UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: පද්‍යය

Thursday, December 12, 2013

පද්‍යය

පද්‍යය භාෂාව ප‍්‍රධානතම මාධ්‍යය කොට පවත්නා කලාව සාහිත්‍යය ලෙස සරලව අපි හඳුන්වමු. එම කලාව සාහිත්‍යය යන සඥාව ලබා ඇත්තේ සමාජයට හෝ අර්ථයට හෝ රසයට හිතවත් වූ බැවිනි. සාහිත්‍යයේ ප‍්‍රධාන මාධ්‍යය වන භාෂාව හසුරවන ආකාරය අනුව සාහිත්‍යය ත‍්‍රිවිධ වන බව ආචාර්ය මතය වේ. එනම් ගද්‍ය, පද්‍ය හා චම්පු/මිශ‍්‍ර යනුවෙනි. ඡුන්දසකින් තොරව පාදවලට නොබෙදා භාෂාව හසුරවනුයේ ගද්‍යය වේ. ඡුන්දසකට අනුව පාද බෙදා භාෂාව හසුරවනුයේ පද්‍යයයි (නිසඳැස් කාව්‍යය තුළ ඡුන්දසක් නොමැති වුවද පාද බෙදීම දක්නට ඇති හෙයින් එයද පද්‍ය විශේෂයෙහිලාම සලකමු*. ගද්‍ය පද්‍ය දෙකින් මිශ‍්‍ර වූයේ චම්පු කාව්‍යය හෙවත් මිශ‍්‍ර කාව්‍යය වේ. දෘශ්‍ය කාව්‍යය බොහෝ සෙයින් මේ ගණයෙහිලා සලකනු ලැබේ (ගද්‍යයෙන් පමණක් ලියවුණු දෘශ්‍ය කාව්‍යයද නූතනයේ දක්නට ලැබේ*. සාහිත්‍යයේ වන ප‍්‍රධාන අංගත‍්‍රය අතුරෙන් මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ පද්‍ය කාව්‍යය විෂයයෙහි පමණි. පද්‍යයක් යනු කුමන ලක්ෂණවලින් උපේත වූවක්දැයි යන්න ප‍්‍රාචීන හා ප‍්‍රතිචීන ආචාර්යවරයෝ අර්ථ දක්වා ඇත්තාහ. මෙහිදී අප උත්සුක වන්නේ එම අදහස් හා කෝෂකරුවන්ගේ අදහස් වහල් කොට ගෙන පද්‍යය යනු කිමැයි විග‍්‍රහකිරීමටය. සිංහල භාෂාවෙන් ‘කවිය’ යනුවෙන් හඳුන්වන මෙය සංස්කෘත භාෂාවෙන් ‘පද්‍ය/ශ්ලෝක’ යනුවෙන්ද පාලි භාෂාවෙන් ‘පජ්ජ/ගාථා’ යනුවෙන්ද ඉංග‍්‍රීසි භාෂාවෙන් ‘චදැප’ යනුවෙන්ද හඳුන්වයි. සිංහල භාෂාවේ එන කවිය යන්නෙහි මාතෘ රූපය වූ කාව්‍යය යන්නද සංස්කෘත භාෂාවේ කවිය සඳහාද යෙදී ඇතත් එය පොදුවේ සාහිත්‍යය යන අරුත්හි බොහෝ සෙයින් යෙදී ඇති බව කාව්‍යය යන්න යෙදී ඇති ප‍්‍රස්ථාවන් විමසිමෙන් පෙනේ. ‘චදැප’ යන්නට ශබ්දකොෂකරුවන් අර්ථ දක්වා ඇත්තේ මෙසේය. පද පේළිවල සහ ශබ්දවල පිළිවෙළ අනුව පෙළ ගස්වා ඇති, යම් අදහසක්, හැ`ගීමක් හෝ මනුෂ්‍ය අත්දැකීමක් චිත්තරූප බහුලව භාවිත කොට ඉදිරිපත් කරන ලියවිල්ලකි. පද්‍යයෙන් ඇති නිර්මාණාත්මක රචනයකි. බොහෝ විට ගැඹුරු හැ`ගීම්. වටිනා සිතුවිලි මනෝ්රම්‍ය බසකින් ඉදිරිපත් කරනු ලැබේ. පද්‍යය ලියනු ලබන්නේ යම් අත්දැකීමක් සන්නිවේදනය කරනු සඳහාය. සෑදීම, නිර්මාණය කිරීම යන අරුත් ඇති ගී‍්‍රක පදයකින් උත්පත්තිය ලබා ඇත. කලාත්මක නිර්මාණයකි. පද්‍යයෙන් ඇති, චිත්තරූපවල ඇති සුන්දරත්වය සහ උසස්බව ලක්ෂණ කොටගත් නිර්මාණයකි. පද්‍යයෙන් ඇති නිබන්ධනයකි. චින්තනයේ, භාෂාවේ ඉහළ සුන්දරත්වයක් පෙන්නුම් කරන බොහෝ විට පද්‍යයෙන් ඇති (නමුත් අත්‍යවශ්‍යයෙන්ම පද්‍යයෙන් තිබිය යුතු නොවේ* රචනාවකි. කලාත්මක රචනයකි. චින්තනයේ, භාෂාවේ හෝ කලාත්මක ආකෘතියේ අතිචමත්කාරයක් පෙන්වන, පද්‍යයෙන් හෝ ගද්‍යයෙන් ඇති රචනාවකි. ශබ්දකෝෂකරුවන්ගේ යථෝක්ත නිර්වචන සියල්ල පිරීක්සීමෙන් පද්‍යයේ ලක්ෂණ අංශද්වයකින් මතු වේ. බාහිර වශයෙන් හා අභ්‍යන්තර වශයෙනි. බාහිර ලක්ෂණ යටතේ එහි ආකෘතිය අර්ථකථනය වන අතර අභ්‍යන්තර ලක්ෂණ යටතේ භාෂාව හා සංකල්ප නිර්මාණාත්මක වීම, චිත්තරූප මැවීම, චමත්කාරයක් දැනවීම, යන ලක්ෂණ අර්ථ කථනය වේ. ශබ්දකෝෂකරුවන්ගේ අදහස්වලට අනුව පද්‍යයක් යනු කිසියම් වූ අදහසක් සහෘද සන්තානයෙහි චිත්තරූප මැවෙන පරිදි හා චමත්කාරයක් ඇතිවන පරිදි නිර්මාණාත්මක සංකල්පනාවෙන් හා භාෂාවෙන් යුතුව ශබ්දවල ගැළපෙන පිළිවෙළක් අනුව පදපේළි ම`ගින් දැක්වීමයි. ප‍්‍රාචීන හා ප‍්‍රතිචීන ආචාර්යවරුන් පද්‍යය යන්න තම තමා පිළිගත් කාව්‍ය විචාර සිද්ධාන්ත හෝ ගුරුකුලයන්ට අනුව අර්ථ දක්වා ඇත. භාමහ නම් කාව්‍යාලංකාරිකයා කාව්‍යය යන්න හඳුන්වන්නේ ‘ශබ්දාර්ථෞ සහිතෞ කාව්‍යයම්’ වශයෙනි. ඔහුගේ පිළිගැනීමේ පරිදි කාව්‍යය තුළ ශබ්දය හා අර්ථය අතර අන්‍යෝන්‍ය ප‍්‍රතිබද්ධතාවක් පැවතිය යුතුය. මෙම ප‍්‍රතිබද්ධතාව සමස්ත ශබ්ද සමූහය මතුකරන ශබ්දය හා සමස්ත අර්ථය අතර වන්නක් විය යුතු සේ ගැනීම උචිත වේ. මක්නිසාද යත් කාව්‍යයේදි වැදගත් වන්නේ අභිධේය අර්ථයට වඩා ලක්ෂ්‍යාර්ථය හා ව්‍යංග්‍යාර්ථය බැවිනි. රසවාදය අනුව යමින් විශ්වනාථයන් කාව්‍යය යන්න අර්ථ දක්වන්නේ ‘වාක්‍යං රසාත්මකම් කාව්‍යයම්’ වශයෙනි. විශ්වනාථයන් කාව්‍යයේ ප‍්‍රධානම ලක්ෂණය හෙවත් ආත්මය ලෙස දකින්නේ රසයයි. භාරතේය ෙසෙද්ධාන්තිකයන්ගේ විග‍්‍රහයන්හි එන කාව්‍යය යන පදය පද්‍යය විෂයයෙහි පමණක් ලඝු කළ නොහැකි වෙතත් පද්‍යය විෂයයෙහිත් එය අදාළ හෙයින් පද්‍යයේ ලක්ෂණ දෙකක් ලෙස ශබ්දාර්ථ සුසංයෝගය හා රසාත්මකතාව හැඳින්විය හැකිය. එස්. ටි. කොල්රිජ් පවසන ‘කාව්‍යය වනාහි හොඳම වචන හොඳම පිළිවෙළට ගැළපීමයි’ යන්නද භාමහගේ විග‍්‍රහයට සමානය. හොඳම වචන හොඳම පිළිවෙළට ගැළපීම යනු යම් අර්ථයක් පැවසීමට වචන/ශබ්ද කිහිපයක් ඇත්නම් ඒ අතුරින් සමස්තාර්ථයට උචිත වූ ශබ්දයක් ඇති පදය තෝරාගැනීම හා එසේ තොරාගත් පදය/පද සමස්තාර්ථයට උචිත වූ තැනෙක පිහිටවීමයි. ධ්වනීවාදීහු කාව්‍යයේ ආත්මය ධ්වනිය ලෙසත් රීතිවාදීහු කාව්‍යයේ ආත්මය රීතිය ලෙසත් දැක්වූහ. මෙනයින්ම වක්‍රෝක්තිවාදින් හා ඖචිත්‍යවාදීන්ද අර්ථ දක්වා ඇත. එසේ හෙයින් කාව්‍යය යන්න අර්ථ දැක්වීමේදි අපට එක් ගුරුකුලයකට වහල් විය නොහැකි සේම එකකුද නොවැදගත් යැයි ප‍්‍රතික්ෂේපද කළ නොහැකිය. එසේ හෙයින් කාව්‍යය යනු යථෝක්ත සියල්ලෙන් සමලංකෘත වූවක් ලෙස අර්ථ දැක්වීම යෝග්‍ය වේ. එහෙත් මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුත්ත නම් යම්කිසි පද්‍යයක රස, ධ්වනි, ඖචිත්‍ය, වක්‍රෝක්ත්‍යාදි කාව්‍ය ලක්ෂණයන්ගෙන් එකක් හෝ දෙකක් නොඑසේ නම් කිහිපයක්ම නොතිබීම එය කවියක් නොවීම විෂයයෙහි බල නොපානා බවයි. එක් ලක්ෂණයක් පමණක් වුව තිබීම වුව එය කවියක් වීම විෂයයෙහි අසාධාරණ නොවේ. ගද්‍යයෙන් පද්‍යය වෙන් කිරීමේ ප‍්‍රධාන ලක්ෂණය ලෙස පූර්වයේ පටන් සැලකූ පාද බෙදීම යන සංකල්පය වුව එක් පාදයකින් නිමවන කවියක් හමුවෙහිදී ප‍්‍රතිෂ්ඨා විරහිත බවට යේ. ඇතැම් ශබ්දකෝෂකරුවකු මෙය සලකාගෙන හෝ වෙනත් යම් ආස්ථානයක් සලකාගෙන කවිය යන්න ගද්‍යයෙන්ද පැවතිය හැකි බව පිළිගෙන ඇති අයුරු ශබ්දකෝෂයන්ගෙන් ගත් උධෘතයන්ගෙන් පෙනේ. ඇතැම් විට එම අදහස් සංස්කෘත ආලංකාරිකයන්ගේ කාව්‍යය යන පදය සේ චදැප යන්නද ගද්‍ය පද්‍ය විෂයයෙහිලා අවිශේෂයෙන් ඉදිරිපත් කළ ඒවාද විය හැකිය. කවියේ යුග ප‍්‍රවණතා අනුව කවියේ නිර්වචනය වෙනස් විය යුතු බව අපි පිළිගනිමු. පද්‍ය ඉතිහාසයේ එය එසේද වී ඇති බව නිසඳැස් හා දෙපද කවි විමසීමෙන් පෙනේ. ආදියෙහි පද්‍යයේ විශේෂ ලක්ෂණය ලෙස සැලකුවේ ඡුන්දස හා චතුෂ්පද වීමයි (පද්‍යං චතුෂ්පදී තච්ච වෘත්තාං ජාතිර්ති ද්විධා*. නිසඳැස්වල හා දෙපදයන්ගේ සම්ප‍්‍රාප්තියෙන් පසු නිසඳැස හා දෙපදය කවි ලෙස පිළිගැනීමට වූයෙන් කවියේ අනිවාර්ය අංගය ලෙස සැලකූ ඡුන්දස හා චතුෂ්පදිත්වය යල් පැන ගිය බව අපි දනිමු. නූතන කාව්‍ය ප‍්‍රවණතා අධ්‍යයනය කරන විට ‘පාදවලට බෙදනු ලැබුයේ පද්‍යය’යි යන සංකල්පයේද වලංගුතාව පිරිහෙමින් පවත්නා බව පෙනේ. එසේ හෙයින් කවිය යනු යම්කිසි අදහසක් කාල්පනිකත්වයේ හා භාෂාවේ ඇති නිර්මාණශීලීත්වය ම`ගින් සහෘදයා තුළ චමත්කාරයක් දැනවෙන ආකාරයට කරන රචනාවකි යන ආකාරයේ නිර්වචනයක පිහිට පැතීමට සිදු වේ. සිංහල කවියේ ඇති වෙමින් පවත්නා නූතන ප‍්‍රවණතාවන් විෂයයෙහි අවධානය ගැඹුරින් යොමු කරන කල මෙහිද යම් යම් වෙනස්කම් කිරීමට සිදු වන බවද කිව යුතු වේ. ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයේ ආරම්භය ලක්වැසියෝ වූකලි කලි ප්‍රෞඪ ඉතිහාසයක උරුමකරුවෝ වෙත්. එම ප්‍රෞඪත්වය විදහාපාන තාක්ෂණික මෙන්ම සාහිත්‍යමය ශක්තියේ කොතෙකුත් නිදසුන් අපගේ පමණක් නොව විදේශිකයන්ගේද නෙත්සිත් පුදුම කරමින් අදටද නිහ`ඩව විරාජමාන වෙයි. මෙහිදී විශේෂ අවධානය යොමුකරන්නේ ලක්දිව සාහිත්‍ය ඉතිහාසයේ මාණික්‍යමය කිරීටයක් සේ දිස්වන පද්‍ය සම්ප‍්‍රදායයේ ආරම්භය පිළිබඳවය. ‘‘සියලූම කලාවන් අතුරෙන් සිංහලයෝ කාව්‍යකරණයේ මනා කුසලතාවක් දැක්වූහ. සිංහලයන් සිතැ`ගි දේ ප‍්‍රකාශයට පත්කිරීමේදී කාව්‍ය නිර්මාණ තුළ මනා ප‍්‍රමුඛත්වයක් දක්වා ඇත.’’ ‘ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයේ ඇරඹුම’ යන සංකල්පය අප මුවින් පිට වූ විගසම අප සිත් ආක‍්‍රමණය කරගන්නා අනෙකුත් සංකල්පය වන්නේ ‘ජන කවිය සම්ප‍්‍රදායය’යි. අප පද්‍ය සම්ප‍්‍රදායයේ ඇරඹුම සෙවීම උගහට කරුණක් වන්නේ එහෙයිනි. මන්ද යත්, මිනිස් දිවියේ දුක්කම්කටෝළු, සෙනෙහස, විරහව, ආදරය යම් තාක් පැරණිද ඒ තාක් ජන කවියද පැරණි වන නිසාවෙනි. ‘‘අහස උපන් තැන සකි නුඹ දන්නවද පොළව උපන් තැන සකි නුඹ දන්නවද සයුර උපන් තැන සකි නුඹ දන්නවද සිව්පද උපන් තැන සකි නුඹ දන්නවද’’ මෙම`ගින් ලක්දිව පද්‍ය සාහිත්‍යය කොතෙක් දුරට මහජනයාගේ සිත් සතන් හා බැඳී පැවතියේද යන්න මොනවට විද්‍යමාන වෙයි. එහෙත් දැනට නෂ්ටප‍්‍රාප්ත නොවී පවතින ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයේ පැරණිතම මූලාශ‍්‍රයය වන්නේ සීගිරි ගීයයි. එම නිසාවෙන් මෙහිදී විමසනු ලබන්නේ සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයක් පැවතුණේද යන්නයි. එය ප‍්‍රධාන කොටස් තුනක් යටතේ අධ්‍යයනය කරනු ලබයි. 01 සීගිරි ගී රචනා වීමට ප‍්‍රථමයෙන් දක්නට ලැබෙන සෙල්ලිපිවල පද්‍ය සම්ප‍්‍රදායය 02 ඓතිහාසික කෘති සාහිත්‍ය කෘති හා ජනප‍්‍රවාද ම`ගින් හෙළිවන පද්‍ය සම්ප‍්‍රදායය 03 සීගිරි ගී ම`ගින්ම හෙළිවන අතීත පද්‍ය සම්ප‍්‍රදායය සිංහල පද්‍ය සම්ප‍්‍රදායයේ ශේෂව පවතින පැරණිතම සාධකය වන්නේ සීගිරි ගීයයි. එම ගීවල ඇති විදග්ධ භාවය සරලත්වය හා ගේයතා ලක්ෂණ ම`ගින්ද සාහිත්‍ය පොතපත මගින්ද මෙරට යම් පද්‍ය සම්ප‍්‍රදායයක ප‍්‍රවණතාවන් පැවති බවට සාකෂ්‍ය සපයයි. ඒ අනුව ආකස්මිකව, එකවර සීගිරි ගී ම`ගින් අපගේ පද්‍ය සම්ප‍්‍රදායය ඇරඹුණේ යැයි පැවසීම යුක්ති සහගත මෙන්ම සර්ව සම්පූර්ණ නිවැරදි ප‍්‍රස්තූතයක් ලෙස පිළිගත නොහැකිය. සීගිරි ගී රචනා වීමට ප‍්‍රථමයෙන් දක්නට ලැබෙන සෙල්ලිපිවල පද්‍ය සම්ප‍්‍රදායය සීගිරි ගීවලට ප‍්‍රථමයෙන් යම් පද්‍ය සම්ප‍්‍රදායයක් ලක්දිව පැවති බවට සාධක ගෙනහැර පෑමට අප සතු වටිනාම සාක්ෂ්‍යයක් ලෙස ඓතිහාසික සෙල්ලිපිවල එන කරුණු දැක්විය හැකිය. ‘‘ඉතාම පැරණි යුගයට අයත් සෙල්ලිපි අතර පද්‍යයෙන් ලියවුණු සෙල්ලිපි දක්නට ලැබේ.’’ මේ පිළිබඳ විශේෂයෙන් අධ්‍යයනය කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා බ‍්‍රාහ්මී අක්ෂරයන්ගෙන් ලියන ලද එම සෙල්ලිපිවල පුරාතන සිංහල පද්‍ය සම්ප‍්‍රයයක ලක්ෂණ ඇති බව පිළිගනී. ‘‘මේ හෝඩුවාව අනුව විපරම් කළ පරණවිතාන මහතා එය වනාහි එකළොස්වැනි දොළොස්වැනි හා තෙළෙස්වැනි ශතවර්ෂවල බොහෝ සෙයින් පැතිර පැවති සුප‍්‍රසිද්ධ යහගී වෘත්තයට අනුව ලියා ඇති බව නිගමන කරයි.’’ ක‍්‍රි. පූ තෙවන සියවස තුළ අනුරාධපුර පාළාතේ මාමිණියේ කොරළේ මරදන්කඩවල අසල කොස්ගමකන්ද විහාර ලිපිය එහිදී පළමුව දැක්විය හැකි සාධකයයි. ‘‘මහරඣහ ගමණි (මාත‍්‍රා 9* අබයහ දෙවනපියශ (මාත‍්‍රා 11* (ර*ම(ණි* බ(රි*ය මිලකතිශ (මාත‍්‍රා 11* විහාරෙ කා(රි*තෙ කතිය’’ (මාත‍්‍රා 11* දකුණු පාළාතේ මාගම් පත්තුවේ තිස්සමහාරාමයේ කිරින්දේ කොටා ඇති ලිපිය දෙවැන්නයි. අපරිමිත ලෝකහි බුධ(12* සමෙනති අඨාන පරමදුලබෙ(15* සවඤුතපතෙ අනුකරේ සථෙ(12* මහසරණෙ ලොකචක බුධ නම සසහු (18* මෙගලහි විහරෙ නක (9* උවර (ජෙනෙ*ම බුධ සරණ(11* ගතෙ මිචදිටික බිදිය(11* (යහ* (මහ* (පර*ය (ණ* භුතෙ’’ (11* තෙවැන්නද දකුණු පළාතේ තිස්සමහාරාම ප‍්‍රදේශයෙන් සොයා ගත්තකි. ‘‘ ය ගෙධම සේ බයේ නාමා (12* සහ වඩම නෙනා මිචදිකා (15* ජන අවතය නෙ භකියේ සහ (12* ආසා ති සොහ රජිති(ය* ගමේ (15* මචදිටි බිනක අටි (9* මතිම බුද සරණ ගතෙ (11* නාග උවරාජ නාම (11* කඩ උවරාජ කාලහි ’’ (11* මීට අමතරව ක‍්‍රි. ව. කාලයට පෙර දැකිය හැකි කවි අඩකින් පමණ සමන්විත පද්‍යය ද සෙල්ලිපි අධ්‍යයනයේදි දැක ගත හැකිය. ‘‘පරණවිතාන මහතාගේ අදහසේ හැටියට එය කවි අඩකින් පමණ සමන්විතය. එය වනාහි ආර්යා ගීතයේ විශේෂයක් වන ‘පථයා’ නම් විරිතට අනුව සකස් වී ඇත. ‘‘මචු (ඩි* රඣශ මණිකරශේ (12* ශීල ඉටක කටය අගත (ර* ශ ම (චු* ගත (ෙ*ශේ’’ (18* සෙල්ලිපිවල සඳහන් උක්ත නිදසුන් අධ්‍යයනයේදි නිරායාසයෙන්ම සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් යම් පද්‍ය සම්ප‍්‍රදායයක් පැවති බවට උපකල්පනය කළ හැකිය. ඓතිහාසික කෘති සාහිත්‍ය කෘති හා ජනප‍්‍රවාද ම`ගින් හෙළිවන පද්‍ය සම්ප‍්‍රදායය අනුරාධපුර යුගයේ රචනා වූ ඓතිහාසික කෘති අධ්‍යයනයේදිද සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් කිසියම් පද්‍ය සම්ප‍්‍රදායයක් පැවති බවට යම් යම් සාධක සොයා ගත හැකිය. ඓතිහාසික කෘති අධ්‍යයනයේදී එහි සාහිත්‍යමය අගය විද්‍යමාන වනවා සේම නිතැතින්ම එම`ගින් එසමයෙහි සමාජ පරිසරය පිළිබඳ යම් අවබෝධයක්ද ලබා ගත හැකිය. ඒ අනුව ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායය පිළිබඳවද යම් තොරතුරු සොයාගත හැකිය. මහාවංසය සඳහන් කරන්නේ විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට ගොඩබට අවස්ථාවේ ගීත රාවයක් ඇසුණු බවයි. ‘‘රාත‍්‍රී භාගයෙහි ඒ කුමර තූර්ය නාද සහිත ගී හ`ඩක් අසා ’’ එසේම මහින්දාගමනයේ පටන්ද අපට මේ සම්බන්ධ යම් යම් කරුණු හෙළි කර ගත හැකිය. ‘‘ මිහිඳු මාහිමියන් මෙරටට ගෙනා ධර්මය මාගධි (පාලි* නාමයෙන් ඇති වූ බවත් ඒ මාගධි ධර්මය මේ රටේ බසට පෙරළු පසු හෙළ (සීහළ* නාමය ඇති වූ බවත්... ’’ මෙහිදී මතුවන ගැටලූව නම් පාලි ති‍්‍රපිටකයේ ඇති ගාථා ආදිය විශේෂයෙන් ථේර ථේරි ගාථා ආදිය හෙළටුවාවට ඇතුළත් කිරීමේදි යම් පද්‍යමය ස්වරූපයකට පරිවර්තනය කරන්නට ඇති බවය. මෙහිදී මුල්කාලයේ පටන් යම් පද්‍ය සම්ප‍්‍රදායයක මූලබීජ සේම ප‍්‍රවණාතාවන් දක්නට ලැබුණු බව පැහැදිලි වේ. ඉන්පසුව අපට දක්නට ලැබෙන කාරණාව නම් ගජබා රජුගේ පුවතයි. එය ජනප‍්‍රවාදවල පවතින්නකි. එනම් ‘‘පත්තිනි ඇදහීම පිළිබඳව ලියා තිබූ දෙමළ කවි පොත් රාශියක් ගජබා රජු විසින් ලක්දිවට ගෙන ආ බව ජන සම්මතයි.’’ ඉන්පසුව සිව්වන ශතවර්ෂයේ දළදා වර්ණනාව සම්බන්ධයෙන් ‘එළු දළදා වංසය’ නමින් කෘතියක් රචනා වී ඇත. ‘‘ඒ බැව් දාඨාවංසයේද සඳහන් වේ. මෙය සිංහල ගී කවක් ලෙස ලියන්නට ඇතැයි සිතීමට ඉඩ ඇති සේ පෙනේ.’’ ඉන්පසුව අපට හමුවන සුවිශේෂිම සාධකය වන්නේ බුද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද ‘සාරත්ථප්පකාසිනී’ නම් පාලි අට්ඨකථාවේ එන මෙම විස්තරයයි. එනම් ‘‘ඇල් ගෙවිලයක විසින් තිලකුණු පවසම්න් ගැයූ ගීතයක් ශ‍්‍රවණය කරමින් සිටි භික්ෂූන් වහන්සේලා හැට නමක් දෙනා රහත් වූහ’’ එහි ගී යන යෙදුමෙන් මෙරට සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් පද්‍ය සම්ප‍්‍රදායයක් පැවති බව මනාව පසක් වේ. ඒ බව පසුකාලීනව රචනා වූ ලෝවැඩස`ගරාවේ සඳහන් වන්නේ මෙලෙසිනි. ‘‘දහමට සරිකොට එළුවෙන් පෙර කී කවියට සිත පහදා සිට නිසැකී සිහිකොට කඳ පිළිවෙළ දොස් නොයෙකී නිවනට සපැමිණි ස`ග සැට නමකී’’ එසේම ‘‘සුළු මුගලන් රජතුමා විසින්ද හෙළ කවක් ලියා ඇති බව මහාවංසයේ’’ සඳහන් වේ. හයවෙනි ශතවර්ෂයේ අග්බෝ රජුගේ කාලයේ ලක්දිව දොළොස් මහා කවීන්ගෙන් හෙබි වූ බව ප‍්‍රකට කරුණකි. ‘‘ඒ රජ කරන කල කවිවරයෝ සිංහල නිරුක්තියෙන් විසිතුරු යුක්තව බොහෝ කව් ගෙතූහ.’’ (41පරි. 13 ගාථාව* එසේම දඹදෙණි යුගයේ රචනා කළ සිදත්ස`ගරාවෙහි අනුරපුර යුගයේ මයුර සන්දේශයක් රචනා වී පැවති බව සඳහන් වේ. (‘‘මොනරිඳු එකල්හි පුල් සල`ග නවා ගන.ී’’ * එසේම පස්වන සියවස වන විට ලක්දිව ජනයා සංස්කෘත සාහිත්‍යය සහ පද්‍ය රසවිඳීමේ විචාර බුද්ධියකින් සමන්විත වූ බව බුදුගොස් හිමියන්ගේ ‘පපඤ්චසූදනි’ අටුවාවෙහි සම්පප්ඵලාප යන වචනයට දී ඇති නිරුක්තියෙන් පසක් වේ. ‘‘ ආසේවනමහතන්තාය මහා සාවජ්ජෝ තස්ස ද්වේ සම්භාරා භාරතයුද්ධ සීතාහරණාදි නිරත්ථකකථා පුරෙක්ඛරතො තථාරූපී කථකථනඤ්ච ’’ මෙහිදී මහාභාරතය, සීතාහරණය (රාමායණය* යන කතා ඇසීම ‘සම්පප්ඵලාප’ ලෙස දක්වයි. එම`ගින් ලක්දිව එම කෘති කෙතරම් ප‍්‍රචලිතව පැවතියේද යන කරුණ තේරුම් ගත හැකි වේ. එසේම කුමාරදාස රජතුමා රචනා කළ ‘ජානකීහරණය’ නම් සංස්කෘත මහා කාව්‍යය ම`ගින්ද එතුමා මහාකවි කාලිදාසයන් සම`ග පැවත් වූ මිත‍්‍ර සම්බන්ධතා ම`ගින්ද හෙළි වන්නේ සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් විශිෂ්ට පද්‍ය සම්ප‍්‍රදායයක් අප සතු වූ බවයි. අනුරපුර යුගයේ රචිත කාව්‍යාදර්ශයේ අනුවර්තනයක් වන ‘සියබස්ලකර’ නමැති කාව්‍ය සිද්ධාන්ත පිළිබඳ සාකච්ඡුා කෙරෙන කෘතිය ම`ගින්ද සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් විශිෂ්ට පද්‍ය සම්ප‍්‍රදායයක් පැවති බවට ඉතා විශ්වසනීය සාධක සපයාගත හැකිය. කාව්‍යකරණයේ ෙසෙද්ධාන්තික පක්ෂයට උපදෙස් සපයන කෘතියක් රචනා වීම තුළින්ම පැහැදිලි වන්නේ කාව්‍යාකරණයේ පැහැදිලි ප‍්‍රවණතාවක් තත් යුගයේ පැවැති බවයි. සියබස්කලර කියවීමෙන් මේ හා සම්බන්ධ කරුණු දෙකක් අපට සොයා ගත හැකිය. ‘‘1 සියබස්ලකර සිංහලයට පරිවර්තනය වීමට පෙර සංස්කෘත අලංකාරවාදය පිළිබඳ අවබෝධයක් සිංහල කවීන්ට තිබුණු බව. 2 අනන්‍යතා ගුණයෙන් හෙබි දේශීය පද්‍ය කාව්‍ය සම්ප‍්‍රදායක් පැවති බව ’’ එසේම සියබස්ලකරේ යම් යම් ගී අධ්‍යයනය කිරීමේදි සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් කාව්‍ය සම්ප‍්‍රදායයක් තිබුණු බව මොනවට පසක් වේ. ‘‘දෙරැුස් වස් කියම් - පෙර ගත් එකෙව්නිදුව නොදත නොදත දෙව්බස් - සිය කව් ලකුණනෙ‘ක් දෙඩි’’ සියබස්ලකර රචනා කරන්නේ පාලි හා සකු බස් නොදත්තවුන් හට බව එයින් පවසයි. එම`ගින් සාමාන්‍ය වැසියාගේ පටන් විදග්ධ ප`ඩිවරයා දක්වා විහිදුණු පද්‍ය සම්ප‍්‍රදායයක් තිබුණු බව ප‍්‍රකට වේ. එසේම ඊට ප‍්‍රථමයෙන් කාව්‍ය රචනය පිළිබඳ ඡුන්දස් අලංකාර ග‍්‍රන්ථ රචනා වී ඇති බව මෙම කෘතියේම ගී ම`ගින් පසක් වේ. ‘‘කලාගුරු සුළුපා - වැසි වූ කුළුණු නුවන යුත් කලණමිතෙ වියතුන් - ගත්හි පියුම් ලකුණු ඈ’’ ‘පියුම් ලකුණු’ නම් කෘති රචනා වීමෙන් සියබස්ලකරට ප‍්‍රථමයෙන් පද්‍ය සම්ප‍්‍රදායයක් තිබුණු බව මනාව ස්ඵුට වේ. ඒ අනුව ඉහතින් සාකච්ඡුා කළ කාරණා ම`ගින් සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් අපට දෙනෙතින් දැක ගත හැකි නිර්මාණ මේ වන විට අවිද්‍යමාන වුවද සෙල්ලිපි, ජනශ‍්‍රැති හා සාහිත්‍ය මූලාශ‍්‍රයයන් ම`ගින් හෙළි වන සාධකවලින් මෙරට කිසියම් පද්‍ය සම්ප‍්‍රදායයක් පැවති බව විද්‍යමාන වේ. සීගිරි ගී මගින්ම හෙළිවන අතීත පද්‍ය සම්ප‍්‍රදායය ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයේ ඇරඹුම් සලකුණ කෙදිනක, කොතැනකදීදැයි නිශ්චිතව පැවසීම අපහසු කාර්යයකි. එහෙත් එම පද්‍ය සම්ප‍්‍රදායය කෙමෙන් වර්ධනය වී පැමිණ අද මුළු සාහිත්‍ය ලෝකයේම සුවිශේෂි සලකුණක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. එම පද්‍ය සම්ප‍්‍රදායයේ දැනට ශේෂව පවතින පළමු සාක්ෂ්‍ය සීගිරි ගී සම්ප‍්‍රදායයයි. එහෙත් සීගිරි ගී ම`ගින් අප පද්‍ය සම්ප‍්‍රදායය එකවර ඇරඹුණා යැයි කිව නොහැකිය. මන්ද යත් එම සීගිරි ගී තුළම බොහෝ කලක් තිස්සේ පෝෂණය වූ විශිෂ්ට කාව්‍ය සම්ප‍්‍රදායයක් අප සතු වූ බව විද්‍යමාන වන හෙයිනි. භාරතයේ මේ වන විට විවිධ නිර්මාණ බිහි වී කාව්‍ය පිළිබඳ පුනරුදයක් ඇති වූ යුගයකි. එම නිසා එම පිබිදීමේ සෙවණැල්ල නොමඳව අප සමාජයටද වැටී තිබිණ. මහාකවි කාලිදාසයන් විසින් රචනා කළ මේඝ¥තය පිළිබඳ ලක්වැසියන් දැනුවත් වූ බවට සාක්ෂ්‍ය සීගිරි කැටපත් පවුරේ සටහන් වී ඇත්තේ මෙලෙසිනි. ‘‘වන්දිමි හිමි වලා - තොගොසින් ඇය නිවෙස්නට පිරිබුන් පගා මලයුන දිවොට - තො හදහව කිය කියයි’’ (134* කි‍්‍ර. ව. හයවෙනි සියවසේ විසූ භාමහ ප`ඩිවරයාගේ කාව්‍යාලංකාර කෘතියෙහි මෙබඳු සඳහනක් වෙයි. ‘‘ගතොස්තමර්කෝ භාතින්දුර්යාන්ති වාසාය පක්ෂිණඃ ඉත්‍යෙවමාදි කිං කාව්‍යං වාර්තාමේනා ප‍්‍රචක්ෂේතේ’’ (සූර්යා අස්තංගත වීය. කුරුල්ලෝ කැදලි කරා පියාඹුණහ. මෙය කවියක්ද ? මෙය වාර්තාවක් ලෙස සැලකිය යුතුය.* මෙයින් කවියක් යනු නවමු අත්දැකීමක් සුන්දර හැ`ගීම් දනවන සේ මිහිරි බස් වහරකින් ඉදිරිපත් කළ යුත්තක් බව අදහස් වේ. මේ පිළිබඳ සීගිරි ගී කවීන්ද මනා අවබෝධයකින් සමන්විත වූ බවද උක්ත කාව්‍ය සිද්ධාන්ත ඇසුරු කළ බවද මෙම නිදසුනෙන් පසක් වේ. මේ ගෙත්මට සිතුජ - කෙනෙක්ද ඒ කවෙක් හින්දෙලී මෙ බෙලූව ලී නොහිස් ගී - බලත දක්නා සේ ගති’’ (492* උක්ත ගීය හිස් ගීයක් යැයි ඔවුන් පැවසීම තුළින් කාව්‍ය රසාස්වාදයේ මනා සන්නද්ධ දැනුමකින් යුක්ත වූ බව මොනවට පසක් වේ. එසේම සමස්ත සීගිරි ගී අධ්‍යයනයේදී සුළු කොටසක් හැරෙන්නට අන් සෑම ගීයක්ම අප සිත් ඇද බැඳ තබා ගන්නට සමත් අයුරින් රචනා කිරීමට අපගේ මුතුන් මිත්තන් සමත් වී ඇත. ඔවුන් භරතීය කාව්‍ය සිද්ධාන්තද නිතැතින් අධ්‍යනය කළ බව එම ගී ම`ගින් සෝදාහරණව දත හැකිය. එහි සුවිශේෂීම ලක්ෂණයක් වන්නේ සංක්ෂිප්තව අදහස් ඉදිරිපත්් කිරීමයි. එම කවිතා ලක්ෂණය ඇත්නම් ඔහු විශිෂ්ට කවියෙකි. එම ලක්ෂණය සීගිරි ගී පුරාවටම දැකිය හැකිය. ඒ බැව් ධ්වන්‍යාලෝකයේදී ආනන්ද වර්ධනයන් වර්ණනා කර ඇත්තේ මෙසේය. ‘‘ අනෞචිත්‍යදෘතේ නාන්‍යද්, රසභංගස්‍ය කාරණම්’’. ඒ අනුව ඔවුන් උචිත අනුචිත විවේක බුද්ධියෙන් යුතුව කාව්‍ය රචනා කළ බවය. සීගිරි කවියන් බොහෝ කාලයක සිට පුරුදු කරන ලද යම් පද්‍ය සම්ප‍්‍රදායයකට අනුව ක‍්‍රියා කර ඇති බව ඉන් මොනවට පසක් වේ. සංස්කෘත කාව්‍ය විචාරකයෝ මෙම කාව්‍ය මුක්තක යන නාමයෙන් හඳුන්වති. සාහිත්‍ය දර්පණයේදී විශ්වනාථ ප`ඩිතුමා ‘‘රසය ආත්මය කොට ඇති වාක්‍ය කාව්‍ය ලෙස හඳුන්වයි.’’ සීගිරි ගීවලද මුඛ්‍යාර්ථය රසටය බව පැවසෙන ගී රැුසක් දැකිය හැකිය. ඒ සඳහා නිදසුන් කිහිපයක් මෙසේ දැක්විය හැකිය. ‘‘රස ඇතියවුන් (164* ගියේ රජකතුන් රස කොට (206* නොම බිණි රස වදන් (657* නොම බැණැහි රසැත්තක් (380*’’ එසේම දණ්ඞීන්ට අනුව කවියක රස හා මධුරතාව ඇති කිරීමට අර්ථයෙහි මිහිරිබව සහ ශබ්දයෙහි මිහිරිබව අවශ්‍යය. තත් කාලීන සීගිරි කවියා ඒ පිළබඳ දැන්මකින් සන්නද්ධ වූ බව මෙම ගීයෙන් ප‍්‍රකට වේ. ‘‘මෙයට නැගී ජෙනෙ - ලයු ඇති මිහිරි රෙසෙ එරෙව් ’’ එසේම සීගිරි කවියා දැන හෝ නොදැන කාව්‍යාලංකාර භාවිත කොට ඇති බව සීගිරි ගී අධ්‍යයනයේදී පසක් වේ. එහිදී බහුලව අපට දක්නට ලැබෙන්නේ උපමාලංකාරයයි. ‘‘බන්දු බැමැ නිම් පෙතෙක්හි (394* (ඇගේ බැම කොහොඹ පත‍්‍රයක් බඳුය.* එමු සන්ද්හයි එක්වනා (394* (ඇගේ චන්ද්‍රයා හා ඒකාකාරය* ළදැරිය තොල් ළපලූ නා පැරයු (394* ( ළදැරියගේ තොල්වලින් නා දළු පරදවන ලදී.*’’ එසේම ජනවහරේ දක්නට ලැබෙන උපමාද දැක ගත හැකිය. ‘‘ නිල් කට්රොළ මලෙකැ ඇවුණු වැට්කොළ මල සෙය්. (334* (නිල් කට්රොළු මලක ඇවිණි වැටකොළු මලක් මෙන් * එත සී අමඞ් ලෙඞ් වුණු (337* (සිනහව කැකිරි ගෙඩියක බීජ පන්තියක් බඳුය.* අමය රස වැම්හෙත මජවිත් තලණ්බසා (627* ( අමා රසය වෑහෙන මිදි යුෂ කෝප්පයක් බඳු විය.*’’ ඒ අනුව යථෝක්ත උදාහරණවලින් සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් ලක්දිව දියුුණු පද්‍ය සම්ප‍්‍රදායයක් පැවති බවට උපකල්පනය කළ හැකිය. එම සීගිරි කවියාගේ සංවේදී හදවත, උචිත අනුචිත විවේක බුද්ධිය, සාමාන්‍ය ජනයාගේ පටන් විදග්ධ ප`ඩිවරයා තෙක් දිවයන සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් කවිතා ලක්ෂණ, සංක්ෂිප්තතාව යන කරුණු ඒ සඳහා උපහරණය. මෙහිදී දැක ගත හැකි සුවිශේෂී ලක්ෂණයක් නම් ඉතාම සංවර ලෙස කැටපත් පවුර භාවිත කිරීමයි. එය වර්තමාන සමජය හා සස\ බැලීමේදී කෙතරම් සුවිශේෂීද යන්න තේරුම් ගත හැකිය. යථෝක්ත සමස්ත කරුණු කාරණා අධ්‍යයනයේදී සීගිරි ගීවලට ප‍්‍රථමයෙන් අපට දෑසින් දැකගත හැකි මූලාශ‍්‍රයයන් ශේෂ නොවුවද එම යුගය තුළ ලියන ලද සෙල්ලිපිවලින් ඉන් පසුව රචනා කරන ලද ඓතිහාසික පොත්පත්වලින් සාහිත්‍ය කෘති ම`ගින් ජනශ‍්‍රැති ම`ගින් මොනවට පසක් වන්නේ ලක්වැසියා සතුව සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් විශිෂ්ට පද්‍ය සම්ප‍්‍රදායයක් පැවති බවයි. ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍රය පපඤ්චසූදනී මජ්ක්‍ධිම නිකායට්ඨකථාව ධම්මකිත්ති ශ‍්‍රී ධම්මානන්ද හිමි රාජකීය ආසියාතික සමිතිය කොළඹ මහාවංශය (සිංහල* බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය නැදිමාල 2008 ලෝ්වැඩස`ගරාව (සංස්* ගුණපාල සේනාධීර අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව 1979 සාරත්ථප්පකාසිනී (සංයුක්ත නිකායට්ඨකථා වංගීස සංයුක්තය* (සංස්* සූරියගොඩ සුමංගල හිමි කොළඹ 1920 කුලසූරිය ආනන්ද සිංහල සාහිත්‍යය 1 විසිදුනු ප‍්‍රකාශකයෝ බොරලැස්ගමුව 1999 සිදත්ස`ගරා මීමංසා (සංස්* අත්තනායක එම් හේරත් සීමාසහිත ස්ටැම්ෆර්ඞ් ලේක් පෞද්ගලික සමාගම පන්නිපිටිය 2000 සියබස්ලස්ලකර දීපනි, (සංස්* වි.ඞී.එස්. ගුණවර්ධන, සමයවර්ධන සමාගම, කොළඹ 10, (2003*. එම පිටුව 17ද්විතීයක මූලාශ‍්‍රය චන්දන හිමි ඔරුක්මාන්කුලමේ නුවරකලාවියේ ජනකවි ශිල්පානන්ද මුද්‍රණාලය වාද්දුව 1990 ජයසේකර යූ ඩි ගී කවේ වග තුග ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම කොළඹ 1962 සන්නස්ගල, පුඤ්චිබණ්ඩාර. සිංහල සාහිත්‍ය වංශය. කොළඹ: ලේක්හවුස් මුද්‍රණාලය, 1961. තෘතීයක මූලාශ‍්‍රය විද්‍යෝදය ධර්ම ශාස්තී‍්‍රය සංග‍්‍රහය (සංස්* වෑගම පියරතන හිමි විද්‍යෝදය පිරිවෙණේ ආදි ශිෂ්‍ය සංගමයේ ප‍්‍රකාශනයකි 2007 ෘයඩ්බහ්කදන් දෙ ්බ්බා්අ්රා්බ් අසඑය එයැ ජදපපැබඒරහ ්ඉයසබ්ඩ්ටමචඒ ඤන්අහ්ප්ක් ිැරසැි ි්ට්ර චරුිි ඊදපඉ්හ 1935 ණ්අහ්ක්බන්ර් දෙ ඊ්ප්ය් ඡු ඪ බ්හ්බ්එය් ී්ිඑරහ ඤැා% ඵදඑසක්ක ඊදබදරිසා්ිි ෘැකයස 07 1991 ඤීැජදබා ැාසඑසදබ% ී්යසඑහ් ා්රච්බ් දෙ උසිඩ්බ්ඒ ි්ට්ර චරුිි ඊදපඉ්හ 1822 ඨදා්නමපඉමර් ක්‍ ෑ ීසබය්කැිැ කසඑැර්එමරු චරසබඑැා සබ ක්‍ැහකදබ ඉහ එයැ ක්‍දකදපඉද ්චදඑයැජ්රසැි ජද ඛඔෘ 1955