UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ජනප‍්‍රිය සංස්කෘතිය හා වැදිජන ජිවිතය

Thursday, December 12, 2013

ජනප‍්‍රිය සංස්කෘතිය හා වැදිජන ජිවිතය

ජනප‍්‍රිය සංස්කෘතිය හා වැදිජන ජිවිතය 04.I වැදිජන සංස්කෘතික පසුබිමෙහි වූ ජනප‍්‍රිය සංස්කෘතිය ජනප‍්‍රිය සංස්කෘතිය යනු වර්තමාන ලෝකයේ කවුරුත් පාහේ දැන හෝ නොදැන අනු ගතවූ නව විලාසිතාවක තැනගත්තාවූ ප‍්‍රබල නැමියාවක් ලෙස හඳුනාගත හැකිය. (රත්නායක, 2008, 107* මෙම ජනප‍්‍රිය සංස්කෘතිය යන්න කුමක් දැයි හඳුනාගැණිමට පෙර, එය වූ කලී ‘‘සංස්කෘතිය’’ යන්න තුළම අන්තර්ගත වන්නක් වන බැවින් පළමුව ‘‘සංස්කෘතිය’’ යනු කුමක් දැයි හඳුනා ගැනීම වැදගත් වෙයි. ඒ අනුව සංස්කෘතිය යන්න පිළිබඳව පෘථුල විග‍්‍රහයක් ඉදිරිපත් කළ සමාජවිද්‍යාඥ ඊ. බී. ටයිලර් සිය ඡුරසපසබසඑසඩැ ජමකඑමරු නම් කෘතිය තුළ දක්වන්නේ, ‘‘සංස්කෘතිය හෝ සබ්‍යත්වය යනු දැනුම, ඇදහිලි, කලා, නීති, සදාචාර, සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජිවත්වන පුද්ගලයකු වශයෙන් ලබාගත්තා වූ පුරුදු පුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්තයක් වේ’’ (අමරසේකර, 2000, 31* යනුවෙනි. එසේම රේමන්ඞ් විලියම්ස් විසින් ප‍්‍රකාශකර ඇත්තේ ‘‘සංස්කෘතිය යනු සමස්ත ජීවන මාර්ගය’’ (දිසානායක, 2004, 148* යන්නයි. කෙසේ නමුත් මෙම සංස්කෘති සතු මූලික ලක්‍ෂණයක් ලෙස ගතික ස්වභාවය හෙවත් වෙනස්වන ලක්‍ෂණයක් දැක්විය හැකිය. දිනෙන් දින වෙනස් වන පුද්ගල ජීවිතය මෙම සංස්කෘතිය මත ර\පවතින බවත් එම පුද්ගල අවශ්‍යතාවන්ට අනුව ඇති වන වෙනස්කම් ම`ගින් සංස්කෘතියටද යමක් නොකඩවා එක්වීමක් සිදුවන බවත් පැවසිය හැකිය. එමෙන්ම මෙම ගතික ස්වරූපය හේතුකොට ගෙන සෑම සංස්කෘතියකටම නව සන්නිවේදන හා ප‍්‍රවාහන ක‍්‍රම හඳුන්වාදිමත් සම`ගම සංස්කෘතික විප්ලවයක් ඇති වන තත්ත්වයක් උද්ගත වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ජනප‍්‍රිය සංස්කෘතිය නමින් වෙනත් සංස්කෘතියක් ද ප‍්‍රධාන සංස්කෘතිය තුළ නිර්මාණය වි ඇති බවක් දැකිය හැකි වේ. එසේම මෙම සංස්කෘතිය යන්න සම`ග බද්ධවූවක් ලෙස කලාව දැක්විය හැකිය. ඒ අනුව ‘‘කලාව’’ යනු අනිවාර්යෙන්ම සංස්කෘතියේ එක් ප‍්‍රපංචයකි. එසේ සංස්කෘතියේ කොටසක් වන කලාවට සංස්කෘතිය සංස්කරණය කරන්නටද සිදුවෙයි. (අමරකීර්ති, 2008, 354* මේ අනුව සංස්කෘතිය යනු දිනෙන් දින සංස්කරණය වන්නක් වන අතර එය නිමාවක් නොපෙන්වන්නාවූ ක‍්‍රියාවලියක් ලෙස දැක්විය හැකිය. මේ කාරණය සම්බන්ධව අදහස් දැක් වූ මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින් සිය ‘‘මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය’’ යන කෘතිය තුළ සඳහන් කර ඇත්තේ ‘‘ සංස්කෘතිය යන වදනින් හැඳින්වෙන්නේ වෙනස් නොවන ස්ථාවර වස්තු හා ධර්ම සමූහයක් නොවේ. හේතු ප‍්‍රත්‍යයක් ලැබෙන සැටියෙන් වෙනස්වන උපකරන හා ධර්ම සමූහයකි.’’ (වික‍්‍රමසිංහ, 2007, 86* යනුවෙනි. සංස්කෘතිය සතුව පවත්නා මෙම වෙනස්වීම් ගෝලිකරණයත් සම`ග ඉතා වේගවත් ස්වරූපයකින් කි‍්‍රයාත්මක වන බැව් ප‍්‍රකාශ කළ හැකිය. ‘‘බටහිර ඡුදචමක්ර ක්‍මකඑමරු ලෙස හැඳින්වෙන මෙම ප‍්‍රපංචය යටත්විජිතකරණය, කාර්මික විප්ලවය, ලෝක මහා සංග‍්‍රාම, නිදහස් සටන් හා තරුණ නැගිටීම්, ගෝලිකරණය වැනි හේතු නිසා සීමා මායිම් ඉවත් වීමෙන් හෙවත් සංස්කෘතික විසරනයෙන් බිහි වු තවද එක්තරා සංස්කෘතියක් යැයි කීම සාවද්‍ය නොවේ. ජනපි‍්‍රය සංස්කෘතිය පෞද්ගලික ගති ලක්‍ෂණ ඇති සංස්කෘතීන්ගේ ඒක ස්වරූපී නැමියාවක් ලෙස හැඳින්විය හැක්කේ ද එහෙයිනි. එක් සංස්කෘතියකට තවත් සංස්කෘතියක් ජනපි‍්‍රය සංස්කෘතියක් තුළ දී කරන මෙම බලපෑම වර්තමානයේ සංස්කෘතික අනන්‍යතාව ද ක්‍ෂය කිරීමට හේතු භූත වන බව සමාජ මානව විද්‍යාඥයෝ දක්වති. (රත්නායක, 2008, 108* ජනපි‍්‍රය සංස්කෘතිය යන්න පිළිබඳව අදහස් දක්වන ආරියරත්න ඇතුගල මහතා ප‍්‍රකාශ කරන්නේ ‘‘ජනපි‍්‍රය යනු ‘‘ජනයා අතර පි‍්‍රය වු’’ යන අරුත ගත් වදනක් බවයි. (ඇතුගල, 1995, 54* මේ හේතුවෙන් විනෝදාස්වාදය මාර්ග ඔස්සේ පමණක් අවධානය යොමුකරමින් ජනප‍්‍රිය සංස්කෘතිය හඳුනා ගැනීමට උත්සහ කරන අවස්ථා දැකිය හැකි අතර එහි දී ජනපි‍්‍රය සංස්කෘතියේ එක් පැතිකඩක් පමණක් ප‍්‍රකාශවන බව කිව හැකිය. සුනන්ද මහේන්ද්‍ර මහතා පවසන පරිදි ‘‘ජනපි‍්‍රය සංස්කෘතිය යනු පරණ පන්නයේ මාධ්‍යය ව්‍යූහය මත ගොඩ නැ`ගුණු නව මාධ්‍යය ව්‍යුහයකි.’’ (මහෙන්ද්‍ර,1997, 05* තව ද සේනක සෙනවිරත්න මහතා දක්වන පරිදි ජනපි‍්‍රය සංස්කෘතිය ‘‘සංස්කෘතික ව්‍යාප්තියේ ප‍්‍රතිඵල ලෙස බිහි වූ නව ආරක් ගත් ජන සංස්කෘතික අංගයක් වේ.’’ (සෙනවිරත්න, 1999,05* එසේම මෙම ජනපි‍්‍රය සංස්කෘතික අංගයක් වේ.(සෙනවිරත්න,1999,05* එසේම මෙම ජනපි‍්‍රය සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලැබීමට ආරියරත්න ඇතුගල විසින් දක්වන ලද අදහස ද වැදගත් යැයි පැවසිය හැකිය. ඒ අනුව ඔහු ‘‘ජනපි‍්‍රය සංස්කෘතිය දෛනික ජීවිතයේ අඩු වැඩිය (ීඑමෙෙ දෙ ා්හ එදා්හ කසෙැ* ලෙසින් ඇතැමුන් හඳුන්වා දී තිබෙන බව දක්වයි.’’ (ඇතුගල, 1995,23* කෙසේ නමුත් ඈත අතීතයේ සිටම භාවිතවන මෙම ‘‘ජනපි‍්‍රය සංස්කෘතිය යන්න නූතන ධනවාදය සම`ග අවියෝජනීය ලෙස බැඳී පවතී. ධනවාදය විසින් මාධ්‍යයේ පැවැත්ම සඳහා මෙන්ම තමන්ගේ පැවැත්ම සඳහාද ජනපි‍්‍රය සංස්කෘතික අංග හඹායන ස්වභාවයක් වර්තමානය වන විට දැකගත හැකි අතර ජනපි‍්‍රය සංස්කෘතිය යනු විවෘත වූවක් හා නිරන්තර නවීකරණයට ලැදි වූවක් ලෙස හඳුනාගත හැකිය. එසේම එය ඕනැම සංස්කෘතියක ආධිපත්‍යයට අභියෝග කරන්නක් බවද පැවසීම සාවද්‍ය නොවේ. විශේෂයෙන්ම මෙහි දී සලකාබැලිය යුතු කරුණක් නම් ලාංකේය ආදිවාසී සංස්කෘතිය ප‍්‍රාථමික ජනකොට්ඨාසයක් සතු උපසංස්කෘතියක් ලෙස මෙම ජනපි‍්‍රය සංස්කෘතියේ ග‍්‍රහණයට හසුව ඇති ආකාරයයි. ප‍්‍රධාන වශයෙන් මහ සමාජය හා මිශ‍්‍ර වීමත් සම`ග ඇරඹුණු මෙම ජනපි‍්‍රය සංස්කෘතියට නතුවීමේ කි‍්‍රයාවලිය නූතන ආදිවාසී සංස්කෘතිය තුළ දැකිය හැකි අඛණ්ඩව සිදුවෙමින් පවත්නා සංසිද්ධියක් ලෙස දැක්විය හැකිය. ඒ අනුව නව වැදිජන සංස්කෘතිය පිළිබඳ විමසීමේදී ඒ තුළ යම් යම් ජනපි‍්‍රය සංස්කෘතික අංග ලක්‍ෂණ මුල්බැසගත් ස්වභාවයක් මැනවින් ගම්‍යමාන වෙයි. මෙහි දී මෙම ආදිවාසී සංස්කෘතික පසුබිමෙහි වූ ජනපි‍්‍රය සංස්කෘතිය විමසිමේ දී එය මූලික වශයෙන් නවීන ජනමාධ්‍ය ම`ගින් එල්ල වුණු බලපෑම ඔස්සේ ආදිවාසී සංස්කෘතිය තුළ ජනපි‍්‍රය සංස්කෘතික අංග ලෙස හඳුනාගතහැකිවීම වැදගත් කරුණක් වශයෙන් දක්වාලිය හැකිය. සමාජයක ප‍්‍රගමනය සඳහා ජනමාධ්‍යය ම`ගින් ඉමහත් පිටුබලයක් ලැබෙයි. ඵැකඩසබ ඛගෘැ ත්‍කැමර සහ ී්බාර් ඊ්කක - ඍදජැ්ජය දක්වන පරිදි ‘‘අවකාශමය වශයෙන් හා ස්ථානමය වශයෙන් ඇති සියලූ සීමාවන් අතික‍්‍රමකය කරමින් අධිසංකීර්ණ නූතන සමාජ සඳහා ගැලපෙන මිනිසා සංවිධානය කිරීම සහ දැනුවත් කිරීම නූතන ජනමාධ්‍ය විසින් ඉෂ්ට සිද්ධ කරයි.’’ (කෙැමර ්බා රදනැ්ජයල1989ල324* නමුත් සිය කාර්යය නිවැරදිව අවබෝධ නොකර ගැනීම හේතුවෙන් ජනමාධ්‍යය මගින් සමාජ අපගාමි තත්ත්වයන්ට යොමු කරන බවද වර්තමානය වන විට දැකිය හැකි වෙයි. ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රධාන වශයෙන්ම හමුවන මාධ්‍ය ඒකකය වශයෙන් මුද්‍රිත මාධ්‍යය හඳුනාගත හැකිය. ඉන්්පසුව ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව, වීඩියෝපට, කැසට්පට, ටෙලිෆෝනය, පරිගණකය, අන්තර්ජාලය වැනි විවිධ මාදධ උපකරණ භාවිතයට පැමිණ ඇත. එමෙන්ම මේ පිළිබඳ විමසීමේ දී මහ සමාජය තුළින් මෙන්ම ආදිවාසී සමාජය තුළින්ද මුද්‍රිත මාධ්‍ය යම් ආකාරයකට ඈත්වීමක් දැකිය හැකිවීමට, ඉහත සඳහන් මුද්‍රිත මාධ්‍යයෙන් පසුව පැමිණි මාධ්‍යය උපකරණ ප‍්‍රධාන වශයෙන් හේතු වූ බව දක්වාලිය හැකිය. නූතන ජනමාධ්‍යයන්ගේ අන්තර්ගතය පිළිබඳ විමසීමේ දී එය විනෝදාත්මක ක්‍ෂේත‍්‍රයට වැඩි නැඹුරුවක් දක්වන බව පැහැදිලිය. ඒ අතරින් ජනපි‍්‍රය සංගීතය, බාලබොලඳ පේ‍්‍රම නවකතා, වට්ටෝරු චිත‍්‍රපට භාවාතිශය ගීත හා ටෙලිනාට්‍ය, රූප රාජිනී තර`ග, නව ආහාර වර්ග පිළියෙල කිරීමේ විධි, මෝස්තර හා සැරසිලි, කාටූන්, රූකඩ, පෝසටර්, බැනර්, සුබ පැතුම්පත්, අත් පති‍්‍රකා, කි‍්‍රකට් තර`ග, සංගීත ප‍්‍රසංග මතුනොව නවීන පන්නයේ කලිසමේ පටන් ඉවතලන රේසරය දක්වාම නිෂ්පාදිත වෙළඳ දැන්වීම් ජනමාධ්‍යයට අත්‍යවශ්‍යයම අංග බවට පත්ව ඇත. (රත්නායක, 2008, 117* මෙකී සෑම අංගයක්ම වැදිජනයා විසින් ග‍්‍රහණය කොටගත් ආකාරයක් ආදිවාසී සංස්කෘතික පසුබිමෙහි වූ ජනපි‍්‍රය සංස්කෘතිය පිළිබඳ විමසීමේ දි මැනවින් ගම්‍යමාන වන්නා වූ කරුණකි. ඒ අනුව ඔවුන්ගේ ඉපැරණි සංස්කෘතිකාංග සිය සංස්කෘතිකාංග සම`ග සම්බන්ධ කරගනිමින් නවීකරණය වූ මහ සමාජය සම`ග සම්බන්ධවීමට යත්න දැරීමක් වර්තමානය වන විට දැකිය හැකියැයි ප‍්‍රකාශ කිරීමට හැකියාවක් ඇත. එසේම යම් පුද්ගලයකු මිය ගිය පසු ඔහු අධිබල සම්පන්න අදෘශ්‍යමාන කෙනෙකු ලෙස වටහාගැනීමට උත්සහ දැරීම අතීත සමාජයේ සිටම පැවත එන පුරුද්දකි. මෙය වර්තමාන ජනමාධ්‍යය තුළින් ද වීරත්වය, අධිමානුෂිකත්වය ආරෝපණය කොටගෙන විකාශනය වනු දැකිය හැකිය. ඒ අනුව කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මනඃකල්පිත ලෙස ජනපි‍්‍රය සංස්කෘතියේ එන චරිත හා ජීවත්වන බව කිව හැකිය. සුපර්මෑන්, බැට්මෑන්, රොබින්හුඞ්, ටාසන් වැනි කාල්පනික චරිතවලට අමතරව කාල්පනික දෘෂ්ටියකින් අගය කරන සැබෑ චරිත වන මයිකල් ජැක්සන්, මැඩෝනා වැනි චරිත ජනයාගේ එදිනෙදා ජීවිතයේ නිතර හමුවන චරිත බවට පත්ව ඇතිබව පෙනේ. මෙය වැදිජන සමාජය තුළ ද ඒ හා සමානව සිදු වී ඇති බව දඹාන ආදිවාසී ජනයා සම්බන්ධයෙන් සිදුකළ මෙම අධ්‍යයනය තුළින් ද පැහැදිලි විය. එසේම ජනමාධ්‍ය කෙරෙහි ජනපි‍්‍රය සංස්කෘතිය බලපෑවා මෙන්ම ජනමාධ්‍ය හරහා ජනපි‍්‍රය සංස්කෘතිය ව්‍යාප්ත වූ බවද පැවසිය හැකිය. මේ බව ආදිවාසී ජනසමාජය තුළින් තහවුරු වූ එක් අවස්ථාවක් වශයෙන් ටාසන් වැනි චරිත අත්හදා බැලීමට යන කුඩා පිරිමි ළමුන් දඹාන ගම්මානය තුළින් හමුවීම දැක්විය හැකිය. න්‍ග ඔග ණක්චචැර දක්වන පරිදි ‘‘රූපවාහිනිය ම`ගින් ළමයින් ශී‍්‍රඝ‍්‍රයෙන් ළමා ලෝකයෙන් ඉවත්කොට වැඩිහිටියන් බවට පත්කරයි.’’ (නක්චචැරල 1954ල 91 - 105* යන අදහස වැදිජන සමාජය තුළින් ද තහවුරු වූ අවස්ථා අධ්‍යයනය තුළ දී හමුවිය. ජනමාධ්‍ය තුළට ප‍්‍රවේශවන ජනපි‍්‍රය සංස්කෘතික අංග වර්තමාන ජන ජිවිතය කෙරෙහි බලපානුයේ අවිච්ýන්න ලෙසිනි. ඒ අනුව ටෙලිනාට්‍ය හා වෙළඳ දැන්වීම් ක්‍ෂේත‍්‍රය හරහා පැමිණෙන වචන සහ නොයෙක් වදන් ජන සමාජයට හුරුවිම මෙයට උදාහරණයක් ලෙස දැක්විය හැකිය. සිංහල ජන සමාජයට මෙන්ම ආදිවාසී ජනසමාජයටද මෙය පොදු වූ කාරණාවක් බැව් මෙම අධ්‍යයනය තුළින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පසක් විය. ඒ අනුව පොඃ, අනේද කියන්නේ, මාර රචනාවක්නේ, මටමමයි වෙන්නේ, ඇහුන්නෑ, මල්ලි හරි මල්ලි, මල් හතයි ආ...වැනි ප‍්‍රකාශ දඹාන ගම්මානය තුළ කුඩා දරුවාගේ සිට බොහෝ වැඩිහිටි පිරිස් අතර පැතිර පවත්නා බව අසන්නට ලැබිණ. මෙම ප‍්‍රකාශ රූපවාහිනිය ඔස්සේ ඔවුන්ට අසන්නට ලැබෙන බවත් ඒවා එදිනෙදා කථාබහේදී අරුතකින් තොරව ප‍්‍රකාශ කිරීමෙන් වුවද අමුතුම සතුටක් ඇතැම් පිරිස් ලබන බවත් පැහැදිලි විය. එසේම අද වන විට වාණිජ ප‍්‍රචාරණය ජනපි‍්‍රය සංස්කෘතිය ප‍්‍රවාහනය කිරීමේ කාර්යය සිදුකරන බවක් දැකිය හැකිවෙයි. ඒ අනුව ජනපි‍්‍රය සංස්කෘතිය හේතුවෙන් ජනමාධ්‍ය තුළ බලපෑම් හතරක් සිදුවන බව පිළිගැනේ, එනම් 1. නව ප‍්‍රතිරූප ගොඩනැගීම 2. වාණිජ සංකල්ප බිහිවීම 3. තාක්‍ෂණික ආකර්ෂණයෙන් කෙරෙන පෙළඹවීම 4. තාක්‍ෂණය හා නිර්මාණය මුසුව කෙරෙන පෙළඹවීම (සුනන්ද ද මැල්, 1997, 47* යනාදියයි. මෙහි පළමු කාරණය වර්තමාන සමාජයේ ජනපි‍්‍රය සංස්කෘතියෙහි වැදගත් අංගයක් බවට පත්ව ඇත. මයිකල් ජැක්සන්, ටාසන් වැනි චරිතවලට අමතරව සිංහල සහ හින්දි නළු නිළියන් අනුකරණය වර්තමාන සමාජයේ බහුලව දැකිය හැකිය. මෙය ආදිවාසී තරුණ පරපුර සම්බන්ධයෙන්ද තහවුරු වූ කරුණකි. අධ්‍යයනයට අනුව දඹාන ආදිවාසී ගම්මානය තුළ තරුණ පරපුර සම්බන්ධව කළ විමසීම් තුළන් රූපවාහිනිය ඔස්සේ තමා අද්දුටු චරිත අනුගමනය කිරීමට උත්සහ දරණ පිරිස් පිළිබඳව තොරතුරු හමුවිය. සම්මුඛ සාකච්ඡුා තුළින් හෙළි වූ පරිදි ඇතැම් පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් ද කොණ්ඩය කැපීම සහ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් සැළකිලිමත් විමේ දී බොහෝවිට නළු නිළියන් සහ වෙනත් ක්‍ෂේත‍්‍රවල ප‍්‍රසිද්ධ චරිත අනුකරණය කරන බව අසන්නට ලැබුණි. ඒ අතර අපගේ නිරීක්‍ෂණයට ලක් වූ ‘ප‍්‍රදීප්’ නැමැති ආදිවාසී තරුණයා වර්තමාන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන කී‍්‍රඩකයකු වන ලසිත් මාලිංග අනුකරණය කරමින් කොණ්ඩය සකසා තිබූ බවත් ඔහු පුරුද්දක් ලෙස එවැනි චරිත අනුකරණය කරන බවත් ඔහුගේ හිතවත් අනෙක් පිරිස විසින් ප‍්‍රකාශ කරනු ලැබූ බව විශේෂයෙන් පැවසිය යුතුය. තවද සම්මුඛ සාකච්ඡුා ම`ගින් හෙළි වූ පරිදි ශාරුක්ඛාන්, රිතික් රෝෂන්, ඓශ්වර්යා රායි, කරීනා කපූර් වැනි හින්දි නම් නළු නිළියන් මෙන්ම විජය උමාශංඛර් වැනි දෙමළ නළු නිළියන්ද, ඔවුන් පැවසු පරිදි සිංහල ටෙලි නාට්‍ය තුළ දැකිය හැකි පබා, අමා, පූජා, ආදී චරිත බොහෝමයක් සිත් ගෙන ඇති අතර එම චරිතයන් අනුකරණය කිරීමට ඇතැම් තරුණ පිරිස් උත්සහ ගන්නා බවට තොරතුරු හෙළිවිය. මෙසේ නව ප‍්‍රතිරූප ගොඩනැගීම සඳහා හේතුභූත වන කාරණා කිහිපයක් සේනක සෙනවිරත්නයන් විසින් දක්වන අතර ඒවා පහත පරිදි වෙයි. 1. මයික‍්‍රෆෝනය 2. සංයුක්ත තැටි 3. විශ්වාන්තර කථනය 4. ස්ටිරීයෝ චිත‍්‍රාගාරවල නැගීම 5. වර්ණලෝක, විද්‍යුත් සංගීත භාණ්ඩ නිපදවීම 6. සංගීත වර්ගීකරණය කිරීම. (සෙනවිරත්න, 1999, 24 * ව්‍යාජ සංකල්ප බිහිවීම යටතේ ද පෙම්වතුන්ගේ දිනය (වැලන්ටයින් ඬේ* දෙමාපිය දිනය, ලෝක කාන්තා දිනය ආදිය සිරස වැනි නාලික හරහා හඳුන්වා දුන් සංස්කෘතියට ආගන්තුක දේවල් ලෙස බාහිරින් පැමිණ ඇත. මෙම අංගයන්ද වැදි ජන සමාජයේ බොහෝවිට කි‍්‍රයාත්මක වනු දැකිය හැකිය. මෙහි දී විශේෂයෙන් දැනගැනීමට ලැබුණු කරුණක් නම් පෙම්වතුන්ගේ දිනය (වැලන්ටයින් ඬේ* ආදිවාසී තරුණ පරපුර අතර වඩාත් වැදගත් දිනයක් ලෙස සැලකෙන බවයි. එසේම එදින වෙනුවෙන් ආදරවන්තයන් අතර නොයෙකුත් තෑගී බෝග හුවමාරු වන බවක් ද ආදිවාසී ගැහැණු දරුවකු සම`ග සිදු කළ සම්මුඛ සාකච්ඡුාවකදී දැනගැනීමට හැකිවිය. ‘‘යාළුවෙලා ඉන්න ගොඩක් අය වැලන්ටයින් දවසට හොරෙන් එක එක දේවල් තෑගි දෙනවා තමයි කොහොමත්. ඒවා හැබැයි අම්මලා තාත්තලාට හොරෙන් කරන්නේ ගොඩක් වෙලාවට....’’ (මල්කාන්ති, 2012.10. 20.* ජනපි‍්‍රය සංස්කෘතිය ප‍්‍රවාහනය වීමේ වේගය විද්‍යුත් මාධ්‍යය හරහා ප‍්‍රබල වී ඇති බව දැකිය හැකි අතර මේ සඳහා හේතු සාධක වූ කාරණාව කුමක් ද යන්න පහත දැක්වෙන ආචාර්ය සාලිය කුලරත්න මහතාගේ අදහසින් මැනවින් ගම්‍ය වේ. ‘‘සන්නිවේදන සිදු කරන විවිධ මාධ්‍යය අතුරන් ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් වඩාත් ප‍්‍රබලය. එසේවීමට හේතුව ඒවා තුළ සංසරනය වන්නේ, එක්කෝ මිනිස් හ`ඩ නැතහොත් රූපය වීමය. මෙකී ද්විත්වය ශ‍්‍රාවක පේ‍්‍රක්‍ෂක අවධානයට නතුවන්නේ මුද්‍රිත මාධ්‍යයට වඩා ක්‍ෂණිකවය.’’ (කුලරත්න, 1999, 27* එසේම වර්තමාන ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයෙහි ජනපි‍්‍රය සංස්කෘතිය බහුලව යොදා ගැනීමට හේතුව කුමක් ද යන්න අවබෝධකරගැනිමට සේනක සෙනවිරත්නයන්ගේ පහත අදහස වැදගත් යයි ප‍්‍රකාශ කළ හැකිය. ‘‘...ග‍්‍රාහකයා වෙත ඉක්මනින් සමිප වීම සඳහා ශ‍්‍රව්‍ය - දෘශ්‍ය ශිල්පියා හා මුද්‍රිත ශිල්පියා තත්කාලීන සමාජයේ ජනපි‍්‍රය අංගයන් යොදාගැනීම වත්මන් ජනමාධ්‍ය තුළ දක්නට ලැබෙන සුවිශේෂී අංගයකි.’’ (සෙනවිරත්න, 1999, 25 * අද වන විට පෞද්ගලික මාධ්‍යය සේවාවන්ට වඩා රජයේ මාධ්‍ය සේවාවන් යම්තාක් දුරට සිය යුතුකම් ඉෂ්ට කිරීමට යත්න දරන බව පෙනුන ද ඒවාද බොහෝවිට ජනපි‍්‍රය සංස්කෘතියට සීඝ‍්‍රලෙස නැඹුරුවන බවක් පෙනේ. කෙසේ නමුත් ආදිවාසී සංස්කෘතික පසුබිමෙහි වූ ජනපි‍්‍රය සංස්කෘතිකාංග විමසීමේ දී මෙම මාධ්‍යය ද්විත්වයට යම් යම් බලපෑම් ඇතිකළ හැකි බවක් දැකිය හැකිවෙයි. ආදිවාසී පිරිස් රූපවාහිනිය තුළින් යම් යම් ජනපි‍්‍රය සංස්කෘතිකාංග සිය සංස්කෘතියට මුසු කර ගැනීමක් නිරායාසයෙන් සිදුකරගන්නා බවක් දැකිය හැකි අතර විනෝදාස්වාද මාධ්‍යයක් ලෙස රූපවාහිනිය නැරඹීම බොහෝ වැදි ජනයා විසින් සිදු කරනු ලබන බව දැන ගැනීමට හැකිවිය. වර්තමානය වන විට දඹාන ආදිවාසී ගම්මානයේ බොහෝ නිවෙස් තුළ රූපවාහිනි යන්ත‍්‍ර පවතින අතර ඔවුන් විසින් වර්තමාන ජනපි‍්‍රය රූපවාහිනි නාලිකා වන සිරස ඔඪල හිරු ඔඪ ස්වර්ණවාහිනය ආදී නාලිකා ඔස්සේ ගෙනහැර දක්වන ීමචැර ිඒරල ඵැට් ිඒරල ඛසඑඑකැ ිඒර ආදී ජනපි‍්‍රය වැඩසටහන් නරඹන බවට තොරතුරු හෙළි විය. එසේම පසු ගිය වර්ෂය තුළ සිරස ඔඪ තුළන් විකාශය වූ රන්දෙපැය තුළ වූ මහගෙදර, වසූදා, ප‍්‍රවීණා, කාව්‍යා ආදී ටෙලි නාට්‍ය පුරුද්දක් වශයෙන් වයස්භේදයකින් තොරව නැරඹු බවත් ඉන් පසුව පැමිණි, අද දක්වා විකාශය වන ඇතැම් ජනපි‍්‍රය ටෙලිනාට්‍යය (පබා, මුතුකිරිල්ලි, තරුපිරි අහසක්, සුජාතා දියණිය* නැරඹීම නොකඩවා සිදුවන බවට තොරතුරු හමුවිය. 1977 විවෘත ආර්ථිකයත් සම`ග ආර්ථික ක්‍ෂේත‍්‍රයේ පමණක් නොව සමාජමය සංස්කෘතික යන සෑම ක්‍ෂේත‍්‍රයකම පාහේ වෙනසක් ඇති විය. ආර්ථික වශයෙන් භාණ්ඩ ආනයනයට - අපනයනයට අමතරව රූපවාහිනිය ද විදේශීය වැඩසටහනක් ආනයනය කිරීමට වැඩි නැඹුරුවක් දැක්විය. ඒවා ශී‍්‍ර ලාංකික ජනතාව එක්තැන කර විනෝදය සපයන මාධ්‍යයක් විම නිසා සික්ස්මිලියන්, නයිට්රයිඩර්, ඩොලර්මෑන් කෙරෙහි ගූණාත්මක වශයෙන් පෙර පසු විමසීමක් ජනතාවට අවශ්‍ය නොවිය. (රත්නායක, 2008, 132* මෙය ආදිවාසී ජනයා සම්බන්ධයෙන්ද වෙනසක් නොවන බව ප‍්‍රකාශ කල හැකිය. අද වන විට ඉහත වැඩසටහන් ආදිවාසී සංස්කෘතිය තුළ ඇති කල බලපෑම් ඒ පිළිබඳ විමසිමේ දී මැනවින් පැහැදිලි වෙයි. එසේම රූපවාහිනියට ආනයනය කළ වැඩසටහන් දේශීය නිර්මාණකරුවෝද එම ජනපි‍්‍රය නිෂ්පාදන කිසිදු වගවිභාගයකින් තොරව අනුකරණය කිරීමට ගත් උත්සහයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඉහත සඳහන් කළ මහ ගෙදර, ප‍්‍රගති, ප‍්‍රවීණා, චිත්ති වැනි භාරතයෙන් ගෙනා ීද්ච දචැර් නොහොත් ඵැට් ඔැකැ –ාර්ප් ඇසුරින් දාමිණි, වසුදා, ගෞතමී, කාව්‍යා, කිඳුරංගනා ආදී ටෙලිනාට්‍යය බිහිවීම දැක්විය හැකිය. මේවා බොහෝවිට ජනතාවගේ සිත් ඇදබැඳ ගැනිමට සමත් වූ ටෙලිනාටය වන අතර අධ්‍යයනය තුළන් තහවුරු වූයේ ආදිවාසී ජනයා තුළ ද මෙම සැම වැඩසටහනක් පාහේ ඉතාමත් ප‍්‍රබල ආකාරයෙන් මුල් බැසගත් බවකි. තවද 70 දශකයේ ගුවන් විදුලි ප‍්‍රසංග වේදිකාවට පිවීසීමත් සම`ග ජනපි‍්‍රය සංස්කෘතියට මූලික ප‍්‍රවේශයක් සැලසුණු බව කිව හැකිය. රූපවාහිනිය මෙන්ම ජනයා වෙත ජනපි‍්‍රය සංස්කෘතිය රැුගෙන ආ ප‍්‍රබල මාධ්‍යයක් ලෙස ගුවන්විදුලිය හැඳින්විය හැකි අතර එය රූපවාහිනියට පෙර සිටම සාමාන්‍ය ජනයාට සමීප වූ මාධ්‍යක් වු බව ප‍්‍රකාශ කළ හැකිය. ‘‘ගුවන්විදුලිය හා රූපවාහිනිය ප‍්‍රබල දේශපාලනික ආයුධ ලෙස සන්නිවේදන ක්‍ෂේත‍්‍රයට එක්විය. එසේම මෙකී මාධ්‍ය ම`ගින් සන්නිවේදනය කළ විනෝදාත්මක වැඩසටහන් දෛනිකව රාති‍්‍රයෙන් රාති‍්‍රයට ලක්‍ෂ ගණනින් ජනතාවට හැ`ගිම් වශයෙන්ද ආකල්පමය වශයෙන්ද බලපැම් බිහිකරන්නට සමත්විය.’’ (ඇතුගල, 1995, 24* යන ආරියරත්න ඇතුගල මහතාගේ අදහසට අනුව ගුවන්විදුලිය ජන ජීවිතය හා කොතරම් බැඳි පවතින්නේ ද යන්න පැහැදිළි වේ. ඒ අනුව ජනපි‍්‍රය සංස්කෘතිකාංග පළමු වතාවට ලෝකයට හ\ුන්වා දුන් මාධ්‍යය වශයෙන්ද ගුවන්විදුලිය යන්න හඳුන්වා දිම සාවද්‍ය නොවන බව ප‍්‍රකාශ කළ හැකිය. කෙසේ නමුත් ප‍්‍රධාන සමාජයට මෙන්ම ආදිවාසී සමාජය කෙරෙහි ද විවිධ ලබපෑම් එල්ල කිරිමට සමත් වූ ගුවන් විදුලිය ජනපි‍්‍රය සංස්කාතිකාංග ව්‍යාප්ත කිරීමේ මාධ්‍යයක් ලෙස ආදිවාසී සංස්කෘතියට ද සිදු කළ බලපෑම සුළුපටු නොවුවක් බැව් සැබෑය. ඒ අනුව වර්තමානයේ දි හිරු ත්‍ඵල ශී‍්‍ර ත්‍ඵල සිරස ත්‍ඵල ලක් ත්‍ඵල ආදී ජනපි‍්‍රය ගුවන්විදුලි නාලිකා ම`ගින් විකාශය වන ජනපි‍්‍රය වැඩසටහන් ආදිවාසී ජනයාද වැඩිවශයෙන් ශ‍්‍රවණය කරන බවක් අසන්නට හැකි විය. ඔවුන් සම`ග කළ සම්මුඛ සාකච්ඡුා ම`ගින් පැහැදිලි වූයේ අද වන විට හිරු ත්‍ඵල නාලිකාව බොහෝ දෙනාගේ පි‍්‍රයතම ගුවන්විදුලි නාලිකාව වූ බවයි. ‘‘හිරු තමයි හැමෝම වගේ අහන්නේ, මොකද ගොඩක් අලූත් සින්දු නිතරම යන්නෙත්, හිනා යන වැඩසටහන් වැඩිහරියක්ම තියෙන්නේත් ඒකෙනේ. ගොඩක් අය කැමති හිරු එකේ ඉන්න ‘අර’ ටයි ‘පැස්’ කියන නිවේදක....’’ (මල්කාන්ති, 2012.10. 20.* තවද ආදිවාසී සංස්කෘතිය තුළ ජනපි‍්‍රය සංස්කෘතික අංගයක් ලෙස කැසට්පට භාවිතය ද දැකිය හැකිවිය. ‘‘ගීත ක්‍ෂේත‍්‍රයේ ගුවන් විදුලිය දැරූ ඒකාධිපති ස්වරූපය නිසා රසිකයෝ විකල්ප මාර්ගක් ලෙස කැසට්පටයට යොමු වෙති. විශේෂයෙන්ම ජනපි‍්‍රය සංස්කෘතිය ගමට කැන්දා ගෙන ඒමට කැසට් යන්ත‍්‍රය හේතුභූත විය.’’ (රත්නායක, 2008, 134* මෙය ආදිවාසී සමාජයට පොදු වූ කරුණක් වශයෙන් දැක්විය හැකි අතර අද වන විට ආදිවාසී සංස්කෘතිය තුළ ජනපි‍්‍රය සංස්කෘතිය නියෝජනය කරන එක් අංගයක් බවට මෙය පත් වී හමාරය. වොලී බැස්ටියන්, නිහාල් නෙල්සන්, ඇන්ටන් ජූඞ් වැනි බයිලා ගායකයන්ගේ වේග රිද්ම (ඍදජනලඡුදචල ඍ්ප පමිසජ* සංගිතවලට ආදිවාසී ජනයා යොමු වි ඇති බවක් හඳුනා ගත හැකිවිය. මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු කරුණක් නම් මෙම අධ්‍යයනය සඳහා තොරතුරු රැුස්කිරීමට ගිය අවස්ථාවක දී ද දඹාන ගම්මානය තුළ ඉදි වී ඇති නව වෙළඳසැලක බයිලා ගීත අඩංගු කැසට් පටයක් තරමක් වැඩි හ`ඩින් යුතුව කි‍්‍රයාත්මක කර තිබීමයි. එසේම ආදිවාසී සංස්කෘතික පසුබිමෙහි වූ ජනපි‍්‍රය සංස්කෘතික අංග ලක්‍ෂණ නිරීක්‍ෂණයේ දි හමු වූ තවත් වැදගත් අංශයක් ලෙස නව ආහාර පිළියෙල කිරීමේ නවීන සමාජ ක‍්‍රමයත් සම`ග බිහිව පවත්නා ‘‘බුෆේ ක‍්‍රමයට’’ අනුව ආහාර පිළියෙල කිරීමක් ආදිවාසී සංස්කෘතිය තුළ අද වන විය දැක ගත හැකිය. මෙය විශේෂ උත්සව අවස්ථාවක දී ආගන්තුකයිනට සංග‍්‍රාහ කිරිමේදි භාවිත කරන බව විශේෂයෙන් දැක්විය යුතු අතර ඊට අමතරව දඹාන ආදිවාසී ගම්මානය තුළ නිර්මාණය වි ඇති අවන්හල් (කුඩා ආපනශාලා* ආදිය තුළ ද ආහාර පිළියෙල කිරීමේ ක‍්‍රමයක් ලෙස මෙය අනුගමනය කෙරේ. තවද ජනපි‍්‍රය සංස්කෘතික අංගයක් ලෙස ‘‘විලාසිතා’’ යන්න පිළිබඳ සැලකීමේ දී එය වැදිජන සමාජය ද ආක‍්‍රමණය කොට ඇති බවක් පෙනේ. පෙර සඳහන් කළ පරිදි ඇඳුම් පැලඳුම්, කොණ්ඩ මෝසතර පිළිබඳව විමසිමේ දී ඒ පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි අතර විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් පච්ච කෙටීමේ විලාසිතාව වැදිජන සමාජය තුළ පවතින බවට තොරතුරු හමුවිය. සෙලිග්මාන් නිරීක්‍ෂණය කොට ඇති පරිදි ඇගේ පච්ච කෙටීමේ හෝ සායම් තවරා ගැනීම විලාසිතාවක් ලෙස එකල වැදිජනයා අනුගමනය කර නොතිබිණි. නමුත් අධ්‍යයනය තුළ දී හඳුනාගැනීමට ලැබුණු පරිදි ඇතැම් තරුණ පිරිමි පාර්ශවය ීඵ ඹඋ ආදි ලෙස ඉංගී‍්‍රසි අකුරු ම`ගින් තම පුද්ගල නාමය හෝ වාසගම හැඳින්වෙන පරිදි පච්ච කෙටීම සිදු කොට ඇති ව මෙහි දි කැපි පෙනෙන කරුණක් ලෙස ප‍්‍රකාශ කල හැකිය. ඉහත ආකාරයට කරුණු විමසීමේ දී වැදිජන සංස්කෘතිය පසුබිමෙහි වූ ජනපි‍්‍රය සංස්කෘතික අංග පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි අතර මෙම ජනපි‍්‍රය සංස්කෘතික අංග ඔවුන් මහා සමාජය සම`ග ඇතිකරනු ලැබූ අන්තර් සබඳතාවන්ගේ ප‍්‍රතිඵලයක් වශයෙන් වැදිජන සංස්කෘතිය වෙත සම්පේ‍්‍රෂණය වි ඇති බැව් ප‍්‍රකාශ කල හැකිය. 04. II වැදිජනයාගේ සංස්කාතිය අළෙවි භාණ්ඩ බවට විකරණය වීම. ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වීමේ ගෝලීකරණ ක‍්‍රියාවලිය අභියස සමාජ, ආර්ථික හා සංස්කෘතිකමය වශයෙන් යම් බලපෑමකට හසුව පවත්නා ප‍්‍රාථමික ජනකොට්ටාසයක් වශයෙන් වැදිජනයා හැඳින්විය හැකිය. ‘‘වැද්දන්ගේ සාම්ප‍්‍රදායිකත්වය වෙනස්වීම ආර්ම්භ වූයේ සියවස් එකහමාරකට පෙර සිට යයි කීවොත් නිවරදිය’’ (සමරසේකර, 2001;220* එසේම වැදිජනයා කෙතරම් දුරට සංස්කෘතික සම්පර්ක ක‍්‍රියාවලියට ලක් වී ඇත්දැයි පැහැදිලි කරගැනීමට ඔවුන් පිළිබඳ අධ්‍යයනය කළ නන්දදේව විජේසේකරයන්ගේ අදහසින් ගෙනහැර දැක්විය හැකිය. එනම්, ‘‘මිෂනාරියා ඔවුන් ආගමට හරවයි. දේශ සංචාරකයා මොවුන්ගෙන් විනෝදයක් ලබයි.’’ පර්යේෂකයාගේ අධ්‍යයනයට ලක්වෙයි. අසල්වැසියාගෙන් හෙලාදැකීමට ලක්වෙයි.’’ (විජේසේකර 1960,43* ආදී වශයෙනි. ඒ අනුව වර්තමානය වනවිට වැදි ජනයා ප‍්‍රධාන සමාජය සම`ග ඇති කරනු ලැබූ අන්තර් සබඳතාවයන්ගේ ප‍්‍රතිඵලක් වශයෙන් ඔවුන්ගේ සංස්කෘතිය පරිවර්තනීය ලක්‍ෂණ පෙන්නුම් කරයි. එනම් වැදිජනයා සිය ඉපැරණි සංස්කෘතික සන්දර්භයෙන් අපගමනය වී නව සංස්කෘතියට උරුමකම් කියන බවත්, ඔවුන්ගේ සංස්කෘතිය වර්තමානය වන විට අළෙවි භාණ්ඩයක් බවට විකරණය වී ඇති බවත් දැකගැනීටම හැකියාවක් ඇත. මෙය එක්තරා ආකාරයකට මහ සමාජය සම`ග ඇති වූ සමීප සබඳතාව මත ක‍්‍රමයෙන් ජනප‍්‍රිය සංස්කෘතික ලක්‍ෂණ ආදිවාසී සංස්කෘතිය වෙත සම්පේ‍්‍රෂණය වීමත් සම`ග ආරම්භ වි ඇති බව ප‍්‍රකාශකළ හැකි අතර ඒ සඳහා සංචාරකයින්ගේ පැමිණීම ප‍්‍රබල හේතුකාරකයන් වූ බවක් පෙනේ. පිරිසකගේ ජීවන පිලිවෙත ගෙනයාමට අදාලවන සංස්කෘතික අංග එම ජනතාවගේ ‘‘සංස්කෘතික සාරය’’ (ක්‍මකඑමර්ක ැඑයදි* වෙයි. මෙයට අයත්වන්නේ සමාජය සතු නිෂ්පාදන තාක්‍ෂණය හා තමන්ටම හිමි සම්පත් පිළිබඳ ඥානයයි. (අමරසේකර, 1999, 49* අදාළ සමාජය පරිණාමයට පත්වීමේ දී සංස්කෘතික සාරයේ ස්වභාවය ද විවිධාකාර හැඩයන්ගෙන් යුක්ත විය හැකිය. එනම් අවස්ථාවෝචිත විවිධ බලවේගයන්ට අවනතව එය ගොඩනැගීමට අවකාශ ලැබිය හැක. මෙය සංස්කෘතික පරිහානික ස්වභාවයක් හෝ සංවර්ධන මට්ටමක් හෝ පෙන්නුම් කරනු ලබන්නා වූ තත්ත්වයක් විය හැකිය. ඒ අනුව ‘‘ආදිවාසී සංස්කෘතියක් තුළ වුවද උද්ගමන හා හායන අවස්ථා තිබිය හැකිය. උද්ගමන අවස්ථාවලදී එබඳු සංස්කෘති පරිසර පද්ධතිය තුළ ප‍්‍රචලිත වීමත් හායන අවස්ථාවලදී ඒවා බිඳවැටීමත් සිදු විය හැකිය. මේ නිසා පරිණාමය තුළ එකඑල්ලේ ප‍්‍රගතියකරා යාමක් නොදක්නා ලැබේ. (මීගස්කුඹුර, 1995, 49* කෙසේ නමුත් ආදිවාසින්ගේ සංස්කෘතික පරිණාමය අතිතයේ සිටම ක‍්‍රමයෙන් සිදු ව පැවති බවත් එය වර්තමානය වන විට වඩාත් උත්සන්න ආකාරයෙන් ක‍්‍රියාත්මක වන බවක් දැකිය හැක වෙයි. ඒ අනුව විවිධ ප‍්‍රදේශ කරා ගොස් වැද්දන් පිළිබඳ පර්යේෂණ සිදු කල වෛද්‍ය ස්පිට්ල් මහතා මේ සම්බන්ධව දැක් වූ අදහසක් මෙසේය. ‘‘දානිගල හා බින්තැන්න යන ප‍්‍රදේශවල වනගතව වෙසෙන වැද්දන් ද දැන් වේගයෙන් ගම්වැද්දන්ගේ තත්ත්වයට පත්වේගෙන එක බව අප පිළිගත යුතුය. එහෙත් ඔවුහු ඔවුන්ගේ භාෂාවේ බොහෝ වචන තාමත් ආරක්‍ෂාකර ගෙන සිටිති. එමෙන්ම ඔනුහු දුනු හී තැනීමේ සුවිශේෂ දක්‍ෂතා ඇත්තෝය.’’ (අල්විස්, 1997, 144* එසේම ලංකාවේ විවිධ ආදිවාසී ගම්මානවල තොරතුරු දැක් වූ සෙලිග්මාන් ප‍්‍රකාශකරන පරිදි බොහෝ වැදිජනයාට වර්ගය පිළිබඳ දැනුම හා නෑ යකුන් පිදීම හැරුණු විට සෙසු සියලූ වැදි සිරිත් විරිත් ඔවුන්ගේ කෙරෙන් ගිලිහී ගොස් ඇති බවක් දැකගන්නට හැකියාවක් ලැබී ඇත. (ීැකසට්ප්බ ්බා ීැකසටප්බල 1911 ථ 56* ඕනෑම ජනකණ්ඩායමකට අයත් සංස්කෘතියක් සතු පොදු ලක්‍ෂණ වශයෙන් ගතික ස්වභාවය දැක්විය හැකිය. මෙය වැදි ජන සංස්කෘතියටද අදාල බැව් ඒ පිළිබඳ විමසීමේ දි මැනවින් ගම්‍යමාන වෙයි. ඒ අනුව ඕනෑම සංස්කෘතයක් විවිධ හේතු සාධක පදනම්කොට ගෙන වෙනස්වන බව ප‍්‍රකාශකළ හැකිය. ‘‘සංස්කෘතික විසරණය, සංස්කෘතික සම්පර්කය, සංස්කෘතික ගැටුම හා සංස්කෘතික කරණය වැනි සංකල්ප පදනම්කරගෙන යම් සංස්කෘතිකයක වෙනස්වීම් පිළිබඳව හඳුනාගත හැකිය. (අමරසේකර, 1999,73* ඒ අනුව බොහෝ මානවවිද්‍යාඥයින් විසින් මෙම සංකල්ප පදනම්කරගෙන සංස්කෘතික කි‍්‍රයාවලිය සංච්ඡුාකරනු ලැබේ. ආචාර්ය දයා අමරසේකර දක්වන පරිදි ලෙස්ලි වයිට් නම් මානව විද්‍යාඥයා සංස්කෘතිය නිර්මාණය වි ඇති අනු කොටස් කිපයක් ඔස්සේ සංස්කාතික විපර්ණාමය පිළිබඳව තාක්‍ෂණික හා විද්‍යාත්මක වර්ධනය ආශ‍්‍රය කරගෙන සාකච්ඡුා කරයි. එම අනු කොටස් වන්නේ. 01. සංස්කෘතියෙහි දාර්ශනික ලක්‍ෂණ (විශ්වාසය, සාරධර්ම ආදිය* 02. සංස්කෘතියෙහි සමාජවිද්‍යාත්මක ලක්‍ෂණ (විවාහය ඥාතීත්වය ආදිය* 03. සංස්කෘතියෙහි තාක්‍ෂණික ලක්‍ෂණ (උපකරණ, ද්‍රව්‍යයන් ආදිය* 04. සංස්කෘතියෙහි චිත්තවේගී ලක්‍ෂණ 6තොටමයන්, තහංචි ආදිය* (අමරසේකර, 1999,73 - 74* යන්නය. ඒ අනුව ප‍්‍රාථමික ජනකොට්ඨාසයක් වශයෙන් වැදිජනයාගේ සංස්කෘතික විපරිණාමයද මෙම අනුකොටස් ඔස්සේ හඳුනා ගැණීමට හැකිවන බව ප‍්‍රකාශ කළ හැකිය. මෙහි දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් නම් ආදිවාසී සංස්කෘතික විපරිණාමය සම`ග වර්තමානය වන විට වැදිජන සංස්කෘතිය විවිධ බලපෑම් හේතු කොට ගෙන අලෙවි භාණ්ඩයක් බවට විකරණය වි පැවතීමයි. ඒ අනුව වත්මන් මට සිදුව පවත්නා බවක් ඒ පිළිබඳ විමසීමේ දී මැනවින් ගම්‍යමාන වෙයි. කෙසේ නමුත් සංස්කෘතිය හා සමාජය අතර පවතින බැඳීම් තේරුම් ගැනීමේ දී වැදගත්වන අංශ වැදිජනයාහට සිය සංස්කෘතික අංග සඳහා අකමැත්තෙන් හෝ ආර්ථික වටිනාකමක් හිමිකරදී තුනක් ලෙස අදහස් (ෂාැ්ි * ධර්මතා (භදරපි* හා භෞතික සංස්කෘතිය (ඵ්එැරස්ක ක්‍මකඑමරු* යන්න මානවවිද්‍යාඥයින් විසින් පෙන්වා දි ඇති අතර මෙහි දී භෞතික සංස්කෘතිය යනු මිනිසා විසින් මිනිසාගේ උත්සහයෙන් මිනිසා සඳහා නිපදවන දේවල් වශයෙන් හඳුන්වා දී ඇත.(අමරසේකර, 1999,66 - 67* මේ අනුව ආදිවාසී ජනයාගේ භෞතික සංස්කෘතිය විපරිණාමයට ලක්ව ඇති බවක් වර්තමානයේ දී දැකිය හැකිය. එහි දි ඉපැරනි නිෂ්පාදන බොහෝදුරට වෙනසකට භාජනය වූ ස්වභාවයක් හඳුනා ගැනීමට හැකියාවක් ඇත. අතීතයේ දී දඩයම ප‍්‍රධාන ජිවනෝපායකරගත් ඔවුන් විසින් ඊට අදාළ සියලූ උපකරණ සම්බන්ධව සඳහන් කරන හෙන්රි පාකර් මහතා ‘‘දුන්න සඳහා වෙලන් ලී භාවිත කල බවත් එය සකසාගත් ආකාරයත් දක්වයි.’’ ( ඡු්රනැරල 1909ල61*නමුත් අදවන විට මෙම දඩයම ඇතුළු ඉපැරනි ජීවන ක‍්‍රමවලින් මිදුණු වැදි ජනයා නව ජීවනෝපාය මාර්ග අනුගමනයට හුරුවීමත් සම`ග නවින තාක්‍ෂණය භාවිතයට පෙළඹීම පදනම් කොට ගෙන ඔවුන්ගේ නිෂ්පාදන අතීතයට වඩා උසස් තාක්‍ෂණයකින් යුක්ත වෙයි. එය එක්තරා ආකාරයකට ගෝලීකරණ කි‍්‍රයාවලිය ඔස්සේ ජනප‍්‍රිය සංස්කෘතික අංග ආදිවාසී සංස්කෘතිය වෙත සම්පේ‍්‍රෂණයවීමත් සම`ග සිදු වූ බව දැක්වීම සාවද්‍ය නොවේ. අදවන විට ඔවුන් උපයෝගීතාවට වඩා අලංකාරය පිළිබඳව සැළකිලිමත් වෙමින් නිපදවනු ලබන දුණු ඊතල දෙස් විදෙස් සංචාරකයින් සඳහා ප‍්‍රදර්ශන භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කරනු දැකිය හැකි වෙයි. මේ අනුව වත්මන් වැදිජනයා සතුව පවත්නා නව නිෂ්පාදන භාණ්ඩ විමසීමේ දී ආදිවාසීන්ගේ භෞතික සංස්කෘතිය කෙසේ පරිණාමයට ලක් විද යන්න මැනවින් පැහැදිලි වෙයි. කෙසේ නමුත් වර්තමානය වනවටි වැදිජනයා සතු ඉපැරණි සංස්කෘතික අංගයන්ගේ ශේෂයන් වේ ද එය ආර්ථික උපාය මාර්ගයක් ලෙස ඔවුන් විසින් භූක්ති විඳිනු ලැබේ. විශේෂයෙන් මෙහිදී වැදි බස, කලා නිර්මාණ, වන ද්‍රව්‍ය සහ ඇතැම් චාරිත‍්‍ර ආදාය පිළිබඳව විමසිමේ දි මෙය මැනවින් අවබෝධ කරගත හැකිය. කලා නිර්මාණ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධව එය දියුණු මට්ටමේ ආර්ථික උපයෝජන ක‍්‍රියාවලියක් ලෙසින් පවත්වා ගෙන යනු ලබන බවක් පෙනේ. අධ්‍යයනයේ දී තහවුරු වූ පරිදි වැදි ජන සමාජයේ චර්යාවන් දැකබලා ගැනිම සඳහා දෙස් විදෙස් විශාල පිරිසක් උනන්¥ වී සිටීම නුතන සමාජය සහ වැදි සමාජය අතර අන්තර් සබඳතාව වර්ධනයවිමට හේතු වී ඇත. ඒ අනුව ප‍්‍රදේශකරා ගොස් තමන්ට නුපුරුදු මෙම ජනවර්ගය සතු විවිධ චර්යා පද්ධතීන් නැරඹීම සාමානයයෙන් සිදු කෙරේ. දේශීය සංචාරකයින් අතර පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හා සංවිධාන චාරිකා කණ්ඩායම් කැපි පෙනෙයි. තවද දේශිය සංචාරකයින් ද සැලකිය යුතු ප‍්‍රමාණයක් පැමිණෙන බව දැකිය හැකි විය. ඒ අනුව දඹාන ආදිවාසී ජනයා සංචාරකයින් අරමුණුකරගෙන නොයෙකුත් ආභරණ, විසිතුරු භාණ්ඩ, කැටයම් ආදිය නිෂ්පාදනය කරන බවත් සංචාරකයින් වෙත සිය ආවේණික සංස්කෘතික අංග ප‍්‍රදර්ශනය කරමින් මිල මුදල් හා තෑගි බෝග ලැබීමට හුරු වූ ස්වභාවයක් දැකිය හැකිය. මෙහිදී වැදි භාෂාව කෙරෙහි කුතුහලයක් ඇති සංචාරකයින්ට වැදි ගී සහ වැදි වදන් ප‍්‍රකාශ කිරීමෙන්ද වැදි නැටුම් සහ දක්‍ෂ දඩයම්ක‍්‍රම අනුකරණය කොට පෙන්වීමෙන් ද මිල මුදලක් හා තැගි බෝග බලාපොරාත්තු වන බැව් පෙණින. මෙම තත්ත්වය යම් ආකාරයකින් හෝ මීට වසර කිපයකට ඉහත දී වුවද දැකිය හැකි වූ බව සෙලිග්මාන් දක්වන පහත ප‍්‍රකාශය තුලින් පැහැදිලිය. ‘‘අවාසනාවට මෙන් දඹානේ ජනයා ‘‘සාටෝපකාරි’’(ියදඅ* වැද්දන් විය. ඉන් අදහස් කලේ සුදු ජාතික ආගන්තුකයන් වෙතින් නිතර නිතර කැඳවුම් ලබන මෙම ජනයා ඇතැම් ප‍්‍රයෝග ඉගෙනගෙන සිටින අතර, ඔවුන් යුරෝපීය ජාතිකයෙකු දුටු විගස ඒවා පෙන්වා අතොරක් නැතිව එක දිගටම තැගි ඉල්ලා සිටින හෙයින් ඔවුන් සම`ග බැරැුරුම් කාර්යයක් කිරීමේ හැකියාවක් නොමැති බවය.’’(රණසිංහ, 2009 :78* එසේම මී පැණි, ඇත්දළ, කොටි දළ සහ වෙනත් වනද්‍රව්‍ය සංචාරකයින් වෙත අළෙවිකිරිම ද දැකිය හැකි වේ. මේ බව ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාථමික ජනතාව පිළිබඳව තොරතුරු රැුසක් ඉදිරිපත් කළ සේපාල සමරසේකර මහතා දක්වන්නේ පහත ආකාරයෙනි. ‘‘දඹාන වැදිගම්මානය පිළිබඳව සලකා බලන කල අද ඔවුන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ දේශීය හා විදේශීය සංචාරකයන්ගෙන් යැපීමයී. තමන් එකතු කරන වන ද්‍රව්‍ය ඔවුන්ට විකිනීම කරයි. මෙම වෙළ\ම ඉතා වංචනික ලෙස සිදුවන බව අපට හෙළිවිය. මි පැණිවලට බඹර පැණි ද ඇත් දළ කැබලි කොටි දළ කියා ද විකුණති. සිංහල ගැමියන්ට කියා ලී වලින් සාදාගත් රූප නෑයකුන්ගේ රූප යයි විකුණති.’’(සමරසේකර, 2001;227* මෙසේ විදෙස් සංචාරකයින් අතර කිරිඳි ආභරණ මිල දි ගැනිම ජනප‍්‍රිය අංගයක්ව පවති. විශේෂයෙන්ම කිරිඳි ආභරණ පැලඳීම වැදි ජනතාව ඈත අතීතයේ සිටම සිදු කළ බැවින් ඔවුන්ගේ සමාජය සංකේතාත්මකව නිරූපණය කරන මෙම ආභරණ සිහිවටන වශයෙන් මිල දී ගැනීමට බොහෝ දෙනෙකු විසින් රුචිකත්වයක් දක්වනු ලැබේ. විශේෂයෙන් කොටබකිනිය ආශි‍්‍රත වැදි ජනතාවගේ ප‍්‍රධාන කලා නිර්මාණයක් වශයෙන් ද ප‍්‍රධාන ජීවනෝපාය වශයෙන් ද කීකිරිඳිය ඇට ම`ගින් නිර්මාණය කරන්නාවූ විවිධ විසිතුරු භාණ්ඩ දක්නට හැකිය. කම්බි ආධාරයෙන් එකිනෙකට වැලක් සේ ඇමුණු කීකිරිඳිය ඇට විවිධ හැඩතලවලට නමා ගනිමින් ඔවුහු නොයෙක් විසිතුරු භාණ්ඩ නිර්මාණය කරති. එසේම වැදි ජනයාගේ කැටයම් නිර්මාණය ද මෙහි දී වැදගත් වෙයි. වැදි ජනයා තුල යම් දෙයක් කැටයම් කිරීම පිළිබඳ අතීත මතක සටහන් වන්නේ ඔවුන්ගේ දඩබිම් සිමා කිරීමේ සංකේතය වශයෙන් ගසක තම පොරොව උපයෝගීකරගෙන කොටන ලද දුන්න සහිත මිනිසෙකු දැක්වෙන සටහනයි. මෙය අද වන විට පරිවර්තනයට ලක්ව පවතී. වර්තමානය වන විට ඔවුන්ගේ කැටයම් නිර්මාණ සංස්කෘතිය තුළ ඔවුන්ට අනන්‍ය සම්ප‍්‍රදායක් පිළිබිඹු නොකරයි. අද වන විට විවිධ අරමුණු මත මෙම කැටයම් නිර්මාණ සිදු කරන බව හඳුනාගත හැකිය. විවිධ සත්ව අස්ථිවලින් මුදු අත්පලඳනා, මාලපෙති ආදි ආභරණ නිර්මාණය කරන අතර ඒවා අලංකාර කිරීම සඳහා සරල මෝස්තර යොදාගනු ලැබේ. මෙම කැටයම් සඳහා මොවුහු කලූවර, බුරුත, දඹ, ගම්මාළු වැනි දැව වර්ගත් ඇත් දළ මුව අං, ගෝන අං හා විවිධ සතුන්ගේ දත් හා අස්ථි යොදාගනිති. දුනු ඊතල යනු වැදි සමාජයේ ප‍්‍රධාන සංකේතයක් සේම අද වන විට මෙම දුනු ඊතල සඳහා දඹානට පැමිණෙන නරඹන්න්ගේ දැඩි ඉල්ලූමක් පවතී. මේ හේතුවෙන් ඔවුන් අලංකාරයෙන් වැඩි දුනු ඊතල සකස්කිරීමේ දී අලංකාරයට වඩා උපයෝගිතාවයට මුල් තැන දුන්නද වර්තමානය වන විට දුන්න හා ඊතල ආර්ථික භාණ්ඩයක් වශයෙන් නිර්මාණය කරයි. මෙහි දී ඔවුන්ගේ සංස්කෘතිය අළෙවි භාණ්ඩයක් බවට විකරණය වි නොතිබෙන්නේ යැයි පැවසිය හැකි? ඒ අනුව අද වන විට අසංවිධානාත්මක ස්වරූපයෙන් වුවද වැදි නායක තිසාහාමි ජිවත්ව සිටි කොටබකිනිය ගම්මානය සංචාරක පුරවරයක් වහයෙන් ජනප‍්‍රිය වී ඇති බව ප‍්‍රකාශ කළ හැකිය. සංචාරක බස්රථ නවතා තබන භූමියේ විවිධ දෑ අලෙවි කිරීමේ කටයුතු සිදු කරමින් සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමට ඇතැම් ආදිවාසී පවුල් සමත් වි ඇති බැව් දැකිය හැකිය. එම භාණ්ඩ අතර මාල, වළලූ වැනි ආභරණ හා රස කැවිලි, ආහාර, මී පැණි , දුනු ඊතල ආදිය පවතී. තවද දඹාන පාසල පසුකරන විට හමුවන ගුරුපාර දෙපස ඇති අළෙවි සල් බොහෝමයකම අළෙවි කිරීමට ඇති භාණ්ඩ අතර මිට වඩා විධිමත් ආකාරයකින් වැදිජන භාණ්ඩ සංචාරකයා අතර ජනප‍්‍රිය කරමින් ශී‍්‍ර ලංකා සංචාරක කර්මාන්තයේ නව දිශානතියක් ආරම්භ කිරිම ද මේ ඔස්සේ සිදු කල හැකිය. කෙසේ නමුත් මෙම සියලූ කාරණා විමසිමේ දී පැහැදිලි වන කාරණාවක් නම් වර්තමානය වන විට වැදි ජන සංස්කෘතිය අළෙවි භාණ්ඩයක් බවට විකිරණය වී ඇති බවයි. මෙය ප‍්‍රධාන සමාජය වෙත සමීප වූ වැදිජනයා හට නිරායාසයෙන්ම සිදු වූ කාරණයක් බව පැහැදිලිව හඳුනාගත හැකි අතර වර්තමාන ලෝකයේ ජනප‍්‍රිය සංස්කෘතිය ව්‍යාප්ත විමේ අනිටු ප‍්‍රතිඵලයක් වශයෙන් ද මෙය පෙන්වා දීමට හැකියාවක් ඇත. අනන්‍ය සංස්කෘතික ලක්‍ෂණ ආරක්‍ෂාකරගනිමින් සරල දිවි පැවැත්මක් ගෙන ගිය වැදි ජනයාට අතීතයේ දී මෙවැනි තත්ත්වයක් උදා නොවූ අතර එය සමාජ පරිණාමයත් සම`ග ක‍්‍රමයනේ සිදු වූ කි‍්‍රයාවලියකි. මුදල් පසු පස හඹා යන මහ සමාජය අනුකරණය කරමින් ඒහා සමාන දිවියක් සඳහා ඇලූම් කරන වර්තමාන වැදි ජනයාට අතීතය තුළ මුදල් අවශ්‍යතාව පැන නැගීමක් සිදු නොවුණි. නමුත් වර්තමාන වැද්දන්ට මුදල්වල අවශ්‍යතාව ද දැනී තිබේ. ඔවුහු මුදල්වල අගය හඳුනති. (රත්නපාල, 1978 :20* මුදල් පසු පස හඹායන සමාජ ක‍්‍රමය තුළ සිය සංස්කෘතිය වශයෙන් හෝ පවත්වාගෙන යාමට වැදි ජනයා උත්සහ ගන්නේ ද ඒ යම් ආර්ථික වාසියක් ලබා ගැනීමේ අරමුණින් යැයි ප‍්‍රකාශ කල හැකි විය. ඒ අනුව වර්තමාන වැදි ජනයා සිංහල බසට බොහෝ සෙයින් සමානවන ආකාරයට භාෂාව හැසිරවුවද සංචාරකයින් ඉදිරයේ එවැන්නක් ප‍්‍රදර්ශනය නොකරයි. මේ පිළිබඳව අදහස් දක්වන සෙලිග්මන් පවසනුයේ ‘‘වැදි භාෂාව යැයි කියනු ලබන දෙයකින් හේෂව පවත්නා දෙය රැුකගෙන සිටීමට මෙම ජනයා සමත්ව සිටින බවයි.’’ (රණසිංහ, 2009 :78* මුදල්වල වටිනාකම මනාව හ\ුනාගත් වර්තමාන වැදි ජනයා සිය සංස්කෘතිය ඔස්සේ මුදල් උපයා ගැනීමට පෙළඹී සිටිමක් අද වන විට දැකිය හැකිය. ‘‘වනයේ තිබෙන මී කඩා පැණි එකතු කොට ඒවාද හොඳ මිලකට අලෙවි කරති. විදේශවලින් මෙරටට පැමිණෙන සංචාරකයින්ට පවා මුව සම්, කොටි සම්, කොටි දත් ආදිය වැඩි මිලකට අළෙවි කිරීමට වැද්දෝ දැන් දනිති.’’ (රත්නපාල, 1978 :21* කෙසේ නමුත් දඹාන ආදිවාසීන් අද වන විට සමාජ නවීකරණය අභියස එක්තරා ආකාරයකට මංමුලා වූවන් පිරිසක් වශයනේ ද දැක්වීමට හැකියාවක් ඇත. එනම් සංචාරකයන් පැමිණීමත් සම`ග විවිධ මාර්ග ඔස්සේ මුදල් උපයා ගැනිමට අවස්ථාව සැළසුන ද ඔවුන්ගේ සංස්කෘතිකමය පරිහාණියද ඒ සම`ගම සිදුව ඇත්තේ විශාල වශයෙනි. ඒ අනුව මෙම සංචාරකයින්ගේ පැමිණිමත් සම`ග ඇරඹී වෙළ\ම ආදිය හේතුවෙන් විවිධ වාසිසහගත තත්ත්වයන් අරමුණු කොට ගෙන වැදි සහ සිංහල අතර මැදියන් බිහි වී ඇති බවට තොරතුරු අනාවරණය විය. නන්දදේව විජේසේකරයන් පවසන පරිදි ‘‘අතීතයේ සිටම වැද්දන් සම`ග ගනුදෙනු කරන වෙළෙන්දෝ සහ සංචාරකයෝ වූහ. ඔවුන් විසින් වැද්දන්ට අවාසිවන අන්දමට බඩු හුවමාරු කිරිමෙන් වෙළ\ම කරන ලදී. නිතර නිතර මේ වෙළඳුන්ගේ ගම්වලින් රහසිගත වූද ප‍්‍රකට වූද සම්බන්ධතා ඇතිවුණි.’’ (විජේසේකර 1987,134* තවද මේ පිළිබඳව තොරතුරු රැුසක් ඉදිරිපත් කළ සේපාල සමරසේකර මහතා දක්වන පරිදි ‘‘වැදි ගම්මාන වලින් විවිධ වෙනත් ප‍්‍රයෝජන ගැනිම සඳහා අතර මැදියන් බිහි වී ඇත. වැද්දන් මෙන්ම සිංහලයන් මෙසේ අතර මැදියන් ලෙස කටයුතු කරති. ඒ අනුව විදේශිකයන්ට සමලිංගික සේවනය සඳහා වැදි දරුවන්ද, දේශීය සංචාරකයන්ට වැදි ගැහැණුනු ද සැපයීම සිදු වේ. එමෙන්ම ගණිකා වෘත්තය නොවන ලිංගික හැසිරීම සඳහා එදා සිටම අවට සිංහල ගැමයෝ වැදි ගැහැණුන් යොදා ගනිති.’’(සමරසේකර, 2001;227* මේ සියලූ කාරණා සම්බන්ධව අවධානය යොමු කිරිමේ දී පැහැදිලිවන්නේ මෙම සියලූ අකටයුතු කම් නිර්මාණයවීම සිදු වී ඇත්තේ වැදිජන සංස්කෘතිය අළෙවි භාණ්ඩයක් බවට විකරණය විමේ කි‍්‍රයාවලියත් සම`ග වන බව ඒ සඳහා මුලික වශයෙන් හේතු සාධක වී ඇත්තේ ආදිවාසී ජනයා ප‍්‍රධාන සමාජය සම`ග ඇති කරගනු ලැබු සමිප අන්තර් සබඳතා වන බවයි.

No comments: