UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්භාෂා සම්පර්කය

Wednesday, December 11, 2013

සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්භාෂා සම්පර්කය

සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්භාෂා සම්පර්කය සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්භාෂා සම්පර්කය පිළිබ`ද සාකච්ඡුාවට බ`දුන් කිරීමට මත්තෙන් ‘‘අන්තර්භාෂා සම්පර්කය’’ යනු කුමක්දැයි පැහැදිලි කරගත යුතු වෙයි. ‘අන්තර්භාෂා සම්පර්කය’ යනු භාෂාවන් අතර ගැටීමයි. එනම් ලොව කිසිදු භාෂාවක් ස්වයංව නිෂ්පාදනය වී අන්‍ය භාෂාවන් සම`ග සම්මිශ‍්‍රණය නොවී පැවතිය නොහැකි වීමයි. සෑම භාෂාවක් අන්‍ය භාෂා සම`ග ගැටීම නිසා එබ`දු භාෂාවල එන සංකල්ප මෙන්ම වචනද ස්වකීය භාෂාව තුළට ඇතුළත් කොටගෙන ඇත. භාෂාවක් අන්‍ය භාෂාවක් කෙරෙහි බලපවත් වන්නේ කෙසේද යන්න කෙරෙහි භාෂා විචාරකය්ගේ අවධානයට යොමු වී ඇත. ‘‘කිසියම් භාෂාවක් තවත් භාෂාවක් කෙරෙහි බලපවත්වන්නේ කෙසේද? යනු සිතා බලමු. භාෂා විචාරකයන් කියන පරිදි වෙළ`දාම-දේශපාලන සම්බන්ධය, ආගම් ප‍්‍රචාරය කිරීම, අන්‍ය ජාතියක් තවත් ජාතියක් පාලනය කිරීම, එක රටක වැසියන් තවත් රටකට ගොස් වාසය කිරීම යනාදි කරුණු නිසා භාෂාවක් තවත් භාෂාවක් කෙරෙහි බලපවත්වයි’’. මේ අනුව භාෂාවක් තවත් භාෂාවක් කෙරෙහි බලපැවැත්වීම උදෙසා විවිධ කරුණු හේතු වන බව පෙනේ. අන්තර්භාෂා සම්පර්කය පිළිබ`ද අධ්‍යයනය කිරීමෙහිදී තත්කාලීන සමාජයෙහි අධ්‍යාපනික තත්ත්වය හා තත්කාලීන භාෂාවෙහි පවත්නා ස්වභාවය අවබෝධ කරගැනීම අතිශයෝපචිත වේ. එසේම ප‍්‍රස්තූත භාෂාව නියෝජනය කරන භාෂා පවුල පිළිබ`දව අවබෝධයෙන් සිටීමද වැදගත්ය. සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්භාෂා සම්පර්කය පිළිබ`ද කෙරෙන කතිකාවතේදී මහනුවර යුගයෙහි භාවිත භාෂා ශෛලිය පිළිබ`දව අවධානය යොමු කිරීම වැදගත් වේ. සම්භාව්‍ය සාහිත්‍යයෙහි බි`දවැටීම සනිටුහන් කරන මහනුවර සමය අන්කිසි කාලයක නොවූ පරිදි විදේශීය ආධිපත්‍යයටද නතු විය. මුහුදුබඩ ප‍්‍රදේශ පෘතුග‍්‍රීසි, ලන්දේසී හා ඉංග‍්‍රීසි ආදි ජාතීන් බලය තහවුරු කරගෙන තිබූ බැවින් ඔවුන්ගේ භාෂාවන්ගේ බලපෑම ක‍්‍රම ක‍්‍රමයෙන් රට අභ්‍යන්තරයට පිවිසෙන්නට ඇත. අවසානයේ රාජ්‍ය බලයද ඔවුන් හිමි කරගත් බැවින් ඔවුන්ගේ භාෂාවල බලපෑම සිංහල භාෂාව තුළ ඒකාන්තයෙන්ම දැකිය හැකිය. ඉංග‍්‍රීසීන් මෙරට පාලනය කරන අවධියෙහි මෙරට ජනයා ඔවුන්ගේ භාෂාව ඉගෙනීමට ඉමහත් ප‍්‍රයත්නයක් දැරූහ. ඉංග‍්‍රීසි භාෂාව උගත් පිරිසට රජයේ විවිධ තනතුරු හා ප‍්‍රතිලාභ ලැබිණි. මේවා පිළිබ`ද මෙහි විසූ ජනයාට ලෝභයක් උපන්නේය. එබැවින් ඔවූහූ ඉංග‍්‍රීසි භාෂාව උගැන්මට බෙහෙවින් උත්සුක වූහ. මේ හේතුවෙන් ඔවුන්ගේ භාෂාවේ වචන පමණක් නොව සමහර වචන ලිවීම ස`දහා වෙනම අක්‍ෂරද සිංහල වර්ණමාලාව තුළට ඇතුළත් කරගනු ලැබිණි. ඒ ස`දහා හො`දම නිදර්ශනය වනුයේ ඉංග‍්‍රීසි භාෂාවෙහි එන ‘‘ත්‍’’ අක්‍ෂරය රචනය ස`දහා සිංහල භාෂාව තුළ අලූතෙන් ‘‘ෆ’’ නමැති අක්‍ෂරය නිර්මාණය කරගැනීමයි. ඉංග‍්‍රීසීන්ගේ මෙන්ම ඔවුන්ට පෙර මෙරටට සංක‍්‍රමණය වූ පෘතුග‍්‍රීසි හා ලන්දේසීන්ගේද ප‍්‍රාධාන පරමාර්ථයක් වූයේ ලක්දිව තුළ ඔවුන්ගේ ධර්මය වූ ක‍්‍රිස්තියානි දහම ව්‍යාප්ත කිරීමයි. මේ නිසා ක‍්‍රිස්තියානි දහමේ එන ඇතැම් සංකල්පයන්ද මෙරට ජනයාට සමීප කිරීමට අවශ්‍ය විය. ඒ ස`දහා ඔවූහු සිංහල භාෂාවෙන් ග‍්‍රන්ථ සම්පාදනය කළහ. මෙය මහනුවර සමයෙහි මෙරට විසූ ජාකෝමේ ගොන්සාල්වේස් ප`ඩිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය. ඔවුන්ගේ සංකල්ප මෙරට ජනයාට සමීප කිරීමෙහිදී ඔවුන්ගේ භාෂාවේ බලපෑම නිරායාසයෙන්ම ලැබුණි. මහනුවර සාහිත්‍යයෙහි විශේෂ ලක්‍ෂණයක් ලෙස ක‍්‍රිස්තියානි සාහිත්‍යයක් ඇරඹීම දැක්විය හැකිය. භාෂාවක් තුළ වචන අන්තර්ගත වීමේදී ක‍්‍රම ත‍්‍රිකයක් බලපාන බව සිදත් ස`ගරා කතුවරයා දක්වයි. එනම්, නිපන් හෙවත් නිෂ්පන්න තසම හෙවත් තත්සම තබව හෙවත් තද්භව වශයෙනි. සිදත් ස`ගරාව තුළ එය මෙසේ දැක්වෙයි. ‘‘වෙන වෙන දෙක නිපන් - තසම තබවැයි එ තෙබේ කිසි අන් බසින් නුමුසු - හෙළදඅවැ පළ නිපන් නම්’’ ‘‘මගද සකු ඈ බණ - සම වූ බස තසම නම් බි`දුණේ තබව නම් වී - විමසා දනු එහි පියෝ’’ (ධාතුප‍්‍රකෘතිය, ශබ්දප‍්‍රකෘතිය යන දෙක වෙන් වෙන් වශයෙන් නිෂ්පන්නප‍්‍රකෘතිය, තත්සමප‍්‍රකෘතිය, තද්භවප‍්‍රකෘතය යි කියා තුන් තුන් ප‍්‍රභේද ඇත්තේ වේ. අන්කිසිභාෂායෙකින් මිශ‍්‍ර නො වූ සිංහලද්වීපවාසීන් කෙරෙහි ම ප‍්‍රසිද්ධ වූ වචනය නිෂ්පන්න නම් වේ. මගධ, සංස්කෘත ආදි අන්‍යභාෂාවන්ගේ වචන හා සමාන වූ වචනය තත්සම නම් වේ. එබ`දු අන්‍යභාෂා වචනයෙකින් බි`දුණේ හෙවත් ම`දත් වෙනස් ව ව්‍යවහාර වූයේ තද්භව නම් වේ. මෙසේ ප‍්‍රකෘතීන් දෙදෙනාගේ වෙන් වෙන් වශයෙන් වූ තුන් ප‍්‍රභේදයෙන් සවැදෑරුම් ප‍්‍රකෘතිහුගේ යෙදුම් පරීක්‍ෂාකොට බලා අවබෝධ කරව* මේ අනුව සෑම භාෂාවකම වචන නිෂ්පන්න, තත්සම හා තද්භව වශයෙන් ප‍්‍රභේදගත කළ හැකිය. නිෂ්පන්න යනු වෙනත් භාෂාවන් සම`ග නුමුසු එම භාෂාවෙහිම උපන් වදන් වේ. තත්සම යනු වෙනත් භාෂාවන්ගේ වචන ස්වකීය භාෂාව තුළද ඒ අයුරින්ම අන්තර්ගත වීමයි. මෙහිදී සිදත් ස`ගරා කතුවරයා දක්වන්නේ පාලි හා සංස්කෘත භාෂාවන්ගේ එන වදන් එලෙසින්ම සිංහල භාෂාව තුළද දැකිය හැකි බවට උදාහරණ පමණයි. උදාහරණයක් වශයෙන් ‘කර’ ධාතුව සිංහල, පාලි හා සංස්කෘත යන භාෂා තුනෙහිම පවතින බවයි. එහෙත් පාලි, සංස්කෘත භාෂාවල එන වචන පමණක්ම නොව, ඉංග‍්‍රීසි, දෙමළ වැනි භාෂාවන්ගේ වචනද සිංහල භාෂාව තුළ තත්සම වී තිබෙනු දක්නට ලැබේ. ‘තබව’ යන්නෙන් දක්වන්නේ වෙනත් භාෂාවන්ගේ වචන සිංහල භාෂාවට ගැළපෙන පරිදි බි`දගැනීමයි. ‘තද්භව’ යන පදයෙන් එයින් බි`දගත් යන අරුත ලැබේ. මේ අනුව භාෂාවක් නිර්මාණය වීමේදී ඒ භාෂාව තුළ අන්තර්ගත වචන ප‍්‍රභේද ත‍්‍රිත්වයකින් සමන්විත බව හෙළ වියරණකරුවන්ගේ මතයයි. එහෙත් භාෂාවෙහි එන වචන අතුරින් ඒකාන්ත වශයෙන්ම මේ මේ වචනය නිෂ්පන්න හෝ තත්සම හෝ තද්භව හෝ වන්නේ යැයි නිගමනය කිරීම භාෂාව පිළිබ`ද ප‍්‍රවීනයන් පවා අපහසුවට පත් කරන්නකි. සිංහල භාෂාව සම්බන්ධයෙන්ද තත් කාරණය එසේමය. එසේම සමහර වචන කාලානුරූපව පරිණාමය වන ඒවාද ඇත. උදාහරණයක් වශයෙන් පොළොන්නරු යුගයෙහි දෙමළ බලපෑම හේතුවෙන් එම යුගයෙහිදී සිංහල භාෂාවට අන්තර්ගෘහිත වූ දමිළ වචන බහුලය. එහෙත් සිංහලය කෙරෙහි දෙමළ භාෂාවෙහි බලපෑම කාලාන්තරයක් තිස්සේ සිදු වූවකි. එය සිංහල භාෂාවේ ආරම්භයේ පටන්ම සිදු වූ බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. මේ නිසා සිංහල භාෂාව ද්‍රාවිඪ භාෂා ගණයට හෙවත් අනාර්ය භාෂා ගණයට අයත් බවට ඇතැම්හු තර්ක කරති. නමුදු එබ`දු මත ඉදිරිපත් කළ උගත්‍ග ගුණවර්ධන ආදීන්ට ස්වකීය මතය සනාථ කරගැනීමට නොහැකි වීය. කෙසේ වුවද පොළොන්නරු යුගයේ පමණක් නොව, සිංහල භාෂාවෙහි ආරම්භයේ සිට අද්‍යතනය දක්වාමත් දෙමළ භාෂාවෙහි බලපෑම සිංහල භාෂාවට ලැබෙන බව පැහැදිලි කාරණයකි. මහනුවර යුගයෙහිදීද උක්ත භාෂාවේ බලපෑම එලෙසින්ම සිංහල භාෂාවට ලැබුණි. තත් කාරණය සංඝරාජ සාධුචරියාවටද පොදු වූ බව හිස්ඇල්ලේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති. ‘‘... නුවර කාලයට අයත් සෑම ග‍්‍රන්ථයකම වාගේ තනි ද්‍රවිඩ වචන යෙදී තිබෙන අයුරු දැක්ක හැකිය. රාජාවලිය, සඞිඝරාජ සාධුචරිතය ආදි ගද්‍ය කාව්‍යවලින් හා කව්මුතුහර, කව්මිණි කොෙ`ඩාල, කව්මිණි මල්දම ආදි පද්‍ය ග‍්‍රන්ථවලින්ද ඒ බව පැහැදිලි වෙයි’’. යථොක්ත උපුටනයට අනුව සංඝරාජ සාධුචරියාවටද ද්‍රවිඩ වචන අන්තර්ගත වී ඇත බව ස්ඵුට වේ. වර්තමානයෙහි පවා ‘පණිවිඩ’ යන වචනය භාවිත වේ. මෙය දෙමළ ‘පණිවිෙඩෙ’ යන්නෙන් සිංහලයට ආ තත්සම වචනයකි. එහි අරුත අර්ථය හෙවත් සේවාව (ීැරඩසජැ* යන්නයි. එහෙත් සිංහලයට ඒමේදී අර්ථය වෙනසකට බ`දුන් වී ඇත. සිංහලයේ ඒ ස`දහා දී ඇති අර්ථය වන්නේ සන්දේශය, පණිවිඩය (ඵැිි්ටැ* යන්නයි. ‘පාඩම්’ යන පදය දෙමළ ධාතුවකි. එය සිංහලය තුළ ‘පාඩම් කරනවා’ යනුවෙන් භාවිත කරනු ලැබේ. තවද භාෂා සංස්පර්ශය තුළින් හෙවත් ඍණීකරණය ම`ගින්ද භාෂාවකට වෙනත් භාෂාවකින් වචන ඇතුළත් වේ. මෙය දෙයාකාරයකින් සිදු වන බව වාග්වේදීහු පෙන්වා දෙති. එනම්, සම්භාවනා පරමාර්ථය ඌණපූර්ණ පරමාර්ථය වශයෙනි. තමා ව්‍යවහාර කරන භාෂාවට වඩා උසස් යැයි සැලකෙන භාෂා සම්ප‍්‍රදායවල භාෂා ලක්‍ෂණ ණයට ගැනීම හා කතාබහේදී ඒවා අනුකරණය කිරීම ‘සම්භාවනා පරමාර්ථයයි’. සමාජ ස්ථර වශයෙන් ඉහළට යෑමටද ජනයා මේ තුළන් බලාපොරොත්තු වේ. උදාහරණයක් වශයෙන් ‘මව’ හෙවත් අම්මා හැ`දින්වීම ස`දහා ‘මමී’ යන වචනය භාවිත කිරීම දැක්විය හැකිය. ‘ඌණපූර්ණ පරමාර්ථය’ යනු සංස්කෘතික සංස්පර්ශය නිසා ස්වකීය සමාජය තුළ නැති යම් යම් සංස්කෘතිකාංග හා එහි දැනුම සමාජයට සංක‍්‍රමණය වීමේදී ස්වභාෂාවේ අඩු-පාඩු පිරිමසාගැනීම ස`දහා සිදුවන භාෂාමය ඍණීකරණයයි. උදාහරණයක් වශයෙන් ‘ක්‍්ර’ යන පදය ‘කාර් එක’ හෝ ‘කාරය’ වශයෙන් සිංහල භාෂාව තුළ භාවිත වීම දැක්විය හැකිය. සංඝරාජ සාධුචරියාවට බෙහෙවින්ම බලපාන ලද භාෂාව නම් සංස්කෘත භාෂාවයි. සංස්කෘත වචන තත්සම හා තද්භව යන ආකාරද්වයටම මෙම කෘතිය තුළ අන්තර්ගත වී ඇත. ග‍්‍රන්ථාරම්භ කරන්නේද සංස්කෘත තත්සම ෙඡ්දයකිනි. ‘‘ස්වස්ති ශ‍්‍රී සාර විරාජිත ලංකාතල රාජ්‍ය ධුරන්ධර අසද්‍රිශාඥා තෝජෝබල පරාක‍්‍රම සමන්විත රත්නත‍්‍රය සරණ පරායණ ශ‍්‍රද්ධා බුද්ධි ගුණෝපලක්‍ෂිත විශුද්ධාතිප‍්‍රවරතර ජිනශාසනාභිවෘද්ධිකාමී වූ කීර්ති ශ‍්‍රී රාජසිංහාභිධාන නරේන්ද්‍රෝත්තමයාණන් වහන්සේ විසින් ශ‍්‍රී සන්නස් අන`ගි ප`ඩුරු පරිවාර ජන සහිත අමාප්ත්‍යවරුන් ශ්‍යාමින්ද දේශාධිපති ධාර්මික මහාරාජෝත්තමයාණන්ට යවා ප‍්‍රවර උපාලි මහාස්ථවිර ප‍්‍රමුඛ අතිරේක දශ වර්ග මහාසංඝයා ගෙන්වීමෙන් කරන ලද උපසම්පදා මංගල්‍යාදි සකල ශාසනාභිවෘද්ධියෙහි මූලාධාර භාවයෙන් ගුරූපදේශයට පැමිණ....’’ සංස්කෘත වදන් මෙන්ම පාලි වචනද සංඝරාජ සාධුචරියාව තුළ දැකිය හැකිය. විනය ග‍්‍රන්ථවල එන වචන කතුවරයා එලෙසින්ම මෙම කෘතිය තුළට අන්තර්ගත කොට ඇත. පාලි භාෂාවෙහි වචන ගැනීමේදීද තත්සම හා තද්භව යන සිදත් ස`ගරා නතුවරයා පෙන්වා දුන් ක‍්‍රම දෙකම අපකතු අනුුගමනය කළ බවට ශඞිකා නැත. ‘පටිග්ගහණ’ යන පෙළ වචනයෙහි අර්ථය වනුයේ පිළිගැනීම, භාරගැනීම යන අර්ථයි. ‘පටි’ පූර්ව √ගහ ධාතුවෙන් නිපන් වර්තමාන කෘදන්ත පදයකි. මෙහි එන ‘සංඝකර්ම’ යන පදය විනයකර්ම යන අර්ථයෙන් යොදා ඇත. උපසම්පදා විනයකර්මය ස`දහා මෙය භාවිත කොට ඇත. මෙය පාලි තත්සම වචනයකි. ‘පිණ්ඩපාත’ යනු භික්‍ෂූන් වහන්සෙලා විසින් ගන්නා ලද ආහාරය ස`දහා යොදන නාමයයි. භික්‍ෂූන් වහන්සේ නමකගේ ශාසනික ප‍්‍රතිපදාවේදී පිණ්ඩපාත කිරීම අනිවාර්ය අංගයකි. මෙයද පාලි තත්සම වදනයකි. අනින්දිතාංග කප්පිය වෝහාරයෙන් කුලාචාර සතිපට්ඨාන ශ‍්‍රැතිගෝචර භාෂා යෝජනය හා තච්ýල්ප ලක්‍ෂණ අද්‍යතන යුගයෙහි තරම් මුද්‍රණ කටයුතු සුලභ නොවූ පෞරාණික යුගයෙහි ග‍්‍රන්ථකරණය ඉතා අපහසුවෙන් සිදු වූවකි. වර්තමානයේ මෙන් නොව, තත් යුගයෙහි එක් එක් කරුණු පදනම් කරගනිමින් ග‍්‍රන්ථ රාශියක් සම්පාදනය නොවීය. පුරාණ සම්භාව්‍ය හෙළ සාහිත්‍යක්‍ෂේත‍්‍රය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වන කාරණයක් නම් බොහෝවිට එබ`දු ග‍්‍රන්ථ රචනා කොට ඇත්තේ කියවා රස වි`දීමට නොව, අසා රසා වි`දීමටය. එනම් කරණරසායනය පිණිසය. කියවීමට ශක්‍යතාව ඇති පුද්ගලයකු මනෝනන්දනීය ලෙස කෘතිය කියවන අතර සෙසු පිරිස ඔහු වටා රොක් වී ශ‍්‍රවණය කරති. මේ නිසා පුරාතන යුගයෙහි ශ‍්‍රාවක පිරිස් බෙහෙවින් නිර්මාණය වූහ. පුරාතන සාහිත්‍ය ශ‍්‍රවන මාධූර්යයයෙන් නිර්මාණය කිරීමට කතුවරුන් යත්න දැරුවේද මේ හේතුව නිසාය. ඇසීමට හෙවත් ශ‍්‍රැතියට බුදුදහම තුළ ලැබෙනුයේද සුවිශේෂී ස්ථානයකි. බොහෝ ඇසූ පිරූ පුද්ගලයා ‘බහුශ‍්‍රැතයෙකු’ ලෙස සමාජයේ බුහුමනට පාත‍්‍ර විය. එකල උගත්කම මැනීමේ ප‍්‍රධාන ලක්‍ෂණය වූයේද මෙම බහුශ‍්‍රැතික භාවයයි. තත් කාරණය පිළිබ`ද සුඛාවබෝධය උදෙසා සම්භාව්‍ය ග‍්‍රන්ථ කොරෙහි අපගේ අවධානය යොමු කිරීම බෙහෙවින් වැදගත්් වේ. ශ‍්‍රැතිගෝචර භාෂා සම්ප‍්‍රදායක් දැකිය හැකි ගද්‍ය ග‍්‍රන්ථයක් ලෙස බුත්සරණ හ`දුන්වාදිය හැකිය. බුදුරජාණන් වහන්සේගේ නවඅරහාදි බුදුගුණ වර්ණනා කරමින් රචිත මෙම කෘතිය විදග්ධප‍්‍රිය සංස්කෘත තත්සම වාග්බාහුල්‍යයෙන් රචනා වූවකි. තත් ග‍්‍රන්ථය විචාරාක්‍ෂියෙන් විමසීමෙන් උක්ත කාරණය සනාථ කරගත හැකිය. ‘‘ ඉක්බිති ලෝකාචාර්ය වූ අනාචාර්ය වූ ධර්මචක‍්‍රවර්තී වූ ධම_ධ්වජ වූ ත‍්‍රිභුවනචූඩාමාණික්‍ය වූ දශබලධාරී වූ චතුවෛ_ශාරද්‍ය විශාරද්‍ය වූ අසමසම වූ අප‍්‍රතිපුද්ගල වූ ආශ්චර්යනිධාන වූ සමන්තභද්‍ර වූ අකුතෝභය වූ ලෝකාලෝක දිවාකර වූ මුළුලොවට පිහිට වූ ලෝකස්වාදී වූ නෙත්‍රෝත්සවයට නිධාන වූ ස්වාදි දරුවාණන් වහන්සේ කල්හිම් බලා ‘මේ පෙළහර පානට සුදුසු යැ’යි නිශ්චය කොට කිසි චකිත කමක් නැතිව, කිසි ශඞිකාවක් නැතිවැ....’’ සකු තත්සම වාග්බාහුල්‍යය නිසා ශ‍්‍රවණ මාධූර්යය ජනිත වේ. එබැවින් පාඨකයාගේ අවධානය ඒ ස`දහා යොමු වේ. කලා කෘතියක ශබ්ද හා අර්ථ යන රසද්වයම අන්තර්ගත විය යුතුය. එහිදී ප‍්‍රථමයෙන්ම අපගේ අවධානය යොමු වනුයේ ශබ්ද රසයටය. අර්ථ රසය කෙරෙහි අවධානය යොමු කෙරෙනුයේ තදනන්තරවය. එකම අර්ථය ඇති වචන රාශියක් යොදාගෙන ඇත්තේ මෙලෙස අර්ථ රසයට ප‍්‍රමුඛත්වයක් දීමෙහිදීය. ග‍්‍රන්ථකරණය සුලභ නොවූ පෞරාණික යුගයෙහි මෙම ශිල්ප ලක්‍ෂණය භාවිත කොට ඇත. එබැවින් බුත්සරණ ශබ්ද න`ගා කියවීමෙන් අදද පාඨකයා හා ශ‍්‍රාවකයා යන දෙපාර්ශ්වයම ජීවිත පරිඥානයක් මෙන්ම රසවින්දනයන්ද ලබයි. මෙම ක‍්‍රමවේදය මහනුවර යුගයෙහි රචිත සංඝරාජ සාධුචරියාවටද අවශෝෂණය කිරීමට කතුවරයා උත්සහගෙන ඇත. ඔහු කෘතිය ආරම්භ කරනුයේද සංස්කෘත තත්සම ෙඡ්දයකිිනි. ‘‘ස්වස්ති ශ‍්‍රී සාර විරාජිත ලංකාතල රාජ්‍ය ධුරන්ධර අසද්‍රිශාඥා තෝජෝබල පරාක‍්‍රම සමන්විත රත්නත‍්‍රය සරණ පරායණ ශ‍්‍රද්ධා බුද්ධි ගුණෝපලක්‍ෂිත විශුද්ධාතිප‍්‍රවරතර ජිනශාසනාභිවෘද්ධිකාමී වූ කීර්ති ශ‍්‍රී රාජසිංහාභිධාන නරේන්ද්‍රෝත්තමයාණන් වහන්සේ විසින් ශ‍්‍රී සන්නස් අන`ගි ප`ඩුරු පරිවාර ජන සහිත අමාප්ත්‍යවරුන් ශ්‍යාමින්ද දේශාධිපති ධාර්මික මහාරාජෝත්තමයාණන්ට යවා ප‍්‍රවර උපාලි මහාස්ථවිර ප‍්‍රමුඛ අතිරේක දශ වර්ග මහාසංඝයා ගෙන්වීමෙන් කරන ලද උපසම්පදා මංගල්‍යාදි සකල ශාසනාභිවෘද්ධියෙහි මූලාධාර භාවයෙන් ගුරූපදේශයට පැමිණ....’’ සංඝරාජ සාධුචරියා කතුවරයා මෙලෙස සංස්කෘත ගෞඞී රීතිය ස්වකීය කෘතිය උදෙසා ඉවහල් කරගැනීමෙන් සම්භාව්‍ය භාෂා සම්ප‍්‍රදායයට අනුගත වීමට ඔහු දැරූ ප‍්‍රයත්නයක් ලෙස සැලකිය හැකිය. මහනුවර යුගය සංස්කෘත මිශ‍්‍ර භාෂා ශෛලියට වඩා බෙහෙවින් ප‍්‍රචලිත වූ භාෂා සම්ප‍්‍රදාය වූයේ ගැමිවහරයි. එසේම දෙමළ භාෂාවෙහි දැඩි ඇසුරක්ද මෙම යුගයෙහි ග‍්‍රන්ථාශ‍්‍රයෙන් විද්‍යමාන වන ලක්‍ෂණයකි. උක්ත සම්ප‍්‍රදායද්වයෙන්ම බැහැර වී සංස්කෘත මිශ‍්‍ර භාෂා ශෛලිය අනුගමනය කිරීමෙන් ඔහු සම්භාව්‍ය යුගයට පිවිසීමට ගත් උත්සහයක් ලෙස සිතිය හැකිය. ස්වකීය ආධ්‍යාශය වඩාත් නිරවුල්ව සහ පැහැදිලිව පාඨක හා ශ‍්‍රාවක පර්ෂදයන් උදෙසා සන්නිවේදනය කිරීමට පාලි ගාථා හෝ සංස්කෘත ශ්ලෝක ඇතුළත් කිරීම එක් ශිල්ප ලක්‍ෂණයක් ලෙස හ`දුන්වාදිය හැකිය. මෙම ක‍්‍රමවේදය සම්භාව්‍ය ග‍්‍රන්ථයන්හි ප‍්‍රකටව විද්‍යමානය. බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය, ජාතක පොත් වහන්සේ, උම්මග්ග ජාතකය ආදි බොහෝ ගද්‍ය කෘතීන්හි මෙම සුවිශේෂී ලක්‍ෂණය අන්තර්ගතව ඇත. මේ නිසා ශ‍්‍රාවක පර්ෂදයට ග‍්‍රන්ථය පිළිබ`ද ඇති අවධානය තීව‍්‍ර වේ. ශ‍්‍රාවක මනස ඒකාකාරී ස්වරූපයෙන් මිෙ`ද්. ගද්‍ය මෙන් නොව පද්‍ය තාලානූරූපව ගැයීම නිසා ආහ්ලාදයක්ද ලබයි. පාලි ගාථා, සංසකෘත ශ්ලෝක හෝ සිංහල පද්‍ය ග‍්‍රන්ථයන්ට ඇතුළත් කිරීමෙන් කතුවරුන් උත්සහ කළේද ශ‍්‍රාවක අවධානය තීව‍්‍ර කිරීම බව පැහැදිලිය. එසේම ඒ තුළින් තමන් කීමට යන අදහස මූලාශ‍්‍රගත තොරතුරුවලින් සනාථ වීමක්ද සිදු වේ. අප කතු ආයිත්තාලියද්දේ මුහන්දිරම්ද තත් සම්ප‍්‍රදායට අනුගත වීමට ප‍්‍රයත්න දැරූ බවට ස්්වකීය කෘතිය තුළ සංස්කෘත ශ්ලෝකයක් සහ පාලි ගාථා යොදා තිබීම නිදර්ශන වශයෙන් පෙන්වාදිය හැකිය. ‘‘ නිච්චං සීල විභූසණෝ ගුණධනෝ සන්තින්ද්‍රියප්පිච්ඡුකෝ සල්ලේඛෝ පටිපත්තිසාර විමලෝ සිස්සාලි පංකේරුහෝ ලංකාසාසන අම්බරීන්දුසදිසෝ සද්ධම්මසංජාතකෝ කාරුඤ්ඤෝ සරණංකරෝ යතිවරෝ වාදීභසීහෝ නිභෝ’’ ‘‘ යතිගණ මනරම්මේ සුන්දරේ කානනස්මිං සුකත නියමකන්දව්හේ විහාරේ වසන්තෝ සතපි අපර පත්චත්තියේ ගාථාසුපේත සු මුනිගුණඅලංකාරාදිකේ නූතනේන’’ උක්ත පද්‍යයන් ධී ශක්තියෙන් සපරිපූර්ණ යැයි කිසිවිටෙකත් සැලකිය නොහැකිය. එහෙත් ශ‍්‍රැතිගෝචර භාෂා සම්ප‍්‍රදාය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් උක්ත ලක්‍ෂණය බෙහෙවින් වැදගත් වේ. පාලි ගාථාවන් වූ බැවින් තාලානුරූපව ගායනා කිරීමටද හැකියාව ලැබේ. ගායනය යනු ශ‍්‍රැතිගෝචර භාෂා සම්ප‍්‍රාදයට අයත් සුවිශේෂී වූ ශිල්ප ලක්‍ෂණයකි. එකම ක‍්‍රමවේදයකට ග‍්‍රන්ථය කියවීමෙන් වෙහෙසට පත් පාඨකයා මෙන්ම ග‍්‍රන්ථය පිළිබ`දව අවධානයෙන් සිටි ශ‍්‍රාවකයාද මෙහිදී විශ‍්‍රාමයට පත් වේ. එබැවින් ග‍්‍රන්ථය පිළිබ`දව අවධානය තවදුරටත් තීව‍්‍රව රැුගෙන යාමට පාඨක හා ශ‍්‍රාවක යන පර්ෂද්වයටම හැකි වේ. සංඝරාජ සාධුචරියාව තුළ බෙහෙවින් දක්නට ලැබෙන තවත් ලක්‍ෂණයක් නම් දීර්ඝ වාක්‍ය භාවිතයයි. මෙයද ශ‍්‍රැතිගෝචර භාෂා සම්ප‍්‍රදායට අයත් තවත් ලක්‍ෂණයක් ලෙස පෙන්වාදිය හැකිය. ඉතා දීර්ඝ වැකකි බෙහෙවින්ම දක්නට ලැබෙනුයේ සංස්කෘත සාහිත්‍ය තුළය. සංස්කෘත ගද්‍ය කෘතිවල මෙම ලක්‍ෂණය අනූනය. සංස්කෘත සාහිත්‍යයට පමණක් නොව පුරාණ සම්භාව්‍ය සිංහල ග‍්‍රන්ථ තුළද මෙම ලක්‍ෂණය සුලබව දැකිය හැකිය. කෙටි වැකි පමණක් ග‍්‍රන්ථයට ඇතුළත් කිරීමෙන් එය ශ‍්‍රාවක මෙන්ම පාඨක පර්ෂදයද විඩාවට පත් වේ. විශ‍්‍රාමයට කරුණක් නොවේ. මේ නිසා ප‍්‍රස්තූත කෘතියෙහි දීර්ඝ වැකි දක්නට ලැබීම තත් කෘතියෙහි ශ‍්‍රැතිගෝචර භාෂා සම්ප‍්‍රදායට අනුගත වූවක් ලෙස සැලකිය හැකිය. ‘‘මහෝත්සාහයෙන් මාතාපිතෲන් අනුදන්වාගෙන ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ නම් මහා රාජෝත්තමයාගේ කාලයෙහි සූරියගොඩ මහාස්ථවීර සාමීන් ළ`ග නිවන් ස`දහා සාමණේර ප‍්‍රවෘජ්ජාවෙන් පැවිදිව සරණංකර සාමණේර නාමයෙන් ප‍්‍රසිද්ධ ව වත්පිළිවෙත් සරු ව පිණ්ඩපාත කිරීම එකලට නො පවතින නිසා පාත‍්‍රයෙවන් පමණ වළ`දමින්....’’ දීර්ඝ වාක්‍ය භාවිතය සංඝරාජ සාධුචරියාවට හෝ මහනුවර යුගයට පමණක් සීමා වූ භාෂා ශෛලියක් නොවීය. සිංහල සාහිත්‍ය තුළ දක්නට ලැබෙන බොහෝ සම්භාව්‍ය කෘතීන්හි මෙම සම්ප‍්‍රදාය භාවිතයට ගෙන ඇත. ශ‍්‍රාවක ජනයාගේ රසාස්වාදය තීව‍්‍ර කරන භාෂා ශෛලියක් ලෙස මෙම භාෂා ශෛලිය හ`දුන්වාදීම සාවද්‍ය නොවේ. උම්මග්ග ජාතකය, ජාතක පොත් වහන්සේ ආදි කෘතීන්හි කතුවරුන්ට මෙම භාෂා ශෛලිය බෙහෙවින් අභිමත විය. තත් කාරණය ස්ඵුට කරනු වස් ජාතක පොතෙහි එන පහත උපුටනය ගෙනහැර දැක්විය හැකිය. ‘‘භාග්‍යවත් වූ තිලෝගුරු සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ජේතවන මහ විහාරයෙහි දිව්‍ය බ‍්‍රහ්ම ආර්යඊර්යපථ සංඛ්‍යාත විහරණයන් අතුරෙන් එක්තරා විහරණයකින් දවස් යවන සේක් අනේපි`ඩු මහ සිටාණන්ගේ යහළු වූ පන්සියයක් තීත්‍ථ_ක ශ‍්‍රාවකයන් අරඹයා මේ අපණ්ණක ජාතක ධම_දේශනාව කොට වදාළ සේක.’’ එහෙත් සම්පූර්ණ කෘතියම දීර්ඝ වැකිවලින් පමණක්ම රචනා කර තිබේ නම් එම කෘතිය පාඨකයාගේ හා ශ‍්‍රාවකයාගේ රසාපකර්ෂයට හේතු වේ. එබැවින් දීර්ඝ වාක්‍ය අතර කෙටි වැකි යොදා තිබීම අත්‍යන්තයෙන් වැදගත් ලක්‍ෂණයකි. දිගු වැකි අතර කෙටි වැකි යොදාගැනීම නිසා පාඨකයාට කෘතිය පිළිබ`ද නීරස බවක් ඇති නොකරයි. මෙම භාෂා සම්ප‍්‍රදාය කෙරෙහි කතුවරයා අවබෝධයකින් සිටි බව පෙනේ. ඔහු ස්වකීය කෘතියම දිගුවැකිවලින් පමණක් නිර්මාණය කිරීමට උත්සහ නොගත්තේය. එසේ කෙටි වැකි පමණක් භාවිතයෙන්ද කෘතිය පිළිබ`ද නීරස බවක් ඇති කරයි. මේ නිසා කෙටිවැකි පමණක්ම ස්වකීය කෘතියට යොදාගෙන නොමැත. ඔහු දිගුවැකි අතර කෙටිවැකි යොදා ගත්තේය. එය ශ‍්‍රැතිගෝචර භාෂා සම්ප‍්‍රදායෙහි විදග්ධ ලක්‍ෂණයකි. ‘‘පළමු කෙට තමා පිළිවෙත් ඉගෙන එහි පිහිටා සෙස්සවුන් නැවත පිහිටු වීමට උත්සාහ කිරීම ම යුතු වන්නේ ය. එතකුදු වුවත් ඒ පිළිවෙත් උගන්වන්ට නිසි ගුරුවරයෝ දැන් නැත. ඒ දේ පොත්වලින් ම බලා උගන්ට ඕනෑ ය. ඒ පොත් තිබෙන්නේ පාළි භාෂාවෙන් ය. ඒ පාළි භාෂාව දැනගන්ට පාළි ව්‍යාකරණය දැන ගැනීමෙන් ම ඕනෑ ය.’’ මෙලෙස දිගුවැකි අතර කෙටි වැකි යොදාගැනීම නිසා පාඨකයාට ග‍්‍රන්ථය එකදිගට කියවන විට විඩාවක් නොදැනේ. ඔහු විශ‍්‍රාමයට පත් වේ. කෙටිවැකි භාවිත කිරීම අර්ථයෙහි සුඛාවබෝධය පිණිසද උපයුක්ත වේ. සංඝරාජ සාධුචරියා කතුවරයා දැන හෝ නොදැන කෙටිවැකි භාවිත කිරීම නිසා ග‍්‍රන්ථය කෙරෙහි පාඨකයා ආශක්ත වීමට හේතු වී ඇත. අලංකාර භාවිතයද කෘතියක අගය තීව‍්‍ර වීමට හේතුවන එක් කාරණයකි. කිසියම් පුද්ගලයෙකු හෝ යම්කිසි ස්ථානයක් හෝ පිළිබ`ද කතිකාවතකට යොමු කිරීමේදී ඒ ස්ථානය හෝ පුද්ගලයා වර්ණනයට පාත‍්‍ර කිරීම හෙළ සාහිත්‍ය වංශය තුළ දැකිය හැකි ලක්‍ෂණයකි. මෙහිදී බොහෝ ග‍්‍රන්ථවල වෙසෙසින් දැකිය හැකි වනුයේ උපමා, රූපක ආදි අලංකාරයන්ය. ධර්මසේන හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්මරත්නාවලිය ආරම්භ කරනුයේ ‘‘මහපොළෙවෙ සේ තුන්ලොවට පිහිට ගුණ ඇති, මහ මුහුද සේ ගැඹුරු ගුණ ඇති, ආකාශය සේ අනන්ත ගුණ ඇති, මහ මෙර සේ සාර ගුණ ඇති, ඉරු ම`ඩල සේ තේජස් ඇති, ස`ද ම`ඩල සේ සෞම්‍ය ගුණ ඇති, කරුණාවෙන් සිහිල් වූ සිත් ඇති, අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ.....’’ ආදි උපමාවලියක් ඇසුරෙනි. අලංකාර යොදාගැනීම තුළින් දුර්වබෝධ තැන් පහසුවෙන් අවබෝධ කරගත හැකිය. මේ නිසා ඕනෑම අපහසු කාරණයක් පහසුවෙන් අවබෝධ කරගත හැකිය. ග‍්‍රන්ථයක අලංකාර භාවිතය නිසා ග‍්‍රන්ථය වාර්තාවක් වීමේ සම්භාවිතාවෙන් ¥රස්ථ වේ. කියවීමට හෝ ශ‍්‍රවණයට දැඩි නැඹුරුවක් ඇති වේ. මෙම ලක්‍ෂණය සංඝරාජ සාධුචරියාව තුළද දැකිය හැකි වේ. එහෙත් පුරාණ සම්භාව්‍ය ග‍්‍රන්ථයන්හි දැක්වෙන පරිදි අලංකාර භාවිතයක් ප‍්‍රස්තූත කෘතිය තුළ දැකිය නොහැකිය. සංඝරාජ සාධුචරියාවට උපමාදි අලංකාරද යොදාගත හැකි වනුයේ ම`ද වශයෙනි. උක්ත කෘතිය චරිතකතාවක් වන බැවිනි. සංඝරාජ සාධුචරියා කතුවරයා මෙම ලක්‍ෂණය ග‍්‍රන්ථාරම්භයේ යොදාගන්නා අතර ග‍්‍රන්ථය මැද හෝ අවසානයෙහි මෙබ`දු ලක්‍ෂණයක් දැකිය නොහැකිය. ඔහුගේ වර්ණනා විෂයට සෙන්කඩගල පුරවරය හසුවනුයේ මෙපරිද්දෙනි. ‘‘ශ‍්‍රීඝන චරණාරවින්ද ස්පර්ශයෙන් පවිත‍්‍ර වූ සමන්තකූට පර්වතාදි සොළොස්මස්ථානාදීන් සශ‍්‍රීක වූ ශ‍්‍රී ලංකාද්වීපයෙහි සෙංඛණ්ඩශෛලාභිධාන ශ‍්‍රී වර්ධනපුර ප‍්‍රවරයෙහි....’’ සංඝරාජ සාධුචරියා ග‍්‍රන්ථාවසානයෙහි භාෂාත්මක වශයෙන් තවත් වැදගත් කාරණයක් දක්නට ලැබේ. එනම් දළදා සිරිත ආදි කෘතීන්හි දක්නට ලැබෙන ‘‘වෘත්තගන්ධී’’ ශෛලිය අන්තර්ගතව තිබීමයි. ‘වෘත්තගන්ධී’ යන්නෙන් වෘත්තයක සුව`ද වහනය වන යන අරුත ලැබේ. පද්‍යයක මෙන් සම්පූර්ණයෙන්ම වෘත්ත භාවිත කිරීමක් ගද්‍යයෙහිදී සිදු නොවේ. එසේම එසේ කළ නොහැක්කේද වේ. වෘත්තගන්ධී ලක්‍ෂණය කෙබ`දුද යන්න සංස්කෘත ආලංකාරිකයෝ මෙසේ පෙන්වා දුන්හ. ‘‘භවත්‍යුත්කලිකාප‍්‍රායං - සමාසාඪ්‍යං දෘඪාක්‍ෂරම් වෘත්තෛකදේශසම්බාන්ධාද් - වෘත්තගන්ධි පුන: ස්මෘතම්’’ (සමාස පදයන් බහුල කොට ඇති දැඩි අකුරු යුත් ප‍්‍රබන්ධය ‘උත්කලිකප‍්‍රාය’ නම් වේ. වෘත්තයන් පිළිබ`ද ඒකදේශක සම්බන්ධය ඇති හෙයින් ‘වෘත්තගන්ධි’ යයි නැවත සලකන ලදි.* වෘත්තගන්ධී ශෛලියේ සමාරම්භය සිංහල සාහිත්‍යයෙහි මුල් යුගයේ රචිත සිඛවළ`ද හා සිඛවළ`ද විනිස වැනි කෘතීන්හි පවා විද්‍යමාන වේ. එහෙත් තත්කාලීන ග‍්‍රන්ථයන්හි මෙම සම්ප‍්‍රදාය අල්ප වශයෙන් භාවිතයට ගෙන අත. නමුදු දැනට පිළිගත් මතයට අනුව සිංහල සාහිත්‍යාවලියෙහි වෘත්තගන්ධි ලක්‍ෂණ පිහිටුවා රචනා කරන ලද ප‍්‍රථම කෘතිය වන්නේ කුරුණැගල යුගයෙහි දෙව්රද දම්පස`ගිනා විසින් රචනා කරන ලද දළදා සිරිතයි. දළදා වහන්සේට පූජෝපහාර කරන අයුරු පිළිබ`දව හා දළදා ඉතිහාසය ගෙනහැර දක්වන උක්ත කෘතිය පිරිසි`ද හෙවත් පරිච්ෙඡ්ද සයකින් සමන්විත වේ. එහිදී උක්ත ශෛලිය භාවිතයට ගෙන ඇති අයුරු පිළිබ`දව අපගේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ‘‘...එපින්වතුන් දක්වතුදු පස්බැලූම් බලා, විපුල්වත් උපුල්වත් එ කුල්මත් කිඹුල්වත් කිඹුල්වත් නමින් යුත් සපිරිසිරි එ පුරවර ඔකාවස් පරපුරෙනා රිවිකුලිනා රූසිරිනා වොර`දනා සුදෝනා එ නරනා රදු නිසා අමායා එ මායා රදු ස`ද මිණිකුස පිළිසි`ද කැරැු....’’ තවද මෙම සම්ප‍්‍රදාය සංස්කෘත තත්සමපද බාහුල්‍යයෙන් යුක්තව යොදාගැනීමට කතුවරුන් උත්සහ ගෙන ඇති බව නොරහසකි. එය කර්ණ රසායණය තීව‍්‍ර වීමට හේතුවන ප‍්‍රධාන සාධකයක් වූ බැවිනි . දළදා සිරිතෙන් ප‍්‍රධාන වශයෙන් ආරම්භ කරන මෙම භාෂා සම්ප‍්‍රදාය අතිශයින්ම කර්ණ රසායනය තීව‍්‍ර කිරීමට සමත් වු බැවින් පසුකාලීන දඹදෙණිඅස්න, කුවේණිඅස්න, සිහබාඅස්න ආදි අස්න ග‍්‍රන්ථයන් විෂයෙහි යොදාගෙන තිබේ. සංස්කෘත තත්සමපද බාහුල්‍යයෙන් යොදාගත් මෙම භාෂා ශෛලිය ඇතැම් විටෙක ශුද්ධ සිංහලයෙන් යොදාගැනීමට ඇතැම් කතුවරුන් උත්සහ ගෙන ඇත . සංඝරාජ සාධුචරියා කතුවරයාද උක්ත භාෂා සම්ප‍්‍රදායෙහි ආභාසය ලබාගෙන ඇති බව මොනවට ස්ඵුට වන කාරණයකි. දළදා සිරිත ආදි කෘතිවල එන වෘත්තගන්ධි ශෛලිය කතුවරයාට යොදාගැනීමට හැකි වූයේ ඔහු එබ`දු කෘතීන් පරිශිලනය කොට තිබූ හෙයිනි. ස්වකීය චින්තන ශක්තිය මෙහෙයවා මෙවැනි භාෂා සම්ප‍්‍රදායක් නිර්මාණය කිරීමට තරම් ප‍්‍රතිභාවක් ඔහුට නොතිබුණි. එහෙත් උක්ත භාෂා සම්ප‍්‍රදාය අනුකරණය කිරීමට තරම් වූ ශක්‍යතාවකින් ඔහු හෙබියේය. සංඝරාජ සාධුචරියාවෙහි අවසාන භාගයෙහි ඔහු මෙම භාෂා ශෛලිය යොදාගත් බවට උදාහරණ ඇත. ‘‘... අනගි මණි රුවන් බැ`දි බුදුරුවන් මුව තඹර දිසි රනහසුන් බ`දු විමල දළදා වඩන ලද අනගි රන්රුවන් කර`ඩු හැර නේ සුරන් නිරතුරෙන් නෙක ලෙසින් වැ`ද පිදුම් ලද උතුම් ඒ දළදා හිමි ස`දුන් නරවරා කරදරා ගෙන හැර සුරවරා විලසිනා ඒ දළදා මණ්ඩපය මතු මහල්තල සො`දින් වඩිමිනා සිටිමිනා පුර පුරා ලකතුරා ඇවිදිනා සිටිමිනා නෙතු පුරා බල බලා සිතු පුරා පුද පුදා ව`දිමිනා යන ලෙසින්....’’ යථෝක්ත කරුණු අවධානය යොමු කිරීමේදී මහනුවර යුගයෙහි රචිත සංඝරාජ සාධුචරියාව වූකලී ශ‍්‍රාතිගෝචරත්වයට නැඹුරු වන අයුරින් රචනා කරන්නට එහි කර්තෘ ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් ප‍්‍රයත්න දරා ඇති බවයි. ඒ ස`දහා ඔහු පුරාණ සම්භාව්‍ය සාහිත්‍යයන්හි එන ශිල්ප ලක්‍ෂණ අධ්‍යයනය කොට ඒවා ස්වකීය කෘතිය තුළට අන්තර්ගත කොට ඇත. ගැමිවහර, කටවහර හා සංඝරාජ සාධුචරියාව මහනුවර සමය වනාහි ගැමිවහර, කටවහර සාහිත්‍යකරණය උදෙසා යොදාගත් යුගයක් ලෙස විද්වත් පිළිගැනීමයි. අනුරාධපුර යුගයේ සිට පැවත ආ සම්භාව්‍ය සාහිත්‍ය යුගය කොට්ටේ යුගයේදී අවසන් වේ. කෝට්ටේ යුගයේදී ලක්දිවට සංක‍්‍රමණය වූ පෘතුග‍්‍රීසීන් හා ඊට පසුව පැමිණි ලංදේසි මෙන්ම ඉංග‍්‍රීසි ජාතීහුද මෙලක වෙළ`ද හා දේශපාලනික බලය තහවුරු කරගත්හ. එහි ප‍්‍රතිඵලයක් ලෙස මහනුවර සමයේ මුල්කාලය වන විට මෙලක පැවති ආගම හා සාහිත්‍ය විනාශ මුඛයට පත්ව තිබුණි. එය ප‍්‍රත්‍යෝත්පාදනය කළාහු සරණංකර සංඝරාජ මාහිමියෝය. උන්වහන්සේ හා මහනුවර යුගයේ සිටි අනෙක් විද්වත්හු ක‍්‍රම ක‍්‍රමයෙන් සාහිත්‍යකරණය උදෙසා පිවිසියහ. නිශ්චිතාකාර මාර්ගෝපදේශකයන් නොසිටි බැවින් ඔවූහු ස්වයංව අධ්‍යාපනය ලැබූහ. එහෙත් පැසුණු බුද්ධියකින් පරිපෝෂිත නොවූ ඔවුන් ග‍්‍රන්ථකරණය උදෙසා ඉවහල් කරගන්නා ලද්දේ ගැමිවහර හා කටවහරයි. සම්භාව්‍ය යුගයන්හි සාහිත්‍යකරණය උදෙසා ගැමිවහර, කටවහර භාවිතයට නොගත්තේ යැයි තර්ක කොට නිගමනය කිරීමට නොහැකිය. මුල්කාලීන කෘතිවල පවා තත් ලක්‍ෂණය දක්නට ලැබෙන බැවිනි. සාකච්ඡුා හා සංවාද අවස්ථාවන්හිදී උක්ත ලක්‍ෂණයන් භාවිත කිරීම සාමාන්‍ය ස්වභාවයයි. එය දෙපක්‍ෂයටම මෙන්ම ශ‍්‍රාවකයන්ටද අවබෝධ කරගැනීමට සුපහසු බැවිනි. ‘‘ව්‍යවහාර සිංහලය ලිවීමට ගත හැකිද?’’ යන්න පිළිබ`දව ම.ව. සුගතපාලද සිල්වා ඉදිරිපත් කරන අදහස ගැමිවහර හා කටවහර සිංහල ලේඛනයට වැද්දගැනීම සම්බන්ධව කරුණු රාශියක් හෙළිදරව් කරයි. ඔහු පවසන පරිදි කථා කරන භාෂාව කියා දෙයක් නොමැත. එසේම ලියන භාෂාව කියා එකක්ද නැත. එහෙත් ලියන කියන භාෂා ප‍්‍රභේදයන් අතරත වෙනසක් ඇත්තේ වියරණ අනුවය. වියරණ වෙනස තුනී කිරීමෙන් ලියන කියන භාෂා ප‍්‍රභේදයන් අතර වෙනස තුනී කළ හැකි වෙයි. උක්ත ප‍්‍රභේද විෂයෙහි තවදුරටත් අදහස් දක්වන ඔහු කථාව්‍යවහාරය සහ සහ ලේඛන ව්‍යවහාරය අතර පරතරය ඇති කිරීමට උපස්ථම්භක වන කරුණු කිහිපයක්ද ඉදිරිපත් කරයි. පසළොස්වන ශතවර්ෂයේ මුල් භාගයේදී ගද්‍ය යුගය අවසන් වීම පෘතුග‍්‍රීසීන් ප‍්‍රථම කොට ඇති පරදේශීන්ගේ පැමිණීම නිසා හටගත් අභ්‍යන්තර ආරවුල් නිසා සාහිත්‍ය කටයුතු ඇනහිටීම සාහිත්‍ය පුනරුත්ථාපනයේදී හායන යුගයේ බස ගණනකට නොගෙන ස්වර්ණ යුගය කරා නැඹුරු වීම පාලන තන්ත‍්‍රයේදී හා උසස් අධ්‍යාපනයේදී සිංහලයට සැලකිය යුතු තැනක් නොලැබ යාම නිසා සිංහල උගතුන්ට ආත්මාරක්‍ෂාව ස`දහා විශේෂ ක‍්‍රියා කලාපයක් අවශ්‍ය වීම පාඨක, ලේඛක සංඛ්‍යාව අල්පවීම නිසා සාහිත්‍යය පොදු ජනතාවට නොව උගතුන්ට පමණක් සීමා වීම එහෙත් කව්රු කෙසේ කීවත් පාලි, සංස්කෘත භාෂා මෙන් නොව සිංහල භාෂාව තුළ ප‍්‍රබලවම භාෂාවේ ද්විප‍්‍රභේදයක් විද්‍යමානිතය. එනම්, ලේඛන භාෂාව කථන භාෂව වශයෙනි. මහනුවර යුගයෙන් පසුව යළිත් ගද්‍යපද්‍ය කෘති බහුල වීමත් මුද්‍රණ කටයුතු පහසු වීමත් නිසා නැවත හෙළ ගත්කරුවෝ ව්‍යාකරණානුකූල භාෂාවට යොමු වූහ. ඒ අනුව පෞරාණික සම්භාව්‍ය ග‍්‍රන්ථ යළි මුද්‍රණද්වාරයෙන් පිටවීම හේතුකොටගෙන තත් කෘතීන්හි අන්තර්ගත භාෂා ව්‍යුහය අනුගමනය කිරීමට නූතන සාහිත්‍යකරුවා උත්සුක විය. එහිදී ඇති වූ විශේෂතාවක් වනුයේ ව්‍යාකරණානුකූල භාෂාවකට ගත්කරුවන් යොමු වීමයි. මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ ‘‘ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය’’ නමැති කෘතියට ප‍්‍රස්තාවනාවක් සපයන පී. බී. මීගස්කුඹුර සූරීන් පෙන්වා දෙන්නේ ‘‘ගැමි-වහර සිංහලජනයාගේ ආරයි. සිංහල ආර යනු පොළොන්නරු බස් ආර නොවේ. එය අද දක්වා ම වෙනස් වෙමින් පවතින ජීවමාන ආරකි’’ යනුවෙනි. මේ අනුව සලකා බලන කල්හි අමාවතුර, බුත්සරණ, ජාතක පොත ආදි සම්භාව්‍ය සාහිත්‍ය කෘති උදෙසා තත් කෘතීන්හි රචකයන් විසින් භාවිත කොට ඇත්තේ පණ්ඩිතප‍්‍රිය ෙඡ්කප‍්‍රයෝග සහිත විදග්ධ භාෂා ශෛලියකි. එහෙත් දඹදෙණි යුගයෙහිදී ධර්මසේන හිමියන් විසින් රචනා කරන ලද ‘‘සද්්ධර්මරත්නාවලිය’’ වූකලී ගැමිවහර භාවිත කරමින් රචනා කරන ලද ගද්‍ය කෘතියක් වග පිළිගත් මතයයි. එහෙත් එහිද නූගත් සාමාන්‍ය ජනයාට අවබෝධ කොටගත් නොහැකි තැන් සුලබය. එය මීට ශතවර්ෂ ගණනාවකට පෙර රචනා වූ කෘතියක් වූ බැවින් තත්කාලීන භාෂාවේ තිබූ විවිධතා නිසා විය යුතුය. පැසුණු බුද්ධියකින් යුක්ත නොවූ ජනයාට එබ`දු කෘති කියවා අවබෝධයක් ලැබිම අපහසු කාරණයකි. එහෙත් එතරම් උගත්තමක් නොමැති ජනයාට පවා ගැමි සාහිත්‍යය කියවීම තුළින් අවබෝධයක් මෙන්ම රසාස්වාදයක්ද ලැබිය හැකිය. කුමාරතුංග මුනිදාසයන් පෙන්වා දෙන පරිදි ගැමියන්ගේ ව්‍යවහාරය දැක්විය යුතු තැනදී ගැමි වහර යොදාගැනීම වරදක් නොවේ. මහනුවර යුගය වැනි ජනයා සාහිත්‍යයෙන් ¥රස්ථ වූ අවධියක තත් යුගයෙහි රචිත කෘතීන් ස`දහා ගැමිවහර භාවිත කරගැනීම වරදක් නොවන වග මේ තුළින් අවධාරණය වන ලක්‍ෂණයකි. භාෂාව හා සාහිත්‍ය පිළිබ`දව තිබූ අවබෝධය ක්‍ෂය වී යාමත් සම`ගම ජනයා තමාට හුරුපුරුදු භාෂාවට යොමු වීම සාමාන්‍ය ලක්‍ෂණයකි. මහනුවර යුගයෙහි ලේඛකයන්ට අවශ්‍ය වූයේ සම්භාව්‍ය කෘති රචනා කිරීමට ගොස් ස්වකීය භාෂා පටුත්වය විදහපෑම නොවේ. එහෙත් ඇතැම් තන්හි පුරාණ සම්භාව්‍ය කෘතීන්හි එන ශෛලිය අනුකරණය කිරීමට ගත් ප‍්‍රයත්නයන්ද මෙම යුගයෙහි රචිත කෘතීන්හි අන්තර්ගත නොවේ යැයි පැවසීම යුක්තියුක්ත නොවේ. කෙසේ වුවද මොවුන්ගේ මූලික අභිප‍්‍රාය වූයේ ස්වකීය අදහස අන්‍යයන්ට සන්නිවේදනය කිරිම පමණි. ගැමිවහර, කටවහර තත්යුගයෙහි රචිත කෘති ස`දහා පාදක කරගැනීමට එයද එත් හේතුවකි. කෝට්ටේ යුගයෙන් පසුව මෙම භාෂා ලක්‍ෂණය තත් යුගයෙන් පසුව රචිත කෘතීන්හි විද්‍යමාන වන බව කේ. එන්. ඕ. ධර්මදාස සූරීහු දක්වති. ‘‘.....ඉන් පසුව 16, 17 සහ 18වැනි සියවස්හි සමාජයේ එදිනෙදා කටයුතු ස`දහා අවශ්‍ය ලියමන් සිදු වූයේ කථා ව්‍යවහාරය පදනම් වුණු ලේඛන ස්වරූපයකිනි. මෙම අවධියේ පූජනීය ස්ථාන හා පුද්ගලයන් ස`දහා ප‍්‍රදානය කෙරුණු සන්නස්, පෘතුග‍්‍රීසි හා ලන්දේසි ආණ්ඩු යටතේ ලියවුණු රාජ්‍ය ලියවිලි, පෞද්ගලික ලියුම් සහ සංඝරාජ සාධුචරියාව වැනි ඇතැම් ගද්‍ය ග‍්‍රන්ථවල ද මේ භාෂා ස්වරූපය දක්නා ලැබේ’’ . මේ අනුව අපට ස්ඵුට වන කාරණයක් නම් අපගේ ප‍්‍රස්තූත කෘතිය වන සංඝරාජ සාධුචරියාව ගැමිවහර, කටවහර උපයෝගි කරගත් කථාව්‍යවහාරගත ශෛලියකින් සමන්විත බවයි. ඔහු පෙන්වා දෙන පරිදි කථාව්‍යවහාරයද කාණ්ඩද්වයකට විභේදනය කළ හැකිය. එනම්, විධිමත් කථා ව්‍යවහාරය අවිධමත් කථා ව්‍යවහාරය යනුවෙනි. විධිමත් කථා ව්‍යවහාර බෙහෙවින් භාවිත කරනුයේ විද්වත් දේශනා හා සාකච්ඡුා සංවාද ස`දහාය. මෙහි සුලක්‍ෂණයක් වනුයේ භාවිත කරන වාක්කෝෂය උපයුක්ත කරගැනීමයි. එහෙත් අවිධිමත් කථා ව්‍යවහාරය යොදාගනුයේ දෛනික ජීවිතයේ ක‍්‍රියා පටිපාටිය උදෙසාය. මෙය හුදෙක් සමාජීය උපභාෂාවන් ලෙන් සමන්විත විම විශේෂත්වයකි. මෙය භාෂාව පිළිබ`දව ඉදිරිපත් කොට ඇති අප-ලක්‍ෂණයක් ලෙස සැලකිය නොහැකිය. ඒ අනුව බලන කල්හි ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් රචනා කරන ලද සංඝරාජ සාධුචරියාව තුළට ගැමිවහර හා කටවහර වැනි භාෂා ප‍්‍රයෝග බහුලව යොදාගැනීම සාවද්‍ය කාරණයක් නොවේ. එසේම මේ යුගයෙහි විසූ ලේඛකයන් විවරණයන් පිළිබ`දව පෘථූල අවබෝධයකින් නොසිටීමද තත් කාරණය සනාථ කරන්නකි. සරණංකර හිමියන් පාළි භාෂාව උගත යුතු බව සිතන අයුරු ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ හෘදයග‍්‍රාහී අයුරුණි. ‘‘පළමු කොට තමා පිළිවෙත් ඉගෙන එහි පිහිටා සෙස්සවුන් නැවත පිහිටුවීමට උත්සාහ කිරීම ම යුතු වන්නේ ය. එතකුදු වුවත් ඒ පිළිවෙත් උගන්වන්ට නිසි ගුරුවරයෝ දැන් නැත. ඒ දේ පොත්වලින් ම බලා උගන්ට ඕනෑ ය. ඒ පොත් තිබෙන්නේ පාළි භාෂාවෙන් ය. ඒ පාළි භාෂාව දැනගන්ට පාළි ව්‍යාකරණය දැන ගැනීමෙන් ම ඕනෑ ය. ඒ පාළි ව්‍යාකරණ දන්නා ගුරුවරයෝ කොතනක ඇද්දෝ හෝ විමසන සේක්,’’ මේ අනුව කතුවරයා ඕනෑම පාඨකයෙකුට අවබෝධ කරගත හැකිවන පරිදි සංඝරාජ හිමියන් ඉගෙනගැනීම උදෙසා යත්න දැරූ අයුරු දක්වයි. කෙටි වැකි භාවිත කිරීමෙන් අර්ථ සංදිග්ධතා නොවන පරිදි උක්ත කාරණය කතුවරයා දක්වා ඇත. උක්ත කාරණය දෙස අපගේ අවධානය යොමු කිරීමේදී සිංහල භාෂාව තුළ විද්‍යමාන වන භාෂා ද්විරූපතාව අවධාරණයෙන් දැක්විය යුතු වේ. ඕනෑම භාෂාවක් තුළ මෙම අංගද්වය ඇතුළත් වුවත් සිංහල භාෂාව තුළ මෙම කාරණය මැනවින් දක්නට ලැබේ. භාෂා ද්විරූපතාව යනු ලේඛන ව්‍යවහාරය හා භාෂණ ව්‍යවහාරයයි. මෙයට ‘‘ඉහළ භාෂා ව්‍යවහාරය’’ සහ ‘‘පහළ භාෂා ව්‍යවහාරය’’ වශයෙන්ද විද්වත්හු දක්වති. හෙළබස තුළ මෙම අංගද්වය පැහැදිලිවම දක්නට ලැබේ. ලේඛන භාෂා ව්‍යවහාරය වියරණය පදනම් කරගෙන නිර්මාණය කරගත් භාෂා ශෛලියකි. භාෂණ ව්‍යවහාරයේදී විවරණය පිළිබ`ද තැකීමක් නැත. එහිදී නිරවුල්ව අදහස් ඉදිරිපත් කිරීම පමණක්ම වැදගත් වේ. මෙම භාෂා ද්විප‍්‍රභේදය පිළිබ`දව තිඹිරිවැව සුමනසාර හිමියෝ මෙසේ ස්වකීය අදහස ඉදිරිපත් කරති. ‘‘ග‍්‍රන්ථ කරණයේ යෙදුණු උගතුන් කථාව්‍යවහාර භාෂාව අශිෂ්ට ග‍්‍රාම්‍ය භාෂාවක් වශයෙන් සැලකූ අතර ලේඛන භාෂාව ශිෂ්ට ව්‍යාකරණානුකූල භාෂාවක් හැටියට සලකා තිබේ. නොයෙක් භාෂාවල ලේඛනය හා භාෂණය අතර තරමක වෙනසක් දක්නට ලැබෙතත්, සිංහලේ තරම් ඒ වෙනස එතරම් විශාල නොවේ.’’ සංඝරාජ සාධුචරියාව තුළ මෙම අංගද්වයම ඇතුළත්ව තිබෙනු දක්නට ලැබේ. සංඝරාජ සාධුචරියාවෙහි කතුවරයා ලේඛන ව්‍යවහාරය අනුගමනය කර තිබුණද එය දැකිය හැක්කේ ඉතාම අල්ප වශයෙනි. ‘‘ පළමු කොට තමා පිළිවෙත් ඉගෙන එහි පිහිටා සෙස්සවුන් නැවත පිහිටුවීමට උත්සාහ කිරීම ම යුතු වන්නේ ය. එතකුදු වුවත් ඒ පිළිවෙත් උගන්වන්ට නිසි ගුරුවරයෝ දැන් නැත.’’ යන උද්ධෘතය උක්ත කාරණය ස්ඵුට කරනු වස් දැක්විය හැකි නිදර්ශනයකි. ඔහු ව්‍යාකරණානුකූල භාෂාවට යොමු වූයේ දැඩි ආයාසයකින් බව ග‍්‍රන්ථාන්තර්ගයෙන් මනාව ස්ඵුට වේ. මහනුවර යුගයෙහි ප‍්‍රචලිත වූ භාෂා සම්ප‍්‍රදාය වූයේ භාෂණ ව්‍යවහාරයට අනුරූප වශයෙන් භාෂාව නිර්මාණය කරගැනීමයි. එහිදී රචකයන් විසින් වියරණය ගැන සැලකිල්ලක් දක්වා නැත. මෙම යුගයට අයත් ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් රචනා කරන ලද සංඝරාජ සාධුචරියාවටද තච්ýන්න නොසලකා හැරීමට නොහැකි වේ . කාලානුරූපව ගැමිවහර භාවිත කරමින් සංඝරාජ සාධුචරියාව රචනා කරනු ලබන්නේ ඕනෑම කෙනෙකුට කියවා තේරුම්ගත හැකි වන පරිද්දෙනි. තත් කාරණය ස්ඵුට කරනු වස් ප‍්‍රස්තූත කෘතියෙහි එන පහත පාඨයම ප‍්‍රාමාණිකය. ‘‘...‘මෙතැනින් නික්ම මෙපිට එන්ට උපාසකවරු එපා’ ය කියා නැවතූ අත ගල්පඩි පාරෙන් නො ගොස් වෙනින් පාරකින් පි`ඩු සි`ගා වඩින ගමට ගොසින් නොපෙනී මිනිසුන්ට පිටතින් හිට ගෙන උන්ගේ දොරවල හිට තිබෙන බත් දෙන ලෙසට ඔවුන්ට කිය කියා ඇවිදත්, එසේ දීමක් පළමු පුරුදු බවක් නැති නැතිවුන් නො දෙන නිසා...’’ මෙවැනි තැන් සංඝරාජ සාධුචරියාව තුළ සුලබව දැකිය හැකිය. අතරින් පතර ව්‍යාකරණානුකූල ලේඛන ව්‍යවහාරය පදනම් කරගනිමින් කෘතිය රචනා කිරීමට කතුවරයා ආයාසයක් ගෙන ඇත. එහෙත් නැවතත් ඔහු භාෂණ ව්‍යවහාරයට යොමු වන්නේ අනායාසයෙන්ය. සමහර වචන ඔහු කථන අයුරින්ම හෙවත් උච්චාරණ ස්වරූපයෙන්ම යොදාගෙන ඇත. සංඝරාජ සාධුචරියාව ලේඛන ව්‍යහාරය ස්වමීපයේ සමීපයේ තීන්දු වුණායින් පසු තීන්දු කළ පසු නො යිවසා නො ඉවසා සාමණේර උන්නාන්සේලා සාමණේර හිමිවරු වැළ`දීමක් වත් නැතු ව වැළ`දීමක්වත් නැතිව උණ වරදක් වූ වරදක්/වරදක් වූ ඇහූ තැන ඇසූ විට බොහෝ සොයින් ම බොහෝ සෙයින්ම/බෙහෙවින්ම සම්භවුණා හමු වූ කොයි යම් කිසියම්/ ඕනෑම ආරාමයෙහි තබ්බවා ආරාමයෙහි තබා සොරු ගියායින් පසු සොරුන් ගිය පසු මුළාසි වුණා මරණයට පත් විය යථෝක්ත නිදර්ශනයන්ට අනුව ලිඛිත භාෂාවෙහි යෙදෙන වචන සංඝරාජ සාධුචරියාව තුළ කතුවරයා යොදාගනෙ ඇත්තේ කෙසේද යන වග පැහැදිලි වේ. ඔහු සමහර වදන් ඔහුට ආවේණික අයුරින් යොදාගැනීමට පසුබට වී නැත. එසේම ඇතැම් වචන තත් යුගයෙහිදී භාවිත වූ අයුරින්මද යොදා ඇත. කතුවරයා භාෂා ශාස්ත‍්‍රය පිළිබ`ද පෘථූල අවබෝධයකින් තොරව මෙම කෘතිය රචනා කිරීමට පටන්් ගත් බව මේ තුළින් ස්ඵුට වේ. ආයත්තාලියද්දේ මුහන්දිරම් විදග්ධ කතුවරයකු නොවන බවද මේ තුළින් අපට සනාථ කරගත හැකිය. ‘‘සිංහලය ජනබසකි. එය ජනබසක් ලෙස විකාශ වූ බව සිඛවල`ද විනිස, අමාවතුර යන පොත්වලින් පවා හෙළිවෙයි. දොළොස් වන සියවසේ සිට එය සකුව අනුගමනය කිරීම ආගන්තුක පෙරළියක් මිස පරිණාමයන් නොවී ය. දහ හතර වන සියවසේ දී සිංහලය ඒ පෙරළියෙන් මිදෙන්නට වෑයම් කළේය. සිංහලය සකුවෙන් මිදීමට කළ වෑයම මහනුවර කාලය තෙක් නොනැවතිණ. දැන් සිංහලය දියුණුවන්නේ ජනබසක් ලෙසිනි.’’ මේ අනුව අනුරාධපුර යුගයේ සිට සිංහලය ජන බසක් බව ගම්‍යමාන වේ. එය සාහිත්‍යකරණය උදෙසා ඍජුවම භාවිත කරන ලද්දේ මහනුවර යුගයේදීය. සම්භාව්‍ය සාහත්‍යයේ බි`දවැටීමත් සම`ගම තත් ලක්‍ෂණය සාහිත්‍යකරණය උදෙසා ඇතුළත් වූයේ නිරායාසයෙනි. නමුදු අද්‍යතන සාහිත්‍යයෙහි මහනුවර සමයටත් වඩා ගැමිවහර හා කටවහර භාවිත කරන බව නූතන නවකතා හා කෙටිකතා යන සාහිත්‍යංග කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අවබෝධ කරගත හැකිය. විකල්පරූප භාවිතය හා භාෂා සංස්කරණ ලක්‍ෂණ

No comments: