UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: මහින්දාගමනයත් සම`ග අනුරාධපුර නගරය ආරමික පූජා නගරයක් ලෙස * සකස් වූ අකාරය

Tuesday, December 10, 2013

මහින්දාගමනයත් සම`ග අනුරාධපුර නගරය ආරමික පූජා නගරයක් ලෙස * සකස් වූ අකාරය

‘‘ මහින්දාගමනයත් සම`ග අනුරාධපුර නගරය ආරමික පූජා නගරයක් ලෙස * සකස් වූ අකාරය ප‍්‍රාග් මහින්ද අනුරාධපුරය විජය රජු ලක්දිව පාලනය කළේ එක්සේසත් කර නොවේ. මුළු ලක්දිව එක්සේසත් කර පාලනය කළේ පණ්ඩුකාභය කුමරුයි. විජය සමග පැමිණි පිරිස තම තමන්ගේ නම්වලින් ගම් ආරම්භ කළද ඒවා නගර සේ ක‍්‍රමවත්ව නිර්මාණය නොවන්නට ඇත. නමුත් එක්තරා ආකාරයට එයද නගර නිර්මාණයට පසුබිමක් සැලසූ බව නොඅනුමානයි. විජය පෙළපත පහකර ශාක්‍ය පෙළපත ආරම්භ කරනුයේ පණ්ඩුකාභය කුමරු සමගිනි . ඔහු මුළු ලක්දිවම එක්සෙසත් කරයි. අනුරාධ කුමරු විසින් අනුරාධ නැකතින් තැනූ අනුරාධ ග‍්‍රාමය මුල්කරගත් ප‍්‍රදේශය මෙම අනුරාධපුරය නගරය නිර්මාණය සදහා යොදා ගෙන ඇත. අනුරාධපුර නගරය නිර්මාණය කරන්ට ප‍්‍රථම පැවැතියැයි සැළකිය හැකි දියුණු තක්‍ෂණික හැකියාවන් පැවැතිබවට සාධක හමු වි තිබේ. ‘‘ අනුරාධපුර ඇතුල් නුවර කළ කැණීම් ඹස්සේ එහි ආදිවාසීන්ගේ පැවැත්මට සම්බන්ධ තොරතුරු හෙළිවී ඇත. මූල ඓතිහාසික ලෝහ යුගය ක‍්‍රිපූ 900 - 600 අතර යැයි සැලකිය හැකි අතර එය දියුණු ලෝහ සිල්ප ක‍්‍රමයන් සහිත හා කාල රක්ත වර්ණ මැටි භාජන, අශ්වයා, හීලෑකළ ගවයා සහ වී ගොවිතැන ආදී ලකුණින් හදුනා ගත හැකියි.’’ මේ අනුව අනුරාධපුර නගරය නිර්මාණය වීමෙහිලා ඊට පෙර පැවති නගර නිර්මාණ ශිල්පයන් මෙන්ම වෙනත් විදේශීය ශිල්පයන්ද උපකාර කරන්නට ඇත. මුල් කාලීනව නගර යන්නට ‘‘පුර ’’ යන්න භාවිත වී ඇත. නගරට ඉන්දියාවේ වර්තමානයේ ‘‘පුර්’’ යන්න භාවිත කරයි. පෙර නගරය ඇතුළුනුවර යැයිද ඉන් පිටත වෙනත් නම් වලින්ද හදුන්වා ඇත. රාජකීය සියලූ ගෘහයන් පැවතුණේ ඇතුළු නුවරය. එමනිසාම පසු කාලීනව අන්ත:පුර යන යෙදුමද යෙදුනේ මෙම හේතුව නිසාය.එම නිසාම නගරයක ඇතුළු ප‍්‍රදේශය මෙන්ම බාහිර ප‍්‍රදේශය වෙන් කරන ලද යම් සීමාවක් නිශ්චිතවම පැවතී ඇත. අනුරාධපුර නගරය වෙළ`ද මද්‍යස්ථානයක්ද විය. විශේෂීකරණය වූ වෙළ`ද ප‍්‍රදේශ වාණිජ ගාම හෙවත් නිගම යනුවෙන් හැදින්විය. නගරයට ඇතුළු වන ස්ථාන හෙවත් දොරටු ද්වාර ග‍්‍රාම නම් විය. විජය රජු කාලයේ වූවද මෙරට වෙළද මධ්‍යස්ථානයක්ව පවතින්නට ඇත. නමුත් නගරයක් ලෙස ක‍්‍රමානුකූලව නිර්මාණය වූ බවට සාදක නැත. ක‍්‍රමාණුකූලව නගරයක් නිර්මාණය කළේ පණ්ඩුකාභය රජතුමාය. ලක්දිව පළමු වරට එක්සේසත් කළ ශාක්‍ය පරපුරකට උරුම කම් කියන්නකුසේ සලකන ලද්දේ පණ්ඩුකාභය රජතුමාය. එමනිසා පසුකාලීන රජවරු තම රාජපරම්පරාවේ ආදිතමයා ලෙස සලකන ලද්දේ විජය නොව පණ්ඩුකාභය රජතුමාය. අනුරපුර අවසාන භාගයේ විසූ සිවුවැනි මිහිදු රජු තම ආදිතමයා විජය නොව පනණ්ඩුකාභය යැයි සැලකීය. දීපවංශයේ එක්තැනක පණ්ඩුකාභය කුමරු ‘පකුණ්ඩක‘යැයි නම් කිරීම තුළින් ( ධූර්ත චෞරයකැයි * ඔහුට ප‍්‍රබල ප‍්‍රතිපක්ෂ කණ්ඩායම් සිටි බව පැහැදිලි වේ. එම නිසා ඔහු නගර නිර්මාණ කිරීමේදී ආරක්ෂාව පිළිබඳව සැලකිළිමත් වන්නට ඇත. පුර යනු ‘‘පේතෘ’’ ශබ්දයෙන් ආරක්ෂාවන ස්ථානයයි. එම නිසා ඔහු අනුරාධපුරය ආරක්ෂිත නගර නිර්මාණයක් ලෙස ඉදිකරවන්නට ඇත. ‘‘ ඕනෑම නගරයක් ආරම්භයේ කිසියම් සැලසුම් ගත කිරීමක් කළ යුතුය . ක‍්‍රි.පූ 04 වන සියවසේ පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි අනුරාධපුර නගරයද එසේ විය. නගරයේ ප‍්‍රධාන අවධානය යොමු වූයේ ආරක්ෂා වෙතයි’’ පුරයකට අත්‍යවශ්‍ය අඕගයක් වූ ප‍්‍රාකාරයක් පණ්ඩුකාභය රජු අනුරාධපුර නගරයට කරවීද යන්නට සාදක නැත. නමුත් ක‍්‍රි. පූ. 41-19 අනුරාධපුර ප‍්‍රාකාරය සත්රියන් කරවා දිය අගල්ද ඇතිකරවී යැයි මහාවංශයේ සදහන් වේ. පණ්ඩුකාභයගේ සමකාලීනයකු වූ මෞර්ය අධිරාජ්‍යයේ මූලිකයා වූ චන්ද්‍රගුප්ත රජුගේ රාජධානිය වූ පාටලී පුත‍්‍ර නගරය වටා දාරුමය ප‍්‍රාකාරයක් තිබී ඇත. දඹදිවට නිබද ආභාසය ලද රටක් වූයෙන් මෙහි පණ්ඩුකාභය කරවූ ප‍්‍රාකාරයද දැවයෙන් හෝ මැටියෙන් කරන්නට ඇත. චන්ද්‍රගුප්ත මාළිගයේ ගල් ඔපදමා තිබූ අතර එය ග‍්‍රීක පර්සියන් සම්බන්ධකමේ ප‍්‍රතිඵලයක් ලෙස බව එරට උගතුන් පැහැදිලි කරයි. මෙරට වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවතුණු බැවින් එවැනි ප‍්‍රාකාරයක් මෙහි පැවති බවට තර්ක කළ හැකිය. නගරයෙන් පිටත සොහොන් බිම් ආදියද කර වු බැවින් පැහැදිළිවම නගර සීමාවක් පවතින්නට ඇත. පණ්ඩුකාභය රජු මුළු දිවයිනේහිම ගම්වල මායිම් ලකුණු කළ බවට ලූහුඩින් මහාවංශයෙහි දැක්වෙන විස්තරය ඉතා වැදගත්වේ. මේතුළින් පැහැදිළි වන්නේ ඔහු ගම් සීමාවන් මෙන්ම නගර සීමාවන්ද කළ බවයි. ඒ අනුව ඇතුළු නුවර යැයි කොටසක් නිශ්චිතවම සීමාවන් ලකුණු කරන්නට ඇත. පණ්ඩුකාභයගේ ඤාතින් පාලන තන්ත‍්‍රය උගත් උත්තර භාරතයේ ශාක්‍යයන් වීම නිසා ඔහුට නගර නිර්මාණය සදහා එම අභාසය බලපාන්නට ඇත. නගරය එසේ ආරක්ෂා වන්නනට ඇති අතර අවශ්‍ය ජලය සපයා ගැනීම සදහා ජාතරස්සය ( ඉබේ හටගත් විලක් * අභය වැව නමින් විශාල කර ඇත. පණ්ඩුකාභය කරවූ නගර නිර්මාණයට පෙර බොහෝ තොරතුරු මහාවංශයේ සදහන් නොවූවද පෙර පැවැති නගර නර්මාණ ශිල්පීය ඤාණයන් උපායෝගී කරගන්නට ඇත. බුදුන් වැඩි කාලයේ නාගදීපයේ පිහිට වූ කිරිපලූ රුක රෝපණය කළ ස්ථානයේ කළ විහාරයක් පිළිබඳව මහාවංශයේ තොරතුරු එයි. පසුව එය භාතික තිස්ස හා දෙවැනි අග්බෝ යන රජවරුන් නොයෙක් ආරාම හා ගොඩනැගිලි ඉදිකර ඇත. මහා වංශයේ සදහන් වන පරිදි විජය විසින් තම්බපණ්ණිී නගරය පිහිටවනු ලැබූ අතර අනුරාධ ගාම, උපතිස්ස ගාම, උජ්ජයීනී, උරුවේලා සහ විජිත ගාම යන නගර පිහිටවනු ලැබුයේ ඔහුගේ සගයන් විසිනි. මහාවංශයේ නව වෙනි පරිච්ඡෙදයේ දැක්වෙන පරිදි රාමගොණ, අනුරාධ ගාම, උරුවේලා, විජිත ගාම, දීඝායු සහ රෝහණ පිහිටවනු ලැබූයේ භද්දකච්චායනාගේ සහෝදර ශාක්‍ය කුමාරවරුන් විසිනි. මෙවායින් අනුරාධ ග‍්‍රාමය හැර අනික් ඒවා නගර ලෙස ඇතැම් තැන්වල සදහන් වුවද නගරයද ග‍්‍රාමය යන අර්ථයෙන් යෙදී ඇති බව ‘‘ කලහ නගරං නාම ගාමො තත්ථ කතේ අහු ’’ යන්නෙන් පැහැදිළි වේ. එමනිසා ප`ඩුඅබා නගර නිර්මාණයේදී පෙර පැවති ශිල්පිය ක‍්‍රමයන් හා සැලසුම් හා තමන් උපයෝගී කරගත් බව පැහැදිලි වේ. ‘‘පණ්ඩුකාභය රාජකීය මන්දිරයක් තැනූ බව කියවේ.’’ මෙසේ නගරය තුළ ඔහු බල කොටුවක් නිර්මාණය කළේය, එය විශාල කර ඉදිකළ වසභ රජු ද්වාර අට්ටාලයක්ද ඉදිකළේය. මෙහි නටබුන් අදද දැකිය හැකිය. නගර නර්මාණය සදහා පණ්ඩුකාභය නැකැත් කරුවන්ගේ උපදෙස් ලබාගෙන ඇත. රාජකීය ගොඩනැගිලි ඉදිකරන ලද්දේ නගරයෙන් ඇතුළතය. ඇතුළු නුවර ප‍්‍රභු හා උසස් පැලැන්තිවල ජනයාද ඇතුළු නුවර වාසය කර ඇත. අනුරාධපුර නගරය කෞටිල්‍යගේ අර්ථ ශාස්ත‍්‍රයේ එන විශ්ව නගරයක ස්වරූපය නොගෙන ඇත. එයට අනුව සතර දිසාවට ද්වාර සතරක් තිබිය යුතු අතර නගර මධ්‍යයේ උතුරු දෙසට වන්නට රජ මාලිගය පිහිටා තිබිය යුතුය. මෙම විස්තර සමග පණ්ඩුකාභය රජුගේ නගරය නොගැලපේ. ථූපවංශයේ දැක්වෙන පරිදි නගරයේ දොරටු සතර එක හා සමාන දුරකින් පිහිටා තිබෙන බව දැක්වෙන නමුදු එමගින් සිව් දිසාවන් පිළිබිඹු නොවේ. එ් අනුව මෙරට පැවති නගර නිර්මාණය ස්වදේශීය ලක්‍ෂණ ඇතිව නිර්මාණය වූ බවට මෙය කදිම සාධකයකි. පණ්ඩුකාභය කරවූ අනුරාධපුර නගරයේ රාත‍්‍රී කාලයේ පාලනය ගෙනයාම බාරකර ඇත්තේ ඔහුගේ මාමා වූ අභයටයි. නගරය සදහා නගර ගුත්තිකයන් විධිමත් ලෙස යෙදීම තුළින් නගරය ආරක්‍ෂා කිරීමට හමුදාමය බලයක් යෙදවූ බව පැහැදිළිවේ. ප`ඩුඅබා රජු වළවාමුඛී නම් යක්ෂණිය පිණිස ඉදිකළ දෙවොලද රජුගේ මාළිගය පිහිටි භූමියේම විය. චිත්ත රාජ යක්‍ෂයා සදහා ඉදිකළ දේවාලය නගරයේ බටහිර දෙස පිහිටි අතර කාළවේල නම් යක්‍ෂයාගේ දේවාලය නගරයේ නැගෙනහිර දෙසින් වූ බව මහාවංශයේ දක්වයි. මෙය මහසෙන් යුගය දක්වා පැවති අතර පසුව මහසෙන් රජු එය කඩාබිඳ දමා ථූපයක් කරවූ බව මහා වංශයේ සදහන් වේ. දකුණු දිසාවේ යක්ෂ යොනියේ උපන් පූර්වෝපකාරී දාසියගේ වාසස්ථානය වන්නට ඉදිකර ඇත. බටහිරට වන්නට වෛශ‍්‍රවණගේ නුගය හා ව්‍යාධ දේවතාවාග් තල්ගස ඉදිකර ඇත. උතුරුදිශාවට වන්නට තාපසයන්ගේ ආශ‍්‍රම හා ජෝතිය නිගණ්ඨයාගේ ආශ‍්‍රමය ඉදිකර ඇත. මෙය වළගම්බා රජතුමා බි`ද අභයගිරිය තැනූ බව මහාවංශයේ සදහන් වෙයි. වයඹ දිශාවට නගර ශෝධක හා වර්චස් ශෝධක හා මෘත ශබ්ර හාරක හා ස්වසාන ගොපකයන්ගේ නිවාස පිහිටා තිබූ බව මහාවංශයේ දැක්වේ. ඊසාන දිසාවට වන්නට චණ්ඩාල සුසාන ඉදිකර ඇතිබව දැක්වේ. මේ අනුව නගරය යම්කිසි සැලසුමකට අනුව නිර්මාණය කර අතර එය මෙරටට ආවේණික වූවකි. පන්සීයක් නගර ශෝධකයන්ද ඒ සදහා සැඩොලූන් පන්සීයක්ද සැඩොලූන් දෙසීයක් වර්චස්ශෝධක ලෙස (කැලි කසළ සෙදීමට* තනතුරු ලබාදමෙන්් එහි පැවති සංකීර්ණ බව පිළිබදව කදිම සාධකයන් වේ. එතරම් පිරිස් නගරය සේදීමට හා වැසිකිළි පිරිසිදු කිරීමට (කැලි කසළ* නම් කිරීමෙන් නගරයේ විශාල සේවක පිරිසක් මෙන්ම විශාල ජනගහනයක්ද වූ බව පැහැදිලි වේ. මෙම කරුණු තුළින් වර්තමාන නගරයක ඇති ලක්‍ෂණවලට බොහෝ දුරට සමාන වේ. සැඩොලූන් සදහා ඊසාන දිග කළ සුසානයට සමීපයෙන් නීච සුසානයක්ද කළ බවද මහා වංශයේ දැක්වේ එයට උතුරු දිසාවෙන් ගාමිණී නමින් තවත් වැවක් කළ බව මහාවංශයේ දැක්වේ. එමගින් නගරය තුළ පැවැති ජල පරිභෝජන අවශ්‍යතාවය මග හැරීමට හැකිවන්නට ඇත. උතුරු දිසාවට වන්නට ගිරිනිගණ්ඨයාගේ ආරාමයද විවිධ මිථ්‍යා මත දරන්නන් ඇතුළුව ශ‍්‍රමණයන්ට විසීම සදහා ප‍්‍රදේශයක්ද විය. බටහිර වාසල් දොරටුව සමීපයේ සොහාන් බිමට අමතරව වධකස්ථානයද තිබි ඇත. විවිධ යාග පූජා සදහා වෙන්කළ ප‍්‍රදේශයකුත් පැවතී ඇත. නගරයෙන් පිටතට මළසිරුරු ගෙනයාමට 150දෙනෙක්ද 150ක් සොහොන් ගොවුවන් වශයෙන් යොදවා ඇත. උතුරු ප‍්‍රදේශයේ ගල් පර්වත දෙකක් අතර දඩයක්කරුවන්ගේ වාසස්ථානය ඉදිකර ඇත. නීච සුසානයට උතුරින් කුම්භාණ්ඩ නම් නිගණ්ඨයන්ට මෙන්ම තවුසන්ට වෙන්වූ ආරාමද ඉදිකර ඇත. දඩයක්කරුවන්ගේ වාසභූමියට නැගෙනහිරින් මිථ්‍යාදෘෂ්ඨික පවුල් 500ක් සදහා වාසස්ථාන ඉදිකර ඇත. ආජීවකයන් සදහා වාසස්ථානද බ‍්‍රාහ්මණයන් ඇතුළු ප‍්‍රභූන් සදහා සිවිකාවන් මෙන්ම ආරෝග්‍ය ශාලා ඉදිකළ බව දැක්වේ. ඒ තුළින් එහි පැවති සමෘද්ධිමත් ස්වරූපය මනාව වටහා ගත හැක. ග‍්‍රාම සීමාවන් මුළු ලක්දිවම ලකුණු කිරීම තුළින් විධිමත් පාලනයක් පිළිබඳව දෙස් දෙයි. මෙසේ ඉදිවූ නගරය ඉතා විශාල දියුණුවක් මෙන්ම වාණිජ මධ්‍යස්ථානයක්ද වන්නට ඇත. පණ්ඩුකාභයගේ නගරද්වාර හා යෝන පිරිස වාණිජ සම්බන්‍ධයක් ඇති වෙළෙන්දන් වන්නට ඇත. මෙසේ ඉදිවූ නගරය මුටසීව රජු හා දේවානම් පියතිස්ස රජු වැඩිදියුණු කළ බව මහාවංශයේ සදහන් වේ. මහින්දාගමනය හා එහි ඓතිහාසිකත්‍වය භාරතීය ඉතිහාසය නැමැති ආකාශය බෑබලවූ පුන් ස`දක් වන්නේ අශෝක අධිරාජ්‍යයා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ඔහු මහා යුද්ධයකින් පසුව මුළු ඉන්‍දියාවේම අධිපතිබව ලබා ගත්තේ ය. චණ්ඩාශෝක නමින් හැදින්වු ඔහු පසුව ධාර්මික ක‍්‍රියා වලට නැඔුරු වීම කරණකොට ගෙන හේ ධම_ාශෝක නම් විය. ඔහු මුලින් මිථ්‍යාදෘෂ්ඨිකයෙකු වූ අතර පසුව බුදු දහම වැළ`ද ගත්බව අශෝක ශිලා ලේඛණවල සදහන් වේ.නමුත් ඔහු සෑම ආගමකටම සමානව සැළකූබව ශිලා ලේඛණවල සදහන් වේ. බුදු දහමට විශේෂ සැළකිලි දැක්වූයේ යැයි මෙරට මුලාශ‍්‍රවල සදහන් වේ. ඇතමුන් තර්ක කරනුයේ අශොක රජතුමා බෞද්ධයෙකු නොවූ බවයි. නමුදු අශෝක සෙල්ලිපිවලින් ඇතැම් සෙල්ලිපිවල ඔහු බුදුන් ගුණ වැයු අයුරු දැක්වේ. එම කරුණු හා ඔහුගේ සෙවය පිළිබද සැළකීමේ දී ඔහු බෞද්ධයෙකු වන්නට ඇත. අශෝක අධිරාජ්‍යයාගේ කාලයෙහි සිදුවුණි යැයි සැළකෙන තුන්වන ධර්ම සංගායනාව ස`දහා අශෝක අධිරාජ්‍යයා අනුග‍්‍රහය ලබා දුන්නේය යන මතය විවිධ විවේචනයන්ට ලක් වූවකි. මෙම සංගායනාව පිළිබද කිසිදු කරුණක් අශොක ශිලා ලේඛණවල දක්නට නොලැබෙන බැවින් මෙය මිථ්‍යා ප‍්‍රබන්‍ධයකැයි ඕල්ඩන් බර්ග් ආදීහු ප‍්‍රකාශ කරති. මෙම සංගායනාවට හේතුව ලෙස දක්වා ඇත්තේ දුසිල් මහණුනු සසුනට වැද විලෝම කිරීම හා පරවාද මර්ධනය කිරීමත් ස`දහා ය. අශෝක සෙල් ලිපිවල සංගායනාව ගැන ස`දහන් නොවතුදු මෙය ස`දහා පාදක වූ කරුණු පිළිබ`ද ස`දහන් වේ. දුපිළිපන් භික්‍ෂූන් වහන්සෙලාට අවවාද කළ අවස්ථා පිළිබ`ද බාභෘ , සාරානාථ , කොසම්බි ආදි සෙල් ලිපිවල ස`දහන් තොරතුරු විමසීමෙදී ඔහු බුදු සමය කෙරෙහි දැක්වූ නිරන්තර අවධානය මැනවින් පැහැදිලි වේ. එම නිසා ඔහු ධම_ සංගායනාවෙන් වියුක්ත වන්නට ඇතැයි සැළකීම සදොස් ය. ඊ . ජේ තොමස් හා රිස්ඩෙවිඞ් වැනි බුදු දහම පිළිබ`ද ගැඹුරින් හදාළ විද්වතුත්තු මෙම සංගායනාව ස`දහා අශොක අනුග‍්‍රහය දුන් බව පිළිගනිති. සමකාලීන පුරිවිද්‍යාත්මක සාදක අනුවද මෙය පිළිගත හැක. ‘‘ අශොක සමයේ දී ම ස්වකීය ශාරීරික ධාතුන් කර`ඩුවෙක බහා ‘‘ සපුරිසස මොගලිපුතස ’’ යන අක්‍ෂර ලියවා සාංචියේ අංක 2 දරන ස්තූපයේ සාතිශය බහුමානයෙන් නිදන් කරවා ගැනීමට තරම් සුවිශේෂ පූජනීයත්‍වයට පත් මොග්ගලීපුත්ත තිස්ස තෙරුන්ගේ ක‍්‍රියා කලාපය හා කාර්ය සිද්ධීන් අගය කිරීම. මජ්ක්‍ධිම . කස්සපගොත්ත සහ දුන්දුභිස්සර යන ධර්ම¥තයන් වහන්සේගේ ශාරීරික ධාතු කොටසක් තැන්පත් කොට සාංචි හා සෝනාරි ස්තූපවල තබා තිබු ධාතු කරඩුවල දැක්වෙන ‘‘හේමවතාචරිය’’ නම් විශේෂණ පදයේ අදහස නිසැකව තහවුරු කර ගැනීම. මොවුන් වහන්සේ තෙවැනි සංගායනාවෙන් පසු පිටත් කර හරින ලද ධර්ම¥තයන් වහන්සේ ගේ සංඛ්‍යාවෙහිලා සැළකුණු අතර ශ‍්‍රී ලංකාවේ පාළි මූලාශ‍්‍රය ග‍්‍රන්‍ථවල ස`දහන් පරිදි , හිමාලය ප‍්‍රදේශයේ බුදුසස්න පිහිටැවීමේ කාර්යය පැවැරී තිබුණේ ඔහුනට ය. ’’ අශොක අධිරාජ්‍යයා කළ ශ්‍රෙෂ්ඨ කාර්යක් නම් ඉන්‍දියාවෙන් පිටත බුදු දහම ව්‍යාප්ත කිරීමට ඔහු අනුග‍්‍රහය ලබා දීමයි. වංශකථාවන්හි දැක්වෙන ආකාරයට කාශ්මීර ගන්‍ධාර දේශයට මජ්ඣන්තික තෙරුනද, මහිස මණ්ඩලයට මහාදේව හිමිද, වනවාසයට රක්‍ඛිත හිමිද, යවන අපරන්තයට ධම්මරක්‍ඛිත හිමිද , මහාරට්ඨයට මහාරක්‍ඛිත හමිද , හිමවතට මජක්‍ධිම හිමිද , සුවණ්ණ භූමියට සෝණ උත්තර හිමිවරු හා තම්බපණ්ණියට මිහි`දු හිමි ඇතුළු පිරිස අශොක රජුගේ උපකාර ඇතිව පැමිණි බව දැක්වේ. ලක්දිවට පැමිණියේ මිහි`දු හිමියන් බව ලක්වැසියෝ කල්පනා කරති. මහින්දාගමනය ප‍්‍රවාදයක් නොව සත්‍ය සිදුවීමක් යැයි ඔප්පු කිරීමට සමත් පුරාවිද්‍යාත්මක තොරතුරු ලක්දිවෙන් හමු වී ඇත. ක‍්‍රි.පු. පළමුවන ශත වර්ෂයට අයත් මිහින්තලයෙන් හමුවූ ශිලා ලේඛණයක ‘‘මහිද තෙරහච භද්‍රසාල තෙරහච ඉටික තෙරහච උති තෙරහච ’’ යන පාඨය වැදගත් වේ. මෙහි ධම_ ප‍්‍රචාරය ස`දහා පැමිණි මහින්‍ද , භද්‍රසාල , ඉට්ඨිය හා උත්තිය යන තෙරවරුන්ගේ නම් ස`දහන් වේ. මෙහි සම්බල හිමියන්ගේ නම ස`දහන් නොවීම පිළිබ`ද පරණවිතාන මහතා පවසනුයේ මෙහි අබලන්ව ගිය කොටස් තිබෙන්නට ඇති බවයි. මෙහි එන ‘පටිමහ’ යන වචනය ‘පටිමා’ යන වචනයෙන් බිදුණැකැයි සළකා මෙම තෙරවරුන්ගේ නම් ස`දහන් ප‍්‍රතිමාවක් මිහින්තලයෙහි තිබෙන්නට ඇති බවට මත පළ කරයි. නමුත් මෙහි ‘තම්බපණ්ණි’ යන්න දකුණු ඉන්‍දියාවේම වූවක් බවට ඇතමුහු තර්ක කරති. මෙම කාලය වන විට ඉන්‍දියාවේ එම නමින් ප‍්‍රදේශවක් පැවැති බවට සාධක තිබිම මෙම තර්කයට හේතු වී ඇත. ක‍්‍රි.ව. 7වන සියවසේ ඉන්‍දියාවට පැමිණි හියුංත්සාන් තමන් ඉන්‍දියාවට පැමිණි කල මිහි`දු හිමි දකුණු ඉන්‍දියාවේ ධම_ ප‍්‍රචාරයේ යෙදුණුබවට ප‍්‍රචලිතව පැවැතියේ යැයි ඔහු භ‍්‍රමන වෘත්තාන්ත නැමැති ග‍්‍රන්‍ථයේ ස`දහන් කර ඇත. මිහි`දු හිමියන් මුටසීව රජු වයොවෘද්ධ බැවින් ලක්දිවට පැමිණීමට සුදුසු කාලය පැමිණෙන තුරු ෙවිදිසගිරියට පැමිණි බව මෙරට බොහෝ මුලාශ‍්‍රවල ස`දහන් වේ. එහි වේදිසදේවීන් විසින් කරවන ලද වෙදිසගිරි විහාරයේ මසක් පමණ වැඩ විසූ බව බොධි වංසයේ ස`දහන් වේ. මෙම කාලය තුළ වේදිසගිරියටත් දක්‍ඛිණගිරියටත් ඒ හිමි පැමිණ ඇත.වේදිසගිරිය පිහිටියේ අවන්ති ජනපදයේ ය. අවන්තිය දකුණු ඉන්‍දියාවේ පිහිටියේ ය. බුදුන් වහන්සේ දවසද මහා කච්චාන හිමියන් අවන්තියේ ධම_ප‍්‍රචාරයේ යෙදී ඇත. මේ අනුව බුදුන් දවසද දකුණු ඉන්‍දියාවේ බුදු දහම ව්‍යාප්තව පැවතී ඇත. ක‍්‍රි.පු. 3වන සියවසේ භික්‍ෂූන් විසූ ගල්ලෙන් දකුණු ඉන්‍දියාවේ මධුරා ප‍්‍රාන්තයෙන් හමුවී ඇත. බි.සි ලෝ මහතා සදහන් කරනුයේ අශෝක දවස මහාරාෂ්ට‍්‍රය , මහිස මණ්ඩලය හා වනවාසය දකුණු ඉන්‍දියාවේම ප‍්‍රදේශ වූ බවයි. පූර්වොක්ත කරුණු පිළිබ`දව පරණවිතාන මහතා ස`දහන් කරනුයේ මිහිදු හිමියන් වේදිසගිරියේ ධම_ ප‍්‍රචාරණයේ යෙදී ඇති බවයි. මෙම මතය පෝෂණය කිරීමට සමත් තොරතුරක් දීප වංසයෙන් හමුවේ.මෙරටට පැමිණි කාර්යය සම්පූර්ණ කිරීමෙන් පසුව මිහිු`දු හිමි නැවත දඹදිවට යාමට සුදානම් වූ බව දීපවංසයේ ස`දහන් වේ. ‘‘මෙහි පැමිණ අපි පස්මසක් තිස්සාරාමයෙහිද එම පව_තයෙහිද විසුවෙමු.දැන් අපි දැන් දඹදිව යන්නෙමු.’’ මිහි`දු හිමියන් පිළිබ`ද මුල් කාලයෙන් පසු කාලවලදී තොරතුරු ඉතා අඩුවෙන් ස`දහන් වන බැවින් මිහි`දු හිමි දඹදිවට නැවත වැඩමවූ බවට තර්ක කරති.(අනුරාධපුර යුගය 159 පිට* මිහි`දු හිමියන් උත්තිය රජ දවස පිරිනිවීම දක්වන සටහන දක්වා කාලය නිහඩ කාලපරිච්ෙඡ්දයක් ගතවනු දකුනට ලැබේ. වංසකතා කරුවන් තමන්ට අනභිමත කරුණු උවමනාවෙන්ම යටපත් කරන්නට ඇති බව උපකල්පනය කළ හැක. ඇතැම් උගතුන් ස`දහන් කරනුයේ මිහි`දු හිමියන් වේදිසගිරියේ සිට ගොඩබිම් මාර්ගයෙන් බටහිර දිග වෙරළේ පිහිටි භාරුකච්ඡු වරායෙන් නැව් නැග ලක්දිවට පැමිණෙන්නට ඇති බවයි. මිහි`දු හිමියන් වැඩම කළ බවට දෙස්දෙන ප‍්‍රබල පුරාවිද්‍යාතක්මක සාධක හමු වී ඇත. ක‍්‍රි.පු. 1වන ශතවර්ෂයට අයත් මිහින්තලේ තිබී හමුවු ශිලා ලේඛණයක ‘මහිද තෙරහච භද්‍රසාල තෙරහච ඉටික තෙරහච උති තෙරහච ’ යන පාඨයෙන් ලංකාවට පැමිණි ධම_¥තයන්ගේ නම් ස`දහන් වේ. මහින්දාගමනයත් සමග ඇතිවූ යැයි සැළකෙන බ‍්‍රාහ්මී අක්‍ෂර මහින්දාගමනය වූ බව තහවුරු කරයි. මෙම අක්‍ෂර අශෝක ප‍්‍රාකෘතය හා සමානකමක් දක්වයි. මිහි`දු හිමියන් මෙරටට පැමිණිමෙන් පසු මෙරට සෑම ක්‍ෂේත‍්‍රයකම පාහේ මනා දියුණුවක් ඇති විය. මෙරට ආගමික , දේශපාලන හා ආර්ථික ඇතුළු සියලූම අංශයන්ගේ දියුණුවක් ඇති විය. මහින්දාගමනයත් සමග ශ්‍රේෂ්ඨතම ආරාමික නගරයක් බවට අනුරාධපුරය පත් විය. ‘‘ෂඑ අ්ි බදඑ දබකහ දබැ දෙ එයැ පදිඑ ිඒඉකැ * ාමර්ඉකැ චදකසඑසජ්ක චදඇර * මරඉ්බ කසෙැ සබ ීදමඑය ්ිස්ල ඉමඑ ්කිද එයැ ටරු්එැිඑ පදබ්ිඑසජ ජසඑහ දෙ එයැ ්බජසැබඑ අදරකාල එයැ ජර්ාකැ දෙ එයැ සික්බා.ි එැපචදර්ක * ිචසරසඑම්ක චදඇර’’ ග මිහි`දු හිමියන්ගේ පැමිණීමෙන් පසුව ඉන්‍දියාවේ විවිධ කුලවල දක්‍ෂ ශිල්පීන් මෙරටට පැමිණ ඇත. මිහි`දු හිමියන් රාජකීය පෙළපතකට අයත් වූ බැවින් හා අශොක රජතුමා තමා තෙරුවන් සරණ ගිය පුද්ගලයෙකු වශයෙන් මුලින් දන්වා තිබීම වැනි කරුණු කරණකොට ගෙන මිහි`දු හිමියන්ට වඩා පහසුවෙන් මෙහි බුදු දහම පිහිටුවන්නට හැකිව ඇත.එසේම බුදුන් වහන්සේ තුන් වරක් මෙහි වැඩම කර තිබීම නිසා මෙහි ජනයා බුදුන් වහන්සේ පිළිබ`දව දැන සිටින්නට ඇත. ආරාමික නගරයක් ලෙස සංවර්ධනය වූ අනුරාධපුර නගරය මිහි`දු හිමියන් හා දේවානම්පියතිස්ස රජතුමා මිස්සක පවුවේදී ප‍්‍රථම වතාවට හමුවේ. බුදු දහම පිළිබ`ද දැන සිටි රජු මිහි`දු හිමියන් හා සාකච්ඡුාවකින් පසු පැහැදෙයි. මහින්දාගමනයත් සමග ජනතාව රජ මාළිගය අසලට විශාල පිරිස් වශයෙන් රුස්වන්නට විය. එය ඇසු රජතුමා එම පිරිසට රජ මාලිගය ප‍්‍රමාණවත් නොවූයෙන් ඇත් හල සූදානම් කරවීය. මිහි`දු හිමියන්ට එය දැන්වූ පසු මිහ`දු හිමියන් විසින් එම පිරිසට දහම් දෙසන ලදී. ඉන්පසු නන්‍දන උයනේ මහජනයා රුස්වූයෙන් එහි මිහි`දු හිමියන්ට අසුන් පනවනු ලැබීමෙන් පසු උන්වහන්සේ එහි වැඩ සිට දහම් දෙසීය. එහිදී බොහෝ පිරිසක් පැහැදී මාර්ග ඵල ලබා ගත් බව බොහෝ පැරණි ඉතිහාස මුලාශ‍්‍ර ග‍්‍රන්‍ථයන්හි සදහන් වේ. ඉන්පසුව සවස් කල උදාවූයෙන් භික්‍ෂූහු මිස්සක පව්වට වැඩම කිරීමට සුදානම් වූ කල මහමෙව්නාව රජතුමා භික්‍ෂූන්ට වැඩ වාසය කිරීමට පූජා කරයි. එහිදි මිහි`දු හිමියන් වාසස්ථානය ස`දහා අපේක්‍ෂා කළ කරුණු බොහෝමයක් පැවතී ඇත. ‘‘එබැවින් ස්වාමීනි ! මේ මහමෙවිනා නම් උයන මාගේ පියාණන් විසින් ඇති කරන ලද්දේ ය. නුවරට ඉතා නුදුරු වන්නේ ය; ඉතා නො ළං වන්නේ ය; එන යන කල ආයාස බලවත් නොවන බැවින් සැප වූ ගමනාගමන ඇත්තේ ය.ඒ මහමෙවුනා උයන්හි ස්ථවිරයන් වහන්සේ වාසය කරන සෙක් වා’ යි කී කල්හි ‘ යහපත, රජ්ජුරුවෙනි ’... ’’ මිහි`දු හිමියන් පැමිණීමට ප‍්‍රථම අනුරාධපුර නගරය ආරාමික නගරයක් ලෙස සංවර්ධනය වී නොතිබුණි. පණ්ඩුකාභය රජු විසින් ඇතුළු නුවර මාළිගය අසල වළවාමුඛි යක්‍ෂණියගේ දෙවොල පමණක් ඉදි කර තිබුණි. නමුත් මහින්දාගමනයත් සමග එය වෙනස් විය.මිහි`දු හිමියන් මහාමේඝ වනොද්‍යානය වටා යමින් අනාගතයේ බුද්ධසාසනයේ පැවැත්ම ස`දහා සුදුසු ස්ථාන නම් කළහ.එසේ සිදු කළ ගමනේදී මිහි`දු හිමියෝ විශාල පුලිල ගසක් යට නැවතුණාහ.එතැන රංසිමාලක හෙවත් සංඝකර්ම ස`දහා සුදුසු ස්ථානය විය.පසුව ස්නාන තටාකයක් අසලද , ජන්තාඝරය අසලද , රාජ මන්දිරයට පිවිසෙන දොරටුව අසලද අනතුරුව බෝධිය පිහිටි සථානයේද , මහා මුචලමාලක හෙවත් පසු කාලයේ ලෝහ ප‍්‍රාසාදය පිහිටන ස්ථානයේද , පන්හම්බමාලක හෙවත් පැනබ මළුව නම් වූ සංඝයාට උපන් නොයෙක් ලාභයන් සමගිව බෙදන ස්ථානයේද , චතුෂ්ශාලා හෙවත් මහා විහාරයට අයත් දාන ශාලාව පිහිටන ස්ථානයේද මිහි`දු හිමියෝ පාද චාරිකා කළහ.ථුපාරාමය ජොතිය වනය තුළ පිහිටියේ ය. පූවෙ_ාක්ත ස්ථාන සළකුණු කිරීම පිළිබ`ද විවිධ ඓතිහාසික මුලාශ‍්‍රවල ස`දහන් වේ.බොහෝවිට මහාවංසය හා දීපවංසයේ තොරතුරු සමාන වේ.මහාවංසය හා දීපවංසය රචනා වූයේ සමකාලීන ඉතිහාසගත තොරතුරු වාර්තා කරන ග‍්‍රන්‍ථ ඇසුරෙනි. මහාවංස ටීකාකරු සදහන් කරන්නේ රජු මහා වාහාරයට සීමා නියම කිරීම පිළිබ`ද විනයට්ඨ කථවේ හා අට්ඨකථාව මේ සම්බන්‍ධයෙන් තොරතුරු දක්වන බැවින් මෙහි සදහන් කිරීම අනවශ්‍ය ඔහු දක්වයි. එය මහාවිහාරය සතුව තිබූ අටුවාවක ප‍්‍රස්තාවනාවක් හෝ අටුවාවක් විය හැකියි. සමන්තපාසාදිකාවේ ඓතිහාසික ප‍්‍රස්තාවනාවට මෙය උපයෝගී කරගන්නට ඇත. මහා වංසටීකාවේ කිහිප වාරයක් සමන්තපාසාදිකාව පිළිබ`දවද ස`දහන් වේ.දෙවානම්පියතිස්ස රජතුමා මෙහි ‘බුදු සසුන පිහිටියේදැයි’යන විමසීමට නැත යනුවෙන් මිහි`දු හිමි පැවසූහ. බුදුසසුන එසේ පිහිටීමට නම් උපොසථ කිරීමට අවශ්‍ය සීමා ස්ථාපනය ස්වකීය නගර සීමාව තුළ වුවහොත් වැදගත්බව රජු සිතන්නට ඇත. ‘‘ පසුව සිවුර`ග සේනාවද තෙරුන් සහිත රජුද මෙම භුමියෙහි හාත්පස ගියාහුය.අරින්දම නම් වූ දේවානම්පියතිස්ස රජ රන්වන් නගුලෙන් හානලද භුමිය පෙන්වමින් ඒ ස්ථානයේ පුන්කළස්ද නොයෙක් වණ_වත් කොඩිද තබා මනාසේ අලංකාර කළෙය. ’’ මෙයින් පූජා භූමිය ආශ‍්‍රිතව රජු පරිපාලනය ගෙනයමේ රුචිය අභිපේ‍්‍රත විය. අනුරාධපුරය මෙසේ ශීඝ‍්‍රව ආගමික ආයතනයන්ගෙන් සමාකීර්ණ වීමෙදී මිහින්තලයේද වැදගත්කම ඒ වනවිට නොවෙනස්ව තිබුණි. මෙයද පූජා භුමියක් ලෙස සංවර්ධනය වූයේ රජු අතින්ම ය. වස් විසීම ස`දහා මිහි`දු හිමි ප‍්‍රධාන භික්‍ෂූහු මිස්සක පබ්බතයට පැමිණි පසු තිස්ස රජු එහි වූ ලෙන් ශුද්ධ කරවා කටාරම් කොටවා වාසස්ථානයට සුදුසු පරිදි සැකසී ය. මෙහි සව_ඥ ධාතූන් නොමැති නිසා සෑයක් කිරීමට ධාතූන් අවශ්‍යබව මිහි`දු හිමියන් රජුට පවසයි. වංසත්‍ථප්පකාසිනිය ස`දහන් කරනුයේ ලක්දිව සව_ඥ ධාතූන් නැත්තේ යැයි අදහස් කරනුයේ අනුරාධපුරයෙහි පමණි. මහියංගන වැනි ස්ථානවල ධාතූන් වූ බව ඔහු ස`දහන් කරයි. ධාතූන් ගෙන ඒමෙන් පසු මිහි`දු හිමියන් අභියස තැන්පත් කළ බැවින් ‘මිස්සක පව්ව’ යන නාමය වෙනුවට ‘චෙතිය පබ්බත’ යන්න ව්‍යවහාර විය. චෛත්‍ය ගණනාවකින් මෙය සමන්විත වූ බැවින්ද පෙර නමින් හදුන්වා ඇත. මහා බොධිවංසයේ මහා විහාරය පිහිටුවීම යම් ක‍්‍රමාණුකූල ක‍්‍රමයකට දක්වා ඇත.බෝධිවංස කතුවරයා මෙම ග‍්‍රන්‍ථය සම්පාදනය කරනවිට මහාවිහාරය මනාව පිහිටා තිබෙන්නට ඇත.මහාවිහාරය පිහිටා පැවැති සිංහවික‍්‍රාන්ති ක‍්‍රමයක් ගැන එහි ස`දහන් වේ.එසේම මුල් කාලීනව සිංහවික‍්‍රාන්තිය පිළිබ`ද වාස්තු විද්‍යාඥයන්ට අවෙබිධයක් නොතිබෙන්නට ඇත. ‘‘ මහමෙව්නා උයන්හි යම් සේ සිංහයාගේ වාලධි කෙළවර වැදගත් තැන බොධි ගෙය වේද , දකුණුපස පිහිටි තැන නාග ඵණාකාර වූ මහා ප‍්‍රාසාදය වේ ද, වම් පය පිහිටි තැන සන්නිපාත ශාලාව වේද , නාභිස්ථානයෙහි ධාතු ගෙය වේ ද, වමැලයෙහි රාශිමාලකය වේ ද, දකුණත පිහිටි තැන භොජන ශාලාව වේ ද, වම් අත පිහිටි තැන බුබ්බුලාකාරවූ රත්නමාලී චෛත්‍යය වේ ද, ග‍්‍රීවය පිහිටි තැන කණ්ඨ නම් පුෂ්කරණිය වේ ද, කර පෙරළා දකුණැලයෙන් දෘෂ්ඨිය හුණු තැන, මහ පිළිම ගෙය වේ ද, එපරිද්දෙන්ම සිංහ වික‍්‍රිත කොට....’’ මහාවංසයේ මහා විහාර නිර්මාණය පිළිබ`ද 15 පරිච්ෙඡ්දයේ 192 - 211 ගාථා පසුකාලයක මහාවංසයට එකතු කරන ලද ඒවා බව පෙනේ. මහාවංස ටීකාවද මෙම ගාථා විස්තර කිරීම අතහැර තිබේ.එම නිසා මෙම තොරතුරු පිළිබ`ද විචාරාක්‍ෂිය යොමු කළ යුතුය. ඇතුළුනුවර මෙන්ම පිටත් මහින්දාගනයටත් පෙර සිට පැවැති අබෞද්ධ සිද්ධස්තාන පවතින්නට ඇත. ජොතිය , ගිරි හා කුම්භණ්ඩ ආදී ආරාමයන් තිබී ඇත. ඇතැම් ඒවා මහසෙන් යුගය දක්වා පැවැතී ඇත . එම නිසා මිහි`දු හිමියන් පැමිණි වහාම විහාර සීමා ලකුණු කිරීමේදී අන්‍ය පූජකයන් නිශ්ශබ්දව සිටියේයැයි යිතීම දුෂ්කර වේ. ඇතුළුනුවර ගිහි නායකත්වය පැවතුණු අතර වළල්ලක ආකාරයකට භික්‍ෂූන් ඇති මහා විහාරය ,අභයගිිරිය , මිරිසවැටිය හා දක්‍ඛිණගිරි විහාරය ඉදි විය. මහාවංසයේ දැක්වු ආකාරයට මිහි`දු හිමි නන්‍දන උයනේ සිට මිස්සක පව්වට යන අතරතුර නැවතුණු ස්ථානයේ කළ චෛත්‍ය නිවත්තක චෙතිය නම් වේ. මහාවිහාරයේ උතුරු සීමාවේ ථූපාරාමය පිහිටා ඇත. දීපවංසයේ එන තොරතුරු අනුව මහාවිහාරය හා ථූපාරාමය විහාර දෙකක් විය. දෙවන පෑතිස් රජතුමා ථූපාරාමය හා ඊට සංඝාරාමයක් කළේය යැයි දීප වංසයේ ස`දහන් වෙයි. ථූපාරාමය ස්තූපය , පිළිමගෙය ,බොධිඝර , උපෝසථඝර හා දානශාලාවකින් යන සියලූ අංගොපාංගයන්ගෙන් යුතු වේ. මහාබොධිය පිහිට වීමෙන් පසු ඇතිවූ බොධිඅංකුර මිහින්තලය ,ඉසුරුමුණිය හා ථූපාරාමය වැනි ස්ථානවල රෝපණය කරවා ඇත. විහාර සංකීර්ණයේ සීමාවක් ලෙස ථුපාරාමය පැවැති බව තහවුරු වන්නේ මිහිදු හිමියන්ගේ දේහය එහි නැගෙනහිර දොරටුවෙන් ගෙන ගිය බව කියැවෙන වංසකතා විස්තරයෙනි. මහාවිහාරයේ බටහිර සීමාව අභය වැවයි. අභයගිරිය වෙනම විහාරයක් ලෙස සංවර්ධනය වීමේදී එහි ගොඩනැගිලි අභය වැව ඇතුළට එන සේ ඉදි කළ බව මහාවංසයේ ස`දහන් වේ. සමන්තපාසාදිකාවේ දැක්වෙන පරිදි ඇතුල්නුවර දකුණු දොරටුවේ සිට මහමෙව්නාවේ නැගෙනහිර දොරටුව දුණු 500ක් දුරින් වූ බව කියැවේ. මහාවිහාරයේ දකුණු සිමාව දක්‍ඛිණ විහාරය බවට උගතුන් අදහස් දක්වයි.පරණවිතාන මහතා ස`දහන් කරණුයේ දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානයේ දක්‍ඛිණ ථූපය පිහිටුවා ඇති බවයි.මහාබෝධියට යාර 150ක් පමණ දුරින් ඇති ශිලාමය ප‍්‍රාකාරය මහාවිහාරයේ සීමාව ලෙස පරණවිතාන මහතා ස`දහන් කරයි. දීපවංස හා මහාවංස කතුවරයන් රංසිමාලකයක් , ධාතුඝරයක් හා ප‍්‍රතිමාඝරයක් ගැන ස`දහන් නොකරයි. නමුදු පාලි බොධිවංසයෙහි එන විස්තරය අනුව දාන ශාලාවත් ලෝවාමහාපායත් අතර ධාතුඝරයක් එවනවිටත් තිබී ඇත. සන්නිපාත ශාලාවට උතුරින් රංසිමාලකය තිබි ඇත. දානශාලාවේ සිට ශී‍්‍ර මහා බොධිය දක්වා පෙදෙසෙහි නැගෙනහිරට වන්නට ප‍්‍රතිමාඝරයක් තිබි ඇත. මෙම ගොඩනැගිලි වත_මානයෙහි දක්නට නොමැත්තේ පසුකාලීනව මෙවා මතුයෙහි නගර නිර්මාණය කර ඇති නිසාවෙනි. 15වන පරිච්ෙඡ්දයට විස්තර සැපයියෙදී වංසත්‍ථප්පකාසිනිය ස`දහන් කරනුයේ රජුගේ මාළිගය මහා බොධිඝරයට පිටුපසින් බව කියා ඇත. මාළිගයට උතුරින් ‘මරුත්ත’ නම් පොකුණක් තිබූ බවත් එය පසුව ‘ජන්තාඝර - පොක්ඛරණි’ යැයි හදුන්වන ලද බව පැවැසේ. මෙම පොකුණු පිහිටියේ කාලප‍්‍රසාද පිරිවනෙහි නැගෙනහිර දොරටුව දිසාවෙනි. මිහි`දු හිමියන් වැඩ වාසය කළ ස්ථානයන්හි තිස්ස රජු පිරිවෙන් හා පොකුණු විශාල ප‍්‍රමාණයක් ඉදිකළ බව මහා වංසයේ ස`දහන් වේ.සක්මන් කළ ස්ථානයේ ‘දීඝ චංකමන’ පිරිවෙණද ,දෙවියන් උවටැන් කළ ස්ථානයේ ‘මුරුගණ පිරිවෙණ’ හාසුන්හාත , පලග යන පිරිවෙන්ද කරවූ බව මහාවංසයේ ස`දහන් වේ. මෙම පිරිවන් වර්තමාන අර්ථයෙන් යෙදෙන්නක් නොව භික්‍ෂුන් වාසය කරන කුටිය යන අර්ථයෙන් භාවිත වී ඇත. තිස්ස රජතුමා විසින් ඉදිකළ ලෝහ ප‍්‍රාසාදයක් දුටුගැමුණු රජු තමාගේ ලෝහ ප‍්‍රාසාදය තැනීමට ඉවත් කළ බව මහාවංස ටීකාවේ ස`දහන් වේ. ක‍්‍රි.පු. 107 හා 89 -77 යන කාලසීමාවන්හි රජ කළ වට්ටගාමිණි අභය රජු විසින් අභයගිරිය තැනූහ. ක‍්‍රි.ව. 276 - 313 මෙම කාල සීමාවේ රජ කළ මහසෙන් රජතුමා විසින් ජේතවන විහාරය කරවන ලදී. මේ මගින් නිකාය භේදය ඇති වුවද බුදු දහම වඩාත් හොදින් තරගකාරී ලෙසින් දියුණු විය.මෙම විහාරවල විශාල භික්‍ෂු පිරිසක් වාසය කර ඇත. ි’ත්‍්-්‍යීෂෑභ ඔ්‍යඍධඋී ීධඵෑ ඛෂ්‍යඨඔ ධභ ඔ්‍යෑ ක්‍්ධ්ක්‍ෂඔශ ධත්‍ ීධඵෑ ධත්‍ ඔ්‍යෑ ඵධභ්ීඔෑඍෂෑී ්ඔ ්භඹඍ්ෘ්‍ය්ඡුශඍ් ෂභ ඔ්‍යෑ ත්‍ෂත්‍ඔ්‍ය ක්‍ෑභඔඹඍශග්‍යෑ ී්ශී ඔ්‍ය්ඔ ඔ්‍යෑ ්ඊ්‍ය්ශ්ඨෂඍෂ ්‍ය්ෘ 5000 ඵධභණීලඔ්‍ය් ඵ්්‍ය්ඪෂ්‍ය්ඍ් 3000 ්භෘ ඵෂ්‍යෂභඔ්ඛෑ 2000’’ ග අනුරාධපුර නගරය ආරාමික නගරයක් යන්න මෙම විහාර කම_ාන්තයන් සමග තවත් වර්ධනය විය. මේ අනුව මහා විහාරය , අභයගිරිය ,ජේතවනය , දක්‍ඛිණ විහාරය හා ප‍්‍රාචීන තිස්සපබ්බත විහාරය වැනි විහාර ගණනාවක් ඇති විය. ඊට අමතරව වෙස්සගිරිය හා ඉසුරුමුණිය වැනි විහාරද ඇතුළු නුවරට මදක් දුරින් විය. අනුරාධපුර නගරය ස`දහා ඉතා ඈත ඉතිහාසයක් ඇත. ඇතුල්නුවර කළ කැණීම්වලින් ලෝහ යුගයට අයත් දියුණු ලෝහ ශිල්ප ක‍්‍රමයන් භාවිත කළ බවට සාක්‍ෂි ඇත. අනුරාධුරය නගරයක් ලෙස ක‍්‍රමාණුකූලව සකස්වන්නේ පණ්ඩුකාභය රජ දවස ය. මහාවංසයේ ඔහු නගර නිර්මාණය කළ සැටි දැක්වේ. නගරගුත්තිකයන් , රාත‍්‍රී රාජ්‍යත්‍වය හා දිවයිනෙහිම සීමා මායිම් ලකුණු කළ බව දැක්වෙන මහාවංස විස්තරයෙන් පණ්ඩුකාභය රජ දවස පැවැති සංවිධානාත්මක නගර නිර්මාණය පිළිබ`ද තොරතුරු අනාවරණය වේ. පණ්ඩුකාභ්‍ය රජතුමාට උපකාර කළ විවිධ ආගමික නායකයන්ට රජතුමා රජ මාළිගාවේ හා ඉන් පිටත් ආගමික මධ්‍යස්ථාන ඉදිකරවා ඇත. එහිදි වළවාමුඛි නම් යක්‍ෂණිය ස`දහා රජමාළිගාවේම දෙවොලක් ඉදි කළ බව මහාවංසයේ පැහැදිලිවම දක්නට ලැබේ. මෙම යක්‍ෂණිය ඇදහීමද සැම දෙනාගේ ලබ්ධියක් නොවී ය. එම නිසා මෙම කාල පරිච්ෙඡ්දයේ අනුරාධපුර නගරය ආරාමික නගරයක් ලෙස සංවර්ධනය නොවීය. මහින්දාගමනය පිළිබ`ද විවිධ උගත්තු විවිධ තර්ක ඉදිරිපත් කරති. ඇතැම්පිරිසක් දක්වනුයේ මහින්දාගමනය හුදු ප‍්‍රවාදයක් බවයි. නමුදු මිහින්තලයෙන් ලැබී ඇති සාධක හා සාංචියෙන් ලැබී ඇති තොරතුරු මෙන්ම මෙහි පැවැති බ‍්‍රාහ්මි අක්‍ෂර ඇතුළු තොරතුරු මත මහින්දාගමනය සත්‍යය සිදුවීමක් ලෙස පැහැදිලිව පෙනේ. මිහි`දු හිමියන්ට මෙහි ධම_ ප‍්‍රචාරක කටයුතු ස`දහා ධම_ාශෝක සම්බන්‍ධය හේතු වන්නට ඇත. මිහි`දු හමියන්ගෙන් ධම_ය අසා බොහෝ දෙනා පැහැදුණු හෙයින් බුදුදහම මෙහි ශීඝ‍්‍රව ව්‍යාප්ත වන්නට ඇත. තිස්ස රජතුමා මුලින්ම මහමෙව්නාව පූජා කර ඇත. පසුව මිහි`දු හිමි මල් ඉසිමින් අනාගතයේ බුදු දහම හා සම්බන්‍ධ වන ස්ථානයන් ලකුණු කළහ. ඒ අනුව සීමා මාලකය , දාන ශාලාව, මහාබොධිය, පොහෝ ගෙය, මහාවිහාරය, ධාතු තැන්පත් සෑය යන ස්ථාන විය. රජු මෙම ස්ථානවල ආරාමික ගොඩනැගිලි ඉදිකර ඇත. මිහි`දු හිමි නන්දන උයන ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් ඇතුළු නුවරින් නොදුරව හා නොළංව ආරාම ස්ථාපනය කිරීමේ අභිලාෂය බුදු දහමේ මනා පැවැත්ම ස`දහාද හේතු විය. එ අනුව ආගමික ස්ථාන ඇතුළුනුවර වටා වළල්ලක ආකාරයෙන් තැනී ඇත. දීපවංසයේ මහා විහාරයේ ‘කුන්තමාලා’ මතු වූ බව දැක්වීමෙන් මහා විහාර සීමාවක් වූ බව පැහැදිලි වේ.සව_ඥධාතු වැඩම වීමත් සමග මිස්සක පව_තයේ බොහෝ සෑයන් වූ බැවින් එහි සංවර්ධනය ‘චෙතියපබ්බත’ යන නමින් පැහැදිලි වේ. මිහින්ද (මහා+ඉන්‍ද්‍ර* හෙවත් ෙෙදික දෙවියෙකු පිදිම නිසා මිහින්තලය නම් විය. මේ අනුව මිහින්තලයෙහි අන්‍යාගම් ස්ථානද පවතින්නට ඇත. ඇතුළුනුවර මහා විහාර සීමාව න`ගුළකින් ලකුණු කළැයි දක්වන මහාවංස කරුණ පිළිගත නොහැකි ය. මන්ද ඇතුළුනුවර වෙනත් ආගමික ස්ථාන පැවැතීම කරණකොටගෙන ය. මිහි`දු හිමියන් මුලදී කාර්යබහුල වුවද පසුව අදාහනය පිළිබ`ද පුවත දක්වා නිහඩතාවයෙන් උන්වහන්සේ තම කාර්ය කිරීමෙන් අනතුරුව නැවැත දඹදිවට වඩින්නට ඇති බව සිතිය හැක. දෙවානම්පියතිස්ස රජතුමා ඉතා විශාල ආරාම සංඛ්‍යාවක් කරවීමෙන් අගනුවර ආරාමික නගරයක් කිරීමට වූ බලවත් උත්සාහය මැනවින් පැහැදිලි වේ. මෙමගින් දේශපාලනය හා බුදුදහම අතර පැවැතියේ අතිච්ඡුාදනයක් ඇතිවිය. පසුව දළදාව වැඩමවීමෙන් පසු එය රාජ්‍යත්‍වයේ සංකේතයක් විය. දෙවානම්පියතිස්ස රජතුමා අගනුවරින් පිටතද ආරාම තැනීම වැදගත් වේ. මෙම රජුගෙන් පසු පැමිණි සෑම රජකෙනෙකුම අනුරාධපුරය ආරාමික නගරයක් ලෙසින් සංවර්ධනය කර වීය. මේ අනුව අභයගිරිය , ජේතවනාරායම හා මිරිසවැටි වැනි මහා විහාර ඉදිවීමෙන් අනුරාධපුරය ආරාමික නගරයක් ලෙස ඉදි වූවා පමණක් නොව නගරය භික්‍ෂූන්ගෙන් පිරී ගියේ විය. මෙම ආරාම මුල් කරගෙන පසුව ලෝ පතළ අධ්‍යාපන මධ්‍යස්ථානයනද් ඇතිවිය. අනුරාධපුරය ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියයි. මෙහි දියුණු ඉතිහාසය ලෝහ යුගය දක්වා දිවෙන බවට පැහැදිලි සාක්‍ෂි හමු වී තිබේ. මෙම කාල සීමාවට අයත් පුරාවිද්‍යාත්මක සාධක ඇතුළු නුවරින් හමු වී තිබේ. අනුරාධපුරය පිළිබ`ද බොහෝ තොරතුරු හමු වන්නේ විජයාගමනයත් සමගිනි. විජය රජුගේ සහායකයෙකු වූ අනුරාධ විසින් අනුර නැකතින් ආරම්භ කළ බැවින් මෙය අනුරාධ නම් විය. මෙය නගරයක් ලෙස හැදින්වුවද නිගමයක වූ ලක්‍ෂණවලින් මෙය යුතු වන්නට ඇත. අනුරාධපුරය නගරයක් ලෙස ක‍්‍රමාණුකූලව හා සංවිධානාත්මකව සකස් වන්නේ ලක්දිව ප‍්‍රථමවරට එක්සේසත් කළ පණ්ඩුකාභය රජු විසිනි. පණ්ඩුකාභය රජතුමා රජ මාළිගය නිමවා ඇතුල් නුවර තිබිය යුතු ලක්‍ෂණ සහිතව සකස් කළේය. නමුදු ඔහු විසින්ද මෙම නගරය සියලූ නගරොපාඕගවලින් සම්පූර්ණ නොවූ බව ඓතිහාසික මුලාශ‍්‍රවල එන තොරතුරු අනුව පෙනේ. මෙහි නගර ප‍්‍රාකාරයක් වූ බවට සාධක නොමැති වීම මීට එක් නිදසුනකි. පණ්ඩුකාභය රජතුමා ඇතුළුනුවර වළවාමුඛි දේවාලය හා විවිධ ආගමික නිර්මාණ මාළිගය ආශ‍්‍රිතව තනා ඇත. මෙම ගොඩනැගිලි නිර්මාණය වුවද අනුරාධපුරය ආරාමික නගරයක් නොවීය. එක් ප‍්‍රධාන ආගමක් නොපැවතීම හා ආගමික නිකායන් වඩාත් සංවිධානශීලි ලෙස ක‍්‍රියාත්මක නොවීම වැනි හේතු ගණනාවක් මීට හේතුවන්නට ඇත. අනුරාධපුර නගරය ආරාමික නගරයක් ලෙසින් සකස් වීම ආරම්භ වූයේ මහින්දාගමනයත් සමගිනි. අශෝක රජුගේ දහම් පණිවිඩය හා මිහි`දු හිමි අශෝක රජුගේ දරුවෙකු වීම යන මෙවැනි ලක්‍ෂණ නිසා තිස්ස රජු මිහිදු හිමියන්ගේ කැමැත්තට අනුව කටයුතු කිරීමට හා බෞද්ධ ආරාමයන් නිර්මාණය කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නට ඇත. මිහි`දු හිමියන්ද අගනුවරට නොදුරව හා නොලංව කටයුතු කිරීම තුළින් ධම_¥ත පහසුව හා අනෙකුත් පහසුව සලසාගත හැකිබව කල්පනා කරන්නට ඇත. මිහි`දු හිමියන් මල් ඉසිමින් අනාගත ආගමික ස්ථානයන් සළකුණු කළ බව මහා වංසයේ ස`දහන් වේ. ඉන්පසුව මහාවිහාරය සංවර්ධනය වී කසාවතින් බැබලූණු අකාරය මහාවංසය වැනි ග‍්‍රන්‍ථවල මනාව ස`දහන් වේ. මහාවිහාරයට පසුව අභයගිරිය , ජේතවනය හා මිරිසවැටිය වැනි විහාර ඉදිවෙමින් ආරාමික නගරය ඉතා ශීඝ‍්‍රයෙන් දියුණු විය. මහාවිහාර පිහිටීම හා එහි සංවර්ධනය පිළිබ`ද මහාවංසයේ තොරතුරු කෙටියෙන් ස`දහන් වන්නේ මහාවංසය රචනාවූ කාලය වන විට මහාවිහාරයේ මෙම තොරතුරු අඩංගු විනයට්ඨ කථාවක් හා අට්වාවක් තිබූ බව වංසත්‍ථප්පකාසිනී නම් මහාවංස අටුවාවේ ස`දහන් වේ. මහාවිහාරය හා මිහි`දු හිමියන් ගැන වංස කතාවල තොරතුරු අතිශයොක්තියෙන් දන්වා ඇති බව ඇතැම් කරුණු පිළිබ`ද සැළකීමේදී පෙනී යයි. ඇසුරු ගත් නම් වැළ ප‍්‍රාථමික මුලාශ‍්‍ර මහා වංසො, මංගල ඉලංග සිංහ (සංස්*, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675 පී. ද. එස් කුලරත්න මාවත, කොළඹ 10.දහය (පරි* 102 ගාථාව, 2006 (ප‍්‍ර.මු* මහාවංසය , සිංහල , බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 125 , ඇන්ඩසන් පාර , නැදිමාල , දෙහිවල (ප‍්‍රකාශනය* , අජිත් ප‍්‍රින්ටර්ස් 85/4 , පරණ කැස්බෑව පාර , ගංගොඩවිල , නුගේගොඩ (මුද්‍රණය* , 2003 (ප‍්‍ර.මු* මහා වංස ගීතය, අරිසෙන් අහුබුදු, වෙ.වි . අභයගුණවර්ධන .චන්‍ද්‍රසෙකර (සංස්*, සංස්කෘතික කටයුතු පිළිබ`ද දෙපාරතමෙන්තුව (ප‍්‍රකාශනය* , රජයේ මුද්‍රණ නීති ගත සංස්ථාව ,කොළඔ 02 (මුද්‍රණය * , 1993 (ප‍්‍ර.මු* වංසත්‍ථප්පකාසිනි , අකුරටියේ අමරවංස , හේමචන්‍ද්‍ර දිසානායක (සිංහල අනුවාදය* , පාලි බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය , කැලණිය විශ්වවිද්‍යාලය (ප‍්‍රකාශනය* , විද්‍යාලංකාර මුද්‍රණාලය , කැලණිය ( මුද්‍රණය* , 1994 (ප‍්‍ර.මු* සිංහල දීපවංසය , උඩුවල ධම්මසිරි (පරි* , රත්නාවලී කර්මාන්තායතනය , හොරණ (මුද්‍රණය* , රත්නාවලී ප‍්‍රකාශකයෝ , 231 , ඕල්කට් මාවත , කොළඹ (ප‍්‍රකාශනය* , 1969 (ප‍්‍ර.මු* සිංහල බොධි වංසය , සුචරිත ගම්ලත් . ඊ.වි . වික‍්‍රමසිංහ (සංස්* ,එස්. ගොඩගේ සහ සහෝදරයෝ , 675 , පී . ද .එස් . කුලරත්න මාවත , කොළඹ 10 (ප‍්‍රකාශනය* , චතුර මුද්‍රණාලය , 142 , අවිසසාවේල්ල පාර , වැල්ලම්පිටිය (මුද්‍රණය*, 1996 (ප‍්‍ර.මු* සිංහලසමන්තපාසාදිකාව, අම්බලම්ගොඩ ධම්මකුසල (පරි*, ස්වණ_මාලි මංගලිකා ගුණතුංග , අංක 07 , ගිල්ෆඞ් චන්‍ද්‍රවංකය , කොළඹ 07 (ප‍්‍රකාශිකා* , සිමාසහිත මාතර වෙළෙන්දෝ , මාතර (මුද්‍රණය* , 1975 (ප‍්‍ර.මු* ද්විතීය මුලාශ‍්‍ර අනුමොදනා, මහාචාර්ය අනුරාධ සෙනවිරත්න උපහාර ලිපි සංග‍්‍රහය , එච්. සෝමතිලක , එච්.එම් .සි .ආර .හෙරත් , එස්. ගොඩගේ සහ සහොදරයෝ ,675 , පී . ද .එස් කුලරත්න මාවත ,කොළඹ 10 (ප‍්‍රකාශනය*, පියසිරි ප‍්‍රින්ටින් සිස්ටම්ස් , නො. 21 ,ශ‍්‍රී සෝරත මාවත , ගංගොඩවිල , නුගේගොඩ ( මුද්‍රණය* ,2004 (ප‍්‍ර.මු* අපේ සංස්කෘතික උරුමය ,ද්වීතිය කාණ්ඩය , සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය , මධ්‍යම සංස්කෘතික අරමුදල , 1998 (ප‍්‍රකාශනය* , සීමාසහිත දීපානි මුද්‍රණ / ප‍්‍රකාශන (පෞද්ගලික* , 464 , හයිලෙවල් පාර , ගංගොඩවිල , නුගේගොඩ (මුද්‍රණය* , 1998 (ප‍්‍ර.මු* නුවණ , එම්. ජි .ටි .නවරත්න , අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සිංහල භාෂා මානව ශාස්ත‍්‍ර අංශය (ප‍්‍රකාශනය* , 1999 (ප‍්‍ර.මු* විතානගේ , සිරිසේන, බෞද්ධ සංස්කෘති ලිපි සරණිය , සමීර ,12 . පොල්¥ව , බත්තරමුල්ල (ප‍්‍රකාශනය*, සිමාසහිත දීපානී මුද්‍රණ / ප‍්‍රකාශන (පෞද්* සමාගම (මුද්‍රණය* , 1986 (ප‍්‍ර.මු* විද්‍යොදය ධම_ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය , වෑගම පියරතන , නාබිරිත්තන්කඩවර ඤාණරතන , නෙලූවේ සුමනවංස, පිටිගල විජිත , මකුරුප්පේ ධම්මානන්‍ද (සංස්*, විද්‍යොදය පිරිවණේ ආදිශිෂ්‍ය සංගමය (ප‍්‍රකාශනය* , 2001 (ප‍්‍ර.මු* සම්භාෂා ,අයි . බී . විමලවංසසූරිය , විජිත වෙලගෙදර (සංස්* , පිරිවෙන් හා ආගමික අධ්‍යාපන දෙපාර්තමෙන්තුව , අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය , ඉසුරුපාය ,බත්තරමුල්ල (ප‍්‍රකාශනය* , ශ‍්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තපෙන්තුව (මුද්‍රණය* , 1997 (මුද්‍රණය* සිරිසෝම එච්.එම්, හෙළ උරුමය, ඇස් ගොඩගේ හා සහෝදරයෝ, අංක 675, මරදාන පාර, කොළඹ 10 (ප‍්‍රකාශනය*, 1986 (ප‍්‍ර.මු.* සූරතිස්ස’.ඞී.ඇම්,ජීවී පරිනාමය සහ පුරාවිද්‍යාව, ෆාස්ට් පබ්ලිෂන් (ප‍්‍රයිවට්* ලිමිටඞ්, 165, දේවානම්පියතිස්ස මාවත, කොළඹ 10. (ප‍්‍රකාශනය* සෙනෙවිරත්න අනුරාධ, පුරාණ අනුරාධපුරය, එස් ගොඩගේ සහ සහොදරයෝ, 675 මරදානපාර, කොළඹ 10 (ප‍්‍රකාශනය*, 2002(ප‍්‍ර. මු.* හරිශ්චන්ද්‍ර වලිසිංහ,සිතියම් සහිත පුරාවිද්‍යාව,සී/ස (පෞ* විසිනුදු ප‍්‍රකාශකයෝ, 471, වැව පාර බොරලස්ගමුව, 1912 (ප‍්‍ර.මු* ඍැැකැජඑසදබි දබ ් යැරසඒටැ ල රග්ගකගයගටමබ්අ්රා්බ්ලිගච්එයප්බ්එය්බලපගරදය්බ්ාැැර් :ැාසඑැා*ල ජැබඑර්ක ජමකඑම ර්ක මෙබා ලපසබසිඑරහ දෙ ජමකඑමර්ක ්බා රුකසටසදමි ්ෙෙ සරි212රැු1ල ඉ්මාාය්කදන් ප්ඞ්එය්ලජදකදපඉද 07 :චමඉකසියැා*ලිඒඑැ චරසබඑසබට ජදරචදර්එසදබලච්බ්කමඅ්ලච්ාමනන් :චරසබඑැා*ල 2000:සෙරිඑ චමඉකසියැා* අන්තර්ජාල ලිපින යඑඑචථරැුරැුඅඅඅගක්බන්කසඉර්රහගජදපරැුයැරසඒටැරැු්බමර්ාය්චමර්ගයඑප යඑඑචථරැුරැුඅඅඅගපහිරසක්බන්යදකසා්හිගජදපරැු්බමර්ාය්චමර්ගයඑපක යඑඑචථරැුරැුඅඅඅගටදදටකැගජදපරැුසප්ටැි?ුුප්චිූදෙූ්බජසැබඑූ්බමර්ාය්චමර්ූනසබටාදප*මපු1*යකුැබ*රකිුක්‍ශඊ්ලක්‍ශඊ්ථ2010-41ලක්‍ශඊ්ථැබ*එඉිුසිජයථ1*ැසුහ84ඵඔඨෙඨභ8ඛඑධශ27සැිෂ*ිඒරඑු300*ි්ුභ

No comments: