UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ඓතිහාසික වාග්විද්‍යාව යනු

Thursday, December 12, 2013

ඓතිහාසික වාග්විද්‍යාව යනු

ඓතිහාසික වාග්විද්‍යාව යනු දෛනික ජීවනෝපාය පවත්වාගෙන යාමේදී ජලය සහ ආහාර යම් සේ අත්‍යවශ්‍යාංගයන් වන්නේද ඒ හා සමානව ජීවිතය පවත්වාගෙන යාමේදී අන් කවර මෙවලමකට වඩා ආවශ්‍යයික මෙවළම වන්නේ භාෂාවයි. ඒ අනුව කාලානුරූපීව මිනිසා නිපවදන ලද හෝ අනාවරණය කරන ලද වඩාත්ම ප‍්‍රයෝජනවත් මෙවලම භාෂාව ලෙස හැ`දින්විය හැකිය. ඒ අනුව භාෂාව යනු ‘‘කිසියම් මිනිස් හෝ වෙනත් සත්‍වයින් අතර ඔවුනොවුන්ගේ අදහස් හුවමාරු කර ගැනීම සඳහා භාවිත කරන මාධ්‍යයයි.’’ එසේම අප කරන කියන සැම දෙයක්ම මස්තකප‍්‍රාප්ත කරගැනීම පිණිස ප‍්‍රමුඛ සාධකය වන්නේ භාෂාවයි. ලෙනාඞ් බ්ලූම්ෆීල්ඞ් පවසන්නේ භාෂාව යනු මිනිසාගේ මානසික ක‍්‍රියාකාරිත්‍වයට පර්යාප්ත වන ප‍්‍රකාශනශීලී ගතියක් බවයි. කාලානුරූපීව, අනුක‍්‍රමයෙන් විවිධ මාතෘකා සම්බන්‍ධයෙන් අධ්‍යයනය කිරීමට මිනිසා පෙළෙඹිණි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සමාජවිද්‍යා, මනෝවිද්‍යා, පුරාවිද්‍යා ආදී විවිධ අංශ කෙරෙහි අධ්‍යයනය කරන විෂයක්‍ෂේත‍්‍රයන් නිර්මාණය විය. ඒ අනුව මිනිසා විසින් නිපවදන ලද භාෂාව, පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාව වාග්විiාවයි. (වාච් ඝ විද්‍යා යන පද දෙක සමාස වී සෑදී ඇත. වචන හෙවත් භාෂණය පිළිබඳ විiාව යන අරුත එහි ඇත.* ‘‘නන්වැදෑරුම් වාගාලාපවල ස්වභාවය හා ආකෘතියත්, ඒවායින් අර්ථ ජනනය වන ආකාරයත් පරික්‍ෂා කිරීම වාග්විද්‍යාවේ මූලික පරමාර්ථයයි. එබැවින් වාග්විද්‍යාව යනු භාෂාවේ පැවැත්ම පරික්‍ෂා කරන විද්‍යාවයි.’’ මෙය බටහිර වාග්වේදීන් ඛසබටමසිඑසජි යනුවෙන් අරුත් ගන්වා ඇත. ලතින් භාෂාවේ එන ඛසබටම් සහ ිඑසජි දෙපදයේ සංයෝජනයෙන් මෙය සෑදී ඇත. ඛසබටම් යනු එදබටැ යන්නයි. ිඑසැි යනු ිජසැබජැ හෝ නබදඅකැාටැ යනුවෙන් අර්ථ දැක්වේ. එම වාග්වේදීන්ගේ විග‍්‍රහයට අනුව ඛසබටමසිඑසජි යනු ිජසැබඑසසෙජ ිඑමාහ දෙ ක්බටම්ටැ යන්නයි. එනම් වාග්විද්‍යාව විද්‍යාත්මක අධ්‍යයනයක් බවයි. මෙහිදී අප වාග්විද්‍යාවේ ආරම්භය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එබැවින් වාග්විද්‍යාව 18-19වන සියවස්හි ආරම්භ වුණේ යැයි පැවසීම යුක්ති සහගත නොවේ. එය ක‍්‍රිස්තුවර්ෂාරම්භයේ පටන් පැවත එන බව ඓතිහාසික මූලාශ‍්‍රය අධ්‍යයනයේදී පසක් වේ. ‘‘ක‍්‍රිස්තුවර්ෂාරම්භය ආසන්නයේදී ඉන්දියාව, ගී‍්‍රසිය, මිසරය යන රටවල භාෂා ශාස්ත්‍රෝද්ග‍්‍රහණය පිළිබඳ නොයෙක් මත පැවතියේය.’’ වාග්විද්‍යාවේ මෙම මූලබීජ පෙරදිග සේම අපරදිග යන කොටස් දෙක තුළම දැකිය හැකිය. එනම්, ඉන්දියාව් පාණිනී නම් ව්‍යාකරණඥයා විසින් රචිත අෂ්ටාධ්‍යායී ව්‍යාකරණ ග‍්‍රන්‍ථය සහ ගී‍්‍රසියේ ඩයිනීසියස් ව්‍යාකරණඥයා විසින් රචිත ඩයිනීසියස් ත‍්‍රැක්ස් (ජංසදබහිසමි එයර්ං* ව්‍යාකරණය උදාහරණ වශයෙන් දැක්විය හැකිය. වාග්විද්‍යාව වර්තමානයේ බොහෝ සෙයින් විසෘත වී තිබුණද මුල් කාලයේ ආරම්භ වන්නේ මෙවැනි පරිසරයක් යටතේය. එමෙන්ම මෙමගින් පසක් වන්නේ ක‍්‍රිස්තු වර්ෂාරම්භයේ පටන් වාග්විද්‍යාවේ මූලබීජ දැක ගත හැකි බවයි. සමස්ත වාග්විද්‍යා ඉතිහාසය විමසීමේදී ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා අධ්‍යයනය කළ හැකිය. එනම්,  පෙරදිග වාග්විද්‍යා අධ්‍යයනය.  අපරදිග වාග්විද්‍යා අධ්‍යයනය. එදා පටන් අද දක්වා පැවතෙන වාග්විද්‍යාව අධ්‍යයනය කිරීමේදී කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.  ඓතිහාසික වාග්විද්‍යාව.  තුලනාත්මක වාග්විද්‍යාව.  විග‍්‍රහාත්මක වාග්විද්‍යාව. මෙහිදී අප ගාමක අවධානය යොමු කළ යුත්තේ ඓතිහාසික වාග්විද්‍යාව යන්න කවරක්ද යන්න වටහා ගැනීමටය. මන්ද යත්, අප සාකච්ඡුා කරන සියලූ ධාරණාවන් ඓතිහාසික වාග්විද්‍යාව තුළ ගැබ් වී තිබෙන නිසාවෙනි. කාලයාගේ වෙස්වීම මත ඕනෑම භාෂාවක් පරිණාමයට පත්වේ. ‘‘වයස්ගත වූ පියා, ‘මේ කෑම හු`ගක් රහයි.’ යනුවෙන් කියන විට එම පවුලේ යොවුන් දියණියන් ‘ඔව් ගොඩාක් රසයි.’ යනුවෙන් කියනු අපට ඇසේ.’’ මෙවැනි වෙනස් වීම් තුළ අර්ථය වටහා ගැනීමේ දුබලතාවක් පැන නොනැගුණද, කාලයාගේ ඇවෑමෙන් මෙවැනි ලක්‍ෂණ බහුල වීමත් සම`ග විවිධ පරිණාමීය ලක්‍ෂණ උද්ගත වේ. මෙම කාරණා සම්බන්‍ධයෙන් අවධානය යොමු කරනු ලබන්නේ ඓතිහාසික වාග්විද්‍යාව ම`ගින්ය. ඒ අනුව ඓතිහාසික වාග්විද්‍යාව යනු පොදුවේ මානව භාෂා හා කිසියම් ප‍්‍රස්තුත භාෂාවක අංග ලක්‍ෂණ පිළිබඳ ඓතිහාසික නයින් අධ්‍යයනය කරන විද්‍යාව ලෙස කෙටියෙන් හඳුනා ගත හැකිය. එසේම කිසියම් භාෂාවක තතු සොයා බැලීම, කිසියම් භාෂාවක් තවත් භාෂාවක් සම`ග බද්ධ වී ඇත්තේ කෙසේද යන්න අධ්‍යයනය කරනු ලබන්නේද ඓතිහාසික වාග්විද්‍යාව ම`ගින්ය. ඓතිහාසික වාග්විද්‍යාව සෙසු වාග්විද්‍යා විෂය ක්‍ෂේත‍්‍රයන් මෙන් මුල් කාලීන යුගවල පටන් පැවතියද, තත්ත්වාකාරයෙන් ඓතිහාසික වාග්විද්‍යාව සම්බන්ධයෙන් අධ්‍යයනය ආරම්භ කරන ලද්දේ ෆර්දිනන් දි සොසියියෝගේ කැපවීමෙනි. ෆර්දිනන් දි සොසියියෝ භාෂා අධ්‍යයනය සම්බන්ධයෙන් ප‍්‍රධාන සංකල්ප දහයක් හඳුන්වා දෙයි. 1ග ඓතිහාසික අධ්‍යයනය. 2ග ප‍්‍රාර්වර්ථික අධ්‍යයනය. 3ග භාෂාවේ සිරස් වර්ගීකරණය. 4ග භාෂාවේ තිරස් වර්ගීකරණය. 5ග සංඥාව. 6ග සංඥිතය. 7ග සංඥාපකය. 8ග ලංගාජ්. 9ග ලං. 10ග පැරොල්. යනාදිය වැදගත් වේ. තදුක්ත භාෂාධ්‍යයන ප‍්‍රවේශ මාර්ග ඔස්සේ පසුකාලීනව වාග්විද්‍යා අධ්‍යයන ක්‍ෂේත‍්‍රය පුළුල් පරාසයක් ඔස්සේ ප‍්‍රසාරණය විය. යථොක්ත සංකල්ප ම`ගින් ඓතිහාසික වාග්විද්‍යාව යටතය ගැනෙන්නේ ඓතිහාසික සහ ප‍්‍රාර්වර්ථික අධ්‍යයන යන ක්‍ෂේත‍්‍රද්වයයි. මෙම සංකල්ප සහ පසුකාලීනව ඇති වූ සංකල්ප අනුසාරයෙන් භාෂා විශේෂඥයන් අධ්‍යයනය සිදු කළ අතර එහිදී පෙරදිගින් ඉන්දියාව ප‍්‍රධාන කරගත් භාෂාඥයන් සහ අපරදිගින් ග‍්‍රීකය මුල් කරගත් භාෂාඥයන් අතින් ඓතිහාසික වාග්විද්‍යාව ක‍්‍රමිකව වර්ධනය හා විකාශය වූ ආකාරය දැකිය හැකිය. පසුකාලීනව ෆර්දිනන් දි සොසියියෝගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව නව අධ්‍යයන ක්‍ෂේත‍්‍ර යටතේ ඓතිහාසික වාග්විද්‍යාවට නව එළියක් ලබා දීමට සමත් විය. ඒ අනුව ඓතිහාසික වාග්විද්‍යාව ම`ගින් සිදු කෙරෙනුයේ ඉතිහාසය පුරා කිසියම් භාෂාවක් කාලානුරූපීව පරිණාමයට ලක් වූ ආකාරය අධ්‍යයනය කිරීමයි. ඓතිහාසික වාග්විද්‍යාව ඉතා සංකීර්ණ සහ පුළුල් විෂයක්‍ෂේත‍්‍රයකින් සහ අරමුණුවලින් සමන්විතය. එම අරමුණු ඉතා සංක්‍ෂිප්තව මෙලෙස නිරූපණය කළ හැකිය. 1ග ලේඛන කලාවේ ඉතිහාසය (්‍යසිඑදරහ දෙ අරසඑඑසබට* 2ග භාෂාවේ ප‍්‍රභවය කෙසේ ආරම්භ වූයේදැයි සෙවීම (ධරසටසබ දෙ යමප්බ ක්බටම්ටැ* 3ග භාෂා වර්ගීකරණය (ඛ්බටම්ටැ දෙ ක්‍ක්ිි්සෙජ්එසදබ* x ඒ ඒ භාෂාවල ප‍්‍රභවය x ඒ ඒ භාෂාවල ව්‍යූහය හෙවත් සංස්ථිතිය x ප‍්‍රභවාත්මක වර්ගීකරණය x ව්‍යුහාත්මක වර්ගීකරණය x දේශපාලන හෝ භූගෝලීය වර්ගීකරණය 4ග භාෂා පරිණාමය ශබ්ද පරිණාමය යථෝක්ත සාධක අනුව ඓතිහාසික වාග්විද්‍යාව යනු කුමනාකාරයේ විෂයක්‍ෂේත‍්‍රයක්ද යන්න සුපැහැදිලි වේ. ඝෘණ වර්ග ඓතිහාසික වාග්විද්‍යාවේ භාෂා පරිණාමීය සාධක තුළ ඝෘණීකරණය අත්‍යවශ්‍ය සේම සුවිශේෂී සංකල්පයකි. මෙම ඝෘණීකරණ සංකල්පය නිසාවෙන් භාෂාවක නව්‍ය රූඪි ඇති වේ. ‘‘වෙනත් භාෂක සමාජයකින් ගන්නා ලද සංස්කෘතික අංග අචාර විධි සහ අදහස් උදහස් ආදිය ප‍්‍රකාශ කිරීම සඳහා අලූත් නාම සටහන් අවශ්‍ය වෙයි.’’ එම නම සටහන් ඝෘණ වර්ග වශයෙන් හඳුන්වන අතර ඝෘණ වර්ග කිහිපයකි. ඍණ වර්ග 01.ඝෘණ වචන x නිඝණ්ටු පරිණාමය x නිරූපණ පරිණාමය x ව්‍යාකරණ පරිණාමය x විකල්පන පරිණාමය x ශබ්ද සහ ශබ්දිම පරිණාමය 02. ඝෘණ ක්‍ෂේප x ඝෘණ පරිවර්තන 03. ඝෘණ සංකලන 01.