Tuesday, December 10, 2013
පද්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩ නමැති කව්සිළුමිණ
පද්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩ නමැති කව්සිළුමිණ
ලෝතලය වර්ණවත් කරන පුෂ්පයෝ බොහොමයකි. ඒ පුෂ්පයෝ වර්ණයෙන්, සුවඳින,් හැඩයෙන්, අගයෙන් විවිධාකාරය. එහි වටිනාකම වැඩිවන්නේ පුෂ්පයන්හි අන්තර්ගත ලක්‍ෂණ බාහුල්‍යයෙන්ය. සිංහල පi සාහිත්‍යයේද සුපුෂ්පිත සර්වකාලීන සුවඳ විහිදුවන සියලූ අගයන්ගෙන් සමන්විත මහා කාව්‍යයක් ලෙස කව්සිළුමිණ හැඳින්විය හැකිය. සත්තකින්ම එය සාහිත්‍ය නමැති වෘක්‍ෂයෙහි සුපිපි මුදුන් මල් කඩයි. මෙම කාව්‍ය අසමසම කාව්‍යයක් බව එම කෘතියේම නම විග‍්‍රහ කිරීමේදී මොනවට පසක් වේ.
කව්සිළුමිණ නමැති විශිෂ්ට මහා කාව්‍යයෙහි කතුවරයා පිළිබඳ යම් මතභේද පවතී.’’මෙම කාව්‍ය කරන ලද්දේ කවුරුන් විසින්ද යන්න සම්බන්‍ධයෙන් මතභේද පවතින බව ප‍්‍රසිද්ධ කරුකි. පළමුවෙනි විජයබාහු, පළමුවෙනි පරාක‍්‍රමබාහු, දෙවෙනි විජයබාහු, දෙවෙනි පරාක‍්‍රමබාහු, සිවුවෙනි පරාක‍්‍රමබාහු යන නම් කෘතිය හා බැඳි සාකච්ඡුා වලදී සිහිපත් වේ.’’ එහෙත් ඉතා සූක්‍ෂමව ග‍්‍රන්‍ථය විමසීමේදී පසක් වන්නේ මෙම කෘතිය කලිකාල සර්වඥ පණ්ඩිත දෙවෙනි පැරකුම්බා රජු රචනා කරන ලද්දක් බවයි. ”දඹදෙණියේ සතළිස් පස් අවුරුද්දක් පමණ විසූ දෙවන පැරකුම්බා රජු ඒ මහාකවේ කතුවරයා වශයෙන් සළකති. ඒ බව ගත අවසානයේ එන මේ ගීතයෙන් සන්දර්ශිතයි.
‘‘සියබස් සකු මගධ - මහත් සයුරු තෙරපත්
සරසවිය නම් කලිකල් - දෙව්සිරි කළ අයදමෙන්’’
‘‘සඳකුල කැත් කොත් - වහන් දෙරනත් නන් වන්
මෙත් කිත් පතළ කලිකල් - සවැනි නිරිඳු කළේ මේ ’’
මෙම මහාකාව්‍යයෙහි සර්ග පහළොවක් සහ ගී සත්සිය හැත්තෑවක් පමණ සමන්විතය. එකළ බොහෝ සෙයින් ප‍්‍රචලිතව පැවතුනේ ජාතක කතාවක් හෝ බෝසත් සර වැනුමක් උපයෝගී කර ගනිමින් තම නිර්මාණය එළිදැක්වීමයි. ඒ බැව් මුවදෙව්දාවත, සසදාවත, වෙසතුරුදාකව ආදී කාව්‍ය නිර්මාණ කැඩපතක් සේ සාක්‍ෂි දරයි. ඒ අනුව ’’කව්සිළුමිණ දැනට අප අතට ලැබී ඇති ජාතක කතාවක් පදනම් කර ගනිමින් ලියූ ප‍්‍රථම මහා කාව්‍යයයි.’’
ඒ අනුව තම නිර්මාණයට උචිත ජාතක කතාව වන කුස ජාතක කතාව තෝරා ගැනීමට කතුවරයා ප‍්‍රතිභාපූර්ණ සහ විචක්‍ෂණ ඥානයකින් හෙබි විය. මෙකල කතුවරුන් තම කෘතියට බෞද්ධ මුහුණුවරක් යොදා ගැනීමට යුහුසුළු වූවේ එකළ කාව්‍ය බන්‍ධනයේදී බුදු සිරිත ගුරු කොට ගත යුතු බව සියබස්ලකර නමැති කාව්‍ය රීති පොතෙහි අන්තර්ගත වීම නිසාවෙනි.
”පෙදෙන් බුදු සිරිතැ
බසින් වත් සිරිත් ඈ
පද යුතු බසින් ඈ
අනතුරු ලකුණු දක්වම්’’
එහෙත් කතුවරයා තම කෘතිය සඳහා කුස ජාතකය යොදාගනිමින් උක්ත ප‍්‍රස්තුතය හා එක`ග වුවද තම කෘතිය අරඹන්නේ මහා කාව්‍ය ලක්‍ෂණයක් වන ආශිර්වාදයකින්, නමස්කාරයකින් හෝ වස්තු නිර්දේශයකින් නොවේ. එය ඇරඹෙන්නේ
”තමා වරදස නොදිස්නේ - මෙරමා දොස් මැ දිස්නේ
නුවන් බැහැර නහමත් - තමා මුත් නොදක්නේ කිම් ’’
මෙහිදී කතුවරයා මහාකාව්‍ය ලක්‍ෂණ වලට පටහැනිව ගොස් ස්වාධීන මගක් අනුගමනය කළ බව ප‍්‍රකට ෙවි. මීට අමතරව කතුවරයා තම මහා කාව්‍ය සම්පාදනයේදී කුස ජාතකයෙහි උපයුක්ත කරුණු කාරණා මුතු පබළු එකිනෙක මාලකයකට ගලපන්නා සේ සරසා ඇත්තේ මහා ලක්‍ෂණයන්ට යටත් වෙමිනි. එසේම මහා කාව්‍ය ලක්‍ෂණයන්ට උපයුක්ත වන සේ යම්යම් සිද්ධි කතුවරයා තමාට අභිමත පරිදි රසෝත්පාදනය වන සේ යොදා ගෙන ඇත. ඒ අනුව කාව්‍යාදර්ශයෙහි සහ සියබස්ලකරෙහි එන මහාකාව්‍ය ලක්‍ෂණ කිහිපයක් දැක්වීම මා මේ සඳහා වඩා උචිත යැයි සිතමි.
x ”සර්ග බන්‍ධනයෙන් යුක්ත වීම.
x වස්තුවක් හෝ ආශිර්වාදයක් හෝ නමස්කාරයක් මුල්වීම.
x කථාව ඉතිහාස කථාවක් හෝ වෙනත් සත්‍ය කතාවක් වීම.
x ධර්ම, අර්ථ, කාම, මෝක්‍ෂ, යන මේ සිව්පලයෙන් යුක්තවීම.
x කථානායකයා වීර උදාර ගුණවතෙකු වීම.
x නගර, මුහුද, පර්වත, ඍතු, වන, සූර්යෝදය, චන්දෝදය යන වර්ණයන්ගෙන් යුක්තවීම.
x දිය යෙළි ,උයන් කෙළි, මධුපාන උත්සව යනාදිය තිබීම.’’
කතුවරයා උක්ත ලක්‍ෂණයන්ට ගැළපෙන සේ ජාතක කතාව යොදා ගනිමින් කාව්‍යකරණයෙහි යෙදී ඇත. ජාතක කතාවෙහි දැක්වෙන පරිදි මහා කාව්‍යයට යොදා ගත් කතාව මෙසේය. මෙම මහාකාව්‍ය පුරාවටම දිග හැරෙන පේ‍්‍රමවෘතාන්තයෙහි ප‍්‍රධාන චරිත දෙක වන්නේ කුස රජු හා පබාවතියයි. කුස රජු ඔක්කාක රජුගේ සහ සීලවතී බිසවගේ පුත‍්‍රරත්නයයි. නමුදු ඔහු රුවින් අවලස්සනය. ඒ බැව් කුස ජාතක කාව්‍යයේ එන ’නැඹුලූ යකෙක් ’ යන වදන් වලින් පැහැදිලි වේ. කුමරු තමාගේ ඇති අවලස්සන රුව නිසාවෙන් විවාහ වීමට අකමැතිව සිටියේය. නමුදු ඔහු ඇඹවූ රන් රුවට සමාන රුවකින් යුත් ස්ත‍්‍රියක් සිටින නිසාවෙන් ඇය සම`ග විවාහ වීමට ඔහු රුචි විය. ඇය පබවතියයි. කුස රජුගේ මව, විවාහ වී දරුවෙක් ලැබෙන තුරු දෙපල මුහුණට මුහුණ දවාලයේදී හමු නොවිය යුතු බවට මුසාවක් පවසයි. නමුදු කුස රජු තම පෞරුෂය පෙන්වීමට ගොස් පබවතියට හසුවේ. ඇය තමා මුලා කළ බව දැන තම රාජ්‍යය බලා පිටත් වෙයි. නමුත් පරාජය බාර නොගන්නාවූ කුස රජ තම පිරිස සම`ග ගොස් ඇයගේ සිත දිනාගෙන සිය රටට පැමිණේ. සර්ග පහළොහක් පුරාවට ගී සත් සිය හැත්තෑවක් ම`ගින් රසික හදවත් විටෙක විරහයෙන් තවත් විටෙක ශෘංගාරයෙන් ඔප්නංවමින් දිග හැරෙන්නේ එම පේ‍්‍රම වෘතාන්තයයි.
ඒ අනුව පැහැදිලි වන්නේ ”බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබෙන උසස්ම පේ‍්‍රම කතාව මෙය විය යුතු බවයි.’’ එසේම මෙම කාව්‍යය විමර්ශනය කිරීමේදී සුවිශේෂී සංකල්පනාවක් සමාජයට සිහිපත් කරයි. එනම් ”කුස ජාතකයෙන් කියවෙන්නේ විවාහයේ යථාර්ථයයි. විවාහය වූ කලි බලය හෝ ශක්තිය මත රඳා පවතින්නක් නොව. ස්තී‍්‍ර පුරුෂ රුචි අරුචි හා අන්‍යෝන්‍ය විශ්වාසය මත පවතින්නකි.’’ මීට අමතරව කතුවරයා ඔහු සතු නිස`ග සකු දැනුම යොදා ගනිමින් රඝුවංශය, ජානකීහරණය, ශිශුපාලවධය ආදී කෘති පරිශීලනය කර ඇති බව කාව්‍ය විමසීමේදී පසක් වේ. ඒ සඳහා උදාහරණ 14-26, 14-14, 5-7, 6-23, ආදී බොහෝ අවස්ථා දැකගත හැකිය. ඒ අනුව උක්ත කරුණු විමසීමේදී කව්සිළුමිණ කාව්‍ය රසාස්වාදය මිනිස් සිත් සතන් සනහන අපූරු පේ‍්‍රම වෘතාන්තයක් සේ පාඨක සිත් තුළ කි`දා බැස්මට සමත් වී ඇති බව මනාව පසක් වේ. ”කව්සිළුමිණ පාඨක ලෝකයාගේ මනෝරඤ්ජනය කරන්නේ නියම කතාවක් වශයෙනි. පේ‍්‍රම කතාවක් වශයෙන් මෙය ලොව ශ්‍රේෂ්ඨතම පේ‍්‍රම කතාව අභිබවා නොසිටියත් සමතැන් වත් ගන්නේයැයි කීම අතිශයෝක්තියක් නොවේ.’’ සත්තකින්ම ඒ බැව් ග‍්‍රන්‍ථ පරිශීලනයේදී මොනවට පසක් නොවේද?
හින්‍දු රජෙකුගේ ජීවන චර්යාවන් පදනම් කරගත් ඒකාබද්ධතාවකින් යුත් මධුපාන උත්සවය
කව්සිළුමිණෙහි මධුපාන උත්සවයට අදාළ කාව්‍ය නිර්මාණ විමසීමේදී එය කතුවරයා ඉතා ඕනෑකමින් තම ප‍්‍රතිභාව මොනවට පසක් කිරීමට සමත් වූ කාව්‍ය නිර්මාණයක්යැයි මට සිතේ. එහෙත් මෙහිදී අප විමර්ශනයට භාජනය කළ යුතු කාරණාව නම් ජාතක කතාවෙහි සහ එම සර්ගයෙහි ඇති ඒකාබද්ධතාව කෙතරම් දුරට කාව්‍ය කෘතිය හා සැසඳේද යන්නයි. නිර්මාණකරුවා යම් නිර්මාණයක් කරන විට තමා යොදන අලංකාර සැමවිටම ඒ නිර්මාණය හා ඈ`දා ගත යුතුය. නැතහොත් එහි ඇති ඖචිත්‍ය ගුණය පිළිබඳ රසිකයාට යම් ගැටළුවක් මතුවේ. කෙතරම් සුන්දර ලස්සන වටිනා පළඳනාවක් වුවද අවශ්‍ය තැනින් නොබැඳ අනවශ්‍ය තැනින් පැළඳුවහොත් එහි ඇති වටිනාකම පිළිබඳව ප‍්‍රශ්නයක් මතුවේ. එසේම අප මෙහිදී විමර්ශනය කළ යුත්තේ මධුපාන උත්සවය කෙතරම් දුරට මෙම කාව්‍ය හා ඒකාබද්ධතාවකින් යුක්තද යන්නයි. මහාකාව්‍ය බන්‍ධනයේදී එහි ලක්‍ෂණ අතර විශේෂයෙන්ම කියවෙන රීතියක් ලෙස මධුපාන උත්සවය දැකිය හැකිය. ඒ බැව් කාව්‍යාදර්ශයෙන් සහ සියබස්ලකරෙන් පසක් වන්නේ මෙලෙසිනි.
”නගරාර්ඛව ශෛලර්තු
චන්දාර්කොදය වර්ණනෛ
උiාන සලීල කී‍්‍රඩා
මධුපාන රතෝත්සවෛ”
”පෙළඹුම් විනා ගැනුම්
කුමුරුන් පැත් වැඩුමෙන්
මතුරුදු දුගමන් යුද
ෙඋළාර නා උදෙනි දු’’
මේ පිළිබඳ මනා අවබෝධයක් ඇති කතුවරයා තම නිර්මාණයෙහි රසෝද්දීපනය වැඩි දියුණු කිරීම සඳහා උක්ත සර්ගය ඇතුළත් කරන්නට ඇත. නමුත් එම සර්ගය පුරාවටම කුස රජුගේ හා පබාවතීගේ නමක් සඳහන් නොවේ. එසේම එහි දැක්වෙන සිදුවීම් කතා පුවත හා සැසඳේද යන්න ගැටළුකි. කුස ජාතක කාව්‍යයෙහිද එවැනි කරුණක් නොවීම හේතුවෙන් කතුවරයාගේ පරමාර්ථය පැහැදිලි වේ. ඒ අනුව පැහැදිලි වන්නේ කතුවරයා තම නිර්මාණය කිරීමේදී එක් පසෙකින් කාව්‍යාදර්ශයද අනෙක් පසෙන් කුස ජාතකයද තබා ගනිමින් මහාකාව්‍යය අච්චුවට ජාතක කතාව එබ්බවූ බවයි. ”මධුපාන උත්සවය මහාකාව්‍යයක ඇතුළත් වියයුතුයැයි කාව්‍යාදර්ශය අනුශාසනා කරයි. මේ කරුණු අනුව නම් කව්සිළුමිණෙහි වර්ණනා කරන ලද මධුපාන උත්සවයද පැරකුම්බා රජු ගතානුගතික ව්‍යාජ වර්ණනයක් සඳහා ඇදගත්තෙකැයි කිව යුතුය.’’
ඇතැම් විචාරකයන් පවසන පරිදි මෙම සර්ගය කපා අයින් කළ හැකිය. මන්ද එය සැමවිටම මුඛ්‍ය පරමාර්ථය හා බැඳී නොසිටි නිසාවෙනි. උදාහරණයක් ලෙස ගුත්තිලයෙහි සැණකෙළි වැනුම කිසිසේත් අයින් කළ නොහැක. මන්ද එහි ගුත්තිල හා මූසිල ඒ හා බැඳී පවතින නිසාවෙනි. නමුත් සමස්තය විමසීමේදී පසක් වන්නේ කතුවරයා තම නිර්මාණයට උපරිම අගයක් ලබාදෙමින් මහාකාව්‍ය ලක්‍ෂණ තම නිර්මාණයට නතු කරගන්නට යත්න දැරූ බවයි. එහිදී පැහැදිලි වන්නේ කෘතිය මූලික ඖචිත්‍යයට පටහැනි වුවද ප‍්‍රතිභාව තුළින් ඉහළ බවයි. ”ඒ අනුව ප‍්‍රකට වන කාරණය නම් මධුපාන උත්සවය එසේ බැහැර කළ හැක්කක් නොවන බවයි...ඒ උත්සවය ඇසුවෙකු පමණක් නොව දුටුවෙකුගේද වර්ණනයක් යැයි කිවයුතු තරම් වාස්තවික ස්වරූපයක් ගනී.’’ ඒ අනුව පැහැදිලි වන්නේ එහි යම් අනුචිත බවක් තිබුනද එහි ඇති ප‍්‍රතිභාව තුළ එම කෘතිය හා ඒකාබද්ධවන බවය.
මීට අමතරව එම නිර්මාණය දෙස සූක්‍ෂමව බැලීමේදී තවත් සුවිශේෂී කරුණක් පාඨකයාට පසක් වේ. එනම් කව්සිළුමිණට ගළපා ඇති හයවෙනි සර්ගය හෙවත් මධුපාන උත්සවය තුළ ගෙන හැර පාන රජතුමාගේ ජීවන චරිතය බොහෝ සෙයින් සමාන වන්නේ හින්‍දු රජෙකුගේ ජීවන චර්යාවට බවයි. කතුුවරයා මෙම සර්ගය පුරාවටම කුස රජතුමාගේ නමකුදු සඳහන් නොකරමින් මෙහි රසය ජනනය කර ඇත්තේ තමා නිබඳව ඇසුරු කළ සකු පොතපත හා බැෙ`දමිනි. මධුපාන උත්සවය මහාකාව්‍ය ලක්‍ෂණයක් වූ හෙයින් කතුවරයා මහාකාව්‍ය තුළ දක්නට ලැබෙන එවැනි සර්ග ආදර්ශයට ගනිමින් තම නිර්මාණය රසවත් රමණීය කරන්නට ඇත. එහිදී වර්ණිත හින්‍දු රජවරුන්ගේ ස්වභාවය, නොදැනීම කතුවරයා තම නිර්මාණයට ග‍්‍රහණය කරගන්නට ඇත. ඒ අනුව සකු මහාකාව්‍යවල දැක්වෙන මධුපාන උත්සවවල දැවැන්ත සෙවනැල්ල මෙම නිර්මාණය සඳහා බලපාන්නට ඇති බව පාඨකයාට නිතැතින්ම සිහියට නැගේ. එහිදී ගොඩනැෙ`ගන ප‍්‍රස්තුතය නම් කව්සිළුමිණෙහි මධුපාන උත්සවය තුළ හින්‍දු රජෙකුගේ ජීවන චර්යාවන් නොමදව දක්නට ලැබෙන බවය. යථෝක්ත කරුණු කාරණා මොනවට පසක් වන නිදර්ශනයක් ලෙස මෙම නිදර්ශනය දැකිය හැකිය. මෙම නිදර්ශනය ම`ගින් හින්‍දු රජෙකුගේ කි‍්‍රයා කලාපය විස්තර නොවුනද රජෙකුගේ රූපශ‍්‍රීය විස්තර කරයි. එය කියවන පාඨකයාගේ සිත් තුළ නිතැතින්ම මැවෙන චිත්ත රූපය නම් නොයෙක් ආභරණ, මල් මාලාවලින් සැරසුණු අනංගයෙක් වැනි හින්‍දු රජෙකුගේ සේයාරුවක්ය.
‘‘මලිගිය මල්දම් සදල මහනෙල් අසහී
සලසා ගතෙව් මල්හී යස කෝ තෙද නරවරා’’
එසේම කාමභෝගී හින්‍දු රජෙකුගේ ජීවන චර්යාවන් පාඨක සිත් තුළට සිිහිපත් කරන තවත් නිර්මාණයක් සේ උක්ත ගීය දැකිය හැකිය.
‘‘එත ගමනුකහා නරනිඳු ඇක පහස් වස්
රසන් නුරුගොස් යෝනක් කියලී නර`ග තුරුගොස් ’’
උක්ත කාව්‍යයේ සරල අර්ථය නම් රජුගේ උකුලේ සැමවිටම කාන්තාවන් සිටියි. එම කාන්තාව බැහැර වන විට එම තැන ගන්නට කාන්තාවන් නෙත් යොමා බලා සිට දිව එයි. එමගින් රජතුමාට දැනෙන්නේ වදනින් පැවසිය නොහැකි ආනන්දයකි. එසේම මෙම නිර්මාණය පුරාවට සුරාව සම`ග කෙළිදෙලෙන් සතුටු වන ශෘංගාරාත්මක සිදුවීම් 290, 291, 296, 298, 299, 300, ආදී බොහෝ ගී ම`ගින් ගෙන හැර දැක්වෙයි. එමනිසා මෙම ගී රසවි`දින පාඨකයාට නිතැතින් සිහිපත් වන්නේ කාමභෝගී හින්‍දු රජෙකුගේ ජීවන චර්යාවන්ය. ඒ බැව් තවදුරටත් භාරතයේ ගල් කැටයම්වල සිත්තම් අධ්‍යයනය කිරීමේදී පසක්වන බව මාර්ටින් වික‍්‍රමසිංහ මහතා සිංහල සාහිත්‍යයේ නැගීම නම් කෘතියේදී සනාථ කරයි. භාරත මහාකාව්‍යයන් ඇසුරු කරමින් උක්ත සිත්තම් නගන්නට ඇත. එම භාරත මහාකාව්‍යයන්හි සෙවනැල්ල සිංහල මහාකාව්‍යයන්ට වැටුන නිසා නිරායාසයෙන් හින්‍දු රජෙකුගේ ජීවන චර්යාවන් තම කාව්‍යයට ඇතුළත් වන්නට ඇත.
එසේම තවදුරටත් මධුපාන උත්සවයේ කාව්‍ය නිර්මාණ දෙස සූක්‍ෂමව බැලීමේදී යම් යම් සංස්කෘතික ලක්‍ෂණ පළට වේ. ඒ බැව් මෙම නිර්මාණය ම`ගින් මොනවට පසක් වේ.
”මුවරදදුම් නිදිකලස කුසුමතල යහන්
මේලප් මලෝලඹු දුන් කළ බිත් සිත් සිත්තම්’’
පේ‍්‍රමයේ අධිපති කාම දෙවියාට පුද පිණිස දැල් වූ මකරන්ද සුවඳ දුමින්මල් පොහොට්ටු තබා සකස් කළ නිදි කළසින් මල් අතුරන ලද යහනාවේද මල් එල්ලන ලද වියන හා ශෘංගාරය දනවන සිතුවම් සහිත බිත්තිවලින් ද යුත්.
කව්සිළුමිණෙන් පළට වන්නේ හින්‍දු සංස්කෘතිය නොවේද යන්න උක්ත ගීය අධ්‍යයනය කිරීමේදී මොනවට පසක් වේ. ඒ අනුව එම සංස්කෘතිය මත ජීවත් වන්නේ හින්‍දු ආභාසය ලත් චරිතයන්ය. එමනිසා කතුවරයාට තම නිර්මාණයෙහි චරිත හින්‍දු මතවාද වලින් බැහැර කිරීමට නොහැකි විය. ඒ අනුව මධුපාන උත්සවය ම`ගින් නිතැතින්ම හින්‍දු සංස්කෘතිය මත පදනම් වූ හින්‍දු රජෙකුගේ ජීවන චර්යාවන් දක්නට ඇති බව උක්ත සාධක ම`ගින් සපථ වේ.
රමණීය කාව්‍ය චින්තාවන්ගෙන් හෙබි මධුපාන උත්සවය
අභිරුචියෙන් කව්සිළුමිණ රසවි`දින පාඨකයාගේ සිත් ඇඳ බැඳ තබන්නාවූ සර්ගයක් ලෙස හයවෙනි සර්ගය හෙවත් මධුපාන උත්සවය සඳහන් කළ හැකිය. ආධ්‍යාසයෙන්ම පාඨක සිත් සතන් තුළ චිත්තරූප මවන්නට සමත්වන කතුවරයා එහි සිද්ධි ගලපන්නේ අප එහි සාමාජිකයන් බවට පත්කරමින්ය. වර්තමානයේ ඉතා සුළු සිද්ධියකට පවා අපට නිතැතින්ම දක්නට ලැබෙන්නේ කටගොන්නක් බී ගත් ගහමරා ගන්නා ඉතා අශෝබන මධුපාන උත්සවයන්ය. නමුදු එම අද්දැකීම් සිතේ රඳවා ගනිමින් කව්සිළුමිණෙහි දිගහැරෙන සෞන්දර්යාත්මක සිදුවීම් අත්වි`දින පාඨකයා එය රසවි`දින්නේ සත්තකින්ම වත්මන් සමාජය දෙස උපහාස බැල්මක් හෙළමින්ය. කව්සිළුමිණ තුළ යම් යම් සුන්දර සිදුවීම් එම උත්සවය අතරතුර දක්නට ලැබේ. එම සුන්දර අද්දැකීම් පාඨකයාද රසවි`දින්නේ අභිරුචියෙනි. එම සිදුවීම් දිගින් දිගටම සිත සිතා රසවි`දිය හැකි නමුත් වර්තමාන එවැනි සිදුවීමක් අප නැවත සිතන විට අපට දැනෙන්නේ පිළිකුලක් නොවේද? වත්මන් එවැනි උත්සවයක් අවසානයේ එම පරිසරය අපට දැකගත හැකි වන්නේ සිහි විකල් වූවන් පිස්සුවෙන් දොඩවන සොහොන් පිට්ටනියක දසුනකි. නමුත් කව්සිළුමිණෙහි දැක්වෙන මධුපාන උත්සවයෙහි අවසන් භාගය ගෙනහැර පාන්නේ පාඨකයාට පිළිකුල් සිතුවිලි නොදනවමින්ය. එවා විදග්ධ කාව්‍ය චින්තාවන් සේම රමණීය සිතුවිලි ජනනය කරන්නේ මෙලෙසිනි.
”ලියදෙන් අන්තලියා න`ගන මතකතන නිරිඳු
නුපුපුළේ අග නුවනතින් සුලූ දෙලේ නොගිලීමත්
මත්වූ උගත් බුද්ධිමත් කාන්තාවන් වීණාවෙන් තාල දෙකින් යුත් අන්තලී රාගය මතු කරද්දී රජතුමාට ශෝකය දරාගත නොහැකි විය. රජුගේ අතේ ඉහළ බාහුවේ (වළල්ල* නොකැඩුණා පමණි. රජුගේ ඇස්වලින් ගැලූ කඳුළු ගංගාවේ රජු නොගිලූනා පමණි.’’
මෙහිදී සනාථ වන කාරණය නම් මධුපාන උත්සවයේ දැක්වෙන ගීයන්හි රමණීයත්වයයි. එය එම සර්ගයටම අනන්‍යවූ ආකර්ශනීය ලක්‍ෂණයකි. පාඨක සිත් සතන් මෙම සර්ගය තුළ මන්මත් කරන්නේ එම ආකර්ශනීය සේම රමණීය කාව්‍ය චින්තාවන්ය. සියවස් ගණනාවක් ගියද රසික ජනයා ඉතා අභිරුචියෙන් එම ගී රසවි`දින්නේ පූර්වෝක්ත කාරණාවන් නිසාය. වත්මනේද එවැනි සුන්දර කාව්‍යයන් දැකගත නොහැකි නිසා රසිකයාට එහි රසය තවදුරටත් දැනෙයි. ස්වභාවධර්මයේ සිදුවන ස්වාභාවික සිදුවීම් අපට සාමාන්‍ය දෙයක් වුවද ප‍්‍රතිභාපූර්ණ කවියා ඒ දෙස බලන්නේ නිර්මාණාත්මක රමණීය චින්තාවන් හදෙහි රුවාගෙනය. හිරු බැස යන විට විල්වල මල් පරවීම, පක්‍ෂීන් කූඩු වෙත පියඹා යෑම අපට බැලූ බැල්මට නුහුරු නුපුරුදු සිදුවීමක් නොවේ. එහෙත් කවියා එම සිතුවිලි රමණීය චින්තාවන් සේ පාඨකයා අභියස මවා පාන්නේ රසික සිත් තුළට රසාලිප්ත හැ`ගුම් දනවමින්ය.
”රිවිකල්හු යත විල් හසවැල හළ මෙවුල්දම්
පයුම් ද`ග බි`ගුරුව්නෙන් වන සොවිනි ගුගුරා මෙන්
සූර්යයා නැමැති පෙම්වතා යත්ම විල නමැති පෙම්වතිය ශෝකය නිසා තම මේඛලා දාමය නමැති හංස සමූහය අතහැරියාය. සන්දෑවීම නොදත් මීමැස්සෝ නෙළුම් මල්හි සිරව හ`ඩමින් සිටියෝය. එය තම පෙම්වතා ගිය සොවින් විල නමැති පෙම්වතිය හ`ඩන්නා විය.’’
කවියා සිදුවන ස්වාභාවික සිදුවීම්වලට ජීවයක් ලබාදෙන්නේ රමණීය කාව්‍ය චින්තාවන් අපූරුවට මවමින්ය. එහි ඇති රූපකයන් සේම මීමැස්සන් ම`ගින් දක්වන කාව්‍ය චින්තාවෙන් කතුවරයා සතු නිස`ග කාව්‍ය දක්‍ෂතාව පාඨකයාට කියාදෙයි. සත්තකින්ම රමණීය කාව්‍ය චින්තාවන් යනු මේවා නොවේද? එසේම කාන්තාවකට තම ස්වාමිපුරුෂයා මොහොතකට ඉවත් වීම ඉතා ශෝකාකූල අවස්ථාවකි. පතිභක්තිය වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ සේම මහ සබ මැද තම නහය කපා ගත් අවස්ථාද අප අසා ඇත. උදයට පායන හිරු හවසට බැස යාමත් රාත‍්‍රිය වන විට අහස තරුවලින් බැබලෙන ආකාරයත් කවියා දකින්නේ රමණීය කාව්‍ය චින්තා මවමින්ය.
”නොදැක්මෙන් රිවිහු දවකත සඳහා වදනා
සිඳැ විසුල මුත්හර හෙන් ගග රැුස් දිසි නුබතලේ
හිරු නමැති ස්වාමිපුරුෂයා නුදුටු හෙයින් දහවල නමැති කාන්තාව සැන්දෑව නැමැති ගින්නට පැන්නාය. ඒ මොහොතේ ඈ කඩා විසුරුවා දැමූ මුතු මාලයේ ඇට මෙන් තාරකාවෝ අහස් තලයේ දිස්වූහ.’’
මෙය කියවන සැනින් රසිකයාට මාලනී බුලත්සිංහල මහත්මිය විසින් ගයන ඉතා ප‍්‍රසිද්ධ ගීයක සඳහන් ’’? ගණ අහස බලන ඔබට පෙනේවී සිතන්නෙපා තරුයි කියා ඔබ රැුවටේවි’’ යන ගීත කොටස සිහිපත් වීම නොවැළැක්විය හැකිය. එම`ගින් සියවස් ගණනාවක් ගියද කව්සිළුමිණෙහි රමණීය ගීයන්හි සෙවනැල්ල වත්මන් පරපුරටද වැටී ඇති බව පසක් වේ.
මීට අමතරව,
”මෙනෙ සක්වා යුවල පිරුණු....’’
‘‘නොදැක්මෙන් රිවිහු දවකත සඳහා වදනා...’’
‘‘නිසයුරු දැදුරු කැර කුමුදු...’’
යන කාව්‍යයන් විමසීමේදීද පළට වන්නේ ස්වභාව සෞන්දර්යාත්මක රමණීය කාව්‍ය චින්තාවන්ය.
මීට අමතරව මෙම සර්ගයෙහි දක්නට ලැබෙන අනෙකුත් රමණීය කාව්‍ය චින්තාවන් ලෙස ශෘංගාරාත්මක කාව්‍ය චින්තාවන් දැක්විය හැකිය. මධුපානය කළ ස්ථානයක සිදුවන සිදුවීම් රමණීය ලෙස ගී නමැති සිත්තමට නගන කවියා එම සිදුවීම් ඉදිරිපත් කරන්නේ පාඨකයාගේ අභිරුචිය තව තවත් නංවන ආකාරයෙනි. ස්ත‍්‍රී ලාලිත්‍ය තම නිර්මාණයට හසුකරගන්නා කවියා එය කවියක් ලෙස එළිදක්වන්නේ ශෘංගාරාත්මක සිතුවිලි දනවමිනි. ඒ බැව් මෙම උදාහරණය මගින් මොනවට පසක් වේ.
”කෙනෙකන ගී න`ගමින් පෙද න`ගම්නි නැමෙත්
පියවුරු ළගාය වුවත් සමහාය තෙපියුම් වන් ’’
ස්තී‍්‍රන් ගී ගයමින් නැමෙන විට ස්තී‍්‍රන්ගේ මුහුණ සහ පුන් පියවුරු පියුම් තුනක් විලසින් කවියා දකින බව උක්ත කවියෙන් පසක් වේ. එසේම රජුගේ උකුලේ පහස ලබන්නට ස්තී‍්‍රන් වෙර දැරූ අයුරු කවියා රමණීය ලෙස ගෙනහැර දක්වන්නේ මෙලෙසිනි. එහිදී රජුගේ උකුල පතා දිව එන කාන්තාවන්ගේ නූපුර නාදය අනංගයාගේ තූර්ය නාදය හා සමාන වන බව කවියා පවසන්නේ රමණීය කාව්‍ය චින්තාවන් පාඨක මනස තුළ ප‍්‍රතිනිර්මාණය කරමින්ය.
”එත ගමනුකහා නරනිඳු ඇක පහස් වස්
රසන් නුරුගොස් යෝනක් කියලී නර`ග තුරු ගොස් ’’
මෙවැනි කාව්‍යාත්මක සිදුවීම් මෙම සර්ගය පුරාවටම දැකගත හැකිය. එක් අවස්ථාවක රජු මධුවිත බොමින් කාන්තාවකගේ මුව සිපගත් අයුරු කවියා දක්වන්නේ මෙලෙසිනි.
”කතක බොන මී පත්හි හෙත කිඹු සිඳුවර
දුරලන්නසින් පිබියේ මුවමී ගතේ නරවරා ’’
මෙසේ පාඨක සිත් පිනවන කවියා මධුපාන උත්සවයෙහි සියලූ සාමාජිකයන් පිළිබඳ රමණීය කාව්‍ය චින්තාවක් මවයි. එනම් මධුපාන උත්සවය විලක දක්නට ලැබෙන වස්තූන්ට රූපක කොට දැක්වීමයි.
”පමාලිය කුමුදු හර පොකුරු කුරු නෙත්මින්
මිහිකළ පියුම් හල් විල් බිජී මිලොල් රජහස් ’’
එහිදී කවියා කුමුදු මල් ස්තී‍්‍රන්ටත් මුතුමාල නෙළුම් මල්වලටත් ස්තී‍්‍රන්ගේ දෑස් මාළුන්ටත් සුරා භාජන නෙළුම් මල්වලටත් සුරා ශාලාව විල ලෙසටත් එහි ර`ගන රාජහංසයා රජු ලෙසටත් රූපක කර දක්වන්නේ කවියාගේ රමණීය කවිකම් රසිකයා හමුවේ නැවත නැවතත් සපථ කරමිනි. එසේම තාරකාවලින් බබලන අහස් කුස අසෙනි මල් විසුරුවා හැර නිල් මැණිකින් යුත් බිමකට සමාන බව තව දුරටත් රමණීය සිතුවිලි මවමින් පවසන්නේ මෙලෙසිනි.
”සහතර තරු වැලනුදුල ගුවනෙව් තෙවුනා
විසුර අසෙනිය කුසුම් සුනිල් මිණිබිම් රඳනා’’
මෙම සර්ගය අවසානයේදී කවියා වීණා වාදනයට සහභාගී වන අන්දමත් රමණීය කාව්‍ය චින්තා මවමින් සුන්දර ලෙස ඉදිරිපත් කරයි. ඒ අනුව කව්සිළුමිණෙහි මධුපාන උත්සවයෙහි රමණීය කාව්‍ය චින්තාවන් ගොනු කිරීමේදී ඒවා එකින් එක අපහසුවෙන් ඇහි`දිමින් තේරිය යුතු නැත. මන්ද සර්ගය පුරාවටම ඇත්තේ රමණීය කාව්‍ය චින්තාවන් නිසාවෙනි. ඒ අනුව බැලීමේදී රසික සිත් සතන් පිනවීමට යෙදාගත් ඒ රමණීය චින්තාවන්හි අගය ගණනය කළ නොහැක. ඒවා කෙතරම් සුන්දරද යතොත් අදටද එම ගීයන් පිළුණු නොවී පවතින්නේ රමණීයත්‍වය සහ ජීවගුණය නිසාවෙනි. ඒ අනුව කව්සිළුමිණ මිණි මෙවුල් දමක් නම් එහි අගනා මාණික්‍යයන් මනහර කාව්‍ය චින්තාවන් බව අවිවාදයෙන් පිළිගත හැකිය.
සමාලෝචනය
යථෝක්ත නිබන්ධය සතු සාධක අධ්‍යයනය කිරීමේදී නිබන්ධ මාතෘකාව සතු බොහෝ ප‍්‍රස්තුත සනාථ වේ. එහිදී කව්සිළුමිණ කතුවරයා මධුපාන උත්සවයේදී යොදා ඇති රමණීය කාව්‍ය චින්තාවන් මම මෙහිදී ගෙන හැර දැක්වූවෙමි. එම සර්ගය පිරික්සා එකින් එක රමණීය කාව්‍යයන් අහුලා ගත යුතු නැත. මන්ද එම සර්ගය පුරාවටම ඇත්තේ මනහර රමණීය කාව්‍ය චින්තාවන් නිසාවෙනි. ඒ අනුව මිනිස් සිත් සතන් රසයෙන් මත් කරවන රමණීය කාව්‍ය චින්තාවන් මධුපාන උත්සවයෙහි සමන්විත බව උක්ත සාධක ම`ගින් මොනවට පසක් වේ. එසේම මධුපාන උත්සවයෙහි ඇති ඒකාබද්ධතාව මා මෙහිදී සළකා බැලූවෙමි. විටෙක ස්ත‍්‍රිය සුරාව සහ සංගීතය කාව්‍යයක හරය වන බව ඕමාර් කයියාන් පවසයි. ඒ අනුව බලන විට හයවෙනි සර්ගයෙහි යම් ඒකාබද්ධතාවක් ඇත. එසේම එහි අනුචිත බවක් තිබුනද එයට වඩා එහි ඇති ප‍්‍රතිභාව සහ රමණීය බව නිසා එම සර්ගය කව්සිළුමිණ බබළවන මිණි කැට බවට පත් වී ඇත. එසේම තවදුරටත් හයවෙනි සර්ගය සූක්‍ෂමව විමසීමේදී පසක් වන්නේ එහි සන්දර්භය තුළ විස්තර වන්නේ හින්‍දු රජෙකුගේ ජීවන චර්යාවන් බවයි. ඒ අනුව යථෝක්ත අදහස් මනාව සපථ වන අන්දමේ සාධක උක්ත නිබන්ධය ම`ගින් සපයා ඇත. ඒ අනුව මධුපාන උත්සවය යනු හින්‍දු රජෙකුගේ ජීවන චර්යාවන් පදනම් කරගත් ඒකාබද්ධතාවකින් යුත් රමණීය කාව්‍ය චින්තාවන්ගෙන් හෙබි කාව්‍ය නිර්මාණයක් බව යථෝක්ත සාධක ම`ගින් මොනවට විශද වේ.
පටුන
හැදින්වීම
1ග පද්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩ නමැති කව්සිළුමිණ 2 - 4
2ග හින්‍දු රජෙකුගේ ජීවන චර්යාවන් පදනම් කරගත්
ඒකාබද්ධතාවකින් යුත් මධුපාන උත්සවය 4 - 6
3ග රමණීය කාව්‍ය චින්තාවන්ගෙන් හෙබි මධුපාන උත්සවය 7 - 9
සමාලෝචනය
ආශ‍්‍රිත ග‍්‍රන්‍ථනාමාවලිිය
ආශි‍්‍රත ග‍්‍රන්‍ථ නාමාවලිය
ප‍්‍රාථමික මූලාශ‍්‍රය
කව්සිළුමිණ.(සංස්*. එම්.බී ආරියපාල , ගුණසේන සහ සමාගම, 1965.
කව්සිළුමිණි පද සිතුමිණි.(සංස්.*. අත්තනායක එම් හේරත්, කර්තෘ ප‍්‍රකාශනපකි, 2009.
සියබස්ලකර දීපනී .(සංස්.*.වී.ඞී.එස් ගුණවර්ධන, සමයවර්ධන පොත් හල, 2003.
ද්විතීයික මූලාශ‍්‍රය
අමරවංශ හිමි,කොත්මලේ . සිංහල සාහිත්‍ය ලතා, එස් ගොඩගේ සහ සහෝදරයෝ, 2000.
තිලකරත්න, මිණිවන් පී. සම්භාව්‍ය සිංහල සාහිත්‍ය සම්ප‍්‍රදාය හා පොදු ජන රුචිය, එස් ගොඩගේ සහ සහෝදරයෝ, 1996.
දෑල බණ්ඩාර,ගාමිණී. සම්භාව්‍ය සිංහල සාහිත්‍ය, කර්තෘ ප‍්‍රකාශනයකි, 2000.
ධර්මකීර්ති හිමි, නිවන්දම. සිංහල සාහිත්‍ය සවර්ණමය යුගය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2002.
සන්නස්ගල, පුංචිබණ්ඩාර . සිංහල සාහිත්‍ය වංශය, එස් ගොඩගේ සහ සහෝදරයෝ, 2009.
වික‍්‍රමසිංහ, මාටින්. සිංහල සාහිත්‍ය නැගීම, සරස ප‍්‍රකාශකයෝ, 2008.
තෘතීයික මූලාශ‍්‍රය
සිංහල සාහිත්‍ය ලිපි. රුවන්වැල්ලේ සුවණ්ණජෝති හිමි, 1967.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment