UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ගම්පොල යුගයේ සිට මහනුවර යුගය දක්වා රචනා වී ඇති ප‍්‍රශස්ති හා හටන් කාව්‍යයන් කෙරෙහි බලපා ඇති සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රය පිළිබ`ද විචාරාත්මක

Tuesday, December 10, 2013

ගම්පොල යුගයේ සිට මහනුවර යුගය දක්වා රචනා වී ඇති ප‍්‍රශස්ති හා හටන් කාව්‍යයන් කෙරෙහි බලපා ඇති සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රය පිළිබ`ද විචාරාත්මක

:- ගම්පොල යුගයේ සිට මහනුවර යුගය දක්වා රචනා වී ඇති ප‍්‍රශස්ති හා හටන් කාව්‍යයන් කෙරෙහි බලපා ඇති සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රය පිළිබ`ද විචාරාත්මක පර්යේෂණ ගැටලූව :- සිංහල බසින් ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය රචනා වී ඇත්තේ පැහැදිලි ලෙසම කොට්ටේ යුගයේදී ය. නමුත් මුල්ම සන්දේශ කාව්‍යය රචනා වී ඇත්තේ ගම්පල යුගයේදී වුවත් පැහැදිලි ලෙසම ප‍්‍රශස්ති හා හටන් කාව්‍යන් රචනා වීම ආරම්භ වූයේ කොට්ටේ යුගයේදී ය. එම වකවානුව සාහිත්‍යය ස`දහා උචිත නිදහස් වකවානුවක් විය. සාහිත්‍ය දියුණුව ස`දහා නිදහස් මනසක් ඇතිවීමට බලපාන පරිසරයක් මෙන්ම ආර්ථික අතින් සංවර්ධිිත අවධියක්ව වීම ඉතා වැදගත් වේ. කොට්ටේ යුගය මෙම ලක්‍ෂණවලින් යුතු වූ බැවින් ප‍්‍රශස්ති හා හටන් කාව්‍යය ස`දහා උචිත පරිසරයක් විය. සෑම කාලයකම පාහේ මෙරට ආර්ථික , ආගමික , දේශපාලනික මෙන්ම සාහිත්‍යය දියුණුව ස`දහා මහා භාරතයේ අභාසය ලැබී ඇත. මහා සංස්කෘතික දේශයන් කෙරෙන් එවැනි දේ බලාපොරොත්තු විය හැක. මෙරට ඇති දියුණු සාහිත්‍යයෙහි බොහෝ ක්‍ෂෙත‍්‍රයන් ස`දහා භාරතීය සාහිත්‍යයෙහි අභාසය දැක ගත හැක. අලංකාර ශාස්ත‍්‍රයක් ඇති වීමටත් වඩා එය දියුණු වීමට භාරතීය අභාසය බලපා ඇත. ඒ අතරින් සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රය ප‍්‍රමුඛස්ථානය ගනී. සංස්කෘතයෙහි දුරාතීතයේ සිට ප‍්‍රශස්ති කාව්‍ය විවිධ ස්වරූපයෙන් රචනා වී ඇත. මෙහි ප‍්‍රශස්ති කාව්‍යයක් පැහැදිලිවම ආරම්භ වූයේ කොට්ටේ යුගයෙන් පසුවය. මේ ප‍්‍රශස්ති හා හටන් කාව්‍යය ස`දහා පැහැදිලිවම සංස්කෘත ආලෝකය වැටී ඇත. ඒ ගැන විවාදයක් නැත. නමුත් සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රය ඊට තදින් බලපෑබවට සාධක පහසුවෙන් සොයා ගත නොහැක. මෙහිදි ගැටලූව වන්නේ ප‍්‍රශස්ති හා හටන් කාව්‍යය ස`දහා සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයට ගරුකරමින් ඊට අනුව ප‍්‍රශස්ති හා හටන් කාව්‍යකරුවන් කාව්‍යකරණයේ යෙදුණේද යන්නයි. ඊට හේතුව වන්නේ මෙටර ප‍්‍රශස්ති හා හටන් කාව්‍යය රචනා වීමට පෙර පැවැතගෙන ආවාවු සම්ප‍්‍රදායන්ගෙන් වියුක්ත වන්නට උත්සාහ ගත් බවක් දක්නට ලැබෙන බැවිනි. තවද පැරකුම්බා සිරිත හැර මෙවා රචනා වූයේ බොහෝවීට ශාසත‍්‍රීය වශයෙන් මෙන්ම විදග්ධබවින් අඩු පුද්ගලයන් විසිනි. එම නිසා මොහුන්තුළ පැවැති ශක්‍යතා තුළින් එවැනි ගැඹුරු ශාස්ත‍්‍රයක ගුණ සුවද විහිදෙන්නේදැයි සාධාරණ සැකයක් සැමදෙනා තූළම හටගනි. පර්යේෂණ ක්‍ෂේත‍්‍රය ලක්දිව ඈත අතිතයේ සිට දියුණු සාහිත්‍යයක් පැවැතිණු නමුදු මෙරට ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය යැයි සාහිත්‍යයක් ඇතිවන්නේ පසුකාලීනවය. කාව්‍යකරණය පිළිබ`ද සියබස්ලකර හා අනෙකුත් කවියන් තුළ වූ සීමාව මෙයට හේතු විය. ගම්පල යුගයේ සන්දේශ කාව්‍යන් රචනා වීම ආරම්භ වීමත් සමග ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය රචනාවීමට පසුබිම සැලසිණි. එය එසේ වුවත් ප‍්‍රශස්ති ලක්‍ෂණදරන කාව්‍යයනන් ඊට පෙර රචනා වී ඇත. මෙහිදී එම ග‍්‍රන්‍ථ අධ්‍යනය කිරීමට බලාපොරොත්තු නොවේ. කොට්ටේ යුගයේ සිට මහනුවර යුගය දක්වා රචනා වි ඇති සියලූ ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය අධ්‍යනය කිරීමෙන් සමාජ , දේශපාලනික වැනි තෙරතුරු අනාවරණය කර ගත හැක. මෙහිදි බගාපොරොත්තු වන්නේ ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය පිළිබ`ද සාහිත්‍යය අගය පිළිබ`ද අධ්‍යනය කිරීම මෙහි විෂය ක්‍ෂේත‍්‍රයයි. එම සාහිත්‍ය අගය අතරින් අලංකාර ශාස්ත‍්‍රය පිළිබ`දච විමසීම මෙහිදි සිදු කරනු ලැබේ. පර්යේෂණයේ සීමා ප‍්‍රශස්ති කාව්‍යය ස`දහා දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය භාරතයේ වෛදික යුගය දක්වා දිව යයි. ආදි මිනිසුන් ස්වභාවික ලොකයේ ඇති පුදුම එලවන දේ පිළිබ`ද බිය වි එවා කෙරෙහි භක්තිය මිශ‍්‍ර ගෞරවයක් දක්වා එම ස්වාභාවික වස්තූන් දෙවත්‍වයෙහි සලකා ගුණ උත්කර්ෂයෙන් වණ_නා කර ඇත. මේ අනුව දෙවියන් අරමුණු කරගෙන රචිත ප‍්‍රශස්ති පසු කාලයකදී රජවරුන් විෂයෙහි රචනා වී ඇත. බුදු සමයේ මෙය ඊට වෙනස්ව යෙදී ඇත. කිසාගෝතමිය සිදුහත් කුමරුන්ගේ ගුණ ගැයුවේ ප‍්‍රශස්තියක ස්වරූපයකි. සිංහල සාහිත්‍යයෙහි ආදි කාලයෙහි වුවද බුදුන් වහන්ගේ ගුණ ප‍්‍රශස්තිවලට යම් ප‍්‍රමාණයකට සමාන අයුරින් රචනා කර ඇත. සන්දේශ සාහිත්‍යක් ආරම්භ වීමත් සමග ප‍්‍රශස්ති හා හටන් කාව්‍යමෙහි ආරම්භය ඉක්මන් විය. පැරකුම්බා දවස රට බොහෝ සමෘද්ධිමත්ව පැවැතීම හේතුවෙන් කාව්‍යකරණය ස`දහා උචිත යුගයක් විය. පැරකුම්බා සිරිත මුලින්ම රචනා වූ ප‍්‍රශස්ති කාව්‍යය විය. එය දියුණු සාහිත්‍ය ලක්‍ෂණ දරන කවක් වේ. ඉන් පසු විවිධ කාලවලදී විවිධ ප‍්‍රශස්ති කාව්‍යයන් රචනා විය. රජවරුන් මෙන්ම ප‍්‍රබලයන් අතර විවිධ යුද්ධ ඇතිවු අතර එම යුධ ජයග‍්‍රහන පිළිබ`ද ප‍්‍රශස්ති ලක්‍ෂණ දරන හටන් කාව්‍ය නැමැති කාව්‍යයන් රචනා වී ඇත. මුල් යුගයෙන් පසුව මෙම කාව්‍යය ක‍්‍රමයෙන් පරිහානිය දක්වා ගමන් කළේය. ප‍්‍රශස්ති කාව්‍යය ඇතිවු කොට්ටේ යුගයේ සිට මහනුවර යුගය දක්වා රචනා වී හෝ සංග‍්‍රහ වී ඇති ප‍්‍රශස්ති හා හටන් කාව්‍යයන් පිළිබ`ද අධ්‍යනය කිරීම මෙම පර්යේෂණයේ අධ්‍යයන සිමාව වේ. පර්යේෂණයේ අරමුණ ප‍්‍රශස්ති කාව්‍යය හා හටන් කාව්‍යය සාහිත්‍යයෙහි නිම් වළලූ ප‍්‍රසාරණය කළ බවට සැක නැත. මෙවා රචනා වීමෙන් පසු සිංහල සාහිත්‍යයෙහි පැවැති අඩුවක් එයින් පූරණය විය. පැරකුම්බා සිරිත වැනි සම්භාව්‍ය ගණයෙහිලා සැලකුවද නිදොස්ය. එයින් ඇරඹි මෙම කාව්‍ය ගනනින් මහත. මෙම ප‍්‍රශස්ති හා හටන් කාව්‍යයන් බොහෝ දුරට සැලකිය යුතු ප‍්‍රමාණයක් පළ වී ඇත. මේ පිළිබ`දව වියතුන් විවිධ ලෙසින් අධ්‍යනය කර ඇත. එසේම මෙවා පිළිබ`ද කතිකාවත් නිර්මාණය කිරීමට හා විවේචනය කිරීමට සුදුසු බොහෝ උගත්තු අතීතයේ විසූහ. වත_මානයේ අලංකාර ශාස්ත‍්‍රය පිළිබ`ද මනා අවබෝධයක් ඇති උගතුන්ගේ ගණන ගිණිය හැක. එම නිසා මෙම ප‍්‍රශස්ති හා හටන් කාව්‍යයන්හි දැකියහැකි අලංකාර පිළිබ`ද විමසීම කාලීනව මෙන්ම සව_කාලීනව වැදගත් වේ. ඊට හේතුව නම් මෙම ග‍්‍රන්‍ථ හා සංස්කෘත අලංකාරය සසදා බලා විවේචන ඉදිරිපත් කිරීමට පෙළෙඹෙන තැනැත්තන් අඩුවනු ඇත. මේ වනතෙක් පූර්වොක්ත කරුණු අළලා ශාස්ත‍්‍රීයව මහත් පර්යේෂණයක් සිදුකර නැත. එම නිසාම මෙය ඉතාමත් වැදගත් වේ. සංස්කෘත අලංකාරයෙහි එන අලංකාර ස`දහා ප‍්‍රශස්ති හා හටන් කවියන් පිරිනමා ඇති සැළකිල්ල , ඒතුළින් මෙම කාව්‍යයන්හි සිදුවී ඇති බාහිර හා ව්‍යුහාත්මක වෙනස්කම් මෙන්ම මෙහි එම අලංකාර භාවිත කර ඇත්තේ කවර අයුරකින්ද යන්න මෙහිද විමසනු ලැබේ .මෙහිදි පහත දැක්වෙන කරුණු පිළිබ`දවද විග‍්‍රහක් ඉදිරිපත් කෙරේ. ⋆ ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය යනු කුමක්ද යනු හදුන්වා දීම ⋆ ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය කොට්ටේ යුගයෙන් පසු පැහැදිලි සාහිත්‍යාංගයක් ලෙස ඇතිවීමට බලපෑ හේතු පෙන්වා දීම. ⋆ ප‍්‍රශස්ති හා හටන් කාව්‍යයේ වැදගත්කම පෙන්වා දීම. ⋆ මෙම ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය සුරුකීමෙන් ඇති වැදගත් බව පෙන්වා දීම. මෙවැණි කරුණු පිළිබුද නිරවුල් පර්යේෂණයක් සිදු නොවීම බලවත් දොෂයෙකැයි සිතූ බැවින් මෙම කරුණු අනාවරණය කරමින් අධ්‍යනයක් කිරීමේ වැදගත්කම අවබොධ විය. පර්යේෂණයේ අනුඅරමුණ මෙම අධයණ්‍ය කිරීමතුළින් මෙරට සාහිත්‍යයේ ඉදිරි ගමන ස`දහා ඉතා වැදගත් වේ. සංස්කෘත අලංකාරයෙහි භාවිත වූ ඉතා මනහර අලංකාරයන් සාහිත්‍යකාමින්ට දැන ගැනීමට හැකි වීම සාහිත්‍යයේ දියුණුවට ඉතා වැදගත් වේ. සංස්කෘත අලංකාර සිංහල කවියට ගැනීමෙදි කළ යුතු භාවිත කළ හැකි නව ශිල්ප ක‍්‍රමයන් මෙයින් අනාවරණය වීම සාහිත්‍යයේ දියුණුවට හේතු වේ. මෙම සාහිත්‍යමය අගය අධ්‍යනය කිරීම තුළින් සමකාලීන සමාජ , දේශපාලනික , ආගමික හා ආකල්පමය තොරතුරුද මෙහි අනාවරණය වේ. මෙම අධ්‍යනය තුළින් සංස්කෘත අලංකාරවාදය කාව්‍යය ස`දහා උපයෝගී කර ගැනීමේ උනන්දුවක් සිංහල කවියන් හා සාහිත්‍යය රුචි තැනැත්න් තුළ ඇතිවේ. එසේම වර්තමානයේ අලංකාර ශාස්ත‍්‍ර්‍ය පිළිබ`දව දැනුම බොහෝ දෙනෙකුතුළ ප‍්‍රාමාණික වන අයුරින් දක්නට ලැබෙන්නේ නැත. එම නිසා මෙවැනි කෘතියක් කිරීම තුළින් සාහිත්‍යතුළින් ලැබිය හැකි රසඥතාව සාහිත්‍යකාමීන්ට මනාව ලැබිය හැක. පර්යේෂණ ක‍්‍රමවේදය ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය පිළිබ`දව රචනා වී ඇති බොහෝ ග‍්‍රන්‍ථ මෙහිදි ප‍්‍රාථමික මුලාශ‍්‍ර ලෙස අධ්‍යනය කරනු ලැබේ. බොහෝවිට මෙම ග‍්‍රන්‍ථයන් මුද්‍රණය වී ඇති බැවින් සොයා ගැනීම දුෂ්කර නොවේ. නමුත් ඇතැම් ග‍්‍රන්‍ථ මුද්‍රණය වී නොමැත. එම ග‍්‍රන්‍ථ පිළිබ`ද තොරතුරු පුරාණ පොත්ගුල්වලින් ප‍්‍රාථමික මුලාශ‍්‍ර ලෙස අධ්‍යනය කරනු ලැබේ. ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය පිළිබ`ද රචනා කර ඇති විවධ ග‍්‍රන්‍ථ ද්වීතියික මුලාශ‍්‍ර ලෙස අධ්‍යනය කරනු ලැබේ. මේ සදහා ද්වීතියික මුලාශ‍්‍රයන් සොයා ගැනීම ගැනීම අපහසු නැත. මෙම ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය හා සංස්කෘත අලංකාර පිළිබ`ද ප‍්‍රාමාණික අවබොධයක් ඇති ප`ඩුවන් හමුවි කෙරෙන සාකච්ඡුා තෘතීය මුලාශ‍්‍ර ලෙස අධ්‍යනය කරනු ලැබේ. පර්යේෂණයේ දළ සැලැස්ම පරිච්ෙඡ්දකරණය ⋆ප‍්‍රථම පරිච්ෙඡ්දය 01. ප‍්‍රශස්ති කාව්‍ය හා හටන් කාව්‍ය පිළිබ`ද හැදින්වීම 1.1 ප‍්‍රශස්ති කාව්‍යය යනු කුමක්ද? 1.2 හටන් කාව්‍ය යනු කුමක්ද? 1.3 ප‍්‍රශස්ති හා හටන් කාව්‍යයන්හි ආරම්භය හා විකාශනය 1.4 ප‍්‍රශස්ති හා හටන් කාව්‍යයන්හි ආකෘතික ලක්‍ෂණ ⋆දෙවැනි පරිච්ෙඡ්දය 02 දේශීය අලංකාර ශාස්ත‍්‍රයක් ඇති වීම ස`දහා සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයේ බලපෑම 2.1 සෙල්ලිපි හා සිගිරි ගීවලින් දක්නට ලැබෙන දේශීය අලංකාර ශාස්ත‍්‍රයක ඡුායාව 2.2 සියබස්ලකර වැනි ග‍්‍රන්‍ථ සංග‍්‍රහ විමට බලපෑ සංස්කෘත ආභාසය 2.3 සිංහල කවියන් සංස්කෘත අලංකාරය අනුගමනය කිරීමේ ප‍්‍රවණතාව 2.4 සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රඥයන්ගේ නිමයන් අනුගමනය කිරීමට කවියන් දැක්වූ උත්සාහය ⋆තෙවැනි පරිච්ෙඡ්දය 03 ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය රචනා වූ සමයේ රචකයන් හා ජනතාව තුළ පැවැති සාහිත්‍ය ඥානය හා රසඥතාව 3.1 ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය රචනා වූ සමයේ ජනතාව තුළ පැවැති අලංකාර ශාස්ත‍්‍ර ඥානය 3.2 ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය තළින් ජනතාව අපේක්‍ෂා කළ රසාස්වාදනයේ ස්භාවය 3.3 ප‍්‍රශස්ති රචනා කිරීමේදී උපකාර වූ කවි මඩුව හා එහිදී කවියන් අලංකාරය ස`දහා දැක්වූ උද්‍යෝගය 3.4 ප‍්‍රශස්ති හා හටන් කාව්‍යන් කෙරෙන් ක‍්‍රමිකව කාව්‍යාත්මක ගුණය පිරිහිම ⋆සිවුවැනි පරිච්ෙඡ්දය 04 ප‍්‍රශස්ති හා හටන් කාව්‍යයන්හි ඇති කාව්‍යාලංකාර 4.1 ප‍්‍රශස්ති හා හටන් කාව්‍යවල ඇති ගාඪ රීතිය 4.2 ප‍්‍රශස්ති හා හටන් කාව්‍යයන්හි දක්නට ඇති ශාෘංගාරය හා අනෙකුත් රසයන් 4.3 ප‍්‍රශස්ති හා හටන් කාව්‍යයන්ගේ දක්නට ලැබෙන අර්ථාලංකාර 4.4 ප‍්‍රශස්ති හා හටන් කාව්‍යයන්හි දක්නට ලැබෙන ශබ්දාලංකාර ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය ප‍්‍රාථමික මුලාශ‍්‍ර ඇහැළේපොළ වණ_නාව හෙවත් වඩුග හටන , වැලිගල කවිසුන්දර මුදලි (කත_ෘ* , බන්‍දුසේන ගුණසේකර (සංස්* , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675 පී. ද. එස් කුලරත්න මාවත, කොළඹ 10 (ප‍්‍රකාශනය* , ඉන්දික මුද්‍රණාලය , 198 , ඞීන්ස් පාර , කොළඹ 10 (මුද්‍රණය *, 1987 (ප‍්‍ර.මු* ඉංග‍්‍රීසි හටන , ලයනල් සරත් (සංස්* , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675 පී. ද. එස් කුලරත්න මාවත, කොළඹ 10 (ප‍්‍රකාශනය* , සේයා ප‍්‍රින්ට් ඇන්ඞ් ප‍්‍රින්ටස් , 14 /95 , ඩැනිස්ටර් ද සිල්වා මාවත , බොරුල්ල (මුද්‍රණය*, 2001 (ප‍්‍ර.මු* කවිසිළුමිණ හෙවත් කුසදාවත , ඇම් . බි . ආරියපාල (සංස්* , , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675 පී. ද. එස් කුලරත්න මාවත, කොළඹ 10 (ප‍්‍රකාශනය* , චතුර මුද්‍රණ ශිපියෝ , 142 , අවිසසාවේල්ල පාර , වැල්ලම්පිටිය (සංස්* , 1965 (ප‍්‍ර.මු* කාව්‍යාදර්ශය , දෙඩන්¥වේ ධර්සේන හිමි (සංස්* , ලංකාභිනවවිස්තෘත යන්ත‍්‍රාලය (මුද්‍රණය* , 1905 (ප‍්‍ර.මු* කුස්තන්තීනු හටන , එස් .ජි . පෙරේරා , එන් . එෆ් . ප‍්‍රනාන්දු (සංස්* , කතොලික මුද්‍රණාලය , බොරුල්ල (ප‍්‍රකාශය* , 1932 (ප‍්‍ර.මු* දුනුවිලහටන , ශී‍්‍ර චාල්ස් ද සිල්වා (සංස්*, ඇම් .ඩි . ගුනසේන සහ සමාගම , නො.217 , නොරිස් වීදිය , කොළඹ (ප‍්‍රකාශනය* , 1957 (ප‍්‍ර.මු*\ පරංගිහටන , මහානාම චන්‍ද්‍රදාස (සංස්* , සංස්කෘතික සම්බන්‍ධතා දෙපාර්තමෙන්තුව , කොළඹ (ප‍්‍රකාශනය* , 1966 (ප‍්‍ර.මු* පැරකුම්බා සිරිත , කේ. ඩි .පි . වික‍්‍රමසිංහ (සංස්*, සිමාසහිත ඇම්. ඩි ගුණසේන සහ සමාගම , නො 217 , ඒල්කොට් මාවත , කොළඹ 11(ප‍්‍රකාශනය* , 1954 (ප‍්‍ර.මු* පැරකුම්බා සිරිත , ශ‍්‍රී චාල්ස් ද සිල්වා (සංස්*, සිමාසහිත ඇම්. ඩි ගුණසේන සහ සමාගම , නො 217 , ඒල්කොට් මාවත , කොළඹ 11 (ප‍්‍රකාශනය* , 1954 (ප‍්‍ර.මු* පරෙවි සන්දේශ කාව්‍ය වණ_නාව , ඩබ්ලිව් . ඒ. ඇෆ් . ධම_වධ_න (සංස්* , ඇම්. ඩි . ගුණසේන සහ සමාගම , කොළඹ (ප‍්‍රකාශනය* , නව ජීවන මුද්‍රණාලය , වැල්ලම්පිටිය (මුද්‍රණය*, 1949 (ප‍්‍ර.මු* පරෙව් සදෙස් පහදනය , අලවුඉසි සැබිහෙළ (සංස්* , සිමාසහිත ඇම්. ඩි ගුණසේන සහ සමාගම , නො 217 , ඕල්කොට් මාවත , කොළඹ 11 (ප‍්‍රකාශනය/මුද්‍රණය* ,1967 (ප‍්‍ර.මු* මුවදෙව් දා විවරණය , මුනිදාස කුමාරතුංග (සංස්* , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675 පී. ද. එස් කුලරත්න මාවත, කොළඹ 10 (ප‍්‍රකාශනය* , එඞ්නේ එන්ටර්ප‍්‍රයිසස් ප‍්‍රයිවට් ලිමිටඞ් , පැලවත්ත , පන්නිපිටිය (මුද්‍රණය* , 1996 (ප‍්‍ර.මු* රාජසිහ සිරිත 1 , මීගස්කුඹුර , පුංචිබණ්ඩාර සන්නස්ගල (සංස්* , සංස්කෘතික සම්බන්‍ධතා දෙපාර්තමෙන්තුව , කොළඹ (ප‍්‍රකාශනය* , 1966 (ප‍්‍ර.මු* රාජසිහ සිරිත 2 , මීගස්කුඹුර , පුංචිබණ්ඩාර සන්නස්ගල (සංස්* , සංස්කෘතික සම්බන්‍ධතා දෙපාර්තමෙන්තුව , කොළඹ (ප‍්‍රකාශනය* , 1966 (ප‍්‍ර.මු* රාජසිංහ හටන , එච් . එම් . සෝමරතන (සංස්* , සිමාසහිත ටි . බි . එස් . ගොඩමුන්නේ සහ පුත‍්‍රයෝ , මහනුවර (ප‍්‍රකාශනය* , 1966 (ප‍්‍ර.මු* විමර්ශන සහිත තිසර සන්දේශය , කේ. ජයතිලක (සංස්* , ප‍්‍රදීප ම‍්‍රකාශකයෝ , 34/34 , නිතීඥ කාරයාල සංකීර්ණය , කොළඹ 12 (ප‍්‍රකාශනය* , ශීලා ප‍්‍රින්ටින් වර්ක්ස් , 305 , ලියො මාවත , සිංහාරාමය, කැළණිය (මුද්‍රණය* , 1991 (ප‍්‍ර.මු* සැළලිහිණිය , සුචරිත ගම්ලත් (සංස්* , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675 පී. ද. එස් කුලරත්න මාවත, කොළඹ 10 (ප‍්‍රකාශනය* , පියසිරි ප‍්‍රින්ටින් සිස්ටම්ස් , නො 37 , ශ‍්‍රී සෝරත මාවත , ගංගොඩවිල , නුගේගොඩ (මුද්‍රණය* , 1995 (ප‍්‍ර.මු* සියබස්ලකර දීපනී , වී . ඞී . එස් . ගුණරත්න (සංස්* , සමයවර්ධන පොත්වල (පෞද්ගලික* සමාගම , 61 , හිකකඩුවේ ශ‍්‍රී සුමංගල නාහිමි මාවත , (මාලිගාකන්ද පාර* කොළඹ 10 (ප‍්‍රකාශනය හා මුද්‍රණය* , 2003 (ප‍්‍ර.මු* සිගිරි ගි , ඊ. ඒ . වික‍්‍රමසිංහ (සංස්* , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675 පී. ද. එස් කුලරත්න මාවත, කොළඹ 10 (ප‍්‍රකාශනය* , ග්ලොබ් ප‍්‍රින්ටර්ස් වර්කස් , නො. 01 , කේ .වි කේ . ඩෙවිඞ් මාවත , කොළඹ (මුද්‍රණය* , 1996 (ප‍්‍ර.මු* ද්වීතීය මුලාශ‍්‍ර ප‍්‍රශස්ති කාව්‍ය රසය , ජේ. ඊ . සේදරමන් , ඇම් . ඩි . ගුණසේන සහ සමාගම, නො. 217 , ඕල්කට් මාවත , කොළඹ 11 (ප‍්‍රකාශනය* , 1970 (ප‍්‍ර.මු* විමල අඹගස්පිටියේ ,සිංහල හටන්කවි සාහිත්‍ය විමශ_නය , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675 පී. ද. එස් කුලරත්න මාවත, කොළඹ 10 (ප‍්‍රකාශනය* , චතුර මුද්‍රණ ශිල්පියෝ , 142 , අවිසසාවේල්ල පාර , වැල්ලම්පිටිය (මුද්‍රණය*, 1998 (ප‍්‍ර.මු* සාහිත්‍යය (1966 සාහිත්‍ය දින විශේෂ කලාපය* , පුංච්බණ්ඩාර සන්නස්ගල , ලීල් ගුණසේකර (සංස්* , සංස්කෘතික දෙපාර්තමෙන්තුව සහ ශ‍්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය (ප‍්‍රකාශනය* , සී/ස දීපානී මුද්‍රණ /ප‍්‍රකාශන (පෞද්ගලික* සමාගම , 464 , හයිලෙවල් පාර , ගංගොඩවිල , නුගේගොඩ (මුද්‍රණය* ,2009 (දෙවන මුද්‍රණය*

No comments: