Thursday, December 12, 2013
ධ්වනි වාදය විචාර වාදයක් ලෙසින්
02. ධ්වනි වාදය විචාර වාදයක් ලෙසින්
සාහිත්‍යය යනු රසාලිප්ත, අතිශයින් ජනයාට හිතවත් වූ ලියවිලි සමූහය ලෙසින් සලකමු. එය ගද්‍ය, පද්‍ය, චමිපු ලෙසින් පවතින්නේය. මෙහිදී සාහිත්‍යය සමග බද්ධව යන වචනය විචාරයයි. මෙය සාහිත්‍යය සමගම විචාරකයාගේ අතට පත් වීමත් සමගම ඇතිවූවකි. ඒ විචාරකයා විචාර කාර්යයක නොයෙදී නිර්මාණයක් කියවන කල්හි පවා රසයෙන් පිබිදී යයි. නීරසයෙන් හැකිළී යයි. එබැවින් එම ප‍්‍රබෝධය විඥානයට නගාගෙන ඊට හේතු සාධක සමග ඉදිරිපත් කිරීම විචාරය ලෙසින් සැලකේ. තවදුරටත් සාහිත්‍ය නිර්මාණයක යථාර්ථය විවරණය කිරීම විචාරය නම් වේ. ලොව විචාර සිද්ධාන්ත බොහෝ ප‍්‍රමාණයක් වත්මන බිහිවී ඇත. මෙය පෙරදිග හා අපරදිග ලෙසින් දෙවිදියකින් විචාරවිධීන් පවතින අතර භාරතීය විචාර වාදය වනාහී ඉන් පැරණිතම විචාර ක‍්‍රමයකි. සංස්කෘත විචාර වාදයේ සැළකෙන ධ්වනිවාදය ප‍්‍රධාන තැනක් ගන්නා අතර එය ආනන්ද වර්ධන විසින් වර්ධනය කරන ලද්දේය. ධ්වන්‍යාලෝක විවරණය වනාහී ධ්වනිය පිළිබඳව ලියා ඇති සවිස්තරාත්මක කෘතියයි. මෙම නිබන්ධනයේදී අපවිසින් ධ්වනිය යනු කුමක්ද, එය සාහිත්‍යයක නිරූපණය වනුයේ කෙසේද යන්නත් එහි සාහිත්‍යය විචාරය සඳහා යොදාගත හැකිදැයි විමසීමත් අදහස් කෙරේ. ධ්වනිය වනාහී ධ්වනිවාදීහු පවසනුයේ මුළු කාව්‍යය පුරාම පැතිර පවතින්නක් ලෙසය. ධ්වනිය නොමැති කල සාහිත්‍යය රසයෙන් තොර හා එය සාහිත්‍ය ලේඛනයක් ලෙසින් ගැනීමට නොහැකි බව පවසයි. මෙහිදී නූතන සාහිත්‍යය ධ්වනි පූර්ණ බස්වහරක් හා නිර්මාණකරුවා ගෝචර කොටගෙන ඇත්දැයි විමසා බැලීමට අදහස් කරනෙමු. එබැවින් ධ්වනිය සාහිත්‍ය නිර්මාණය සඳහා කෙසේ ඉවහල් වනුයේද යන්නත් එහි ඇති විවිධ ප‍්‍රභේද යටතේ ඒ පිළිබඳව විමසීමට අදහස් කරනෙමු. මෙම ආකාරයෙන් ධ්වනිවාදය නූතන සාහිත්‍යය විචාරය සඳහා යොදා ගැනීමට හැකිදැයි විමසමු.
01. භාරතීය ධ්වනිවාදය
භාරතී සාහිත්‍ය විචාරයෙහිලා ප‍්‍රධාන සිද්ධාන්තයක් ලෙසින් ධ්වනිවාදය හඳුනා ගත හැකිය. ධ්වනි වාදයේ පියා ලෙසින් සලකනුයේ ආනන්ද වර්ධනය. ඔහුගේ ධ්වන්‍යා ලෝක විවිරණයෙන් ධ්වනි සංකල්පය විචාර සිද්ධාන්තයක් ලෙසින් ඉදිරිපත් කරයි. ආනන්ද වර්ධන විසින් හ\ුන්වාදෙන ධ්වනිවාදය ව්‍යාප්තිය සිදුකරනුයේ අභිනව ගුප්ත විසින්ය. ඒ සඳහා ඔහු භරතගේ නාට්‍ය ශාස්ත‍්‍රයට අභිනව භාරතී හා ධ්වන්‍යාලෝකයට කාව්‍යාලෝක ලෝචනා යනුවෙන් ග‍්‍රන්ථ දෙකක් ලියුවේය. ධ්වනිය යනු සාහිත්‍ය නිර්මාණයක ඇගවීම හෙවත් යමක් දැනවීමයි.‘‘පළමුවැනි වෙළුමෙන් (උ ද්‍යොත * කතුවරයා දිවනිය පිළිබඳව විවිධ මති මතාන්තර දක්වයි. කෙනෙක් ධ්වනිය භක්තිය වසයෙන් හඳුනි්වති. ඇතැමෙක් දිවනිය කියා දෙයක් නැතැයි පවසති. සමහරෙක් එය ලක්ෂණ ව්‍යාපාරයම යැයි කියති. තව කෙනෙක් ධ්වනිය වචනයෙන් ප‍්‍රකාශ කළ නොහැකි අනුභවයෙන් පමණක් තේරුම්ගත හැක්ක කැයිද පවසති. වාච්‍ය හා ප‍්‍රතීයමාන වශයෙන් පද්‍යයේ අර්ථය දෙවැදෑරුම් වේ. වාච්‍ය වූ කලී ප‍්‍රකාශිත අර්ථයයි. ප‍්‍රතීයමානය නම් ඇගවෙන අර්ථයයි.....ව්‍යංගාර්ථය මුඛ්‍යවශයෙන් යෙදෙන කළ පමණක් ධ්වනිය ලැබෙන නමුත් අලංකාරොපේක්ෂාවෙන් යෙදුවහොත් ධ්වනියක් නොලැබේ. ධ්වනිය යනු භක්ති ව්‍යාපාරයක් නොවේ.’’ එනම් ධ්වනිය යනු කුමක්ද යන්න මෙයින් අපට පැහැදිලි කරගත හැකිය. ආනන්ධ වර්ධන ධ්වනිය වනාහී කාව්‍යය පුරාම පවතින අලංකාරයද ඉක්මවායන එකක් ලෙසින් දක්වයි. එසේ නම් ධ්වනිය ලෙස ගනුයේ කවියක අලංකාරෝක්තිය, අදහස් හා භාවයන් මගින් ඒවායින් ප‍්‍රකාශ වන අදහස් හා හැගීම් වලට බාහිරවූ අර්ථයක් කියවන්නා වටහා ගනීද ඒ බාහිර අර්ථය ධ්වනිය ලෙසින් සැලකේ. එබැවින් ධ්වනිය වනාහී පාඨකයාගේ බුද්ධි ගෝචර වන්නාවූ එක්තරා විචාර සිද්ධාන්තයක් බව මින් පැහැදිළිය. තවද ආනන්ද වර්ධන විසින් එය හඳුන්වනුයේ මෙසේය.‘‘යම්කිසි රචනයක අර්ථ හෝ ශබ්ද අප‍්‍රධාන වශයෙන් පෙනී සටිමින් ව්‍යංග්‍යාර්ථයක් පැහැදිළි කරයිද. ව්‍යංග්‍යාර්ථය වනාහී යම් රචනයක ඇත්ද එතැන ධ්වනිය ඇතැයි ඉන් පැවසේ.’’ ව්‍යංග්‍යාර්ථ වනාහී වාච්‍යාර්ථයෙන් පමණක් නූපදී. මෙය පාඨකයාගේ සිත තුළ කොටස් තුනක් යටතේ ජනිතවන අදහස් විමසා බැලේ. අභිධා, ලාක්ෂ්‍ය, ව්‍යංජන යනාදී ලෙසින්ය. එනම් ව්‍යංග්‍යාර්ථය වනාහී හුදු වචන අරුතම පමණක් නොවන බවද සිහි තබාගත යුතුය. තවදුරටත් ධ්වනිය පිලිබඳව අදහස් විමසීමක් කර බලමු.
’‘ධ්වනීයතේ ශබ්ද වාච්‍යාර්තා පේක්ෂයා අධික චමත්කාරිකයා ප‍්‍රතීයතෙයොත්ථිඃ ධ්වනිඃ.’’
එනම් වචනයෙන් පැවසෙන අරුතට වඩා අධික චමත්කාරයකින් යුක්තව යමක් පැවසෙතොත් එය ධ්වනිය නම් වේ. තවද රසය උපදිනුයේද ධ්වනිය පදනම් කොටගෙන බව පැවසේ. රස නිශ්පත්තිය සඳහා අවශ්‍ය වනුයේ ධ්වනිය බව ඔවුනගේ අදහසයි. සාහිත්‍යයේ අලංකාර, ගුණ, රීති යනාදී සියලූම කාරනාවන් රසය පිණිස හේතු වුවද ධ්වනිය මාර්ගයෙන් ඒ සියල්ලම රසාලිප්ත වන්නේ යැයි ධ්වනිවාදීන්ගේ මතයයි. ධ්වනිය යන වචනයේ අරුත පස්වැදෑරුම් බව සඳහන්වේ.
1 ව්‍යංග්‍ය අර්ථය උත්පාදනය කරන්නාවූ වාචක පංචකය.
2 ව්‍යංග්‍යාර්ථ දනවන මූලික අර්ථ.
3 වාචක ශබ්ද හා වාච්‍යාර්ථය මගින් උපදින ව්‍යංග්‍ය අර්ථ.
4 ව්‍යංගයාර්ථය දනවන්නාවූ ව්‍යංජනා ව්‍යාපාරය.
ව්‍යංග්‍යාර්ථය ගැබ්කොට ගත්තාවූ උත්තම වූ කාව්‍ය විශේෂය. යන අර්ථයන් මෙම ධ්වනිය යන අදහසේ පවතින බව පිළිගන්නා මතයයි. එබැවින් කෙසේ හෝ මෙම ධ්වනිවාදය යන්න පිළිබඳව යම් අදහසක් හා හැඳින් වීමක් මෙහිදී ගෙන බැලූවෙම්.
සාහිත්‍යය යනු මානව ජීවිතය විවරණය කරන මිනිසාගේම නිර්මාණයක් වූ ලියවිලි සමූහයයි. යම් සාහිත්‍ය නිර්මාණයක් බිහිවීමෙන් පසුව එය පාඨකයාගේ රසවින්දනයට බඳුන්වේ. මෙහිදී අපට එකී සාහිත්‍ය නිර්මාණය විවිධ දිසානතීන් ඔස්සේ විචාරයට ලක්කළ හැකිය. මෙලෙස විමසා බැලීම වනාහී විචාරක‍්‍රමය ලෙසින් හඳුනාගත හැකිය. එහිදී විචාර සම්ප‍්‍රදායන් බටහිර හා පෙරදිග වශයෙන් ද්විිවිධව පවතියි. භාරතීය විචාරයෙහිලා ධ්වනිවාදය වනාහී සුවිශේෂී විචාර සිද්ධාන්තයක් ලෙසින් අප හමුවට පැම්ණේ. මෙහිදී ධ්වනිය වනාහී සර්ව සම්පූර්ණ විචාර සිද්ධාන්තයක් ලෙසින් අප සැලකීම වැරදිය. ඒ සාහිත්‍යයේ එක් සාර්ථක විචාර ක‍්‍රමයක් පමණක් වන නිසාය. ධ්වනිය ඇතැම් විටදී සාහිත්‍යයට බාධාවක් වන්නටද පිළිිවනිය. සාහිත්‍යයේ වචනයෙන් කියැවෙනුයේ අත්දැකීම්ය. එහිදී විචාරය යටතේ ධ්වනිවාදීහු ධ්වනිය නොමැතිව කිසිදු සාහිත්‍ය නිර්මාණයක් නොකළ හැකැයි යන ප‍්‍රබල තර්කය නගති. එබැවින් ධ්වනිය වනාහී කාව්‍යය පුරාම පැතිර පවතින්නක් බව ඔවිහු පවසති. මෙම කාරණාව නිසාවෙන් ධ්වනිය සර්ව සම්පූර්ණ විචාර සිද්ධාන්තයක් ලෙසින් අපට නොගත හැකිය. ඒ එකී සාහිත්‍ය කෘතියේ ධ්වනියෙන් කරනුයේ අනුභුතිය විග‍්‍රහ කිරීම විනා එහි අත්දැකීම පිළිබඳව අගය කිරීමක් නොමැති නිසාය. කලා කෘතියක් කිසියම් හැඟීමක් නොකරයිනම් ධ්වනිවාදීහු එය ඉවත දමති. ධ්වනියක් නොමැතිනම් වෙළඳ දැන්වීම්වලද ගතයුතු දෙයක් නොමැතියැයි විචාරකයෝ පවසති. නමුදු ඒවායේ ඇත්තේ කිසියම් වූ ධ්වනියකි. එනම් එකී දැන්වීම්ද ධ්වනියක් ඇතිනිසා ඒවා සාහිත්‍යට අයත්විය යුතු නොවේද විචාරකයන් නගන ප‍්‍රශ්නයකි. මෙහිදී අප බලාපොරොත්තු වනුයේ ධ්වනිවාදය අසාර්ථක යැයි කීමට නොවේ. එනම් ධ්වනිවාදය යනු සාහිත්‍ය විචාරයෙහිලා එක් අංශයක් පමණක්ය යන්න කීම සඳහාය.‘‘රසවාදයට ධ්වනි වාදය එක්කර ගනිමු. ධ්වනිවාදයෙන් සාහිත්‍යය නිර්මාණය පිළිබඳව අලූත් අදහසක් ලැබෙන බව සැබෑය. මූලික අර්ථවලින් පමණක් හගවනු ලබන අර්තවලින්ද කෘතිය ගැබිවන උක්ති ක‍්‍රමයේ පෝසිත දිවනිවාදය කියයි. කෘතිය පාඨකයා කෙරෙහි බලපාන එක් අන්දමක් මෙයින් පැහැදිළිවේ. වෙන වචනවලින් කියතොත් ධ්වනිවාදය නිර්මාණ මාර්ගයක් හෙලි කරයි. කෘතියෙහි ගැබ් අත්දැකීම ගවේෂණය කිරීමට මෙයින් උපකාරය ලැබෙයි. නමුත් කෘතියේ අගය නිගමනය කිරීමට හෝ කෘතියෙන් උපදින වින්දනය හෝ දර්ශනය පුනර් වින්දනය කිරීමට හෝ ධ්වනි වාදයෙන් රුකුලක් නොලැබේ. එහෙයින් ධ්වනිවාදයෙන් පරිපූර්ණතම කාර්යය සිදු නොවේ.’’ මෙසේ ධ්වනිවාදය විචාරය සඳහා ප‍්‍රවේශ වන ආකාරය පැහැදිළි කරගත හැකිය.
ධ්වනිවාදී විචාරයේදී ප‍්‍රථමයෙන් භාවිතා කරන විෂය නම් කවිතාවන්ගේ නවතාවයයි. නවතාවය යනුවෙන් අදහස් කරනුයේ පූර්වයේ ලියන ලද කිසිවක් නොලිය යුතුය යන අදහස නොවේ. එනම් ලියනු ලබන සාහිත්‍ය කෘතිය හෝ ලියවිල්ල කිසියම් ධ්වනියක් ඇතුව නව්‍ය කරනයෙන් යුතුව ලිවිය යුතු බව ඉන් කියැවේ. එය ඇතිකර ගැනීම සඳහා අක්ෂර, ශ්ලේෂ, පද භාවිතා කිරීම පිළිබඳව විමසීම සිදුකිරීමක් නොකරයි. එනම් ප‍්‍රායෝගික නුතන සාහිත්‍ය විචාරයෙහිලා ධ්වනිවාදය සිදු කරනුයේ කවියාගේ අදහස් කොතැනින් ගත්තේද, කොතැනින් කෙළවර වේද යන්න සෙවීම නොව එම අදහස් හා යෙදුම් මගින් ප‍්‍රස්ථාවෝචිතව ධ්වනිය හට ගනීද, ව්‍යංග්‍යාර්ථයක් උපයෝගී කොටගෙන චමත් කාරය දැනවේද යන්න සෙවීමය. එබැවින් ධ්වනිවාදය සාහිත්‍ය විචාරයෙහිලා ප‍්‍රවේශ වනුයේ මෙම කාරණාව මාර්ගයෙන්ය. ධ්වන්‍යාලෝක විවරණයේ මේ සඳහා ආනන්ද වර්ධනයන් අදහස් දක්වයි.
‘‘දේවර්ෂීන් මෙසේ කියද්දී පාර්වතීය අවනත මුහුණින් යුතුව පියාගේ පාර්ශවයෙහි
සිටින්නී ක‍්‍රීඩා පද්මයෙහි පෙති ගණන් කළාය.
‘‘ මනාලයන් පිලිබඳ කතාලාප සිදුවෙද්දී යුවතියෝ, ලජ්ජාවෙන් අවනත වූ මහුණු
ඇත්තෝ සිත තුළ වූ මහත් රුචිය රෝමෝද් ගමනයෙන් අගවති.’’
මෙම ශ්ලෝකයෙන් මුලින් සඳහන් කළ පාර්වතී ශිවට විවාහ කර දීමට පැම්ණි විටදී අය තුළ හටගත් ලජ්ජාව නෙළුම් පෙති ගණන් කිරීමේ ක‍්‍රීයාවෙන් පෙන්වයි. ඇගේ ලජ්ජාව වචනයෙන් පවසා නොමැත. නමුදු දෙවන ශ්ලෝකයෙන් පැවසෙන අදහසට අනුව ස්ත‍්‍රීන්ගේ ලජ්ජාව වචනයෙන් පවසා ඇත. එනම් මෙම ශ්ලෝක දෙකින් නවතාවය ඇත්තේ මුල් ශ්ලෝකයේ බව පැහැදිළිව පෙනී යයි. එබැවින් ධ්වනිවාදීන් සාහිත්‍ය විචාරයෙහිලා අනුගමනය කරනුයේ මෙම ධ්වනිය හෙවත් නවතාවය සෙවීමේ ක‍්‍රම වේදයයි. දෙවනුව ධ්වනිවාදයට අනුව විචාරයෙහි අනගමනය කරනුයේ රසය පිළිබඳවය. එහිදී කාව්‍යයක රසය ධිවනිවාදීන්ට අනුව තුන් ආකාරයකින් පැවතිය යුතුය. එනම් මෙසේ එකී රසයන් පිලිබඳව කරුණු දැක්විය හැකිය.‘‘ රසය ප‍්‍රධානව කොටස් තුනකින් යුක්තය. රසද්ධිවනි, අලංකාරද්ධ්වනි, වස්තුද්ධ්වනි යනුවෙනි. යම් කාව්‍ය රචනාවක දිවනිත වන අර්ථය රසයක් නම් එය රසධිවනියයි. එසේම ධ්වනිතාර්ථයෙන් කිසියම් සම්මත කාවාලංකාරයක් නම් එය අලංකාරධ්වනියයි. ධ්වනිත වන අර්ථය රසයක් හෝ අලංකාරයක් නොවී හුදු රමණීය අදහස් මාත‍්‍රයක් නම්, කවිකල්පනාවක් නම් එතැන ඇත්තේ් වස්තුධ්වනියයි.’’ එබැවින් ධ්වනිවාදීන්ට අනුව සාහිත්‍ය කෘතියක පෙනෙන විචාර ක‍්‍රමය සඳහා යොදාගනු ලබන රසවින්දන කාරනාවන් මෙසේ දැක්විය හැකිය. මෙකී අවස්ථාවක් මෙසේ ගෙන දක්වමු. කාව්‍යයේ මුඛ්‍යාර්ථයට සරිලන ලෙස යොදා ගනවු ලබන අදහස්,වචන, වෘත්ත, තාල තරග වෙම්න් ධ්වනිතාර්ථ නගයිද ඒ ධ්වනිතාර්ථය නිසාවෙන්ම කාව්‍යය රසවත් වන්නේය. එකී උදාහරණයක් මෙසේ ගෙන දක්වමු.
‘‘ ගඟ පතුල මාළුවා - ඇඟ නොසෙල්වයි
රිදී හඬ නොනගවයි - ඇස් නොදල්වයි
ආදරය මා ඇසින් - ඔබ ඇසට ඉගිකළා
මුලූ ලොවම ඇති එළිය - ඉඟියකින් බිහි කළා ’’
එනම් රසය ජනිතවන අවස්ථාවක් ලෙසින් මෙය පෙන්වා දිය හැකිය. දිගු වේලාවක් නිහඩව සිටි පෙම්වතුන් දෙපලක් එය බිඳිමින් ආදරය ඔවුනගේ සිත්වලට පැවසූ සැට් දක්වනුයේ ධ්වනිතයක් මතු කරමින්ය. වචන භාවිතයේදී මෙහිදී යම් වූ රසයක් ගෙනදුන්නද ධ්වනිතාර්ථවත් භාවය නිසාවෙන් එය තවත් රසවත් වීමත් පසුව විචාරයට ගතහැකි බව පෙනේ. එබැවින් ධ්වනිවාදයට අනුව සාහිත්‍ය රසවින්දනයෙහිලා උපයෝගී කරගන්නා ආකාරය මැනවින් පැහැදිළි විය.
03. ධ්වනි වාදය නූතන සාහිත්‍යය විචාරය සඳහා යොදාගන්නා ආකාරය
සාහිත්‍ය විචාරය සඳහා අප විසින් ධ්වනි වාදය විචාර ක‍්‍රමයක් ලෙසින් ප‍්‍රථමයෙන් අප හ\ුනා ගත්තෙමු. මෙහිදී අප ධ්වනි වාදය යොදාගැණෙනුයේ විචාර සඳහා උපයෝගී කොට ගත හැකි ආකාරය පිළිබඳව විමසීමටය. මෙහිදී ධ්වනි වාදයට අනුව සාහිත්‍යය කෙලෙසින් විචාරය කළ හැකිද යන්න විමසීමට අදහස් කරනෙමු. ධ්වනිය දෙයාකාරයකින් යුක්ත වන අතර,එමගින් එය සාහිත්‍ය විචාරයෙහිලා උපයෝගී කොට ගැනීමට හැකියාව ලැබේ. ශබ්දධ්වනිය හා රසධ්වනිය යනුවෙන් ඒ ප‍්‍රභේද දෙකය. මෙයින් යම් සාහිත්‍යයක් සැදුම්ලත් වෙන අතර ධ්වනිය මාර්ගයෙන් එය විචාරය කළ හැකිය. එනම් සාහිත්‍ය කරුවා බලාපොරොත්තු වන යම් අදහසක් පාඨකයාට ගෝචර කරගැනීම සඳහා ශබ්ද රසය වැදගත් වේ. ශබ්දය මාර්ගයෙන් අපට ධ්වනිවාදීන් පෙන්වා දෙනුයේ මෙයයි. තවද ධ්වනිය පැහැදිළිව සාහිත්‍ය කෘතියක භාෂාව හැසිර වීම පිළිබඳව ධ්වනිවාදයෙන් විචාරයක් කර ගත හැකිය. මෙහිදී එලෙසින් විචාරය සඳහා ගත හැකි කවියක් ගෙන බලමු.
‘‘වළදින අදහසින් මෙන් සුරගන අගන
නල බල සසල දළ රළ පෙළ නුඔ නැගෙන.........’’
මෙම කවිය මාර්ගයෙන් පැහැදිලි වනුයේ ධිවනි වාදයට අනුව සාහිත්‍යයක් ශබිදය මාර්ගයෙන් යමි වූ රසවින්දනයක් කරගැනීමට හැකි බවය.මුහුද පිළිබඳව දර්ශනයක් අපගේ සිතේ ඇතිවන පරිද්දෙන් මෙම කවියා ශබිදය හැසිරවීම නල, බල, සසල, දළ, රළ, පෙළ යනාදී ශබිදයන් මාර්ගයෙන් ධ්වනිවාදයට අනුව විචාරයට ලක් කළ හැකි එක් මාර්ගයකි. එනම් ශබිද ධ්වනියේ ඇති සමත්කම නිසා එකී සාහිත්‍ය රසයක් ඇතිකිරීමට හැකියාව ලැබිණ.මෙම කාරනාව නූතන කවියක් මාර්ගයෙන් ගෙන බැලිය හැකිය. දයාසේන ගුණ සිංහගේ වැස්ස පද්‍ය පංතිය ගෙන බලමු.
‘‘චිරි චිරි චිචිරි චිචිරි උදේ සිට ඇද හැලෙන
පොද තෙත බරිව නොකැඩි හිරිකිතෙන් කිළි පොළන’’
මෙම පද්‍ය පන්තිය දෙස පාඨකයාගේ මනසින් වැස්සේ අසිරිය දැනෙන පරිද්දෙන් ලියා තිබීම සැබවින්ම අගනේය.එය ශබ්ද රටාව සංකලනය කොට ලියා ඇති නිසාවෙන් වැස්සේ ස්භාවය දක්වනු යේය. එසේ යෙදීම ශබිදධ්වනියේ අනුහසයි. එනම් ධ්වනි වාදයෙන් අපට පැහැදිලි වන්නේ සාහිත්‍ය කෘතියක භාෂාව පිළිබඳව යම් විග‍්‍රහයක් සිදු කිරීමෙහිලා පාදක කොටගත හැකිබවයි. මෙම ශබිදධ්වනිය වනාහී පද්‍ය කෘතියක් සඳහා පාදක කොට ගැනීමේ හැකියාව වැඞ්ය. නමුදු එය ගද්‍යය සඳහාද යෙ¥ අවස්ථා නැතිවා නොවේ. බුත්සරණ වනාහී ඒ සඳහා ඇති හොඳම සාධකයයි.
‘‘ ඈත ධූලියෙන් වැසීගිය ඇත් රජාණෝය,මෑත සවණක් ඝණ බුදු?සින් සැදීගිය බුදුරජාණෝය,ඈත මහ පොළව ගුගුර ගුගුරා දිවෙන ඇත්රජය,මෑත මිහිකත සනහ සනහා වඩින බුදුරජය.....’’
ඉහත ගද්‍යය භාෂාව මාර්ගයෙන් දසුනක් හා ශබ්ද රසයක් වෑහෙන පරිද්දෙන් බුත්සරණ කතුවරයා යොදාගත් ආකාරයයි. එයින් පෙනී යන්නේ ගද්‍යය සඳහාද මෙම ධ්වනිවාදයට අනුව භාෂාවේ විචාරාත්මක පැතිකඩක් විවරණය කළහැකි බවයි. තවදුරටත් මේ පිළිබඳව විමසීමට කවිපන්තියක් ගෙන බලමු.
‘‘තහලම් කළ බෙර පට තන්තිරි ඩමු
තඔමේ ටක බෙර බොමිබිලි වීණා වස් සුසී
බෙර මද්දල කානල රසු නිගලමි බඳ සෝදු
මේ සියල් මහ හිගුමෙන් පළ කෙරෙමින් සිඳු අයූ’’
කවියා සම්පූර්ණයෙන්ම සංගීත භාන්ඩ නාමාවලියක් යොදාගනිමින් අර්ථ රසයක් මෙන්ම ශබිද රසයක් ඇතිකොට ගනී. එහිදී එම නාම මාලාව යොදාගනුයේ ගම්භීර ශබිදධ්වනියක් ලෙසින්ය. එය සමුද්‍ර ඝෝෂාව මෙන් මනස තුළ රාව ප‍්‍රතිරාව නංවයි. එබැවින් නූතන සාහිත්‍යය විචාරයෙහිලා ධ්වනිවාදයේ ඇති උපයෝගීතාවය මෙයින් පැහැදිළිය. අර්ථද්ධ්වනිය වනාහී ධ්වනි වාදයෙහිලා ගනු ලබන තවත් විචාර සිද්ධාන්තයකි. එයින් සාහිත්‍ය කෘතියක ඇති අර්ථය හෙවත් ව්‍යංග්‍යාර්ථය විමසීමක් කෙරේ. සාහිත්‍යයේ යමක් සිදු වූ ආකාරය සියල්ල පවසනාවාට වඩා හිතා ගැනීමට සැලැස්වීම සිදු කෙරේ. එම භාවමය අදහස් ආදිය විචාරාත්මකව දැනගැනුමෙහිලා හැකියාව ලැබෙනුයේ මෙම ධ්වනිවාදයේ අර්ථද්ධ්වනිය මාර්ගයෙනි.
‘‘අල්ලාගෙන නෙරිය අතකින් කිමිද නගෝ ‘‘අල්ලාගෙන නෙරිය මඩ ගෑවෙන හින්දා
වසාගෙන දෙතන අතකින් කිමිද නගෝ වසාගෙන දෙතන බිළිඳුන් කිරි හින්දා
හිමියෙක් නැතිව නුඔ තනියම මොකද නගෝ බාල මස්සිනා පස්සෙන් එන හින්දා
අම්බලමේ නැවතී අපි යමුද නගෝ ’’ යන්නම් අයියන්ඩි ගමනට දුර හින්දා
උක්ත කවියේ අදහසට අනුව අපට කිවහැකි වනුයේ ශබිද රසයට වැඩිය අර්ථ රසයට වැඩි තැනක් දී ඇති බවය. මුල් කවියෙන් පවසනුයේ තරුණයකු තුළ ඇතිවූ හැඟීමක් සරලව පාටකයාට දැනගන්නට සැලැස් වීමයි. නමුදු දෙවන කවියෙන් ඊට වඩා ගැඔුරු වූ අදහසක් පාඨකයාට දැනගැනීමට සලස්වයි. එනම් තරුණයා බලාපොරොත්තු වූවාට වඩා වෙනස් අදහසක් ඔහු මවිත කරවන පරිද්දෙන් කවියා පවසයි. එනම් මෙකී ලක්ෂණය වනාහී අර්ථද්ධ්වනියේ දක්නට ලැබෙන ලක්ෂණයකි. එම අදහස විචාරයට ලක්කිරීමේ හැකියාව සැලසෙනුයේ ධ්වනිවාදයට අනුව අර්ථය පිළිබඳව විමසීම නිසාය. එබැවින් ධ්වනිවාදීන් ප‍්‍රකාශ කරනුයේ අර්ථද්ධ්වනිය වනාහී මුළු කාව්‍යය පුරාවටම පැතිර පවතින්නක් බවය. තවදුරටත් මෙම කාරණය දැනගැනුමෙහිලා විමල් දිසානායකගේ ‘‘මියගිය උවැසිය’’පද්‍ය පංතිය ගෙනහැර බලමු.
’‘පිරුවානා පොත් වහන්සේ කනප්පුවේ පෙරලී ඇත
මිදුල පුරා වියලූනු කොළ ඒ මේ අත විසිර තිබේ
මිදුලේ පහන් පැලේ නිතර සැලූණු දැල්ල නිවී ගොස්ය
ඉඳහිද ගේ පිළිකන්නේ බල්ලකු උඩු බුරනු ඇසේ ’’
උක්ත පද්‍ය පංතිය මාර්ගයෙන් කවියා පවසන අදහස පිළිබඳව අපට යම් අදහසක් එක එල්ලේම වටහා ගැනීමට නොහැකිය. නමුදු එකී පද්‍යය මාර්ගයෙන් පැවසෙන අදහසක් ඇත. එය එක පාරටම ශබ්දද්ධ්වනිය මාර්ගයෙන් ද නොවැටහේ. නමුදු අර්ථද්ධ්වනියක් ඒ තුළ අන්තර්ගත වේ. එබැවින් ධ්වනි වාදීහු පවසන අදහස් මාර්ගයෙන් කිව හැක්කේ සාහිත්‍ය විචාරයෙහිලා ධ්වනිවාදයේ ඇති හැකියාවයි. ඔවුහූ කාව්‍යයක පවතින අර්ථද්ධ්වනිය අනිවාර්යයෙන් පැවතිය යුත්තක් ලෙසින් දකියි. මෙය අන්‍ය සාහිත්‍යාංගයන් උදෙසාද යොදාගත හැකිබව කිවහැකිය.‘‘මෙම ව්‍යංගය නවකතාවක් වැනි පෘථුල සාහිත්‍යාංගයක් කරා වුවද පෘථුල කර හැකැයි මම විස්වාස කරම්. අපි නිකොලායි ගොගොල්ගේ මළමිනිස්සු නැමති නවකතාව ගනිමු. එය චෙකොෆ් නැමති පුද්ගලයෙකු රුසියාව පුරා ඇවිදිමින් මියගිය වහලූන් මිලදී ගැනීම, කතන්දර කියයි.මෙම කතන්දර කූතූහලය අවුස්සන්නක් නමුත් එහි ඇත්තේ හුදෙක් කතා රසයක් පමණක් නම් එම නවකතාවෙහි ඇති වටිනාකමක් නැත. එය ලෝකයේ ඇති ශ්‍රේෂ්ට නවකතාවලින් එකක් වී ඇත්තේ හුදෙක් කතා රසයක් පමණක් නම් එම නවකතාවෙහි ඇති වටිනාකමක් නැත.එය ලොකයේ ඇති ශ්‍රේෂ්ට නවකතාවක් වී ඇත්තේ මේ කතන්දර යටින් යමක් ධ්වනත වීම නිසාය. එයනම් එකල රුසියාවේ පැවති සමාජ හා ආර්ථික පරිහානීයයි.’’ එබැවින් ධ්වනිය මාර්ගයෙන් පැවසෙන යම් කාරනාවක් ඇත. ඒ අර්ථය සඟවාගෙන කීමෙහිලා සාහිත්‍යයේ පවතින හැකියාව වනාහී ජනිත වනුයේ මෙම ධ්වනිවාදයේ ලක්ෂණයක් නිසාය. තවදුරටත් ධ්වනිවාදයට සාහිත්‍ය විචාරය සඳහා උපයෝගී කොටගත හැකි කාරණා තුනක් ඇත. වාච්‍යාර්ථය, ව්‍යංගාර්ථය හා ලක්ෂ්‍යාර්ථයයි. මෙම කාරනා තුනට අදාල වන ලක්ෂණයන් මෙසේය.
1 වාචයාර්ථය - අභිධාශක්තිය හෙවත් වචනයෙන් පැවසෙන අරුත.
2 ලක්ෂ්‍යාර්ථය - නාමය සමග යෙදෙන යමි යමි ප‍්‍රත්‍ය බලයෙන් වෙනත් දෙයක්
සිතීම.
3 ව්‍යංගාර්ථය - මෙයින් කියවෙනුයේ ප‍්‍රධාන ඉහත දෙකින් කියැවෙන දෙයක් කීමය.
මෙලෙසින් දක්වන කාරණාවන් තුනේදී සාහිත්‍ය විචාරයෙහිලා ගතහැක්කේ කෙසේද යන්න විමසීමට අදහස් කරනෙමු. මේ කාරනාව සාහිත්‍ය හරහා විමසීමට හැකිදැයි විමසා බලමු.
‘‘කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බමරු මෙන් පිරිවර වැඩි වේවා
අවිවේ තිබෙන ?ස්මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා ’’
යශෝදරාවතෙහි එන මෙම කාව්‍ය පංතිය මාර්ගයෙන් කිව හැකි වනුයේ උක්ත ලක්ෂණයනට අනුව කෙලෙසින් දැකිය හැකිදැයි විමසීමටය. මේ පිළිබඳව සරච්චන්ද්‍ර මහතා ගෙන එන අදහසක් මෙසේය.‘‘මෙය වාචාර්ථය පමණක් සැලකුවහොත් එය යශෝධරා හැර තමන් හැරගිය සිද්ධාර්ථ කුමාරයින්ගේ යහපත පතමින් ප‍්‍රකාශයක් සේ පෙනේ. මා හැර ගිය පසු ඔබ වහන්සේට නපුරක් නොවේවායි නොපතම්. ඔබ වහන්සේට යහපතක්ම වේවා. යනුවෙන් වාච්‍ය රසය මිස අනිකක් නොවේ. එසේ නැතහොත් එහි ලක්ෂ්‍යාර්ථය යැයි කිව හැකිය. ලක්ෂයාර්ථය යනු මුල් වාච්‍යාර්ථය එලෙසින්ම ගත් කල්හි අර්ථ ගුහ්‍ය වන තැන්හි අනුමානයෙන් ගන්නා දෙවෙනි අරුතයි.‘‘ශබ්දයේ ප‍්‍රධානාර්ථය හා බැඳී සිටින අප‍්‍රධානාර්ථය ලක්ෂ්‍යාර්ථය වෙයි.’’ උපචාරාර්ථය මෙනි.‘‘ගගෙහි අසපුවක් ’’කී කල්හි වටහා ගත යුතු වේ. මේ ලක්ෂ්‍යාර්ථය සඳහන් කළ හැකිය. මෙය තවත් විවිධ සාහිත්‍යාංගයන්හි දැකිය හැකිය අතර නූතන ගීතයේ එවැනි තැනක් මෙසේ පෙන්වා දිය හැකිය.
එලෝබලා යන ගමනේ - මෙලෝ දෙයක් අත නොපෙනේ
හිස් අතින්ද පරලොව යන්නේ - මේ දේපොල ?ගෙන යන්න බෑ මිනිසුන්නේ
මෙම ගීතයෙන් පධාන අර්ථය හා බැඳී සිටින අප‍්‍රදාන අර්ථය නම් කුෂල් යන්නයි. ඒ මෙයින් කියනුයේ කසල් පමණක් ?ගෙන යා හැකි අතර වෙනත් වස්තූන් යනු ප‍්‍රධානව අපගේ බුද්ධිගෝචර වන අර්ථයයි. නමුදු එම අරුතත් සමගම බද්ධව සිටින අනෙක් අරුත නම් මෙම ලක්ෂ්‍යාර්ථය බව පැහැදිළිය. එහෙත් මේ පද්‍ය අර්ථය රසවත් වනුයේ කවර ව්‍යංග්‍යාර්ථයක් හේතු කොට ගෙනද. මෙහි මුඛ්‍ය අර්ථය යශෝධරා දේවියගේ ප‍්‍රාර්ථනාව ගත් කල්හි ඇය කෙරේ අනුකමිපාවක් හටගනී. එහෙත් මේ පද්‍යයෙන් ඔහුගේ සුභ සිද්ධිය නොපතා ඔහුට ගර්හා කළහොත් එසේ නූපදී. එහෙත් සහෘදයා ලබන ඉමහත් ආශ්වාදය, සතතා ආනන්දය, එවැනි සුළු ව්‍යංගයක් මත පිහිටා ඇතැයි කිව හැකිය. එබැවින් උක්ත අදහසට අනුව ධ්වනි වාදීහු සාහිත්‍ය විචාරය සඳහා වචනයේ අංශ තුුණක් මාර්ගයෙන් පෙන්වා දෙනුයේය. මෙලෙස ඉහත වචන තුනෙන් ප‍්‍රකාශවන වචන තුන විචාරවාදීහු විචාරය කිරීමත් රස වින්දනය කිරීමත් සිදු කරයි. එයින් ව්‍යංගාර්ථය හා ලක්ෂ්‍යාර්ථය යන කාරණා දෙක ඔප්පු කිරීමට මහත් අපහසුවක් ඇති විය. එබැවින් සාහිත්‍ය රසවි\ුමෙහිලා මෙම වචන තුනෙ අරුත පැහැදිළි කරගත යුතුය.‘‘පාරේ ගෙදර’’ යනුවෙන් පැවසූ විට මෙය මුඛයාර්ථය නොදෙන තේරුම් දෙන්නකි. ඒ පාරක් මැද ගෙයක් තිබෙන්නට නොපුලූවන් නිසාය. එනම් පාර අයිනේ පවතින ගෙයක් යනුවෙන් අපට දෙවැනි තේරුමක් ඉන් ලැබේ. මෙය ලක්ෂ්‍යාර්ථයයි. එම ලක්ෂණ දැනගත් පසු ව්‍යංග්‍යාර්ථය සෙවිය හැකිය. අප ‘‘හඳ’’ යැයි කී විට ලක්ෂ්‍යාර්ථයට අනුව එය එම නමින් හඳුන්වන වස්තුවයි. එය ව්‍යංග්‍යාර්ථය අනුව සඳේ සිසිලස, සෞම්‍යත්වය, සුන්දරත්වය වැනි කාරනාවන් අප සිත් තුළ හටගනී. නමුදු මෙම ‘‘සඳ’’යන නාමයට රජනීකර යනුවෙන් යෙ¥ කළ එසේ නොවේ. එනම් ව්‍යංග්‍යාර්ථය උපදිනුයේ ලක්ෂ්‍යාර්ථයේම එක් පැත්තකින් බව පැහැදිලිය. එබැවින් වාච්‍යාර්ථය හා ව්‍යංග්‍යාර්ථය පදනම්ව ව්‍යංග්‍යාර්ත උපදින බව කිව හැකිය.‘‘එබැවින් ධ්වනිය යැයි කියනුයේ ව්‍යංග්‍යාර්ථය, රමණීයත්වය හා වැදගත් කම අතින් තමන් උත්පාදනය කරන්නාවූ වාචයාර්ථය හෝ ලක්ෂ්‍යාර්ථය හෝ ඉක්මවා සිටින විටයි.’’ එබැවින් ධ්වනි වාදයට අනුව ව්‍යංගයාර්ථය යනු රසවතුන් සොයනු ලබන දෙයකි. රසවිඳීම යනුවෙන් සාහිත්‍යය අදහස් කරනුයේද මෙම කාරණය බව කිව හැකිය. එබැවින් අප ධ්වනිවාදය සාහිත්‍ය විචාරය සඳහා යොදා ගැනුමෙහිලා මෙතෙක් වේලා විමසා බැලූවෙම්. තවදුරටත් ධ්වනිවාදයට අනුව සාහිත්‍ය විචාරය සඳහා යොදාගත හැකි කාරනාවන් මෙලෙසින් පෙන්වා දිය හැකිය.1 රසධ්වනිය 2 අලංකාර ධ්වනි 3 වස්තු ධ්වනි යන කාරණාවන් තුනට අනුව යම් විචාරයක් සිදු කළ හැකිය. කාව්‍යයකින් ධ්වනිත වන අර්ථය රසයක් නමි එය රස ධිවනියයි.දිවනිය කිසියම් සම්මත අලංකාරයක් නම් එය අලංකාර ධ්වනියයි. එසේම ධිවනිය හුදු රමණීය කවිසංකල්පයක් නම් එය වස්තු ධ්වනියයි. එබැවින් කෙසේ වුවත් මේ තුනින් ධිවනිය ප‍්‍රධාන වේ. රසය මගින් පද්‍යය අගනා කාව්‍යයක් බිහිවේ. මෙය ධ්වනිවාදීහු විභාව, ව්‍යභිචාර හා අනුභාව යනුවෙන් හැඳින් වේ. මෙම රසභාව නිසා සාමාන්‍ය ලෝකස්වභාව ඉක්මවා යන පුවතක් වුවද තාත්වික හැගීමි ඇතිවීම සඳහා ඉවහල් වේ. නමුදු විචිත‍්‍රවත් වචන ගැලපීමෙන් පමණක් රසවත් ධ්වනියක් ජනිත වනුයේ නැත.‘‘රසභූනෝ හ්‍යර්ථඃ ස්වශබිදානභි ධෙයත්වේන ප‍්‍රකාශිතඃ සුරතාමේව ශොබාමාවහති’’ එනම් වචනයෙන් පැවසෙන දෙයට වැඩිය ව්‍යංග්‍යාර්ථය මගින් කාව්‍යයේ රසය ඇති වේ. මේ සඳහා ප‍්‍රකට කියමනක් ආනන්ද වර්ධනගේ කියමනකින්ම පැහැදිළි කොටගත හැකිය. ගෝදාවරී ගංගා තීරයේ එක් පෙම් යුවලක් කතිකා කර එම පෙම්වතිය කලින් පැමිණි අතර එම මල් ගොමුවේ සිටි තවුසකු දැක මල් නෙලන ඔහුගෙන් බාදාවක් නිසාවෙන් ඇය තවුසාව යවා ගැනීමේ අදහසින් මෙසේ කීවාය.‘‘භම ධමිමික වීසත්ථෝ සෝ සුන අජ්ජ මාරිසෝ දෙණ – ගෝලානෞ කචිචතුංගේ වාසීනදාරී අසහනේ.’’පින්වත් තවුස සැකයක් බියක් නැතිව මල් නෙලන්න.ඔබ බියගෙන දුන් ඒ බල්ලා මේ ගෝධාවරී මල් ගොමුවෙහි වසන සිංහයා විසින් මරා දමන ලදී.’’ එනම් බල්ලකුට බිය වූ තවුසා සිංහයාට බිය වීම පුදුමයට කාරණයක් නොවන්නේය. මෙහිදී තවුසාව අපහසුවට ලක්නොකර මෙසේ පවසනුයේ තවුසාව එතැනින් ඉවත් කර ගැනීමට බව කිව හැකිය. එහිදී ඇය භාවිතා කරණ උපක‍්‍රමය ඇය පවසන අදහසින් පැහැදිළි විය. මෙලෙසින් ධ්වනි වාදයට අනුව පැහැදිළි වනුයේ සාහිත්‍යයේ පවතින ව්‍යංගය සඳහා රසය පවත්වා ගැනීමට යොදා ගැනීමට හැකිය. මෙහිදී රසය, අර්ථ, වස්තු යන කුමන ආකාරයේ ධ්වනියක් වුවද ඒ ඒ ධ්වනිය මතුවන අන්දමින් පැවතිය යුතුය. ශබ්ද, අර්ථ, පද, වාක්‍ය, නිපාත යන කාරණාවන් රසය දැනවීම පිණිස පැවතිය යුතුය. එලෙසින් පැවතිය යුතු කාව්‍ය පංතියක් විමසා බලමු.
‘ පෙරදිග ගොරහැඬි රකුසෝ
මගේ ධ්‍යානය ඇයි කඩන්නේ
නිදාගන්න පෙරව ගත්තු
කලූ රෙදි පොට
මොකටද මේ
තීරුවලට ඉරාදමන්නනේ
කුරුල්ලන්ට ගල් ගහලා
උන් හොඳටම බිය කරලා
මල් පොහොටිටු තිගැස්සිලා
කඳුලූ සලනවා
ඇස් දෙක මම අරින්නේ නෑ
තුරුලූ කරන් භාවනාව
නැවතත් යන්නට යනවා’’
උක්ත පද්‍ය මාර්ගයෙන් කවියා තමාගේ කියනුයේ නිදාගත් කවියා එළි වෙනකොට අකමැති බවය. ඒ සඳහා ඉර බාධාවක් කර ඇතිබව ප‍්‍රකාශ කරයි.‘‘පෙරදිග ගොරහැඩි රකුසෝ’’’ යනුවෙන් දක්වනුයේ සූර්යයාගේ ආකල්පය ප‍්‍රිය නොවන බවය. කලූ රෙදි පොට යනුවෙන් කවියා වසාගත් අඳුර පෙන්වා දෙයි.‘‘තීරුවලට ඉරා දමන්නේ ’’යනුවෙන් දක්වනුයේ ඉර කාමරයටම විත් අ\ුර පලවා හැරීමය. තවද ඉර, මල්, පිණිපොද යොදනුයේ ප‍්‍රියවූ වස්තූන් ලෙසින් නොවේය. මෙම කාරනාව සම්බන්ධව විමසා බලන කල ධ්වනි වාදයට අනුව එකම අලංකාරයක්, එකම උපමාවක් රිද්මයක් හා රසයක් නිපදවන බව කිවහැකිය. නූතන ගීතයෙහි මෙම ධ්වනිවාදය මෙලෙසින් භාවිතාකොට යම් විචාරයකට බඳුන් කළ හැකිය. ඒ සියලූම සාහිත්‍යාත්මක ලියවිල්ලක අප සඳහන් කරන ධ්වනිය නොදැකිය හැකි නිසාය. මෙම ධ්වනිවාදයට අනුව පහත සඳහන් ගීතයේ එක් කොටසක් මෙසේ විචාරයට ලක් කරනෙමු.
ගමේ පන්සල - අපේ පන්සල
අපේ කම ?ක්කා - අපේ දානෙදි
අපේ මරණෙදි - අපේ ලග සිටියා
මෙම ගීතය මාර්ගයෙන් පවසනුයේ පුද්ගලයෙකු ගැනය. එනම් ‘‘අපේ පන්සල’’ යනුවෙන් ව්‍යංගාර්ථයෙන් කියනුයේ විහාරස්ථානයේ සිටින භීක්ෂුව ගැනය. නමුදු ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොකර අපට දැනගන්නට ගේයපද රචකයා භාෂාව ධ්වනිථාර්ථවත්ව හසුරුවයි. නූතන ගීත සාහිත්‍යයේ තවත් ප‍්‍රකට ගීයක පද කිහිපයක් මේ සඳහා තවත් ගෙන බලමු. කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ‘‘ලාදළු බෝපත් සෙමින් සැලෙනසේ ’’ යනුවෙන් දක්වනුයේ ව්‍යංගාර්ථයකි. එනම් ඒ වාච්‍යාර්ථයෙන් නම් ගත් කල්හි බෝපත් සැලීමක් වෙයි. ධ්වනිවාදයට අනුව නම් මෙයින් ගේයපද රචකයා පවසනුයේ සිදුහත් කුමරුගේ අභිනිෂ්ක‍්‍රමණය හේතුවෙන් යශෝදරාවගේ සිතේ ඇති වූ වේදනාවයි. තවදඑ ම ගීතයෙහිම ‘‘ පසුපස ආවා සෙවනැල්ලක් වී’’ යනුවෙන් පවසනුයේ ඇය සිදුහත් කුමරුගේ භාර්යාව වී සංසාරේ පුරාවට දුක සැප විඳිමින් පැමිණි බවය. එබැවින් ධ්වනිවාදයට අනුව මෙම අදහස අප විසින් විමසිය යුත්තේ ඒ ආකාරයටය. මෙම උක්ත කාරනාවනට අනුව ධ්වනිවාදයට අනුව සාහිත්‍ය විචාරය සඳහා සැබවින්ම වැදගත් මෙහෙයක් මෙන්ම විචාරයෙහිලා යොදාගත හැකි බව කිව හැකිය. එය නූතන සාහිතය විචාරය සඳහාද අතිශය ඉවහල් වන බව කිව යුතුය.
භාරතීය විචාර සිද්ධාන්තයක් වූ ධ්වනිවාදය අප විසින් මෙහිදී විමසීමට අදහස් කළෙමු. නූතන සාහි’ත්‍ය විචාරය සඳහා එය යොදාගැනීමේහිලා ඇති හැකියාව ඉන් පැහැදීලි කරගත හැකිවිය. මෙහිදී ධිවනිවාදයට අනුව සාහිත්‍යය කිසිදු රසයක් හෝ කිසිදු සාහිත්‍ය ලක්ෂණයක් නැතැයි ඔිවුහු පිළිගත්හ. නමුදු ධ්වනිවාදයට අනුව සාහිත්‍යය සර්ව සමිපූර්න විචාරයකට බඳුන් කළ නොහැකිය. සැගවුණු අර්ථය නොමැති තැන කිසිදු රසයක් නොමැති අතර ව්‍යංගයම රසය ඇතිවීමට බලපාන කාරණයක් ලෙසින් ධ්වනිවාදීහු පෙන්වා දුන්හ. ධ්වනිවාදයට අනුව සාහිත්‍යය කෘතියක ස්වභාවය කෙසේ පැවතිය යතුද යන්නත් එය වාර්තාවක් නොවන සාහිත්‍යය කෘතියක් වීමට නම් එය ව්‍යංගාර්ථයම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්හ. සාහිත්‍ය කෘතියක් විචාරය සඳහා එහි භාෂාව, උපමා, අලංකාර, විචිත‍්‍රවත් වචන ආදිය අනිවාර්ය වුවත් ධ්වනිවාදයට අනුව ව්‍යංග්‍යාර්ථය අනිවාර්ය විය යුතු බව පැවසේ. ධ්වනිවාදී සාහිත්‍ය විචාරයේදී එහි අංගයන් වන අර්ථද්ධ්වනිය, ශබ්දද්ධ්වනිය හා වස්තුද්ධ්වනිය මෙම නූතන සාහිත්‍ය විචාරය සඳහා පාදක කොටගැනීම අපවිසින් සිදු කළෙමු. මෙම කාරනාවන් තුනට අනුව සාහිත්‍යයක පවතින ලක්ෂණණයන් අනිවාර්යයෙන් විචාරයට ලක් කිරීමට හැකිබව පැහැදිලිවිය. රසය වනාහී සාහිත්‍යයක ඇතිවීමට නම් එය ධ්වනිතාර්ථවත් භාවය අනිවාර්ය තිබිය යුතු බව පැහැදිලිිවිය. මින් අනතුරුව ධ්වනියේම කොටස් තුනක්වන වාච්යාර්ථය, ලක්ෂ්‍යාර්ථය හා ව්‍යංග්‍යාර්ථය පිළිබඳව සාහිත්‍යයක නිරූපණය වනුයේ කෙලෙසද යන්න විමසුවෙමු. මෙම කාරනාවන් තුළින් පැහැදිළි වනුයේ ධ්වනිවාදය ලක්ෂ්‍යාර්ථය හා ව්‍යංග්‍යාර්ථය දෙකම විශේෂයෙන් සාහිථ්‍යයක පවතින ගුණයක් වුවද ව්‍යංගාර්ථය ඒ දෙකෙහිම සම්මිශ‍්‍රනයක් ලෙසින් පවතින ප‍්‍රධාන කාරණය බවය. නූතන සාහිත්‍යයේ පද්‍යය සඳහා උපරිමයෙන් ධ්වනිය යෙ¥වද ගද්‍යය සඳහා ධ්වනිය යෙදීමට එතරම් පුළුවන්කමක් නොමැත.එසේවුවද ධ්වනිය ගද්‍යය සඳහා යොදාගත් අවස්ථාත් නැතිවා නොවේ. මෙම නූතන සාහිත්‍යයේ ධ්වනිවාදී විචාර මාර්ගයෙන් කරනුයේ සාහිත්‍ය නිර්මාණය පිළිබඳව අලූත් අදහසක් ඇති කිරීමය. එයින් පාඨකයා වෙත බලපාන අන්දම සාහිත්‍යයේ සගවන අර්ථය මාර්ගයෙන් පෙන්වා දීමත් නිර්මාණ මාර්ගයක් හෙළි කිරීමත් සිදු කරයි. එබැවින් ධ්වනිවාදය නූතන සාහිත්‍යයේ ගැබිවී තිබෙන අත්දැකීම ගවේෂණය කිරීමට උපකාරීවන බවද පැහැදිළි කරගත හැකිය. එබැවින් ලෙඛකයා ලියනු ලබන සාහිත්‍ය නිර්මාණය පාඨකයාට විචාර පූර්වකව විමසා දැන ගැනීමට ඉන් හැකියාව සැලසේ. නමුදු ධ්වනිවාදය මගින් සම්පුර්ණ විචාරයක් නොදෙන්නේ එය කෘතිය අගය කිරීමක් හෝ වින්දනය කිරීමට අවස්ථාවක් නොලැබීම නිසාය. එනමුදු ධ්වනිවාදය වනාහී සැබවින්ම ප‍්‍රකටවූ අර්ථ ඇති නූතන සාහිත්‍ය නිර්මාණයන් කවර ආකාරයේ එකක්වුවද උක්ත ප‍්‍රභේද යටතේ විචාරයට ලක්කර හැකිබව පැහැදිළිව කිවහැකිය.
ආශ‍්‍රීත ග‍්‍රන්ථ නාමාවලිය
ප‍්‍රාථමික මූලාශ‍්‍ර
01 ධිවන්‍යාලෝක විවරණය. ජී. එස්.බී.සේනානායක. ඇමි.ඞී.ගුණසේන සහ සමාගම,
ඕල්කොට් මාවත, කොළඔ, 02. 1969.
02 බුත්සරණ. (සංස්.*. බඔ?න්දේ සිරි සීවලී හිමි, ගුණරත්න සහ සමාගම, ජයන්ත වීරසේකර මාවත, මරදාන. 1968.
ද්වීතීය කෘති
01 ජයතිලක.කේ ,සාහිත්‍ය විචාර චින්තාවලී, ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ, නීතිඥ කාර්යාලය,
කොළඔ,12.1993.
02 ධම්මින්ද හිම, අගුළුගහ. සිංහල කාව්‍යයේ නව ප‍්‍රවණතා, එස්.එස්. මුද්‍රණාලය, ජයන් වීරසේකර මාවත, කොළඔ, 10. 2003.
03 විජේවර්ධන හේමපාල, කාව්‍ය විචාර ගවේෂණ, නික්න් ලිමිටඞ්. ගාලූපාර, කොළඔ, 03
1968.
04 සිද්ධාර්ථ හිම, රඔුකන. සසර දනව්ව, ‘‘ලාදළු බෝපත් ’’.සංසාරේ අපි මිත‍්‍ර සමාගම, පන්නිපිටිය, 2006.
05 සිරිමාන්න,ඒ.එම්.ජී, විචාර මාර්ග සංසන්දනය. ලේක්හවුස් සමාගම, කොළඔ 02.1964.
06 සෝරතහිමි, වැලිවිටියේ. සාහිත්‍ය රසය. ඇමි.ඞී.ගුණසේන සහ සමාගම, ඕල්කොට් මාවත, කොළඔ, 02. 1947.
07 සුරවීර.ඒ.වී. සාහිත්‍ය විචාර සංහිතා. ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන, කොළඔ.10.1995.
සගරා
01 සරසවි විචාර 4, (සංස්*,අත්තුඩාවේ රාහුල හිමි. තිලකරණසිංහ ප‍්‍රකාශන,1967.
02 යක්කඩුවේ ප‍්‍රඥාරාම හිමි,උපහාර අංකය,(සංස්.*, සිරිගුණසිංහ. කැළණිය.වි.වි.
.ප‍්‍රකාශනයකි.1967.
03 චින්තක අංක 4, (සංස්.*, බී.ජේ.පෙරේරා ඇතුළු පිරිස, වි.වි.ශාස්ත‍්‍රීය ප‍්‍රකාශනය, 1964.