UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: තිත් පොළඟා

Wednesday, December 11, 2013

තිත් පොළඟා

තිත් පොළඟා ගරමින් සිටි හාල් නෑඹිලිය ‘තපොහ්’ ගා අතහැරි ඇගේ සිරුර පිටුපසට පැන්නේ දෙපා අතර සර්පයෙකු බැදෙන බවක් දැනුණ හෙයිනි. කකුලේ ඇතිල්ලෙන තිත් පොළඟා ඇගේ දෙනෙත් හමුවේ මැවී යන විට ඇණකුටු ගසාගෙන සිටි සිරුර ගැනීමට ගිය පිම්ම නිසා ඇය උඩුබැලියට නොවැටී බේරුණේ අනූනමයෙනි. පිටුපසට පැන ගත් පසු විදුලි පන්දමක් මෙන් එල්ල කළ දෙනෙතට තමන් වාඩි වී සිටි හතර මායිමේ සර්පයකු තියා කුහුඹුවෙක්වත් ඉන්නා බවට කිසිදු සලකුණක් දැක ගත හැකි නොවූයෙන් ඇගේ දෑත් චීත්ත පොට හකුල හකුලා දෙමින් දෙකකුල් විපරම් කොට බැලීමට ඉඩ කඩ සලසා දුන්නේය. ඊළඟට ඒ දෙඅත් රෙදි පොට කඩා ගසා බසා දැමීමට යුහුසුලූ වූයේය. එහෙත් ඇයට සොයා ගත හැකි කිසිවෙක් නොවූයේය. ඒ බව දැන දැනත් කෙසේ හෝ කොහෙන් හෝ මතු වී ඇගේ දෑස් හමුවේ ඇදී යන තිත් පොළඟා ඇගේ සිරුර තව තවත් සලිත කොට දැමුවේ කෙසඟ සිරුරෙහි දුක්විඳීමෙන් පෑදී ගිය ඇට කෝටු කිහිපය එකට ගටමිනි. ඒ ගැටීම නිසාදෝ ඇතුළෙන් මතු වූ බෙලිකටු හෙල්ලෙන්නාක් වැනි හඬයල ඊළඟට ඇයව බිය වැද්¥යේ. දෑස් ඉදිරියේ බඩ ගා යන තිත් පොළඟා මරා දැමීමට අසලින් වූ දර කෑල්ලක් අතට ගත් ඇයට එතැන ඇති පොළෙඟකු දක්නට නොලැබුණෙන් දෑස් කඩිමුඩියේ වට පිට බලන්නට ගත්තේය. එහෙත් ඉලක්කය සොයා ගත නොහැකිව හෙම්බත්ව ගිය ඇය සිය දෑස පිස දමා ඒ පොළඟා තමන්ගේම මනෝ විකාරයක් යැයි සිතමින් සිතට බැණ අඬගාගෙන නැවතත් හාල් කොරහ ළඟට ළං වූවාය. වාඩි වී හාල් නෑඹිලිය දෙවතාවක් කරකැවීමට ඇයට අවසර ලැබුණේ නැත. නැවතත් ඒ භූත පොළඟා ඇගේ දෙපයේ පැටළෙනු දැනිණ. මෙවර ඇය සිතට වීරිය ගෙන ඒ ඉරියව්වේම සිට තමන්ගේ දෙපා මුල බිම බැලූවේ නැඟිට්ටොත් සර්පයා සැඟවී ගන්නා බව දන්නා හෙයිනි. කෙසේ වෙතත් කකුලේ පැටළෙන තිත් පොළඟා දකින විට තමන් කෙසේ කි‍්‍රයා කරයිද කියා ඇයට සිතා ගැනීමටවත් නොහැකියx එහෙත් ඇය ඒ භීතිය යට කොටගෙන දෙපා මුලට එල්ලේ දෑස් විද්දායx ඒ දෙඇස් අල්ලා දුන් දර්ශනයෙන් ඇගේ තොල් අගට ගොඩ වූයේ සිනහවකි. පළමුව සුසුමක් ලෙස පිටව ගිය උණුසුම් සැනසිලි වාතයත් සමඟ ඇගේ දෙතොලට ඒ සිනහව ගොඩ වූයේ වදෙන් පොරෙන් මෙනිx හාල් නෑඹිලියත් සමඟ සිරුර ගන්නා චලනයට අනුව තාලය තබන විට හැඳ සිටින චීත්ත පොට තම දෙපයේ පැටළෙන අයුරු ඇය දෙනෙතින් අල්ලා ගත්තේ .න්ආ x x x හොරා අහුවුණා. යි කියන්නාක් මෙන් සන්තෝෂ වන කුඩා එකෙකු සිහි ගන්වමිනි. එහෙත් මේ සතුට කොතරම් වේලාවක් භුක්ති විඳීමට ලැබේදැයි කියා ඇයට සිතා ගත නොහැකිය. මේ පොළඟා තම සිත දැහැන්ගත ඕනෑම අවස්ථාවක තමන් සොයා එන බව චන්ද්‍රලතා හො\කාරවම දනී. ඇය තමන් ඉන්නා ප‍්‍රකෘති ලෝකය ගැන වෑයමෙන් සිතා පොළඟකු තමන් ළඟ නැති බව අවබෝධ කොට ගන්නා තාක් කල් ඒ වසවර්තියා ඇය වටා කැරකෙනුයේ ඉවරයක් නැතිවය. ඇයට සිය කෝපය පාලනය කොට ගත නොහැක්කේ දවල් තිස්සෑයක් තමන් වටා ඉවරයක් නැතිව හොල්මන් කරන මේ පොළඟා තමන් සොයාගෙන රාති‍්‍රයට නිදන ලී ඇඳ දිගේද බඩගාන හෙයිනි. සියල්ල අමතක කොට ඇඳට ගොඩ වී ඉතිබිසෝ ගාථාව කියා ඇහැ පියා ගන්නා චන්ද්‍රලතා වරෙක අතීතයේ සිය සැමියා සමඟ කකුලෙන් කකුල වෙලාගෙන, දෑත් අස්සේ දෑත් ගසාගෙන දෙදෙනාම එකා තුළට කා වැදී ගියාක් මෙන් තුරුල් වී නිදා සිටින අයුරු දකිනුයේ සිහින ලෝකයක් තුළ වුවද ප‍්‍රකෘති මුහුණ මතින් ගලා යන සිනහවකුත් සමඟිනි. එහෙත් ඒ සිනහව ඇයට තවදුරටත් පවත්වා ගෙන යා නොහැක්කේ මේ කරුමක්කාර පොළඟා නිසාය. ඇයට නිදහසේ සිහිනයක් දැකීමට වත් මේ වසවර්තියා ඉඩ දෙන්නේ නැතx ශරීරගතව ගිය පොළොං විෂ නිසා නරක් වූ වකුගඩුව තිබූ තැන අද ඇත්තේ හිඩැසක්ම පමණකිx ඒ හිඩැස පිරවීමට තරම් වන මුදලක් ඇයට කිසිදාක සොයා ගත නොහැකියx එහෙත් ඈ ඒ සඳහා සිහින මැව්වේද නැතx ඇතුළතින් නඟින හතිය කාගෙන ඇය එක වකුගඩුවකින් වැඩපළෙහි යෙදුණේ සිය දියණියගේ අනාගතය වෙනුවෙනිx ඒ අතරේ ඇය සයනයට ගිය විට සිහිනයෙන් වත් දකින්නේ නම් කියා ප‍්‍රාර්ථනා කළේ තමන්ව සදහටම අතැර ගිය ආදරණීය සැමියා සමඟ හෝරා භාගයක් ගත කිරීමයිx එහෙත් මෙම තිත් පොළඟා ඇයට එයටද අවසර දුන්නේ නැතx සිය සැමියාගේ ප‍්‍රතාපවත් උඩුරැුවුලට යටින් හීනිවට කපා ඇති දෙතොල් පෙති තමන්ගේ දෙතොල් සිපගන්නා විට ඇය හමුවේ මැවී යනුයේ මහා දාර පොළෙඟකු තමන්ගේ දොතොල චුම්බනය කරන ආකාරයයි. දහඩියද දමාගෙන යටි ගිරියෙන් කෑ ගා නැඟිටින ඇය ලාම්පු කුප්පියේ තිරය ම`දක් ඔසවා ඇඳ පැදුර උඩත්, ඇඳ පල්ලේත් ගේත් අස්සක් මුල්ලක් නෑර විපරම් කොට සොයනුයේ පොළඟායිx තමන්ට පෙනෙන හතර මායිමක එවැන්නෙකු නැති බව සැක හැර දැන ගන්නා ඇය සැනසුම් සුසුම් හෙළා නැවතත් ඇඳට ගොඩ වනුයේ බිත්තිය දෙස බලාගෙන විරූපී අත්පා මළමිනියක මෙන් හතර අතේ ගස්සාගෙන නිදා සිටින සුරතල් දියණියගේ සිරුර ළං කොටගෙන එහි උණුසුමට තුරුළු වෙමිනි. එහෙත් ඇහැ පියවීගෙන එන විට තම දියණියගේ එම දයාබර උණුසුම ක‍්‍රමයෙන් සීතල වන අයුරකිල ඇයට දැනෙනුයේx ඒ සීතලට අකමැත්තේ වුව ගුලි වෙවී ඔහේ තවත් ටික වේලාවක් සිටින ඈ කෑ ගාගෙන නැ`ගිටිනුයේ තමන් මෙතෙක් වේලා ඉතා ආදරයෙන් පොළෙඟකු බදාගෙන සිටින අයුරු මැවී පෙනුණ විටය. පසෙකට පැන භිරාන්ත වී ගිය දෙනෙතින් මඳ මොහොතක් බලා සිටින ඇයට තමන්ගේ කලබලයෙන් නිින්ද කැඞී ගිය අසරණ දියණිය කෝටු කෑලි වැනි දරදඬු අත්පා එහා මෙහා සොලවමින් කෙඳිරිගානු දකින විට තමන් බදා වැළඳගෙන සිටියේ පොළෙඟකු නොව තමන්ගේම කුසින් වැ¥ දයාබර දෝණිය බව සිහි වී නෙතට ගොඩ වන කඳුළට ඉඩ දී මඳක් නිසොල්මනේ සිටින්නට සිදු වෙයි. දැන් හෝරා භාගයක් පමණ තිස්සේ පුටුවට වී කෙනෙහෙන දෝණිය අස්වසාලීමට ඇය ගත් උත්සාහය කිසිදු ප‍්‍රතිඵලයක් ගෙන දී නැත. කඩයේ බඩු කිරන අතරේත්, කුස්සියේ වතුර කේතලය පැහෙන අතරේත්, වැලෙහි ඇති ඇඳුම් කැඩුම් ටික ගෙට ගන්නා අතරේත්, දර තුරුල්ලක් කපාගෙන මුළුතැන් ගෙට ගෙන එන අතරේත් ඈ විසින් මුදාහළ සුරතල් වචන ගණනක් මිනුමක් නැත. තමන්ගේ මේ තනි දෑතම විසින් සපුරාගත යුතු හැම කාරණයක්ම ඇගේ කෙසඟ සිරුරින් සිද්ධ කරනුයේ යන්ත‍්‍රයකින් මෙන් කඩිනමින් වුවද ඇගේ දොතොලතරින් පිට වූ වදන් එසේ යාන්ත‍්‍රික වූයේ නැත. ඇය හදවත පතුලෙන්ම නැඟුණ අනුකම්පාවය, ඉතාමත් හැඟුම්බර ලෙස වචනවලට නඟා පරිසරයට මුදා හළේx ”සුදු අම්මා තව ඩිංගිත්තක් නාඩා ඉන්නx මයෙ හොඳ කෙල්ලනේx අම්මා මේ වැඩ ටික සුටුස් ගාලා ඉවර කරලා එනවා මයෙ අම්මා ළඟට x x x ” ගෙදර දොරේ යෙදෙන වැඩ කටයුතු කිරීමෙන් දැනුණ ශාරීරික විඩාව මැඩගෙන ඇයට විඩාවක් ගෙන ආවේ මුළු හදවතින්ම නැඟුණ ඒ වදන් ටික ඉල්ලූ සාධාරණය හෝ අනුකම්පාව තවමත් නොලැබූ හෙයිනි. බැරිම තැන ඈ ගරමින් සිටි හාල් නෑඹිලිය පසෙකින් තබා තම දියණිය වෙත ගියේ සිතෙහි උපන් සිතිවිලි පිට අනුකම්පාව පටවමිනි. ”අනේ මයෙ අම්මා තෙමාගෙනද කොහෙදෝx කොහෙද මයෙ නෑම්බ එක විනාඩියක් අපිරිසිදුවට ඉන්න කැමති එකක්යැ.” දෙතොල් උල් කොට සුරතලේට කතා කරමින් දියණියට කිට්ටු කළේ වුවද ඇගේ සිතුවිලි නිවැරදි වූයේ නැත. දියණිය හඬනුයේ තමන් වඩා ගන්නා ලෙස ඇවිටිලි කරමින් මිස තෙමා ගත් නිසා නොවේ. කෙසේ වෙතත් අම්මාට සිය දෝණිය පුන්නාගෙන සිටීමට කාලයක් නැත. ”අනේ මයෙ සුදු අම්මා, කිව්වහම අහලා තව ඩිංගිත්තක් වෙලා ඔහොම ඉන්ඩ; අම්මා මයෙ අම්මගේ බංඩි ගෙඩියට දාන්ඩ හබුං උයන්ඩ හාල් ටික ලිපට කරලා එන්නං. නැත්නං මයෙ අම්මට අද බඩගින්නෙ තමයි ඉන්න වෙන්නේ” අම්මාගේ හුරතලය දෝණියට ප‍්‍රමාණවත් වී නැත. ඇය තිබුණාටද වැඩි වේගයකින් කෑ මොර දෙන්නට උත්සාහ දරයි. එහෙත් සැබවින්ම ඇගේ කටින් පිට වනුයේ මිනිස් කෑ ගෑමක් නම් නොවේ. කිසියම් තිරිසන් සතෙකු නඟන හඬකට සමාන හඬකි, එයින් පිටවූයේx ඒ හැඬීමත් සමඟ ඇගේ කට විරිත්තෙයි. අත පය උඩට වීසි වෙමින් පුටුවෙහි හැපෙයි. පොළෙඟකු ඉහළ පැන දෂ්ට කරන්නාක් මෙන් බිත්තියෙහිත් පුටු අතේත් වැදෙන එම දෙඅත්-දෙපා නඟන වේදනාව නිසා ඇය තව තවත් කලහකාරී වෙයිx විටෙක පොළෙඟකුගේ ඇඟක් මෙන් මුළු ඇඟම පිම්බෙයිx තවත් විටෙක ගින්නකට හසු වූවාක් මෙන් එක තැන උණ්ඩි වන ඒ සිරුර දරණ ගසා ගත් පොළඟා සිහි කොට දෙයිx ඊළඟට කෝපයේ ගිනි පුළිඟු පිට කරන දෙනෙත් අම්මා දෙසට යොමු වෙයිx අම්මාට තමන්ගේ එකම දියණිය ගැන ඇති වූයේ ‘අනුකම්පාවකි’. එක් අතකින් ඇගේ සිතට අවුරුදු දහසයක් තිස්සේ ඉවරයක් නැතිව ගොඩවන මේ වචනය පවා දැන් මහාම මහා කරදරයකි. ‘අනුකම්පාව’x සැබවින්ම ඇගේ හදවත අනුකම්පාවෙන් බරව ගත් අවස්ථා නිමක් කොනක් නැත. ඇයට පුදුම ඒ අනුකම්පාවේ බරින් හදවත කඩා නොවැටීම ගැනය. අනුකම්පාව පිට අනුකම්පාව ගොඩවුවද ඇයට සිද්ධ වූ යහපතක් නැත. එසේම ඇය නිතරම අනුකම්පාව ජනනය කළා මිස මුළු ජීවිතය පුරාවටම ඇයට එවැන්නක් දායාද වූයේ නැත. ඇයට හැෙඟන පරිදි මේ ලෝකයේ කිසිවෙකුගෙනුත් ඇයට වුවමනා වූ අනුකම්පාව තියා අනුකම්පාව යැයි කියා නම් කළ හැකි ආකාරයේ කිසිවකුත් ලැබුණේ නැත. චන්ද්‍රලතා අමාරුවෙන් කුලී වැඩක් කොට සොයා ගත් තුට්ටු දෙකෙන් මිරිස්-තුනපහ සහිත කඩ කෑල්ලක් දා ගත්තේ දියණියගේ අනාගතය ගැන සලකාය. දවසක් අවසානයේ ඇය ලබන ලාභය දෙදෙනාට ඔහේ යන්තම් වේල පිරිමසා ගැනීමට ප‍්‍රමාණවත් වුවද දියණිය ඉල්ලා අඬන කඩල, මුරුක්කු මල්ලක් දුන් විට ඒ ලාභය දිය වී යයි. එහෙත් ඇගේ සිත පුරා පිරී ඉතිරී යන අනුකම්පාව කඩල-මුරුක්කු මල්ලකට ලෝභ සිතීමට කිසි සේත්ම ඉඩ දුන්නේ නැත. ”ඒ ළමයා මොකද හොයාන, හම්බු කොරාගෙන කන්ඩද ? කාගෙන්වත් ඉල්ලගන්ඩ කියල පුටුවෙන් බැහලා යන්ඩද ? ඇරත් ඉතිං මයෙ කෙලි නෑම්බට වෙන්නං මං මේ හොයන්නේ; ඒකිගෙ බඩ පුරුවන්ඩ වෙන්නං.” මේ වතාවේ නම් ඇයට දියණිය නැළවීම සඳහා කඩල මල්ලක් දිය නොහැකිය. මන්ද කඩල මල්ල ලිහා ඇටෙන් ඇටේ ඇගේ කටට දැමීමට තරම් වෙලාවක් අම්මා සතු නොවන හෙයිනි. කිරිල්ලියක් තමන් සොයා ගත් කෑම ජාති තම පැටවාගේ කටට ටිකෙන් ටික ඇතුළු කරන්නාක් මෙනි, ඇගේ අතින් දියණියට ලැබෙන කැවිලි, පෙවිලිත් කටට වැටුණේx අනෙක් අතින් සමහර අවස්ථාවල ඇගේ අතද රිදෙන තරමට, ඇගේ සිතට වේදනාවක් හෝ කෝපයක් ගොඩ වන තරමට ඒ කැවිල්ල කි‍්‍රයාත්මක වනුයේ ඇයට සමාවක් නොදෙමිනි. ‘මේකිට හොඳට කන්ඩත්තෝනෑ. හාල් සේරුවක විතර බත් ගිලිනවා එක වේලකටx බඩක් නෙමෙයි මේක අම්බලමක්. මගෙ අතත් රිදෙනවා මැටි කෝප්පේ උස්සාගෙන ඉඳලා. කකුල් දෙක රිදෙනවා ඇණකුටු ගහගෙන ඉඳලා.. එහෙත් ඒ උපදින වචන ටික ඇගේ මුවට ගොඩ වන්නේ නැත. කිසිදු අනුකම්පාවකින් තොරව උපන් ගෙයිම මරා දමන එම වචන ටික ගැන ඇගේ සිත පසුතැවිලි වනුයේ පුරුදු වචනයම එනම්, ‘අනුකම්පාවම’ පන්ගනත්තු කොට ගනිමිනි. ‘අනේ මයෙ අම්මා. කන ටිකවත් හරියට කන්ඩ. ඒකවත් මදැයි මයෙ සැනසිල්ලට. මේක ඒකිගෙත් කරුමෙx මගෙත් කරුමෙ. අවුරුදු දාසයේ කෙල්ලක්. තව අවුරුද්දකින් දෙහෙකින් දීග දෙන වයසෙ කෙල්ලක්. ඒත් මගේකි මේ පුටුවකට වෙලා. අවුරුදු දාසයක් වුණාට හයක හතක එකියකුගේ ගානයි අත පය. ඊයෙ පෙරේදා ලොකු ළමයෙක් වුණ හන්දා බාග විට හෙට අනිද්දට ඇඟපත ලියලලා එයි. ඒත් ඉතිං නැඟිට ගන්ඩ පුළුවන් වෙන එකක්යෑ.. දියණිය ගැන කල්පනාව පිටම බත ලිපේ තැබූ අම්මා සූදානම් වූයේ ලාම්පු කුප්පිය පත්තු කිරීමටය. එහෙත් දියණියගේ කොණෙහිල්ල ඉවරයක් නැත. අම්මා අතින් ලාම්පු කුප්පිය බිම වැටී තෙල් ටික ඉහිරී ගියේ ඒත් එක්කමය. තමන්ටම සිතින් බැණ වදිමින් ඉතිරි තෙල් ටිකෙන් ආලෝකය ගැනීමට සිතා තිරය පහළට ඇද ලාම්පු කුප්පිය දල්වා ගත් ඇය එය ගෙන ගොස් කඩ බක්කියේ ඉන්දවීය. ලාම්පු කුප්පිය සිය දුබල එළියෙන් වුව, කඩ කෑල්ලට රිංගා බක්කියේ වූ කරවල කෑල්ල ඩැහැගෙන දුවන බළල් තඩියා අල්ලා දුන්නේය. දියණියගේ කොණෙහිල්ල අස්සේ ඇය ඌ පසුපස්සේ එලවා ගියද බළල් තඩියාට අඳුරේ සැඟව ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. ,අනේ මේ ගෙරි බළල් තඩියා, කොච්චර කන්ඩ දුන්නත් හොරා කනවනේ ඇත්තට. අහුවුණොත් අද උලනවා හොම්බ බිම. ආදෙන්කෝ අද, උන්දෑ අද අවසාන බට්ටික තමා කන්නෙ මගෙන්. දැන් ඉතිං ඕකෙ පාඩුව පිරිමහගන්ඩ කී දොහක් නං කියලා නැහෙන්ඩද?, අම්මාගේ බැණ අඬගෑමත් සමඟ දියණිය විලාප තියනුයේ ආරෝවට මෙනි. විලාපයක් කීවාට එය වැටහෙනුයේ ඒ දියණියටත් මේ අම්මාටත්ම පමණෙකි. අහල පහළ උදවියටත්, කඬේට ගොඩවදින කෙනෙකුටත් ඇගේ භාෂාවෙන් වැටහෙනුයේ කලාතුරකින් වචනයක් හෝ දෙකකිx ”මේකිගෙ කෑ ගැහිල්ල බලාපල්ලකෝ. හරියට පලියට වාගේ. ඔළුව පලන්ඩ තියෙන්නෙ. මොකෑ ඉතිං මගෙ කරුමෙනෙ මේක. ඉතිං ගෙවන්ඩෙපැයි මැරෙන කල්x වෙලාකවට හිතෙනවා මේකිටත් වහ ටිකක් දීලා මාත් බිව්වා නං හරි කියලා” බළලා සමඟ උපන් කේන්තිය අම්මා පිට කළේ දෝණිය පිට පා කර හරිමිනි. එහෙත් ඇගේ ඒ කේන්තිය වැඩි වේලා අල්ලා හිටියේ නැතx නාසයෙන් වෑහෙන සොටු දියරත් කට දෙකෙළවරින් බසින කෙළ වැලත් දෙනෙතින් රූරා වැටෙන කඳුළු හා එක්ව සිව්දිගින් ආ අතු ගංගා එකතු කොට ගත් ගංගාවක් මෙන් ගලන දියණියගේ සෙම ගෝටය දුටු අම්මා ගවුමට උඩින් පටලවාගෙන සිටි චීත්ත පොටේ කොනක් ඔසවාගෙන දියණිය දෙසට කිට්ටු කළාය. එහෙත් අම්මාගේ චීත්ත පොටෙන් තමන්ගේ නාසය විඳින සුපුරුදු වේදනාව සිහි කොට ගත් දෝණිය හඬන්නට ගත්තේ මර ළතෝනි නඟමිනි. අම්මා තුළ උපන් අනුකම්පාව යට කොටගෙන කේන්තිය හිස ඔසවන්නට වූ නිසා ඇගේ චීත්ත පොට දියණියගේ නාසය පිස දැමුවේ ඕනෑවටද වඩා මිරිකා වේදනාව දෙගුණ කොට දෙමිනි. ඒ අතරේ කුස්සිය දෙසින් ආ පණිවිඩයක් ඇගේ දෙනාසා පුඩු හකුළුවා දැමූයෙන් මුහුණ පුරා පදිංචි වී ගත්තේ අ`දුරු මේඝයකි. ”ෂිහ්, මේකිත්තෙක්ක බෑනෙ කිසිම දෙයක් කොර ගන්ඩ. දැන් ඉතිං ?ට කාලත් හමාරයි. බත්තෙක හොඳටෝම රොස් වෙනවා.” දියණියට පාන්සි වෙමින්ම මුළු තැන් ගෙට පිනූ ඇගේ කකුලක් මේස කකුලේ වැදී රිදුම් දෙන්නට වූයෙන් අම්මාගේ කෝපය පිටාර ගලන්නට වූයේ සීමා මායිම් නැතිවය. නෑඹිලිය අයින් කොට හැඳි මිටෙන් කූරු ගා බත් හැලියට වතුර ටිකක් දැමූ ඇය ලිප ළඟින් මෑත් වූයේ ගිනි පෙනෙලි ටිකද පසුපසට කොට බතට ඇඟුරු පිට හැතපීමට ඉඩ දෙමිනි. කෝපයෙන් පුපුරු ගසන අම්මාගේ මුහුණ එළියට ඇද ගත් ගිනි පෙනෙලිවල එළිය වැටී ඇවිල ගත් දර කොටයකින් නැඟි ගිනි අඟුරු මෙන් රත් පෑයක් පිට කරන්නට වූයේ ඉදිරිපසින් ඇසෙන දෝණියගේ මොරදීම කන වැකෙනවාත් එක්කමය. අම්මා කැඞී ගිය කෝණ්ඩ ගැටයද සකසා ගනිමින් සාලය දෙසට ගියේ තමන්ගේ කරුම ජීවිතයට සාප කොට ගනිමිනි. වසර ගණනාවක් තිස්සේ දොස්තර මහතාට පිංසෙණ්ඩු වෙමින් සිටි ඇය දෙවනුව දෙවියන් යදිමින් දියණියගේ සුවය ප‍්‍රාර්ථනා කරන්නට ගත්තේ පළමු පියවරින් පිහිටක් නොලැබූ තැනය. වන්ද්‍රලතා දෙවැනි පිහිට සොයා යන අතරේ දොස්තරට දෙස් දොවොල් තැබීමට අමතක නොකළාය. තමන් මෙතෙක් දවස් බොරුවෙන් රැුවටුවාට පළමුව දෙස් දොවොල් තැබූ ඇය දැන් දැන් දොස්තරට බණිනුයේ කුසයේදීම මේ දරු ගැබ විනාශ නොකොට මේ ලෝකයට ප‍්‍රසූත වීමට ඉඩ හැරීම නිමිත්තෙනි. ”අපේ මිනිහා ඒ දවස්සොල කොච්චර නං පන්න පන්න ඇහැව්වද ඔය දොස්තරයගෙන් .දොස්තර මහත්තයෝ දැන් ළමයගෙ අම්මාගෙ ඇඟ පුරාම පොළොං විස ගිහිල්ලා තියෙනෙකේ පොඩි දරුවට බලපෑමක් වෙනේකක් නැද්ද ?. කියලාx එතකොට දොස්තරයා කිව්වේ .ඒක ඉතිං කියන්න බෑ. සමහර විට වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්’ කියලා. එතකොට අපේ මිනිහා ගත් කටටම ඇහැව්වා ‘දොස්තර මහත්තයෝ එහෙම දෙයක් වෙනවා නං බැයිද මේ ළමයා නැති කරලා දාන්ඩ ?. කියලා එතකොට දොස්තරයා පොළෙඟක් වාගේ ආපිට පැන්නේ නැතෑ අපෙ මනුස්සයගෙ ඇඟටx .තමුසෙට ඔල්මාදෙද ඕයි ? තාත්තෙක් කියන කතාවද්ද ඔය කිව්වේ ? තමන්නෙ දරුවා මේ ලෝකෙට බිහි වෙන්නත් ඉස්සරලා මරලා දාන්න. අනේ මෙහෙමත් තාත්තලා. ඇරත් දැන් බඩට මාස හතත් පහුවෙලා. දැන් දරුවා නැති කරන්න ගියොත් අම්මගෙ ජීවිතෙත් අනතුරේ. කියලා.” තම සැමියාගේ මුවින් පිටව ගිය වදනුත් සමඟ චන්ද්‍රලතාගේ ඇඟ පුරා සිරි සිරියේ දිව ගිය කෝපය එදා සිරුරේ තැන් තැන්වල පදිංචි වී වෛර පිරිමහන්නට වූයේ දොස්තරගේ කතාව හුම්මිටි කොටගෙනය. .අනේ මේ මෘගයා ඇත්තට ? වනේ වන හතුරෙකුටත් මෙහෙම තාත්තෙක් ලැබෙන්ඩ එපා. තමන්ගෙම ලේඔලට විරුද්ධව නේද මේ කතා කොරන්නේ ?. එදා ඇය සිය සැමියාට කළ දෝෂාරෝපණය දැන් නඟන්නේ නැත. ඇයට සිතෙනුයේ ඔහු දුර දිග බලා වැඩ කිරීමේ ශූරයෙකු කියාය. .ඒ මිනිහා කිව්වේ ඇත්ත. කොහොම වුණත් මනුස්සයාට මාත් එපා වුණේ මේ උනහපුළුවී හින්දා තමාx නැත්නං මට ආදරෙන් හිටියා, ඒ මනුස්සයාx ඒකටම හරියන්ඩ හිටියනේ අපේ ඉසකුඩිච්චිය. ඉතිං වෙලාව බලලා එල්ලූණා කරේ.. වෙනදා තමන්ගේ සැමියාට වෙලාවක් කලාවක් නොබලා පාන්සි වන ඇය මෑත දොහොක සිට ඔහු දෙස බලනුයේ මොකක්දෝ නුහුරු අනුකම්පාවක ළතවෙමිනි. එතෙක් දවසක් ඔහු කෙරේද දොස්තර කෙරේද දෙවියන් කෙරේද උපන් කෝපය දැන් එක තැනකට එක්කාසු වී අවසාන ඉලක්කය කොටගෙන ඇත්තේ එක බඩවැල කඩාගෙන ආ ඇගේම සොහොයුරිය මිස අනෙකෙකු නොවේ. ‘ඒකිට පොඞ්ඩක් හිතන්ඩ තිබ්බා, ඒකිට රටේ ලෝකෙ වෙන මිනිස්සු හිටියෙ නැද්ද ? මොකද රූපෙන් අඩුවක් කියලද ? ඒකිට හිතන්ඩ තිබ්බා ඒකිගෙ වේසා වැඩෙන් මිනිහෙක් නැති වෙන්නේ ඒකිගෙම අක්කට කියලා. තාත්තෙක් නැතිවෙන්නේ ඒකිගෙ අක්කා බඩෙන් වදාපු අහිංසක කෙල්ලට කියලා. ඕකුන්ට සහගහනවා මේ කොරාපු අපරාදඔලට’ දියණියගේ බෙරිහන් දීම එන්න එන්නම වැඩි වූයෙන් අම්මා කඩ කෑල්ල දෙසට ආවේ ගිනි රස්නයට ඇල්ලූණ අතටද ‘පූ’ ගා පිඹිමිනි. කඩ කෑල්ලට පැමිණෙන දොරඋළුඅස්සේ නතර වී ගත් ඇය දියණිය දෙස බලා ඉවත බලා ගත්තේ ඇතිව ගත් කෝපය එතෙක් කල් රජැයූ අනුකම්පාව හැත් ගසා දමන්නට වූ හෙයිනිx ඒ අතරේ ඇගේ සිත තමන්ටම ගතු කියන්නට ගත්තේ ඉවරයක් නැතිවයx ‘මේකී නං මාව මරාගෙන කන්ඩ ඉපදිච්ච යක්ෂණියක්. ඔව් මාව මාරගෙන කන්ඩ ආව x x x ’ ඇගේ සිතිවිලි දාමය හදිසියේම ඇණ හිටියේ කඩයට ගොඩ වූ හීන්බණ්ඩය්යා ඇස ගැසෙත්මයx උළුවස්සට දී තිබූ හේත්තුව උරහිස මෑත් කොට ගළවා ගත් චන්ද්‍රලතා ඔහුට පාර ඉඩ දී ගේ දෙසට හැරුණේ එහා මෙහාව ගොස් තිබූ ගවුම් අත අනෙක් අතින් ඔසවා හදමිනිx එහෙත් පපුව හරහා යමින් ගවුම හදන්නට බැලූ ඇගේ අතට තම වැඩය ඉවර කිරීමට අවසර දී ගත නොහැකිව ඉක්මන් වූ හීන්බණ්ඩාගේ අතක් පැමිණ ඇගේ අත අල්ලා ගත්තේ ඇයට සියුම් වේදනාවක්ද ගෙන දෙමිනිx සිද්ධ වූයේ කුමක්දැයි අදහාගත නොහැකිව මෙන් මඳක් වේලා අන්ද මන්දව බලා සිටි චන්ද්‍රලතා ඊළඟ මොහොතේ හීන්බණ්ඩාගේ අත ගසා දමා පිටුපසට පැන්නේ සිතට ගොඩ වූ පොළෙඟකු අත ගෑවුණාක් වැනි හැඟීමක් විසින් නඟා දුන් හිරිවැටීමකුත් සමඟින් හැකිළී යන උරහිසින් වාරු ගනිමිනිx ”අනේ නගේ මං කියනෙ දේ අහපන්x මං උඹයි ඔය ළමයයි අමතක කොරන් නෑ, මට ගෑනු දරුවො හිටිය කියලාx මං x x x මං x x x උන්ට වගේම උඹටත් සලකනවාx” හීන්බණ්ඩාගේ වචන ගොත ගසන්නට වූ විට චන්ද්‍රලතාගේ මුළු ඇඟක්ම කෝපයෙන් ගැහෙන්නට ගත්තේයx පිට වන වචනත් සමඟ ආශාවෙන් ගිලෙන කෙළ නිසා ඉහළ පහළ යන හීන්බණ්ඩාගේ උගුරු බටය දුටු ඇයට දැනුණේ සියුම් චකිතයකිx ඒත් එක්කම තම ඇඟ ඇතුළෙන් මොකක් නමුත් ආශාවක් උඩු දුවන බවක් දැනුණෙත් ඇය කලබල වූවායx ඒ කලබලය විසින් නැඟූ ඇගේ හඬ පිට වන්නට වූයේ දෝංකාර නඟමිනිx ”පලයන් කිව්වෙ වල් බල්ලා මෙතනිංx පලයන් දොට්ට බැහැලාx කිව්වහම අහලා මගේ දෑහැට නොපෙනී පලයන්x” ඒ බෙරිහන් දීමෙන් කලබල වූ හීන්බණ්ඩා අඳුරේ ඇහැ ගසමින් වට පිට බලන්නට ගත්තේ බියෙන් ගැහෙමිනිx ”කෑ ගහන්ඩ එපා නංගියේx වට පිට මිනිස්සුන්ට ඇහෙයිx” ”උන්ට ඇහෙන්ඩ තමා මං කෑ ගහන්නෙx පලයන් මෙතනිං කිව්වහමx නැත්තං මං මුළු ගමටම ඇහෙන්ඩ හූ තියනවාx” හීන්බණ්ඩා තවත් මොහොතක් ඈ දෙස බලා සිටියේ ආශාව උතුරන දෑසිනිx එහෙත් තමන්ගේ නතරව සිටීම ඇගේ කට තව තවත් අවුස්සන බව දුටු ඔහු අඳුරට කලවම්ව ගියේ දහඩිය පෙරන සිරුරට කඩා ගත් සරම් පොටින් පවන් ගසා ගනිමිනිx වෙව්ළන සිරුර අමාරුවෙන් උළුවස්සට හේත්තු කොට ගත් චන්ද්‍රලතාට තමන් ගැන උපන් අනුකම්පාවක් විසින් නඟා දෙන කඳුළු බිඳු නවතා ගත හැකි වූයේ නැතx ඇගේ සිරුර පුරා සිරි සිරියේ දුවන්නට වූ මොකක්දෝ හැඟීමක් ඇගේ සිත කලබල කොට තිබිණx ඒ අතරේ කඩා ගත් සරම් පොටින් පවන් ගසා ගනිමින් අන්ධකාරයේ ගිලී යන හීන්බණ්ඩා ඇගේ ඇස් ඉදිරියේ මැවෙන්නට ගත්තේයx ඇෙඟ් ගෑවුණ පොළෙඟකු මෙන් දැනුණ ඒ පිරිමි ස්පර්ශය මේ මොහොතේ දඩස් ගා පිස දැමීමට ඇගේ සිත ඉඩ දුන්නේ නැතx ඇගේ සිරුරට කාගේ නමුත් පිරිමියෙකුගේ ශක්තිමත් අතකට ගුලි වීමට සිතිණx එහෙත් ඊළඟ මොහොතේ ඇය ඉදිරියේ සිට ගත් සැමියා ඔක්කල්ලාවට නඟා ගත් සිනාවකින් සැරසී ගත් මුහුණ තමන් වෙත හරවාගෙන සිටිනු මැවී පෙනෙන්නට ගත්තේයx හීන්බණ්ඩාගේ අත ආයාසයෙන් පිස දැමූ ඇය බොක බොක ගා නඟින කඳුළු පිස දා ගැනීමට යත්න දැරුවේ අත් දෙකේම උදව් ගනිමිනිx එහෙත් ඒ අත් පහරවලට හීලෑ නොවූ කඳුළු බිඳු දෑත් අස්සෙන් පිටතට විදින්ට වූයේ ඉවක් බවක් නැතිවයx ඒ දෝර ගලා එන කඳුළු ගවුමේ හැට්ට කර තෙමන විට ඇයට දැනුණේ කාලකණ්ණි හැඟීමකිx තමන් මෙලොව ඇති විශාලම පවට සම්මාදම් වූවා වැනි හැඟීමක් ඇගේ ඇතුළු සිත කීරි ගස්වා දැම්මේයx එහෙත් හීන්බණ්ඩා ඇගේ සිතට නැවත නැවතත් ගොඩවන්නට ගත්තේ ඇයට ගැළවීමක් නොදෙමිනිx හීන්බණ්ඩා දිනක් කඩයට ගොඩ වී කී කතාවක් හදිසියේම ඇගේ සිතට ගොඩ වූයේ ‘පිරිමි යනු පොළඟුන්’ බව සිතට කියා ගැනීමට ඇගේ උඩු හිත වළි කන අතරේයx ”අනේ නෙඟ්, උඹට කියන්ඩ මගෙ ඇඟ තාම සර සර ගානවා. උඹට කියන්ඩ පොළොං පැටව් රොත්තයි එතනx මං හිතන්නෙ සීයකට වැඩියි.” ඇයට හීන්බණ්ඩාගේ වදන් ඇසෙන්නට වූයේ මේ දැන් කියන කලෙක පරිද්දෙනිx ඒත් එක්කම ඇයට එක් විඩයේම සිහි වූයේ තමන් කුඩා සන්ධියේදී තාත්තා විසින් මරාගෙන ගෝනි පඩංගුවක ඔතාගෙන ආ මහා දාර පොළඟාය. ගමේ වෙදමාමාගේ වුවමනාවකට කියා ගෙන ආ ඒ පොළඟා දුටු ඇගේ සර්වාංගය සීතල වී ගියේ මහා හිරිකඩකට හසු වූ කලෙක මෙන් දත් දෑන්දද හිරි වට්ටවමිනි. ඉන් පසු ටිකක් දිග දර කෑල්ලක් දුටු විටද, පතවල කරලක් වැනි දිගටි එළවළුවක් දුටු විටද ඇගේ සිතට ගොඩ වූයේ අර පොළඟාමය. ඒ සිහිවනවාත් එක්කම ඇගේ මුළු සිරුරක් හිරිකිතයෙන් හිරිවැටී ගියේද අද සිද්ධ වන විලසටමය. තවත් දවසක වටපිල දිගේ බඩ ගා ගෙට රිංගීමට ගිය පොළඟකු අම්මාගේ පොල කැති පහරට කැති ගෑවී ගිය අන්දම ඇගේ සිහියට ගොඩ වනුයේ පොරකමිනි. එදා පොළඟා දුටු ඇයට තමන් කුඩා සන්ධියේ දුටු පොළඟා සිහිවූයෙන් කෑ ගැසුණේ ගහක් කපා හැරියාක් මෙන් සිහිමූර්ජා වී ඇද වැටෙන අතරේමය. එදා ඇගේ පොළොං භීතිය හඳුනා ගත් නංගීත් ගමේ කොල්ලෝ කුරුට්ටෝත් එය ආයුධයක් කොටගෙන නිතරම මෙන් ඇයට සමච්චල් කරන්නට වූවෝය. ඇය කොතැනක හෝ සිටගෙන සිටින විට ඔවුහු . ඕං ඔතන පොඟලා. යි කියා කෑ ගායි. එයින් තැතිගෙන බෙරිහන් දීගෙන දුවන ඇය අස්වැසීමට උදව් වනුයේද ඔවුන්ගේම වචනයි. ”ඇයි අඬන්නේ ? අම්මලාට ඇහෙයිx බැනුන් අහන්න වෙන්නේ අනිස්සැරේx අපි විහිළුවක්නෙ කෙරුවේx” නංගීගේ අස්වැසිල්ලත් සමඟ චන්ද්‍රලතා නිහඬ වුවද මඳක් තැති ගෙන වට පිට බලමින් කව්රුන් හෝ වැඩිහිටියෙකු එන්නේ දැයි කියා විපරමින් සිටින නංගී නැවතත් තමන්ටම අවස්ථාව පාදාගෙන එතැනින් ඉවත් වනුයේ හූවක්ද තබමිනිx ”හූ . . x හූ . . x අපි කිව්වේ ඔතන පොඟලා කියලා. පොළඟා කියල නෙමෙයි. බයගුල්ලී” ඇතිව ගත් කුතූහලය විසින් ඇගේ කටහඬ අවධි කොට තිබුණෙන් ඇසීමට බිය වුවද ඇය හීන්බණ්ඩා අය්යාගේ කතාව සම්පූර්ණ කිරීමට හුම්මිටි දෙන්නට සිතුවාය. ඊටත් වඩා වතාවක් දෙවතාක් නොව කඬේට පය තැබූ මොහොතේ පටන් තමන්ගේ දෙනෙත් දෙස වශීකෘතව මෙන් බලා සිටින හීන්බණ්ඩය්යාගේ දෙතොලින් පිට වන ”මං උඹට සලකන්නං නඟාx උඹ ඔයාකාර නැහෙන්ඩ ඕනැන්නෙ නෑx උඹෙ රූපෙ තාම දියවෙලා නෑx උඹෙ කරුමෙට මේ සර්පයෙක් හින්දා දුක් විඳින්න උණාට මට දුකයි උඹ ගැනx” යන වචන ටික ඇසීම වළක්වා කතාව වෙනත් මඟකට යොමු කිරීමය, ඇයට අවැසි වූයේx ”කොහෙදෑ අය්යෙ ?” ”මං අද ඇළ ඉස්මත්තෙ හේන කොටන්ඩ ගියා. එතන පොළොං කුණ කුණුවෙලා. ඒ කුණෙන් තමයි පැටව් නළියන්නේ. හරියට පණු ගෝටයක් වාගේx මයෙ අප්පේ ! උන් ටික ලොකු වුණා නං අපි මේ හතර මායිමේ වසලා හමාරයිx උඹ අහලා තියෙනවනේ පොළඟා උපදින්නෙ උගේ අම්මා මරාගෙන කියලා. පොළඟා පැටව් දාන්ඩ ඉන්න කොට බඩ පැළිලා මැරෙනවා. එතකොට පැටව් ටික එකතුවෙලා අම්මාගේ කුණ කාලා තමා හැදෙන්නෙ.” එදා හීන්බණ්ඩා අය්යා කී කතාව නිතර දෙවේලේ පැමිණ ඇගේ කන් හාර හාරා මොකක්දෝ අමුතු කතාවක් කියන්නට අරඇන්දේය. ඒ වචන කුඩා කල තමන් නංගී සමඟ එක්ව කළ කෑ ගෑම කන්දක හැපී දෝංකාර දුන් අයුරින්ම ඇය ඉදිරියේ ඉවරයක් නැතිව දෝංකාර දෙන්නට ගත්තේය. ‘පොළඟා ඉපදෙන්නේ අම්මා මරාගෙන කන්ඩx ඔව්, මේකිත් එහෙමx මේකිත් එහෙම තමයි. මාව මරාගෙන කන්ඩ ඇවිත් තියෙන්නේ. මේකි මගෙ හැතිරියක්x මේකි ඉස්සරලා තාත්තා මරා ගත්තා. ඒ මිනිහා මේ ගේත් දාලා ගියා. ඉපදිච්ච දවසෙ ඉඳලා මාව මරාගෙන කනවා. තවත් ඉවරයක් නෑ. හැතිරී ! මේ හැතිරි හින්දා මං දැන් x x x ?’ ඇයට තමන් සත් මසක ගැබිණියකව සිටියදී වෙලක ගොයම් කැපීමට ගොස් දෂ්ඨ කළ පොළඟා සිහි වීමෙන් ක්ලාන්ත ගතියක් දැනෙන්නට විය. පියාගත් දෙනෙතින් යුතුව මඳ වේලාවක් හුන් තැනම සිටගෙන සිටි ඇය සිහි එළවාගෙන කඩ කෑල්ල දෙසට නැවතත් දෙනෙත් යොමු කළාය. ඇගේ දෙනෙත් පළමුව අල්ලා ගත්තේ මිදුලේ සමන්පිච්ච වැල ළඟින් වැතිරී සිටින තම සැමියා විසින් ගෙනැවිත් දමා තිබූ හතර අතේ ඇද වෙමින් ගිය ලී කොටයයිx ”මේක හරි ලස්සනයිx හරියට සර්පයෙක් වාගෙ” කියමින් ඔහු එදා අතීතයේ දවසක ගෙනැවිත් දැමූ කොටය ගසක අරටුවක් වීම නිසාම අද වන තුරුත් කිසිදු දිරීමකට හසු නොවී බලා සිටිනුයේ පුරුදු ඉරියව්වෙන්මයx සෑම දිනකම මෙන් රාති‍්‍රයේ එය දැක සලිත වන ඇය සිතින් අදිටන් කොට ගනුයේ හෙට දිනයේ එය පළා දරට ගන්නා බවයිx එහෙත් දිවා කාලයේ යෙදෙන දහසකුත් එකක් වැඩ රාජකාරි ඇයට එය අමතක කර දමයිx තමාගේ ඒ සිද්ධ වූ අතපසු වීමට පළිගන්නා ඒ කොටය දවසින් දවස ඇගේ බිය මුවහත් කරනුයේ කිසිදු අනුකම්පාවක් නැතිවයx අන්ධකාරයේ නැඟිට ගැනීමට වළි කන පණ ගැසූ ඒ පොළොං තඩියා ඇගේ දෙකන් සීතල කොට හැරියේ වට පිට ඇසෙන කිසිදු හඬක් නොඇසෙන සේ කන් අගුල් ලමිනිx කෙළ ටිකක් ගිල කන්හි වැටුණ අගුල් හැර ගැනීමට සිතූ ඇය ඒත් සමඟම උරහිස් උඩ පන්වමින් වෙව්ලා ගිය සිරුර හැර වූයේ සාලයේ වූ පුටුව වෙතටයx සිරුරට ප‍්‍රථම ඉස්සර වූ ඇගේ දෙනෙත අල්ලා දුන්නේ පුටුවෙහි දඟළන තිත් පොළොං තඩියෙකිx මේ වතාවේ නම් චන්ද්‍රලතා පැහැදිලිවම ඌ හඳුනා ගත්තායx තම ජීවිතය සමඟ මෙතුවක් කාලයක් සෙල්ලම් කළ, තමන්ව භීතියට පත් කළ, තමන් නොමරා මැරූ, තමන්ගේ ජීවිතය නැති නාස්ති කොට දැමූ පොළොං තඩියා ඇය හඳුනා ගත්තායx චන්ද්‍රලතාගේ ඇඟ පුරා රතට රතේ දුවමින් තිබූ ලේ තව තවත් ලේ පැහැ ගනිමින් කෝප ගන්නට වූයේය. ඇඟ පුරා දුවන උණු ලේ ඇගේ සිරුර පුළුස්සා දමන්ට වූයේ ඇඟ මස් කීතූ කීතු කොට ඉරන තරම් වේදනාවක් ඇති කරමිනි. ඒ අතරේ ඇගේ දෙනෙත් දකින්නට වූයේ හීන්බණ්ඩා අය්යා පොල් අත්තෙන් තනා ගත් ගිනි හුලක් අල්ලා පොළොං පොළම පුච්චා දමන ආකාරයයිx ඒ දෑතින්ම තමන්ගේ සිරුර බදා ගන්නා ආකාරයයිx දෙසවන් වැකෙන්නට වූයේ ඒ ගින්නේ දඟළන පොළොං පැටවුන්ගේ සිරුරු පුපුරා යන විට නැ`ග ආ .චිටි චිටි. හඬයි. තවත් විඩයක ඇගේ සිහියට ආවේ තමන්ගේ මුළු පවුලම සමඟ වෛර බැඳ ගත්තාක් මෙන් දෙමාසයකට පමණ පෙර අම්මාද අසාධ්‍ය තත්වයකට පත් කළ ගමේ මහ ගෙදර ළිඳ ළඟ මරා දමා සිටි පොළොං තඩියාය. ඇය තමන් දුටු දෙයින් ත‍්‍රස්ත වී ගියාය. කඩ කෑල්ලේ තිබූ ප්ලාස්ටික් පුටුවේ මහා දාර තිත් පොළෙඟකි. විඩෙන් විඬේ දත් විරිත්තමින්, පිඹිමින් පුටුවට වී දඟළන පොළොං තඩියා තම ඇඟ මස් පුම්බා ගනිමින් විඩයක පුටු අතට පහර දෙයි. තවත් විටෙක පුටු අත දිගේ බඩගා යාමට දඟළයි. තවත් විටෙක අහසට නැඟීමට මෙන් සිය සිරුර නඟා සිටුවමින් වහලය දෙස බලයි. මොකක්දෝ ගොළු බසකින් කෑ ගායිx සර්පයාගේ දෙනෙත්වලින් පිට වනුයේ ගිනි පුළිඟුයx දැන් මේ තමන්ගේ ගෙදර පුටුවට වී තමන්ගේ ඇඟට පැනීමට වළිකන පොළඟා දුටු ඇයට උපන්නේ හිරිකිතයක්, භීතියක් වැනි දෙයකට වඩා කෝපයකි. ඇගේ මුළු ජිවිතයම විනාශ කිරීමට මේ පොළොං සංහතිය වළිකයි. ඒ අද ඊයේ සිට නොවේx ඇගේ මුළු ජීවිතයක් පුරාවටමයx චන්ද්‍රලතාට උපන් කේන්තිය නිමවන්නට නම් ඇයට මේ ලෝකයේ සිටින පොළොං සංහතියම විනාශ කළද මදිය. ඇය තවත් පමා වූයේ නැතx කෝපයෙන් වෙව්ළන ඇගේ දෙඅතට හසු වූයේ දොර පොල්ලයිx ඇය එය දෑතට ගත්තේ තමන්ගේ මුළු ඉරණමම විසඳීමේ එකම ආම්පන්නය එය බව ඒත්තු ගත්තාක් මෙන් එයට මඳකටවත් අතින් ගිලිහීමට ඉඩ නොදෙමින් සියලූ වෙර යොදා බදා ගනිමිනි. ඉදිරියට ආ ඇගේ දොර පොල්ල පොළොං තඩියාගේ ඇඟ මත පතිත වන විට ඇගේ දෙනෙත් පියවුණේ ඉබේටමය. එහෙත් ඒ පහරත් සමඟ ඇයට තමන්ගේ ඇඟට වතුර දෝතක් ගැසුවාක් මෙන් ලේ පොකුරක් වීසි වනු දැනුණෙන් සිත මඳක් ගැස්සී යනු දැනිණ. ඇයට නැවතත් සිහි වූයේ තමන් සත් මසක ගැබිණියකව සිටියදී මුළු ඇඟක් පුරා උඩු දුව ගිය පොළඟාගේ විෂයි. ඒ විෂ කැඳවාගෙන සිරුර පුරා දුව ගිය ලෙයයිx එදා සිරුරේ අභ්‍යන්තරයෙන් ගලා ගිය ඒ ලෙය, ඒ විෂ අද බාහිර සිරුරෙහි ගැල්වී ඇති බව සිහි කොට ගත් ඇගේ කෝපය ගිනිගෙන දැවෙන්නට වූයේ ඇතුළතින් ගිනි දැමූ තෙත් කොළ රොඩු ගොඩක් ටික වේලාවක් දුම් ගසමින් සිට හදිසියේම ගිනි දලූ නඟා ‘සට සට’ ගා දැවෙන්නාක් මෙනි. ඇගේ අරමුණ වූයේ මේ පොළඟා කෙසේ හෝ කම්බස් කොට දැමීමටයx මේ පොළොං සංහතියේ පාපයෙන් තම ජීවිතය ගළවා විමුක්තිය සාදා දීමටයx එහෙත් ඇගේ දෙවැනි පොලූ පහරට පොළඟා පිට පතිත වීමට ඉඩ ලැබුණේ නැත. කොහේදෝ සිට පැමිණි හීන්බණ්ඩා අය්යා ඇගේ අතින් දොර පොල්ල උදුරාගෙන ඇය ඉවතට තල්ලූ කොට දැම්මේ ඇෙඟහි පැටළුණ සර්පයෙකු ගලවා වීසි කරන්නාක් මෙනි. තල්ලූ කිරීම නිසා අත නතර වුවද තවමත් පියා ගත් දෙනෙතින් යුතුව බෙරිහන් දෙන්නට වූ ඇගේ කට නතර වූයේ නැත. ”උඹලා ත්‍ව ග උඹලා x x x මොකද්ද උඹලා ඔය කෙරුවේ ? ඔය පොළඟා මරලා දාන්ඩ දීපල්ලා මටx ඔව්, ඔය පොළඟා මරලා දාන්ඩ දීපල්ලාx ඔය පොළඟා එදා ඉඳන් මාව මැරුවාx ඔව් මාව නොමරා මැරුවාx අවුරුදු ගාණක් තිස්සේ මාව මැරුවාx මට ඕකව මරන්න දීපල්ලාx ඊට පස්සෙවත් මට පාඩුවේ හිටියෑකිx උඹලා ඇයි මට ඒකට ඉඩ දෙන් නැත්තේ ? උඹලත් හැමදාම මට අරෝවටමයි වැඩ කෙරුවේx උඹලත් මං සන්තෝසෙන් ඉන්නවට කැමති නෑx මට x x x මට තියන බය උඹලා දන්නෙ නෑ හරියකටx ඇයි උඹලා මට ඔහොම කරන්නේ ? මට මේ පොළොං සංහතියම විනාස කොරලා දාන්ඩෝනැx ඇයි උඹලා ඒකට මට ඉඩ දෙන්නැත්තේ ? අනේ දෙය්යනේ ! ඇයි මං මෙච්චර පව් කෙරුවේ ? මට x x x මට x x x බයයි හීන්බණ්ඩය්යා. මට කැතයි.” ඇගේ බෙරිහන් දීම ඉදිරියේ හීන්බණ්ඩා අය්යාද කෑ ගැසූයේ ඊට නොදෙවෙනි හඬකිනි. ”යකෝ ! මේක උඹ අද විතරක් දන්න දෙයක්යැ. දොස්තර මහත්තුරු අවසානෙට කියල තිබ්බ නොවැ මේකිගෙ ඇඟ හැම තැනම බඬේ ඉන්න සන්ධියේ පොළොං විස ගිහිං හින්දා පොළගෙක් වාගේ හැසිරෙයි කියලා. තොට මොන යකා වැහුණද අද විතරක් ? මං එක ඩිංගට නොඑන්ඩ මෙතෙන්ට අද, මෙතන මිනීමැරුමක්x තොට ඔල්මාදෙද හැබෑටම.” කෑ ගෑමත් සමඟ ගැහෙන චන්ද්‍රලතාගේ පපුව දෙස මඳක් ආශාවෙන් බලා සිටි හීන්බණ්ඩා අය්යා පැළ ඉණි වැට ළඟට ගොස් ගම්මුන්ට හූ තියන්නට ගත්තේ එක සීරුවටය. ඒ හූවත් සමඟින් දෙනෙත් හැර බැලූ ඇය දුටුවේ තමන් ඉදිරියේ වූ පුටුවේ සිටින, හේබා වී ගිය කුඩා ඔළුගෙඩියෙන් ලේ ගලන තමන්ගේ එකම දියණියයි. ”අනේ මගෙ රත්තරනේ ! මේ මොකද්දෑ උඹට වුණේ ? අනේ දෙය්යනේ ! මං මොකද්ද මේ කෙරුවේ ? අනේ දෙය්යනේ ! මගෙ රත්තරන් කෙල්ල ! මයෙ අම්මා ! මේ x x x අවුරුදු පහළොවක්-දාසයක් තිස්සේ දහ දුක් විඳලා මේ මයෙ අත් දෙකෙන්ම හදාපු කෙල්ල මරන්ඩ නේද මම ත්‍ව ග x අනේ ත්‍ව ත්‍ව x අනේ ත්‍ව ග ග” දියණියගේ සිරුර බදාගෙන විලාප තියන්නට වූ අම්මා පසෙකට ඇද දැමූ ගම්මුන් අතරින් නැවතත් මතු වූයේ හීන්බණ්ඩා අය්යාගේ කටහඬය. මිදුලේ දැල්වෙන ගම්මුන් ගෙනා හුළු අතු විසින් රතු පෑ ගන්වා ඇති හීන්බණ්ඩාගේ මුහුණ වට පිට බලමින් කතා කළේ චන්ද්‍රලතාගේ දෙනෙත මඟ හරිමිනිx ”දැන් අඬලා දොඩලා තේරුමක් නෑ. අපි නොදන්නවැයි උඹ මේ කෙලි නෑම්බ වෙනුවෙන් වි`දින අපා දුක්. දැන් අයින් වෙනින් ඔතනින්x මේකි ඉක්මන් කොරලා ඉස්පිරිතාලෙට ගෙනියන්ඩෝනැ. ලතවෙන්ඩ වෙලාවක් නෙමෙයි මේකx මෙහෙම හිටියොත් මෙතන ලේ ගොහිං එකක් වෙයි. නන්දයෝ ගනින්කෝ ඔක්කොටම ඉස්සරලා ඔය රෙදි පටි ටිකක් ඉරලාx ඔය ඩිංගිරියා හිටියා නේද ? න්ආ ! විගහට ගොහිල්ලා ඔය රෙදි කෑල්ලක් පටළවගෙන වරෙල්ලා ඉස්පිරිතාලෙට යන්ඩx කෙල්ල උඹ ගාව ඉඳියිද දන්නෑx ඒත් ඉතිං මේ විකාර වෙලා තියෙද්දි චන්දරා නංගි යවලත් බෑ නොවැx” එහෙත් හීන්බණ්ඩාගේ වාසගම හමාර වීමටවත් වෙනෙකෙකුට වෙනත් කතාවක් ගොඩනැඟීමටවත් වන්ද්‍රලතාගේ කට අවසර දුන්නේ නැතx ඇගේ ඒ කටහඬ මුලින් පිට කළේ විධානාත්මක හඬක් වුවද වාසගම හමාර වන විට පැමිණ සිටියේ ආයාචනාත්මක හඬකටයx ”නෑ; නෑ; අය්යාx කව්රුවක්වත් ඕනැන් නෑx මං යන්නංx මයෙ කෙල්ල මං නැතුව ඉන් නෑx ඔව් x x x මටත් x x x මටත් බෑ ඒකි නැතුව මේ ගෙදර එක තත්පරයක් ගත කොරන්ඩx අනේ මං යන්නං අය්යාx මට පිස්සු වැහිලා නෑx මට මයෙ කෙල්ල බලා ගත්තෑකිx අනේ මං වැඳලා කියන්නං, මට යන්ඩ දීපල්ලාx මයෙ කෙල්ල නැතුව එක විනාඩියක් මේ ගෙදර ඉන්නෑ මමx” (වයඹ පළාත් සාහිත්‍ය තරඟාවලියේ පළමු තැන හිමි කර ගත් කෙටිකතාව*

No comments: