත් බටුද රැුගෙන නිවෙසට ආවාය.
දෙවන පරිච්චේදය
සාමාන්‍ය පෙළ විභාගය ඉතා ළං වූ බැවින් සමන්මලී මෙන්ම මිහිරද ඉතා උනන්දුවෙන් ඒ ස`දහා සූදානම් වූහ. මිහිරගේ සිත ඇදී ගියේ පොතට හෝ පාඩමට නොවේ, සමන්මලී වෙතය. ඔහුට දැන් ඇගෙන් තොර ලොවක් නැත. මිහිරගේ ගෙදර අයද ඔහු ගැන එතරම් සෙවූයේ නැත. මේ නිසා ඔහුට ඕනෑතැනකට ඕනෑම වෙලාවක යෑමට අවසර තිබිණි. දිනක් සවස් වරුවේ ඔහු බයිසිකලයත් රැුගෙන යහළුවකු හමුවීමට යෑමට පිටත් විය. එහෙත් ඔහුට අතරම`ගදී යහළුවා මුණ ගැසිණි. ඔහු ? කෑමට පාන් ගෙන යෑම ස`දහා කඩයට ඇවිත් තිබුණේය.
‘‘මිහිර කොහෙද යන්නේ ?’’ මිහිර බයිසිකලය පැදගෙන යනවා දුටු ජනක මිහිරගෙන් ඇසුවේය.
‘‘මම උඹ පොඞ්ඩක් හම්බවෙන්න කියලා යන ගමන් ’’ මිහිර කීවේය.
‘‘ ඒ මොකටද? මොකක්හරි උවමනාවකටද ?’’
‘‘නෑ; එච්චරම හදිසි උවමනාවක් නෙමේ. මට සර් කියලා දුන්න කුලක ගාණ තේරෙන්නෙ නෑ. උඹට කරදරයක් නැත්නම් මට ඒක කියලා දෙන්න පුළුවන්ද? මම හෙට උඹලගෙ ගෙවල් පැත්තේ එන්නම්’’
‘‘ඒක මොකක්ද, උඹ වරෙන් මම කියල දෙන්නම්, උඹ ඕනම වෙලාවක වරෙන්. උඹ මේ දවස්වල මොකද කරන්නේ? පාඩම් කරනවද?’’
‘‘මොන පාඩම්ද බං. ඊයේ අයියා කොළඹ ඉ`දලා එන ගමන් අලූත් ෆිල්ම් දෙකක් ගෙනත් තිබ්බා. ඒක බලලා නිදා ගද්දින් ? දොළහත් පහුවෙලා’’
‘‘ඒක නෙමේ මම උඹෙන් අහන්න හිටියේ. උඹ සමන්මලීව බලන්න ගියේ නැද්ද?’’
‘‘ උඹ කියන්නේ මට උන්ගේ ගෙදර යන්න කියලද’’
‘‘ගෙදර නෙමේ, මම ඇහුවේ උඹ ඒකිව බලන්න ඉස්පිරිතාලෙට ගියේ නැද්ද කියලා’’
සමන්මලීට තදබල හිසේ රුජාවක් සහ ක්ලන්තයක් හැදුණු බැවින් ඇගේ සොහොයුරා සහ ඇගේ මව ඇයව රෝහලට ඇතුළත් කර තිබිණි. විභාගය වෙනුවෙන් ඇය ගොඩාක් මහන්සි වූ බැවින් ඇයට මෙම රෝගය වැළදී තිබිණි. මේ වන විට ඇය සතියක් තිස්සේ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී. මේ වගක් මිහිර දැනගෙන සිටියේ නැත. ඔහු දැනගත්තද ඇයව බැලීමට යෑමට ඔහුට අවසරයක් නැත. ඔහුගේ යහළුවන්ද ඔහුට ඒ බව නොදන්වා සිටියේ එය ඔහු දන්නවා ඇතැ’යි ඔවුන් සිතූ නිසාවෙනි.
‘‘මොකද බං ඒකිට වෙලා තියෙන්නේ? මට කව්රුවත් නිව්වේවත් නෑ බං’’
‘‘ උඹට කවුරු කියන්නද, උඹ එපැයි ඒකී ගැන හොයන්න’’
‘‘ඇත්තටම දන්නේ නෑ බං. අගය කරන්නැතුව කියපන්කො මොකද වෙලා තියෙන්නෙ කියලා’’
‘‘විභාගයට පාඩම් කරලම ඔළුව කැක්කුමක් හැදිලා. පස්සේ එයාලගේ අම්මා එයාව සේනපුර ඉස්පිරිතාලෙට ඇඞ්මිඞ් කරලා. සේනපුරෙන් අනුරාධපුර යවලා’’ යි ජනක කියාගෙන ගියේය.
‘‘දැන් එයාට මොකද?’’ මිහිර කලබලයෙන් ඇසුවේය.
‘‘දැන්නම් එයාට හො`දයිලූ. මං හිතන්නේ අද එයාගේ අයියා ගියා ටිකට් කපා ගෙන එන්න ඕනැයි කියලා. සමහරවිට අද එක්කරගෙන ඒවි’’
‘‘පුළුවන් වුණොත් අද මම සමන්මලීව බලන්න ? වෙලා යනවා. මම එහෙනම් උඹලගේ ගෙවල් පැත්තේ එන්නම්කො’’යි කියා මිහිර බයිසිකලය හරවාගෙන නැවත ඔහුගේ ගෙදර බලා පිටත් විය.
මේ වන විට සාමාන්‍ය පෙළ ස`දහා පාසලේ අමතර පන්ති ගුරුවරුන් විසින් යොදාගෙන තිබූ බැවින් විභාගයට සහභාගි වෙන සිසුන් ඒවාට සම්බන්ධ වීම අනිවාර්ය විය. මේ නිසා මොවුන් දහවල් ආහාරයත් රැුගෙන යන අතර නැවත ගෙවල්වලට එන්නේ හිරු බැසයාමට ආසන්න වූ කල්හිය. ඉංග‍්‍රීසි ස`දහා අවශ්‍ය ගුරුවරයෙකු නැතිවීම ඔවුන්ට සිදු වූ විශේෂ පාඩුවකි. විදුහල්පතිතුමා සිය පාසලට ඉංග‍්‍රීසි ගුරුවරයෙකු ලබා ගැනීම ස`දහා කෙතරම් උත්සාහ කළද ඒ සෑම උත්සහයක්ම ව්‍යර්ථ වූයේ මෙවැනි දුෂ්කර පාසලක් කරා ඒමට ගුරුවරුන් අකමැති වීම නිසාවෙනි. මේ හේතුව නිසා විභාගය ස`දහා අවශ්‍ය ඉංග‍්‍රීසි දැනුම ලබාදීමට විදුහල්පතිතුමාට සිදු විය.
‘‘සමන්මලීට දැන් හො`දටම හො`දයිද?’’ කාර්යාලය අසලදී සමන්මලී මුණගැසුණු අවස්ථාවක මිහිර සමන්මලීගෙන් ඇසුවේය.
‘‘කොහෙද ඉතින් දැන් අහල වැඩක් තියෙනවද? අඩුම තරමේ නිකම්වත් බලන්න ආවේ නෑනේ’’
‘‘අනේ සොරි සමන්මලී, මම ඔයා ටිකට් කපාගෙන එන දවසේ තමයි දන්නේ’’
‘‘ඒකට කමක් නෑ මිහිර, මම විහිළුවටනේ කීවේ’’
‘‘සමන්මලී මගේ යෝජනාවට මොකද කියන්නේ?’’
‘‘මොන යෝජනාවටද?’’
‘‘එදා සමීර අහපු එක?’’
‘‘මොකක්ද?’’
‘‘සමන්මලී, මට දැන් ගොඩාක් ඔයාව මතක් වෙනවා. අනේ මන්දන්නෑ සමන්මලී මම ඔයාට ගොඩාක් ආදරෙයි. ඔයා මොකද කියන්නේ?’’
‘‘පිස්සුද මිහිර ඔයාට, මේ විභාග කාලේ ඕව හිතන්න මට වෙලාවක් නෑ’’
‘‘එහෙම කියන්න එපා සමන්මලී. මට ඔයාගෙන් පිළිතුරක් ඕන’’
‘‘මම කිව්වනේ මිහිර ඔයාට, මට ඒවා ගැන හිතන්න වෙලාවක් නෑ කියලා’’
‘‘මට හදිස්සියක් නෑ සමන්මලී. ඔයා හිතල බලල මට පස්සේ පිළිතුරක් දෙන්න’’
පසුදින උදෑසනම මිහිර පාසලට ගියේ සමන්මලී හමුවීමේ අටියෙනි. ඔහු කාර්යාලය අතුගා උදෑසන ආහාරය ගැනීම ස`දහා ගේට්ටුව අසල ඇති කැන්ටිම වෙත ගියේය. පාසල පටන් ගැනීමට සීනුව නාදවුවත් සමන්මලී පැමිණ සිටියේ නැත. ඔහු පන්තිකාමරය වෙත ගියේ තුරුළු කරගත් දුකත් ඇතිවය. ඇයට දීමට ගෙනා ලියුම ඉරා දැමීමට ඔහුට සියදහස් වතාවක් සිත් විය.
‘‘සමන්මලී, ඔයා ඇයි අද ඉස්කෝලේ ආවේ නැත්තේ?’’ පාසල ඇරී ගෙදර යමින් සිටි මිහිරට සමන්මලී මුණ ගැසුණු අවස්ථාවේ මිහිර සමන්මලීගෙන් ඇසුවේය.
‘‘මට ටිකක් ඔළුවෙ කැක්කුම වගේ තිබුණා. සේනපුර ගිහිල්ලා බොහත් ගෙනල්ල බීවාට පස්සේ හරිගියා. දැන් මේ මම අක්කිලාගේ ගෙදර යන ගමන්’’
‘‘ඔළුවේ කැක්කුම නම් අව්වේ යන එක හො`ද නෑනේ’’
‘‘දැන් මට හො`දයි මිහිර’’
‘‘සමන්මලී මේක ගන්නකෝ’’ සමන්මලී නොසිතු වෙලාවක මිහිර ඇයට ලියුමක් දුන්නේය.
‘‘අනේ සොරි මිහිර, මට මේවට උත්තර ලියන්න දැන් වෙලාවක් නෑ.’’
‘‘කමක් නෑ සමන්මලී, මට හදිසි නෑ. ඔයාට පුළුවන් වෙලාවක ඕකට උත්තරයක් මට දෙන්න’’
සමන්මලී ඔහුගේ ලිපිය ගනී යැයි ඔහු නොසිතුවේය. සමන්මලී ලිපිය ගත් වහාම ඇගේ සොහොයුරියගේ නිවෙස කරා ගියේ මිහිරටද නොදන්වාමය. ඇය ලියුම වීසිකර යෑමට කිහිප වතාවක්ම උත්සාහ කළද එය කිරීමට ඇයට ශක්තියක් නොවුණි. ඇය නිවෙසට ගිය වහාම මිහිරගේ ලියුම දිගහැර බැලූවාය. මිහිරගේ සම්පූර්ණම ලිපිය කියවීමට සමන්මලීට හැකියාවක් නොලැබුණත් එහි දක්නට ලැබුණු ‘‘මම ඔයාට ගොඩාක් ආදරෙයි’’ යන කියමන ඇගේ හිත සසල කිරීමට සමත් විය. එහෙත් මිහිරට පිළිතුරු ලිපියක් ලිවීමට තරම් සමන්මලීට සිත් නොවීය.
‘‘සමන්මලී මට අරකට උත්තරයක් ගෙනාවද?’’ පසුවදා සමන්මලී හමු වූ විගසින්ම ඇසුවේය.
‘‘මට ඕවට උත්තර ලියන්න වෙලාවක් නෑ මිහිර’’ සමන්මලී මිහිර දෙස නොබලාම කීවාය.
‘‘මම ඔයාට බල කරන්නේ නෑ සමන්මලී. ඔයා කැමති නම් විතරක් මට පිළිතුරක් දෙන්න. ඔයා මට ආදරේ කලත් නැතත් මම ඔයාට ආදරය කරනවා’’
‘‘ඔය මනස්ගාත අමතක කරලා දාන්න මිහිර. දැන් විභාගයට සූදානම් වෙන්න’’
‘‘මට එහෙම කරන්න බෑ සමන්මලී. මම නොදැනුවත්වම මම ඔයාට ගොඩාක් ළංවෙලා. මට දැන් පොතක් බලන්නවත් බෑ, මට ඔයාව මතක් වෙනවා’’
‘‘මම ඒකට වරදකරුවෙක් නෙවෙයිනේ නේද මිහිර?’’
‘‘ඔයාට නම් හදවතක් නෑ සමන්මලී. ඔයත් කාටහරි ආදරේ කල දවසක ඔයාට තේරේයි’’
ඇත්තටම තමාට හදවතක් නැද්ද? සමන්මලීට දැන් තමා ගැනම දුක හිතෙයි. තමා ගැන බලාපොරොත්තු තබා ගැනීමට තරම් තමන් මෙතරම් මිහිරට සමීප වුණේ කෙසේද? මිහිර තමා ගැන මෙතරම් වද වෙන්නේ තමන් මිහිරට කළ වරද කුමක්ද? සමන්මලීට දැන් මිහිර ගැන අනුකම්පා හිතෙයි. මිහිර සැබවින්ම හො`ද ළමයෙකි. එහෙත් ඔහු වෙනුවෙන් තමාගේ ජීවිතය කැප කළ යුතුද? මිහිරට ඕනෑතරම් සල්ලි තිබේ. ඒ නිසා ඔහු ඉගෙන ගත්තත් නැතත් ඔහුගේ දෙමව්පියන්ට ප‍්‍රශ්නයක් නැත. එහෙත් සමන්මලීට එසේ නොවේ. ඇය වෙනුවෙන් දහසකුත් ප‍්‍රාර්ථනාවන්වල ඇගේ නිමග්න වී ඇත. කෙසේ හෝ සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම ස`දහා ඇය උත්සාහ කරන්නේ එබැවිනි.
සමන්මලීට මිහිර ගැන ඇති වූ අනුකම්පාව දිගෙන් දිගටම ඇගේ සිතට කාවැදිණි. ඇයට මිහිරගේ වරදක් නොපෙනේ. එහෙත් ඇය ඔහුගේ මවටත් වැඩිමහල් සොහොයුරියටත් අකමැතිය. ඔවුන් දෙදෙනාම ඉතාම අහංකාරය. සමන්මලී කුඩා කල සිටම කවුරු සම`ගත් සිනාමුසු මුහුණෙන් යුතුව කතා කරයි. ‘‘මට සමන්මලීගේ දත් ටික දැක්කම ඊර්ෂ්‍යාවත් හිතෙනවා’’ යි ඇගේ මාමා වරක් කීවේ ඇය සිනාසෙන විට දත් සියල්ලම සුපැහැදිලිව පෙනෙන බැවිනි. ‘‘සිනා නොමසෙන් දසන් දක්වා’’ යනුවෙන් කාව්‍යශේකරයේ එන කවියක පාඨයක් උපුටා දක්වමින් දහම් පාසලේදී පොඩිහාමුදුරුවන්ද මේ බව සමන්මලීට කියා දුන්නේ ඇගේ සිනාවෙන් දත් සියල්ලම මනාව පෙනෙන බැවිනි. සමන්මලී අහංකාර මිනිසුන් දකින්නටත් අකමැතිය. එහෙත් මිහිර අහංකාර කෙනෙකු නොවේ.
සාමාන්‍ය පෙළ විභාගය පටන් ගැනීම ස`දහා තවත් ඇත්තේ සතියක පමණ කාලයකි. දිවා ? නොබලා ඊට සූදානම් වීම විභාගාපේක්‍ෂකයන්ගේ සාමාන්‍ය ස්වභාවයයි. මිහිර, සමන්මලී, අනූෂා, සමීර, ජනක මෙන්ම අනෙකුත් ළමයිද ඒ ස`දහා දැන් දැන් වැඩි උනන්දුවෙන් සූදානම් වෙති. සමහර දිනවල මොවූහු පාසලට ගොස් අමාරු ප‍්‍රශ්න සාකච්ඡුා කරමින් ඒවාට පිළිතුරු සොයති. විභාගයට සූදානම් වන නිසා මොවුන්ට ඒ ස`දහා නිවෙස්වලින් අවසර ලැබී ඇත. මෙවැනි දිනයන්හිදි සමහරවිට ඇතැම් ගුරුවරුන්ද සහභාගි වේ. එහෙත් ගුරුවරු සහභාගි වීම අනිවාර්ය නොවේ. මිහිරට සමන්මලී සම`ග දොඩමළු වීමට මෙය ඉතා කදිම අවස්ථාවකි. ඉස්සර වගේ නොව, දැන් සමන්මලී මිහිර ම`ගහැර යාමටද උත්සහ නොකරයි. ඇයත් ඔහු සම`ග ඉතා සතුටින් කතා කරයි.
‘‘කෙල්ල හොරෙන් හොරෙන්ම ගොඩාක් ළංවෙලා වගෙයි මට පේන්නේ?’’ ඔවුන් දෙදෙනාගේ කතාවට බාධා කරමින් අනූෂා කීවාය.
‘‘නිකං බොරුවට එක එක කතා හදන්න එපා අනූෂා. දන්නවනේ අපේ අයියගේ හැටි. ඔය බොරු ආරංචි වුණොත් මට අය පාඩම් කරන්නවත් එන්න දෙන්නේ නැතිවෙයි’’ සමන්මලී අනූෂා දෙස ඔරවා බලා තරහෙන් කීවාය.
‘‘නෑ නෑ මම නිකං විහිළුවට කීවේ. සමන්මලී ඔයා දැන්ම ගෙදර යන්නේ නැද්ද? අද අපේ අම්මා කැකිරාවේ යනවා කිව්වා. ගෙදර කව්රුවත් නැති නිසා ඉක්මනට එන්න කිව්වා. ඒ හින්දා මම යනවා. ඔයත් යනවා නම් මාත් එක්ක එන්න. මම යනවා’’
‘‘පොඞ්ඩක් ඉන්න මමත් එනවා. මගෙත් ටිකක් ඔළුව කකියනවා’’
අනූෂා සම`ග සමන්මලීත් පිටත් වීම මිහිරට කණගාටුවට හේතුවකි. ඔහු එය කිසිවිටෙකත් නොසිතන්නට ඇත. මිහිරට ඉතා ළංවී සිංහල පාඩම් ටික කියා දුන්නේ සමන්මලීය. ඇයට සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබ`දව හො`ද අවබෝධයක් තිබිණි. සාහිත්‍ය පොතේ එන ජනකවි බොහෝ විට තාලානූකූලව ගායනා වූයේ සමන්මලීගේ මුවිනි. මිහිර පමණක් නොව, ඇතැම්විට සිංහල ඉගැන්වූ සමරසිංහ සර්ද අසා සිටියේ ඉතා ආශාවෙනි. ‘‘සමන්මලීට හො`ද කටහ`ඩක් තියෙනවනේ’’යි දවසක් සමරසිංහ සර් කීවේ සමන්මලීගේ මේ හැකියාව නිසාය. ළමයින් බොහෝවිට නොතේරෙන සිංහල පාඩම් අසා ගන්නට සමන්මලී හමුවන්නේ ඇගේ මිහිරි කටහ`ඩ මෙන්ම පැහැදිලිව පාඩම් කියා දීමට ඇයට හැකි බැවිනි.
‘‘මට වෙලාවකට මිහිර ගැන දුකත් හිතෙනවා අනූ’’යි සමන්මලී කීවේ ඔහු කෙරෙහි වූ සැබෑ අනුකම්පාවකිනි. මිහිර පොතපතට වඩා ඇලූම් කළේ යහළුවන් සම`ග විනෝද වීමටය. ඔහු ඇතැම් විට ඔවුන් සම`ග පාපැදියෙන් කලා වැවට නාන්න යයි. නොඑසේ නම් චිත‍්‍රපටි බලමින් කාලය කා දමයි. මිහිර පවුලේ බාලයා වූ නිසා අම්මාගේ මෙන්ම අනෙක් සහෝදර සහෝදරියන්ගේ ආදරයටද පාත‍්‍ර වේ. අතමිට සරු බව නිසා මෙන්ම පවුලේ කිසිවකුත් ඉගෙන නොගත් නිසා අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන්ගේ එතරම් බල කිරීමක්ද නොවුණි.
‘‘කෙල්ලට දැන් දුකත් හිතෙනවා. ඔහොම යන්කෝ....මම කියන්නම් මිහිරට’’
‘‘උඹ මොනවද කියන්නේ?’’
‘‘මම ඒක ඒ වෙලාවට කියන්නම්කෝ’’
‘‘අනූෂා උඹට පිස්සුද?’’
‘‘උඹ මොනවා කළත් කමක් නෑ. කොහොමහරි විභාගේ හොදට පාස්වෙයන්කෝ. මම දන්නවා උඹට හො`දට විභාගේ පාස් වෙන්න පුළුවන් කියලා’’
‘‘ඔව් අනූෂා. මම කොහොමහරි විභාගේ හො`දට පාස් වෙනවා. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. මම දන්නවා මට හො`දට විභාගේ පාස්වෙන්න පුළුවන් කියලා’’
සමන්මලීට නොදැනීම දැන් ඇගේ හිත මිහිර කෙරෙහි ඇදී ගොසිනි. ඇයට දැන් නිරතුරුවම මිහිර සිහියට නැගෙයි. එහෙත් ඇය තවම මිහිරට ආදරය කරන බව කියා නැත. එසේ කීමට තරම් ආදරයක් ඇගේ හිතේ මිහිර කෙරෙහි නැත. ඇත්තටම තමන් මිහිරට අනුකම්පා කරන්නේද? මිහිරට තමන් අනුකම්පා කරනවා නම් තමන් ඔහුට අනුකම්පා කළ යුත්තේ ඇයි? නැතිනම් මිහිරට ආදරය කරන්නේද? දැන් දැන් සමන්මලීගේ සිත ඇයට නොදැනෙන සේ තමන්ට අවනත කරගැනීමට නොහැකි තත්ත්වයට පත් වී ඇත.
‘‘පුතේ හෙට ඔයාට පන්තිද?’’ සමන්මලීගේ අම්මා කෑම පි`ගාන ඇය වෙත ගෙනෙමින් ඇසුවාය.
‘‘හෙට නම් මට පන්ති නෑ අම්මේ.’’
‘‘හෙට අපේ ගොයම් ටික හදන්නයි කියලා හිතාගෙන ඉන්නේ. ලොකු එකීත් හෙට නිකං ඉන්නවා කිව්වා. ඉස්සරහ ගෙදර අක්කත් හෙට නිකං ඉන්නවා කිව්ව නිසා අපිට ගොයම් ටික හදාගන්න පුළුවන් වෙයි’’
‘‘අනේ අම්මේ මට විභාගෙට තව දවස් කීයද තියෙන්නේ? මම හෙට ගොයම් හදන්න ගියොත් මම විභාගෙට මොනවද ලියන්නේ?’’
‘‘උඹ ගොයම් හදන්න එන්න ඕන නෑ. උඹ ගෙදර ඉ`දලා පාඩම් වැඩ ටික කරගනින්. උඹට ගෙදර ඉන්න ගමන් උදේට තේ ටික හදලා දෙන්නයි දවල්ට බත් ටික උයලා දෙන්න බැරියැ. මම අයියව එවන්නම් බත් ටික කුඹුරට ගෙනියන්න’’
‘‘හරි හරි. දැන් නම් යකෙක් කන්න බඩගිනියි. දවල් කන්නත් බැරි උණානේ’’
ඇයි මම උඔට බත් එක බෙදලනේ වෙලට ගියේ’’
දුප්පත්ව ඉපදීමේ ප‍්‍රතිඵලයක් ලෙස මොවුන්ට ගෙදරදොර වැඩ මෙන්ම කුඹුරේ තොටේ වැඩද අනිවාර්ය විය. බොහෝවිට මොවුන්ට ඉගෙනීමට නොහැකි වන්නේ පැවරී ඇති වැඩ කටයුතු නිසාය. ගෙදරදොර වැඩ කටයුතු අතපසු කළේ නම් මොවුන්ට කුසගින්නේ සිටින්නට සිදු වේ. කලට නිසි වැසි නොලැබුණෝතින් ගොවිතැනින් පාඩු වි`දින්නට සිදු වෙයි. අවුරුද්ද පුරාම ණය වී ගොවිතැන් කරන මොවුන්
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට ආශීර්වාද කරමින් පන්සලේ පැවති බෝධි පූජාවට මිහිර, සමන්මලී, අනූෂා ඇතුළු බොහෝ දෙනෙක් සහභාගි වූහ. වෙහෙර මළුව හැමද වතාවත් සිදු කොට පිරිත් නූල අතෙහි දවටාගත් විභාගාපේක්‍ෂකයන් පන්සල් බිමෙන් පිටත් වූයේ ඇ`දිරි වැටී එන සමයෙහිය. පන්සල් ගේට්ටුවෙන් පිටතට ආ මිහිර සමන්මලී වෙත ගියේය.
‘‘සමන්මලීට නම් විභාගය අමාරු නැති වෙයි’’
‘‘ඒ මොකද? මමත් ලියන්නේ ඔයා ලියන විභාගයනේ !’’
‘‘නෑ මං කිව්වේ ඔයා පාඩම් කරලා ඇති කියලා’’
‘‘ඔව් මිහිර, ඔයත් පාඩම් කළානේ, දැන් ගොඩාක් පරක්කු වුණා. මම යන්නම් ඔයත් හො`දට විභාගේ ලියන්න’’
සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම ගෞරවාදරයට පත් වීමට හේතුවක් වේ. සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉගෙන ගන්නා වූ සිසුන් මෙම ජනපදයෙහි ඉතා විරල වන බැවිනි. එහෙත් අතමිට සරු පිරිස තම දරුවන් වෙනුවෙන් වියදම් කරමින් ඔවුන්ව උසස් පෙළ විභාගය දක්වාම මෙහෙයවති. උසස් පෙළ සමත වී විශ්වවිද්‍යාල ස`දහා සුදුසුකම් ලබන සිසුන් මෙම ජනපදයෙන් සිටින්නේ ඉතාමත් කලාතුරකිනි.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීම එම විභාගයට මුහුණ දුන් සිසුන්ගේ උද්යෝගයට හේතුවක් විය. මේ වන විට සමන්මලී හා මිහිර අතර වූ බැ`දීම වඩාත් දැඩි විය. ඔවුන් දෙදෙනා නොදැනුවත්වම පෙන්වත්තු වූහ. විභාගය අවසන් වීමෙන් පසුව ඔවුන් නිතර නිතර හමු වූහ. එකම පන්තියේ යහළුවන් වූ නිසා ඔවුන්ගේ නිවෙස්වලින්ද ඊට විරෝධයක් නොවීය. පොලිස් සේවයට බැ`දීම ස`දහා මිහිරට අදහසක් ආවේ මේ අවස්ථාවේදීය.
‘‘සමන්මලී මට නම් දැන් ගෙදර ඉ`දලා එපාවෙලා තියෙන්නෙ’’
‘‘ඉතින් දැන මොකද කරන්න හිතාගෙන ඉන්නේ?’’
‘‘විභාගේ ගැන විශ්වාසයකුත් නැති නිසා මට හිතෙනවා පොලිසියටවත් ගියා නම් හො`දයි කියලා’’
‘‘ඒක මම දන්නේ නෑ. ඔයාගේ කැමැත්තනේ. කොහේ ගියත් මාව අමතක කරන්න එපා.’’
මිහිරගේ යෝජනාවලට ගෙදරින් කිසිවිටෙකත් විරෝධයක් ලැබෙන්නේ නැත. ඔහු තම අදහස තම මවට කීවේය. ඇයද ඔහුගේ අදහස චකිතයකින් තොරව අනුමත කළාය. සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු ලැබීමටත් පෙර ඔහු පොලිස් සේවයට බැ`දුනේය. මිහිර පොලිස් සේවයට බැ`දීම ඔහුගේ මවට සතුටට කාරණයක් වුවත් සමන්මලීට නම් එය දරා ගැනීමට තරමක් අපහසු විය. එහෙත් ඔහුගේ අභිවෘද්ධිය ගැන සිතා ඇයද සිත සනසා ගත්තාය.
සිතූ පරිදිම මිහිර විභාගය අසමත් වූයේය. අනූෂාටද විභාගය සමත් වීමට හැකියාවක් ලැබුණෙු නැත. සමන්මලී උසස් පෙළ කිරීමට අවශ්‍ය තරම් විභාගය සමන් වුවද ගණන් ප‍්‍රශ්න පත‍්‍රයට නැවතත් මුහුණ දීමට ඇයට සිදු වූවාය. තම පාසලින් අස් වූ ඇය උසස් පෙළ ස`දහා ඇතුළත් වූයේ ගන්තිරියාගම පාසලටයි. එහෙත් තුඩා කල සිට ඉගෙනගත් පාසලත් තමන්ට ගොඩක්ම ආදරය කළ නැටුම් ගුරුවරයාත් අතැර යාම ඇයට දැඩි වේදනාවක් ගෙන දෙන්නක් විය.
සමන්මලීට උසස් පෙළ ස`දහා මිහිරගේ සහයෝගය නොමදව ලැබුණි. කාගම පාසලේදී මෙන්ම ගන්තිරියාගම පාසලේත් ඇය දක්‍ෂ සිසුවියක් වූවාය. මේ නිසාම කෙටි කලකින්ම ඇය එහි ගුරුවරුන්ගේ ආදරයටද පත් විය. උසස් පෙළ ස`දහා කලා අංශය තෝරාගත් ඇය සිංහල හා දේශපාලන විද්‍යාව තෝරා ගත්තාය. මීට අමතරව නැටුම් විෂය තෝරාගත්තේ කාගම පාසලේදී ඇය ඒ පිළිබ`දව ලැබූ පන්නරය නිසාය.
තෙවන පරිච්ෙඡ්දය
සමන්මලීට සමන්ත හමු වූයේ මේ අතරතුරේය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබයි. සිංහල විශේෂවේදී උපාධියක් හදරණ ඔහුගේ සහයෝගය ඇගේ අධ්‍යාපනය වෙනුවෙන් මහත් රුකුලකි. ඇයට ඉගෙනීමට පමණක් නොව ඇගේ ජීවිතය සම්බන්ධ සිදුවීම්වලදීද ඔහු ඇයට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. මේ නිසා මොවුන් දෙදෙනා අතර සමීප සබ`දතාවක් ඇති විය. කැකිරාව පොලිස් ස්ථානයෙන් කතරගම පොලීසිය වෙත මිහිර මාරු කර යවන ලද්දේ මේ අතරතුරේය. මෙය සමන්මලීට මහත් වේදනාවක් විය.
‘‘කතරගමට මාරු කළා කියලා ඉතින් මම මොනව කරන්නද?දැන් මට පොලිසියෙන් අස්වෙන්නත් බෑනේ.’’
‘‘මම දන්නේ නෑ ඔයා කැමකි දෙයක් කරන්න. ඔයාට එහෙ ගියාම හදිස්සියකටවත් එන්න පුළුවන්ද?’’
‘‘මම ආවේ නැසි වුණාට මගෙන් වෙන්න ඕන යුතුකම් ටික කෙරෙනවානේ’’
‘‘ඔව්...ඔව්... ඒක නම් ඉතින් කියලා වැඩක් නෑ’’
මිහිර කැකිරාවෙන් කතරගමට ගිය පසු ඔහුගේ හැසීරීම සිතුවාට වඩා වෙනස් විය. ඔහු වෙනදා මෙන් සමන්මලීට කතා නොකළේය. මේ නිසා ඔවුන් අතර නිතර නිතර රංඩු ඇති විය. සමන්මලී කටකාරකම නිසා ඔහුත් සම`ග එකටෙක කියවාගෙන ගියාය. පසුව ඇය සමන්තට දුරකථන ඇමතුමක් ගත්තේ ඇගේ වේදනාව ඔහුට කියා උපදෙස් ගැනීමටය.
‘‘හෙලෝ... අයියේ ! ඔයා පාඩම් කරන ගමන්ද?’’යි සමන්මලී සමන්තගෙන් ඇසුවේ තරමක් හැ`ඩුම්බරවය.
‘‘ඔව් නංගී. මම මේ පොකත් බල බල හිටියේ. මොකද මේ මහ??’’
‘‘ඔයා පාඩම් කරනවනම් මම ෆෝන් එක තියන්නම්. බාධා කළාට සොරි’’
‘‘නැ නෑ. එහෙම එකක් නෑ. ඔයා කියන්න’’
‘‘මම නිකම් ඔයාට කෝල් එකක් ගත්තේ. එදා ගමේ ඇවිදින් ගියාට පස්සේ ඔයා කෝල් එකක් දුන්නෙත් නෑනේ. අනික මම ඔයාගේ නම්බරය ඉල්ල ගත්තට පස්සේ කෝල් එකක් ගන්නත් බැරි වුණානේ’’
‘‘මම ඔයාට කෝල් එකක් ගන්නමයි හිටියේ. ඒ්ත් දවස් දෙකක ඉ`දලා මගේ ෆෝන් එකේ සතයක්වත් නෑ’’
‘‘ඒකට කමක් නෑ. අපේ අම්මත් ඔයාව නිතරම මතක කරනවා’’
‘‘ආ... එහෙමද? මාත් මතක් කළා කියන්න’’
‘‘හා හා...’’
‘‘ඉතින් අයියේ ! කාලා එහෙමද ඉන්නේ?’’
‘‘ඔව් නංගී. ඔයාලා කාලද?’’
‘‘අපි නම් කාලා ඉන්නේ. දැන් මේ නිදාගන්න යන ගමන් ඔයාට කෝල් එකක් ගන්න හිතුණා’’
‘‘අනේ කොච්චර දෙයක්ද, නිදාගන්න යද්දින් හරි අපි මතක් වෙන එක’’
‘‘අපිට නම් ඔයාලා අමතක වෙලා නෑ. ඔයාට තමයි අපිව අමතක වෙලා තියෙන්නේ. ඒකනේ නිකම්වත් කෝල් එකක් ගන්නෙවත් නැත්තේ. හරි හරි ඒකට කමක් නෑ. එහෙනහ් අපි නිදාගන්නවා. බුදු සරණයි අයියේ !!
‘‘බුදු සරණයි නංගී !!
මාලනීට තම හිතේ තිබූ දුක කියාගැනීමට අවශ්‍ය වුවද ඇගේ හිතට එක`ගව එය ඇයට කිරීමට නොහැකි විය. සමන්ත අයියාගෙන් කෝල් එකක් බලාපොරොත්තු වුණත් ඇයට එය ලැබුණේ නැත. එසේම විශ්වවිද්‍යාලයේ වැඩකටයුතුත් සම`ග ඔහුටද මාලනීට කතා කිරීම අතපසු විය. මාලනී ඉගෙනීම් කටයුතුවලදී සමන්තගේ සහයෝගය නොඅඩුව ලබාගත්තාය. සමන්තද ඇයට නොතේරෙන තැන් පැහැදිලිව කියා දුන්නේය. මේ නිසා ඔවුන් දෙදෙනා අතර නිතර නිතර දුරකථන ඇමතුම් හුවමාරු විය. මුලින්ම පාඩම් වැඩවලදී පමණක් සමන්තට කතා කළ ඇය පසුව පසුව මිහිර සම`ග රණ්ඩු වූ පසුද ඔහුට කතා කළාය. එහෙත් ඒ කිසිම විටෙක සමන්ත ඇයව ම`ගහැරියේ නැත. දවසක් සමන්ත රාත‍්‍රී කෑම කා පොතක් අතට ගත්තා පමණි. ඔහුගේ දුරකථනය නාද විය.
‘‘හෙලෝ අයියේ ඔයාට මම නිතරම කතා කරන එක වදයක්ද දන්නේ නෑ. ඒත් අයියේ මට මේවා කියන්න වෙන කව්රුවත් නෑ.’’
‘‘මට නං ඔයා කතාකරන එක වදයක් නෙවේ. ඒත් නංගී ඔයා අ`ඩන්නේ නැතිය වෙච්ච දේ කියන්නකෝ...’’
‘‘අනේ අයියේ අදත් අරූ මාත් එක්ක රණ්ඩු වුණා’’
‘‘කව්ද නංගී අරූ කීවේ. මිහිරද?’’
‘‘ඔව් අයියේ’’
‘‘ඉතින් මොකද ඔයා හැමදාම එයත් එක්ක රණ්ඩු කරන්නේ’’
‘‘අනේ මම දන්නේ නෑ අයියේ. ඌට වැඩට ගියාම මාව මතක් වෙන්නේ නෑ. අද උදේ ඉදලා කතා කරලත් ෆෝන් එක ආන්සර් කළේ නෑ. පස්සෙ මට තරහ ගිහිල්ලා මම බැන්නා. ෆෝන එකත් එක්ක පොළොවෙ ගැහුවා’’
‘‘ඉතින් නංගී ඔය දෙන්න රණ්ඩු කළා කියලා ෆෝන් එක පොළොවෙ ගහල වැඩක් නෑනේ. අනික එයාට දවල්ට කොල් ගන්න බැරුව ඇති. ඒකනේ එයා ආන්සර් කළේ නැත්තේ. ඔකට රණ්ඩු වෙලා හරියන්නේ නෑනේ. අනික බලන්න ඔය කීවෙනි ෆෝන් එකද ඔයා පොළොවෙ ගැහුවේ. අර කතාවක් තියෙනවනේ ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා. ඒ නිසා පුළුවන් තරම් ඉවසන්න. ‘ඉවසනු දනා රුපු යුදයට ජය කොඩිය’’
‘‘අනේ මම දන්නේ නෑ අයියේ. මට නං දැන් ඌ එපා වෙලා තියෙන්නේ’’
‘‘ඔයාලා ඔහොම හැමදාම රණ්ඩු වෙලා හරියන්නෙ නෑනේ. ඕකෙන් වෙන්නේ ඔයා විභාගෙන් ෆේල් වීම විතරයි. ඒ නිසා දැන් පුළුවන් තරම් ඕව අමතක කරල දාන්න. බලන්නකො ඔයාගේ අම්ම මොන තරම් දුක්වි`දිනවද කියලා ඔයා වෙනුවෙන්. ඒක හරි හිතට ගන්න’’
මාලනී හා මිහිර අතර රණ්ඩු වීම මේවන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණි. එය ඔවුන් දෙදෙනාට පමණක් නොව මාලනීගේ අම්මාටද සාමාන්‍ය දෙයක් විය. හැමදාව මාලනී මිහිර සම`ග රණ්ඩු වී නිදාගත් පසු පසුවදා උදෙන්ම ඇගේ අම්මා ඇයගේ බත්පත විසිකරයි. මිහිර සම`ග රණ්ඩු වූ පසු මාලනී කවදාවත් ?ට බත් කන්නේ නැත.