UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: කලාව හා සාහිත්‍යය

Tuesday, December 10, 2013

කලාව හා සාහිත්‍යය

කලාව නැමැති කුලකයට අයත් විශිෂ්ට නිර්මාණයක් වන්නේ සාහිත්‍යයයි.එය ගද්‍යය හා පද්‍යය ලෙස වර්ගීකරණය කළ හැක. පද්‍ය සාහිත්‍යයට මෙන් ගද්‍ය සාහිත්‍යයද දුරාතීතයක් ඇත. එය වේද යුගය දක්වා දිවයන්නකි. බුදු දහමේ ආභාසය හා පෝෂණය ලබා ප‍්‍රමුදිත වු සිංහල සාහිත්‍යයේ ගද්‍යය යුගය ක‍්‍රි.පු දෙවන සියවස දක්වා දිවයයි. එලෙස දීර්ඝ කාලයක සිට දියුණු ලිඛිත සාහිත්‍යයක් තිබීම මෙහි දියුණු සමාජයක් පැවැති බවට දෙස් දේ. ගද්‍යය පදනම් කරණකොටගෙන ඇතිවු සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යය නැමැති විකසිත පද්මය ලක`ගනගේ ශිර්ෂයේ අතීතයේ සිට දිස් වන්නේ මෙහි කවීන් තුළ වු ප‍්‍රතිභාව කරණකොටගෙනය. ඇතැම් කාව්‍යන් විශ්ව සාහිත්‍යය දක්වා නිම් වළලූ ප‍්‍රසාරණය කරගෙන ඇත. එවැනි විශිෂ්ඨ කාව්‍යයන් තුළ සමාජය හා ජිවනය පිළිබිඹු වීම ගැන කියනු කවරේද? සාහිත්‍යයෙන් දිස්වන සමාජය පිළිබ`ද අවලොකනය කිරීමට දරන ප‍්‍රයත්නයකි, මෙම නිබන්ධනය. කලාව හා සාහිත්‍යය භාෂාව මාධ්‍යය කරගෙන කරනු ලබන නිර්මාණයක් ලෙස සාහිත්‍යය හැදින්විය හැක. සහිතවත් බව ‘‘සහිතස්‍ය භාවො සාහිත්‍යං’’ සාහිත්‍ය නම් වේ. කලාව තුළට සාහිත්‍යය ගැනෙන අතර එහි ඇති අනෙක් කලාවන්ගෙන් සාහිත්‍යය වෙනස් වන්නේ එහි මාධ්‍ය වු භාෂාව කරණකොටගෙනයි. නාට්‍යයක් සාහිත්‍යයක් නොවන අතර එහි නාට්‍ය පිටපත සාහිත්‍යයට අන්තර් ගත කළ හැක. ‘‘ඔහුන් සාහිත්‍ය ශබ්දය යෙදුවේ 1.එක්වීම 2.කාව්‍යානුසාසනා 3. කාව්‍යය යනාදී අර්ථයන්හිය’’ කවිකණ්ඨාභරණයෙහි‘‘කාව්‍යං විශිෂ්ඨශබ්දාර්ථ සාහිත්‍ය සදලංකෘති’’යි යනුවෙන්ද,ධම්සරණයෙහි ‘‘විවිධෛශ්වය_සාහිත්‍යයෙන්’’ යන්න යෙදුනේ එක් වීම් අර්ථයෙහිය. ‘‘ශබ්දාර්ථයො©ථාවත් සහභාවෙන විද්‍යා සාහිත්‍ය විද්‍යායි කාව්‍යමීමංසාවෙහි සාහිත්‍ය ශබ්දය කාව්‍යානුශාසනයෙහි යෙදි ඇත. මුලින් අදහස් හුවමාරුව ස`දහා පමණක් භාෂාව භාවිත වු අතර පසුව එය බලන්නවුන් තුළ රසයක් ජනනය වන ලෙස රචනා කිරීම තුළින් සාහිත්‍යය බිහි වන්නට ඇත. පද්‍යය හා නව කතා වැනි කලාත්මක වටිනාකින් යුතුව කර ඇති රචනා සාහිත්‍ය ලෙසද විග‍්‍රහ වේ. ’‘න ස ශබ්දො න තද් වාච්‍යං න ස න්‍යයො න සා කලා ජායතෙ යත්න කාව්‍යාජගමහො භාරො මහාන් කවේ:’’(භාමහ* භාමහ ප‍්‍රකාශ කරන පරිදි කාව්‍යඕගයෙහිලා හැම කරුණක්ම හැම ශබ්දයක්ම හැම අර්ථයක්ම හැම න්‍යායක්ම හැම කලාවක්ම ගැනේ. සාහිත්‍යදප_ණයෙහි‘‘සාහිත්‍ය තත්ත්වමඛිල සුඛමෙව චිත්තං ’‘යනුවෙන් දැක්වේ. සාහිත්‍ය නිර්මාණ කරන කවියා වස්තුවිෂයන් ගන්නේ බාහිර පරිසරයෙන් වන අතර රසවත් කර ලිපි ගත කරන්නේ සමාජය ඇසුරෙන් පහළවු අදහස්වේ. ඒ අනුව සාහිත්‍යය තුළින් සමාජයක සිතුම් පැතුම් විදහා දැක්වෙන කැටපතක්යැයිද ස`දහන් කළ හැකියි. ‘‘ජනතාවගේ සභ්‍යත්වයත් බුද්ධි විකාශනයත් විනිශ්චය කිරීමට ඔහුන්ගේ සාහිතය කලා උපකාරී වෙයි.සාහිත්‍යය වූකලි බස දන්නවුන්ට පමණක් ඇසෙන සේ කියන්නකි.’’ සාහිත්‍ය නිර්මාණවල භාෂාව මාධ්‍ය කරගෙන මෙම අපූර්ව නිර්මාණයකින් යුතු කෘති රවනා කරන හෙයින් භාෂාව උපයොගි කර ගැනීමේ විධිමත් ස්වාභාවයක් විද්‍යමාන විය යුතුයි. එය විවිධ ප`ඩුවන් මෙසේ වර්ගීකරණය කිරීමට යත්න දරා ඇත. 1*.රිතිර් ආත්මා කාව්‍යස්‍ය, 2*.ලොචනාකරන් කමනීයම් කාව්‍යම් 3*.කාව්‍යති ඉති කවි: තස්‍ය කාව්‍යං 4*.රසාත්මකං වාක්‍යං කාව්‍යං 5*.ශබ්දාර්ථ සම්ප‍්‍රයොගම් කාව්‍යම් 6*.කාව්‍යාත්මා ධ්වනිං 7*.රමණීයං අර්ථ ප‍්‍රතිපාදකං ශබ්දං කාව්‍යම් සාහිත්‍යය නිශ්චිත දෙයක් නොවේ.කාලයෙන් කාලයට එය වෙනස් වේ. එහි ස්වරූපය හා ප‍්‍රමාණය වැනි කරුණු කාලයෙන් කාලයට වෙනස් වේ. සාහිත්‍යය ගලා යන ග`ගක් වැනිය. එයට අනුව සාහිත්‍යයෙහි වෙනස් වන්නේ සාහිත්‍ය රුචියයි. වත_මානයෙහි විවිධ ක්‍ෂෙත‍්‍රයන්ට අදාළව සාහිත්‍ය පිළිබ`දව සාකච්ඡුා කරනු ලැබේ. සාහිත්‍යය ජීවනය පිළිබ`ද විවරණය වේ.කාව්‍යය සමාජ ජීවනය දියුණු කරලිය හැකි මහ`ගු සාධනයකි. කාව්‍යය වශයෙන් ශ‍්‍රව්‍යකාව්‍ය හා දෘශ්‍යකාව්‍ය වශයෙන්ද බෙදේ.එසේම පද්‍ය කාව්‍ය,මහා කාව්‍ය හා ඛණ්ඩ කාව්‍යයැයිද බෙදා ඇත.කාව්‍ය ප‍්‍රධාන වශයෙන් ගද්‍යය හා පද්‍යය වශයෙන්ද කොටස් දෙකකට බෙදේ. ගද්‍යය ලෝක සාහිත්‍යය තුළ ගද්‍ය සාහිත්‍ය ඉතා වැදගත් තැනක් ගනි. සංස්කෘත සාහිත්‍යයෙහි ගද්‍ය සාහිත්‍ය වෛදික යුගයේ රචනා වී ඇති යජුර් වේදය දක්වා දිවේ. ලක්දිව සාහිත්‍ය තුළද මුලින්ම දක්නට ලැබෙන්නේ ගද්‍ය සාහිත්‍යයයි. ගද්‍යය යනු ‘‘ඡුන්දෝ රහිතං ගද්‍යං’’ ඡුන්දසින් තොරව කරන ලද රචනය ලෙස හදුන්වා දී ඇත.විශ්වනාථ පවසන ආකාරයට ‘‘වෘත්තබන්ධොජ්ක්‍ධිතං ගද්‍යං’’ මෙලෙසද ගද්‍යය පැහැදිලි කර ඇත.එසේම ඔහු දක්වන ආකාරයට ගද්‍යය රචනාවේ ක‍්‍රම කිහිපයකි. 1*. මුක්තක රචනා ක‍්‍රමය 3*.උත්කලිකාප‍්‍රාය රචනා ක‍්‍රමය 2*වෘත්ත ගන්ධි රචනා ක‍්‍රමය 4*.චූර්ණක රචනා ක‍්‍රමය මුක්තක රචනා ක‍්‍රමය ඉතාමත් සරළ රචනා ශෛලියකි.වෘත්ත ගන්ධි ශෛලය යනුු අධ_ වෘත්තයන්ගෙන් යුතුව රචනා කර ඇති ශෛලයකි.උත්කලිකාප‍්‍රාය යනු සමාසයන්ගෙන් එකිනෙකට බැදුණු මහ ප‍්‍රාණ අක්‍ෂරයන්ගෙන් සමන්විත ඡේද ගණන් දීර්ඝ වැකිවලින් යුතු රචනා ශෛලියකි.චූර්ණක යනු සමාස පද අඩු වශයෙන් භාවිත කරමින් කරනු ලබන නිර්මාණ ශෛලියටය.මෙය මුක්තක රචනා ශෛලියට වඩා තරමක් ගැඔුරු රචනා ශෛලියකි.මාත‍්‍රා 06න් හෝ 08 වැනි මාත‍්‍රා ගණනකින් යතිය තබා වෘත්තයක ඒකදේශයක් හෝ සම්බන්ධ කරමින් කරනු ලබන රචනාව වෘත්ත ගන්ධි නම්වේ. වෘත්ත ගන්ධි ශෛලයේදි දිග වාක්‍යවලින් යුතුවීම,කාව්‍ය භාෂාවේ එන විශේෂයෙන් පද්‍යය ස`දහා උපයෝගී කරගන්නා වචන භාවිත කිරීම,අනුප‍්‍රාසාත්මක ශබ්ද මාධූර්ය ජනිත කරවන අයුරින් අක්‍ෂර,පද, වචන පෙළගැස්වීම හා තාලයට කියවීමේ හැකියාව මෙහි දෘශ්‍යමාන වේ.මෙම ශෛලිය කරණකොටගෙන දළදා සිරිත,කුවේණි අස්න හා සිහබා අස්න මෙන්ම කොහොඔා කංකාරියේදි එන ඇතැම් පාඨද එම ශෛලියෙන් රචනා කර ඇත.ගද්‍යය වනාහි කවියෙකුගේ ප‍්‍රතිභා ශක්තිය හා නිර්මාණ ශක්තිය උරගා බැලිය හැකි උරගලක් යැයි ‘‘ගද්‍යං කවීනාං නිකෂා වදන්ති’’ යනුවෙන් සංස්කෘත ප`ඩිවරු සළකා ඇත. සාහිත්‍යය හා සමාජය සමාජය යනු අන්‍යෝන්‍ය ප‍්‍රතිබද්ධතාව මත එකරාශි වු ජන සමුහයක් ලෙස හැදින්විය හැක.සං+ආජ් යනනෙන් සමාජය යන පදය භින්න වු බව සළකන අතර,එහිදි ආජ් යනු ශීඝ‍්‍ර අර්ථයේ මෙන්ම රුස්වීම යන්නද යෙදේ. මලලසේකර මහතා පවසන්නේ ‘අජ’ යන පදයේ අර්ථය අනුව එළුවා යනුයි.එළුවා ක‍්‍රියාශීලි සතෙකු වන අතර එම පදය මුල් කරගෙන ලතින් ‘ආගෝ’ හා ඉංග‍්‍රිසි ‘ඇක්ටිව්’ යන පද සෑදී ඇත.ඒ අනුව සමාජය යනු ක‍්‍රියාකාරීත්‍වය සළකුණු කර ඇති,ස්වරූප කොට ඇති පිරිසකි. සියළු සාහිත්‍යය සාමාජික ජිවිතයේ හෙවත් ජනකායක් එක්ව විසිමේහි ප‍්‍රතිඵලයකි.සාහිත්‍යය සාමාජික නිර්මාණයකි.සාහිත්‍ය නම් මිනිසාගේ ජිවන කලාව ලෙස හැදින්විය හැකිය.ජීවනය නම් සිතිමයි.සිතීම නම් ක‍්‍රියා කාරීත්‍වයයි.සිතිම මිනිසාගේ ප‍්‍රාණ ධාරය වේ.ප‍්‍රබල දුව_ල සිතුවිලි,උදාර ලාමක අදහස් ,හොද නොහොද ගති පහළ වන්නේ සිතෙහිය.සාහිත්‍යයෙහි ඒ සිතුවිලි වැල පිළිබිඹු වේ.සාහිත්‍යයෙහි මිනිසුන්ගේ දුව_ලකම් දක්නා ලැබේ.ගුණාගුණ මතුවි පෙනේ.අනුකරණයට හුරු වු ග‍්‍රන්‍ථකාරයෝද අතිශයෝක්තිය ප‍්‍රිය කරන කවීහුද විවේචනය අගය කරන ලේඛකයෝද ධාර්මිකත්‍වය ගරු කරන විචාරකයෝද රණකාමීත්‍වයට ලැදි උගත්තුද කාමාතුරවූ රචකයෝද නොඑක්විට සමාජයේ දක්නා ලැබෙති. කවියාද ජීවත්වන්නේ සමාජයෙහිය.ඔහු අත්දැකීම්වලට පාදක කර ගන්නේ සමාජය මුල් කර ගත් දේය. ‘කවියාද අනිත් පුද්ගලයන් මෙන් සමාජයේ කොටසක් හෙයින් ඔහුගේ අදහස්වලින් සමාජයෙහි සැටි පිළිඹිබු කරයි. ’සමාජය වෙනස් වීමත් සමග සාහිත්‍යයද ගතිජ වේ.සමාජයේ ආකල්ප බුද්ධිය,රුචි අරුචිකම් අනුව සාහිත්‍ය වෙනස් වේ. ‘යුද්ධ,අරගල,විපත්,කලබල අවස්ථාවල මිනිසුන්ගේ උසස් පහත් හො`ද නොහො`ද ගති ගුණදෝෂ මතුවි පෙනෙන සැටි ග‍්‍රන්ථවලිත්ද වටහා ගත හැකිය. ’ සමාජය අතීතයේ සිට ක‍්‍රමානූකූලව වෙනස්ව ගිය ආකාරය සාහිත්‍ය කෘති තුළින් මනාව දැකිය හැකිය.සාහිත්‍ය සමාජ සිද්ධි පාදක කරගනිමින් පාඨකයාට රසාස්වාදනයක් ලබාදෙන අතර දැනුමක් මෙන්ම ජීවිත ඥානයකුත් ලබාදේ.එයින් උපදෙස් දෙන්නේ ඉතා මනහර ලෙසය. ‘කාන්තාවක් උපදෙස් දෙන්නාක් මෙන් කවියා උපදේශනය දැනවිය යුතුයැයි ‘‘මම්මට’’ පැවසීය.යමක් බලෙන් උගන්වාලීම ලේඛකයෙකුගේ කාර්යයක් නොවේ.’’ මේ අනුව පැහැදිලි වන්නේ සාහිත්‍ය හා සමාජය අතර පවතින අන්‍යොන්‍ය ප‍්‍රතිබද්ධතාවයි. දැනට පවතින ශිලා ලේඛන අනුව සිංහලෙහි ගද්‍ය කාව්‍ය සම්ප‍්‍රදාය ආරම්භ වන්නේ මහින්දාගමනයත් සමගය.පසුව භාරතීය සංස්කෘතික ආභාසය මෙරටට ලැබුණි.ඉන්‍දීය හා ශ‍්‍රී ලාංකීක සමාජය බොහෝ දුරට එක සමාන ලක්‍ෂණ දරන ලද්දක් බව මුල් කාලීන තොරතුරුවලින් පැහැදිලිවේ. මිහිදු හිමියන්ගේ පැමිණීමත් සම`ග බුදුදහම දීප ව්‍යප්තව පැතිරුණු බව සදහන් වේ. වේවැල් කැටියේ ලිපියට අනුව මරණ දඩුවම,හංවඩු ගැසීම වැනි දඩුවම් එකල ක‍්‍රියාත්මක වී ඇත. අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍ය පාලි සාහිත්‍ය ඇසුරින් අභාසය ලබා බිහි වී ඇත.පසුව එහි ශීඝ‍්‍රයෙන් වර්ධනක් ඇති විය.අනුරාධපුර යුගයේ සාහිත්‍ය ග‍්‍රන්‍ථ විශාල ගණනක් අපවත් වී ඇති නිසා මුල් කාලීනව පැවැති සාහිත්‍ය ග‍්‍රන්‍ථ සියල්ලෙන් කිහිපයක් පමණක් විද්‍යමාන වේ. එම යුගයේ දැමිය,බැබිරිය,දළ බිසෝය,දළගොත් කුමරුය,දළ-සල කුමරු,කිත්සිරි කසුබ් ඈපා,සූරීය බාහු වැනි දෙළොස් මහ කවීන් වූ බව කියැවේ. එසේම අභාසළමෙවන් වැනි රජවරුන් සාහිත්‍යකරණයෙහි නියැලී ඇත. පස්වන කසුප් මහ රජතුමා පාලි ධම්මපදට්ඨ කථාවට ගැටපදයක් ලෙසින් ධම්පියා අටුවා ගැටපදය රචනාකර ඇත.මෙයින් පාලි භාෂාවෙන් කළ ග‍්‍රන්ථයන්ට සමාජයේ පැවැති අවධානය මනාව පැහැදිලි වේ.ප‍්‍රාචීන භාෂාවන් පිළිබද දැනුම බහුල වු ජනයා සිටි බව මෙයින් ස්ඵුට වේ.පාලි ප‍්‍රාතිමෝක්‍ෂය අරමුණු කරගෙන සිඛවළද හා සිඛවළද විනිස රචනා කර ඇත.මෙරටට නොගැලපෙන විනය නය ඊට ඇතුළත්වීම නැත.සමාජයේ බොහෝ සමාජ චර්යාවන් මෙයින් නීරූපණය වේ. මෙයට පසුව මහා බෝධි වංශ ගැට පදය හා ජාතක අටුවා ගැට පදය රචනාකර ඇත.මෙම කාලය තුළ සමාජය බොහෝ ධාර්මික වූ බව,ධම_ ග‍්‍රන්‍ථ අධ්‍යනයට බහුල වශයෙන් පෙළඹුණු බව පැහැදිලි වේ.රජවරුන්ද පාලි පොත්වලට,අටුවාවලට ගැට පද කරීමෙන් සාහිත්‍ය හා ආගම සමග පැවැති දැඩි සම්බන්ධතාවක් මෙම යුගයේදි පැවැති බව පෙනේ.රජවරුන් පවා ඉතා විවේක බුද්ධියෙන් සිටි අතර දේශපාලන ස්ථාවරභාවයක් එකල පැවැති බව පැහැදිලිවේ. ‘‘මෙයින් පැහැදිලි වන්නේ තත් කාලීන සමාජය මනුෂ්‍යයාගේ ශිෂ්ඨත්වය ආරක්‍ෂා කිරීමෙහිලා උපකාරී වන සුචරිත ධම_ කරුණුම ප‍්‍රිය කළ බවයි.’’ එකල සාමාජීය අදහස් තුළින් කවියන්ගේ පරමාථ_ පවා යහ මගෙහි යෙදවු බව පෙනේ. පොළොන්නරු යුගයේදී ගද්‍ය සාහිත්‍ය සදහා සංද්කෘත භාෂාවේ අභාසය තදින් බලපා තිබේ.කවීහු සංස්කෘත රීතිය අනුගමනය කිරීමට පෙළඹි ඇත. මෙම යුගයේ පාලි සාහිත්‍යයද ඉතාමත් දියුණු අවධියක පැවතුණි.සිංහල සාහිත්‍යයේ විශිෂ්ඨ ග‍්‍රන්‍ථයක් ලෙස අමාවතුර හැදින්විය හැක.පෙළෙහි එන කථා මෙහිදි ආශ්‍රේය වුවත් මෙම කාව්‍ය නිර්මාණය තුළ මෙරට සමාජය හා සංස්කෘතිය පිළිබිඔු වේ. ‘‘නිර්මාණය හා සංස්කෘතිය අතර පවතින්නේ නොබෙදිය හැකි සුසංයොගයකි.අසවල් නිර්මාණය අපට සමීපය කියන්නේ, එහි එන්නේ අපගේම ජීවිතයෙහි ජවනිකාවන්ය,හෘදය ස්ඵන්දනයය’’ උසස් සාහිත්‍යක් දේශීය ලක්‍ෂණවලින් මෙන්ම විශ්වීය වශයෙන්ද සාව_ත‍්‍ර ගුණයෙන් ආදරණීය විය යුතුය. අමාවතුරෙහි එන අංගුලිමාල කතාවේ අහිංසක කුමරු චණ්ඩ පුරුෂයෙකු බවට පත්වන්නේ සමාජයේම වරදින් බව ගුරුළුගෝමී පෙන්වා දෙයි. ‘‘හේ වියපත් කල්හි මව්පියෝ ශිල්ප උගන්නට තක්සලා නුවරට යවූහ.හේ ධම_ාන්තේවාසික වැ ශිල්ප උගන්න.වන් සපතැ කී කී දැයක් වහා සපයයි.මන වඩන නියායෙන් හැසිරේ.පෙම් වචන නියායෙන් බෙනෙයි.’’ මෙම ගද්‍යය සමාජයෙහි නොවියත් හුදීජනයන් සදහා රචනා කර ඇත.මිනිසා සමාජානුයෝජනය වීමේදි සමාජයෙන් ගබා ගන්නා සේම සාහිත්‍යයෙන්ද බොහෝදේ ලබා ගනියි.සාහිත්‍යක් මගින් සමාජයට බහුශ‍්‍රැතබව ලබාදෙන බවට මෙය නිදර්ශනයකි. ගුරුළුගෝමී බුද්ධියට ගරු කළ ලේඛකයෙක් වූ බව පැහැදිලි වන්නේ දෙව්දත් තෙරුන් අජාසත් කුමරුන් ලවා පිය රජුට හිරිහැර කරවූ ආකාරය කරුණා රසය යුතුව සදහන් කරයි.අජාසත් හිරිහැර කරවන ආකාරය මැනවින් පැහැදිලි කරයි.තම පියා එසේ වධයට ලක්කරන විට එය බිසව ඉවසා ගත නොහැකිව ස්වාමියාට ඇති සෙනෙහෙන් ආහාර තම ශබ්රයෙහි සගවා ගෙන යන ආකාරය මැනවින් නීරූපණය කරයි. පුරාණ සමාජය වත_මාන සමාජයට වඩා සරල වුවද මිනිස් ක‍්‍රියාකාරීත්‍වය(ගති ගුණ,හැසිරීම්* එක සමානය.මෙවැනි සිදුවීම් හා චරිත ඇත්තවුන් වත_මානයේද සොයා ගැනීම දුෂ්කර නොවේ.එමගින් එහි සාර්වාත‍්‍රික ලක්‍ෂණ මැනවින් දෘශ්‍යමාන වේ. අමාවතුරට පසුව රචනා වූ මේඝ ¥ත සන්නය,කාව්‍යාදර්ශ සන්නය,ධම්මපද සන්නය හා රූපසිද්ධි සන්නය වැනි ග‍්‍රන්ථ තුළින් එකල කවීන්ගේ සංස්කෘත ඇල්ම හා එයට සමාජයේ උසස් තැනක් හිමිකර දී තිබු බව පෙනේ. සමාජයේ අභිමතාර්ථ හා අපේක්‍ෂාවන් සාහිත්‍යයෙන් පිළිබිඹු වේ.චොළ,පාණ්ඩ්‍ය, මාඝ වැනි ආක‍්‍රමණ හා හින්දු දහම මෙහි ව්‍යාප්තිය තූළ දෙවියන් මානුෂීය ගතිගුණ ඉක්මවු උත්තරීතර ගුණ ඇති උත්තමයන් යන මතය සමාජයේ පැවතුණි.මේ කරුණ නිසා බුදු හිමියන් දෙවියන්ට වඩා උසස් බව පෙන්වීමට භක්ති කාව්‍ය රචනා විය. බුත් සරණ එයට දෙස් දේ.මෙයට සමකාලීන පැවැති මහායාන අදහස්ද හේතු වී ඇත.සංස්කෘත ගීත ගෝවින්දය මෙයට සමකාලීනව රචනා වී ඇත.සංස්කෘත භක්ති කාව්‍ය වේද යුගය දක්වා දිවයයි.සාහිත්‍යකරුවාට කාලීන ඇගයුම් පදනම්කරගෙන නිර්මාණ බිහි කරන්නට සිදුවේ.එම නිසා සාහිත්‍ය සමාජ අධ්‍යනයට මුලාශ‍්‍රයක් වේ. අගුල්මල් රජු සිය සිවු ර`ග සේනාව ගෙන ඔහු ඇල්ලීමට යාමෙන් ඔහුට හානියක් වේයැයි සිතු අ`ගුල්මල්ගේ මෑණියෝ ඔහු බේරා ගැනීමට යත්න දරයි. මෙම ග‍්‍රන්‍ථයෙන්් පසු මෙහි පැවැති ජනප‍්‍රියතාව නිසාම දහම් හා ස`ගසරණ රචනා කරයි. ධම_සේන හිමියන් රචිත සද්ධර්මරත්නාවලිය විශිෂ්ඨ සාහිත්‍ය කෘතියක් වේ.ධම්මපදට්ඨ කථාව ඇසුරු කරගෙන මෙය රචනා කර ඇති වුවත් කත_ෘවරයා ගැමියන් සමග දොඩමලූවෙමින් සමාජයේ ඇති,සමාජයට ගැලපෙන උපමා උපමේය යොදා ගෙන ඇත.මෙහි සෑම සමාජ ස්ථරයක්ම පිළිබ`ද කරුණු අන්තර්ගත වේ.මෙම ග‍්‍රන්‍ථයෙන් සමාජයට බහුශ‍්‍රැතබවක් ලැබී ඇත.සාමුහිකව මෙම ග‍්‍රන්‍ථ කියවීමෙන් සමාජ සාමූහිකත්‍ව වැනි කරුණු කෙරෙහි මෙවැනි කෘති බලපා ඇත.එම නිසා සාහිත්‍ය නිසා සමාජය වෙනස් වී ඇත.එදා පැවැති කෘෂිකර්මික ජීවන රටාව මැනවින් පැහැදිලි වේ. චුන්දනම් ඌරු වැද්දාගේ කථාවේදී මස් පිණිස සතුන් මරා සතුන්ට වධ දිමෙන් ජීවිකාව ගෙන යන ඔහු ජිවිකාව දුෂිත කරගනනා අකාරය මැනවින් නිරුපණය වේ. පටාචාරා වැනා කථා වස්තු තාත්විකව මෙහි නීරූපනය කර ඇත.විනාශයට මුල් වන මනෝභාවයන් මැනවින් කතුවරයා එවැනි තැන්වලදි දක්වයි.ධර්මසෙන හිමි සොරෙකුට මෙහිදි අමතන්නේ ‘සොරාණෝ ’ යනුවෙන් ගෞරවාන්විතයතවය.ඔහුන් අපරාධවලට යොමු වන්නේ සමාජයේම වරදින් බව උන්වහන්සේ පාඨකයාට අවබෝධ කර දෙයි. දඔදෙණි කාලයෙහි මහායාන අදහස් ථේරවාදය සම`ග මිශ‍්‍රව පැවතුණි.පූජාවලිය බුදුන්ට උතුම් ප‍්‍රතිපත්ති පූජා පිණිස රචනා කර ඇත.බුද්ධපුත‍්‍ර හිමියන් පූජාවලිය රචනා කිරීමෙන් පසු ජනතාව මෙන්ම දෙවන පැරකුම්බාවන් බොහෝ ප‍්‍රීතියට පැමිණ තිබේ. සමාජය මෙවැනි ග‍්‍රන්‍ථ රචනය නිතැතින් බලාපොරොත්තු වු බව මෙම කරුණින් ස්ඵුට වේ. .පූජාවලියෙන් මතුකර පෙන්වන්නේ මහායානයෙහි ප‍්‍රධාන ඉගැන්වීමක් වන බොධි සත්වායනය බව එය ලිවී ආ රචනා ශෛලියෙන් පැහැදිලි වනබව පරණවිතාන මහතා පවසයි. පූජාවලී කතුවරයා ස්ත‍්‍රී චරිත සම්බන්ධ කථා පුවත් ඉදිරිපත් කරන්නේ ආදර්ශ වනිතාවක පැවතිය යුතු ආකාරය පිළිබ`දව ස්ත‍්‍රී ජනයාගේ දෑස් පාදවමිනි.එසෙම ඔහු කාන්තාන්ගේ නිදහස පිළිබ`දව ධනාත්මකව සළකා ඇත .කාන්තාවන්ට බෝහෝවිට පුරුෂයන් හා සම තැන වොලැබිණි.දඹදෙණි පැරකුම්බාවන්ගේ දින චරියාව ඇතුළත් ග‍්‍රන්ථය කදවුරු සිරිත නම්වේ.මෙය ඓතිහාසික තොරතුරු ජානනය සදහා ඉතා වැදගත් ග‍්‍රන්ථයක් වේ. සිංහල ථූපවංස කතුවරයා රුවන්වැලි දාගැබ් වර්ණනා කරයි.කුරුණැගල යුගයේ මෙය රචනා කරන්නේ කාලීන අවශ්‍යතාවක් පූරණය කිරිමටය.මෙහි ඓතිහාසික තොරතුරු ඇතුළත් වේ.දුටුගැමුණු රජු එළාර සමග කළ සටන මනොරම්‍ය ලෙස මෙහි සදහන් වේ. සද්ධම_ාලංකාරය රසවාහිනිය ඇසුරු කරගෙන රචනා වුවද එයින් දේශීය සමාජය පිළිබිඹු වේ.අහිගුණ්ඨික වස්තුවේදි මෙරට පැවැති හා පවතින අහිගුණ්ඨික සමාජය හා ඔවුන්ගේ ජීවනෝපාය පිළිබද සදහන් වේ. කුරුණැගල යුගයේ සම්පාදනය කරන ලද සිංහල ජාතක පොත විශිෂ්ඨ සාහිත්‍ය නිර්මාණයක් වේ.ජාතක පාළියෙහි සංක්‍ෂිප්ත දේශනාවලට විවිධ කථාවලින් යුතුව රචනා කර ඇත.මේ සදහා දේශීය මෙන්ම භාරතීය ජන කථා ඇතුළත් වී ඇත.ජාතක පොත විශ්ව සාහිත්‍යයෙහි උත්කෘෂඨ ගණයේ ග‍්‍රන්ථයකි.මෙහි අවශ්‍යතාව කාලීනව පැවති විදේශීය ආක‍්‍රමණවලින් හෙම්බත් වී සිටි ජනයාට මහත් අස්වැසිල්ලක් විය.මෙහි සියලූ ජාතක කථාවන් ඇතුළත් වේ.කථාන්තරවලට මෙරට ජනයා සහජයෙන්ම කැමැත්තක් දක්වයි.මෙයට සමාජයේ සෑම ස්ථරයකම චරිත ලක්‍ෂණ අඩංගු වේ.සාහිත්‍ය නිර්මාණයක ගැබ් විය යුත්තේද එයයි.මනෝවිද්‍යාවේ ඉලෙක්ට‍්‍රා නැමැති (පියා හා දියණිය අතර ඇතිවන පේ‍්‍රමය* සංකල්පයට සමාන අවස්ථාවක් සෙග්ගු ජාතකයෙහි පියා සිය දියණියට අතවර කරන්නට ගිය අවස්ථාවක් පළිබද කියැවේ. ‘‘එක්තරා කෙළෙඹි පුත‍්‍රයෙක් තමාගේ දුව විශිෂ්ඨ රූ ඇති සදහාත් භාව ලීලා කටාක්‍ෂයෙන් තමාට සැක උපන් හෙයිනුත් මේ කන්‍යා ස්ත‍්‍රීය නොවේදෝ හෝය පරීක්‍ෂා කරන්ට වුව මැනවැය සිතා දුව අත අල්වාගෙන වනාන්තරයට ගොස් කෙලෙස් වස`ගව අත ඇල්ලූවා සේ ඇල්වීය.එවිට ¥ භයින් අඩන්නට වන් විට පියා වංචාවෙන් අඩතියි සිතා කුමක්ද? පංච කාම විෂය නම් කාටත් සරිය.එහෙයින් තොප කන්‍යා ස්ත‍්‍රිය නොවූ නම් අඩන්නේ ඇයිදැයි කීය.’’ දෙමාපියන්ගේ ඇසුර නොලැබිම නිසා දරුවන්ගේ පෞරුෂය වරුධනය වන අවධියේදි එය තදින් අයහපතට බලපායි.මනොවිද්‍යාවේ භාවිත වනිප්එැරබ්ක ාැචරුඩ්එසදබ ්බා ්එඒජයපැබඑ එයැදරහ’ නම්වන න්‍යායට අනුව සිදුවේ.මෙය මහා ඵලොභන ජාතකයේ හා සංකප්ප ජාතකයේ මෙම ලක්‍ෂණයන් නිරූපණය කර පෙන්වයි. සියදිවි නසා ගැනිම වැනි දේ සදහා හේතුවන මානසික පීඩන සහිත අවස්ථා ජාතක පොතේ දැක්වේ.ගුත්තිල ජාතකයේ ගුත්තිලයන්් සමාජ ගරුත්වය අහිමි වීම නිසා ඇතිවන මානසික පීඩනයෙන් සිය දිවි නසා ගැනීමට උත්සාහ දරයි.වෙස්සන්තර ජාතකයේද එබදු අවස්ථා සදහන් වේ. සමාජයේ දුර්වලතා නිසා පෞරුෂ විහීනතාවෙන් යුතු තැනැත්තන් නිර්මාණය වීමෙන් සමාජයම ¥ෂණය වන බව චුල්ලධර්මපාල ජාතකයේ එන මහා ප‍්‍රතාප රජුගේ චරිතය උදාහරණ වේ.සිය පුතා වු සත්මස් වියැති සිගිත්තාට බිසව කිරි පොවමින් සිටිනු දකින මහා ප‍්‍රතාප රජුතුළ ලිංගික ඊෂ_්‍යාවක් ඇති විය.ඔහු දරුවා කඩ කඩ කොට මැරීමට වධකයාට අණ කරයි.මෙය අන්තර් පුද්ගල චිත්තයේ ගැබ් ගත් ම්ලේච්ඡුත්‍වය වශ්ලේෂණය කර පෙන්වන ජාතක කථාවකි. සමාජය සංවිධානය වී පවතින්නේ විශේෂ ආකාරයතටය.ඒ අතර සාමාජික ආයතන වැදගත් වේ.සමාජ පාලනය බිදවැටුණුවිට අපරාධ ඉහළ නගි.දේශපාලන බලය සහිත පුද්ගයන්ගේ අනිසි පාලන ක‍්‍රියාමාර්ග කරණකොටගෙන සමාජය බිද වැටි නීති රීති නිසි ලෙස ක‍්‍රියාත්මක නොවීය හැකි බව ගණ්ඩතීන්දු ජාතකය මගින් (අංක 152,1645 පිටුව* පැහැදිලි වේ. දළදා සිරිත,අනාගත වංශය,එළු අත්තනගලූ වංසය,සද්ධම_රත්නාකරය වැනි කෘතිවලින් එකල සමාජය ආගම මුල්කරගෙන සංවිධානය වී ඇති බව පැහැදිලි වේ.දළදා සිරිත සදහා දාඨාවංශය වැනි ග‍්‍රන්ථ මුල්කරගෙන ඇති අතර එමගින් ඉන්දියාව හා මෙරට අතර ඇති දේශපාලන හා ආගමික සම්බන්ධතා පිළිබද සදහන් වේ.එසේම භික්‍ෂුන් වහන්සේලා මුල් කරගත් අධ්‍යාපනයක් පැවැතිබවද මෙම ග‍්‍රන්ථ තුළින් පැහැදිලි වේ. සිංහල බෝධි වංසය තුළින් මෙරට ඇතැම් කුල පරම්පරාවන් බුදු දහම මුල් කරගෙන ව්‍යාප්ත වූ අයුරු හා මෙරට නගර නිර්මාණය වී තිබු ආකාරය පැහැදිලි වේ. එසෙම සමාජය ආගමික විෂයෙහිලා දැක්වු ශ‍්‍රද්ධාව,භක්තිය මනාව පැහැදිලි වේ.පූජාවලිය වැනි ග‍්‍රන්ථ තුළ විවිධ ආක‍්‍රමණ ගැන සදහන් කිරීමෙන් සමකාලීන ජනයා මුුණ දුන් විවිධ ගැටළු හා ඒවා ජයගත් ආකාරයද සදහන් වේ. කවීහු සමාජයේ ව්‍යවහාර භාෂාව වෙනස් වීමත් සමග තම ලිඛිත ශෛලියද වෙනස් කරගනිති. ‘‘සම්ප‍්‍රදාය සාහිත්‍ය නැමැති මන්දිරයෙහි පදනම වැන්නයි යට කියන ලදි.එසේම සම්ප‍්‍රදාය මහ ගසක් විනාශ කරන පිළිලයක් වැන්නැයිද කිව හැකිය.බොහෝ සාහිත්‍යන් පිරිහුනේ ක‍්‍රමයෙන් ඇති වී වෙනස් නොවන බවට පත්වූ සම්ප‍්‍රදායන් නිසාය.’’ කථාවක හෝ කාව්‍ය නායකයා උදාර චරිත ඇත්තෙකු විය යුතු යන්න අත්‍යවශ්‍ය කාරණයක් සේ නොසලකයි.මෙකල ජනයා චරිත නිරූපණයෙන් බලාපොරොත්තු වන්නේ මිනිස් ගති ගුණ පැහැදිලි කිරීමයි.සමාජය වෙනස් වීම නිසා සාහිත්‍ය පරමාථ_යන්ද වෙනස් විය යුතු වේ.ඒ ඒ යුගවලදි වණ_ණා ක‍්‍රම හා රචනා ශෛලියක් වෙනස් වුවද මිනිස් සිත,මානුසීය ගති ගුණ පිළිබද කරන ලද විවේචන හෝ වණ_ණාවල අගය සැමදා පැවතීම නිසැකය. සම්පිණ්ඩනය සාහිත්‍යය යන්නට බොහෝ අථ_ ප‍්‍රකාශන දක්නට ලැබේ.එය සහිතවත්බව ලෙස සංස්කෘත සාහිත්‍යයේ දක්නට ලැබේ.එය ශබ්ද හා අථ_ යන සුසංයෝගයෙන් ප‍්‍රතිභාපූර්ණ රචනයක් විය යුතුය.සාහිත්‍යය යනු ‘ජීවන විවරණය’ වේ.සාහිත්‍යකරුවා සමාජයේ ජීවත් වන්නෙකි.ඔහු සමාජයේදි මිනිසුන් ර`ගන විවිධ ජවනිකා හා ගුණ සුවද පිළිබද සවිඤ්ඤාණිකය.ඔහු සාහිත්‍ය සදහා සමාජ අත්දැකීම් පාදක කරගනි.යම් නිර්මාණ සාහිත්‍යක් ස්වකීය සංස්කෘතිය සමග බද්ධව පවති.නමුදු ඒ තුළ දිවෙන ජීවන දර්ශනයක්ද මානවීය ගුණාංග සාව_ත‍්‍ර ලෙස දකින්නට ලැබෙන හෙයින් සෑම පුද්ගලයෙකුගේම මනෝ රඤ්ජනය කරයි.කවියාට අදාළවන ප‍්‍රස්තූතය සුඛාන්ත හෝ දුකඛාන්ත වුවත් එය රසය මුසු කර නිර්මාණශීලීව ප‍්‍රකාශ කරයි.එයින් ජීවිතයෙන් පලායාමට අනුබලයක් නොදෙයි. සාහිත්‍යයට වස්තු විෂය වන්නේ සමාජ ප‍්‍රස්තූතයන්ය.එසේම සාහිත්‍යය සමාජය අරමුණු කරගෙන රචනා කරයි.සමාජයේ අභිමතාථ_ හා අපේක්‍ෂාවන් සාහිත්‍යයෙන් පිළිබිඹු වේ.සාහිත්‍යයට සමාජයත් සමාජයට සාහිත්‍යයත් වඩාත් ගතිජ ස්වභාවයකින් යුතුවේ.එසේම අන්‍යෝන්‍ය ප‍්‍රතිබද්ධතාවකින්ද යුතු වේ.සිරිත් විරිත් ඇතුළු සමාජ විඤ්ඤාණය සාහිත්‍යයෙන් පිළිබිඹු වේ. බුදු දහම මෙරට පැමිණීමත් සමග මෙරට සමාජය වෙනස් විය.එම නිසාම බුදුදහම මුල්කරගත්, ආගමට බොහෝ සේ නැඹුරු වූ ජීවිත වේ.මුලින් පැවැති හෙලටුවා නැවැත පාලියට පෙරළීමත් එම පාලි ග‍්‍රන්ථවලට පරිකථා හා පෙළ ආශ‍්‍රය කරගෙන සිංහල සාහිත්‍ය නිර්මාණ බිහි වී ඇත.ධම්පියා අටුවා ගැටපදය,සිඛවළද හා සිඛවළද විනිස,මහාබෝධි වංස ගැටපදය,ජාතක අටුවා ගැටපදය,ව්ශුද්ධි මාග_ මහාසන්නස වැනි ග‍්‍රන්ථ පූර්වතර වේ.හෙලටවා හා පුරාණ සීහළ ග‍්‍රන්ථ විනාශ වී තිබිම හා විනාශ කර තිබීම ඛේදනීය වුවත් ඉතිරි වී ඇති ග‍්‍රන්‍ථ කිහිපය තුළින් සමකාලීන සමාජ තත්ත්වය පිළිබිඹු වේ.ඇතැම් ග‍්‍රන්‍ථ රජවරුන්ද ග‍්‍රන්ථ කරණයෙහි නිර වීමෙන් පැහැදිලි වන්නේ එකල පැවැති වීවේකී සමාජ පරිසරයයි. පොළොනනරු යුගයේදි සංස්කෘත සාහිත්‍යයේ බලපැම වැඩි වීමත් මහායාන බලපෑම,විදේශීය ආක‍්‍රමණ හා හින්දු ආගමේ බලපැම තුළ මෙකල රචනාශෛලිය,වස්තු විෂයවෙනස් විය.භක්ති කාව්‍ය බිහි විය.එහි මෙරට සමාජය, සංස්කෘතිය පිළිබිඹු වන අයුරින් රචනා වී ඇත.බුත් සරණ,දහම් සරණ,ස`ග සරණ වැනි ග‍්‍රන්‍ථ පූවෙ_ා්ක්ත ලක්‍ෂණ නීරූපණය වන සේ රචනා වී ඇත. දඹදෙණි යුගයේ සද්ධර්මරත්නාවලිය,දඹදෙණි කතිකාවත,කදවුරු සිරිත,පූජාවලිය,විසුද්ධි මාග_ මහා සන්නය හා සිදත් ස`ගරාව වැනි ග‍්‍රන්ථද ථූප වංසය,දඹදෙණි අස්න,සිංහල ජාතක පොත,දළදා සිරිත,සිංහල ජාතක පොත,සිංහල බෝධි වංසය, අනාගත වංසය වැනි ග‍්‍රන්ථ වැදගත් වේ.ඉතිහාසය පිරික්සීමට වැදගත් වන එළු අත්තනගලූ වංසය,සද්ධම_ාලංකාරය,කුවේණි අස්න,සද්ධම_ රත්නාකරය වැනි ග‍්‍රන්‍ථ වැදගත් වේ. කදවුරු සිරිත,දළදා සිරිත,සිංහල බොධි වංසය වැනි ග‍්‍රන්‍ථ තුළින් දේශපාලන තොරතුරුද අන්තර්ගත වෙයි.එසේම මෙ කෘති වලින් මෙරට පැවැති සමාජ තත්ත්වයන් ඇතුළු මෙරට සමාජ ජීවන සුවද සිංහල සාහිත්‍යයෙහි බොහෝ ග‍්‍රන්‍ථ තුළින් දැකිය හැකිය.සාහිත්‍යය හා සමාජය අතර සහසම්බන්ධතාව භින්නනොවී එකක් අනෙක කෙරෙහි බලපෑම් එල්ල කරමින් අන්‍යෝන්‍ය ප‍්‍රතිබද්ධව පවතියි ආශ්‍රේය ග‍්‍රන්ථ නාමාවලිය  අනුමොදනා (අනුරාධ සෙනවිරත්වන උපහාර ලිපි සංග‍්‍රහය*,එම් සොමතිලක,එම්.එච්.ඩි ආර් හෙරත් ,එස් ගොඩගේ සහෝදරයෝ,කුලරත්න මාවත ,කොළඹ10  අමාවතුර,ශ‍්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ සංස්රණය,සමයවර්ධන පොත්හල(පුද්ගලික* සමාගම,61,කොළඔ 10(ප‍්‍රකාශනය*,2004  ආනන්ද කුලසූරිය,සිංහල සාහිත්‍යය,සී/ස(පෞද්*,විසිනුදු ප‍්‍රකාශකයෝ,471,වැව පාර.බොරලැස්ගමුව,1961  දහම්සරණ, (සංස්* කොත්මලේ ධම්මානන්ද, ග‍්‍රන්ථ ප‍්‍රකාශක යන්ත‍්‍රාලය, කොළඹ1929*.  ධම්පියා අටුවා ගැටපදය ,(සංස්* ඞී.ඊ. හෙට්ටිආරච්චි, ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාලයේ ප‍්‍රකාශන මණ්ඩලය, පේරාදෙණිය, (1974*  ධම_කීර්ති ,සද්ධම_ාලංකාරය,මකුළුදුවේ පියරතන(සංස්*,ඇම්.ඩි ගුණසේන සහ සමාගම,කොළඹ, සිංහල සාහිත්‍ය වංශය,පුංචිබණ්ඩාර සන්නස්ගල,ලේක්හවුස් මුද්‍රණාලය,1961(ප‍්‍ර.මු*  පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, වතුත්තේ පේමානන්ද(සංශෝධිත*,චතුර  පියසීල විජේගුණසිංහ,සාහිත්‍යය භෞතික වාදී අධ්‍යනයක්,සන්නිවේදන පොත් ප‍්‍රකාශකයෝ , සිසිල ,435/3,හිඔුටාන පටුපමග,අංගොඩ ,1982  මහාවංසො,(සංස්* මංගල ඉලංගසිංහ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, (2006*.මුද්‍රණාලය,142,අවිස්සාවේල්ල පාර,වැල්ලම්පිටිය,1996  මාර්ටින් වික‍්‍රමසිංහ,සම්ප‍්‍රදාය හා විචාරය,ප්‍්‍රදීප ප‍්‍රකාශකයෝ,207,උසාව් පාර,කොළඹ12 ,1971  මිණිමුතුව (විචාරශීලි සංග‍්‍රහය*,ඇම්.ඩි ගුණරත්න සහ සමාගම(මුද්‍රණය*,1957  පඤ්ඤාකිත්ති කොටහේනේ,සාහිත්‍ය කථා,කේ.ඒ ආරියදාස,679,පොත් වෙළ`දසැල,මරදාන(ප‍්‍රකාශකයෝ*පූජාවලිය ,වලානේ ධම්මානන්ද(සංස්*  බුත්සරණ, (සංස්* ලබුගම ලංකානන්ද, ඇම් ඩි ගුණසේන සහ සමාගම, කොළඹ 11, (1968*.  රත්නමාලී වංශය, වම්බට්වැවේ ධම_කීර්ති(සම්පාදිත*,ඇම් .ඩි ගුණසේන සහ සමාගම,කොළඔ 11,1967  විලපිටියේ ඤාණවංස අනුනායක අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය,කහවත්තේ ජිනසිරි හිමි (ප‍්‍ර.සංස්*,තිළිණ මුද්‍රණාලය ,අංක 03,ගෙලිඔය ,2007  ස`ගසරණ, (සංස්* පුඤ්චිබණ්ඩාර සන්නස්ගල, ලේක්හවුස් ප‍්‍රකාශකයෝ, කොළඹ 03, (1954*.  සද්ධම_රත්නාවලිය,ඇස්.ගෝඩගේ සහ සහෝදරයෝ,675,මරදාන පාර,කොළඔ 10,1985  සම්භාව්‍ය සිංහල ගද්‍ය කාව්‍ය උද්ධෘත,සද්ධම_රත්නාවලිය,කිවුලේගෙදර නාරද,සමන් ප‍්‍රකාශනයෝ,30/4 වෙල පාර,ගංගොඩවිල,නුගේගොඩ(මුද්‍රණය*,2005  සරත්චන්ද්‍ර,කල්පනා ලෝකය, එස් ගොඩගේ සහෝදරයෝ,කුලරත්න මාවත ,කොළඹ10,1958  සිංහල ථූප වංශය,කේ.ජි. පේ‍්‍රමරත්න රත්නසිරි,ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ,කොළඹ 12  සේනානායකජේ.බි,විචාරප‍්‍රවේශය,තරංගප‍්‍රකාශකයෝ,19,ඇලෙක්සැන්ඩ‍්‍රාවත්ත,කණුවන,1995(ප‍්‍ර.මු*  සිංහල බෝධි වංසය ,නන්දසේන රත්නපාල(සංස්* ,ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ,207,උසාවිය පාර,කොළඹ 12,1970(ප‍්‍ර.මු*  ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය,ඩබ් සෝරත  ශාස්ත‍්‍රීය චින්තා,අයි.ඇම් සෝමරත්න(ප‍්‍ර.සංස්*,ශාස්ත‍්‍රීය චින්තා,අඔසෙවන,දම්පිටිය,දෙමටළුව(ප‍්‍රකාශනය*,සමයවර්ධන මුද්‍රණාලය,57,මාලිගාකන්ද පාර,මරදාන  විද්‍යාලංකාර,පැරණි ලක්දිව නීතිය හා අධිකරණ,කත_ෘප‍්‍රකාශනයකි,2000  සුමංගල ශබ්ද කෝශය  වික‍්‍රමසිංහ මාර්ටින්,සිංහල සාහිත්‍යයේ නැගිම,  අතිරේකයත්‍යය,ත්‍රෛයි මාසික සගරාව,සමාජය හා සංස්කෘතිය,ගුණපාල මලලසෙකර,1962 පුවත්පත්  ලංකාදීප අතිරේකය,2010 මාර්තු 09 වැනිදා,මහේන්ද්‍ර සුනන්ද,නිර්මාණය හා සංස්කෘතිය,වීමංසා අතිරේකය  දංදෙරා ්ාඩ්බජැා කැ්බැර’ි ාසජඑසදබ්රහලිැඩැබඑය ැාසඑදබල2005ලදංදෙරා මබසඩැරිසඑහ චරුිිලදංදෙරා  ච්ර්බ්ඩසඑය් බ ්ලිලසබිජරසචඑසදබ දෙ ජැහකදබලඩදක 1ලඑයැ ාැච්රඑපැබඑ දෙ එයැ ්රජයදකදටහ ජැහකදබල1970

No comments: