UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: නවකතාව, යථාර්ථය හා චරිත නිරූපණය

Thursday, December 12, 2013

නවකතාව, යථාර්ථය හා චරිත නිරූපණය

නවකතාව, යථාර්ථය හා චරිත නිරූපණය නවකතාව විවිධ දිසානතීන් ඔස්සේ ව්‍යාප්ත වී ඇති සාහිත්‍යාංගයකි. එය මානව ජීවිතය විවිරණය කරනු ලබන ගද්‍යමය ආඛ්‍යානයක් ලෙසින් හ\ුනාගත හැකිය. තවද නවකතාව මානව සමාජය හා මිනිසාගේ ක‍්‍රියාකලාපයන් විග‍්‍රහ කිරීම සඳහා ලියන බවය. නවකතාව පිළිිබඳව දක්වන නිර්වචන බොහෝ ඇතත් එක් නිර්වචනයක් විමසිමෙන් නවකතාව යන්න කුමක්දැයි හඳුන්වමු. මැල්කම් කව්ලි නම් විචාරකයා නවකතාව නිර්වචනය කරනුයේ මෙසේය.‘‘කිසියම් වෙනස් වීමකට තුඩු දෙන පරිද්දෙන් චරිත සමූහයක් අන්යෝන්‍ය සම්බන්ධය ප‍්‍රකාශ වන්නාවූ ද, එක්වරකදී දිගටම කියවා අවසන් කළ නොහැකි තරම් ප‍්‍රමාණයකින් යුක්තවූ ද, දීර්ථ එහෙත් ඒකාබද්ධ කතාවකි.’’ උක්ත අදහසට අනුව නවකතාව යන්න පිළිබඳව යම් අදහසක් දැනගත හැකිය. තවද නවකතාවක් වීමට අවශ්‍ය කාරණාවන් තුනක් ඒ.වී.සුරවීර මහතා දක්වයි.‘‘කිසියම් කෘතියක් නවකතාවක් වීමට අවශ්‍ය මූලික කරුනණු තුනක් ඇතිබව පෙනේ.එනම් 1 ගද්‍යයෙන් ලියැවීම 2 කල්පිත කථාවක් වස්තුවීම 3 ජීවිත විවරණයක් වීම යන කරුණු තුනය’’ එනම් නවකතාවක මිනිස් ජීවිතය හා බද්ධවූ කාරණාවන්ම යොදාගැනෙනබව කිවහැකිය. නවකතාවක කිසියම් සැලැස්මක් අනුව නිර්ම්ත වී ඇතිබව විචාරකයෝ පවසති. සන්දර්භය(ච්එඑැප*, ස්වරූපය(දෙරප*, මෝස්තරය හෙවත් රාමුව(චකදඑ*, ආකෘතිය (ිඑරමජඑමරු* යනාදී කරුණු යටතේ ඔවුහු පෙන්වා දෙති. නවකතාවකින් ධ්වනිත වනුයේ ජීවිතයත් එයින් වෙනස්වන සංදර්භයත් යැයි පැවසූ මාර්ටින් වික‍්‍රමසිංහ මහතා එය බෙදීම් කිහිපයකට ලක්කරයි. 1 වෘත්තාන්ත නවකතාව 2 චරිත නිරූපණ නවකතා 3 නාටක ප‍්‍රයෝග නවකතා 4 වීරකාව්‍ය ගුණ ඇති නවකතා 5 ආඛ්‍යයායිකා නවකතා 6 ආධ්‍යාත්මික නවකතා යනුවෙන් දක්වයි. මෙසේ කෙටියෙන් හඳුනාගත් නවකථාවේ චරිත සම්බන්ධව යථාර්ථවාදී ප‍්‍රවණතාවය බිහිවීම එහි ගුණාත්මක පක්ෂය වැඩිකරන්නට හේතු විය. හුදු චරිතාපදානයක් මෙන් භාෂාවේ හාස්කමින් කරණ කථනක‍්‍රමය හැර යථාර්ථවාදය නව ආරක් ගන්නාලදී. ඒ නවකතාවක චරිතයනගේ කළු, සුදු හා හොඳ සහ නරක දෙකම ඉස්මතුකොට, සැබෑමානූෂීයත්වය විසිතර කිරීම යථාර්ථවාදී නවකතාවේ නව ලක්ෂණය වූ බැවින්ය. මෙම නවකතාව කිසිදු අනුභූතියක්, බුද්ධිමය හා ආත්මීය ලොව එහි ඵලයන් කිසිවක් නොගනී. එනම් අනුභූතිසාරයෙන් තොරව ලේබලයක් නොවන ලෙසින් ඇතිසැටියෙන් චරිතයන් නිර්මාණය කිරීම යථාර්ථවාදී නවකතාවේ මූලික ලක්ෂණයයි. මෙම ප‍්‍රවණතාවය නවකතාවට පැමිණියේ ධනේශ්වර හා කාර්මික විප්ලවය සමඟ පැන නැඟුණ මධ්‍යම පාංතික බුද්ධිමය ස්ථාවරවල නිෂ්පාදනයකි. තවද යථාර්ථවාදය (බැද රු්කසිප* නූතන සාහිත්‍යයේද විධිමත්වූ නව ප‍්‍රවණතාවක් ලෙසින් හඳුනාගෙන ඇත. ‘‘භාෂාව විසින් යතාර්ථවාදයට ආරූඩකරණ කරණ වටිනාකම්, හරයන්ගේ මිඳීමට ඒ හැම නිමේෂයකම ප‍්‍රශ්න කිරීම භාෂාව කේන්ද්‍රකොටගෙන සමස්ථ මිනිස් සම්බන්ධතා ජාලයත්, ජීවන පැවැත්මත් චරිතත්, මේ සියල්ලේ අමනෝඥ නිමි බව පූර්ව නිශ්චිත ක‍්‍රියාවන්ද කල්තබා සැලසුම්කළ පිළිතුරුද ඈ සියල්ල විශ්ලේෂණය කිරීමත් යතාර්ථවාදී සාහිත්‍යයේ දැකිය හැකිය.’’ මෙම ආකාරයේ නවකතාවන් මාර්ගයෙන් යථාර්ථවාදය පවසන විටදී ඒ සඳහා කාරණාවන් කිහිපයක් සපුරාගත යුතුයි. එනම් යථාර්ථවාදී නවකතාවේ කාලය හා ඉඩහසර (එසප ්බා ිච්ජැ* අතර මනා සබඳතාවයක් පවත්වාගෙන යායුතුය. තවද පාඨක විශ්වසනීයත්වය රඳවාගැනීම, ප‍්‍රබන්ධ චරිත හා සිදුවීම් අතර හේතුඵල සබඳතාවය ඇතිකොට ගැනීම, ලෝකධර්මයට අනුගතවීම යනාදී කරුණු යථාර්ථවාදී නවකතාව මගින් සැපයිය යුතුයි. එබැවින් මෙහිදී යථාර්ථවාදී නවකතාවේ ලක්ෂණ ඉතා කෙටියෙන් හැඳින්වීමක් කළෙමු. 02 රුසියානු සමාජයේ තරම් ලාංකීය නවකතාවේ සමාජ ප‍්‍රගමනය උදෙසා උරදෙන යථාර්ථවාදී හා පරමාදර්ශී චරිත අඩුවීමට හේතුව. සිිංහල නවකතාව වනාහී නොයෙක් අතු ඉති දිය ලබමින් වැඞී වර්ධනය වී ගිය බව පිළිිගන්නා මතයයි. එය ක‍්‍රිස්තියානි ආගම ව්‍යාප්තවූ යටත් විජිත යුගයේදී මෙරට බිහිවී ගිය සාහිත්‍යාංගයක් විය. එහිදී දේශීය කථාකලාවේ යම් යම් දියුනුවක් එහි ආභාසය නිසා ඇතිවුණද දේශීයත්වය සම්පුර්ණයෙන් ඉවත් වීමක් දක්නට නොලැබිණ. නමුදු රුසියානු නවකතාවන්ගේ බලපෑම මෙරට සිංහල නවකතාව වෙත ලැබී ඇති පව පැහැදිලිය. එබැවින් බටහිර සාහිත්‍යයේ ආභාසය ලබාගෙන මෙරට සිංහල නවකතාව වැඞී ගිය බව කිවයුතුය. ඒ අතර මුල්කාලීන නවකතාවන් වන ‘‘මීනා’’ ‘‘වාසනාවන්ත විවාහය’’ ‘‘හිඟන කොල්ලා’’ ‘‘තෙරේසා’’ හුදෙක් ලියැවී ඇත්තේ බෞද්ධ හැඟීම් කුළුගැන්වීම සඳහාය. රුසියානු සාහිත්‍යය මෙරට නවකතාවට බලපෑම් කිරිමට ලක්වූයේ ලාංකීය නවකතාකරුවන් එකී රුසියන් නවකථාවන් ඇසුරු කිරීම නිසාවෙනි. ඒ ලාංකීය සමාජයද රුසියානු සමාජය මෙන් සාමාජීය තත්වය යම් සමතාවයක් දැරීමත් එකී නවකතාවන්හි එන තේමාවන් හා සමාජීය තත්වය සමතාවයක් දැක්වීමයි. නමුදු රුසියානු සමාජය තරම් සංකිර්ණ ප‍්‍රශ්න සමුදායක් ලාංකීය සමාජය වෙලාගත්තේයැයි අපට කිව නොහැකිය. ඒ ලාංකීය සමාජය එතරම් කාර්මික නොවීමත් ග‍්‍රාමීයව පැවති සරියත් නිසාය. නමුදු රුසියාව මුහුණ දුන් ප‍්‍රශ්න රාශීයක් හමුවේ ප‍්‍රධානව දේශීය පාලනයේ වැඞීයාමත්, කාර්මික අර්බුදයත් නිසා උග‍්‍ර අරගලයක්කරා යොමු වූ බව කිවහැකිය. ඒ නිසාවෙන් රුසියානු නවකතාවට සංකීර්ණ චරිත හා සමාජප‍්‍රගමනය උදෙසා උරදෙන පරමාදර්ශී චරිතයන් නිරන්තරයෙන් අන්තර්ගත වුණැයි කිවහැකිය. ඒ රුසියන් නවකතාව උක්ත රුසියානු සමාජයේ පීඩිත පංතියේ අයිතීන් දිනාගැනීමෙහි අවියක් ලෙසින් ක‍්‍රියාත්මක වීමය. තවද රුසියාව පාලනය මෙහෙයවූ සාර්යුගය ජනතාවගේ පීඩාව ඇතිකළ යුගයක් ලෙසින් පෙන්වාදිය හැකිය. මේ හේතුව නිසාවෙන් ලාංකීය නවකතාවට වඩා යථාර්ථ තලයේ දිවිගෙවන චරිතයන්ගෙන් රුසියන් නවකථාව බහුල වීයැයි කිවහැකිය. සිංහල නවකතාවට උක්ත සමාජීය තත්වයක් බලපෑවේ හා ඒ සඳහා අනුබලයක් දීමට සිදුවූයේ පසුකාලීනවය. ඒ ලාංකීය සමාජය එතරම් ඉක්මණින් කාර්මික බලපෑමට ලක්නොවීම නිසාය. මෙලෙසින් උගතුන්ගේ මතයක් පැවතියත් ලාංකීය නවකතාවේද යථාර්ථවාදී චරිත නිරූපණ නැතැයි යන මතය කිසිසේත් කිව නොහැකිය. රුසියානු සමාජය හා ලාංකීය සමාජය පොදුවේ මුහුණදුන් අත්දැකීම් හා වාතාවරණය සමානය. එනම් බුද්ධාගම හා කිතුනු දහම යනුවෙන් දෙරටෙහිම ආගම ව්‍යාප්ත වී ගියේය. යුරෝපීය බලපෑම නිසාවෙන් රුසියාවත් යටත් විජිතයක් බවට පත්විය. එසේම ලංකාව, ලන්දේසි, ඉංග‍්‍රීසි යන ජාතීන්ට යටත්වීය. එනම් උක්ත කාරණාවන් මාර්ගයෙන් පැහැදිළිවම රුසියාවත් ලංකාවත් සමාජීය වසයෙන් හා දේශපාලනික වසයෙන් යම් සමානත්වයක් දක්වයි. එය දෙරටෙහිම සාහිත්‍ය කලාදිය බිහිවීම සඳහාත් ව්‍යාප්තිය සඳහාත් අතිශයින් බලපෑවේය. නමුදු ලංකාව හා යුරෝපය යටත් විජිතයක් වූයේ යටත් වීමේ ක‍්‍රමවේදයන් දෙකක් ඔස්සේය. ලංකාව සම්පූර්ණයෙන්ම විදේශීය යටත් ව්ජිතයක් වූ අතර, රුසියාව එරටම පාලනය කළ සාර් රජවරුන්ගේ මාර්ගයෙන් යටත් විජිතවාදී තත්වයට පත්විය. මේ හේතුව නිසාවෙන් රුසියානු සාහිත්‍යය දේශීය ඌරූවකින් දේශීයත්වය උපරිමයෙන් ආරක්ෂා කරීමෙහිලා වැඩි නැඔුරුවක් දැක්වූ බව කිවහැකිය. මෙයින් අප කීමට අදහස් කරනුයේ රුසියානු සාහිත්‍යයේ විශේෂයෙන් නවකතාව ලාංකීය නවකතාවට වඩා දේශීය ජනවිඥානය අවදි කිරීමේ අවශ්‍යතාවය දැඩිව ක‍්‍රීයාත්මක විණැයි යන අදහසය. එම නිසාවෙන් රුසියානු නවකතාව යථාර්ථ චරිත නිරූපණය කොට සමාජ ප‍්‍රගමනය සඳහා දැඩි ප‍්‍රයත්නයක් ගත්තා විය හැකිය. ලාංකීය ජනසමාජය මුහුණ නොදුන් රුසියානු කාර්මික විප්ලවය නිසාවෙන් එරට ජනසමාජය විභේදනයට ලක්විය. ඒ නිසා පංති භේදය ඇතිවූ අතර ඉන් ජනකොටසකට පීඩනය හා සමාජ අසාධාරණය ඇතිවිය. ඒ නිසා පංතිභේදය හා පීඩිත පංතියේ අයිතීන් දිනාගැනුමෙහිලා අවැසි ජනතා දැනුවත් කිරීමේ හා ප‍්‍රගතිශීලී ව්‍යාපාරය රුසියන් නවකතාවටද පාදකවිය. ඒ සඳහා රුසියානු ජන සමාජයම නවකතාකරුවාට අනුබල දීම නිසා උක්ත සමාජප‍්‍රගමනයට කැපවෙන යථාර්ථවාදී චරිත ප‍්‍රවේශ වීයැයි කිවහැකිය. ඒ සඳහා රුසියානු නවකතාව, සාහිත්‍යය මඟින් ප‍්‍රබල මෙහෙයක් කිරීම නිසාවෙන් එකී නවකථාවේ යථාර්ථතලයේ ජීවත්වන පරමාදර්ශී චරිත වැඞ්වීමට හේතුවිණැයි කිවහැකිය. නමුදු ලාංකීය සමාජය එතරම් දරුණු කාර්මික විප්ලවයක් හමුවේ පීඩා නොවින්දේය. ඒ නිසාම යුතාන්තය වැනි නවකතාවන් බිහිවනුයේ දහනම වන සියවසේදීය. රුසියානු කාර්මික විප්ලවය ඇති වනුයේ 18, 19 වන සියවස්හිදීය. මේ කාරණය නිසාද රුසියානු සමාජයේ නවකතාව සමාජ ප‍්‍රගමනය සඳහා යථාර්ථ තලයේ ජීවත්වන චරිත පාදකවූ ප‍්‍රබන්ධ සාහිත්‍යයද පැරණි හා විශාල වීමට පලූවන. මේ කාරණයද ලාංකීය නවකථාවට වඩා රුසියානු නවකතාවේ උක්ත චරිතයන් වැඩිවීමට හේතුවිණැයි කිවහැකිය. ගොර්කිගේ ‘‘අම්මා’’ වර්ගින්ගේ ‘‘පියවරු හා පුත්තු’’ගොර්කිගේ ‘‘ෆෝමා ගොර්ඩෙයෆ්’’ :ත්‍දප් ටදරාැහැඩ*,ගොර්කිගේ ‘‘මිනිසුන් විසිහය දෙනා හා ගැහැණිය’’ :එඇබඑහ ිසං පැබ ්බා ් ටසරකි*,යන නවකතාවෙන්ද, ටර්ගිනිෆ්ගේ ‘‘නැවුම්බිම’’:ඩසරටසබ ිදසක*,දොස්තොවොස්කිගේ ‘‘යක්සාවේෂය’’:එයැ චදිිැිිැා*,හා ටෝල්ස්ටෝයිගේ ‘‘පුනරුත් යානය’’:රුිමරරුජඑසදබ*,යන නවකතාවන්හි දැඩිසේ කාර්මික විප්ලවය හා ධනවාදයේ ප‍්‍රතිවිරුද්ධ බලවේග අන්තර්ගත විප්ලවකාරී චරිත ඇතුළත්කොට ලියා ඇත. එබැවින් මෙලෙස රුසියාවේ දරුණු කාර්මික විප්ලවයක් ඇතිවූ බැවින් සමාජ ප‍්‍රගමනය උදෙසා ජනයාව දැනුවත් කිරිමේ ව්‍යාපාරය නවකතාව සිදුකළ බැවින් ලාංකීය නවකතාවට වඩා යථාර්ථ තලයේ චරිත අන්තර්ගත වූවා යැයි සිතිය හැකිය.‘‘කාර්මික විප්ලවය හේතු කොටගෙන රුසියානු සමාජයේ ඇති වූ වෙනස්වීම්වලට සමාන වෙනස්වීම් ?සක් ලාංකීය සමාජයේද ඇති වූ නමුත් ඒවා මෙහි හටගත්තේ බොහෝ සෙම්නි. මෙම තත්වය පිළිබිඔු කෙරෙන නවකතා හා කෙටිකතා රුසියානු සාහිත්‍යයේ සුලබව ඇතත් සිංහල සාහිත්‍යයේ දක්නට ලැබෙන්නේ් අතලොස්සක් පමණි.’’ එබැවින් ලාංකීය සමාජය රුසියානු සමාජය තරමේ සංකීර්ණ නොවීමද උක්ත යථාර්ථ තලයේ පරමාදර්ශී, සමාජ ප‍්‍රගමනයට උරදෙන චරිත අඩු වීමට හේතුවකැයි සිතිය හැකිය. ලාංකීය සමාජයේ නවකතාව මුල්කාලීනව ලියැවුනේ සමාජ ප‍්‍රගමනයට වඩා ආගමික අරමුණු සාධනය කොට දැක්වීම සඳහාය. ඒ නිසා සමාජ ප‍්‍රගමනයට වඩා බෞද්ධාගමික සංකල්ප, සිංහල සංස්කෘතිය ආදිය ආදිය සු?කීමෙහිලා මෙරට ජනයාගේ විඥානය අවදි කරනුයේද නවකතාව හරහාය. එබැවින් මෙරට නවකතාව මුල් අවදියේදී යම් දිසානතියකට විහිදී ගිය බව කිවහැකිය. ක‍්‍රිස්තියානි ආගමේ බලපෑමෙන් බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරගැනුමෙහිලා ජනතාව දැනුවත් කිරීමද මෙරට නවකතාව යොමු වීම එකී අවස්ථාවක්ය.‘‘ක‍්‍රිස්තියානියට පටහැනි වූ ප‍්‍රධාන බලවේග වූ බුදු සමය මත දේශීය සංස්කෘතිය හෙළා දැකීම යනු බුදු සමය ඉක්මවා මෙරට ජන ජීවිතයට කිඳා බැසීමට කවදාවත්ම පුළුවන් කමක් නැත. ස්වදේශ වාත්සල්‍යය රටවැසියන් තුළ උද්දීපනය කිරීම සඳහා යොදා ගැනුණක් මෙන් ඉහත සඳහන් පරිදි ආරම්භ වූ සිංහල නවකථාවලට පසුව බුදු සමය හා ඒ ආශ‍්‍රිත බෞද්ධ සංස්කෘතියට පුනර්ජීවනයක් ලබාදීමේ යානයක් හැට්යට පාවිච්චි කරණ ලදී.’’ මේ කාරණය මුල්කාලීනව රචිත විමලා (1892 *, වෙසක් ¥තයා 1894 යන නවකථාවන්ගෙන් පැහැදිළි වේ. එකී ප‍්‍රචාරක ධාරණාවේ ප‍්‍රධාන පුරුක් ලෙසින් පියදාස සිරිසේනගේ ‘‘වාසනාවන්ත විවාහය ’’ සයිමන්ද සිල්වාගේ ‘‘මීනා’’ හා ඩබ්ලිව් ඒ සිල්වාගේ ‘‘ඩිංගිරිමැණිකා ’’යන නවකතාවන්ගෙන් පෙනේ. උක්ත නවකතාවන් විමසීමේදී පැහැදිළිව පෙනී යනුයේ ආගමික දර්ශනයක් ප‍්‍රධානව ඇතිකිරීමට වෑයම් කරණ බවය. තවදුරටත් ඒවායේ තේමාවන් වූයේ ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයේ හැදියාව ඇතිකොට විවාහ සංස්ථාව සුරක්ෂිත කිරීම බව පෙනේ. සරච්චන්ද්‍ර වික‍්‍රමසූරිය සයිමන්ද සිල්වාගේ නවකථා පිළිබඳව මෙසේ සඳහනක් කරයි.‘‘එහෙත් ඔහුගේ අවසාන පරමාර්ථය වූයේ ද සමාජ සංශෝධනයම, තත්කාලීන සිංහල සමාජයේ එක්තරා දුබල අංශයකට සයිමන්ද සිල්වා පහර දුන්නේය. තත්කාලීන සමාජයේ ඒ දුබල අංශය වූයේ ස්ත‍්‍රිය පුරුෂයාගේ වහලකු මෙන් සැලකීමයි......බාලකාලයේම ඔවුනට ශිල්ප ශාස්ත‍්‍ර පුහුණු කරනවානම් අවවාදයෙන් හික්ම වනාවානම් , වැඩිවිය පැම්ණි ඔවුන් වූ අවස්ථාවේදීම ඔවුන්ගේ දරු මල්ලන් හරි හැට් හසුරුවා ගැන්මට ඔවුන්ට නිසි නුවණ ඇති වේ.’’ එම තත්වය වෙනසකට ලක්වනුයේ මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ නවකථා හා අදහස් විමසීමේදීය. ඒ ප‍්‍රථමයෙන් ස්වකීය නවකථා මාර්ගයෙන් යථාර්ථවාදී භූමිකාව හා සමාජප‍්‍රගමනය උදෙසා යොමුකරවන චරිත යොදා නව ප‍්‍රවේශයක් ඇති කිරීමයි. නමුදු ඊට පෙර නවකථාවන්හි චරිත වැඩි වශයෙන් ලියැවුනේ සුදන දුදන චරිත ඇති ආගමික අංශය සමඟව බද්ධවයන එ්වා විය. ඒ චරිතයන් ජීවිත පරිඥානයෙන් තොරවූවන්ගේ නිර්මාණ ලෙසින් යැයිද වරෙක ඔහු ප‍්‍රතික්ෂේපද කළේය. එයට හේතුව මාර්ටින් වික‍්‍රමසිංහ මහතා බොළඳ නවකථා අතහැර : රදඑසද ්කසිඑ චරුිි ්ිිදජස්එසදබ* පළකළ සාහි්ත්‍යයට මඟ පෙන්වන්නා :කසඑැඒඒරහ ට්සාැ* යන සඟරාව කියවීමයි. මේ ප‍්‍රචාරක නවකථා ?ල්ල වික‍්‍රමසිංහ මහතා යථාර්ථවාදී කලාවක්වෙත ?ගෙන ආවේය. මේ හේතුවෙන් රුසියානු සමාජයේ ප‍්‍රගතියට උරදෙන යථාර්ථවාදී චරිතයන් ලාංකීය නවකථාවේ යම් තරමකින් බිහිවීයැයි කිවහැකිය. මේ කාරණය සමාජයට වටහා දෙන්නට වික‍්‍රමසිංහ මහතා ගත්තැත ඉමහත්ය. ‘‘නිසරු නවකතාව කෙරෙහි නෙත් සිත් ඇදීගිය සමයක සාරවත් නවකථාව යනු කුමක්ද හඳුන්වා දීම පිණිස වික‍්‍රමසිංහ මහතාට මහත් පරිශ‍්‍රමයක් දරන්නට විය. නවකථාව ධර්මය අධර්මය හොඳ නරක ඉගෙනීම සඳහා කියවිය යුතු බණකථාව වැනි නිබන්ධන විශේෂයක් නොවන බවත් වික‍්‍රමසිංහ පෙන්වා දුන්නේය. නවකථාව ජීවිත විවරණයක් බවත් , සමාජවිවරණයක් බව හෙතෙම කියා සිටියේය.’’ මේ කාරණයද රුසියානු නවකතාව තරම් යථාර්ථවාදී චරිත ඇතුලත් ලාංකීය නවකථාව සම්පූර්ණ නොවීමට හේතුවක් වූවා නොවේද. කෙසේ වුවද අප මෙහිදී උක්ත මතයේ දැඩිව එල්බගත යුතු නැත. මෙහිදී විමසිය යුත්තේ පරමාදර්ශී චරිත අඩු වීමට කාරණාවන්ය. තවත් ඒ සඳහා හේතු සාධකයක් ලෙසින් ලාංකීය නවකතාව වැඩි වසයෙන් එක් පංතීයක් පදනම් කොටගත් නිර්මාණයක් වීමය. එනම් ලාංකීය නවකතාව වැඩිවසයෙන් මධ්‍යම පාන්තික සමාජය විසින් නිර්මිත හා එම සමාජයේ පමණක් සිතිවිලි හා අදහස් ප‍්‍රතීයමාන කරගැනීමයි. එයද එක් අතකින් කොටුවීමක් යැයි කිවහැකිය. ‘‘මගේරාජ්‍යය’’ කියවන විටදී එම අදහස හොඳින්ම පැහැදිළිවේ. අන්තිමදා , චරිතතුනතක්, කරුමක්කාරයෝ ,පව්කළ මිනිස්සු, යන නවකථා එසේ ලියැවී ඇති තවත් නවකථාවෝය. එබැවින් නවකථාවකට පසුබිම් විය යුත්තේ අසවල් පංතිය, නැතහොත් නවකථාව තනි පංතියකට සීමාවීය යුතුය යන සීමාවක් නැත. එසේ වෙතොත් වැරදිය. අනිත් අතින් සිංහල සමාජය ඉතා කුඩා එකක් වීම නිසා මේ පංතිය පටන් ගැනෙන්නේ මෙතැන් සිටය. එය අවසන් වන්නේ මෙතැනින්ය නියමකොට දැක්වීමද කළ නොහැකිය. එවැන්නක් ලොකු සමාජයක වුවද කිරිම දුෂ්කරය. මේහේතුුන් යම් තරමකින් රුසියානු සමාජයට බලපාන ලද්දේ නැත. සිංහල නවකතාව මධ්‍යම පන්තික නිර්මාණයක් වීම නිසා එහි සංස්කෘතික දාර්ශනික පසුබිමද මධ්‍යම පාන්තික එකක් විය, මේ සාධකය අපේ විෂය කේෂේත‍්‍රය බෙහෙවින් පටු කරයි. මෙතැන් සිට අපේ සාකච්ඡුාව මධ්‍යම පන්තියට අයත් වු කොටස් දෙකකට පමණ සීමා කරලීමට පුලූවන. නූතන නවකථාවට මධ්‍යම පාන්තික සිතුම් පැතුම් වලින් ඉවතට යාමට නොහැකි වීමට හොඳම හේතුව මේධා , චාරුමුඛ , වරදත්ත , යන තුනය. මේ හේතුව නිසාවෙන් ලාංකීය නවකථාව එක් රාමුවකින් කොටුවූවා යැයි විචාරකයෝ පවසති. රුසියානු සමාජයේ ඉතා පුළුල් පරිසරයක් හා පංති භෙදයක් පැවතියත් නවකතාව සඳහා එක්තරා පංතියක් මුල්වී නොමැත. නමුදු ලාංකීය නවකතාව එවන් විහිදීගිය පංති පරාසයක් පුරා ලියැවී නැතැයි යන තර්කයද විචාරකයෝ ගෙනඑති.‘‘ මෙම ප‍්‍රචාරාත්මක ලක්ෂණය දෙස විමසා බලනකළ ඉතා පැහැදිළිව දක්නට ලැබෙනුයේ රුසියානු ජාතික ගොර්කි, ගොගොල් වැනි නවකථා කරුවන් හා චීන ජාතික ලූෂැන් වැනි අය ආදර්ෂකොට ගත යුතු යැයි කියනු ලැබූවද සිංහල ලේඛකයන්ගේ බොහෝ නොගැඔුරු ඒකාකාරී තත්වයට පත්විය. සමාජයේ දුප්පත්, පීඩිත කොටසුගැන ලියූ තරමින් ඔවුන්ගේ ජීවිත පිළිබඳ සැබැ තත්වය ගැඔුරින් විග‍්‍රහකර ශ්‍රේෂ්ට කලාකෘතීන් නිෂ්පාදනය කරන්නට මෙහි ලේඛකයන්ගේ බොහෝ කෘතීන් නොගැඔුරු ඒකාකාරී තත්වයට පත්විය. සමාජයේ දුප්පත් ,පීඩිත කොටස්ගැන ලියූ තරමින් ඔවුන්ගේ ජීවිත පිළිබඳ සැබෑ තත්වය ගැඔුරින් විග‍්‍රහකර ශ්‍රේෂ්ට කලා කෘතීන් ඔවුන්ගේ සැබෑ තත්වය ගැඔුරින් විග‍්‍රහකරණ කලාකෘතීන් නිෂ්පාදනය කරන්නට මෙහි ලේඛකයන් අසමත් වීමට ප‍්‍රධාන හේතුසේ දැක්විය හැක්කේ ප‍්‍රතිභා ශක්තියෙන් හීනවීම හා නිරූපිත සමාජයේ කොටස් පිළිබඳ සැබෑ ගැඔුරු අවබෝධයක් නොතිබීමය. ’’ එබැවින් මෙම කාරණාවට අනුව මධ්‍යම පාන්තික සමාජයේ කොටස් පිළිබඳ අවබෝධයක් තිබුනද ලාංකීය නවකථාකරුවාගේ දක්නට ලැබෙන සුවිශේෂී කාරණය වනුයේ බුද්ධිමය හෝ නිර්මාණාත්මක ඌනතාවක් තිබුනායැයි කීමට හැකිය. යථාර්ථවාදී චරිතයන් ලාංකීය නවකථා සාහිත්‍යයේ දක්නට නොලැබුනේ කිනම් කාරණයක් නිසාවෙන්ද යන්න මෙහිදී අප විමසිය යුතුය. මේ පිළිිබඳව සයිමන් නවගත්තේගම මහතා දරණ අදහස යම් වැදගත්කමක් පෙන්වාදිය හැකිය.‘‘අද ජනප‍්‍රිය යථාර්ථවාදී සමාජ ?ල්ලයි. එය වට්ටෝරුවක් කොටගෙන පහත් කලා කෘතීන් කිපයක් දැනටමත් මුද්‍රණාලවලින් බිහිවී තිබේද. නිසරු නාටක කීයක් දැනටමත් වේදිකාගත වී ඇත්ද. අලූත් දෙයක් නිසාත් සිංහල පේ‍්‍රක්ෂකයාගේ හා විචාරකයාගේ කලාව පිළිබඳ අවබෝධ මට්ටම පහත් නිසාත් ඔවුන්ට ලැබෙන අත්පොලසන් හා සම්මාන වලින් සමාජවාදී කලා නිෂ්පාදනයේ නියුතු තරුණයන් පිරිහීමට පත්වේදෝයි අපි දුක් වෙමු. ’’ මෙලෙසින් ලාංකීය නවකථාව රුසියන් නවකතාවේ දැකියහැකි තරමේ යථාර්ථවාදී චරිතයනගේ අඩුවීමක් ඇත්නම් ඒ සඳහා මේ ප‍්‍රවණතාවයද ඉවහල් වූබව කිවහැකිය. නමුදු නූතන ලාංකීය නවකථාව විවිධ ආකාරයේ නව ප‍්‍රවණතා ඔස්සේ සංකීර්ණ වී ඇත. එය සාහිත්‍යයක නව ප‍්‍රවණතාවක් වනවාසේම එසේ සිදුවිය යුත්තකි. එකතැන පල්වනවාට වඩා සමාජප‍්‍රගමනය හා ජනතාවාදී සාහිත්‍යය කතිකාවක් යටතේ නවකථාවක් හෝ සාහිත්‍ය ග‍්‍රන්ථයක් ලියනවිටදී එය විචාරයට බඳුන්වේ. ලාංකීය නවකතාවේ පෙනෙන තවත් අඩුවක් ලෙසින් එය බටහිර අනුරාවය පමණක්ම නැඟීමයි. ඒනිසා නවකතාව හා චරිත නිරූපණය කෘතිම විලාසයක් ගෙන ඇතැයි කිවහැකිය. මෙරට නවකතාව ධ්වනිතාර්ථය පිළිබඳව සැලකිලමත් නොවීම හා වාච්‍යාර්ථය පිළිබඳ සැලකීම දක්වා ලියන නිසාවෙන්ද මෙම තත්වය උදාවී ඇතැයි තවත් මතයකි. තවදුරට මෙම කාරණය සඳහා තර්කයක් මෙසේ පැවසිය හැක.‘‘නවකතාවෙහි රසය රුඳාපවතින්නේ වාච්‍යාර්ථය අභිබවා නැගෙන ධ්වනිථාර්ථයේය. නවකතාවේ කාලය පසුබිම දේශය පිළිබඳ විස්තර වර්ණනාදිය එහි වාච්‍යාර්ථය ලෙසින් සැළකිය හැකිය. නවකතාවෙන් එම විස්තර තුළින් ප‍්‍රකට වනුයේ මනුෂ්‍යත්වය පිලිබඳ පොදු අරුත එහි ධ්වනිථාර්තය ලෙසින් සැලකේ. ඇතැම් වර්තමාන නවකතාකරුවන් වාච්‍යාර්ථය ගැන සැළකිලිමත් වුව මනායි. එනම් පසුබිම පිලිබඳව, සමාජය පිලිබඳව, දේශය කාලය පිළිබඳව සැලකිළිමත් වුවමනායි. ඇතැම් වර්තමාන නවකතාකරුවන් වාච්‍යාර්ථය පිළිබඳව පමණක් සැළකිල්ලක් නොදැක්වීම ධ්වනිතාර්ථය තියුණුලෙස මතුවීමට බාධාවකි. නවකතාවකින් ඉදිරිපත් කරනු ලබන සැබෑ ජීවිතයට සම්බන්ධවීමට නම් නවකතාවේ වාච්‍යාර්තය කෙරෙහි රචකයා විශේෂ සැලකිල්ලක් යොමු කළමනායි.’’ මෙම හේතුවෙන් ලාංකීය නවකතාවේ යම් අයුරකින් විෂය පරාසය කොටුකිරීමක් සිදුවීයැයි සිතිය හැකිය. වත්මන් ලාංකීය නවකතා මෙම කොටුවීමේ ස්වභාවය නිසා රුසියන් නවකතාවේ තරම් යථාර්ථ තලයේ හා පරමාදර්ශී චරිතයන් අඩුවීමට හේතුවකැයි කිවහැකිය. කෙසේ හෝ රුසියන් ආභාසය ?ගත් මෙරට නවකතාව වත්මන වනවිට එක්තරා දියුණු තත්වයකටද පත්වී ඇතැයි කිවයුතුය. නමුදු මෙරට නවකතාව අතීත, වර්තමාන තත්වයන් දෙකම යටතේ සමතුලනයක් කරන කේ. ජයතිලක සූරීහු මෙසේ පවසති. ‘‘ අතීත නවකථාවක චරිත ගැඔුරු හැගීමක් දෙකනල්හි පවා පිළියක ඇඳි රූ මෙන් සැහැල්ලූ පෙනුමෙන් යුක්තය. .... කතා විකාශනය අතින්ද පැරණි කථාව ඉදිරියබලා යන සෘජු රේඛාවක් වන අතර නූතන කථාව වටපිටින් බලමින් යන සමාජ චාරිතාවකි. ’’ උක්ත අදහස විමසීමෙන් අපට කිව හැක්කේ ලාංකීය නවකථාවේ වර්තමාන තත්වය පිළිිබඳ අදහසකි. එනම් නූතන යම් නවකතා වස්තුවිෂය කොටගනුයේ සැබවින්ම ලඳ බොළඳ තේමාවන්ය. නමුදු ඊට වෙනස් සමාජකථිකාවත් පිළිබඳ ලියැවෙන නවකථාවනුත් නැතිවා නොවේ. කෙසේ හෝ මෙම ප‍්‍රවණතාවන් දෙකින් වැඩියෙන් ලියැවෙන නවකතාවන් වනුයේ කුමන ඒවාද යන්න තර්කානුකූලව සිතිය යුතුය. තවද මුල්කාලීන සිංහල නවකතාවන් ලියූ ඒ.සයිමන්ද සිල්වා, ඇම්.සී.පෙරේරා, පියදාස සිරිසේන සහ ඩබ්ලිව්.ඒ සිල්වා වැන්නවුන්ගේ කෘති පිලිබඳව විමසන විටදී පෙනීයන්නේ පැහැදිළිවම ඒවා කිසියම් කරුණු කිහිපයක් ඔස්සේ ලියැවි ඇතිබවය. 01 බටහිර ත‍්‍රාසජනක කතා 02 මන:කල්පිත චරිත අන්තර්ගතවීම. 03 බටහිර සභ්‍යත්වය හා සිංහල සභ්‍යත්වය අතර ගැටුම පාදකවීම.04 කිතුනුසමය හා බුදුසමය අතර ගැටුම. 05 විදේශීය ආදිප්‍යයෙන් රට, සංස්කෘතිය සු?කීම, යනුවෙන්ය. මේ හේතුව නිසාද රුසියන් සමාජයේ තරම් සමාජප‍්‍රගමනය සඳහා උත්සුකවන චරිත අන්තර්ගත නොවුනායැයි කිව හැකිය. තවද රුසියානු සමාජයේ තරමේ පුද්ගල නිෂ්ක‍්‍රියත්වය ලාංකීය නවකතාවේ දක්නට නොලැබේ. එයට හේතුව රුසියන් සමාජය තරම් වන යථාර්ථ තලයේ දිවිගෙවන චරිතයන් අඩුවූයේ යැයි කිව හැකිය. මේ අදහස පිළිබඳව එදිරිවීර සරච්චන්ද්‍ර මහතා පවසන අදහසක් මෙසේය.‘‘එක එක නවකතාවලට අයත් අසහාය සන්දර්භයක් ඇතත් නවකතාව එක එක ලේඛකයාට හිතෙන හිතෙන හැටියෙන් රචනා කෙරෙන ගද්‍යයක් නොවේ. සිංහල නවකතාවට හිම් ගද්‍යයක් නොවේ. සිංහල නවකතාවට හිමි සම්ප‍්‍රදායක් නොහොත් ආචීර්ණ කල්පිත කලාරීතියත් ඇත. ඒ කලා රීති බටහිර කලා රීතිද නොවේ. තමාගේ බාසාවත් සංස්කෘතියත් අණවන පරිදී නවකතාකාරයාට සිතන්නට සිදුවෙයි. ඉංග‍්‍රීසියේන සිතුවත් ඹහු ඒ සිතුම් හා හැගුම් කියන්නට ඔහුට සිදු වෙයි. තමාගේ බසත් සංස්කෘතියත් විසින් අණවනු ලැබීම නිසා සිංහල ලේඛකයාගේ නවකතාවට මහුගේ දැනුම ඇතිව හෝ නැතිව හෝ සිංහල ජනතාවටත් ජාතක කතාවැනි බෞද්ධ කථා වස්තුවලටත් හිම් රූඩියෙන් යම් යම් දේ පිවිසෙයි.’’ එබැවින් නූතන නවකථාව හුදෙක් ලඳබොළඳ හා රොමාන්තික තත්වයට පත්වීමද එක් හේතුවක් ලෙසින් දැක්විය හැකිය. කෙසේහෝ මෙතෙක් වේලා විමසන ලද කරුණු අනුව රුසියන් නවකථාවේ තරම් ලාංකීය නවකථාවේ යථාර්ථ තලයේ දිවිගෙවන චරිතයන් යම් අඩුවීමක් ඇත්නම් ඒ උක්ත හේතූන් නිසායැයි අපගේ තර්කයයි. 03 රුසියන් හා ලාංකීය නවකතාවේ පරමාදර්ශී හා සමාජප‍්‍රගතිශීලී චරිත පිළිබඳ සංසන්දනාත්මක කතිකාවක්. 01 සමාජ අසාධාරණයට එරෙහි චරිත. සාහිත්‍යය හා සමාජය අතර ඇති සම්බන්ධය දිනෙන් දින අළුත්වන අතර සැබවින්ම එය නව්‍යවන අතර ඉන් සමාජ ප‍්‍රගමනය සඳහා ඉමහත් පිටුවහලක් ලැබේ. මෙම නිබන්ධනයේ අප විමසන නවකථා සාහිත්‍යාංගයද එසේමය. රුසියානු නවකතාවේ දක්නට ලැබෙන තරමේ ප‍්‍රකට වූ සමාජප‍්‍රගමනය සඳහා ඉවහල්වන යථාර්ථවාදී සමාජප‍්‍රගමනයට උරදෙන පුද්ගල චරිතය අඩුවීමට හේතුව අපවිසින් ඉහතදී විමසන්නට යෙදුණි. නමුදු ඒ අන්තගාමීව ලාංකීය නවකතාව පහත්යැයි සලකා නොවේ. කෙසේ හෝ යම් අඩුවීමකට ලක්වුවද ලාංකීය නවකථාවේ වුවද සමාජ ප‍්‍රගමනයට උරදෙන චරිත ඇතැයි පැවසිය යුතුය. ලාංකීය නවකතාවේද සැබෑ යථාර්ථවාදී තලයේ දිවිගෙවන පරමාදර්ෂී චරිත දක්නට ලැබේ. මෙහිදී රුසියානු හා ලාංකීය යන නවකථාවන් දෙකෙහිම උක්ත චරිතයන් පිළිබඳව සාකච්ඡුාවක් සිදු කරනෙමු. යුගාන්තය නවකථාවේ දක්නට ලැබෙන මාලින් වනාහී උක්ත අධිපතිවාදී හා කාර්මික ධනේශ්වර සමාජ පංතියේ පීඩනය නිසාවෙන් පීඩාවිඳින කම්කරු ජනතාව කෙරෙහි දක්වන ආකල්පය සැබවින්ම ඔහුව පරමාදර්ශී චරිතයක් කරයි. යුගාන්තයේ මෙම සමාජවාදී අරගලය කොටස් තුනක් ඔස්සේ විමසිය හැකිය. 1 ධනවාදය හා බුද්ධිවාදය අතර ගැටුම. 2 නාගරික පංතිය හා කම්කරු පංතිය අතර ගැටුම. 3 ධනවාදය හා සමාජවාදය අතර ගැටුම. මෙම හේතූන් මාර්ගයෙන් පෙන්වාදිය හැකි සුවිශේෂී වූ කාරණාවක් ඇත. මාලින් වැනි පුද්ගල චරිත ක‍්‍රියාකරනුයේ යථාර්ථවාදී හා සමාජප‍්‍රගමනය සඳහා බව විමසා දැනගැනීමට ඇති හැකියාවය. සවිමන් කබලාන හා මාලින් දෙදෙනා පිය පුතු දෙදෙනාය. මාලින් සමාජවාදියකු වන අතර සවිමන් ධනවාදියෙක් වෙයි. සවිමන් පහළ මධ්‍යම පංතියෙන් ඉහළ පන්තියට නැංෙඟකි. මාලින් ඉහළ මධ්‍යම පංතියෙන් ඉහළ මධ්‍යම පංතියට ඇතුළු වූවද එය කෙරේ කළකිරුණෙකි. සවිමන්ගේ අසහනය නම් ඉහළ මධ්‍යම පංති සමාජයෙන්ද තෘප්තිමත් විය නොහැකිව උපරිම සමාජයේ බැබළීමේ ආශාවයි. මාලින් මධ්‍යම පංතියෙන් මිදෙන්නට තැත් කරන්නෙක් නොවේ. තමාගේ අනුභූතිය අනුව ධනවාදී මධ්‍යම පංතියේ බොල් ජීවිත වටිනාකම මව පියා වැන්නන්ගේ නිසරු බාහිර ආටෝප සහිත සමාජයෙන් පලා යන්නෙකි. මාලින් වරෙකදී තම නිවසේ පැවැත්වෙන භෝජන සංග‍්‍රහයන් හමුවේ ඒ සඳහා සහභාගී වීමට ඇති අකමැත්ත නිසා නිවසින් පවා පලා යයි. ‘‘භොජන සංග‍්‍රහ පවත්වන දවසට මම ගෙදරින් පිටවෙලා යන බව උඔට කිව්වා මතක නැද්ද.’’ ‘‘මම යන නිසා උඔත් ඒවිය කියා මම සිතුවා.’’ ‘‘සමාජවාදී ක‍්‍රියා කලාපය උදෙසා ජනයාව මෙහෙයවූ ආකාරය දැක්වීම සඳහා කටයුතු සිදු කරනු ලැබූ මාලින්ගේ චරිතය සැබවින්ම සැබෑ මානව හිතවාදී මුහුණුවරක් ගෙන ඇති ආකාරය කිවහැකි නොවේද. තම නිවසේ ධනවතුන්ට පමණක් උරුම වූ භෝජන සංග‍්‍රහයන් සියල්ල ඔහු විසින් ප‍්‍රතික්ෂේප කිරීම වනාහි මාලින්ගේ චරිතය තුළින් අප දකින සැබෑම මානුෂීය, පරමාදර්ශී අවස්ථාවකි. සමාජවාදී ආකල්ප සිත් දරාගෙන ඇති ඔහු තුළින් ප‍්‍රකට වූයේ එවන් මානුෂීය වූ හැඟීම් සමුදායයි. මාලින්ගේ කියමන් තුළින්ම එකී අදහස් පැහැදිළිවේ. මෙම අදහස් මාලින් අරවින්ද හමුවේ පැවසීමෙන් ඔහු ධනපතීන්ගේ සාටෝපවත් දිවිපෙවත පවා අකමැත්තෙන් යුක්ත වූවකු ලෙසින් සැලකීමේ හැකියාව ඇත. සවිමන් කබලාන අනුන් පෙළීමේ දැඞ් චිත්ත ශක්තියක් ඇත්තෙකි. ධනකාමය, බලකාමය, යසස්කාමය යන මෙයින් සියපුතු බලයෙන් යටත් කරන්නට කපට්කමින් ?වටීමට උපක‍්‍රම යොදන විට වන්නේ බුද්ධිමත් පියාගෙන් අනුක‍්‍රමයෙන් ඈත්වීමයි. මෙසේ පිය පුතු දෙදෙනාගේ අසමාන චරිතාංග කතුවරයා උපයෝගී කොටගෙන කථාවේ ප‍්‍රධාන කාරණාව කුළුගැන්වීමටය. රුසියන් නවකතාවක් වන ගුරුගීතයේ සැබෑ යථාර්ථ තලයේ දිවිගෙවන පුද්ගල චරිතයක් ලෙසින් දුයිෂෙන් හඳුනාගත හැකිය. එනම් එකී නවකථාවේ ප‍්‍රධාන චරිතය වූ ‘‘දුයිෂෙන්’’ නැමති ගුරුවරයා සැබෑ පරමාදර්ශී, යථාර්ථ තලයේ ක‍්‍රියාකරණ චරිතයකි. ඔහු සිය ජීවිතයේ සියල්ලම කැපකරනුයේ පාසලක්පවා නොමැති ගම්මානයක දරුවන්ට අධ්‍යාපනය ලබාදීමටය. එහිදී එකී ගමේ දරුවන්ගේ දෙමාපියන් කිසිවෙක් එකී ක‍්‍රියාවලියට වචනයෙකිනුදු උදව් නොකරනුයේ ඔවුන්ගේ දෝෂයකට වඩා පවතින සමාජක‍්‍රමයේ ඇති අසාධාරණය ඔවුන් ගිලගෙන සිටි බැවින්ය. ඒ ඔවුන්ට එකී වාතාවරණයක් කිසිදු විටෙක උදාවී නොතිබුන නිසාය. අල්තීනා නැමති දෙමාපියන් නොමැති දැරියකට ඇගේ නැන්දා ඉගෙනීමේ අවස්ථාව නොදෙන විටදී එය මනාව පැහැදිළිවේ. එවිට දුයිෂෙන් පවසන ප‍්‍රකාශය මඟින් සමාජය විසින් ඉතා කුරිරුලෙස ඇතිකරන අසාධාරණය පෙන්වාදෙයි. ‘‘මොනවද ඔය කියන්නේ පොඞ්ඩක් හිතල බලන්ඩ අද අනාථවුනේ ඇගේ වරදින්ද. අනාථ ළමයින්ට ඉගෙනීම තහනම් කියල නීතියක් පනවල තියෙනවද.’’ දුයිෂෙන් ගුරුවරයාගේ චරිතය වනාහී සමාජ අසාධාරණය හමුවේ නිර්භයව කටයුතු කරණ යථාර්ථවාදී, පරමාදර්ශී චරිතයකි. එබැවින් රුසියන් සමාජයේ මෙන්ම ලාංකීය නවකථාවේද එකී චරිතයන් ඇතිබව කිවහැකිය. යුගාන්තයේ මාලින් හා ගුරුගීතයේ දුයිෂෙන් සැබෑ යථාර්ථවාදී, පරමාදර්ශී චරිත ලෙසින් නවකතා දෙකෙහිම නිරූපණයවෙයි. 02 මිනිස් අයිතිවාසිකම් සු?කීම. නවකතාවක් නිර්මාණය කිරීමේදී කතාකරුවා චරිත ස්වකීය දර්ශනය කියාපෑමෙහිලා භව්‍ය අභවය අවස්ථා හා සිද්ධීන් හමුවේ චරිත හසුරවයි. කවර නවකතාකරුවෙක් වුවද නවකතාවක් නිරිමාණය කිරීම සඳහා තමාගේ පරිකල්පන ශක්තිය ඉවහල්වේ. දීගුකල් පවතින සමාජීය අරගලයක් වුයේ සමාජයේ පංති භේදය නිසා පීඩිතයන් හා ධනපතීන් අතර ඇති ගැටුමයි. කම්කරු පංතියේ ආශිර්වාදයෙන් සැපවිඳින ධනපතීන් හා අධිපතිවාදීන් එය අමතකකොට ඔවුන්ව තලාපෙලා පීඩාවට ලක්කිරීම නිසා ඒ තත්වය උදාවෙයි. ඒනිසා මිනිස් අයිතීන් නොමැතිවීම තවත් එක් හේතුවකි. මෙම හේතුව නිසා රුසියන් හා ලාංකීය නවකතාකරුවෝ සමාජයේ පවතින එකී අසාධාරණය නැතිකිරීමට ප‍්‍රබන්ධ චරිත ඔස්සේ උත්සාහ ගත්හ. රුසියන් නවකථාව එකී කාර්යයේ ප‍්‍රකට වුවද ලාංකීය නවකථාවද එකී සමත්කම දක්වන බව කිව යුතුය. ලාංකීය නවකථාවද එකී මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් ක‍්‍රියාකරණ යථාර්ථවාදී තලයේ දිවිගෙවන චරිත නිර්මාණය කරීමට පසුබටවී නොමැත. රුසියන් නවකතාවක් වූ ගුරුගීතයේ එකී මිනිස් අයිතීන් වෙනුවෙන් කැපවෙන පරමාදර්ශී චරිතයක් ලෙස එහි දුයිෂෙන් නම් ගුරුවරයා දැක්විය හැකිය. ඔහු හමුදා සේවයෙන් අස්වී තමා දැනුම ගම්බද ළමයිනට කියාදීමෙහිලා මහත් කැපකිරීමක් කරයි. ඒ ඉගෙනීම වනාහී මිනිස් අයිතිවාසිකමක් ලෙස සලකාය. ‘‘මින් පස්සේ ළමයින්ට උගන්වන්නේ මුල්ලාවරු නොව. ගුරුවරු මම යුද්ධ හමුදාවේ ඉන්න දවස්වල ඉගෙන ගත්තා.’’ කිසිදු හැකියාවක් හෝ පසුබිමක් නොමැති අන්ත අසරණ පාලක පංතිය විසින් කිසිදු සැලකීමක් නොකර ඇති ගම්බද දරුවන්ට ඉගැන්වීම සඳහා ඔහු ගන්නා තැත කෙතරම් විශිෂ්ටද. තවද එම ගමෙහිම නූගත් ජනයා එම කටයුත්ත සඳහා කරණ බලපෑම් හා එහි වටිනාකම නොදැකීමද ඔහු මුහුණදෙන තවත් එක් අභියෝගයකි. සමාජයේ පීඩිතයන් ලෙසින් වරප‍්‍රසාද උපතින්ම ඔවුන්වෙත අච්චුගැසූ උරුමයක් ඉගෙනීමට නැතැයි සිතූ ඒ ගමේ ගැමි මිනිසුන්ගේ සිත් පවා වෙනස් කිරීමට වෑයම් කිරීමට ඔහුට සිදුවෙයි. ‘‘මෙතැන ඉන්නේ පාසල් ළමයි, දීග දෙන්ට ගෑනු මෙහි නෑ.’’ ගුරුගීතයේ අල්තීනා නැමති ගෑනු දරුවාගේ නැන්දම්මා ඇගේ ඉගෙනුමට විරුද්ධවූ අවස්ථාවේ ඔහු නිර්භයව ඉදිරිපත්වීම කෙතරම් දුරට උක්ත චරිතයේ පරමාදර්ශී භාවය හා මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් කැපවෙන චරිතයක් ලෙසින් පෙන්වයිද. රුසියන් නවකතාකරුවකු වන ඇන්ටන් චෙකොෆ් තම නවකතා හෝ කෙටිකතා මාර්ගයෙන් සමාජ අරගලය සඳහා මිනිසාව මෙහෙයවූ ප‍්‍රකට නවකතාකරුවෙකි. ඔහු ස්වකීය නවකතාවේ චරිත හරහා සෑම විටම මිනිස් සමාජයේ සාධාරණය වෙනුවෙන් කැපවිය යුතු බවයි. ඒ චරිතයනගේ සංවර්ධනය කිරීමට වඩා එයින් ස්වකීය ආත්ම විස්වාසය ඇති කොටගෙන අරගලයේ යෙදිය යුතුබවය. ඒ බව ඔහු ලියූ ‘‘කටු ඇ ඕල්ල’’නවකතාවේ එන අදහසකින් මනාව පැහැදිළි වේ.‘‘අරගලයෙන් ඉවත්ව නගරයෙන් පලාගොස් ජනතාවගෙන් ඈත්ව වත්තකට ගොස් සැඟවී සිටීම ජීවිතය නොවේ. එය ආත්මාර්ථ කාමී ක‍්‍රියාවකි. තවත් අතකින් එය තපස් දිවියක් වැනිය. ඇත්තෙන්ම කාටවත් වැඩක් නැති තපස් දිවියකි.’’ උක්ත අදහසට අනුව රුසියානු ලේඛකයින් පැහැදිලිවම බලා පොරොත්තු වී ඇත්තේ සමාජ ප‍්‍රගමනය සඳහා සාහිත්‍ය යම් මෙහෙයක් කළයුතු බවයි. ඇන්ටන් චෙකොෆ් වැනි ප‍්‍රකට රුසියානූ ලේඛකයින් බලා පොරොත්තු වූ සමාජ ප‍්‍රගමනය නම් මිනිස් අයිතීන් වෙනුවෙන් කැපවීම යැයි පැවසිය හැක. යුගාන්තය නවකතාවේ සැබෑ මිනිස් අයිතීන් වෙනුවෙන් ක‍්‍රියා කරනු ලබන පුද්ගලයන් අතලොස්සක් අතර මාර්ටින් වික‍්‍රමසිංහ මහතා දකින උසස් චරිතයක් යුගාන්තයේ පෙන්වාදෙයි. ඒ නවකතාවේ එන මාලින්ගේ චරිතය මාර්ගයෙන්ය. වරක් මාලින් හා රික්ෂෝකරුවකු සමඟ ඇතිවූ කතාබහකදී එවන් අදහසක් දක්නට ලැබිණ. ‘‘ මුන්ට කියන්න සර් මේ පාරෙන් ගොහිල්ලාය තමා පංචිකාවත්තට යන්න ඕනෑ.’’ ‘‘පංචිකාවත්තට යන්න මිනිහෝ මොකටද මොකටද මේ වංගුවේ යන්නේ, යනුවෙන් මාලින් ඇසීය.’’ ‘‘ එහෙම නොකර මුන්ගෙන් සල්ලි ගන්න බැහැ සර්.’’ ‘‘ ඒයි බොල ඔය මිනිසුන්ගේ ඉණ අතගාගන්ට එපා යයි මාලින් පැවසීය.’’ උක්ත අදහස් මාර්ගයෙන් මාලින් සතුව පැවතියාවූ සැබෑ මිනිස්කම හා අසාධාරණය පිටුදැකීමේ චේතනාව නවකතාකරුවා පෙන්වයි. යුගාන්තය නවකතාව සම්පූර්ණයෙන්ම කියවන විටදී මෙම කාරණාව අපට ප‍්‍රත්‍යක්ෂ වේ. වංචාව, ?වටීම හා අසාධාරණය මත ගොඩනැගී ඇති සමාජය තවත් මිනිසෙකු අතින් තවත් මිනිසෙකුගේ අයිතීන් නැතිකරණ ආකාරය කෙතරම් පහත්ද. එහිදී මාලින් වැනි චරිතයන් කෙතරම් පරමාදර්ශී හා යථාර්ථවත්ද. උක්ත අදහස් අනුව රුසියන් හා ලාංකීය නවකතාවන්හි මිනිස් අයිතීන් වෙනුවෙන් ක‍්‍රියා කරණ චරිතය ඇතැයි පැවසිය හැක. 03 පංතිඅරගලය හා සමාජ ප‍්‍රගතිගාමීත්වය සඳහා කැපවීම. රුසියන් සමාජය වේවා ලාංකීය සමාජය වේවා ලොව කවර සමාජයක් වුවද පංතී භේදයට ලක්වීම නොවැළැක්විය හැකි කාරණයකි. මෙම රචනයෙහි අදහස උක්ත විභේදනය හමුවේ සමාජ භුමිකාවේ නිරුවත පවසන නවකතාව පිළිබඳ විමසීමටය. එහිදී රුසියානු හා ලාංකීය දෙරටෙහිම පංති අරගලයට විරුද්ධව පීඩිතයන්ගේ අසාධාරණයට විරුද්ධව පෙළගස්වන චරිත නවකතාවේ ඇතිබව විමසිය යුතුය. නිෂ්පාදන ක‍්‍රමය නිසාවෙන් රුසියාවේ හා ලාංකීය සමාජයේ ධනපති පංතියක් නිර්මාණය විය. එසේම ඔවුන් ඒ තුළින් තත් සමාජයේ අධිපතීන් බවටද පත්විය. ඒ සමඟම ධනපතියන් හා පීඩිත පංතියේද කාර්මික සමාජයේ කම්කරු පංතියත් ලෙසින් දෙපිරිසක් නිර්මාණය වීම සිදුවිය. ධනපතීන් හා පාලක පංතිය සතුව පැවති දුර්වලතාවය නම් ඔවුන් ඒ තත්වයන් වෙත ප‍්‍රවේශවන මාර්ගය හා වැජෙඔන්නට හේතුවන්නේ කවිරුන් නිසාද යනවග අමතක වීමය. ඒ නිසාවෙන් මෙම පංති අරගලය ඇතිවීමත් එය රුසියානු නවකථාවන්හි මෙන්ම ලාංකීය නවකථාවේද වස්තුවිෂය වීමටද හේතුවක් විය. රුසියන් නවකථාවක් වන ගුරුගීතයෙහි දුයිෂෙන් නැමති ගුරුවරයා සමාජ ප‍්‍රගතිතාමී හා පංති අරගලය හමුවේ නොසැලී ක‍්‍රියාකරණ මතවාද දරන්නෙකු ලෙසින් පෙන්වා දිය හැකිය. ‘‘අපි දුප්පත් ගොවියෝ අපට හැමදාම හිරිහැර කළා, නින්දා අපහාස කලා, අපි අ\ුරේ ජීවත් වුනා, සෝවියට් ආණ්ඩුව අපට ලියන්ට කියන්ට උගන්වනවා, අපට ලෝකය ලබාදෙන්ට යනවා, ඒ සඳහා ළමයින්ට අකුරු උගන්වන්ට එන....’’ රුසියාව පාලනයකළ සාර් පාලනය නුදුන් සහන කම්කරු පංතිය වෙත සොවියට් ආණ්ඩුව ලබාදීමේදී ඒ සඳහා ඔහු විරුද්ධ නොවේ. ඒ පීඩිත පංතියේ සහනය උදෙසා සිදුවන දෙයක් නිසාවෙනි. මෙයින් සිතිය යුත්තේ පරමාදර්ශී චරිතයක් සුබවාදීව දැක්මක් ඇතැයි ඒත්තු ගැන්වීමය. දුයිෂෙන් ජනයාව දැනුවත් කිරීම මාර්ගයෙන් කෙතරම් දුරට මෙම අධිපතිවාදී පාලක පංතිය ජනයාට අසරණ කොට ඇද්දයි යන වග පැහැදිලිය. කෙසේ හෝ ගුරුගීතයෙහි දුයිෂෙන්ගේ චරිතයෙන් මිනිස් සමාජයේ ප‍්‍රගතිය පතන ඒ සඳහා කැපවන චරිතයක් නවකතාකරුවා පෙන්වයි. තවද රුසියන් ශ්‍රේෂ්ට නවකථාවක් වන ‘‘අපරාධය හා දඩුවම’’ යන නවකතාව මඟින්ද පවතින දේශපාලන තලයේ ඇති වෙනසක් හා ඒ සඳහා කැපවෙන පුද්ගල චරිතයක් දුර්වලතා ඇතිමුත් සාමාජ ප‍්‍රගතිශීලී අදහස් දරණ බවය. ‘‘දැනට සම්මතව පවත්නා රුසියානු දේශපාලන දර්ශනයට ප‍්‍රතිවිරුද්ද මතයක් දැරූ මේ ශ්‍රේෂ්ට නවකථා කතුවරයාගේ අදහස අනුව, අන්ත ¥ෂිත පහත් චරිතයක් ඇති පුද්ගලයෙකු වුවද හැමදා කොන්නොකළ යුතුය. එවැන්නකුගේද ආත්ම විමුක්තිය සිත පිරිසිදු කිරීම උඩ රඳාපවතිනබව හේ පෙන්වයි. මෙහි කතානායක ?ස්කෝල්නි කොවුගේ චරිතයෙන් එකී ධර්මතාවය කදිමට පෙන්වයි. ’’ එබැවින් නවකතාකරුවා නිර්මාණය කරනු ලබන චරිතයන් සමහර විටෙක පරමාදර්ශී නොවූවද ඒවා සමාජ ප‍්‍රගමනය උදෙසා ඉවහල්වන බව කිවහැකිය. ලාංකීය නවකතාවේ මෙම පංති අරගලය හා ගැටෙන චරිතයක් ලෙසින් මාර්ටින් වික‍්‍රමසිංහගේ යුගාන්තයෙහි දැකිය හැකිය. එහි මාලින් ක‍්‍රියාකරනුයේ තම පියාවන සවිමන් කබලාන සමඟ පංති අරගලයයි. ධනවාදී සමාජපංතියේ අසාධාරණය, කම්කරුවන්ගේ ශ‍්‍රමසූරාකෑම ලාංකීය පරිසරය මාලින් තරයේම වෙනස්කළ යුතුයි සිතයි. අරවින්ද සමාජයේ ඉහලට නඟින්නට ලොක්කකු වීමට තැත්කළද මාලින් එලෙස නැත. ඔහු සමාජවාදී පංති අරගලය උදෙසා සිය ජීවිතය උවද කැප කිරීමට සැරසෙන්නෙකි. ඒ කුමක් සඳහාද යන වග නවකථාවේ ඔහුගේ චරිතය බැලීමෙන් මනාව චිත‍්‍රණය වෙයි. ‘‘ පරිසරය කඩා සුන්බුන්කරලා අපට ඕනෑ විදිහට සකස්කොට ගන්නවා.’’ ‘‘ කලූ ගලේ ඕලූව හපාගන්නේ කුමටද.’’ ‘‘කළු ගල සුන්බුන් කරන්න ඕනෑ.’’ එබැවින් තත් ප‍්‍රකාශයන් මාර්ගයෙන් පෙනී යනුයේ යුගාන්තයේ මාලින් වැනියවුන් සමාජ ප‍්‍රගමනය හා එහි සැබෑ වෙනසක් අපේක්ෂාකරන චරිතයක් බවය. රුසියන් නවකථාවක් වන ‘‘අම්මා’’ හි පාවෙල් හා ඔහුගේ මව මෙකී ධනපති පංතියට විරුද්ධව අරගලයේ යෙදෙන තවත් පරමාදර්ශී චරිතයන්ය. සෑබෑ කම්කරු පක්ෂය නියෝජනය කරන පාවෙල් ස්වකීය සමාජවාදි ව්‍යාපාරය හෙවත් කම්කරු අයිතිවාසිකම් දිනාගැනීමේ සටන නිසා හිරගෙදර පවා නිතර සිටින්නට සිදුවෙයි. ඔහුගේ මෙම පංති අරගලය හා එහි වෙනස කෙතරම් පරමාදර්ශීදැයි ඔහුගේ අදහස් ඔස්සේ පැවසිය හැක.‘‘ බඩකට පුරවාගෙන ඉන්ට විතරද අපේ එකම අදහස. නැහැ. ඔහු අර තිදෙනා දෙස තියුණු ලෙස බලමින් තමාටම උත්තර දුන්නේය. අපේ හිරේ ඉඳගෙන ඇස් වසන එවුන් කවුදැයි අපි පෙන්වා දෙමු. බඩකට පමණක් පුරවාගන්නට හදන මෘග ?ලක් නොවේ අපි. මෝඩයන් නොවන අපි සියල්ල දකිමු. මිනිසුන් ජීවත් විය යුතු විධියට ජීවත් වෙමු. අපේ හතුරන් විසින් අපි පිට පටවා තිබෙන දුක්බර කටුක ජීවිතය නිසා බුද්ධිය අතින් අපි පහත්විය යුතු නොවෙයි. අපි ඔවුන්ට වඩා බුද්දිමත් වය යුතුයි. ’’මෙයින් පාවෙල්ගේ ජීවිතය පංති අරගලය හා සමාජීය වෙනසක් උදෙසා දක්වන ආකල්පය පෙන්වා දෙයි. ප‍්‍රභූ සමාජයේ අනසකට යටත්ව එකී අරගලයේ යෙදෙන උන්ට පාලක පංතියේ අ¥රදර්ශී ක‍්‍රියා කලාපය කෙතරම් දුරට පීඩනයක් දෙන්නේද යන්න අම්මා නවකතාවේ කතුවරයා පවසයි. එනම් මෙම පංති අරගලයේ වෙනසක් සෙවීම හා සමාජ ප‍්‍රගතිශීලීත්වය අම්මා නවකථාවේ පාවෙල්ගේ චරිතයෙන් කතුවරයා මනාව චිත‍්‍රණය නොකරයිද.අම්මා නවකතාවේ අරමුණද නිෂ්පාදන බලවේගයන්හි නිරන්තර වර්ධනය නිසා මහාපරිමාන ධනපති කාර්මික පංතියක්ද එනිසාම ජීවත් වීම සඳහා තම ශ‍්‍රමශක්තියම විකිණීමට බල කෙරෙණ නිදහස් කම්කරු පංතියක්ද වැඞී අවුත් දෙපිරිස අතර ඇතිවන ගැටුම දැක්වීමය. යුගාන්තය හැරණු කොට ලාංකීය නවකථාවේ තවත් එකී පංතිඅරගලය වෙනුවෙන් ක‍්‍රියාත්මක වන චරියක් ඇති නවකතාවක් ලෙසින් ඒ.වී. සුරවීරගේ ‘‘හෙයියම්මාරුව’’ ගතහැකිය. එහි එන ‘‘ධනපාලගේ ’’චරිතය මෙරට සමාජාර්ථික ක‍්‍රමයට නතු වූ අධිපති සමාජ ක‍්‍රමයේ ගොදුරක් බවට පත්නොකොට පවත්නා සමාජ ක‍්‍රමයට එරෙහිව නැගීසිටින ජනතාවගේ වරප‍්‍රසාද ?කගැනිමට වෙරදරන චරිතයක් ලෙසින් ඔහුව හඳුනාගත හැකිය. ධනපාලගේ ගුරුවරයාවන සිරිතුංග වෙත පවසන වරක් ඔහු පවසන අදහසකින් එය මනාව ප‍්‍රත්‍යක්ෂ කොටගත හැකිය. ‘‘කොහොමද සර් වෙනස්කරන්නේ අද තියෙන්නේ අනුන් ගසාකන සමාජයක්, මේ ජාති, කුල, ආගම්, පක්ෂ සේරගේම අනුන්ගසා කෑම. කවදහරි මේව නැතිකෙරෙන්නේ නෑ එතකොටයි රටක් හරියන්නේ ....කවිරුත් ඉපදුනේ එකවාගේ සමහරු නිකන් ඉඳගෙන සැප විඳිනවා. වැඩකරණ මිනිහා සදාකල් දුක් විඳනවා.’’ උක්ත නවකථාවන් මගින්ද ලාංකීය නවකථාවද කෙතරම් දුරට මෙම පංති අරගලයේ අසාධාරණය වෙනුවෙන් ක‍්‍රියාකරණ චරිත විකාශනය කරනුයේද දැකිය හැකිය. එබැවින් රුසියන් හා ලාංකීය නවකථා දෙකෙහිම උක්ත සමාජ යහපත සලසාලන ප‍්‍රගතිශීලී චරිත ඇතැයි කිව හැකිය. 04 පුද්ගල චරිතයනගේ පරමාදර්ශී භාවය ඉස්මතු කිරීම. නවකතාව යනු සමාජ ප‍්‍රගමනය සඳහා එක්තරා මෙහෙයක් සිදුකරණ බව පැහැදිළිය. හුදෙක් එයින් බලාපොරොත්තු වනුයේ යහපත් පුද්ගලයකු ස්ථාපිත කිරීමටය. නවකතාකරුවා යහපත් පුද්ගලයෙකු සමාජගත කිරීමේදී කතාවේ දක්නට ලැබෙන ගුණදොස් චරිත මාර්ගයෙන් පැවසිය හැක. එහිදී පුද්ගල දුර්වලතා ඔවුනගේ කෘරත්වය හා අවංකකම මතුවන්නේ උදාසීනත්වය නිසාවෙන්බව පෙන්වා දෙයි. ඇන්ටන් චෙකොෆ්ගේ නවකතාවක් වන ඉයොනිඞ්හි පුද්ගල දුර්වලතාවක් භාෂාව මනාව චිත‍්‍රණය කොට පෙන්වාදෙයි. ඒ යථා්රථවාදී පුද්ගලයෙකු නිර්මාණය කිරීම සඳහාය. ඇන්ටන් චෙකොෆ් ලියූ ඉයොනිඞ් නවකතාවේ දොස්තර ස්ටාටෙව් මාර්ගයෙන් එම අවස්ථාව නිර්මාණය කරයි. ‘‘බෙලිකටුවතුළ සිටින මිනිසා කතාවේ බෙලිකොන් එවැනි හිස් මිනිසෙකි. ග‍්‍රීක්බස උගන්වන ගුරුවරයකු වන ඔහු අපූරු කාලගුණයක් ඇති විටකදී වුවද වැඩි සපත්තු පයලා ගෙන කුඩක්ද අතින්ගෙන ගමන් බිමන් යයි. බෙල්ල එක මල්ලරයකින් වැසී ඇත. දෙසවන් පුළුන්ඔබා ඇත. දෑසෙහි කළු කණ්නාඩි කුට්ටමකි. ජීවිතයට බියෙන් ඔහු ඒකාකාරීත්වයෙන් සැඟවෙන්නට උත්සාහ කරයි. ඉයොනිඞ් කතාවේ දොස්තර ස්ටාට්සෙව්ද එවැන්නකි. කාඞ් සෙල්ලම, මත්පැන්, බරආහාර, කම්මැලිකම සහ දහසකුත් නොවැදගත් ලටපට නිසා තමා ආත්මාර්ථකාමීයකු වී ඇති බව පසක් කරගන්නට ඔහු අපොහොසත් වේ.’’ නවකතාකරුවෙකුට ප‍්‍රබන්ධ චරිතයක් මාර්ගයෙන් යහපත් පුද්ගලයෙකු නිර්මාණය කිරීමේ හා අවැසි දැනුවත් කිරීම ලබාදිය හැකි බවය. ලාංකීය නවකථාවේ දක්නට ලැබෙන යුගාන්තය මෙකී පුරුෂාර්ථ ඇති පුද්ගලයකුගේ චරිතයක් ලෙසින් මාලින්ගේ චරිතය පැවසිය හැකිය. අව්‍යාජත්වයෙන් යුතු පරාර්ථයම සිතන මාලින් අරවින්ද හමුවේ පවසන අදහස මඟින් උක්ත අදහස ගම්‍ය කරගත හැකිය. ‘‘ උඔ හිතට හොරා බොරු කියනවා වෙනස එච්චර උනත් මනුෂ්‍ය කරුණාව පරාර්ථ සේවය උසස් නොවේද.’’ යුගාන්තයේ මාල්නගේ චරිතය මාර්ගයෙන් සැබෑ යථාර්ථවාදී අව්‍යාජ පුද්ගලයකු ලෙසින් වික‍්‍රමසිංහ මහතා හඳුන්වන බව කිවහැකි නොවේද. එසේනම් ලාංකීය නවකතාවද ජනසමාජයේ සැබෑ යථාර්ථවාදීව සිතන පරමාදර්ශී චරිතය ඇතිබව යුගාන්තයේ එන මාලින් වැනි චරිතය නිසා කිවහැක. රුසියන් නවකථාවක් වන ‘‘ජමිලා’’ වනාහි සැබෑ සමාජයේ පරමාද්රශී කාන්තා චරිතයක් ලෙසින් හඳුනා ගත හැකිය. ඈ පතිවත සුරකිමින් සමාජය හමුවේ ඈ විඳි පීඩා ඉවසා, දිරිමත් කතක් ලෙස දිවගෙවීමට තරම් ජමිලා සමත්වනුයේ ඇගේ පරමාදර්ශී දිවිපෙවෙත නිසාය.‘‘නුඔලා හිතන්නේ නෑනලා මහපාරේ පඳුරක්ගානේ වැටිලා ඉන්නවා කියලද. ඈ ආඩම්බරලෙස තරුණයාගෙන් ඇසුවාය. නුඔලාගේ නෑනලා එහෙම ඉන්නවා ඇති. මෙහේ එහෙම අය නැහැ....’’ විවාහයෙන් පසුව ජමිලාගේ සැමියා යුද්ධයට යන නිසාවෙන් ඇය සමාජය හමුවේ මුහුණදෙන පීඩාකාරීත්වය හා ඇගේ නිරවද්‍යභාවය නවකතාව මගින් පෙන්වයි. එසේම තවත් අතකින් සමාජයේ දිවිගෙවීමට ඇය දරණ උත්සාහය කතුවරයා ඇයව උසස් තොට තැබීමට සමත් වේ. පිරිමින් සමගින් සමසේ ඇය නගරයට බඩු බාහිරාදිය ?ගෙනගොස් ධනය උපයාගෙන ජීවත්වීම පරමාදර්ශී ලක්ෂණයකි. නමුදු එක් අවස්ථාවක දුර්වලතාවක් ඇගේ චරිතයෙන් දැකිය හැකිය. ඒ ඇය තම සමියාට හා තවකෙකුට ආදරය කිරීමයි. එසේ වුවද ඇය පුද්ගල දුර්වලතාදිය හා සමාජ යථාර්ථය හමුවේ යම් පණිවිඩයක් ගෙන දක්වයි. ලාංකීය නවකථාවේද මෙලෙසින් යථාර්ථවාදී සමාජ චරිතයන් නැතිවා නොවේ. ‘‘පිතාමහ’’ එවන් නවකතාවේ එන ‘‘මහදොෙඔි’’ එවන් චරිතයකි. ඔහු පවිත‍්‍රගැමි සිතුම් පැතුම් ඇති පුද්ගල වැරදි දයානුකම්පාවෙන් විඳ දරාගන්නා දුක්ගන්නාරළ කෙනෙකි. එවන් අවස්ථාවක් මෙසේ ඔහුගේ අදහස් උදහස් මාර්ගයෙන් පෙන්වාදිය හැකිය. ‘‘ මද්දුමය තෝ උදේට ගිහින් කියාපිය, ඌට ඒ කොස්ගහ කපා ගන්ට කියලා...උඔලාට විලිසංගෙ ණැද්ද නොදරුවන්ට කියලා හම්බකරන් කන්ඩ. ඕන දෙයක් තියෙනවනම් මට කියාපල්ලකෝ.’’ මහදොෙඔ අනුන්වෙත කරුණාවෙන් කටයුතු කරණ අතර සැබෑ මානුෂීය පුද්ගලයෙකුගේ ලක්ෂණ ප‍්‍රකට කරණ හා සමාජයේ යථාර්ථය තේරුම්ගත් තැනැත්තෙක් ලෙසින් පෙන්වාදිය හැකිය. එබැවින් රුසියන් හා ලාංකීය නවකතාවන්හි පරමාදර්ශී, සානුකම්පික වූ ගුණගරුක පුද්ගල චරිතද පාදකවී ඇතැයි පෙනේ. 05 නව සමාජ ප‍්‍රගතිශීලී අදහස් දැරීම. යථාර්ථවාදී ප‍්‍රබන්ධ කථාවේදී පුද්ගලචරිත නවකතා කරුවා රචනා කරනුයේ සැබෑ දෘෂ්ටිකෝණයන් හමුවේය. එනම් යථාර්ථ තලයේ ජීවත්වන සැබෑ මානුෂීය චරිතයන් ලෙසින්ය. කිසිදු සමාජ ක‍්‍රමයකට වෙනස් නොවීමටවත් පවතින අධිපතිවාදී ක‍්‍රමය යටතේ යටත් නොවී සිටිමටත් නොහැකිය. රුසියන් නවකතාවේ දක්නට ලැබෙන එකී සමාජයේ ගැටෙනුයේ මෙම කරුණ ඔස්සේය. එහිදී නවකතාවන්හි චරිත එකී පවතින සමාජය වෙනස්කිරීමට හෝ පවත්වාගැනීමට හෝ මතවාදාත්මකව ලියැවෙයි. සමාජයේ ප‍්‍රගතිශීලී අදහස් දැරීම එකී චරිතයනගේ සුවිශේෂිය ලක්ෂණයකි. රුසියන් නවකතාවේ එන එවන් චරිතයක් ලෙසින් ගුරුගීතයේ දුයිෂෙන්ගේ චරිතය හඳුන්වාදිය හැකිය. ඔහු සමාජීය යහපත දකින උසස් අදහස් ඇත්තෙකි. සැබෑ පරමාදර්ශී චරිතයක දැකිය හැක්කේ සමාජ ප‍්‍රගමනය සඳහා ගතහැකි කවර හෝ තීන්දු තීරණ ගැනීම සඳහා කැපවීමය. දුයිෂෙන්ද සාර්පාලනයට විරුද්ධවී සෝවියට් පාලනය සඳහා කැමැත්ත දක්වනුයේ ඒ සමාජ යහපත සඳහාය. ‘‘ළමයින්ගේ ඉගෙනීම සඳහන්කරන සෝවියට් රජයේ මුද්‍රවතබා ඇති මේ ලියවිල්ලට තමුසෙලා විරුද්ධයි .තවද නුඔලා ඉඩම් දුන්නේ වතුර දුන්නේ නිදහස ලබා දුන්නේ කවුද සෝවියට් ආණ්ඩුවේ නීති රීතිවලට විරුද්ධ.කව්ද උත්තර දීපල්ලා.’’ එනම් සැබෑ සමාජවාදී හා පරමාදර්ශි චරිතයක දක්නට ලැබෙන ලක්ෂණයක් ලෙසින් දුයිෂෙන්ගේ චරිතයෙන් කිව නොහැකිද. ලාංකීය නවකතාවේ දක්නට ලැබෙන යුගාන්තයද තත් කාරණාවට සමගාමීව මාලින්ගේ චරිතයද පෙන්වා දිය හැකිය. සමාජශීලී අදහස් දරණ යුගාන්තයේ මාලින් ස්වකීය පියාත් සමග කරන දේශපාලන තරගය වැදගත් අවස්ථාවක් ගෙන එයි. ඒ ඔහු යථාර්ථයෙන්ම සැබෑ ප‍්‍රගතිශීලී අදහස් ආදිය දරණ අවස්ථාවක් නිසාය. මාලින්ගේ අදහස් මාර්ගයෙන් එකී කාරණාව පැහැදිළිකොටගත හැකිය. ‘‘ඔක්කොම එක සමාන පොහොසතුන් වෙන්ටයි මම කියන්නේ. ‘‘ මම වැඩ කරන්නේ දුප්පත් මිනිසුන් උදෙසා.’’ ‘‘ කර්මාන්ත හිමියන්ගේ ලක්ෂ ගණන් ලාබ ඔවුන්ටත් බෙදී යන්ට ඕනෑ.’’ මෙම අදහස්වලට අනුව මාලින්ගේ චරිතය වනාහී උක්ත සමාජ ප‍්‍රගතිශීලී අදහස් ඇත්තෙක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. නවසමාජ යථා්රථවාදි මතදරණ චරිතයක් ලෙසින් සුමිත‍්‍රා රාහුබද්ධගේ ‘‘අරගලය’’ නැමති නවකතාවේ එන ‘‘පියසිරිගේ’’ චරිතය හඳුනාගත හැකිය. උපසිරි ¥ෂිත සමාජයක සාධාරණ අදහස් දරණ අවංක පරමාදර්ශී යථාර්ථ තලයේ ජීවත්වන චරිතයකි. ඔහු සමාජයේ පවතින නිසරුභාවය හමුවේ නොසැලී සිටින්නට හැකි සමාජ ප‍්‍රගතිශිලී අදහස් ඇති චරිතයකි. ‘‘ඒක තමයි ලොකේ හැටි නමුත් අවංකව වැඩ කරණවාය කියන්නේ ඒක එච්චර ලේසි නැතත් මිනිස්සු අල්ලගන්නේ නෑ -----------’’ එබැවින් අරගලය නැමති නවකථාවේ සුමිත‍්‍රා රාහුබද්ධ පියසිරිගේ චරිතයෙන් සමාජ දියුනුව අපේක්ෂාකරණ උසස් තැනැත්තෙක්බව පෙන්වයි. රුසියානු නවකථාවේ ‘‘අම්මා’’ නවකතාවෙහි පාවෙල්ගේ මවගේ චරිතයද උක්ත පරමාදර්ශී චරිතයක් ලෙසින් හඳුන්වා දිය හැකිය. ඈ තම පුතාගේ සමාජශීලී ව්‍යාපාරය සඳහා දැඩිමෙහෙයක් ඉටුකරන්නීය. කතුවරයා එයින් බලාපොරොත්තුව ඈගේ චරිතය සමාජය යහපත සඳහා කැපවන පරමාදර්ශී චරිත නිරූපණයක් කිරීම බව පෙන්. ‘‘ මිනිස්සු අතර සමාන බවක් තිබෙන සැටි කොතරම් හොඳට කැපී පේනවද. මිනිස්සු අතර නියම සමානත්වයක් ඇති කරන්නට ඕනි. මිනිසාගේ බුද්ධියෙන් හා අත්වලින් නිර්මාණය කරණලද හැමදෙයක්ම සමාන ලෙසින් බෙදා දෙන්නට ඕන. එකිනෙකාව වහල් භාවයේ, බියගුළු බවේ, ද්වේෂ බවේ, කෑදරකමේ සහ අසමානකමේ සිරකරුවන් වශයෙන් තබාගැනීම නවත්වන්න ඕන.’’ එබැවින් රුසියානු සමාජයේ පැවති සාර් පාලනය මුදවාගෙන ඉන් නව සමාජයක පීඩිත ජනයාගේ ස්වාධීනත්වය හා අයිතීන්, නිදහස දිනාගැන්මේ පුරෝගාමී මෙහෙයක් කරන චරිතයක් ලෙසින් අම්මාගේ චරිතය නවකථා කරුවා පෙන්වයි. මෙම කරුණු ඔස්සේ රුසියන් නවකතාවත් ලාංකීය නවකතාවත් යම් යම් අඩුවැඩිකම් යටතේ වුවද පරමාදර්ශී, යථාර්ථ තලයේ දිවිගෙවන, සමාජය සඳහා වැඩකරණ චරිතයයකන් නිර්මාණය කරණ බවයි. නවකතාව බටහිර ආභාසය ඇතිව ලියන ලදැයි යන මතයක් පැවතේ. එලෙස ලාංකීය නවකතාව ගුරුකොටගත් සාහිත්‍යයන් අතර රුසියන් සාහිත්‍යය ප‍්‍රධානත්වයක් ගනී. එහිදී රුසියානු සාහිත්‍යයේ හා ලාංකීය නවකතාවේ යම් සමතාවයන් ඇතත් යම් කාරණාවන් ඔස්සේ රුසියානු නවකතාව ලාංකීය නවකතාව ඉක්මවා යන්නේය. ඒ යටතේ රුසියන් නවකතාවේ තරම් යතාර්ථවාදී, සමාජ ප‍්‍රගමනය උදෙසා උරදෙන චරිතයන් ලාංකීය නවකතාවේ අඩුවීමට හේතුව මෙහිදී විමසුවෙමු. එහිදී රුසියානු සමාජයේ හා ලාංකීය සමාජයේ තතු ඒ සඳහා පාදකවිය. රුසියන් සමාජය හා ලාංකීය සමාජයේ පැවති ආර්ථික, දේශපාලනික, ආගමික හා සංස්කෘතික පරිසරය ඹස්සේ යම් කාරණාවන් ඒ සඳහා හේතුවී ඇතැයි පැහැදිළි විය. තවද ලාංකීය නවකතාව මෙන්ම රුසියන් නවකතාකරුවා මුහුණදුන් සමාජීය පරිසරය මතද යම් වෙනසක් පැවතීමද තවත් හේතුවක් ලෙසින් දැක්විය හැකිය. නවකතාකරුවා තම නවකතාවේ පසුබිම පිළිබඳව දැනුම නිතැතින්ම හා නිරායාසයෙන් ලැබිය යුතුය. තමා නොදන්නා සමාජයක් පිළිබඳව නවකතාවක් ලීවීමේදී එතරම් ප‍්‍රතිඵල නොලැබෙන බව කිව යුතුය. තවද සුළු කාලයක් තුලද එවැනි සමාජීය දැනුමක් ලැබීම අපහසු කරුණකි. මේ හේතුව නිසාවෙන් රුසියානු නවකතා කරුවා මුහුනදෙන අත්දැකීීම හා ලාංකීය නවකතා කරුවා මුහුනදෙන අත්දැකීම යම් වෙනසක් ඇත. රුසියාව සාර් රජුගේ පාලනයෙන් පීඩා විඳීම හා කාර්මික විප්ලවය නිසාවෙන් සමාජ අසාධාරණය, කම්කරු පංතියක් නිර්මාණය වේගයෙන් සිදුවිය. එයින් ඇතිවූ පීඩිත පංතියේ අරගලයට පන පොවන ලද්දේ රුසියන් සාහිත්‍ය ධරයාය. ඒහි එක් අංගයක් ලෙසින් නවකතාව හඳුන්වා දිය හැකිය. මේ තත්වය ලාංකීය නවකතාවට හා කතාකරුවාට එතරම් දැඩිව දැනුනේ නැත. ඒ නිසාවෙන් ලාංකීය නවකතාව තුළට එතරම් යතාර්ථවාදී, පරමාදර්ශී චරිතයන් අන්තර්ගත නොවීය. එසේම යතාර්ථවාදී නවකතාව මෙරටට ගෙනඑනුයේද මාර්ටින් වික‍්‍රමසිංහ මහතාය. තවද මෙරට මුල්කාලීනව ලියන ලද නවකතාවන්ද උක්ත ආකාරයේ සමාජ පෙරටුගාමී හා පරමාදර්ශී තත්වයේ චරිතයන් ඇතුළත්ව ලියනලද බවක් නොපෙනේ. එනම් පියදාස සිරිසේන, ඩබ්ලිවි.ඒ.සිල්වා, අයිසෙක්ද සිල්වා වැනියවුන්ගේ නවකතාවන් එක්තරා සානරයක් ඔස්සේ ලියැවී තිබීමය. ‘‘මීනා’’ ‘‘තෙරේසා’’ ‘‘වාසනාවන්ත විවාහය’’ ‘‘ ඩිංගිරිමැණිකා’’ ‘‘විමලා’’ ‘‘ආදරහසුන’’ ‘‘සිරිබරී’’ වැනි නවකතාවන් ලියනුයේ එකී පරමාර්ථයන් ඔස්සේය. එනම් මෙරට බුද්ධාගම හා දේශීය සංස්කෘතිය සුරක්ෂිත කිරීමේ යානයන වූයේද මුල්කාලීන නවකතාවයි. එම නිසාවෙන්ද රුසියානු නවකතාව තරමේ යථාර්ථය හා සමාජ ප‍්‍රගමනය උදෙසා පරමාදර්ශී චරිතයන් ඇතිව ලියුවායැයි කිව නොහැකිය. මෙයින් කියනුයේ එකී නවකතාවන් සමාජප‍්‍රගතිශීලී චරිත නැතිවග නොව එනම් රුසියන් සමාජයේ තරමේ යතාර්ථතලයේ දිවිගෙවන චරිතයන් අඩුයැයි කීමටය. තවද මෙරට කම්කරු පංතිය හා පීඩිත පංතියේ විකාශනය එතරම් සීග‍්‍ර නොවීමද සමාජීය වසයෙන් දේශීය නවකතාවට බලපාන ලදැයි කිවහැකිය. ඒ මෙරට ග‍්‍රාමීයව පැවති සමාජයත් එය ඉතාසුළුවෙන් නාගරික සමාජයවෙත ප‍්‍රවේශවීමත් නිසාය. එබැවින් මෙරට රදළ පැලැන්තියේ ව්‍යප්තිය අඩුවෙන් වැඞීයාම හෝ ඔවුනගේ පීඩනය සඳහා බලවේගයක් ඇතිකිරීමට තරමේ මෙරට නවකතාව නොලියවීමද යම් හෙයකින් බලපෑවේයැයි කිව හැකි්ය. තවද මෙරට මුල්කාලීන නවකතාවන් රුසියන් නවකතාවේ ඇසුර ලැබුවද ඒතරම් පරමාදර්ශී චරිතයන් ඉස්මතුකොට නවකතා නොලියවීමද එක් කාරණයකි. ඒ මුල්කාලීන නවකතාවන් හුදු විනෝදය දීමට, රහස් පරීක්ෂක කතා, මන:කල්පිත චරිත, ආගමික සංකල්ප යටතේ සාරධර්ම සුරකින ආකාරයේ චරිතයන් ඇති ඒවා වීමය. ඒ නිසාවෙන් යථාර්ථවාදී හා සමාජප‍්‍රගමනය සඳහා උරදෙන පරමාදර්ෂී චරිතයන් අඩුවූවායැයි කිව හැකිය. තවදුටත් ලාංකීය නවකතාව නූතනයේ විවිධ දිසානතීන් ඔස්සේ පන්නරය ලබා ලියැවුනද එයින් හුදෙක් රොමෑන්ටික් නවකතාවන් ලියන නිසාවෙන්ද එක්තරා විදියේ පරමාදර්ශි තලයේ චරිත ඇතුළත් නවකතාවන් අඩුවී ඇතැයි කිවහැකිය. එබැවින් රුසියානු නවකතාවේ තරම් යතාර්ථවාදී, සමාජප‍්‍රගමනය සඳහා උරදෙන පරමාදර්ශී චරිතයන් ලාංකීය නවකතාවේ අඩුයැයි කිව හැකිය. එනමුදු ඒ අන්තගාමී තත්වයේ නොසිට මෙරට නවකතාවේද එවන් චරිත ඇති නවකතාවන් හා චරිතයන් ඇත්තේයැයි පැවසීමටය. ඒ සඳහා රුසියන් නවකතාවන් හා ලාංකීය නවකතා කිහිපයක් සංසන්දනාත්මකව විමර්ශනය කළෙමි. යුගාන්තය වානහී එකී සාධකයේ උත්තුංග නවකතාවයි. කෙසේ හෝ මෙරට නවකතාවද රුසියන් සමාජයේ තරමේ සමාජප‍්‍රගමනය සඳහා උරදෙන යතාර්ථවාදී , පරමාදර්ශී චරිතයන් ඇතුළත් නවකතාවන් ඇතිබවද කිවයුතුය. රුසියන් සමාජයේ තරමේ සමාජප‍්‍රගමනය සඳහා උරදෙන යතාර්ථවාදී , පරමාදර්ශී චරිතයන් ඇතුළත් නවකතාවන් ඇතිබවද කිවයුතුය. ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය ප‍්‍රථමික කෘති. 01 ජයතිලක, කේ, නූතන සිංහල නවකථාවට සංස්කෘතික පසුබිම. ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ, නීතිඥ කාර්යාලය. කොළඔ 12. 1994. 02 ජයතිලක කේ, සිංහල කතාකලාවේ විකාශනය. ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ, නීතිඥ කාර්යාලය. කොළඔ 12. 2003. 02 තිලකරත්න මිනිවන් පී, රුසියානු සාහිත්‍යය හා ලාංකීය නවකතාව හා කෙටිකතාව. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, පී.ද.ඇස් කුලරත්න මාවත, කොළඔ 02. 2002. 03 නවගත්තේගම සියිමන්, සාහිත්‍යය හා සමාජවාදය හා කලාවිචාරය. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, පී.ද.ඇස් කුලරත්න මාවත, කොළඔ 02. 1973. 04 බාලගේ ධනපාල, කේ. ජයතිලකගේ නවකථා විචාරය. නිසුම් ප‍්‍රකාශකයෝ, පන්නිපිටිය. 2003. 05 මැද්දේගම උදයප‍්‍රශාන්ත, සියවසක සිංහල නවකතා. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, පී.ද.ඇස් කුලරත්න මාවත, කොළඔ 02. 1999. 06 රාජකරුණා ආරිය, සාහිත්‍ය රුචිය හා නවකතා විචාරය. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, පී.ද.ඇස් කුලරත්න මාවත, කොළඔ 02. 1998. 07 විතාන ආරච්චි, ඇන්ටන් චෙකොෆ් ජීවිතය හා නිර්මාණය. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, පී.ද.ඇස් කුලරත්න මාවත, කොළඔ 02. 2005. 09 වික‍්‍රමසිංහ මාර්ටින්, යුගාන්තය. සරස සමාගම, නාවල, රාජගිරිය, 23 වන මුද්‍රණය, 2005. 10 වික‍්‍රමසිංහ මාර්ටින්, සිංහල විචාර මග. තිසර ප‍්‍රකාශකයෝ, දුටුගැමුණු වීදිය, දෙහිවල. 1992. 10 වික‍්‍රමසූරිය සරච්චන්ද්‍ර, සිංහල නවකතාවේ නැගීම. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, පී.ද.ඇස් කුලරත්න මාවත, කොළඔ 02. 2002. 11 සමන්කුමාර.කේ.කේ, නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට. විදර්ශන ප‍්‍රකාශන, කළුබෝවිල, දෙහිවල, 1999. 12 සුරවීර. ඒ, හෙයියම්මාරුව. සීමාසහිත කොළඔ මුද්‍රණ ශිල්පීන්ගේ සමුපකාර සමිතිය, 1971. 13 සුරවීර. ඒ,නවකතා නිර්මාණය හා අවබෝධය. ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ, නීතිඥ කාර්යාලය. කොළඔ 12. 1999. පරිවර්තන 01 අම්මා. දැදිගම වී රුද්‍රිගු, ,(පරි*, කුරුළු පොත්, නාවල, රාජගිරිය, 1996. 02 අපරාධය හාදඩුවම. මුනිදාස සෙනවිරත්න යාපා, (පරි*, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, පී.ද.ඇස් කුලරත්න මාවත, කොළඔ 02. 1979. 03 ගුරුගීතය. දැදිගම වී රුද්‍රිගු ,(පරි*, ආර්.එස්. ප‍්‍රින්ටර්ස්, කඩුවෙල පාර, බත්තරමුල්ල, 2005. 04 ජමිලා. දැදිගම වී රුද්‍රගු, (පරි*, සුරේන්ද්‍ර, ප‍්‍රකාශන, ගණේමුල්ල, 2007. 05 වානේ පන්නරය ලැබූ හැටි. සොමියන් ගුණරත්න.(පරි*, පහන්ප‍්‍රකාශන, වෙළඳ සංකීර්ණය, කොළඔ, 08. 1999. සඟරා 01 වීමංසා. සංස් විමල් දිසානායක, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, පී.ද.ඇස් කුලරත්න මාවත, කොළඔ 02.2002. 02 ශාන්ති. සංස්, කෙරමිණියේ ජිනානන්ද හිමි ඇතුළු පිරිස, ශාන්ති ප‍්‍රකාශකයෝ, රත්තනපිටිය, බොරලැස්ගමුව. 1966.