UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: පුරාණ සාහිත්‍යය හා එහි වටිනාකම පිළිබ`ද විමර්ශනයක්

Wednesday, December 11, 2013

පුරාණ සාහිත්‍යය හා එහි වටිනාකම පිළිබ`ද විමර්ශනයක්

පුරාණ සාහිත්‍යය හා එහි වටිනාකම පිළිබ`ද විමර්ශනයක් චතුර්වේද සමයෙන් පසුකාලීන බ‍්‍රාහ්මණ උපනිෂද් නමින් සංරචිත කෘතීන්හි පළින් පළ ස`දහන් වන පුරාණ සහ පුරාණ සංග‍්‍රහයන් යනු කිමැයි වියත් විමසුමට ලක්වුණකි. ප‍්‍රාක්තන යුගයේ පටන්ම පුරාණ යන්න ඉතිහාස යන්නත් සමග එකටම යෙදී ඇති සේ පෙනේ. කෙසේවතුදු පුරාණ යනු කිමැයි පහදන තන්හි ‘පුරාණම් ආඛ්‍යානම්’ පැරණිකථා (ධකා බ්ර්එසඩැ* ලෙස අරුත් දක්වා ඇත්තේය. ශබ්දකෝෂාර්ථයෙන් ගත් කල්හි එමෙසේය. ‘පැරණි යුගයට හෝ අතීතයට අයත්, චිරන්තන, පැරණී කථාව හෝ පුරාවෘතය’ වැනි අරුත් ලැබේ . මුල්කාලයේ පුරාණ යන්න සාහිත්‍යයක් හැ`දින්වීමට භාවිත විණැයි සිතිය හැකි නොවේ. කෞටිල්‍ය අථ_ශාස්ත‍්‍රයේ පුරාණ ඉතිවෘත්ත හා ඉතිහාස යනුවෙන් දක්වා ඇත. නමුත්් එයින් පුරාණ පෙළ අර්ථවත් කළේ ද යනු අවිනිශ්චිතය. පුරාණ සාහිත්‍යයක් ලෙස අරුත් ගැන්වූ මුල්ම අවස්ථා ලෙස මොරිස් වින්ටනිට්ස් පෙන්වා දෙන්නේ පැරණිම නීතිග‍්‍රන්ථය වන ගෞතම ධම_සූත‍්‍රයයි. එහි රජකු කෙරෙහි යුක්තිය(න්‍මිඑසජැ*, වේදය:ඪැා්*, නීතිය:ඔයැ ක්අ ඉදදනි*, වේදාංග සහ පුරාණ:ඔයැ ඩැා්බට්ි ්බා චමර්බ්* පිළිබ`ද දැනුම අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි. පුරාණයන්ගේ මුල වේදයේ දක්නට ලැබෙන බව කිවහැක්කේ සෘග්වේදයේ සහ බ‍්‍රාහ්මණයන්හි ස`දහන් ඇතැම් පුරාවෘත පුරාණයන්හි නැවත පෙනී සිටින හෙයිනි . නිදර්ශන ලෙස පුරූරවස් ඌර්වශී, යයාති, වැනි ආඛ්‍යාන දැක්විය හැකිය. සාම්ප‍්‍රදායික පිළිගැනීම අනුව පුරාණයන්ගේ ප‍්‍රභවය දිව්‍යමය සම්භවයක් ඇත්තකි. එනම් එය වේදසංග‍්‍රාහක ව්‍යාසයන් මහබඹුගෙන් ලබාගත්තක් බවයි. කෘෂ්ණදෛ්වපායන ව්‍යාස :ඔයැ ්රර්බටැර* වේදය කොටස්වලට බෙදා ඔහුගේ ශිෂ්‍යයන් සතර දෙනාට ඉගැන්වීය. ඒ අනුව සෘග්වේදය පයිලාට ද, යජුර්වේදය වෛසම්පායනට ද සාමන් වේදය ජයිමිනීට ද අථර්වන් වේදය සුමන්තුට ද සෙස්ස පුරාණ සංහිතා:ඔ්කැිල ්බ්ජාදඑැිල ීදබටිල කදරු* නමින් සංග‍්‍රහකොට පස්වැනි ශිෂ්‍යයා වන සූතට:ඊ්රා* ඉගැන්වීය. රෝමහර්ෂණ හෙවත් ලෝමහර්ෂණ යනු ඔහුය. වායුපුරාණයේ හා ඡුාන්දොග්‍ය උපනිෂදයේ හමුවන උද්ධරණයන්ගෙන් පුරාණ පස්වැනි වේදය ලෙස ද සැලකූ බව පෙනේ. වේදයක් ලෙස පුරාණයන් හ`දුන්වන්නට ඇත්තේ එහි වටිනාකම ර`දවනු විය හැකිය. ගෘහස්ථයන්ගේ වේදය ලෙස ඇතැමෙක් සළකනුයේ එහි අන්තර්ගතයේ විද්‍යමාන විවිධ සංදර්භයන් විමසාය. මෙහිදී සැලකිය යුතු වැදගත් කරුණක් නම් පුරාණයන් හා වීරකාව්‍යයන් අතර පෙනෙන සම්බන්ධයයි. පුරාණයන්හි අන්තර්ගත බොහෝ දෑ මහාභාරතයෙහි ද හමුවේ . ඊට අමතරව මහාභාරතයට අයත් සංග‍්‍රහයක් වන හරිවංශයේ ද පුරාණ පිළිබ`ද සාක්‍ෂ්‍යය ලැබේ . මෙම සාහිත්‍යාංග ද්වය එකිනෙකට පෝෂණය ලබමින් හෝ එකම කලෙක වැඩෙන්නට ඇති බව කිවහැකිය. විචාරකයන් පළකරන අන්දමට මහාභාරතය වීරකාව්‍යයක් නීතිග‍්‍රන්ථයක් මෙන්ම පුරාණයක් ලෙස අන්තර්ගතයෙන් පෙනෙන බවයි . මුල්කාලීන ග‍්‍රන්ථයන් මෙන් නොව පුරාණයන්ගේ වැඞීම විවිධ ආස්ථානයන්ගෙන් සිදුවීම මුලින් කී කරුණට හේතුවන්නට ඇත. පුරාණයන් මහාපුරාණ :ඵ්වදර ඡුමර්බ්* හා උපපුරාණ :ඵසබදර* වශයෙන් දෙයාකාරය. සංඛ්‍යාත්මකව ගත් කල්හි මහාපුරාණ 18කි. මෙම පුරාණ දහඅට රාජස(බ‍්‍රහ්ම*, සාත්තවික(විෂ්ණු* හා ශිව(තාමස* යන ශීර්ෂයන් යටතේ සංගෘහිතය. ඒ මෙසේය.  රාජස(බ‍්‍රහ්ම* - බ‍්‍රහ්ම, බ‍්‍රහ්මාණ්ඩ, බ‍්‍රහ්මවෛවර්ත, මාර්කණ්ඬේය, භවිෂ්‍ය, වාමන  සාත්තවික(විෂ්ණූ* - විෂ්ණු, භාගවත, නාරදීය, ගරුඪ, පද්ම, වරාහ  ශිව(තාමස* - ශිව, ලිංග, ස්කන්ද, අග්නි, මත්ස්‍ය, කූර්ම මහාපුරාණ 18 පිළිබ`ද ස`දහන් ක‍්‍රි.ව 3ට කලින් පැවති බවක් නොපෙනේ. මහාපුරාණ යන නාමය පසුකාලීන බව කිවහැකිය එය භාගවත හා බ‍්‍රහ්මවෛවර්ත යන පුරාණයන්හි හමුවන්නේ වෙයි. හරිවංශයේ ද වායු, මත්ස්‍ය, වැනි පුරාණ ග‍්‍රන්ථයන්හි ද මහාභාරතයේ ස්වර්ගාරෝහණ පව_යේ ද පුරාණ ග‍්‍රන්ථ නාමාවලී හමුවේ . මෙකී මහාපුරාණ ඇසුරින් වැඩුණු උපපුරාණ ගණනින් 18 කැයි කියතත් සියයකට අධික ප‍්‍රමාණයෙන් දක්නට ලැබෙන බව වියත් පිළිගැනීමයි . පුරාණයන්ගේ අන්තර්ගතයන් ප‍්‍රධාන ලෙස පරිපෝෂිත වී ඇත්තේ ආඛ්‍යාන:ඔ්කැි*, උපාඛ්‍යාන:්බැජාදඑැි*, ගාථා:ීදබටි ්බා ඉමකක්ාි*, කල්පෝක්ති:ඔර්ාසඑසදබ්ක කදරු* යන අංගයන්ගෙනි. මෙකී දෑ මෙන්ම වෙනත් බොහෝ අමුද්‍රව්‍යයන් මගින් පුරාණයන් සංකීර්ණත්වයට පත් වී ඇත්තේය. දේවකථා:ඵහඑයදකදටහ*, විශ්වෝත්පත්තිය පිළිබ`ද පුරාවෘත:ක්‍දිපදකදටහ*, විවිධ පුරාවෘත:ඪ්රසැි කැටැබා*, රාජවංශ වාර්තා:ඨැබැ්කදටසජ්ක ්ජජදමබඑි*, ජන විශ්වාස:ත්‍දකන ඉැකසැෙි*, නීති සංග‍්‍රහයන් නැතහොත් ධම_ ශාස්ත‍්‍රීය සංග‍්‍රහ:ඛ්අ ජදාැි*, හා මිශ‍්‍රිත විෂයයන්:ඵසිජැකක්බැදමි එදචසජි* යනාදිය රාශීභූත වූ තැනකි පුරාණ සාහිත්‍යය. මෙම සාහිත්‍ය ප‍්‍රවර්ගය වීරකාව්‍යයයන් හා සස`දා බලන කල්හි මහාභාරතයේ හා රාමායනයේ කේන්ද්‍රීය තේමාවක් දිස්වන අතර ඒ වටා බැ`දුණු වෙනත් තේ්මා ද දක්නට ලැබේ. නමුදු පුරාණයන්ගේ එබ`දු කේන්ද්‍රීය තේමාවක් නොපැනේ. ඒ සියල්ල පුරාණ නාමයෙන් හ`දුනාගත හැකිය. තවද පුරාණයන්හි දක්නට ලැබෙන දෑ ඉතිහාසයන්හි විද්‍යමාන වන අතර ඉතිහාසයන්හි ඇතුළත් දෑ පුරාණයන්හි දිටිය හැකිය. පුරාණයන්හි සංදර්භයන් විමසමින් පෙර හා අවරදිග වියතුන් නොයෙක් වටිනාකම් දක්වනු ලැබ ඇත්තේය . භාරතීය සංස්කෘතියේ ක‍්‍රමික විකාශය විමසීමේ දී පුරාණයන් වැදගත් තතු හෙළිකරන්නේ වෙයි. සංඛ්‍යාත්මක විශාලත්වය හා අන්තර්ගත සංකීර්ණතා නිසාවෙන් හරප‍්‍රසාද්ශාස්ත‍්‍රී:්‍ය්ර්චර්ි්ා ිය්ිඑරස* පුරාණයන් මුළුමනින්ම අධ්‍යයනය කිරීමට මුළු ජීවිත කාලයම අවශ්‍යබව කියාසිටියි. කෙසේ වුවද පුරාණයන් වනාහි ලේඛනවටිනාකම මෙන්ම ඉන්දීයයන්ගේ මිලියනයකට අධික කාලයක ගමනශීලී වූ විවිධ සංස්කෘතිකාංග සොයාබලනු වටිනා ලේඛනාවලියකි. පුරාණයන්ගේ වටිනාකම පුරාණයන්ගේ ආකෘතිය කෙසේ වී ද යන්න විමසන වියතුන් පුරාණයන්හිම එන පඤ්චවිධ ලක්‍ෂණ පිළිබ`ද ස`දහන උපයෝගී කරගනු ලැබ ඇත . වායු පුරාණයේ එකී පුරාණ ලක්‍ෂණ පස ප‍්‍රකට කරනුයේ මෙපරිද්දෙනි. සර්ගශ්ච ප‍්‍රතිසග_ශ්ච වංසො මන්වන්තරාණි ච වංසානුචරිතං චෛති පුරාණං පඤ්චලක්‍ෂණම් සග_, ප‍්‍රතිසග_, වංශ, මනුවංශ, හා වංශානුචරිත දැක්වීම යැයි පුරාණයන්ගේ පංචලක්‍ෂණයැ. ඒ අනුව සග_- (ධරසටසබ්ක ජරු්එසදබ*විශ්වෝත්පත්තිය, ප‍්‍රතිසග_- (ෘසිිදකමඑසදබ ්බා රු-ජරු්එසදබ* ප‍්‍රලය හා නිම_ාණය, මන්වන්තර-(ඔයැ චැරසදාි දෙ එයැ ප්බමි * මනුරාජවංශ යුග, වංශ-(්බජසැබඑ ටැබැ්කදටසැි* දෙවියන් හා ඍෂීන් පිළිබ`ද වංශකථා, වංශානුචරිත- :්ජජදමබඑි දෙ චැරිදබි පැබඑසදබැා සබ එයැ ටැබැ්කදටසැි* සූර්ය හා චන්ද්‍ර ආදී වංශ පිළිබ`ද ඉතිහාස කථා යනුවෙනි. මෙකී ලක්‍ෂණ පස මුළුමනින්ම පාහේ දක්නට ලැබෙන පුරාණයක් නොමැති තරම්ය. ඇතැම් තැනක මෙකී ශීර්ෂයන්ට නොගැනෙන දෑ ද දක්නට ලැබේ. ඇතැම් විචාරකයෙකු පවසන්නේ පැරණිම පුරාණ ග‍්‍රන්ථයන්හි පමණක් මෙකී ලක්‍ෂණ දැකිය හැකි බවකි. මෙකී ශීර්ෂ අතුරින් මුල් තුන මුල්කාලීන ආගමික හා දේවවිශ්වාසය කෙරෙහි නම‍්‍රතාවක් පෙන්වන අතර සාම්ප‍්‍රදායික ඉතිහාසය හා බැෙ`දනුයේ වංශ හා වංශානුචරිත යන ශීර්ෂ ද්වයයි. පොදුවේ ගත්කල්හි පුරාණයන් වනාහි වටිනා විශ්වකෝෂ සේ සැලකිය යුතු බව වියත් මතයයි. පුරාණයන්ගේ වටිනාකම යන ශීර්ෂයෙන් ඉන්දීය සාහිත්‍ය ඉතිහාසය කෘතිපෙළේ පුරාණ නමැති කොටසේ :ඔයැ ඡුමර්බ්* රොචර් විසින් නොයෙක් වියත් මතයන් දක්වනු ලැබ ඇත. පෙරාපර දෙදිග වියතුන්ගේ නොමද සැලකිල්ලට පාත‍්‍ර වූ පුරාණ ග‍්‍රන්ථයන් විවිධ ෙක්‍ෂත‍්‍ර ඔස්සේ විමර්ශනයට යොමු වී ඇත. ඉන්දීය සංස්කෘතික ඉතිහාසය නිසි අයුරින් දැනගනු පුරාණ ග‍්‍රන්ථයන්ගෙන් ලැබෙන පිටුවහල ලඝුකොට සැලකිය හැකි නොවේ. මන්ද යත් පුරාණයන් වනාහි විවිධ සංදර්භගත තොරතුරු ගබඩාවක් වන හෙයිනි. වීරකාව්‍යයයන් මෙන් පුරාණයන් ද භාරතීය සංස්කෘතික නිදර්ශනයන් සේ සැලකීම සාවද්‍ය නොවේ. වෙසෙසින් කිවයුතු වන්නේ පුරාණ සංදර්භයන් නොයෙක් පුරාවෘත හා මිථ්‍යා ප‍්‍රබන්ධයන්ගෙන් ද හිස් නොවන බවයි. එකී පුරාවෘත ඉවසිල්ලෙන් අධ්‍යයනය කිරීමෙන් වැදගත් ප‍්‍රවේශයන් වෙත එළඹිය හැකිය. බොහෝ විචාරක මතයන්ට අනුව පුරාණයන් වනාහි ආගමික පක්‍ෂය කෙරෙහි පමණක් නොව විවිධ ෙක්‍ෂත‍්‍ර පිළිබ`ද තොරතුරු ආකරයකි. නක්‍ෂත‍්‍රවිද්‍යාව, ජ්‍යොතිෂ්ශාස්ත‍්‍ර, භූගෝලශාස්ත‍්‍රය, වෛද්‍යශාස්ත‍්‍රය, ව්‍යාකරණ ශාස්ත‍්‍රය, ඡුන්දස් ශාස්ත‍්‍රය, හා කාව්‍ය ශාස්ත‍්‍ර පමණක් නොව වාස්තුවිද්‍යාව හා දෛනික කාර්යයන් පිළිබ`ද උපදේශමය තතු ප‍්‍රදර්ශනය කරන්නේ ද වෙයි. මෙබදු වටිනාකමින් යුත් පුරාණයන් පිළිබ`ද පර්යේෂණයන් සිදුකළ වියතුන් රැුසකි. එහිලා පුරෝගාමී වූවෙකු ලෙස එෆ්. ඊ පාර්ගිටර්(ත්‍ග ෑ ච්රටසඑැර* හ`දුනාගත හැකිය. තවද ඊ. බර්නෝෆ්(ෑග ඊදමරබදමෙ*, එස්. ජේ කන්තවල(ීගඛ න්බඒඅ්ක්*, එම්. ආර් සිං(ඵගඍ ීසබටය*, ජේ. එල් ශාස්ත‍්‍රි(න්‍ගඛ ී්ිඑරස* වැන්නවුන් ද පුරාණ පිළිබද විවිධ පර්යේෂණයන් සිදුකළෝ වෙති . ආගමික වටිනාකම පුරාණ සංදර්භය අනුව වින්ටර්නිට්ස් දරන මතය වනුයේ එය ආගමික සාහිත්‍යට අයත් බවයි. තවද ඔහු මෙසේ ද කියනු පෙනේ.‘ඉන්දීය සාහිත්‍ය ඉතිහාසයේ පුරාණයන්ට හිමි ස්ථානය යථාවිධියෙන් නිශ්චය කිරීම උගහටය’ යන්නයි. පුරාණයන්ට දිව්‍යමය සම්භවයක් ඇතැයි විශ්වාස කරන පෞරාණික භාරතීයයන්ගේ ආගමික චින්තාවන්් එකරාශීවීමක් සේ හදුන්වනු උත්සාහ දරන්නන් පුරාණ සියල්ලම පාහේ බ‍්‍රහ්ම, විෂ්ණු, ශිව යන දෙවිවරුන්ට පවරනු දක්නට ලැබේ. සැබවින්ම භාරතය වනාහි කලාන්තරයක් පුරාවටම යුගයෙන් යුගයට ආගමික විඤ්ඤාණය ප‍්‍රදානය කිරීමට විවිධ මාධ්‍යයන් උපයෝගී කරගත් අන්දම ප‍්‍රකට කරුණකි. ඒ අනුව පුරාණයන්හිද ආගමික චින්තාවන් දුලභ නොවන්නේය. වියත් විමර්ශනයන්ට අනුව පෙනීයන්නේ හින්දු සංස්කෘතියේ පැරණි අවස්ථා පුරාණ තුළ නිලීනව ඇති අන්දමයි. වෙසෙසින්ම හින්¥න්ගේ ප‍්‍රධාන දෙවිවරුන් සේ පිළිගැනෙන විෂ්ණු ශිව ආදීන් ප‍්‍රධාන භූමිකාවක් මෙහෙයවනු විද්‍යමානය . තවද ආගමික ස්ථාන හා දෙවියන් සම්බන්ධ පුරාවෘතයන්ද පුරාණයන්හි හමුවනුයේ අතරක් නොවන සේය. චතුරවග_ඵල අතුරින් මෝක්‍ෂයට අයත් සිද්ධාන්ත අතර යෝග, භක්තිය හා තපස් ක‍්‍රම වෙසෙසින් සාකච්ඡුා වේ. පුරාණයන්ගේ ආගමික වටිනාකම විමසන මොරිස් වින්ටර්නිට්ස් වියත්මත ද විමසමින් ආගමික ඉතිහාසය සෙවීමේදී පුරාණයන් වැදගත් වීම මෙන්ම හින්දුධර්මයේ සියලූ ස්වරූපතා ප‍්‍රකටකිරීම වෙසෙසින් දේව විශ්වාස, දේවප‍්‍රතිමා වන්දනය, ඊශ්වරවාදය, දේව අත්‍යාචාරය, ආගමික උත්සව පැවැත්වීම, පූජා විධි, ආචාරධම_ පුරාණයන්ගේ කැපී පෙනෙන ලක්‍ෂණ බව දක්වයි. සෑම පුරාණයකම ආගමික සංදර්භයෙන් විවිධ පුරාවෘත හා ප‍්‍රබන්ධ කථා දක්නට ලැබීමෙන් පුරාණ තුළ ආගමික ව්‍යාප්තිය කෙසේ දැයි සිතියහැකිය. පුරාණයන්ගේ ප‍්‍රධානතම වස්තුව ශිව හෝ විෂ්ණු වණ_නයයි. ජන්මය හා සමාජ තත්ත්වයන් එහිලා නොසැලකෙන අතර ජීවිතයේ එකම අපේක්‍ෂාව මෙන්ම නිදහස ලැබීමේ මාර්ගය ලෙස දැක්වෙනුයේ විෂ්ණුභක්තියයි. විෂ්ණු අවතාර පිළිබ`ද විස්තර පුරාණයන් තුළ විවිධත්වයෙන් අතිව්‍යාපීය . විෂ්ණුභක්තිය තීව‍්‍රකරන විධීන්ද එහිලා වෙසෙසින් සංගෘහිතය. පුරාණයන්හි ඇතුළත් විෂ්ණු දෙවියන් හා අවතාර පිළිබ`ද කථා හින්¥න්ගේ වඩාත් සිත්ගත්තකි. ආගමික ස්වරූපයෙන් යුත් පුරාණ අන්තර්ගතයේ ලෝක නිම_ාණය, දේව සම්භවය අපාය හා දිව්‍යලෝක විස්තර, දේවස්තෝත‍්‍ර ගායනා, ආගමික තීර්ථස්ථාන පිළිබ`ද තොරතුරු නොමදව ලැබේ. පද්ම පුරාණයේ විෂ්ණු දේව වණ_නා හා ආශ‍්‍රම හා කුලධම_ පිළිබද තතු සදහන්ය. ආශ‍්‍රම ධම_ හා කුලධම_ යනු හින්¥න්ගේ පැවැත්ම හා බැ`දුණු ප‍්‍රධාන සිද්ධාන්තයෝය. ඉන්දියාවේ අද දක්වාම වඩාත් ජනප‍්‍රිය පුරාණ ග‍්‍රන්ථයක් වන භාගවතපුරාණය විෂ්ණු භක්තිකයන් මහත් හරසරින් පිළිගනු ලබන්නකි. පොදුවේ ගත්කල්හි සෑම පුරාණයකම පාහේ දක්නට ලැබෙන ආගමික කරුණු සමානය. පශ්චාත්තන සමයේ ආගමික සම්ප‍්‍රදායන්හි මුල් ස්වරූප පුරාණයන්හි විද්‍යමානය. එහිලා දාර්ශනික පක්‍ෂයද(සංඛ්‍ය දර්ශනය වැනි* අනාවරණය වන අන්දම ප‍්‍රකටය. ශිව හා ශිවලිංග වන්දනය ද ඉතා ජනප‍්‍රිය වී තුබූ සැටි පුරාණයන්ගෙන් පැහැදිලිව පෙනෙන්නකි. ලිංග ස්වරූපයෙන් ශිව ද ශාලග‍්‍රාම ස්වරූපයෙන් විෂ්ණූ ද සංකේතිතය. අග්නිපුරාණයේ ශිව දෙවියන්ගේ අවතාර විසි අටක් ගැන ස`දහන්ය. පද්මපුරාණයේ දේව හා උපදේවිවරුන්ගේ ගැටුම ද විස්තර වීම ආගමික ඉතිහාසය කෙරෙහි වැදගත් වන්නේය. තවද හින්දු සමයේ පිළිගැනෙන කෘත තෙත‍්‍රා ද්වාපර හා කලියුග යන යුග බෙදුමද යුගධම_තා ද නොයෙක් තැන්හි හමුවන්නකි. පද්ම පුරාණයේ සග_ කාණ්ඩයේ භූත පිශාච ගාන්ධව_ විද්‍යාධර අප්සරස් සූර්ය ඉන්ද්‍ර අග්නි යම ලෝක ආදී විවිධ ලෝකපුරාවෘත පුරාණයන්හි හමුවීමෙන් මුල් යුගයේ ආගමික ව්‍යාප්තියේ ස්වභාවය හා පශ්චාත් සමය නිරීක්‍ෂණය කළහැකිය. හින්දු සංස්කෘතියේ අනන්‍යතා ලක්‍ෂණ කවරේදැයි දැනගනු පුරාණගත තොරතුරු වඩාත් උපකාරී වන්නේය . වීරකාව්‍යයන් හා පුරාණයන්හි ඇතුළත් ආගමික පසුබිම කෙසේද යන්න සංසන්දනාත්මකව විමසිය යුතුය. ඇතැම් ආගමික විධීන්හි මූලාවස්ථා පිළිබ`ද පුරාණ තොරතුරු විශ්වසනීය වේ. හින්දුසමයේ ආරම්භය වේදයුගය තෙක් දිවගිය ද එහි නොයෙක් අංග දැනගනු පුරාණයන්ගෙන් ලැබෙන සහාය විශාලය . ගනේශ, දුර්ගා දේවිය. ස්කන්ද කුමරු වැනි වෙනත් දෙවිවරුන් මෙන්ම ආගමික තීර්ථස්ථාන තොරතුරු පුරාවෘත ස්වරූපයෙන් හමුවේ. පුරාණයන්හි වටිනාකම විමසන වියතුන් එය හින්දු ආගමේ සියලූ පැතිකඩ පෙන්නුම්කරන්නක් සේ පෙන්වන අතර වේදය පුරාවේදින් විසින් ද උපනිෂද් දාර්ශනිකයන් විසින් ද අධ්‍යයනය කෙරෙන අතර පුරාණයන් පිළිබද දැනීම සෑම ඓතිහාසික හා භූගෝලවිද්‍යාත්මක වටිනාකම පුරාණයන්ගේ ඓතිහාසික අගය කවරාකාර ද යන්න බොහෝ වියතුන්ගේ අවධානයට යොමුවූවකි. මුල්කාලීන අවරදිග වියතුන් පුරාණගත තොරතුරු කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කළ ද කල්යත්ම පුරාණයන්ගේ ඓතිහාසික යැයි පෙනෙන දෑ පුරාවිද්‍යාත්මක සාධක මතින් තහවුරු කරගැනීමට ඔවුන් පෙළඹුණු සැටි පෙනේ. වෙසෙසින්ම වංශ හා වංශානුචරිත යන පුරාණ ලක්‍ෂණානුගත ශීර්ෂයන්ට ගැනෙන තතු ඉතිහාසමය වටිනාකමක් පෙන්වන බව පෙනේ. එහිලා උතුරු නැගෙනහිර හා බටහිර ඉන්දියානු ප‍්‍රදේශ පාලනය කළ රජවරුන් හා රාජවංශයන් පිළිබ`ද පුරාණයන් දක්වන කරුණු වියත් විමර්ශනයන්ට උපකාරී වී ඇති බව කිවයුතුය. බොහෝ ඉන්දීය සහ අන්‍ය දේශීය වියතුන් විසින් ඉන්දියානු ඉතිහාස මූලාශ‍්‍ර අතරට පුරාණයන්ද එක්කරනු ලැබ ඇත. එහෙයින් පුරාණයන් තුළ ඉතිහාසමය වටිනාකමක් දිස්වන බව කිවහැකිය. ඇතැම් තැනෙක්හි වෙනත් මූලාශ‍්‍රයන්ගෙන් නොලැබෙන කරුණු පුරාණයන් තුළින් විද්‍යමාන වන අවස්ථා තිබේ. ඒ වැනි කරුණු පසුකාලීන පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයන්ගෙන් සනාථ කොට ඇත. දේශපාලන ඉතිහාසය හැදෑරීමේදි පුරාණයන් වඩාත් උපකාරී වන බව වින්ටර්නිිට්ස් පවසයි. විෂ්ණු පුරාණය මෞර්ය රාජවංශය(ක‍්‍රි.පු 326-184* පිළිබ`දවත් මත්ස්‍ය පුරාණය ආන්ධ‍්‍ර රාජවංශය(ක‍්‍රි.ව236 දී අවසන්වන* පිළිබ`දවත් වායුපුරාණය පළමු චන්ද්‍රගුප්තයන්(ක‍්‍රි.ව320-330* පිළිබ`දව ද වැදගත් තොරතුරු සපයන බව ඉතිහාසවේදියෙකු වන වින්සන්ට් ස්මිත් පවසනු පෙනේ. තවද භාරතීය ඉතිහාස ග‍්‍රන්ථ රචකයන් අතර මුල්තැන ගනුලබන කල්හණ නීලමත පුරාණය පැරණි කාශ්මීරයේ ඉතිහාසය සෙවුමට වැදගත් වන බව සලකා ඇත. වෙසෙසින්ම වායු, මත්ස්‍ය, විෂ්ණු, බ‍්‍රහ්මාණ්ඩ හා භාගවත යන පුරාණයන්හි එබදු පැරණි රාජවංශනාමාවලීන්(වංසානුචරිත* හමුවේ. එකී වංශයන් පිළිබ`ද අධ්‍යයනයක යෙදුණ පාගිටර් විසින් පුරාණයන් පිළිබ`ද සාධනීය පර්යේෂණ ප‍්‍රවේශයන් සපයනු ලැබ ඇත . පුරාණයන්හි දැක්වෙන මෙම නාමාවලිය ආරම්භවනුයේ මනුවෛවස්වතගෙනි. මනුගේ පුත‍්‍රයකු වන ඊක්‍ෂ්වාකු අයොධ්‍යාවේ ඓක්‍ෂ්වාකු හෙවත් සුර්ය රාජවංශයේ(ීදක්ර ඍ්ජැ* ආරම්භකයා ලෙස දැක්වේ. මනුගේ තවත් පුත‍්‍රයකු වන ඉල හෙවත් ඉලා (ස්ත‍්‍රී බවට හැරුණු * චන්ද්‍ර වංශයේ (ඛමබ්ර ඍ්ජැ* හෙවත් ඓලා වංශයේ ආරම්භකයාය. නොයෙක් රාජ පරපුරු බිහිවනුයේ මෙම වංශද්වයෙනි.එසේ පැවති වංශයන් පිළිබද තතු කුරු හා පාණ්ඩව යුද්ධයයේ ආරම්භය දක්වා විස්තර වෙයි. සාමාන්‍ය පිළිගැනීම නම් පුරාණයන්හි රාජපරපුරු පිළිබ`ද තතු දැක්වීම ගුප්ත යුගයේ මුල් අවදියෙන් අවසන් වන බවයි . සූර්ය වංශය විසින් අයෝධ්‍යා, විදේහ හා වෛශාලී යන රාජධානි පාලනය කළ අතර චන්ද්‍ර වංශය පෞරව, යාදව, ආනව, දෘශ්‍යු, තුර්වාශූ යන ගෝත‍්‍රයන්ට බෙදී පාලනය ගෙනගියහ ඔවුන් සියල්ලම අයත් වූයේ චන්ද්‍රවංශයටය. විවිධ රජවරුන් සම්බන්ධ සදහනෙන් ඉතිහාසයේ හමුවන ශිශුනාග, නන්ද, මෞර්ය, ශුංග, ආන්ධ‍්‍ර, හා ගුප්ත වැනි පාලකයන් පිළිබද තොරතුරු හමුවේ. ශිශුනාග වංශිකයන් අතර බෞද්ධ සාහිත්‍යයේ හමුවන බිම්බිසාර හා අජාතසත්තු ද ගැනේ. අවසානයේ ප‍්‍රාථමික රාජවංශ(ශුද්‍ර හා ම්ලේච්ඡු* නාමාවලියක්ද අභීර, ගර්දභ, ශක, යවන, තුෂාර, හූන ආදී වශයෙන් දක්නට ලැබේ. ඇතැම් වියතෙක් කල්පනාකරනුයේ මුල්කාලීන පාලකයන් හා රාජ්‍යයන් පිළිබ`ද විස්තරය විශ්වසනීයත්වයෙන් අඩුවුව ද පශ්චාත්තන යුගය (ක‍්‍රි.පූ 3 -4* පිළිබ`ද වැදගත් තොරතුරු ලැබෙන බවයි. පුරාණගත ඇතැම් විස්තර බෞද්ධ සාහිත්‍යයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයන්ගෙන් ද ස්ථිරවනු පෙනේ. පුරාණයන්හි පැරණි යුගබෙදීමේ ක‍්‍රමයක්ද හමුවන්නේය. ප‍්‍රධාන යුග සතරකි. කෘත,ත්‍රෙතා ද්වාපර හා කලි වශයෙනි. කෘත යුගයේ තත්ත්වයන් පිළිබ`ද දීර්ඝ විස්තරයක් හමුවේ. එසේම අප ජීවත්වන කලියුගයේ භයානක තත්වයන්ද දීර්ඝව දැක්වේ. කෘත යුගයේ ධම_ය චතුර්පාද ඇති වෘෂභයකුට උපමිතය. ඒ තපස්, සෞච, දයා,හා සත්‍ය සංකේතවත් කරනුය.ඒ ඒ යුගයක් පාසා මෙකී කාරණ සතර එකින් එක ක්‍ෂයවීයයි. ඒ ඒ යුගයන් පවතින කාලවකවානු ද දැක්වේ. ඓතිහාසිකව පෞරාණික හින්දු සංස්කෘතිකාංග ආගමික චින්තනය හා පසුබිම වැනි දෑ සොයාබලනු පුරාණයන් වැදගත් සාක්‍ෂ්‍යයෝ වන්නාහ. මුලින් කී සෙයින් පුරාණයන්හි ඇතුළත් පුරාවෘතමය හා කාල්පනික දෑ ඉවත් කළ කල්හි ඉන්දියානු ඉතිහාසය හා භෞගෝලීය තත්වයන් දැනගනු තතු රැුසක් අනාවරණය කරන්නේ වෙයි. භූගෝලවිද්‍යාත්මක වටිනාකම පුරාණයන්හි විශ්වසම්භවය හා දක්වන කරුණු පිරික්සන කල්හි විශ්වසම්භවාත්මක හා භෞගෝලීය සාධක ද හෙළිවන අන්දම පෙනේ. විශ්වය අණ්ඩයක හෙවත් බිත්තරයක ස්වරූපයෙන් විද්‍යමාන වන බව පුරාණඉගැන්වීමයි. පෘථිවියට පහළින් පාතාල හයක් ඇතිබව දක්වයි. සත් වැදෑරුම් නරකාදිය ද පිහිටා ඇත්තේ පෘථිවියට පහළිනි. පෘථිවියේ මධ්‍ය දේශය වනුයේ ජම්බුද්වීපයයි. එය ජලයෙන් හා වෙනත් දිවයින් මගින් ද වටවී ඇත්තේ වෙයි. එමෙන්ම මහාද්වීප හා සාගර හතකි. අවසාන වශයෙන් සමස්ත ලෝකයම දේවකලාපයක් සේ ගැනෙන සුවණ_භූමි නම් මහාද්වීපයෙන් වටවී ඇත. එසේම ක`දුපන්තියක්(ලෝකාලෝක යනු ද ඊට නමකි* මගින් අන්‍ය ලෝකයන්ගෙන් වෙන්කොට ඇත. ජම්බුද්වීපය කොටස් හෙවත් වෂ_ හතකට බෙදනු ලැබේ. ඒ බටහිර සිට නැගෙනහිරට වැටෙන ක`දු පන්තියකිනි. එකී කොටස් හත මෙසේය. කුරු, හිරන්මය, රම්‍යක, ඉලාවෘත, හරිවෂ_, කිංපුරුෂ, භාරත වශයෙනි. භාරතවෂ_යේ ක`දු, ගං`ගා, නගර නිසි අයුරින් හ`දුනාගත නොහැකි වුවත් ඇතැම් භූගෝලීය දත්ත සපයාගනු ආධාර කරගතහැකිය . ජේ.එච් ස්පේක් (න්‍ග්‍ය ීචැනැ* විසින් නයිල්හි මූලාශ‍්‍රයන් පුරාණයන් ඇසුරින් සෝයාගත් කල්හි එහි(පුරාණ* වටිනාකම තවත් වැඩිවිය. පුරාණයන්හි හා වීරකාව්‍යයන්හි ඇතුළත් ස්ථාන නාම පිළිබ`ද අලී (ඡුරදගෙ ්කස* නමැති වියතා විශ්වාසයෙන් සලකා ඇත . සාහිත්‍යාත්මක වටිනාකම පුරාණයන් වනාහි කේවල ආගමික කෘතියයි කීම වෙනුවට සාහිත්‍ය නිම_ාණ සේ සැලකීම වැදගත් වන බව ඇතැම් වියතෙකු කල්පනාකරනු පෙනේ . ආගමික සංදර්භයක් පමණක් පෙන්නුම් කළේ නම් ඉතා ඈත යුගයේම ජනයා විසින් ප‍්‍රතිෙක්‍ෂප කරනු ඇති බවට විශ්වාස කෙරේ. පුරාණ රචනය විවිධ වෘත්තාශ‍්‍රිත පද්‍යයෙන් නිමවී තිබේ. ඇතැම් තැනෙක ගද්‍යපාඨ ද හමුවේ. ඉතිහාසයන්හි විද්‍යමාන කාව්‍යමය ලක්‍ෂණයන් පුරාණයන්හිද නොඅඩුව දක්නට ලැබෙන බව භාරත වියතෙක් අදහස් කරයි. වාමන පුරාණයේ කාව්‍යමය සංකල්ප පිළිබද අධ්‍යයනයක යෙදෙන ඞී. ආර් සත්‍යරාත් ශාස්ත‍්‍රී(ෘගඍ ී්එහ්රර්එ ී්ිඑරස* ඊට නිදර්ශන සපයන්නේ වෙයි . වාරාණසී නගරකාන්තාවන්ගේ ශෝභාව වාමන පුරාණකරුවන් දක්වන්නේ මෙසේය. ව‍්‍රජත්සු යෝෂිත්සු චතුෂ්පතේෂු - පදානි අලක්තාරුණීතානි දෘෂ්ට්වා යයාවු ශශී විස්මයංඒව යස්‍යාම් - කංස්විත් ප‍්‍රයාතා ස්ථලපද්මිණීයම්. ‘වාරාණසී නගරය පසුකරමින් යන චන්ද්‍රයා එපුර වැසි කාන්තාවන්ගේ ලතු වැකුණු පා ලකුණු දැක පොළොවෙහි හටගත් නෙළුම්මල් රැුසක් ගමන්කරන්නේ යැයි විස්මයට පත්වේ’. පශ්චාත්තන කාව්‍යකාරයන්ගේ නිම_ාණයන්හි ද මීට සමාන වණ_නා දැකිය හැකිය. වාමන පුරාණයේ මෙබ`දු අලංකාරාත්මක කියුම් මෙන්ම විවිධ රසෝත්පාදක ගුණයෙන් යුත් රචනයන් දිටිය හැකිය. වෙසෙසින්ම කාව්‍යකරණය පිළිබ`ද ඇතැම් නිර්දේශ සපයන අග්නි පුරාණය ද සාහිත්‍යමය අගයෙන් යුතු බව කිවහැකිය. අග්නි පුරාණයේ 37 සිට 47 දක්වා වූ පරිච්ෙඡ්දයන්හි සකු කවිසමය පිිළිබද වැදගත් කරුණූ අනාවරණය කරගත හැකිය. අලංකාර විචාර සංකල්පයේ මූලාවස්ථා මෙහි නිරූපිතය. කිසියම් නිම_ාණයක් අර්ථාලංකාරයෙන් තොර නම් එතැන්හි සරස්වතිය වැන්දඹු කතක් වැනියයි කියයි. ඒ හැරුණු කොට රසවත් තේමාශ‍්‍රයෙන් කියැවෙන කථා හා පුරාවෘතයන්හි සාහිත්‍යමය වටිනාකමක් ගැබ් වෙන සැටි පිරික්සිය හැකිය. විරකාව්‍යයන් පශ්චාත්තන නිම_ාණකරුවන් වෙත බලපෑ සෙයින් පුරාණයන් ද ඊට සමාන ආලෝකයක් පතුරන්නේ වෙයි . ගරුඩ, අග්නි හා නාරද පුරාණයන්ද සාහිත්‍යාත්මත වටිනාකම් පෙන්වන විශ්වකෝෂයන් බව එක් විචාරකයෙක් පවසයි කාලිදාසයන් කෘත අභිඥාන ශාකුන්තලයේ වස්තුබීජය මහාභාරතයේ හමුවුවද නාට්‍යයට නැගි කල්හි පද්මපුරාණයේ දැක්වෙන පුවතට වඩාත් සමාන වන බව වින්ටර්නිට්ස් පවසයි. තවද පුරූරවශ් ඌර්වෂී, රාම පුවත වැනි ප‍්‍රවෘත්තීන් ද පුරාණයන්හි දක්නට ලැබේ. අන්‍ය විෂයික වටිනාකම ඉහතින් කී සෙයින් පුරාණයන් වනාහි විවිධ විෂයන්ට ආකරයක් වීමට හේතුවනුයේ එහි නිදහස් වැඩුමයිි. ප‍්‍රධාන විෂයන් ලෙස ඉහත ශීර්ෂයන්ට අදාළ කරුණු විද්‍යමාන වුවද භාරතීය සංස්කෘතියේ ඉගැන්වෙන චතුර්වග_ඵල සාධනයට උපයෝගී සංකල්්පයන්ගෙන් ද පුරාණයන් හිස්නොවන බව පෙනේ . රාජධම_ විග‍්‍රහයන්හි මෙකී විෂයන් වෙසෙසින් විග‍්‍රහවන්නේය. අග්නි හා ගරුඩ පුරාණයන්හි වෛද්‍ය ශාස්ත‍්‍රය, පශු වෛද්‍ය, ගෘහනිම_ාණ ශිල්පය, මාණික්‍ය නිරීක්‍ෂණ විධි, තාරකාවිද්‍යාව, හා ව්‍යාකරණ වැනි දෑද සාකච්ඡුාවේ. විශ්වකෝෂයකැයි සැලකෙන අග්නි පුරාණයේ ධනුර්වේදය, කාව්‍ය ශාස්ත‍්‍රය, ඡුන්දස් ශාස්ත‍්‍රය, නාට්‍ය හා නර්තන පිළිබද විස්තරයන් ද හමුවේ. පුරාණයන්ගේ වටිනාකම යන මැයින් සිදුකළ මෙම අධ්‍යයනයේ දී පෙනීගිය වැදගත් තතු රැුසකි. භාරතීය සංස්කෘතියේ කැඩපතකැයි කිවහැකි පුරාණ ග‍්‍රන්ථයන් හින්¥ ජනයන් අතර වඩාත් බුහුමනට ලක්වූවකි. කාලාන්තරයක් මුලූල්ලේ වැඞීමට ලක්වුණු මෙම ග‍්‍රන්ථ විශේෂය විවිධ සංදර්භයන් ප‍්‍රදර්ශනය කරන්නේමුත් ඒ සියල්ල මිථ්‍යාසංකල්ප සේ සලකා බැහැරලිය නොහැක. කුමක්හෙයින් ද යත් ඉන්දීය ඉතිහාසය ගොඩනැගීම වැනි කාර්යයන්හිදී එහි උපකාරය නොසලකාහැරීම කළනොහැකි හෙයිනි. පෞරාණිකයන්ගේ චින්තන ශක්තිය යුගයෙන් යුගයට පරිණාමය වී ආ අන්දම දැනගනීම් වස් මින් ලැබෙන පිටුවහල වැදගත්ය. පුරාණයන් සාහිත්‍යයක් ලෙස සළකාබැලූ කල්හි පශ්චාත්තනයන් ඉන් ලත් ආලෝකය සුවිශාලය. භාරතය යනු ආගමික සංකල්පයන්ට තෝතැන්නක් වන හෙයින් එහි විවිධ ස්වරූපතා පිරික්සා බලනු පුරාණයන් නොමද සහායක් වන්නේය. පොදුවේ සලකන කල්හි පුරාණයන් වනාහි විවිධ සංදර්භයන් පිළිබද අතීත ස්මාරකයන් සේ සැලකීම සාවද්‍ය නොවන බව කිවහැකිය ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය සිංහල 1ග තිලකසිරි ජයදේව, සංස්කෘත කාව්‍ය සාහිත්‍යය, ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, කොළඹ, 1961. 2ග ගුරුගේ ආනන්ද ඩබ්. පී, පුරාණ සංස්කෘතිය හා විද්‍යොදය ලිපි, ඇස් ගොඩගේ සහ සමාගම, කොළඹ, 2010. ෑබටකසිය 1ග ඵ්ය්ව්බල ඪගෘල ් ්‍යසිඑදරහ දෙ ෂබාස්ල ඡු්රඑ ෂල ී ක්‍ය්බා * ක්‍දපච්බහ ඛ ඔ ෘල භැඅෘැකයසල 1980ග 2ග ඵ්වමපා්රග ්ගණල ක්‍දබජසිැ ්‍යසිඑදරහ දෙ ්බජසැබඑ ෂබාස් ල ඪදක ෂල ඵමබියසර්ප ඵ්බදය්රක්ක චමඉකසියැරල 1977ග 3ග ඍදජයැරග ඛල ් ්‍යසිඑදරහ දෙ ෂබාස්බ ඛසඑැර්එමරුල ෑාසඑැා ඉහ න්‍්බ ඨදබා්ල ඪදක ෂෂෂල ධඑඑද ය්රර්ිිදඅසඑ‘ග උසැිඉ්ාැබල 1986ග 4ග ී්ිඑරස ී්එහ්රර්එල ෑිි්හි දබ ෂබාදකදටහල ඵැය්රජය්බා ඛ්ජයයප්බා්ිිල ෘැකයසල 1963ග ෑබජහජකදචැාස්ි ෂග ඨ්රට ඨ්බට් ඍ්පල ෂබඑැරබ්එසදබ්ක ෑබජහජකදචැාස් දෙ ී්බිනරසඑ ඛසඑැර්එමරුල ඪදක ෂ ච්රඑ 2ල ඵසඑසක්ක ඡුමඉකසජ්එසදබල ෘැකයස 1987ග ෂෂග ඔයැ ෑබජහජකදචැාස් දෙ ඍැකසටසදබලඪදකක ෂෂල ෑාසඑැාග ඵසරජැ් ෑකසාැල ඵ්ජපසකක්බ ඛසඉර්රහ ඍැෙැරුබජැල ඹී්ල භැඅහදරනල ීසපදබ*ක්‍යමිඑැර ඵ්ජපසකක්බල1995ග ධඑයැර ෂග උසකකස්පි ඵදබසැරල ් ී්බිනරසඑ ෑබටකසිය ෘසජඑසදබ්රහල ි ෂෂග යඑඑචථරැුරැුඅඅඅගඑයසරාපසකකැබබසමපගකසඉර්රහගජදප

No comments: