Wednesday, December 11, 2013
පරෙය්යා
පරෙය්යා
නවරත්නබණ්ඩා බඩගාගෙන යමින් මෙන් හෙමින් සීරුවේ කිට්ටු කළේ වට වී සිටින පරෙවි රංචුවෙන් එකෙකු දෙන්නෙකු අල්ලා ගන්නට විධියක් කල්පනා කරමිනි. දැන් සතියක දෙකක පමණ සිට එකතු වන මේ පරෙවි රංචුව ඇහැ ගැසුණ දවසේ සිට ඔහු කළේ හොඳ කුරුල්ලකු දෙන්නෙකු අල්ලා ගැනීමට විපරම් කිරීමය. ආවාට, ගියාට ඔහේ එකෙක් දෙන්නෙක් අල්ලා ගැනීම ඔහුගේ පුරුද්ද නොවේ. ඔහුට වුවමනා වූයේ හොඳ ගණනකට විකිණිය හැකි, හොඳ විශ්වාසදායී ඔට්ටුවකට උඩ ගැසිය හැකි කාපරයෙකු, දෙන්නෙකු අල්ලා ගැනීමයි. දැන් අවුරුදු දහයක - දොළහක කාලයක සිට කරන මේ රස්සාව නිසා ඔහුව රැුවටීම කිසිවෙකුටත් කළ හැකි වූයේ නැත. දුටුමතින්ම ඔහුට සතා කව්දැයි කියා වැටහෙන්නේය. ඒත් එක්කම සතා අල්ලා ගත යුත්තේ කෙසේදැයි කියාද වැටහෙන්නේය.
නවරත්නබණ්ඩා තමන්ගේ කකුල් කොටය සීරුවෙන් අද්දමින් පරෙවි රංචුව ළඟටම කිට්ටු වූයේය. දුරදී ඔහු තීරණය කළ විධිය ඉතාමත් නිවැරදිය. පරෙවි වටය රැුස්වීමකි. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන පරෙවියන්ගේ කටහඬවල් විසින් වාතය උණුසුම් කොට ඇත. තාරුණ්‍යයෙන්, නොසිඳී යන ජවයෙන් පිරුණු ඒ තරුණ කටහඬවල්, ඒ තරුණ වචන ඔහුට අමුත්තක් වූයේ නැත. ඔහුට මතක හැටියට ඒ වචන තමන්ගේමයx ඒ තරුණ ආවේග තමන් සතුවද කාලයක් ඒකරාශීව තිබූ බව ඔහුට මතකය. ඒ තාරුණ්‍යයේ සුවඳ ඔහුගේ නාස් පුඩුවලට නැවතත් දැනෙන්නට ගත්තේය. වසර ගණනාවක් තිස්සේ තමන් විසින් වෑයමෙන් යට කොටගෙන සිටි ඒ තරුණ ආවේග නැවතත් පණ ගසා එන්නට වූයේ බලා හිඳිද්දීමය. ස්ත‍්‍රියකගේ මුදු ඇඟිලි පහස වැදී පිබිදී එන නීරෝගී පුරුෂ ලිංගයක් මෙන් ඔහු තුළ මෙතෙක් දවසක් සැඟවී සිටි, මිය ගිය තාරුණ්‍යය පණ ගසා එන්නට ගත්තේය. ඔහු ඒ තාරුණ්‍යයේ උණුසුම තමන් දිගා වී සිටින මහීකාන්තාවගේ උණුසුම තුළින් ආස්වාදනය කොට ගත්තේය. මේ භූමියෙන්, මේ වියළී ගිය කොල ගොඩෙන් නැඟ එන උණුසුම ඔහු ආදරයෙන් බදා වැළඳ ගත්තේය. ඒ උණුසුමට තුරුල් වූ ඔහු පරෙවි වටයේ මූලාසනය හොබවන පරෙවියා වෙතට ඇස් දුන්නේය. ඒ ඇස් දෙක පිටිපස්සේ එල්ලී ගිය දෙකන කුරුල්ලාගේ හඬට කන් දුන්නේ ඉතා ලැදිවය. අකුටිලවය.
”මං අහන්නේ සහෝදරවරුනි, සහෝදරියනි ! ඇයි අපි මේ කොටුවෙලා ? හිරවෙලා ? කෝ අපේ නිදහස ? ඇයි අපි මේ අතලොස්සක් ධනපති පන්තියට අපිව කොටු කරගෙන, හිරකරගෙන ඉන්න දීලා බලාන ඉන්නේ ? අපිට ඕනෑ නිදහස. ඇයි අපි ඒ නිදහස දිනා ගන්න කටයුතු නොකරන්නේ. මේ ඔක්කෝම විලංගු, ඒ කියන්නේ ධනේශ්වරය විසින් අපිට දාලා තියෙන විලංගු වාගෙම අපි අපිම විහින් අපි වටේට දාගෙන ඉන්න විලංගුx අපි ඒවා කඩලා බිඳලා, සුණු-විසුණු කරලා දාලා අපේ නිදහස ලබා ගත යුතුයි. ඒ අපේ රාජ්‍යයට යන්න නම් මේ පවතින ධනේෂ්වරවාදය සහමුලින් විනාශ කරන්න ඕනෑ. ඒක තමා අපේ සංවිධානයේ පරම අභිලාෂය විය යුත්තේ. මේ ධනපතිවාදය අපේ නිදහස සීමා කරලා. අපේ අයිතීන් විනාශ කරලා. උන්ගේ ප‍්‍රයෝජනය සඳහා ඒ අයිතීන් වාසියට හරවාගෙන. අපිට එකේක නං දීලා. චොක්කා, කාපරයා, ඒන්ජල්ස් ත්‍ව ත්‍ව ත්‍ව ත්‍ව ත්‍ව හ්අඃ ඔහොම කියලා අපිට එකේක වටිනාකම් දීලා. ඇයි ඒ ? මං අහන්නේ ඇයි ඒ ? අපිට ආදරේටද ? නෑx වෙන මොකවත් නෙමෙයි සහෝදරවරුනි ෟ ඒ අපෙන් හම්බ කරගන්න. අපි ඒකට ඉඩ දිය යුතුද ? නෑ මේ ඉඩදුන්නා හොඳටම ඇති. අපි ඔක්කොම එක සමානයි. බලන්න පාට ටිකක් වෙනස් වුණාට, ටිකක් පොර කටු දිග කොට වුණාට, අපි ඔක්කෝටම තියෙන්නේ එකම අංගx එකම කටහඬx”
නායක පරෙවියා කතාව හමාර කොට ‘කුබු කූ කුබු කූ’ කියා සිය සුපුරුදු හඬ පිට කළේය. අත්තටු දිග හැර පියෑඹීමට මෙන් තතනන විට ඒ සුළගින් අවට වූ වියළි කොල රොඩු මඳක් ඇවිස්සී ගියේය. ඒ ඇවිස්සීම නැ`ගූ දුහුවිල්ල නිසා අනෙකුන්ගේද කුඩා එහා මෙහාවීමක් සිදු වූයෙන් නවරත්නබණ්ඩා තමන්ද සීරුමාරුවක් ගෙන එක ඉරියව්වේම තිබී හිරි වැටී ගිය අත පය එහා මෙහා කොට ගත්තේය.
”ඔව් සහෝදරවරුනි ! අපේ වෙනසක් නෑ. අපි කව්රුත් එකයි. චොක්කා, කාපරයා, ලන්සියා, සුද්දා අපි ඔක්කෝම එකයි. අපි ඔක්කෝම කන්නේ එකම කෑම.”
පරෙය්යන්ගේ සංගමය කැලෑ වැදී සති දෙකකටද ආසන්නය. රටෙහි පවත්නා තත්වය වෙනස් කිරීමට සාකච්ඡුා පන්ති පවත්වමින් කැලයේ කරක් ගසන ඔවුනට ?-දහවල් කියා වෙනසක් තිබුණේ නැත. බඩගින්නක් පිපාසයක් කියා දෙයක් දැනුණේ නැත. තමන්ගේ ඉලක්කය වෙනුවෙන් ජීවිත වුව පරදුවට තැබීමට කියා ලක ලෑස්ති වී ගත් ඔවුන් නැව් තොටුවලට ගොඩ බසිමින් ඒ ප‍්‍රදේශය ගැන සොයා බලා නැවතත් මහන්සිය නොබලා සිය නැවට ගොඩවෙමින් දේශ ගවේෂණයේ යෙදෙනවුත් මෙන් අතොරක් නැති ප‍්‍රගතිශීලී ක‍්‍රියමාර්ගයන් දියත් කිරීමේ සැලසුම් අඳිමින් සිටියෝය.
”මේ ධනවාදී තුච්ඡු දේශපාලනේ අපිට නගරෙ ඉන්න පරෙය්යන්ට උගන්නන්න බෑ. උන්ගේ ඔළුගෙඩි ඉදිමිලා. අපි x x x අපි කරන්නෝනැ ගමෙන් පටන් ගන්නෙක. ඔව්ත ගමේ පරෙය්යන්ගෙ ඔළුවල වසවිස මුකුත් නෑ. උන්ට යමක් පහදලා දෙන්න පුළුවන්.”
නායක සහෝදරයා කී කතාව නිහඬ ගහකොළ අතරේ විසිරී සැඟවී යන විට තරුණ රැුළ බලා සිටියේ කන් තලයකුදු නොසොල්වා සිටින ගිජිඳුන් රැුළක් මෙන් කිසිදු හැල හොල්මනක් නැතිවය. සුළඟින් නඟන සර සරයත් සමඟ කැලෑ සතෙකුගේ එහා මෙහා වීමක් නිසා කැඩෙන නට්ටක, කොලයක හඬ විනා සවිඤ්ඤාණිකව කළ කිසිදු හඬක් ඔහුගේ කතාවට බාධා පැමිණවූයේ නැත. නායක සහෝදරයා කතාව හමාර කොට වටේ සිටියවුන්ගේ මුහුණු මතට එබී ප‍්‍රශ්නාර්ථයක් ආරුඪ කොට ගන්නා විට විනා ඊට පෙර කිසිදු තැනෙකින් ඉදිරිපත් වීමක් සිද්ධ වූයේ නැත.
,ඔව්, සහෝදරයා කියන කතාවෙ ඇත්තක් තියෙනවා. අනිත්තෙක ගංඔල පරෙය්යන්ට දැන් බය ටිකක් ඇරිල අපි ගැන. ඊයෙ මං ගමට ගියහම - අපේ මේ නයිපුල්ලියා සහෝදරයත්තෙක්ක - ගමේවුන් යස අගේට කතා බහ කෙරුවා.,
,ඔව්ත්‍වත්‍ව වොව්ත්‍වත්‍ව ඒකැත්ත. අපිට විළඳ මීපැණි ටිකක් කන්නත් කතා කෙරුවා. දැන් අපි මේ ගම් මායිමේ ඉන්නේ. ගමේ උදවිය දන්නවා ඒ වගක්. ඒත් කිසි එකෙක් ඔත්තුවක් දෙන්නෙ නෑ අපේ අයිතිකාරයෙකුට”
නයිපුල්ලියා සහෝදරයාගේ කතාව නායක සහෝදරයාට අලූත් පෙරනිමිත්තක් පහළ කිරීමට සමත් වූ සෙයකි.
,ඒ කොහොම වුණත් ගම්මුත්තෙක්ක ඒ හැටි ඇයි හොඳයිකං පවත්තන්න යන්නෝන්නෑ. සීමාවක් තියා ගන්නෝනැ. එහෙම ගියෝතිං විප්ලවේ පිරිසිදුකොම රකිනවා බොරු. විප්ලවේ පාවලා දුන්නොත් කව්රු හරි සහෝදරයෙක්, එදාට එයාට ආයෙ මෙහේ සමාජිකකං බොරු.”
නායක සහෝදරයාගේ වචන එක තැන කැකෑරෙන වාතයෙන් රත් වී ගිය කැලය දෙදෙරවන්නට වූයේ ගැහැනුන් පිරිසක් වට කොටගෙන හඬන, ගිනි ගොඩක් මත ඇති සුවිශාල රබානක් මෙනි. මංගල හඬ නඟන ඒ රබාන තෙහෙට්ටු වූ ගැහැනුන් කිහිප දෙනෙකුගේ අත් ඉවත් වන විට එක් විඩයක පිට කළේ මළ බෙරයක හඬ හා සමාන වූ බොල් හඬකි. මහාදාර ගස් ගල්වල හැපෙමින් එක තැන කැරකෙන සුළඟ විසින් ඔසවා ගත් ඒ බොල් හඬ කියා පෑවේ තරුණයන්ගේ හරි හැටි නින්දක් නොලැබූ දෙනෙත ඉල්ලූ නින්දත්, බාගෙට පිරී ගිය කුසවල් ඉල්ලූ බඩ කට පිරෙන ආහාරයත් පිළිබඳ කන්නලව්වයි. නිදිමත නිසා එල්ලා වැටෙන මස් වැදලි වැනි වූ දෙනෙත් කපුටන් රැුළකට අසු වී ගළවාගෙන යතැයි කියා ඇතිව ගත් බිය නිසා කෙහේදෝ සිට සොයා ගත් ඇස් පිහා තටු ගෙනැවිත් වරින් වර තමන් මත පොරවා ගත්තේය. බූලි - බෝතල්වලින් නැමී ආ වතුර පොල් කටු වියළී ගිය තොල කට තෙමූයේ කොයි දේ වුණත් කටවල් අඩපණ කිරීම නොහොබිනා බව සිතුවාක් මෙනි.
,මේ ගංඔල පත‍්‍රිකා අලවනේක ඒ තරන් ප‍්‍රයෝජනයක් තියෙන වැඩක් නෙවෙයි. ගමේ පරෙය්යන්ට එව්වා හරියකට තේරුන් ගන්න බෑ. ඒ හින්දා හොඳම වැඬේ ගෙවල් ගානේ ගිහිං අපේ උත්කෘෂ්ට අභිමතාර්ථ පහදලා දෙනේක. හැබැයි ඒක විය යුත්තේ ඉතාමත් සූක්ෂම විදියට.,
නායක සහෝදරයා කී හරියක් නෑසුණාක් මෙන් කල්පනාවේ ගිලී සිටි තවත් සහෝදරයෙක් තම දැහැන බිඳිමින් කතා කරන්නට වූයේ හදිසි ආවේගයෙන් මෙනි. දුම්මල වරම අතට ගත් කපුවෙකු මෙන් ගැහෙන සිරුරින් යුතු තරුණයාගේ කටින් විදින වචන කැලය පසාරු කරගෙන ගියේ ඉලක්කය සොයමින් දැන් සති ගාණක් තිස්සේ මානාගෙන සිටි තුවක්කුව නවරත්නගේ අතට දෙමිනිx කිහිල්ලට සිර වී ගිය තුවක්කුව එල්ලය ගන්නා අතරේ අකුල් කැටයට වැදුණ නවරත්නගේ දෙකන්ද සිදුරු කරමින් තරුණයාගේ වචන මූනිස්සන් විදින්නට ගත්තේය.
,උඹලගෙ ඔය විප්ලවේ මට නං දැන් ඇති වෙලා. දැන් අවුරුදු කීයක් කියලද මේක. ඒත් කිසිම ප‍්‍රගතියක් වුණාද ? යකෝ මට ගෙයක් දොරක් නැද්ද ? මට ත්‍ව ත්‍ව මට ත්‍ව ත්‍ව පණ වාගෙ ආදරේ කරන ගෑනියෙක් ඉන්නවා. දරුවෙක් ඉන්නවා. මං එන කල් මඟ බලාන ඉන්නවා මගෙ ඒ හුරතල් කෙලි නැම්බ.,
තරුණයාගේ ආවේගශීලී කතාවත් සමඟ මීට මෙළ වී යන දෑත දෙසත් රත් පැහැ මුහුණ දෙසත්, කාලවර්ණ දෙනෙත දෙසත් බලා සිටි නවරත්න තව තවත් අකුල් කැටයට උණ්ඩි වූයේ එකෙකුගේවත් ඇස් මානයට හසු නොවී සිටීමටය. ඔහුට ඒ හඬ පුරුදුයx මේ ආවේගශීලී තරුණ පරෙවියාගේ සිරුරින් තම ඇස ඉවතට ගැනීමට ලෝබ ගතියකි, ඔහුට දැනුණේx ඔහු අකුල් කැටයට උණ්ඩි වන අතරේ දෙනෙත තව තවත් එම තරුණ පරෙවියා මතම එබ්බ වූයේ කළගෙඩියක දුඹුල් තැන් සොය සොයා මැටි අතුල්ලා පිලිසකර කරන ගෙවිලියක මෙන් ඉතාමත් පරිස්සමටය. සකසුරුවමටය. උඩින් නොපිය වී ගිය බොත්තම් කාසි දෙක වැනි පුල්ලි දෙකක් නිසා බිත්තියක් මෙන් ශක්තිමත්ව වැඞී ගිය පපුවෙහි ඇතුළින් වූ රෝම කූපවලින් පිරුණ සිරුර නවරත්නට මඟ හැරුණේ නැත. ඒ තරුණ සිරුර ඇස ගැසෙත්ම ඔහුට සිහි වූයේ තමන්ගේ නංගණ්ඩියයි. ඊළඟට යාපනයේදී බට්ටෙක් පෑගීමෙන් කුඩු පට්ටම්ව ගිය තමන්ගේ දකුණු කකුලයිx තමන්ගේ පැළට වී සිටින නංගණ්ඩියට කුඩම්මාගේ සැලකිලි දක්වන තමන්ගේ බිරිඳයි. දරුවෙකු වැදීමෙන් පසු ඇය අතරමං කොට දමා රස්තියාදුකාර පරෙවි රැුළට එකතු වූ මේ පරෙවියා නිසා ඔහුට සිදු වූ කරදර කෙළවරක් නැත.
,ඒ රාස්ස ගෑනිට කොච්චර කිව්වත් අහන්නෙ නෑ. අර අහිංසක එකී නොමරා මරනවා බිත්තරයක්වත් දාන් නෑ කියලා. ඒකි කොහෙ බිත්තර දාන්ඩද කුරුල්ලෙක් නැතුවx කුරුල්ලෙක් ගෙනාවත් මූම ඕනැ නෙවැ ඒකිටත්x මේ ඔක්කොම වින්නැහි වුණේ මේ අහිකුණ්ටික කාපරයා හින්දා. පාඩුවේ හිටපු මයෙ නංගණ්ඩියා. මං තමා ඒකට වගකියන්ඩෝනැx ඒත් මූට එහෙනං තිබ්බා ඒකිට එක්කහු වෙන්නැතුව ඉන්ඩx ඔව්, මූට යහතින් ජීවත් වෙන්ඩ දෙන්ඩ බෑ. කොහොම හරි ගෙදර එක්කලා යන්ඩ බැරි නං මරලා දානෙකයි කරන්ඩෝනැ.,
ඔහු සිය තුවක්කු කොටය මානාගෙන බැලූවේ තම හිතුවක්කාර කුරුල්ලාගේ හිස් ගෙඩියටය. දැන් කී දොහොක සිට කුරුමානම් ඇල්ලූවද ඌ සොයා ගැනීමට ඔහුට හැකි වූයේ නැත. ඔහුට අවැසිව තිබුණේ ඒ කුරුල්ලා දුටු තැන මරා දැමීමටය. ඔහු සිතා සිටියේ කුරුල්ලා දුටු සැණින් තම තුවක්කුව ඒ හිස සුණු විසුණු කොට දමනු නියතය කියාය. එහෙත් අද ඔහුගේ අතක් මඳ ප‍්‍රමාදයක් ගෙන ඇතx නවරත්න පරෙවි තරුණයා දෙස බලා සිටියේ ඇසි පියකුදු නොහොල්ලාය. අනෙක් සියලූ තරුණයන් හමුවේ ඔහු අමුතු එකෙකු ලෙසිනි, නවරත්නට පෙනුණේx ඔහු වඩාත් කිට්ටු වී තරුණයා දෙස බැලූවේය. නවරත්නගේ දෙනෙත් තරුණයාගේ පාදය ළඟ නතර වී ගත්තේය. ඔහු තරුණයා හරියටම හැඳින ගත්තේය.
‘ඔව් කිසිම සැකයක් නෑ, මූ තමයි සතාx හ්අඃ මූ තවත් හැඩවෙලානෙx නියම බූටාx ඉස්සර වගේ නෙමෙයි දැන් කකුල් දෙකේම බූටි ඇවිත්, ඔව්ත දුන්නැකි බයක් හැකක් නැතුව රුපියල් දාහකටx හහ් ! මොනවා, රතුපාට තොප්පියට යටින් තියෙන කොණ්ඩෙx ෂඃ මෙහෙව් කියන්ඩ වරදක් නෑ. කොණ්ඩයෙක්x ආය මුළු ගමේම තර`ග කොරන්ඩ මේ ඇති. පේන් නැද්ද ඇස් දෙක, කළුම කළුයි. හොට බලන්ඩ දුකේ බෑ, රෝස පාටයි. පපුව අස්සේ තියෙන පිහාටු ෂහ් ! මූ නං නියමම අල්ලෙක්. ඔව්ත ටයිමින් කෙරුවැහැකි. මටත් තිබ්බ අඩුව මූ තමයි. උදේ අහසට ගහපුවාම හවසට තමයි පැලට එන්නේ. ෂඃ නියම කාපර්.
නවරත්නගේ දෙනෙත් මෙතෙක් දවසක් එක් එක් පරෙවියාගේ සිරුරින් දැක තිබූ සියලූම වටිනා ලක්ෂණ මේ එකම පරෙවි සිරුරෙන් දුටුවේයx මේ හැම එකක්ම එකම සිරුරේ තිබිය හැකි දැයි කියා ඔහුට නිකමටවත් විමතියක් ඇති වූයේ නැතx ඔහුට ඒ ගැන සිත සිතා සිටීමට අවැසි වූයේ නැතx මේ සතා තරම් වටිනා සතෙක් තවත් නම් මේ ලෝකයේ නැති බව ඔහුට ප‍්‍රත්‍යක්ෂ වියx
නායක සහෝදරයා කාපර්ගේ කතාවට පළමුව කළේ දත් විලිස්සා අහස දෙස බලා සිනාසීමයි. අනතුරුව පිඹුරෙකුගේ පෙරළෙන හමක් මෙන් මුහුණේ මස් පිඬු පෙරළමින් ගොරවන්නට වූයේ සියලූ ක‍්‍රය ශක්තිය එක්නැත් කොට ගනිමින් අඩි බිම හප්පමිනි.
”සහෝදරයා තවත් ඔය වගේ කතා කියන්ඩ ආවොත් මෙතනම බාවනවා. මේ විප්ලවයට බැඳෙන කොටම සහෝදරයා පොරොන්දු වෙලා තියෙනවා පොෟද්ගලික ලාභ ප‍්‍රයෝජන අමතක කරනවා කියලා. අපි මේ කරන සටන අපේ දියුණුවට නෙමෙයි. මුළු මහත් දුගී දුප්පත් ජනයාගේම අභිවෘද්ධිය සඳහාx අපි සහෝදරයට ත්‍ව ත්‍ව ,
නවරත්න නායක චොක්කා දෙස බලා සිටියේ ඉතිරිව ඇති තනි කකුලෙන් ඇණකුටු ගසාගෙන සිටීමෙන් හැකිලී ගිය බඩ පෙදෙස දිග හැර ගැනීමට ආයාස ගනිමිනි.
‘ඌ චොක්කෙක්; පේන්නැද්ද මුළු ඇඟම චොක්ලට් පාටx ඌත් වරදක් නෑ. ඒත් හිත දරද`ඩුයි. අර එහා පැත්තේ ඉන්නෙකා සුද්දෙක්. ඒත් ඌ චොක්කට පක්‍ෂයි. පුල්ලි තියෙන ලන්සි එකාගෙ බූටි නෑ. අනික් උන් නිකන් මේ තාප්ප බිත්තිඔල ලගින පරෙය්යෝ. අර කොමනෙක් නං ඉන්නවාx x x න්ආ ඌ ළඟම නයි පුල්ලියා. කාක්කල්ලා ඊළඟට චීත්‍ව චී ත්‍ව චී ත්‍ව වැඩිම වුණොත් රුපියල් සීයක් වෙයි. එහෙම නෙමෙයි කුරුල්ලා නං කුරුල්ලා අපේ කාපරයා.’
කොමනෝත්, කාක්කල්ලෝත්, සුද්දෝත් එකතු වී එක හඬම නඟමින් කාපරයාට විරුද්ධව වචන විදින අතරේ නවරත්නබණඩා සෙමින් සෙමින් තම ඉලක්කය ගත්තේය. ඔහුට එදා මේ කාපරයා පළමුව ඇස ගැසුණ දවස සිහි වෙයි. අහසෙහි ලගින කුරුල්ලා දුටු ඔහු ලහි ලහියේ ගේ තුළට දිව්වේ කුස්සියට වී ලත වෙවී සිටින නංගණ්ඩිය ළඟට ගොස් සිද්ධිය කීමටය. ඔහු සිද්ධිය කීවේයx කන්නලව් කළේය. හැඬුවේය. කිරිල්ලිය අතට ගෙන අත්තටු අතගාමීන් ඒ උදව්ව ඉෂ්ට කොට දෙන මෙන් ආයාචනා කළේයx
”අනේ මයෙ නංගණ්ඩි මට මේ උදව්ව කොහොම හරි කරලා දීපන් හොඳේx මම උඹ මයෙ ජීවිතේ තියෙන කල් වෙන කාටවක්වක් විකුණන්න තියා හිත්නනෙ වත් නෑx මට මේ උදව්ව කොහොම හරි කරලා දීපන්x ඌ ගෙනාවොත් ඉතිං උඹයි මායි දෙන්නම ගොඩx”
ස්වාමියාගේ කටෙන් වහනය වන මත්පැන් ගඳ ඉවසා ගත්තද නංගණ්ඩියට ඔහුගේ දෙනෙත පෙරන කඳුළු ඉවසා සිටිය හැකි වූයේ නැත. අත පය කොර වූවකු මෙන්, වචනයක් පිට කොට ගත නොහැකි ගොළුවෙකු මෙන් මවිතව බලා සිටි නංගණ්ඩිය තම හීනි නිල් පෑ පරෙවි දෙනෙත් විදහා ඔහු දෙස බැලූවායx තමන් ඉදිරියේ ස්වාමියා නොවඳිනා වැඳුම් වඳිනවා ඇයට බලා සිටිය නොහැකි විය.
,අනේ රත්තරං නංගණ්ඩියේ ! උඹ තමා අපේ ගැලවුම්කාරීx පලයන් මයෙ අම්මා ! පලයන් කිව්වහම අහලා. ඌ අගේ ඇති කොල්ලා. පලයන් ඌට හය්ය හත්තිය තියෙනවා කුඹුරු අක්කර දාහක් අස්සද්දන්ඩ; ඒ අස්සැන්නෙන් මේ හිස් වෙලා තියෙන අටු කොටු පුරුවන්ඩ.,
එදින උදෑසනම නැඟිට .ටයිමින් තබා. අහසට ගැසීමට කියා පරෙවියන් සූදානම් කරන අතරේය ඈත අහසේ පැය ගණනාවක් නිසොල්මනේ එක්තැන්ව සිටින දියමන්තියක් බඳු ඒ පරෙවියා ඇස ගැසුණේx ඔහුගේ තියුණු දෙනෙත ඈත තියාම ඒ නම් තමන්ට ඉන්නා ජාතියේ අල්ලෙක්වත් කොමනෙක්වත් කාක්කලලෙක්වත් නොව සුද්දෙකු බව හඳුනා ගත්තේය. ඒත් එක්කම ඔහුට ඉවෙන් මෙන් .ඒ නම් බූටි ඇදී ඇති බූටෙකු නොහොත් කාපරයෙකු. බවද ඒත්තු ගියේය. පරෙවියන් අතරින් වටිනාම සතා වන සුද්දා තව තවත් වටිනා වී ඇත්තේ බූටි ආ නිසාය. දැන් නවරත්නබණ්ඩාගේ එකම අභිලාෂය වූයේ මේ කාපරයා අල්ලා ගැනීමය. ඔහුගේ සිත මඳක් වේලා කල්පනා කොට දුන් පිළියම වූයේ තමන් සුරතලේට ඇති කරන බෝනිකි කිරිල්ලිය වන නංගණ්ඩිය අහසට වීසි කොට කාපරයා රැුවටවීමයි. ඔහු අතට ගත් නංගණ්ඩියට විළඳ-මීපැණි ටිකක් කවා තවත් වතාවක් බෙල්ල අත ගා ආදරය පෙන්වා අහසට විද්දේය. ඊළඟට ඇසි පිය නොහෙළා බලා සිටියේ නංගණ්ඩිය කාපරයා දැලේ දා ගැනීමට ගන්නා අපමණ උත්සාහය දෙසයි. බෙල්ල කැඩෙන තෙක් බලා සිටියද ඔහුට හොඳ ප‍්‍රතිඵලයක් දැක ගත හැකි වූයේ නැත. නංගණ්ඩියද දැන් දැන් උත්සාහය අත්හරිතියි කියා සිතමින් බිම බලා ගත් ඔහුට ‘එකත් එකටම ඒ කාපරයාට බිජු දැමූ පරෙවි ධේනුවක් හෝ පැටවුන් සහිත පවුලක් සිටින බවට. සිත කියූ කාරණය හා එකඟ වීමට සිද්ධ විය.
.ඒකා සෙට් වෙන්නෑx ෂුවර්රෙකටම පැටව් ගහපු කිරිල්ලියක් ඇති.
සිතිවිලි විසින් ස්ථිර කොට දුන් තීන්දුවට අනුව පරාජය භාරගෙන කරබාගෙන ගෙට යාමට ගොස් තවත් එක් වතාවක් ඔහු අහස දෙස බැලූවේ අසරණ නංගණ්ඩියට කෘතගුණ සැලකීමට සිතාගෙනය. එහෙත් ඒ බැල්ම ගේ දෙසට හැරී තිබූ දෙපා නැවතත් මිදුලට කැඳවාගෙන යාමට සමත් වූයේය. නංගණ්ඩිය ජයග‍්‍රහණය කොට ඇත. ආඩම්බර කුරුල්ලා මනමාල බැල්මකුත් ඇතිව කිරිල්ලිය සමඟ බිමට බසියි. නවරත්නබණ්ඩා හෙමින් සීරුවේ කිරිල්ලිය ළඟට ගොස් ස්තූතිපූර්වක ලෙස ගෙල අත ගා ඊළඟට කුරුල්ලාට කිට්ටු කළේය. ඔහුට කාපරයාගේ බූටි දුටු විට ඇති වූ සතුට නිම් හිම් නැති විය. හෙමින් සීරුවේ බෙල්ල අතගාමින් කාපරයා දෑතට ගත් ඔහු පළමුව කළේ විළඳ-මීපැණි ටිකක් කිට්ටු කිරීමය. ඊළඟට බලතටුව ඉතිරි වන සේ කුරුල්ලාගේ ඇෙඟහි වූ තටු ටික ගළවා දමන්නට යුහුසුලූ වූයේය. ඉතිරි වී ගිය තට්ටත්, කකුලකුත් අල්ලා යතුරු කට්ටක් ගැසූ ඔහු තවදුරටත් සිතෙහි නළියන සැකය පරාජය කොට දැමුවේය.
.නෑ දැන් ඉතිං අම්මේ මුත්තේ කිව්වත් යනවා බොරු..
හම ගැසූ කලෙක මෙන් තටු ගැලවී ගිය කරුුල්ලා අතහැර ඔහු ගෙට රිංගූයේ ජයග‍්‍රහණය භුක්ති විඳීමට හිස් කළ හැකි බෝතලයක් භාගයක් සෙවීමටය. සිරුර පුරා ඇතිව ගිය වේදනාවත්, දැවිල්ලත් කාගෙන වැල්ලේ ඔහේ වැතිර ගත් කුරුල්ලා තරහ වී ඇතුවාක් මෙන් නංගණ්ඩිය වෙතවත් බැල්මක් හෙළුවේ නැත. තමන්ගේ බිරිඳත්, පැටවුනුත් සිහි වන විට ඔහුගේ දෙනෙතට කඳුළු උනන්නට ගත්තේය. එළි වන සෑම උදෑසනකම උගේ බලාපොරොත්තුව වූයේ තම බිරිඳත් දරුවනුත් සොයාගෙන පියාසර කිරීමය. එහෙත් ඒ කොයිකටත් තටු ඇදෙන තෙක් බලා සිටිය යුතු විය. එහෙත් තට්ටෙන් තට්ට ඇදෙන විට ඔහුගේ සිතද ටිකෙන් ටික නංගණ්ඩිය වෙතට ඇදී යමින් තිබිණ. ඔහුටද හොරා ඔහුගේ සිත තුළ හොල්මන් කරන්නට ගත් නංගණ්ඩිය නොබෝ දිනකින්ම බිත්තර දෙකක් දමා රකින්නට පටන් ගත්තාය. තමන්ටද නොදැනීම මෙන් තහවුරු වී ගිය පදිංචියත් සමඟ ඔහුගේ ඕනෑ එපාකම් තම අලූත් ස්වාමියාට අනුව හැඩගැසෙන්නට විය. උදෑසනම කාපරයා අතට ගන්නා නවරත්නබණ්ඩා ගෙල පෙදෙස අතගාමින් විළඳ මීපැණි කවා කුරුල්ලා උඩ දමා අප්පුඩි තළයි. උපන් දා සිටම මෙන් කොට ඇති නිසා අරුමයක් නොවූ මේ හරඹය කාපරයාට අමුතුවෙන් කියා දිය යුතු නොවීය. අප්පුඩි තාලයට කරණම් ගසන්නට, බල්ටි ගසන්නට කාපරයා වැරදිලාවත් ප‍්‍රමාද වූයේ නැත.
නවරත්නබණ්ඩා යටතේ සේවය සපයන කාපරයාට කනින් කොනින් ඇසෙන්නට වූ ආරංචි ගැන පළමුව ඇති වූයේ පුදුමයකි.
”න්ඈ ? නිදහස ? ධනපතිවාදයට එරෙහි සටන ? මොකද්ද හැබෑට ඒ ?”
කුතූහලයත් සමඟ බෙදී යන පත‍්‍රිකා කියවමින් කාලය ගෙවී යන විට කාපරයාට තමන්ගේ ජීවිතයෙන් සමාජය විෂයෙහි කළ යුතු සේවාවක් ඇති බව වැටහෙන්නට වැඩි කල් ගත වූයේ නැත. සැබවින්ම ධනපතියන් වෙනුවෙන් තමන් මේ පවත්වන සංදර්ශනය නතර කළ යුතු බව ඔහුට මොනවට අවබෝධ වූයේය.
”අපි හොඳ සමඟියෙන්, නිදහසේ හිටපු පරෙය්යෝ. ඒත් දැන් අපිව කූඩු කරලා. අපේ නිදහස හොරකන් කරලා. අපිට එකේක නං දීලා, අපිව භේද භින්න කරලාx මොකටද ? වෙන මොකටවත් නෙමෙයි, තමන්නෙ වාසියටx මේ ධනපතියෝ කරන මේ විකාරෙ අදම නතර කරන්න ඕනැx ඔව්x ඒක මට නෙමෙයි, මං විසින් කළ යුතු; මට කරන්න පැවරිලා තියෙන, මේ මුළු මහත් පරෙයි ජාතියටම කරන අනුග‍්‍රහයක්x”
සමාජමය සේවාවේ බරපතලකමත්, වැදගත්කමත් ඔහුට සිය දෙවැනි බිරිඳත් කෙලි පැටවාත් අමතක කොටලූයේය. සහභාගී වූ පන්ති පහ අවසානයේ කාපරයා සිටියේ සමාජවාදී තරුණ පරෙයි සමුළුවේ නිත්‍ය සමාජිකයකු බවට පත්වීය.
”විමුක්තියක් හොයනවා නොකා නොබී. හොඳයි; සුන්දරයි; හැබැයි ඔය කියන සුන්දර ලෝකේ ගොඩනඟන එක තමා අමාරු. ඕව හීන විතරයි. ඒත් ඒ විමුක්තිය පේන තෙක් මානෙක නෑ. තව අවුරුදු නෙවෙයි ශතවර්ෂ ගණනක් යයි ඔය කියන විමුක්තියට යන්න. ඉතිං මං අහන්නේ කාටද ඒ විමුක්තිය ? මගේ ගෑනියි දරුවයි නොකා නොබී අඬ අඬා ඉන්නවා මං එනකල්. ඉතිං මගෙ ගෑනිට, දරුවට නැති විමුක්කිය කාටද ?”
කාපරයාගේ කතාවට සාවධානව කන් දුන් නායකයා කතා කරන්නට වූයේ තමන් ළඟ එතෙක් වේලා තිබුණාද වත් කියා සිතා ගත නොහැකි තරම් වූ නිවුණු සැනහුණු ස්වරයකිනිx
”ඒක තමා සහෝදරයා, දැන් තමුසෙ බලනවා අපිව උඩ දාලා, නටවලා, සන්දර්ශන පවත්තලා ඒ මිනිස්සු සල්ලි හම්බ කරනවා. ඔට්ටු දානවා. දිනනවාx අපි ? අපිට මොනාද හම්බ වෙන්නේ ? ඇයි ඒ අපේ ශ‍්‍රමය නෙමෙයිද ? ඉතිං අපි ඒකට මොකද කරන්නේ ? කළ යුත්තේ මොකද්ද ? ඒ කරන්න ඕනැ දේටවත් අපිට යන්න පුළුවන්ද ? බෑx ඇයි ඒ තුච්ඡු ධනවාදියෝ තමන්නෙ බඩගෝස්තරේ රැුක ගන්න අපි අපි අතරෙම භේද භින්නතා ඇති කරලාx අපිට එකතු වෙලා තීරණයක් ගන්නවත් බැරි තරමටx කාපරය හොඳයි, චොක්කට වඩා වටිනවා කිය කියා. ඇයි එහෙම වෙනසක් ? කොයි පරෙය්යත් එක වගේ වෙන්නෝනැ නේද ? එකම වටිනාකම නේද තියෙන්න ඕනැ. එකම හුස්මනේ මේ කාටත් වැටෙන්නේ. උන් ඒකෙන් හදන්නේ උන්ට කත් අදින පිරිසක් හදාගන්නx හෙංචය්යලා හදාගන්න. මේං මේ සහෝදරයා වාගෙ හෙංචය්යලා. අපි ඒ වගේ අය අපේ සංවිධානෙ තියා ගත යුතු නෑ. අපි එයාලා වගේ අයගේ සාමාජිකත්වය අහෝසි කළ යුතුයි.”
උදේ සිට ? වන තෙක් බිවූ කඳුළින් පසුවන නංගණ්ඩියත්, එදා සිට මේ වන විට තමන්ගේ ගෙදර දොරේ නඩු හබ පවරන අගහිඟකමුත් ඔහුගේ තුවක්කු බටයට මූණිස්සන් පුරවන්නට වූයේ පරෙවි හබය අතරේමය. තමන්ට කකුලක් අහිමිව ගිය තැන හමුදා සේවයෙන් විශ‍්‍රාම ගත් ඔහු ඊළඟට කළේ පරෙවියන් ඇති කිරීමය. හමුදාවෙන් විශ‍්‍රාම යන විට ඕනෑ පදම් සල්ලි පනම් අත ගැවසුණ ධනපතියෙකුව සිටි ඔහු පරෙවියන් ඇති කළේ විනෝදයටය. එහෙත් කකුලක් නැතිව දුක් විඳින සිරුර ගැන සිත සිතා මුසුප්පු වූ සිත සනසා ගැනීමට අමෘතය සොයමින් ක‍්‍රමයෙන් සැන්දෑ සාජ්ජ ආදියට ගොස් අත මිට හිඟ වන විට ඔහුගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව තිබුණේ පරෙවියන් ඇති කිරීමය. පරෙවියන් ඇති කිරීමෙන් පළමුව ඔහු ලාභ ලැබුවේ සංදර්ශනවලටත්, පොර පිටියටත් ඔවුන් දමා ඇල්ලූ ඔට්ටු ජයග‍්‍රහණය කිරීම තුළින්ය. ඒ ආදායමේ ප‍්‍රධාන හවුල්කාරයා වූයේ මේ කාපරයාය. මේ කාපරයා අල්ලා ගැනීමට ඔහු කළේ මහාම මහා යුද්ධයකි. ඒ යුද්ධය දිනුවා යනු ඔහුට දැනුණේ යාපන රටේ වූ යුද්ධය සහමුලින්ම වනසා දමා ජයග‍්‍රහණය කරා සමීප වූවාක් වැනි හැඟීමකි. පුරුදු දින චර්යාවේ අත්‍යවශ්‍ය අංග වූ සැන්දෑ සාජ්ජ, මිතුරු හමුවීම් ආදියෙහි බර පැන දැරූ පරෙවි ?නට එක් වූ කාපරයා ඔහුගේ සමාජ තත්වය, ගරුත්වය ආරක්ෂා කොට දුන්නේ සියලූ අගහිඟකම් වසාලමිනිx පරණ පුරුදු ප‍්‍රභූ පැළැන්තිය ඉදිරියේ ඉතාමත් ධනවතෙකු වූ තමන් සුරතල් පරෙවියන් ඇති කරන බවත් විනෝදය සඳහා ඔවුන් ඔට්ටු අල්ලවන බවත් කියමින්, පෙන්වමින් ඔහු සන්ධ්‍යා භාගය වන විට ගතමනාවද සරි කොට ගත්තේයx එහෙත් රස්තියාදුකාර පරෙවි රැුලට හසු වූ කාපරයා ඔහුගේ ජීවිතයම කඩා බිඳ දැම්මේය. කාපරයාගේ පැන යාමත් සමඟ අගහිඟකම් කොහේදෝ සිට දුවගෙන විත් පොර කකා ඉදිරි දොරට තට්ටු කරන්නට ගත්තේයx බිරින්දෑගේ වෙඩිමුරයනුත් සමඟ අතමිට හිඟ පාඩු බව පෙනෙන විට යාළු මිත‍්‍රයෝ ටිකද සී සී කඩව යන්නට වූහx එසේ මුළු මහත් සමාජයක් ඉදිරියේ ඔහුගේ සෙළුව නිරාවරණය වී පරෙවියන් ඇති කිරීම ඔහුගේ රැුකියාව මිස විනෝද මාර්ගය නොවන බව ප‍්‍රකාශයට පත් වියx එදා සිට ඔහු සොය සොයා සිටියේ තමන්ගේ ජීවිතය පොළොවටම සමතලා කොට පැන ගිය මේ කාපරයායx ඒ කාපරයා මුණ ගැසෙන තෙක් ඔහුගේ තුවක්කුව මූණිස්සන් පුරවාගෙන සිටියේ ඉවසිල්ලක් නැතිවයx අද ඔහුට ඒ කාපරයා මුණ ගැසී ඇතx
කාපරයාට දැන් දැන් තමන්ගේ විප්ලවය එපා වී ඇති බව නවරත්නබණ්ඩාට ප‍්‍රත්‍යක්ෂය. කෙදිනකවත් ඉවර නොවන මේ විප්ලවයට වඩා ඔහුගේ සිතිවිලි ධනපතිවාදයට යට වී හෝ දරුවන් සමඟ සතුටින් ජීවත් වීමට හෝ ආශා කරන බවකි පෙන්වනුයේ. ඔහු තමන්ගේ සිත සාදා ගැනීමට ඉතිහාසයෙන් කාරණා එකතු කොට ගන්නා අයුරු නවරත්නබණ්ඩා බලා සිටියේ පුදුමයෙනි.
”ඔය මහා ලොකු සමාජවාදියෝ හැම කෙනෙක්ම අන්තිමේ ප‍්‍රායෝගික ජීවිතේට මූණ දෙන්න ගිහිං ධනවාදයට හැරුණ එක තමා ඇත්ත කතාව.”
කාපරයාගේ කතාව තවදුරටත් ඉවසා සිටීමේ ශක්තියක් නායක සහෝදරයා තුළ නොවීය. ඔහු සිය අත් තටු දිග හැරගෙන එළියට පැන්නේ කාපරයාට කෙටීමටය. කුරුලූ රංචුවම එකතු වී තටු ගැලවෙන තෙක් බෙල්ලට කොටන බව රහසක් නොවූයෙන් කාපරයා ඉගිල ගැනීමට කියා දුබල ආයාසයක් ගත්තේය. ඇති වූ කලබලයත් සමඟ බිම හෙළිය යුත්තේ නායකයා මිස මේ තමන්ගේ කැදැල්ල සොයා ආපසු යාමට දඟළන කාපරයා නොවන බව අවබෝධ කොටගෙන නායකයා දෙසට මෑනී ගිය තුවක්කුව හෙණයක් පුපුරවා හැරියේ කැලයේ නිහැ`ඩියාව දෙබෑ කරමිනිx එහෙත් පරෙවි රංචුව සීසී කඩ යවමින් ඉස්සර වූ නවරත්නබණ්ඩාගේ මූණිස්සම ඉලක්කය වරදවාගෙන පසාරු කොටගෙන ගියේ කාපරයාගේ පපු කැවුත්තය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment