UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: නිසදෙස්

Thursday, December 12, 2013

නිසදෙස්

නිසදෙස් සංසාරය අවධානම සිංහල සිං හල ීෂභ හල ීෂභ්‍ය්ඛ් 2010/04/09 දුටු නුදුටු නෙතු දෑල ලස්සනයි ක`දුළු බි`දු එන්ට පෙර ගං දෑල ලස්සනයි පිටාරා යන්ට පෙර දිලෙන තරු ලස්සනයි ස`ද ම`ඩල එන්ට පෙර පිපි කුමුදු ලස්සනයි මත් බඹරු එන්ට පෙර (දිවයින, වටම`ඩල අතිරේකයේ පළවිය.* 2007/10/16 සමාජවාදය වැඩ කරන්න එක්ක යන්න හිරු කුමරා ඇවිල්ලා පිනි බි`දු ටික ටික වැටි වැටි අපෙ නිදි ගැට කඩනවා උන්හට උල්පත් දෙන්නට විහගුන් ගී ගයනවා අපි පොඩි කර හැමදාමත් සත් පියුමන් පිපෙනවා 2007/10/21 පන්නරය තටු ගසා පියාබන්න නිල් අඹර සිප ගන්න කියාදී කටු පඳුරු ම`ග නොහැර කටු පදුරු මත උඩින් දිරිය ගෙන පා තබා පියනගනු වස් කියාදී තනිව පා නොතබා වැටෙන උන් නැගිටුවා කරින් ගෙන පෙරමුණ පාතබන්න කියාදී බලා සිටියා පැත්තකට වී පුබ්බාචරියන් සේ 2007/10/22 පාරමිතාව ලබන්නට නියත වියරණ නෙතට නිදි නැතිව කුසට රසවුලූ නැතිව වින්ද දුක් ක`දුල දනී ඔබ නිශා දෙව්දුව දෙවසරක් පුරාවට එක`ගකර සිත් ම`ඩල පිරූ තෙ පාරමී ජයගතිමි වැටි වැටී දැනේ මට සොම්නසක් කියන්නට බැරි ලෙසින් සුන්දරයි සුන්දරයි බක් මහේ මල් ලෙසින් 2007/11/05 මව් සෙනෙහස දෙතන පුඩු ස`ගවා විළිබියෙන් ඇඹරෙමින් තරුණියක් විලසින් වත්සුනු දවටා නෙත් රටා මවමින් නිබ`ද කැඩපතක් ගෙන දහඩිය පිසලමින් සැරිසැරූද මා , දැන් දෙතන පුඩු ස`ගවන්න විළිබියක් නම් නැත පුතේ ඔබෙ බඩගින්න වටී මට මෙරක් සේ මන්ද මට කැඩපතක් නුඹයි මගේ කැඩපතත් නුඹයි මගේ ජීවයත් මිහිම`ඩල සුව`ද කරන 2007/11/06 අබිසරුලිය නෙතගේ ක`දුලූ බිදු ස`ගවා රත් ස`දුන් ගල්වා දෙතනේ කිරි බිදු පිසදා කොකුම`ගර ගල්වා පිපාසිත දෙතොල`ග සිනාහවෙන් සරසා මග බලයි ඈ... සෙවන නැති කූඩුවට නිවන්නට කුසගින්න නෙත් සොයන ළදුනේ සිල් බි`දින ළදුනේ තුටු ප`ඩුරු වෙනුවට දුක් කදුලූ විකුණන මග බලන ළදුනේ නෙත් සොයන ළදුනේ 2007/11/17 වත්මන් ළද දැළි ලාගන්න වළං සෝදන්න කළය පුරවා වතුර ගෙන එන්න ස්වාමියාගේ ¥දරුන්ගේ රෙදිපිළි සෝදන්න මහන්සි වන්න අවශ්‍ය නැත. 2008/01/07 නුඹ කොතනද සිටින්නේ අව් වැහි හුළං අතරේ වැඩ කරන්නේ දිය දෝතක් නැතිව දහඩිය උරන්නේ නිදහස් දිනයටත් අපි වැඩ කරන්නේ සිත් පිත් නැතිව නුඹ කොතනද සිටින්නේ නිශා රැුයේ ස`ද මඩල ස`ද රැුස් අපහට නැත්තේ සොදුරු ලොවේ මහි මඩලේ ජීවය අප හට නැත්තේ මල් පිපුනේ අපට නොවේ ඒ බඹරුන් හට උරන්න අපි ඉන්නේ අපට නොවේ උන් හට සැප ලබාදෙන්න. 2007/02/02 සුගත්ගේ හිත අමතක කරන්නට නෙත`ග පියාගත්තාට සුල`ග සේ විත් සියුම් තැන් රිද්දන අමතක කරන්නට නිදියගන්න හැදුවට සිහිනෙන් විත් අතීතය සිහි කරන ඔබ යන්න යන්න දුක් දුන්න ඇති හොදටෝම. 2007/02/14 ආදරවන්තයින්ගේ දිනය ආදරය සෙනෙහස අමතක කර... ජීවිතය කාලය කැපකොට මුදලට ... ගෙවෙන දිවියට යාන්තන් ඇති නිදහසක් දුන්නනා ආදරය කරන්න. 2007/02/14 ගොස් නවතින තැන යන්න ඔබ ඉදිරියටම යන්න වැටුනු උන් පාගා ඉදිරියට යන්න කම් නැත ගොස් නැවතුන තැන දෙන්න මුල් තැන දුප්පතාගේ දහඩිය සුවදට. 2008/02/15 සෙනෙහසේ නවාතැන ස`ද ම`ඩලේ ලා ස`ද එළියේ සුමුදු මද නල අතරේත් මේඝ වරුසා ඇද හැලෙද්දී තුරුලතා සෙවනේ මධ්‍යහනේ රශ්මි ජාලා මධ්‍යයේ වෙරළාසන්නයේත් නොසැලෙන ඉන්ද්‍රඛීලය සෙනෙහසේ නවාතැනයි. 2008/02/16 භජේථ මිතෙත කළ්‍යාණෙ වැටුනු විට දෙදණ පිසදා අ`ඩන විට ක`දුලූ පිසදා අතේ ඇති රුපියලත් පතේ ඇති බත් මිටත් ලබා දී, නොසැලී මාපියන් ළගින් සිටි අත්‍යයන්ත සංයෝගය. 2008/02/18 නළ බල සසල දල රළ පෙළ පේ‍්‍රමයේ නාමයෙන් එක්වන්න නොහැකිය වෙරළේ ක`දුලූ සැලූ ඔබ . . . රළ සේ එයි යයි සො හ`ඩ නන්වයි එක්වන්නට පෙරුම් පුරන වෙරළේ එහෙ මෙහෙ යන අන් යුවළන්ට ආශිර්වාදයක් සේ. 2008/03/05 නරක අය නරකම නෑ එරමිණිය කහඹිලිය නිදුකුම්බා හ`ද පාන නියගලා ගස් කපා ලස්සනට සුන්දරට පිඩලි අල්ලා හදන සො`දුරුයැයි සිතන අ`දුරු උයන. 2008/03/05 පුරසාරම් සමාධි පිළිමය ස`දකඩ පහණ සත් මහල් පහය අහස සිඹින දැගැබ් පොළොව සිඹින වැව් අමුණු දැක තුටුව දොඩවයි ලහි ලහියේ පුරසාරම් නොසොයා නොවිමසා නොගෙන ඔවුනගේ මියැදුණු දස්කම් විස්කම් 2008/03/0 7 අනේ එහෙම කරන්න බෑ ආසයි ඇත්තට මට නම් මඩගාගෙන හ`ඩදාගෙන හොඩ උස්සා අතු නමලා ගෙඩි කාගෙන රැුහෙත් එක්ක වල් වදින්න අනේ එහෙම කරන්න බෑ සුදු මහතුන් කරේ තියන් රවුම් යන්න උරුම වෙලා. 2008/03/07 පාරාවලල්ල තුවක්කු කඩු කිණිසි ටී.වී කොම්පියුටර් තානමාන සම්මානෙට නිම කරවා හනි හනිකට තුටු උනාට නුඹ හොදහන් පාරාවලල්ලක් වී දැන් එය එනවා ඔබ වනසන්නට 2008/03/07 නාඩන් පොඩි දුව දුවන පනින මද සිනහව අද ඇයි ඔබ ළග නැත්තේ අනේ දුවේ මෙමට කමා පමා උනේ වැඩ නිසා 20008/03/09 අවසන් මල් දැක්ම සො`දුරු මනහර හද අරන් මල් රේණු අතර නතර වී සුව`ද මද නල සම`ග එක් වී කළ කෙළි සෙල්ලම් අවසන බව පාවඩන සේ බිම සිප ගත් මල් යහන් අහස සිප ගත් උඩු වියන් බැලූ බලූ අත පියඹන රෝබරෝසියා මල් පවසයි සො`දුරු සිතින් අපට මේ අවසන් මල් දැක්මයි....... 2008/03/11 පාවාදුන්නෙකගේ හදවත කතා කරයි සියගණනින් පාවා දී දිවි ගලවා ගත් මා දැන් උස් හ`ඩින් අඩි හප්පා ගිරි පුප්පා අත් උස්සා කතා කරයි මහ සබ මැද 2008/03/24 අලූත් ඉරක් අ`දුරු වූ නිශාවට ස`ද ම`ඩල වී ඉන්න වැහි බර අහසට සුදු වළාපායන්න විඩාබර දහවලට සිනිදු පවනක් වන්න කුරිරු මනුසත් ලොවට දෙව්දුවක් වී එන්න ක`දුලූ වියකීලා මුදු සිනා පාලා පිපි කුමුදු වීලා හි`දිමු අපි සැවොමා අඩ දබර දුරලා සම`ගි සිත් පුබුදා එකතු වෙමු සැවොමා නව ඉරක් වීලා 2008/04/04 අම්මා ළ`ග සුමටව ඇති ස`ද රැුස්වල පිණි පොද වැටි ගස් කොළ යට උණුහුමකට ගුලි වී ගෙන සුරංගනා කතාවලට සිත් ම`ඩලේ ඉඩ තියන්න පුංචි පුතා නිදියූ හැටි තාමත් මතකයි අම්මේ තාමත් මතකයි අම්මේ සෙනෙහස පුදා ස`ද සිසිලක් ලෙසින් සිට ඔවදන් දෙවා බණ පද සේ මිහිරි කොට සෙවනැළ්ලක් ලෙසින් සැම විට ළගින් සිට අම්මේ නුඔයි අපි රැුක්කේ රජුන් ලෙස බඩිගිනි වුවත් අපි බඩිගින්නේ නොතියා පවුලේ ක`දුලූ සැම විට ඔබ අරගත්තා ඔබේ ක`දුලූ පිසදාලන්නට දැන් මා හැරී බලන විට ඔබ නෑ මා ගාව (දිවයින, වටම`ඩල අතිරේකයේ පලවිය.* 2009/09/06 පන්සලේ එරබුදු ගහ පන්සලම සුව`ද කළ පන්සලම එළිය කළ රතුපාට මල් සුපිපි එරබුදු මල් ගහට පිළිලයක් ඇවිල්ලා රතුපාට සුව`ද මල් වියැකිලා වැටීලා ගහට මල් නැති නිසා පන්සලත් පාලූවට ගිහිල්ලා විහාරෙට බෝධියට සුව`ද මල් නැතිවෙලා වෙල් යාය සුව`ද කළ ඒ සුව`ද වියැකිලා ගමත් දැන් පාලූවට ගිහිල්ලා 2008/04/08 දේශපාලකයා වතුර දා පොහොර දා ඔදවත් වේ තෙදවත් වේ නැණවත් වේ සිතා හදන ලස්සනම ලස්සන නමුත් පළාතමට ග`ද කිඩාරම් මල 2008/04/20 අලූත පිපුනු මල් හන්තානේ හුළංවල සීතලක් ගැබ් වෙලා ඉන් ගන්න සුසුම්වල ජීවයක් එක් වෙලා රෝබරෝසියා මල් බඹරින්දු කැන්දලා මොනවාදෝ මොනවාදෝ මුමුණන්න හදනවා මේ සො`දුරු සුයාමය නුඔ ගැනයි පවසන්නේ නිල් අඹර සිප ගන්න දැන් ඉතින් වෙලාවයි. 2008/06/17 සිවුර පාතබා ඇවිදින්න බුමුතුරු නැති වුණත් හිස තබා නිදියන්න සුවයහන් නැතිවුණත් ක`දුලකදි සුසුමකදි මව් සෙනෙහෙ නැති වුණත් නුඔයි මට දිරි දුන්නේ හැමදාම ළග ඉදන් 2008/06/17 සිතිවිලි (මනස* රශ්මිජාලා මිශ‍්‍රවීලා සුව`ද කුසුමන් ශ‍්‍රණෙන් වියැකෙන අන`ග බඔරුන් විත් කුපිත කරවන නිහ`ඩව සිට මොර දෙන කරදර ඇති නිවනක් නැති විසුමක් නැති දැනගත්තොත් නැවතිය හැක මේ සියලූ කරදරයන් 2008/07/31 පේරාදෙණි නිය`ගය බඔරුන් විත් රොන් ගන්නට නමුත් සුව`ද මල් අද නෑ මුකුලිත වී ඒ මල් හැම අතු යට ඇත නිහ`ඩව ගොස් රොන් නැති සුවඳක් නැති ලස්සන නැති මල් හැම තැන බඔරුන් හට රොන් ගන්නට මුකුලිත මල් පිපේද හෙට? 2008/08/02 මේ ඔබද? උජාරුවට අඩිතබා බලයි දෙපස හිස නොමා සිතයි කෙරුම ඔහු කියා සියල්ලන්ට දෙස්තියා 2008/09/11 ඇතිවෙන්නේ කවදාද? සිනා කැන් මුවම`ඩලේ ක`දුලූ බිදු නෙත් ස`ගලේ වත්සුනු සලූ අතරේ දහඩිය බි`දු වැගිරේ කහවණු නැති වුණත් ලෝකෙට පරකාසෙ පෙන්වන්න මහදනා තරගෙකට පැටලිලා තුටුවෙන්න කෙදිනකද ඇතිවෙන්නේ කවදාද මිනිසාට නොපෙනෙන්නෙ නොමැරෙන්න හැමදාම 2008/09/16 සරම උත්සවයකදි රංගනයකදි නාට්‍යයකදි කාටහරි පේන්න නමුත් ගමනට බිමනට රස්සාවට ගෙදරට දොරට අ`දින් නැති සංස්කෘතික සිහිවටනය 2008/10/11 ගබ්සාව රට යකුම් කොයිබද? රිද්ධි බිසෝවරු හැමතැන දිෂ්ටි හෙළා බැල්මදමා ඇත වනසන්නට කඩු කිනිසි අතදරා ඔවුනට මුදල් තටු ගණන් පිදේනි කැපකොට කරයි හොරහෙන් නොවිදින්න අපවාද බෑ යකදුරන්ට කුමන බලිතොවිල් කළද එය වනසන්නට. 2008/11/05 බත්කට (රසහර* නන් විසිතුරු අයුරින් සකසා සිත් පිනවන ලෙසකින් සරසා නොයෙක් පුසුඹ හද තවරා කෑම බීම ඇත සතොසා මෙසෙ පුරා කෑම බීම වටකොට ඇත නොයෙක් ලෙසින් නැතයැයි පවසන්නටනම් අහරක් නැත කිසිම ලෙසින් මා කෑමුත්් ඒ රසහර බඩපිරෙන්න සිතැගි ලෙසින් සිහිවේ නිතැතින් මා හට රසමසවුලූ බුද තිබුනත් ලූණු මිරිසෙන් නොඅඩුව ඇති කදිමට ගෙන අනා කැවූ අම්මාගේ ඒ බත්කට කවදානම් ලැබේද මට. 2008/11/05 තුවක්කුව කුමටද? ඊලාම් රාජ්‍යකි ගස් කොළන් නැති ගොඩනැගිලි නැත සමතලා වී සියල් හැමතැන කුරුළු කූඩුව බිම වැටී ඇත මව්පියන් එහි අසරණව ඇත පුංචි පැටවුන්ගේ පියාපත්වල තටු ඇනී ගොස් අසරණව ඇත සියොතුන්ගේ සුමිහිරි නාද වියැකි ඇසෙයි නිබද සරයි අහස කන් කකියන ඇස් නලියන දුක් ගෙන දෙන නොනැවතෙන වෙඩි උන්ඩ පායලා සොමි කිරණ අපටනම් අද පෝය යාපනේ නබො ගැබ තරිදු සිටියත් පසෙක සොමි කිරණ හරස් කොට ඇදී යයි අහස් කුස මල්ටි බැරල් උණ්ඩ පැන්සලත් පෑනත් හිමි අතට උදැල්ලක් කෙවිටක් හුරු අතට දරුවන් නළවන පින් දැහැම් කරන ඔබෙ දෑතට නුහුරු නුපුරුදු තුවක්කුව කුමටද? 2008/11/12 සුදු මහත්වරු ඇවිත් සුදු මහත්වරු ටිකක් සිදාදියෝ ඇත්තන් එක්ක සිරි බලන්න අපේ දිහා ආවා තකහනියක් සුව`ද හමන සැන් පවුඩර් ගමේ පැතිරිලා උපේ ගෑනු එය බලන්න ගමේ රොක් වෙලා අතේ කැමර් තියං තැන් තැන්වල ඉදං උපේ එවුන් එහා මෙහා කරං ගනියි පින්තූර ටොප් ටොප් කියං වෙල්යාය ලස්සනයි ඇල කඩිති සන්දරයි ගල් බොරලූ මඩ පාර කපරාදු නැති ගෙවල් කුප්පි ලාම්පු එළි කරත්ත තිරික්කල් සුදුමහත්වරුන්ගේ පින්තූරවලට කදිමයිලූ. 2008/12/1 රස්සාවක් දියං දෙයියනේ කහට උගරක් බොන්නට හූරා බෝතලයේ අඩිය බඩගිනියැයි ළ`ග දැවටෙන ස`ද උයා ඉතිරි පුන්සහල් ටික විභාගයට පාඩම් කරන විට මැදියම් රැුය පසුවුවද නෙත් නොපියා මා නිදියන තුරු නෙත් නොපියා දෑස් අයා බලා සිටී අම්මට තාත්තට සලකන්න මිස රජමැදුරු සිටු මාළිගා මැනේජර් පුටු සීතළ කාමර නොව පුංචි රස්සාවක් දියං දෙයියනේ. 2008/12/14 උදුල මැණිකක් විසල් සෙනෙහේ හදේ තවරා නේක වසරක් ගෙවුන් සඳ උදුල මිණිකක් සේම දිලෙමින් නෙතට උළෙලක් වීය ඔබ මගේ හදවත හඳුනගත්තෙක් මගේ හිත ළ`ග දැවටිලා මටත් හොරහින් මගේ සෙනෙහස බිඳින් බිඳ ගෙන ඉගිලිලා හදවතේ කුලූදුල්ව ඇති කළ සෙනෙහසින් නුඹ පුද ලබා මල් කැකුල ලෙස පිපෙනු හැම විට කඳුලැල ගෙන ඉගිලිලා 2008/12/25 සෙනෙහසද මුදල්ද නිශායාමේ ඈත අඹරේ දිලේ තරු පමණක් කුමුදු මල් මිණි දැදිරිවන්නට නොමැත සඳ කිරණක් සීත සුලගින් සුමුදු හදවත තතියවයි මොහොතෙක් මගේ සියොල`ග දැවේ නුඹ නැති නිසා හැම මොහොතක් පුංචි කුටියේ සුදිලෙනා ඒ පහන නිවිලා ගිහිල්ලා හීන් සීරුවේ කණට කො`දුරන කවිය වියකී ගිහිල්ලා රටා වියලා හිනැහෙනා ඒ මිදුල වල් බිහි වී ගිහිල්ලා පුංචි උන් බඩගින්නේ නොතියා වරෙන් හනිකට ඉගිලිලා 2009/02/15 මලේ විකාශය පොහොට්ටුව- නිකලැල්ය පිවිතුරුය ඔද තෙද බල නැත ඇත හිනහෙන්නට අහිංසක කිරිදත් විකසිත මල - ඔදවැඞී රුසිරියෙන් නොසිතා උරුම මුකුලිත බව හිනැහෙයි මල එන්නට යන්නට බඹරුන්ට මුකුලිත මල - විකසිත වී හිනැහුන මල මුකුලිත වී හමා දු`ගද පණුවන්ට හට අහරක් ලෙස සුපුරුදු ලෙස පතිතව පතිතව ඇත. 2009/02/15 පුනරත්පත්තිය රසයැයි මිහිරියැයි මියුරුයැයි සිතා කෑ අහර දිරවන තැන......... 2009/02/17 බඔරුන්ට පෙම් බැදි කපුරු මල සිටියා සදලූ තලේ ද ෑස් අයා නුඔ එනතුරු සිහින් මද නලට පැද්දි පැද්දි නමුත් නුඔ රූංගා පැමිණ ඔබ යයි මොබ එයි හීන් සීරුවේ පවනට කොදුරා මිහිරි වදන් මට නොවේ සමන්මලීට පිච්චමලීට නෙළුම්මලීට රෝසමලීට 2009/03/04 ඈවරයි දෑවරයි සැඩ සුල`ගට හසුවීගෙන පෙරලි පෙරලි ගසා යනවා චීත්ත සාරි සරොම් ගත තද වී ත‍්‍රී ක්වාටා ෂෑගී බැගී වත ගාලා සෙන් පවුඩර් නොයෙක් ලෙසින් අත දැවටී ලේන්සුවෙන් දැ බිදු පිසලයි ආයුබෝවන් නෑ නෑ නෑ ගුඞ්මොර්නින් කියන්නේ කොස්මැල්ලූම් බෑ බෑ බෑ ෆයිඞ් රයිස් දෙසන්නේ වැදුම් පිදුම් නෑ නෑ නෑ චිත‍්‍රපටියි බලන්නේ ඉහුම් පියුම් බෑ බෑ බෑ රෙස්ටූරන්ට් දුවන්නේ කෙළි බඩුවක් සේ ලක්දිව විකිණේ පිටරැුටියන්ට සිත් සේ . . . ඈවරයි දෑවරයි 2009/03/05 වරද හදවතින් ප‍්‍රශ්න කළ කල්හි ක`දුලින් සාක්‍ෂි ලැබෙන නිවරදිම නඩු විභාගය (දිවයින, වටම`ඩල අතිරේකයේ පළවිය.* 2009/03/9 මුස්ලම් නංගියේ කැඩපත දකින මේ වත ලස්සනයි සාරිය ගව්ම චීත්තය කවදා පළදාවිද සිරුරට ළමාසාරිය ඇද පල්ලිය වෙත මල්මල් ගවුමක් ඇ`ද කඩපිල වෙත පුංචි සාරියක් ඇ`ද උත්සවයට ආසයි මුහුවෙන්නට අපි හැම විට මුව ෆර්දාවෙන් වැසුනත් හැමවිට ඔබ දන්නා රහසක් එහි ඇත හදවත සිනහව එනමුත් වැසී නැත එය කුළුනෙන් ඔබ හා එක් වෙනු ඇත. 2009/03/12 දළදා හාමුදුරුවනේ උදේ හවා මල් පුදනවා හැම මාසෙම සිල් ගන්නවා පේරු දානේ සද්දාවෙන් නොයිදුල් ලෙස පිරිනමනවා ඒ හිත තවත් පිරිසිදු කරගෙන ආවා සුදුවත් ඇදගෙන පාන්දරින්ම පෝළිමට. . . සමාවෙන්න ස්වාමීනි ඒ සුදුවත් වැස්සට තෙමිලා පෝළිමේ පොඩිවෙලා ගද ගහන කහවත් බවට පත්වෙලා සමන්පිච්ච, ඉද්දමල්. සල්මල් පොඩිවෙලා පෙතිගිලිහිලා නමුත් හිමියනි දානයක් මානයක් මලක් පහනක් පුදන් නැති බෙන්ස්කාර් ප‍්‍රාඩෝවල පැමිණි ඇමතිවරු මන්ත‍්‍රීවරු ප‍්‍රභූවරු පොහොසත්තු ඔවුන්ගේ නෑදෑ හිතවත්තු පෝළිමේ ඉදිරියට ලිෆ්ට් ඇත ඔවුන්ගේ පාමුල නැත ඔවුනට කඨෝර අණවිධාන නැරඔූ පසු කෑම බීම ඇත ඔවුනගේ අභියස ග‍්‍රීස්මයි කියා නැවත ඔවුන් ප‍්‍රාඩෝ, බෙන්ස් වෙත නමුත් . . . තවමත් අපි පෝළිමේ හිටපු තැනම. . . (දිවයින, වටම`ඩල අතිරේකයේ පළවිය.* 2009/03/15 අම්මාවරුන්ගේ දිනය දහසක් කම් කටොළු විද අනේක දුක් වේදනා මැද ලේ කිරි කොට පෙව් බව අමතකවූ වග . . . දවස ආරම්භයේ පටන් අවසන් වන තුරු අප තරම් මව් ගුණ අසන වෙනත් ජාතියක් නැති තරම්ය. අප සංස්කෘතියේ දෙමාපියන් කෙරෙහි ඇත්තේ අසීමිත භක්තියකි, ආදරයකි, නිමිහිම් නැති සෙනෙහසකි. එහෙව් අපි අම්මාවරුන්ගේ දිනයක් වෙන් කිරීම මව්ගුණ නොදත් අසත්පුරුෂයන් හට සම්මාන පිදීමක් සමානය. 2009/03/16 48*සර් කවුද? සර් මිනිසත් බව අමතක කළ ටයිකෝට් ලා ගත් ඒසී කාමරයේ කැරකෙන පුටුවේ වාඩිවෙලා ඔහු බලා සිටී උඩු`ගු දෙනෙතින් රොස් පරොස් අකාරුණික වදන් තෙපළමින් සේවකයා සීතල කාමරයෙන් මෙපිට ලෙන්ගතු සිනාවෙන් මුව සරසා ගත් චාම්ව හැදැ පැළ`ද සුහද වදනින් සිත සනසා පාපිස්නා බිස්නක් සෙයින් මන් ඇතිව ඔහු මග බලා සිටී ඉතින් සර් කවුද? 2009/03/18 නන්දිකඩාන් කලපුවට ස`ද රැුස් වැටිලා නන්දිකඩාල් කලපුවට ස`ද රැුස් වැටිලා ඒ දිය රැුළි මත තල ගස් ඇ`දිලා . . . අදුරු නපුරු සෙවනැළි දැන් මැකිලා ඒ සෙවනැළි මත ස`දරැුස් වැටිලා දුග`ද හමන නල නැත එහි පිරිලා කුමුදු මලින් දැන් කලපුවම වැහිලා කැඩුණු බි`දුණු ගස් දළු ලා හැදිලා ඒ ගස්වල විහ`ගුන් ඇත තුටිනා 2009/07/04 සබ්බේ පුථුජ්ජනා උම්මන්තකා හිරු පරදා හැමදාමත් උදේ රැුසින් නැගිටලා එහෙට දුවනවා මිනිසුන් මෙහෙට දුවනවා පොඩි එකා ස්කෝලෙට නැවත ටියුෂන් පන්තියට මහ එකා වැඩපලට නොඑයි ? වනතුරු ගෙදරට මොවුනගෙ සිත ළ`ග පාතක නම් නැත බොහෝ දුර ගොස් ඇත නවතින පාටක් නැත වි`දින ඒ සුවයේ කුමන අරුතක් වේද දිවියේ මේ සියලූ විගඩම් බලා සිටියා වැරහිලිපත් දරා කුණු පිරී ඇ`ග පුරා සමාජය පිස්සාය කියන මිනිසා ඔහු පවසනු එය දැක මට ඇසුනේ යන්තමින්... 2009/09/13 කිලිනොච්චි කොහොඹ ගහ ගිනිකාශ්ටක අව්ව උසුලන්න බෑ ඒ මදිවට දහඩිය බි`දු වැගිරේ තර`ගයක් ලෙසින් සුළ`ගද මිතුරු ඔවුනට ගියා ටිකකට කොහොඹ ගහ යටට සෙවන මෘදුය, මටසිලූටුය ඔවුන් අපට සැමදා ආදරේය දැනුනි මට එක දෙයක් කොළඹ සේම කිලිනොච්චියේද කොහොඹ ගහේ මුදුන් මල ගියා ඈතට සිනිදු දිය උල්පත් සොයාගෙන 2009/09/15 පළාත්සභා මැතිවරණය මුව`ග පුරා සිනාසුණා ඒ මුහුණ මට දැකලා පුරුදුයි කොහේදි හරි බෙල්ලේ තඩි මස් රැුළි ඇවිදින්න අපහසු තඩි බඩ අදුරගන්න අමාරුයි. . . දෙයියනේ මේ හීන්දෑරියට හිටපු කොලූවනේ දැක්කේ අවුරුදු පහකට පස්සේ වෙනස් වෙලා තියෙන තරම් (දිවයින, වටම`ඩල අතිරේකයේ පළවිය.* 2009/09/16 නරක වදන කටින් පිටවෙනකන් ඉවසීමක් නැති එළියට දැමූ කළ සිත රිදෙන නමුත් ගත නොහැකි දේ. 2009/03/20 දැනුම ? දිවා නොතකා දා බිදු හෙළ දිවි තියෙන තුරා තැත් කළද පිරවිය නොහැකි එකම බ`දුන 2009/07/21 ලෝක ළමා දිනය විඩාවට නතර කෙරුවා කාරය අයින්කොට මොහොතකට නිමක් නැති නිල් ගොයමින් පිරි වෙල්යායක් මැදින් යන පාරක අහස පුරා ගිරව් ?න් බරවුණා වී කරල් අරන් මඩ කඩිති පුරා පුංචි එවුන් රකියි ඉදන් තනි කකුළෙන් කොක්කු ?න් දොර ඇර හනිකට පොඩි එකා බැස්සා එළියට බලා සිටියා කලාතුරකින් ඔහු නෙතු ගැටුණු අරුමය දිලිසෙන දෑසින් හා හා ඇති පුතා නගින්න නගින්න කොළඹට තව ගොඩක් දුරයි අපි යමු ඉක්මනට අම්මී කිව්වා වීදුරුව පහත් කොට 2009/09/20 දෙවුන්දරා සන්ගේ අවසන් වචනය ’’යනවානම් දෙවුන්දරා සංගේ සිරුරේ සුව`ද තියලා යන්න’’ ඔබේ ඒ මෘදු වදන් සකුරා මල් සුව`ද පරදා කිදා බැස හදවත් පුරා සිහි ගන්වයි පා තබන තුරා අපහසුවෙන් ටිකෙන් ටික අවසන් හුස්ම පොද මා නාස් පු`ඩුවේ දැවටෙන සද ‘‘ඔබේ හිත තේරුම් ගන්න අමාරුයි’’ ඔබ ලී වදන සිහිවේ සිතැතින්ම නමුත් ‘‘නොරිකෝසං’’ මා හදපත්ලේ සුරැුකි නාමය 2009/09/25 නුවර පෙරහැර මහවැලි ග`ග පරයා නුවර වැව අසලට එකම ජන ග`ගක් පොඩිවෙමින් මිරිකෙමින් සාදු නාද දෙමින් සියල් දෙනෙත් ලොබ බන්දා මදකටවත් අහක් නොකර බලා සිටියි එහි අසිරිය මතකය මුල සිට අගටම පෙරහැරේ වතගොත නමුත් මතකයේ බි`දක් වත් නැත ස`ද එළිය පරදා මුළු වීදියම එළිය කළ සො`දරු මිනිසුන්ගේ ඒ රුව 2009/10/02 පිහිනුම් තටාකය උළු වහලක් නැති වාඩිවෙන්න ප‍්‍රමාණවත් පුටු මේස නැති වෙලාවට නිළ ඇඳුම් එන්නැති මාරුවීම් හදාගෙන යන ගුරුවරුන් ඇති අපේ ස්කොලෙ දන් නැති වුනාට නිලධාරීන් මුල්ගල තැබුවේ කොළඹ ස්කෝලයේ පිහිනුම් තටාකයටයි. 2009/10/06 අප්පච්චී එවූ රුපියල් දහසක් හැමදාමත් බිව්වට අද ටිකක් වැඩිවුනා අවදි වෙනකොට මම හිටයේ මඩ ගොඩක් උඩ ඇ`ග පුරා ආ ම`ඩ සුව`ද දැනුනි සුපුරුදු සුව`දක් ලෙස පෙරදින අප්පච්චී තැපෑලෙන් එවූ රුපියල් දහස තුළ තිබුනේ ඒ සුව`ද නොවේද? 2009/10/10 පුදන්නේ කුමට බුදුනට පිච්චමල් කඩන්නට බුදුන්ට මල් පුදන්න ගියා එලියට පිපුනු මලකුදු පෙනෙන්ට නැත ගියා පිච්ච වැල ළගට තිබුනේ එක මලයි පිච්ච වැල පුරාවට එමල වට පිරි ගුමු කැල දුටු විගස පුදන්නේ කුමට බුදුනට තබන්නට සිතුනි ගුමුටුම 2009/11/23 ඔබේ රුව යුද බිම් ඔබ තනි කළේ නැත කිසිදිනේ. . . නැත නැත ඔබේ රුව ඇත ඇත ඔබේ රුව බෝක්කු යට කාණු යට කුණු ගොඩවල් උඩ 2009/11/23 යුද්ධයේ සැබෑ අයිතිකරුවා හුණුවටයේ කතාවේ දරුවා දෙපැත්තට අදින විට අතහැර පැත්තකට වුණා සැබෑ අයිතිකාර සෙනෙහෙබර අම්මා නමුත් සෙනෙහෙබර සිතින් දැන් පැත්තකට වෙන්නේ කවුද? 2009/12/20 කටුගොඩක පැටලූණු සිවුර සිවුර පසාරු කරගෙන ගිය උල්කටු එකින් එක හිමින් සීරුවේ ගලවන්නට ගත් තැත ව්‍යර්ථ විය. 2010/03/01 දම්රජාණෝ ලොවේ කතරේ අතරමං වූ දනන් හට මෙත් සිසිල සැපයූ නිවී යන්නට පහුර සැලසූ දම්රජාණෝ වඳිමි බැතියෙන් දනහද තුළ ඇති දුකඳුරු දුරුකළ මෙත් මුදිතා ගුණ වඳිනෙමි බැතිබර ඔබ වේ ලොව හට ලෝකශිවංකර සදා සුපූජිත ලෝක තථාගත සඳහම් සුවයෙන් ලොවම වශීකළ කරුණා දෙනෙතින් ලොවම අවදි කළ කෙළෙස් ලොවේ පිපි නිමල නෙළුම් මල ඔබ වේ ලෝ හට එකම තථාගත (දිවයින, වටම`ඩල අතිරේකයේ පළවිය.* ප‍්‍රතිනික්මන දෙකොපුලෙහි සිනහවයි දිමුතු වන් දත් පෙළයි සිහින් වූ දෙතොල`ගයි මිහිරි වූ කටහ`ඩින් පි‍්‍රය තෙපුල් ඈ කියයි. සිපගන්න දෙතොල`ගක් දැකගන්න දෙනෙතකුත් හද පිරුණු සෙනෙහසක් පවසන්න නොහැකිව අසරණව සිටිනු ඇත පඩු සුවඳ පරයමින් සළු පිළිත් ගත දරා කෙළි දොලෙන් ඈ සම`ග ඒ දිවිය ගත කළා රැුළි ගැසුණු දෙකොපුළයි දත් නොමැති සිනහවයි ගොත ගැසෙන කටහ`ඩින් ඇයම දැන් දොඩමළුයි තිලොහිමි දෙසූ ම`ග ජය නොගෙන පැමිණි මට පසක් වුනෙ කල් ගොසින් සියලූ දේ අනියතයි. නිසල සිත ගැඹුරු නැති සලිත දිය පහරවල් සෝ හ`ඩ නන්වා ගලා බසී... ඉමක් නැති නිමක් නැති ගැඹුරු දිය දහර නිහ`ඩව නිසසලව සිටී (දිවයින, වටම`ඩල අතිරේකයේ පළවිය.* 2010-04 -17 නිබ්බන්ති ධීරා යථායං පදීපෝ අඳුර මැදින් එළිය මැදින් නෙක සැප දුක් විදින ගමන් ජීවිතයයි හිමින් සැරේ ගලාබසින්නේ ඒ දිවියේ භවකතරේ ඉමක් කොනක් නැති ගමනේ හැපී බිඳී ගැටි දෙපා කැඞී බිඳී නොයණු පිණිස පමා නොවී මිණිපහනයි දල්වාලන්නේ ඒ පහනේ එළිය මැදින් මැද පාරේ කෙමෙන් කෙමෙන් ඇලී බැඳී නොවි මුලා සමාධියෙන් යන ගමනේ පහන් සිළුව නිවි යාවි දැකගන්නට නොහැකි ලෙසින් (දිවයින, වටම`ඩල අතිරේකයේ පළවිය.* 2010- 04 - 26 සමන් පිච්ච මල සහ නිදිකුම්බා ගහ සමන් පිච්චමල සුවඳ විහිදුවා පිපී පරවෙලා බිමවැටී අවරගිර අඳුර ගිලින්නට ප‍්‍රථම නමුත් කපුරු කීඩාරම්මල් පිපී වැනෙයි. නොමැරී නොවැටී සිටියි. නොහඹා සුවඳ ගුවනට ඉඩෝරයට හසුවී පිච්චී පොඩිවී ලා තෘණ නැත එහි නිල් පැහැය නමුත් ලා තෘණ අස්සේ නොමැරී සිටියි කටු විහිදුවා නිදිකුම්බා ගස් හැමතැන (දිවයින, වටම`ඩල අතිරේකයේ පළවිය.* 2009- 03- 12 අහසද සිතද සියුමැලි වැහි පොද චණ්ඩ මාරුත සැඩ අකුණු සැර නාකපන වැහි තද හිරු රැුස් විටින් විට ටිකෙන් ටික වෙනස් වෙන හැඩ හඳුනාගත්තොත් ඔබ ? 2010- 05- 07 සවයංජාත කෙතරම් පිරිසිදු කළද හොරාට හොරාට ලොකු කුඩා කවුරුත් ගෙනත් දමන කුණු ගොඩ ල`ගින් යන විට නාස් පුඬු තද කරන් සිටියද දෙසවන් දෙනෙත් පුදුම කලේ කිරි තොල ගෑමට තන පුඬව ඉල්ලා හඬන කිරි කැටියෙකුගේ හඬයි... 2010- 05- 08 හිනාවෙන්න මගෙ පුතේ මෙපමණ කල් කොහෙ ගිහින් හිටියද මගෙ සුදු පුතේ හාමිනේට දැන් එන්නට කඳුළු බිදක් නෑ නෙතේ නුඹ සොයාන අපි නොගියපු කෑම්ප් එකක් නෑ පුතේ ඇයි නිහ`ඩව අපි දැක්කම හිනාවෙයං මගෙ පුතේ කැම්පොස් එකෙ විභහගයට පාඩම් කරලද කොහේද(දුක්විදලා* ඇස් අග තැන් නැන්වල නිල් වීලා ඇත හරියට පෑන් තුඩම අල්ලාගෙන ඇගිලි තුඩද නිල් වීගෙන තැලූම් තවන්නට හාමිනේ කැව්ම් ගෙනෙන් තම්බාගෙන ඉස්කෝලේ සූට් එකෙන් සැරසීගෙන නුඹ ඉන්නව බලාගන්න ආස හිතිල ගමේ එවුන් ඇවිදිල්ලා පිළිගන්නට නුඹ හරියට තොරන් ගහන්නට හදනව මේ සියල්ල දැකගන්නට ඇස් ඇරපන් මගේ පුතේ සමාසික ක‍්‍රමය නතරවෙයි අප බැන බැනම එකතැන එහෙත් සමාසික ක‍්‍රමය යයි ඉදිරියට මතු සම්බන්‍ධයි නුඹේ ජීවිතය මගේ ජීවිතය මතු සම්බන්‍ධයි ඔබද මාද කළ කී දැ මතු සම්බන්‍ධයි ර`ග පෑ චරිතයද මතු සම්බන්‍ධයි ඉවයක් නැති මගේ ජීවිතය හෙටට මතු සම්බන්‍ධයි මතු සම්බන්‍ධයි මතු සම් බන්‍ධයි. 2010-7-18