Wednesday, December 11, 2013
විඥානය මතුකරණ අභ්‍යන්තර ඒකීය කථනය.
01 විඥානය මතුකරණ අභ්‍යන්තර ඒකීය කථනය.
යුරෝපයේ බිහිවූ නවකතා සම්ප‍්‍රදායක් ලෙසින් මනෝවිශ්ලේෂණවාදී නවකතාව හඳුනා ගැනීමට හැකිය. නවකතාවේ විෂය කේෂේත‍්‍රය කෙමින් පුළුල්වීමෙන් පසුව එහි සංකීර්ණතවය ඇතිවූ බව කිව හැකිය. ඒ අනුව නූතන නවකතාකරුවා මිනිසාගේ මානසික අභ්‍යන්තර ජීවිතයේ ගතිකත්වය විවිරණය කිරීමේ මාර්ගයට ප‍්‍රවේශ විය. එකී කාරණාව සිදුකරනුයේ කාල්පනික ගූඩ චරිතයන්ගේ මාර්ගයෙන්ය. එහිදී අනන්‍ය පරතන්ත‍්‍ර (සබාැචැබාැබඑ* මනෝගතීන් (පැබඒක ිඒඑැ* චරිත ඔස්සේ විවරණය කෙරේ. විඥානධාරා නවකතාවන්හි කථන ක‍්‍රමය ලෙසින් වැඩිපුර භාවිතා කරණ ක‍්‍රමවේදය වනුයේ සර්ව දෘශ්ටිකෝණයෙන් විටින් විට චරිතයන්ගේ වෙත පිවිසෙමින් ඔහුගේ චින්තන ධාරාව ගෙන දැක්වීමය. මනොවිශ්ලේෂණීය සාහිත්‍යයේ (චිජයද්්බ ්කහිසි ජරසඑහජසිපැ* ප‍්‍රකාශන ක‍්‍රමය වනුයේද එයයි. මෙහිදී මිනිසාගේ විඥානය හා අවිඥානය යන කාරණාවන් මතුකරමින් විවිරණය කිරීමේ අවස්ථාව උදාකොටගනී. සිග්මන් ෆ්‍රොයිඞ්ට අනුව විඥානය යනු මානසේ ඉහළින්ම ඇති ප‍්‍රාථමික කොටස ලෙසින් හඳුන්වයි’
” ප‍්‍රාථමික මිනිසාගේ අවිඥානය බාහිර යථාර්ථය හා ගලපනුයේ නැතිව ස්වකීය අභ්‍යන්තරය සම්බන්ධවම චිත්වේග (ෑපදඑසදබි* අභිලාෂ (ෘැිරසරුි* හා මනෝගතීන් (ත්‍්බඒිසැි* වශයෙන් විග‍්‍රහකළ හැකි බව දක්වයි’ ෆ්‍රොයිඞ් විසින් මෙය ” පෞද්ගලික සියල්ලෙන්ම ඈත්වූ සෑම මනුෂ්‍යයකුටම පොදුවූ මානසික තත්වයක් ලෙසින් දක්වයි’”
මේ ආකාරයෙන් විඥානය සතු පොදු ලක්ෂණයක් වනුයේ එය සෑම මිනිසකුට අනන්‍ය පොදු ස්වභාවයක් ගැනීමය. නවකතාකරුවා චරිත හරහා විඥානයේ ස්වභාවය ගෙන දක්වයි. සාමාන්‍ය මිනිස් චෛතසිකයෝ පාත‍්‍රයා හරහා භාෂාව හා සංකල්පරූප මෙන්ම වර්ණනාවන්ද මෙහිදී පාදක කොටගනී. සාහිත්‍යකරුවා මෙකී විඥානගත සංදර්භයක ප‍්‍රවේශවන මාර්ගය පිළිබඳව ”එලිසබෙත් ව‍්‍රරයිග්ට්” දක්වන අදහස මෙසේය.
” ඔයැ මබඉදරබ අදරන සබ එයැ චිජයදැ දෙ එයැ ්රඑසිඑ සි ් දෙරජැ දෙ භ්එමරු එය්එ ්ජයසඩැි සඑි ැබය ැසඑයැර අසඑය එහර්බබසජ්ෂ පසටයඑදර අසඑය එයැ ිමඉඑෂැ ජමබබසබට දෙ බ්එමරු යැරුිැෂෙ ැමසඑැ රුට්රාෂැිි දෙ එයැ චැරිදබෂ ේඑැ දෙ එයැ ප්බ අයද සි සඑි ඩැයසජෂැලල
කන්දක්සේමා නවකතාවේ දක්නට ලැබෙන විඥානගත සන්දර්භයක ලියැවෙන චරිත විකාශනයක් දක්නට ලැබේ. එහි ”නූපාගේ” චරිතය වනාහී අභ්‍යන්තර ආශයන් ප‍්‍රකට කරන්නාවූ චරිතයකි. නූපාගේ තථ්‍ය පේ‍්‍රමවන්තයා වනුයේ විඥානයේ සිටින්නාවූ පේ‍්‍රමවන්තයායි. නමුදු මසායාසාන් කෙරෙහි දක්නට ලැබෙන්නාවූ පේ‍්‍රමය වනාහී ඇගේ විඥානය ප‍්‍රාර්ථනා කරන්නාවූ පේ‍්‍රමයක් නොවේ. එකී සිහින පෙම්බරා විටින් විට මවාගන්නා ඇය සැබෑ සැමියාගෙන් එය නොලබයි. එහිදී නූපාගේ විඥානය සතු ගතිකත්වයක් හෙළි කරන්නාවූ අවස්ථාවක් ලෙසින් දැක්විය හැකිය.
” මසායා සාන් නින්දේ ඒකට මොකද මට පේ‍්‍රම කරණ මිනිසෙකු මා තුලම ඉන්නවනේ. හිත ඇතුලෙන් ඇදලා එලියට ගන්න ඒ පේ‍්‍රමවන්තයාට තරුණ ජවයක් තියෙනවා නූපාව ලගින් හිදුවගෙන නූපා දිහා ඇිපිය නොබලා බලාගෙන ඉන්න නූපාගේ ඇස සිපගන්න. හැගීම්වලින් පොහොසත් ගොළු භාෂාවකින් කතා කරණ නූපාගේ පෙම්වතා ශරීරයටයි සිතටයි දෙකට කාන්දු වෙනවා මහ රාත‍්‍රීයේ ඇහෙන සංගීත රාවයක් වගෙයි. ඒ වාදනය ඇහෙන්නේ ලඟින්මද ඈතින්ද කියන්න බැහැ. මගේ පෙම්වතා උසයි. කොන්ද කෙලින් මුළු ශරීරයම හිනාවකින් පිරිලා. එන්න අපි යමු කාමරේට. ඒ යන්තම් එළියටයි කළුවරටයි මං ආසයි. යමු මං ඔයාට නමක් දෙන්නේ නැහැ. ඔයාට නමක් එපා. ඔයා මගේ පෙම්බරා. පිරිමදින්න මගේ හිත.”
මේ නූපාගේ චරිතයේ දක්නට ඇති අභ්‍යන්තරය විවරණය කරන්නාවූ විඥානය නොවේද. නවකතාකරුවා එකී කාරණාව පෙන්වා දෙන්නේ ප‍්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් බව පෙනේ. මෙසේ නුපාගේ සංකීර්ණ චරිතය හා ඇගේ අවිඥානික හැගීම් (ෙැැකසබටි* ආදීය ඒකීය කථනයකින් ගෙන දක්වන බව කිව හැකිය. මෙහිදී අවිඥානය සතු ගතිකත්වය පිළිබඳව මනෝවිශ්ලේෂකයින් දක්වන අදහස් කිහිපයක් මෙසේය.
01* පියාජේ පවසනුයේ විඥානය ළමා චින්තනය හා එය සීමාසහිත බවත් එය ආත්ම කේන්දාීය බවින් වැඩිබවත් (ෑටද ජැබඑරසිප* හා එහි සංකේතාත්මක ක‍්‍රියාකාරිත්වය (ිහපඉදකසජ ්ජඑසදබ* ලෙසින්ය.
02 යුං දක්වනුයේ විඥානය යනු ප‍්‍රාථමික මිනිසා සතූ බාහිරදේ තමා තුළම සිදුවන අයුරින් දැකීමයි. එය නුතන මිනිසාට වඩා බාහිරදේ බාහිරත්වයෙන් විග‍්‍රහ නොකර අභ්‍යන්තරය සම්බන්ධව චිත්තවේග (ෑපදඑසදබි* අභිලාස (ෘැිසරුි* හා මනෝගති (ත්‍්බඒිසැ* ලෙස දැක්කේය.
කෙසේ හෝ විඥානය හෙවත් උඩුසිත නවකතාකරුවා චරිත ඔස්සේ භාවිතා කරනුයේ කෙසේද යන්න අප මෙහිදී විමසන ප‍්‍රස්තුතයයි. එහිදි නවකතාකරුවා චරිත නිර්මාණයේදි එකී රීතිය හඳුන්වනුයේ විඥානාධාරා රීතිය (ීඑරජ්ප දෙ ජදබිජසදමිබැිි* ලෙසින්ය. විඥානයේ පවතින ස්වභාවය චරිතයන්ගේ මානසිකත්වය හමුවේ බද්ධ කරමින් කතාකරුවා දක්වයි. එහිදී නවකතාකරුවකු චරිත නිර්මාණයේදී ඔහු ලබන ප‍්‍රීතිය ද අතිශයින්ම වැදගත්ය. ඒ නිර්මාණ කාර්යය කරනුයේ ප‍්‍රබන්ධ කරුවාගේ පරිකල්පනය මානසිකත්වයෙන් නිසාය. ඒ පිළිබඳව ජි.බි. සේනානායක දක්වන අදහස මෙසේය.
”කථා කාරයා ලබන ප‍්‍රීතිය දෙවදැරුම් වෙයි ජිවිතය දෙසබැලිමෙන් කථා කාරයා ලබන ප‍්‍රීතිය එකකි. ජීවිතය දෙසබලා උගත් දේ ගැබ්කොට කථා ගෙතීමෙන් ලැබිය යුතු ප‍්‍රීතිය අනිකය”
මෙහිදී මනෝවිද්‍යාත්මක නවකතාවේ චරිත යනු ජිවිතය විවරණය කරන්නාවු පාත‍්‍රයෝය. එහිදී විඥානය සතු ගතිකත්වය පෙන්වීමෙහිලා ප‍්‍රබන්ධ කරුවා චරිතයනගේ අභ්‍යන්තරය වෙත අනිවාර්යයෙන් ප‍්‍රවේශවිය යුතුය. ප‍්‍රභානි නවකතාව වනාහී මනෝවිද්‍යා සංදර්භයක ලියැවෙන චරිත නිරූපණය කරන්නාවූ නවකතාවකි. එහි ප‍්‍රධාන කථානායිකාව වන ”ප‍්‍රභානි” වනාහී සංකීර්ණ මානසිකත්වයක් හමුවේ දිගහැරෙණ චරිතයකි. ඇතුප්ිටිය සමඟින් විවාහවුවද ඇයගේ ජීවිතය කායික හා මානසික අසම්පූර්ණත්වය හමුවේ විඥානයේ ඇති සංකීර්ණමානසිකත්වය පෙන්වා දෙයි.
” තම උවමනාව මේ විවාහයේදී වඩාත් ඉදිරියෙන් සිටි නිසා සියල්ල මැදහත් සිතින් විඳගෙන සමාජ ප‍්‍රදක්ෂිණාවේදී අභ්‍යන්තරික නිරුවත ආත්මාභිමානයේ සුදුරෙද්දෙන් වසා ජීවත් නොවන්නේද. යන ප‍්‍රශ්නය ඈ ඇගෙන්ම විමසන්නීය. විවාහයෙන් පසු ඔහු වඩාත් නිහඬ උකටලී ජීවිතයකට ඇබ්බැහි වූයේ යෞවනෝන්මාදයෙන් ඇළලීගිය සිතක් විවාහ වනවිට ඔහුට නොතිබුණු නිසාද. නැතහොත් මානසික උවමනාවෙන් බිඳ දමමින් කායික දුර්වලතාවෙන් නැගී සිටීම නිසා දැයි ඈ තෙරුම් ගැනීමට උත්සාහ කළාය. කාලය විසින් හකුළුවාදැමූ මානෙල් මල් යලි විකසිත වීමක් ඈ කාලයෙන් බලාපොරොත්තු වූවාය. එහෙත් ඇයට පසුව දකින්නට ලැබුනේ මාලේ මල් මෙන් කීපවරක් ලෙස පිපෙන ධර්මතාවක් නොව ක‍්‍රමයෙන් පෙති අග සිට වේලී යන ආකාරයකි.”
ප‍්‍රභානිගේ මානසිකත්වය කතාකරුවා දක්වනුයේ සංකීර්ණ වූවක් ලෙසින්ය. මෙහිදී අභ්‍යන්තරය සොයන ඉච්ඡුාවනුත් ඒවා ඉටු නොවීම ඔස්සේ එකී තත්වය ඇතිවන බව පෙනේ. භාෂාවත්, මානුෂීය විග‍්‍රහයත් යන දෙකම මෙහිදි විඥානය සතු ගති ලක්ෂණයන් දැක්වීමට නවකතාකරුවා භාවිතා කරයි. මෙසේ පුද්ගලයකුගේ විඥානය සතු සාමාන්‍ය ජීවිතයේ අපේක්ෂිත ආශාවන් හා ඒවා ඉටු නොවීම මානසික ගැටුමක් දක්වා ගෙන යන බව කිවහැකිය. මෙහිදී ප‍්‍රභානිගේ විඥානය සතු මානසික ස්වභාවය එකින් එක පෙරලෙමින් සංකීර්ණ වන අයුරු දක්වයි. එය කතාකරුවාගේ ද චරිත නිර්මාණයේ බුද්ධිමය පැතිකඩ විටින් විට ඉපිලී පෙරළී සිතිවිලි ඒකරාශී කිරීමේ සමත්කම මතුකරවයි. ප‍්‍රකට නවකතාකරුවකු වන ”පියදෝර් දොස්තොවුස්කි” දක්වන අදහස මෙහිදි දක්වමු. (සබිචසර්එසදබ සබ ් අදරනසබට ජදබාසඑසදබ අසඑය ් රදප්බඑසජ මබාැරකදබ ් ඉැඑඇැබ එයැ නසැි චදැඑසජ ජදපපැබඒරහ* ”රචකයකුගේ හිතට මුල්ම අදහස් නැගෙන්නේ ඉතා නොපැහැදිළ ලෙසය. මගේ විචිත‍්‍ර මනස් පළිගුවෙහි කොණක සැඟවී මතුවෙයි.” එබැවින් මෙකී විඥානධාරා නවකතාවන්හි දක්නට ලැබෙන්නාවු රීතියක් ලෙසින් කතාකරුවාගේ මානසිකත්වය පවා වැදගත්වේ. ඔහුගේ අදහස සමාගාමීව විඥානයේ ඇති අභ්‍යන්තරය වෙත සමීපවීමේ හැකියාව ඇත්තේ උක්ත ආකාරයෙන් බව කිවහැකි නොවේද. සත්‍යකාම නවකතාවේ දැකියහැකි විඥානධාරා සංකල්පය රැුගත් චරිතයක් ලෙසින් ”සත්‍යකාමගේ” චරිතය දැකගත හැකිය.
එබැවින් සත්‍යකාමගේ විඥානගත ස්වභාවය හා එය කතාකරුවා දක්වන ආකාරය කිව හැකිය. එබැවින් විඥානය සතු චෛතසිකයෝ ගලායාමේදී එහි අභ්‍යන්තරය විනිවිද යන පරිද්දෙන් ඉදිරියට පවත්වාගෙන යාමට කතාකරුවා සමත්කම දක්වයි. සාහිත්‍ය විචාරකයෙකු වන ”හෙන්රි ජෙම්ස්” සිය ”ඔයැ ්රඑ දෙ සෙජඑසදබ ” නැමති කෘතියෙහි විඥානයෙහි ස්වභාවය මේ අයුරින් දක්වයි.
” අනුභූතිය සැම විටම අසීමිතය, ඒ කිසි කලෙක සම්පූර්ණ නොවේ. එය දැවැන්ත වින්දන බලයෙකි. විඥාන කාමරයෙහි අවලම්භනය වූ ඉතා සියුම් සේද පුයෙන් සෑදී වාතයේ පාවෙන සෑම ලේෂයක් ඇදගන්නා විශාල මකුළු දැලකි.”
ඒ නිසාවෙන් මනෝවිද්‍යා නවකතාවේ චිත්ත චෙතසික හරහා විඥානගත සිතුවිළි දැක්වීමෙදී පාඨකයාගේද ත‍්‍රීව‍්‍ර විඥානය අවදි කළ යුතුය. මෙහිදී විඥානය සතු අවිච්ජේදය (ක්‍දබඑසබමඑහඑහ* හා විපර්යාස (ක්‍ය්බටැ* නිසා ජංගම ගුණයක් පවතින බව පෙනේ. ඒ අනුව දැක්විය හැකි චරිතයක් ලෙසින් ”චුම්භන කන්ද” නවකතාවේ එන ”පොඩිසිංහයාගේ” චරිතය හඳුනාගත හැකිය. එහිදී කතාකරුවා ඒකී පොඩිසිංහයාගේ චරිතය විඥානයේ දැකියහැකි ගතිකත්වය දක්වයි. සාමජයේ වැරදි පුද්ගලයෙකු ලෙසින් සම්මත වූ ඔහු නැවතත් සමාජයෙන් වෙන්ව හුදකලාව වනයේ ජීවත් වීමට යයි. මෙය එක් අතකින් සංකීර්ණ මානුෂීය චරිතයක් හා මානසිකත්වයක් ගත් චරිතයකි. සාංදෘශ්ටිකවාදී චරිතයක ස්වභාවයක් ගන්නා ආකාරයක්ද දැකිය හැකිය. කෙසේ හෝ ඔහුගේ තනිකමත් ඒ හා උපදින්නාවූ විඥානයේ මානුෂීය කාරණාවනුත් මෙසේ කතාකරුවාගේ දැක්මකින් නිරූපණය කරයි.
” තනිකඩ ජීවිතයේ නිදහස වේදනා බරය. දහවල් කාලයේ කරන්නට වැඩ ඕනෑ තරම් තිබේ. ඒ වැඩවල යෙදී සිටිනවිට පාළුවක් නොදැනේ. එහෙත් හවස අවට කඳුවලල්ල අඳුරෙන් වැසෙන විට රැුහැයි හඬ පරද්දන්නට මෙන් සුළඟ හූ කියන විට තනිකමෙන් සිත පමණක් නොව සිරුරද ඇදුම් කන්නට පටන් ගනී. රැුහැයියන්, බස්සන්, හෝතඔුවන්, මීමින්නන්,සමග තවත් රැුයක්.”
” මට මිනිස්සුන් මුණ ගැසෙන්නට ආශාවක් ඇතිවුණේ ඇයි? ගමක මිනිසකු හමුවී කතාකිරීමෙන් මට අලූත් දෙයක් ලැබේවිද? තිබෙන දෙයත් නැතිවේවිද? එහෙත් දැන්මට දවස් දෙක තුනකට වරක් පහළට යාමෙන් වැළකී ඉන්නට බැරිය.”
මේ ආකාරයෙන් පොඩිසිංහයාගේ තනිකම හා සංකීර්ණ මානසිකත්වයේ විඥානයේ ස්වභාවය දක්වන ආකාරය කිව හැකිය. හුදෙකලා භාවය ප‍්‍රියකරණ මිනිසාගේ සාංදෘශ්ටිකවාදී ජීවිතයෙන් මිදී සමාජමානුෂීය තත්වයට නැවතත් පැමීණීම වනාහී අපගේ මනෝමය අභිලාෂයක් බව පෙනේ. ඒ නිසාවෙන් මෙම අවස්ථාව පොඩි සිංහයාගේ දෘශ්ටිය දැක්ම හා ඔහුගේ විඥානික අභ්‍යන්තරය තුළ ගැබ්වුවක් බව පෙනේ මෙය ඊ.ඇම්. පෝස්ටර් පවා දක්වන විදියට ”හැිත්‍වඑයැ බදඩැක එැකකද් දඑදරහ එය්එ සි එයැ එමබා්පැබඒ ක ්චැජඑ අසඑයදමඑ අයසජය සඑ ජදබකා බදඑ ැිැසඑල එය්එ සි එයැ යසටයැිඑ ේජඑදර ජදපපදබ එද ්කක බදඩැකි ්බා අසිය එය්එ සි අ්ි බදඑ ිදත්‍ව” මේ අයුරින් එකි නවකතාවේ නිකන් සිද්ධි දාමයක ගලායමක් නොව එය හේතුපල සම්බන්ධය ඇතිව සිදුවන බව ඔහු දක්වයි එනම් මේ කාරණාව අනුව මනෝවිශ්ලේෂණිය විඥානධාරා සංකල්පය නවකතාකරුවාගේද එකී පදනම මත විකාශනය වන බව පෙනේ. ඒ පොඩිසිංහයාගේ සිත තුල නිරන්තරයෙන් එකි භාවගත ආකල්ප වන මනෝමය අවස්ථාවන් සම`ග ඔහුගේ ජිවිතය බද්ධව වන සිදුවිම්ද බලපාන බව පෙනේ. මෙම කථාවින්‍යාස සම`ග චරිතයක මානසික ක‍්‍රියාවලියද නවකථාකරුවා විග‍්‍රහකරයි. ඒ එකී මානසික ඝට්ටනය වීමට බලපානුයේ තදිය කාරණාවන් හමුවේ නිසාය. ”කළු” නවකතාව වනාහි එකී විඥානය ප‍්‍රකටකරණ තවත් ප‍්‍රබලම අවස්ථාවකි. එහි ප‍්‍රධාන චරිතය වන ”චේති ” හරහා සංකීර්ණ විඥානධාරාවත් අභ්‍යන්තරය විනිවිද යනසේ කතුවරිය නිරූපණය කරන්නීය. ඇගේ අභ්‍යන්තරික හැඟිම් මානුෂීය වේෂ්ටාදිය ඉටු නොවන විටදී සංකීර්ණ මානසිකත්වයක් ගෙන ඇත. ආදරය කරුණාව ඇගේ සිතුම් පැතුම් හඳුනාගත හැකි කිසිවෙකුට නොමැතිවීම ඒ ස`දහා බලපාන ලද ප‍්‍රධානම මානසික අංශයවේ. එකී මානසික ඝට්ටනය ඇතිවූයේ තම මවගේ ආදරය නොලැබීම, ඇය පතන ධනුෂ්කගේ ආදය නොලැබීම, තම උපාධිය සපුරාගැනීමට නොහැකිවීම, අකමැති විවාහයක් කරගැනීම, නැන්දම්මාගේ කෙණහිළිකම් ආදිය, සැමියාගේ නොපිළිගැනීම හා ආදරය නොලැබීම යන කාරණාවන් ඒ ඇගේ මානසිකත්වය සංකීර්ණ වීමට බලපානලද හේතූන්ය. කෙසේ හෝ ඇයගේ මානසික විකෘතිතාවයට පත්වූ අවස්ථාවේදී ඇගේ මවගේ ප‍්‍රතිකාරයන් පවා ප‍්‍රතික්ෂේප කරනුයේ විඥනය සුවපත් නොවන නිසාවෙන්ය. ඒ ඇයගේ සිත සුවපත් වීමට අවශ්‍ය බෙහෙත් කිසිවකු වටහාගනුයේවත්, නොමැතිකම කතාකාරිය දක්වන්නීය.
”අම්මා පසුපසින් කලබලයෙන් එනු මට දැනේ. මගේ සිත ඇය තේරුම් නොගන්නේ ඇයි. මට දැනෙන හැෙඟන දේ ඇයට නොහැෙඟන්නේ ඇයි? නිදහස පිස්සියක ලෙස සලකනවාට මා අකමැති බව ඇයට නොවැටහෙන්නේ ඇයි? මටද සාමාන්‍ය ජීවිතයක් උවමනා බව ඇයට නොතේරෙන්නේ ඇයි? ගිනිගේ සමඟ ගෙවූ ජීවිතය මීට වඩා හොඳද? මා සාමාන්‍ය ගැහැනියක ලෙස ගෙවූ ජීවිතය අසාමාන්‍ය ගැහැනියක ලෙස ගෙවන මේ ජීවිතයට වඩා හොඳ නොවේද.
මේ ආකාරයේ අභ්‍යන්තර කථනය ඔස්සේ ”චේතිගේ” මානසිකත්වය සතු විඥානයේ ස්වභාවය කතාකාරිය දක්වන්නීය. එබැවින් මනොවිද්‍යාත්මක නවකතාවේ විඥානගත ආකල්පයන් දැක්වීමේදී කිසියම් බාහිර ගැටීමක් හමුවේ විඥානය මතුකරන්නේ යැයි කිවහැකි නොවේද. තවදුරටත් එකී අභ්‍යන්තරය විනිවිද දක්වන කතාවිලාසය පිළිබඳ මෙසේ දක්වමු.
”කතා වින්‍යාසයක් බිහිවන්නේ ඝට්ටනයක් (ක්‍දබකෙසජඑ* හෝ අරගලය (ීඑර්ටටකැ* හෝ මුල් කගෙනය. එය විවිධාකාර වේ. එය පුද්ගලයෙකු අතර, පුද්ගලයන් දෙදෙනකු අතර, පුද්ගලයකු හා සමාජය අතර, ස්වභාව ධර්ම හො ඉරණම වැනි බලවේග අතර, එක් පුද්ගලයෙකුගේම සිතේ විවිධ අංගෝපාංග අතර විය හැකිය.”
ඉහතින් දැක්වූ ආකාරයට ෙචිතිගේ මානුසිකත්වය සතු ගැටුමේ පරාසය වෙත බලපානුයේ ඇගේ අභ්‍යන්තරය සතු සිතිවිලි හා බාහිර හේතූන් බව පැහැළිය. එබැවින් විඥානධාරා සංකල්පය යටතේ චරිතයක අභ්‍යන්තර විඥානයේ චෙතන්‍ය අංශය ප‍්‍රකාශ කිරීමෙහිලා හැකි බව පෙනේ. ඒ අනුව පුද්ගල අදෘශ්‍යමාන අභ්‍යන්තරික විඤානය සෙවීමට නවකතා කරුවා සමත් වෙයි. ඒබ ව මිලාන් කුන්දේරා සිය ” ඔයැ ්රඑ දෙ එයැ බදඩැක ” කෘතියේ දක්වයි. එහිදි ඔහු පවසනුයේ මිනිස් මනසෙහි අභ්‍යන්තරික විඥානගත මානසිකත්වය සෙවීම යනු පුද්ගත්වය සෙවීම බවය. එනම් පුද්ගලත්වය ග‍්‍රහයකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් විඥානගත භාවයන් එලියට ගැනිය හැකි බව දක්වයි. එහිදී එකී ප‍්‍රකාශනය කරනුයේ කතාකරුවා චරිතයන්ගේ අභ්‍යන්තරය වෙත එල්බෙමින්ය.
”මට පෙනෙන විදියට මේ පරිණාමයේ උච්ච අවස්ථාව තමයි ප්රූට් සහ ජොයිස්. ප්රූට්ගේ අහිමිවූ කාලය (ඛදිඑ එසප* ට වඩා වූ තවත් ග‍්‍රහනය කරගත නොහැකි වූ කිසිවක් ජොයිස් විශ්ලේෂණය කරණවා. ඒ තමයි වර්තමාන මොහොත (චරුිැබඑ පදපදබඑ* තරම් පැහැදිළි නියත ස්පර්ශ කර බැලිය හැකි තවත් දෙයක් නැති තරම්. එහෙත් එය අපෙන් මුළු මනින්ම ගිලිහී යනවා ජීවිතයේ සියලූ දොම්නස් ගැබ්වී තිබෙන්නේ එකී පරිස්ද්ධිය තුළයි. එක් ක්ෂණයක් තුළ අපේ රූප, ශබ්ද, ගඳ ආදී වූ විඥානයන් එකී පද්ධතිය (දැන හෝ නොදැන* සිදුවීම් රාශියක් සටහන් කරනවා. කල්පනාවන් සංවේදනාවන් අපේ හිස් හරහා පෙරහරක් වගේ යනවා. ඒ හැම මොහොක්ම කියන්නේ අනිවාර්යයෙන්ම ඊලග මොහොතේ ගිලිහි යන කුඩා ලේකයක්.... පුද්ගලත්වය නිරීක්ෂණය කරණ අන්වීක්ෂය කොච්චර ප‍්‍රබල වුවත් පුද්ගලත්වය(ීැකෙ* සහ එහි අනූපම බව අපව මගහැර යනවා.”
මේ ආකරයට විඥානය මතුකිරීමේ පදනම වැටෙනුයේ පුද්ගලත්වය සෙවීම නිසාබව ඔහුගේ අදහසයි. තවදුරටත් නිශ්ක‍්‍රීයත්වය විවරණය කිරීම යනුද මෙකී කතාකරුවා චරිතයන් වෙත මානුෂීය හෙළිදරව් කිරීමක් බවයි. විඥානය යනු සිග්මන් ෆ්‍රොයිඞ් දක්වන ආකාරයට මේ පරිද්දෙනි. අයිස් කන්දේ උඩම ඇති කොටසට අයත් වනුයේ විඥානයයි. එය පුද්ගලයා ස්වේච්ජාවෙන්ම කරනු ලබන ච්න්තනය, තර්කනය, ප‍්‍රජානනය ආදී අංග ලක්ෂණයන්ගෙන් සමන්විතය. නවකතාකරුවා එය චරිත හරහා පැවසීමේදී අභ්‍යන්තර ඒකීය කථනය (ෂබඑරදරසදර පදබදකදටමැ* භාවිතා කරන්නේය. මෙහිදි නවකතාවකින් චරිතයක විඥානය ප‍්‍රකාශ වන්නේ එකී චරිතයන් බාහිර හෝ අභ්‍යන්තරික ගැටීම් හමුවේ බව පැහැදිළිය. එහිදී එකී චරිතයන් සතු සංකීර්ණ මානසිකත්වය අන්තර්භාෂණය මාර්ගයෙන්ම ප‍්‍රකාශ කෙරේ. කෙලෙස්පර්වත නවකතාවේ එන ”සෝමා” වනාහී තවත් විඥානය ප‍්‍රකාශවන අභ්‍යන්තර භාෂණයක් ඔස්සේ නවකතා කරුවා දක්වන චරිතයකි. ස්වකීය ජීවිතයේ මානසික වූ තෘප්තියක් නොමැතිවීමත්, පුරුෂාධිපත්‍යය යටතේ ඇගේ මානුෂීය අයිතිය පවා නොලද තැනැත්තියකි. සැමියාගේ තෘප්තිය වෙනුවෙන් ඇය දුක්විඳින්නීය. සෝමා පැතූ මානසික සහනය කායිකව ඉන්ද්‍රීය ප‍්‍රීනනයෙන් නොව එය උත්තරාත්මය විසින්ම අපේක්ෂිත වූවක් බව උපතිස්සගේ හමුවීමෙන් පසුව පැහැදිළි විය. ඒ අධ්‍යාත්මගත චෛතසිකයන්ගේ විඥානීය වූ ස්වාර්ථාභිසාධනීය මනෝචේතනාවන් පැවතීම නිසාවෙන්ය.
”සෝමා වූ කලී ආදරයට පෙර කාමුකත්වය හඳුනාගත් තවමත් ගැටවර වියේ පසු වන යුවතියකි. එය පිළිකුලෙන් ඉවසා දරාගන්නට ඇයට කවදාවත්ම නොහැකි විය....එහෙත් ඈ උපතිස්ස ඇසුරු කළ කෙටි කාලය තුලදී ස්ත‍්‍රී පුරුෂ සබඳතාවෙහි වෙනත් පැතිකඩක් හඳුනා ගනිමින් සිටියාය. පිරිමින් අරබයා ඇය තුළ වූ ආකල්පය මුළුමනින්ම බිඳවැටිණ. ඒ හැම විටම ඔහු ප‍්‍රදර්ශන කළේ පිරිමි කාමුකත්වය නොව සංවේදී කාරුණික බවකි. දැන් වුවද ඔහු විනිවිද යන තියුණු බැල්මෙහි රැුඳී ඇත්තේ ඇගේ ඇට මිඳුළු පවා සලිත කරවන දයා කරුණාවෙකි. එහේත මෙහිදී ඇය වඩාත් ආශාවෙන් බැදී සිටින්නේ එම දයාවතුළ ආකර්ශණීය ලෙෂ සැගවීගත් ආගන්තුක ආදරය කෙරෙහිය. එයින් සිත් කැළ ඕල්ලට පත් ඇගේ මුහුණ විළියෙන් රතු විය.”
මේ අයුරින් කතාකරුවා සෝමාගේ විඥානය සෙවූ මානුෂීය සහනය ඇගේ අභ්‍යන්තරය තුළ සැගවී තිබූ සහනය කථනය කරන ආකාරය නොවේද. එහිදී චරිතයේ ආභ්‍යන්තරිකත්වයට ආමන්ත‍්‍රණය කෙනේනාවූ කථන ක‍්‍රමයකින් සෝමාගේ චරිතය විකාශනය කරන් බව කිව හැකිය. මෙහිදී විඥානය සතු අවිච්ජේදය (ක්‍දබඑසබමඑහඑහ* හා විපර්යාසය (ක්‍ය්බටැ* නිසා ජංගම ගුණය නවකතාකරුවා චරිතයට යොදාගත් නිසාය. එකී කථන මාර්ගය ඔස්සේ මිනිස් මනසෙහි අභ්‍යන්තරික මානසිකත්වය විවරණය වේ. එහිදි සෝමාගේ චිත්තාභ්‍යන්තරය සතු මානසික උණපූර්ණය සපිරෙන විට ඇගේ කායිකව ඉන්ද්‍රීය වෙනස්වීම පවා කතාකරුවාගේ දෘශ්ටියට අරමුණු වීඇත. එහිදී ප‍්‍රකට නවකතා කරුවකු වන හෙන්රි ජෙම්ස් සිය ” ඔයැ ්රඑ දෙ සෙජඑසදබ ” ”නවකතා කලාව” කෘතියේ මෙසේ දක්වයි.
”අනුභූතිය සැම විටම අසීමිතය. ඒ කිසි කලෙක සම්පූර්ණද නොවේ. එය දැවැන්ත වින්දන බලයෙකි. විඥානය කාමරයෙහි අවලම්භනය වු ඉතා සියමු සේද පුයෙන් සැදී වාතයේ පාවෙන සෑම ලේෂයක්ම ඇදගන්නා විශාල මකුළු දැළකි.”
මේ ලෙසින් අභ්‍යන්තරය ඔස්සේ චරිතයක විඥානය සතු සංකීර්ණත්වය නවකතාවක දැක්වීමේදි චරිතයක් වෙත දෘශ්යක් ගැනියහැකි බව පැහැදිළිය. මෙහිදී ප‍්‍රථම පුරුෂ දෘශ්ටියකින් හෝ සර්වවේදී දෘශ්ටි කෝණයකින් ගෙන දක්වයි. කෙසේ හෝ විඥානය මතු කිරීමෙහිලා චරිතයක අභ්‍යන්තරය ඔස්සේ කථන ක‍්‍රමයකින් හැකිබව කිවහැකිය. එබැවින් නූතන සිංහල නවකතාකරුවා සිය නවකතාවන්හි චරිතයනගේ විඥානය පුරුද්දමින් මානසිකත්වය ප‍්‍රකාශකිරීමෙහිලා සමත්කම් දක්වන බව කිව හැකිය.
02* කර්තෘගේ අත්දැකීම් හා තදාත්ම්‍යකරණ අවස්ථා දැක්වීම.
මිනිස් ජීවිතයේ යථාර්ථය විවිරණය කරන්නාවු එක්තරා ඥානමීමාංසාවක් ලෙසින් නවකතාව හඳුනාගත හැකිය. එයින් මනෝවිශ්ලේෂණවාදී නවකතාව යනු පුද්ගලත්වය ගවේෂණය කරන්නාවු භෞතිකත්වයෙන් පලාගොස් මිනිසාගේ සවිඥානික අවිඥානික චෛතසිකත්වය විවිරණය කරන්නකි. එහිදී මෙම නවකතා කලාව මිනිස් සිත චරිත ඔස්සේ දැක්වීමේදි විවිධ කථන මාර්ග භාවිතා කරයි. නමුදු කලාව වනාහී සත්‍ය අසත්‍ය දෙකෙහිම සම්ම්ශ‍්‍රනයක් බව අප මෙහිදි මතක තබාගත යුතුය. නමුදු විඥානධාරා නවකතාව එකී සංදර්භයෙන් යම් දියුණුවක් වෙත ප‍්‍රවේශ වී ඇත. මෙහිදි නවකාතාවක අත්දැකීම යනු විස්තර කරන දේ බව පැහැදිළිය. එය පෞද්ගලික හෝ පොදු වූවක්ද විය හැකිය. විඥානධාරා නවකතාවන්හි අත්දැකීම සෑදෙනුයේ චෛතන්‍ය අංශය නියෝජනය කෙරෙමින්ය. එහිදී එකී චරිත සමඟ පාඨකයාට පිවිස එකී පඨිතමය අංග සමගින් පරිකල්පනාත්මකව ගැටීමට සලස්වන්නකි. එහිදී කතාකරුවාත් පාඨකයාත් යන දෙදෙනාම මනෝවිශ්ලේෂණීය නවකතාව හා බද්ධ විය යුත්තේය.
”පුද්ගල මනස්හි තිබෙන වෙන් වෙන් සුවිශේෂතා ද ලක්ෂණද සැබෑ ජීවිතයේ කොන්දේසි විසින් නිර්නිත වූ ඔහුගේ පොදු විඥනය මත රඳා පවති. මෙම රඳාපැවැත්ම ගණන් නොගන්නා ධනේශ්වර මනෝවිද්‍යාව ඒ සුව්ශේෂතාවල ඓතිහාසික භාවය ප‍්‍රතික්ෂේප කරයි. මිනිසා මනස සැබෑ කොන්දේසිවල ප‍්‍රතිබිම්බය ඔහුගේ තනි හැකියාවන් හා ගුණයන් බවට සිදුවීමට තැත් කිරීම මඟින් එය ඒවා සැබවින් සක්ස්වූයේ කෙසේද යන්න සෙවීමේ මඟ ඔස්සේ නොව ඊට ප‍්‍රතිපාක්ෂක මඟ ඔස්සේ ගමන් ගනී. එය මානුෂීක ක‍්‍රීයාකාරීත්වයට තුඩු දෙන චේතනාවක් දකින්නේ ඒ චේතනා විසින්ම ජනිත කෙරෙන්නාවූ ආත්මීය අනුභූතීන් තුළය. ඒ මඟ දිගේ තව දුරටත් ගමන් ගන්නා එම මනෝවිද්‍යාව අවසාන වසයෙන් මේ අනුභූතිවල ප‍්‍රභවය මිනිසාතුළ උපදින මනෝභාව හා ළැදියාවන් තුළත් ඔහුග් සහජයන්ගේ සුවිශේෂතා තුළත් සොයා ගනී.”
මෙහිදී නවකතාකරුවාටද බලපානුයේ මෙසේ පුද්ගලත්වය සෙවීමේ මාර්ගය අත්දැකීම් ඔස්සේ චරිත හරහා විකාශනය කිරීම නොවේද. මනෝවිද්‍යා නවකතාවන්හි සංකීර්ණ මානුෂීය අත්දැකීම් ප‍්‍රකාශ වනුයේ චරිත හරහාය. ප‍්‍රකට මනෝවිද්‍යා නවකතා කාරිණියක් වන ” වර්ජිනියා වුල්ෆ් ” නවකතාවේ කතාවින්‍යාසය හා ශෛලිය වැදගත් බව දක්වන්නීය. ඒ මාර්ගය ඔස්සේ ඇය මෙම විඥානධාරා සංදර්භයක් වෙත ප‍්‍රවේශවන ආකාරය පැහැදිළි කරන්නීය.
” ඔයැ දෙමබා්එසදබ දෙ ටදදා සෙජඑසදබ සි ක්‍ය්ර්ජඑැර ක්‍රු්එසබට ්බා බදඑයසබට කැිිත්‍වගිඑහකැ චකදඑ ජදමබඑි දරසටසබ්කසඑහ දෙ දමඑ කදදන ජදමබඑිත්‍වග ඊමඑ බදඑ එයැිැ ජදමබඑි ්බටඑයසබට කසන ිද පමජය ්ි එයැ ජදබඩසබජසබටබැිි දෙ ජය්ර්ජැඑැරිග ”
කන්දක්සේමා නවකතවේ ”නූපා” වනාහී ප‍්‍රබන්ධකාරිය සිය අත්දැකීම විකාශනය කරනුයේ තදාත්මයෙන්ය. ඒ නූපා වනාහී ලාංකීය තැනැත්තියක් වුවද ඇය සිය විවාහයෙන් පසුව මසායාසාන් සමඟින් ජපානයේ පදිංචියට යන්නීය. නමුදු නූපා පැතූ සිය විවාහ ජීවිතයේ කිසිදු මනසික තෘප්තියක් නොලබන්නීය. ඇයගේ අව්ඥානය ප‍්‍රාර්ථනා කරන උත්තරීතර ආදරය හෝ අඔුසැමි සබඳතාවයවත් ඉටු නොවෙයි. ඒ නිසාවෙන් මසායාසාන්ගේ හිරිහැර අත්විඳින ඇයගේ පීඩාවුන මානසිකත්වය සහනය සොයනුයේ සිය අව්ඥානික සංරක්ෂණ ප‍්‍රයෝග වෙත යොමුවීමෙන්ය. ඒ අවස්ථාව නවකතාකාරීය නාභිගතකරනුයේ සිය අත්දැකීම් ඔස්සේ දැක ඇති තැන් හා ඇයගේ යොමුවීමත් තදාත්ම්‍යකරණයෙන් යුක්තවය.
”දවසක ඔය හැමදේටම උත්තර දෙන්න පුලූවන් වෙයි.එතකල් දේශනාව පැවැත්තුවාට මට මොකද, මම නීගතාව රස වි`දිනවා, සන්ජො නගරය රසවිඳිනවා, කන්දෙන් එහා පැත්තේ මහ මුහුද ඉස්කෝලේදි ලෝක සිතියමේ ලකුණු කරපු ජපන් මුහුද”
නුපාගේ චරිතය පුද්ගලාපේක්‍ෂවන් භංගවිමේදී ඇගේ උපවිඥානය හෙවත් ජීවත් වීමේ ආශාව වෙනත් අංශයක් වෙත සම්පේ‍්‍රෂණය වන ආකාරය ඉන් දක්වයි. එහිදී ඇගේ එකි ප‍්‍රවේශය වනුයේ සැබවින්ම කතාකරුවාගේ අත්දැකිම් විවරණයක් වෙත නොවේද. ඒ නුපාගේ මානසික අස්වැසිල්ල උදෙසා පාදකවන පාරිසරික සාධක කතාවෙ අත්දැකිමකට හා තදාත්ම්‍යය නිරූපණය කිරීමට සමත්වන නිසාය. සැබවින් මෙහිදී විඥානධාරා නවකතාවන්හි අත්දැකිම් හා තදාත්ම්‍යකරණය ලෙසින් හඳුන්වනුයේ මෙයයි.”පාත‍්‍රයන්ගේ මනෝමය සංකීර්ණත්වය හෙළි කිරීමට විඥානධාරා රීතිය ලෙසින් නවකතාකරුවා හෝ කාරිය විසින්ම චරිතයක ස්වයංකථනයක්ම මාර්ගයෙන්ම පැවසීම මෙයින් අදහස් වේ. එය ජොයිස් විසින් බහුලව භාවිතයට ගන්නාවූ විඥානධාරා රීතිය කුළුගැන්වීමට යොදාගත් බව ඇගේ (් චදරඑර්සඑ ්බ ්රඑසිඑ ්ි ් ශදබට ඵ්බ* නවකතාවේ දැකිය හැකිය. එහි ස්ටෙෆාන් නැමති ප‍්‍රධාන චරිතයේ සය අවුරුදු වියේ සිට විසිවන වියතෙක් ඇයගේම චිත්තාභ්‍යන්තරයේ උපදින මනෝභාව ලෙසින් නිරූපණය කන්නීය. ඒ අනුව තදාත්ම්‍යය යන්න විඥානධාරා නවකතාවන්හි යෙදෙනුයේ කෙසේද පැහැදිළිය. නවකතාව යනුවෙන් අප හඳුනා ගනුයේ පාඨකයාට එහි පිවිස එහි වන පඨිතමය අංග සමඟින් පරිකල්පනාත්මකව ගැටෙමින් අර්ථ නිපදවිය යුත්තකි. එසේම නවකතාවේ අර්ථය ලෙසින් සලකනුයේද එකී පඨිතය හා පාඨකයා අතර ඇතිවන අන්තර් ක‍්‍රියාවේ ඵලයක්. යෙ මනෝවිද්‍යාත්මක නවකතාවේ සංදර්භය විමසීමේදී චරිතයන්ගේ සංකීර්ණ මානසිකත්වය තේරුම් ගැනීමට අදාලය. අත්දැකීම යනු සෑදීමක්. එහිදී නවකතාව වනුයේ අත්දැකීමයි. තදාත්ම්‍යකරණය ලෙසින් සැළකෙනුයේ නවකතාකරුවා එකී අත්දැකීම චරිතයනගේ මාර්ගයෙන් ස්වකීයත්වයෙන් නිරූපණය කිරීමටය.
”තදාත්මීකරණය - (01* ආවේගික බැම්මක ප‍්‍රතිඵලයක් වශයෙන් ඒ ආවේගිකය බැම්මට සම්බන්ධ පුද්ගලයා හැසිරෙන ආකාරයට හැසිරීමෙන් තමා එ් පුද්ගලයා වැනි යැයි සිතින් මවාගෙන ක‍්‍රීයා කිරීමත් ක‍්‍රියාවලිය. (02* සමූහයක් හෝ පුද්ගලයෙක් සමග ලගින් ඇසුරුකිරීම හෝ සම්බන්ධ කරගැනීම. (03* කිසියම් පුද්ගලයකුගේ විශිෂ්ට ස්වරූපයක් පිළිගැනීම. (ඨරදමච සාැබඑසසෙජ්එසදබ* පුද්ගලයෙක් තම සිය කණ්ඩායමේ සාමාජිකයෙක් යැයි යන දැඩි හැඟීම ඇතිව (ෂාසදිහබජර්ිහ* ස්වචාරය පුද්ගලයෙකුට හෝ සමූහයකට වූ අස්වාභාවික ගතිය.”
මෙහිදී තදාත්මීකරණය පිළිබඳව මනෝවිද්‍යාත්මක පැතිකඩ විස්තර කරනුයේ ඒ ආකාරයෙන්ය. ඒ අනුව නූතන සිංහල නවකතා කරුවා තදාත්මීකරණ අවස්ථා අත්දැකීම් හමුවේ විවරණය වනසේ දක්වනුයෙ කෙසේද යන්න මෙහිදී විමසීමට අදහස් කරනෙමු. කෙලෙස් පර්වත නවකතාවේ ”උපතිස්සගේ ” චරිතය වනාහී මෙසේ සංකීර්ණ මානසිකත්වයක් දක්වන බව කිව හැකිය. උපතිස්සගේ මනස අතීත මතකයන් ඔස්සේ පාවී යෑම වනාහී අවිඥානික පේ‍්‍රරණයක් දක්වන අවස්ථාවකි. ඔහුගේ ප‍්‍රශ්නයන් සුමේධ හිමියන් හමුවේ පවසනුයේ විඥානගත සංදර්භයක අත්දැකීම් හා තදාත්ම්‍යකරණ අවස්ථාවන් දැක්වීමේ ස්වභාවයෙන් බව නොවේද. ඒකී අතීත මානසික ප‍්‍රවාහය වනාහි මිනිස් යටි හිතෙහි අනාදිමත් කාලයක සිට පැවතෙන්නාවූ නිලීන චෛතසික ප‍්‍රවාහයක් බව එම හිමියෝ පවසති. නවකතාවක අත්දැකීමක් හා එය තදාත්ම්‍යයෙන් යුක්තව මානසිකත්වක ගතිකත්වයක් මේ ලෙසින් උපතිස්ස සීගිරියට ගිය අවස්ථාවේ දැකිය හැකිය.
”මට එහෙම හිතෙනවා යි මඳක් සිනාසී පැවසූ උපතිස්ස.... ඒක මෙහෙමයි මට මතක තියෙන කාලෙක ඉඳල සිදුවෙන දෙයක් තමයි. මහර තැන්වලට ගියාම මට ලින් ඒ තැන්වලට ගිහින් තියෙනවයි කියල හිතෙන එක. සමහර අය හමු උනාමත් මට කලින් හිතෙනවා කිලින් කොහේදී හරි හමුවෙලා තියෙනවා කියලා. ඒ වගේ සමහර සිද්ධියකදී මට සිද්ධිය මැදදී ඒ වගේ හිතුනොත් මට හිතෙන්නේ පටන් ගන්නවා සිද්ධියේ ඉතුරු හරිය සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා. පුදුමේ කියන්නේ ඒ මට හිතෙන විදියටමයි ඉතුරු හරිය සිද්ධ වෙන්නෙත්.”
මෙහිදී මනෝවිද්‍යාත්මක නවකතාවක මෙකලෙසින් තදාත්ම්‍යය අවස්ථාවක් ගෙන ඇතැයි පැහැදිළිවම කිවහැකි නොවේද. මෙය ෆ්‍රොයිඞ් දක්වන ආකාරයට සාමූහික අවිඥානයේ ගතිකත්වයක් බවයි. සාමූහික අවිඥානයේ තත්වය ”ස්වාධීන” මානසික ස්ථරයක් වසයෙන් පෞද්ගලික අවිඥානයට ගැඔුරින් පිහිටි බව දක්වයි. එසේම යුං නැවතත් සඳහන් කරනුයේ එය ප‍්‍රාග් ඓතිහාසික මිනිසාට පමණක් සීමා නොවු නූතන මිනිසා වෙතද පවතින්නක් බවය. මේ අයරින් උපතිස්සගේ පෙර භවයක අතීත ස්මරණයන් ප‍්‍රක‍්‍රතිමත් වනුයේ සාමූහික අවිඥානීය ස්වභාවයක් අනුව යැයිද විටෙක සිතේ. ආදිකල්පික (චරසපදරාස්ක* මිනිසාගේ තමා අවට ගොඩනැගූ ප‍්‍රතිරූප සමූහයක් චිත්තවේගාත්මකව අසම්පූර්ණ වීගිය මතකයන් ලෙසින් උපදින බව කිව හැකිය. ඒ අනුව උපතිස්සගේ චරිතයේ අත්දැකීමක් හා තදාත්ම්‍යකරණ අවස්තාවක් වෙත පිවිසිය හැකි නොවේද. මෙහිදී මනෝවිද්‍යාත්මකව කතාකරුවා දක්වනුයේ සන්තානමය ජවශ්‍රෝතය සතුවූ ජීවිතින්ද්‍රීය වන චාලක ශක්තියක් නොවේද. ඒ නිසා එකී පූර්ව භවාංගයේ චේතනාවෝ උපතිස්ගේ විඥානය හරහා විටින් විට මතුවන බව කිව හැකිය. මෙය මනෝවිශ්ලේෂණීය විග‍්‍රහයකින් මෙසේ විමසා දැනගත හැකිය.
”තදාත්මීකරණය යනු එක් ආත්මයක් තවත් ආත්මයක් තුළට ග‍්‍රහනය කර ගැනීමයි. මේ සමග‍්‍රහනයේ ප‍්‍රතිඵලයක් ලෙසින් ප‍්‍රථම ආත්මය, ඇතැම් කරුණු අතින් ද්වීතීය ආත්මය මෙන් හැසිරෙයි. එයම අනුකරණය කරණ අතර දෙවෙනි ආත්මය තුළට ආරෝපණය කරගනී. තදාත්මීකරණය අනෙක් පුරුෂයකු විසින් මුවින් ගෙන ගිල ගැනීමක් ලෙසින් නොනිසි සංසන්දනයක් කර නැත. එය තවත් ආසක්න වීමේ ස්වරූපයකි.”
මේ අයුරින් නවතාකරුවා පරිකල්පනමය ග‍්‍රහනයට හසුවනුයේ මෙකී අවිඥානික සිද්ධි බව පෙනේ. එහිදී මනෝවිද්‍යාත්මක නවකතාවේ අත්දැකීම් ලෙසින් තදාත්මීකරණයට ලක්වන මානුෂීය කාරණාවෝ මෙසේය. එනම් සිහින,පෞද්ගලික කාරණා, සිතින් මවාගත් ක‍්‍රීඩාදිය, අප ප‍්‍රකාශ කරණ බියවල්, අතීත සිද්ධි මතක් කිරීම් හා අනාගත සිද්ධි ප‍්‍රාර්ථනා කිීරීම්, ආසා අපේක්සාදීන්, යනාදී කාරණාවන්ය. මෙහිදී මනෝවිද්‍යාත්මක නවකතාවේ අත්දැකීමක් හා තදාත්ම්‍යකරණ අවස්ථාවක් නවකතා කරුවා දැක්වීමේදී ක‍්‍රම දෙකක් භාවිතා කරනබව පෙනේ. 01* ප‍්‍රථමයෙන් ලේඛකයා විය හැකියැයි තමා සිතන අත්දැකීමක් ඉදිරිපත් කරයි. 02* දෙවනුව චරිතයන්ට හා සිද්ධීන්ට ක‍්‍රියාවන්ට උචිත යැයි තමා සිතන ආකල්පය සන්නිවේදනය කරයි. එසේම මෙහිදී මතක තබාගතයුතු කාරණයක් ඇත. ඕනෑම නවකතාවක් පාටකයා සමඟින් එක්වනුයේ අත්දැකීමක් සාදන ක‍්‍රමයක් ලෙසින්ය. එහිදී නවකතාවක කිසියම් ආකාරයක තවත් තදාත්ම්‍යය දක්වන භාවිතය පිළිබඳව මෙසේ දක්වයි.
”නවකතා කියවන කල්හි පාටකයා නවකතාවේ එන චරිත සමඟ තදාත්ම්‍යයට (ෂාැබඑසසෙජ්එසදබ* සමවැදී ආස්වාදයක් ලබන බවත්, සැබවින් විඳීමට බැරිවූ අත්දැකීම් හෙවත් ප‍්‍රතිනිධිරූප වූ (ඪසජ්රසදමි* අත්දැකීම් ලබන බවත් බොහො මනෝවිද්‍යාඥයන් කියා ඇත.”
මෙහිදී අත්දැකීම් ඔස්සේ විඥානධාරා රීතිය විග‍්‍රහ කිරීමේදී මෙකි නවකතා අතීත අත්දැකීම් පමණක්ම භාවිතා නොකරයි. එහිදී තුන්කල්හිම බාහිර අභ්‍යන්තරික පොදු වූ චේෂ්ටාවන්ද විය හැකිය. ස්වයංජාත නවකතාවේ ”පබ්ලිනා” හාමිගේ චරිතය වනාහි එකී කතෘ අත්දැකීමක විනිවිද දකින තවත් සංකීර්ණ මානසිකත්වයක් රැුගත් චරිතයකි. ඇය යක්කුටිගල හිමියන් වෙත දැක්වූ ලැදියාව අභ්‍යන්තරය හෙවත් උත්තරාත්මය කිතිකැවූ චෛතසික අංශයක් නියෝජනය කළ අවස්ථාවකි. දරු ගැබක් හටගැනුමේ උත්සාහයේදී එකී මානසිකපූර්ණය නියෝජනකිරීමේ අවස්තාවක් එම හිමියන්ද නියෝජනය කළේ යැයි කතාකරුවා දක්වයි. එහිදී තත් අවස්ථාව පබ්ලිනාහාමිගේ චරිතයේ අත්දැකීමට හා තදාත්ම්‍යකරණ අවස්තාවක් වෙත ප‍්‍රවේශ කරයි. මෙහිදි පබ්ලිනා හාමිනේ යක්කුටිගල හිමගේ සතු අභ්‍යන්තර හෝ බාහිර සදාචාරවත් චෛතන්‍ය අංශය වෙත යම් පැහැදීමක් ඇවූවාදැයි විටෙක සිතෙයි. ඒ තදාත්මීකරණයේ ගුහ්‍ය අංශයක් ලෙසින් ෆ්‍රොයිඞ් පවා එකී කාරණාව දක්වන නිසාය.
”තමන් පිළගනු ලබන හෝ අගය කරනු ලබන ජනප‍්‍රිය හෝ ගෞරවනීය වූ අන්‍ය පුද්ගලයකු සතු ගතිගුණ දක්ෂතා හෝ ජනප‍්‍රීය දක්ෂතා තමන් තුලද පිහිටුවා ගැනීමට දරන උත්සාහය මෙයින් අදහස් කෙරේ. ඇතැමවිට අස්වී යන, වෙන් වී යන හෝ මිය යන යහපත් ගතිගුණ හෝ දක්ෂතා ආරෝපණය කරගනිමින් සිදුවූ පාඩුව පිරිමසාගනී. තදාත්මීකරණය බොහෝවි අවිඥානිකව සිදුවන අතර ඇතැම්විට සිතා මතාම එසේ සිදු කරගැනීමද දැකිය හැකිය.”
ඔනම් පබ්ලිනා හාමිනේ කෙතරම් විරූපී යක්කුටිගල හිමි වෙත ඇතැම් ස්ත‍්‍රීන දොස් දැක්වීමේදී ඇය ඔවුනට දොස් කියන්නීය. තවද ඇය ලස්සන පිළිබඳව පවසන්නාවු අදහස් ආදියෙහිද ඇත්තේ යම් ආකාරයක යක්කුටිගල හිමිගේ වෙත කරණ යම් සාධාරණීකරනයක් බව නොරහසකි. මෙහිදී එකි අවස්ථාව මේ ලෙසින් දැක්විය හැකිය.
” ඇත්තටම එක ආදරයක් නොවෙයි. ආදරය, ගෞරවය, කරුණාව, ලෙන්ගතුකම මේ හැම එකක්ම කැටිකරගත්ත භක්තියක් වගේ දෙයක් කියලයි මට එතකොට හිතුනේ....පස්සේ පස්සේ එයාගේ හිතේ හාමුදුරුවෝ හැර වෙන කව්රුවත් හිට්යේ නැහැ. එයාට හාමුදුරුවෝ හීනෙනුත් පේන්න පටන් ගත්ත. ඒත් මම හිනාවුනා හීනෙන් දකින්නම වැඬේ කියල. ඒවට එයා හිනා වෙන්නේ නැහැ. මම එහෙම විහිළු කලාම හරිම දුකින් වගේ ඇස්දෙකේ කඳුළු පුරෝගෙන කියනවා, එහෙම කියන්න එපා සුදු නංගී’ පව් කියල. මේ රූපෙ අපි ඕනකමින් හදාගන්න දෙයක්වත් ,උපදිනකොට අපි තෝරගන්න දෙයක්වත් නොවෙයි. කර්ම ශක්තිය අනුව උපතින්ම ලැබෙන දෙයක්නේ. ඉතින් ඇයි අපි ඒකට පිළිකුල් කරන්නේ?”
උත්ත ආකාරයේ කිසියම්වු අධ්‍යාත්මගත ලාලසාවයක් පබ්ලිනා හාමිනේගේ උත්තරාත්මය තුළකිතිකමැ ගිය නිසාවෙන් එය මෙනුවිමකැයි කිව හැකි නොවේද. සත්‍යකාම වනාහී රාගික ලොවතුල සදාතනික වූ පාරිශුද්ධවූ පේ‍්‍රමයක් සොයා යන තරුණයෙකි. පාරිශු්ධභාවයේ වෙස්මුහුණක් පැළඳගත් ඔහු සිත එකී පාරිශු්ධභාවයේ මුග්ධභාවයෙන් මිදෙයි. ඒ මාස්ලේ අතරින් ඝට්ටනය වන්නාවූ ානසික චෛතන්‍ය අංශයක් වෙත එවන් වූ ඉන්ද්‍රීය දමනයක් හෝ සංවරයක් කිරීම ආපසු බැවින්ය. එහිදී එවන් අත්දැකීමක් නවකතාකරුවා ඉතා කලාත්මකව හා පුද්ගත්වය නිරූපණය කරමින් දක්වයි. කලින්දජාවෙත දැක්වූ ආදරය යටපත් කරමින් සත්‍යකාමගේ සිත ස්ත‍්‍රියක් වෙත අදීයාම වනාහී සැබවින්ම අවිඥානික ආසයන්ගේ පිබිදීමකි. එබැවින් එකී අවස්ථාව සහානුභූතියෙන් (ීහපච්එයහ* අත්දැකීම් සහ තදාත්ම්‍යකරණ අවස්තාවක් හා සැසදේ.
”තමා කෝපවූයේ කුමක් නිසා දැයි ඔහුට සිතිණි. ග`ගදියෙන් දැල් ආම්පන්න සෝදා ගනින ගැහැණියගෙන් තමාට අවැඩක් හෝ ගැහැටක් නැත. ඇය තමාගේ නින්දට බාධාවක් නොවේ. අදුරේ හෙවනැල්ලක් මෙන් හැඩ බේරුණු ඇගේ සිරුර ඔහුට සිහි ගැන්වූයේ සුපුර්ණය අදුරු ඡුායා බවට අනුව ඇය මැහැලියක නොවේ යැයි ඔහුට සිතිණ. කෝපයෙන් මැඬෙමින් තමා සිටින්නේ මේ දර්ශනය නරඹමින්ම නොවේ දැයි සිහිවන විට ඇය පසුවූයේ සිරුර ගලකින් උලමිණි. ඔහු ආයාසයෙන් දෑස් පියාගත්තේය. තමා ඇය දෙස නොබලා සිටියා පමණක්ද? තමා ඇය ස්ඵර්ශ නොකළේද? ”
ඔනම් අස්ථීරවූ ලෝකය තුළ ස්ථීරවූ පේ‍්‍රමයක් ලේ, සම්, නහර ඔස්සේ කෙසේ නම් පැවතිය හැකිද. එය කෙතරම් නම් අපහසු කාරණයක්ද. ඒ මිනිසාගේ මතුපිටින් පෙනෙන තත්වයට වඩා ප‍්‍රකෘතිය වනාහී වෙනත් වූ යථාර්ථයක් පැවසෙන නිසාවෙන්ය. එබැවින් සත්‍යකාමගේ එතෙක් පැවති ජාගර සිතෙහි මායාව බිඳදමමින් පාරිශුද්ධත්වයැයි පැවසියහැකි රාගයෙන් තොර නිරාගික පේ‍්‍රමයක් කෙසේනම් සෙවිය හැකිද. මෙහිදී නවකතාකරුවා එකී පුද්ලත්වය පිළිබඳව මනෝමය කඩතුරාවකින් විඥානගත ස්වභාවය පෙන්වන්නේය. ප‍්‍රකට මනෝවිද්‍යාත්මක නවකතාකරුවකු වන ඞී. එච් ලෝරන්ස් මෙය දකිනුයේ මේ ලෙසින්ය.
”අපගේ ජීවිතවල යථාරූපය සැබවින්ම නිගමනය කැරෙන්නේ අපගේ වේදනා ශ්‍රෝතය ගලායන විලාසයෙනි. සුදුසු පරිදී උපයෝගී කරගනු ලබන කල්හි නවකතාව අතිවිශිෂ්ට වැදගත්කමකින් යුක්ත වන්නේ එහෙයිනි. අපගේ වේදනා විඥානය පුබුදුවමින් එය නව්‍ය ස්ථානයක් කර ගෙනයාමටත්, පැනගියදේ කෙරෙන් අපගේ අනුවේදනීය අප‍්‍රසන්නයෙන් ඉවත් කිරීමටත් නවකතාව සමත්වේ.” ”ෂඑ සි එයැ උ්හ දමර ිහපච්එයහ කෙදඅි ්බා රුජදසකි එය්එ රු්කකහ ාැඑැරපසබැි දමර කසඩැිග ්බා යැර කසිැ එයැ ඩ්ිඑ සපචදරඑස්බජැ දෙ එයැ බදඩැකග ඡුරදචැරකහ ය්බාකැා සඑ ජ්බ සබදෙප ්බා කැ්ා සබඑද බැඅ චක්ජැිල එයැ කෙදඅ දෙ දමර ිහපච්එයැඑසජ ජදබිැසදමිබැිි ්බා සඑ ජ්බ කැ්ා දමර ිහපච්එයහ ්අ්හ සබ රුජදසක දෙරප එයසබටි ටදබැ ාැ්ාග”
එබැවින් මිනිසාගේ ප‍්‍රකෘතිමත් මනුෂ්‍ය ආවේගයන් වෙත විඥානධාරා නවකතාව අවධානය යොමු කරන බව කිවහැකිය. ඇතැමිවිටෙක මනෝවිද්‍යා නවකතාවක චරිතයක් අත්දැකීම ලෙසින් ආත්මීය හුදෙකලාව, ඉච්ජාභංගත්වය වැනි සාංදෘශ්ටිකවාදී චරියන්ද ග‍්‍රහනය විය හැකිය. එකී චරිතයන් අතීත අද්දැකීම් හා අනාගත අපේක්ෂා අතර දෝලනය වෙමින් මානුෂීය අන්තර්ග‍්‍රහනය සිදුකිරීම නවකතාකරුවා සිදු කරයි. එහිදී මිනිසාගේ ජීවිතයේ පෘශ්ටිමත් නොවූ හා අනාගතය වෙත ඇතිකරගන්නා ලාලසාවයන්ද විනිවිද දැකිය හැකිය. ජයතිලක කම්මැල්ලවීරගේ චුම්භන කන්ද නවකතාවේ එන ”පොඞ්සිංහයාගේ” චරිතය එවන් ලක්ෂණ ප‍්‍රකට කරන්නෙකි. වනයක හුදෙකලාවේ දිවිගෙවන ඔහු තම අතීත අද්දැකීම් හා වත්මන ගෙවනකාලයත්, අනාගතය සඳහා ජිවිතයේ අභිලාෂයනුත් යන කාලත‍්‍රයේම පුරුද්දමින් කතාකරුවා දක්වන්නේය. එහිදී එකී චරිතයේ කිසියම් ආකාරයේ අත්දැකීමක හා තදාත්මීය කථනයක් භාවිතාවන බව කිව හැකිය.
”මම මෙහෙම තනියම කැළයමැද ජීවත්වීමේ තේරුම මොකක්ද කියලා මට සමහර අවස්ථාවලදී හිතෙනවා. එහෙම හිතෙන්නේ හිතට පාලූවක් බයක් දැනෙන විට. ඇත්තටම මම බයෙන්ද ජීවත් වෙන්නේ? මෙතන මෙහෙම තනියෙන් ජීවත් වීමෙන් මට ලැබෙන්නේ මොනවාද? දැනටමත් මෙතනින් මට අවශ්‍යනම් පවුලක් නඩත්තු කරන්න තරම් ආදායමක් ලැබෙනව. තවත් දියුණුකරගත්තම ලොකු මුදලක් ඉතිරිකරගන්ඩත් පුළුවන් වෙයි. එහෙත් මම මෙතෙන්ට ආවේ පොහොසත් වෙන්න හිතාගෙනද? මේ කන්ද අයිති කරගන්ඩ හිතාගෙනද? මම මෙතෙන්ට එනකොට එහෙම අදහසක් තිබුනේ නැහැ. මම ආවේ පරිසරය ගැන ලොකු ආසාවක් ඇතිවීම නිසාද? එහෙම නැත්නම් ගෙදරඉදන් කරන්ඩ වැඩක් නොතිබ්ච්ච නිසාද? එහෙම නැත්නම් සමාජය අපරාදකාරයෙක් ආහ‍්‍රය නොකළ යුතු මිනිසෙක් බව කියල මාව සලකන බව පෙනුන නිසාද? සමහර විට ඒ ඔක්කොම නිසා වෙන්ඩ ඇති. මනුස්සයෙක් තනියම ජීවත් වෙනවා කියන්නේ සතුටත් ආඩම්බරයත් දුකත් බයත් මේ ඔක්කොම එකට එකතු වෙච්ච දෙයක්. මම අද ඒ සියල්ල අත් දකිනව. කොහොම උනත් දැන් මම තොරාගත්තු මාර්ගයේ යනවා මිසක් මෙතන අතැරලා යෑමෙන් තේරුමක් නෑ.”
මෙහිදී නවකතාකරුවා බාහිර පරිසරය හා අතීත අද්දැකීම් අනාගත අපේක්ෂාවන් හා මුසු කරමින් නිර්මාණය කරන බව කෙතරම් නම් අපූරුද. මෙහිදී මනෝමය ලෝකයක නිමග්න වන්නේ මිනිසාගේ අතීත අනාගත යන ලෝක දෙකෙහිම ජීවත්විය හැකි බව කිව හැකිය. කෙසේ හෝ පොඩිසිංහයාගේ මානසිකත්වය මනෝවිශ්ලේෂණවාදයට අනුව එරික් ෆ්‍රොම්ගේ පේ‍්‍රරණ පහට සමානවේ. 01* සම්බන්ධතා අවශ්‍යතාව (භැැා දෙර රුක්එැාබැිි* - පෞද්ගලික ආත්ම සංකල්පයක් ඇතිකරගැනීමේ පේ‍්‍රරණය. 02* පරාගමනය අවශ්‍යතාව (භැැා දෙර එර්බිජැබාැබජැ* - යම් සමාජ කුලකයකට තමා අයත්ය යන පේ‍්‍රරණය. 03* ස්ථාවරත්වය සඳහා අවශ්‍යතාව (භැැා එද ඊැජදප ් ක්‍රු්එදර* - තිරිසන් ස්වභාවය ඉක්මවා නිර්මාණශීලී පුද්ගලයෙකුවීමේ පේ‍්‍රරණය. 04* අනන්‍යතාව පිළිබඳ අවශ්‍යතාව (භැැා දෙර ෂාැබසඑසකහ* - මිනිස් වර්ගයා සමග සම්බන්ධතා ඇතිකරගැනීමේ පේ‍්‍රරණය. 05* සමුද්දේශරාමුව (භැැා දෙර ත්‍ර ්පැ දෙ රුෙැර්බජැ* - ස්ථාවර පැවැත්මක් ඇතිකර ගැනීමේ පේ‍්‍රරණය. මේ ආකාරයෙන් එරික්ගේ මනෝමය කාරණාවන්හා පොඩිසිංහයාගේ චරිතයේ මානසිකත්වය ප‍්‍රකාහවන බවක් දැකියහැකි නොවේද. කෙසේ හෝ අත්දැකීමක් හා එය තදාත්මයෙන් ග‍්‍රහණය කොට චරිත ඔස්සේ මනෝමය චෛතසිකයන් විග‍්‍රහ කරණ අයුරු පැහැදිළිය.
03* ප‍්‍රදීපනක්ෂණමාලාව මාර්ගයෙන් නවකතාව ආකෘතිගත කිරීම.
මනොවිද්‍යා නවකතාව වනාහී මිනිසාගේ සවිඥානික අවිඥානික මනස පිළිබඳව කිසියම් අදහසක් දැක්වීමේ මාර්ගයක් බව පැහැදිළිය. මනෝවිශ්ලේෂණීය සාහිත්‍යය න්‍යාය භාවිතා කිරීමේ කථන මාර්ග අතර ප‍්‍රදීපනක්ෂණ මාලාව භාවිතා කිරීමද සිදුකරයි. චරිත භෞතික ලෙස නොදක්වා සැබෑ මනුෂීයත්වය ප‍්‍රකට වන ලෙස ලිවීම නිසා විඥානධාරා නවකතා ලෙස හඳුනාගැනේ. එහිදී මනෝවිශ්ලේෂණීය සාහිත්‍ය්‍ය හඳුනා ගැනෙනුයේ අවිඥානික කි‍්‍රයාවලියක් ලෙසින්ය. චරිත ඔස්සේ නවකතාකරුවා චෛතසික පැවසෙන අතර එකී කථන ක‍්‍රමය නිශ්ශබ්දතාවයේ අන්තර්භාෂණය ලෙසින් සැලකේ. මෙහිදී මනෝවිශ්ලේෂණීය නවකතාවෙහිලා ප‍්‍රදීපක්‍ෂණමාලාව ලෙසින් අර්ථගැන්වනුයේ කුමක්ද යන්න අවබෝධ කරගත යුතුය. මනෝවිද්‍යා නවකතාවල ප‍්‍රකට ලක්ෂණයක් වන ප‍්‍රදීපනක්‍ෂණය ලෙසින් හඳුන්වනුයේ චරිතයක් බාහිර සාධක හමුයේ ගැටෙන විටදී සංකීර්ණ මානසික හැ`ගීම් ආදිය ඉස්මතු කර ඉන් මිනිස් මනසෙහි ඇති සංකීර්ණත්වය හා ගූඩත්වය පෙන්වාදීමේ ලක්ෂණයටයි. මෙලස චරිතයක් බාහිර ගැටුම් හමුවේ ඇතිවන සංකීර්ණ හා ගූඩ මානසිකත්වය දැකියහැකි අවස්ථාවක් ලෙසින් ප‍්‍රභානි නවකතාවේ ”ප‍්‍රභානිගේ ” චරිතය ගතහැකිය.
ඇගේ චරිතය වනාහි තමාට වඩා වයසින් වැඩිමහළු ඇතුප්ිටිය නම් තැනැත්තාගේ විවාහක බිරිඳය. නමුදු ඇයගේ පවුල් ජීවිතයේ ඇති අතෘප්තිය හා දරුවකු නොලැබීමත් ඔවුන් මුහුණදෙන ප‍්‍රධාන ගැටලූවකි. එකී ප‍්‍රභානිගේ මානසික ඝට්ටනය වැඩි වනුයේ අශෝක් නම් හිතවත් දොස්තරගේ ප‍්‍රකාශ හා සමීප වීමත් හේතුවෙන්ය. ඇතුප්ිටියගේ රෝගය පිළිබඳව ප‍්‍රභානිට ඔහු දැන්වූ පසුව ඇගේ මානසිකත්වය සංකීර්ණ ස්වභාවයක් ගනී. එහිදී කාන්තාවගේ මූලික සහජ ආශාව හා අධ්‍යාත්මය අතර දෝලනය වන සිතුවිලි දහරා විවරණය කරණුයේ අතිශය සංකීර්ණ අවස්ථාවක් පෙන්වමිනි. මේ අවස්ථාව වනාහී මනෝවිද්‍යා නවකතාවක චරිතයක් ප‍්‍රදීපනක්ෂණය වන අවස්ථාවකි. ඒ ප‍්‍රභානිගේ අභ්‍යන්තරය සතු මානසික ගැටුම බාහිර බලවේග හමුවේත් සංකීර්ණ වීමය. නවකතාකරුවා එකී සංකීර්ණ මානසිකත්වය මේ ලෙසන දක්වමින් නවකතාව කිසියම් මානසික ප‍්‍රවාහයක් ස්මතුකරමින්ම ආකෘතිගත කරණ ආකාරයයි.
”ප‍්‍රභානි ඇඳේ උඩුබැලි අතට දිගාවූවාය. මීට මාසයකට පමණ පෙර පමණ ඇය විසින් බිත්තියේ එල්ලන ලද අඬන ඇස්ඇති කුඩා දරුවාගේ පිංතූරය දෙ මොහොතක් බලා සිටියාය. ඈ මේ පිංතූර දනපතා අගසිට මුලටත් මුලසිට අගටත් බැලීමට පුරුදු කරගත්තාය....තම ඇස්වලින් රූරා හැලෙන කඳුළු කම්මුල් දිගේ ගලා යන්නට ඉඩ හැරී ඈ දිනක් පිංතූරයේ ඇස් අතගාමින් ඉන් වැටෙන කඳුළුවල තෙතමනයක් ඇද්දැයි සෙව්වාය....එම පිංතූරයේ රුව බොඳකරමින් මාළු ටැංකියට මුත‍්‍රාකරන නිරුවත් ප‍්‍රතිමාවක් පිංතූරය මතුපිටින් ඇස් ඉදිරියට පැමිණියේය. ඈ දෑතින් ඔළුව බදාගෙන කෙස් අතරින් ඇඟිලි තඩුයවා තම දෑතේ උපරිම ශක්තිය යොදා හිස දෙපසින් පොඩිකරහමින් ෙවිලාවක් ඇස් පියාගෙන සිටියාය. අශොක්ගේ කටහඬ රූපය වසාගෙන සිටි දෑස් පියන් අතරින් මසැස් පුබුදුකොට එක්වරම ඇගේ මනස තුලට රිංගා ගත්තේය. ඈ එක්වරම ඇඳේ දෙපයින් නැගී සිටියාය. ජනේලයෙන් එපිට බැලූවාය.”
මේ ලෙසින් නවකතාකරුවා ප‍්‍රදීපනක්ෂනයක චරිතයක් මානසික ගැටුමකට ලක්කරන අවස්ථාවකි. මෙලෙසින් ඇගේ පවුල් ජීවිතයේ ඇති නිස්සාරත්වය හෙවත් අතෘප්තිය හා ඉච්ජාභංගත්වය යන කාරණාවනුත් දක්වන බව කිව හැකිය. සැමියාගේ දුර්වලකම, දරුවකු නොලැබීම, සමාජය හමුවේ ඇගේ අසාර්ථකත්වය හා නින්දාව ඉවසීමට නොහැකිවීම ප‍්‍රභානී මුහුණදෙන සංකීර්ණ මානසික ගැටුම්වලට හේතූන්ය. සැබෑ ලෙසින්ම මෙය මිනිස් සංහතියේම මුහුණ දෙන්නාවු සවිඥානික හා අවිඥානික ගූඩත්වය බව නොදක්වන්නේද.
”මිනිසා අතිමහත් ලාලසාවයෙන් යුතුව ප‍්‍රාර්ථනා කරන්නේ තම ”ආත්මයාගේ ” හුදකලා විමුක්තිය නොව තම ජීවන පරිපූර්ණත්වය හා තම සුසංවාදයයි. ප‍්‍රථම කොටත් මිනිසාට තම කායික පූරණය අවශ්‍ය වෙයි. ඔහු දේහධාරීව හා ශක්තිවන්තව සිටින්නේ දැන් පමණක් වරක් එක්වරක්ම පමණක් බැවිණි. මිනිසාගේ ඒච මත්කාරය නම් සජීවිව සිටීමයි. පුෂ්පයන්ට වනසතුරන්ට හා විහගුන්ට මෙන්ම මිනිසාටද අත්‍යුත්තම ජයග‍්‍රහනය නම් අතිශය විශදව හා අතිශය පරිසමාප්තව සජීවීව වීමයි.”
ඔබැවින් මෙකී ංකීර්ණ මානසිකත්වයක් අපගේ අභිමුවට ගෙනවිත් දක්වන බව කිවහැකි නොවේද. මෙහිදී භාෂාවකින් එකී ආකෘතියක් නිර්මාණය කිරීමේදී නවකතාකරුවා උචිතවත්ව හා සංකේත පවා යොදාගනී. ඒ සංකීර්ණ චරිතයක ( ක්‍දපචකැං ක්‍ය්ර්ජඑැරි* මානසික තතු විග‍්‍රහකිරීමට අවශ්‍ය පසුබිම සලසා ගැනීමටය. ඒ චරිතයන්ගේ එකිනෙකට පරස්පර, ගැටෙන සුළු, ප‍්‍රබල ගතිස්වභාවයන් කිහිපයක් පවතියි. මේ චරිත පුද්ගලභාවය හා නවකතාවේ පෙනී සිටින ප‍්‍රධාන චරිතයෝද වෙති. මෙලෙසින් ප‍්‍රදීපනක්ෂණ න්‍යාය දැකියහැකි තවත් චරිතයක් ”කළු” නවකතාවේ දැකිය හැකිය. ඒ එහි ප‍්‍රධාන කානායිකාව වන චේතිගේ චරිතයයි. චේතිගේ අභ්‍යන්තරය මෙන්ම බාහිරත්වයද ගැටීමට හේතූන් දැකිය හැකිය. විවාහ ජීවිතයේ සතුට නොමැතිවී යාම, ඇගේ සිත ප‍්‍රාර්තනා කරණ ධනුෂ්කගේ ආදරය නොලැබීම, ගිනිගේ හෙවත් ඇගේ සැමියාගේ හිරිහැර කායික හා මානසික දෙඅංශයටම බලපෑම, දරුගැබ විනාශවීම, අවසානයේදී ඇය පිස්සියක ලෙසින් සමාජය හා පවුලේ උදවිය පවා හංවඩු ගැසීම යනාදී කාරණාවෝය. ඒ අනුව නවකතා කාරිය චේතිගේ චරිතය හරහා අභ්‍යන්තරික සංකීර්ණ මානසික ලක්ෂණයන් දක්වන්නීය. ඒ සෑම මානසික ඝට්ටනයකම දෙඅංශයේ බලපෑම ප‍්‍රදීපක්ෂණය කරනුයේ ඇයට තම මව බෙහේත් දීමට පැම්ණෙන අවස්ථාවේදීය.
” අම්මා පසුපසින් කලබලයෙන් එනු මට දැනේ. මගේ සිත ඇය තේරුම් නොගන්නේ ඇයි? මට දැනෙන හැගෙන දේ ඇයට නොහැෙඟන්නේ ඇයි. නිදහස පිස්සියක ලෙස මට සලකනවාට මා අකමැති බව ඇයට නොවැටහෙන්නේ ඇයි? මටද සාමාන්‍ය ජීවිතයක් අවමාබව ඇයට නොතේරෙන්නේ ඇයි? ගිනිගේ සමග ගෙවූ ජීවිතය මීට වඩා හොඳද. මා සාමාන්‍ය ගැහැනියක ලෙස ගෙවූ ජීවිතය අසාමාන්‍ය ගැහැනියක ලෙස ගෙවන මේ ජීවිතයට වඩා හොඳ නොවේද?”
මේ ආකාරයේ චේතිගේ විඥානයෙහි මතුවන අතිශය සංකීර්ණ ගතිලක්ෂණ ප‍්‍රදීපක්ෂණය කර ආකෘතිගත කරන ආකාරයයි. ඒ ඇයගේ අතීත අද්දැකීම්ද අනාගත අපේක්ෂාද නවකතා කාරිය පාදක කරගන්නා නිසාවෙනි. ඒ අනුව මනෝවිද්‍යාත්මක නවකතාවේ උක්ත න්‍යය යටතේ කතාව නාභිගත කරන අයුරු පැවසිය හැකිය. මෙලෙස චේතිගේ අතිශය සංකීර්ණ මානසිකත්වය විඥානධාරා සංදර්භයක සිට විමසිය හැකිබව පෙනේ.
”මිනිසාගේ අවිඥානික චිත්තයේ සක‍්‍රීයභාවය සිහිනය හා ෆැන්ටසිය වැනි උපායන් හරහා පාඨකයන්ගේ වේදයිතයේ නව මානයකට යොමු කරයි....කලාකරුවාගේ උපවිඥානය පරිකල්පනය හරහා යමින් අනාවරණය කිරීමක් ලෙසද ගත හැක....කෘතියක අවශ්‍යතාව වී තිබෙන්නේ හේතු ප‍්‍රත්‍යයන් එක් කිරීම නොව මිනිසාගේ අවිඥානික යාන්ත‍්‍රණය මතු කිරීමය. මේ නිසා සමහර සිද්ධි සිරස්වත්, තිරස්වත්, සමාන්තරවත්, ප‍්‍රතිවිරුද්ධ ආකාරයටත් සිදුවනු දැක ගන්නට පුළුවන.”
එබැවින් විඥානධාරා නවකතාවන්හි නවකතාවක ආකෘතිගත කිරීමේදී නවකතා කරුවා චරිතයන් බුද්ධිමත්ව හා පරිස්සමින් හැසිරවිය යුතු බව පැහැදිළිය. මේ අයුරින් තවදුරටත් මෙකී ප‍්‍රදීපනක්ෂණ න්‍යයාය පැහැදිළි කිරීමට හැකිවන චරිතයක් ලෙසින් ස්වයංජාත නවකතාවේ ”පබාවතියගේ ” චරිතය ගතහැකිය. ඇගේ මව වන එමලියා හාමිනේගේ සහෝදරියගේ පුතනුවන් වන විභූතිරත්න හා ඉතා සංකීර්ණ මානසික බන්ධනයක් ඇතිකර ගන්නීය. එය පබාවතියගේ උපවිඥානය හෙවත් උත්තරාත්මයේ ඇතිවූ මානුෂීය බන්ධනයකි. තම නිවසේ බක්කි කරත්තය ගෙනයාමට සිටි තැනැත්ාවූයේ විභූතිරත්නය. පබාවතිය යනු පෞද්ගලිකත්වයට උපරිම තැනක් ලබාදෙන්නාවූ තැනැත්තියකි. ඇගේ සිතේ අභ්‍යන්තරයේ පවතින විභූතිරත්න වෙත ඇති ආදරය නිසාවෙන් විවාහ යෝජනා පවා ප‍්‍රතික්ෂේප කරන්නීය. ඒ විභුතිරත්න වෙත අගේ පැවතියාවූ අභ්‍යන්තරික අවිඥානය සතු පේ‍්‍රමය හා කැමැත්ත නිසාය. එහිදී අපට පබාවතියගේ චරිතය ප‍්‍රදිපනක්‍ෂණ මාලාවක් හමුවේ නවකතාකරුවා ආකෘතිගත කරන ආකාරය මෙසේය.
” බස්සාගේ එකාකාරී හ`ඩ පවා පබාවතියගේ නින්ද පිළිබ`දව බලාපොරොත්තු බිද දමන්නකි. ඈ ඇෙ`ද්එ ක් ඇලයක හැරී ම`ද වේලාවක් ගතකොට, අනතුරුව අනික් ඇලයට හැරී නිදන්නට වෑයම් කළාය. එහෙත් නින්ද නම් ඇය ෂලටවත් නොයඑයි. කිසිවක් තමා නොසිතන අයුරින් නොවිම ඇයට වේදනාවකි බලාපොරොත්තු රහිතව සිදුවන දේවල් බොහෝ ඇත. මන්ත‍්‍රීගේ විවහාය තීන්දු වූයේද කිසිවෙකු නොසිතු අයුරිණි. මේ අයුරින්ම විභුතිරත්නගේ විවහායද තීන්දු වීමට ඉඩ ඇත. එවිට තමාවෙත එන විවාහ යොජනා ම`ගහැර සිටීමට තවදුරටත් හැකිවේද.
මේ පබාවතියගේ අභ්‍යන්තර හා බාහිර සිදුවීම් අතර ගැටීම් ඔස්සේ ඇගේ මනසෙහි ඇතිවූයේ සංකීර්ණ මානුෂීය අවස්ථාවන් නොවේද. තම නැගනිය විවාහවූ පසුවද තමා මුළු හදවතින්ම පතන විභූතිරත්නද විවාහවිය හැකිදැයි ඇගේ යටි සිත රිදවන තවත් අවස්තාවකි ඒ ඔස්සේ පබාවතියගේ සිත අව්ඥානික බියකින්ද පෙළුනා යැයිද කිවහැකිය. එහිදී නවකතාවක එකී ප‍්‍රදීපනක්ෂණ මාලාවක ස්වභාවය අපට දැනගැනීමට හැකිය.
”ක‍්‍රීයාකාර්ත්වය මිනිසාට ප‍්‍රතිරෝදය පාන වස්තුවලට අභිමුඛ වීමට නියමිතය.ඒ වස්තු එම ක‍්‍රියාකාරීත්වය අපසරණය කොට වෙනස් කො ආඩ්‍යත්වයට පත්කරයි. නෙත් ලෙසකට කිවහොත් අභ්‍යන්තර මානසික සන්තාන චක‍්‍රයේ අගුළු ගලවා එය වෛෂයික ලෝකයට විවෘතකර බලන්නේ බාහිර ලෝකය මත මිනිසාගේ ක‍්‍රීයාකාරීත්වයයි.”
මෙහිදී පබාවතියගේ අභ්‍යන්තර හා බාහිර සිදුවීම් මත මානසික ගැටුමද පැහැදිළිය. එහිදි ඇය අභ්‍යන්තරික මානසික සන්තාන චක‍්‍රයේ බාහිර ලෝකය හමුවේ විමසනුයේ විවාහය නම් කාරණාවෙන් බවද දක්වයි. ඒ අනුව ප‍්‍රදීපනක්ෂණය හා නවකතාවෙහි ආකෘතික ගතවීම සැබවින්ම අපගේ පැහැදිළි කිරීම් ඔස්සේ බව දැනගැනීමට හැකිය.
04* උචිත පදයෙදුම් හා සංකේත රිද්ම හරහා උත්කර්ශනය ඇතිකිරීම.
පුද්ගල මනසේ හටගන්නාවු සිතුවිලි, හැ`ගිම්, වින්දයන්, විඥානධාරාව යන කාරණා විමසනුයේ මනෝවිශ්ලේෂණීය සාහිත්‍යය යටතේය. එහිදී විඥානධාරාව (ිඑරු්ප දෙ ජදිජසදමබැිි* විග‍්‍රහ කිරිමේහිලා මෙම සානරය (ඨැබරු* ඔස්සේ පැහැදිළි කියවීමක් කළ හැකිය. මනෝවිශ්ලේෂණීය සාහිත්‍යය අතර නවකතාව විශේෂිතය, ඒ පුද්ගල විඥානය සතු සංකීර්ණ මානුෂීය කාරණා චරිත හරහා මතු කිරිමට නවකතා කරුවාට ඇති හැකියාව වැඩිවීමයි. එය සිදුකරනුයේ චරිත ප‍්‍රතිනිර්මාණය කිරිම (ඡුසජඑදරස්කරු ජරු්එසදබ දෙ කසෙැ* ඔස්සේ බව පෙනේ. එහිදී මෙම රීතිය අනුගමනය කරන නවකතාකරුවා චරිතයන්ගෙන් හැකිතාක් දුරට ඈත්වී සිතුවිලිවලට හා හැ`ගිම් වලට ඉඩ සලසාලයි. එහිදී එකී සාර්ථකත්වය සපුරාගැනීමට ඔහු මනා භාෂාව භාවිතයක් යොදාගනියි. එහිදී භාවිත භාෂා ප‍්‍රයෝග පිළිබඳව විමසීම වේ. ඒ පිළිබඳව මේ ලෙසින් යම් පැහැදිළි කිරීමක් සිදුකළ හැකිය.
” ෆ්‍රොයිඞ්ගේ විවරණ ක‍්‍රම මුල් අවදියෙහි පටන්ම සාහිත්‍යය විචාරකයන් මෙහෙවන උත්තේජනයක් විය. මෙයට ප‍්‍රධාන හේතුව උපවිඥානයෙහි ක‍්‍රියාකාරිත්වය සාහිත්‍ය නිර්මාණ ව්‍යපායත් අතර පවත්නා සමානාත්වයයි. උපවිඥානයට කෙලින්ම අප ආමන්ත‍්‍රණය කල නොහැකිය. ඒ බැවින් සංකල්පරූප, වක්‍රෝත්තී ම`ාර්ගයෙන් උපවිඥානයෙහි අදහස් එළිදක්වනු ලැබේ. මේ ආකාරයටම සාහිත්‍ය නිර්මාතෘවරයාද මිනිසා සමාජ හා ජීවිතය පිළිබ`ද සිය අදහස් එක එල්ලේ වාර්තාකරුවකු හෝ සෝෂකයකු හෝ විලාසයෙන් ප‍්‍රකාශ නොකරයි. ඒ වෙනුවට වක‍්‍ර මාර්ගය උපයෝගී කරගනිමින් ඒ අදහස් සන්නිවේදනය කරයි.”
ප‍්‍රභානි නවකතාවෙහි ප‍්‍රධාන චරිතය වන ”ප‍්‍රභානිගේ” චරිතය සංකීර්ණ වු මානසික ගතිලක්‍ෂණ විග‍්‍රකරන්නාවු චරිතයකි. තම විවාහයේ ඇති අසාර්ථකත්වය හා ඒ නිසා කායික මානසික දෙඅංශයෙන්ම අගාධයට පත්වන්නීය. ඇගේ සංකීර්ණ මානසිකත්වය භාෂාව ඔස්සේ විඥානධාරව කුළුගන්වමින් ප‍්‍රබන්ධකරුවා මනාව නිරූපණය කරයි. ඇගේ සිතේ ගැටුම (ක්‍දබඑකසජඑ* එය ආවේගයන් දෙකක් (්ජඑම්ක ජදබඑකසජඑ* අතර ඇතිවන සවිඥානික හා අවිඥානික ආශාවන් ඇතිවූවකි. මෙහීදී මනොවිද්‍යා නවකතාවන්හි පෙනේන ආත්මාභාෂණීය භාෂාව විශේෂයෙන් වැදගත්වේ. ඒ චරිතයක් ම`ගින් මානසික සංකීර්ණත්වය හෙලිකිරිමයි. ප‍්‍රභානී සතු අවිඥානික ගූඪමානසිකත්වය මේ භාෂාවට ඔස්සේ නවකතාකරුවා දක්වමු
”ෂිහ්.... ඈ තමාටම කියාගත්තාය. තම සිත තුල එවැනි පහත් ප‍්‍රතිමාවක් සක්මන් කරන්නේ ඇයිදැයි ඈ සිතවාය. එය එකීනේකට සම්බන්ධතාවයක් නැති සිද්ධි සමුහයක විප‍්‍රකාරයක් ලෙස ඇයට සිතෙයි. ප‍්‍රතිමාවක් අශොක් පිළිබ`දව තමා තුල ඇති කුතුහලයේ සංකේතයක් දැය ඈ නොයෙක් වර සිතුවාය. අශොක් පිළිබ`දව උඩු සිත හා තමා කරන සටනේදි යටිහිතේ තැන්පත් වු අශොක් පිළිබ`ද වු කුමන හේ චපල හැගිමක සංකේතයක් මේ නිරුවත් ප‍්‍රතිමාවේන් නො අ`ගවන්නේදැයි ඈ සිතවුාය. මේ කාමුක පිරිමියා තමාගේ ආත්ම සංයමයට පරාජයට පත් කරාවිදැයි යන සැකය තුළින් හටගත් කුකුසේ සංකේතය මෙසේ නිරුවත් ප‍්‍රතිමාවක්ව මනසේ සක්මන් කරන්නේදැයි ඈ නිගමනය කළාය. තම සිතේ නොසන්සුන් බව නැති කළ යුත්තේ ඇතුපිටිය විසින් බව ඈ තරයේ විශ්වාස කළාය. තම ජිවිතයේ වට පිටාවට වඩා ආත්මයේ වටපිටාව ආරක්‍ෂාකිරීම සැමියාගේ යුතුකම බව ඈ විශ්වාස කළාය.
එනම් ප‍්‍රභානිගේ චරිතය මාර්ගයෙන් සංකීර්ණ මානසික තතු ප‍්‍රවාහයක් පිළිබඳව භාෂාව යොදමින් පවසයි. එහිදී නවකතාකරුවා චරිතයේ අභ්‍යන්තර මනොභාෂණයම උචිවත් භාෂවකින් නොදක්වයිද? එනම් මෙයදී ”නිරුවත් ප‍්‍රතිමාව” වැනි යෙදුම් තුළින් සංකේතවත් කරනුයේ ප‍්‍රභානිගේ මානුෂීය ගැඔරු චෛතන්‍ය අංශය නොවේද. මෙහිදී විඥානය හා අවිඥානය යන කාරනාවන් දෙකම නියෝජනය කරමින් කතුවරයා භාෂාවද යොදාගනියි. ඒ ප‍්‍රභානිගේ ආත්මය සුරැුකීම තම සැමියාසතු කාර්යක් ලෙස ඇය ප‍්‍රකාශකරන්නීය. ඒ සැමියාගේ ආදරය සෙනෙහස ඔස්සේ ඇගේ බැඳීම ඇයම පැතිමය. මෙය අවිඥානයේ ප‍්‍රකට ලක්‍ෂණයකි.
” අවිඥානය යනු පුද්ගල විඥානය, තර්කනය ප‍්‍රජානනය වැනි ස්වේච්ජාවෙන්ම කරනු ලබන සියලූම ක‍්‍රියාවන්ට අයත්වේ. ඒ විඥානයේ (ක්‍දබිජසදමි* පවතින ස්වභාවයයි.”
අවිඥනාය එනම් (ඹබජදබිජසදමි* මාර්ගයේ දක්වනුයේ ප‍්‍රභානිගේ සිත තුල අභ්‍යන්තරික සංකීර්ණ මානුෂිය අචීර්ණතලයයි. එකී ප‍්‍රශ්න නම් තම සැමියාගේ කායික දුබලතාවය හා ලිංගිකදිවියේ ඇති අතෘප්තිය, දරුවකු නොමැතිවීම, අශෝක නම් දොස්තර ඇගේ එකී අඩුව පිරවීමට මෙන් සමිපවීම, ඔහුගේ කායික මානුෂිය අදහස් ඔස්සේ ප‍්‍රභානි කිසියම් අවිඥානිකව සිත්ගැනීමක් හා සංතෘප්තියක් වෙත නොදැනීම ඇදීයාම වැනි කාරණාවන්ය. (මබජදබිජසබි* උඩුසිත එක එල්ලේ නොදනී ක‍්‍රියාකරන ගුහ්‍ය අංශය හෙවත් මෙය තවත් ලෙසකින් (ඡුැරිදබ්ක ්බජදබිජසදමි* පුද්ගල අවිඥානය එනම් පුද්ගලයා විසින් ලබන අත්දැකීම්වල ප‍්‍රතිඵල ලෙස ඔහුතුල දියුණුවන අවිඥානික අංශයක්වේ.
මේ අයුරින් පුද්ගලයකුගේ අභ්‍යන්තරික ආත්මභාෂණය මනොවිද්‍යාවේදී නවකතා කරුවා ගෙන දක්වයි. එහිදී චරිතයේ පාත‍්‍රවර්ගයාගේම යොමුවිමක් හා වැඞීපුර අභ්‍යන්තර කථනය ඔස්සේ දක්වයි එනම් චුම්භන කන්ද වනාහී තවත් මෙකී වීඥාධාරා රීතියක් ගෙන ඇති අවස්ථාවකි පොඩිසිංහයා ”ලෙසින් එහි එන ” ප‍්‍රධාන චරිතයේ එකී විඥාධාරා සංකල්පය ගෙන දක්වන අවස්ථාවකි. එහිදී ”පොඩිසිංහයා” තනිව වනයේ සිටින විට අහිගුණ්ඨික ස්ත‍්‍රිය සම`ග කළ රමණය ඔහුගේ මානුෂීය ඝට්ටනයක් වෙත සම්පේ‍්‍රෂණයවේ. ඒ සදාචාරය හෙවත් උපරි අහංභාවයේ සවභාවය දක්වන අවස්ථාව කීය. එය පුද්ගලයකුගේ හෝ තමා සිතන චෛතසික වු කිසියම් අවස්ථාවේ. පොඩිසිංහයාගේ එකට අභ්‍යන්තරික මනෝභාෂණය මෙසේ දක්වමු.
”මම මෙහි ඇවිත් සිටින්නේ මහණ දම් පුරන්න නොවේ. දෙමාපියන් ඉදහිට යෝජනා කලත් මා විවාහයක් ගැන උනන්දු නොවු බව සත්තකී. එසේ වුවද ස්ත‍්‍රීයක ඇසුරු නොකරන බවට මා කිසිවෙකුට පොරොන්දුවක් දී නැතඑවැනි ප‍්‍රතිපත්තියක පිහටා සිටියේද නැත මෙතෙක් කලක් මම ආරක්‍ෂාව පිළිබදව ප‍්‍රශ්නයක් ඇති නොවන පරිදි පියවි සිහියෙන් කල්පනාවේන් පරීක්‍ෂාවෙන් කටයුතු කළත් මේ ගැහැනිය සම්බන්දයෙන් මා ක‍්‍රිය කලේ හොද සිහියෙන් නොවේ එයින් මා මගේ ආරක්‍ෂාව පිලිබදව අනතුරක් ළ`ගා කර ගත්තාද? ඇය දැකීමෙන් මා පිස්සු වැටුනාද මා දැකීමෙන් ඒ ගැහැනිය පිස්සු වැටුනාද? නැත හොත් ඒ දෙකකමද?”
මේ අයුරින් ”පොඩිසිංහයා” චරිතය සතු වු පසුව ඇතිවන මානුෂීය ඝට්ටනය දක්නට හැකිය.එනම් ඒ ඔහු සිතන විදිහේ මානුෂීය ආකල්පයක් විඥාධාරා රීතියක් යටතේ නවකතාකරුවා භාෂාවට න`ගන අයුරු පෙනේ. එහිදී චිත්ත චෛතසික අංශය භාෂාව ඔස්සේ චරිතයේ අභ්‍යන්තරය වෙතින්ම කථනය කරන ආකාරය කිවහැකිය. එහි එන මනෝවිශ්ලෙෂීණය කාරණය ලෙසින් ගැණිය හැක්කේය. මනෝවිද්‍ය නවකතාවන්හී එන මෙකි මානසික ප‍්‍රතිරූපයන් (ඵැබඒක කප්ටැ* දැක්වීමක් භාෂාව හරහා සිදුකෙරේ.එනම් මෙහිදි එකී චිත්තරූපය පිළිබදව භාෂාවට හැ`ගිමට පෙර මනෝවිශ්ලෙෂණීය අරුත් පැහැදිලි කිරිමක් මෙසේ දක්වමු. (ෂප්ටැ* වු රීතිය ප‍්‍රතිරූපය (ක්‍දකකැජඑසඩැ සප්ටැ*ආදිකල්පිත අව්ඥානය පරම්පරාගත අත්දැකිම් ම`ගින් එන අවිඥානික චිත්තරූපය,(ක්‍දපචදිසඑැ සප්ටැ* විවිධ මතුක සටහන් මලින් නිපදවුණු චිත්තරූපය (්‍ය්කක්ජසබ්එදරහ සප්ටැ* වරදවාගත් ස්වභාවය පිළිබද ච්ත්තරූපය,(ෂාැ්කස‘ැා සප්ටැ* අහමාදර්ශය අභියෝගයට අරක්‍ෂණයක් වශයෙන් දියුණුවු ගුණවත්කම් වාසි පිළිබ`ද පුද්ගල නිවැරදී සංජානනයක්.(පැපදරහ සප්ටැ* ස්මෘති චිත්තනය මේලෙසින් චිත්තරූපය පිළිබ`දව භාෂා ප‍්‍රභේද පිළිබ`ද මනෝමය අර්ථකතනයන්ය. එබැවින් කෙසේ හෝ මෙකී නවකතාවන්හි භාෂාව යෙදීමේදී උක්ත චිත්තරීපය හෙවත් සංකේතය අර්තවත් කිරිමට මාර්ගය පාදා ගනියි. ”සත්‍යකාම” වනාහී පේ‍්‍රමයේ පාරිදද්ධිය සොයා තීර්ථයාත‍්‍රාකළ තැනැත්තෙකී. සැබෑ මානූෂීය ගතිලක්‍ෂණ හමුවේ එවන් හිරිමල විරායක සත්‍ය පේ‍්‍රමයක් සෙවිය හැකිද ? එහිදි ”සත්‍යකාමය” ”කාලින්දජාව” සොයා ගොස් අවසානයේ ඇගේ දියණියට රැුවටිම මාර්ගයෙන් මානුෂීයත්වය හා පුද්ගලත්වය ප‍්‍රකට කරයි. ඒ සංකීර්ණ අවස්ථාව හා ආත්මීයත්වය පිළිබ`දව භාෂාවෙන් කතාකරුවා දක්වයි.
”කුරුල්ලාට ඉහලින් තුරු අතු පතරින් දිස්වුයේ අනන්තය දක්වා පැතිර ගිය නිල් අහසය. උකුස්සෙකු පියාසර කරනු පේනුණේ ඒ අහස තරම් ඉහලිණි. ඌ විදහා ගත් තටු නිසලව තබා ගෙන අහසේ පාවී යන්නාක්මෙන් පෙනෙණි. චක‍්‍රාකාරව ම`දක් දුර ඉහල ගිය ඌ තුන්හතර වතාවක තටු සලා යලි පා වෙන්නට වූවේය. කෙමෙන් ඌ ළං ළං විශාලව පෙනෙන්නට විණ. උකුස්සා කිසියම් ඉලක්කයක් කරා ළ`ගා වෙමින් පහත ඇදී එමින සිටින තව ඔහුට හැගෙ`ත්ම කුරුල්ලා කලබලයෙන් තටු සලමින් අහසට නැගුනේය අනතුරුව වූ ශෝකී හැ`ගුමක් ඔහුගේ සිත වසා පැතිර ගියේය. මේ චක‍්‍රය තුළ උකුස්සාත් කුරුල්ලාත් සරති. ”
මෙහිදී රූපක හරහා කුරුල්ලා හා උකුස්සා අතර සංකේතවත් වනුයේ ෂත්‍යකාමගේ මානුෂීය චේෂ්ටාවන්ය. ඒ අයුරින් ඔහුගේ චෛතසික අදස් නිරන්තරයෙන් මුළු කෘතිය පුරාවටම සංසරණය වූ අයුරු පෙන්වා දුනි. සත්‍යකාම කලින්දජා වෙත පැවති ආත්මීය පේ‍්‍රම බන්ධනය ඔස්සේ දිගු ගමන දක්වයි. සොයයන සත්‍ය පේ‍්‍රමයේ තත්‍යමායාව බිඳිමින් කුරුල්ලා කීපවතාවක් තටු ගැසුවේ චෛතන්‍ය අංශයේ ගූඩත්වය පෙන්වමින්ය. රොඞී ස්ත‍්‍රිය හමුවූ අවස්ථාව, තම මිත‍්‍රයකු ඔහුට ගණිකාවක් මුණගැස්වූ අවස්ථාව ඔහුගේ පේ‍්‍රමයේ විරාගිකත්වයෙන් රාගිකත්වය ස්පර්ශ නොකළේද? අවසානයේදී සත්‍යකාමගේ විරාගික පේ‍්‍රමයේ මායාව බිඳිමින් කලින්දජාගේ දියණියට රැුවටීම වනාහී නවකතාකරුවාගේ මිනිස් සිතෙහි සංකීර්ණත්වය හා ගතිකත්වය පෙන්වන සාධනීය අවස්ථාවයි. ඒ අනුව මනෝවිශ්ලේෂණීය නවකතාව යථාර්ථයේ තල කිහිපයක් විඥානධාරා රීතියෙහිදී දක්වන බව කැල්විනෝ ප‍්‍රකාශ කරයි.
” ් අදරන දෙ කසඑැර්ඒර පසටයඑ ඉැ ාැසෙබැා ්ි ් දචැර්එසදබ ජ්රරසැා දමඑ සබ එයැ අරසඑඑැබ ක්බටමටැ ්බා සබඩදකඩසබට ිැඩැර්ක කැඩැකි දෙ රු්කසඑහග ”
ඒ නිසා මානුෂිකත්වය හරහා පුද්ගලත්වයේ යථාර්ථය ගවේෂණය කිරීම මෙකී නවකතාවන්හි අරමුණ වේ. ඒ සඳහා ප‍්‍රකාශන ක‍්‍රම අතරින් විශේෂයෙන් භාෂාව වැදගත් මෙහෙයක් ඉටු කරලයි. ප්‍රොයිඩියානු දක්වන අදහසක් මෙහිදී භාෂාවහා ද ගතහැකිය. අවරෝධිත අත්දැකීම් පරිපූර්ණ නොවන සංකේතාත්මක මතක ශේෂයන් සමූයහක් (් ටරදමච දෙ ිහපඉදකසජ පැපදරහ රුකසජි* ලෙසින්ද දක්වයි. මේ අද්ැකී් පෙර සඳහන් කළ ආකාරයට අභ්‍යන්තරික සංකේතතාත්මක අත්දැකීමක් වශයෙන් ගොඩනගනු ලැබීම, හැඟීම් අනුන් ගැන අතිවන හැඟීම් හා තමා ගැන ඇතිවන හැඟීම් කිසිදු සීමාකිරීමකින් තොරව ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය විය.” ඒ අනුව මනෝවිද්‍යා සංදර්භයකදී භාෂාව යනු සීමාවක් හෝ තහනමක් නොමැතිව ශිෂ්ටත්වය ඔස්සේ භාවිතා කළහැකි බවයි. සවයන්ජාත නවකතාවේ එන ”පබාවතියගේ” චරිතය වනාහී අතිශයින් සංකීර්ණවු මානුෂීය ලක්‍ෂණ දක්වන අවස්ථාවකි. ඇය විභුතිරත්න වෙත ඇති විෂ්මය මාර්ගයක් තමාට එන විවාහ යෝජනාවලට අකමැතිවුවාය. එහිදි විඥානයට දරාගත නොහැකි අපේක්‍ෂාවන් නිසාවෙන්ය එහිදි අත්දැකිම් හා ඇගේ මානුෂීය ඝට්ටනය මාර්ගයෙන් ඇතිවන චෛතසික විශ්ලේෂණීය අදහස් ඔස්සේය.
”බස්සාගේ ඒකාකරිහ`ඩ පවා පබාවතියගේ නින්ද පිළිබ`දව බලාපොරොත්තු බිඳ දමන්නකී. ඇ ඇෙ`ද් එක් ඇලයකට හැරි ම`ද වේලාවක් ගතකොට අනතුරුව අනෙක් ඇලයට හැරී නිදන්නට වෑයම් කලාය, එහෙත් නින්දනම් ඇය අසලටවත් නොඑයි. කිසිවක් තමා නොසිතන අයුරින් නොවීම ඇයට වේදනාවකී. බලාපොරොත්තු රහිතව සිදුවන බොහෝ දේවල් ඇත. මන්ත‍්‍රීගේ විවාහය තීන්දුවුයේද කිසිවෙකු නොසිතු අයුරිණි. මේ අයුරින්ම විභුතිරත්නගේ විවාහයද තීන්දුවිමට ඉඩ ඇත. එවිට තමාවෙත එන විවාහ යෝජනා මඟහැර සිටීමට තවදුරටත් හැකිවේද? ”
පබාවතිය මැදිවන සංකීර්ණ මානූෂීය ගැටුමක් එලෙසින් සිතේ හටගත් අකාරය නවකතකරුවා දක්වයි. ඇගේ සංකීර්ණ අවුල්සහගත මානසිකත්වය නිසා ඇගේ ක‍්‍රියාකාරීත්වය පවා සංකේතවත් බස්වහරකින් දක්වයි. මෙසේ හැමවිටකම විවාහයට විරුද්ධ වනුයේ ඇගේ උත්තරාත්මය හෙවත් අවිඥානයේ ජනිත ප‍්‍රබල ලාලසාවයක් නිසාවෙන් බව පෙනී ගියේය. මනෝවිද්‍යාත්මක නවකතාවේ භාෂාව චරිතයක අභ්‍යන්තර මනෝභාෂණ (ෂබඑරදට්එසඩ පදබදකදටහ* බස්වහරක් ඔස්සේ ද කරුණු විග‍්‍රහකරන ආකාරය කිව හැකිය. ” පුද්ගලයෙකුගේ චිත්තවේග තමන්ට දැනෙන අනවශ්‍ය එහෙත් කලින් අවශ්‍යව තිබූ ජායා ප‍්‍රතිරූපකරණයකින් ස්ථාවර කළ හැක. එවිට යථෝක්ත පුද්ගලයාගේ සිය චලනයක ක‍්‍රියාත්මක වන්නේ හෝ නිදන්ගත ස්වභාවයක් නොසලකා හැර සිටීමටත් ගතිකයන් සියල්ල මත පෙන්නුම් කෙරෙන හැසිරීම් එම චිත්තවේග මත පිහිටා ක‍්‍රිය කරයි. මේ පිළිබඳව දැන සිටීමෙන් නිශ්චිත පුද්ගලයෙකුගේ හැසිරීම් රටාව ගැන අනාවැකි පහළකළ හැකි වන අතර ඔහුව පහසුවෙන් හැසිරවීමට එය උපකාරී වේ.” එබැවින් විඥානගත මානසික ප‍්‍රවාහයක නිශ්චිත ගලායාමක් භාෂාව හරහා කතාකරුවා සමත් වේ. ස්වයංජාත නවකතාවේ පබාවතියගේ චරිතයේ එකී සංකීර්ණ මානසික තතු භාෂාවේ අභ්‍යන්තර කථන විලාසයකින් දක්වයි. මනොවිද්‍යාත්මක නවකතාවේ චෛතසික විග‍්‍රහකිරීමට සිහිනමය බස්වහරක් උපයෝගී කොටගනී. එහිදී පුද්ගලයා තුළ ඇතිවන ආකල්ප හා වේදනයන් සිහිනමය බස්වහරකින් පැවසීමය. එහිදී සිහින පැවසීමේදී සංකේත හා රූපක මාර්ගයෙන් යුක්තව දක්වයි. එය ජීවන ශෛලිය අනුව වෙනස් වන බවද කිව හැකිය. මේ සඳහා ”කෙලෙස් පර්වත” නවකතාවේ එන උපතිස්ස වනාහී තම අතීත ජන්මයක භවාංග ෂිතුවිලි සිහින ලෙසින් දකියි. එකී සංසාරගත ප‍්‍රර්ව ජන්මයේ මතකයන් සිහිනමය බස්වහරකින් මෙසේ නවකතාකරුවා දක්වයි.
”එක් සිහිනයක ඔහු වැරහැලි හැඳගත් හිඟන්නකු දුටුවේය. දික්ව වැඩුණු ඔහුගේ කෙහෙරැුවුල් අවුල්ව තිබිණි. මඟ අසල සුවිසල් ගසක් මුල පලක් බැඳගෙන වාඩිවී සිටි ඔහු දිස්වූයේ භාවනානුයෝගීව සිටින්නකු ලෙසින්ය. හිසකෙස් කඩාගත් වකුටු ගැහැනියක් ඔහු ඉදිරියෙහි වකුටුවී හිඳගෙන යම් කිසිවක් කියම්න් සිටියාය. මඟ යන එන්නන් ඔවුන් ගැන තැකීමක් නොකිරීම පුදුමයට කරුණක් විය. ඊටත්වඩා උපතිස්සගේ පුදුමයට හේතුවූයේ, ගැහැණිය ගැහැනිය හිස එසවූ විට ඇය සුභා බව හඳුනාගනු ලැබීමය.”
උපතිස්ස මේ දකිනුයේ පෙර භවයේ අවිඥානයේ තැන්පත් භවාංග මතකයන් හා මේ ජන්මයේ මතකයන්ය. එකී මනෝමය මතකයන් ඔහු සිහිනයකින් දැකීම නවකතාකරුවා භාෂාව ඔස්සේ දැක්වීම සිදුකරයි. උපතිස්සගේ අතීත මතකය තුළින්ම වර්තමානයේ ගෙවන ජිවිතයේ මිතුරියක වන සුභාගේ ජීවිතයේ ඇතිවූ අවුල්සහගත භාවය දකියි. ඒ උපතිස්ස සිහිනයෙන් දකින් අතීත මතකයන් ඒවා වර්තමානයේ සිදුවිය හැකි හෝ සිදුවීමට ඇති සිදුවීම් වීම මෙහිදී සංකීර්ණ මානසිකත්වයක් ගෙනදෙන්නකි. මේ ලෙසින් විඥානධාරා රීතියෙහි සිහිනය ඔස්සේද කතාකරුවා චරිතයනගේ මානිසිකත්වය දක්වන බව කිව හැකිය. සාහිත්‍යය යනු භාෂාත්මක විග‍්‍රහයක් වනවාසේම ප‍්‍රධාන මාධ්‍යය වන්නේද භාෂාවයි. නූතන සාහිත්‍යය තුළ භාෂාව විසංයෝජනවාදී ප‍්‍රවණතාව පවා භාවිතා කරයි. එහිදී ලේඛනයක ඇති දාර්ශනික චින්තනයත්, එය සාහිත්‍යයගත වීමත් අතර යම් ගැටළුවක් ඇති වේ. භාෂාවේ නවකතවේ යොදාගැන්ම පිළිබඳව ඩෙරීඩා නම් විදිවතිය දක්වන අදහස මෙසේය. ඇය භාෂාවේ කිසියම් ව්‍යූහගත කිරීමක් දක්වන්නීය. 01* ආත්මය ශරීරය. 02* සංස්කෘතිය හා ප‍්‍රකෘතිය. 03* අඳුර හා එළිය. 04* සොම්නස හා දොම්නස. 05* නිරාකූලත්වය හා ව්‍යාකූලත්වය වසයෙනි. එබැවින් මේ ලෙසින් ඩෙරීඩා දක්වන ආකාරයට භාෂාවේ පවතින සංකීර්ණ භාවිකත්වය මෙකී මනෝවිද්‍යාත්මක සංදර්භයක අතිශයින් යොදැගැනිය හැකි බව කිවහැකි නොවේද. තවද ” එලිසබෙත් වරයිග්ට් ” නම් විචාරිකාව විඥානධාරා කතාවන්හි භාෂාව යොදාගැනීම පිලිබඳව දක්වන අදහස මෙසේය.
” ඛ්ජ්බ ජ්කකි එයසි චරු කසබටමසිඑසජ චරු ජැ්සසච්ක ිඒටැ එයැ රු්කප දෙ එයැ ෂප්ටසබ්රහ ්‍යැ ඒනැි එයැ සබේබඑ එද ඉැ පදඑැකකසබට සඑිැකෙ මචදබ එයැ පදඑයැර ිසබජැ එය්එ සි එයැ සෙරිඑ ඉැසබට අසඑය අයදප සඑ ය්ි සබ එැර ්ජඑසදබ ඊමඑ එයසි පදාකැ සි ්බ සකක්ිසදබ ිසබජැ එයැ පදඑයැර සි එදමටයඑ කසනැ”
කෙලෙස් පර්වත නවකතාවෙහි ” උපතිස්සගේ ” චරිතය වනාහී තවත් එකී රිද්මය හා උචිත පද සංකලප ඔස්සේ මානසික පරිසරය නිර්මාණය කරන්නාවූ අවස්ථාවක් මෙසේය. මෙහිදී ප‍්‍රබන්ධකරුවා රූප භාවිතා කරනුයේ භාෂාව මාර්ගයෙනි. ඒ අනුව රසවිඳින පාඨකයා එය දකින්නේ සිතිවිලි මඟින් මන:කල්පිතය මානසික වින්දනයකින්ය. මෙහිදී මනෝවිද්‍යා නවකතාවේ චරිතයන්ගේ අභ්‍යන්තරික චෛතසිකලොව ජාගර සිතිවිලි ඔස්සේ ඇතිවීම නැවතත් අරමුණු ඇතිවීම දැක්වීමේදී භාෂාව රිද්ම හා උත්කර්ෂණවත් භාෂාවක් භාවිතාකළ යුතුය. ‘‘කිසියම් මානසික ගැටුමක් යථා පරිදි විසඳනු නොලැබුවහොත් එයම අනියම් වේශයකින් මතු වීමේ ස්වාභාවික ලක්ෂණයකි. තෘප්තියට පත් නොවූ ආවේග අනියම් වේශවලින් ප‍්‍රකාශයට පත්වීම දෙවිධියකින් සිදුවේ. එක ආවේගයක් තෘප්තිමත් වීම අවහිර වූ විට මුල් ආවේගය වෙනුවට තවත් ආවේගයක් අරමුණු කරගැනීම එක් විධියකි. එකම ආවේගය වෙනත් ආකාරයකින් ප‍්‍රකාශයට පත් කිරීම අනෙක් විධියයි. සැකෙවින් පවසතොත් මුල් අරමුණම අනියම් ලෙසකින් ප‍්‍රකටවීම මේ දෙවිධියයි.” එබැවින් මෙකී විඥානධාරා නවකතාවේ උත්කර්ෂණය (ිමඉකසප්එසදබ* හෙවත් විවිධ සිතිවිලි ඇතිවී දක්වන අවස්ථාවක් මෙසේ උපතිස්ස වරෙක මුහුදු වෙරළේ තනිවූ අවස්ථාව දැක්විය හැකිය.
”උපතිස්ස කාමරයෙන් පිටවී එළියට ගියේය. නිදිමත එන තුරු මදවේලාවක් මුහුදු වෙරළටවී ගත කළහොත් හොඳයි ඔහු සිතයි.... සුපුරුදු වැටකෙයියා ගාලයට හිඳගත් උපතිස්ස පාළු වෙරළ තුල සතිමත් වීමට වෑයම් කරන්නට විය. සුළෙඟ් මුදු පහස ඔහුගේ සිරුරට දැනෙයි. එහෙත් එහි හඬ ඔහුට නො ඇසුණි. මඳින් මඳ මුහුදෙහි ර පෙරලෙන හඬ නොඇසුනත් වේලාන්තයෙහි පැතිරී විසිරී යන සිහින් දිය රැුළි නැගූ ෂ්.... ෂ්.... යන සුසුම් හඬ ඔහුගේ සවනට වැටිණි. අඳුරින් වටකළ අනන්ත මහ දිය කඳ අනන්ත හිම කතරක් වැන්න..... මහා දිය කඳෙහි රිද්මය.... නැඟීම හා බැසීම, උස්වීම, පහත්වීම, යළිත් උස්වීම, පහත්වීම.... ගලායාම තම නත් ගැටෙන මේ රිද්මයෙහි දකින්නකු නොවී රිද්මය හා එක්වීමේ සිතැඟි ඔහු තුළ ඇති වෙයි....උපතිස්ස මේ රිද්මය සමඟ ඒකාත්මික වී සිටියදී ඔහුගෙන් වෙන්වූ බාහිර ලෝකය අභූත නිහඬ නින්දක ගිලී තිබිණ. ඒ අභූතය තුළ ඈතින් ඇසෙන්නට වු දුම්රියක හඬ ඔහුගේ සමාධියට අවහිරයක් මෙන් දැනෙයි. ඉන්පසු ටිකෙන් ටික ඇසෙන්නට වූ දුම්රියේ හඬින් ඔහුගේ ගිලී සිටි සමාධි ලෝකය අුරුදහන්ව ගියේය. එවිට ඔහුගේ සියළු දොරටු ඇරී, බාහිර ලොව ඔහු තුලට ගලා එන්නට වූයේ මහෝඝයක් ලෙසින්ය.”
මේ අයුරින් උපතිස්සගේ අවිඥානය සතු සහජාසයක් ලෙසින් ඔහු සිය මානසික සහනය සොයන ක‍්‍රමවේදයක් බව පෙනී යයි. එය මනෝවිද්‍යාත්මකව පුද්ගලයා මානසි ගැටුමකදී නිරුත්සාහකවම සංරක්ෂණෝපයෝගයක් (ෘැෙැබජැ පැජය්බසිප* වෙත ප‍්‍රවේශ විය. එනම් පද්ගලයා බාහිර බලවේගයක් හෝ අභ්‍යන්තරික බලවේගයක් හමුවේ මානසික ඝට්ටන ඇතිවූ විට එය මඟ හරවා ගැනීමට ගන්නා පියවරක් විය. මෙහිදී උපතිස්සගේ මානසතුළ පහළවන විවිධ සිතිවලි මුහුදේ රළමෙන් ගතිකත්වයට නංවා දෘශ්‍යමය රූපයක් ලෙසින් දක්වයි. ඒවා ඹුහුගේ පූර්ව ජන්මයන්හි මතක සමුදායක්විය හැකිය. ඒසේම සංසාරගත බන්ධනයක ශේෂවූ සොම්වෙත ඇති වු බන්ධනයක් දැයි විටෙක සිතේ. එය කතාකරුවා නවකතාවේ අවසානය දක්වාම විකාශනය කෙරෙන්නාවූ මානසික ප‍්‍රවාහයක්ය. එබැවින් උපතිස්සගේ අභ්‍යන්තරිකවූ අවිඥානීය සංකීර්ණ මානසිකත්වය භාෂාව රිද්ම හා උත්කර්සණය ඇතිකරවමින් දක්වන අයුරු විශිෂ්ටය. මෙහිදී භාෂාව සම්බන්ධව ” ජොර්ජ් ” දක්වන අදහසක් මෙසේ සඳහන් කරමු. ” රූප මඟින් පෙන්වාදීමේදි එම රූප දකිනුයේ ඇසින්ය. වචන මඟින් රූප පෙන්වාදීමේදී රූප දකිනුයේ මනසින්ය. චිත් රූප ඇසුරින්ය.”” ඊැඑඇැබ එයැ චැරෙැජඑ දෙ එයැ ඩසිම්ක සප්ටැ ්බා එයැ ජදබජැචඑ දෙ එයැ පැබඒක සප්ටැ කසැි එයැ රදඑ ාසෙෙැරුබජැ ඉැඑඇැබ එඅද පැාස්” මේ අයුරින් විඥානධාරා නවකතාවේ භාෂාව යොදාගැනීමෙහිදී යම් වූ කරුණු කාරණා විමසිය හැකිය. එබැවින් මෙකී නවකතාවන්හි මානසිකත්වය චරිත හරහා විග‍්‍රහ කිරීම සිදුවන බැවින් භාෂාවද ඒ හා උපයුක්ත ලෙසින් යොදාගැනීමට නවකතා කරුවා පරිස්සම් වේ. එහිදී භාෂාවේ රිද්ම හා සංකේත, රූපක සිහිනම බස්වහරත් අභ්‍යන්තර මනෝභාෂණයත් යොදා ගැනෙණ බව කිවහැකිය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment