UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ආදිවාසීන් පිළිබඳ වංශකථාගත තොරතුරු හා සාහිත්‍යගත තතු

Thursday, December 12, 2013

ආදිවාසීන් පිළිබඳ වංශකථාගත තොරතුරු හා සාහිත්‍යගත තතු

01. I ආදිවාසීන් පිළිබඳ වංශකථාගත තොරතුරු හා සාහිත්‍යගත තතු නිශ්චිත භූමි ප‍්‍රදේශයක ඔවුන්ට ආවේණික වූ භාෂාවක් කතා කරමින් සංස්කෘතික සහජිවනයක් සහිතව ජීවත් වන සමාජයක් ප‍්‍රාථමික ජනසමාජයක් ලෙස හැඳින් විය හැකිය. ඒ අනුව ශී‍්‍ර ලංකාවේ ජීවත් වන ප‍්‍රාථමික ජනතාව හෙවත් ආදිවාසීන් වශයෙන් වැදිජනතාවට ශී‍්‍ර ලාංකේය සමාජය තුළ විශේෂ ස්ථානයක් හිමි වේ. මහාවංසය වැනි ඓතිහාසික මූලාශ‍්‍ර ම`ගින් පෙන්වා දෙන ආකාරයට වැදි ජනතාවගේ ඉතිහාසය කි‍්‍ර. පූ. 5 වන සියවස තරම් ඈතකට දිවයයි. (මහාවංසය, 1967* කෙසේවෙතත් වැදි ජනතාව පිළිබඳ සිදු කරන ලද ජන විද්‍යාත්මක අධ්‍යයන වලට අනුව ඔවුන් දීර්ඝකාලිනව පැවත එන ජනගහණ අඛණ්ඩත්වයක් පෙන්නුම් කරන ජන වර්ගයක් ලෙස හැඳින්වෙන අතරම (්‍ය්අනැහ 2002* පුරාවිද්‍යාත්මක වශයෙන් සලකා බැලීමේ දි ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවත එන අපගේ ආදිතම මුතුන්මිත්තන්ට (ප‍්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයන්ට* සමීප ඥාතීත්වයක් දක්වන ජන කොටසක් වශයෙන් ද හඳුනා ගත හැකිය. කෙසේනමුත් ආදිවාසීන් හැඳින්වීමට ඉංග‍්‍රීසි බසින් ලියවුණු පොත්වල විවිධ වචන භාවිතකර ඇත. ලංකාවේ මුල් පදිංචිකරුවන් යන අර්ථය ඇති ෂබාසටැබදස චැදචකැ දෙ ීරස ක්බන්ල ්ඉදරසබටසබැි දෙ ීරස ඛ්බන්ල ත්‍සරිඑ ෂබය්ඉසඒබඑි දෙ ිරස ඛ්බන්ල ෂබාසටැබබැිල භ්එසඩැි යන වචනද වනයේ වෙසෙන යන අර්ථය ඇති ත්‍දරිඑ ෘඇකකැරිල අසකා පැබල දෙරිඑ ඊර්ඉ්රස්බි යන වචනද සිංහල භාෂාවෙන් ඪැාා්ිල ඪැාා්යිල උ්බබසහ් – ක්එඑදල ඡුමසකබා්ිල ී්ඉ්ර් යෙදෙන යන වචන ද ඉංග‍්‍රීසි බසින් ලියවුණු ග‍්‍රන්‍ථයන්හි දක්නට ඇත. (සෝමසුන්දර, 2006,02* මීට අමතරව නාමාවලිය, රුවන්මල, සහස්සවත්ථුව, තිසර සංදේශය, මයුර සංදේශය, හංස සංදේශය ආදි ග‍්‍රන්‍ථයන්හි ශී‍්‍ර ලංකාවේ ආදිවාසී ප‍්‍රජාව විවිධ නාම ම`ගින් හඳුන්වා ඇත. ඒවා අතර ‘‘යක්‍ෂ’’ ‘‘සෘර’’ ආදී නම් සඳහන් වේ. ඒ හා සම්බන්ධව අධ්‍යයනය කළ ඇතැම් විද්වතුන් පෙන්වා දෙන්නේ උක්ත නාම වැදියන්නට යොදා ඇති පර්යාය නාම බවයි. (මීගස්කුඹුර, 1991,07* වැද්දා යන පදය ප‍්‍රභවය වි ඇත්තේ ‘‘ව්‍යාධ’’ යන සංස්කෘත පදයෙන් යැයි විශ්වාස කෙරේ. ඒ අනුව ව්‍යාධ... වියද්ධ ... වියද්ධ ... වැද්දා ... වැදි ආදි වශයෙන් එම පදය සංස්කෘත භාෂාවෙන් සිංහලයට බිඳී ඇත. එහි අර්ථය ‘‘දඩයම් කරන්නා’’ යන්නයි. ඔවුන් සඳහා ‘‘සබර’’ යන පර්යාය නාමයද භාවිත වේ. එහි අර්ථ දෙයාකාරය වැද්දා යන්න එක් අර්ථයකි. අනෙක් අර්ථය වන්නේ සබර ගස් ඇති ප‍්‍රදේශය යන්නයි. සබරගමු පළාතට එම නම ලැබී ඇත්තේ එය ඔවුන්ගේ මුල් වාසභූමිය වූ නිසා යැයි ද මතයක් ඇත.’’(විජේසේකර 1987,33* කෙසේනමුත් දුන්නෙන් විද සතුන් මරණ නිසා මොවුන් වැද්දන් යනුවෙන් හඳුන්වා ඇති අතර විදින තැනැත්තා යන අරුතෙන් වැද්දා යන වචනය නිර්මාණය වන්නට ඇතැයි සිතිය හැකිය. ශී‍්‍ර ලංකාවේ ආදිවාසීන් පිළිබඳ වංශකතා තොරතුරු හා සාහිත්‍යය ගත තතු රාශියක් ඒ පිළිබඳ විමසීමේ දී හමුවෙයි. ඒ අතර ඔවුන්ගේ සම්භවය හා ඉතිහාසය සම්බන්ධ විවිධාකාර වු කරුණු රාශියක් අන්තර්ගත වන බවක් දැකිය හැකිය. වැදිජනතාවගේ ආරම්භය පිළිබඳ මුල්ම ලිඛිත සාධක හඳුනාගත හැකි වන්නේ මහාවංසයෙනි. එයට අනුව ශී‍්‍ර ලංකාවට පැමිණි විජය යක්‍ෂ ගෝති‍්‍රක කාන්තාවක වූ කුවේණිය සම`ග විවාහවෙයි. පසුව ඇයගේ සහය ලබා ගෙන එම ගෝති‍්‍රක පිරිස විනාශකර බලය තහවුරු කරගැනීමෙන් අනතුරුව ඔහු සිය රාජ්‍යත්වයෙහි සුජාතභාවය තහවුරු කරගැනීම සඳහා මදුරා පුරයෙන් කුමාරිකාවක් ගෙන්වාගෙන නැවත විවාහ වෙයි. කුවේණිය ඇයගේ දරුවන් වූ ජීවහත්‍ථ සහ දිසාලා පලායති. පසුව ඔවුන් අතර ඇති වූ සම්බන්ධයෙන් මෙරට ආදිවාසී ප‍්‍රජාවෙහි ආරම්භය සිදු වී ඇති බව විශ්වාසකරනු ලැබේ. ‘‘ඔවුහු (ජීවහත්‍ථ හා දිසාලා* එයින් (ලංකා පුරයෙන්* පලාගොස් සමන්කුලට ගියෝය. ඒ දෙටු තෙමේ තරුණ වුයේ ඒ නැ`ගණියන් සම`ග වාසය කළේය. ඔවුහු ¥ පුතුන්ගෙන් වැඞී ඒ කඳුකරටම විසූහ.’’ (මහාවංසය, 1967: 7 පරි, 67 - 68 පෙළ* මෙහිදී මහාවංසයට අනුව ශී‍්‍ර ලංකාවේ ආදිවාසීන්ගේ උත්පත්ති පුරාණය මෙරට දේශීය ජනකණ්ඩායමක් සම`ග අනන්‍යකර ඇති බවක් පෙනේ. එසේම බුදුන්වහන්සේ මහියංගනයට වැඩමකිරිමෙන් වසර හතලිස් පහකට පසු විජය කුමරු ලක්දිවට ගොඩබසින විටත් යක්‍ෂ ගෝති‍්‍රකයන් මෙහි විසු බවක් බුදුන්වහන්සේ යක්‍ෂයින් ගිරිදිවයිනට පලවා හැරියද යක්‍ෂ සමූහයා අතරින් කොටසක් ඝන වනාන්තරවල සැ`ගවීගෙන පලාගොස් රැුඳි සිටි බව සඳහන් වේ. එම යක්‍ෂයින් තම්මැන්නා වනයේ රැුඳී සිටිබව රාජාවලිය සඳහන් කරයි. (රාජාවලිය, 1976,52* ඓතිහාසික මූලාශ‍්‍රවලට අනුව විජය කුමරු සරණ පාවාගත්තේ මෙම යක්‍ෂ ගෝත‍්‍රයේ කාන්තාවක් වන කුවේණියයි. විජය ලක්දිවට ගොඩබසින විටත් ලංකාව යක්‍ෂ ගෝති‍්‍රකයන් විසින් පාලනය කරන ලද බව වංසකතාව සඳහන් කරයි. ඒ වන විටද ඔවුහු සිරිසවත්‍ථුපුරය, ලංකාපුරය ආදී වශයෙන් ප‍්‍රාදේශීය රාජ්‍යයන්ද දිවයින තුළ පිහිටුවාගෙන තිබුණි. (මහාවංසය, 1967: 7 පරි, 33 පෙළ* මෙම වංසකථා සාධකවලට අනුව කුවේණිය මිනිස් රුවින් පෙනී සිටි යක්‍ෂණියක් වන අතර ඇය විසින් විජයගේ හත්සියයක් පිරිස රවටාගෙන ගෙනගොස් උමගක බහාලූ බව සඳහන් වේ. (මහාවංසය, 1967: 7 පරි, 13 - 15 පෙළ* යක්‍ෂයින්ගේ වාසස්ථාන පිළිබඳ සඳහන් කිරිමේ දී යෙදෙන ‘‘උමග’’ යන්න වැදගත් වේ. ප‍්‍රාග්ඓතිහාසික යුගයේ විසූ මානවයින් තම වාසස්ථාන ලෙස එළිමහන් ස්ථාන භාවිත කළද වැඩිවශයෙන් භාවිත කළේ ගල්ගුහා (ක්‍්ඩැ* හෝ ගල් ලෙන් (ඍදජන ීයැකඑැරි* බවට පුරාවිද්‍යාත්මක සාධක හමු වි ඇත. සෙලිග්මාන් වැනි පර්යේෂකයින් සඳහන් කරන වනවැද්දන් ද ජිවත්වූයේ ගල්ගුහා තම නිවහන්කර ගෙනය. (ීැකසට්ප්බ ්බා ීැකසටප්බල 1911* එබැවින් ඉහත සඳහන් කුවේණිය මිනිසුන් සිරකර තැබූ උමග විශාල පිරිසකට සිටිය හැකි ආකාරයේ ගල්ගුහාවක් විය හැකිය. මහාවංසයේ දැක්වෙන එම සඳහන ම`ගින් වැදිජනතාව තම නිවහන් ලෙස ගල්ගුහා භාවිත කිරීම ඈත අතිතයේ සිටම පැවතී ඇති බව නිගමනය කළ හැකිය. ශී‍්‍ර ලංකාවේ පැරණි අයිතිහාසික මූලාශ‍්‍රවල මෙන්ම මහාභාරතය, රාමායනය වැනි පුරාණ ඉන්දිය ග‍්‍රන්‍ථයන් තුළ ද ශී‍්‍ර ලංකාව වාසභූමිය කරගෙන සිටි යක්‍ෂයින් නමින් හැඳින්වුණු පිරිසක් පිළිබඳ සඳහන් වේ. තවද රාම රාවන යුද්ධය පිළිබඳ කරුණු දක්වන රාමායනය ඒ කාලයේ දි අරිට්ඨ පර්වතයෙහි (රිටිගල* යක්‍ෂයින් වාසයකළ බව සඳහන් කරයි. (ඡු්රනැරල 1984 ත සහ පෙරේරා 2008, 19* මේ අනුව අනුරාධපුර පූර්ව යුගය වන විට ශී‍්‍ර ලංකාවේ ආදිවාසීන් තම ජනාවාස පුළුල් ප‍්‍රදේශයක පිහිටුවා ගෙන තිබූ බව හඳුනාගත හැකිය. එසේම අනුරාධපුර යුගයේ පණ්ඩුකාභය කුමරු තම මාමාවරුන්ට විරුද්ධව ගෙන ගිය යුධ ව්‍යාපාරයේ දි වැදි ජනතාවගේ නොමඳ සහය ඔහුට ලැබුණු බව වංසකතා සඳහන් කරයි. රජ්‍යත්වයට පත්වීමෙන් පසුව ඒ වෙනුවෙන් ප‍්‍රතිඋපකාර කළ බවද සඳහන් වේ. (මහාවංසය, 1967: 10 පරි, 89 - 95 පෙළ* තවද දුටුගැමුණු රජ දවස (කි‍්‍ර. පූ. 161 - 173* පුර දෙවියන් ලෙසින් හැඳින්වුණු දේවතාවෙකු වෙනුවෙන් වෙන් වූ දේවාලයක් නගරයෙහි සුසානභූමියට උතුරින්, වැදිජනයාට වෙන් වූ පෙදෙසෙහි තිබුණි. (ඡු්රනැරල 1984 ත සහ පෙරේරා 2008 ,39* එමෙන්ම දුටුගැමුණු පුවතෙහි තවත් ස්ථාන කිහිපයකම වැද්දන් පිළිබඳ සඳහන්ව ඇත. මහාථූපය සැදීම සඳහා ගඩොල් නොමැතිව සිටින කළ බලූ වැද්දෙකු ගඩොල් දැක රජුට ඒ බව සැලකර සිටීම, (මහාවංසය, 1967: 78 පරි, 1 - 11 පෙළ* බලූ වැද්දෙකු මිනී රුවන් සතරක් දැක රජුට ඒබ ව සැලකර සිටීම, (මහාවංසය, 1967: 28 පරි, 39 - 41 පෙළ* වැනි පුවත් අනුව වැදි ජනතාව අනුරාධපුර යුගය තුළ රජ සම`ග සමීපව කටයුතු කළ බවත්, රාජධානිය තුළ ඔවුන් පදිංචිව සිටිබවත් හ\ුනාගත හැකිය. මහසෙන් රජු (කි‍්‍ර.ව.277-304* වාරිකර්මාන්තවලදී යක්‍ෂයින් සම්බන්ධකරවාගත් බව රාජාවලියෙහි සඳහන් වේ. (රාජාවලිය, 1976,* ‘‘ලක්දිව පුරාතන වාරිමාර්ග’’ කෘතියෙහි මේ පිළිබඳව දක්වන ආර්. එල්. බ්‍රෝහියර් ‘‘දාසෙන්කැලි රජ, (මහසෙන් රජ* රජකරන සමයෙහි දුම්බර කඳුතලාවල හඳගනාව නැමැති ස්ථනයේ එකල යක්කු යැයි නම් කරනු ලැබු වැදිකොට්ඨාසයක් සිටි බව කියා තිබේ. මහවැලි ග`ග හරහා අමුණක් බැඳීමට ද, විශාල ඇළක් කෑපිමටද රජතුමා ඔවුනට ආරාධනා කර තිබේ. සමහර තැනක මිණිපේ ඇල නමින් දක්වනු ලබන ඇළේ නෂ්ඨාවශේෂයන්ට අද ද ‘‘යකා බැඳි ඇළ’’ යැයි කියනු ලැබේ. තවද අමුණ පිහිටි ස්ථානයට ‘‘යකුන්දෑව’’ (යකුන් විසින් සාදනු ලැබූ* යැයි කියනු ලැබේ.’’ (බ්‍රෝහියර්, 2002 :10* යනුවෙන් සඳහන් කරයි. ඒ අනුව මහසෙන් රාජ්‍ය සමයේ දී ද අනුරාධපුර හා තදාශි‍්‍රතයේ වැදි ජනතාව පදිංචිව සිටි බව පෙනේ. අනුරාධපුර මුල් යුගයට අයත් සෙල්ලිපිවලින්ද වැදි ජනාවාස පිළිබඳ සාධක හමු වේ. සෙල්ලිපිවල ඇතැම් තැනෙක සඳහන් වන ‘‘මිලක’‘ යන්න සෙනරත් පරණවිතාන මහතා අර්ථ දක්වන්නේ ‘‘මිලේච්ඡු’’ යනුවෙනි. මෙම ‘‘මිලක’’ යන්න වැදි ජනතාව සඳහා යොදාගත් වදනක් බව මරදන්කඩවල කොස්සවකන්ද සෙල්ලිපිය හා සිතුල්පව්ව කොරවක්ගල සෙල්ලිපිය උපුටා දක්වමින් පරණවිතාන පෙන්වා දෙයි. කොස්සවකන්ද සෙල්ලිපිය ‘‘මහරජ ගමිණි දෙවනපියහ(ර*මණි බරිය මිලක තිස විහාරෙ කාරිතෙ කටිය’’ (ෂබිජරසචඑසදබ දෙ ක්‍ැහකදබ ඪදකථ 1ග ඡුග 16* කොරවක්ගල සෙල්ලිපිය ‘‘පරුමක නගපුත පරුමක මිලක ප‍්‍රශ ලෙනෙ සගස’’ (ෂබිජරසචඑසදබ දෙ ක්‍ැහකදබ ඪදකථ 1ග ඡුග 47* තවද දෙවනපෑතිස් රජු දවස ශී‍්‍ර ලංකාවට බුදුදහම ලැබීමත්, ලක්වැසි බොහෝදෙනා බෞද්ධාගමිකයන් බවට පත්වීමත් මත ගල්ලෙන්වල විසූ වැදිජනතාව තමන්ගේ වාසස්ථාන සංඝයා වහන්සේලාට පූජාකර ගම්මානවල පදිංචියට යන්නට ඇති බවත්, අනුරාධපුර යුගයෙහි විසූ වැදිජනයා කි‍්‍රයාකළේ ද ඒ ආකාරයෙන් බවත් පාකර් පෙන්වා දෙයි. (ඡු්රනැරල 1984 ත32ලපෙරේරා 2008,43 - 44* අනුරාධපුර යුගයෙන් පසු අවධියේ වැදි ජනතාව පිළිබඳ සාධක රැුසක්ද ඓතිහාසික මූලාශ‍්‍ර මගින් හඳුනාගත හැකිය. ඒ අනුව කි‍්‍ර. ව. 12 වන සියවස පොළොන්නරු යුගය වනවිට රටේ ජනගහනයෙන් සැළකිය යුතු පිරිසක් නියෝජනය වූයේ වැදිජනයාගෙනි. මහා පරාක‍්‍රමබාහු රජු තම සොයුරු ගෝඨාභය රජුගේ බලය මැඩලීම සඳහා වැද්දන්, සෙබලූන් ලෙස තම සේනාවට ඇතුළත් කරගත් බව මූලාශ‍්‍රවල සඳහන් වේ. රජුගේ රත්ථවාසික සේනාවේ (රටවැසි සේනාවේ* වැදගත් තැනක් වැද්දන්ට හිමි විය. රැුකවල් කිරිමෙහි දක්‍ෂයන් ලෙස පණ්ඩුකාභය යුගයේ සිටම ප‍්‍රසිද්ධව සිටි වැදිජනතාව යුද සෙබලූන් වශයෙන්ද රජුගේ සේනාවෙහි වැදගත් මෙහෙයක් ඉටුකළ බව පෙනේ. ‘‘නොයෙක් දහස් ගණන් වැද්දන් කර්ම දක්‍ෂයන් කරවා ඔවුන්ට සුදුසු වූ සිරි කළු රෙදි ආදිය දින’’ (මහාවංසය, 1967:697 පරි, 20 - 21 පෙළ* ‘‘වනපර්වත දුර්ගයෙහි රාතී‍්‍ර සංචාරයෙහි දක්‍ෂ වැදි සොර පිරිසක් ද යවා’’ (මහාවංසය, 1967: 69 පරි. 241 පෙළ* යනුවෙන් මහා පරාක‍්‍රමබාහු රාජ්‍යකාලය තුළ හමුදාවේ දහස්ගණනකින් වැදි සෙබළු වූ බව වංශකතා සඳහන් කරයි. දඹදෙණි යුගයේ රජකළ II වන පරාක‍්‍රමබාහු (කි‍්‍ර. ව. 1236 - 1270* රජුගේ කාලයේ දී විසූ වැදි ජනයා පිළිබඳ දඹදෙණි අස්නෙහි සඳහන් වේ. මෙම යුගයේ දී ද සිංහල සේනාවේ වැදි ජනයා සඳහා විශේෂ ස්ථානයක් ලැබුණු බව පැහැදිළිය. ‘‘...කොත්මලේ අටපියේ වැද්දන්, පොලූ වැද්දන්, මස් වැද්දන්....’’ (දඹදෙණි අස්න, 1997 :54* තවද ගම්පොළ යුගයේ රචිත සද්ධර්මාලංකාරයෙහි නෙසාද වස්තුවේ ශී‍්‍ර ලංකාවේ රුහුණු ජනපදයෙහි මාගම වැද්දෙකු පිළිබඳ සඳහන් වේ. ‘‘ලක්දිව රුහුණු ජනපදයෙහි මාගම වියදි නම් වැද්දෙක් වෙසෙයි. ඔහුගේ වැදි උපකරන වලින් දවස්පතා මල පන්සියයක් පටවනු ලැබෙයි.’’ (සද්ධර්මාලංකාරය 1997 :723* තවද කුරුණෑගල යුගයේ (කි‍්‍ර. ව.1302 - 1326* ලියවුණු පන්සිය පනස්ජාතක පොතෙහි ‘‘කක්කර’’ ජාතකයෙහි ලිහිණි වැද්දෙකු ගැන සඳහන් වන අතර ‘‘වට්ටර’’ ජාතකයෙහි වටු වැද්දකු ගැන සඳහන් වෙයි. මීට අමතරව ජාතක කතා කිහිපයකම වැදි චරිත අඩංගු කථා ඇතුළත් වේ. මෙසේ පුරාන සාහිත්‍ය ග‍්‍රන්‍ථයන්හි වැද්දන් ගැන සඳහන් වන අතර ඉහත දැක් වු පරිදි රජවරුන්ට උපකාර කල අවස්ථා මෙන්ම රජවරුන්ගේ අනුග‍්‍රහයන් ලැබූ අවස්ථාවන් ඉතිහාසයෙහි දක්නට ලැබේ. එසේම වැදි සේනා පිළිබඳ කෝට්ටේ සිරි පැරකුම් සමයේ (කි‍්‍ර. ව. 1412 - 1467* රචිත පරෙවි සංදේශය තුළ සඳහන් වන්නේ මේ අයුරිනි. එවන සබර සෙන් දැක මිරිකී මුව`ගන ලෙවන පලූ රොසින් කන වැනි වන ලවන ගමන පැරද හස`ගන පිවිසි විල් වන කොවින අදන වැනි සෙවෙලන් වරල වන (පරෙවි සන්දේශය, 1967, 131* මෙම කවියෙහි සඳහන් වන පරිදි එම වනයෙහි වැදි සේනාව දැක පිඩනයට පත් මුව`ගනෝ (ඔවුන්ගේ* තොල් වැනි ලේ පැහැති දළු කෝපයෙන් කන්නාක් වැන්න. කාන්තාවගේ ගමනට පැරදී වනවිල් වලට පැමිණි හංසයෝ (ඔවුන්ගේ* කෙස්වැටිය වැනි සෙවෙල් කෝපයෙන් බුදින්නාක් මෙන් වැනිය. මෙහිිදී වැදි ජනයා සඳහා ‘‘සබර’‘ යනුවෙන් භාවිත කර ඇත. තවද බුදුගුණාලංකාරයෙහි 150, 151 කවිවල ද වැද්දන් ගැන සඳහන් වන බව පෙනේ. ලූණු නැති මසු පුදට නපුරැුසි සිතා ගමකට යාදී ඔහු ලූණට අවුත් වලවැදි දනෝ එතැනට එගොනා මරා මස් පලහා කමින් නොසරස් අන්ගිය සඳ එ ගොස් බලාගොන් න`ගුට කර ඇට රැුස් (බුදුගුණ අලංකාරය, 1978,75* ’‘ලූණු නොයෙදු මස් පූජාවට යෝග්‍ය නොවේ යැයි කල්පනා කොට, ඔහු (බමුණෝ* ලූණුගෙන ඒම පිණිස ගමකට ගිය අතර කැලයේ වෙසෙන වැද්දන් එහි පැමිණ ඒ ගොනා මරාගෙන ඉක්මනින් මස් පුළුස්සා කා ගිය පසු, බමුණ එතැනට පැමිණ ගොනාගේ වලිගය, කුර සහ ඇට රාශිය පමනක් දැක කෝපයට පත්විය.’’ යනු මෙහි අදහසයි. එමෙන්ම සිතාවක රාජධානි සමයේ සිදු වූ ප‍්‍රසිද්ධ මුල්ලේරියා සටන සහ සිතාවක රාජසිංහ රජුගේ රනශූරත්වය වර්ණිත ‘‘සිතාවක සටන’’ නම් ග‍්‍රන්‍ථයෙහි රජුගේ සේනාව සඳහා වැදි පත්තු 18 ක වැදි සෙබළුන් ඇතුළත් වු බව සඳහන් කරයි. (සීතාවක හටන, 1999* වැදි ජනතාව ඈත අතීතයේ සිටම රාජ්‍යත්වය සම`ග සමිපව කටයුතු කළහ. කඩඉම් රැුකවලෙහි යෙදිම අනුරාධපුර යුගයේ සිටම දක්නට ලැබුණකි. ඒ අනුව 15 වන සියවසේ රචිත වන්නි කඩඉම් පොතේ ද වැදි ජනතාව රැුකවලූන් ලෙස යොදා ගැනීම පිළිබඳව සඳහන් වේ. (ෘය්රප්ා්ි්ල 1990ත 43* ඉහත ආකාරයට කරුණු විමසා බැලීමේ දී ආදිවාසී ජනයා පිළිබඳ වංසකථාගත තොරතුරු සහ සාහිත්‍යගත තතු රාශියක් හමුවන බැවි ප‍්‍රකාශ කළ හැකිය. 01. 2. ආදිවාසීන් පිළිබඳ මානවවංශ විද්‍යාත්මක තොරතුරු ශී‍්‍ර ලංකාවේ ආදිවාසී ජනයා සම්බන්ධ මානවවංශ විද්‍යාත්මක තතු විමසීමේදී වැදිජනයාගේ ප‍්‍රභවය, ව්‍යාප්තිය හා විකාශනය පිළබඳව කරන ලද මානවවංශ විද්‍යාත්මක පරීක්‍ෂණ මගින් එයට අදාළ කරුණු රැුසක් හෙළිවෙයි. ඒ අනුව වර්තමානය යුගයේ වැද්දන් මධ්‍යම කඳුකරයේ උතුරු ප‍්‍රදේශයටත් සීමා වන බව දැක්විය හැති අතර මධ්‍ය මහවැලි නිම්නය කේන්ද්‍රකොටගත් මෙම ප‍්‍රදේශය සැතපුම් 240 ක් පමණ ආවරණය වන ප‍්‍රේදශයක් වේ. ෆෙකර් පවසන පරිදි ලංකාවේ යක්‍ෂ ගෝති‍්‍රකයන් වැද්දන්ගේ මුතුන් මිත්තන් වන අතර ඔවුන් විදේශයන්ගෙන් මෙරටට පැමිණ ඇත. එසේම ‘‘වැදිජනයා ඉන්දියාවේ සිට සංක‍්‍රමණය වන්නට ඇතැයි විශ්වාස කරන ෆෙකර් මහතා දකුණු ඉන්දියාවේ මලවේදන්, ඉරුල හා පොලගා යන වනවාසි ගෝති‍්‍රකයන්ට වැද්දන් සමාන වීම එයට හේතු වශයෙන් දක්වයි. එසේම මධ්‍යධරණිය, අවුස්ත්‍රෙලීය හා නීගි‍්‍ර ජනයාගෙන් වැද්දන් බිහි වූ බවත් ඔවුන් වරින් වර මෙහි පැමිණි බවත්, මුල් ගෝත‍්‍ර රටේ අභ්‍යන්තර ප‍්‍රදේශවලට යන්නට ඇති බවත් බස්නාහිර සිට එනම් සබරගමුව පළාතේ සිංහරාජ අඩවියේ බෑවුම් දිගේ වම් ප‍්‍රදේශයෙන් හැරී එන්නට ඇති බවත් සිංහරාජ අඩවියේ දී වර්තමාන වැද්දන්ගේ මුතුන් මිත්තන් ඔවුන්ට හමුවන්නට ඇති බවත් විජේසේකරයන් සඳහන් කරයි. (විජේසේකර 1960,40,41* එසේම බටහිර අග්නිදිග ප‍්‍රදේශයට වන්නට යක්‍ෂ, නාග ශා වැදි යන අර්ථ ඇති ස්ථාන නාම හමුවන අතර ‘‘සබරගමුව’’ යන්න තුළ ‘‘දඩයක්කාරයාගේ හෙවත් වැද්දාගේ ගම’’ යන අදහස ගැබ්ව ඇති බව ප‍්‍රකාශ කළ හැකිය. වෘක්‍ෂලතා බහුල වූ බැවින් මෙම ප‍්‍රදේශය දයඩම හා ඵලමුල් රැුස්කිරීමේ ආර්ථිකයක් පදනම් කතරගත් මානවයාට මෙම ප‍්‍රදේශය වඩාත් සුදුසුය. ජනකතා රැුසක් සහිත වූ ‘‘වැද්දාගල’’ නම් ස්ථානය අසත ජනයා වැදි ලක්‍ෂණ පෙන්නුම් කරන අතර කි‍්‍ර. ව. 14 වන ශතවර්ෂයේ ලියූ පරෙවි සන්දේශ කාව්‍යයෙහි 25 වන කවිය තුළ ‘‘පොතු පිටිය’’ නම් ගම්මානයේ ජනයා ගැන සඳහන් වන විස්තරය වැදගත්ය. එහි සඳහන් පරිදි වැද්දාගල ආසන්නයේ පිහිටි මෙම ගමෙහි ජනයා රිටි සුඹුලූ ඇඳගෙන සිටීමෙන් ඔවුන් වනවාසීන් බවට නිගමනය කළ හැකි අතර ඌව පළාත හා මඩකලපුව යන ප‍්‍රදේහයන්හි ගම්මානවල ජනයාද වැදිලක්‍ෂණ පෙන්නුම් කරන බවක් ඔවුන් පිළිබඳ සිදුකරන ලද අධ්‍යයන ම`ගින් පැහැදිලිය. ඒ අනුව මෙම සාධක විමසා බලන කල වැදි ජනයා වාසය කල ප‍්‍රදේශ කීපයක් හඳුනාගත හැකිය. එනම්, සබරගමුව, හේනෙ බැද්ද, දානිගල, කෝවිල් වනවාසී, බණ්ඩාර ¥ව, සීතල වන්නිය, මහඔය, බිබිලේ, තමන්කඩුව, මඩකලපුව, මහියංගනය, බිම්තැන්න, නිල්ගල කන්ද, උනවටුන බුබුල, බණ්ඩාරවෙල, බලංගොඩ, මස්කෙලිය, මිනිහාගල්කන්ද, හපුතලේ, පුත්තලම යනාදී ප‍්‍රදේශ රැුසක් වැද්දන් ජීවත් වූ ස්ථාන වශයෙන් හ\ුනා ගත හැකිය. (ලගමුව, 2000, 197* මෙම ස්ථාන බොහෝමයකින් ප‍්‍රාග්ඓතිහාසික මානව ශේෂ, ශීලා මෙවලම්, ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙනත් ද්‍රව්‍ය හමු වී ඇත. එසේම ෆාකර් ප‍්‍රකාශ කරන පරිදි මෙම ස්තානවල ප‍්‍රාග්ඓතිහාසික මානවයා වාසයකර ඇත. බෙල්ලන් බැඳි පැලැස්සේ විසූ පූර්ව ඓතිහාසික මානවයාගේ ඇටසැකිලි වැද්දන්ගේ ඇට සැකිලි සම`ග ජීව විද්‍යාත්මකව සමාන බව ඒ ගැන පර්යේෂණ කළ මානව විද්‍යාඥ කේ. ඒ. ආර්. කෙනඩි (්්ඍ ණැබබ්ාහ* කියයි. (සෝමතිලක, 2002,30 - 31* බෙල්ලන්බැඳි පැලැස්ස හා පොම්පරිප්පුව යන ප‍්‍රදේශවලින් ලැබුණු ප‍්‍රාග් ඓතිහාසික ඇට සැකිලි මානවවංශ විද්‍යාත්මක වශයෙන් වඩාත් වැද්දන්ට සමීපවන බව පී. ඊ. පී. දැරනියගල මහතාගේ අදහසයි. කඳුකර වනාන්තර ප‍්‍රදේශවල සතුන් ගමන්ගත් පාරවල් හා වියලි කලාපයේ ජලාශ ප‍්‍රාග්ඓතිහාසික යුගයේ පටන්ම වැදිජනයා විසින ප‍්‍රයෝජනයට ගෙන ඇති බැවින් වැද්දන්ගේ ප‍්‍රභවය, ව්‍යාප්තිය හා විකාශය පිළිබඳ සිදු කළ මානවවංශ විද්‍යාත්මක පරීක්‍ෂණ ම`ගන් හෙළිවන්නේ ඔවුන්, ප‍්‍රාග්ඓතිහාසික මානවයා ප‍්‍රභවයට, ව්‍යාප්තියට හා විකාශනයට පත් වූ ආකාරයට සමානව එම ප‍්‍රදේශවල හා එම ස්ථානවල වාසය කරන බවයි. වැද්දන්ගේ මානව වංශ තතු පිළිබඳ විමසීමේ දී ඔවුන්ගේ මෙම කි‍්‍රයාකාරකම්වල ස්වරූපය ඉතාමත් වැදගත් වන බව ප‍්‍රකාශ කළ හැකිය. එසේම සංඛ්‍යාවෙන් 2500 ක් පමණ වූ ලාංකික වැද්දන් ගම් වැද්දන් හා වෙළරබඩ වැදදන් වශයෙන් සෙලිග්මාන් විසින් හඳුනාගනු ලැබේ. (ීැකසට්ප්බ ්බා ීැකසටප්බල 1911ල29* තවද විජේසේකර, ජී. යූ. පී. රුජේරි, බී. ඇස්. ගුහා යන අය විසින් වැද්දන් නෙගි‍්‍රටෝ ජාතිකයන්ගෙන් බිහි වූ බව ප‍්‍රකාශ කරනු ලබන අතර ෙෆෙහ්ර ෆෙවන් අයික්ෂ්ටේට්ගේ අදහස වනුයේ, ඔවුන් ‘‘වැලීඞ්’’ නම් වර්ගයෙන් පැවත එන බවයි. එසේම වැද්දන්ට සමාන ගෝත‍්‍ර ඉන්දියාව, ඕස්ටේලියාව, දකුණු අපි‍්‍රකාව වැනි රටවලද වෙසෙති. මේ හේතුවෙන් ඔවුන් සියල්ලන්ගේම මූලබීයජ එකම ජාතියක් බව පෙනේ. එසේම ප‍්‍රාග්ඓතිහාසික මානවයාගෙන් ඔවුන් පරිණාමය වන්නට ඇත. වැද්දා කලූ හෝ දුඹුරු කුඩා ශරිරයක් ඇති විකසිත වූ විශාල නෙත්, කුඩා, කෘශ, ලොම්විරල මිටි සිරුර, අක්බඹරු හිස කෙස්, සිහින් තොල්, මහත් නාසිකා හා පුළුල් නාස් පුඩු, මදක් නේරූ හකු පාඩා, ඝන රැුවුල සහිත ලැජ්ජාශීලි කුලෑටි මිනිසෙකි. සාමාන්‍ය වශයෙන් උස මිලිමීටර් 1592 ක් ද කපාල සුචිය සෙ.මි. 72. 6 ක් ද කපාල ප‍්‍රමාණය ඝණ සෙ.මි. 1227 ක් ද නාසිකා සූචිය 73% ක් ද වෙයි. මෙම ප‍්‍රමාණයන් සමාන වන්නේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාටය. (ලගමුව,2000,198* එසේම ඇමරිකවේ ඇමේසන්වරුන් හා අපි‍්‍රකාවේ ඉතුරියවරුන්ද මීට සමාන වන අතර එච්. නෙවිල් පවසන්නේ, ලාංකීය කින්නර හා වන්නි ජනයාද මීට සමාන වන බවයි. එස්. යූ. දැරණියගල විසින් සොයාගනු ලැබූ මානවශේෂ සම`ග කළ ශාරීරික සහ වාර්ගික මානව වංශ විද්‍යාත්මක පරීක්‍ෂණවලින් හෙලි වූයේ වැද්දන් ප‍්‍රාග්ඓතිහාසික මානවයාගේ පරිණාමීය අවස්ථාවක් බව බවයි. (ෘ්ර්බසහ්ට්ක්ල 1992ල365ල366* තවද මෙම ආදිවාසී ජනයා සම්බන්ධව සිදුකරනු ලැබූ විවිධ මානවවංශ විද්‍යාත්මක පරීක්‍ෂණ ම`ගින් හෙළිවන කරුණු විමසීමේදී ඔවුන්ගේ සමාජ පසුබිම පිළිබඳ වැදගත් තොරතුරු රායිකේ හමුවෙයි. ගල්ලෙන් තුළ වාසයකළ ඔවුන් කුඩා කණ්ඩායම් වශයෙන් ජලාශ, පලාවැව හා සතුන් බහුල ප‍්‍රදේශවල නිවාස පිහිටුවාගත් ආකාරයක් දැකිය හැකිය. එසේම ලේ ඥාතීන්ගෙන් සමන්විත වූ මෙම කුඩා කණ්ඩායම්වල සාමාජිකයන්ට කිසිවක් සම්බන්ධව පෞද්ගලික අයිතියක් නොමැත. සිය ගෝත‍්‍රයේ වාස භූමිය හෝ ආහාර දායක ප‍්‍රදේශ සීමා කර තිබුණේ, ගසකින්, කන්දකින්, හෝ පර්වතයකිනි. එහි දී ඔවුන් සංකේත භාවිතාකිරීම සිදු කොට ඇත. ‘‘ඇළ දොළවල් හා කඳුවැටි ආදී ස්වභාවික සීමාවලින් වෙන්වුණු බිම්කොටස් පෙරකාලයේ එක් එක් වැදි කන්ඩායම් සතුව තිබුණි. ස්වභාවික සීමා නොමැති ප‍්‍රදේශවල සෙසු ගස්කොලන් අභිබවා වැඞී තිබුණු රූස්ස ගස් වැදිබිම්වල සීමා වශයෙන් යොදා ගැණින. සීමා ගස්වල පිට පොත්තෙහි ඇඳගත් දුනුදිය සහිත වැද්දෙකුගේ හෝ දිය අදින ලද දුන්නක පමණක් හෝ සටහන් කොටන ලද්දේය. සෑම වැදි කණ්ඩායමක්ම මෙම සීමා ලකුණු මැනිවින් දැනසිටි හෙයින් එක් කණ්ඩායමක සීමාවක් වෙනත් කණ්ඩායමක් විසින් කඩකෙරුනේ ඉතාමත් කලාතුරකින් පමණි.’’(ිචසඑඑකැල 1933ල 85* එමෙන්ම සෙලිග්මාන් දක්වන පරිදි වැදි ජනයා වංශවලට බෙදී සිටි අතර එම වංශ හෙවත් වරුග පහත දැක්වෙයි. 01. මොරාන වරුගෙ 02. උනපාන වරුගෙ 03. නමදේව වරුගෙ 04. අළුම්බෙල වරුගෙ 05. උනුරු වරුගෙ 06. තල වරුගෙ 07. බණ්ඩාර හෝ රුගම් වරුගෙ 08. අරවසිය වරුගෙ 09. කෝවිල් වන්නමේ වරුගේ 10. වෙනත් වරුග (ීැකසට්ප්බ ්බා ීැකසටප්බල 1911* වැද්දන්ගේ මෙම වර්ගවලට බෙදියා පිළිබඳව ජනප‍්‍රවාදයන් ඔවුන් අතර තිබේ. දඩයමේ ගිය සොහොයුරන් හත්දෙනෙකු අතර ඇති වූ ආරවුලක් නිසා එසේ බෙදුණු බවය. (යසපාල, රත්නායක, 2011, 75* මෙම වරුගවලට අයත් වැද්දන්ටනායකයෙක් සිටි අතර නෑදෑකම්මත ආවාහ විවාහ සිදු විය. වසරකට දෙකකට වරක් වාසය කල ගුහාව මාරු කළ ඔවුන් තමන් වෙසුනු ගුහාව පොදු හැ`ගීමකින් යුතුව භාවිත කර ඇත. ඔවුන් විසින් ස්තී‍්‍ර පුරුෂ දෙපක්‍ෂය සඳහාම නම් වශයෙන් ගස් කොළ අතු, සත්ව නම් ආදිය භාවිත කළ බවක් දැක්ය හැකිය. පොරමලා, කරකොළයා, නාගා, කළුවා, හපුවා යනාදී නම් පුරුෂයන් සඳහාද ස්තී‍්‍රන් සඳහා කිරී, නිල්මල් නංගි, උනුරි,පින්චි ආදි නම් යොදා ගෙන ඇත. එසේම වැදි ජනයාගේ පෞරාණිකත්වය විදහා දැක්වීමට ඉවහල් වන ප‍්‍රධාන සාධකයක් ලෙස ඔවුන්ට ආවේණික භාෂාව දැක්විය හැකිය. එය අනාර්ය වචන විශාල ප‍්‍රමාණයකින් සමන්විත බව ප‍්‍රකාශ කළ හැකිය. තවද ඔවුන් දුර බැහැර සිටින සිය සාමාජිකයන් වෙත පණිවිඩ යැවීමට සංකේත ක‍්‍රමයක් භාවිත කරති. එහි දී පැවසීමට අවශ්‍ය වූ කාරණාව තල්පත් කොලයක හෝ ගස් පොත්තක සටහන් කොට ඇත. එක් කණ්ඩායමකට අයත්වීම නිසා ඉතා සමීපව සම්බන්ධ වී සිටින වැද්දෝ තම තමන්ගේ දඩයම් මෙන්ම රැුස්කෙරෙන මීපැණි ආදිය ද ඔවුන් අතර බෙදා ගනිති. ඔවුන් සාමාන්‍යයෙන් එකිනෙකා අමතන්නේ නමින්නොව නෑකමිනි. මේ නිසා අන්කෙනෙකු නමක් විමසූ විට ඊට පිළිතුරු දීම සඳහා එකිනෙකාගේ නම් ආයාසයෙන් මතක්කර ගැනීමට පවා ඔුනට සිදුවෙයි. (අල්විස්, 1997, 122* වැඩිහිටි, බාල, මහලූ ස්තී‍්‍ර පුරුෂභාවය අනුව විවිධ චාරිත‍්‍ර විධි රාශියක් ඔවුන් තුළ පවත්නා අතර ඔවුන්ගේ සමාජීය පැවැත්ම අනුව වැදි ජනයා ප‍්‍රාග් ඓතිහාසික මානව සමාජය සම`ග සම්බන්ධවන බව ඇතැම් විද්වතුන් විසින් සඳහන් කර ඇත. මොවුන්ගේ සමාජීය කටයුතු සියල්ලම මෙසොලිතික හා නියොලිතික යුගවල තිබුණි. නන්දදේව විජේසේකර විසින් සිංහලයා වැදි ජනයාගෙන් පරිණාමය වූ බව පවසන අතර එහි දී එහු ශාරීරික හා සංස්කෘතික ලක්‍ෂණ 06 ක් ම`ගින් එය තහවුරු කරයි. 01. සිංහලයන්ගේ මොන්ගෝලිය ලක්‍ෂන සාමාන්‍යයෙන් පැවතීම. 02. හකුපාඩා සහ දත් උඩට නෙරා තිබීම. 03. කොල්ලෑව සහිත ඔරුව. 04. වෙස් මුහුණු භාවිතය. 05. දකුණු පළාතේ යටිකයේ ඇඳුම. 06. කිඹුලන් පිළිබඳ ඇදහිලි. (විජේසේකර 1955,58,* එසේම වැදිජනයා සම්බන්ධව මානවවංශ විද්‍යාත්මක තොරතුරු විමසීමේ දී ඔවුන්ගේ ආර්ථික ක‍්‍රමයද ප‍්‍රාග්ඓතිහාසික මානවයාගේ ආර්ථික ක‍්‍රමයට සමාන බව හෙළිවෙයි. දඩයම සහ පල මුල් රැුස් කිරිම මත ර\ පැවතුණු ඔවුන්ගේ ආර්ථිකය තුළ පෞද්ගලික අයිතියක් නොවූ අතර ශ‍්‍රම විභජනය පදනම් වූයේ වයස හා ලිංගිකත්වය මතය. සුඛෝපභෝගී භාණ්ඩ ගැන අවශ්‍යතාවක් නැති ඔවුන් දෛනික අවශ්‍යතාවන් සඳහා මුල්තැන දුන් බව පෙනේ. මෙවැනි අර්ථ ක‍්‍රමයක් ඇති ජනකොටස් ඇමරිකාව, අපි‍්‍රකාව සහ ඉන්දියාව වැනි රටවල සිටින අතර අර්ධවශයෙන් ගොවිතැනෙහි යෙදෙන ඔවුන්, හුවමාරු ක‍්‍රමයක් ද අනුගමනය කළ බව සෙලිග්මාන්, රොබර්ට් නොක්ස්, ඒ. කේ. කුමාරස්වාමි, ෆාහියන් වැනි විද්වතුන් විසින් පවාස ඇත. එසේම මෙම වැදි ජනයා අතර වූ ‘‘අදිසි හුවමාරුක‍්‍රමය’’ නමින් හැඳින්වෙන, ඔවුනොවුන් හමුනොවන ගනුදෙනු ක‍්‍රමයද මෙසොලොතික හා නියොලිතික මානවයාගේ ආර්ථිකයට සම්බන්ධ වි ඇති බවද ඇතැම් විද්වත්හු පවසති. එසේම වැදිජනයාගේ තාක්‍ෂනික හා ශිල්පීය ඥානය මෙන්ම නිෂ්පාදන රටාව ප‍්‍රාථමික එකක් වූ අතර විශේෂ ප‍්‍රාගුණ්‍යතාවක් නොමැති ඔවුහු නොදියුණු ක‍්‍රම උපයෝගී කරගෙන තමන්ට අවශ්‍ය භාණ්ඩ බොහෝ ප‍්‍රමාණයක් පාෂාණ, දැව, සත්ව ඇට හා සම්වලින් සාදා ගත්හ. ඒ අතර පොරොව, දුන්න, හී, හාරණ උල, ගිනිගල, සම් මල්ල වැනි උපකරණ ප‍්‍රධාන වන බව ප‍්‍රකාශ කල හැකිය. මේ ආකාරයට තනාගත් මෙවලම් පී. ඊ. පී. දැරණියගල, බි‍්‍රජට් ඔල්වින්, සැරසින්වරුන් යන විද්‍යාඥයන් ලංකාවෙන් සොයා ගත් ප‍්‍රාග්ඓතිහාසික මෙවලම් හා ඒවායේ තාක්‍ෂණික ශිල්පීය ක‍්‍රමයට සමානවන බවක් දැකිය හැකිය. වැදිජනයා විවිධ ප‍්‍රාථමික ඇදහිලි මගින් ජීවිතය සකසාගත් අතර ගෝති‍්‍රක භූමයේ ගසක්, ගලක් පූජනිය ස්ථානය වූ අතර කලකට වරක් එතනට රැුස් වී විවිධ ප‍්‍රාථමික චාරිත‍්‍ර විරිත‍්‍ර ඔවුන් විසින් සිදුකරනු ලැබේ. එසේම ඔවුන් විසින් විවිධ අවස්ථාවලදී සිදුකරනු ලබන නැටුම් ගැයුම් හා උත්සව බොහෝමයක් ඒ පිළිබඳව විමසිමේ දී හමුවෙයි. ඒ අතර, 01. නෑ යකු උත්සවය 02. හී නැටුම 03. කිරිකොරහෙ උත්සවය 04. බමුරු උත්සවය 05. දොළයක් උත්සවය 06. පට්ටායක් උත්සවය 07. රාහු යක් උත්සවය 08. රුවල හා කොළමඩුව උත්සවය (ිචසඑඑකැල 1933ල 86 - 94* ආදී උත්සව ප‍්‍රධාන වෙයි. මීට අමතරව විවිධ අත්භූත පූජා විධි ද පවතින අතර මෙවැනි ආගමික විධි ප‍්‍රාග් ඓතිහාසික ආගමික විධිවලට සමාන බැවින් මානවවංශ විද්‍යාත්මකව විමසා බලන විට ඒවා ඉතා වැදගත් වේ. එසේම වැද්දන් අතර ඔවුන්ට ආවේණික වූ සංස්කෘතික රටාවක් ඇත. විවිධ නැටුම්, ගැයුම්, ගී, සින්දු, කවි, යාතිකා සහ විවිධ උත්සව පවතී. එසේම විවිධ චිත‍්‍ර, ගල්ලෙන්, සම්, පතුරු ආදියෙහි ඇන්ඳ බව පිහිලේගොඩ ගල්ගේ සහ ගමකන්ද ගල්ගේ චිත‍්‍රවලින් පෙනේ. මේවා ප‍්‍රාථමික චිත‍්‍රය. ප‍්‍රාග්ඓතිහාසික යුගයේ මෙවැනි ගුහා චිත‍්‍ර හමුවෙයි. ගින්න, දේදුන්න, ස්ථාන, සතුන් යනාදිය ගැන පුරාවෘත්ත, ජනකථා ආදිය ඔවුන් අතර ප‍්‍රචලිතය. පුරාවිද්‍යා හා සංස්කෘතික මානවවංශ විද්‍යාත්මක පරීක්‍ෂන අනුව ලංකාවේ වැද්දන් මෙසොලිතික ප‍්‍රාග්ඓතිහාසික යුගයේ මිනිසුනට සමානවන බව සිතිය හැකිය. එහෙයින් වැද්දන් පිළිබඳ මානවවංශ විදයාත්මක පරීක්‍ෂණය එක් වැදගත් අංශයකි. (ලගමුව, 2000, 201* කෙසේනමුත් ඉහත ආකාරයට ශී‍්‍ර ලංකාවේ ආදිවාසීන් වන වැදිජනයා පිළිබඳ විමසීමේ දී ඔවුන්ගේ ප‍්‍රභවය, ව්‍යාප්තිය හා වාකාශය ආදී අංශයන් කෙරේ අවධානය යොමුකරමින් කරුණු පරීක්‍සා කිරීමේ දී ඔවුන් සතු මානවවංශ විද්‍යාත්මක ලක්‍ෂණ රාශියක් හඳුනාගත හැනි බව ප‍්‍රකාශකළ හැකිය. 01. 3. ආදිවාසීන් පිළිබඳ බි‍්‍රතාන්‍ය පාලන යුගය හා තදාසන්න කාලයේ සිදු වූ ගවේෂණ ශී‍්‍ර ලංකාවේ ආදාවාසී ජනයා පිළිබඳ විමසීමේ දී ඔවුන් සම්බන්ධව සිදු වී ඇති පර්යේෂණයන්ට ඉතා දිර්ඝ ඉතිහාසයක් පවතින බව පැහැදිලිය. ඒ අනුව ආදිවාසීන් පිළිබඳ බි‍්‍රතාන්‍ය පාලන යුගය හා තදාසන්න කාලයේ සිදු වූ පර්යේෂණ පිළිබඳ විමර්ශනය කිරීමේ දී ප‍්‍රථමයෙන් මල් කාලීන් යුරෝපීයයන් විසින් සිදු කළ පර්යේෂණ පිළිබඳ අවදානය යොමු කිරීම වැදගත්ය. ඒ අනුව 1849 දී ඞී. මැරිග්නොලි විසින් සිදු කරන ලද පර්යේෂණය වැදි ජනයා සම්බන්ධයෙන් සිදු වූ මුල්ම පෘතුගීසි සඳහන ලෙස හැඳින්වේ. එහි දැක්වෙන ආකාරයට පෘතුගී‍්‍රසීන් විසින් රාජධානියට පහර දුන් අවස්ථාවේ බිසෝවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධව කටයුතු කිරීමේ වගකීම රජු විසින් භාරකරනු ලැබුවේ වැදිජනයාටය. (ඡුසැරසිල 1992ල 332* එසේම 1570 දී ශී‍්‍ර ලංකාවට පැමිණි පෘතුගී‍්‍රසි ජාතික පේඞ්රෝ ටැක්සියේරා වැද්දන් පාචා යන නාමයෙන් හඳුන්වා ඇති අතර කොළඹ කොටුවේ ආරක්‍ෂක වැටවල් ඉදිකිරීම සඳහා වැද්දන්ගේ සහය ලබා ගත් බවද ඔහු සඳහන් කරයි. වැදිජනයා පිළිබඳ තවත් වැදගත් විස්තර රැුසක් පෘතුගී‍්‍රසි ජාතික කපිතාන් ජෝආ රිබේරෝ විසින් දක්වා ඇති අතර 1640 දී පමණ ශී‍්‍ර ලංකාවට පැමිණි ඔහු සිය ලංකා සංචාරයේ දී ඝන වනාන්තර සහිත වන්නි ප‍්‍රදේශ, තී‍්‍රකුණාමලය ආශී‍්‍රත මුහුදු තීරය වැදිරට ලෙස හඳුන්වා ඇත. බේදා (ඊැා්* යනුවෙන් වැදි ජනයා හැඳින් වූ ඔහු, ඔවුන් සත්ව හම් පළඳින බවත් ඔවුන්ගේ වර්ණය පෘතුගී‍්‍රසීන්ට සමාන වර්ණයක් වන බවත් සඳහන් කරන අතර මෙම වැදි ජනයා කුඩා කණ්ඩායම් ලෙස එක ස්ථානයක සය මසකට වඩා ජිවත් නොවන බවත් දඩමස් පුච්චා, මී පැණිවල බහාලා අනුභවකරන බවත් වැඩිදුරටත් සඳහන් කරයි. (රුඉැසරදල 1999ල77* එසේම ලන්දේසි සමයේ වැදිජනයා පිළිබඳ පර්යේෂණ සිදුකරන ලද පුද්ගලයන් වශයෙන් ෆ‍්‍රන්ස්වා වැලන්ටයින්, පිලිප් බැල්දියස්, ජොහාන්හෙයිට, ආන්ඩුකාර රයික්ලොෆ් වැන් අන්ස් යන අය හඳුන්වා දිය හැකිය. ඕලන්ද ජාතික ඉන්දීය සමාගමේ සාමාජිකයෙකු වූ ෆ‍්‍රන්ස්වා වැලන්ටයින්ගේ ‘‘ෘැිජරසචඑසදබ දෙ ක්‍ැහකදබ ’’ග‍්‍රන්‍ථයේ වැදිජනයා පිළිබඳ වැදගත් විස්තරයක් සඳහන් කර ඇත. තවද රෙබට් නොක්ස් විසින් 1881 දී රචිත ‘‘්බ ්‍යසිඑදරසජ්ක ඍැක්එසදබ දෙ ක්‍ැහකදබ’’ නම් ග‍්‍රන්‍ථය තුළ වැදි ජනයා හූුන්වා ඇත්තේ ‘‘වනගත මිනිසුන්’’ ලෙසය. හීලෑ (ඔ්පැ* සහ හීලෑ නොවන (උසකා* යනුයෙවන් වනගත ජනයා කොටස් දෙකකට බෙ¥ ඔහු හීලෑ නොවූ එම ජන කොටස් ‘‘රම්බා වැද්දන්’’ ලෙස හ\ුන්වයි. නොක්සුට අනුව මෙම වැදි ජනයා වාසය කරන්නේ අනෙක් ජනයාගෙන් ඈත්ව හුදෙකලා වු පිරිසක් ලෙසය. (ණබදංල 1996ල 116* තවද 1803 දී රොබට් පර්සිවල් විස්න රචිත ‘‘්බ ්ජජදමබඑ දෙ එයැ සික්බා දෙ ක්‍ැහකදබ’’ යන ග‍්‍රන්‍ථය නෝක්ට පසුව වැදිජනයා පිළිබඳ ඉදිරිපත් කෙරුණු වැදගත් ඉංගී‍්‍රසි වාර්තාවක් ලෙස හඳුන්වාදිය හැකිය. වැදි ජනයා ‘‘බේදා’’ යන නමින් හැඳුන් වූ ඔහු එම වචනය සිංහල ‘‘බැද්ද’’ යන්නේන් බිඳී ආවක් බව විශ්වාස කළේය. (ඡුැරජසඩ්කල 1990 274* වැදි ජනයා ලංකාවේ මුල් දේශීය ජනයාගෙන් පැවත එන බව දක්වන ඔහු සංක‍්‍රමණික ආර්ය ජනයාගේ පැමිණිමත් සම`ග මෙම ස්වදේශීය ජනයා කැලැවට වැදී දඩයම සිය ජීවනෝපාය කරගන්නට ඇති බව ප‍්‍රකාශ කර සිටි. අනෙකුත් පර්යේෂකයන්ට සාපේක්‍ෂව වැදිජනයාගේ සම්භවය සම්බන්ධයෙන් වෙනසු වූ මතයක් ප‍්‍රකාශ කරන ඔහු වැදි ජනයා ලංකාවට පැමිණියේ ශී‍්‍ර ලංකාවෙන් පිටස්තර ප‍්‍රදේශයකින් බවත්. එකල ලංකාවේ රාජ්‍ය කළ රජුට පක්‍ෂපාතී නොවූ බැවින් සාමාජයෙන් පිටමංකිරීම හේතුවෙන් වනගතව ජීවත්වන පිරිසක් බවට පත්විමට ඔවුන්ට සිදුව ඇති බවත් දක්වයි. මීට අමතරව බි‍්‍රතාන්‍ය ජාතික පියතතුමකු වූ ජේම්ස් කොඩිනර් විසින් 1807 දී රචනා කරන ලද‘‘ ් ාැිජරසචඑසදබ දෙ ක්‍ැහකදබ’’යන ග‍්‍රන්‍ථයේ ද වැදි ජනයා සම්බන්ධව කරුණු ඇතුළත් වෙයි. 1799 මැයි සිට 1804 වන තෙක ශී‍්‍ර ලංකාවේ ජීවත් වූ කෝඩිනර් ලංකාවේ විසූ වන ගත මිනිසුන්වන වැදි ජනයා බේදා (ඊැා්යි* නොහොත් දෙදා (ඪැා්යි* ලෙස හඳුන්වයි. එසේම මඩකලපුව ආශි‍්‍රත කඳුකර ප‍්‍රදේශවල ජිවත්වන ඔවුන් අනෙකුත් ජනයා සම`ග සම්බන්ධයක් නොමැති බවක් මෙන්ම ඔවුන්ගේ භාෂාව සිංහල බසට තරමක් සමාන වන අතර, ආගම බ‍්‍රාහ්මණ ආගමට සමාන වන බව වැඩිදුරටත් දක්වයි. (ක්‍දරාසබැරල 1983ල 53 -54* එසේම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදි සමය තුළ ද ලංකාවේ ආදිවාසීන් පිළිබඳ පර්යේෂණ රැුසක් සිදු වී ඇති බව පෙනේ. 1846 දී ‘‘ක්‍ැහකදබ ් ඨැබැර්ක ාැිජරසචඑසදබ දෙ එයැ ෂික්බා ්බා දෙ සඑි සබය්ඉසඒබඑි’’ යන ග‍්‍රන්‍ථය රචනා කරන ලද හෙන්රිමාෂල් වැදි ජනයා වයවහාර කරන්නේ වැද්දා නොහොත් බේදා ලෙසය. මහවැලි ග`ග දෙපස දක්නට ලැබෙන වනාන්තර ප‍්‍රදේශ සහ බින්තැන්න ආශි‍්‍රත ප‍්‍රදේශය වැදිරට යනුවෙන් හැඳිනු වූ මාෂල් ගම්වැද්දෝ, සාමාන්‍ය සිංහල ගැමියාට සාපේක්‍ෂව හික්මීමෙන් අඩුපිරිසක් බවත් ගත් වැද්දෝ ගම් වැද්දන්ට වඩා මිලේච්ඡු බවත් වැඩි දුරටත් සඳහන් කරන ඔහු, ඔවුන් මුල්වාසින්ගෙන් පැවත එන වත් යක්‍ෂයන් සහ නාගයන් වන්දනාකරන බවත් දක්වා ඇත. එමෙන්ම 1883 දී ජෝන් ෆර්ගසන් විසින් සම්ප‍්‍රදානය කරන ලද ‘‘ක්‍ැහකදබ සබ එයැ න්‍මඉසකැැ ශැ්ර’’ නම් ග‍්‍රන්‍ථය තුළ වැදිජනයා පිළිබඳ තොරතුරු ඇතුළත්වන අතර එකල මුළු වැදිජනගහනය 8895ක් බව සඳහන් කර ඇත. මෙහිදී ඔවුන්ගේ ආගම පිළිබඳව කරුණු දක්වා ඇති අතර මුළු ජනගහනයෙන් කොටසක් ලෙස වැදිජනයාගෙන් බෞද්ධ ආගම අදහන පිරිමින් 361 ක් ද ස්තී‍්‍රන් 325 ක් ද හින්දු ආගම අදහන පිරිමින් 317 ක් ස්තී‍්‍රන් 371 ක් ද, කිතු දහම අදහන එක් වැදිපිරිමියෙක් ද වෙනත් ආගම් අදහන වැදි පිරිමි 398 ක් සහ ස්තී‍්‍රන් 355 ක් ද සිටි බව දක්වයි. (මෙරටමිදබල 1994ල263 – 264* වැදිජනයා පිිිළිබඳ භෞතික මානනවිද්‍යාත්මක පරික්‍ෂණ්‍යක් සිදු කළ පුද්ගලයෙකු වශයෙන් වෙවද්‍ය රුඩොල්ෆ් වර්ෂෝ හඳුන්වාදිය හැකිය. 1880 දී පමණ සිදු කළ මෙම පර්යේෂණය ‘‘ඔයැ ඪැාා්ි දෙ ක්‍ැහකදබ ්බා එයැසර රුක්එසදබ එද බැසටයඉදමරසබට එරසඉැි’’ යනුවෙන් ශී‍්‍ර ලංකා රාජකීය ආසියාතික සංගමයේ ස`ගරාවේ පළ වී ඇත. මෙහිදී වර්ෂෝ වැදි හිස්කබල්, සංහල හා දෙමළ හිස් කබල් සම`ග සන්සන්දනාත්මකව අධ්‍යයනයකොට ඇති අතර වැද්දන්ට ගණන්කිරීමේ හැකියාව නොතිබූ හෙයින් ඔවුන් පහළ බුද්ධි මට්ටමක සිටිබව හෙතෙම විශ්වාස කළේය. වැද්දන් සමහර දකුණු ඉන්දියානු ගෝති‍්‍රක ජනයාට සමාන වූ බව නිගමනය කළ ඔහුගේ මෙම පර්යේෂණය ඇතැමුන් හඳුන්වා ඇත්තේ, වැද්දන් පිළිබඳව පළකරන ලද ප‍්‍රථම විශාල පරිණාමයේ අධ්‍යයනය ලෙසය. තවද ජර්මානු ජාතික ඥාති සහෝදරයින් වූ පෝල් සැරිසන් සහ ෆි‍්‍රට්ස් සැරිසන්ගේ පර්යේෂණ 20 වැනි සියවසේ මුල් කාලයේ දී වැදි ජනයා සහ ප‍්‍රාග් ඓතිහාකික මානවයා ආශි‍්‍රතව සිදු වූ වැදගත් භෞතික මානව විද්‍යාත්මක පර්යේෂණ වශයෙන් හඳුන්වා දිය හැකිය. මෙහි දී පොල් සැරිසන් විසින් සංස්කෘතික මානවවිද්‍යාත්මක තොරතුරුත්, ෆි‍්‍රට්ස් සැරසින් විසින් භෞතික මානවවිද්‍යාත්මක තොරතුරුත් අධ්‍යයනයට ලක්කොට ඇති අතර සැරසින් සොහොයුරන්ගේ මූලික අධ්‍යයනය අරමුණ වී ඇත්තේ ශී‍්‍ර ලංකාවේ ශිලා යුගය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සහ වැදි ජනයා හා ඉන්දුනීසියාවේ දකුණු සෙලිබස් අතර සංසන්දනාත්මක අධ්‍යයනයක් සිදු කිරීමටයි. 20 ව න සියවසේ දී වැදිජනයා පිළිබඳව සිදු කෙරුණු වැදගත් පර්යේෂණ ලෙස චාල්ස් සහ බ්‍රෙන්ඩා සෙලිග්මාන්ගේ අධ්‍යයන සඳහන් කළ හැකිය. වැදි ජනයා පිළිබඳ සංස්කෘතික සහ භෞතික මානවවිද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකළ ඔවුන්ගේ අධ්‍යයනයට වැදිජනයා හසුකරගැනිමේ මුලිකම හේතුව වී ඇත්තේ සුළුතර එක් ගෝති‍්‍රක ජනතාවක් වශයෙන් ඔවුන් කාලයත් සම`ග වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටීමයි. (ීැකසට්ප්බ ්බා ීැකසටප්බල 1911* 1905 දී ආරම්භ වූ සෙලිග්මාන් යුවළගේ පර්යේෂණය 1911 දී ‘‘ඔයැ ඪ්ාා්ි’’ නමින් ප‍්‍රකාශයට පත්විය. වැදිජනයාගේ භෞතික මානවවිද්‍යාත්මක අංග කෙරෙහි චාල්ස් සෙලිග්මාන් අවධානය යොමු කළ අතර, බ්‍රෙන්ඩා ඔවුන්ගේ සිරිත් විරිත්, ඥාති සබඳතා හා පරම්පරා විස්තර, භාෂාව හා වැදි ළමුන් පිළිබඳව අවධානය යොමු කළාය. සෙලිග්මාන්ට අනුව මාතෘ මූලික පරම්පරාව පදනම්කරගෙන වැදිජනයාගේ සමාජ ව්‍යුහය ගොඩනැගී තිබූ අතර මඩකලපුවට උතුරින් වෙසෙන වෙරළබඩ වැදි ජනයා සම`ග මිශ‍්‍ර වී ඇති බවත් මසුන් ඇල්ලීම ඔවුන්ගේ ජීවන උපාය මාර්ගය වූ බවත් ඔහු සඳහන් කළේය. ඔහුට අනුව ඌරුවරිගේ ඇත්තෝ දෙමළ වන්දනාමාන ක‍්‍රම රැුසක් අනුගමනය කළ අතර සාම්ප‍්‍රදායික වැදි නැටුම් ගැයුම් ක‍්‍රම ඔවුන් අතර පැවතුණි. තවදුරටත් ඔහු සඳහන්කර ඇත්තේ දඹාන ප‍්‍රදේශයේ වැදි ජනයා නිවෙස් සාදා, හේන් ගොවිතැන ප‍්‍රධාන ජිවනෝපාය ක‍්‍රමය කොට ගෙන ඇති බවත්, විදේශිකයින් වෙනුවෙන් සිය වැදි නැටුම්, ගැයුම් ආදිය සිදුකරන ර`ගපාන වැද්දන් ‘‘ීයදඅ ඪ්ාා්ි’’බවට පත්ව ඇති බවත් ය. (ීැකසට්ප්බ ්බා ීැකසටප්බල 1911ල49* එසේම බි‍්‍රතාන්‍ය ආන්ඩුවේ වාරිමාර්ග දෙපාර්තමේනතුවේ 1873 සිට 1904 වන තෙක් සේවය කළ හෙන්රි පාකර් විසින් ද වැදි ජනයා පිළිබඳ වැදගත් පර්යේෂණයක් සිදු කොට ඇත. වැදි ජනයා පිළිබඳ වටිනා විස්තර ඉදිරිපත් කරන පාකර් ‘‘අතීත වැද්දන්’’ සහ ‘‘වර්තමාන වැද්දන්’’ ලෙස වර්ගකරමින් පුළුල් ලෙස කරුණු සාකච්ඡුාකර ඇත. දකුණු ඉන්දියාවෙන් වැදි ජනයා ශී‍්‍ර ලංකාවට පැමිණි බව විහ්වාස කළ ඔහු, ඔවුන්ගේ පුදපූජාවලට පාත‍්‍ර වූ කන්දේ යකා පැමිණියේ මාලවර ප‍්‍රදේශයෙන් යැයි විහ්වාස කරයි. මෙම මාලවර දේශය ඉන්දියාවේ මලයාලම් කඳු ප‍්‍රදේශය ලෙස හඳුන්වන පාකර් මහවංස සාධක පදනම්කරගෙන අනුරාධපුර තදාශි‍්‍රත ප‍්‍රදේශයේ විශාල වැදිජනගහනයක් විසූ බව විශ්වාස කළේය. මහසෙන් රජ (කි‍්‍ර.ව. 277 - 304* විසින් කරන ලද විශාල වැව් ආදිය සඳහා වැද්දන්ගේ සහය වූ බවත් මහාපරාක‍්‍රමබාහු රජ (කි‍්‍ර. ව. 1164 - 1197* සමයේ ගජබාහු රජුට එරෙහිව සටන් කළ වයාධයන් වැද්දන් වන බවත් දක්නව එහු වර්තමානයේ දක්නට ලැබෙන උඩරට ජනයා, කන්ද උඩරටජනයා ආශි‍්‍රතව පදිංචිව සිටි වැදි ජනයා හා සිංහල ජනයාගේ මිශ‍්‍රණයක් වන බව නිගමනය කොට ඇත. (ඡු්රනැරල 1990ල29* ගල්වැද්දා, ගම්වැද්දා සහ දෙමළ කතාකරන වෙරළ වැද්දා යන සියුලූ කාණ්ඩ පිළිබඳව සංස්කෘතික සහ භෞතික මානවවිද්‍යාත්මක විග‍්‍රහයක් සිදුකරන පාකර්, ඔවුන්ගේ ශරීර ස්වභාවය, සමේ පැහැය, උස, ආභරණ, නිවාස, දයඩම්ක‍්‍රම, කුලක‍්‍රමය සහ බලධූරාවලිය ආදී අංශ රාශියක් පිළිබඳව සිය පර්යේෂණ ඔස්සේ අවධානය යොමු කරඇත. කෙසේනමුත් මෙම සියලූ පර්යේෂණ පිළිබඳ අවදානය යොමුකරන කල්හි පැහැදිලිවන කරුණක් නම් පෘතුගීසි, ලන්දේසී, ඉංගී‍්‍රසි ජාතිකයන් වැදිජනයා සම්බන්ධව සිදුකරන ලද වාර්තා වලින් එම ජනයා මිලේච්ඡුයන් හා ප‍්‍රාථමිකයන් ලෙස නිරූපණය කිරීමට තැත්දැරූ නමුත් ඔවුන් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයන් සිදුකිරීමට නොපෙළඹුණු බවයි. නමුත් ලංකාවට නිදහස ලැබීමෙන් පසු සමය තුළ වැදි ජනයා සම්බන්ධව ලාංකික විද්වතුන් අතින් ගුණාත්මක පර්යේෂණ රැුසක් මෙම වැදිජනයා සම්බන්ධව සිදුව ඇති බව පෙනේ. ඔක්ස්ෆඞ්, කේම්බි‍්‍රජ් වැනි බි‍්‍රතාන්‍ය විහ්වවිද්‍යාලයව ඉගෙනුම ලැබූ ලාංකේය විද්වතුන්ගේ සහය මේ සඳහා නොමඳව ලැබී ඇති අතර අධිරාජ්‍යවාදී සමයේ සිදුකළ පර්යේෂණවලට වඩා වෙනස් මුහුණුවරකින් එම පර්යේෂණ ඉදිරිපත් කරමින් වඩාත් උසස් ගණයේ වාර්තාවන් ිසුකිරීමට පශ්චාත් නිදහස් ශී‍්‍ර ලංකාවේ වැදිජනයා පිළිබඳ තොරතුරු ගවේෂණය කල පුද්ගලයන් සමත් වූ බව ප‍්‍රකාශ කළ හැකි අතර ආචාර්ය පී. ඊ. පී. දැරනිගල, සිරනා දැරිණිගල, නන්දදේව විජේසේකර, ජේම්ස් බ‍්‍රඞ්, ඊ. ඇම්. රත්නපාල, ගණනාත් ඔබේසේකර, මහාචාර්ය පි.බී. මිගස්කුඹුර, කේ. එන්. ඕ. ධර්මදාස, දයානන්ද සෝමසුන්දර යනාදී විද්වතුන් ඒ අතර ප‍්‍රධාන වේ. කෙසේ නමුත් පශ්චාත් නිදහස් ශී‍්‍ර ලංකාවේ වැද්දන් පිළිබඳ සිදු වූ පර්යේෂණ ඉමහත් පිටුවහලක් වන්නට ඇතැයි ප‍්‍රකාශකල හැකිය.

No comments: