UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සිංහල බෝධිවංශය

Wednesday, December 11, 2013

සිංහල බෝධිවංශය

01. සිංහල බෝධිවංශය  ”සිංහල බෝධිවංශයෙහි භාෂා ශෛලිය ශබ්දාර්ථ රසයෙන් පරිපූර්ණය” නිදසුන් සහිතව පැහැදිලි කරන්න. (2010*  ”සිංහල බෝධිවංශ කතුවරයාගේ මූලික අභිප‍්‍රාය වූයේ ශ‍්‍රි මහා බෝධියෙහි ඉතිහාසය ගෙනහැර දැක්වීම පමණක් ම නොවේ.” මේ මතය විමසන්න. (2009*  ”සිංහල බෝධිවංශය කාව්‍යාත්මක අගයකින් සමන්විත කෘතියක් සේ ම ඓතිහාසික කරුණු අන්තර්ගත නිබන්ධයක් වශයෙන් ද අගය කළ හැකිය.” විමසන්න. (2008*  සම්භාව්‍ය ගද්‍ය කාව්‍ය අතර සිංහල බෝධිවංශය කවර අගයක් ගන්නේ දැයි විමසන්න. (2007*  බුදුසමයෙහි ඉතිහාසය ප‍්‍රකට කිරීම සම්බන්ධයෙන් සිංහල බෝධිවංශය කෙතරම් දුරට වැදගත් වන්නේ දැයි එහි අන්තර්ගත තොරතුරු ඇසුරෙන් විමසන්න. (2006*  සිංහල බෝධිවංශයෙන් හෙළි වන ශ‍්‍රි ලංකාවේ ඓතිහාසික තොරතුරු පිළිබ`ද සමාලෝචනයක් කරන්න. (2005* කුරුණෑගල්පුර යුගයේ සිංහල සාහිත්‍යය සිංහල බෝධිවංශය කරුණෑගල්පුර යුගය නියෝජනය කරයි. එහෙයින් එම යුගයේ සාහිත්‍යය පසුබිම පිළිබ`ද මදක් විමසා බැලීම වැදගත් වේ. සිංහල සාහිත්‍ය නියෝජනය කරන පන්සියපනස් ජාතක පොත, දළදා සිරිත, දළදා පූජාවලිය, අනාගතවංශය, ථූපවංශය වැනි ගද්‍ය පොත් කිහිපයක් ම මෙම යුගයේ දී රචනා විය. චන්දකින්නර ජාතකය වස්තුවිෂය කොටගත් ස`දකිදුරු දා කව ද මෙම යුගයේ දී රචනා වූවක් බව අයෙක් පවසති. අවුරුදු 54ක් පැවති කුරුණෑගල්පුර යුගය නිරවුල්, සමෘද්ධ කාලයක් නොවීය. ගිරිදුර්ග, වනදුර්ග ගහන වූ මෙම රාජධානියෙහි දෙවන බුවනෙකබාහු , සතරවන පරාක‍්‍රමබාහු, (ද්විතීය පණ්ඩිත පරාක‍්‍රමබාහු ලෙසින් හ`දුන්වන්නේ ද මෙතුමා ම ය* තුන්වන බුවනෙකබාහු, පස්වන විජයබාහු යන රජවරු සිංහාසනාරූඪ වූහ. ‘බෝධි‘ යන වචනය ශ‍්‍රී සුමංගල සිංහල - සිංහලාර්ථ ශබ්දකෝෂය ‘බෝධි’ යන වචනයට පහත ස`දහන් අදහස් පහ ලබා දී ඇත. 1. අවබෝධ කරණ හෝ අවබෝධයට ඉවහල් වන ඥානය (මාර්ග ඥානය* 2. සර්වඥතා ඥානය 3. අවබෝධ කරණ පුද්ගලයා 4. අවබෝධ කරණු ලබන නිවණ 5. අවබෝධයට ආධාර වූ වෘක්‍ෂය අභිධානප්පදීපිකාව ද ඊට සමාන අර්ථ දක්වයි. ඒ මෙසේ ය. බොධි සබ්බඤ්ඤුුත ඤාණෙ - රියමග්ගේ (ච නාරියං* පඤ්ඤත්තියං (පුමෙ* සත්‍ථ - රුක්ඛම්හි (පුරිසිත්‍ථියං* පාලි බෝධිවංසයෙහි ‘බෝධි’ යන්න විග‍්‍රහ කර ඇත්තේ මෙසේ ය. ”බෝධි වුච්චති චතුසු මග්ගෙසු ඤාණං. තං තං බොධි භගවා එත්‍ථ පත්තොති රුක්ඛොපි බොධිෙත්‍ථව නාමං ලභි” (සෝවාන් , සකෘදාගාමි, අනාගාමි, අරහත් යන සතර මාර්ගය විෂයෙහි පවත්නා නුවණ ‘බෝධි’ නම් වෙයි. බුදුරජාණන් වහන්සේ යම් වෘක්‍ෂයක සෙවනෙහි වැඩ හි`ද ඒ සිවුමග නුවණ ලබාගත් සේක් ද ඒ වෘක්‍ෂයට ද අභේදෝපචාර (එක් වස්තුවක් යම් කිසි හේතූන් නිසා අනික් වස්තුවකට ලං කොට ඒ දෙක නොවෙනස් සේ සැලකීම* වශයෙන් ‘බෝධි’ යැයි කියනු ලැබේ* ‘බෝධි’ යන්න බුධ් (සංස්කෘත* (දැකීමෙහි* බුධ (පාළි* (බොධනෙ* ධාතුවෙන් තැනෙන භාව කෘදන්තයක් ලෙස ව්‍යාකරණානුකූලව විග‍්‍රහ කළ හැකි ය. ප‍්‍රාග් බෞද්ධ යුගයේ පටන් ‘බෝධි’ යන වචනය භාවිත වී ඇත. සෘග් වේදයේ පස්වන මණ්ඩලයේ හැත්තෑ පස්වන සූක්තයේත් අටවන මණ්ඩලයේ අසූ දෙවන සූක්තයේත් ‘බෝධින් මනස්’ යන්න භාවිත කොට ඇත්තේ ‘අවදි වූ මනසක් ඇත්තා’ යන අදහසිනි. අශ්වත්ත, ඇසතු ,ඇසටු යන නම් වලින් හැ`දින් වූ වෘක්‍ෂය මුල දී අප තථාගතයන් වහන්සේ ‘සම්බෝධියට’ පත් හෙයින් එම වෘක්‍ෂය ද බෝධි නමින් ප‍්‍රචලිත වී ඇත. ‘බෝධි’ යන වචනය වඩාත් ප‍්‍රචලිත වූයේ බෝ රුක නිසා ම බව පෙනේ. බෝධි සංස්කෘතිය ප‍්‍රාග් බෞද්ධ යුගයේ පටන් ම ඇසතු ගස පූජනීය වෘක්‍ෂයක් ලෙස සලකා ඇත. දෙව්දුවක විසින් අරක් ගත් ඇසතු වෘක්‍ෂයක් දැක්වෙන මුද්‍රාවක් ප‍්‍රාග් බෞද්ධ ඉන්දු නිම්න නටබුන්වලින් මතු කොට ගෙන ඇත. තත් ශිෂ්ටාචාරයෙහි සභ්‍යත්වය මෙයින් විදහා දැක්වෙන බව අවිවාදිත ය. දඹදිව ශ‍්‍රිී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව සංඝමිත්තා ස්ථවිරින් වහන්සේ විසින් සිරිලකට වැඩම වන ලද්දේ බුද්ධ වර්ෂ 236 (ක‍්‍රි.පූ.247* වැන්නේ උ`දුවප් මස පුර පසළොස්වක දිනයේ ය. එය දෙවනපෑතිස් රජු දවස සිදු වූ බව ප‍්‍රසිද්ධ ය. ශාරීරික, පාරිභෝගික, උද්දේශික යන ත‍්‍රිවිධ චෛත්‍යයන්ගෙන් පාරිභෝගික චෛත්‍යය ලෙස වඩාත් ම ජනාදරයට පාත‍්‍ර වූයේ ශ‍්‍රී මහා බෝධිය යි. සිදුහත් කුමරු උපන් දවසේ ම දඹදිව ශ‍්‍රී මහා බෝධිය හටගත් බව පැවසේ. ලක්දිව ශ‍්‍රී මහා බෝධිය රෝපණය කරන ලද්දේ කකුස`ද, කෝනාගම, කාශ්‍යප යන තුන් බුදුවරුන්ගේ බෝධි වෘක්‍ෂයන්හි දක්‍ෂිණ ශාඛාව පිහිට වූ ස්ථානයේ ම බව සමන්තපාසාදිකාව කියයි. විල්හෙල්ම් ෙගෙගර් මහතා පවසන්නේ ලක්දිව සිදු වූ බෝධි රෝපණ උත්සවය සාඤ්චි ස්ථූපයේ නැගෙනහිර තොරණ මුදුනෙහි හරස් අතට දිවෙන පුවරුවක කැටයම් වී ඇති බවයි. ‘දුමි`දු’ යනු බෝධින් වහන්සේට පර්යාය (සමානාර්ථවත්* වශයෙන් භාවිත කරන නමකි. ‘වෘක්‍ෂයනට අධිපති’ (දුම ූ ඉ`දු ළ දෘම ූ ඉන්‍ද්‍ර* යන අදහස එහි ගැබ් වී ඇත. සංඝමිත්තාගමනය හැ`දින්වීම ස`දහා ‘දුමින්දාගමනය’ යන්න භාවිත කරනුයේ ද එහෙයිනි. දුමින්දාගමනයත් සම`ග ලක්දිව සංස්කෘතිය ද පෝෂණය වූ බව නොරහසකි. ශ‍්‍රී මහා බෝධි ශාඛාව වැඩමවීමත් සම`ග ම ලක්දිව ‘බෝධාහාර කුලය’ නමින් කුලයක් ද ‘අග්බෝ’ නමින් රාජ පරම්පරාවක් ද ඇතිවිය. බෝධීන් වහන්සේගේ මළපත් ඉවත් කිරීම, පැන් ගෙන ඒම, දිරාගිය අතු වැළලීම ආදිය බෝධාහාර කුලය විසින් සිදු කරන්නට ඇතැයි සිතිය හැකිය. බෝධියට ආවතේව කළවුන්ට ඉඩකඩම් හා ගම්බිම් වෙන්කොට දී ඇත. බෝධි ගුප්ත, බෝධි නායක ආදි වශයෙන් ඔවුන්ගේ පරම්පරාගත නම් භාවිත වන්නට විය. බෝධිගුප්ත කුමාරයාට ‘ජයමහලේනා’ යන තනතුර ලැබීමෙන් පැහැදිලි වන්නේ ලක්දිව රාජ කාර්යය විෂයෙහි නව තනතුරු නාමයන් ද බෝධ්‍යාගමනයත් සම`ග සකස් වූ බවයි. මෙවන් තනතුරු නාම රැුසක් ගැන සිංහල බෝධිවංශයේ දුමින්දාගමන කථාවේ ස`දහන් වේ. ශ‍්‍රී මහා බෝධිය වැඩම වීමත් සම`ග කුල දහඅටක පැමිණීමත් සිදු වූ බව මහාවංසය පවසයි. මෙම කුලයන්ගේ පැමිණීම නිසා විවිධ කර්මාන්ත රාශියක් සිරිලක ප‍්‍රචාරයට පත් වූ බව පෙනේ. සාඤ්චි, භාරුත්, නාගාර්ජුනී කොණ්ඩ යන ස්ථානයන්හි ඇතැම් කැටයම්වල බෝධිවෘක්‍ෂය භාවිත කොට ඇත්තේ බුදුරදුන් සංකේතවත් කිරීම පිණිස ය. ලක්දිව කලාශිල්ප කෙරෙහි ද දුමින්දාගමනය බලපා ඇත. ආනන්ද කේ. කුමාරස්වාමි මහතා ‘මධ්‍ය කාලීන සිංහල කලා’ නමැති කෘතියේ දක්වන පරිදි බෝ කොළය යොදා විවිධ මෝස්තර සකස් කිරීමට ලක්දිව කලාකරුවා පුරුදු වී සිට ඇත. ‘බොධිඝර’ නමින් හ`දුන්වන ගෘහ විශේෂය ද මෙහි දී සිහිපත් කළ යුතුය. ‘අනුරාධපුර යුගය’ නමැති කෘතියේ දැක්වෙන පරිදි බෝධිඝර නිර්මාණය කිරීම ක‍්‍රි.ව. 13 වැනි සියවස පමණ දක්වා ලක්වැසියන් විසින් සිදු කර ඇත. ශ‍්‍රී මහා බෝධිය හා සම්බන්ධ බෝධිඝරයන් පිළිබ`ද විස්තර මහාවංසයෙන් සොයාගත හැකි ය. බෝධීන් වහන්සේ උදෙසා පැවැත් වූ විවිධ පුදපූජා පිළිබ`ද ව ද අසන්නට ලැබේ. මහනුවර යුගය වන විට යුක්තිය ඉෂ්ට කිරීමේ බලය ද බෝධීන් වහන්සේ සතුව පවතිනු ඇතැයි ඇතැම්හු විශ්වාස කළහ. ‘දිව්රුම් බෝධිය’ නමින් හැ`දින් වූ දිව්රීම ස`දහා භාවිත කළ බෝධි වෘක්‍ෂයන්ගෙන් ඒ බව මනාව පැහැදිලි වේ. අෂ්ට ඵලරුහ හා දෙතිස් ඵලරුහ බෝධි රෝපණයත් සම`ග බෝධි සංස්කෘතිය ලක්දිව පුරා වඩ වඩාත් පැතිර ගිය බව පෙනේ. ප‍්‍රසිද්ධ බෝ රුක්වල පත‍්‍ර එකතු කොට පූජාර්හ වස්තු ලෙස සලකා උස් තැනක තබා වැ`දුම් පිදුම් කරන්නෝ විරල නොවෙති. රනින් හෝ රිදියෙන් බෝපත් සකස් කොට මැණික් ඔබ්බවා ගෙලෙහි පළදින බෞද්ධයන් ද විශාල ප‍්‍රමාණයකි. මේ අනුව පැහැදිලි වන්නේ දිනෙන් දින බෝධිය ජනතාවට සමීප වෙමින් ඒ හරහා බෝධි සංස්කෘතියක් සකස් වූ ආකාරය යි. බෝධි සාහිත්‍යය ජාතක කථා වස්තුවිෂය කොටගෙන වෙසතුරුදා සන්නය, අටදා සන්නය, මුවදෙව්දාවත, සසදාවත, කව්සි`ඵමිණ, ස`දකි`දුරු දා කව, කාව්‍යශේඛරය වැනි ග‍්‍රන්‍ථ විශාල ප‍්‍රමාණයක් රචනා විය. ජාතක සාහිත්‍යය ගණයෙහිලා ඒ සියල්ල ගිණිය හැක. දාඨාවංසය, දළදා සිරිත, දළදා පූජාවලිය ආදිය දළදා සාහිත්‍යය විෂයෙහි ලා ගිණිය හැකිය. එමෙන්ම ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ මුල් කොටගෙන රචනා වූ සාහිත්‍යය ‘බෝධි සාහිත්‍යය’ ලෙස හැ`දින්විය හැකි ය. ලක්දිව තරම් ප‍්‍රචුර ලෙස දඹදිව බෝධි වෘක්‍ෂය ව්‍යාප්ත නොවූ බව පෙනේ. නමුත් අශෝකාවදානය, දිව්‍යාවදානය, ලලිතවිස්තරය වැනි දඹදිව දී රචනා වූ ග‍්‍රන්‍ථවල බෝධීන් වහන්සේ පිළිබ`ද තොරතුරු ස`දහන් වේ. පාලි බෝධිවංසය ආරම්භයේ දී සිංහල බෝධිවංශයක් ගැන ස`දහන් කර ඇත. වංසත්‍ථප්පකාසිනියෙහි ‘මහා බොධිවංස අට්ඨකථාවක්’ පිළිබ`ද ස`දහන් වේ. මේ ස්ථාන දෙකෙහි ම ස`දහන් වන්නේ එකම ග‍්‍රන්‍ථයක් පිළිබ`ද ව බව සිතිය හැකය. අපගේ අවාසනාවකට මෙන් මෙකියන පුරාණ සිංහල බෝධිවංශය අද වන විට අභාවප‍්‍රාප්ත වී ඇත. අවශේෂව ඇත්තේ නාමය පමණකි. මෙය හෙළටුවා තරමට ම පැරණි විය හැකි බව පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මහතා පවසයි. නිකාය සංග‍්‍රහයෙහි ද එ`ඵ බෝධිවංසයක් පිළිබ`ද ස`දහන් වේ. එය ද ඉහත කී පුරාණ සිංහල බෝධිවංශයම යැයි සිතීමට බාධාවක් නැත. ඉහත කී පුරාණ සිංහල බෝධිවංශයෙහි පරිවර්තනයක් ලෙස සැලකෙන පාලි බෝධිවංසය ක‍්‍රි.ව. 10 සියවසේ දී පමණ රචනා වූවක් බව පැවසේ. දාඨානාග නමැති තෙරනමකගේ ආරාධනයෙන් උපතිස්ස නමැති මහතෙරනමක් විසින් මෙය රචනා කරන ලද බව වැලිවිට සරණංකර හිමියෝ පවසති. මෙය ඉහත කී පුරාණ සිංහල බෝධිවංශයේ පරිවර්තනයක් බව පහත ගාථාවෙන් පැහැදිලි වේ. දස්සයිස්සං මහා බෝධි- වංසං භාසාය සත්‍ථුනො පුබ්බේ සීහළ භාසාය - ඨිතං බුද්ධ ජනානුගො (පාලි බොධිවංසය* පාලි බෝධිවංසයේ ගැටලූ තැන් නිරාකරණය කරමින් බෝධිවංශ ටීකාව නමින් ග‍්‍රන්‍ථයක් රචනා වී ඇත. මෙහි කර්තෘ අඥාත ය. ක‍්‍රි.ව.10 සියවසේ දී පමණ රචනා කරන්නට ඇතැයි සැලකෙන මහා බෝධිවංශ ග‍්‍රන්‍ථිපද විවරණය ද පාලි බෝධිවංසාගත ගැටපද පැහැදිලි කරමින් ලියන ලද්දකි. මෙය ඉතා ප‍්‍රශස්ථ ව්‍යාඛ්‍යාන ග‍්‍රන්‍ථයක් ලෙස පිළිගැනේ. ක‍්‍රි.ව. 12 සියවසේ අග භාගයේ හෝ 13 සියවසේ මුල භාගයේ රචනා කරන්නට ඇතැයි සැලකෙන ගුරු`ඵගෝමීන්ගේ ධර්මප‍්‍රදීපිකාව ද බෝධි සාහිත්‍යය නියෝජනය කරන පරිකථාවකි. පාලි බෝධිවංසාගත පද 205කට පරිකථා ලියන අයුරින් මෙය රචනා කොට ඇත. කුරුණෑගල්පුර යුගයේ දී ලියවුණු සිංහල බෝධිවංශය ද බෝධි සාහිත්‍යය නියෝජනය කරන තවත් ග‍්‍රන්‍ථයකි. විල්ගම්මුල යතීන්‍ද්‍රයන් වහන්සේ විසින් මෙය රචිත බව බෝධිවංශයේ ම ස`දහන් වේ. කර්තෘ හා කාලය පිළිබ`ද නිශ්චිත තොරතුරු සොයාගත නොහැකි චුල්ල බෝධිවංශය ද මෙහිලා ගිණිය හැකි ය. දඹදිව ශ‍්‍රී මහා බෝධිය, ලක්දිවට වැඩම කර වූ දක්‍ෂිණ ශාඛාව, අෂ්ඨ ඵලරුහ බෝධි, දෙතිස් ඵලරුහ බෝධි ආදිය පිළිබ`ද තොරතුරු රැුසක් මෙහි ස`දහන් වේ. ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්‍ද්‍රසිංහ රජු දවස වැලිවිට සරණංකර හිමියන් විසින් රචනා කරන ලද ‘මධුරාර්ථ ප‍්‍රකාශිනී’ නම් වූ බෝධිවංශ සන්නය ද බෝධි සාහිත්‍යයෙහි ලා ගත හැකි ය. මෙය පාලි බෝධිවංසයට සන්න වශයෙන් ලියවුණකි. කතුවරයා සිංහල බෝධිවංශයෙහි ම සඳහන් වන පරිදි මෙහි කතුවරයා විල්ගම්මුල ස්ථවිර පාදයන් වහන්සේ බව පැහැදිළි වේ. ශ‍්‍රී පරාක‍්‍රමබාහු විල්ගම්මුල නමින් හැඳින්වෙන උන්වහන්සේ රාජගුරු ගලතුරුමුල මහා ස්වාමිපාදයන් වහන්සේගේ ප‍්‍රධාන ශිෂ්‍යයා ය. මතු බුදුවන මෛත‍්‍රී බුදුරජාණන් වහන්සේ පිළිබඳ කියවෙන අනාගත වංශය ද, සූර්ය ශතක සන්නය හෙවත් මයූර ශතක සන්නය ද විල්ගම්මුල තෙරිඳුන් විසින් රචනා කරන ලද බව පිළිගැනේ. ඇතැමෙක් පවසන්නේ ස`දකිඳුරුදාකව ද උන්වහන්සේගේ රචනයක් බවයි. මුන්වහන්සේගේ නම කොට්ටන්ගෙ ගිරිලිපි දෙකෙහි ම ස`දහන් වේ. දෙවන ලෝකේශ්වර විසින් ඒවා පිහිටුවන ලද බව පැවසේ. ‘සාහිත්‍ය විල්ගම්මුල’ නමින් නිකාය සංග‍්‍රහයෙහි ස`දහන් වන්නේ ද මුන්වහන්සේ ය. නිමිත්ත බෝධිවංශය රචනා කිරීමට නිමිත්ත හෙවත් හේතුව වී ඇත්තේ ආරාධනයකි. දෙවන පණ්ඩිත පරාක‍්‍රමබාහු නමින් ද හැ`දින්වෙන කුරුණෑගල සිව්වැනි පැරකුම්බා රජු විසින් කරන ලද ආරාධනයකට අනුව සිංහල බෝධිවංශය රචනා කරන ලද බව ග‍්‍රන්‍ථයේ දෙපලක ම ස`දහන් වේ. ග‍්‍රන්‍ථාරම්භයෙහි එය ස`දහන් වන්නේ මෙසේ ය. ”උතුම් බෝධිසත්ව චරිත ඇති ද්වීප චක‍්‍රවර්ති වූ දෙවෙනි පණ්ඩිත පරාක‍්‍රමබාහු මහරජ්ජුරුවන්ගේ ආරාධනාවෙන් මගධ භාෂාවෙන් ආකෝවිද වූ සත්ත්වයන් හට වැඩ ස`දහා මේ බෝධිවංශය ස්වභාෂාවෙන් වර්ණනා කරමි” ග‍්‍රන්‍ථාවසානයෙහි එය මෙසේ ස`දහන් වේ. ”......... ද්විතීය පණ්ඩිත පරාක‍්‍රමබාහු මහා රාජෝත්තම තෙම, භවිෂ්‍යත් කාලයෙහි ශ‍්‍රද්ධාබුද්ධි සම්පන්න ධර්මදේශකයන් බහුල නොවන හෙයින් ධර්ම ශ‍්‍රවණයෙහි තත්පර වූ ශ්‍රෝතෘ ජනයා ම`ද සේ දැකැ, ශ‍්‍රවණරමණීය වූ බොධිවංශ කථාව මාගධික භාෂායෙන් තුබුවා ස්වභාෂායෙන් ලියැවූයෙම් වීම් නම් සාධු ජනයෝ සැප සේ අසා ස්වර්ග මෝක්‍ෂ සම්පත්ති සාධනය කෙරෙති’ යන මහා කරුණායෙන් සඤ්චෝදිත හෘදය ඇති වැ ........ මූල භාෂායෙන් ප‍්‍රවෘත්ත වූ බෝධිවංශාභිධාන ප‍්‍රසිද්ධ ප‍්‍රබන්‍ධය ස්වභාෂායෙන් කළහොත් යෙහෙකැ’යි ආරාධනා කළේ යැ” මේ අනුව පැහැදිලි වන්නේ ශ‍්‍රී මහාබෝධියේ වංශකථාව ප‍්‍රකාශ කිරීම ම පරමාර්ථ කොටගෙන සිංහල බෝධිවංශය රචනා කර නොමැති බව යි. ධර්මශ‍්‍රවනාභිලාෂීන් එකල විසුවත් ධර්ම කථිකයන් බහුල නොවී ය. එහෙයින් එම අඩුව පුරවාලනු වස් බෝධිවංශය බණ පොතක් කිරීමට වෙර දරා ඇති බව විචාරකයෝ පවසති. බෝධීන් වහන්සේ පිළිබ`ද තොරතුරුවලට අමතර බාහිර තොරතුරු රැුසක් මෙහි දී අපට හමු වේ. බුද්ධචරිතයත්, ශාසන වංශකථාවත් ඇතුළත් කිරීමෙන් බෝධිවංශ කතුවරයා අපේක්‍ෂා කළේ ඉතිහාසය බණක් බවට පත් කොට ‘දේශනාමය’ කුශල කර්මය රැුස්කරගන්නට බව විචාරකයෝ වැඩි දුරටත් පවසති. බෝධිවංශ කතුවරයා දක්වන පහත ස`දහනින් ද එය ස්ඵුට වේ. ”මහා බෝධිවංශය කරන්නා වූ මා විසින් යම් කුශල කර්මයක් රැුස්කරන ලද ද, ඒ කුශල කර්මයෙන් ......... මම වනාහි උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණ නිරුත්තර වූ ධර්මදේශනා කොට සියලූ සත්‍වයන් සංසාර බන්‍ධනයෙන් මුදම්වා.” අන්තර්ගතය හා ඓතිහාසික වැදගත්කම ඒ ඒ පරිච්ෙඡ්දයෙහි අන්තර්ගතය පිළිබඳ විමසා බලන කල්හි මෙහි ඇති ඓතිහාසික වටිනාකම ද මනාව පැහැදිලි වේ. පාලි බෝධිවංසය මෙන්ම සිංහල බෝධිවංශය ද ප‍්‍රශ්න පහකට පිළිතුරු සපයන ආකාරයෙන් රචනා කර ඇත. විල්ගම්මුල හිමියෝ ග‍්‍රන්ථය ආරම්භයේ දී ම එම ප‍්‍රශ්න පහ මෙසේ දක්වා ඇත. 1ග කවර අර්ථයෙකින් බෝධි නම්වේ ද? 2ග කවර කෙනෙකුගේ බෝධියෙක් ද? 3ග කුමක් සිද්ධ කෙරේ ද? 4ග කවරක්හු විසින් ස්තුති කරන ලද්දේ ද? 5ග කොතැන්හි පිහිටියේ ද? මෙම ප‍්‍රශ්න පහ විසඳීම සඳහා සිංහල බෝධිවංශකරු පරිච්ෙඡ්ද දොළහක් භාවිත කර ඇත. 1ග අභිසම්බෝධි කථා 2ග ආනන්ද බෝධි කථා 3ග දසබල පරිනිර්වාණ කථා 4ග ප‍්‍රථම සංගීති කථා 5ග ද්විතීය සංගීති කථා 6ග තෘතීය සංගීත කථා 7ග ලංකාවතරණ කථා 8ග නගර ප‍්‍රවේශ කථා 9ග මහාවිහාර ප‍්‍රතිග‍්‍රහණ කථා 10ග චේතියගිරි විහාර ප‍්‍රතිග‍්‍රහණ කථා 11ග ධාත්වාගමන කථා 12ග දුමින්දාගමන කථා මෙම එක් එක් පරිච්ෙඡ්දයක අන්තර්ගතය අපි දැන් විමසා බලමු. අභිසම්බෝධි කථා අප මහ බෝසතුන් සුමේධ තාපසව උපන් අවස්ථාවේ පටන් චරිත කතාව ද, බුද්ධත්වය ලබාගත් අවස්ථාව දක්වා සිදුහත් බෝසත් සිරිත ද අභිසම්බෝධි කථාවේ ඇතුළත් වේ. සුමේධ බෝසත් තුමා තමා සතු ධනය දන්දීමට සූදානම් වූ අවස්ථාව අභිසම්බෝධි කථාවේ මෙසේ දක්වා ඇත. ‘‘ ඒ සුමේධ කුමාර තෙම දෙමාපියනට කළ මනා උපස්ථාන කොට ඉක්බිති අයකැමි අමාත්‍යයන් විසින් භාණ්ඩාගාරිකයන් ලවා හරවන ලද දොර ඇති නොයෙක් රත්න ගර්භ සහශ‍්‍රයන් දැකැ...... ’’ ආනන්ද බෝධි කථා සත්සතිය, බ‍්‍රහ්මාරාධනාව, ඉසිපතනයට වැඩම කිරීම, ධම්මචක්කපවත්තන සූත‍්‍ර දේශනාව, ජටිල දමනය, කිඹුල්වත් පුරයට වැඩම වීම, යශෝදරාවන් හමුවීම, අනේපි`ඩු සිටුතුමා සෝවාන් වීම, යමාමහ පෙළහර පෑම, අභිධර්මය දේශනා කිරීම, ආනන්ද බෝධිය රෝපණය කිරීම, ආනන්ද ස්තුතිය ආදි කරුණු මෙයට ඇතුළත් වේ. ආනන්ද හිමියන් විසින් ජේතවනාරාම භූමියෙහි බෝ පැළයක් රෝපණය කිරීමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලූ අවස්ථාව මෙහි මෙසේ දැක් වේ. ‘‘ එවේලෙහි අන`ද මහ තෙරුන් වහන්සේ ස්වාමීනි ! නුඹ වහන්සේ සැරිසරා වැඩි කල්හි මේ ජේතවන විහාරය කුසල් කැමැති සත්වයනට පිළිසරණ නොවෙයි. මනුෂ්‍යයෝ පිදිය යුතු ස්ථානයක් නොලබති. එසේ හෙයින් ශ‍්‍රී මහා බෝධියෙන් බිජුවටක් ගෙනවුත් ජේතවන දොරටුව සමීපයෙහි රෝපණය කරවම්ද ස්වාමීනි? යි විචාළ සේක.’’ දසබල පරිනිර්වාණ කථා මෙහි දී දකුණු ශ‍්‍රී මහා බෝධි ශාඛාව පිළිබ`ද විස්තර කිරීම ආරම්භ කරයි. අභ්‍යන්තර ප‍්‍රශ්න පහක් මෙහි දී විස`දා ඇත. ඒවා මෙසේ ය. x ඒ දක්ෂිණ මහා ශාඛාව කවරක්හු විසින් ගන්නා ලද්දේ ද? x කවරක්හු විසින් ගෙන එන ලද්දේ ද? x කවරක්හු විසින් පිහිටුවන ලද්දේ ද? x කවරක්හු විසින් පුදන ලද්දේ ද? x කවරක්හු විසින් රක්ෂා කරන ලද්දේ ද? මෙම ප‍්‍රශ්න පහට පිළිතුරු ලබා දෙමින් තොරතුරු ගෙනහැර දැක්වීම මෙහි දී සිදුවී ඇත. ඉහත දැක්වූ ප‍්‍රශ්න පහ සඳහා මෙහි ලබා දී ඇති පිළිතුරු පිළිවෙළින් මෙසේ දැක්විය හැකි ය. x ධර්මාශෝක රජ්ජුරුවන් විසින් ගන්නා ලද්දේ ය. x සංඝමිත්ත‍්‍රා නම් මහාස්ථවීරීන් විසින් ගෙන එන ලද්දේ ය. x දෙවනපෑතිස් රජ්ජුරුවන් විසින් පිහිටුවන ලද්දේ ය. x බුද්ධාදි මහෝත්තමයන් විසින් පුදන ලද්දේ ය. x බෝධිගුප්තාදි වූ රාජ කුමාරවරුන් විසින් රක්ෂා කරන ලද්දේ ය. බුදුරජුන්ගේ පරිනිර්වාණය දැක්වීමෙන් අනතුරුව මෙම පරිච්ෙඡ්දය නිම වේ. මෙහි එන, බුදුරජුන්ගේ පරිනිර්වාණය හා සම්බන්ධ විස්තරයෙන් උදුරාගත් පාඨයක් මෙසේ දැක්විය හැකි ය. ‘‘කුසිනාරා නුවර සමීපයෙහි වූ මල්‍ය රජදරුවන්ගේ ශාලවනෝද්‍යානයෙහි සල් රුක් දෙකක් අතුරෙහි එක් සල් රුකකට පයලා එහි පනවන ලද ශ‍්‍රී යහන් මස්තකයේ සැතපී වෙසක් මස මැදි පොහෝ දවස් රාත‍්‍රියෙහි ........’’ ප‍්‍රථම සංගීති කථා රජගහ නුවර වේභාර පර්වතයෙහි සප්තපර්ණී ගුහා ද්වාරයෙහි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන්, රහතන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගීත්වයෙන්, බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගිය පසු, අජාසත් රජතුමාගේ අනුග‍්‍රහය යටතේ, හත් මසක් පුරා පවත්වන්නට යෙදුණු ප‍්‍රථම ධර්ම සංගායනාව පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් වේ. මෙහි ධර්ම සංගායනාව පවත්වන අවස්ථාව විස්තර කෙරෙන ස්ථානයෙන් උපුටා ගත් පාඨයක් මෙසේ ය. ‘‘ඉක්බිත්තෙන් ආයුෂ්මත් වූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් වූ අන`ද මහ තෙරුන් වහන්සේගෙන් ධර්මය විචාරන සේක් ‘ඇවැත් වූ ආනන්ද ස්ථවිරයෙනි, බුදුරජාණන් වහන්සේ විසින් බ‍්‍රහ්මජාල සූත‍්‍රය කොහිදී වදාරණ ලද්දේදැ යි විචාළ සේක. ’’ ද්විතීය සංගීති කථා වජ්ජි භික්ෂූන්ගේ දස වස්තුව ප‍්‍රතික්ෂේප කරමින්, බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයකට පමණ පසුව, විශාලා මහනුවර වාලූකාරාමයේ දී, කාලාශෝක රජුගේ අනුග‍්‍රහය යටතේ, සබ්බකාමී මහ රහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන්, රහතන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදුණු දෙවන ධර්ම සංගායනාව පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් වේ. එයින් උදුරා ගත් වාසගම් ප‍්‍රදේශයක් මෙසේ දැක්විය හැකි ය. ‘‘මෙබඳු වූ දශ වස්තුවක් වජ්ජි පුත‍්‍රක භික්ෂූහු ප‍්‍රකාශ කෙරෙති යනු අසා ඒ යස මහ තෙරුන් වහන්සේ ‘යම් බඳු වූ මම සර්වඥයන් වහන්සේගේ ශාසන විපත්තිය අසා නිරුත්සාහ වැ වැද හුන්නෙම් වීනම් ඒ මට සුදුසු නොවන්නේයැ. එබැවින් මම අධර්මවාදීන්ට නිග‍්‍රහ කොට ධර්මය ප‍්‍රකාශ කෙරෙමි’යි සිතා ........’’ තෘතීය සංගීති කථා ධර්මාශෝක රජුගේ චරිතකතාව, නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ චරිතකතාව, මෝගගලීපුත්තතිස්ස තෙරුන් වහන්සේ මිසදිටුවන් සසුනෙන් නෙරපා සසුන පිරිසිදු කිරීම, ධර්මාශෝක රජු දවස මොග්ගලීපුත්තතිස්ස තෙරුන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා දහස් නමකගේ සහභාගිත්වයෙන් පැවති තෙවන ධර්ම සංගායනාව ආදි තොරතුරු තෘතීය සංගීති කථාවට ඇතුළත් වේ. අන්‍ය තීර්ථකයන් හැටදාහක් දෙනා බුදුසසුනෙන් නෙරපූ අයුරු මෙහි දී මෙසේ දක්වා ඇත. ‘‘ඉක්බිත්තෙන් ධර්මාශෝක රජ්ජුරුවෝ පළමු කොට මැ උගන්නා ලද සමය ඇති හෙයින් ‘මොහු භික්ෂූහු නොවෙති. මොහු අන්‍ය තීර්ථකයහ’ යි දැනැ, ඔවුනට සුදු පිළි දී හැටදාහක් තීර්ථකයන් සිවුරු හරවා.......’’ ලංකාවතරණ කථා විජයාවතරණය හෙවත් විජය කුමරු ලංකාවට ගොඩ බැසීම, ධර්මාශෝක රජු හා දේවානම්පියතිස්ස රජු අතර පැවති මිත‍්‍රත්වය, නවරට සසුන් පතුරුවා හැරීම, මහින්දාගමනය යන තොරතුරු ලංකාවතරණ කථාවට ඇතුළත්ව ඇත. එහි මහින්දාගමනය හා සම්බන්ධ තොරතුරු දක්වන ස්ථානයෙන් උදුරාගත් වාසගම් ප‍්‍රදේශයක් මෙසේ ය. ‘‘මිහිඳු මහ තෙරුන් වහන්සේ ද ‘තාම‍්‍රපර්ණි ද්වීපයට ගොස් එහි ශාසනය පිහිටුවවයි උපාධ්‍යායන් වහන්සේ විසිනුදු භික්ෂු සංඝයා විසිනුදු ආරාධනා කරන ලද සේක්. මම තාම‍්‍රපර්ණි ද්වීපයට යන්නට මේ කල් වේදො? නොවේ දෝ යි පරීක්ෂා කොටැxxxxxxxx’’ නගර ප‍්‍රවේශ කථා දෙවනපෑතිස් රජු මුව දඩයමේ යාම, මිහිඳු හිමියන් හමුවීම, දෙදෙනා අතර ඇති වූ සාකච්ඡුාව, මිහිඳු හිමියන් දහම් දෙසීම යන කරුණු මෙහි විස්තර වේ. ‘‘තවද ඒ මිහිඳු මහ තෙරුන් වහන්සේ මහරජ, තොපගේ නෑයෝ ඇද්දැයි විචාරා ස්වාමීනි, බොහෝ දෙන ඇතැයි කී කල්හි මහ රජ්ජුරුවෙනි, තොපගේ නොනෑයෝත් ඇද්දැයි විචාරා ස්වාමීනි නෑයනට වඩා නොනෑයෝ බොහෝ වේයැයි කී කල්හි ......’’ මහාවිහාර ප‍්‍රතිග‍්‍රහණ කථා මහමෙවුනා උයන සසුනට පිදීම, මිහි`දු හිමියන් එහි මල් පිදීම, භූමිය කම්පා වීම, පෙර බුදුවරයන් දවස ලංකාවේ සිදු වූ ශාසනික කටයුතු , ගෞතම බුදුහිමි ලක්දිවට වැඩම කළ අවස්ථා, රුවන්වැලි සෑයේ අසදෘශ ලක්‍ෂණ, සීමා බැ`දීම, ලක්දිව ශාසනය පිහිටුවීම, ශාසනය අන්තර්ධාන වන ක‍්‍රම, මහාවිහාරය සසුනට පිදීම ආදිය මෙහි විස්තර වේ. එයින් උදුරා ගත් ගද්‍ය ඛණ්ඩයක් මෙසේ ය. ”ඒ දුටුගැමුණු මහරජ මෙතැන්හි අසදෘශ වූ රත්නමාලි චෛත්‍යය කරන්නේ යැ‘යි කියා රජ්ජුරුවන් පැහැද වූ සේකැ. එකල්හි රජ්ජුරුවෝ ඉදින් ස්වාමීනි, මාගේ මුනුබුරාණෝ කරවත් නම්, මා විසින් කරන ලද්දේමැ’යි කියා දොළොස් රියන් ගල් ටැඹක් ගෙන්වා ”දෙවනපෑතිස් රජ්ජුරුවන්ගේ මුනුබුරු වූ දුට්ඨගාමිණි අභය නම් රජ්ජුරු කෙනෙක් මේ ප‍්‍රදේශයෙහි ථූපයක් කරවති’යි අකුරු කොටවා එතැන්හි පිහිටුවූහ.” චේතියගිරි විහාර ප‍්‍රතිග‍්‍රහණ කථා සෑගිරිය, මිහින්තලය යනුවෙන් ද හැඳින් වූ චේතිය ගිරියෙහි විහාරයක් කරවීම හා දෙවන පෑතිස් රජතුමාගේ බෑනණු වූ මහා අරිට්ඨ කුමරු සහෝදරයන් පනස්පස් දෙනෙකු සමග පැවිදි වීම මෙම පරිච්ෙඡ්දයේ දී විස්තර කෙරේ. ‘‘..... එදවස් මැ රජජ්ජුරුවන්ගේ බෑනණු වූ මහා අරිට්ඨ නම් අමාත්‍ය පුත‍්‍ර තෙම රජ්ජුරුවන් අනුදක්වා පස්පනසක් පමණ වූ මල් බෑයන් හා සම`ග තෙරුන් වහන්සේ සමීපයෙහි මහණ වැ. ආර්ය මාර්ග නමැති පොකුණෙහි ගැලී මාර්ගඥාන නමැති ජලයෙන් කෙලෙස් නමැති මල සෝදා .......’’ ධාත්වාගමන කථා මිහිඳු හිමියන්ගේ මෙහෙයවීමෙන්, සුමන සාමණේරයන් වහන්සේ විසින්, ධර්මාශෝක රජතුමාගෙන් සහ ශක‍්‍ර දේවේන්ද්‍රයාගෙන් සර්වඥ ධාතූන් ලබාගෙන පෙරලා ලක්දිවට පැමිණීම, ඒ ධාතූන් වහන්සේලාට පූජා පැවැත්වීම, දකුණු අකු ධාතුව ථූපාරාම දාගැබෙහි පිහිටුවීම හා ප‍්‍රාතිහාර්ය පෑම යන කරුණුු මෙහි විස්තර වේ. එයින් උදුරාගත් වාසගම් ප‍්‍රදේශයක් මෙසේ ය. ‘‘සුමනයෙනි, මෙසේ එවු. ජම්බුද්වීපයෙහි තොපගේ මුත්තණුවන් ධර්මාශෝක රජ්ජුරුවන් හා ශක‍්‍ර දේවේන්ද්‍රයා ද කරා ගොස් ධාතු ගෙනෙව’යි වදාළ සේක’’ දුමින්දාගමන කථා අරිට්ඨ නම් ඇමැතියා රාජ ¥තයෙකු ලෙස ධර්මාශෝක රජතුමා වෙත යාම, බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන පහ, ධර්මාශෝක රජුගේ බෝධි පූජාව, බෝධීන් වහන්සේ ප‍්‍රාතිහාර්යය පෑම, දහ අට කුලයක් සමග සංඝමිත්තා මෙහෙණිය ලක්දිවට වැඩම කිරීම, නාගයන්ගේ බෝධි පූජාව, දෙවනපෑතිස් රජුගේ පූජෝපහාර, ශී‍්‍ර මහා බෝධියේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ මහමෙවුනා උයනේ රෝපණය කිරීම, ඵලරුහ බෝධි පිහිටුවීම, බුද්ධාදි උතුමන්ගේ බෝධි පූජා, බෝධි ආරක්ෂක පරපුර හා තනතුරු, අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදි වීම ආදි තොරතුරු රැුසක් මෙහි ඇතුළත් වේ. ‘‘තමන්ගේ ¥ වූ සංඝමිත්ත‍්‍රා නම් ස්ථවිරාව කැඳවා ආර්යයන් වහන්ස, දැන් මහා බෝධිය ගෙනැ ලක්දිවට ගිය මැනවැයි කියා විධුරින්ද නම් රාජ කුමරයන් කැඳවා ‘තෙපි සහ පිරිවරින් මහාබෝධීන් වහන්සේ ආරක්ෂා කරවයි කියා........’’ සිංහල බෝධිවංශය මෙතකින් නිම වුවද පසුකාලීන කතුවරයෙකු විසින් ග‍්‍රන්ථය අගට එකතු කරන ලද කුඩා ගද්‍ය කොටසක් පෙනේ. මෙයින් කතුවරයාගේ පෙළපත පිළිබඳ කියවේ. ඉහත අප දැක්වූ තොරතුරුවලට අනුව පැහැදිළි වන්නේ ඉතිහාසය අධ්‍යනයෙහිලා මූලාශ‍්‍රයක් වශයෙන් බෝධිවංශය ඇසුරු කළ හැකි බවයි. භාෂා විලාසය පාලි බෝධිවංසයෙහි පරිවර්තනයක් ලෙස සිංහල බෝධිවංශය රචනා වූ බව අපි දනිමු. එහි දී පාලි පොතෙහි ආ භාෂාව හා රීතිය, රචනා උපක‍්‍රම, පද යෝජනා ක‍්‍රම ආදියෙහි බලපෑම සිංහල පොතට ද ලැබී ඇත. කතුවරයාම නිපදවාගත් රචනා උපක‍්‍රම, භාෂා ප‍්‍රයෝගාදිය ද මෙහි නැත්තේ ම නොවේ. සිංහල බෝධිවංශයෙහි භාවිත කොට ඇත්තේ තත්කාලීන ව්‍යවහාර බසට සමීප භාෂා ශෛලියකි. දළදා සිරිත හැර තත් කාලීන සෙසු ගද්‍ය කෘතිවල ද භාවිතයට ගෙන ඇත්තේ බෝධිවංශ භාෂා විලාසයම ය. බෝධිවංශ භාෂා විලාසයෙහි පෙනන විශේෂ ලක්‍ෂණ සෝදාහරණව මෙසේ ගෙනහැර දක්වම්. 01. සංස්කෘත තත්සම වචන සුලභව භාවිත කිරීම ”නිර්මල ප‍්‍රභා ඇති සර්වඥයන් වහන්සේ.” ”වහ්නි ශිඛා ශත සහශ‍්‍රයෙන්” ”ඒ රාක්ෂසිය පර්ෂද් මධ්‍යයට කොටැ” ”අනේක ප‍්‍රකාර වූ ප‍්‍රාතිහාර්යයන් නිර්මල වූ ආකාශ තලයෙහි දක්වා” 02. හුදු හෙළ වදන් භාවිත කිරීම හුදු හෙළ වදන්ම භාවිත කරමින් ලියූ වාක්‍යයන් මෙහි දී අපට හමුවේ. පාලි, සංස්කෘත වචන අතරට හෙ`ඵ වදන් යෙ¥ තැන් ද රැුසකි. හුණ කිලිල් කන්වැයින් (කොට්ටිය* අත්වැටුගැළ (අත් කරත්තය* කපුටුවන් කිබිසිනි දුමලොසු ළමන්දුන් (මෑණියන්* ”එහි කොත් ම`ඵයෙහි සිටැ ම`ගුලැතුන් දෙනෙකු යොදන ලද රන් න`ගුලක් ගෙනැ හීවිටක් දක්වමින්...........” 03. හෙළ බසින් පැහැදිලිව භාවිත කළ හැකි වචන තිබියදීත් එම ස්ථානයන්ට සංස්කෘත වචන භාවිත කිරීම. මල්‍ය රජ්ජුරුවන්ගේ තුෂිත කාර්ය සමර්ථ ඡෙද්‍ය - භෙද්‍ය ස්ථානාන්තරයට ච්‍යුතව තාම‍්‍රපර්ණි ලංකාද්වීපයෙහි අග‍්‍රමහීෂිය ශක‍්‍ර දේවේන්‍ද්‍ර ලීලායෙන් 04. සමාස පද බහුල ව භාවිත කිරීම. සංස්කෘත, පාලි භාෂාවලින් ගත් සමාස පද එලෙසම යෙ¥ තැන් මෙහි දී අපට හමුවේ. පාලි බෝධිවංසයට කාදම්බරී නම් ගාඪ සංස්කෘත කාව්‍යයෙහි ආභාසය ලැබී ඇත. පේළි ගණන් දිවෙන ගර්භ සමාස (එකිනෙකට බැ`දුණු සමාස* විශාල ප‍්‍රමාණයක් එහි ඇත. එම බලපෑම අනුව පාලි බෝධිවංසයට ද සමාස රැුසක් පැමිණ ඇත. එහි පර්වර්තනයක් වූ සිංහල බෝධිවංශයෙහි සමාස බහුල වූයේ ඒ නිසාවෙනි. ‘‘කමලකොමලකරා” ”චතුසත්‍යාවබෝධය” ”දෙවදානවනාගසුපර්ණාදීන්” ”සන්නිහිත බාලාන්‍ධකාර” ”බ‍්‍රහ්මාමර මනුෂ්‍යයන්” 05. විකල්ප පද රූප භාවිතය කුරුණෑගල්පුර යුගය වන විට සිංහලය බොහෝ සෙයින් තැම්පත් භාෂාවක් බවට පත්ව තිබූ හෙයින් විකල්ප පද රූප භාවිතවූයේ ඉඳ හිටය. බෝධිවංශයෙහි එසේ භාවිත විකල්ප පද රූප කිහිපයක් මෙසේ ය. ස`ගමිත් - සංමිත් - සංඝමිත්තා බයාවැව - භයාවැව - අභයවාපි අස්න - අසුන් - හසුන් - සාසන ( ලියුම * ඇම - හෑම - සම ( සියලූ* 06. අනුප‍්‍රාස බහුල වාක්‍ය භාවිතය . සමාන ශබ්ද ඇති අකුරු, වචන ල`ග ල`ග යෙදීමෙන් අනුප‍්‍රාස රසය උපදී. (සරූපවර්ණ වින්‍යාසමනුප‍්‍රාසං ප‍්‍රචක්‍ෂතෙ* එවන් තැන් රැුසක් මෙහි දී අපට හමුවේ. ‘‘තර්කනය කිරීමෙන් අවචරණය නොකට හැකි බැවින් අතර්කාවචර යැ’’ ‘‘හිමබින්දුවක් පමණ වූ ජලබින්දුවක් ” ‘‘වට මට වූ ” ‘‘අජර වූ අමර වූ නිර්මල වූ” ‘‘කන්දර්ප දර්පය” ‘‘සිද්ධාර්ථ කුමාරයා අසිද්ධ වූ අර්ථ ඇත්තෙකු කෙරෙමි’’ 07. ශ‍්‍රැති ගෝචර රීතියක් අනුගමනය කිරීම ශබ්ද ධ්වනියට ප‍්‍රමුඛත්වය දෙමින් මෙය රචනා කර ඇති බව පෙනේ. බණ අසන්නන්ට ගැළපෙන පරිදි මෙය සකස් කර ඇති හෙයින් එලෙස ශබ්ද ධ්වනිය මතුවන සේ වචන යොදන්නට ඇත. ”බෝමැ`ඩට අග්නිකෝණයෙහි වූ මිදෙල් විල් තෙරැු මිදෙල් රුක් මුල්හි වැඩැහි`දැ, මුචලින්ද නම් නාගරාජයාගේ සිත් නමැති ඇඹුල වනය පුබුදුවමින්......” ”ගර්ජනාකරන ලද ප‍්‍රලය කාලයෙහි මේඝ මාලාවන්ගේ ගර්ජනයෙන් උපන්නා වූ චණ්ඩ වූ සෙණහ`ඩ දහස් සුවහස් හෙන කලක් මෙන් ” 08. නූතන ව්‍යවහාරයේ භාවිත වන වචන බහුල ලෙස දැකගත හැකිවීම ඇස් ගලක් මිහිරි භාජනයන් කටහ`ඩින් බෙරය උයන අතු ජලයෙන් 09. අචේතන නාම සචේතන ලෙස වරනැගීම අචේතන නාම සංචේතනික ලෙස වරනගා, බහුවචන ගන්වා, ගැළපෙන ලෙස අඛ්‍යාතරූප භාවිත කිරීම මෙහි බහුලව දැකගත හැකි ලක්‍ෂණයකි. ”ශරීරාභරණයෝ මධුර නාද පවත්වන්නාහුය.” ”තාරකා සමූහයෝ අධිකතරව බබළන්නට පටන්ගත්තාහු ය.” 10. ව්‍යාකරණ රීති වැරදී ගිය තැන් දැකගත හැකිවීම මෙහි ඇතැම් දිගු වාක්‍යවල උක්තාඛ්‍යාත භාවිතය සදොස් ය. එවන් තැන් රැුසක් පෙන්වා දෙන කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන් පවසන්නේ එම දෝශයන් පසුකාලීන පිටපත්කරුවන් අතින් සිදුවන්නට ඇති බවයි. එවන් සදොස් තැන් කිහිපයක් මෙසේ ය. ”......ධර්මාශෝක රජ්ජුරුවෝ ඒ ප‍්‍රාතිහාර්යය දැක ........අභිෂේක ජලය වත් කළේය.” ”....සැපය අනුභව කරන්නෝ ........ඒ රජ්ජුරුවන් ඇවෑමෙන් රාජ්‍යය ගත්තේය.” රචනා ශෛලිය ශෛලිය හෙවත් රීතිය නම් ”යමක් ප‍්‍රකාශ කරන ආකාරය යි.” සිංහල බෝධිවංශ රචනා ශෛලියෙහි දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණ පිළිබඳ මඳක් විමසා බලමු. 01. කෙටි වැකි භාවිතය ”නොබෝ කලෙකින් අධර්මය දීප්තිමත් වන්නේ යැ. ධර්මය පසු බස්නේ යැ. අවිනය දීප්තිමත් වන්නේ යැ. විනය පසු බස්නේ යැ”. 02. දිගු වැකි භාවිතය බෝධිවංශයෙහි බහුලව ම දක්නට ලැබෙන්නේ දිගු වැකි යි. වර්ණනා බාහුල්‍යය එයට හේතු වී ඇත. මෙහි එන ඇතැම් වාක්‍ය පිටු ගණනක් පුරා දිවෙයි. ‘‘එකල්හි තෙරුන් වහන්සේගේ මේ වචනය අසා නැවැත අදෘෂ්ට මිත‍්‍ර වූ ධර්මාශෝක රජ්ජුරුවන් විසිනුදු ”ලෝකයෙහි දත යුතු යම් කිසි පදාර්ථයෙක් ඇත් නම් ඒ සියල්ල මැ ස්වයම්භූ ඥානයෙන් විශේෂයෙන් දත් බැවින්, සර්වඥතාඥානාදී වූ ගුණයෙන් නිපන්නා වූ අර්හත්ඵල සඕඛ්‍යාත විමෝක්ෂය කෙළවර කොටැ ඇති ඥානයෙන් බුදුහු යැයි ගත් සව්නේ දත් බුදුන් දත තමා ධරන්නා වූ සත්ත්වයන් සතර අපායෙහිදු සංසාර වෘත්තයෙහිදු නො හෙළා ධරන බැවින් ධර්ම යැ යි ගත් නෛර්යාණික ධර්මය දත දෘෂ්ටිශීල ශ‍්‍රාමණ්‍යයෙන් ගැලැපුණු බැවින් සඕඝයා යි ගත් අෂ්ටාර්ය පුද්ගල සඕඝයා ද මම සරණ ගියෙමි.” 03. පාලි, සංස්කෘත වචන මිශ‍්‍ර වාක්‍ය යෙදීම ‘‘චතුර්විධ පාරිශුද්ධි ශීලයෙන් යුක්ත වන බැවින් ශීලසම්පන්නයහ. චිත්තේකාග‍්‍රතාවෙන් යුක්ත වන බැවින් සමාධි සම්පන්නයහ’’ 04. සරල සිංහල වැකි භාවිතය ”මේ කුමාරයා වූ කලි අනාගාමී ඵලයට පැමිණියේ යැ” ”දහස් ගණන් භික්‍ෂුන් වහන්සේ සාධුකාර දුන් සේකැ” 05. උපමා භාවිතය මෙහිදී අවස්ථාවෝචිත ලෙස පැරණි උපමා රැුසක් එලෙස ම භාවිතයට ගෙන ඇත. නව්‍ය උපමා ද නැත්තේ ම නොවේ. ”ආකාශ නමැති මහ විලට දහසක් පෙති ඇති ප‍්‍රධාන පද්මයක් බඳු වූ” ”භයපත් වූ මෘග ධේනුවක මෙන්” ”අනංග නමැති විලට කල හංසයකු බ`දු වූ” ”අජපාල වෘක්‍ෂ නමැති උදය පර්වතයෙන් නැංගා වූ සර්වඥ නමැති සූර්යාණන් වහන්සේ.” ”පරවියන්ගේ කකුල් සේ රත් පැහැ ඇති ” 06. සිිංහල ෙඡ්ද අතරට පාලි හෝ සංස්කෘත ගද්‍ය, පද්‍ය පාඨ යෙදීම. පාලි ත‍්‍රිපිටකයෙන් හා වෙනත් පොත් පත් වලින් උදුරාගත් ගද්‍ය, පද්‍ය කොටස් සිංහල ෙඡ්ද අතරට යොදා ඇත. ”එහෙයින් කියන ලදි: සමණාමයං මහරාජ - ධම්මරාජස්ස සාවකා තවේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා ’‘ යි එකල්හි තෙරුන් වහන්සේගේ මේ වචනය අසා ..........” ”ශෘංගාරවීර බීභත්ස රෞද්‍ර හාස්‍ය භයානකඃ කරුණාද්භුත ශාන්තශ්ච නවනාට්‍ය රසස්මෘතඃ” 07. සනිරුක්තික විවරණ සැපයීම ස්ථාන නාම, පුද්ගල නාම ආදිය දක්වන ඇතැම් අවස්ථාවල දී ව්‍යාඛ්‍යාන ග‍්‍රන්ථයක මෙන් පැහැදිලි කිරීම් දක්වා ඇත. ”සිංහ පුරයෙහි සිංහයාට දා වූ බැවින් සිංහල යයි ලබන ලද නම් ඇති ...සිංහබාහු කුමාරයාගේ ” ”සියලූ පෘථග්ජන ලෝකයා තමා වශයෙහි පවත්වන හෙයින් වශවර්ති නම් වූ .....” ”ඇම කල්හි අනාථ සත්වයන්ට තේරීමක් නැතිව පි`ඩු දෙන හෙයින් අනාථපිණ්ඩික යයි නම් ලද” 08. වර්ණනා ඉදිරිපත් කිරීම අවස්ථාවෝචිත ලෙස වර්ණනා ඉදිරිපත් කරන අවස්ථා රැුසක් මෙහි දී අපට හමුවේ. අනුචිත වර්ණනා ද මෙහි නැත්තේ ම නොවේ. ශුද්ධෝදන රජතුමා යශෝධරාවගේ විරහ වේදනාව බුදුරදුන් ඉදිරියෙහි කියා පාන්නේ මෙසේ ය. ”මේ යශෝධරා දේවී තොමෝ නුඹ වහන්සේගේ වියෝගයෙන් පීඩිත වූ තැනැත්තී රත් පියුම් ගබක් ඇතුළෙහි තෙවුනා වූ ළහිරු ම`ඩලක් මෙන් අලතා කල්ක පතුල් තලයෙහි නොගල්වන්නී යැ. අනංග නමැති විලට කල හංසයකු බඳු වූ මැණික්මය නුරුවළා පාපියුම් පහසින් නොගන්නී යැ. පහවූ මෙවුල් දම් හ`ඩින් නිශ්ශබ්ද වූ මධ්‍ය ප‍්‍රදේශ ඇත්තී යැ ........” අතිශය දුකට පත් රෝගියෙකු පිළිබඳ කරන පහත වැනුම ද ඉතා උචිත වූවකි. ”ඉතා පළල් වැ ඉදිමී ගියා වූ බඩ හා පාද යුගලය ද ඇති, සුසුම් ලීමෙන් වෙවුලන්නා වූ ශරීර ඇති, ව්‍යාධි නමැති සතුරා විසින් පෙළන ලද්දා වූ ........” බණ පොතක් ලෙස ඉතිහාසය හදාරනවුන්ට ඉතිහාස ග‍්‍රන්‍ථයක් ලෙස ද, සාහිත්‍යාභිලාෂීන්ට සාහිත්‍ය කෘතියක් ලෙස ද, ධර්ම ශ‍්‍රවනාභිලාෂීන්ට ධර්ම ග‍්‍රන්‍ථයක් ලෙස ද සිංහල බෝධිවංශයෙන් ප‍්‍රයෝජන ගත හැකි ය. මෙහි ඉදිරිපත් කොට ඇති දහම් කරුණු පිළිබ`ද ම`දක් විමසා බලමු. ආනන්ද බෝධි කථාවෙහි අවකුජ්ජපඤ්ඤ, උච්ඡුංගපඤ්ඤ, පුථුපඤ්ඤ යන තෙවැදෑරුම් බණ අසන්නන් පිළිබ`ද පාලි පාඨයන් ද සමග දැක් වූ සම්පූර්ණ විස්තරයක් ඇත. ආනන්ද බෝධිකථාවෙහි ම ‘දහසක් නය’ විස්තර කරමින් දීර්ඝ ධර්ම විස්තරයක් පාලියෙන් හා සිංහලයෙන් ඉදිරිපත් කර ඇත. බුදුරදුන්ගේ චතුවෛශාරද්‍ය ඥානය පිළිබ`ද ස`දහන් කරන අවස්ථාවේ දී එම ඥාන සතර ම පිළිබ`ද කියවෙන පහත ගාථාව දක්වා ඇත. අන්තරායෙ ච නිය්‍යානෙ බුද්ධත්තෙ ආසවක්ඛයෙ එතෙසු චතුසු ඨානේසු බුද්ධො බුද්ධි විසාරදො බුදුරදුන් දහම් දෙසූ අවස්ථාවක් දක්වමින් පහත දහම් කරුණු ඉදිරිපත් කර ඇත. ”තවද ඒ පාපධර්ම පුද්ගලයෝ නම් කවරහ යත් : පාපධර්ම යැ, පාපධර්මතර යැයි ඔහු ද්විවිධ වෙත්. එහි ප‍්‍රාණාතිපාතාදි දශ අකුශල කර්ම පථයෙහි නියුක්ත වූයේ පාපධර්ම යැ. තමා සේ මැ සෙස්සනුත් ප‍්‍රාණාතිපාතාදියෙහි සමාදන් කරවනුයේ පාපධර්මතර යි.” පාලියෙන් ධර්ම විස්තර ගෙනහැර දක්වන සෑම අවස්ථාවක දී ම පාහේ සිංහලයෙන් අරුත් දැක්වීම ද මෙහිලා ඉතා වැදගත් වේ. බණ අසන සාමාන්‍ය ජනයා ගැන සිතා එසේ කරන්නට ඇත. සතරවිධ බුදුවරුන් පිළිබ`ද පැහැදිලි කරමින් ඉදිරිපත් කරන පහත විස්තරය ඉතා අගනේ ය. ”සමත‍්‍රිංශත් පාරමීධර්මයන් නිරවශෙෂ කොට පුරා සම්‍යක් සම්බොධිඥානය සමධිගම කළා වූ සර්වඥ බුද්ධයහ. ඊට උනු කොට පාරමීධර්මයන් පුරා ප‍්‍රත්‍යෙක බොධිඥානය සමධිගම කළා වූ ප‍්‍රත්‍යෙක බුද්ධයහ. ඊට ද උනු කොට පාරමීධර්මයන් පුරා ශ‍්‍රාවක බොධිඥානය සමධිගම කළා වූ චතුස්සත්‍ය බුද්ධයහ. බොහෝ ශාස්ත‍්‍රයන් හදාරා පිරුවා බහුශ‍්‍රැතවූවාහු බහුශ‍්‍රැත බුද්ධයහ යි කියන ලද ..........” කල්‍යාණ ධර්ම පුද්ගලයන් පිළිබ`ද මෙහි ඉදිරිපත් කර ඇති ධර්ම විස්තරයක් මෙසේ ය. ”තවද, කල්‍යාණ ධර්ම පුද්ගලයෝ නම් කවරහ යත් ත කල්‍යාණ ධර්මය යැ කල්‍යාණධර්මතර යැ යි ඔහු ද්විවිධ වෙත්. එහි ප‍්‍රාණාතිපාතාදීන් විරත වූයේ කල්‍යාණ ධර්ම යැ. තමා සේමැ සෙස්නනුදු ප‍්‍රාණාතිපාතාදියෙන් විරමණය කරනුයේ කල්‍යාණ ධර්මතර යි” බෝධිවංශ කතුවරයන් වහන්සේ ධර්ම කාරණා ඉදිරිපත් කිරිමේ දී ධර්මප‍්‍රදීපිකාව ඉතා සමීපයෙන් ඇසුරු කර ඇති බව පෙනේ. 02. ගිරා සංදේශය ගිරා සන්දේශය ඇසුරින් පසුගිය වසරවල දී අසා ඇති ප‍්‍රශ්න  ගිරා සන්දේශ කතුවරයා ස්වභාව සෞන්දර්ය වර්ණනයෙහිලා දැක්වූ සාමාර්ථ්‍යය අභිමත වැනුම් දෙකක් ඇසුරින් සාකච්ඡුා කරන්න. (2010*  ”ගිරා සන්දේශ කතුවරයා සෙසු සන්දේශ කවියන් අනුගත කාව්‍ය මාර්ගය ම යොදා ගෙන ඇත.” මෙම කියමන උදාහරණ සහිතව විමසන්න. (2010*  ගිරා සන්දේශ කතුවරයාගේ වර්ණනා චාතූර්යය අභිමත වැනුම් දෙකක් ඇසුරින් පැහැදිලි කරන්න. (2009*  ගිරා සන්දේශයෙන් හෙළිවන තත්කාලීන ආගමික තත්ත්වය පිළිබ`ද සමාලෝචනයක් කරන්න. (2009*  ”ගිරා සන්දේශය සෞන්දර්යාත්මක වර්ණනාවලින් පිරිපුන් කාව්‍යයකි.” සනිදර්ශනව විමසන්න. (2008*  කෝට්ටේ යුගයේ පැවැති අධ්‍යාපන තත්ත්වය ගිරා සන්දේශයෙන් හෙළිවන ආකාරය පහදා දෙන්න. (2008*  ස්වභාව සෞන්දර්ය වර්ණනයෙහි ලා ගිරා සන්දේශ කතුවරයා පළ කළ සාමාර්ථ්‍යය සනිදර්ශනාත්මකව විමසන්න. (2007*  ගිරා සන්දේශයෙන් හෙළිවන තත්කාලීන අධ්‍යාපන තත්ත්වය කෙබ`දු වී දැයි උදාහරණ මගින් පැහැදිලි කරන්න. (2007*  ‘ගිරාසන්දේශාගත වැනුම් අතරින් අම්බලමේ වැනුම සුවිශේෂත්වයක් දරයි’ මෙය විමසන්න. (2006*  ගිරා සන්දේශයෙන් හෙළි වන තත්කාලීන සමාජය කෙබඳු දැයි උදාහරණ ම`ගින් පැහැදිලි කරන්න. (2006*  ස්වභාව වර්ණනය හෙවත් කිවයුතු දෙය ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමට ගිරා සන්දේශ කතුවරයා දැක් වූ සාමාර්ථ්‍යය අභිමත වර්ණනා දෙකක් ඇසුරින් පැහැදිලි කරන්න. (2005*  තොටගමුවේ විජයබා පිරිවෙණෙහි පැවැති අධ්‍යාපන තත්ත්වයට අදාළ කෙබ`දු තොරතුරු ගිරා සන්දේශයෙන් හෙළි වේ දැයි පැහැදිලි කරන්න. (2005* සන්දේශයක් යනු කුමක්ද? ‘‘සං” පූර්ව ”දිශ්” ධාතුවෙන් නිපන් සංදේශ යන වචනයෙහි අර්ථය ‘‘හො`දින් දන්වාලීම’’ යන්න යි. ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය සන්දේශ යන්නට පහත ස`දහන් ආකාරයේ අර්ථ රැුසක් ලබා දී ඇත. ලියමන, පණිිවුඩය, දැන්වීම, ආරංචිය, ප‍්‍රවෘත්තිය, තොරතුර, නියමය සාමාන්‍යයෙන් සන්දේශයක දී සිදුවන්නේ දුර ප‍්‍රදේශයක සිටින්නෙකුට කිසියම් පණිවුඩයක් යැවීම යි. හස්න, අස්න, සෙ`දස යන නම් වලින් ද හ`දුන්වන්නේ මෙය යි. නියම සන්දේශයක් වීමට නම් පේ‍්‍රෂකයකු හෙවත් යවන්නෙකු, හාරකයකු හෙවත් ගෙනයන්නෙකු, ග‍්‍රාහකයකු හෙවත් ලබන්නෙකු සිටිය යුතුවාක් මෙන්ම දැන්වීමට පණිවුඩයක් ද තිබිය යුතු ය. සන්දේශයක තිබිය යුතු ලක්ෂණ සංස්කෘත ප`ඩිවරු සන්දේශයක තිබිය යුතු ලක්ෂණ කිහිපයක් ගෙනහැර දක්වති. x කථානායකයා හෝ නායිකාව ප‍්‍රසිද්ධ අයෙකු විය යුතු ය. x ¥තයා හෙවත් සන්දේශ හාරකයා උසස් වංශවතෙකු විය යුතු ය. x ඉතිහාස කථාවක් හෝ ආශිර්වාදයක් පෙරටු කොට සන්දේශය ඇරඹිය යුතු ය. x සන්දේශය ගෙන යායුතු ස්ථානය ප‍්‍රකාශ කළ යුතු ය. x සන්දේ්ශය ගෙනයන අතරම`ග මාර්ග ආදිය වර්ණනා කළ යුතු ය. x සන්දේශය දැක්විය යුතු ය. x ¥තයාට ආශිර්වාද කළ යුතු ය. සිංහල සන්දේශ සාහිත්‍යය සිංහල සාහිත්‍යය නමැති වෘක්ෂයේ කොළයෙන්, මලින්, ඵලයෙන් වඩාත් ම අලංකාර වූයේ සිංහල සන්දේශ නමැති ශාඛාව බව නොකිව මනාය. පාලි, සංස්කෘත, දෙමළ වැනි සෙසු සාහිත්‍යයන්ට වඩා වැඩි සංදේශ ප‍්‍රමාණයක් සිංහල සාහිත්‍යය සතුව ඇත. අපට හමුවන දෙසීයකටත් වඩා වැඩි වූ සන්දේශ ප‍්‍රමාණය ම මෙයට සාක්‍ෂ්‍ය සපයයි. ගම්පොළ යුගයේ දී රචනා වූ තිසර, මයූර යන සන්දේශ දෙක දැනට සිංහල සාහිත්‍යයේ අපට හමුවන පැරණිම සන්දේශ බව කිව යුතු ය. ඉන්පසු එළඹි කෝට්ටේ සාහිත්‍ය යුගයේ දී සිංහල සන්දේශ කාව්‍ය කෙතරම් නැගී ආවේ ද යත් එය ‘සන්දේශ යුගය’ යන අන්වර්ථ නාමය ලැබීමෙන් ම පැහැදිලි වේ. කෙසේ වුවත් කෝට්ටේ යුගයෙන් පසු සිංහල සන්දේශ කාව්‍යවල පරිහානි ලක්ෂණ මතු වන්නට විය. සංස්කෘත, දෙමළ, පාලි, කේරළ සන්දේශවල ආභාසය සිංහල සන්දේශ සාහිත්‍යයට ලැබී ඇත. නමුත් සිංහල සන්දේශ රචකයාගේ ස්වාධීන ලක්ෂණ රැුසක් ද අපගේ සංදේශ තුළ දැක ගැනීමට තිබේ. එමෙන් ම සන්දේශ රචනයත් සමග ම සිංහල සාහිත්‍යයේ ද යම් යම් වෙනස්කම් මතුවී පෙනුණි. x සිවුපදය ප‍්‍රචලිත වීම ඒ අතර කැපී පෙනෙන්නකි. සීගිරි ගීයේ පටන් විවිධ අවස්ථාවන්හි අපට සිවුපද හමු වූ බව සැබවකි. නමුත් සිවුපද ආකෘතියට ප‍්‍රමුඛත්වය ලැබුණේත්, එය ප‍්‍රචලිත වූයේත් සන්දේශ රචනයත් සමග යැයි කිව හැකි ය. x සිංහල සාහිත්‍යයේ දෙවියන් යැදීම ඉතා ප‍්‍රකටව ගියේ ද සන්දේශ සාහිත්‍යය හරහා ය. හින්දු දෙවිවරුන් ඉදිරියේ කරන අයැදුම් රැුසක් සිංහල සන්දේශවල පෙනේ. x සියබස්ලකර නම් කාව්‍යාලංකාර ග‍්‍රන්ථයේ ආ ‘පෙදෙන් බුදු සිරිතැ’ (පද්‍යයෙන් බුද්ධ චරිතය හා සම්බන්ධ නිර්මාණ කළ යුතු ය.* යන නියමය ඉතා පැහැදිලි ලෙස කඩ කිරීම ද සන්දේශ රචනයත් සමග සිදුවිය. x ලක්දිව දේවාල නැටුම්, රජ ගෙදර නැටුම් පැහැදිලිව වර්ණනා කරන සිංහලයේ එකම සාහිත්‍ය රචනය ලෙස ද සන්දේශ හැඳින්විය හැකිය. x සිරිලක ගහක, කොළයක, මලක, ඇලක, දොළක සුන්දරත්වය වර්ණනා කරන මුල්ම සිිංහල පද්‍ය සාහිත්‍යාංගය ද මෙයයි. සන්දේශයක සැකැස්ම සෑම සම්භාව්‍ය සිංහල සන්දේශයක් ම පාහේ පොදු සැලැස්මකට අනුව සකස් කොට ඇති බව පෙනේ. එකී සන්දේශ සන්දර්භය මෙසේ දැක්විය හැකිය.  ¥තයාට ආසිරි පැතීම  ¥තයා පැසසීම  සන්දේශය රචනා කිරීමේ අරමුණ දැක්වීම  පුර, රජ, දියකෙළි, වන, සැඳෑ, නිසා, උදා ආදි වැනුම් දැක්වීම  ¥තයා යන ස්ථානය වර්ණනා කිරීම  කාව්‍ය නායකයා වර්ණනා කිරීම  සන්දේශය ලබන තැනැත්තා වර්ණනා කිරීම  සන්දේශය ඉදිරිපත් කිරීම  ¥තයාට සුබපැතීම සම්භාව්‍ය සිංහල සන්දේශ සියල්ලම ‘සැරදෙ’ (බොහෝ කල් ජීවත් වේවා* යන ආසිරි පැතුම සහිත යහ (යා* ගීයකින් ආරම්භ වේ. ඉන්පසු ¥තයාගේ බාහිර සහ අභ්‍යන්තර ගුණ වර්ණනා කෙරේ. ඒ සඳහා ජාතක කථා ආදිය ද උපයෝගී කරගනියි. බොහෝවිට ¥තයා පිටත් වන්නේ සුභ මොහොතකිනි. අනතුරුව ගමනට සුභ නිමිති ද දක්වයි. තත් කාලයෙහි රටෙහි නායකයා හෝ වෙනත් ප‍්‍රසිද්ධ අයෙකු කාව්‍ය නායකයා ලෙස තෝරාගෙන වර්ණනා කරයි. අතරමග ¥තයාට හමුවන නගර, වන, දියකෙළි, හිරුසඳු උදාව, සන්ධ්‍යාව, රාජ සභාව, දේවාලයන්හි නැටුම් ආදිය මනහර ලෙසින් වර්ණනා කෙරෙයි. සන්දේශ ග‍්‍රාහකයා (ලබන්නා* බොහෝවිට උපුල්වන්, විභීෂණ වැනි දෙවි කෙනෙකි. ඔහු ද වර්ණනයට බඳුන් වේ. අනතුරුව සන්දේශය හෙවත් පණිවුඩය ඉදිරිපත් කෙරේ. ඉන් පසු ¥තයාට සුබ පතා සන්දේශය නිමා කෙරේ. සන්දේශයේ තැනින් තැන දසපද සැහැලි, ශද්දාඩම්බරයෙන් යුත් අනුප‍්‍රාස රස ගැබ් වූ ගද්‍ය ඛණ්ඩ ආදිය ඇතුළත් වේ. බොහොමයක් ඇත්තේ සිවුපදයි. සාහිත්‍ය විචාරකයන් විවිධාකාරයට සිංහල සන්දේශ සාහිත්‍යය බෙදා දක්වා ඇත. එසේ වුවත් විදයාර්ථීන්ගේ සුඛාවබෝධය තකා සිංහල සන්දේශ සාහිත්‍යය මෙසේ ප‍්‍රධාන කොටස් තුනකට බෙදා දක්වමු. 1ග ආරම්භක යුගය 2ග ස්වර්ණමය යුගය 3ග පරිහානි යුගය ආරම්භක යුගය අනුරපුර යුගයේ පටන් ගම්පොළ යුගයේ ආරම්භය දක්වා කාලය ආරම්භක යුගයට ඇතුළත් කරනු කැමැත්තෙමු. අපගේ අවාසනාවකට මෙන් මෙම යුගයේ දී ලියවුණු එකම සිංහල සන්දේශයක්වත් අද වන විට දැක ගැනීමට නැත. නමුත් එකල පැවැති සිංහල සන්දේශයන්ගෙන් උපුටා ගන්නට ඇතැයි සිතිය හැකි පද්‍ය හා පද්‍ය ඛණ්ඩ දඹදෙණි යුගයේ රචිත සිදත් සගරාව, එළු ස`දැස් ලකුණ යන පසු කාලීන පොත් වලින් අපට හමුවේ. එමෙන් ම සීගිරි කැටපත් පවුරේ එන සිරිනාග නැමැත්තෙකු විසින් ලියන ලද ක‍්‍රි.ව 08 වන සියවසට අයත් යැයි සැලකෙන පහත ගීය ද සිංහල සන්දේශ සාහිත්‍යයේ ආරම්භක යුගය පිළිබඳ කතා කිරීමේ දී වැදගත් කොට සලකනු ලැබේ. ‘‘වන්දිමි හිමිවලා - තොගොසින් ඇය නිවෙස්නට පිරිබුන් පගා මලයුන - දිවොට තො හදහව කියකියය්’’ මෙයින් පිරිමියෙක් කාන්තාවකට වලාකුළක් අතේ පණිවුඩයක් යවන ආකාරය දිස්වේ. මෙම ගීය කියවන විට මහා කවි කාලිදාසයන්ගේ මේඝ ¥තය නිතැතින් ම සිහියට නැගේ. කරහම්පිටිගොඩ සුමනසාර නාහිමියන්ගේ ‘එළු සඳැස් ලකුණේ නිදසුන් පද්‍ය’ නමැති පොත සංස්කරණය කළ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා සිය සංස්කරණයේ සංඥාපනයෙහි ඉහත සීගිරි ගීය සම්බන්ධයෙන් මෙවන් අදහසක් දක්වා ඇත. ‘‘යක්ෂාධිපති වෙසවුණු රජු විසින් කිසියම් වරදකට රාමගිරි අසපුවෙහි සිර කරනු ලැබ සිටි යක්‍ෂයෙකු විසින් සිය බිරිඳ වෙත මේඝයක් ¥ත මෙහෙවරෙහි යොදා යවන හස්නක ව්‍යාජයෙන් එකව (මේඝ¥තය* රචිත යැ. එය ම අනුකරණය කොට සිංහල කවියෙකු විසිනුදු සිංහල මේඝ ¥ත කාව්‍යයක් රචනා කරන ලදැයි හෝ යථෝක්ත කාව්‍යය ම සිංහලයට අනුවාද කරන ලදැයි හෝ සිතියැහෙයි. මේ කව දඹදෙණි අවධියෙහිදු ව්‍යවහාරයෙහි පැවති බව පෙනෙයි. සිදත්ස`ගරාවෙහි ප, පිරි උපසර්ග ප‍්‍රයෝගයට ෙඡ්කපාඨ විසින් පූර්වෝක්ත ගීයෙහි ‘පගා’, ‘පිරිබුන්’ යන වචන දෙක ගන්නා ලද්දේ එකව එදවසැ වහරෙහි පැවති හෙයිනි’’ ඡුන්ද ශාස්ත‍්‍රය සඳහා ගුරුහරුකම් ලබා දෙන එළුසඳැස් ලකුණ භද්‍ර නම් තෙර කෙනෙකුගේ රචනයකි. විවිධ විරිත්වලට උදාහරණ දැක්වීමට පද්‍ය රැුසක් භද්‍ර තෙරුන් විසින් ගෙන හැර දක්වා ඇත. ඒවා කවර පොත් වලින් ගත්තේ ද යන වග මෙහි දක්වා නොතිබීම මහත් ම පාඩුවකි. එසේ වුවත් එහි එන ඇතැම් නිදසුන් පද්‍ය දෙස බලා ඒවා අනුරපුර, පොළොන්නරු යුගවල පැවති සිංහල සන්දේශයන්ගෙන් උදුරා ගන්නට ඇතැයි විචාරකයෝ පවසති. ඒ අනුව සිංහල සන්දේශ ආරම්භක යුගයට අයත් යැයි සිතිය හැකි සන්දේශ කිහිපයක් පිළිබඳ ව සුචරිත ගම්ලත් මහතා තොරතුරු දක්වයි. ඒවා මෙසේ ය. x මේඝ¥තය වැනි සන්දේශයක් x කිරිලි සන්දේශයක් x මානව සන්දේශයක් x හංස සන්දේශයක් x මයූර සන්දේශයක් එමෙන් ම සිදත්ස`ගරාවේ එන ‘‘ කළවන් බි`ගු මහත්වත හිරු හත්වත’’ (හිරු බැස යන කල්හි බඹර සමූහයාගේ කළු පැහැය මහත් විය.* යන පාඨය මයූර සන්දේශයෙන් ගෙන ඇති බව සිදත්ස`ගරා පුරාණ සන්නය පවසයි. මේ කියන මයූර සන්දේශය දැනට අප හමුවේ ඇති මයූර සන්දේශය නොවේ. දැනට විද්‍යමාන මයූර සන්දේශය සිදතට පසුව , ගම්පොළ යුගයේ දී රචනා කරන ලද්දක් හෙයින් එහි පාඨයක් සිදතට යාමට කොහෙත්ම ඉඩක් නැත. එසේ නම් සිදත් සගරා පුරාණ සන්නය පවසන මයූරය සිංහල සන්දේශ සාහිත්‍යයේ ආරම්භක යුගය නියෝජනය කරන සන්දේශයක් යැයි සිතිය හැකි ය. සිදතේ ම කම් විබතට දක්වා ඇති නිදසුන් අතරෙහි පෙනෙන ‘‘ නරඹන්න මොනරාන නස්නා’’ (නටන්නා වූ මොනරුන් නරඹන්න* යන පාඨය ද ඉහත කී මයූර සන්දේශයෙන් ම ගත්තකැයි සිතිය හැකි ය. එමෙන් ම සිදතෙහි ම එන ‘‘ මොනරිඳු එකල්හි පුල් සලග නවා ගනී ’’ (මොනර රාජයා ඒ අවස්ථාවේ දී (මල්* පිපුණු සල් ගසක් අග නවාතැන් ගනියි*. යන ගී පාඨය ද එම මයූර සන්දේශයෙන් ම උදුරා ගන්නට ඇතැයි සිතිය හැකි ය. එමෙන් ම සිදත් සගරාවේ එන අලප් විබතට නිදසුන් ලෙස දක්වා ඇති, ‘‘ බිගුනි, මී ලොලින් කල් ඉක් තඹරෝරේ ද`ග නොවා’’ යන පාඨය ද අදර විබත සඳහා නිදසුන් ලෙස දක්වා ඇති, ‘‘ පහනැ තඹරන්හි බමන බමරමුළු තමඹ පියසැ සරන තිමිර බලල් වලා’’ යන පාඨය ද දෙස බැලූ කල සිංහල සන්දේශ ආරම්භක යුගය නියෝජනය කළ බඹර සන්දේශයක් තිබීදෝ යන සැකය ඇති වේ. ස්වර්ණමය යුගය ගම්පොළ රාජධානිය ආරම්භ වූ කාලයේ පටන් සීතාවක සමයෙහි සැවුල් සන්දේශය රචනා විම තෙක් කාලය සිංහල සන්දේශාවලියෙහි ස්වර්ණමය යුගය ලෙස හඳුන්වනු කැමැත්තෙමු. සන්දේශ යුගය යන අන්වර්ථ නාමය ලත් කෝට්ටේ සාහිත්‍ය යුගයෙහි සම්භාව්‍ය සිංහල සන්දේශ කෘති පහක් රචනා විය. එම සන්දේශයන් ද කෝට්ටේ යුගයට පෙර එනම් ගම්පොළ යුගයේ දී ලියවුණු මයූර, තිසර යන සන්දේශ දෙක ද කෝට්ටේ යුගයට පසුව එළඹෙන සීතාවක සමයෙහි ලියවුණු සැවුල් සන්දේශය ද ඉහත කී ස්වර්ණමය යුගය නියෝජනය කරයි. ඒ අනුව මෙම යුගයට අයත් සන්දේශ අටකි. සම්භාව්‍ය සිංහල සන්දේශ ගණයෙහි ලා සැලකෙන්නේ ද මෙම සන්දේශ අටයි. තිසර සන්දේශය මයූර සන්දේශය පරෙවි සන්දේශය කෝකිල සන්දේශය සැළලිහිණි සන්දේශය ගිරා සන්දේශය හංස සන්දේශය සැවුල් සන්දේශය පරිහානි යුගය කෝට්ටේ යුගයෙන් පසු රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් විවිධ අර්බුධකාරී තත්වයන් ඇති වූ හෙයින් අප රටෙහි ආර්ථිකය, ශාසනය මතු නොව සාහිත්‍යය ද පරිහානියට ගිය බව දැකගත හැකිය. සීතාවක රාජසිංහ රජු හින්දු සමය වැළඳගෙන බුදු සමයට කළ විනාශය මෙහිලා ප‍්‍රධාන වේ. සැවුල් සන්දේශයෙන් පසු ලියවී ආ කහ කුරුලූ, නීලකොබෝ වැනි සන්දේශවල පටන් සිංහල සන්දේශ සාහිත්‍යයේ පරිහානි ලක්ෂණ ඉස්මතු වන්නට විය. ඒවා සමහරක් මෙසේ ය.  මූලික සන්දේශ ලක්ෂණ පවා ඇතුළත් නොවීම  පෞද්ගලික අභිමථාර්ථ සාධනය පිණිස සන්දේශ රචනා කිරීම  සිය විරුද්ධවාදීන්ට ගරහන රිසින් විවේචනාත්මක මඩ ප‍්‍රහාර එල්ල කිරීමට සන්දේශ යොදා ගැනීම  රසභාව අලංකාර ආදිය ගැන නොසිතා ඉතා ග‍්‍රාම්‍ය බස් වහරක් යොදා ගැනීම (ව්‍යක්ත බස් වහරක් භාවිත කළ සන්දේශ කිහිපයක් ද නැත්තේ ම නොවේ.*  හුදු විනෝදාස්වාදය පිණිස පමණක් සන්දේශ රචනා කිරීම ‘‘කෝට්ටේ යුගයෙන් පසු ලියවුණු බොහෝ සන්දේශ ආත්මය වශයෙන් හෝ නිර්මාණ කෞශල්‍යය වශයෙන් පිරිහී ගොස් ඇට සැකිලි බවට පත්වී තිබෙන දුර්වල කෘති සමූහයකැයි කිව යුතුය’’ යනු වියත් මතයකි. මෙකල රචිත සන්දේශ විෂය අතින් ද ඉතා පුළුල් පරාසයක විහිදෙන බව දැක ගත හැකි ය. කොස්වාලිහිණි, නිල්ලිහිණි, ගිනිසැවුල්, සක්වාලිහිණි, කිරළ, කුමාරි, වැසිලිහිණි, කොකැටු වැනි සන්දේශ ගිහි පැවිදි ප‍්‍රභූන්ට ආසිරි පතා ලියා ඇත. පුද්ගලයකු හෝ ස්ථානයක් පිළිබඳ හෝ පොදුවේ රටවැසියා කෙරෙහි බලපෑ විශේෂ සිදුවීමක් අරභයා ලියවුණු සන්දේශ අතර සමනල අස්න, වටකුරුලූ අස්න, රණමොනර සන්දේශය වැනි කෘති ප‍්‍රධාන වේ. සුරාසො`ඩ, පස්කම්, බේබදු, තුර`ග, වනමයූර, කේසර වැනි සන්දේශ සුරාව සූදුව ගවඝාතනය ආදිය සමාජ ව්‍යසන බව පෙන්වා දෙමින් රචනා කොට ඇත. යම් යම් පුද්ගලයන් උපහාසයට ලක් කරමින් ඇතැම් සන්දේශ ලියැවුණු අතර හාස්‍ය රසය උත්පාදනය කරමින් ලියැවුණු සන්දේශ ද ඇත. ඒ අතර ඔපිසර, මිතුරු, හීරලූ, සතුරු, අතවැසි, හෙරණ, තෙල්ඌරු, රුක්දෙවි, ¥තඅ`ගන වැනි සන්දේශ ප‍්‍රධාන වේ. පෞද්ගලික අභිමථාර්ථ සාධනය කර ගැනීම සඳහා රචිත සන්දේශ අතර නීලකොබෝ, දියසැවුල්, මයූර (II* යන සන්දේශ ප‍්‍රධාන වේ. එමෙන්ම මැතිවරණ ජය පතා සිළුකුරුලූ, හස්ති වැනි සන්දේශ ද හුදු විනෝදය දනවනු පිණිස මදුරු වැනි සන්දේශ ද ලියා ඇත. ගැටබරු වෙහෙරෙහි විෂ්ණු දෙවියන් වෙත යැවුණු ලෙහෙන සන්දේශය එම විහාරයෙහි යටලී සිදුරු කරමින් කුරුමිණියන් කරන විනාශය කියාපායි. අභිනව බකමුහුණු සන්දේශය ලියා ඇත්තේ දුම්රියේ තුන්වන පන්තියේ මගීන්ට වැසිකිලි පහසුකම් නොමැති හෙයින් විඳින්නට සිදුවී ඇති කරදරය කියාපාමිනි. 1929 ජූලි මස 30 වෙනිදා අනුරාධපුර ශ‍්‍රී මහා බෝධියෙහි ශාඛාවකට උමතු මිනිසෙකු විසින් එල්ල කරන ලද පොරෝ පහර පිළිබඳ තොරතුරු කියවෙන සන්දේශයක් ලෙස වනපරෙවි සන්දේශය පෙන්වා දිය හැකි ය. හීරලූ සන්දේශය රචනා කොට ඇත්තේ හීරලූවන් රටට කරන විපත දක්වමිනි. එහි එන ආරම්භක ගීය හා තවත් සිවු පදයක් මෙසේ ය. සැරද රළු හීරළු - සිවුරළු සසුන වනසන මනා ගුණ මුළුසුන් - පාළෙන් සුසිරි පාකළ අදමින් වත් බැරිව රකිනට බඩ ගෙඩියා නොලසින් මිසදිටුව දෙපයින් බණ මැඩියා ගනිමින් එබයිබලෙ සිඹි හැම ගුණ කැඩියා නොදොකින් නොදෝකින් හීරළු ගොන් තඩියා බේබද්දෙකු හාරකයා කොටගත් බේබදු සන්දේශයෙහි එන ¥ත ආශිර්වාදය මෙසේ ය. වැනී කැරකී බිම - වැටී මොරදී ද`ගලන වැදී අඩි පිට අඩි - බේබදු මිතුර සැරදේ මෙකල ඇතැම් සන්දේ්ශවල ¥තාශිර්වාදය ලෙස යෙදෙනුයේ ¥තයාට බැන වැදීමකි. සන්දේශ ග‍්‍රාහකයන් වූයේ දෙවියන් පමණක් ම නොවේ. ඇතැම් ඒවා ප‍්‍රභූන්ට හෝ රාජ්‍ය නිළධාරීන්ට යැවේ. තෙල්ඌරු සන්දේශය යැවුණේ මහසෝනා වෙතට ය. මෙම තොරතුරුවලින් සන්දේශ පරිහානිය මනාව හ\ුනාගත හැකි ය. ගිරා සන්දේශය - දැනගත යුතු මූලික කරුණු කර්තෘ ගිරා සන්දේශයෙහි කිසි ම තැනක කතුවරයාගේ නම සඳහන් නොවේ. එහෙයින් මෙහි කතුවරයා කවරෙක්දැයි නිශ්චිතව ම හඳුනාගත නොහැක. ගුත්තිල කාව්‍යය රචනා කළ වෑත්තෑවේ හිමියන් මෙහි කතුවරයා විය හැකි බවට මත පළවී ඇත. ගුත්තිල කාව්‍යයෙහි හා ගිරාවේ එන ඇතැම් පාඨ අතර පවතින සම්බන්ධය පිළිබඳ විමසා මෙම මතය ඉදිරිපත් කර තිබේ. එහෙත් ඇතැම් විවේචකයන් පවසන්නේ ඉතා දීර්ඝ ලෙස ගිරා සන්දේශයේ දී සයවැනි පරාක‍්‍රමබාහු රජතුමා පිළිබඳ ව වර්ණනා කළත් ගුත්තිලයේ දී පැරකුම් රජු එලෙස වර්ණනා කර නැති හෙයින් මෙම කාව්‍ය දෙක ඒක කර්තෘක යැයි පිළිගත නොහැකි බවයි. එසේම ගුත්තිල කාව්‍යයේ තොටගමුවේ රාහුල හිමියන් පිළිබඳ සඳහන් නොවීම ද කතාබහට ලක්වී ඇත. මුව නොපොහොනා තරම් ශ‍්‍රී රාහුල හිමියන් වැනූ ගිරා කතුවරයා අතින් ම ගුත්තිලය ලියැවිණි නම් එහි දී ශ‍්‍රී රාහුල හිමියන්ගේ ගුණ තබා නමවත් සඳහන් නොකිරීම ද භින්න කර්තෘකතාව පෙන්වන්නක් බව දෙගම්මැද සුමනජෝති හිමියෝ පවසති. වැත්තෑවේ හිමියන් තොටගමුවේ රාහුල හිමියන්ගේ ගෝලයෙකු බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. පසු කලෙක දී මෙම ගුරුගෝල දෙදෙනා අතර විරසකයක් ඇති වූ බව ද පැවසේ. ඒ අනුව ගුරුගෝල දෙදෙනා සමගිව සිටි කාලයේ දී ගෝලයා විසින් ගිරාව රචනා කරන්නට ඇති බවත් දෙදෙනා විරසක වූ පසු ගෝලයා විසින් ම ගුත්තිල කාව්‍යය රචනා කරන්නට ඇති බවත් සිතිය හැකි ය. ගිරාවෙහි දී සිය ගුරු හිමියන් බොහෝ සෙයින් වර්ණනයට බඳුන් කළ ද ගුත්තිලයෙහි දී එසේ නොකිරීමට හේතුව මේ විරසක බව යැයි සිතිය හැකි ය. රාහුල හිමියන්ට දැඩි පක්ෂපාතිත්වයක් දැක්වූ සවැනි පරාක‍්‍රමබාහු රජතුමා ද වර්ණනා කිරීමට වෑත්තෑවේ හිමියන් අකමැති වන්නට ඇත. ගිරාවේ කතුවරයා සම්බන්ධයෙන් මාර්ටින් වික‍්‍රමසිංහයන් මෙවන් අදහසක් ඉදිරිපත් කොට ඇත. ‘‘ගිරවෙකු ¥ත ක‍්‍රියාවෙහි යොදා විජබාහු පරිවේණාධිපති ශ‍්‍රී රාහුල ස්ථවිරයන් වෙත අස්නක් යවන සේ රචිත මේ කාව්‍යයෙහි කර්තෘහු වෑත්තෑවේ ස්වාමීන් යැයි සලකතොත් ගුත්තිල කාව්‍යයෙන් විකාශයට පැමිණි උන්වහන්සේගේ කවිත්වයෙහි අපරිණත ලක්ෂණ ගිරා සන්දේශයෙහි ප‍්‍රතිබිම්බිත බව පිළිගත යුතුය. ගිරා සන්දේශය අන්‍ය කවියෙකුගේ කෘතියක් නොවේ නම්, එය ගුත්තිල කාව්‍යය අනුකරණයෙන් කරන ලද්දක් විය යුතු’’ ගිරා සන්දේශයෙහි කර්තෘ ජයවර්ධන පුරයෙහි මහා විහාරයක විසූ භික්ෂූන් වහන්සේ නමක් බව 53 වැනි පද්‍යයෙහි පෙනෙන, ‘‘ අවුත් සොඳුරු විසිතුරු මේ වෙහෙරතුර ’’ යන්නෙන් හා 243 වැනි පද්‍යයෙහි එන, ‘‘ සමග මහ`ගු මහස`ගගණ මෙහෙවරින’’ යන්නෙන් ද අනුමාන කළ හැකිය. අරමුණු ගිරා සන්දේශය රචිත වර්ෂය නිශ්චය කළ නොහැකි නිසා එය සවැනි පරාක‍්‍රමබාහු රජතුමාගේ කාලය තුළ, එනම් ක‍්‍රි.ව. 1415-1467 කාලයේ ලියන ලද්දකැයි සිතීමට සිදුවේ. ගිරා සන්දේශකරුවා ස්වකීය අරමුණු දසපද හෑලි තුනකින් මෙසේ දක්වයි. පවර මුණි වදහළ ............... (250* (උතුම් වූ, සර්වඥයන් වහන්සේ වදාළ ප‍්‍රතිපත්ති කඩ නොකොට වාසය කරන්නා වූ, උතුම් සැප සම්පත්තිය ස්වභාවයෙන් ම සිද්ධ කරන්නා වූ, සමගි වූ, මහාර්ඝ වූ, මහා සංඝයා වහන්සේගේ මෙහෙය වීමෙන් මා කියන්නා වූ, මේ වචනය ලෝකයට ම වැඩ සලස්වන්නකි. සත්වයන් කෙරේ නිතර ම මෛත‍්‍රී කරුණා පෙන්වා, සිරිකල නිරන්තරයෙන් රකින්නා වූ, එඩිතර වූ, බුදුන් වහන්සේගේ ශී‍්‍රීපාද නමැති නෙළුම් මල හිසෙහි පැළැන්දා වූ, මනු රජුගේ සුචරිත නීති නමැති කාන්තාව වැළඳගත්තා වූ, දුටුගැමුණු රජතුමා මෙන් ධර්ම මාර්ගයෙහි මැනවින් යෙදුණා වූ මේ ශී‍්‍ර මහා පරාක‍්‍රමබාහු නරේන්ද්‍රයා සමග * සමුදුර හිම් අවට සව්සිරි .............(251* (මිත‍්‍රය, හාත්පසින් සමුද්‍රය සීමා කොට ඇති සව්සිරි සපිරි ලක්දිව, සඳරැුස් මෙන් පිරිසිදු වූ දිවැස යොදා කරුණා ගුණයෙන් හැම දවසක ම දැක, සතුරන්ගේ මිථ්‍යා වචනයන් විශේෂයෙන් අතුරුදහන් කොට, රෝග බිය දුරු කර, උපද්‍රවයන් දුරට පළවා හැර, තමන්ගේ බෝධිසත්ව භාවය සමස්ත ලෝකයාට පෙන්වා ජය සැපත දියුණු කොට, රජතුමා ද පිරිවර ජනයා ද නිරන්තරයෙන් රකින ලෙස ආදර සිතින් යුතුව නාථ දෙවියන්ගෙන් ආයාචනා කරන ලෙස ඒ මහ තෙරුන්ට සන්තෝෂයෙන් දන්වනු මැනවි.* පමණින් දසදහස් යොදුන් වූ ..........(252* (මිත‍්‍රය, දසදහසක් යොදුන් ඇත්තා වූ දඹදිව් තලයෙන් සර්වඥයන් වහන්සේ තුන්වරක් ලක්දිවට වැඩමවා, යක්ෂ සේනාව ¥රීභූත කොට, අනාගතයෙහි (වියහැකි* අන්තරායන් දුරුකොට, ශාසනය පිහිටන ආකාරයට කටයුතු සම්පාදනය කළ සේක. දේවලෝක , අසුරලෝක වාසීන් සතුටු කරවා ඒකාකාරයෙන් බබළන්නාවූ සම්බුද්ධ ශාසනය වසර පන්දහසක් පවතින ලෙසට, සිත සතොසින් සියලූ කල්හි වර්ජනය නොකොට ආරක්ෂා කරනු පිණිස, ලොවට චන්ද්‍රයා මෙන් කීර්තිය පෙන්වා බබළන්නා වූ නාථ දෙවිඳුන් යළි යදින ලෙස උතුම් වූ ඒ (රාහුල* හිමියන්ට දන්වනු මැනවි.* ඉහත දැක්වූ දසපද හෑලි සැලකිල්ලෙන් කියවන්නෙකුට ගිරා සන්දේශ කතුවරයාගේ ප‍්‍රධාන අරමුණු දෙකක් පැවති බව පසක් වේ. ඒ රජතුමා හා සසුන පිළිබඳ ව ය. 1. සතුරු ව්‍යසන දුරුකොට රජතුමා හා පරිවාර ජනයා නිරතුරුව ම රැුකදෙන ලෙස රාහුල හිමියන් ලවා නාථ දෙවිඳුන්ගෙන් අයැදවීම. 2. බුද්ධ සාසනය පන්දහසක් කල් පවතින ලෙස රක්ෂා කර දෙන්නැයි අයැදවීම. ඍජුව ම ප‍්‍රකාශ නොකළ ද තවත් අරමුණක් ගිරා සන්දේශ කතුවරයා සිත තුළ තබාගෙන සිටි බව සන්දේශයෙන් පෙනේ. එනම් සවැනි පැරකුම්බා රජු හා තොටගමුවේ රාහුල හිමියන් වර්ණනා කිරීම යි. ප‍්‍රමාණය සන්දේශ කාව්‍යයක පද්‍ය ප‍්‍රමාණය නිශ්චිතව ම දැක්විය නොහැකි තරම් ය. එකම සන්දේශයකට ලියැවුණු සංස්කරණ පහක් ගෙන බැලූවහොත් එම එක් එක් සංස්කරණයේ පද්‍ය ප‍්‍රමාණය එකිනෙකට වෙනස් ය. පුංචිබණ්ඩාර සන්නස්ගල මහතා සිංහල සන්දේශ සාහිත්‍යය නමැති කෘතියේ දී සැවුල් සන්දේශයෙහි පද්‍ය ප‍්‍රමාණය 203ක් බව පවසන අතර එතුමාගේ ම කෘතියක් වන සිංහල සාහිත්‍ය වංශයේ දී පවසන්නේ සැවුල් සන්දේශයෙහි පද්‍ය 204ක් ඇති බවයි. ගිරා සන්දේශය සම්බන්ධයෙන් ද මෙවන් විෂමතා පවතියි. පද්‍ය ප‍්‍රමාණය පිළිබඳ ඉහත ගැටලූව විමසා බැලීමේ දී පෙනී යන්නේ ඇතැම් සංස්කාරකයන් සන්දේශවල එන ගද්‍ය කාණ්ඩවලට අංක යෙදීම නිසාත් ඇතැම් පැරණි පුස්කොළ පොත් ආදියෙහි දක්නට ලැබෙන පද්‍ය ගෙනහැර පෑම නිසාත් මෙම තත්වය උද්ගත වී ඇති බවයි. උදාහරණයක් ලෙස පහත සඳහන් ගීය දැක්විය හැකි ය. මෙය සෑම ගිරා සන්දේශ සංස්කරණයක ම දක්නට නොලැබෙන්නකි. ඇසේ ම`ද පවන් - වැද ලෙළ දෙන ලිය වදල සහකුරු පලූක සටකට - පරපුටු තෙපුල් ම`ද ම`ද ගිරා සන්දේශ සංස්කරණ කිහිපයක ප‍්‍රමාණයන් මෙසේ ය.  වැලිවිටියේ සෝරත නාහිමියන්ගේ ගිරා සංස්කරණයෙහි පද්‍ය හා ගද්‍ය පාඨ 253කි.  මකුළු¥වේ පියරතන හිමියන්ගේ ගිරා සංස්කරණයෙහි පද්‍ය හා ගද්‍ය පාඨ 254කි.  අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පාසල් හා පිරිවෙන් සඳහා අතිරේක කියවීම් පොතක් ලෙස නිකුත් කර ඇති ගිරා සන්දේශයෙහි ද පද්‍ය 254කි.  දෙහිගස්පේ පඤ්ඤාසාර, පලන්නෝරුවේ විමලධම්ම යන හිමිවරුන්ගේ සංස්කරණයෙහි පද්‍ය 243කි. ගද්‍ය ඛණ්ඩ හතරකි. ඒවාට වෙනම ම රෝම ඉලක්කම් යොදා ඇත. ඒ අනුව එහි පද්‍ය හා ගද්‍ය ඛණ්ඩ 247කි. ඉහත දැක්වූ ප‍්‍රමාණයන් කෙසේ වුව ද සැලකිල්ලෙන් ගිරා සන්දේශ සංස්කරණ රැුසක් විමසා බැලූ අපට පෙනී ගියේ පද්‍ය හා ගද්‍ය ඛණ්ඩ 254ක් ලෙස පිළිගැනීම සාර්ථක බවයි. එ අනුව ගිරාවේ, සිවුපද 229කි. දසපද හෑලි 11කි. ගී 08කි. ගද්‍ය ඛණ්ඩ 06කි. ගමන් මග ජයවර්ධන පුරයේ සිට තොටගමු වෙහෙර දක්වා ගිරවාගේ ගමන් මාර්ගය වැටී ඇත. මෙම දුර යාමට ගිරවාට දින හතරක් ගතවී ඇත. ඉරු දින සවස හත නැකත යෙදී කන්‍යා රාශියෙහි ගුරු - සිකුරු දෙදෙනා පිහිටීමෙන් යෙදුණු සුභ මුහුර්තයෙන් ගිරවා පිටත් වී ඇත. පළමු දිනය :- ගිරවා ජයවර්ධන පුරයෙහි සිරි නරඹා, පැරකුම් රජ සබයට පිවිස, එය ද නරඹා, රජතුමාගෙන් අවසර ගනියි. දළ\ ගෙට ගොස් දළ\ වහන්සේ ද වැඳපුදා ගනියි. ඉන් පසු මහ වෙහෙරට පැමිණ දහම් ඇදුරු හිමියන් ඇතුළු ස`ග ගණ වැඳ ගමන ආරම්භ කරයි. අනතුරුව පැරකුම් රජු කරවූ පොහොය ගෙය නරඹයි. ඉන්පසු යටියන ඔස්සේ පැපිළියානට පැමිණෙන ගිරවා එහි විහාරයෙහි පවුර අසල මී අඹ ගසක පළමු රාත‍්‍රීය ගත කරයි. දෙවන දිනය :- එහි ත‍්‍රිවිධ චෛත්‍යය ද, සුනේත‍්‍රාදේවී මහ පිරවෙණෙහි නාහිමියන් ද නමැද නික්මෙයි. අත්තිිඩිය, මොරටුඑළිය, පොල් උයන්, පානදුර, පොතුපිටිය පසුකර කෙත්වතු නරඹමින් කළුතොටට පැමිණ, කළු ග`ග අයිනේ ම`දනල විඳිමින් දිය කෙළි නරඹා, විසිතුරු ගසක ලැගුම් ගනියි. තෙවන දිනය :- උදයේ අවදි වී ගමන් අරඹයි. කලමුල්ල, පයියාගල (පයාගල* විහාරය, නරඹා මග්ගොන පසුකර බේරුවලට පැමිණෙයි. ඉන්පසු වනවාසේ විහාරයට ගොස් බුදුන් වඳියි. කොමළ`ගනන් දකිමින් පරතරකය පසුකොට, සවස් යාමයේ වැලිතොට අම්බලම අසල ගසක නවාතැන් ගෙන, රාත‍්‍රිය මුළුල්ලේ අම්බලමේ නවාතැන් ගත්තන්ගේ කතාබහට සවන්දෙයි. සිවුවන දිනය :- උදෑසන පිටත්ව මහදම්පා මුවදොර පසුකර කසායෙන් ගොස් තොටගමුවට පැමිණ මුහුදු වෙරළ, වෙහෙර උයන, වෙහෙර හා විජයබා පිරිවෙණ නරඹා බුදුන් වඳියි. ඉන්පසු රාහුල මාහිමියන් හමුවී අස්න පවසයි. විශේෂ ලක්ෂණ සෙසු සන්දේශ හා තුලනය කර බැලීමේ දී ගිරාවෙහි විශේෂතා කිහිපයක් හඳුනාගත හැකි ය.  ගිරාවට පෙර ලියවුණු සන්දේශවල ග‍්‍රාහකයා වූයේ දෙවි කෙනෙකි. නැතහොත් රජතුමා හෝ වෙනත් ප‍්‍රභූවරයෙකි. මුල්වරට තෙරකෙනෙකු අතට පත්වන සන්දේශය ගිරාවයි. රජුනට සෙත්පතා නාථ දෙවියන් යදින ලෙස රාහුල හිමියන්ට දැනුම් දීම මෙහි දී සිදුවෙයි.  වැලිතොට අම්බලමට රැුස්වූවන්ගේ කතාබහක ව්‍යාජයෙන් ඉදිරිපත් කෙරෙන ‘අම්බලමේ කතා’ නැමැති වර්ණනය ද වෙනත් කිසි ම සන්දේශයක දැකගැනීමට නැති කදිම වර්ණනයකි.  ස්වභාව සෞන්දර්ය වර්ණනයෙහි ලා ගිරා සන්දේශයට ඉහළින් සිටින වෙනත් සන්දේශයක් නොමැති තරම්ය.  සම්භාව්‍ය සිංහල සන්දේශ කාව්‍ය අතර පද්‍ය ප‍්‍රමාණය අතින් දෙවන ස්ථානය හිමිවන්නේ ද ගිරාවට ය. මෙය දෙවැනි වන්නේ පද්‍ය 291ක් ඇති කෝකිලයට පමණි.  සැළලිහිණි සන්දේශය හැර ඉන් පෙර රචිත සියලූ ම සන්දේශ නා නා වෘත්තයන්ගෙන් ම බැඳී තිබේ. ඒ සියල්ලෙන් ම වෘත්ත බහුල සන්දේශය මෙම ගිරා සන්දේශය යි. (රැුකව පාලිත හිමි - ගිරා සන්දේශ විවරණය*  මෙතරම් සමාජ තොරතුරු වෙන කිසි ම සන්දේශ ග‍්‍රන්ථයක නැත්තේ ය. (බද්දේගම විමලවංස හිමි*  මේ සන්දේශය ද ප`ඩුවන්ගේ අනභිමුඛයෙහි තැබිය යුත්තක් නොවේ. සිය බසින් (සිංහලයෙන්* රචිත අනෙක් සන්දේශයකට දෙවැනි නොවන බැව් මෙහි භාෂා විලාසයත්, වර්ණනාත් ගැන සලකා බලන්නෙකුට අවබෝධ විය යුතු ය. ( පනම්ගල ජිනරතන හිමිි * උද්ධෘත පද්‍ය රචනා ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දී භාවිතයට ගත හැකි ප‍්‍රශස්ත පද්‍ය ඒ ඒ වර්ණනාවන්ගෙන් උදුරා ගෙන මෙහි දක්වමු. විචාර ලියා ශිෂ්‍යයන් අතට පත් කිරීමට අපි කැමැත්තෙමු. නමුත් ඒ ස`දහා විශාල පිටු ප‍්‍රමාණයක් වැය වේ. අපට ලැබී ඇති කාලය ද සීමිතය. එහෙයින් වෙනම ම ගිරා සන්දේශ විචාරයක් සකස් කිරීමට පටන් ගතිමු. එය පසුව ඔබ අතට පත් කිරීමට බලාපොරොත්තු වෙමු. උදුරාගත් පද්‍යයන් සම්පූර්ණයෙන් ම මෙහි නොදක්වා පළමුවන පාදය පමණක් පද්‍ය අංකය සම`ග දැක්වීමු. එවිට ගිරා සන්දේශය පෙරළා නියමිත පද්‍යයෙන් සොයාගැනීමට ශිෂ්‍යයාට හැකිවේ. මෙහිලා විශේෂයෙන් සිහි තබාගත යුතු කරුණක් ඇත. එනම් දැනට පළවී ඇති විවිධ ගිරා සන්දේශ සංස්කරණවල එන පද්‍ය ප‍්‍රමාණයන් අතර විෂමතා පවතින බවයි. එහෙයින් මෙහි දී ඇති අංකයට ම අනුව පද්‍යයන් සොයා ගැනීමට අපහසු වනු ඇත. විද්‍යාර්ථීහු කවිපදය දෙස ම බලත්වා. (අප මෙහි පද්‍ය අංක යොදා ඇත්තේ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රසිද්ධ කොට ඇති ගිරා සන්දේශය අනුව බව සලකන්න.*  ¥ත වර්ණනාව සැරද කිර රද ස`ද (1* ඉ`දු දුනු පැහැ දිනු (2* දිරා වැටෙන තුරු තුර නොහැර ඉ`ද තොසේ (5* පෙමා වඩන ඉටු සකි ස`දිනි දස දෙස (6* හිමසෙල් අතර කෙළලක් රකුසන් විසිනි (8* බඹදත් රද රදුන් හට විස යෙ¥ ස`ද (9*  ජයවර්ධනපුර වර්ණනාව ජයවද්දන දැනුමැති මැති යුත් පවර (13* එන ස`ද පෙර මෙපුර කිරිසි`දු දුව තුටුව (15* ස`ද රිවි තමන් රහුමුව පත් වූ සෙ`දහී (17* හය කුර ගසින් නැගි රෙදෙසින් හිවි අඹර (18* සොබන නොයක් පහ මිණිබිතිනි මනහර (21* පියකරු තෙනෙන් පැරදී පිවිසි වන විල (24* රොදක් කන අල මුතුපට ගොතා බැ`ද (26*  දිය කෙළි වර්ණනාව සුරග`ග දිය කෙළනා යුරු සුරඹා (81* කෙළනා ලිය පියවුරු බිත ගැසෙමිනි (83* කියමින් වෙන වෙන වාසී පෑ බල (84* කොමළ`ගනන් වුවනත් උඩුකුරු කොට (86* න`දනා දන නෙත් පැහැ ලණු ලා සිට (88* සෙදනා ලොවිනා ල`දුනා ලෙසිනා (89*  මාර්ග වර්ණනාව ගවසා සුනිල් වරලස කුසුම පටියෙන (61* සිත් එඩියෙන් යුද කර තම හිමි යෙහෙන (71* ලක කොමළ`ග සමනොළ ගිරි හිසින් යුතා (79* සිත් සනහන රත් ලවනත බිඹු පලය (103* රන්පන් සවන් යොන් ලිය ර`දනා නිමල (104* මත්වන අබින් කංසා කා ර`ඵ පර`ඵ (105*  ස්වභාව සෞන්දර්ය වර්ණනා සරණවි රැුවු කෙරේය තුරු සිරේය (167* ස`දරැුස් වතුරු ලොව පිරෙමින් බසින ස`ද (169* සිකි පිල් සත් කෙළේය ගිරි කුළේය (171* දිලිහෙන ග`ගුලැලිීය ඇද හැලීය (172* අතු අතිනැද ගසාය තුරු රැුසාය (173* වන විල් වැද බොල් සෙවෙලැ`ග තවරා (179* විල් තෙරවළ බි`ද හෙව ම`ඩ තවරා (180* වැද සෙද උනුනට පසු නොබසමිනේ (181*  තොටගමු විජයබා පිරිවෙන් වර්ණනාව මහරු මහ ස`ගන එවෙහෙර තුර ර`දන (207* තුරු යටියෙන් හුණු පැටි ලෙහෙනුන් රැුගෙන (208* පත`ග කිරණ දුරු කළ දද ගළපාය (217* මනරම් වෙහෙර තුළ තැන තැන සපැමිණිය (219* සමහර සුපිළිපන් ස`ග ගණ මන මෙනය (221* ගැඹුරු නොයෙක තැන් පිළිවස සිත් ලෙසින (222* තියුණු නැණින් කෙරෙමින් සැක නිවාරණ (223* මුනිවිරු දෙසූ සදහම් මෙන් ඇම දවස (225* සිරිමත් සො`දුරු එ වෙහෙර තැන තැන ලකු`ඵ (227*  රාහුල හිමි වර්ණනාව හරගිරි රසිනුදුළ - දිනිසුරු අලකපුර යුරු (11* ගැඹුරු විජම් පෙළ කිරි සයුර ඇම විට (234* සසමය සතර සි`දු අගතිසි කරතලය (238* පසි`දු රුසිරු සරසවි ලිය රැු`දි නිතොර (240* තිවට කසුබු ඉසි සුරගුරු මෙන් සුබද (241* තොසී තරණ මිසදිටුවන් බස් අබ`ද (243* පසැස් පසැස් කර වදහළ ලෙස ම සො`ද (246*  සයවැනි පරාක‍්‍රමබාහු රාජ වර්ණනාව පවර ඉසුරු පරසි`දු දම්බා විරිදු (29* මෙ රද ගුණෙන් සව්සත සිත් සැනහැවිය (31* මෙ රද රුපුන් කර පා වැජඹි මෙ දියත (33* සොරකම් කර රැුගෙන වෙන වෙන වෙස් රුදුරු (36* සුරතුරු අයුරු අතු අත රැු`දි කනාලිය (39* තෙදින් රිවි බිම්බා (26* මෙරද සිරි සරණය (131* මු`ඵ දඹදිව අවට (139* මුනි බණ අසා නිති (154*  ශබ්දාර්ථ රස ජනනය වෙරළ ඉගිළ තුළ රළ වැළ ලෙස උලෙළ (27* සෙදනා ලොවිනා ල`දුනා ලෙසිනා (89* අතු අතිනැද ගසාය තුරු රැුසාය (73* සරණවි රැුවු කෙරේය තුරු සිරේය (167* දිලිහෙන ග`ගුලැලීය ඇද හැලීය (172* මල් රොන් තුරු සිරේය නිරතුරේය (205*  ප‍්‍රතිභාන්විත කවීත්වය සුවිසල් අගළ දිය තුළ පෙනෙන මනහර (16* පියකරු තෙනෙන් පැරදී පිවිසි වනවිල (24* න`දනා දන නෙත් පැහැ ලණු ලා සිට (88* අතු අතිනැද ගසාය තුරු රැුසාය (173* වැද සෙද උනුනට පසු නොබසිමිනේ (181* කොමළ`ගනන් වුවනත් උඩුකුරු කොට (86*  ස්වභාව වර්ණනය හෙවත් ඇත්ත ඇති සැටියෙන් කීම වන විල් වැද බොල් සෙවලැ`ග තවරා (179* විල් තෙරවළ බි`ද හෙව ම`ඩ තවරා (180* මහරු මහ ස`ගන එ වෙහෙර තුර ර`දන (207* තුරු යටියෙන් හුණු පැටි ලෙහෙනුන් රැුගෙන (208* තුරු වැල උදුල ස`දරැුස් පිරි නුබ ගැබද (97* 03. ඩිංගිරිමැණිකා ඩිංගිරිමැණිකා නවකතාව ඇසුරින් පසුගිය වසරවල දී අසා ඇති ප‍්‍රශ්න.  පියදාස සිරිසේන සමකාලීන ජාතික හා ආගමික පුනර්ජීවනය ස`දහා ප‍්‍රබන්‍ධ කතාව උපයෝගී කරගත් ආකාරය ඩිංගිරිමැණිකා නවකතාව ඇසුරින් විමසන්න. (2010*  ඩිංගිරිමැණිකා නවකතාවෙන් ජාත්‍යානුරාගය හා දේශවාත්සල්‍යය පුබුදුවාලීමට කතුවරයා ගත් උත්සහය කෙතරම් දුරට සාර්ථක වී දැයි විමසන්න. (2009*  ”ඩිංගිරිමැණිකා නවකතාව වූ කලි කාලීන අවශ්‍යතා සම්පූර්ණ වන සේ රචිත කෘතියකි.” මේ පිළිබ`ද ඔබගේ අදහස් දක්වන්න. (2008*  ඩිංගිරිමැණිකා නවකතාවෙහි අන්තර්ගත කරුණු සමාජය යහම`ගට යොමු කිරීම ස`දහා කොතෙක් දුරට වැදගත් වේ දැයි සාකච්ඡුා කරන්න. (2007*  ඩිංගිරිමැණිකා නවකතාවෙන් හෙළි වන සාම්ප‍්‍රදායික සිංහල සමාජය කෙබඳු එකක් දැයි එහි එන චරිත ඇසුරෙන් විමසන්න. (2006*  ඩිංගිරිමැණිකා නවකතාවේ අභිමත චරිතයක් තෝරාගෙන එහි නිරූපණය විමසීමට ලක් කරන්න. (2005* නවකතාවක් යනු කුමක්ද? සාහිත්‍ය අංගයක් පිළිබ`ද නිශ්චිත හෝ ස්ථීර නිර්වචනයක් දීම අති දුෂ්කර කර්තව්‍යයකි. සාහිත්‍ය අංගයන් පිළිබ`ද පොදු එක`ගතාවයකට පත් නිර්වචන හෝ නිගමනයන් නැතැයි කීම සත්‍යයට වඩාත් ලංවනු ඇත. ”නවකතාව” නම් සාහිත්‍යාංගය සම්බන්ධයෙන් ද පෙර කී කරුණු අදාල වෙයි. ශතවර්ෂ කිහිපයක් පුරා විකාශනය වී ඔපමට්ටම්ව ඇති නවකතා කලාව පිළිබ`ද විද්වතුන් විසින් අපමණ අදහස් පළකර ඇත. එසේ වුවත් සියල්ලන් ම එකහෙලා පිළිගන්නා නිර්වචනයක් ඒ අතර දැකගත නොහැකි ය. නමුත් සාර්ථක නිර්වචන කිහිපයක් ම ඒ අතර පවතින බව දැකගත හැකි ය. ‘‘මානව ජීවිතය විවරණය කරන ගද්‍යමය කල්පිත ආඛ්‍යානය නවකතාව නම් වෙයි’’ (ඒ. බේකර්* ‘‘නවකතාව වනාහි කතන්දරය, නාට්‍යය හා කාව්‍යය යන අංග තුනේ සංකලනයෙන් පහළ වූ අපූරු කලා මාධ්‍යයකි’’ (එෆ්. ආර්.ලීව්ස්* ‘‘නවකතාව වූ කලි අව්‍යාජ ජීවිතයේ සහ ගති සිරිත්වලත් එය රචනා කරනු ලබන කාලය පිළිබ`දවත් චිත‍්‍රයකි’’ (ක්ලේරා රිච්* ‘‘නවකතාව යනු නාට්‍යාංගයන්ගෙන් සැදුණු කාව්‍යයකි’’ (නූතන බටහිර විචාරකයෙක්* ”නවකතාව යනු කතුවරයා විසින් නිර්මාණය කරන ලද්දක් හෙයින් නවතම වස්තුවක් වන, පාඨකයා කාල්පනික සත්‍ය ලෝකයට ගෙන යන, සෑහෙන තරම් දිග, ග‍්‍රන්‍ථාරූඪ කරන ලද ගද්‍යමය ආඛ්‍යානයකි” (සරත්චන්ද්‍ර වික‍්‍රමසූරිය - නවකතා විවරණය* ‘‘යථාර්ථවාදී පදනමකින් යුතු , මනා හේතු ඵල සබ`දතාවක් ඇති, සංකීර්ණ චරිත නිරූපණයකින් යුත් ප‍්‍රබන්ධය නවකතාවක් ලෙස සැලකිය හැකිය’’ ඩිංගිරිමැණිකා නවකතාව රචනා වූ කාලයේ සමාජ පසුබිම ඩිංගිරිමැණිකා නවකතාව රචනාවූ කාලයේ පැවැති සමාජ පසුබිම පිළිබ`ද අවබෝධයක් ලබා තිබීම ද රචනා ප‍්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ දී ශිෂ්‍යයන්ට ඉතා වැදගත් වේ. කි‍්‍ර.ව. 1505හේ දී ලක්දිවට පෘතුගීසි ආක‍්‍රමණ එල්ල විය. ඉන්පසු ලන්දේසි, ඉංග‍්‍රීසි ආක‍්‍රමණ එල්ල විය. එත් සමගම ඔවුන්ගේ සංස්කෘතිය හා අපගේ සංස්කෘතිය එකට මුසුවිය. විශේෂයෙන් ම ලක්දිව මුලූමනින් ම තමන් යටතට ගත් ඉංග‍්‍රිසීහු තම සංකර සිරිත් රැුසක් අපේ සංස්කෘතියට මුසු කළහ. ගසට පොත්ත මෙන් බැඳී තිබුණු ගිහි පැවිදි සබැඳියාව බිඳ දැමූ ඔවුහු ක‍්‍රිස්තියානි ආගම ප‍්‍රචාරය කිරීමට පටන්ගත්හ. ඉංග‍්‍රීසීන්ට ගැතිකම් කළ නිවට සිංහලයන්ට විශේෂ වරප‍්‍රසාද හිමිවිය. ඉතා අර්ථවත් බුද්ධදාස, ධර්මපාල, සීලවතී, ගුණවතී වැනි නම් වෙනුවට පීටර්, ඬේවිඞ් , රොසලින්, ජොසපින්, සිසිලින් වැනි විදේශීය නම් පට බැඳගත් ඇතැම් සිංහලයෝ ඉංග‍්‍රීසි හෝඩියවත් නොදත් නමුත් ඉංග‍්‍රීසියෙන් අත්සන් තැබූහ. ගවඝාතනය, සුරාව, සූදුව වැනි දුරාචාරයන්ට සිංහලයන් ගොදුර විය. හෙළ සිරිත් විරිත්, ගුණධර්ම අමතක කළ සිංහලයෝ හනිමුන් යාම, උපන්දින සාද පැවැත්වීම ආදිය උසස් කුල සිරිත් ලෙස සැලකූහ. මෙලෙස සිංහලයා තුළින් තුරන්ව ගිය ජාත්‍යාලය, සදාචාරය, ස්වදේශමාමකත්වය යලි ඇතිකිරීම පිණිස හික්කඩුවේ සුමංගල හිමි, අනගාරික ධර්මපාලතුමා වැනි දේශහිතෛශීන් පෙරමුණ ගෙන කටයුතු කළහ. ඔවුන්ගේ එම උදාර සේවයට උරදෙමින් සාහිත්‍යය හරහා ඉමහත් මෙහෙයක් සිදුකිරීමට පියදාස සිරිසේන මහතා වෙහෙස වූ ආකාරය ඔහුගේ නිර්මාණ කියවා බැලීමෙන් තහවුරු වේ. ”අපේ පොත් වලින් සදාචාරයත්, ස්වජාති මාමකත්වයත්, ආගම් භක්තියත් ඇතිවන බව කිව යුතුය. රත්න මාණක්‍යයක් තිරිවානා ගලක් මෙන් විශාල නොවෙතත් එහි අගය බොහෝය. අපේ මේ පොතේ අගය ද එලෙස ය.” (පියදාස සිරිසේන - ඩිංගිරිමැණිකා සංඥාපනය* පියදාස සිරිසේන සිංහල නවකතා සාහිත්‍යය නියෝජනය කරන මුල්කාලීන ලේඛකයෙකු ලෙස හඳුනාගත හැකි පියදාස සිරිසේන මහතා 1875 අගෝස්තු 31 දින ඉඳුරුව ප‍්‍රදේශයට ආසන්න අ`ගුරුවැල්ල නම් ගමේ දී උපත ලැබීය. 18 වැනි වියේ දී ‘ඔවදන් මුතුවැල’ නමැති කෘතිය රචනා කරමින් ග‍්‍රන්ථකරණයට පිවිසි මෙතුමා කවියෙකු ලෙස ද, නවකතාකරුවෙකු ලෙස ද ජනප‍්‍රියත්වයට පත්විය. සිතුමිණ, සරසවි සඳරැුස, සිංහල බෞද්ධයා වැනි පුවත්පත්වල කතුවරයෙකු ලෙස කටයුතු කළ එතුමා 1904දී ‘සිංහල ජාතිය’ පුවත්පත ආරම්භ කළේය. මෙතුමාගේ පළමු නවකතාව වන ”වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින්’” යන නවකතාවේ පිටපත් 25000ක් වසර කිහිපයක් තුළදී අලෙවි වීමෙන් පෙනීයන්නේ විශාල ජනප‍්‍රියත්වයක් හිමි කරගෙන සිටි බවයි. තවත් බෞද්ධ නායකයන් කිහිපදෙනෙකු සම`ග රට ජාතිය වෙනුවෙන් සිරබත් කෑමට ද මෙතුමාට සිදුවී ඇත. එසේ සිරගතව සිටි කාලයේ දී එතුමාට ලැබුණු බයිබල් පොතක අෂ්ඨලෝක ධර්මචක‍්‍රය නමැති ග‍්‍රන්ථය ලියූ බව පැවසේ. පියදාස සිරිසේනයන් විසින් රචනා කරන ලද ප‍්‍රබන්ධකතා නාමාවලිය 01. වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින් 02. අපට වෙව්ච දේ 03. මහා වියවුල 04. තරුණියකගේ පේ‍්‍රමය 05. අෂ්ඨලෝක ධර්මචක‍්‍රය 06. ඩිංගිරිමැණිකා හෙවත් වික‍්‍රමපාලගේ පළමුවෙනි වික‍්‍රමය 07. විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය හෙවත් වික‍්‍රමපාලගේ දෙවෙනි වික‍්‍රමය 08. වලව්වක පලහිලව්ව හෙවත් වික‍්‍රමපාලගේ තුන්වෙනි වික‍්‍රමය 09. ශ‍්‍රී ලංකා මාතා 10. ඉෂ්ට දෙවියා හෙවත් වික‍්‍රමපාලගේ සතරවෙනි වික‍්‍රමය 11. සුචරිතාදර්ශය හෙවත් සරත් කුමාර චරිතය 12. අද්භුත ආගන්තුකයා 13. චින්තාමාණික්‍ය රත්නය 14. යන්තම් ගැලවුනා 15. පරිවර්තනය 16. පසන් නිවස 17. මහේශ්වරී හෙවත් වික‍්‍රමපාලගේ පස්වෙනි වික‍්‍රමය 18. පළමුවෙනි පාසැල 19. ඩෙබරකෙල්ල හෙවත් වික‍්‍රමපාලගේ හයවෙනි වික‍්‍රමය 20. අන්තිම කැමැත්ත රට ජාතිය, ආගම වෙනුවෙන් අමරණීය සේවයක් කළ එතුමා 1946 මැයි මස 22 දින අභාවප‍්‍රාප්ත විය. ”සිරිසේන මහතා නවකතා ලියුවේ පාඨකයන්ගේ විනෝදය සඳහා හෝ මනුෂ්‍ය චරිත විභාග කිරීම සඳහා හෝ නොවේ. ඔහුගේ පරමාර්ථය වූයේ සිංහල ක‍්‍රිස්තියානිකාරයන් නැවත බුුද්ධාගමට හරවා ගෙන සිංහලයන්ගේ නැතිවී යන සභ්‍යත්වය නගා සිටුවාලීම ය” (එදිරිවීර සරච්චන්ද්‍ර - සිංහල නවකතා ඉතිහාසය හා විචාරය* ”සිංහල ජාතිය” නම් ස්වකීය ප‍්‍රවෘත්ති පත‍්‍රය මගින් ඔහු ධර්මපාල තුමාට උපස්තම්භක විය. ජයතිස්ස හා වික‍්‍රමපාල ආදි පුද්ගලයන් නිර්මාණය කිරීමේදී ඔහුගේ මනස ඉදිරියෙහි අනගාරික ධර්මපාල තුමාගේ චරිතය තිබෙන්නට ඇතැයි සිතිය හැක” (එදිරිවීර සරච්චන්ද්‍ර - සිංහල නවකතා ඉතිහාසය හා විචාරය* ”පරීක්‍ෂක ප‍්‍රබන්‍ධ නමැති මේ කථා වර්ගයෙන් රටේ පවත්නා ගුප්ත කරුණු එලිකරන්ටත් රටවාසීන්ගේ සදාචාරයට බාධක, බලවත්, අයුතු ක‍්‍රියා මර්දනය කරන්ටත් පිළිවන.......... දේශපාලනය, අර්ථ සංවර්ධනය, සදාචාරය, ජාතිමමත්වය ආදිය සාමාන්‍ය ජනයාට ඉගැන්වීමට තිබෙන උපාය මේ ප‍්‍රබන්ධ කථා බව අපට අවබෝධ වූයේ පාඨශාලාවට යන කාලයේදීමය.” (විමලතිස්ස හාමුුරුවන්ගේ මුදල් පෙට්ටිය - සංඥාපනය* ඩිංගිරිමැණිකා නවකතාවේ කතා සාරය මෙම නවකතාවේ කථකයා කෝන්ගොඩ වික‍්‍රමපාල යි. ප‍්‍රධාන චරිතය ලෙස දිස්වන්නේ ද ඔහුගේ චරිතය යි. වික‍්‍රමපාල ළදරු වියේ දී මව මියගිය අතර හත් හැවිරිදි වියේ දී පියාද මිය ගියේය. මියයන මොහොතේ දී වික‍්‍රමපාල තමන් ල`ගට කැඳවාගත් පියතුමා මෙසේ පවසයි. ”වික‍්‍රම , නුඹේ කේන්ද්‍රයේ හැටියට නුඹ හොරෙක් විය යුතු ය. නමුත් වීර්ය කළොත් හොරෙක් නොව හොරු අල්ලන්නෙක් ද විය හැකි ය.” රටපුරා ඇවිද නොයෙක් දේවල් උගත් වික‍්‍රමපාල ප‍්‍රසිද්ධ රහස් පරික්‍ෂකයෙක් විය. ඉංග‍්‍රීසි, දෙමළ භාෂා ද හදාළ ඔහු බුදු දහම ද මැනවින් උගත්තේය. දිනක් මරදානේ සිට නානුඔයට දුම්රියෙන් යන ඔහුට මීවිටිගල නිලමේ නමින් ප‍්‍රසිද්ධව සිටි උඩරැුටියෙකු හමුවිය. මීවිටිගල නිළමේ සිය එකම දියණිය හදිසියේ අතරුදහන් වීම නිසා ඉතා සංවේගයට පත්ව සිටියේ ය. කෝන්ගොඩ වික‍්‍රමපාල රහස් පරික්‍ෂකයෙකු ලෙස ප‍්‍රසිද්ධව සිටියේ ය. එහෙයින් නිලමේ මෙම හමුවීම පිළිබ`ඳ මහත් සොම්නසට පත්ව ඔහු තමාගේ වලව්වට කැටුව ගියේ ය. නිලමේගේ දියණිය වූ ඩිංගිරිමැණිකා කලකට පෙර අතුරුදන් වූ බවත් එදින ම වලව්වේ සිටි වැඩකාරිය වූ මැගි නෝනා ද අතුරුදන් වූ බවත් වික‍්‍රමපාලට දැනගන්නට ලැබුණි. ඩිංගිරිමැණිකා සිය ගමේ ම පහත් යැයි සම්මත කුලයක රම්බණ්ඩා තමැති තරුණයෙකු හා පෙමින් වෙලී සිට ඇත. එයට විරුද්ධ වූ මීවිටිගල වලව්වේ දෙමහල්ලෝ ඩිංගිරිමැණිකාට වෙනත් විවාහයක් සූදානම් කළහ. නවරත්න නම් වූ එම තරුණයා සාරධර්ම අගයන සදාචාර සම්පන්න අයෙකු නොවන බව දැනසිටි ඇය එම විවාහයට අකමැතිවූවාය. කෙසේ වුවත් දෙමාපියෝ මගුලට කටයුතු සුදානම් කළහ. ඩිංගරිිමැණිකා අතුරුදහන් වූයේ මේ අතුරතුර ය. ඇය අතුරුදන්වීම සම්බන්ධයෙන් වරදකරු වූ රම්බණ්ඩා වසර තුනකට සිරගත කොට ඇත. ඩිංගිමැණිකා පිළිබඳ කිසියම් ආරංචියක් නැත. ඇය සොයා දුනහොත් තමන් සතු වස්තුවෙන් හරි අඩක් දෙන බව මීවිටිගල දෙමහල්ලෝ පැවසූහ. එය ප‍්‍රතික්‍ෂෙප කළ වික‍්‍රමපාල රු. 10000ක් පමණක් ප‍්‍රමාණවත් බව ප‍්‍රකාශ කළේය. වික‍්‍රමපාල සිය මෙහෙයුම ආරම්භ කළේය. බෝගම්බර සිරගෙදරට ගිය ඔහු රම්බණ්ඩා හමුවී තොරතුරු රැුසක් දැනගත්තේය. වලව්වේ මෙහෙකාරකමට පැමිණ සිිට මැගී සෙරකි. වලව්වේ තිබුණු මුතුමැණික්, මිලමුදල් ආදිය පැහැරගෙන යාමට සිතා ඇය එහි පැමිණ සිට ඇත. නවරත්න සමග විවාහවීමට අකමැති වූ හෙයින් රම්බණ්ඩා සමග හොරෙන් පැනයාමට ඩිංගිරිමැණිකා තීරණය කරගෙන තිබුණි. මැගී ද හොර බඩුත් ගෙන පැනයාමට සුදානම්ව සිටියේ ඩිංගිරිමැණිකා පැනයාමට සිටි දිනයේ ම ය. අගෝරිස් අප්පු නමැති හොරා මැගී කැටුව යාමට පැමිණෙන බව කියා තිබුණි. රම්බණ්ඩා ඩිංගිරිමැණිකාව කැටුව යාමට පැමිණෙන බව කියා තිබුණි. රාත‍්‍රියේ වලව්ව අසල මෝටර් රථයක් ද තබාගෙන ඩිංගිරිමැණිකා එනතෙක් බලා සිටි රම්බණ්ඩා කරුවලේ පැමිණි මැගීට රැුවටී ඇයව මෝටර් රථයෙහි නන්වාගෙන වහා ම පිටත්විය. මැගී කැටුව යාමට පැමිණ සිටි අගෝරිස් අප්පුට ඩිංගිරිමැණිකා හමුවිය. ඇය රන්, රීදි, මුතු, මැණික් විශාල ප‍්‍රමාණයක් ද මුදලින් රුපියල් 40000ක් ද ගෙනවිත් තිබුණි. අගෝරිස් අප්පු ඒ සියල්ල පැහැරගත්තේය. පොලිසියට හසුවූ පසු සියලූම වැරදි රම්බණ්ඩා පිට පැටවූ මැගී මාස තුනක් හිරබත් කා සිය ගම් ප‍්‍රදේශය වූ නාවලපිටියට ගියාය. රම්බණ්ඩා වසර තුනකට සිරගත කෙරිණි. වික‍්‍රමපාල මේ තොරතුරු සියල්ල දැනගනගත්තේ හිරගෙදර සිටි රම්බණ්ඩාගෙනි. මැගී සොයා නාවලපිටියට ගිය වික‍්‍රමපාල ඇය සුරාවෙන් මත්කොට අගෝරිස් අප්පු පිළිබඳ තොරතුරු දැන ගත්තේය. අගෝරිස් අප්පු ප‍්‍රසිද්ධ සොරෙකු බවත් ඔහු බොහෝ කාලයකින් නොදැක්ක බවත් ඇය කීවාය. අගෝරිස්ගේ මිත‍්‍රයෙකු වු ඖෂධහාමි නමැත්තා පිළිබ`ද තොරතුරු ද ඇය ඔහුට කීවාය. වික‍්‍රමපාල ඖෂධහාමිගේ නිවසට ගොස් අගෝරිස්ගේ අයියා ලෙස ර`ගපෑවේය. දුම්රියපලෙහි බර උසුලන (නාටාමි* පොඩි අප්පු පිළිබ`ද තොරතුරු ඖෂධහාමිගේ ගෙදරින් දැන ගැනීමට ඔහුට හැකිවිය. පොඩි අප්පු යනු අගෝරිස්ගේ සොරමුලෙහි සිටි පැරණි සොරෙකි. ඔහු දැන් සොරමුලට සම්බන්ධ නැත. පොඩි අප්පුට මත්වතුර අරන් දී යහ`ඵ කොටගත් වික‍්‍රමපාල සොරමුල හා ඩිංගිරිමණිකා පිළිබ`ද තොරතුරු රැුසක් අසාගත්තේය. ඒ අනුව සොරමුල නිරතුරුව වාසය කර ඇත්තේ කුරුණෑගල බවත් සොර මුලේ ප‍්‍රධාන සොරා වූ බබා සිඤ්ඤෝ ඩිංගිරිමැණිකාවත් රැුගෙන දකුණු පළාතට පලාගිය බවත් වික‍්‍රමපාලට දැනගන්නට ලැබුණි. දකුණු පළාතට ගොස් තොරතුරු සොයා බැලූ නමුත් කිසිවක් දැනගැනීමට වික‍්‍රමපාලට නොහැකි විය. පසුව කුරුණෑගල ගනේවත්ත ප‍්‍රදේශයට ගිය ඔහුට තාපසයෙකු හමුවිය. තාපසයාගෙන් සොරමුල පිළිබ`ද තොරතුරු දැනගත් ඔහු සොරුන් සැ`ගවී සිටි යාපහුව කැලයට තනිව ම පිටත් විය. මෑත කාලයක කිසියම් පිරිසක් එහි විසූ බවට සාධක එහි දී ඔහුට හමුවිය. රෙදි කැබලි, පුවක් ලෙලි, පොල්කටු ආදිය ඔහුට දැක ගැනීමට හැකිවිය. එහි දී අගෝරිස් අප්පුගේ මළ සිරුර ද ඔහුට හමුවිය. මළ සිරුරෙහි තිබූ පොට්ටනි දෙකක ඩිංගිරිමැණිකා ගෙදරින් ගෙන ආ රන්, රිදී, මුතු, මැණික් ද රු. 40000ක මුදල ද තිබුණි. රම්බණ්ඩාගේ ඡුායාරූපයක් ද එහි දී ඔහුට හමු විය. එහි පිටුපස පැන්සලකින් ලියූ කවි කිහිපයක් ද විය. හමු වූ වස්තුව ඉහත කී තාපසයාගේ ගුහාවේ ස`ගවා වටපිට විපරම් කළ ඔහුට කැලෑකෝරාල නම් අයෙකු හමුවිය. ඔහුගෙන් ඩිංගිරිමැණිකා පිළිබ`ද දැනගන්නට ලැබුණි. කැලෑකෝරාලගේ වේශයෙන් ඩිංගිරිමැණිකා සිටි තැනට ගිය වික‍්‍රමපාල ඇය හමු වී සියලූ තොරතුරු දැනගත්තේය. මාස දහයක් පුරා සොරු 13 දෙනෙකුගෙන් බේරී සිටි ආකාරය ඇය විස්තර කළාය. මාර්තු මස 02 වන දින තෙක් කිසිවෙකු සම`ග විවාහ නොවන ලෙස සිය කේන්දරයේ කියා ඇති බවත් එදිනට පෙර විවාහ වුවහොත් තමන් මරණයට පත්වන බවත් පවසමින් බොරුවක් ගොතා ඇය සොරුන් රවටා තිබුණි. ඩිංගිරිමැණිකා හා වික‍්‍රමපාල කතා කරමින් සිටි ස්ථානයට පැමිණි බබා සිඤ්ඤෝ, කැලෑකෝරාල ලෙස වෙස්වලාගෙන සිටින්නේ වෙනත් අයෙකු බව හ`දුනාගත්තේය. නමුත් ඔහුට වික‍්‍රමපාල අල්ලා ගැනීමට නොහැකි විය. වහාම කොළඹ ගිය වික‍්‍රමපාල පැය හයක් යන තෙක් සිහිනැතිවන බෙහෙතක් ද රැුගෙන යළිත් කුරුණෑගලට පැමිණියේ ය. පෙර දිනක දී ගනේවත්ත දුම්රියපලේ දී දුටු මහල්ලෙකු කුරුණෑගල දුම්රියපලේ දී ම දුටු වික‍්‍රමපාල ඔහු සම`ග මිත‍්‍ර විය. ඔහුගේ නම අමාරිස් අප්පු නම් විය. මත්පැන් බොන්නට දී තොරතුරු විමසූ වික‍්‍රමපාලට දැන ගන්නට ලැබුණේ ඔහුගේ නංගිගේ පුත‍්‍රයා බබා සිඤ්ඤෝ නම් වන බවයි. ඔහු කුරුණෑගලට පැමිණ ඇත්තේ බබා සිඤ්ඤෝ හා ඩිංගිරිමැණිකා අතර හෙට සිදුකිරීමට නියමිත විවාහයට අවශ්‍ය ආහාර පාන, මත්පැන් ආදිය රැුගෙන යාමට ය. වික‍්‍රමපාල පෙර කී සිහි නැතිවන බෙහෙත මත්පැන්වලට දමා අමාරිස් අප්පුට බොන්නට දුන්නේය. ඉන්පසු බඩු බාහිරාදියත් රැුගෙන අමාරිස් අප්පුගේ වේශයෙන් සොරමුල සිටි තැනට ගියේය. හෙට දින විවාහ උත්සවයේ දී බීමට ගෙනයන අරක්කු බෝතල් දෙකට ද සිහිනැතිවන බෙහෙත කවලන් කිරීමට ඔහු අමතක නොකළේය. විවාහ උත්සවය වේලාවේ දී එම මත්පැන් පානය කළ සොරු සිහිසන්වූහ. ඩිංගිරිමැණිකා තමා හඳුනන ගෙදරක නවතා, රම්බණ්ඩාට නිදහස ලබා දී ඔවුන් අතර විවාහය සිදුකිරීමට වික‍්‍රමපාල කටයුතු කළේය. විවාහය ලියාපදිංචි කරන බව මීවිටිගල වලව්වට නොදැන්වීමට ඔහු වගබලා ගත්තේය. තමාට හමුවූ රු. 40000 සහ සෙසු වස්තුව ද මීවිටිගල වලව්වට බාර කළ වික‍්‍රමපාල රම්බණ්ඩා හා ඩිංගිරිමැණිකා වලව්වේ දෙමහල්ලන්ට බාර කළේය. පෙර පොරොන්දු වූ පරිදි රුපියල් 10000 ද ලැබුණි. ඩිංගිරිමැණිකා හෙවත් වික‍්‍රමපාලගේ පළමුවැනි වික‍්‍රමය මෙසේ නිමාවට පත්විය. පියදාස සිරිසේනයන් ඩිංගිරිමැණිකා නවකතාව තුළින් සමාජ දුර්වලතා පෙන්වා දීමට, ජාත්‍යාලය හා ස්වදේශමාමකත්වය ඇති කිරීමට වෙර දරන ආකාරය ශිෂ්‍යයන්ට රචනා ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ දී ඉවහල් කොටගත හැකි උද්ධෘත පාඨ පමණක් ඩිංගිරිමැණිකා නවකතාවෙන් උදුරාගෙන මෙහි දක්වමු. මෙහි උද්ධෘත අංක යොදා ඇත්තේ 2002 නව මුද්‍රණයට අනුව බව සලකන්න.  සුරාපානය පිළිකුල් කිරීම ”සුරාපානය මනුෂ්‍යයන්ගේ ලජ්ජා භයත්, ප‍්‍රකෘති සිහියත් නැති කරන විෂ වර්ගයකි. ඒ පානය කරන තැනැත්තා තමාටත් ලෝකයාටත් ඒකාකාරව ම අපරාධ කරන්නෙකි.” (76 පිටුව * ”මිත‍්‍රය , සුරා වෙළෙදාම පවතිනා රටේ තිබෙන අනිත් වැරදි දුරු කරන්නට කතරගම දෙවියන්ට තබා කාටවත් බැරිය. අතීසාරයට බෙහෙත් නොකොට නිකම් රෙදිවලින් තබා පට රෙදිවලින් අමුඩ ගැස්සුවත් බඩයාම නොනවතී.” (98 පිටුව* ”ඔය කියන ඩිංගිරිමැණිකේ සෙවීම සුරා පානය කරන අයෙකු තුළ උතුම් ගුණ ධර්මයක් සොයා ගැනීම වැනි දුෂ්කර ක‍්‍රියාවකි.” (118 පිටුව* ”සුරාපානය නිසා රටේ මිනීමැරුම් ඇතිවීම, මං පැහැරීම් බහුලවීම, ගෙවල් උමංකෑම අධිකවීම, හරක් හොරකම් පැතිරයාම යනාදිය සමහර ප‍්‍රතිඵලයි. ඒ එක්කම හි`ගන්නන්, කාලකණ්නියන්, දුඃඛිතයන්, අසරණයන්, කණුන්, කොරුන්, ගො`ඵවන්. බිහිරන් , උම්මත්තකයන් මීමැස්මොරකාරයන් , ප‍්‍රමේහ රෝගීන්, උපදංශ රෝගීන්, ලාදුරු රෝගීන් බහුලවීම ද සුරාපානයේ ප‍්‍රතිඵල වේ. ක්‍ෂය රෝගකාරයන්, සිහිය මඳවුන්, නහර දුර්වලවූවන් අධිකවීම සුරුට්ටු සිගරට් බීමේ ප‍්‍රතිඵල වේ. ඉතින් ඔපමණ නොවෙයි, අවුරුද්දකට සුරාව සඳහා රුපියල් 2,5000000 පමණත් සුරුට්ටු සිගරැුට් දුම්කොල පයිප්ප ආදිය සඳහා රුපියල් හැත්තෑලක්‍ෂයක් පමණත් වියදම් වේ.” (87 පිටුව * අහසින් යනෙන දෙවියෙක් ම`ග ඉඳු බලැතී දුටිනන් යම් තැනෙක මත්පැන් අවැඩ ඇතී එතනින් සියක් ගව් දුරුවී වහා යතී එබැවින් සුරා බොන මිනිසුන් නුවණ නැතී එනිසා සුරා බොන අය දිවිි තිබෙන තුරු සලසා ගන්ට නුසුදුසු වෙත්ය අඹු දරු සදොසා සුරා බොන හිමියෙකු අවැඩ කරු උදෙසා වෙහෙස නොවි`දිව් ලඳුනි පියකරු (117 පිටුව* පියා දර පෙමින් ළය හොවමින් වැඩුව පියා දුකට පත්කොට ඔහු සිත කැඩුව නයා වැනි කළේ දරුවා ගුණ අඩුව සොයා බැලූව හොත් වෙයි ”මත්පැන් බඩුව” විලි බිය ගුණ නුවණ යුතු යුතුකම් සෑම විලි වැද දුවන්නෙය මත්පැන් බී වාම පිළිකුල් සුරාවෙන් ඇති පල නම් බෝම බිලි වනු පමණි දුක් රකුසුට මෙහිදීම (155 පිටුව*  සිංහලයාගේ අසමගිය හෙළාදැකීම ”තමුන්නාන්සේලාගේ අසමගිය මහමෙර සමානයි . බොරු නම්බුවත්, කුලයත්, නිකාය භේදයත් සියලූම අනර්ථවලට මුල් වී තිබේ.” (110 පිටුව * ”වික‍්‍රමපාල මහතාණෙනි, මාතර මිනිසුන්ගේ අසමගිය නිසා මෙහි උසස් ඉංගිරිසි බෞද්ධ පාඨශාලාවක් පිහිටුවා ගන්නට බැරිය. මගේ ළමයි දෙන්නාත් අබෞද්ධ පාඨශාලාවකට යවමි. ඉතින් අප්පේ ඒ ළමයින්ට මක්වේ ද?” (105 පිටුව*  කුලභේදය ප‍්‍රතික්‍ෂේප කිරීම ”ලෝකයේ පැවතුණු කුලභේදාදි දුශ්චරිත දුරුකොට කාටත් සාධාරණ වූ නිවන් සැප දෙන පිණිස උපන් බුදුහාමුදරුවන්ගේ ‘පුත‍්‍ර’ මහා සංඝයා උඩරට වුවත් පාතරට වුවත් බුදුහාමුරුවන් වහන්සේ විසින් තුච්ඡු කොට හැරියා වූ කුලභේදය සැලකීම යුතු ද? බුදුහාමුදුරුවන් එපා කළ ඒ භේදය මු`ඵ රටටම අවැඩව තිබියදී සංඝයා විසින් පවත්වාගෙන යාම කෙතරම් අපරාධයක් ද?” (110 - 111 පිටුව* ”අනේ නිලමේ අපේ ජාතිය අනිත් අතටම ගිය හැටි, නිලමේ පමණක් නොව සිංහල කවුරුත් පළමුවැනි නොම්මරයට ගනින්නේ මලකඩ කා තිබෙන වංශකබලයි. එය බලවත් වැරැුද්දකි.” (173 පිටුව*  අල්ලස පිළිකුල් කිරීම ”අනේ දැන් කාලේ යමක් කමක් කරන මිනිස්සු කූ`ඩැල්ලෝ වාගේමය. මිනිහාගේ අමාරුව කු`ඩැල්ලාට කොහෙත්ම නොතේරී උගේ බඩපුරාම ලේ බී නැවත නැවතත් වමාරමින් තව ලේ බොන්නාක් මෙන් කිසිවෙකුගේ කිසි ආමරුවක් නොබලා දුප්පතුන්ගෙන් අල්ලස් ගැනීම නියම කාරණයක් වූ හැටි ” (58 පිටුව*  සමාජ අසාධාරණයට එරෙහිව හ`ඩ නැ`ගීම සමහරු දුගින් වනසා දන රැුස් කරති සමහරු සුරා විකුණා දනවතුන් වෙති සමහරු දුසිරි සැඩපාරේ බැස ඉඳිති මෙරුදුරු දුදන ඔබහට කැප කරමි ඉති කන බොන සියල අඩු වී රැුකෙන මං නැති අසරණ දනන් නොතකන ලොකු දන දනැති සමගින නපුරු නිලදාරින් වැඩක් නැති බලමැන සුර රජුනි, බර නුවණින් තෙදැති (97 පිටුව *  හෙළ චාරිත‍්‍ර වාරිත‍්‍ර අගය කිරීම හා අනාර්ය චාරිත‍්‍ර වාරිත‍්‍ර ප‍්‍රතික්‍ෂේප කිරීම. නාවලපිටිය කඩ හන්දියෙ අච්චාරු සිංහල ගෑනු දෙම`ඵන් හා කච්චෝරු කුලමල සිරිත් වතුරේ යති ලෙස පාරු දැන් දැන් ජාතියත් වෙන්නා මඩ ගෝරු දැන් දැන් වලව්වේ මහතුන් රුසිරු ඇති අඩිගහගෙන පිරිමින් සමගින් නටති ඒක දකිකොට ¥ලත් සලිත වෙති ලජ්ජා බයත් කුල සිරිතුත් කැලේ යති (74 පිටුව* ”තරුණ කාන්තාවන්ට දුව පැන ඇවිදීමත් අශික්‍ෂිත රාගනිශ‍්‍රිත කතාබහත් සුදුසු නැත. මැණිකේ මීවිටිගල පෙළපතට ඉන්නා එකම කුමාරිය ය. සිංහ ධේනුවෝ නරි බැල්ලියන් මෙන් උඩුබුුරලන්ටවත් මං මාවත්වල දුව පැන ඇවිදින්ටවත් නොකමැත්තාහ. සිංහධේනුවක් ක‍්‍රීඩා කරතත් තමාට අතිශයින් සුදුස්සෙකු සම`ග සුදුසු ස්ථානයකදීය” (63 පිටුව* ”ඔව් නෝනාට නම් ඕනෑ නෙයියාඩමක් නැටුවත් ”හොනිමුන් ’‘ ගියෑකි. නමුත් පිරිසිදු කුල චාරිත‍්‍ර ආරක්‍ෂා කරන සිංහල ස්ත‍්‍රීන්ට නම් වස වැරැුද්දකි. (52 පිටුව*  මාංශ අනුභවය වරදක් ලෙස පෙන්වාදීම ”මත්ස්‍ය මාංශ ශරීරයට නුවුවමනා එකක් බව කිව හැක. නිතරම අධිකව මස් කෑමෙන් මනුෂ්‍යයාගේ සිත රෞද්‍ර විය හැක. සතුන් කෙරෙහි මෛත‍්‍රියක් ඇති කිරීමට සතුටු අය සම්පූර්ණයෙන් මත්ස්‍ය මාංශ අත් හැරිය යුතුයි.” (44 පිටුව * ”ත‍්‍රිකෝටි පාරිශුද්ධ යැයි කියන්නේ අදිට්ඨ, අසුත, අපරිසංකිත කියන නොදුටු, නොඇසූ, සැකනැති මසටයි. එයින් දක්වන්නේ මරණ බවත් නොදුටු, මරණ ලද බව නොඇසූ , මරණ ලද්දේ යැයි සැක නැති මත්ස්‍ය මාංසවලටයි. ඉතින් දැන් කාලේ මස් කඩෙත්, මා`ඵ කඩෙත්, දැල් වැල්ලෙත් තබාගෙන විකුණන මස් මාංසවල තුන් විදියේ පිරිසිදුකමක් තබා එක විදියක පිරිසිදුකමක්වත් ඇත්තේ නැත. මේ කාලයේ කන විදියට මස් කෑමට බුදුහාමුරුවෝ අනුදැන නොවදාළ සේක.” (44 පිටුව * ගෙනෙන්නේ කඩෙන් මුත් මස් අත මිලට නොවන්නේ මන්ද පව් බුදිනා අයට බුදුන්නේ බණේ නැති පල් බොරු වලට කරන්නේ මොකද තිරිසන් අපි නිවට (44 පිටුව*  ආත්මාර්ථකාමීත්වයට ගැරහීම ”අක්කර හත අටක පොල් ඉඩමක් නිසා නම් පණ කඩාගෙන වීරිය කරති. උගුල් අදිති. නමුත් අනුන්ගේ විපතක් දුරු කිරීමට, අනුන්ට යහපතක් සැලැස්වීමට මහත්මයාලාට වැඩි උවමනාවක් නැහැ.” (147 පිටුව* ”ඉතාම පහත් පන්්තියේ මිනිසා නම් ස්වකීය ජාතිය ගැන කිසිත් නොතකන ජාත්‍යාභිමානය නැති මනුෂ්‍ය තිරිසනාය.” (79 පිටුව* සියවස් විසුව මුත් පර වැඩ නොකළ දන සුපහස් යස ලියගෙ නොලබා කිසිම දින අ`ද ඇස් ගො`ඵ බිහිරියෙකු ලෙස ඉඳ දුකින නිදහස් නැති දුකට නිරයේ සැපත් වන (149 පිටුව*  සිංහලයන් ක`ඵ සුද්දන් බවට පත්වීම අවඥා සහගතව හෙළාදැකීම ”පෙරකදෝරුවෙක්, දොස්තරයෙක් මද තරමේ ධනවතෙක් වුණ හැටියේම මුදලූත් සමග ස්ත‍්‍රියක් ලබා ගැනීම සඳහා පරම්පරාගතව අදහාගෙන ආ බෞද්ධ සමය අත්හැර ක‍්‍රිස්තියානි හෙවත් ‘ස්ත‍්‍රියානි’ වන මිනිස්සු මේ පලාතේ පමණ වෙන කොහේවත් ඉන්න බවක් මම නුදුටිමි-නෑසීමි.” (104 පිටුව* ”ලජ්ජා භය දෙක ස්ත‍්‍රීන්ගේ මහාර්යාභරණය යි කී උතුම් ඉගැන්වීම් අන්තිම මෝඩ කතාවක් කොට ලජ්ජා භය නැතිකම ශීලාචාර ස්ත‍්‍රීන්ගේ රන් ඔටුන්නැකැයි අප රටට පුරුදු වූයේත් අපේ ප‍්‍රධානීන් කුඩා දරුවන් ගැන නොසැලකූ වරදින්ය. රත්නාවලී, ස්වර්ණතිලකා, සුමනා, නන්දා, පද්මා, පද්මිණි ආදි අර්ථාන්විත නාම වෙනුවට අයිවි, ක්ලරැුන්ඩා, නෙලී, රූබී ආදි පුදුම නාම බෝ වුණෙත් අපේ ලොක්කන්ගේ වරදින්ය” (108 පිටුව*  දියුණුව සඳහා ම`ග පෙන්වාදීම ”යහමින් මුදල් ගෙදර ස`ගවාගෙන ඉන්නේ මුදල්වල අගය නොදත් අඥානයාය. උගත් ඥානවත් මිනිසුන්ගේ ගෙදරක කලින් නොකීවොත් උවමනාවකටවත් රුපියල් සියයක් ගන්නට නැත්තේය. ඔවුන්ගේ මුදල් බැංකුවලය, කටයුතුවල යොදලාය.” (53 පිටුව* ”පැරණි සිංහලයන්ට මෙන් ආත්ම ගෞරවයක් තිබේ නම්, ශරීර ශක්තිය තිබේ නම්, සුරාපානය නිසා ඥාන ශක්තිය හීනනූනා නම්, අනුන් යටතේ අල්ලස් දී සු`ඵ වැඩ ලබා නොගත්තාට මේසා විශාල ලක්දිව ඉඩ මදිද? අක්කර ලක්‍ෂ ගණන් භූමිය වල් බිහිව තිබිය දී සිංහලයෝ වහල් මෙහෙයේ ඉන්නා හැටි.” (58 පිිටුව*  බෞද්ධාගමික නැඹුරුවේ වටිනාකම පෙන්වාදීම ”තවත් ලූහුෙ`ඩන් කියතොත් යහපත් මව්පියන්ගේ දරුවෙක් වීමෙන් හෝ කල්‍යාණමිත‍්‍ර සේවනයෙන් ඥානවත් මනුෂ්‍යයෙක් වීම නිසා උසස් ධර්ම ශාස්ත‍්‍ර ඉගෙනීම ද, උසස් ධර්ම ශාස්ත‍්‍ර ඉගෙනීම නිසා මෛත‍්‍රිය වැඞීම ද, මෛත‍්‍රිය දියුණු වීම නිසා පරාර්ථකාමීභාවය ද, පරාර්ථකාමීභාවය නිසා ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් දුරු වීම ද, ඒ අකුසල් තුන දුරුවීම නිසා නිරෝධ නම් වූ උතුම් සැපත ද සිද්ධ වන්නේ ය” (33 පිටුව* ”පිනුම් ගසන්නට පුරුදු කළ මිනිසාට දවසින් දවස වඩ වඩා හො`දින් පිනුම් ගැසිය හැක. නමුත් උසස් රාජ කුමාරයෙකුටවත් කලින් පුරුදු කිරීමක් නැතුව පිනුම් ගැසිය නොහැක්කේය. එමෙන් ම මෛත‍්‍රිය නොවැඩූ තැනැත්තාට පරාර්ථය කිරීමට සිත යොමු කළ නොහැක.” (33 පිටුව* ඩිංගිරිමැණිකා නවකතාවෙන් හෙළිවන පියදාස සිරිසේනයන්ගේ පු`ඵල් දැනුම. සිංහල, පාලි, සංස්කෘත භාෂා පිළිබ`ද මෙන්ම බුදුසමය පිළිබ`ද ව ද පු`ඵල් දැනුමක් පියදාස සිරිසේන මහතා සතුව තිබූ බව ඩිංගිරිමැණිකා නවකතාවෙන් හෙලිවේ. එමෙන්ම කාලීන සමාජය හා අපේ සංස්කෘතිය පිළිබ`ද ව ද පු`ඵල් දැනුමක් එතුමා සතුවූ බව පෙනේ. අවස්ථාවෝචිත පරිදි කථාන්දර, ආප්තෝපදේශ, ශ්ලෝක, ගාථා, කවි, දහම් කරුණු ආදිය ගෙනහැර පාමින් ඩිංගිරිමැණිකා නවකතාව රචනා කිරීමට මෙතුමාට හැකිවී තිබන්නේ එකී පු`ඵල් දැනුම් සම්භාරය නිසාවෙනි. ඩිංගිරිමැණිකා නවකතාවෙන් උදුරාගත් පහත පාඨයන්ගෙන් ඒ බව මනාව පැහැදිලි වේ.  බුදු දහම පිළිබ`ද දැනුම ”නමුත් ජරාමරණය නම් අප කාටත් සාධාරණයි. උතුම් ධර්මයේ මෙසේ දක්වා තිබේ. අප්පායුකස්ස මරණං සුලභං භවේසු දීඝායුකස්ස ච ජරා ව්‍යසනංච නෙකං එවං භවේ උභයතෝපි ච දුක්ඛමේව සම්මා සමාචරථ දුක්ඛවිනාසනාය.” (39 පිටුව* ”කර්මයට විපාක නැතැයි කීම අත් දැකපු බොරුවකි. දැන් රාලහාමි ගල් කැටයක් රැුගෙන අහසට දමන්ට. එය යම් හෙයකින් ගසක රැු`දුනත් නොඅනුමානව ප‍්‍රමාද වෙලාවත් බිමට වැටේ. එමෙන්ම අප කරන ක‍්‍රියාවේ විපාක පූර්ව කර්මයකින් මුවා කරනු ලැබුවත් ටිකක් ප‍්‍රමාද වෙලාවත් ලැබේ.’ (152 පිටුව* ”ශරීර ශක්තියෙන් කළ නොහැකි පුදුම දේ ධර්ම ශක්තියෙන් කළ හැකි බව මට ප‍්‍රත්‍යක්‍ෂව තිබුණේය” ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි - ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති, ඒසානිසංසෝ ධම්මෝ සුචිණ්ණෝ - න දුග්ගතිං ගච්ඡුති ධම්මචාරි” යන ගාථා රත්නය මට සිහිව එයම පිිහිට කොට ගත්තෙමි. (164 පිටුව* සාහිත්‍යය පිළිබ`ද දැනුම නොවන හිමි හරණේ දරු වැදු ගැහැනු නුගුණේ ර`ගින් පුතු මුහුණේ රහස තම කළ වරද පමුණේ (90 පිටුව* නල මුදු සුව`ද පිරි කුඹු මියුරු අඹ ගෙඩි පුල හෙල කුසුම ලිය පිය තෙපිළ රන්කෙ`ඩි සල සුදු සෙමර සේසත් ගිජි`දුනොද වැඩි බල සුබ නිමිති පෙරම`ග නැකතටත් වැඩි (42 පිටුව* සුවාසිතං හර්ම්‍ය තලං මනෝරමං - ප‍්‍රියං මුඛෝච්වාස විකම්පිතං මධූ සුතන්ත‍්‍රි ගීතං මදනස්‍ය දීපනං - සුචෞ නිසීතේනු භවන්ති කාමිනඃ (50 පිටුව*  උපදේශ හා ප`ඩිවදන් පිළිබ`ද දැනුම ,ඊැකසැෙ සි දබකහ ඉකසබා ේසඑය, (විශ්වාස වනාහි අඥාන භක්ති මාත‍්‍රයකි* (54 පිටුව* ”කිං කිං නසාධයති කල්පලතේව විද්‍යා” (කල්ප ලතාවක් වැනි විද්‍යා තොමෝ කුමක් නොදෙන්නී ද?* (173 පිටුව* කාහටත් වැරදි ටික ටිකවත් යෙදෙති ලෝසමත් දනෝ ඒ ගැන නොසලකති ආයෙමත් වැඩක් කෙරුමට තැත් කරති මේ පසත් දහම දැන ගැණුම යහපති (134 පිටුව* අ`ගලක් වානේ නැතුවම හාරන ඌරු වියතක් වානෙ ලැබුණොත් දෙරණත ගෝරු (51 පිටුව* දහසක් වසක් විසුවක් රජ සැපත් වි`ද පිහිටක් පරලොවට එම විසුමෙන් කිමද සැපතක් අනුන්හට සලසන සත සුහද දවසක් එකම විසුවත් එපමණ මදිද (118 පිටුව* ඩිංගිරිමැණිකා නවකතාවේ චරිත නිරූපණය නවකතාවක ජීවය ර`දා පවතින්නේ චරිත නිරූපණය මතයි. සජීවී ආකාරයෙන් චරිත නිරූපණය කිරීමට නවකතා රචකයා නිරතුරුව ම උත්සහවත් විය යුතු ය. නවකතාවේ චරිත හා සිදුවීම් අතර සමීප සබැ`දියාවක් තිබීම අනවාර්ය වේ. චරිත හා සිද්ධි සාම්‍යය යනුවෙන් හ`දුන්වන්නේ එය යි. නවකතා රචකයාගේ අභිප‍්‍රාය මුදුන්පත් වීමට නම් සාර්ථක චරිත නිරූපණය අතිශය වැදගත් වේ. මිනිස් සිතුවිලි මොහොතින් මොහොත වෙනස් වේ. ඔහු ඇසුරු කරන දේශපාලන , සංස්කෘතික, සමාජ රාමුව එයට සෘජුව ම බලපෑම් එල්ල කරයි. එමෙන් ම වර්ග චරිත නිරූපණය නොකොට වටකුරු හෙවත් සංකීර්ණ චරිත නිරූපණය කිරීමට නවකතා රචකයා නිරතුරුව ම උත්සහවත් විය යුතුය. සුප‍්‍රසිද්ධ නවකතාකරුවෙකු වූ ඇන්ටන් චෙකොව් මෙසේ පවසයි. ”කලාකරුවා තමා මවන චරිත පිළිබ`ද තීරණ දෙන්නෙක් නොවේ. ඔහු ඒ පිළිබ`ද අපක්‍ෂපාති නිරීක්‍ෂකයෙකු විය යුතු ය.” නවකතාවේ උපයුක්ත චරිත ලවා කතා කරවීමෙන් (චරිත සංවාදයෙහි යෙදවීමෙන් හෙවත් දෙබස් ඉදිරිපත් කිරීමෙන් * හා එකී චරිත සිතන හැටි ප‍්‍රකාශ කිරීමෙන් සප‍්‍රාණික බවක් ඇති කළ හැකිය. නවකතාවක ඇතුළත් වියයුතු ප‍්‍රධාන අංගයක් ලෙස චරිත නිරූපණය හැ`දින්විය හැකි ය. මෙය ඇතු`ඵ කොට ඇති සෙසු නවකතාංග පියදාස සිරිසේනයන්ගේ නවකතා තුළ මැනවින් විද්‍යමාන නොවන හෙයින් ඔහුගේ නවකතා අසාර්ථක බව ඇතැම් විචාරකයෝ පවසති. නමුත් තවත් අයෙකු පවසන්නේ යථාර්ථවාදී නවකතා රචනයේ පුරෝගාමියා පියදාස සිරිසේනයන් බවයි. ඩිංගිරිමැණිකා නවකතාවෙහි එන ප‍්‍රධාන චරිත කිහිපයක් ඇත. ඒවා මෙසේ ය. 1. කෝන්ගොඩ වික‍්‍රමපාල 2. මීවිටිගල නිලමේ 3. ඩිංගිරිමැණිකා 4. රම්බණ්ඩා මේ එක් එක් චරිතයක් පිළිබ`ද කෙටි විවරණයක් කිරීමට මෙහිදී අපි බලාපොරොත්තු වෙමු. කෝන්ගොඩ වික‍්‍රමපාල ඩිංගිරිමැණිකා නවකතාව උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා වූවකි. එහි කතා නායකයා කෝන්ගොඩ වික‍්‍රමපාලයි. ඔහු රහස් පරීක්‍ෂකයෙකි. හො`ද සිංහලයෙකි. ජාත්‍යාලය ඇත්තෙකි. දේශමාමකත්වයෙන් හෙබියෙකි. සිංහල, පාලි, සංස්කෘත, දෙමළ, ඉංග‍්‍රීසි වැනි භාෂා පිළිබ`ද හා බුදුසමය පිළිබ`ද මනා දැනුමැත්තෙකි. සමාජ දුර්වලතා, සමාජ අසාධාරණය දුටුසැණින්් අභීතව ඉදිරියට පැන හ`ඩ නැගීමට ඔහු කිසිවිටෙක පසුබට නොවෙයි. එක් දිනක් දුම්රියක ගමන් කරන විට කාන්තාවන්ට හා දුර්වල මහලූ මිනිසුන්ට අසුන් ගැනීමට ඉඩ නොදුන් තරුණයෙකුට වික‍්‍රමපාල මෙසේ දොස් නගයි. ”ආ මනුෂ්‍යයෝ, තමුසේ කෙතරම් අධම ආත්මාර්ථකාමියෙක් ද? දුර්වල ස්ත‍්‍රියකට සැපදෙන පිණිස පැයක් පැය භාගයක් නැගිට සිටින්ට බැරි කෙනෙක් යම් අසරණයෙකුට බත් කටක් හෝ සතයක් දෙයි ද? ...... මෙහි සිටගෙන ඉන්නේ දුර්වල ස්ත‍්‍රීන් තුන්දෙනෙක් හා මහල්ලන් තුන්දෙනෙකුත් ය” (27 පිටුව* එම දුම්රියේ දී ම මීවිටිගල නිලමේට මෙසේ පවසයි. ”ආත්මාර්ථකාමීභාවය හෙවත් තමා ම, තමාගේ පවුල ම, තමාගේ කුලය ම පමණක් දියුණු වුනොත් ඇත යන කල්පනාවෙන් යුත් පුද්්ගලයා යටත් පිරිසෙයින් ගොනෙකු තරම නොවටනේය.” (31 පිටුව* ඔහු දිනපතා ටික වේලාවක් භාවනා වඩයි. පන්සිල් සමාදන් වෙයි. සාකච්ඡුාවට වැටුණු ඇතැම් විටෙක පාලි පාඨ ගෙනහැර පාමින් බණ කියයි. වෙහෙස මහන්සිය නොබලා සිය අරමුණු ජයගැනීමේ අභිලාෂයෙන් බාධක මැඩ ගෙන ඉදිරියට ඇදෙන පුද්ගලයෙකු ලෙස වික‍්‍රමපාල සෑම විටම නිරූපණය වේ. වික‍්‍රමපාල විවිධ පුද්ගලයන්ගේ වෙස්ගත් අවස්ථා රැුසක් පිළිබ`ද ඩිංගිරිමැණිකා නවකතාවේ කියවේ. එවන් ඇතැම් තැනෙක පාඨකයා විශ්වාස භංගත්වයට පත් වේ. එය දුර්වලතාවක් ලෙස පෙන්වා දිය හැකිය. කෝ්න්ගොඩ වික‍්‍රමපාලගේ චරිතය තත්කාලීන විමුක්තිකාමී නායකයන් නිරූපණය කරන සංකේතයක් ලෙස සැලකීමට ද ඉඩ නැත්තේ නොවේ. මීවිටිගල නිලමේ ඩිංගිරිමැණිකාගේ පියා ලෙස නිරූපණය වන්නේ මීවිටිගල නිලමේගේ චරිතය යි. ඔහු රදළ පැලැන්තිය නියෝජනය කරන වලව්කාරයෙකි. කුලමානයෙන් දැපුනෙකි. මහා ධනවතෙකි. ඔහුට සිටියේ එක ම දරුවෙකි. ඒ ඩිංගිරිමැණිකා පමණි. සිය ගමේ පහත් කුලයක තරුණයෙකු වූ රම්බණ්ඩා හා ඩිංගිරිමැණිකාගේ පේ‍්‍රම සම්බන්ධයට මීවිටිගල නිලමේ තදින් ම විරුද්ධ වූයේ කුලමානය නිසා උපදවාගත් ගර්වයෙන් ඉදිමී සිටි හෙයිනි. අවසානයේ දී මීවිටිගල නිලමේට හා බිරි`දට ශෝක සන්තාපයට පත් වීමට හේතුව වූයේ ද මෙකී කුලමානය ම යි. රට ජාතිය විපතට පත්ව සිටි තත්කාලීන සමාජයෙහි කුලය ආරක්‍ෂා කරගැනීමෙහි නියලූන වලව් පැලැන්තිය මීවිටිගල නිලමේගෙන් නිරූපිත බව පෙනේ. එක් අවස්ථාවක දී වික‍්‍රමපාලට මීවිටිගල නිලමේ මෙසේ පවසයි. ”මගේ කල්පනාව කුලවංශය 1 වැනියි, ධනය 2 වැනියි, රූපය 3 වැනියි, උගත්කම හා ගුණ ධර්ම 4 වැනියි. එහෙම නොවේද වික‍්‍රමපාල මහත්මයෝ?” (174 පිටුව* වික‍්‍රමපාලගේ කතාවලට සවන් දී අවසානයේ ඔහු කුලවංශයට වඩා ගුණයහපත්කම උතුම් බව වටහා ගනියි. ඔහු මෙසේ පවසන්නේ එහෙයිනි. ”සත්තකින්ම මව්පියාදීන්ට බණින, තලන බේබදු රදල පුත‍්‍රයාට වඩා මව්පියාදීන්ට ගරු බහුමන් දක්වන පහත් පවුලක පුත‍්‍රයා උතුම් බව මම පිළිගනිමි.” (174 පිටුව* රම්බණ්ඩා හා ඩිංගිරිමැණිකා විවාහ වීම සම්බන්ධයෙන් අවසානයේදි සිය විරෝධය පළ නොකිරීමට නිලමේ වගබලාගත්තේ ද එහෙයිනි. ඩිංගිරිමැණිකා උතුම් සිංහල කුල කතක් තුළ තිබිය යුතු ලක්‍ෂණ නිරූපණය කිරීම ස`දහා පියදාස සිරිසේනයන් ඩිංගිරිමැණිකාගේ චරිතය භාවිතයට ගනියි. ඇය කීකරු ය. ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් යුක්ත ය. හො`ද නරක තේරුම් ගැනීමෙහි සමත් ය. ඉංග‍්‍රීසි ඉගෙනීම ස`දහා ක‍්‍රිස්තියානි පාඨශාලාවකට ගිය ඇය නාගරික ඇසුර නිසා වෙනස් වූ ආකාරය මීවිටිගල නිලමේ මෙසේ පවසයි. ‘‘කලින් මටත් මවුටත් අප්පොච්චිය, අම්මාය කියකියා සිටි අපේ ඩිංගිරිමැණිකා අපට ” පප්පයි, මම්මයි කියන්ට ද පටන් ගත්තා ය.” (45 පිටුව* කෙසේ වුවත් රම්බණ්ඩාගේ ම`ග පෙන්වීම මත ඇය හෙළ තරුණියක සතු විය යුතු ගුණාංග කෙරෙහි නැඹුරුවීමට වැඩි කලක් ගත නොවීය. රම්බණ්ඩාට ඇය විසින් ලියන ලද හසුන් වලින් ඒ බව සනාථ වේ. ඩිංගිරිමැණිකා විසින් රම්බණ්ඩා වෙත යවන ලද හතරවැනි ලියමනෙන් උදුරා ගන්නා ලද කොටසකි මේ. ”අනාර්ය චාරිත‍්‍ර සියල්ලම රස මිශ‍්‍ර විෂක් වැනිය. අපේ කුල සිරිත් රසමිශ‍්‍ර අමෘතයක් වැනිය. නමුත් දහස් ගණන් සිංහල දරුවෝ මේ කිසිත් නොදැන මුලාවේ වැටී විනාශ වෙති.” (106 පිටුව* සොරු දහතුන්දෙනෙකුට මැදිව මාස දහයක් පුරා සිය පවිත‍්‍රතාව ද රැුකගෙන සිටීමට තරම් ඩිංගිරිමැණිකා උපායශිලී වූවාය. ඇය ගෙදරට හොරා රම්බණ්ඩා සම`ග පැනයාමට සිතීම හිතුවක්කාරකමක් ලෙස සැලකිය නොහැක. එය දෙමව්පියන්ගේ වැරදි නිසා ඇයට ගන්නට සිදු වූ තීරණයකි. රම්බණ්ඩා ජාතිකාභිමානයෙන්, දේශමාමකත්වයෙන් ඔදවැඞී ගිය උගත් තරුණයෙකු ලෙස රම්බණ්ඩාගේ චරිතය නිරූපණය වේ. ඔහුගේ චරිතය බොහෝ දුරට විකාශනය වී ඇත්තේ ඩිංගිරිමැණිකාට යැවූ ලිපි හරහා බව පෙනේ. එසේ යැවූ එක් ලිපියකින් උපුටා ගත් කොටසක් මෙසේ ය. ”දැනට අපේ රටේ ස්ත‍්‍රී පුරුෂයන්ගෙන් සියේට දහයක්වත් යහපත් දරුවන් ලැබීමේ ක‍්‍රමය නොදනී. තිරිසනුන් මෙන් ප‍්‍රකෘති කාමාලය නිසා ගිහිගෙට බැෙ`දන මොවුන් අතර සුරාපානාදී දුශ්චරිත බහුල බැවින් හදිසියෙන්වත් පින්වත් සත්වයෙකුට දරුවෙක් වීමට ඉඩ නැත්තේ ය.” (145 පිටුව* අභූත චෝදනා ලබා සිරගත නොවුනා නම් ඩිංගිරිමැණිකා සෙවීමට වික‍්‍රමපාල කළ සියලූම වික‍්‍රමයන් රම්බණ්ඩා විසින් සිදු කරනු නොඅනුමානය. තවත් අතකින් විමසා බැලූ කල අයුක්තියට, අසාධාරණයට, සමාජ ශෝධනයට එරෙහිව හ`ඩ නැගූ තරුණ නායකත්වයට එකල අත් වූ ඉරණම සංකේතානුසාරයෙන් රම්බණ්ඩා මගින් ඉදිරිපත් වන බව ද සිතිය හැකි ය.

No comments: