Tuesday, December 10, 2013
අමාවතුරෙන් ස්ඵුට වන ගුරුළුගෝමීන්ගේ ප‍්‍රතිභාව
අමාවතුරෙන් ස්ඵුට වන ගුරුළුගෝමීන්ගේ ප‍්‍රතිභාව
ස්ර්වකාලීනව විදග්ධ මන තුටු කරන, පොදු ජනයා ආශක්ත වන කලා නිර්මාණයක් කිරීම අතිශය දුෂ්කර කාර්යයකි. එවැනි කෘතියක් කලාත්මක මෙන්ම බුද්ධියට ආමන්ත‍්‍රණය කරන්නක් විය යුතුය. වාර්තාකරණය තුළින් සාහිත්‍ය කෘතියක් ඇති නොවේ. කලාකරුවාගේ නිර්මාණය තුළින් ප‍්‍රතිභාව ප‍්‍රදර්ශනය විය යුතුය. භාරතීය පඩුවන් ‘‘අපූර්ව වස්තු නිර්මාණක්‍ෂමා ප‍්‍රඥා ප‍්‍රතිභා ’’ පෙර නොවු විරූ ලෙස යමක් දැකීමට ඇති නිර්මාණශීලි ප‍්‍රඥාව ප‍්‍රතිභාව ලෙස හදුන්වා ඇත.ගුරුළුගෝමි අමාවතුර රචනා කරනුයේ පාලි හා සංස්කෘත නොදත් සිය බසෙහි නිපුණ ජනයා සදහා බව සදහන් කර ඇත.
‘‘බුදු ගුණ අනන්ත වන බැවින් නවගුණ හැම කියත් නොපිළිවලින් එහි පුරිසදම්මසාරථි යන පදය ගෙන අප බුදුන් පෙරුම්පුරා බුදු වැ දෙව්රම් වෙහෙර පිළිගෙනැ එහි වෙසමින් තුන්ලොව්හි සැරිසැරැු විෂම පුරුෂයන් දමා අමා මහ නිවන් පැමිණිවූ සේ නොවියත් හුදී ජනන් ස`දහා සියබසින් මා විසින් සැඛෙවින් දක්වනු ලැබේ.’’
ගුරුළුගෝමී පූර්වොක්ත ග‍්‍රන්‍ථය රචනා කර ඇත්තේ සාමාන්‍ය ජනයා අරමුණු කරගෙනය. මොහු ධර්මප‍්‍රදීපිකා නම් ග‍්‍රන්‍ථයක්ද රචනා කර ඇත. එහි එන සුළුකලිගු දා වත තුළින් මොහු තුළ පැවැති බුද්ධිමය පාඨවය පැහැදිලි වේ. ගුරුළුගෝමී පොළොන්නරු යුගයේ ක‍්‍රි.ව 10 හෝ 11 වන සියවස් අතර විසුවකු ලෙස සැළකිය හැකි බව ඒ.වි සුරවීර සිංහල සාහිත්‍ය සම්ප‍්‍රදාය නැමැති ග‍්‍රන්‍ථයේ සදහන් වේ. අමාවතුර සිංහල සාහිත්‍යයෙහි රචනා වු ශ්‍රේෂ්ඨ මුල්ම ගද්‍ය කාව්‍යය ලෙස හැදින්විය හැක. ගුරුළුගෝමී ‘ සැඛෙවින් දක්වම්’ යනුවෙන් දක්වා ඇත්තේ ඒම කාලය වන විට බුදු සිරිත හා ඒ හා ආශ‍්‍රිත තොරතුරු බොහෝ ග‍්‍රන්‍ථවල දැකිය හැකි වූ බැවිනි.ඒම නිසා නවමු මගකින් ගුරුළුගෝමී බුදු සිරිත විශේෂයෙන් පුරුෂ ධම්ම සාරථි ගුණය වර්ණනා කර ඇත.
අමාවතුර තෙවලා දහම හා පෙළ අටුවා ආශ‍්‍රය කරගෙන රචනාකර ඇති බැවින් උසස් කෘතියක් නොවන බැව් ඇතැමෙක් සදහන් කරති.ඇතැම් තැන් පෙළ අනුව රචනා කර ඇති අතර පෙනේ. ‘‘පෙර කසුබ් සම්මා සම්බුදුන් වහන්සේ නොයෙක් කප් කෙළ සුවහස් මතුමෙහි පැරුම්පුරා අවදු තුසී පුරහෙි උපද දසදහස් ලෝධාහි දෙව් බඹුන්ගේ අයජමෙන් මිනිසුන් විසිවා දහසකට ආ ඇති කල්හිහි තුසී පුරෙන් සැව......’’ මෙම හෙළයට පෙරළාගෙන ඇත්තේ බුද්ධවංසට්ඨ කථාවේ එන මෙම පාඨය අනුවය. ‘‘.....කසසපො නාම සත්ථා ලොකේ උදපාදී. සො පාරමීයො පූරෙත්වා තුසිතපුරේ නිබ්බත්තිත්වා තතො චවිත්වා බාරාණසීනගරෙ බ‍්‍රහ්මදත්තස්ස නාම බ‍්‍රෘහ්මණස්ස විපුල ගුණං වතියා ධනවතියා නාම බ‍්‍රාහ්මණියා කුච්මිස්මිං පටිසන්‍ධිං ගහෙත්‍වා දසන්නං පාසානං අච්චයෙන......’’පාලි පාඨයේ අර්ථය ඇතුළත් වන පරිදි පරිවර්තනය කර ඇත.
අර්ථ කථාවල සදහන් විස්තර එලෙසම ඇතුළත් කර අමාවතුර රචනා කර නැත. ගහපති දමන නම් පරිච්ෙඡ්දයේ මේධාරණ්‍යය විස්තර කිරීමේදි දිට්ඨමංගලිකා සැඩොල් මාතංගයා කරපිට තබාගෙන යන්නට පෙර දිට්ඨමංගලිකාව බොහෝ හිරිහැර විදින්නට වූ විවිධ හිරිහැර පෙළෙහි දක්වා නැත.නමුත් මෙහි ගුරුළුගොමී සියලූ විස්තර දන්වා ඇත්තේ හාස්‍ය රසය ජනිත වන අයුරිනි. ගුරුළුගොමී අවශ්‍ය අවස්ථාවන්වලදී ධර්ම කරුණු සාහිත්‍ය රසය අතරින් මතු කර දක්වයි.
‘‘මෙසේ උමාලි ගහපතීහි ‘‘බුන් මනොදණ්ඩ ඇතිනුවට මනස්සත්ත්ව නම් දෙවියන් කෙරෙහි උපද්දී’ කී කලැ ‘‘මහසිට, සිහි එළවා කියා.තා කාය දණ්ඩ මහතැ යි පළමු කී බස් හා දැන් මනොදණ්ඩ මහතැ යි පසුව කියන බස් හා ඝටිත නො වෙයි’’ වදාළො’’
බෞද්ධ සංස්කෘත සාහිත්‍යය නැමැති ආකාශයෙහි බැබලෙන පුන් තාරුකාවක් වන් අශ්වඝොෂ කවියන් තමාගේ කාව්‍යාරමුණ ලෙස මොක්‍ෂාර්ථය යැයි ‘ඉත්‍යෙෂා තරතයේ මොක්‍ෂාර්ථ ගර්භා කෘති:’ සදහන් කර ඇත.ගුරුළුගොමී අමාවතුර රචනා කිරීමට ප්‍්‍රධාන හේතුව බුදුන්ගේ ගුණ කදම්භය උත්කර්ෂයෙන් වර්ණනා කිරීම වුවත් ඒ තුළින් අවසාන වශයෙන් ඔහු මොක්‍ෂාර්ථය බලාපොරොත්තු වන බව පැහැදිලි වේ. උමමා සදහා ලෙව් ලැකිය වෙනුවට කව් ලැකිය උපයෝගී කරගනිමින් රචනාශෛලිය අතින් මෑත කාලය වන තෙක් නොපෑ විරු වෛශරෙද්‍ය බවක් ඔහු දක්වා ඇත. අප කතුවරයා කථා වස්තු තෝරා ගැනීමෙදීත් එහි පිළිවෙල සැකසීමෙදීත් විශේෂ දක්‍ෂතාවක් ප‍්‍රදර්ශනය කර ඇත. කථා වස්තු ඉදිරිපත් කිරීමෙදීත් විධිමත් බවක් දකනට ලැබේ.
පොදු ජනයා ආශක්ත වන අමාවතුේර කව් ලැකිය හා භාෂාව
පොළොන්නරු යුගයේදී සිංහල සාහිත්‍යයෙහිලා සංස්කෘත ආභාසය බොහෝවිට දක්නට ලැබුණි.මෙම සමයේ වැජඹුණු දිඹුලාගල කාශ්‍යප , මොග්ගල්ලාන, සාරිපුත‍්‍ර යන භික්‍ෂූහුද පාලි හා සංස්කෘත භාෂාවන්හි ප‍්‍රවීණයෝ වූහ. සංස්කෘත සාහිත්‍යයත් ,ඒ භාෂාවෙන් රචිත නොයෙක් ශාස්ත‍්‍රත් එකල පැවැතුණු අධ්‍යාපන ආයතනවල ඉගැන්විණී. වෙසතුරු දා සන්නේ, ජාතක අටුවා ගැටපදය හා ධර්මප‍්‍රදිපිකාව රචනා කර ඇත්තේ සංස්කෘත තත්සම වදන් බහුල මිශ‍්‍ර සිංහලෙනි.මෙම ග‍්‍රන්‍ථවල පමණක් නොව සමකාලීන ශිලා ලේඛණවලද මෙම සංස්කෘත මිශ‍්‍ර සිංහල රිතිය දැක ගත හැකිය.
‘‘අප බුදුන් කල්පශතසහස‍්‍රාධික චතුරාසංඛ්‍ය පරිමිත කාලයක් සමතිස් පැරුම් පුරා මාර සංග‍්‍රාමභූමි වූ මහාබොධිපර්යංකාරූඪවැ දුර්වාර පරිවාර මාර පරාජය කොටැ සර්වජ්ඤපදප‍්‍රාප්ත වැ පන්සාලිස් හවුරුද්දක් දිවස් චාතුර්ද්වීපක මහා මේඝයක් සෙයින්...’’
අමාවතුර කතු සිය බස වශයෙන් සළකා ඇත්තේ මිශ‍්‍ර සිංහලය නොවු පාලි හා සංස්කෘත භාෂාවන්ගෙන් තත්භව වචන සහිත හෙළු බස යි. මෙම කතුවරයා බොහෝ සෙයින් ඇසුරු කර ඇත්තේ පාලි ලේඛණවීම පූර්වොක්ත කරුණට හේතුවක් වන්නට ඇත. බුද්ධ චරිතය වැනීම සදහා මෙහු භාවිත කර ඇති බස්වහර ඊට අතිශයින් යොග්‍ය විය. අමාවතුරේ දැකිය හැකි ‘ඇ’ කාරය එහි භාෂාව සම්බන්ධයෙන් සැළකීමෙදී ඉතා වැදගත් වේ.පුර්වක‍්‍රියා අවසානයේ හා අධාර විභක්ති ඒක වචනයෙහිද බොහෝවිට ‘ඇ’ කාරය යෙදී ඇත. අවධාරණාර්ථයේ බොහෝවිට ‘මැ’ නිපාතය දක්නට ලැබේ.
කොදාගොඩ ඤාණාලෝක හිමියන් විසින් සංස්කරණය කළ අමාවතුර ප‍්‍රස්තාවනාවේදී අමාවතුර මෙතරම් පොදු ජන පි‍්‍රය වීමට හේතුව සදහන් කරනුයේ මෙහි පෙළ හා සංස්කෘත රීතියට අනුව රචනාකර තිබීමයි. ‘‘ සිය බසෙහි පදවැළ සකුවහරින් සිද්ධ යැ.තත්සමවශයෙනුදු තත්භවවශයෙනුදු අද පවා සිය බස සදහා එයි.අන්‍යදේශභාෂායෙන් පැමිණි පදයෝ ඉතා අල්පය.පෙළසකුවහර හා සබදකම් ඇති පදයෙන් ගොතන වැකි ද පෙලනියර හා සකුනියර හා අනුවැ තුබුව මනා වෙයි.ගුරුළුගොමීහු මේ කරුණ මැනවින් දැනැ තමන් ලියන වැකි නිරතුරු පෙළසකුවහර අනු වැ ලියූහ.ඒ සැටියෙන් නොලියු උගතුන් කළ ග‍්‍රන්‍ථ සසදන විට මතු වන ඒ වෙනස රසාවහ වෙයි.ගුරුළුගෝමීන් ගේ නිබන්‍ධ රසාවහ වනුයේ හෙතුවනි.’’
අභිමත ස්ථානයන්වලදි සංස්කෘත හා පාලි තත්සම වචන භාවිත කිරීමට අමාවතුර කතු පසුබට නොවී ඇත.‘‘සවන්ඤණ,වායව්‍යා දෙසෙහි,ඍද්ධි පෙළහර ,සර්වඥ පවරුනෙන් ’’ වැනි වදන්වලදී තත්සම හා තත්භව වදන මිශ‍්‍රව යෙදී ඇත.ඒහි භික්‍ඛුභාවයෙන් ,නිය්‍යාණික යනාදී පාලි තත්සම වචනද සැඛෙවින්, සථරහු, විඛෙව්, ධැමිට්, සිමුතජ්ඣන් වැනි අර්ධ තත්සම වචන භාවිත තර ඇත.‘සිට්’ වැනි පද අනුරාධපුර යුගයේ භාවිත වචන වූ බැවින් අමාවතුරේ භාෂාව සමකාලීන භාෂාවට වඩා පැරණි වේ. සංස්කෘත වචන හා සම්බන්‍ධ සජිවි ගුණය වෙසසා සැලකූ බව අමාවතුරේ යෙදෙන යෙදුම් තුළින් පැහැදිලි වේ.
‘‘ යම් සේ ඔහුගේ අස්සජි නම් ප‍්‍රසිද්ධ මහ සවුවා විසින් පිහිටා කී දැයෙක් ඇත් ද ,ඉදින් මහණගොයුම් එසෙයින් එහි පිහිටුයේ යම් සේ බල ඇති පුරුෂයෙක් දිග් ලොම් ඇති එළුවක්හු ලොම ගෙන මොබට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරේ ද,එසෙයින් මැ මම් මහණගොයුම්හු හා වාදයෙන් වාද කොට කථාමාර්ගයෙන් දොස් දක්වා මොබට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි.’’
‘‘සච්චකයා හට උහු දකිත් මැ උත්ත‍්‍රාස ඇති වියැ. උද්වේග ඇති වියැ. රෝමහර්ෂ ඇති වියැ. සියල් සිරිර ස්වේද වැහිණැ.’’
අමාවතුර රචනා කළ කාලය වන විට භාෂා පරිණාමය අනුව සිංහල මධ්‍යම මධ්‍යාවධිය උදා වී තිබුණි.මෙම කාලය වන විට මාතෘ භාෂාගත වචනවල ‘ජ’ නාරය වෙනුවට ‘ද’ කාරය ආදේශ වි තිබුණි. නමුදු මෙහි ඇති යොජුන්, පැවිජි යන පද වලින් මෙහි භාවිත වු භාෂාව යම්තාක් දුරකට පැරණි වේ. එම නිසාම ගුරුළුගෝමී සිය බසින් පවසන ලෙස සදහන් කරන්නට ඇත්තේ මෙම භාෂාවයි. සමකාලීන වෙනත් කෘතිවල දක්නට නොලැබෙන ‘අල්ලේ දවස්, ඇක්මෙයි, එප්සෙයි, කළුවණ, ගැඹිලියො, ගොහමින්, පිරිපසමින් ,මල්ලරෙක්, රැුයිම්මෙහි, රුක් වඩියෙක් ,සැමිවටනට, සොසමින්, විරමින් ’ වැනි වදන් දක්නට ලැබේ. වාක්‍ය වින්‍යාසයේ දී උක්ත, කර්මය හා ආඛ්‍යාතය පිළිවලින් යෙදීම සාමාන්‍ය සිංහල රීතිය වුවද පොදු ජන රුචිකත්‍වය හා වාචික භාෂාවට යම්තාක් දුරට සමීප කිරීම සදහා මෙන්ම අලංකාරීත්‍වයක් ඇති කිරීම සදහා මෙය වෙනස් කර ඇති අයුරක් දක්නට ලැබේ. ‘‘පැතිරගිය එ් හ`ඩ දෙවියෝ කිසි කෙනෙකුන් නොඇසිය දුන්හු ’’, ‘‘...චේතනා මුල් කොට ඇත්තේ යැ කර්ම , ....එයින් තා සැවැ ආ පරිදි තෝ නොදන්නි...’’ මෙම වැකිවලදී උක්ත , ආඛ්‍යාත හා කර්මය වෙනස් කර ඇත.
අමාවතුර රචනා කිරීමෙදි උපමා අඩුවෙන් භාවිත කර ඇත. නමුත් භාවිත උපමාව හා උපමේය සමාන ධර්මය මනාව ගැළපෙන පරිදි සුදුසු ස්ථානයට ඇතුළත් කර ඇත. ‘‘අළවු යක් ඒ දැකැ,හ`ග බුන් ගොනක්හු සෙයින් ,දළ බුන් සපක්හු සෙයින් ,තෙජ නැති වැ, මද නැති වැ, මන් නැති වැ,... යම් සේ කිරි මවු කිරි නොබොන දරුවා යමු කවර දැයක් දි නළවා පොවා ද, එ සෙයින් මැ බුදුහු යක්බිළිදුහු ලොව්තුරාදහම් අමාකිරි පෙවියැටි වැ උහු කැමැති දෑ කිරීමෙන් නළවා මෙසෙ කොළො ’’මෙම උපමා අවස්ථාවට ගැළපෙන පරිදි දැක්වේ, එයින් බුදුන් හා ගැටීමෙන් ආළවක යක්‍ෂයා මුහුණ දුන් ස්වභාවය මැනවින් දැක්වේ. ග‍්‍රන්‍ථයේ උපමා බොහොමයක් දේශීය ජනතාවට වැටහෙන දේශීය උපමාවන් වේ. එහි උපමා කව් ලැකියෙන් ගත් උපමානේ වේ.
‘‘උපමා රූපක ගැන විමසා බැලූවත් අමාවතුර හැර අන්‍ය ග‍්‍රන්‍ථ සියල්ලම පාහේ තෝරා ගෙන ඇත්තේ පොදු ජනයාගේ මනොවෘත්තීන්ට ගෝචර වන උපමා රූපකයි. එම කරුනෙන්ද අමාවතුර වෙනස් මගක් ගනී. පූජාවලීය, රතනාවලිය, බුත්සරණ වැනි ග‍්‍රන්‍ථවල බහුල වශයෙන් යොදා ගෙන ඇත්තේ ලෙව් වැකියෙන් ගත් උපමා ය. එහෙත් අමාවතුරේ දැකිය හැක්කේ කව් ලැකියෙන් ගන්නා උපමාය.’’
අමාවතුරේ රචනා ශෛලිය පුරාවටම ඖධාර්ය ගුණය පැහැදිලිවම දක්නට ලැබේ. අන් කිසිදු ගත් කරුවෙකුට ගුරුළුගෝමී කතුවරයෙකුට එම ගුණය තුළින් දෙවැනි නොවෙති. අ`ගුල්මල් සොරහුට වැඩ සදහා දිනක් බුදුන් වහන්සේ දෙව්රමින් වැඩි සේක. එසේ වැඩි අවස්ථාවේ මිනිසුන් බුදුන්ගේ ගමන වැළැක්වීමට ගත් උත්සාහය මෙහි මනාව දැක්වේ. බුදු හිමියො බුදු රුස් විහි නොවිදුවමින් වැඩි සේක.
‘‘මහණ, එ මගට නො යා.එ මග අගුල්මල් නම් සොරෙක දරුණ.ලෙහෙ මු`ඩු අත් ඇත්තේ ය. සතුන් කෙරේ කුළුණු නැත්තේ යැ. ගම් නොගම් කෙළේ.මිනිසුන් මර මරා ඇ`ගිලි විදැ මාලා කොටැ ධරයි.මහණ, තෙල මගට මුරුෂයෝ දස දෙනෙකුදු විසි තිස් සතළිස් පනස් දෙනෙකු දු සැක ඇති වැ සන්න`ධ වැ වග වග වැ යෙති.’’ අමාවතුර කතුවරයාගේ භාෂා නෛපුණ්‍ය අති විශීෂ්ඨ ය. ආනන්ද කුලසූරිය මහතා පෙර කරුණ ලක්‍ෂණ තුනක් යටතේ විස්තර කරයි.
1*.උසස් ලෙඛකයෙකු කෙරෙහි පිහිටා ඇති ශක්තියක් වන වචන ඉතා පිරිමැස්මෙන් යෙදීම. 2*.වදන වලින් සම්පූර්ණ ප‍්‍රයොජන ගැනීම. 3*.සිතට කනට දෙනට ම ප‍්‍රිය වන සේ වචන හැසිරවීයම.
කතාව කෙටියෙන් කියමින් වචන පිරිමැස්මෙන් යෙදීම අමාවතුරෙහි දැක්වේ. යොදන වචන මනා අලංකාරීත්‍වයකින් එහි යොදා ඇත. පොළොන්නරු යුගයේ සාහිත්‍යය සදහා සංස්කෘත අලංකාරයේ බලපැම එල්ල විය. මෙම ග‍්‍රන්‍ථය මුළුමනින්ම එයට නැඔුරු වී නැති අතර අලංකාර බහුල තැන්ද දැකිය හැක. එය මෙහි කතුවරයාගේ භාෂා ශෛලිය මිස සංස්කෘත අලංකාරය නොවන්නට ඇත. එක හා සමාන උච්චාරණයකින් යුතු ෙඡ්ක අනුප‍්‍රාසය සහිත වැකි මෙහි බහුල වෙයි. ඒ තුළින් ශ්‍රෝතෘ ජනයාගේ සිත් සතන්හි ප‍්‍රබොධ ජනක සිතුවිලි ඇති කිරිමෙහිලා සමත් වේ.
‘‘නියම් ගම් නොනියම් ගම් කෙළේ. මිනිසුන් මර මරා ඇ`ගිලි විදැ මාලා කොටැ ධරයි.මහණ,තෙල ම`ගට පුරුෂයෝ දස දෙනෙකුදු විසි තිස් සතළිස් පනස් දෙනෙකු දු සැක ඇති වැ සන්නද්ධ වැ වග වග වැ යෙති. ඔහු දු අ`ගුල්මල් සොරහු අත නසති’ කී හ.’’
අමාවතුරෙහි දැකිය හැකි තවත් සුවිශෙෂි ලක්‍ෂණයක් වන්නේ මෙහි යෙදී ඇති සුඛනම්‍ය බසයි. එය ගීතවත් ලෙසින් මෙහි එයි .ගලා හැලෙන දිය දහරක් මෙන් එකිනෙකට බැදි පද්‍ය සමූහයක් මෙන් රසවත් බසකින් ශෝතෘ ජනයා හර්ෂයට පත් කරයි. චිත්තජ රූප මැවෙනා සැටියෙන් වර්ණනා දැකිය හැක.
‘‘ඔහු දැරියගේ සිරි යහන් ගැබට වැද දැරිය හැරගෙන සුපිපි කැහැල රුකෙක්හි මල් අතු බිදින්නවුන් සෙයින් ඇයගේ සව_ාභරණ ගලවා නියෙන් සීමානත දක්වා සැඩොල් කෙහෙ බැ`ද නිල් පිළියක් හ`දවා නිල් පියල්ලක් අතැ බැ`ද කණැ තඹුපට පල`දවා තල්පත් පැසක් දී දෙ අත කර ගෙණ පහයින් බහා අතුර‘තී සැමියා ගෙන ය‘යි මහසත්හු හට දුන්හු’’
තමා රචනා කරන්නේ ධම_ ග‍්‍රන්‍ථයක් යැයි ගුරුළුගෝමී නිති සිහි තබා ගත් කරුණක් වේ. තම අභිමතාර්ථයට පටැනි ලෙසින් ග‍්‍රන්‍ථයට කිසිවක් ඇතුළත් කිරීමට ඔහු උත්සාහ දරා නැත. කෘතිය තුළින් කතුවරයා තුළ වු සංයත බව මැනවින් ප‍්‍රකට වේ.අ වශ්‍ය අවස්ථවේදී යොදන වණ_නා තුළින් පාඨකයා ඇ`ද බැ`ද තබා ගැනීමට ඔහු සමත් වී ඇත. ඒ සදහා දිට්ඨ මංගලිකාව වණ_නා කිීරිමට යෙදෙන වැනීම නිදසුනක් ලෙස විමසා බැලිය හැක.
‘‘බරුණැස් නුවර හතලිස් කෙළක් ධනය ඇති සිටක්හුගේ දිට්ඨ මංගලිකා නම් එකම දුවක් වුව. යහපතැ පැහැපත රූපත හෝ රූප සමාපත්තීන් කුලසමාපත්තීන් භෝග සමාපත්තීන් සමාපන්න වන බැවින් බොහෝ දෙනා විසින් පතන ලදු’’
බුද්ධිමත් ජනයා මෙහි පාඨක පිරිස, ශ්‍රෝතෘ පිරිස වන බැවින් කෙටි වාක්‍ය මෙහි බොහෝවිට දැකිය හැකිය. කෙටි වාක්‍යයකින් පුළුල් බුද්ධි පරාසයක් ආවරණය කිරීමට ගුරුළුගෝමි සමත් බව ප‍්‍රකට කරුණකි. නමුත් සෑම විටෙකම කෙටි වාක්‍යයෙන් රචනා කර අසන්නන් තුළ ආලස්‍යයක් ඇති වීමට ඔහු ඉඩදී නොමැත. කෙටි වාක්‍යයන් මධ්‍යයෙහි දීර්ඝ වැකි දක්නට ලැබේ.
‘‘උහු ගේ ගමනට අන්තරාය කළ මැනව’’යි සිතා බැණ-ගෙන,තමා ගේ ගුණ කී කල සතුට් නොවන සතෙක් නම් නැති.උහු පගේ ගුණ කියා වළකවම්හ‘යි උහු කරා ගොස් ‘‘සැබැවැ,තා මහණ භවත් ගොයුම්හු කරා යන්නේ යැ ? ය‘යි.පිළිවිසැ‘‘සැබැව’’යි කීයෙන් තෝ ඔහු කරා නො යා. තෝ උහු දක්නට යන්නට නොනිස්සෙහි. හේ තා දක්නට එන්නට නිස්සැ .තෝ ඉදින් උහු කරා ගියෙහි නම්, තාගේ යශස් පිරිහෙයි.ත‍්‍රිවේදයෙහි පාරයට ගියෙහි,අභිරූපයෙහි සිල්වත්හි,ප‍්‍රිය තෙපුල් ඇත්තෙහි,තුන්සියක් බමුණු දරුවනට ඇදුරෙහි ,නොඑක් දිසායෙන් බමුණු දරුවො අවුදු තා කෙරෙහි ශෘස්ත‍්‍ර උගනිති’’
බදුන් වහන්සේගේ අති මානුෂික ගුණ ධම_ වැනිම බොහෝ ග‍්‍රන්‍ථ වලින් සිදුවි ඇතත් උන්වහන්සේගේ උත්තර මානුෂික ගුණ ධර්ම වැනීම සිදු කර ඇත්තේ අමාවතුරෙහිය. බුත්සරණෙහි බුදු ගුණ අති මානුෂික අපුරින් උත්කර්ෂයෙන් වනා ඇත. එහි බුද්ධප‍්‍රාතිහාර්යන් වනා ඇති අයුරින් අමාවතුරේ වනා නැත. කුතුහලය ,හාස්‍ය හා අද්භූත වැනි දේ කාලීන ආස්වාදනයන්ය. මෙවැනි රසාස්වාදනයන්ට වඩා මෙහි රසාස්වාදනය සර්වකාලීනය. සර්ව කාලීන පොදු ජන රුචිකත්වයට අනුව මෙය රචනා කර ඇත.
පෙර කවීන් නොපෑ විරූ බුද්ධිමය පෙළහරක් කළ ගුරුළුගෝමී
ගුරුළුගෝමී ‘නොවියත් හුදී ජනයන්’ යන පාඨයෙන් අදහස් කරන්නේ පාලි හා සංස්කෘත භාෂාවන්හි දැනුමක් නොමැති සිය බස දත් බුද්ධිමත් ජනයා වෙයි. අමාවතුර රචනා කර ඇති සැකිල්ල පිළිබද අවධානය යොමු කිරීමෙන්ද එම කාරණය මැනවින් පැහැදිලි වේ. ඇතැම් ග‍්‍රන්‍ථයන්හි නව ගුණ හැම නොපිළිවලින් කියා තිබෙතත් මෙහි පුරිසදම්ම සාරථි යන පදය ගෙන ගෙන පිළිවෙලකට එය විස්තරවන සේ දමන කථාවන් ගෙනහැර දක්වා ඇත. ඒ අනුව දුර්දාන්තදමන , ස්වසන්තානදමන , පරසන්තානදමන ,ගහපතිදමන ආදි ලෙසින් යම් කිසි පිළිවෙලක් අනුගමනය කර ඇත. සමාජයේ උසස් යැයි සම්මතවූවෝ මුලින්ම බුදු හිමියන් විසින් දමනය වූ අයුරු මුලින්ම දැක්වේ .සමාජයේ පහත්ම පිරිස වූ වෛශ්‍යයෝ සමාජයේ පීඩා විද ජීවත්වන්නන් වූ බැවින් දමනය කරීමක් අවශ්‍ය නොවීය. මෙහි රචනා ශෛලීය තුළින්ද පැහැදිලි වන්නේ මෙය බුද්ධිමතුන් සදහා රචනා කර ඇති බවයි. මෙහි කෙටි රචනා ශෛලියක් අනුගමනය කර ඇත. වැඩි විස්තර ඇතුළත් නොවන්නේ මෙය කියවන්නේ හා අසන්නේ බුද්ධිමතුන් බැවිණි. මෙහි ඇති උපමාවලින් වැඩි කොටස කව් ලැකියෙන් ගත් උපමා වේ.
මෙහි ඇති දමන කථා සමකාලීන වෙනත් ග‍්‍රන්‍ථවල එන ප‍්‍රමාණයට වඩා පුළුල් දෘශ්ටියකින් මෙහි විස්තර කර ඇත.ඇතැම්විට පෙළ සූත‍්‍රයන්හි එන ආකාරයට වඩා වෙනස් අයුරින් මෙහි එයි. මේ සදහා කතුවරයාගේ පාණ්ඩිත්‍යය මැනවින් ප‍්‍රකට වේ. පාණ්ඩිත්‍යය යනු පඤ්චතන්ත‍්‍ර ටීකාවේ ‘‘කාර්යාකාර්ය විවෙකශාලිනිි බුද්ධි: පණ්ඩා සාස්‍ය සංජාතා ඉති පණ්ඩිත:’’ එන පරිදි කළයුතු ,නොකළයුතු කාර්යයන් වෙන්කර ගැනීමේ හැකියාව ඇති තැනැත්තා පණ්ඩිතයා යනුවෙන් හැදින්වේ.එම හැකියාව සහිත ස්වභාවය පාණ්ඩිත්‍යය යනුවෙන් හැදින්විය හැක. අමාවතුර කෘතියේහි දමන කථාවන් විස්තර විය යුත්තේ කෙලෙසද යන විවේක බුද්ධිය ගුරුළුගෝමීන් සතුව තිබුණි.
දමනකථා දක්වන අතර ගුරුළුගෝමී බුද්ධ දර්ශනයේ ගැඹුරු ධර්ම කරුණුද දක්වයි. සච්චක දමනයේ එන වාදය බුද්ධිමතුන්ගේ මනසෙහි තොස් උපදවයි. මෙහි එන තර්ක සාමාන්‍ය ජනයාට විෂය නොවේ. සච්චක බුදුන් හා වාදයට පැමිණියේ ආත්මවාදය ප‍්‍රතිෂ්ඨාපනය සදහා ය. එහි දී ඇතිවන වාදය අමාවතුර කතු මනාව දක්වයි.
‘‘කියග, ගින්වෙස්න, රූප නිත්‍ය හො අනිත්‍ය හො? යි’’ වදාළහ. ‘‘අනිත්‍ය යැ ; ගොයුම්ගොතුව, ’’ යි නී යැ . ‘‘යමෙක් උපැදැ නස්නා බැවින් අනිත්‍ය වී ද , උදාවිය දුකින් පෙළෙන බැවින් දුක් වී ද , හෙ මා ගැත්තේ යැ, මම හෙයැ, යි මෙසේ තෘෂ්නා මාන දෘෂ්ටි විසින් දක්නේ , යෙදෙ දැ? යි වදාළහැ. ‘‘නො යෙදෙයි. ගොයුම්ගොතුව ,’’ යි කී යැ .’’
බුදු දහම අනාත්ම දහමක් වන බැවින් එහි ආත්ම වාදයක් නැත. සච්චකයා ආත්ම වාදය දැඩිවගෙන බුදුන් හා වාද කෙරෙයි. තමන්ගේ ශරීරය ආත්ම වශයෙන් ගන්නේ නම් ශරීරය තමන්ට අවශ්‍ය ලෙස පාලනය කළහැකි විය යුතු බව බුදුන්ගේ තර්කය විය. අවසන බුදුන් ප‍්‍රශ්න කිරීම තුළින්ම සච්චක ශරීරය ආත්ම වශයෙන් ගැනීම සදොස් බව පිළිගනි. මින් පසු ඔහු බුදුන් ඉදිරියේ දමනය වන ආකාරය උපමාවන් භාවිත කරමින් කතුවරයා මැනවින් දක්වයි. බුදු දහමේ ගැඹුරු දහම් තම බුද්ධිමය චින්තනය උපයොගි කර ගනිමින් මනාව දක්වයි.
ගහපති දමනයේද විවිධ දර්ශනයන්හි කර්මය පිළිබ`ද දක්වන කර්ම සංකල්පය මැනවින් දක්වයි. එහිදි උපාලි ගෘහපතියා නිගණ්ඨ ශාසතෘගේ කර්මය නිවැරදි කර්ම සංකල්පයක් යැයි සනාථ කිරීමට උත්සාහ දරයි. බුදුන් වහන්සේ එම සංකල්පය සදොස් බව ඔහු ඔප්පු කර පෙන්වයි. බුදු දහමේ කර්ම සංකල්පය ඉතා ගැඹුරු ධර්ම කරුණක් වේ. එම සංකල්පය පිළිබ`දව මනා දැනුමක් නොමැතිව එම සංකල්පය පිළිබ`ද ගැටළු මැනවින් නිරාකරණය කළ නොහැක.
‘‘සැඛෙවින් මෙහි ත‍්‍රිවිධකායදුශචරිත කායකර්ම නම් වෙයි. චතුර්විධ වාග්දුශ්චරිත වාක් කර්ම නම් වෙයි. ත‍්‍රිවිධ මනොදුශ්චරිත මන:කර්ම නම් වෙයි. කායද්වාරයෙහි පැවැති චේතනා කායකර්ම යැ වාග්ද්වාරයෙහි පැවැති චේතනා වාග්කර්ම යැ. මනොද්වාරයෙහි පැවැති චේතනා මන:කර්ම යි .කුමට චේතනා කර්ම නම් වී ය යත් ,චේතනා මුල් කොට ඇත්තේ යැ. කම_ , එයින් කියත්. ’’
ලෝකයේ පවතින සෑම දෙයක්ම ඇති වීමට මෙන්ම පැවතීමටද හේතු ඵල සම්බන්‍ධය ඉතා වැදගත් වේ. ගුරුළුගෝමී හේතුඵල සම්බන්‍ධය තුළ අමාවතුරේ කතා වස්තු විකාශනය කර ඇත.මෙය සනාථ කිරීමට අ`ගුල්මල් දමන කතා පුවත දැක්විය හැක.මෙහි මෙම පුවත ආරම්භ වන්නේ උත්පත්තියත් සමගයි.වෙනත් ග‍්‍රන්‍ථවල එසේ කතාව ආරම්භ කර නැත.අහිංසක කුමාරයෙකු භයානක ,දරුණු තැනෙත්තෙකු ලෙස පරිවර්තනය වය ආකාරය මැනවින් එහි දැක්වේ.
‘‘ඔහු අහිංසක මානවකයා ආ තැන් පටන් ගෙනැ ඇපි නෙපෙනෙම්හ උහු කිසේ බි`දුවම්හ ය බැණ ගන්නාහු හැමදෙනාහට වඩා නුවණැති බැවින් නුවණ නැත්තේ ය යි නොකිය හැක්ක.’’
ගුරුවරයාගේ වැඩි සැලකිල්ල ඔහුට යොමු වීම තුළ අනෙක් ශිෂ්‍යයෝ ඊට ඊෂ්‍ය_ාව කරති. එය ඔහුගේ වරද නොව ගුරුවරයාගේ වැරද්ද වේ. විශ්වාස කළ නොහැකි දෙයක් වුවද බොහෝ දෙනෙකු එසේ කියන කල්හි ප‍්‍රතීකව එය විශ්වාස කිරීමේ බලයක් ගොඩනැගෙන බව බුද්ධිමත් කතුවරයා මනාව දැන සිටියේය. පළමුවරට කියන කල ‘‘ආචාර්ය උනට දැහැව යටත්නි,ම පුතු මා කෙරෙහි නො බි`දටියව යි නෙරපී’’ පසුව අනෙක් තැනැත්තන් පැමිණ එම කාරණාවම කීවිට ‘‘...අප නොදහා නම් තෙපිම පිරික්සා බලව යි කීහ.’’ එකහෙලාම එම කරුණ ප‍්‍රතික්‍ෂෙප නොකරයි. ඉන්පසු ගුරුවරයාගේ වචනය අනුව ඔහු මිනිමරුවෙකු වේ. මෙසේ පුද්ගලයෙකු වෙනස්වීම සදහා හේතු ඵල සම්බන්‍ධය බලපාන ආකාරය මැනවින් එහි විස්තර කර ඇත.
උපාලි ගැහැවියා දමනය කිරීම සදහා සිතේ ප‍්‍රබල බව පැහැදිලි කිරීම සදහා ගෙන හැර දක්වනු සදහා දණ්ඩකාරණ්‍ය , කාලිඕගාරණ්‍ය ,මෙධාරණ්‍ය හා මාතාඕගාරණ්‍ය යන කතා පුවත් ගෙන හැර දක්වයි. මේධාරණ්‍යය පැහැදිලි කිරිමේදි කතුවරයා බුදු දහමේ සැම දෙනාට සමානත්වයක් ලබාදිය යුතු බව අගවයි. බුදු දහම තුළ ඇත්තේ කුලගැටුමෙන් තොර සමාජ පදනමක් ගැනයි. සමාජය තුළට මෙය ඇතුල්වීමෙන් සමාජමය ගැටුම් නිර්මාණය වන බව කතුවරයා පෙන්වා දෙයි. සමාජයේ පවතින මෙවැනි විෂමතා මුලිනුපුටා දැමීමට බුදු දහමින් ශික්‍ෂිත ලේඛකයෝ කලාව මාධ්‍යයක් කර ගත්හ. මුලින්ම දිටඨමංගලිකාව ගෙවන සුඛොපභෝගී ජීවිතය දක්වයි. එය සදාකාලික ධනවාදී ප‍්‍රභු සමාජයේ සංකේතයකි.ෂ ැඩොල් මාතංගගේ චරිතය සැමදා පීඩිත පන්තියේ සංකේතයයි. ධනවාදී ඒකාධිකාරය මගින් මානුෂික අයිතිවාසිකම් කෲරතර අයුරින් සීමා කර ඇති ආකාරය මාතංගගේ චරිතය තුළින් මනාව ප‍්‍රකට කරයි.
පහළ පන්තිකයන් ඉහළ පන්තිකයන්ගේ ක‍්‍රියාවලින් පීඩනයට පත්වන අයුරු මාතංග දිට්ඨමංගලිකාගේ ප‍්‍රතිචාර තුළින් පවා ඇතිවන දරුණු විපාක මුල් කොටසෙන් දැක්වේ. මාතංගගේ අදහස්වලට නතුවි ඇය සැඩොල් වෙස් ගැන්වීම කතුවරයා උපහාස රසයෙන් දක්වයි. එය කාලයත් සමග ප‍්‍රභු පන්තිකයන්ගේ බිද වැටීම කතුවරයා ව්‍යංගයෙන් අදහස් කරන්නට ඇත. පසුව දිට්ඨමංගලිකාව බ‍්‍රහ්ම ප‍්‍රජාපතිය බවට පත්කර මාතංගයා මහා බ‍්‍රහ්මයා බවට පත්කිරීම මහා බ‍්‍රහ්මය සංකල්පය උපහාසාත්මක මෙහි දක්වා ඇත. පොළොන්නරු යුගයේදී හින්¥න් මෙන්ම ඔහුන්ගේ විශ්වාස අන්‍ධ භක්තියකින් විශ්වාස කළ යුගයක් විය. ජනතාව බුද්ධිගෝචර පිරිසක් විය යුතු බව ගුරුළුගෝමී මෙයින් අදහස් කළ බව පැහැදිලි වේ.
සමාලෝචනය
‘අමා’ යනු අමෘතයයි. අවත්ථර යන්නෙන් බිදි ආ වතුරු යනු ජලයයි. අමාවතුර යනු ගලාහැලෙන වතුර හෙවත් අමෘතයයි. වතුර යනු නිරතුරුව සිසිල් වෙන ද්‍රව විශේෂයකි. ගුරුළුගෝමී මෙය ‘අමෘතවහ’ යනුවෙන්ද නම් කරති. මෙය ක‍්‍රි.ව 10 -11 වන සියවස තුළ රචනා වන්නට ඇත. මෙය රචනා වන කාලය වනවිට හින්¥න්ගේ බලපැම බුදු දහම වෙත එල්ල වූ තිබුණි. හින්‍දු ආගමේ දෙවියන් අධික බලයක් සහිත දෙවියන් බව එකල බොහෝ දෙනෙකු පිළිගන්නට ඇත. මෙම දේව බලපෑම මැඩ පැවැත්වීම කාලීන අවශ්‍යතාවක් වන්නට ඇත. ඒ අනුව බුත් සරණ වැනි කාව්‍යන් රචනා වී ඇත. කාලීන අවශ්‍යතාවකට අනුව අමාවතුර රචනා කරන්නට ඇත.
අමාවතුර රචනා වී ඇති රචනා ශෛලිය දෙස විචාරාක්‍ෂිය යොමු කිරීමේදි පැහැදලි වන්නේ මෙහි භාෂාව සමකාලීන භාෂාවට වඩා පැරණි එකක් බවයි. එකල සංස්කෘත බලපෑම සෑම සාහිත්‍යයක්ම නතු වූ බැවින් ගුරුළුගෝමී එය ප‍්‍රතික්‍ෂෙප කර මිශ‍්‍ර සිංහලය වෙනුවට අමිශ‍්‍ර හෙළු බස උපයොගී කර ගෙන ඇත. මෙම කරුණ නිසාම ඔහු සිය බසින් සංක්‍ෂිප්තව දක්වන බව සදහන් කර ඇත. ඒ සංක්‍ෂිප්ත රචනා ශෛලියකින් මෙය රචනා කර ඇත.සංක්‍ෂිප්තව වුවත් අර්ථ උද්දීපනයේ කෙටි බවක් දක්නට නොලැබේ. මෙම විචිත‍්‍රත්වය නිසාම ඔහු කාලිංග වාසියෙකු යැයිද මෙම කෘතිය ‘කාලිංග එළුව’ යැයිද ඇතමෙක් සැළකූහ. භාෂාවේත්, රචනා රීතිමෙත් සංක්‍ෂිප්තතාව ම කතුවරයා සැඛෙව් යන්නෙන් ධ්වනිත කරන්නේ ය. ඔහු වණ_නා කරන අවස්ථාව හා සිද්ධිය පාඨකයාගේ සිතෙහි චිත‍්‍රණය කරන්නට තරම් එම සැඛෙව් රීතිය සමත් වේ. කතුවරයා උපමා අඩුවෙන් දැක්වුවත් එම උපමා ඉතා උචිත කව් ලැකියෙන් ගත් උපමාවන් වේ.
බුද්ධිමතුන් සදහා මෙය රචනා කළ බැව් ගුරුළුගෝමී සදහන් කර ඇත.මෙහි භාවිත රචනා ශෛලිය තුළින් අන්තර්ගතය අවබෝධ කර ගත හැක්කේ බුද්ධිමතුන්ට පමණි.අප කතුවරයා බුද්ධියට ආමන්ත‍්‍රණය කරන කවියෙකි.ඔහු දමනකතා ඇතුළත් කර ඇත්තේ ඉතා බුදධිමත් ආකාරයකට ය.සමාජයේ උසස් යැයි සම්මත වූවන් මුලින් ඇතුළත් කර ඇත.පහත් යැයි සළකන පිරිස මෙහි ඇතුළත් නොවන්නේ ඔහුන් දැමිය යුතු පිරිසක් වශයෙන් නොසැළකු බැවිනි.අවශ්‍ය අවස්ථාවට ගැලපෙන පරිදි කරුණාදි රසයක් ජනිත කරමින් සුදුසු වාක්‍ය රටාවක් අනුගමනය කර ඇත.දිගටම කෙටි වාක්‍ය භාවිත කිරීම පාඨකයාගේ වෙහෙස ඇතිකරන්නක් බව දත් මොහු දීර්ඝ වැතිද ඒ අතරට බහා ඇත.මොහුගේ ලේඛණ රටාව මෙසේ විමට භාවිත මූලාශ‍්‍රයන්ද හේතු වී ඇත. තෙවලා දහම හෙ පෙළ අටුවා භාවිත කර ඇති බැවින් ඇතැම් ස්ථානයන්හි පාඨාවලියන් අනුවාද බව පැහැදිලි වේ.නමුත් ගුරුළුගෝමීන් සතු ප‍්‍රතිභාව එයින් හීන වි නොමැත.ඔහු මෑත කාලය වන තෙක් නොපෑ විරු භාෂා හරඔයක් හා පෙළහරක් සිදු කර ඇත.
අමාවතුරේ කතා සියල්ලම පාහේ හේතුඵල සම්බන්‍ධතාව මත විකාශනය කර ඇත. අහිංසක යන පුද්ගලයා අංගුලිමාල වීමත් පසුව අංගුලිමාල තෙරුන් වීම දක්වා සංක‍්‍රාන්ති අවධි සදහා වූ හේතු හා ඵල දක්වා ඇත. මෙම හේතු ඵල සම්බන්‍ධය වනාහි වර්තමාන සමාජයේ පුද්ගල විපර්යාසයේ යථාර්ථයටද ඍජුවම සම්බන්‍ධ වේ. උපාලි දමනය හා සච්චක දමනය වැනි කථාවලින් බෞද්ධ දර්ශනයේ වූ ගැඔුරු දහම් කොටස් ඉතා සරලව විග‍්‍රහ කරයි. උපාලි දමනය කිරීමේදී සිත සෑම ක‍්‍රියාවකම මුල් තැන ගන්නා බවට පැහැදිලි කිරීමට යොදා ගන්නා දණ්ඩකාරණ්‍ය වැනි කතා විවිධ දෘෂටි කෝණයන්ගෙන් වැදගත් වේ. එහි මෙධාරණ්‍යය විස්තර කිරීමට ඉදිරිපත් කරන දිට්ඨමංගලිකා කථාව තුළින් කුලීන හා කුලහීන ගැටුම විසතර වේ. එසේම එහිදි බ‍්‍රහ්ම වැනි සංකල්ප පිළිබ`දව විමර්ෂණාත්මකව බැලිය යුතු බව ගුරුළුගෝමී අවධාරණය කරයි. ඒ තුළින් එම සංකල්ප හා කුලවාදය හිස මුදුනෙන් ගත්තවුන් පිළිබ`දද උපහාසක් මතු කර ඇත. බුත්සරණ වැනි ග‍්‍රන්‍ථයන්හි බුදු ගුණ අති මානුෂික ස්වභාවයෙන් විස්තර කර ඇත. නමුදු අමාවතුරේ බුදු ගුණ ඇතුළත් කර ඇත්තේ උත්තර මානුෂික වශයෙනි. බුත්සරණේ ප‍්‍රාතිහාර්ය ආදියට විශේෂ ස්ථාණයක් හිමි කර දීමෙන් අද්භූත රසයන්ට මුල් තැනක් හිමි කර දී ඇත. නමුදු අමාවතුර සර්ව කාලීනව පාඨක මනෝ නන්දනය කරන උසස් සාහිත්‍යය අගයකින් යුක්තය.
හැදින්වීම
ගුරුළුගෝමීන් විසින් රචිත අමාවතුර යනු සිංහල සාහිත්‍යයෙහි පහළ වු විශිෂ්ඨ කෘතියක් වේ. බුදු ගුණ වැනීම විවිධ පුස්තකයන්හි ඇතුළත් වී තිබු නමුදු මෙහි බුදු ගුණ අතුරින් පුරුෂදම්ම සාරථි යන බුදු ගුණය ක‍්‍රමවත්ව විස්තර වේ. පොළොන්නරු යුගය තුළ සංස්කෘත භාෂාව සදහා වැඩි පිළිගැනීමක් පැවතී ඇත.එම නිසාම මෙම යුගයෙහි රචිත කාව්‍යයන්හි සංස්කෘත ආභාසය මැනවින් දැකිය හැකි වේ. භක්තිවාදයටද විශේෂ සැලකිල්ලක් ලැබුණේ හින්‍දු දහම යම්තාක් දුරට ප‍්‍රබල වීමත් සමගය. මෙම සාධකයේ බලපෑම නිසාම මෙම යුගයේ රචිත සිංහල සාහිත්‍යය තුළින්ද බුදු හිමියන් කෙරෙහි භක්තිය ඇති කරවන ග‍්‍රන්‍ථ රචනා වී ඇත. අමාවතුර සිංහල සාහිත්‍යයෙහි උසස් කෘතියක වටිනාකම රදවාගෙන ඇත්තේ විවිධ කාරණාවන් ගණනාවක ප‍්‍රතිඵලයක් ලෙසිනි. මෙහි උපයුක්ත භාෂාව විචිත‍්‍ර ය. කෙටි රචනා ශෛලියක් අනුගමනය කර ඇතත් අර්ථොත්පත්තියෙහි සංක්‍ෂිප්ත බවක් ඇති වී නොමැත. මනහර ලෙස භාෂාව හසුරුවා ඇත. කෘතියේ සන්දර්භය දෙස බැලීමෙදීද විධිමත් හා තර්කානූකූලබවක් තිබේ. කථාවස්තු හේතුඵල සම්බන්‍ධතාව මත විකාශනය කර ඇත. මෙවැනි කරුණු පිළිබ`ද විචාරාක්‍ෂිය යෙමු කිරීම මෙහි දි සිදු කර ඇත.
උැසුරු ගත් නම් වැළ
අභිස්තුති ,අළුබෝමුල්ලේ ශ‍්‍රි සද්ධානන්ද හිමි සංග‍්‍රහය ,චන්දිම බණ්ඩාර ,අනුර බමුණුසිංහ ,ග්ලෝබල් යූස්ට් ලංකා ,75 ,පරණ කොට්ටාව පාර ,මිරිහාන , නුගේගොඩ (මුද්‍රණය* ,සමන් ප‍්‍රකාශන ,39/4 ,ගංගොඩවිල ,නුගේගොඩ (ප‍්‍රකාශනය* ,2004 (ප‍්‍ර.මු*
අමාවතුර, හ‍්‍රී ලංකා ප‍්‍රාචීන භාෂොපකාර සමාගමේ සංස්කරණය,සමයවර්ධන,53,හික්කඩුවේ ශ‍්‍රී සුමජගල නාහිමි මාවත,මරදාන ,කොළඹ 10(මුද්‍රණය*,සමයවර්ධන පොත්හල (පුද්ගලික* සමාගම,61 , හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නාහිමි මාවත,මරදාන,කොළඔ 10(ප‍්‍රකාශනය*,2004 (ප‍්‍ර.මු*
අමාවතුර (සංස්*, කොදාගෙඩෙ ඤාණාලෝක හිමි, ඇම්.ඩි ගුණසේන සහ සමාගම, 675, පී.ද.එස් කුලරත්න මාවත කොළඹ 10 (ප‍්‍රකාශනය* , 1963 (ප‍්‍ර.මු*
කුලසූරිය ආනන්‍ද , සිංහල සාහිත්‍යය 1 ,සී/ස (පෞද්* විසිනුදු ප‍්‍රකාශකයෝ,471,වැව පාර ,බොරලැස්ගමුව (මුද්‍රණය*,1961 (ප‍්‍ර.මු*,
වික‍්‍රමසිංහ මාර්ටින් , සිංහල සාහිත්‍යයේ නැ`ගීම , ට‍්‍රයිමේට්ස් ප‍්‍රින්ටිං හවුස් ,නො 976 ,මාලබේ පාර ,කොට්ටාව ,පන්නිපිටිය (මුද්‍රණය*, සරස .18/3 කිරිමණ්ඩල මාවත , නාවල , රාජගිරිය (ප‍්‍රකාශනය*, 1946 (මුද්‍රණය*
ශාන්ති - 66,කෙරමිණියේ ජිනානන්ද (සංස්*, ශාන්ති ප‍්‍රකාශකයෝ ,136, රත්තන මිටිය, බොරලැස්ගමුව (ප‍්‍රකාශකයෝ* ,සමයවර්ධන ,53 මාලිගාකන්ද පාර ,කොළඔ 10 (මුද්‍රණය*, 1969 (මුද්‍රණ වර්ෂය*
ශාන්ති - 44 , කෙරමිණියේ ජිනානන්ද (සංස්*,අනුල මුද්‍රණාලය ,98,ඞීන්ස් පාර ,කොළඔ 10 (මුද්‍රණය*,ශාන්ති ප‍්‍රකාශයෝ,136 ,රත්තන වීදීය ,බොරලැස්ගමුව(ප‍්‍රකාශනය* , 1967 (මුද්‍රණ වර්ෂය*
ශී‍්‍ර ධම_කීර්ති නිවන්දම , සිංහල සාහිත්‍යයේ ස්වර්ණයුගය , පියසිරි ප‍්‍රින්ටින් සිසටම්ස් , නො. 21 , ශ‍්‍රී සොරත මාවත , ගංගොඩවිල , නුගේගොඩ (මුද්‍රණය* ,බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ,125 ,ඇන්ඩසන් පාර , නැදිමාල ,දෙහිවල (සංස්* ,1952 (ප‍්‍ර.මු*
සුරවීර .ඒ.වී, කතිකාවත් හා භික්‍ෂු සමාජය,සමීර,12 පොල්¥ව,බත්තරමුල්ල (ප‍්‍රකාශනය*,සී/ස ‘දීපානි’ මුද්‍රණ/ප‍්‍රකාශන (පෞද්* සමාගම(මුද්‍රණය*,1971(ප‍්‍ර.මු*
සම්භාෂා - 15 කලාපය ,අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාවේ ප‍්‍රකාශනයකි, වලස්වැවේ ඤාණරතන , පී.රූපසීංහ (සංස්*,2007 (මුද්‍රණ වර්ෂය*
සන්නස්ගල පුංචිබණ්ඩාර, සිංහල සාහිත්‍ය වංශය ,කොළඹ ලේක් හවුස් මුද්‍රණාලය (මුද්‍රණය හා ප‍්‍රකාශනය*,1961 (ප‍්‍ර.මු*
ගුණවර්ධන ව්.ඩි.එස් , ප‍්‍රාචීන පණ්ඩිත උපාධිය, ජයන් ප‍්‍රින්ට් ග‍්‍රැෆික්ස් , නිට්ටඹුව (මුද්‍රණය* , ආරිය ප‍්‍රකාශකයෝ , බෞද්ධ විද්‍යාලය මාවත ,වරකපොල (ප‍්‍රකාශනය* ,2007 (ප‍්‍ර.මු*
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment