UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සාහිත්‍යය තුළ පද්‍ය කාව්‍යය

Tuesday, December 10, 2013

සාහිත්‍යය තුළ පද්‍ය කාව්‍යය

01.සාහිත්‍යය තුළ පද්‍ය කාව්‍යය මිනිසා තමා සතු සුවිශේෂී බුද්ධිය යොදාගනිමින් මිනිස් පරිණාමය ඇරඹි දිනයේ පටන් අද දක්වා අප හමුවේ තබා ඇති නිර්මාණ පුදුම සහගතය. එම නිර්මාණ තුළින් අද ලෝකයා කෙතරම් සුඛෝපභෝගී ජීවිත ගත කරනවාද යන්න ඉතා කාර්යබහුලව ජීවිතය නමැති ධාවන තර`ගයේ යෙදෙන අපට මොහොතකට ඉන් නිදහස් වී සිතා බලන විට වැටහේ. එසේ මිනිසා තාක්‍ෂණයෙන් දියුණු වූවා සේම ඔහු විසින් නිපද වූ නිර්ව්‍යාජ අකලංක නිර්මාණයක් ලෙස විශ්ව සාහිත්‍ය දැක්විය හැකිය. ඒ අනුව ලොව පවත්නා රටවල තම රටේ පවතින අගනාම වස්තුව ලෙසින් සාඩම්බරව කියවා රසවි`දින්නේ තම රට සතු සාහිත්‍යයයි. සාහිත්‍යය, කාව්‍යය යන සංකල්ප දෙක ව්‍යාකරණමය නිරුක්තියෙන් පමණක් අර්ථ ගැන්විය නොහැකි සංකල්ප දෙකක් බව විද්වත් මතයයි. ‘‘සහිතස්‍ය භාවථ සාහිත්‍යම්’’ යනුවෙන් විග‍්‍රහ කොට ‘සහිත’ ශබ්දයා කෙරෙන් ‘ෂ්‍යඤ්’ ප‍්‍රත්‍යය යොදා පැරැුන්නෝ මේ ශබ්දය නිපදවා ගත්්හ. පද්‍ය කාව්‍යය යන සංකල්පය ගැන විමසීමේදී ඒ. වී. සුරවීර මහතා මෙසේ දක්වා තිබේ. ‘‘පද්‍යං චතුෂ්පදි තච්ච- වෘත්තං ජාතිර්ති ද්විධා’ යනුවෙන් දණ්ඩ්‍යාචාරීහු චතුෂ්පාදවත් වෘත්ත සහිත වාක්‍යයෙන් බැ`දුණු කාව්‍ය පද්‍ය කාව්‍ය සේ හ`දුන්වති. ඡුන්දස්ශාස්ත‍්‍රයෙහි දැක්වෙන පරිදි එහි වෘත්ත, ජාති වශයෙන් ද්විභේදයක් දක්නා ලැබේ. ‘වෘත්තමක්ෂර සංඛ්‍යාත- ජාතිර්මාත‍්‍රා කෘතා භවෙත්’ යනුවෙන් ස`දහන් වනුයේද එයමය....’’ පද්‍ය කාව්‍යය යනු සිතේ රසයක් ජනනය කරන නිර්මාණ ශක්තියකි. මෙහිදී සිදුවන්නේ ප‍්‍රකෘති තත්ත්වය උපාය ම`ගින් නව්‍යත්වයකට හා රසයකට පත් කිරීමයි. ප‍්‍රකෘතියෙන් රසයක් නොවි`දිය හැකි යැයි මින් නොකියවේ. සාහිත්‍යය, කලාවක් වනුයේ භාෂාව මාධ්‍ය කොට ගෙන කිසියම් රසයක් ජනිත කරවන බැවිනි. මෙම විග‍්‍රහයේ ඇත්තේ සාහිත්‍යට කාව්‍ය නැමති සංකල්පය පිවිසි පසු සාහිත්‍යයට ලැබුණු නිර්මාණාත්මක භාවය ස්පර්ශ කිරීමකි. පද්‍ය කාව්‍යය යන්නෙන් අදහස් කරන්නේ භාෂාව කේන්ද්‍ර කොටගෙන කළ නිර්මාණ විශේෂයක් බව පෙනේ. එය නිර්මාණශීලී විය යුතු අතර රසයක්, වින්දනයක් ජනනය කළ යුතුය. එපමණක් නොවේ, ජීවිත විවරණයක්ද එම`ගින් දැක්විය යුතුයි. මෙබ`දු ලක්ෂණයන්ගෙන් යුක්ත වන කෘති හෙවත් නිර්මාණ පද්‍ය කාව්‍යය ලෙස සරලව අර්ථ ගැන්විය හැකිය. කාව්‍යය යනු සාහිත්‍ය ශබ්දයේ එක් අර්ථයක් නොව සාහිත්‍ය ශබ්දයට යොදන පර්යාය වචනයක් බවට පත් වෙමින් තිබේ. පද්‍ය කාව්‍යය නිර්මාණ කරන කවියා වස්තුවිෂයයන් ගන්නේ බාහිර පරිසරයෙන් වන අතර රසවත් කොට ලේඛන ගත කරන්නේ සමාජය ඇසුරෙන් පහළ වූ අදහස් වේ. ඒ අනුව පද්‍ය කාව්‍යය සමාජයක සිතුම් පැතුම් විදහා දැක්වෙන කැටපතක් ලෙසද ස`දහන් කළ හැකියි. ‘‘ජනතාවගේ සභ්‍යත්වයත් බුද්ධි විකාශනයත් විනිශ්චය කිරීමට ඔවුන්ගේ සාහිත්‍ය කලා උපකාරී වෙයි....’’ පද්‍ය කාව්‍ය නිර්මාණවල භාෂාව මාධ්‍ය කරගෙන මෙම අපූර්ව නිර්මාණ ශක්තියකින් යුතු කෘති රචනා කරන හෙයින් භාෂාව උපයෝගි කර ගැනීමේ විධිමත් ස්වාභාවයක් විද්‍යමාන විය යුතුයි. මේ අදහස් සලකන කල පද්‍ය කාව්‍යය යනු මනුෂ්‍ය ජීවිතය සුපුෂ්පිත කරන සූක්ෂ්ම භාෂා භාවිතයක ශ්‍රේෂ්ඨ ඵලයක් ලෙස සැලකිය හැකිය. භාෂාව ප‍්‍රධානතම මාධ්‍යය කොට පවත්නා කාව්‍යය, පද්‍ය සාහිත්‍යය ලෙස සරලව අපි හඳුන්වමු. එම කලාව සාහිත්‍යය යන සංඥාව ලබා ඇත්තේ සමාජයට හෝ අර්ථයට හෝ රසයට හිතවත් වූ බැවිනි. සාහිත්‍යයේ ප‍්‍රධාන මාධ්‍ය වන භාෂාව හසුරවන ආකාරය අනුව සාහිත්‍යය ත‍්‍රිවිධ වන බව ආචාර්ය මතය වේ. එනම් ගද්‍ය, පද්‍ය හා චම්පු/මිශ‍්‍ර යනුවෙනි. ඡුන්දසකින් තොරව පාදවලට නොබෙදා භාෂාව හසුරවනුයේ ගද්‍යය වේ. ඡුන්දසකට අනුව පාද බෙදා භාෂාව හසුරවනුයේ පද්‍යයයි. (නිසඳැස් කාව්‍යය තුළ ඡුන්දසක් නොමැති වුවද පාද බෙදීම දක්නට ඇති හෙයින් එයද පද්‍ය විෂයෙහිලාම සලකමු*. මෙහි සාකච්ඡුාවට බ`දුන් වන්නේ මෙම පද්‍ය සාහිත්‍යය පිළිබ`දවයි. ගද්‍ය පද්‍ය දෙකින් මිශ‍්‍ර වූයේ චම්පු කාව්‍යය හෙවත් මිශ‍්‍ර කාව්‍යය වේ. දෘශ්‍ය කාව්‍යය බොහෝ සෙයින් මේ ගණයෙහිලා සලකනු ලැබේ. (ගද්‍යයෙන් පමණක් ලියවුණු දෘශ්‍ය කාව්‍යයද නූතනයේ දක්නට ලැබේ.* ‘‘ප‍්‍රාචීනයෝ කාව්‍යය ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් හෝ ගද්‍යපද්‍ය මිශ‍්‍රණයෙන් හෝ කළහ. සිංහලයෙහි පද්‍ය රචනාම කාව්‍යය නාමයෙන් සාමාන්‍ය ජනයා අතර ප‍්‍රකටය.’’ සාහිත්‍යයේ වන ප‍්‍රධාන අංගත‍්‍රය අතුරෙන් මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ පද්‍ය කාව්‍යය විෂයයෙහි පමණි. පද්‍යයක් යනු කුමන ලක්ෂණවලින් උපේත වූවක්දැයි යන්න ප‍්‍රාචීන හා ප‍්‍රතිචීන ආචාර්යවරයෝ අර්ථ දක්වා ඇත්තාහ. මෙහිදී අප උත්සුක වන්නේ එම අදහස් හා කෝෂකරුවන්ගේ අදහස් වහල් කොට ගෙන පද්‍යය යනු කිමැයි විග‍්‍රහකිරීමටය. සිංහල භාෂාවෙන් ‘කවිය’ යනුවෙන් හඳුන්වන මෙය සංස්කෘත භාෂාවෙන් ‘පද්‍ය/ශ්ලෝක’ යනුවෙන්ද පාලි භාෂාවෙන් ‘පජ්ජ/ගාථා’ යනුවෙන්ද ඉංග‍්‍රීසි භාෂාවෙන් ‘චදැප’ යනුවෙන්ද හඳුන්වයි. සිංහල භාෂාවේ එන කවිය යන්නෙහි මාතෘ රූපය වූ ‘කාව්‍යය’ යන්නද සංස්කෘත භාෂාවේ කවිය සඳහාද යෙදී ඇතත් එය පොදුවේ සාහිත්‍යය යන අරුත්හි බොහෝ සෙයින් යෙදී ඇති බව කාව්‍යය යන්න යෙදී ඇති ප‍්‍රස්තාවන් විමසීමෙන් පෙනේ. ‘චදැප’ යන්නට ශබ්දකෝෂකරුවන් අර්ථ දක්වා ඇත්තේ මෙසේය. ‘‘පද පේළිවල සහ ශබ්දවල පිළිවෙළ අනුව පෙළ ගස්වා ඇති, යම් අදහසක්, හැ`ගීමක් හෝ මනුෂ්‍ය අත්දැකීමක් චිත්තරූප බහුලව භාවිත කොට ඉදිරිපත් කරන ලියවිල්ලකි.’’ ‘‘පද්‍යයෙන් ඇති නිර්මාණාත්මක රචනයකි. බොහෝ විට ගැඹුරු හැ`ගීම්. වටිනා සිතුවිලි මනෝ්රම්‍ය බසකින් ඉදිරිපත් කරනු ලැබේ. පද්‍ය ලියනු ලබන්නේ යම් අත්දැකීමක් සන්නිවේදනය කරනු සඳහාය.’’ ‘‘සෑදීම, නිර්මාණය කිරීම යන අරුත් ඇති ගී‍්‍රක පදයකින් උත්පත්තිය ලබා ඇත. කලාත්මක නිර්මාණයකි. පද්‍යයෙන් ඇති, චිත්තරූපවල ඇති සුන්දරත්වය සහ උසස්බව ලක්ෂණ කොටගත් නිර්මාණයකි.’’ ‘‘පද්‍යයෙන් ඇති නිබන්ධනයකි. චින්තනයේ, භාෂාවේ ඉහළ සුන්දරත්වයක් පෙන්නුම් කරන බොහෝ විට පද්‍යයෙන් ඇති (නමුත් අත්‍යවශ්‍යයෙන්ම පද්‍යයෙන් තිබිය යුතු නොවේ* රචනාවකි.’’ ‘‘කලාත්මක රචනයකි. චින්තනයේ, භාෂාවේ හෝ කලාත්මක ආකෘතියේ අතිචමත්කාරයක් පෙන්වන, පද්‍යයෙන් හෝ ගද්‍යයෙන් ඇති රචනාවකි.’’ ශබ්දකෝෂකරුවන්ගේ යථෝක්ත නිර්වචන සියල්ල පිරීක්සීමෙන් පද්‍යයේ ලක්ෂණ අංශද්වයකින් මතු වේ. බාහිර වශයෙන් හා අභ්‍යන්තර වශයෙනි. බාහිර ලක්ෂණ යටතේ එහි ආකෘතිය අර්ථකථනය වන අතර අභ්‍යන්තර ලක්ෂණ යටතේ භාෂාව හා සංකල්ප නිර්මාණාත්මක වීම, චිත්තරූප මැවීම, චමත්කාරයක් දැනවීම, යන ලක්ෂණ අර්ථ කථනය වේ. ශබ්දකෝෂකරුවන්ගේ අදහස්වලට අනුව පද්‍යයක් යනු කිසියම් වූ අදහසක් සහෘද සන්තානයෙහි චිත්තරූප මැවෙන පරිදි හා චමත්කාරයක් ඇතිවන පරිදි නිර්මාණාත්මක සංකල්පනාවෙන් හා භාෂාවෙන් යුතුව ශබ්දවල ගැළපෙන පිළිවෙළක් අනුව පදපේළි ම`ගින් දැක්වීමයි. ප‍්‍රාචීන හා ප‍්‍රතිචීන ආචාර්යවරුන් පද්‍යය යන්න තම තමා පිළිගත් කාව්‍ය විචාර සිද්ධාන්ත හෝ ගුරුකුලයන්ට අනුව අර්ථ දක්වා ඇත. භාමහ නම් කාව්‍යාලංකාරිකයා කාව්‍යය යන්න හඳුන්වන්නේ ‘ශබ්දාර්ථෞ සහිතෞ කාව්‍යයම්’ වශයෙනි. ඔහුගේ පිළිගැනීමේ පරිදි කාව්‍යය තුළ ශබ්දය හා අර්ථය අතර අන්‍යෝන්‍ය ප‍්‍රතිබද්ධතාවක් පැවතිය යුතුය. මෙම ප‍්‍රතිබද්ධතාව සමස්ත ශබ්ද සමූහය මතුකරන ශබ්දය හා සමස්ත අර්ථය අතර වන්නක් විය යුතු සේ ගැනීම උචිත වේ. මක්නිසාද යත් කාව්‍යයේදී වැදගත් වන්නේ අභිධේය අර්ථයට වඩා ලක්ෂ්‍යාර්ථය හා ව්‍යංග්‍යාර්ථය බැවිනි. රසවාදය අනුව යමින් විශ්වනාථයන් කාව්‍යය යන්න අර්ථ දක්වන්නේ ‘වාක්‍යං රසාත්මකම් කාව්‍යයම්’ වශයෙනි. විශ්වනාථයන් කාව්‍යයේ ප‍්‍රධානම ලක්ෂණය හෙවත් ආත්මය ලෙස දකින්නේ රසයයි. භාරතීය ෙසෙද්ධාන්තිකයන්ගේ විග‍්‍රහයන්හි එන කාව්‍යය යන පදය පද්‍යය විෂයයෙහි පමණක් ලඝු කළ නොහැකි වෙතත් පද්‍යය විෂයයෙහිත් එය අදාළ හෙයින් පද්‍යයේ ලක්ෂණ දෙකක් ලෙස ශබ්දාර්ථ සුසංයෝගය හා රසාත්මකතාව හැඳින්විය හැකිය. එස්. ටී. කොල්රිජ් පවසන ‘කාව්‍යය වනාහි හොඳම වචන හොඳම පිළිවෙළට ගැළපීමයි’ යන්නද භාමහගේ විග‍්‍රහයට සමානය. හොඳම වචන හොඳම පිළිවෙළට ගැළපීම යනු යම් අර්ථයක් පැවසීමට වචන/ශබ්ද කිහිපයක් ඇත්නම් ඒ අතුරින් සමස්තාර්ථයට උචිත වූ ශබ්දයක් ඇති පදය තෝරාගැනීම හා එසේ තොරාගත් පදය/පද සමස්තාර්ථයට උචිත වූ තැනෙක පිහිටවීමයි. ධ්වනිවාදීහු කාව්‍යයේ ආත්මය ධ්වනිය ලෙසත් රීතිවාදීහු කාව්‍යයේ ආත්මය රීතිය ලෙසත් දැක්වූහ. මෙනයින්ම වක්‍රෝක්තිවාදීන් හා ඖචිත්‍යවාදීන්ද අර්ථ දක්වා ඇත. එසේ හෙයින් කාව්‍යය යන්න අර්ථ දැක්වීමේදී අපට එක් ගුරුකුලයකට වහල් විය නොහැකි සේම එකකුදු නොවැදගත් යැයි ප‍්‍රතික්ෂේපද කළ නොහැකිය. එසේ හෙයින් කාව්‍යය යනු යථෝක්ත සියල්ලෙන් සමලංකෘත වූවක් ලෙස අර්ථ දැක්වීම යෝග්‍ය වේ. එහෙත් මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුත්ත නම් යම්කිසි පද්‍යයක රස, ධ්වනි, ඖචිත්‍ය, වක්‍රෝක්ත්‍යාදි කාව්‍ය ලක්ෂණයන්ගෙන් එකක් හෝ දෙකක් නොඑසේ නම් කිහිපයක්ම නොතිබීම එය කවියක් නොවීම විෂයයෙහි බල නොපානා බවයි. එක් ලක්ෂණයක් පමණක් වුව තිබීම වුව එය කවියක් වීම විෂයයෙහි අසාධාරණ නොවේ. ගද්‍යයෙන් පද්‍යය වෙන් කිරීමේ ප‍්‍රධාන ලක්ෂණය ලෙස පූර්වයේ පටන් සැලකූ පාද බෙදීම යන සංකල්පය වුව එක් පාදයකින් නිමවන කවියක් හමුවෙහිදී ප‍්‍රතිෂ්ඨා විරහිත බවට යේ. ඇතැම් ශබ්දකෝෂකරුවකු මෙය සලකාගෙන හෝ වෙනත් යම් ආස්ථානයක් සලකාගෙන කවිය යන්න ගද්‍යයෙන්ද පැවතිය හැකි බව පිළිගෙන ඇති අයුරු ශබ්දකෝෂයන්ගෙන් ගත් උධෘතයන්ගෙන් පෙනේ. ඇතැම් විට එම අදහස් සංස්කෘත ආලංකාරිකයන්ගේ කාව්‍යය යන පදය සේ චදැප යන්නද ගද්‍ය පද්‍ය විෂයයෙහිලා අවිශේෂයෙන් ඉදිරිපත් කළ ඒවාද විය හැකිය. මහාචාර්ය රකේෂ්ගුප්තාිඡුීශක්‍්‍යධඛධඨෂක්‍්ඛ ීඔඹෘෂෑී ෂභ ඍ්ී්’ නමැති ස්වකීය ආචාර්ය උපාධි නිබන්ධනයේදී කාව්‍ය පිළිබඳ පෙර-අපර දිග නිර්වචන පනහක් දක්වයි. එම නිර්වචන ම`ගින් කාව්‍යයේ ඒ ඒ අංග ලක්ෂණ මතුව පෙනෙන හෙයින් කාව්‍යය යනු කවරේ දැයි හැඳිනීමට එම නිර්වචන උපනිශ‍්‍රය වේ. එම නිර්වචන අතුරින් කිහිපයක් මෙහි දක්වා ඇත්තේ එබැවිනි. 1 භරත (නාට්‍ය ශාස්ත‍්‍රය* ‘‘මෘදුලලිතපදාඪ්‍යං ගාඪ ශබ්දාර්ථ හීනං ජන පද සුඛ බෝධ්‍යං යුක්තිමන්නෘත්‍ය යෝජ්‍යම් බහුකෘත රස මාර්ගං සන්ධිසන්ධාන යුක්තං ස භවති ශූභ කාව්‍යම් නාටක ප්‍රෙක්ෂණාම්’’ ‘‘මනහර කාව්‍යය මෘදු ලලිත පදවලින් ගහනය. ගොරෝසු ශබ්දාර්ථයන්ගෙන් හීනය. සුව සේ අවබෝධ විය යුතු අතර සුකුමාල හා රම්‍ය ගුණවලින් පිරී පවතී. තර්කයට හා බුද්ධියට තුඩු දෙන පරිදි පද සන්ධි පමණක් නොව කථාවේ සන්ධිස්ථානද එක් පුරුකක් අනික් පුරුකට හා වෙන පරිදි අඛණ්ඩතාව ප‍්‍රධානය. එය මනහර කාව්‍යයයි. මෙය නාට්‍ය පේ‍්‍රක්ෂකයන් සඳහාය. විවිධ රස නිෂ්පාදනය එහි ප‍්‍රධාන තැනක් ගනී.’’ 2 අග්නි පුරාණය ‘‘ශාස්ත්‍රෙ ශබ්ද ප‍්‍රධානත්වමිතිහාසේෂු නිෂ්ඨතා අභිධායඃ ප‍්‍රධානත්වාත්කාව්‍යං තාභ්‍යාං විභිධ්‍යතේ’’ ‘‘කාව්‍යය විද්‍යාත්මක හා ඓතිහාසික ග‍්‍රන්ථවල එන වචනවලටද නැඹුරු වීමක් දක්වයි. ඒවා විශ්වසනීයත්වයට හා සත්‍යයට බර වෙයි. එහෙත් කාව්‍ය ග‍්‍රන්ථවල අභිධාවට හෙවත් සාමාන්‍ය වචනාර්ථයට ඉතා වැදගත් තැනක් දෙයි. එම නිසා කවිය වනාහි මුලින් කී දෙමාර්ගයට වඩා වෙනස් ය. කාව්‍යය වනාහි වචන විශිෂ්ටතම ලෙස පෙළ ගැස්වීමයි. අභිමත අර්ථයක් දීම සඳහා ඉතා පැහැදිලි කෙටි මාධ්‍යයයි. අලංකාරෝක්තීන්ගෙන් සරසන ලද ගුණයෙන් පෝෂිත නිරවද්‍ය භාෂිතයයි. විද්‍යාත්මක හා ඓතිහාසික ලේඛනවලින් වෙනස් වෙයි.’’ ‘‘සංක්ෂේපාද් වාක්‍ය මිෂ්ටාර්ථව්‍යවච්ýන්නාපදාවලී කාව්‍යං ස්ඵූරදලංකාරං ගුණවද්දෝෂවර්ජිතම්’’ ‘‘අභිමතාර්ථ ප‍්‍රකාශනයේ සංක්ෂිප්ත මාධ්‍යයකි. අඛණ්ඩ පද සංයෝජනයකි. අලංකාර පද වැලකි. ගුණයෙන් පිරී ඇත. දෝෂ වර්ජිතය.’’ 3 භාමහ (කාව්‍යාංලංකාර* ‘‘ශබ්දාර්ථෞ සහිතෞ කාව්‍යම්. ශබ්දාර්ථ දෙකින් යුක්ත වූයේ කාව්‍යයයි.’’ 4 දණ්ඞී (කාව්‍යාදර්ශ* ‘‘ශරීරං තාවදිෂ්ටාර්ථව්‍යවච්ýන්නා පදාවලී.’’ ‘‘අභිමත අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා, අතිශයින්ම උචිත අන්දමට පෙළ ගස්වන ලද පද සමූහය කාව්‍යයයි.’’ 5 වාමන (කාව්‍යාලංකාරසූත‍්‍ර* ‘‘කාව්‍යං ග‍්‍රාහ්‍යමලංකාරාත්. සෞන්දර්යමලංකාරඃ ස දෝෂගුණාලංකාරහානාදානාභ්‍යාම්.’’ ‘‘රීතිරාත්මා කාව්‍යස්‍ය’’ ‘‘රීතිය වනාහි කාව්‍යායේ ආත්මය යි.’’ 6 රුද්‍රට (කාව්‍යාලංකාර* ‘‘නනු ශබ්දාර්ථෞ කාව්‍යම්.’’ ‘වචනයත් අදහසත් දෙක එකට ගැටීමෙන් කාව්‍යය උපදී’ 7 ආනන්දවර්ධන (ධ්වන්‍යාලෝක* ‘‘කාව්‍යස්‍යාත්මා ධ්වනිරිති.’’ ‘‘කාව්‍යයෙහි ආත්මය ඉංගිතය යි; ධ්වනිය යි.’’ 8 ධනඤ්ජය (දශරූපක* ‘‘රම්‍යං ජුගුප්සිතමුදාරමථාපි නීචං අග‍්‍රං ප‍්‍රසාදි ගහනං විකෘතං ච වස්තු. යද්වාප්‍යවස්තු කවිභාවකභාව්‍යමානං තත්නාස්ති යත්න රස භාවමුපෛති ලෝකේ.’’ ‘‘මෙලොවෙහි කවියෙකුට සහෘදයෙකුට විෂය වන සතුට-පිළිකුල, උසස්-පහත්, සුන්දර-අසුන්දර, සියල්ලක්ම විවෘතව ඇත. ඒවායින් ජනිත වන ඇත-නැත, යන කවියා විසින් පරිකල්පනය කරන ලද සෑම දෙයක්ම රසයට පෙරළී මිස නවතින්නේ නොවේ. සාර-අසාර සෑම දෙයකින්ම නිර්මාණය වනුයේ කාව්‍ය රසයකි.’’ 9 කුන්තක (වක්‍රෝක්තිජීවිත* ‘‘ශබ්දාර්ථෞ සහිතෞවක‍්‍රකවිව්‍යාපාරශාලිනි. බන්ධේ ව්‍යවස්ථිතෞ කාව්‍යං....’’ ‘‘වචනයත් අදහසත් හෙවත් ශබ්දාර්ථ දෙක්හි වක‍්‍ර කොට ගැළපීමෙන් කවිය සෑදේ’’ 10 භෝජ (සරස්වතීකණ්ඨාභරණ* ‘‘නිර්දෝෂං ගුණවත්කාව්‍යමලංකාෙරෙරලංකෘතම්. රසාන්විතං....’’ ‘‘කාව්‍යය දෝෂ විනිර්මුක්ත විය යුතු අතර අලංකරණ ක‍්‍රම හා ගුණවලින් විභූෂණය වීම අපේක්ෂා කෙරේ.’’ 11 මම්මට (කාව්‍යප‍්‍රකාශ* ‘‘තදදෝෂෞ ශබ්දාර්ථෞ සගුණාවනලංකෘතී පුනඃ ක්වාපි.’’ ‘‘වචනයත් අර්ථයත් කවියේ අන්තර් ගත විය යුතු අතර ගුණයෙන් පෝෂණය වීම අපේක්ෂා කෙරේ. ඇතැම් තැන අලංකාරයන්ගෙන් මිදුණේද වෙයි.’’ 12 හේමචන්ද්‍ර (කාව්‍යානුශාසන* ‘‘අදෝෂෝ සගුණෝ සාලංකාරෞ ච ශබ්දාර්ථෞ කාව්‍යම්.’’ ‘‘අලංකාරෝක්තීන්ගෙන් සහ ගුණයන්ගෙන් පිරි දෝෂ්‍යන්ගෙන් විනිර්මුක්ත වූයේ කාව්‍යයයි.’’ 13 විද්‍යානාථ (ප‍්‍රතාපරුද්‍රය්ශෝභූෂණ* ‘‘ගුණාලංකාර සහිතෞ ශබ්දාර්ථෞ දෝෂ වර්ජිතෞ කාව්‍යම්’’ ‘‘අලංකාර ගුණ මුල් වූයේ, දෝෂ වර්ජිත වූයේ කාව්‍යයයි.’’ සාහිත්‍යය නිශ්චිත දෙයක් නොවේ. කාලයෙන් කාලයට එය වෙනස් වේ. එහි ස්වරූපය හා ප‍්‍රමාණය වැනි කරුණු කාලයෙන් කාලයට වෙනස් වේ. සාහිත්‍යය ගලා යන ග`ගක් වැනිය. එයට අනුව සාහිත්‍යයෙහි වෙනස් වන්නේ සාහිත්‍ය රුචියයි. වර්තමානයෙහි විවිධ ක්‍ෂෙත‍්‍රයන්ට අදාළව සාහිත්‍ය පිළිබ`දව සාකච්ඡුා කරනු ලැබේ. සාහිත්‍යය ම`ගින් ජීවනය පිළිබ`ද විවරණය වේ. කාව්‍යය සමාජ ජීවනය දියුණු කරලිය හැකි මහ`ගු සාධකයකි. කාව්‍යය, ශ‍්‍රව්‍යකාව්‍යය හා දෘශ්‍යකාව්‍යය වශයෙන්ද බෙදේ. එසේම පද්‍ය කාව්‍යය, මහා කාව්‍යය හා ඛණ්ඩ කාව්‍යය ලෙසින්ද බෙදා ඇත. කාව්‍යය, ප‍්‍රධාන වශයෙන් ගද්‍යය හා පද්‍යය වශයෙන්ද කොටස් දෙකකට බෙදේ. ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත‍්‍රයේදී කාව්‍යයේ ස්වභාවය දැක්වීමේදී වීරකාව්‍යය, ශෝකෝත්පාදකය, හාස්‍යෝත්පාදකය, වෘන්ද ගායන කාව්‍යය යන සිවුවැදෑරුම් කාව්‍ය වර්ගයක් දක්වයි. යටත් පිරිසෙයින් මෙම සතර වර්ගය කාව්‍යය ගණයෙහි ලා සලකන ලද බව නම් පැහැදිලිය. කාව්‍ය ශාස්ත‍්‍රයේ සාකච්ඡුා කෙරෙන කරුණු ගැන පුළුල් වශයෙන් සලකන කල ‘කාව්‍යය’ යන්නෙන් නාට්‍ය හෝ පද්‍ය කාව්‍ය හෝ යනාදි වශයෙන් නොව පොදුවේ සියලූ සාහිත්‍යාංගම අදහස් කෙරෙන බව අනුමාන කළ හැකිය. ඇරිස්ටෝටල් කාව්‍යය පිළිබ`ද විවරණ සැපයීමේදී නිරන්තරයෙන් ‘කාව්‍යය නම් අනුකරණයයි’ යන පදනමෙහි පිහිටා සිටි බව පැහැදිලි වේ. පැරණියෝ ගද්‍ය පද්‍ය යන සාහිත්‍යාංග දෙකම සමස්තයක් වශයෙන් ගෙන ‘කාව්‍යය’ යනුවෙන් හැ`දින්වූහ. පංචේන්ද්‍රියන් ම`ගින් ප‍්‍රපඤ්චලෝකයෙන් උකහා ගන්නා අනුභූතීන් යම්කිසි මනෝභාවයක් හා ගටමින් ගීතවත් වෘත්තයකින් කරන ප‍්‍රකාශය පද්‍ය යන විශේෂ නාමයකින් හැ`දින්වූහ. භාවය, ප‍්‍රතිභාව හා ආකස්මිකත්වය පද්‍යයෙහි මූලික ලක්ෂණ වශයෙන් සැලකිය හැකි බව ජී. එස්. බී. සේනානායක මහතා දක්වයි. පෙරදිග රටවල ඈත අතීතයේ සිටම කාව්‍යයට විශිෂ්ට ස්ථානයක් හිමි විණි. චිරන්තන සාහිත්‍යයෙහි කාව්‍යය සෙසු කලා මාධ්‍යන් අභිභවා මතු වී සිටියි. හැම පෙරදිග රටකම පාහේ කාව්‍යය අන්‍ය කලා මාධ්‍යන් නොලත් ගෞරවාදරයට පාත‍්‍ර විණි. කවියේ යුග ප‍්‍රවණතා අනුව කවියේ නිර්වචනය වෙනස් විය යුතු බව අපි පිළිගනිමු. පද්‍ය ඉතිහාසයේ එය එසේද වී ඇති බව නිසඳැස් හා දෙපද කවි විමසීමෙන් පෙනේ. නිසඳැස්වල හා දෙපදයන්ගේ සම්ප‍්‍රාප්තියෙන් පසු නිසඳැස හා දෙපදය කවි ලෙස පිළිගැනීමට වූයෙන් කවියේ අනිවාර්ය අංගය ලෙස සැලකූ ඡුන්දස හා චතුෂ්පදිත්වය යල් පැන ගිය බව අපි දනිමු. නූතන කාව්‍ය ප‍්‍රවණතා අධ්‍යයනය කරන විට ‘පාදවලට බෙදනු ලැබුයේ පද්‍යය’යි යන සංකල්පයේද වලංගුතාව පිරිහෙමින් පවත්නා බව පෙනේ. එසේ හෙයින් කවිය යනු යම්කිසි අදහසක් කාල්පනිකත්වයේ හා භාෂාවේ ඇති නිර්මාණශීලීත්වය ම`ගින් සහෘදයා තුළ චමත්කාරයක් දැනවෙන ආකාරයට කරන රචනාවකි යන ආකාරයේ නිර්වචනයක පිහිට පැතීමට සිදු වේ. සිංහල කවියේ ඇතිවෙමින් පවත්නා නූතන ප‍්‍රවණතාවන් විෂයයෙහි අවධානය ගැඹුරින් යොමු කරන කල මෙහිද යම් යම් වෙනස්කම් කිරීමට සිදු වන බවද කිව යුතු වේ. 02. පද්‍ය විචාරය යනු, කවිය පිළිබ`දව කෙරෙන භාෂාත්මක කියවීමක්. පෙර මාතෘකාවට අදාළව පද්‍ය කාව්‍යය පිළිබ`ද ප‍්‍රාමාණික විස්තරාර්ථකථනයක් ඉදිරිපත් කරන ලදි. පද්‍ය විචාරය වූ කලී කවර පෙරදිග හෝ අපරදිග විචාර සිද්ධාන්තයකට අනුව සිදු කළත් එය කවිය පිළිබ`දව සිදු කරන භාෂාත්මක කියවීමක් බව ප‍්‍රත්‍යක්ෂ කරනු වස් මෙහිදී නිස`දැස් පද්‍ය නිර්මාණ තුනක් නිදසුන් වශයෙන් දක්වා විචාරයට බ`දුන් කරනු ලැබේ. මෙහිදී පෙරදිග හෝ අපරදිග වශයෙන් පවත්නා විවිධාකාර විචාර සිද්ධාන්ත අධ්‍යයනය කිරීමෙන් වළකිමු. ඊට හේතුව පද්‍ය විචාරය වනාහි කවර විචාර සිද්ධාන්තයකට අනුකූලව සිදු කළත් එය කවිය පිළිබ`දව කරන භාෂාත්මක කියවීමක් වන බැවිනි. එම කාරණය ස්ඵුට කරනු වස් නිස`දැස් පද්‍ය නිර්මාණ කිහිපයක් විචාරය ස`දහා භාවිත කරනු ලැබේ. නිස`දැස් සම්ප‍්‍රදායයද පද්‍ය, කාව්‍ය යටතේ සලකන බවද පැහැදිලි වේ. ඒවා නිස`දැස් පද්‍ය නමින් හැ`දින්වෙන්නේ ඒ නිසාය. රසභාව වින්දනය ස`දහාද පැරැුන්නෝ නිර්මාණ සිදු කළහ. විශේෂයෙන්ම කව්සිළුමිණ වැනි කෘති බිහි වූයේ රසවින්දනය අරමුණු කොට ගෙනය. එහිදී කතුවරයා පද්‍යයෙහි රසභාව වි`දීමෙහි සමර්ථයන් ඉතා දුර්ලභ බවත් එම ව්‍යක්තයන්ගේ රස වින්දනය පිණිස තම කෘතිය පත්වේවායි පවසා සිටී. ‘‘පෙදෙහි රසහව් වි`දිනා- දෙනෙතා ඉතා දුලබෝ... ...එහි බෝසත් සර වැනුම්- වියතේ මුවේ පත් වේවා’’ ටී.එස්. එලියට් දක්වන පරිදි කවියේ ප‍්‍රමුඛම කාර්යය නම් ආනන්දය සැපයීමයි. කවර ආනන්දයක්ද යන්න ඔහු විස්තර කරන්නේ ‘කවියකින් පමණක් ම සැපයිය හැකි ආනන්දයක්’ යනුවෙනි. තවද ඔහු විස්තර කරන අන්දමට කවර මාධ්‍යකින් වුව කළ නොහැකි වෙනසක් කවිය ම`ගින් සිදු වන බව පෙනේ. ‘‘කවියෙන් ලැබෙන ආනන්දය ගැනත්, ආනන්දය ඉක්මවා ගොස් කවිය අප ජීවිතවලට කරන වෙනස ගැනත් අපි අවබෝධ කරගෙන සිටිමු....අන් කිසිම මාධ්‍යකින් සැපයිය නොහැකි අගයක්, කවිය විසින් ජාතියට හා ජනතාවට සපයයි.’’ ලක්ෂාන්ත අතුකෝරලගේ ‘යටි වියන’ කෘතියේ එන ‘‘ධර්ම චක‍්‍රය’’ ‘‘ධර්ම චක‍්‍රය පච්චා කොටන තැන මකර රූ- කිනිසි- සරපයි හෙළුවැලි ගෑණු අතරින් උඹ තෝරගත් පච්චය ධර්ම චක‍්‍රය සෝමෙ පුදුම මිනිහෙක් උඹ හිනානොවෙන- නොහ`ඩන බලන්නන් බැල්මෙන් බය කරන මන්ත‍්‍රී ළ`ගවත් නොනැමෙන තර තළෙළු මූණ- රතු ඇස් කළු උඩු රැුවුල- කහ දත් කුණු හරුප ගෝරනාඩුව සම`ග තිබුණාට පපුව මත ධර්ම චක‍්‍රය තිබුණාද ධර්මයක් පපුව යට? බූරු පෙතකදු නාරින මඩම් අස්සේ රිංගන ඉඳහිට හිරෙත් යන උඹටත් හැබෑවට තිබුණද? මොකක් හරි ධර්මයක් අදහන හොටල් ළ`ග- සැලූන්වල සති පොලේ- වින්කලේ- විටකඬේ ගැවසෙන- පච කෙළින මස්කන- අරක්කු බොන- ගංජා උරන සෝමෙ පුදුම මිනිහෙක් උඹ ඒරියා එකේ බජාර් එකේ කාට වුණත් අත තිබ්බොත් අ`ගල් හයක් බස්සනවා කියන සෝමසිරි උඹ එහෙම බැස්සුවක් බවක් නම් අසා නැත අප එනමුදු අසා ඇත වීදියේ බලූ පැටව් වඩාගෙන දෙගොඩහරි ජාමෙත් උඹ මස් කොත්තු කවන වග කප්පන් ජෙරාගේ සව්වන්ට අහුවුණු තැන තලන සෝමෙ පුදුම මිනිහෙක් උඹ මුඩුක්කුවේ පොඩි උන්ට පොත් පත් තෑගි ගෙනියන්න ජැටියේ අල ගෝනි උස්සන දාඩියෙන් පෙ`ගී- මවිල් අස්සෙන් දිලිසෙනවා සොමසිරි ධර්ම චක‍්‍රය උඹේ පපුව මත.’’ පාරභෞතික ලෙස මිනිසාම සමාජයේ ඇතැම් කාරණා දෙස ඇතැම් පුද්ගලයන් දෙස ස්භාවිකරණීය (මිනිසා සිතා සිටින ආකාරය* ලෙස සිතා සිටියි. එය මිනිසා විසින් තබා ගන්නා නිර්ණයකි. මෙම කාරණය නිසාවෙන් සත්‍ය සැ`ගවී යයි. මන්ද යත්, බාහිර ස්වරූපය පදනම් කරගෙන මිනිසා නිර්ණයවලට එළඹීමයි. එය වරදවා වටහා ගැනීමකි. එම වරදවා වටහා ගැනීම තුළ වෙනත් පිරිසක් අධිකාරියක් දරන අතර වරදවා වටහා ගැනීමකට ලක්වන පිරිස පීඩනයට, හෙළා දැකීමට, හිංසනයට, විහිළුවට ලක් වෙයි. එහෙත් එම පීඩිත ජනයා තුළ මිනිසා නොදකින ගුණ ධර්ම හදවත් තුළ සක‍්‍රීය වන්නට පුළුවන. මෙම නිර්මාණය තුළින්ද ස්මතු කිරීමට වෙර දරා ඇත්තේ පච්ච කොටාගෙන, රතු ඇස්, කළු උඩු රුවුල තිබුනාට, කුණු හරුප කීවාට, අසත්පුරුෂ අශිෂ්ට ලෙස මිනිසාට බැලූ බැල්මට පෙනෙන මිනිසා තුළ ජීවත් වන මනුෂ්‍යයා කෙබ`දුද යන්න සමාජයට ඒත්තු ගැන්වීමයි. මෙම නිර්මාණය තුළ භාෂාව කෙතරම් සාර්ථක අන්දමට යොදා ගෙන ඇද්ද යන්න විමසීමට වටී. බාහිර පෙනුමින් ස්වභාවිකරණයට ලක්කරන මිනිසාගේ හද තුළ සාධුවරයෙක් සිටිය හැකි බව මෙහිදී අපට ඒත්තු ගන්වා ඇත. ඒ සියලූ දැනවීම් කවියා සිදු කොට ඇත්තේ භාෂාව ප‍්‍රමුඛ කරගෙනය. මැරයෙකුගේ ස්වරූපයෙන් සමාජයේ ජනයා නිර්වචනය කරන ‘සෝමෙ’ තුළ සෝමසිරි ජීවත් වන ආකාරයත් සමාජීය ජනයා නොදත් එම සැ`ගවුණු කාරණය එහි භාෂා භාවිතය ම`ගින් විසංයෝජනීය කියවීමක් ඔස්සේ පාඨකයාට සමීපව අවබෝධ කරගත හැකිය. විසංයෝජනීය ලෙස කියවීමේදී නිර්මාණය තුළ අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පද තිබීම අනිවාර්යය. ධර්ම චක‍්‍රය නමැති මෙම නිර්මාණයේ දිස්වන අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පද අධ්‍යයනයේදී විසංයෝජනීය ලෙස නිර්මාණයට මනාව සමීප විය හැකිය. වාග්මය තත්ත්වය (ඪැරඉ්ක ිඒටැ* යටතේ අපට එම කාරණය සාකච්ඡුා කළ හැකිය. හිනාවෙන, හ`ඩන - හිනානොවෙන, නොහ`ඩන නොනැමෙන -නැමෙන පපුව මත - පපුව යට රතු ඇස් - නිල් ඇස් කහ දත් - සුදු දත් සෝමෙ - සෝමසිරි යනාදී යුගල පද දැකිය හැකිය. විසංයෝජනීය ක‍්‍රමයට අනුව කියවීමේදී ඇතැම් යුගල පද එම නිර්මාණය තුළම දැකගත හැකිය. එහෙත් පාඨකයා සැ`ගවුණු අර්ථය විමසීමේදී සංකල්පීය වශයෙන් යුගල පද කියවීමට යොදාගත හැකිය. උදාහරණ වශයෙන් ‘හිනා නොවෙන හා නොහ`ඩන’ යන පදය හා සංකල්පීය වශයෙන් ‘හිනාවෙන’ සහ ‘හ`ඩන’ යන පද යොදා ගත හැකිය. සමාජයේ වෙසෙන මිනිසා ස්වභාවීකරණයට ලක්කරගෙන ඇත්තේ හිනාවෙන, හ`ඩන පුද්ගලයන් සංවේදී, ප‍්‍රියමනාප, හොඳ පුද්ගලයන් බවයි. එහෙත් හිනානොවෙන, නොහ`ඩන පුද්ගලයන් තුළ නිවැරදි මිනිසා ජීවත් විය නොහැකිද? මෙම නිර්මාණයේ එන සෝමෙගේ චරිතය විසංයෝජනය ඔස්සේ සමීපව කියවීමේදී පාරභෞතිකව මිනිසා ගොඩනගා ගන්නා දේ පමණක් සත්‍ය නොවන බවත් හිනා නොවන නොහ`ඩන පුද්ගලයාද හිනාවෙන, හ`ඩන පුද්ගලයා සේ යහපත් විය හැකි බව වටහා ගත හැකිය. එය විසංයෝජනීය කියවීමේ අපේක්‍ෂාවයි. එනම් යුගල පදවල එක් පදයකට පමණක් අධිකාරියක් නොදී සමාන අයිතීන් ලබා දීමයි. එසේම මෙම නිර්මාණය තුළ සුවිශේෂී අර්ථයක් ජනනය කරන යුගල පදයක් ලෙස පපුව මත-පපුව යට යන යුගල පදය දැක්විය හැකිය. සමාජීය ජනයා ධාර්මික, සැදැහැවත් සුපින්වතෙකු ලෙස සිතා සිටින්නේ සුදු ඇඳගෙන බාහිර ඔපයෙන් ධාර්මික ලෙස හැසිරෙන පුද්ගලයන්ය. එහෙත් ‘පච්ච කොටාගෙන කුණු හරුප ගෝරනාඩු පවසන පුද්ගලයන්’ තුළ බාහිර ලෝකයට නොපෙනුණද ධාර්මික මිනිසෙක් සිටිය හැකිය. එම මිනිසාගේ පපුව මත ධර්ම චක‍්‍රය නොදිලෙනමුත් පපුව යට ධර්ම චක‍්‍රය දිලිසෙන බව කවියා තම භාෂා භාවිතය ම`ගින් සූක්ෂ්ම ලෙස දක්වයි. එහෙත් මිනිසාට පෙනෙන්නේ පපුව මත දිලිසෙන ධර්ම චක‍්‍රය පමණි. මෙම පද්‍ය පන්තියේ සෝමෙගේ ධර්ම චක‍්‍රය මිනිසුන් නොදකින්නෙ ඔහුගේ පපුව යට ධර්ම චක‍්‍රය ක‍්‍රියාත්මක වීම නිසාය. මෙය අප ජනවහරේ එන ‘‘හක්කෙ බුදු රැුස් බොක්කේ දඩ මස්’’ යන පිරුළෙන් තවදුරටත් සුපැහැදිලි වේ. මෙබඳු අරුත් පසි`දලීමට හැකි වන්නේ විසංයෝජනීය ක‍්‍රමය ඔස්සේ කියවීට යෑමෙනි. ඒ භාෂාව කවියා යොදා ආකාරය මැනවින් කියවීමකට බ`දුන් කරවීමෙනි. මෙම සාහිත්‍ය නිර්මාණයේ දැකිය හැකි තවත් සුවිශේෂී අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පදයක් නම් ‘සෝමෙ - සෝමසිරි’ යන පදයයි. මෙහි ගැඹුරු අර්ථයක් ගැබ් වී ඇත. එම පද සමග බැඳී ඇති අදහස් විමසීමේදී ඒ බව මොනවට පසක් වෙයි. භාෂාව ම`ගින්ම කවියා විවිධාර්ථ ජනනය කිරීමට සමත් වී ඇති බව මෙයින් පෙනේ. x සෝමෙ - කණු හරුප ගෝරනාඩු දොඩන, මඩම් අස්සේ රිංගන, මස්කන, අරක්කු බොන, ගංජ උරන, අත තිබ්බොත් අගල් හයක් බස්සන. x සෝමසිරි - බැස්සූ බවක් අසා නැත, බලූ පැටවුන්ට මස් කොත්තු කවන වග, කප්පම් ජෙරාගේ සව්වන්ට අහුවුණ තැන තලන, පොඩි උන්ට පොත් පත් තෑගි ගෙනියන්න ජැටියේ අල ගෝනි උස්සන. හෝටල්, මඩම්, සති පොළ වැනි ස්ථානවල ගැවසීම තුළින් සංකල්පීය වශයෙන් ප‍්‍රකට කරන්නේ මොහුට ගෙදරක් නොමැති බවය. මේ පොලෝ තලයේ සෑම තැනක්ම ඔහුගේ නවාතැනක් බවයි. මස්කෑම, අරක්කු බීම, පච කීම වැනි කාරණා ධර්ම චක‍්‍රයත් සම`ග සංකල්පීයව බැඳේ. මන්ද යත්, මස්කෑම, අරක්කු බීම පාප කර්ම හා බැඳෙන නිසාවෙන්ය. එහෙත් සෝමෙ ඒ හා සමගාමීව පුණ්‍ය කර්මද කරයි. ඒ බව බලූ පැටවුනට තම අතින්ම මස් කොත්තු කැවීමෙන්ද, ළමයින්ට පොත් අරන් දීම තුළින්ද ස්ඵුට වේ. මෙම නිර්මාණයේ අවසන් වශයෙන් ගෙන හැර පාන පද්‍ය ඛණ්ඩය තුළ විශාල අර්ථයක් ගැබ් වී ඇති බව පෙනේ. ‘දාඩියෙන් පෙ`ගී- මවිල් අස්සෙන් දිලිසෙනවා සොමසිරි ධර්ම චක‍්‍රය උඹේ පපුව මත.’ මෙහි දහඩියෙන් පෙ`ගී යන්නෙන් මිනිසා සෝමෙ කෙරෙහි සිතන පාරභෞතික සංකල්පයට මනා පිළිතුරක් ලබා දී ඇත. එනම් සමාජයේ බාහිරයට සුවිනීත ධර්මිෂ්ඨ පුද්ගලයන් සේ පෙනුණද, වැරදි ක‍්‍රමයට ධනය උපයන කොතෙකුත් මිනිසුන් ඇත. එහෙත් සෝමසිරිගේ ධර්ම චක‍්‍රය මවිල් අස්සෙන් දිලිසෙන්නේ දහඩියෙනි. ඔහු ධනය උපයන්නේ ජැටියේ අල ගෝනි උස්සා ධාර්මික ලෙසය. එසේම ‘දිලිසෙනවා සහ පපුව මත ධර්ම චක‍්‍රය’ යන යෙදුමද සුවිශේෂී අර්ථයක් ගෙන හැර පායි. එනම් සෝමසිරිගේ කි‍්‍රයා කලාපය හා සිතුවිලි කෙතරම් දැහැමි වුවද මිනිසා දකින්නේ සෝමසිරිගේ පපුව මත දිලිසෙන ධර්ම චක‍්‍රය පමණි. එහෙත් මිනිසා, බල්ලන්ට කොත්තු කවන, පොඩි උන්ට පොත් පත් තෑගි බෙදන සෝමසිරි දකින්නේ නැත. මෙම නිර්මාණය විචාරය කිරීමේදී මැනවින් ප‍්‍රත්‍යක්ෂ වූ කාරණය නම් එය කවිය පිළිබ`ද කරනු ලබන භාෂාත්මක කියවීමක් බවයි. ආරියවංශ රණවීරයන්ගේ එළිමහන් කවි සහ ගුහා කවි පද්‍ය කෘතියේ එන ‘‘සිදුහත්-ඒ චේය-මේ’’ පද්‍ය පන්තිය විචාරයකට හසුකළහොත් උක්ත කරුණ මැනවින් සාධනය කර ගත හැකිය. ‘‘නිදි අතරෙදි ඔවුන් රාත‍්‍රියකම යන්න ස`ද මුදුන් වූ පසු නේරංජනාවෙන් එතෙරට බොලිවියාවේ මහ වනයට උඩු මහලට විත් බලා සිටීවි ඔවුන් එදා සිට නිරතුරුව ඇ`ගිල්ලේ එල්ලිලා යන්න ඔබ දිනාගත් විජිතයට. මෙම පද්‍ය පන්තිිය සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ එය විචාරය කිරීමෙහි ලා කළ යුත්තේ භාෂාත්මක කියවීමක් බවයි. ‘‘සිදුහත් ඒ චේය මේ’’ මේ අයුරින් පද්‍ය පන්තියේ ප‍්‍රස්තුතය නිර්මාණය කර තිබීමෙන් කවියේ ස්වභාවය පිළිබ`දව ඉ`ගියක් ලබා දේ. මෙම පද්‍ය පන්තිය විකාශනය වනුයේ සිදුහත් සහ චේ යන පුද්ගලයන් දෙදෙනා එකිනෙකට අනන්‍ය කරමිනි. එම ස්වභාවය පද්‍ය පන්තියේ අර්ථයන් ජනනය කිරීමට මනා පිටුවහලක් වී ඇත. මෙම නිර්මාණයේ අර්ථයන් ජනනය කිරීම උදෙසා ඇ`ගවුණු පාඨකයෙකු පිළිබ`දව පඨීතයේ ආකෘතිමය ස්වරූපයෙන් ඉ`ගි කරයි. එනම් සිදුහත් හා චේ යන දෙදෙනා පිළිබ`ද දැනුවත් බවකින් යුක්ත අයයි. ‘‘සිදුහත් ඒ චේය මේ’’ මේ අයුරින් පද්‍යයේ ප‍්‍රස්තුතය ස`දහා භාවිත කර ඇති යෙදුම නිසා කාලය හා අවකාශය පද්‍යයේ මනා රසවි`දීමකට අවශ්‍ය අර්ථ ජනනී ශක්තිය තීව‍්‍ර කරයි. එනම් සිදුහත් යනු ක‍්‍රි. පූ. හයවන සියවසේ පමණ වාසය කළ අයෙකි. අර්නන්ට් චේ ගුවේරා යනු විසිවන සියවසට අයත් වූවෙකි. එවිට කෘතිය පිළිබ`දව විමසන විට ඒ ඒ කාලයන්ට හා අවකාශයන්ට අනන්‍ය දේශපාලන, සමාජ, සංස්කෘතික, ආර්ථික, යනාදි වශයෙන් වූ තත්ත්වයන් හා සමගාමීව අර්ථ ජනනය සිදුකරන බව පෙනේ. මෙම පද්‍ය පන්තිය තුළ වචන හා වියමන භාවිත කර තිබෙන ආකාරයද සුවිශේෂීය. සිදුහත් කුමරුගේ අභිනිෂ්ක‍්‍රමණයත් ඔහු බුදුවීමෙන් පසු සිදු වූ සිදුවීමක්ද යොදාගෙන තිබෙන අතරම පද්‍ය පන්තියේ මැද සහ අග තුළ සිදුකර ඇති වචන හා වියමන තුළින් සිදුහත්ගේ ජීවිතය චේගේ ජීවිතය හා සම්බන්ධ කර ඇති ආකාරය පෙනේ. එය පද්‍යයේ අර්ථ ජනනයට මනා පිටුවහලක් වී ඇත. පද්‍ය විකාශනයේ කතුවරයා දැක්වූ එම සමත්කම භාෂා භාවිතයේ හරඹයක් වන අතර එම ස්වභාවය තුළින් පාඨක සිත්සතන් තුළ පඨීතය පිළිබ`ද චිත්තරූප, සංකල්ප රූප ගොඩනැ`ගීමක්ද සිදු වේ. එම වචන වියමන භාවිත කොට ඇති ආකාරය පහත පරිදි විමසිය හැකිය. නිදි අතරෙදි ඔවුන් රාත‍්‍රියකම යන්න සිදුහත් අභිනිෂ්ක‍්‍රමණය ස`ද මුදුන් වූ පසු නේරංජනාවෙන් එතෙරට බොලිවියාවේ චේගේ අභිනිෂ්ක‍්‍රමණය මහ වනයට ඔබ දිනාගත් විජිතයට නිර්මාණය තුළ භාවිත කර ඇති යම් යම් සූචකයන් හා ඒවා තුළින් ගොඩනැගෙන සූචිකයන් හෙවත් ව්‍යූහයන් නිර්මාණයේ අර්ථය උත්පාදනයේදී වැදගත් වී ඇත. රාත‍්‍රියකම, ස`ද, නේරංජනාවෙන්, බොලිවියාවේ මහ වනයට, යනාදිය මෙහි දක්නට ලැබෙන සුචකයන් කිහිපයකි. මෙම සූචකයන් තුළින් කුඩා ව්‍යූහයන් ගොඩන`ගන ආකාරයත්, එම`ගින් සමස්ත නිර්මාණයෙහි සාර්ථකත්වයට භාෂාව පාදක වන සැටිත්, පැහැදිලි වේ. මේ අනුව පද්‍ය විචාරය යනු, කවියෙහි භාෂාත්මක් කියවීමක් බව මැනවින් පැහැදිලි වේ. ලක්ශාන්ත අතුකෝරලගේ යටිවියන පද්‍ය කෘතියේ එන ‘කෙ`දිරුම් හා පිපිරුම්’ නැමති නිර්මාණය විචාරයට බ`දුන් කිරීමේදී උක්ත කාරණය මැනවින් පැහැදිලි වී පෙනේ. එහිදී උචිත භාෂාවකින් තම නිර්මාණයෙහි අර්ථය රසය සම`ග බද්ධ කරමින් එය රසිකයා වෙත සමීප කරවීමේදී කවියා සමාජ විෂමතාවන් වැනි දේද පෙන්වා දිය යුතු අතර එම`ගින් සමාජය සුඛිත මුදිත කළ යුතුය, යන කාරණයද පැහැදිලි වී පෙනේ. ලක්ෂාන්ත අතුකෝරල යටි වියන නැමති කාව්‍ය කෘතියේ එන ‘කෙ`දිරුම් හා පිපිරුම්’ ‘‘කන්ද උඩ රබර් මඩුවේ මැසිමේ වැඩ කරන හිමිට දාවල් බත් පත අරගෙන යන්නී ඈ නිති මේ ම`ග... අදත් රබර් යාය තුළින් අඩිපාරට එත්ම බියෙන් බියකරු හීනයක් ලෙසින් අවට ඇයට දිස් වෙයි අ`දුරු රබර් ගස් නැඹුරුව ‘මා අල්ලයි- මාව ඉඹියි ගෙල මිරිකයි’ ඇයට සිතෙයි යාය පුරා කාල පටල කො`දුරන අවතාර වගේ ‘හුම් හුම්’ සරයෙන් දැවටෙයි ඉර නොඑබන-සුළ`ග නොඑන ඔරවාගත් ගොළු අවටින් ‘සිලි සිලි’ ගා පත් සෙළවෙන ‘සර සර’ ගා පත් පෑගෙන සියුම් නාද බිහි වෙයි කන්ද උඩ රබර් මඩුවේ මැසිමේ ‘හොස් හොස්’ උස් නද ඇසෙත් ඇසෙත් සිනාසෙමින දෑතෙහි බත් පත ළමැදට තුරුළු කරන් ආදරයෙන් නැග යන්නී ක`දු හිස පත් සෙළවෙන ‘සිලි සිලි’ සර පත් පෑගෙන ‘සර සර’ නද බියක් නොදෙයි ඒ මොහොතට ඇසිල්ලකින් නතර වෙලා මැසිමේ ‘හොස් හොස්’ උස් නද වේදනාව උතුරවමින් හිමි විලාප නගන හ`ඩක් ක`දු මුදුනින් වැගිරෙයි’’ තම සැමියා වෙත දහවල් ආහාරය නිරතුරු සකසා ගෙන යන දුප්පත් ගැමි බිරි`දකගේ සිතුම් පැතුම් වටා මෙම නිර්මාණය විකාශනය වෙයි. එහිදී පාරිසරික සාධක ම`ගින් ඇගේ සිතුම් පැතුම් මැනවින් චිත‍්‍රණය කිරීමට කවියා සමත් වනු පෙනේ. ඇගේ සැමියා වැඩ කරන්නේ කන්ද උඩ රබර් මඩුවෙහිය. ‘කන්ද උඩ’ යන්න මෙහිදී කවියා සංකේතාත්මකව යොදා ගනු පෙනේ. එනම් ඔවුන් නැග යා යුතු ජීවිතය දුක් කරදර පිරුණු ඉතා කටුක එකක් වන බවයි, එයින් ගම්‍යමාන වන්නේ. අ`දුරු රබර් ගස් නැඹුරුව ‘මා අල්ලයි- මාව ඉඹියි ගෙල මිරිකයි’ ඇයට සිතෙයි දුර්ජන සමාජය හමුවේ ඇයට කිනම් අවස්ථාවක කරදරයට පත් වීමට සිදුවේද යන සැකය කවියා මේ තුළින් මැනවින් විශද කරයි. ඇය බියපත් වන්නේ එම නපුරු සමාජය සිහිපත් වීමෙනි. යාය පුරා කාල පටල අවතාර මෙන් කො`දුරමින් ‘හුම් හුම්’ හ`ඩින් ඇය අසල දැවටෙන බව කවියා ප‍්‍රකාශ කරයි. එම හ`ඩ දක්වා ඇති ආකාරයෙන් ඇයට දැනෙන බියෙහි ඇති තීව‍්‍රතාව රසික සිත් තුළ මැනවින් සනිටුහන් වේ. ‘සිලි සිලි’ ගා ‘සර සර’ ගා ඇසෙන පරිසරයේ සියුම් නාදවලින් පවා ඇය බියට පත් වන බව කවියා සුක්ෂ්ම ආකාරයෙන් ප‍්‍රකාශ කර තිබේ. කෙමෙන් කෙමෙන් කන්ද උඩ රබර් මඩුව වෙත ළ`ගා වන ඇයට මැසිමේ උස් හ`ඩ ඇසෙන්නේ ‘හොස් හොස්’ යනුවෙනි. එය අසන ඇය සිතට දැනෙන්නේ සැමියා පිළිබ`ද සෙනෙහසකි. කුසගින්නේ දැවෙන ඔහු තමා ගෙන යන අහරින් සන්තර්පණය කිරීමේ බලාපොරොත්තුවයි. එහෙයිනි, ඇය සිනාසෙන්නේ, බත් පත ළමැදට තුරුළු කර ගන්නේ. එවිට පරිසරයේ විවිධ හ`ඩවලින් බියපත් වුණු ඇගේ සිතට කිසි`දු ආකාරයේ බියක්, සන්තාපයක් නොදැනෙයි. එම හැ`ගීම් කවියා ඉතා විචිත‍්‍ර ලෙස ඉදිරිපත් කරන්නේ හැ`ගීම්වලට උචිත වදන් නිසි තැන යෙදීමෙනි. කන්ද උඩ රබර් මඩුවේ මැසිමේ ‘හොස් හොස්’ උස් නද ඇසෙත් ඇසෙත් සිනාසෙමින දෑතෙහි බත් පත ළමැදට තුරුළු කරන් ආදරයෙන් නැග යන්නී ක`දු හිස පත් සෙළවෙන ‘සිලි සිලි’ සර පත් පෑගෙන ‘සර සර’ නද බියක් නොදෙයි ඒ මොහොතට ඇසිල්ලකින් නතර වන ඇයට මැසිමේ උස් හ`ඩ ඇසෙන්නේ තම සැමියා වේදනාව උතුරුවමින් විලාප නගන අයුරිනි. කවියා මෙහිදී රූපකාර්ථවත් භාෂාවක් යොදා ගනිමින් ඇගේ සිතේ සැමියා පිළිබ`ද ජනිත වන අනුවේදනීය හැ`ගීම් මැනවින් මතු කරයි. මැසිම ‘හොස් හොස්’ හ`ඩින් හ`ඩනගන්නේ යම් සේද එසේම ඇගේ සිතත් සැමියා පිළිබ`ද සිතිවිලිවලින් කම්පාවට පත් වන ආකාරය කවියා දක්වා ඇත්තේ රසික සිතෙහි ඇය පිළිබ`ද සංවේදී හැ`ගීම් ජනිත වන ආකාරයෙනි. දුප්පත් බවින් මිරිකෙමින් නොවි`දිනා දුක් වි`ද ජීවිතය ගැට ගසාගන්නා සමාජය පිළිබ`ද චිත‍්‍රයක් කවියා පාඨක සිත් තුළ මවයි. ඒ ස`දහා භාෂාව මැනවින් යොදාගෙන තිබේ. ඇසිල්ලකින් නතර වෙලා මැසිමේ ‘හොස් හොස්’ උස් නද වේදනාව උතුරවමින් හිමි විලාප නගන හ`ඩක් ක`දු මුදුනින් වැගිරෙයි මෙසේ සලකන විට කවියෙන් අපූර්ව වින්දනයක් සේම අර්ථයක්ද ලද හැකි බවත් එය කවියෙන්ම මිස වෙනත් ක‍්‍රමයකින් ලැබිය නොහැකි බව පැහැදිලි වේ. ගද්‍යයෙන් නොලැබෙන කවියෙන් ලැබෙන අපූර්ව වින්දනය ලැබෙන්නේ භාෂාවේ ඇති ගීතවත් බවින් හා ආකෘතියෙන් හා සංක්ෂිප්තතා ගුණය නිසාවෙනි. එපමණකින්ම නොවේ, තවත් කිසියම් හෝ කරුණක් දෙකක් ම`ගින් ඒ අපූර්ව වින්දනය ලැබෙන බව කිව යුතුයි. සමස්තය එක්තැන් වීමෙන් ලැබෙන වින්දනයකි, එය. ඒ ස`දහා ප‍්‍රබල වශයෙන් බලපාන්නේ භාෂාවයි. කවියා තම නිර්මාණය තුළ භාෂාව කෙබ`දු ආකාරයකින් යොදා ගන්නේද යන්න ම`ගින් එහි සාර්ථක අසාර්ථක බව තීරණය වේ. කවර විචාර සිද්ධාන්තයක් යටතේ වුව පද්‍ය විචාරය සිදු කරනු ලබන්නේ එහි භාෂාව පදනම් කොටගෙනය. එහෙයින් පද්‍ය විචාරය යනු, කවිය පිළිබ`ද කෙරෙන භාෂාත්මක කියවීමක් බව මොනවට තහවුරු වෙයි. සමාලෝචනය කවියා ලෝකය දෙස බලනුයේ කවි ඇසිනි. නෙත් විදහා එසේ බලන ඔහුගේ ඇසට ලක් වනුයේ සාමාන්‍ය ලෝකයාට පෙනෙන ලෝකයට වඩා අමුතු වූවකි. ඇතැම් විට සාමාන්‍ය ලෝකයේ නොවටනා පහත් ලෙස සැලකෙන දේ කවියා උසස් අගනා දෙයක් ලෙසින් බලයි. එමෙන්ම සාමාන්‍ය ජනතාව ව්‍යවහාර කරනු ලබන යම් යම් දේ අමුතුම අයුරකින් දකී. ලෝකය ඇසුරින් ඔහු තුළ න`ගා ගත් ඒ හැ`ගීම් ඉක්බිති ඔහු ගද්‍ය පද්‍ය මුඛයෙන් සාහිත්‍යයෙහි ඇතුළත් කරයි. එහි පිළිබිඹු වන්නේ කවියා අමුතු මුහුණුවරකින් දුටු ලෝකයමයි. කවියා ලෝකය ඇසුරින් තනාගත් දර්ශනාත්මක හැ`ගීම් මුසු කොට සැකසුණු ගද්‍ය පද්‍ය ඛණ්ඩයන්, කියවන පාඨකයාද දාර්ශනිකයකු බවට පත්කරන්නේ නිතැතිනි. ඒ තුළින් ඔහු සියුම් වින්දනාත්මක හැ`ගීමක්ද ජනිත කරගන්නා අතර ජීවිතයට පිටුවහලක්ද කර ගනී. ක‍්‍රමයෙන් සමාජයක් දියුණුව කරා ගමන් කරනුයේ එම ක‍්‍රමයෙනි. කවියා මේ සියලූ දේවල් සිදු කරනු ලබන්නේ භාෂාව පදනම් කොටගෙනය. එහෙයින් පද්‍ය විචාරය යනු, කවිය පිළිබ`ද සිදු කරනු ලබන භාෂාත්මක කියවීමක් බව මැනවින් පෙනේ. විචාරය කවර සිද්ධාන්තයකට හෝ රීතියකට අදාළ ලෙස පෙනුනද එය ප‍්‍රමුඛ වශයෙන්ම භාෂාත්මක කියවීමක්ම බැව් ප‍්‍රත්‍යක්ෂ වේ. ආශ‍්‍රිත ග‍්‍රන්ථ ද්විතීයික මූලාශ‍්‍ර අතුකෝරල, ලක්ෂාන්ත, යටි වියන. (නුගේගොඩථ සරසවි ප‍්‍රකාශකයෝ, 2007*. එලියට්, ටී. එස්. ‘‘කවියේ සමාජ කාර්යය’’, කවිය සහ කවියා, ආරියවංශ රණවීර (පරි* (නුගේගොඩථ සරසවි ප‍්‍රකාශකයෝ, 2008*. පඤ්ඤාකිත්ති හිමි, කොටහේනේ, සාහිත්‍යය හා සමාජය. (කැලණියථ විද්‍යාලංකාර මුද්‍රණාලය, 2000*. රණවීර, ආරියවංශ, එළිමහන් කවි සහ ගුහා කවි. (කොළඹ 10: එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2000*. රාජකරුණා, ආරිය, ජපන් හයිකු කාව්‍යය. (කොළඹ 10ථ ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2002*. වික‍්‍රමසිංහ, මාර්ටින්, සිංහල සාහිත්‍යයේ නැගිම. (දෙහිවල ථ සීමාසහිත තිසර ප‍්‍රකාශකයෝ, 1946*. සුරවීර, ඒ. වී. ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත‍්‍රය. (කොළඹ 10ථ එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1984*. සුරවීර, ඒ. වී. සාහිත්‍ය විචාර ප‍්‍රදීපිකා (විචාර වචන කෝෂය*.(කොළඹ 10ථ ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1991*. සංස්කරණ කව්සිළුමිණ. (සංස්*. සොරත හිමි, වැලිවිටියේ, (කොළඹ 10ථ සමයවර්ධන පොත්හල, 1949*. ස`ගරා සේනානායක, ජී. එස්. බී. ‘‘කාව්‍යයෙහි බාහිර අංග’’, ශාස්තී‍්‍රය සංග‍්‍රහය, ශ‍්‍රී ලංකා ප‍්‍රාචීන භාෂොපකාර සමාගම, (පන්නිපිටියථ සුමුදු පින්ටර්ස්, 1999*. වෙනත් ඍ්නැි්ටමචඒල ඡුීශක්‍්‍යධඛධඨෂක්‍්ඛ ීඔඹෘෂෑී ෂභ ඍ්ී්ග :ඊ්ර්බ්ිථ ්‍යසබාම ඹබසඩැරිසඑහ චරුිිල 1950*ග ශබ්දකෝෂ හා විශ්වකෝෂ ් ෘසජඑසදබ්රහ දෙ ඔයැ ෑබටකසිය ඛ්බටම්ටැග ඛදබාදබල 1912ග ක්‍ය්පඉැරි’ි ඔඇබඑසැඑය ක්‍ැබඑමරු ෘසජඑසදබ්රහග ඛදබාදබල1965ග ක්‍ය්පඉැරි ෑඩැරහා්හ ෘසජඑසදබ්රහග ඨ්කකැහ චරුිිල 1987ග ඛදබටප්බ ෘසජඑසදබ්රහ දෙ ෑබටකසිය ඛ්බටම්ටැ ්බා ජමකඑමරුග 1992ල ඛදබටප්බග ධංදෙරා ්ාඩ්බජැා ඛැ්රබැර’ි ෘසජඑසදබ්රහග ධංදෙරා ඹබසඩැරිසඑහ චරුිිල 1991ග සිංහල විශ්වකෝෂය හත්වැනි කාණ්ඩය. හරිශ්චන්ද්‍ර විජයතුංග, (කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, 1998*.

No comments: