Tuesday, December 10, 2013
පාලි භාෂාව තුළ ිළ්හ’ යනු සංයුක්තාක්‍ෂරයක් ද ?
පාලි භාෂාව තුළ ිළ්හ’ යනු සංයුක්තාක්‍ෂරයක් ද ?
මධ්‍ය ඉන්දු ආර්ය යුගයේ භාෂාවන්ට ආවේණික අක්‍ෂරයක් වන මූර්ධජ ළ කාරයට හ කාරයක් සමීප කිරීමෙන් ලියනු ලබන ළ්හ කාරයක් පාලි භාෂාවෙහි විද්‍යමානය. එය සංයුක්තාක්‍ෂරයක් ද නැතහොත් කේවලාක්‍ෂරයක් ද යන්න විමර්ශනය කිර’ම මෙම ලිපියේ අරමුණයි.
ළ ළ්හ යන අක්‍ෂර දෙකම පාලි භාෂාව තුළ දක්නට ඇති නමුත් සම්භාව්‍ය සංස්කෘතයේ ද’ දක්නට නො ලැබේ. එහෙත් වෛදික සංස්කෘතයෙහි මෙම අක්‍ෂර දෙකම විද්‍යමාන වූ බවට සාධක ඍග් වේදයෙන් සොයාගත හැකිය. විශේෂයෙන්ම ඍග් වේදයෙහි ස්වර මධ්‍යගතව පිහිටා ඇති ඩ කාරය ළ ලෙසත් ඪ කාරය ළ්හ ලෙසත් උච්චාරණය වූ බව වාග්වේද’න්ගේ මතයයි. (ෙගෙගර් සිං 10 පිට* අග්නිමීළේ පුරොහිතම් (ඍග් 1 1 1* යන ඍග් මන්ත‍්‍රයෙහි ඊළෙ යන්න ඊඞ් (ස්තුතෞ* ධාතුවෙන් නිර්මිත ලට් ලකාරයෙහි ආත්මනේ පද උත්තම පුරුෂ ඒකවචන ක‍්‍රියා පදයකි. එහි ලේඛන රූපය ඊඬේ විය යුතු වුවද ඞ් කාරය ස්වර දෙකක් මැද (ඊ ූ ඞ් ූ එ* පිහිටා ඇති නිසා ළ ලෙස උච්චාරණය වේ. ඊඩ්‍යො නුත නෛරුත (ඍග් 1 1 2* යන තැන ඊඩ්‍යො යන්න ඊඞ් ධාතුවෙන්ම නිපන් ක‍්‍රියාවක් වුවත් එහි ළ කාරය දක්නට නැත්තේ ඞ් කාරය ස්වර මැද පිහිටා නොමැති නිසාය. (ඊූඞ්ූ ය්* එය පිහිටා ඇත්තේ ස්වරයක් හා ව්‍යඤ්ජනයක් අතර මැදය. ඪ කාරයේ ස්වරූපයත් මෙබඳුමය. තම ආස’ත් තමසා ගූළ්හමග්‍රෙ (ඍග් 10 12 93* යන පාඨයෙහි ගූළ්හං යනු ගූඪං යන පදයේ උච්චාරණ ස්වරූපයයි. එහි ඪ කාරය ස්වර මධ්‍යගතව (ග් ූඌූ ඪ් ූ අ* පිහිටා ඇති නිසා ළ්හ බවට පත්ව තිබේ. මේ ළ්හ යනු ළ කාරයේ මහාප‍්‍රාණ ස්වරූපය සේ ඵ්ජාදබැකක හඳුනාගෙන තිබේ. ළ් හා ඪ් අක්‍ෂර එකට උච්චාරණය කිර’මෙන් ළ කාරයට මහාප‍්‍රාණ හඬ නැගෙන බව එතුමාගේ අදහසයි. වැඩි දුරටත් කරුණු දක්වන එතුමා සම්භාව්‍ය සංස්කෘතයේ ඪ් කාරට හිමි තැන වෛදික අවස්ථාවේ ද’ හකාරයට ලැබෙන බව ප‍්‍රකාශ කරයි. (උදා:- බර්බෘහි ළ බර්බෘඪි* මහාප‍්‍රාණාක්‍ෂර සියල්ලමටම හ කාරයක් වීම මහාරාෂ්ටී‍්‍ර ප‍්‍රාකෘතයේ න’තියක් ලෙසම දක්නට ලැබෙන බැවින් මධ්‍ය ඉන්දු ආර්ය යුගයේ ද’ ද එම ලක්‍ෂණය දක්නට ලැබෙන බව අමතක නොකළ යුතුය. ළ කාරයේ මහාප‍්‍රාණත්‍වය උච්චාරණයකළ අයුරු ශ‍්‍රව්‍යමාධ්‍යයෙන් අපවෙත නොලැබේ. එහෙත් ලේඛන මාධ්‍යයෙන් ලැබෙන වැදගත් සාධක ඉහත ද’ ඉදිරිපත් කළ ඍග් වේදාගත නිදසුන්වලින් පැහැදිලි වේ.
සාමාන්‍යයෙන් හල් අකුරක් හා ස්වරවත් අක්‍ෂරයක් සමීප කළ කල්හි එය සංයුක්තාක්‍ෂරයක් සේ සලකනු ලැබේ. ළ කාරය හා හ කාරය සමීප කර ලිවීමෙන් නිෂ්පාදනය වන ළ්හ කාරය ද සංයුක්තාක්‍ෂරයක් සේ උච්චාරණය කිර’මට පෙළඹී සිටිමු. පාලිය තුළ සත්‍ය ලෙසම මෙය සංයුක්තාක්‍ෂරයක් ද නැතහොත් කේවල ව්‍යඤ්ජනාක්‍ෂරයක් ද යන්න ත’රණය කරගැන’මට භාෂා පරිණාමීය හා ඡුන්දශ්ශාස්ත‍්‍ර’ය ලක්‍ෂණ පිරික්සිය යුතුය.
2 1 වාග්විද්‍යානුකූල භාෂා පරිණාමයට අනුව පාලි ළ්හ යනු ඪ කාරයෙන් ප‍්‍රභවයට පත් වූවකි. සංස්කෘතයෙහි ද’ර්ඝ ස්වරයකට හෝ හ‍්‍රස්ව ස්වරයකට පසුව ඇති ඪ කාරය පාලියේ ද’ ළ්හ බවට පත්වේ. මහාප‍්‍රාණ ඪ කාරයට පෙර හල් අකුරක් ඇති විට එය ළ්හ බවට පත් නොවන බව විශේෂත්වයකි. (උදා:- බුඞ්ඪ ඝ බුඞ්ඪ *
උදා:-1. ද’ර්ඝ ස්වරයකට පසුව ඇති ඪ ඝ ළ්හ වීම
ගාඪ ඝ ගාළ්හ මූඪ ඝ මූළ්හ
රූඪ ඝ රූළ්හ මීඪ ඝ මීළ්හ
2. හ‍්‍රස්ව ස්වරයකට පසුව ඇති ඪ ඝ ළ්හ වීම
දෘඪ ඝ දළ්හ
ඪ කාරය පිළිබඳ මෙම පරිණාම දෙකම සාධක කොට ගෙන ළ්හ කාරයේ සංයුක්ත භාවය හෝ අසංයුක්ත භාවය ත’රණය කළ හැකිවේ.
පළමු සාධකය වෙත අවධානය යොමු කිර’මේ ද’ ද’ර්ඝාක්‍ෂරයකට පසුව ළ්හ කාරය යෙද’ ඇති ආකාරය අවබෝධ කරගත හැකිය. සාමාන්‍යයෙන් පාලියෙහි සංයුක්තාක්‍ෂරයකට පූර්වයෙන් ද’ර්ඝ ස්වරයක් යෙදෙන්නේ නැත. (ඉතා දුර්ලභව ස්වාක්‍ඛාත වැනි පදයක සංයුක්තාක්‍ෂරයකට පූර්වයෙන් ද’ර්ඝ ස්වරයක් යෙද’ ඇති බව මෙහිද’ සිහිතබා ගත යුතුය* සංයෝගයකට පූර්වයෙන් ද’ර්ඝ ස්වරයක් යෙදුණු සංස්කෘත වචන පාලියට පරිණාම වීමේද’ ඇතැම්විට සංයෝගය ඉතිරි වී මුලින් ඇති ද’ර්ඝ ස්වරය හ‍්‍රස්ව වේ. නැතහොත් ද’ර්ඝ ස්වරය එසේ තිබිය ද’ සංයෝගය විසංයෝගයක් බවට පත්වේ. එනම් එය කේවල ව්‍යඤ්ජනාක්‍ෂරයක් බවට පත්වේ.
උදා:- 1. සංයෝගයට පූර්වයෙන් ඇති ද’ර්ඝ ස්වරය හ‍්‍රස්ව වීම
ආර්ය ඝ අය්‍ය (ආ ඝ අ *
ත’ව‍්‍ර ඝ තිබ්බ ( ඊ ඝ ඉ *
පූර්ණ ඝ පුණ්ණ ( ඌ ඝ උ *
ශ්ලේශ්මන් ඝ සෙම්හ ( ඒ ඝ එ *
ලෝද්‍ර ලොද්ද ( ඕ ඝ ඔ*
2. සංයෝගයට පූර්ව වූ ද’ර්ඝ ස්වරය එසේ තිබිය ද’ සංයෝගය
විසංයෝගයක් බවට පත් වීම
ද’ර්ඝ ඝ ද’ඝ ( ර්ඝ ඝ ලෙස තනි වීම*
අපේක්‍ෂා ඝ අපේඛා (ක්‍ෂ ඛ ලෙස තනි වීම*
රූක්‍ෂ ඝ ලූඛ
ඉහතින් දක්වන ලද ඪ කාරයේ
පරිණාමීය පාලි පද රූපයන් මෙම නිදසුන් හා ගළපා බැලිය හැකිය. සංයුක්තය ඇති පදවල ද’ර්ඝ ස්වරය හ‍්‍රස්ව විය යුතු වුවත් ඪ කාරයේ පරිණාමීය පාලි පද රූපයන්හි එසේ වී නොමැත. ඊට හේතුව ළ්හ කාරය සංයුක්තයක් සේ නොසලකා තිබීමයි.
දෙවැනි සාධකයට අනුව හ‍්‍රස්ව ස්වරයකට පසුව ළ්හ කාරය යෙද’ තිබේ. පාලි භාෂාව තුළ හ‍්‍රස්ව ස්වරයකට පසුව ළ්හ කාරය යෙදුණු පද ඉතා විරලය. සංස්කෘත දෘඪ ශබ්දයෙන් බිඳෙන දළ්හ යන පදය පමණකි ඒ සඳහා පැහැදිලි ලෙස නිදසුන් කළ හැක්කේ. ( කෙටි ස්වරයකට පසු ළ්හ කාරය යෙදුණු බව පෙන්වන ඌඪ යන්නෙන් බිඳුණු උළ්හ යන රූපයක් ඡු ඔ ී ශබ්දකෝෂයේ හා ඉන්දු ආර්ය භාෂා පිළිබඳ තුලනාත්මක ශබ්ද කෝෂයේ දක්වා ඇතත් එහි ඌළ්හ යන රූපයක් ද වෙයි.* එහෙත් එකම වූ එම පදයෙන් වෙනත් පද සිය දහසකින් නොලැබෙන ආලෝකයක් පාලි භාෂාවට ලැබෙන බව මෙහිද’ කිව යුතුය. ඊට හේතුව ළ්හ කාරයේ සංයුක්ත අසංයුක්ත බව ත’රණය කිර’මේ ද’ මේ පදයේ ඇති පූර්ව හ‍්‍රස්වත්‍වය ඉතා වැදගත් සාධකයක් වන බැවිනි.
හ‍්‍රස්ව අක්‍ෂරයකට පසුව ළ්හ කාරය යෙද’ ඇති පදයන් යෙදුණු පද්‍ය පාඨයන්හි ඡුන්දස් ලක්‍ෂණ විමසන කල්හි ළ්හ කාරය සංයෝගයක් නම් ඊට මුලින් ඇති හ‍්‍රස්ව අක්‍ෂරය ගුරක් විය යුතුය. ඊට හේතුව සංයෝගාක්‍ෂරයකට පූර්වයෙන් පිහිටන හ‍්‍රස්වය ගුරක් ලෙස සලකන බැවිනි. නියත වශයෙන්ම ගුරක් තිබිය යුතු තැනක හෝ අනියතව ගුරු ලඝු පිහිටන තැනක ද’ එලෙස හ‍්‍රස්වය ගුරු විය හැකිය. එහෙත් නියත ලඝුස්ථානයක එම හ‍්‍රස්ව අක්‍ෂරය යෙද’ ඇත් නම් එය ගුරක් සේ සැලකිය හැකි නොවේ. එසේ එය ලඝුවක් වනවිට ඊට පසුව ඇති ළ්හ කාරය සංයුක්තයක් විය නොහැකිය.
හ‍්‍රස්ව ස්වරයකට පසුව ළ්හ කාරය යෙදුණු එකම පාලි පදය වන දළ්හ යන්නෙහි ළ්හ සංයුක්තයක් නම් දකාරය ගුරක් විය යුතුය. මෙහි දකාරය ලඝුවක් යැයි සනාථ කරගත හැකි නම් ළ්හ කාරයේ අසංයුක්තත්‍වය ද නිශ්චිත කරගත හැකිය. දළ්හ යන්නෙහි දකාරය ලඝුවක් බව සනාථ කරගැන’මට එය යෙද’ ඇති පද්‍ය පාඨයක ඡුන්දෝ ලක්‍ෂණ පිරික්සිය හැකිය.
පරස්ස චේ වම්භයිතෙන හ’නො
න කොචි ධම්මෙසු විසෙසි අස්ස
පුථූහි අඤ්ඤස්ස වදන්ති ධම්මං
නිහ’නතො සම්හි දළ්හං වදානා
ත‍්‍රිෂුටුභ් ඡුන්දසට (එක් පාදයකට අක්‍ෂර 11 ඇති ඡුන්දස * අයත් උපේන්ද්‍ර වජ‍්‍රා විරිතෙන් බඳින ලද පද්‍යයක් වන මෙහි අවසාන පාදයෙහි යෙද’ ඇති දළ්හං යන්නෙහි ද කාරය සත්වැනි අක්‍ෂරය නියෝජනය කරන්නයි. මුල් පාද තුනෙහිම සත්වැනි අක්‍ෂරය ලඝු හෙවත් හ‍්‍රස්ව ලෙස පවතිද්ද’ ළ්හ යනු සංයුක්තයකැයි සලකා දළ්හං යන්නෙහි දකාරය ගුරක් බවට පත්කළ හොත් පද්‍යයේ වෘත්තය වෙනස් වෙයි. එනිසා එය ලඝුවක් ලෙසම තැබිය යුතුවේ. එපමණක් නොව එය ඡුන්දස තුළ නියත වූ ලඝුස්ථානයක් ද වෙයි. එනිසා එය ගුරක් බවට පත් කළ නොහැකිමය. මෙම ගාථාව අයත් ත‍්‍රිෂ්ටුභ් ඡුන්දස වෛදික ශ්ලෝක පාදයන් රචනාකළ ප‍්‍රසිද්ධ ඡුන්දසකි. වෛදික ශ්ලෝක පාදයක රිද්මය ස්ථිර ලෙස නියම කරනු ලබන්නේ ඡුන්දසෙහි අන්තිම අක්‍ෂර සතර හෝ පහ මගින් පමණි. අවසාන අකුර අනියත අකුරක් බවට පත්වේ. පාදයකට අකුරු 11 ක් ලැබෙන ත‍්‍රිෂ්ටුභ් ඡුන්දසෙහි සතරවන හෝ පස්වන අක්‍ෂරයෙන් පසුව විරාමයක් හෙවත් යතියක් පවතියි. එනිසා එහි ප‍්‍රභේද දෙකක් දක්නට ලැබේ.
අනියත
අ* 1 2 3 4 යතිය 5 6 7 8 9 10 11
අනියත
ආ* 1 2 3 4 5 යතිය 6 7 8 9 10 11
මෙවැනි පාද සතරකින් ත‍්‍රිෂුටුභ් පද්‍යයක් නිර්මාණය වේ. මෙහි පළමු ප‍්‍රභේදයේ 1 3 11 යන අක්‍ෂර අනියත ඒවා වන අතර දෙවැන්නෙහි 1 3 5 11 අනියත වෙයි. ඉහත ගාථාවෙහි සත්වැනි අක්‍ෂරය නියත ලඝුවක් වන්නේ ත‍්‍රිෂුටුභ් ඡුන්දසෙහි පළමු ප‍්‍රභේදය අනුවය. අක්‍ෂර සතරකට පසු විරාමයක් සහිත එහි අවසාන අක්‍ෂර පහට සත්වැනි අක්‍ෂරස්ථානය ද අයත් වන බැවින් දළ්හං යන්නෙහි ද කාරයට ගුරක් ඇඳිය නොහැකිවේ. එයින් පැහැදිලි වන්නේ දළ්හං යන පදයේ ද කාරය තනි අකුරක් සේ වෙනමත් ළ්හ(ං* කාරය කේවලාක්‍ෂරයක් සේ වෙනමත් ගණනය කළ හැකි බවයි.
පාදයකට අක්‍ෂර 12 ක් පිහිටන ජගත’ ඡුන්දසෙහි වංශස්ථ වෘත්තයෙන් බඳින ලද පද්‍යයක දළ්හ යන පදයේ ගුරු ලඝු පිහිටන අයුරු පහත පද්‍යයෙන් ඉදිරිපත් වේ.
යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ
ඡුින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති
එවම්පි තණ්හානුසයෙ අනූහතෙ
නිබ්බත්තත’ දුක්‍ඛමිදං පුනප්පුනං
මෙහි පළමු පාදයේ අවසන යෙද’ ඇති දළ්හෙ යන පදයේ දකාරයේ ස්ථානය 11 වැනි අක්‍ෂරයයි. ළ්හ යන්න සංයුක්තයක් නම් එම අක්‍ෂරය ගුරක් විය යුතුවේ. එහෙත් එසේ වී නොමැත. යම් හෙයකින් ළ්හ යන්න ගුරක් සේ සලකා ද කාරය ගුරක් ලෙස සංකේතවත් කළ හැකිය. 2 3 4 පාදයන්හි 11 වන අක්‍ෂරය ලඝුවක්ව පවතින විට පළමු පාදයේ 11 වැනි අකුර එසේ ද’ර්ඝ කළ හොත් එය ඡුන්දෝ විරෝධතාවක් බවට පත්වේ. ඒ අනුව ද පැහැදිලි වන්නේ ළ්හ කාරය සංයෝගක් නොවේය යන්නයි.
ව්‍යඤ්ජන සංයුක්තයන්හි සිද්ධාන්තයන් විමසූ කල්හි ද ළ්හ කාරයේ අසංයුක්ත භාවය වටහා ගත හැකිවේ. ද්වික ව්‍යඤ්ජන සංයුක්ත මෙන්ම ත‍්‍රික ව්‍යඤ්ජන සංයුක්ත ද සංස්කෘතයේ දෘශ්‍යමානය. එහෙත් පාලියේ ඇත්තේ ද්වික ව්‍යඤ්ජන සංයුක්තයන් පමණි. සංස්කෘතයේ ඇති ව්‍යඤ්ජන දෙකේ සංයුක්ත පාලියට පැමිණ’මේ ද’ ඒවා ස්වරභක්ති ක‍්‍රමයෙන් බෙදා දැක්වීමට හැකිවේ.
උදා:- අර්හති ඝ අරහති (ර්හ අතරට අ යෙද’ම*
ක්ලේෂ ඝ කිලෙස (ක්ලේ අතරට ඉ යෙද’ම*
පද්ම ඝ පදුම (ද්ම අතරට උ යෙද’ම*
සියලූ සංයුක්ත මෙසේ බෙදිය හැකි නොවේ. ක්ක ග්ග වැනි සමාන සංයුක්ත ස්පර්ශයන් ස්වක’ය මහාප‍්‍රාණයක් සමග එකතුවී නිර්මාණය වූ ක්‍ඛ ග්ඝ වැනි සංයුක්ත හා වර්ගාන්තයක් ස්වවර්ග’ය ස්පර්ශයක් සමග එක්වී සෑදෙන සංයුක්ත ස්වර භක්ති ක‍්‍රමයෙන් යෙන් බෙදිය නොහැක. ළ්හ කාරය සංයුක්තයක් නම් ස්වර භක්ති න්‍යාය යටතේ ස්වර යෝජනයකින් එය වෙන් කළ හැකි විය යුතුය. එහෙත් එය සිදු කළ හැකි නොවේ. එනිසා ද ළ්හ කාරය අසංයුක්තයකැයි කිව හැකිය.
ළ්හ කාරය සංයුක්තයක් සේ සලකනු ලබන්නේ පාලිය තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ණ්හ ය්හ ව්හ වැනි සංයුක්ත දෙසට නැඹුරු වීමෙනි. හකාරය නාසික්‍ය අක්‍ෂරයක් සමග හෝ ය ව ල සමග හෝ සමීපව ලියූ කල්හි හකාර යුක්ත ව්‍යඤ්ජන සංයෝග බිහිවන බව පෙනෙන නමුත් සත්‍ය ලෙසම ඒවා බිහි වන්නේ සංස්කෘතයේ ඇති පූර්ව හකාර යුක්ත සංයෝගවල වර්ණ විපර්යාස වීම තුළිනි. මෙය ප‍්‍රාකෘතවලද’ බෙහෙවින් දක්නට ලැබෙන්නකි.
උදා:-
1. හ් + නාසික්‍ය
හ්ණ - පූර්වාහ්ණ ඝ පුබ්බණ්හ (හ්ණ ඝ ණ්හ*
අපරාහ්ණ ඝ අපරණ්හ
හ්න - චිහ්න ඝ චින්හ (හ්න ඝ න්හ*
හ්ම - ජිහ්ම ඝ ජිම්හ (හ්ම ඝ ම්හ*
2. හ් + ය
හ්‍ය - ආරුහ්‍ය ඝ ආරුය්හ ( හ්‍ය ඝ ය්හ*
අසහ්‍ය ඝ අසය්හ
3. හ් + ව
හ්ව - ජිහ්වා ඝ ජිව්හා ( හ්ව ඝ ව්හ *
බහ්වාබාධ ඝ බව්හාබාධ
4. හ් + ල
හ්ල - ආහ්ලාද ඝ හිලාද (ස්වර භක්තියෙන්*
කහ්ලාර ඝ
ළ්හ කාරය සංයුක්තයක් සේ ගණින්නේ නම් මෙම නිදසුන් අනුව එය හ්ළ යන සංයුක්තයේ වර්ණ විපර්යාසයෙන් බිහි වූවක් විය යුතුය. එහෙත් එය මෙවැනි වර්ණ විපර්යාසයකින් බිහි වූවක් නොවන බව පැහැදිලිය. ඉහත ද’ පෙන්වා දුන් පරිදි එය ඪ කාරයෙන් පරිණාම වූවකි.
ළ්හ කාරය දෙස බාහිරින් බලන කල්හි පෙනෙන සංයුක්තාක්‍ෂරයක ස්වරූපය වාග්විද්‍යාත්මක කරුණු පිරික්ස’මක ද’ එයට ලබා දිය නොහැකි බව මෙයින් පැහැදිලි වේ. පාලි භාෂාව වාග්විද්‍යාත්මකව හැදෑරූ යුරෝප’යයන් ප‍්‍රමුඛ පශ්චාත් විද්වතුන්ගේ කෘතිවල පාලි වර්ණමාලාවට ද්‍රවීයාක්‍ෂරයක් ලෙස ළ්හ කාරය ඇතුළත් වී ඇත්තේ එය සංයුක්තාක්‍ෂරයක් නොවන බැවිනි. ළ්හ කාරය කේවලාක්‍ෂරයක් ලෙස සාම්ප‍්‍රදායික පාලි වර්ණමාලාවට එක් කිර’මට පාලි භාෂාව සංවර්ධනය කළ ශ‍්‍ර’ ලාංකික සම්ප‍්‍රදායයන්හි අවධානය යොමු නොවූයේ කවර හෙයින්දැයි නොදනිමු.
අන්ත සටහන්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment