Thursday, December 12, 2013
අත්තාණි පරිහාර යනු?
අත්තාණි පරිහාර යනු?
මානවයා සම්භවය වී කෙමෙන් කෙමෙන් වසර ගණනාවක් ගතවන විට අදහස් උදහස් සන්නිවේදනයේ පහසුව තකා මානව භාෂාව නිර්මාණය විය. වාග්විද්‍යානුකූලව පර්යේෂණ කිරීමේදී පසක් වන්නේ මුලින් භාෂණ ක‍්‍රියාවලිය බිහි වූ බවත් ඉන්පසු ලේඛන ක‍්‍රියාවලිය සහ අක්‍ෂර මාලාව බිහි වූ බවත්ය. භාෂාවෙහි දක්නට ලැබෙන අක්‍ෂර, මානව සංහතියේ අසහාය නිර්මාණයක් වශයෙන් හැඳින්විය හැකිය. ඒ අනුව මානව භාෂාව සංකේතානුසාරයෙන් සන්නිවේදනය කිරීමේදී අක්‍ෂර බිහි වූ බව දැක්විය හැකිය.
‘‘වර්ණයකින් හ`ගවන උච්චාරණය කෙරෙන ශබ්දය මෙන්ම එම ශබ්දය හ`ගවන සංකේතයටද අක්‍ෂර යන නම භාවිත කරයි.’’
‘‘ශිෂ්ට මනුෂ්‍ය වග_ අතර ව්‍යවහාර වන භාෂාවන්ගේ හෝඩිවල වර්ණ අක්‍ෂර හෙවත් අකුරු වේ.’’
ලේඛන ක‍්‍රියාවලිය අප අද ඉතා පහසුවෙන් හුරුපුරුදු ලෙස හැසිරවීම් කළද එය බොහෝ අතීතයක පටන් ඉතාමත් සෙමෙන් බාධක මැද විකාශය වූවකි. අතීතයේ මානවයා එම අක්‍ෂර පර්වත, සත්ව හම්, ගස්වල පොතු, පත‍්‍ර මත (තල් කොළ*, ලෝහ තහඩු මත, ගල් මත, මැටි පුවරු මත සටහන් කළේය. පුරාවිද්‍යානුකූලව එම වස්තු අභිලේඛන යන නාමයෙන් හඳුන්වයි.
පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට ලක්දිව නන්දෙසින් හමු වූ ශිලාලේඛන සංඛ්‍යාව 4000ක් පමණ වේ. ‘‘මෙම සියල්ල, පිහිටි තැන් අනුව පහකට බෙදිය හැකිය.
01. ලෙන් ලිපි 04. පුවරු ලිපි
02. ගිරි ලිපි 05. වෙනත් ලිපි
03. ටැම් ලිපි
යනුවෙනි. ගුහා ලිපි, පර්වත ලිපි, ස්ථම්භ ලිපි, පදර ලිපි කියාද සමහරු බෙදති.’’ මෙම වර්ගීකරණය තුළ අපගේ අවධානය යොමු වන්නේ ටැම් ලිපි සම්බන්ධයෙන්ය. මන්ද යත්, මෙම නිබන්ධය මත අපගේ විහගාක්‍ෂිය යොමු වන්නේ ටැම් ලිපි ගණයට අයත් වන අත්තාණි පරිහාර කණු සම්බන්ධයෙන්ය. එහිදී ප‍්‍රථමයෙන්ම අත්තාණි පරිහාර යනු කුමක්දැයි වටහාගත යුතුය.
අත්තාණි පරිහාර යන වචනය ලක්දිව වාක්කෝෂය මත උපත ලබන්නනේ නවවන, දසවන, එකළොස්වන ශතවර්ෂවල සිටය. ඒ බැව් ලක්දිව පැරණි අභිලේඛන අධ්‍යයනය කිරීමේදී මොනවට පසක් වේ. ඒ සඳහා පැරණිතම මූලාශ‍්‍රයන් අනුරාධපුර යුගයේ සාක්‍ෂි සැපයුවද, ඊට පෙර සිටම ලක්දිව අත්තාණි පරිහාර ගණයට අයත් ලිපිලේඛන පැවති බවට විශ්වාස කළ හැකිය.
අත්තාණි පරිහාර යන වචනය කෙලෙස නිර්මාණය වූයේ දැයි අප විමර්ශනය කළ යුතු කාරණයකි. ඒ සම්බන්ධයෙන් නිරුක්ති කිහිපයක් ඉදිරිපත් වී ඇත. ‘‘අත්තාණි පරිහාර යන්නෙන් සභාව හෙවත් රැුස්වීම යන්න අදහස් කරන බව ඞී. ඇම්. වික‍්‍රමසිංහ මහතා පවසයි. මෙය සංස්කෘත ‘ආස්ථාන’ යන වචනය ප‍්‍රභව කොට ඇතැයි ඒ මහතා උපකල්පනය කරයි.’’
ආස්ථාන - අත්තාන - අත්තාණි
උක්ත මතයට අනුව ‘අත්තාණි කණු’ යනු සභාවක් ම`ගින් පිහිටුවන ලද කණු විශේෂයක් විය යුතුය. ‘‘මැදඋල්පත සෙල්ලිපියෙහි සඳහන් වන ‘‘අත්තාණි හල’’ යන්නෙන් අදහස් කරනුයේ ‘සභාශාලාව’ බව මේ අනුව සලකන විට පෙනේ.’’ අත්තාණි යන්න සභාව යන අරුත් ලබා දේ නම් ඒ සභාව කවරාකාරයේ සභාවක්ද යන්න විමසිය යුත්තකි. යමක් නීත්‍යනුකූලව සභාවක නියමය මත කණුවක සටහන් කරන්නේ නම් එම සභාව රාජකීය සභාවක් විය යුතුය. ඒ අනුව රජුගේ අනුමැතිය මත රාජසභාව ම`ගින් පිහිටුවන ලද කණු අත්තාණි කණු නමින් හඳුන්වන්නට ඇත.
එවැනි මතයක් වික‍්‍රමසිංහ මහතා දැරුවද ඊට ප‍්‍රතිවිරුද්ධ මතයක් පරණවිතාන මහතා මේ සම්බන්ධයෙන් දරයි. එනම් ‘‘අත්තාණි යන්න සංස්කෘත අ+ත‍්‍රාණ යන්නෙන් සිංහලට බිඳී ආ වචනයක් බවද එහි අදහස ‘අභය’ හෝ ‘ආරක්‍ෂාව’ යන්න බව පරණවිතාන මහතා පවසයි.’’ එසේම පරණවිතාන මහතා නගන ප‍්‍රශ්නය නම් සංස්කෘත ‘ආස්ථාන’ පදයෙන් බිඳී පැමිණියේ නම් සිංහල ‘අත්තාණි’ යන්නෙහි මූර්ධජ ‘ණ’ කාරයක් පැමිණිය නොහැකි බවය. එහෙත් මේ සමයෙහි දසවෙනි සියවස තුළ මූර්ධජ ‘ණ’ කාරයට දන්තජ ‘න’ කාරය පැමිණවීම සහ දන්තජ ‘න’ කාරයට මූර්ධජ ‘ණ’ පැමිණවීම බහුලව යෙදී ඇති බවයි. උදාහරණ වශයෙන්
‘‘ආස්ථානි අත්තාණි
උල්ලංඝන උලඝණ
‘ණ’ කාරයට දන්තජ ‘න’ කාරය පැමිණවීම
විෂාණින් විංශනි
ප‍්‍රසාරණ පවරන’’
මෙම මතය විමර්ශනාත්මකව බැලීමේදී වික‍්‍රමසිංහ මහතාගේ මතය වඩාත් තර්කානුකූල වන බව සුවිශද වේ. එසේම පර්හාර යන වචනයේද නිරුක්තිය මෙහිදී සොයා බැලිය යුතුය. එය
සංස්කෘත - පරි-හෘඤ් එනම් පරාණ + ධඤ් ධාතුවෙන් නිෂ්පාදනය වී ඇත.
පාලි - පරි- හර ධාතුවෙන් සෑදී ඇත.
ඒ අනුව පරිහාර යන්නට පාලියෙන් සිංහලයට තත්භව වී ඇති බව ඉන් සුපැහැදිලි වේ. ‘‘පරිහාර යන්න විශේෂ වරප‍්‍රසාද ප‍්‍රදානය කිරීම බව නිර්වචනයේදී විස්තර වේ.’’
පරිහාර ඝ පෙරහැර්
මෙම වචනය එම කාලයේ අභිලේඛන අධ්‍යයනයේදී බහුලව භාවිත වූ බව පෙනේ. ‘‘නවවන, දසවන සියවස්හි කොටන ලද සෙල්ලිපිවල මෙම වචනය පෙරහැර්, පැරුහැර්, පෙරුහැර්, පැරහැර්, පෙරහැර, පර්හර්, බැරහෙර, පැරහර් ආදි වශයෙන් භාවිත වී ඇත.’’ ඒ අනුව පරිහාර යන්න විශේෂ වරප‍්‍රසාද ප‍්‍රදානය කිරීම, ගෞරව දැක්වීම, යන අරුත් ලබා දෙයි. එම වචනයේ අරුත් තත්ත්වාකාරයෙන්ම සුමටවන අන්දමින් පාලි සිංහල - ශබ්ද කෝෂයේ මෙලෙස විස්තර කර ඇත. ‘‘පරිහාර යන්යෙහි ගෞරව දැක්වීම, උදාරතාව, බහුමාන, කීර්තිය, සත්කාරය, විශේෂ අයිතිවාසිකම, බලපුලූවන්කාරකම, නිදහස, තාන්න මාන්න පවරාදීම හා පූජාව වැනි විවිධ අර්ථ ශබ්ද ඇත.’’ මෙම නිදර්ශන ම`ගින් ‘පරිහාර’ යන්නෙහි අර්ථය කවරේදැයි වටහා ගත හැකිය. එහෙත් පරිහාර යන්න අර්ථ බාහුල්‍යකින් සමන්විත බව එහි ගැඹුරට කි\ බැස විමර්ශනය කිරීමේදී අවබෝධ වේ.
‘‘පාලි අභිධානප්පදීපිකාවට අනුව වජ්ජනෙ - අත්හැරීම, සක්කරෝ - සත්කාරය, රක්‍ඛනේ- රක්‍ෂා කිරීම යන අරුත් සැපයේ.
පරිහාර යන්න අත්හැරීමේ වචනාර්ථයේ යෙදීම.
සත්කාර සම්මානාර්ථයේ යෙදීම. (රජතුමා පෙරහරින් වඩිති.*’’
මේ හැරුණු කොට අත්තාණි කණු වෙනත් තැන්වල (ව්‍යවස්ථා, ලිපිවල* පරිහාර යන වචනය යෙ¥ බව සෙල්ලිපි විමර්ශනයේදී විද්‍යමාන වේ.
‘‘මේ සම්මත් පෙරහැර (කපුරුවැඩු ඔය ලිපිය*
තමන් තමන් කලෙහි වැටෙන ම`ගුලව ම`ගුල වලන්දිනා පැරහැර...’’
‘‘... පඩිමහාසාවද්දයෙහි පහළ කැමියන්දා පෙරහැර් නොකරනු ඉසා...’’
පරිහාර යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද වග මෙම`ගින් වටහා ගත හැකිය. අවසන මේ සියලූ දත්ත විමසීමේදී ‘‘කිසියම් රජෙකු හෝ රජයේ උසස් නිලධාරියෙකු විසින් කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට රාජසභාවේ අනුමැතිය සහිතව ප‍්‍රදානය කරන ලද විශේෂ බලතල, අයිතිවාසිකම්, නිදහස්කම් හා වරප‍්‍රසාද අත්තාණි පරිහාර යනුවෙන් හැඳින්විය හැකිය. (ෂපපමබසඑසැි ්බා චරසඩසකකැටැි*’’
අත්තාණි පරිහාර සංකල්පයේ ආරම්භය
අත්තාණි පරිහාර දීමනාව ලක්දිව කිනම් දිනයක පටන් ඇරඹුණේදැයි නිශ්චිතව උපකල්පනය කළ නොහැකිය. යථෝක්ත මාතෘකාවේ සඳහන් අන්දමට අත්තාණි පරිහාර ලේඛන නවවෙනි, දසවෙනි සියවස්හි ඇරඹුණු බවට ලිඛිත සාක්‍ෂි සැපයේ. එහෙත් මෙම අත්තාණි පරිහාර දීමනාවේ ආරම්භය කෙදිනක සිදු වුණේදැයි පැවසිය නොහැකිය. ලක්දිව සැම කාරණාවකටම භාරතීය සෙවණැල්ල වැටී ඇත්තා සේම, මෙම අත්තාණි පරිහාර ලේඛන සඳහාද භාරතීය ආභාසය නිබඳව හේතු කාරණා වන්නට ඇත. එම කාරණා කිහිපක් මෙලෙස කෙටියෙන් දැක්විය හැකිය.
‘‘රජු විසින් තම වැසියන්ට ‘පරිහාර’ දිය යුතු බව කෞටිල්‍යගේ අර්ථ ශාස්ත‍්‍රයේ සඳහන් වීම.’’
‘‘භාරතයේ භාවිත වූ බ‍්‍රහ්මදෙය්‍ය දීමනාව පරිහාර ක‍්‍රමයක් ලෙස ගත හැකිය’’
බෞද්ධ රජවරු ආරාම කරවා හිමිවරුන්ට පරිහාර ලෙස ප‍්‍රදානය කිරිම.
ආදි උපහරණ අත්තාණි පරිහාර ක‍්‍රමය ඇරඹීමේ මූලික අවස්ථා ලෙස පෙන්වා දිය හැකිය. මෙම උපහරණ සියල්ල දක්නට ලැබෙන්නේ භාරතයේය. ඒ අනුව එම භාරතීය ආභාසය මහින්දාගමනයත් සමග ලක්දිව ස්ථාපිත වන්නට ඇත. ලක්දිව අත්තාණි පරිහාර සංකල්ප උත්පාදනය වන්නේ එවැනි පරිසරයක් තුළය.
ලක්දිව සෙල්ලිපි පිළිබඳ අධ්‍යයනයේදී අත්තාණි පරිහාර ලේඛන තුළ ඇති වැදගත්කම
ගස්, ගල්, පොතු, හම්, පත‍්‍ර, තහඩු මත ශේෂ වූ පුරාවිද්‍යාත්මක සාධක අභිලේඛන ලෙස හැඳින්වීය. ඓතිහාසික තොරතුරු විමර්ශනය කිරීමේදී නිවැරදි තතු හා නිගමනවලට එළඹීමේදී එම අභිලේඛන මහ`ගු පිටුවහලකි. පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට දැනට ලක්දිව සෙල්ලිපි හාරදහසක් පමණ සොයාගෙන ඇත. එම සියලූ ලේඛනයන් කොටස් පහක විභේදනයකට ලක් කළ හැකි බව අප විසින් ඉහතදී දක්වන ලදි. එම ප‍්‍රභේදයන්හි ටැම් ලිපි තුළ දක්නට ලැබෙන එක් ශාඛාවක් ලෙස අත්තාණි පරිහාර ලේඛන දැක්විය හැකිය. ඒ අනුව සෙල්ලිපි තුළ දක්නට ලැබෙන ටැම් ලිපිවල එක් අංගයක් ලෙස අත්තාණි පරිහාර ලේඛන දැක්විය හැකිය.
අභිලේඛන
සෙල්ලිපි
ටැම්ලිපි
අත්තාණි පරිහාර ලිපි
යනුවෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය. ඒ අනුව ලක්දිව සෙල්ලිපි සම්න්ධයෙන් කරුණු විමර්ශනය කිරීමේදී සුවිශේෂී කරුණු රැුසක් හෙළි කරන මංපෙතක් ලෙස අත්තාණි පරිහාර ලේඛන පෙන්වා දිය හැකිය. සෙල්ලිපි හා බද්ධ වන, සමීප වන, නෑකම් කියන අත්තාණි පරිහාර ලේඛන තුළ සෙල්ලිපි හා සම්බන්ධ බොහෝ කරුණු රාශියක් අන්තර්ගතය. එසේ වැදගත්වන කාරණා මෙවැනි මාතෘකා ඔස්සේ විග‍්‍රහ කළ හැකිය.
x අත්තාණි පරිහාර ලේඛන සඳහා භාවිත ලිපි ද්‍රව්‍ය
x අත්තාණි පරිහාර ලේඛන කණුවල ස්වභාවය හා ආකෘතිය
x අත්තාණි පරිහාර ලේඛන ම`ගින් හෙළිවන දායක ප‍්‍රතිග‍්‍රාහක කාරණා
x අත්තාණි පරිහාර කණුවල භාෂාව
x අත්තාණි පරිහාර ලේඛනවල අක්‍ෂර මාලාව
x අත්තාණි පරිහාර ලේඛනවලින් හෙළිවන ඓතිහාසික තොරතුරු
උක්ත ධාරණාවන් එකින් එක විස්තර කිරීමේදී සෙල්ලිපි අධ්‍යයනයේදී අත්තාණි පරිහාර ලේඛන තුළ ඇති වැදගත්කම මොනවට පළට වේ.
x අත්තාණි පරිහාර ලේඛන සඳහා භාවිත ලිපි ද්‍රව්‍ය
පුරාතන මිනිසා යම් යම් දේ ලිඛිතව සටහන් කිරිමේදී කල් පවතින අන්දමේ ද්‍රව්‍යවල ලේඛනගත කළ යුතුය. ඒ බැව් ශිලාලේඛන අධ්‍යයනය කිරීමේදී විද්‍යමාන කිරීමේදී විද්‍යමාන වන ගාමක සාධකයකි. පුරාණ භාරතීය ජනයා ලිපිලේඛන සඳහා ‘‘භූර්ජපත‍්‍ර, රෙදි වර්ග, හම් වර්ග, ලෝහමය වර්ග, උණ පතුරු හා මැටි ඵලක යොදාගත් බව පෙනේ. තල් කොළ හා ශිලාලේඛන බහුලව භාවිතයේ පැවති බව පෙනේ.’’ ලක්දිව භාවිත වී ඇත්තේද මෙවැනි ලේඛන ද්‍රව්‍යයන්මය. මෙහිදී අප විමසිය යුතු කාරණාවකි. අත්තාණි පරිහාර ලේඛන සටහන් කර ඇති ලේඛන, ද්‍රව්‍ය අනුව කොටස් කිහිපයකට බෙදිය හැකිය.
x ‘‘පරිහාර ගණයට අයත් ශිලාලේඛන
x පරිහාර ගණයට අයති තඹ සන්නස්
x පරිහාර ගණයට අයත් තුඩපත් සන්නස්’’
උක්ත කාරණා තුනෙන් පළමුවැන්නට අනුව අතතාණි පරිහාර ලේඛන ශිලාලේඛනවල රචනා කර ඇති බව ස්ඵුට වේ. ඒ සඳහා බෙහෝ සෙයින් හේතු සාධක වී ඇත්තේ බෙහෝ කාලයක් පවත්වා ගැනීමයි. එනම් යමක් ප‍්‍රදානය කිරීමේදී ඉර - හඳ තිබෙන තුරාවට පිදෙන නිසාවෙන් එම ප‍්‍රකාශය බොහෝ කාලයක් පැවැත්වීමේ අවශ්‍යතාව සලකා ශිලා පුවරුවල රචනා කරන්නට ඇත. ‘‘ලක්දිව ගල්වල සටහන් පරිහාර ලේඛන පර්වත ලිපි, පුවරු ලිපි, ටැම් ලිපි වශයෙන් සකස් වී ඇත. පරිහාර ප‍්‍රදානය ආරම්භක අවදියේ බහුලව ටැම්ලිපි භාවිත විය. පරිහාර ලේඛනවල සඳහන්වන අත්තාණි කණු ‘පෙරහැර්’ යන වදනින් ඒ බව පැහැදිලි වේ. මන්නාරම, මොරගොඩ වැනි බොහෝ ලේඛන මේ ටැම් ලිපි ගණයට අයත්ය.
ඒ අනුව බෙහෝ අත්තාණි පරිහාර ලිපි දක්නට ලැබෙන්නේ ටැම් ලිපි ගණයෙහිලාය. ‘‘ඒවා ශිලාමය ස්ථම්භ සකසා ඉරිගසා ලේඛනයට සුදුසු පරිදි සතර පැත්තටම යොදා ගත් බව පෙනේ.’’ පරිහාර ප‍්‍රදානයේදී තඹ සන්නස්ද දක්නට ලැබේ. එම සන්නස් තඹ හෝ තල් කොළ මගින් නිරිමාණය කළ හැකිය. ‘‘දැනට විද්‍යමාන පැරණිතම තඹ සන්නසක් ලෙස හැඳින්විය හැක්කේ පනාක`ඩුව තඹ සන්නසයි.’’ ඉන්පසුව සන්නස් ම`ගින් ගම්වර දීමනා බහුලව සිදු කොට ඇති හෙයින් ‘‘සන්නස් යන්න පරිහාර දීමනා වශයෙන් පිළිගැනීමට ඉතිහාසඥයෝ මැලි වෙති. ‘‘පරිහාර ප‍්‍රදානය යම් තරමකින් හෝ ඇතුළත් සන්නසක් ලෙස ඔරුවල සන්නස සහ වේරගම බෝධිනාක සන්නස ඉතා වැදගත්ය.’’
පරිහාර ප‍්‍රදානයන් සඳහා තුඩපත්ද යොදාගෙන ඇත. තුඩපත්වල ඇති විශේෂත්වය වන්නේ තුඩපත් රජතුමාගේ නියෝගය මත අධිකාරම්තුමා විසින් පවරා දීමයි. ‘‘පරිහාර ප‍්‍රදානයක ලක්‍ෂණ ගැබ් කරගත් තුජපතක් ලෙස පල්ලේබැද්ද ගම්වරය සඳහා කරතොට ධම්මාරාම හිමියන් ලත් ලේඛනය ඉතා වැදගත්ය.’’ යථෝක්ත කරුණු ම`ගින් අත්තාණි පරිහාර ලිපි සඳහා භාවිත වූ ලිපි ද්‍රව්‍ය මොනවාදැයි විද්‍යමාන වේ. එසේම සෙල්ලිපි අධ්‍යයනයේදී අත්තාණි පරිහාර ප‍්‍රදානයන් සටහන් වී ඇත්තේ කුමන ද්‍රව්‍ය තුළද යන්න ඉන් පසක් වේ.
x අත්තාණි පරිහාර ලේඛන කණුවල ස්වභාවය හා ආකෘතිය
අත්තාණි පරිහාර ලිපිවල ආකෘතිය හා ස්වභාවය පිළිබඳ අවධානය යොමු කිරීමේදී අනෙකුත් ලේඛනයන් වෙනස් වන සුවිශේෂී විවිධත්වයක් මේ තුළ ගැබ්ව ඇති බව ස්ඵුට වේ. මෙහි ඇති වැදගත් කම වන්නේ එම සුවිශේෂත්වය සැම ලිපියකම එලෙසින්ම නොනැසී පැවතීමයි. ‘‘මේ ආකෘතිය දිගින් දිගටම අනුරාධපුර යුගයේ පරිහාර ලේඛනවල භාවිත වීම නිසා වඩාත් සම්භාවනාවට පත් වූයේ, සෙල්ලිපි ලේඛකයන්ද බෙහෙවින් මේ ආකෘතියට කැමති වූවා විය හැකිය. අත්තාණි පරිහාර ලිපි රචනය විකාශනය වීමේදී එහි රජවරුන්ගේ ප‍්‍රශස්ති නොඅඩුව ඇතුළත් වූ නිසාවෙන් මුල් කාලීනව ඉතා සරල ස්වරූපයකින් යුක්ත වූ අත්තාණි පරිහාර ලිපි පසුකාලීනව ඉතා සංකීර්ණත්වයකට පත්විය. මෙහි ඇති ආකෘතිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ‘‘නීලකණඨී මහතා පවසසන්නේ භාරතීය ආභාසය මේ තුළ තිබුණද, ඇතැම් ස්වාධීන ලක්‍ෂණද මෙහි සමන්විත වන බවය.’’ අත්තාණි පරිහාර ලිපිවල ස්වරූපය වන්නේ ‘‘පරිහාර ලබන්නා හෝ ආයතනය ඉතා කෙටියෙන් නම් කිරීම පමණක් දක්නට ලැබෙන්නා සේම දායකයාගේ නමද ඉතා කෙටියෙන් පමණක් සඳහන් වේ.
සෙන් මහ ලැණන් තුමන් මෑණියන් නැමියන් නම් දී කොට් කරන ලද් නැල් අරම් (මෙහෙණි* වර්හි තුමන් තුබුවත් සිරිත්...’’
මෙම ස්වරූපය බොහෝ සෙල්ලිපි තුළද දක්නට ලැබේ. සෙල්ලිපි අධ්‍යයනයේදී අත්තාණි පරිහාර ලිපිවල අතර සාම්‍යතාද මෙලෙස ප‍්‍රකට වේ. මීට අමතරව අත්තාණි පරිහාර ලිපිවල තුළ දක්නට ලැබෙන ආකෘතික ලක්‍ෂණ හා ස්වභාවය මෙලෙස කෙටියෙන් පෙන්වා දිය හැකිය.
භාරතීය පරිහාර ලේඛනවල සීමා පිහිටුවද ලක්දිව බහුලව එලෙස සටහන් නොකිරීම.
පරිහාර ඉඩම්වලින් බදු අය කිරීමෙන් වැළකීම.
පරිහාර ලේඛන අභයස්ථාන ලෙස නම් කිරීම.
පරිහාර ප‍්‍රදානයන් සඳහා අණලත් නිලධාරීන් පිළිබඳ නාම ලේඛනයක් මුල සහ අග දැක්වීම.
ආඥා උල්ලංඝණය කරන්නවුන්ට ශාප කිරීම.
‘ආරෝග්‍ය සිද්ධි’ වැනි ආශිර්වාද වාචී පද දක්නට ලැබිම.
රාජ්‍ය මුද්‍රාව තැබූ ලිපි ඇතැම් විට අක්නට ලැබීම.
ඉහත සඳහන් කරණු සැම පරිහාර ලිපියකම දක්නට නොලැබුණද බොහෝ පරිහාර ලිපිවල දක්නට ලැබේ. සෙල්ලිපි තුළ අත්තාණි පරිහාර ලිපි වෙනම හඳුනාගැනීමට මෙවැනි අකෘතිය හා ස්වභාවය වැදගත්ය.
x අත්තාණි පරිහාර ලේඛන ම`ගින් හෙළිවන දායක ප‍්‍රතිග‍්‍රාහක කාරණා
අත්තාණි පරිහාර කණු විමර්ශනාත්මකව බැලීමේදී එම ප‍්‍රදානයන් සඳහා රටේ ප‍්‍රධානියා හෙවත් රජතුමා මූලිකව කටයුතු කළ බව ප‍්‍රකට වේ. මීට අමතරව රජුගේ අනුමැතිය ඇතිව ඒ සඳහා ක‍්‍රියා කළ නිලධාරි මණ්ඩලයක් සිමි අතර ඊට අමතරව වෙනත් නිලධාරීන්ට සිත් සේ ක‍්‍රියා කිරීමට ඉඩ නොලැබුණි. එහෙත් ‘‘විද්‍යමාන බොහෝ පරිහාර ලේඛනවල සඳහන්ව ඇත්තේ රජුගේ ආඥාවෙන් රජු වැඳ වදාළ හෙයින් පරිහාර ප‍්‍රධාන කළ බවයි.’’ මීට අමතරව පරිහාර ප‍්‍රතිග‍්‍රාහක පිරිස මෙලෙස වෙන් වෙන් වශයෙන් අවබෝධයේ පහසුවේ තකා දැක්විය හැකිය.
ආගමික ආයතන
රාජ්‍ය නිලධාරීන්
ගම් බිම් හා රාජ්‍යපාක්‍ෂිකත්වයට ලක් වූ නිලධාරීනි
සමාජ සුබ සාධන ආයතන
විශේෂ දක්‍ෂතා ඇතියවුන්
සෙල්ලිපි පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අත්තාණි පරිහාර තුළ දායක ප‍්‍රතිග‍්‍රාහක කාරණා දිස්වන්නේ එලෙසිනි.
x අත්තාණි පරිහාර කණුවල භාෂාව
ඕනෑම ලේඛනයක් නිවැරදිව වටහා ගැනීමට නම් එම භාෂාව සම්බන්ධයෙන් දැනුමක් තිබිය යුතුය. අප කතා කරන සිංහල භාෂාව වුවද, මීට වසර සිය දහස් ගණනාවකට පෙර පැවතියේ වෙනස් අන්දමකින්ය. එම භාෂාව කෙමෙන් කෙමෙන් විකාශනය වී වත්මන සුවිශේෂී භාෂාවක් බවට පත්ව ඇත. පුරාතන භාෂාව වටහා ගැනීමට අප ඒ භාෂාව සම්බන්ධයෙන් දැනුමක් තිබිය යුතුය. උදාහරණ වශයෙන් සෙල්ලිපි කියවීමේදී එම අක්‍ෂර මාලාව සම්බන්ධයෙන් අවබෝධයක් පැවතිය යුතුය. අත්තාණි පරිහාර ලේඛනද ඒහා සමානය. සිංහල භාෂාවේ පරිණාමය සිංහල ශබ්දකෝෂය දක්වන්නේ මෙලෙසිනි.
‘‘01. සිංහල ප‍්‍රාකෘත අවධිය (ක‍්‍රි:පූ: 2 සිට 3-4 දක්වා*
02. පුරාතන සිංහල අවධිය (ක‍්‍රි:ව: 4-8 වර්ෂයතෙක්*
03. මධ්‍යතන සිංහල අවධිය (ක‍්‍රි:ව: 8-13 ශතවර්ෂයේ මෑත තෙක්*
04. නූතන සිංහල අවධිය (ක‍්‍රි:ව: 1-8 වර්තමානය දක්වා*’’
හේමපාල විජේවර්ධන මහතා පවසන්නේ වෙනත් අදහසකි.
‘‘01. පුරාතන අවධිය (ක‍්‍රි:පූ: 2 සිට ක‍්‍රි:ව: තෙක්*
02. මධ්‍යතන අවධිය (ක‍්‍රි:ව: 4-8 තෙක්*
03. නූතන අවධිය (ක‍්‍රි:ව: 8 අනුරාධපුරයේ අවසානය තෙක්*’’
මෙම විභේදනයන්ට අත්තාණි පරිහාර කණුවල සටහන්ව ඇති භාෂාව සිංහල ශබ්දකෝෂයට අනුව මධ්‍යතන සිංහල අවදියටත්, හේමපාල විජේවර්ධන මහතාට අනුව නූතන අවදියටත් අයත් බව පෙනේ. මෙම කාල පරාසය සිංහල භාෂාවේ විවිධ විපර්යාසයන්ට බඳුන් වූ යුගයකි. ‘‘සම්පූර්ණයෙන්ම ප‍්‍රාකෘත භාෂා ලක්‍ෂණයන්ගෙන් විනිර්මුක්ත වී සිංහල භාෂාවට හැඩ ගැසී ආ යුගයකි.’’ ඒ අනුව භාෂාව සම්බන්ධයෙන් තතු විමසීමට අත්තාණි පරිහාර කණු මහ`ගු පිටුවහලක් වනු ඇත. එම යුගයේ අත්තාණි පරිහාර කණුවල ඇති භාෂා ලක්‍ෂණ කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.
‘‘ප‍්‍රාකෘත භාෂා ලක්‍ෂණයන්ගෙන් මිදී සිංහල භාෂා ලක්‍ෂණයන්ට හැඩ ගැසීම
භාෂාව වර්තමාන සිංහල භාෂාව හා සාම්‍යත්වයක් ඉසිලීම
‘ඇ’ කාරය නිත්‍ය වශයෙන් භාෂාවට ඇතුළුවීම
අර්ධ අනුනාසික අක්‍ෂර භාවිතට පැමිණීම
හල් අකුරු ශබ්ද බහුලව භාවිත වීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය සංකේතයක් යෙදුණේද මේ අවදියේය
මූලභාෂාවල ස්වර සංක්‍ෂිප්ත වී සැදෙන දීර්ඝ ස්වර මේ යුගයේදී භාවිතයට පැමිණේ. (ලිඛිත, ලිති, ලී*
ස්වර පූර්වරූප හා පරරූප වීමෙන් ඇතිවන ස්වර සාම්‍යයද මේ යුගයේ ප‍්‍රකටය. (සරිත්ත, සිරිත්*
ව්‍යඤ්ජන පරිණාමය (‘ජ’ ‘ද’ වීම, - ‘ද’ ‘ජ’ වීම*
ස්වර මධ්‍යවර්තී කේවල කණ්ඨජ හා දන්තජ අක්‍ෂර ලොප් වී යාම
සිංහල භාෂාවට බහුලව දෙමළ ආභාසය ලැබීම ’’
භාෂා ලක්‍ෂණ බහුලව දක්නට ලැබෙන අත්තාණි පරිහාර කණුවල රචනා ශෛලිය සුවිශේෂය. මන්ද යත්, එය ආඥාවක ස්වරූපයෙන් කෙටි වැකි යොදා ගනිමින් රචනා කර ඇති අතර, රජුගේ ප‍්‍රශස්ති කාරණා ගැඹුරු වදනින් උපමා යොදා ගනිමින් ගෞරවාන්විතව රචනා කර ඇති අතර කෙටි වැකි භාවිත කර ඇති හෙයින් එක දිගට කියාගෙන යා හැකිය. මෙම`ගින් අත්තාණි පරිහාර කණුවල භාෂාව කෙලෙස සැදුම් ලද්දේදැයි වටහා ගත හැකිය.
x අත්තාණි පරිහාර ලේඛනවල අක්‍ෂර මාලාව
ලක්දිව අක්‍ෂර මාලාව සැකසීමේදී භාරතීය ආභාසය නිරන්තරයෙන්ම ලැබී ඇත. ක‍්‍රි:පූ: තුන්වන සියවසයේදී සෙල්ලිපිවල අක්‍ෂර මාලාව විමසීමේදී එම අක්‍ෂර ඉන්දියාවේ අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර හා බෙහෙවින් සමාන බව පැහැදිලි වේ. ‘‘පොදුවේ ගත්කල අශෝක බ‍්‍රාහ්මීය අක්‍ෂර හා ලංකාවේ බ‍්‍රාහ්මීය ශිලාලේඛනවල එන බ‍්‍රාහ්මීය අක්‍ෂර අතර දැඩි සාම්‍යයක් පවතී. එහෙත් මෙම සාම්‍ය ඉ, ම, ය, ශ, යන අක්‍ෂරවල දක්නට නැත.’’ අත්තාණි පරිහාර ලිපි අපට හමවන්නේ නවවන සියවසෙන් පසුවය. ඒ අනුව අත්තාණි පරිහාර ලේඛනවල දක්නට ලැබෙන්නේ බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්හි දිගුවකි. එම අක්‍ෂර මෙම කාලය වන විට කෙමෙන් කෙමෙන් විකාශනය වී අක්‍ෂරවල වටකුරු ස්වභාවක් උසුලා ඇත. අත්තාණි පරිහාර ලේඛනවල සහ අනෙක් ලේඛනවල අක්‍ෂරමාලාවෙහි සංදිග්ධතා, විෂමතා දක්නට නොලැබේ. මන්ද යත්, එකල භාවිත වූ බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්හි දිගුවක් සමස්ත සමාජයේම එක ලෙස භාවිත වී ඇත. මෙහිදී මුල් කාලීන සිංහල බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ට වඩා වර්ධනීය අවස්ථාවක් ලෙස මෙම යුගය දැක්විය හැකිය. ඒ අනුව
ස්වර පරිණාමය
ව්‍යඤ්ජන පරිණාමය
ස්වරාරූඪ ව්‍යඤ්ජනාක්‍ෂර භාවිත වීම
සංයුක්තාක්‍ෂර භාවිතය
විරාම භාවිතය
විවිධ සංකේත භාවිතය
නිදසුන් ලෙස දැක්විය හැකිය.
x අත්තාණි පරිහාර ලේඛනවලින් හෙළිවන ඓතිහාසික තොරතුරු
සෙල්ලිපි අධ්‍යයනයේදී අත්තාණි පරිහාර ලේඛනවල පැණෙන තවත් වැගත්කමක් ලෙස එමගින් හෙළිවන ඓතිහාසික තොරතුරු දැක්විය හැකිය. ‘‘නවවැනි, දසවෙනි සියවස්වල පැවති දේශපාලන හා ආර්ථික සංස්ථා පිළිබඳව කරන සමීක්‍ෂණයකදී වංසකතා වැනි ඓතිහාසික මූලාශ‍්‍රයන් ම`ගින් නොලැබෙන ආලෝකයක් මේ අවදියේ පිහිටුවන ලද අත්තාණි පරිහාර කණු ම`ගින් ලැබේයැයි කීම අතිශයෝක්තියක් නොවේ.’’
රාජ්‍යත්වය ක්‍ෂතී‍්‍රය අභික්‍ෂේක නාම ඇතුළත් වී. එහි සිරිස`ග බෝ සහ අබා සලමෙවන් ආදි උපාධිනාම භාවිත කළ බව පෙනේ. මීට අමතරව පිය පුතු උරුමයෙන් රාජ්‍ය වගකීම පැවරුණ බවද අත්තාණි පරිහාර ලේඛන ම`ගින් හෙළි වේ. උදා -:
‘‘උදය අභය මහරද්හු සොහොවුර් කරසුබ්සිරි ස`ගබො මපුර්මුකා එකොළොස වන්නෙ...’’
මීට අමතරව රාජ්‍ය උරුමය ලැබීම පිණිස රාජ්‍යත්වයට පත්වීමට පෙර ‘ඈපා’ ‘මාපා’ යන තනතුරු ‘අත්තාණි පරිහාර කණු මෙන්ම අනිකුත් රාජය ලේඛනවල ඇතුළත් කළ බව පෙනේ.
රාජය පරිපාලනය හා අධිකාරණය සම්බන්ධයෙන් කරුණු හමුවීම. එම පරිපාලන අධිකරණ ක‍්‍රම හඳුනාගැනීමේ පහසුව තකා මෙලෙස දැක්විය හැකිය.
‘‘උසස් නිළදාරීන් ගස් වූ ස්ථානය- එක්තැන් සමිය
තනතුරු - පිරිත්රද් (මුලසුන දැරූ පුද්ගලයා*, මහලේ (ලේකම්*, සෙනවිරද් (රජුගේ අණ අනුව ක‍්‍රියා කරන හමුදා නායකයා*, කුඩසලාවරු (මහ ලේකම් හට අයත් පිරිස*, බෙ`ඩාර (භාණ්ඩාගාරික*, සේනාපති (මහ ලේකම් යටතේ සිටි අය*, රට්ලදු (කුඩා ඒකක පාලනය භාරව සිටි අය* ආදී වශයෙනි
කෘෂිකර්මාන්තය හා ආර්ථිකය පිළබඳ තොරතුරුද අත්තාණි පරිහාර ලේඛන ම`ගින් ප‍්‍රකට වේ. මිනිසාගේ ප‍්‍රධාන ජීවනාලිය වූයේ කෘෂි කර්මාන්තයයි. රාජ්‍ය ආර්ථිකය ර\ පැවතියේද ඒ මතය. ඒ බැව් ‘‘අලූත්වැව ලිපිය, මිහින්තලා ටැම් ලිපිය ම`ගින් සාක්‍ෂි සැපයේ’’
ඉඩම් භුක්තිය සම්බන්ධයෙන්ද අත්තාණි ලිපිවල බොහෝ කරුණු හෙළි වේ. එහි සඳහන් කැබලි ඉඩම් මෙලෙස වර්ගීකරණයකට ලක් කළ හැකිය.
‘‘1. වෙහෙර කැබලි (ප`ඩුවස්නුවර ටැඹ*
2. තුන් නකයැ කැබලි (පොළොන්නැරු රාජ සභා මන්දිර ටැඹ*
3. පමුණු කැබලි (කොළඹ කටු ගෙයි ටැඹ*
4. දෙමළ කැබලි (කොළඹ කටු ගෙයි ටැඹ*’’
අයබදු හා මුදල් භාවිතය
කිරුම් මිනුම් ක‍්‍රම
ආදියද අත්තාණි පරිහාර කණු ව`ගින් හෙළිවන ඓතිහාසික කරුණු අතර වේ. යථෝක්ත ප‍්‍රස්තුතයන් අධ්‍යයනය කිරීමේදී සෙල්ලිපි අධ්‍යයනයේදී අත්තාණි පරිහාර කණුවල ඇති වැදගත්කම මොනවට විද්‍යමාන වේ.
ලක්දිව ලේඛන ක‍්‍රමයේ මුල්ම සාක්‍ෂි හමු වන්නේ ක‍්‍රි:පූ: තුන්වන සියවසයේදීය. එලෙස ආරම්භ වූ අක්‍ෂර ක‍්‍රම විවිධ ප‍්‍රවණතා තුළ දෝළනය වෙමින් සම්භවය වෙමින් වර්තමාන තත්ත්වය දක්වා පැමිණ ඇත. අතීතයේ අක්‍ෂර විවිධ ලේඛන ද්‍රව්‍යවල රචනා කෙරිණි. ඉන් එක් රචනා ද්‍රව්‍යයක් ලෙස ශිලාලේඛන හැඳින්වේ. එම ශිලාලේඛනවල දක්නට ලැබෙන එක් ප‍්‍රවණතාවක් ලෙස අත්තාණි පරිහාර ලේඛන පෙන්වා දිය හැකිය. එම නිසාවෙන් ශිලාලේඛන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු මාතෘකාවක් වශයෙන් අත්තාණි පරිහාර ලේඛන දැක්විය හැකිය. අත්තාණි පරිහාර ලේඛන සෙල්ලලිි මාතෘකාව තුළ බොහෝ තොරතුරු හෙළි කල මූලාශ‍්‍රයකි. අත්තාණි පරිහාර ලේඛන වැදගත් වන්නේ එම නිසාවෙනි. මන්දයත්, අත්තාණි පරිහාර ලේඛන සෙල්ලිපි තුළ පැණෙන කුඩා ශඛාවක් වන හෙයිනි. එහි ඇති වැදගත්කම යථෝක්ත මාතෘකාව ඔස්සේ විමර්ශන කරන ලදි. එහිදී සෙල්ලිපි අධ්‍යයනයේදී අත්තාණි පරිහාර ලේඛන වැදගත් වන්නේ එම`ගින් එකල භාවිත ලිපි ද්‍රව්‍ය, එහි ස්වභාවය, ආකෘතිය පිළිඹිබු වීම පමණක් නොව, දායක ප‍්‍රතිග‍්‍රාහක කාරණා හෙළිවීම, එකල භාෂාවෙහි තතු හැඳිනීම, අක්‍ෂර මාලාවෙහි ස්වරූපය ප‍්‍රකට වීම, අවසන එම`ගින් හෙළිවන ඓතිහාසික තොරතුරු විද්‍යමාන වීම යන කාරණා පළට විය. මෙම කාරණා සමාලෝචනය කිරීමේදී සෙල්ලිපි අධ්‍යයනයේදී අත්තාණි පරිහාර ලේඛන වැදගත් වන්නේ කුමන හෙයින්ද වග අවබෝධ කරගත හැකිය.
ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය
ප‍්‍රාථමික මූලාශ‍්‍රයෝ
අර්ථ ශාස්ත‍්‍රය, (සංස්.* ශී‍්‍ර වාවස්පති ගෞරිලා. චෞකම්භ විද්‍යාභවාන්, 1966.
දීඝනිකායො, බලංගොඩ ආනන්දමෛත‍්‍රී හිමි. බු. ජ. මු. ත‍්‍රිපිටක සංස්කරණය, 2505.
සංක්‍ෂිප්ත ලංකා ඉතිහාසය. (එච්. ඩබ්. කොඞ්රිංටන්* (සංස්.*. කේ. එස් සෙනෙවිරත්න, ලංකා ආණ්ඩුවේ මුද්‍රණය, 1961.
ද්විතීයික මූලාශ‍්‍රයෝ
අමරවංශ හිමි, කොත්මලේ . ලක්දිව සෙල්ලිපි, ඇම්. ඞී ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1969.
කරුණාරත්න, ඩබ්. ඇස් . සිංහල ශිලාලේඛන, ඇම්. ඞී ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1960.
ගුණවර්ධන, බන්ධුසේන . සිංහල අක්‍ෂර සම්භවය සහ එහි විකාශනය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 1996.
තිස්ස කුමාර, ආනන්ද . පැරණි ලක්දිව අත්තාණි පරිහාර විධි, කැලණිය, 1990.
පඤ්ඤාසාර හිමි, ඔක්කම්පිටියේ . සිංහල භාෂා විකාසය සහ භාරතීය ආභාසය, කර්තෘ ප‍්‍රකාශනයකි, 2007.
සුරවීර, ඒ. වි. සිංහල කතිකාවත් හා භික්‍ෂු සමාජය, ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1971.
ස`ගරා
සම්භාෂා 12, (සංස්.* මාදෝවිට ප‍්‍රඥාරාම හිමි, ප‍්‍රාචීන භාෂොපකාර සමාගම, බත්තරමුල්ල, 2002.
කෝෂ ග‍්‍රන්ථ
සිංහල විශ්වකෝෂය, (සංස්.* ඞී. ඊ හෙට්ටිආරච්චි. රාජ්‍ය මුද්‍රණ දෙපාර්ථමේන්තුව, 1963.
ඡු්කස ෑබටකසිය ෘසජඑසදබ්රහල ඔගඋග ඍයහි ා්ඩසාි ්බා උසකකස්ප ිඑැාැග ්ිස්බ ෑාමජ්එසදබ්ක ීැරඩසජැිල භෑඅ ෘැකයසල2004ග
ඨදා්නමඉමර්ලක්‍ගෑලඡු්ර්බ්ඩසඒබ්ලීග ෑචසටර්චයස් ’ැහස්බසජ්ල ඔයැ ්රුය්ැදකදටසජ්ක ෘැච්රඑපැබඑල ක්‍ැහකදබල 1966ග