Thursday, December 12, 2013
රුසියානු සාහිත්‍යය
රුසියානු සාහිත්‍යය
විශ්වය තුළ ජීවත් වූ ජනයා ස්වකීය දුක, සන්තාපය, තනිකම වැනි අවස්ථාවලදී මෙන්ම සතුටු වූ අවස්ථාවලදීද විවිධ කතා කියමින් කාලය ගෙවූ බව සත්‍ය කරුණකි. තත් කරණය එසේ වූ බැවින් කතා කීමේ කලාව කෙදිනක කිනම් තැනකින් ආරම්භ වී දැයි නිශ්චිත වශයෙන්ම කිසිවෙකුටත් කිව නොහැකිය. එහෙත් මුල් කාලීන ජනයා පවා කතන්දර කියමින් කාලය ගෙවූ බවට නම් සාධක එමටය. මෙයින් අපට පෙනී යන කාරණයක් නම් නවකතාව හෙවත් භධඪෑඛ යන සාහිත්‍යාංගය ප‍්‍රභවය ලබන්නේ මෙම කතා කලාවේම දියුණු අවස්ථාවක් වශයෙනි. දැනට පිළිගත් මතය අනුව 18වන සියවසේදී පමණ ආරම්භ වන නවකතා කලාව මේ වන විට විවිධ රටවල විකාශයට පත්වෙමින් එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. එහෙත් කවනකාවේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන්නේ 19වන සියවසයි.
නවකතා සාහිත්‍ය පිළිබ`දව විමසීමේදී විශේෂ තැනක් රුසියාවට ලැබේ. රුසියාව තුළ විශිෂ්ට නවකතා කිහිපයක්ම නිර්මාණය වී තිබීම මෙයට ප‍්‍රධාන සාධකයක් වේ. කෙසේ වුවද රුසියාවට නවකතා නමැති සාහිත්‍යාංගය විකාශනය වන්නේ ප‍්‍රංශයෙනි. ප‍්‍රංශයේ ආභාසය ගනිමින් වැඞී ගිය රුසියන් නවකතා සාහිත්‍ය මේ වන විට ප‍්‍රංශයද අතික‍්‍රමණය කොට ලොව විශිෂ්ටතම නවකතා නිර්මාණය වන රටක් ලෙස සම්භාවනාවට පාත‍්‍ර වේ. එහි ආභාසය යම් තරමකින් හෝ ශ‍්‍රී ලංකාවටද බලපා ඇති බව ලාංකේය නවකතා සාහිත්‍ය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වේ.
මෙම නිබන්ධය තුළින් රුසියානු සාහිත්‍ය කෙරෙහි අපගේ අවධානය ප‍්‍රථම කොටම ගෙන යයි. තදනන්තරව රුසියාව තුළ බිහි වූ සමාජ ප‍්‍රගමනය උදෙසා උරදුන් යථාර්ථවාදී පරමාදර්ශී නවකතා හා ඒවායෙහි එන එබ`දු චරිත පිළිබ`දව සාකච්ඡුා කෙරේ. රුසියන් සාහිත්‍යයෙහි ආභාසය මෙරට නවකතා සාහිත්‍ය කෙරෙහි කෙතරම් තදින් බලපෑ නමුදු එහි එන පරමාදර්ශී චරිත සිංහල නවකතා තුළ බෙහෙවින් නිර්මාණය නොවීම උදෙසා බලපෑ හේතු සාධකද මෙහිදී සාකච්ඡුාවට බ`දුන් කොට ඇත. එහෙත් සිංහල නවකතා තුළද පරමාදර්ශී චරිත දක්නට ලැබේ. එබ`දු චරිත පිළිබ`දව අවසානයට සාකච්ඡුා කොට ඇත.
රුසියානු සාහිත්‍යය
ඕනෑම සාහිත්‍යයක් ප‍්‍රථමයෙන්ම ආරම්භ වන්නේ ගැමි සාහිත්‍යයක් වශයෙනි. තත් කාරණය රුසියාව සම්බන්ධයෙන්ද එලෙසින්ම වලංගු වේ. එහෙත් සෙසු යුරෝපීය සාහිත්‍යයන් හා සස`දා බලන විට රුසියානු සාහිත්‍යය එතරම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන්නේ නැත. රුසියානු සාහිතය විවිධ සාහිත්‍යාංගයන්ගෙන් පිරිපුන් පෘථූල සාහිත්‍යයක් බවට පත් වන්නේ දහනව වන සියවසෙන් පසුවය. එතෙක් පැවති පැරණි රුසියානු ගැමි සාහිත්‍යය ජනකතා, දේවකතා හා ජනප‍්‍රවාදයන්ගෙන් බහුලව පැවතිණි. සාහිත්‍යයට විවිධ අංග එක්වීමේදී පුරාතන සාහිත්‍යාංග විනාශ මුඛයට පත්වීම සාමාන්‍ය ලක්‍ෂණයකි. එසේ වුවත් රුසියානු ගැමි සාහිත්‍යය දහනව සියවස තෙක් අවිච්ýන්නව පැවති බව තත් සාහිත්‍ය පිළිබ`දව විමසීමේදී මනාව පළට වේ. මුල්කාලීන රුසියාවේ තිබූ ජනකතා ආදිය ගීයෙන් රචනා කළ අතර එහි නියම අර්ථයෙන් සාහිත්‍ය කෘතියක් නිර්මාණය වන්නේ දොළොස්වන සියවසෙන් පසුවය. ‘‘දොළොස්වන සියවස දක්වා ම රුසියාවේ තිබූයේ ඉහත ස`දහන් කරන ලද අන්දමේ ජනකථා හා ගීයෙන් පවසනු ලබන වීරකථා පමණි. මේවා නියම අන්දමේ සාහිත්‍ය කෘති සංඛ්‍යාවෙහිලා සැලකීම දුෂ්කර ය. නියම අර්ථයෙන් ම සාහිත්‍ය කෘතියක් වශයෙන් හැ`දින්විය හැකි මුල් ම ග‍්‍රන්ථය බිහි වූයේ දොළොස් වැනි සියවසෙහි අවසාන භාගයේ දී පමණ ය’’ .
සිංහල සාහිත්‍ය මෙන්ම රුසියානු සාහිත්‍ය ව්‍යාප්ත වීම ස`දහාද ආගමික බලය බෙහෙවින් බලපෑ බව පැහැදිලි කරුණකි. එහෙත් සිංහල සාහිත්‍යයේදී පූජ්‍ය පක්‍ෂය විසින් පැරණි ජනකතා හා ජනප‍්‍රවාද සම්පූර්ණයෙන්ම බැහැර නොකොට ඊට නවාංග එකතු කළ බව පෙනේ. රුසියානු සාහිත්‍යයේදී සිදු වූයේ පූජක පක්‍ෂය විසින් පැරණි රුසියානු ජනසාහිත්‍යය සම්පූර්ණයෙන්ම මිථ්‍යාදෘෂ්ටික නිර්මාණ ලෙස සලකා බැහැර කරන ලදි. මේ නිසා වීර චරිතාඛ්‍යාත රාශියක් අභාවයට ගියේය. පහළොස්වන, දහසයවන මෙන්ම දහහත්වන ශතවර්ෂයන්ටද උක්ත කාරණය සම්බන්ධ වේ. පූජක පක්‍ෂය සාහිත්‍යයික බලය ලබා ගැනීමත් සම`ගම එරට පැවති සාහිත්‍යය විනාශ මුඛයට පාත‍්‍ර විය. එසේම රුසියානු සාහිත්‍ය වර්ධනයද ඇණහිටියේය. මෙම කාලය තුළ ආගමික ග‍්‍රන්ථ නිර්මාණය වීම විශේෂ ලක්‍ෂණයකි. මෙය ශතවර්ෂ පහක් තිස්සේ මහා පීටර් රජතුමා රාජ්‍යත්වයට පත්වන තෙක් පැවතුණි. රුසියාවද ධනවාදයෙන් සමාජවාදයට පෙරළීමත් සම`ග තදනුබද්ධ සමාජය අරමුණු කොට ගෙන නිර්මාණයන් බිහිකළ අතර මේවා ම`ගින්ද රුසියානු ජනයා පිබිදවීම උදෙසා ඉමහත් පිටු බලයක් ලැබිණි.
මෙලෙස සලකා බලන කල්හි රුසියානු සාහිත්‍යයද සිංහල සාහිත්‍ය මෙන්ම ආගමික මුහුණුවරක් ගත් බව පෙනේ. පුරාතන සිංහල සාහිත්‍යය බුදුදහමෙහි ආභාසයෙන් වැඩුණාක් මෙන්ම, රුසියානු සාහිත්‍යය ක‍්‍රිස්තියානි ආගමේ ආභාසයෙන් වර්ධනය වීම අන්‍යෝන්‍ය වශයෙන් ඇති වූ වෙනස්කම්ය. රුසියානු සාහිත්‍යයෙහි මුල්ම ග‍්‍රන්ථ රචනා වනුයේ ක‍්‍රිස්තියානි ආගමට අනුකූලව උපදේශයන් ලබා දීම ස`දහාය. මේ නයින් බලන කල රුසියානු සාහිත්‍යයේ මුල්කාලීන ග‍්‍රන්ථ රචනා වන්නේ උපදේශ ග‍්‍රන්ථ වශයෙන් යැයි පිළිිගැනීමට සිදු වේ. මේවායින් මිනිසුන් වෙත ඉදිරිපත් කෙරෙනුයේ ස්වකීය ජීවිතය සාර්ථක කරගැනීම උදෙසා ඉවහල් වන ආගමානුකූල උපදේශයන් රාශියකි. මේවා මුල්කාලීන බෞද්ධ ග‍්‍රන්ථවලට බෙහෙවින් සමාන වේ.
රුසියානු සාහිත්‍යයේ පළ වූ ප‍්‍රථම ග‍්‍රන්ථය වශයෙන් සෑම කෙනෙකුන් විසින්ම පිළිගනු ලබන්නේ අලූත් ගිවිසුමේ පරිවර්තනයකි. ඉතා දිළි`දු රටක් ලෙස මුල්කාලීනව පැවති රුසියාව පසුකාලීනව සම්පූර්ණ වශයෙන්ම යුරෝපීයයන්ගේ සංස්කෘතීන්ගේ බලපෑම්වලට අවනත වේ. විශේෂයෙන්ම දහහත්වන හා දහඅටවන සියවස්හිදී රුසියාව යුරෝපීය සංස්කෘතීන් හා ඝට්ටනය වේ. තත් වකවානුවේදී මහා පීටර් රජු රුසියාවේ පාලකයා ලෙස කටයුතු කරන්නට යෙදුණි. රුසියානු සාහිත්‍ය කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමේදී වැදගත් වන නිර්මාණකරුවෙක් නම් මහකවි පුෂ්කින්ය. ඔහු රුසියානු සාහිත්‍යයේ හමුවන පළමුවන ශ්‍රේෂ්ඨ කවියා ලෙස සම්භාවනාවට පාත‍්‍ර වේ. ඔහු විසින් ගැමිකතා කවියට නැ`ගීම සිදු කරන ලදි. එහෙත් ප‍්‍රථම රුසියානු කවියා වශයෙන් ඇතැම් අය විසින් පිළිගනු ලබන්නේ ඩෙර්ෂාවින්ය. ඔහු ක‍්‍රි.ව. 1743-1816 අතර කාලය තුළ ජීවත් වී ඇත. එහෙත් මේ කාලය වන විට රුසියාවේ ශ්‍රේෂ්ඨතම ලේඛකයා වශයෙන් පිළිගැනෙන්නේ ටෝල්ස්ටෝයි නම් ලේඛකයාය. ටෝල්ස්ටෝයි ශ්‍රේෂ්ඨතම ලේඛකයා වශයෙන් පිළිගත්තද රුසියානු නවකතාවේ පියා වශයෙන් සම්භාවනාවට පාත‍්‍ර වූයේ ඔහු නොවේ. රුසියානු නවකතා සාහිත්‍යයෙහි පියා වශයෙන් පිළිගැනෙන්නේ ගොගොල් බව මිණිවන් පී. තිලකරත්න පෙන්වා දෙයි . ඔහු විසින් රුසියානු නවකතා සාහිත්‍ය වෙනත් දෘෂ්ටියකින් බැලීමට පාඨක ජනයා යොමු කිරීම මෙයට හේතුවයි. ඒ ස`දහා ඔහු අග‍්‍ර ගණයේ නවකතා කිහිපයක්ම නිර්මාණය කොට තිබීම සැලකිය හැකිය.
රුසියානු සාහිත්‍ය වර්ධනය වීම උදෙසා යුරෝපීය සාහිත්‍යයේ ආභාසය ලැබ ඇති බව තත් සාහිත්‍ය පිළිබදව විමසීමේදී අවබෝධ වේ. ඒ ස`දහා තදින් බලපෑවේ ප‍්‍රංශ සාහිත්‍යයි . ප‍්‍රංශ සාහිත්‍යයේ සමහර ලක්‍ෂණ අවශෝෂණය කරගත් රුසියානු සාහිත්‍යය අද්‍යතන යුගයේදී ලෝකයේ විශිෂ්ට සාහිත්‍යයක් වශයෙන් ගෞරවය හිමි කරගනිමින් අනෙක් සාහිත්‍යයන් අභිභවනය කරමින් ඇති බව තත් සාහිත්‍ය වංශය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සනාථ වේ.
යථාර්ථවාදී පරමාදර්ශී චරිත යනු
රුසියාවේ හා ශ‍්‍රී ලංකාව තුළ පහළ වූ යථාර්ථවාදී චරිත නිරූපණය කෙරෙහි අවධානය යොමු කිරිමට පෙර යථාර්ථවාදී පරමාදර්ශී චරිත යනු මොනවාද යන්න පිළිබ`දව විග‍්‍රහ කර ගැනීම අවස්ථාවෝචිත බව පෙනේ. යථා ූ අර්ථය යන පදද්වය සන්ධි වීමෙන් යථාර්ථය යන පදය නිර්මාණය වී ඇති බව වාග්විද්‍යානුකූලව සිතිය හැකිය. එහෙත් ‘යථාර්ථ’ යන පදය පෘථූල අර්ථයකින් නවකතා සාහිත්‍ය තුළදී භාවිතයට ගෙන ඇති බව පෙනේ. එසේම උක්ත පදය උදෙසා ඉදිරිපත් වී ඇති නිර්වචන සමුදාය ගෙන බැලීමෙන්ද යථාර්ථ යන පදය පුළුල් අර්ථයකින් භාවිත වන බව පැහැදිලිය. සුරවීරයන් පවසන පරිදි ‘‘මෙයින් අදහස් වනුයේ ජීවිතය ඇති සැටියෙන් හෙවත් තාත්විකව නිරූපණය කිරීමට වඩා මිනිස් ජීවිතයේ යථා අර්ථය හෙවත් නියම අර්ථය නිරූපණය කිරීම ය. යථාර්ථ නිරූපණයෙහිලා ලේඛකයා අතින් සිදු වන්නේ යථා තත්ත්වය පිළිබ`ද ස්වකීය ප‍්‍රතික‍්‍රියා දැක්වීම යයි කියනු ලැබේ’’ , යනුවෙනි.
උක්ත අර්ථ විග‍්‍රහයට අනුව යථාර්ථවාදයෙන් සිදු වන්නේ මිනිස් ජීවිතය ඇති සැටියෙන් හෙවත් තාත්විකව ඉදරිපත් කිරීමක් නොවන බවයි පැහැදිලි වන්නේ. එහිදී සිදු වන්නේ මිනිස් ජීවිතයේ යථා අර්ථය හෙවත් නියම අර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීමයි. මිනිසාගේ සෑම කි‍්‍රයාවක්ම හා ඔහුගේ සිතුවිලි සමුදාය එලෙසින්ම නිරූපණය කිරීම තුළින් සිදු වන්නේ යථාර්ථවාදය ප‍්‍රතිනිර්මාණය කිරීමක් නොව, අනුකරණය කිරීමකි. අනුකරණය සාහිත්‍යයේදී එතරම් වැදගත් දෙයක් සේ සැලකිය නොහැකිය. මිනිස් ක‍්‍රියාවන් නව්‍යාකාරයකින් කලාත්මකව ඉදිරිපත් කිරීම යථාර්ථවාදී නිරූපණය ලෙස සැලකිය හැකි බව පෙනේ.
මොරිස් නම් බටහිර විචාරකයා යථාර්ථවාදය පිළිබ`දව ඉදිරිපත් කරන අදහස් කැටි කොට දක්වන ලියනගේ අමරකීර්ති සූරීහු ‘‘මිනිස් මනසට බාහිරව පවත්නා ‘වාස්තවක ලෝකය’ත් ඒ බාහිර ලෝකය කෙරෙහි මිනිසා දක්වන ආත්මගත ප‍්‍රතිචාරයත් මිනිසාට භාෂාව ම`ගින් දැන ප‍්‍රතිිනිර්මාණය කළ හැකිය යන මහා බුද්ධි ප‍්‍රබෝධයට අයත් ආනුභූතික ඥානයේ ප‍්‍රතිනිර්මාණාත්මක ස්වරූපය යථාර්ථවාදයයි...’’ යනුයෙන් යථාර්ථවාදය පිළිබ`දව අර්ථකථනය කොට දක්වති.
තදනන්තරව පරමාදර්ශී යන වචනයෙහි අර්ථය පිළිබ`දව අපගේ අවධානය යොමු තිරීම අවස්ථාවෝචිත වේ. පරමාදර්ශී යන වදනෙහි අර්ථයට අනුව පැහැදිලි වන්නේ තව පිරිසකට අනුගමනය කිරීමට හැකි වන පරිද්දෙන් ඒ චරිතය ආදර්ශ චරිතයක් විය යුතු බවයි. පරම යන්නෙන් ශ්‍රේෂ්ඨ හෙවත් උතුම් යන අර්ථය ලැබේ. ගුරුගීතයෙහි එන දුයිෂේන් උදාහරණයක් වශයෙන් දැක්විය හැකිය. ඔහු නන්විධ දුක්කරදරයන්ට මුහුණ දෙමින් ක්‍ෂුධාව, පවස ගැනවත් නොසිතා අනාගතයට උගත් පිරිසක් බිහි කිරීම උදෙසා ස්වකීය දිවිය කැප කරයි. යම් චරිතයක් තුළ පරමාදර්ශී බව දක්නට ලැබේ නම් ඒ චරිතය සතතයෙන්ම ගරු බහුමනට ලක්වන චරිතයක් බවට ඒකාන්තයෙන්ම පත් වේ. පරමාදර්ශී චරිතයක් වුවද යම් යම්විට යම් යම් පුද්ගලයන්ගේ අප‍්‍රසාදයට ලක්විය හැකිය. එහෙත් සමහර චරිත යථාර්ථවාදී වුවත් ඒ තුළ පරමාදර්ශී බවක් දක්නට නොලැබේ. යථාර්ථවාදී මෙන්ම පරමාදර්ශී ස්වභාවයෙන්ද සුලක්‍ෂිත චරිත නවකතා සාහිත්‍ය තුළින් අපට හමුවන්නේ ඉතා අල්පයකි. විශේෂයෙන්ම තත් කාරණය සිංහල නවකතා සාහිත්‍ය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් වේ. රුසියානු නවකතා සාහිත්‍ය අනුකරණය කිරීමෙන් මෙම චරිත සිංහල නවකතා කලාවට පිවිසි බව පෙනේ.
රුසියානු නවකතාවේ එන යථාර්ථවාදී පරමාදර්ශී චරිත
ලෝකයේ බිහි වූ විශිෂ්ට නවකතා රාශියකටම උරුමකම් කියන්නේ රුසියාවයි. එබැවින්ම නවකතා සාහිත්‍යයෙහි විකසිත කුසුම ලෙස රුසියාව හ`දුන්වා දීම සාවද්‍ය නොවේ. ප‍්‍රංශ නවකතා සාහිත්‍යයෙහි ආභාසයෙන් නවකතා රචනා කිරීමට ආරම්භ වන රුසියාව පසුකාලීනව ප‍්‍රංශයද සමතික‍්‍රමණය කරමින් ඉතා විශිෂ්ට වූ නවකතා රචනා කිරීම උදෙසා උරුමකම් කියමින් සම්භාවනාවට පාත‍්‍ර වේ. ඕනෑම රටක නිර්මාණය වන නවකතා තුළින් තත්කාලීන සමාජය විවරණය කිරීම සාමාන්‍ය ලක්‍ෂණයකි. රුසියාවේද නවකතා නිර්මාණය වීමේදී සමකාලීන සමාජය ඒ ස`දහා බලපෑ බව රුසියානු නවකතා සාහිත්‍ය තුළින් මොනවට පිළිබිඹු වේ. සමාජ රටාව අසාධාරණ නම් ඊට විරුද්ධව ජනයා ඒකරාශී කරවීම නිර්මාණකරුවන්ගේ පරම වගකීමක් බවට පත් වේ. රුසියාව තුළද ධනවාදයෙන් සමාජවාදයට පෙරළීමත් සම`ගම එයට උරදුන් යථාර්ථවාදී පරමාදර්ශී චරිත රාශියක් රුසියාන් නවකතා සාහිත්‍ය තුළට පිවිසි බව පෙනේ.
මැක්සිම් ගෝර්කිගේ අම්මා නවකතාව
රුසියානු කාර්මික විප්ලවයේ විවිධ ලක්‍ෂණ හා ධනවාදයේ නැගීමත්, එයට විරුද්ධව රුසියානු සමාජයේ ඇති වූ කලබලකාරී ස්වභාවයත්, මැනවින් පළට කරන ග‍්‍රන්ථයක් ලෙස මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ නවකතාව හ`දුන්වාදිය හැකිය. ඔහු සමාජ සත්තා යථාර්ථවාදයේ පියා වශයෙන් හැ`දින්වේ. සොර්මෝවෙහිදී ඇති වූ දේශපාලනික සිදු වීම් රාශියත් මේ ග‍්‍රන්ථය ස`දහා පාදක වී ඇත. මෙහි කතා නායකයා හෙවත් වීරයා වන්නේ ‘‘පාවෙල්’’ නමැති තරුණයෙකි. ඔහු විප්ලවකාරී මෙන්ම ප‍්‍රගතිශීලී අදහස්වලින් සමුපලක්‍ෂිත නිර්භය පුද්ගලයෙකි. ස්වකීය සුරතට රතු කොඩිය ගනිමින් ස්වාමි පක්‍ෂයට විරුද්ධව පෙළපාලි යාමට තරම් ඔහු නිර්භය වෙයි. ඔහු ස්වකීය ජීවිතය පවා පරදුවට තබමින් මෙසේ ස්වාමි පක්‍ෂයට විරුද්ධව පෙළපාලි යමින් කම්කරු පන්තිය නියෝජනය කරන නිසාම පරමාදර්ශී චරිතයක් බවට පත් වේ. එසේම තමා නියෝජනය කරන සමාජ පංතියට විරුද්ධ වන හා එරෙහිව එන බලවේගයන්ට හා අසාධාරණයන්ට එරෙහිව ජනතාව පෙළගැස්වීමට පවා පාවෙල් ප‍්‍රමුඛත්වය ගනී. ඔහු යථාර්ථවාදී චරිතයකි. තමන්ට ලැබිය යුතු වරප‍්‍රසාදයන් දිනා ගැනීමට ඔහු පෙළඹෙන්නේ එබැවිනි. පාවෙල්ගෙන් පසුව ඔහුගේ මව වූ නීලව්නා, පාවෙල් සිරගත වීමෙන් පසුව ඔහු විසින් කරගෙන ගිය සටන දිගටම ක‍්‍රියාත්මක කිරීම ස`දහා ස්වකීය සම්පූර්ණ කාලයම කැප කළාය.
රුසියානු අරගලය වසර කිහිපයක් ඉදිරියට ගෙන ඒමට මහත් පිටුබලයක් වූ අම්මා නවකතාව තුළින් රුසියාවේ අරගලයේ අපහසු බව පෙන්වාදී ඇත. රුසියාවේ පැවති පංති අරගලයේ සැබෑ ස්වරූපය හ`දුනාගැනීම උදෙසා අම්මා නවකතාව පිටු බලයක් වේ. සාර් රජය විසින් මිනිසුන් තළා පෙළා දමමින් ගෙන ගිය අසාධාරණ පාලන ක‍්‍රමය බි`ද දමමින් රුසියාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීම මැක්සිම් ගෝර්කිගේ මූලික අභිලාසය විය. මෙම අරගලයට නායකත්වය ලබා දුන් පාවෙල් අවසානයෙහි කම්කරු පංතියට නායකත්වය ලබාදීම හේතුවෙන් සිරගත වීමට හේතු වේ.
පාවෙල්ගේ පියා කෙටි කලකින්ම මිය යයි. ඔහු ජීවත්ව සිටිය කාලයේදී වුව පාවෙල්ගේ පවුලේ සම`ගියක් නොතිබුණි. එයට ප‍්‍රධාන හේතුව නම් ඔවුන්ගේ සේවයට සරිලන වේතනයක් නොලැබීමයි. පියාගෙන් පසුව තත් කර්මාන්ත ශාලාවෙහිම වැඩට යන පාවෙල් මෙයට වරුද්ධව පෙළ ගැසේ. ඔහු කම්කරුවන් අමතමින් නොබියව අසාධාරණ පාලක පංතියට එරෙහිව හ`ඩ න`ගයි.
‘‘සහෝදරවරුනි! ඔහු යළි පැවසූයේ එම වචනයෙන් මහත් සොම්නසක් හා ශක්තියක් උකහා ගනිමිනි. ‘පල්ලි, පන්සල් හා කම්හල් වැඩපලවල් හදන්නේත්, දම්වැල් කෝවයන් තුළ දමා උණු කොට හදන්නේත්, අපි උපන් දා සිට මිනීවළට යන තෙක් හැමදෙනාටම ආහාර පාන දී නලවන්නේත් අපේ ජීවමාන බලය විසිනි...’’
‘‘අන්න හරි! තමාට පුරුදැ පරිදි රීබින් කීවේය.’’
‘‘හැමදාම හැමතැනම වැඩ කරන විට පළමුවැනි පෙළට අසු වන අපි ජීවත් වීමේදී අන්තිම පෙළටයි වැටෙන්නෙ. අපට සැලකිලි දක්වන්නෙ කවුද? අපට සෙත සලසන්නෙ කවුද? කවුරුත් නැහැ!’’
පාවෙල් මෙන්ම අවසානයට ඔහුගේ යහළුවන්ද සිරගත වේ. තදනන්තරව කම්කරු සටනට නායකත්වය දීමට කිසිවෙකුත් නැත. මේ හේතුවෙන් ඔහුගේ කාර්යභාරය එලෙසින්ම කි‍්‍රයාත්මක කිරීමට සමත් වන්නේ පාවෙල්ගේ මව හෙවත් නීලව්නාය. ඇය සමහර අවස්ථාවල සිර ක`දවුරේ සිට පාවෙල් විසින් ලියන ලද පත‍්‍රිකා බෙදමින් ජනතාව පෙළ ගැස්වීමට සමත් වේ. මේ අනුව බලන කල පැහැදිලි වන කාරණයක් නම් මැක්සිම් ගෝරකි විසින් නිර්මාණය කරන ලද අම්මා නවකතාවෙහි එන අම්මා මෙන්ම කතා නායක පාවෙල්ද යථාර්ථවාදී පරමාදර්ශී චරිත බව පෙනේ. ඔවුන් දෙදෙනාම කටයුතු කරන්නේ අසාධාරණ පාලක පක්‍ෂයෙන් දුක් පීඩා වි`දින සුවහසක් ජනතාව වෙනුවෙනි.
චින්ගීස් අයිත්මාතව්ගේ ගුරුගීතයේ එන දුයිෂේන්
ප‍්‍රතිභාපූර්ණ සුප‍්‍රසිද්ධ ගත් කතුවරයෙකු වශයෙන් කිර්ගීස් ජාතික චින්ගීස් අයිත්මාතව් හ`දුන්වාදිය හැකිය. ඔහු විසින් රචනා කරන ලද සුප‍්‍රසිද්ධම කෘතිය වන්නේ් ‘ගුරුගීතය’යි. ඉතාම අල්ප වූ අධ්‍යාපනයක් ලැබූ දුයිෂේන් තමා ලැබූ අධ්‍යාපනය අයිලයක ජීවත් වූ දුප්පත් ළමුන්ට ලබා දෙමින් ඔවුන්ගේ ඉදිරි ජීවිතයට අත්වැලක් වූ අයුරු මෙම කෘතිය තුළින් ඉදිරිපත් කෙරේ. ඔහුගේ සාර්ථකම ශිෂ්‍යාව වූයේ අල්තිනායි නම් දැරිවියයි. දෙමව්පියන් නොමැතිව මාමලාගේ නිවෙසෙහි ජීවත් වූ ඇය කුඩා ළමයෙකුට වඩා මෙහෙකාරියකගේ ස්වරූපයෙන් ජීවත් වූවාය. නිවෙසෙහි සියලූ කටයුතු කළ ඇයට අධ්‍යාපනයක් ලබා දීමට ඇගේ නැන්දනිය අකමැති වුවද, දුයිෂේන්ගේ නොපසුබට විරිය හේතුවෙන් මහාචාර්යවරියක් දක්වා උගත් තැනැත්තියක් බවට පත්වීමට ඇයට හැකියාව ලැබිණි. මෙහිදි දුයිෂේන් ස්වකීය කාලය කැප කරමින් සමාජ ප‍්‍රගමනය උදෙසා කටයුතු කළ බව නවකතාව පුරාවටම දැකිය හැකිය. පරාර්ථය උදෙසා කැප කළ ඔහුගේ ජීවිතය පරමාදර්ශී භාවයෙන් පරිපූර්ණය. අයිලයේ ජනයා අකමැති වුවද, ස්වෝත්සාහයෙන්ම කුඩා ළමුන්ගේද සහාය ලබා ගනිමින් දුයිෂේන් පාසලක් නිර්මාණය කරයි. නගරයට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනය ගමටද ගෙන යාමට දුයිෂේන් ගත් වෙහෙස සැබවින්ම අගය කළ යුතුය. එහෙත් නිස්සරණාධ්‍යාශයෙන් ඔහු කළ කැපවීම තෙරුම් ගෙන ස්වකීය දරුවන් පාසැල වෙත එවීමට පවා සමහර දෙමව්පියෝ අකමැති වූහ. එහෙත් රජයේ නීති- රීතිවලට ඔවූහු බිය වූහ.
‘‘උඹට ඔය තරම් ඕන කමක් තියෙනවනම්, උගන්වාපන් අපට මොකෝ....අපි නීතිවලට විරුද්ධ නැහැ.’’
‘‘එහෙනම් මට කරුණාකරලා උදව් වෙයල්ලා. අර කන්ද උඩ තියෙන බායිලාගේ අස්සගාල ශුද්ධ කරලා ගන්ට ඕන. ග`ග හරහා ඒදණ්ඩක් දාන්ට ඕන. ඉස්කෝලෙට දර ඕන...’’
අයිලයේ මිනිසුන්ගේ ජීවන රටාව වූයේ තමන් මෙන්ම ස්වකීය දරුවන්ද ගොවිතැන් කරමින් ජීවත් වනවා දැකීමයි. දුයිෂේන් අභියෝග කරන්නේ මෙබ`දු සමාජ රටාවකටය. එහෙත් එයින් ඔහු බලාපොරොත්තු වන්නේ සමාජ ප‍්‍රගමනයයි. දුයිෂේන් යථාර්ථවාදීය. ඔහු අයිලයේ මිනිසුන්ට පවසන්නේ ඔවුන් දරුවන්ට අධ්‍යාපනයක් ලබා නොදෙන්නේ නම්, එය ඔවුන්ට කරන අසාධාරණයක් බවයි. ඔහු පාසල ගොඩ නගන්නේ ස්වෝත්සාහයෙන්ය. එසේම ඔහුද එතරම් දුරට අධ්‍යාපනයක් ලැබූවෙකු නොවේ. තමන්ද ඉගෙන ගන්නේ නොයෙකුත් කරදර මධ්‍යයෙහිය. එසේ ඉගෙනගත් ඔහු අධ්‍යාපනයේ ඇති වැදගත්කම හො`දින්ම අවබෝධ කරගත්තේය. ¥දරුවන් වෙනුවෙන් නොයෙක් වධ හිංසනයන්ට පත්වෙමින් සමහර අවස්ථාවල මැරප‍්‍රහාරවලට පවා හසුවෙමින් ස්වකීය පාසලෙහි කටයුතු කරන්නේ එබැවිනි. සමහර අවස්ථාවල ස්වකීය පාසලෙහි අධ්‍යාපනය ලබන සිසුන්ගේ පෞද්ගලික ජීවිතයට පවා ඔහු මැදිහත් වීමෙන් ඔහු සමාජ ප‍්‍රගමනය උදෙසා කෙතරම් ක‍්‍රියාශීලීව කටයුතු කරන්නේද යන්න මනාව පිළිපිඹු වේ. පහළොස් හැවිරිදි අල්තිනායි විවාහ කර දීමට ඇයගේ නැන්දනිය වෙහෙස ගත් විට ඇය එයින් ගළවා ගැනීමට දුයිෂේන් උත්සාහ කරයි. එය ප‍්‍රථමයෙන් අසාර්ථක ප‍්‍රයත්නයක් බවට පත් වේ. ඔහුට පහරදී ඇයව පැහැර ගෙන යන රතු මූණාට පසුව විරුද්ධ වී අල්තිනායි ඔහුගෙන් ගළවා ගැනීමට ඔහු සමත් වේ.
‘‘ වල්ඌරා!’ යැයි දුයිෂේන් දත් විලිස්සමින් ගුගුළේය. ‘දැන් ඉතින් වරෙන් යා යුතු තැනට යමු!’’
‘‘තණකොළ පොඩි කරන්නා වගේ ඈ සමතලා කොට විනාශ කළා යැයි උඹ හිතනවද? මෘගයා, උඹේ කාලේ ඉවරයි!... දැන් ඇගේ කාලයයි!’’
මේ අනුව බලන කල දුයිෂේන් පරමාදර්ශීයේ ප‍්‍රතිමූර්තියක් ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමට තරම් අයිත්මාතව් සමත් වූ බව පැහැදිලි වේ. ගුරුගීතයේ ස`දහන් පරිදි ඔහුගේ සම්පූර්ණ දිවියම පරමාදර්ශී ලක්‍ෂණයන්ගෙන් සමුපලක්‍ෂිත වේ. ඕනෑම සමාජයකට නවාංගයක් ඇතුළු කිරීමට යාමේදී විවිධ දුක් කරදරයන්ට මුහුණ පෑමට සිදු වීම සාමාන්‍ය ස්වභාවයයි. ගොවිතැන එකම ජීවන රටාව කරගෙන කුඩා කාලයේම දරුවන් විවාහ කර දෙමින් ජීවත් වූ අයිලයේ ජීවන රටාව වෙනස් කිරීමට ගිය දුයිෂේන්ටද එම කරදරය එසේම වි`දීමට සිදු විය. ඔහු ඇතැම් විටෙක දරුණු ප‍්‍රහාරයන්ට ලක් වූයේ ඔහු කෙරෙහි වූ පරාර්ථකාමීත්වය නිසාමය. දුයිෂේන් දරුවන්ට අධ්‍යාපනයක් ලබා නොදීමට විරුද්ධ වූයේය. නගරයට පමණක් සීීමා වූ අධ්‍යාපනය ගමෙහි ජීවත් වන අහිංසක ළමයින්ටත් ලැබිය යුතු බව දුයිෂේන් තදින්ම විශ්වාස කළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙනි, අල්තිනායි නගරයේ පාසලකින් අධ්‍යාපනයක් ලබා මහාචාර්යවරියක් බවට පත් වන්නේ. උක්ත කරුණු අනුව චින්ගීස් අයිත්මාතව් විසින් ගුරුගීතයේදී දුයිෂේන් සමාජ ප‍්‍රගමනය උදෙසා උරදෙන යථාර්ථවාදී පරමාදර්ශී චරිතයක් ලෙස මැනවින් නිරූපණය කර ඇති බව කිව යුතුය.
චින්ගීස් අයිත්මාතව්ගේ ජමීලා
රුසියානු සාහිත්‍යයෙහි අපට හමුවන තවත් සුප‍්‍රසිද්ධ ගත් කතුවරයෙකි, කිර්ගීස් ජාතික චින්ගීස් අයිත්මාතව්. ඔහු විසින් විශිෂ්ට නවකතා කිහිපයක්ම රචනා කර ඇති අතර ‘ජමීලා’ ඉන් එකකි. සොල්දාදුවෙකු වශයෙන් ස්වකීය ස්වාමියා කටයුතු කරන විට ඇය සැමියාගේ දෙමව්යන් සමීපයෙහි ජීවත් වේ. කලකට පසු ස්වාමියාගෙන් ලිපියක් ලබන ජමීලා එහිද තමාගේ නම පවා ඉතා නොසැලකිල්ලෙන් ස`දහන් කර තිබෙනු දකින්නීය. කිසිදු අනාගත බලාපොරොත්තුවකින් තොරව ජීවත් වන ජමීලාගේ සම්පූර්ණ ජීවිතයම එදිනෙදා වැඩ කටයුතුවලට පමණක් සීමා වේ. මෙලෙස ස්වාමියාගෙන් විතැන්ව සිටින ජමීලාගේ සිත උඩ`ගු දනියාර් වෙත ඇදී යයි. ඇය කිසිවිටෙකත් ස්වකීය වල්ලභයාට විරුද්ධ වීමට සිහිනෙනුදු නොසිතයි. එහෙත් භාර්යාවක් වශයෙන් තමාට ලැබිය යුතු ආදරය හා වරප‍්‍රසාදයන් නොලැබී යාමෙන් හා අනාගත කිසිදු බලාපොරොත්තුවකින් තොරව ජීවත් වන ජීවිතය ඇයට අප‍්‍රියය. ඇය යථාර්ථයට මැනවින් මුහුණ දෙයි. ඇය ස්වාමියා හැර යන්නේ ඔහු කෙරෙහි අනාලයකින් නොව, ස්වකීය පරමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම උදෙසාය. අනුන්ගේ සතුට උදෙසා වහලියන් සේ සලකන ස්ත‍්‍රීන් ඕනෑතරම් සමාජය තුළන් දැකිය හැකිය. ඒ අතුරින් ජමීලා වෙනස් පරමාදර්ශී චරිතයක් බවට පත් වන්නේ ස්වකීය සංස්කෘතියට අභියෝග කරමින් තම නිදහස තමා විසින්ම නිර්මාණය කරගන්නා බැවිනි. ඇය මෙලෙස ස්වාමියා හැර දනියාර් සම`ග පැනයාමම පරමාදර්ශයක් බවට පත් වේ. එනම් තමාට ලැබිය යුතු ආදරය නියම තැනින් නොලැබෙන්නේ නම් ඒ ආදරය ලැබෙන තැනක් ඇත්නම් එතැනට තමන් යොමු වීමයි. අනෙක් කාරණය නම් ජමීලා පුරුෂයෙකුට නොදෙවෙනි සේ පුරුෂයා විසින් කළ යුතු කටයුතුද ඉටු කරයි.
‘‘එහෙම කොහොමද! එක් එක්කෙනා තමන්ගේ කරත්ත වලට පැටවීම හරිද? නැහැ යාළුවා. එහෙම බැහැ. මෙහෙට දෙනවා තමුසේගෙ අත. කිචීනෙ බාලා, නුඹ මොකද බලාගෙන ඉන්නෙ නැගපන් කරත්තෙට. හරි හැටි තිරි`ගු මිටි ගොඩ ගහපන්!’’ මේ අනුව ජමීලා නිර්භය කාර්යක්‍ෂම ස්ත‍්‍රියක් බව පෙනේ. ඇය පුරුෂයන්ට පවා විධාන කිරීමට තරම් පෞරුෂයෙකින් හා ඕනෑම කටයුත්තක් සාර්ථකව සිදු කිරීමට දක්‍ෂ තැනැත්තියකි. ඇය පැවති සමාජ රටාව නොබියව අතික‍්‍රමණය කිරීම නිසාම පරමාදර්ශී චරිතයක් බවට පත් වන අතර, ඇය එසේ නොවූයේ නම් තත් සමාජය තුළ ඇයට ජීවත් වීමට නොහැකි වේ. එසේම, අසාධාරණයට විරුද්ධ වන ඇය තම නිදහස පාවා දීමට කිසිසේත් නොපැකිළෙයි. ඇය ස්වකීය දෙමව්පියන්ට සලකන පරිද්දෙන් නැන්දනියට හා මාමාට සැලකීමෙන් ජමීලා යථාර්ථ තලයේ ජීවත් වූ චරිතයක් ලෙස නිරූපණය කොට ඇත.
‘‘වැඩිහිටියන් ඉදිරියේ වුවද ලැජ්ජා නොවී ජමීලා ගී ගැයුවාය. නිතර ඈ කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් හෝ ගායනා කළාය. අයිලයේ පිළිගත් චාරිත‍්‍රවලට මේ හැසිරීම් කොහෙත්ම නොගැළපෙන බව නොකිව යුතුය. ජමීලා තරුණියක් නිසාත්, සමහර තරුණියන් එසේ හැසිරීම ස්වභාවික නිිසාත් කල්යාමේදී මේ හැසිරීම ඉබේටම නවතිනු ඇතැයි ඇගේ නැන්දලා දෙදෙනා සිතූහ. ජමීලා තරම් හො`ද කෙනෙක් මෙලොව නැතැයි මම සිතුවෙමි’’ .
ජමීලා පමණක් නොව, දනියාර් යම් යම් අවස්ථාවල පරමාදර්ශී යථාර්ථවෘදී චරිතයක් බවට පත් වූ බව නවකතාව තුළින් අවබෝධ කොටගත හැකිය. ඔහු ජමීලාටවත් යටත් වීමට කැමති නොවේ. රාත්තල් 252ක් බරැුති තිරි`ගු පිටි මිටිය පාදයේ තිබෙන තුවාලය ගැනවත් නොසිතා තනිවම උසුලාගෙන යන්නේ ස්වකීය පෞරුෂත්වය මොනවට පළට කරමින්ය. ඔහු ජමීලගේ සිත් දිනා ගන්නේ ඇය තමන්ට කරන නොයෙකුත් උසුළු විසුළුවලට එරෙහිව බැන වැදීමෙන් නොව, ඒවා උපේක්‍ෂාවෙන් වි`ද ගැනීමෙන්ය. උක්ත තොරතුරුවලට අනුව චින්ගීස් අයිත්මාතව්ගේ ජමීලා නවකතාවේ එන ජමීලා හා දනියාර් යන දෙදෙනාම යම් යම් අවස්ථාවල පරමාදර්ශී වන අතර, ඔවුන් පැවති සමාජ රටාව වෙනස් කරමින් සමාජ ප‍්‍රගමනය උදෙසා කටයුතු කළ බවද පැහැදිලිව පෙනේ. එසේම, සමාජ යථාර්ථය හා ජීවත් වීමේ රටාවද ඔවුන් දැනගෙන සිටි බව යථෝක්ත කරුණුවලින් සනාථ වේ. ඔවුන් දෙදෙනා නිවෙසින් පැන යන්නේ ඔවුන්ගේම ලොවක ජීවත් වීමේ යථාර්ථවාදී පරමාර්ථයන්ට අනුකූලවය.
සිංහල නවකතාවේ යථාර්ථවාදී පරමාදර්ශී චරිත අල්ප වීමට හේතු
සිංහල සාහිත්‍ය තුළ ප‍්‍රබන්ධ කතා සාහිත්‍යයක් නිර්මාණය වීම වස් බටහිර බලපෑම බෙහෙවින්ම ලැබුණු බව පැහැදිලි මතයකි. මේ ස`දහා ඇතැම් විට ජාතක කතා සාහිත්‍යයේද ආභාසය යම් පමණකින් හෝ ලබා ඇති බව පෙනේ. ඒ කෙසේවතුදු සිංහල නවකතාව උදෙසා බටහිර බලපෑම් තදින්ම ලැබී ඇති බව නම් පිළිගත යුතු කරුණකි. සිංහල නවකතා ස`දහා බටහිර බලපෑම් කෙතරම් තදින් බලපෑවේ වුවද, එහි එන යථාර්ථවාදී පරමාදර්ශී චරිත සිංහල නවකතාවලින් සොයා ගත හැක්කේ ඉතාම අල්පයකි.
සිංහල නවකතා තුළ පරමාදර්ශී යථාර්ථවාදී චරිත අඩුවීමට එක් හේතුවක් නම් මුල්කාලීන නවකතා රචනා වීමේ සමාජ පසුබිම තදින් බලපෑමයි. සිංහල සාහිත්‍ය මෙන්ම එහි එක් ශාඛාවක් වූ ප‍්‍රබන්ධ සාහිත්‍යයද පෝෂණය වූයේ ආගමික පරිසරය පසුබිම් කරගෙනය. ආගමික පරිසරය හා සභ්‍යත්වය පසුබිම් වීම හේතුවෙන් මුල්කාලීන නවකතා රචකයන්ගේ එකම අභිප‍්‍රාය වූයේ නවකතා තුළටද ආගමික පරිසරයක් ඇතුළත් කිරීමයි. එහිදී නවකතාවල එන බොහෝ චරිත ආගමික සාහිත්‍යයේ එන චරිතවලට සමාන වේ. බෞද්ධ නම් චරිත ස`දහා භාවිත වීමම මෙයට ප‍්‍රබල හේතුවක් වූ බවට සිතිය හැකිය. බෞද්ධ නම් ඇතුළත් කළා පමණක් නොව, ඔවුන් බෞද්ධ පරිසරයක ජීවත් කිරීමටද නවකතාකරුවන් උත්සාහ ගෙන ඇත. මේ හේතුව නිසා නවකතා තුළින් යථාර්ථවාදී පරමාදර්ශී චරිතවලට වඩා බෞද්ධ උපාසක චරිත නිර්මාණ විය.
රුසියානු නවකතා සාහිත්‍යයෙහි ආභාසය ලබා අතුරිකිලි දමා ව්‍යාප්ත වූ සිංහල නවකතා සාහිත්‍ය තුළ යථාර්ථවාදී පරමාදර්ශී චරිත නිර්මාණය නොවීමට හේතු වූ තවත් සාධකයක් නම් සිංහල සංස්කෘතියේ ලබපෑමයි. යටත් විජිතයක්ව පැවති ලක්දිව තුළ බෞද්ධ චාරිත‍්‍ර - වාරිත‍්‍ර විනාශයට ගොස් පැවතුණි. එතෙක් පෝෂණය ලැබූ සිංහල බෞද්ධ සංසස්කෘතිය අභාවයට ගොස් තිබූ නිසා ආගම මාමකත්වයෙන් හා ස්වදේශවාත්සල්‍යයෙන් පිරිපුන් සමාජ රටාවක් ඇති කිරීමට නවකතාකරුවාට සිදු විය. එබැවින් ඔවූහූ ස්වකීය නිර්මාණ තුළින් පරදේශී සිරිත් - විරිත් හෑල්ලූවට ලක් කළහ. ඒවා අනුගමනය කරන්නන්ද නින්දිතයන් සේ සලකා බැහැර කළහ. ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වූයේ අභාවයට ගිය සිංහල බෞද්ධ සිරිත් - විරිත් ප‍්‍රතිනිර්මාණය කිරීමයි. පියදාස සිරිසේන, ඩබ්ලිව්.ඒ. සිල්වා වැනි කතුවරුන්ගේ නිර්මාණ උක්ත කාරණය සනාථ කරනු වස් දැක්විය හැකි හො`දම උදාහරණ වේ. ඔවුන් මිෂනාරී අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කිරීම උදෙසා ආරම්භ කළ එක්තරා ව්‍යාපාරයක් ලෙසටද නවකතා රචනා කිරීම හ`දුන්වාදිය හැකිය. මේ අනුව තත්කාලීන සමාජ අවශ්‍යතාවද රුසියානු සාහිත්‍යයට සාපේක්‍ෂව සිංහල නවකතා සාහිත්‍ය තුළ සමාජ ප‍්‍රගමනයට උරදෙන යථාර්ථවාදී පරමාදර්ශී චරිත බිහි නොවීමට හේතුවක් විය.
මාර්ටින් වික‍්‍රමසිංහයන් පවසන පරිදි යම් නිර්මාණකරුවෙක් සාර්ථක ලෙස නවකතාවක් නිර්මාණය කිරීමට නම් ඒ ස`දහා ලෝකයේ පහළ වූ විශිෂ්ට නවකතා මෙන්ම ජාතක කතාද තිහ හතළිහක්වත් පරිශීලනය කොට තිබිය යුතුය. මන්ද යත්, එයින් ලැබෙන ජීවිත පරිඥානය ඉතාම පෘථුල බැවිනි. ඒවායෙහි බොහෝ දුරට දක්නට ලැබෙනුයේ යථාර්ථවාදී චරිතයන්ය. ජාතක කතාවලට බෙහෙවින් වස්තු විෂය වී ඇත්තේ පරමාදර්ශී චරිතයන්ය. මේවා පරිශීලනය කිරීම තුළින් ලාංකේය නිර්මාණකරුවන්ට එබ`දු චරිත පිළිබ`දව පුළුල් අවබෝධයක් ලබාගත හැකිය. එහෙත් සිංහල නවකතා රචකයෝ ඒ කිසිවක් අධ්‍යයනය නොකොට ස්වකීය ආධ්‍යාශයට අනුව නවකතා රචනා කිරීමට පෙළඹුණාහ. ඔවුන්ගේ නවකතා ස`දහා වස්තු විෂය වූයේ සමාජ ප‍්‍රගමනය උදෙසා උරදෙන චරිත නොවේය. පේ‍්‍රමය, ආදරය වැනි ග‍්‍රාමික සංකල්ප ස්වකීය නවකතා තුළින් මතු කිරීමට ඔවූහූ යත්න දැරූහ. මේ නිසා ඔවුන්ගේ ස්වාභිමතය පරිදි නවකතා නිර්මාණය කරන්නට යෙදුණි. මෙහි අනිටු ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ නිර්මාණ අසාර්ථක වූවා පමණක් නොව, සමාජ ප‍්‍රගමනය උදෙසා උරදෙන යථාර්ථවාදී චරිතද බිහි නොවුණි.
රුසිියාව කාර්මිකකරණයට මුහුණ දුන් අතර තත් කාලය තුළ රචනා වූ ග‍්‍රන්ථයන්ට බොහෝ දුරට වස්තු විෂය වූයේ උක්ත හේතුවයි. එහිදී එම විප්ලවය වෙනුවෙන් දිවිදුන් හා නායකත්වය දුන් වීරයන් ස්වකීය නිර්මාණයන් ස``දහා පාදක කර ගනිමින් ජනතාව එයට නැඹුරු කර ගැනීමට නිර්මාණකරුවෝ බෙහෙවින් ප‍්‍රයත්න දැරූහ. එහෙත් රුසියාවට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකාව තුළ කාර්මික විප්ලවය වැනි සිදු වීම් සිදු නොවූ අතර එබැවින් එවැනි සිදු වීම් ලාංකේය නවකතා නිර්මාණකරණය උදෙසා ඉවහල් කර ගැනීමට ලාංකේය නවකතාකරුවන්ට නොහැකි විය. මේ හේතුවෙන් යථාර්ථවාදී පරමාදර්ශී චරිත පිළිබ`දව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට තරම් ලාංකික නිර්මාණකරුවෝ අපොහොසත් වූහ. මෙයද එක්තරා අයුරකින් ලාංකේය නවකතා තුළ යථාර්ථවාදී පරමාදර්ශී චරිත අල්ප වීමට එක් හේතුවක් වන්නට ඇත.
සමහර නවකතා නිර්මාණකරුවන් දේශපාලනීකරණය වූ අතර ඔවුන් ස්වකීය නිර්මාණය ම`ගින් තමන් අනුගමනය කරන දේශපාලන පක්‍ෂය නියෝජනය කිරීමට ප‍්‍රයත්න දැරීම නිසාද සිංහල නවකතා සාහිත්‍ය තුළ යථාර්ථවාදී පරමාදර්ශී චරිත අඩු වීමට හේතුවක් වී ඇත. ලේඛකයන් හුදු බොල`ද කතා නිර්මාණය ම`ගින් මුදල් ඉපයීම ඒකායන අභිප‍්‍රාය වීමද උක්ත චරිත පහළ නොවීමට හේතුවක් වූ බව කිව හැකිය.
සිංහල නවකතාවේ එන යථාර්ථවාදී පරමාද්රශී චරිත
යුගාන්තයේ එන මාලින්ගේ චරිතය
හෙළ නවකතා සාහිත්‍යයේ එන පරමාදර්ශී චරිත ස`දහා හො`දම උදාහරණය ලෙස මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන් විසින් රචනා කරන ලද යුගාන්තය නවකතාවෙහි එන මාලින්ගේ චරිතය දැක්විය හැකිය. ඔහු ස්වකීය පියා උක්ද`ඩු මෙන් මිනිසුන් තළා පෙළා උන්ගේ ශ‍්‍රම ශක්තිය සූරාකමින් ධනය උපයන අයුරු සියැසින් දුටුවේය. මාලින් තදින්ම එයට විරුද්ධ විය. ඔහුට අවශ්‍ය වූයේ ධනයම එකම අභිලාසය කරගත් ධනේශ්වර පංතිය නියෝජනය කිරීමට නොවේ. ඔහුට ඕනෑ තරම් සැප සම්පත් භුක්ති වි`දීමට අවකාශ තිබුණි. එහෙත් ඔහුට අවශ්‍ය වූයේ කම්කරුවන්ගේ ශ‍්‍රමයෙන් උපයන මුදල්වලින් ඔවුන්ට ලැබිය යුතු වරප‍්‍රසාද හා ඔවුන්ගේ සේවයට ගැළපෙන වේතනයක් ලබාදිය යුතුය යන්නයි. සමාජයටත් ධනවතුන්ටත් බැණවදින මාලින් ඔවුන් විසින් අයුක්තියෙන් මුදල් සැපයීම පිළිබ`දව කණස්සල්ලට පත් වේ. එමතු නොව, කම්කරුවන්ගේ පක්‍ෂය ගන්නා මාලින් ඔවුන්ට හිමි විය යුතු වරප‍්‍රසාදයන් ලබා දීම වස් මහත් උත්සහයක් ගනී. ඒ බව යුගාන්තයේ මාලින්ගේ චරිතය හරහා පාඨක පර්ෂදයට අවබෝධ කරගත හැකි වේ.
‘‘ඇයි මාලින් උඹට ගෙදර ඉඩ මදිද?’’
‘‘ගෙදර සැප වැඩියි: ඒ නිසා මට ගෙදර එපා උණා. එකම විදියේ සැප වැඩි උණාම දෙවු ලොවත් එපා වෙනවා!’’
‘‘එහෙනම් දෙවියන් මෙලොවට බහින්නේ නැත්තේ?’’
‘‘දෙවියන් මෙලොවට බහින්නේ හි`ගන්නන්ගේ තාපසයන්ගේ නැති නම් පෙරළිකාරයන්ගේ වේසයෙන්’! කියමින් මාලින් සිනාසිණි.’’
යථෝක්ත උද්ධෘතයට අනුුව මාලින්ගේ චරිතය පිළිබ`දව පූර්ණ අවබෝධයකට පැමිණිය හැකිය. ඔහුට ඕනෑතරම් සැප සම්පත් තිබුණද ඒ සැපයෙහි ඔහු නොඇළෙයි. ‘දෙවියන් මෙලොවට බහින්නේ හි`ගන්නන්ගේ තාපසයන්ගේ වේසයෙන් නැති නම් පෙරළිකාරයන්ගේ වේසයෙන්’ යැයි පැවසීම තුළින්ම මාලින් ඉන් එක් කොටසකට හෝ අයත් විය යුතු බව පැහැදිලි වේ. මාර්ටින් වික‍්‍රමසිංහ මාලින්ගේ චරිතය හරහා ධනපති සමාජ ක‍්‍රමය විනාශයට යමින් එයට ප‍්‍රතිවිරුද්ධ ලෙස සමාජවාදී සමාජ පංතියේ උදාව පිළිබිඹු කරයි. ‘‘එමනිසා මාලින්ගේ චරිතය සංකේතානුසාරයෙන් නිරූපණය කරන්නේ ධනපති පංතිය හා උසස් මධ්‍යම පංතිය කෙරෙහි කළකිරුණු බුද්ධිමත් විප්ලවකාරී පුද්ගලයන් ඒ සමාජයෙන් ම මතුවන ආකාරය යැයි කීම යථා තත්ත්වය කියා පෑමකයි සිතමි’’ .
යුගාන්තයෙන් නිරූපණය වන්නේ පිය - පුතු අරගලයක් ලෙස ඇතැමෙකුට අර්ථ දැක්විය හැකිය. නමුදු මාලින්ගේ චරිතය හරහා කතුවරයා ඉදිරිපත් කරන්නේ පිය - පුතු අරගලයකට වඩා සමාජ පංතිය පිළිබ`දව ඝට්ටනයක් බව විමර්ශනාක්‍ෂියෙන් පිරීක්සීමේදී පැහැදිලි වේ. සියලූ සැප සම්පත් හැරදා කම්කරුවන්ගේ පංතිය නියෝජනය කරන මාලින් තත් කාරණය නිසාම පරමාදර්ශී චරිතයක් බවට පත් වේ. මාලින් නීලාත් සම`ග පවතින පේ‍්‍රම සම්බන්ධය හා ඡුන්ද වැඩ ස`දහා අරවින්දගෙන් රුපියල් දෙදහසක් ඉල්ලා ගැනීම ආදි තැන්වලදී මාලන්ගේ යථාර්ථවාදී ජීවන ස්වභාවය පිළිබිඹු වේ. ස්වකීය පියාට පමණක් නොව ඔහු විරුද්ධ වන්නේ, මුලූ මහත් ධනපති පංතියටමය. තමා විරුද්ධ වනවා පමණක් නොව, ස්ව ශක්තිය වගුරවා ධනේශ්වරයන්ට සේවය කරන කම්කරුවන්ද තම කෙරෙහි අවනත කර ගැනීමට ඔහු සමත් වේ. පෞද්ගලිකව වි`දීමට හැකි වූ සැප සම්පත් හැරදා යන්නේ සමස්ත කම්කරුවන් කෙරෙහි දයානුකම්පාවෙන්ය. ඔහුගේ චරිතය සම්පූර්ණ වශයෙන්ම සමාජ ප‍්‍රගමනය උදෙසා කැප කෙරේ.
‘‘මාලින් නුඹ කම්කරු හවුලේ නිලධාරියෙක් ද?’’ යි වරක් කබලාන ඇසුවේය.
‘‘නැහැ.’’
‘‘සාමාජිකයෙක්?’’
‘‘නැහැ.’’
‘‘එහෙනම් නුඹ උන් ආශ‍්‍රය කරන්නේ කුමට ද? උන්ට වැඩ කරන්නේ කුමට ද?’’
‘‘මම වැඩ කරන්නේ දුප්පත් මිනිස්සුන් උදෙසා.’’
‘‘නුඹ උන්ට එක්කාසු වෙලා දුප්පත් මිනිස්සුන් නැති කරන්ට හදනවා! දැන් කම්කරුවන්ට ගෙවන්නේ වැඩි පඩි: දැන් එකෙකුට ගෙවන පඩිය ගෙවා දෙන්නෙක් ගන්ට පුළුවනි. රක්සාව නැති මිනිස්සු තවම ඉන්නවා.’’
‘‘කර්මාන්ත හිමියන් ලක්ෂ ගණන් ලාබ ලබන්නේ කම්කරුවන්ගේ ශ‍්‍රම ශක්තිය නිසා. ලක්ෂ ගණන් ලාබ ඔවුන්ටත් බෙදීයන්ට ඕනෑ. ඒ ලාබ අයිති ඔවුන්ටයි.’’
මාලන් ධනවාදී ආර්ථික රටාවට විරුද්ධ වී කම්කරු පන්තිය නියෝජනය කිරීම හේතුවෙන්ම පරමාදර්ශී චරිතයක් බවට පත් වේ. එසේම අනෙක් කාරණය නම් මාලන් යනු සවිමන් කබලානගේ පුත‍්‍රයාය. කබලාන ධනේශ්වර පංතිය නියෝජනය කිරීම නිසා ඔහුගෙන් අනතුරුව ඔහුට අයත් වූ සියලූ ධනයට හා කර්මාන්තයට හිමිකරුවා වූයේ මාලන්ය. එහෙත් මාලන් ඒ සෑම දෙයක්ම අත් හරින්නේ කම්කරුවන් කෙරෙහි වූ දයාවෙනි. මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ යුගාන්තය ස`දහා රුසියානු මහාකවි මැක්සිම් ගෝර්කිගේ ‘‘ෆෝමා ගෝර්ඩෙයෙෆ්’’ නම් නවකතාවේ ආභාසය ලබා ඇති බව පැහැදිලි වේ. ‘‘යුගාන්තයේ එන සයිමන් කබලාන ෆෝමා ගෝර්ඩෙයේෆ්හි එන ඉග්නැට්ට සමාන ය. ඉග්නැට් සිතුයේ නැගීගෙන එන කම්කරුවන්ගේ බලය කෙසේ හෝ සි`ද බි`ද දමා තමන්ගේ ව්‍යාපාර සාර්ථක අන්දමට කරගෙන යාමට ය. එමෙන් ම යුගාන්තයේ එන මාලින් කබලාන ෆෝමා ගෝර්ඩෙයේෆ්හි එන ෆෝමාට සමාන ය’’ . මාර්ටින් වික‍්‍රමසිංහ බටහිර සාහිත්‍යයෙන් මැනවින් ආභාසය ලැබූ බව ඔහුගේ කෘති කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පෙනේ. ‘‘පොදුවේ බටහිර උත්තම කථා ද විශේෂයෙන් ම රුසියන් කථා ද කියවූ වික‍්‍රමසිංහ එම කථා හො`දින් අවබෝධ කරගත හැක්කේ, එම කථාවල චරිතවලින් න`ගන ව්‍යංග්‍ය අර්ථය වටහා ගත හැක්කේ බෞද්ධ හින්දු සංස්කෘතිය වටහාගත් උගතුන්ට යයි සිතුවේ ය’’ .
යථෝක්ත තරුණු අනුව රුසියානු සාහිත්‍යයෙහි ආභාසය ලැබූ සිංහල නවකතා සාහිත්‍ය තුළ සමාජ ප‍්‍රගමනය උදෙසා කටයුතු කරන යථාර්ථ තලයේ ජීවත් වන පරමාදර්ශී චරිත අඩු වුවද, මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ යුගාන්තය නවකතාවෙහි එන මාලන් චරිතය තත් කාරණය සනාථ කරනු වස් හො`දම උදාහරණය වන බව පැහැදිලි වේ.
වලායටින් මිහිම`ඩලට ඉර පායා
අද්‍යතන යුගයේ විශිෂ්ඨ නවකතා රචකයෙකු ලෙස මහින්ද රත්නායක සූරීන් හ`දුන්වාදිය හැකිය. ඔහු විසින් රචනා කරන ලද ශ්‍රේෂ්ඨ නවකතා අතර යථාර්ථවාදී පරමාදර්ශී චරිත ලක්‍ෂණ පිළිබිඹු කරන නවකතාවක් ලෙස ‘‘වලායටින් මිහිම`ඩලට ඉර පායා’’ කෘතිය හ`දුන්වාදිය හැකිය. ස්වකීය මෑණියන්ගෙන් වියෝව වෙනත් මෑණියන් කෙනෙකු සමීපයෙහි දිවි ගෙවන මලින්දගේ චරිතය මෙහිදී අපට වැදගත් වේ. ‘‘ශ‍්‍රී ලංකා ඕස්ටේ‍්‍රලියානු ස්වභාවික සම්පත් කළමණාකරණ ව්‍යාපෘතිය’’ නමින් ගමෙහි සංවර්ධනය අභිලාසයෙන් ආරම්භ කරන ව්‍යාපෘතියෙහි සභාපති වශයෙන් තේරී පත් වන මලින්ද ගැමියන් සම`ග සම`ගියෙන් ගමෙහි දියුණුව පතමින් කටයුතු කරයි. මෙහි ලේකම් වශයෙන් සේවය කරන සුගන්ධිකා දික්කසාද වූ ස්ත‍්‍රියකි. කඩවසම් තරුණයෙකු වු මලින්ද ඇයට වස`ග වෙයි. එබැවින් ඇය හා රති සේවනයේ යෙදෙනුයේ මිනිස් ජීවිතයේ යථාර්ථ ස්වභාවය මොනවට පළට කරමින්ය. ඔහු රති ක‍්‍රීඩාවෙහි යෙදෙනුයේ සුගන්ධිකා සම`ග පමණක් නොවේ. එම ව්‍යාපෘතියේ සේවයට පැමිණි ලලිතා නම් තරුණියත් සම`ගද ඔහු සබ`දතාවක් ඇති කර ගනී. මිනිස් ස්වභාවයේ යථාර්ථය නම් යම් සුඛාස්වාදයක් එක් වතාවක් පමණක් වි`ද එයින් තෘප්තියකට පැමිණීමකට නොහැකි වීමයි. මලින්ද සුගන්ධිකා සම`ග මෙන්ම ලලිතා සම`ගද එකසේ රති සේවනයෙහි යෙදෙනුයේ එබැවිනි.
උක්ත නවකතාවට අනුව මලින්ද කිසිවිටෙකත් තමාට ලැබුණු තනතුරෙන් උඩ`ගු බවට පත් නොවේ. එමතුද නොව, ඔහු ගැමියන් වැඩ කරන විට තමන් එදෙස බලා සිටීමෙන් හෝ අණ කිරීමෙන් හෝ ඔවුන් ලවා පමණක් වැඩ කටයුතු නොකරගනී. ඔහුද ගැමියන් හා වෙහෙස වී කි‍්‍රයා කිරීමෙන් තෘප්තිමත් වේ. නායකයන් විසින් සාමාන්‍යයෙන් කරනු ලබන දෙයක් නම් ස්වකීය අනුගාමිකයන් ක‍්‍රියාවෙහි යොදවා තමන් විවේක ගැනීමයි. එහෙත් මලින්ද එබ`දු චරිතයක් නොවේ. ඔහු ගැමියන්ගේ ගෞරවාදරයට පත් වන්නේ එබැවිනි. ගැමියන්ගේ කැප කිරීම අගය කරන මලින්ද ගමෙහි දියුණුවට කටයුතු කරන්නේ සැබවින්ම ඔහු පරමාදර්ශී චරිතයක් වූ බැවිනි.
මලින්ද- ‘‘ඊයේ ඔහු ගැමියන් සම`ග එක්ව හරි හරියට වැඩ කළේය. ගැමියන්ට උපදෙස්, අවවාද දෙනවාට වඩා ඔහු කළේ ඔවුන්ගේ පස් කූඩවලට කර ගසා, උදලූවලට අත ගසා වැඩය සිද්ධ විය යුතු ආකාරය පෙන්වාදීමයි.’’
නවකතාවට අනුව මාලින් පමණක් නොව, ඔහු ස්වකීය නිවෙසින් වෙන්ව වෙනත් මවක් තම මව වශයෙන් පතකර ගත්තේය. ඇයද ස්වකීය පුත‍්‍රයෙකු දක්වන දාරක ස්නේහයෙන් මලින්ද රැුක බලා ගත්තාය. ඇයගේ චරිතයද යථාර්ථ තලයේ ජීවත් කර වීමට කතුවරයා පොහොසත් වී ඇත. මලින්දගේ සැබෑ මව මලින්ද කැ`දවගෙන යාමට පැමිණි පසු ඔහු නොයන්නේ එබැවිනි. එසේම ඇයගේ ජීවිතයේ යථාර්ථවත් බව තේරුම් ගැනීම උදෙසා පහත උද්ධෘතය මැනවින් ඉවහල් වේ.
‘‘පුතේ, ලේ බැ`දීම් විතරක් නෙමෙයි මේ ලොකේ තියෙන්නේ. ඊටත් වඩා තදබල බැ`දීම් වෙන්න පුළුවන්. හරියට පුතා මගේ පුතා උනා වගේ.’’
මේ අනුව බලන කල මලින්ද ජීවත් වූ නිවසෙහි මෑණියන්ද යථාර්ථවාදී චරිතයක් වශයෙන් ප‍්‍රතිනිර්මාණය කිරීමට සමත් වී ඇත. ඇය තම දරුවන්ට මෙන්ම මලින්දටද සලකයි. ඇය කිසිවිටෙකත් මලින්ද තම කුසෙන් නූපන් දරුවෙකු නොවේ යැයි නොසලකයි. මලින්ද එම නිවෙසින් බැහැර නොයන්නේ ඔහුට අවශ්‍ය වූ ආදරය එම නිවෙසින් ලැබෙන බැවනි. යථාර්ථවාදී ලෝකය තුළ අම්මා කෙනෙකුගේ සෑම දරුවෙක්ම තම දරුවෙකු ලෙස සැලකීමට හැකි වේ. ඒ ඔවුන් තුළ පවතින්නා වූ දරු සෙනෙහස නිසාවෙනි.
යථෝක්ත කරුණු අනුව බලන කල මහින්ද රත්නායකයන් විසින් රචනා කරන ලද ‘‘වලා යටින් මිහිම`ඩලට ඉරපායා’’ කෘතිය තුළින් නිර්මාණය කරන මලින්ද මෙන්ම ඔහු ජීවත් වූ නිවෙසෙහි මව්ද යථාර්ථවාදී පරමාදර්ශී චරිත වශයෙන් නිරූපණය කිරීමට තරම් කතුවරයා සමත් වී ඇති බව පෙනේ. මොහුද රුසියානු නවකතා සාහිත්‍ය පරිශීලනය කිරීමෙන් ලද ආභාසය හේතුවෙන් මෙලෙස චරිත නිරූපණය කිරීමට කතුවරයා සමත් වී ඇති බව උක්ත නවකතාවට අනුව මොනවට පළට වන කාරණයකි.
විශ්වය තුළ පහළ වූ තවත් විශිෂ්ට සාහිත්‍යයක් ලෙස රුසියානු නවකතා සාහිත්‍යය හ`දුන්වාදිය හැකිය. අපාර මහසමුදුර සේ සුවිසල් තත් සාහිත්‍ය තුළ විශිෂ්ට වූ නවකතාකරුවන් රාශියක්ම හා නවකතා රාශියක්ම නිර්මාණය විය. සමකාලීන සමාජ අවශ්‍යතාවන් සපුරා ගනිමින් රචිත රුසියනු නවකතා සාහිත්‍යයෙහි සමාජ ප‍්‍රගමනය උදෙසා උරදෙන පරමාදර්ශී යථාර්ථවාදී චරිත රාශියක් හමු වේ.
මෙම නිබන්ධය තුළදී රුසියානු සාහිත්‍ය උදෙසා අප විසින් ඔබගේ අවධානය යොමු කොට තිබේ. උක්ත ප‍්‍රස්තුතය පිළිබ`දව තොරතුරු රාශියක් උපුටා දැක්විය හැකි වුවත්, මෙහිදී ඉතා සංක්‍ෂේපයෙන් සාකච්ඡුා කොට ඇත. තත් සාහිත්‍යයෙහි නවකතාවන්හි එන යථාර්ථවාදී පරමාදර්ශී චරිත කෙරෙහි අපගේ අවධානය යොමු කොට ඇත්තේ තදනන්තරවය. රුසියානු සමාජය තුළ සමාජ ප‍්‍රගමනයට උරදෙන එබ`දු චරිත බිහි වීම උදෙසා සමකාලීන සමාජ අවශ්‍යතාවන් හේතු පාදක වූ බව තත් සාහිත්‍ය තුළින්ම ලබා ගත හැකි තොරතුරු අනල්පය.
එහෙත් රුසියානු සාහිත්‍යයෙන් පෝෂණය ලබා ව්‍යාප්ත වූ සිංහල සාහිත්‍ය තුළ සමාජ ප‍්‍රගමනය උදෙසා උරදෙන යථාර්ථවාදී පරමාදර්ශී චරිත ඉතා අල්පය. රුසියානු සමාජයට සමාන ලෙස විකාශනය වූ සමාජ වපසරියක් තිබූ සිංහල සංස්කෘතිය තුළ බිහි වූ නවකතාවන්හි එබ`දු චරිත බිහි නොවූයේ කුමක් නිසාද? මෙම නිබන්ධය තුළින් සිංහල නවකතා තුළ සමාජ ප‍්‍රගමනයට උරදෙන චරිත බිහි නොවීමට හේතු හා බිහි වූ අතළොස්සක් වූ එබ`දු නවකතාවල එන චරිත පිළිබ`දව පුළුල් ලෙස සාකච්ඡුා කොට ඇත. එබැවින් මෙම නිබන්ධය උක්ත කරුණු පිළිබ`දව තොරතුරු සොයන පර්යේෂයෙකුට මහත් ප‍්‍රයෝජනයක් වනු නොඅනුමානය.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
ද්විතීයික මූලාශ‍්‍ර :
අමරකීර්තිි, ලියනගේ. ‘‘අමුතු කතාව’’, විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය, මුල්ලේරියාව, 2005
ජයතිලක, කේ. ‘‘නවකතාව හා සමාජය’’, ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ, නීතිඥ කාර්යාල සංකීර්ණයල කොළඹ 12, 1998 තෙවන මුද්‍රණය.
තිලකරත්න, පී. මිණිවන්. ‘‘රුසියානු සාහිත්‍ය හා වර්තමාන සිංහල නවකථාව හා කෙටිකතාව’’, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2002.
රත්නායක, මහින්ද. ‘‘වලායටින් මිහිම`ඩලට ඉරපායා’’, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2009.
වික‍්‍රමසිංහ, මාර්ටින්. ‘‘යුගාන්තය’’, සිරස පෞද්ගලික සමාගම, නාවල, රාජගිරිය, 2005 නව වන මුද්‍රණය.
සරච්චන්ද්‍ර, එදිරිවීර. ‘‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරය’’, සරසවි ප‍්‍රකාශකයෝ, නුගේගොඩ, 2009 දෙවන මුද්‍රණය.
සුරවීර, ඒ. වී. ‘‘නවකතා නිර්මාණය හා අවබෝධය’’, ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ, නීතිඥ කාර්යාල සංකීර්ණය, කොළඹ 12, 1999 තෙවන මුද්‍රණය.
තෘතීයික මූලාශ‍්‍ර :
පරිවර්තන
‘‘අම්මා ’’- මැක්සිම් ගොර්කි, (අනුවාදක*. දැදිගම වී. රුද්රිගු, සුරේන්ද්‍ර ප‍්‍රකාශන, ගණේමුල්ල.
‘‘ගුරුගීතය’’, (පරි.*. දැදිගම වී. රුද්රිගු, කැටපත ප‍්‍රකාශන, ආර්. එස්. එන්ටප‍්‍රයිසස්, බත්තරමුල්ල, 2005.
‘‘ජමීලා’’, (පරි.*. දැදිගම වී. රුද්‍රිගු, කුරුලූ පොත් ප‍්‍රකාශකයෝ, නාවල පාර, රාජගිරිය, 1999.
සංස්කරණ හ හා ස`ගරා
‘‘ග‍්‍රන්ථ විඥාන යුගාන්තය වවරණය’’,(සංස්.*. චන්ද්‍ර වක‍්‍රම ගමගේ, සිරිසේන විතානගේ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 1995.
‘‘වීමංසා නවකතා අංකය’’, (සංස්.*. විමල් දිසානායක ඇතුළු පිරිස, (සිංහල නවකතාව ලද බටහිර ආභාසය- එස්. ජී. සමරසිංහ*, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10,2002,305 පිට.