ඝෘණ වචන ‘‘කිසියම් වස්තුවක් හැඳින්වීම සඳහා දායක භාෂාවෙහිම එන නාම සටහන ණයට ගැනීම ‘ඝෘණ වචන’ යන සංඥාව යෙදිය හැකිය.’’ භාෂා ඝෘණීකරණයක් සිදුවීමට භාෂාද්වයක් අත්‍යවශ්‍යය. එම භාෂාද්වය ප‍්‍රදායක අදායක යනුවෙන් නම් කළ හැකිය. (දායක භාෂාව සහ ප‍්‍රතිලාභී භාෂාව වශයෙන්ද හැඳින්වේ.* මෙහිදී ඝෘණීකරණයට ලක්වන්නේ ආදායක භාෂාවයි. ප‍්‍රදායක භාෂාවෙන් ලබාගන්නා වචන ඝෘණ වචනයි. උදා-: ඉංග‍්‍රීසි භාෂා සංස්කෘතියෙහි බලපෑම නිසා සිංහලයෙහි ව්‍යවහාරිත වචන කොන්දොස්තර, කේක්, බස්, ටිකට්, සිකරට් දෙමළ භාෂා සංස්කෘතියෙහි බලපෑම නිසා සිංහලයෙහි ව්‍යවහාරිත වචන ‘‘ආප්ප, ඉඳි ආප්ප, කුඩය, කඩල, කඩය’’ පෘතුගී‍්‍රසි භාෂා සංස්කෘතියෙහි බලපෑම නිසා සිංහලයෙහි ව්‍යවහාරිත වචන ‘‘දික්කසාද, දියමන්ති, තිරි`ගු, තාර, ජනෙල’’ පාලි සංස්කෘත භාෂා සංස්කෘතියෙහි බලපෑම නිසා සිංහලයෙහි ව්‍යවහාරිත වචන අශ්ව, ඇත්, සර්ප, ශිල්ප, ශිෂ්‍ය, සුසාන x නිඝණ්ටු පරිණාමය සහ අර්ථ පරිණාමය භාෂා පරිණාමයත් සම`ග තාක්‍ෂණය දියුණු වීමත් සමග වචන වෙනස් වීම සිදු වේ. එම අලූත් වචන එකතු වීම නිසා ඍණිත භාෂාවේ නිගණ්ටුව වෙනස් වෙයි. උදාහරණ වශයෙන් ප‍්‍රවාහන මාධ්‍ය, අධ්‍යාපන මාධ්‍ය, ආහාර ද්‍රව්‍ය ආදී නිගණ්ටු කෙතරම් පරිණාමයට පත්ව ඇත්දැයි වටහා ගත හැකිය. x නිරූපණ පරිණාමය ඝෘණ වචන පදනම් කරගනිමින් අලූත් නිරූපණ ස්වරූප භාෂාවකට ඇතුළත් විය හැකිය. ‘‘ඉංග‍්‍රීසියෙහි බලපෑම නිසා ට්, ඞ්, ච්, ච, ජ්, ග්, බ් යන සහ ර් වලින් අවසන් වන ...’’ වචන වර්තමානයේ දැකගත හැකිය. උදා-: ‘‘පැකට්, කාඞ්, ස්විච්, බැජ්, බෑග්, ටියුබ්, ටයර්, ’’ x ව්‍යාකරණ පරිණාමය ඝෘණ වචන භාෂාවක ස්ථාපිත වීමේදී ඝෘණීත භාෂාවල යම් යම් ව්‍යාකරණ ලක්‍ෂණද භාෂාවට ඇතුළත් විය හැක. උදා-: ‘‘දෙමළ: ්පප් ජ්රස ්නන් ජ්රස ව්‍යවහාර සිංහල: ්පප් ය්රස ්නන් ය්රස ’’ එපමණක් නොව සිංහල භාෂාවට ප‍්‍රදායක භාෂා වූ පාලි සංස්කෘත භාෂාවල ව්‍යාකරණ රීති බොහොමයක් සිංහල භාෂාවේ දක්නට ලැබේ. x විකල්පන පරිණාමය ‘‘ඝෘණ වචනවල බලපෑම නිසා ඝෘණික භාෂාවෙහි අලූත් විකල්පන ක‍්‍රම ඇතිවීම මෙයින් අදහස් කෙරෙයි. නිද-: බෑග්, ටියුබ්’’ x ශබ්ද සහ ශබ්දිම පරිණාමය ඝෘණික භාෂාව ආගන්තුක ඝෘණ වචනවල භාවිත කිරීමේදී ආධ්‍යාහාරයෙන්ම ඊට සමීප ශබ්ද ආදේශ කරගනී. උදා-: ‘‘ිජරුැබ ඝ සිනසරසපැ - ඉස්කිරිමෙ ිජදදච ඝ සිනදචචැ- ඉස්කොප්පෙ කමං ඝ ක්නි- ලක්ස් ඉමකඉ ඝ ඉ්කඉ- බල්බ්’’ 02. ඝෘණ ක්‍ෂේප ඝෘණික භාෂාවක ඝෘණ ක්‍ෂේප සංකල්පය වැදගත් සංකල්පයකි. යම්කිසි සංස්කෘතියකින් ආභාසයලත් වචනයක අර්ථය එලෙසින්ම ගෙන එහෙත් එහි වචන එලෙසින් නොගෙන ප‍්‍රතිලාභී භාෂාව තුළ නිර්මාණය කර ගැනීම ඝෘණ ක්‍ෂේප යන්නෙන් අදහස් කරයි. උදා-: ..ක්‍ය්රජය- පල්ලිය ජදසක- ද`ගරය ෑබටකසිය රුකසටසදමි- ඉරදඑයැර- කතෝලික පූජකනම ජ්චි්කැ- කරල ිඑැඑයදිජදචැ- නළාව’’ ඝෘණ ක්‍ෂේප සංකල්පය පදනම් කරගනිමින් සිදුවන්නේ වචන පරිණාමයක් නොව අර්ථ පරිණාමයකි. x ඝෘණ පරිවර්තන ඝෘණ ක්‍ෂේප හා සමාන ප‍්‍රතිඵල ඇති ඝෘණ වර්ගයකි ඝෘණ පරිවර්තන. එහිදී සිදු වන්නේ ප‍්‍රදායක භාෂක වචන ආදායක භාෂාවට පරිවර්තනය කර ගැනීමයි. උදා-: එර්සබ- දුම්රිය ච්රකසපැබඑ- පාර්ලිමේන්තුව ඉදදන ියදච- පොත් කඩය 03. ඝෘණ සංකලන ‘‘ඝෘණ වචන හා ඝෘණ ක්‍ෂේප යන සාධක දෙකෙහිම ක‍්‍රියාකාරීත්වයෙන් ඇතිවන නව්‍ය රූඪිය ඝෘණ සංකලන යනුවෙන් හැඳින් වේ.’’ ඝෘණ සංකලනය තුළ සිදු වන්නේ ඝෘණීක වචනය තුළ එක් රූපයක් එම ස්වරූපයෙන්ම තැබීමයි. එහිදී එම වචන දෙක තුළ සිදු වන්නේ සංකලනයකි. මෙම උපහරණ පිරික්සීමේදී ඒ වග මනාව සුඛාවබෝධ වේ. ‘‘ර්සබ ජද්එ- වැහි කෝට් එක දෙමබඒසබ චැබ- උල්පත් පෑන බදඑැ ඉදදන- නොට් පොත ජයැුමැ ඉදදන- චෙක් පොත ට්ි ිඑදඩැ- ගෑස් ලිප ඉමි ිඑදච- බස් නැවතුම් පොල යථෝක්ත කාරණා පිරික්සීමේදී ඝෘණ වචන, ඝෘණ ක්‍ෂේප, ඝෘණ සංකලන යනු කවරේදැයි ප‍්‍රතත්‍ක්‍ෂ විය. ඝෘණීකරණය ඓතිහාසික වාග්විද්‍යාව යටතේ ඉතිහාසය පුරා කිසියම් භාෂාවක් පරිණාමයට පත් වූ ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කෙරේ. භාෂා පරිණාම තුළ මූලික පරිණාම සාධක තුනක් දක්නට ලැබේ. එනම්, ‘‘01. ශබ්ද පරිණාමය 02. භාෂාමය ඝෘණීකරණය 03. අතිදේශය’’ යනුවෙනි. මෙහිදී ශබ්ද පරිණාමය යටතේ ශබ්ද උච්චාරණය ශ‍්‍රවණ පද්ධතිය හා සම්බන්ධ සියලූ කාරණා සාකච්ඡුා කෙරේ. ‘‘ඝෘණීකරණය යන්නෙන් අදහස් කරන්නේ භාෂාවකින් තවත් වචන ගැනීමයි.’’ අතිදේශය යනු ‘‘තමා දත් රටාවක් ඇසුරෙන් නව්‍ය සංස්කරණ සාදා ගැනීමයි.’’ මෙම භාෂා පරිණාමීය සාධක ඇසුරෙන් අපගේ ගාමක අවධානය යොමුවනු ලබන්නේ භාෂාමය ඝෘණීකරණය සම්බන්ධයෙන්ය. ඕනෑම පරිණාම භාෂාවක ඝෘණීකරණ සංකල්පය දැකගත හැකිය. පරිණාම භාෂාවක් සඳහා එය සමාන්‍ය සේම අත්‍යවශ්‍ය සිද්ධාන්තයකි. ‘‘මෙයින් අදහස් කෙරෙන්නේ ප‍්‍රස්තුත භාෂාවකට වෙනත් භාෂාවකින් වචන ආදිය ණයට ගැනීමයි.’’ ඝෘණීකරණයෙන් මිදී නිෂ්පන්න වචනවලින් පමණක් සැදුම්ලත් ස්වාධීන භාෂාවක් සොයා ගත නොහැකිය. මන්ද යත්, භාෂා පවුල් හා භාෂා ගන මත එකිනෙකට පෝෂණය ලබමින් භාෂා වැඞීම සිදුවන බැවිනි. භාෂා ඝෘණීකරණයක් සිදුවීමට භාෂාද්වයක් අත්‍යවශ්‍යය. එම භාෂාද්වය ප‍්‍රදායක අදායක යනුවෙන් නම් කළ හැකිය. (දායක භාෂාව සහ ප‍්‍රතිලාභී භාෂාව වශයෙන්ද හැඳින්වේ.* මෙහිදී ඝෘණීකරණයට ලක්වන්නේ ආදායක භාෂාවයි. ප‍්‍රදායක භාෂාවෙන් ලබාගන්නා වචන ඝෘණ වචනයි. ඒ අනුව මෙම ඝෘණීකරණ සංකල්පය භාෂා පරිණාමයේදී අත්‍යවශ්‍ය සාධකයක් බව පැහැදිලි වේ. ඝෘණීකරණයට අවශ්‍ය තවත් සාධකයක් වන්නේ ද්විභාෂිකයෙකු සිටීමයි. ‘‘ප‍්‍රස්තුත භාෂාවකට වෙනත් භාෂා සම්ප‍්‍රදායක බලපෑම ඇති කරනුයේ එම දෙවෙනි භාෂා සම්ප‍්‍රදාය දත් ද්විභාෂිකයෙකු විසිනි.’’ එනම් මාතෘ භාෂාව හැර තවත් භාෂාවක් දන්නේකු සිටීම තුළ මිස, වෙනත් ආකාරයකින් ආදායික භාෂාවකට ඝෘණ වචන සම්පේ‍්‍රෂණය වීමේ සම්භාවිතාව අවමය. උදාහරණ වශයෙන් සිංහල භාෂාව සඳහා බොහෝ සෙයින් ආභාසය ලැබී ඇත්තේ පාලි සංස්කෘත මූල භාෂාවන්ගෙනි. සිංහල භාෂාව තුළ නිෂ්පන්න වචන දැකගත හැකි වන්නේ අල්පවය. සිංහලයට සකු මගධ බස් තුළින් බොහෝ ඝෘණ වචන ගලා ඒමට හේතු සාධක වූවේ ලක්දිව සකු මගධ දත් ප‍්‍රාඥයන් බහුලව විසූ හෙයිනි. එසේ ඝෘණීත වචන කිහිපයක් උදාහරණ වශයෙන් මෙලෙස දැක්විය හැකිය. උදා-: සකු මගධ සිංහල යක්‍ෂ යක් යක්සයා ශත සත සිය සමුද්‍ර සමුද්ද මුහුදු ද්‍රවිඩ දමිල දමිළ රශ්මි රංසි රැුස් යථෝක්ත සාධක අනුව ඝෘණීකරණය යනු කුමක්දැයි නොවළහා අවබෝධ කරගත හැකිය. ඝෘණීකරණය සිදුවන ආකාරය අනුව කොටස් පහකි.  ශබ්ද  පද  ව්‍යාකරණ  සාහිත්‍යයික වුත්ති  සාම්ප‍්‍රදායික යෙදුම්  ශබ්ද ද්විභාෂීකයෙකු මාධ්‍යයෙන් යම් ඝෘණ වචනයක් භාෂාවකට පැමිණෙන විට ඇතැම් ශබ්ද පවා ආගන්තුක භාෂාවට පැමිණේ. ‘‘එබඳු අවස්ථාවලදී සාමාන්‍යයෙන් සිදුවන්නේ එම ආගන්තුක ශබ්දයට අත්‍යන්ත සමීප වූ ශබ්දයක් තම භාෂාවෙහි ඇත්නම් එම`ගින් එකී ආගන්තුක ශබ්දය ආදේශ කිරීමයි.’’ දඹදෙණි යුගයේ රචිත සිදත් ස`ගරාවට අනුව සිංහල අක්‍ෂර මාලාවේ පැවත ඇත්තේ අක්‍ෂර (ශබ්ද* තිහක් පමණි. ‘‘පණ’කුරු පසෙක් එද ලූහු ගුරු බෙයින් දස වේ ගත’කුරුද වේ විස්සෙක් වහරට යුහූ සියබැසැ’’ එහෙත් වර්තමානය වන විට එම අක්‍ෂර මාලාව දෙගුණයකින් වැඩි විම තුළද දිස්වන්නේ ශබ්ද ඝෘණීකරණයයි. උදා-: චයදඑදල සෙකප යන වචන උච්චාරණය සඳහා ‘ෆ’ අකුර අදේශ වීම.  පද ඝෘණික භාෂාවක් ඇතුළත ඝෘණ වචන දක්නට ලැබීම සාමාන්‍ය ක‍්‍රියාවලියකි. සිංහල භාෂාව තුළ වචන කිහිපයක් හැර අනෙකුත් වචන බොහොමයක් නර්මාණය වී ඇත්තේ ප‍්‍රදායක භාෂාවන්හි බලපෑමෙනි. මේ සම්බන්ධයෙන් උක්ත ඝෘණ වර්ග යටතේ ඇති ඝෘණ වචන යන මාතෘකාව ඔස්සේ පුළුල්ව සාකච්ඡුා කර ඇත.  ව්‍යාකරණ ආදායක භාෂාවක් තුළ ඝෘණ වචන බහුල භාවිත වන විට ප‍්‍රදායක භාෂාවේ ව්‍යාකරණ රීතිද ආදායක භාෂාවට ඇතුළත් වේ. උදා-: ‘‘අන්, ආනු ප‍්‍රත්‍ය එකතුවීම ‘‘ජ්ර්මාන්- ජ්ර්මානු ඇමරිකන්- ඇමරිකානු ඉන්දියන්- ඉන්දියානු’’ දෙමළ ‘ඉච්චි’ ප‍්‍රත්‍ය වෙනුවට සිංහල ඉස්සී ප‍්‍රත්‍ය ‘‘ළමිස්සි, ගැමිස්සි’’ දෙමළ කල් ප‍්‍රත්‍ය වෙනුවට සිංහල වල් ප‍්‍රත්‍යය ‘‘ගෙවල්, කඩවල්, නගරවල්’’ මීට අමතරව සිංහල භාෂාවට මාතෘ භාෂාගත වූ සංස්කෘත පාලි භාෂා තුළ දිස්වන ව්‍යාකරණ රීති බොහොමයක් සිංහල භාෂාවේ දැකගත හැකිය. උදාහරණ වශයෙන් සිංහල වරනැ`ගිලි ක‍්‍රම, විභක්ති ක‍්‍රම, සන්ධි, තද්ධිත, කෘදන්ත පාලි භාෂාවලින් ආභාසය ලබා ඇත.  සාහිත්‍යයික වුත්ත ආදායක භාෂාවේ සාහිත්‍ය නිර්මාණයේදී ප‍්‍රදායක භාෂාවේ සාහිත්‍ය යෙදුම්ද ඝෘණීකෘත වූ අයුරු සාහිත්‍ය විමර්ශනයේදී ප‍්‍රකට වේ. උදා-: ‘‘අද අද එයි මරු පින් කර ගන්නේ කෙලෙසද හෙට මරු නේති සිතන්නේ අජෙජ්ව කිච්චමාතපපං- කොජඤඤා මරණං සුවේ’’ (ම.නි. භද්දේරක සුත‍්‍රය* ‘‘පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු වරමේකො ගුණී පුත්‍රො- නච මූර්ඛ ශතෙරපි’’ (හිතෝපදේශය* ‘‘නැණැති දනන් හට මද ගුණයක් කළද නල්ලා රෝරු වර්ක්කුච්චෙයි ද උපකරම්’’ (මුදුෙරෙ* මෙම`ගින් සාහිත්‍යයික වුත්ති ඝෘණීකරණය වී ඇති අයුරු පැහැදිලි වේ.  සාම්ප‍්‍රදායික යෙදුම් ප‍්‍රදායක භාෂාවේ යෙදෙන ඇතැම් සාම්ප‍්‍රදායික යෙදුම්ද ඝෘණීකරණ කාර්යයේදී ආදායක භාෂාවට ඇතුළත් වේ. ‘‘දිය වෙන් කර බොන හංසයා වගෙයි’’ ‘‘හංසඃ ක්‍ෂීර මිවාම්භසඃ ’’ ‘‘කෙතරම් සාගිනි වුවත් සිංහයා තණ නොකයි’’ ‘‘වනෙපි සිංහා මෘගමාංස භක්‍ෂිණො- බුභුක්ෂිතා නෛව තෘණ චරන්ති’’ ඝෘණීකරණයට බලපාන හේතු සාධක ඝෘණීක භාෂාවක ශබ්දිම, පදිම විමර්ශනයේදී එම වචන ඝෘණීකරණය වීමට බලපාන හේතු සාධක කවරේද යන්නද සොයා බැලිය යුතුය. ආදායක භාෂාව තුළ ඝෘණීකරණයට බලපාන හේතු සාධක කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. 1ග ‘‘වෙන බසකින් වචන අදහස් ගැනිම. 2ග භාෂා සමාජයක් සාඛා ප‍්‍රසාඛාවලට බෙදීයාම. 3ග පරිසරය වෙනස්වීම 4ග අදහස් වඩා පැහැදිලි ලෙස විස්තර සහිතව හෝ වර්ණනාත්මකව ප‍්‍රකාශ කිරීමට උත්සහ කිරීම 5ග අලංකාර ලෙස හා රසවත් ලෙස අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති ආසාව. 6ග ශිෂ්ට සම්මත ලෙස හා උසස් ලෙස කතා කිරීමට ඇති කැමැත්ත. 7ග බියකරු, පිළිකුල් කටයුතු, පහත් හැගීම් උපදවන අදහස් ප‍්‍රියමනාප ලෙස ප‍්‍රකාශ කිරීම. 8ග මිත්‍යා විශ්වාස හා ඇතැම් සමාජ සිරිත් විරිත් 9ග ආදරය, ලැදිකම හා ළ`ගබව පෙන්වීමට ඇති ආසාව 10ග වචනවල අදහස් නොදැනීම, පැහැදිලි ස්ථිර නිගමනයක් නොමැති බව හෝ නොසැලකිල්ල නිසා වැරදි ලෙස වචන භාවිත කිරීම. 11ග ස්ථිර තේරුමක් නැති තත්ත්වයේ වචන භාවිත කිරීම. 12ග පිරිමැස්ම, පහසුව, ඉක්මන, හා වේගවත් බව, නිසා වචන නිසි ලෙස ශබ්ද නොකිරීම. 13ග අමුතු වචන නිෂ්පාදනය කිරීම. 14ග අතිශයෝක්තියෙන් හා අවධාරණයෙන් යුතුව අභ්‍යන්තර හැ`ගීම් ප‍්‍රකාශ කිරීම.’’ 1ග ‘‘වෙන බසකින් වචන අදහස් ගැනිම. ඝෘණීකරණයට බලපාන හේතු සාධක ඇතුළත් මෙම කාරණාව සුවිශේෂී වේ. ඝෘණ වචන වාග් විද්‍යානුකූලව විමර්ශනයේදී ඒ වග පැහැදිලි වේ. එහිදී වෙනත් බසකින් වචන එළෙසින්ම නොගෙන එහි අර්ථය පමණක් ගැනීම මෙහිදී සිදුවන කාර්යයි. උද-: ‘‘පසකැ- සැතපුම යදමර- පැය’’ 2. භාෂා සමාජයක් සාඛා ප‍්‍රසාඛාවලට බෙදීයාම. ඇතැම්විට ආදායක භාෂාවල වචන එම ආකාරයෙන්ම යෙදී නොමැති අවස්ථා දැකගත හැකිය. ‘‘සංස්කෘත වාටිකා යන්නෙන් ගුජරාටියට බිඳී ගිය ‘වාඩි’ යන වචනයෙන් වත්ත උයන යන අදහසද, බෙංගාලි භාෂාවට බිඳී ගිය වාඩි යන වචනයෙන් ගෙය යන අදහසද, ගුජරාටි ‘පාර්ඩි’ ‘වාඩි’ යන වචනයෙන් සමාජශාලා යන අදහසද, සිංහල වාඩි යන්නෙන් වාඩිය, තාවකාලික නවාතැන යන අදහසද, වාඩිවෙනවා යන තන්හි හිඳ ගැනීම යන අදහසද ලැබේ.’’ 3. පරිසරය වෙනස්වීම ඝෘණීකරණයට බලපාන හේතු සාධක ඇතුළත් පරිසරය වෙනස්වීමද එක් කාරණාවකි. මෙම කාරණාව ද්විභාෂිකයෙක් අතින් සහ භාෂාන්තරවද සිදු වේ. උදාහරණ වශයෙන් ගැමි පරිසරයේ සිට නගරයට පැමිණි අයෙකුට පරිසරය වෙනස් වීම නිසා ගැමි පරිසරයට නාගරික වචන ඝෘණීකරණය වේ. එය භාෂාන්තරව සිදුවන්නකි. උදා-: ‘‘ගැට ඝ තරු කරන්න ඇහැකි ඝ කරන්න පුළුවන්’’ 4. අදහස් වඩා පැහැදිලි ලෙස විස්තර සහිතව හෝ වර්ණනාත්මකව ප‍්‍රකාශ කිරීමට උත්සහ කිරීම අදහස් උදහස් ඉතා පැහැදිලිව විස්තරාත්මකව වර්ණනා කිරීම පදනම් කරගනිමින් ආදායක භාෂාවට ඝෘණ වචන ඇතුළත් වේ. උදා-: ‘‘උණුසුම් වචන, ශීතල හද, පිපුණු මුහුණ, දැවෙන හද, තැළුණු හිත, මිහිරි වචන මේවායෙහි ඇති උණුසුම්, ශීතල, පිපුණු, තැළුණු, මිහිරි යන වචනවලින් දෙන්නේ ඒවාට හිමි සාමාන්‍ය අදහස නොවේ.’’ 5. අලංකාර ලෙස හා රසවත් ලෙස අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති ආසාව. මෙය උක්ත කාරණාව හා සම්බන්ධය. යම් යම් කාරණා රසය දීපනය වන පරිදි අලංකාරවත් වන ලෙස ඉදරිපත් කිරීම තුළද ඝෘණ වචන බිහි වේ. 6. ශිෂ්ට සම්මත ලෙස හා උසස් ලෙස කතා කිරීමට ඇති කැමැත්ත. ගෞරව සහිතව, සම්භාවනාවට පත්වීමට ඇති රුචිකත්වය මතද ඝෘණ වචන නිර්මාණය වේ. මෙයද ඝෘණීකරණයට හේතුසාධකයකි. උදා-: ‘‘කොහොමද ආයුබෝවන්ඩ තොරතුරු? තමා මේ ගැන යමක් දන්නවාද?’’ 7. බියකරු, පිළිකුල් කටයුතු, පහත් හැ`ගීම් උපදවන අදහස් ප‍්‍රියමනාප ලෙස ප‍්‍රකාශ කිරීම. ඇතැම් මිනිසුන් බියකරු කාරණා එලෙසින්ම අකමැත්තක් බියක් දක්වයි. එම අකමැත්ත හේතු කරගෙනද ඝෘණ වචන බිහි වේ. උද-: ‘‘වසූරිය, පැපොල වැනි... වසංගත රෝග හැඳින්වීමට... මහලෙඩ, අම්මාවරුන්ගේ ලෙඩ, දෙවියන්ගේ ලෙඩ යන නම් යොදති. බෙංගාලයේ සාමාන්‍ය ජනයා වසූරිය හඳුන්වන්නේ ‘ශීතල’ නමින්ය.’’ 8. මිත්‍යා විශ්වාස හා ඇතැම් සමාජ සිරිත් විරිත් උදා-: වී (බැත*, පිදුරු (මැඩුවන්*, ගවයා (අම්බරුවා*, ගොම (ගොම්පස්*, කුල්ල (යතුර*, කනවා (කොටාබානවා* 9. ආදරය, ළැදිකම හා ළ`ගබව පෙන්වීමට ඇති ආසාව උදා-: අක්කි, අම්මි, තාත්ති, රන්කඳ, රත්රන් පුතා 10. වචනවල අදහස් නොදැනීම, පැහැදිලි ස්ථිර නිගමනයක් නොමැති බව හෝ නොසැලකිල්ල නිසා වැරදි ලෙස වචන භාවිත කිරීම. ඇතැම් වචනවල අර්ථය හරිහැටි නොදැනීම පදනම් කරගනිමින්ද වැරදියට භාවිත කිරීම පදනම් කරගනිමින්ද ඝෘණ වචන බිහි වේ. ඒවා වැරදියට භාවිත කිරීම පදනම් කරගනිමින් භාෂාවේ එම වචන සාමාන්‍යකරණයට පත් වේ. ‘‘හු`ගක්, හනික, බොල්, ගඳ යනාදී වචන ක‍්‍රමයෙන් අර්ථ විපර්යාසයට පත් වූ ඒවා ලෙස සැලකිය හැකිය.’’ 11. ස්ථිර තේරුමක් නැති තත්ත්වයේ වචන භාවිත කිරීම. උදා-: ‘‘නෝනා, නෝන මහත්තයා, මහත්තයා’’ ස්ථිර තේරුමක් මෙම වචනවල නැත. 12. පිරිමැස්ම, පහසුව, ඉක්මන, හා වේගවත් බව, නිසා වචන නිසි ලෙස ශබ්ද නොකිරීම. වචන ඉක්මන කතා කිරීම, වචන කතා කිරීමට ඇති හදිස්සිය යන කාරණා නිසා මෙය සිදු වේ. උදා-: ආයුබොහෝ වේවා- ආයුබො තමුන්නාන්සේ- තමුසෙ 13. අමුතු වචන නිෂ්පාදනය කිරීම. භාෂා පරිණාමයත් සම`ග අමුතු අලූත් වචන නිෂ්පාදනය භාෂාව තුළ සිදු වන්නකි. එය ජීව භාෂාවක ලක්‍ෂණයකි. උදා-: ‘‘චන්ද්‍රිකාව, ගිනි පෙට්ටිය, ඉටිපන්දම, හඳුන්කූරු’’ 14. අතිශයෝක්තියෙන් හා අවධාරණයෙන් යුතුව අභ්‍යන්තර හැගීම් ප‍්‍රකාශ කිරීම. අතිශය, මාරාන්තික, සුවිශේෂ, ශ්‍රේෂ්ඨ, ජේ්‍යෂ්ඨ ආදි වචන සාමාන්‍ය ව්‍යවහාරයේදීද අතිශයෝක්තියෙන් යුක්තව හැ`ගීම් ප‍්‍රකාශ කිරීමට මිනිසුන් යොදයි. ඝෘණීකරණය සිදුවීමේදී ආදායික භාෂාවේ වචන යෙදීම ආදායික භාෂාවක ඝෘණ වචන විමර්ශනය කිරීමේදී එම ඝෘණ වචන බොහෝ භාෂා හා බද්ධවන බව පැහැදිලි වේ. අප සාකච්ඡුා කරන ආදායික භාෂාව වන්නේ සිංහල භාෂාවයි. එම ආදායික භාෂාවට ඝෘණ වචන ලබා ගත් ප‍්‍රදායික භාෂා කිහිපයක් දැක්විය හැකිය. එනම්,  ඉංගී‍්‍රසි  පාලි  සංස්කෘත  පෘතුගී‍්‍රසි  ලන්දේසි හා ඕලන්ද වචන  දෙමළ යනුවෙනි. එම ප‍්‍රදායික භාෂා ම`ගින් සිංහලයට ඝෘණීකෘත වූ වචන වෙන් වෙන් වශයෙන් මෙලෙස දැක්විය හැකිය.  ඉංගී‍්‍රසි ‘‘්ජරු ඝ අක්කර දෙසෙජැර ඝ ඔපිසර ජදපච්බහ ඝ කම්පැනි ජදෙෙැැ ඝ කෝපි චැබජසක ඝ පැන්සල් ඉද්එ ඝ බොට්ටු ක්පච ඝ ලාම්පු ියදච ඝ සාප්පු චදකසජැ ඝ පොලීසි ’’  සංස්කෘත ‘‘අත්‍ථ_ ඝ අරුත වර්ෂ ඝ වරුස පූර්ව ඝ පූරුව ප‍්‍රසිද්ධ ඝ පරසිදු ව්‍යාකූල ඝ වියවුල් පවිත‍්‍ර ඝ පිවිතුරු ස්නේහ ඝ සිනේහ ත්‍යාග ඝ තෑග්ග තීක්‍ෂණ ඝ තියුණු මාර්ග ඝ මග’’  පාලි ‘‘දිවස ඝ දවස පිපාසා ඝ පවස පරිත්ත ඝ පිරිත් සලිත ඝ සිහිල් සුමන ඝ සමන් තිල ඝ තල රුචි ඝ රිසි කරුණා ඝ කුළුණු දිවා රත්ති ඝ දිවා ? විසාල ඝ විසල් ’’  පෘතුගී‍්‍රසි ‘‘ජ්ි්ාද ඝ කසාදය චසබඑමර් ඝ පින්තූර චසිඑදක් ඝ පිස්තෝල ා්සප්බඑැ ඝ දියමන්ති ර්ි් ඝ රෝස බ්ඒක ඝ නත්තල් ජ්පස‘් ඝ කමිසය ජ්බඑයදකසජද ඝ කතෝලික ැිජදක් ඝ ස්කෝලය’’  ලන්දේසි හා ඕලන්ද වචන ලන්දේසි ‘‘ිජයදච ඝ ඉස්කෝප්පය නබ්්ච ඝ කනප්පුව ිඑදැච ඝ ඉස්කෝප්පුව නක්ිිැ ඝ කැලෑසිය ඉ්නනැරසව ඝ බේකරිය’’ ඕලන්ද ‘‘අර්තාපල් බැස් ජුනි ජූලි බෝක්කුව’’  දෙමළ ‘‘අච්චු ඝ අච්චුව අවලම් ඝ අවලම් අරුමෛ ඝ අරුමය උරුමෛ ඝ උරුමය අඩංගු ඝ අඩංගු ඉඩම් ඝ ඉඩම් ඉ`ඩි ආප්ප ඝ ඉඳි ආප්ප කුෙඩෙ ඝ කුඩය තෝඩු ඝ තෝඩුව පදක්කම් ඝ පදක්කම්’’ යථෝක්ත නිදර්ශන පිරික්සීමේදී ඍණීකරණය සිදුවීමේදී ආදායික භාෂාවේ වචනවල ස්වරූපය කවරේදැයි වටහා ගත හැකිය. එපමණක් නොව ප‍්‍රදායක භාෂාවේ වචන අනුව මෑත සිංහල භාෂාවේ වාග්කෝෂය නිර්මාණය වී ඇති බව පැහැදිලි වේ. එම ඍණ වචන අධ්‍යයනය කිරීමේදී ඒ තුළ තවත් කාරණා කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. x ඇතැම් වචනවල රූපය පමණක් වෙනස්ව ඇත. x ඇතැම් වචනවල අර්ථය පමණක් වෙනස්ව ඇත. x ඇතැම් වචනවල රූපය අර්ථය දෙකම වෙනස්ව ඇත. x ඇතැම් වචනවල රූපය අර්ථය දෙකම සමානය ඇත. x ඇතැම් වචනවල රූපය පමණක් වෙනස්ව ඇත. ඇතැම් ඍණ වචන අධ්‍යයනය කිරීමේදී එම අර්ථය නොනැසී රූපය පමණක් වෙනස්ව ඇති අන්දම විද්‍යමාන වේ. උදා-: ිජයදදක- ස්කෝලෙ x ඇතැම් වචනවල අර්ථය පමණක් වෙනස්ව ඇත. මෙය විශේෂ කාරණයකි. ඇතැම් විට ඍණිත වචන රූපයෙන් සමාන වුවද අර්ථයෙන් වෙනස් වන අවස්ථා ඝෘණ වචන අධ්‍යයනයේදී පසක් වෙයි. උදා-: ‘‘දෙමළ සිංහල (ආදායක භාෂාව* පාරට්ටු- ප‍්‍රශංසාව බොරු වර්ණනාව පච්ච- කොළ රතු’’ ‘‘හු`ගක්, හනික, බොල්, ගඳ යනාදි වචන මේ ක‍්‍රමයෙන් අර්ථ විපර්යාසයට පත් වූ ඒවා ලෙස සැලකිය හැකිය.’’ පණ්ණසාල - පන්සල (අතීතයේ විවිධ ආගමික පූජනයන් වාසය කළද වර්තමානයේ එම ස්ථානයේ බෞද්ධ භික්‍ෂූන් පමණක් වාසය කරයි.* අරහං - (මෙය අතීතයේ උතුම් බුදුගුණයක් සිහි කීමට භාවිත කළද, වර්තමානයේ ඇතැම් විට දැකීමට අකමැති යන අදහසින් යොදයි.* x ඇතැම් වචනවල රූපය අර්ථය දෙකම වෙනස්ව ඇත. භාෂාවේ මෙම ස්වරූපය යෙදී ඇත්තේ ඉතා අල්පවය. ක්‍්එි ්බා ාදටි ර්සබි- මොර සූරන වැස්ස x ඇතැම් වචනවල රූපය අර්ථය දෙකම සමානය ඇත. ජදෙෙැැ ඝ කෝපි චදකසජැ ඝ පොලීස අවලම් ඝ අවලම් අඩංගු ඝ අඩංගු ඉඩම් ඝ ඉඩම් මෙම උදාහරණ ම`ගින් ඍණීකරණයට පත් ආදායික භාෂාවක වචන සම්බන්ධයෙන් අවබෝධයක් ලැබිණ. එපමණක් නොව ආදායික භාෂාවේ ඍණීකරණයට පත් වචන තවදුරටත් මෙලෙස සුඛාවබෝධ කරගත හැකිය. මෙම`ගින් ඍණ වචනවල ශබ්දිම වෙනස සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ලබාගත හැකිය. අ ඝ ඉ වීම ‘‘මණි ඝ මිණි රවි ඝ රිවි මහේන්ද්‍ර ඝ මිහිඳු’’ අ ඝ උ වීම ‘‘ලඝු ඝ ගුහු කරුණා ඝ කුළුණු ප‍්‍රගුණ ඝ පුහුණු’’ අ ඝ එ වීම ‘‘කදලි ඝ කෙසෙල් ශාන්ති ඝ සෙත් ද්‍රවිඪ ඝ දෙමළ’’ අ ඝ ඔ වීම ‘‘ද්වාර ඝ දොර ඒකාදශාන් ඝ එකොළොස්’’ අ ඝ ඇ විම රශ්මි ඝ රැුස් පානීය ඝ පැන් හස්තීන් ඝ ඇත්’’ ඉ ඝ අ වීම ‘‘තිල ඝ තල වීෂ ඝ වස දිවස ඝ දවස’’ ඉ ඝ එ වීම ‘‘විශේෂ ඝ වෙසෙස් ස්නේහ ඝ සෙනෙහෙ’’ උ ඝ අ විම ‘‘රැුජා ඝ රද උ ඝ ඉ වීම ‘‘මුෂ්ටි ඝ මිටි රුචි ඝ රිසි’’ උ හෝ ඔ ඝ ඕ වීම ‘‘සුන්දර ඝ සොඳුරු බහු ඝ බොහෝ’’ එ ඝ ඉ වීම ‘‘ශ්‍රේෂ්ඨීන් ඝ සිටු’’ එ ඝ ඔ වීම ‘‘රෙණු ඝ රොන්’’ යථෝක්ත නිදර්ශන ම`ගින් ආදායික භාෂාවක ඍණ වචන නිර්මාණය එහි රූප සමාන අසමානතා පමණක් නොව සිංහලයට අනුසාර වූ ප‍්‍රදායක භාෂා සම්බන්ධයෙන්ද කරුණු කාරණා ප‍්‍රකට විය. එපමණක් නොව රූප අර්ථ නවීකරණයට පත්වන ආකාරයද පළට විය. (ඔිමබ්පස- සුනාමි, ෆ අක්‍ෂරයේ ආගමනය* එම කරුණු ඔස්සේ ගවේෂණය කිරිමේදී සිංහල භාෂාව තුළ දක්නට ලැබෙන බොහෝ වචන ඍණකෘත වචන බව සුපැහැදිලි වේ. ඒ අතර නිෂ්පන්න වචන දක්නට ලැබෙන්නේ ඉතා ස්වල්පවය. උදා-: ‘‘ඔළුව, බඩ, කට, කකුල්, තොල, පොත්ත, ඔරු, කුරුඳු, ලිඳ’’ යන වචන නිදසුන්ය. ඒ අනුව සමස්ත ධාරණාව ම`ගින් ඍණ සංකලන, ඍණ ක්‍ෂේප, ඍණ වචන හා ඍණීකරණය යන්න කවරේදැයි සුඛාවබෝධ වූ අතර ආදායක භාෂාවේ රූප සහ අර්ථ ප‍්‍රදායක භාෂාවේ අනුසාරයෙන් ක‍්‍රමයෙන් නවීකරණයට ලක්වන ආකාරය පැහැදිලි විය. සමාලෝචනය ඓතිහාසික වාග්විදාවෙහි භාෂා පරිණාමීය සාධක ඇතුළත් කරුණු තුනක් දැකගත හැකිය. එම කාරණා මෙලෙස දැක්විය හැකිය. 01. ශබ්ද පරිණාමය 02. ඍණීකරණය 03. අතිදේශය යනුවෙනි. එම කාරණා ඇතුළත් සුවිශේෂී භාෂා පරිණාමීය සාධකයක් වන්නේ ඝෘණීකරණයයි. යථෝක්ත මාතෘකාව ඔස්සේ ප‍්‍රධායක භාෂාවකින් ආදායක භාෂාවකට වචන ණයට ගැනීම ඝෘණීකරණය බව විස්තරාත්මකව අධ්‍යයනය කෙරිණ. මෙහිදී පරිණාමයට පත්වන ආදායික භාෂාවක ඝෘණික වචන දක්නට ලැබීම සාමාන්‍ය ලක්‍ෂණයක් සේම අත්‍යවශ්‍ය දෙයක් බව පැහැදිලි විය. එපමණක් නොව ඝෘණ වර්ග යටතේ ගැනෙන ඝෘණ සංකලන, ඝෘණ ක්‍ෂේප, ඝෘණ වචන කවරේද යන්න අධ්‍යයනය කෙරිණ. ඉන්පසු ඝෘණීකරණය යන්න කවරක්ද යන්න විස්තරාත්මකව අධ්‍යයනය කෙරිණි. එහිදී ඝෘණීකරණ හේතු සාධක සේම ඝෘණීකරණය වන ආකාරයත් විමර්ශනය කෙරිණ. එසේම සිංහල භාෂාවට ප‍්‍රදායක වූ භාෂාවන්ගෙන් ඇතුළත් වූ වචන සම්බන්ධයෙන්ද අධ්‍යයනය කෙරිණි. අවසන මෙම සමස්ත ධාරණා තුළ ආදායක භාෂාවේ රූප සහ අර්ථ කාලානුරූපීව කෙමෙන් කෙමෙන් නවීකරණයට ලක්වන අයුරු පැහැදිලි විය. ආශි‍්‍රත ග‍්‍රන්‍ථනාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍රය සිදත් ස`ගරාව, (සංස්.* කේ. ජයතිලක, ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ, කොළඹ 12, 2009. ද්වතීයික මූලාශ‍්‍රය අමරවංශ හිමි, කොත්මලේ. සිංහල සාහිත්‍ය ලතා, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2004. ජයසේකර, අනන්නද ,ජයසේකර චිත‍්‍රා . තුලනාත්මක වාග්විද්‍යාව, ලේක් හවුස් ග‍්‍රන්ථ ප‍්‍රකාශකයෝ, කොළඹ 2, 1970. කරුණාතිලක, ඩබ්.එස්. ඓතිහාසික වාග්විද්‍යා ප‍්‍රවේශය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2006. කරුණාතිලක, ඩබ්.එස්. (ඇතුළු පිරිස*. වාග්විද්‍යා ප‍්‍රවේශය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10. 2004. ගුණවර්ධන, ඩබ්. ඇෆ්. . සිංහල වාග්විද්‍යා මූලධර්ම, ඇම්. ඞී ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1973. ධර්මබන්ධු, ටී. ඇස්. පිරුළු මිණි, ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1992. පඤ්ඤාතිස්ස හිමි, බැලූම්මහර. සිංහල භාෂා සාහිත්‍යයේ විකාශනය, සමයවර්ධන පොත් ප‍්‍රකාශකයෝ, කොළඹ 10, බලගල්ලෙ, විමල් ජී. සිංහල භාෂා අධ්‍යයන ලිපි, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10,2007. සාසානතිලක හිමි, මාතලේ . වාග්විද්‍යාව, ඇම්.ඞී ගුණසේන සහ සමාගම, කොළඹ, 1960. සිල්වා .සුගතපාල ද. භාෂා විමර්ශන, සමන් ප‍්‍රකාශකයෝ, මහරගම, 1963. සිල්වා, සුගතපාල ද. විග‍්‍රහාත්මක වාග්විද්‍යාව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජගිරිය, 1963. ස`ගරා විජයරත්න සම්භාවනා, (සංස්.* මිණිවන් පී තිලකරත්න. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 1993. සද්ධා, (සංස්.* කොල්ලූපිටියේ මහින්දසංඝරක්‍ඛ්ත හිමි ඇතුළු පිරිස, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2010. සමර්ඡුනා, (සංස්.* මිනුවන්ගමුවේ මහානාම හිමි. සයිබර්ගේට් සර්විස් පෞද්ගලික සමාගම, නුගේගොඩ, 2010.