Thursday, December 12, 2013
විශ්වය ප‍්‍රභය පිළිබඳ විවිධ මතවාද.
විශ්වය ප‍්‍රභය පිළිබඳ විවිධ මතවාද.
විශ්වය සහ එහි සම්භවය පිළිබඳ ගැටළුව විවිධ විද්‍යාවන් ම`ගින් හැදෑරිය යුතු ගැටළුවක් වන අතරම එය දාර්ශනික ගැටළුවක් ලෙස ද සැලකිය හැකිය. අතීතයේ සිට තමා ජීවත් වන වටපිටාව පිළිබඳ දැක්වු කුතුහලය නිසා මිනිසා තුළ මෙම ගැටළුව පිළිබඳ දැනුම ටිකෙන් ටික වර්ඹනය වන්නට විය.
විශ්වයේ ප‍්‍රභවය පිළිබඳ විවිධ මතවාද සාකච්ඡුා කිරීමට මත්තෙන් විශ්වය යනු කුමක් ද? යන්න විමසිය යුතුය. විශ්ව ලෝකය යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරනු ලබන්නේ අප ජීවත් වන පරිසරය හා සමබන්ධව පිහිටා ඇති ග‍්‍රහ තාරකා ආදියෙන් සැදුම්ලත් භෞතික පරිසරයයි.
බුදුසමයට වඩා පැරණි වෛදික චින්තනයෙහි ලා ‘විශ්වි’ (්කක මබසඩැරි්ක* ශබ්දය ප‍්‍රචලිතය. වෛදික භාෂාවෙහිදි විශ්ව යන්නෙහි අදහස් කරන ලද අර්ථය ප‍්‍රකට කිරීම සඳහා බුදු දහමෙහි අයත් පෙළෙහි වචන දෙකක් උපයෝගී වී ඇත. ඉන් පළමු වැන්න ‘විස්ස’ නම් වේ. එය ‘විස්ස කම්ම’ ආදි යෙදුම් වලින් පෙනී යයි. නමුත් එය ලෝක නිකායික අර්ථයෙන් භාවිත වි ඇති ආකාරයක් දැක ගත නොහැකිය.
ලෝකය පිළිබඳ වෛදික චින්තාවලියෙහි ක්‍ෂුද්‍ර විශ්වය (ඵසජරදජදිප* සහ මහද් (ඵ්ජරදජදිප* විශ්වය සංකල්පය දක්නට ලැබේ. මහද් විශ්වය යනු චන්දන වස්තූන්ගෙන් සැදුම්ලත් මෙම මහා විශ්වයයි. ක්‍ෂුද්‍ර විශ්වය යන්නෙන් එහි ජීවත් වන මිනිසා නමැති සංකල්පය අර්ථවත් වෙයි. මහද් විශ්වය තුළ සූර්යයා හා චන්ද්‍ර නමැති ආකාරද්වයක් දක්නට ලැබේ. ක්‍ෂුද්‍ර විශ්වය වන මිනිසා කෙරෙහි ද ඇස් දෙකක් ඇත. ක්‍ෂුද්‍ර විශ්වයෙහි ආශ්වාස ප‍්‍රාශ්වාස පවතියි. ඊට සමාන්තරව මහද් විශ්වයෙහි වාතය පවතියි. භාරතීය චින්තකයන් විසින් මහද් විශ්වය හා ක්‍ෂුද්‍ර විශ්වය අතර මේ ආකාරයට දක්නට ලැබෙන සමාන්තර බන්දුතා (ෂබඑැරරුක්එසදබියසච* යනුවෙන් හැඳින්වී ඇත.
වෛදිකයෝ ලෝකය (විශ්වය* විවිදාකාරයෙන් විග‍්‍රහ කරන්නට යෙදුණහ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ලෝකය විවිධ වර්ගීකරණයන්ට භාජනය විය. මැක්ඩොනල්ඞ් හා ඒ. බී. කීත් වැනි ප`ඩිවරු පවසන පරිදි මුල්ම වෛදික ලෝක විග‍්‍රහය ත‍්‍රිවිධය.
01. පොළොව (ෑ්රඑය*
02. අන්තරීක්‍ෂය (්සර දෙ ්එපදිචයැරු*
03. අහස (්‍යැඩැබ දර ිනහ*
මේ එකක් එකක් නැවත කොටස් තුනකට බෙදයි. විශ්ව අහස උත්තම, මධ්‍යම සහ අවම වශයෙන් කොටස් තුනකට බෙදනු ඇත. ඉන් ඉහළම කොටස වෛදික පරලොව නැතහොත් පිතෘ ලෝකය හා සම්බන්ධ වේ.
එය තුන්වන දෙව්ලොව වශයෙන් ද ෂලකා තිබිණි. වේද ග‍්‍රන්‍ථ වල තුන්වන දේව ලෝකය හැඳින්වීම සඳහා ‘පරම’ , ‘රොකන’ , ‘ත‍්‍රිතාක්’ , ‘තිදිවි’ හා තෘතිය ලෝක ආදි පර්යාය වචන රාසියක් භාවිතයට ගෙන ඇත. මේ ඉහළම දිව්‍ය ලෝකයේ දෙවිවරුන්, පියවරුන් සහ සෝමපානය වෙනස් නොවන සේ උපදින බව මැක්ඩොනල්ඞ් හා කීත් ප`ඩිවරු පවසති. විශ්වයෙහි ප‍්‍රභවය පිළිබඳ ප‍්‍රාග් බෞද්ධ චින්තනය විමසා බැලීම ඉතා ප‍්‍රයෝජනවත් වේ. විශ්ව සම්භවය පිළිබඳ මනුස්මෘතියෙහි දැක්වෙන විස්තරයට අනුව එය මහා බ‍්‍රහ්මයා විසින් පළමුවෙන්ම විශාල ජල ධාරාවක් මවා එහි බිත්තරයක් තබන ලදි. එම බිත්තරය සූර්යා මෙන් දිලිසෙන එකක් විය. මේ බිත්තරය තුළ මහා බ‍්‍රහ්මයා වර්ෂ එකක් වාසය කළේය. ඉන් අනතුරුව එය දෙකඩ වූ අතර බිත්තරයේ උඩ කොයසින් දේව ලෝකයත් යට කොටසින් පෘථිවියත් නිර්මාණය කළේය. ඉන් පසුව අට දිසාව හා සමුද්‍රය ඇතුළු අනෙකුත් ස්ථාන නිර්මාණය කළේය.
සෝ භිධ්‍යාය ශරීරාත් ස්වාත් සිසෘක්ෂුර් විවිධාඃ ප‍්‍රජාඃ
අප එඑ සසර්ජාදෞ තාසු බීජමවාසෘජත්
තදණ්ඩ මහවද්ධෛවං සහශ‍්‍රාංශුසමප‍්‍රහම්
තස්මිංජරුඥ් ස්වයං බ‍්‍රහ්මා සර්වලෝක පිතාමහඃ
තස්මින්නණ්ඬේ ස භගවානුජත්වා පරිවත්සරථි
ස්වයමේවාත්මනෝධ්‍යානාත් තදණ්ඩමකරොද්ද්විධා
තාභ්‍යං ස සකලාභ්‍යාං දිවං භූමිං ච නිරමමේ
මධ්‍යෙ ව්‍යෝම දිශශ්වාෂ්ටාවපාං ස්ථානං ච ශාස්වතම්
අභ්‍යන්තරික වශයෙන් සහ සාමාජික වශයෙන් දුකෙන් පිරුණු මිනිසා එම පරිසරයෙන් නිදහස් වීම සඳහා වනගත ජීවිතය වැළඳගත්තේය. මෙසේ වනයේ හුදකලා වූ ස්ථාන වල ඇලූණු ඔහු විශ්වයෙහි උපත හා එහි විකාශනය පරිහානිය මෙන්ම එහි අතාගත තත්ත්‍වයන් පිළිබඳ ද සිතන්නට විය. මෙසේ ගැඹුරින් සිතන්නට යොමු වූ ඔහු ලෝකයේ පැවැත්ම පිළිබඳ වූ මූල ධර්මයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළහ. එහිදී ඔවුන්ගේ නෙත ගැටුනේ සඳ, හිරු, තාරකා වැනි විශ්වයෙහි ප‍්‍රමුඛත්වයක් දැරූ අජීවී වස්තූන්ය. මෙම වස්තූන්හි පැවති ස්වභාවික පරිමාවත් විශාලත්වයත් සලකමින් ඒවා කෙරෙහි දේවත්වය ආරෝපණය කළහ.
පෙරදිග දර්ශන අතර ආදිතම දර්ශනය වන ඍග් වේදයේ ලෝක සංකල්පයේ ප‍්‍රභවය පිළිබඳ විවිධ අදහස් දක්වා තිබේ. ඒ අතර ජලය, ගින්න, වාතය යන මූල ද්‍රව්‍යය ආරම්භක අවස්ථාවල තිබුණු බව පෙන්වා දෙයි. විශ්වයෙහි ප‍්‍රභවය පිළිබඳ ඍග් වේදයේ අන්තර්ගත කරුණු විමර්ශනය කිරීමේදී ලෝකය පළමුවෙන්ම හිරණ්‍ය ගර්භයකින් පහළ වූ බව කියයි. එම යුගයේ සත් හෝ අසත් කියා දෙයක් නොවීය. පොළොව හෝ අහස නොවීය. අගාධ වූ ගාම්භිර ජලයම එකල පැවතියේය. එසේම එකල්හි මැරීමක් නොමැරීමක් නොවීය. රාත‍්‍රි, දහවල් වශයෙන් ද නොවීය. ඒ ආත්මය වාතයක් නොමැතිව තම ශක්තියෙන් ආශ්වාස ප‍්‍රාශ්වාස කළේය. එයින් පිටත අනෙකක් ද අනන්ත වූ කිසිවක් ද නොවීය. ආරම්භයේදීම සියල්ල අන්ධකාරයෙන් වැසී තිබිණි. මේ සියල්ල ජලය විය. යමක් වීද එය හිස් වුවක් මෙන්ම රූප රහිත වූවක් ද විය. මහත් වූ තේජසින් ඒ එක එක ආත්මය උපත එයින් පසු බ‍්‍රහ්මණතෙක් මේ ලෝකය පහළ විය, යනුවෙන් ඍග් වේදයේ මෙසේ දක්වා ඇත.
‘‘නසදාසීත්නෝ සදාසීත් තදානීං - ක්‍ෂසිදාජෝ නෝ ව්‍යෝමා පරෝ යත්
කිමාවර්තක් කුහ කස්‍ය ශර්මන් - ආම්බඃ කිමාසීත් ගහනං ගභීරම්
න මෘත්‍යුරාසිදමෘතං න තර්හි - න රත‍්‍රසා දන්න ආසිත් ප‍්‍රකේතඃ
ආනීදවාතං ස්වධයා තදේකං - තස්මාද්ධාක්‍යන්ත පරඃ කිංචනාය
තම ආසීත් තමසා ගුල්හ මගේ‍්‍ර - ප‍්‍රකේතං සලිලං සර්වමා ඉදම්
තුචෙජ්‍යනාත්ම පිහිතං සදාසිත් - තපසස්තත්මතිතා ඡුායාරත්කම්’’
ශතපත බ‍්‍රාහ්මණ ග‍්‍රන්‍ථයෙහි විශ්වයෙහි පුද්ගලයා මැවීම පිළිබඳ අදහසක් ගොඩ නැ`ගී තිබෙයි. ප‍්‍රජාපති තපස් රැුක වෙහෙසට පැමිණ පළමුවෙන් පක්‍ෂීන් මැවීය. දෙවනුව උරගයන් මැවූ අතර සුළු මොහොතකින් උන් අතුරුදහන් වූහ. ආහාර හි`ගකමින් එසේ වන්නට ඇතැයි සිතූ ප‍්‍රජාපතී අනතුරුව ක්‍ෂීරපායී සතුන් මැවීය. එමෙන්ම ‘මනු සහ ජලගැල්ම’ පිළිබඳ කථාව ශතපත බ‍්‍රාම්හණයෙහි එන ඉතා ප‍්‍රසිද්ධ කථා පුවතකි. ආදිතම මිනිසා වූ ඔහු අත සේදීමට දිය දෝතක් ගනියි. එහි සිටි මත්ස්‍යයෙක් ඉදිරියෙහි ඇති වන ජල ගැල්මක් නිසා ලෝකය විනාශ වන බව කියයි. මනු මත්ස්‍යයාගේ උපදෙස් පරිදි ඔරුවක් සාදාගෙන එයට වී සිටියි. අනෙක් සියලූ සතුන් ජල ගැල්මෙන් මිය යයි. පසුව ප‍්‍රජාව මැවීමේ අදහසක් මනුට ඇති වෙයි. ඔහු යාගය පවත්නා ‘ඉඩ’ නමැති කාන්තාව මවයි. මනුෂ්‍ය ප‍්‍රජාවගේ ආරම්භය මෙම කාන්තාව හරහා සුදු වූ බව එහි දැක්වෙයි.
විශ්ව ප‍්‍රභවය පිළිබඳ ඍග් වේදයේ 10 වැනි මණ්ඩලයේ එන අදහස් පසදුකාලයේ ඇති වූ විවිධ දර්ශනවාදයන්ට මුල් වූ බව විචාරකයන්ගේ පිළිගැනීම වේ. විශ්ව ප‍්‍රභවය පිළිබඳ ඡුාන්දෝග්‍ය උපනිෂදයෙහි එන අදහස් ද ඊට සමාන බව පෙනේ.
‘‘සදෛව සෝම්‍යෙදමග‍්‍ර ආසීදේකමේවා ද්විතියම් තදෛධක ආහ. ඒසදේවේදමග‍්‍ර ආසිදේතමේවාද්විතීයම් තද්වාද්සතඃ සජ්ජායත තදෛක්‍ෂථ බහුස්‍යාං ප‍්‍රජාමේයති. තත් තේජෝ....තද් පෝඍජත....තා අනනමඍජත’’
සෞමස ආදියෙහි මේ ලොවෙහි අද්විතීය වූ එතම සත්පදාර්ථය විය. අසත් පදාර්ථයෙන් සත් පදාර්ථය හට ගත්තේයැයි ද සමහරු කියති. කුරාණේ මෙසේ කීවාය. අසත් වලින් සත් හටගන්නේ කෙසේ ද? එය පිළිගත නොහැක. ලොව මුල එකම සත් පදාර්ථයයි. ඔහු (සත්* වෙමින් සිටිති. ඔහු ගින්න මැවීය. ගින්න ජලය මැවීය....ජලය ආහාර මැවීය. මෙලෙස සත් පදාර්ථය ගින්නෙහි මූලයයි. කුරාණයේ මතයයි. යනුවෙන් දැක්වේ.
ඡුාන්දෝග්‍ය උපනිෂදයෙහි තවත් තැනෙක ලොව සියලූ පදාර්ථයන් අහස් තලය මූලික පදාර්ථය කරගෙන නිර්මාණය වූ බව කියැවේ. ලොව ආරම්භයේදී එහි පැවැත්මක් නොවීය. පසුව එහි පැවැත්මක් ඇති විය. එය වර්ධනය විය. ඉන් පසුව එය බිත්තරයක් බවට පත් විය. එය වසරක් වැතිර තිබිණ. පසුව එය දෙකඩ වීමෙන් විවෘත්ත විය. එම බිත්තරය බාහිර කටුවෙන් වෙන් වූ කොටස් දෙකක් ඇති විය. එක කොටසක් රිදීය. අනෙක් කොටස රත්ත‍්‍රන්ය. රිදී පාටින් යුත් කොටස පෘථිවිය වූ අතර රත්ත‍්‍රන් පාටින් යුත් කොටස අහස බවට පත් විය. බිත්තරයේ බාහිර කොටස කඳු විය. සිවිය වාලාකුළු සහ මීදුම් බවට පත් විය. එහි වූ කහ මදය ඇතුළු අනෙකුත් දියර ස්වභාවය මුහුද බවට පත් විය.
මෙය තවදුරටත් පැහැදිළි කරන ඡුාන්දෝග්‍ය උපනිෂදය, මුලදී විවිධ ස්වරූප වලින් සිතීමේ හැකියාව සහිත සත්ත්වයකු විද්‍යමාන වූ බව සඳහන් වේ. සිත හේතු කොටගෙන ඔහු ඔහුගේ සිරුරෙන් උෂ්ණත්වය පහ කළේය. උෂ්ණත්වය නිසා ජලයේ සම්භවය ඇති විය. ජලය ආහාර නිෂ්පාදනයේ මූලික විය. මෙම ප‍්‍රධාන කරුණු තුන එකතුවෙන් සියලූ දේවල ද්‍රව්‍යාත්මක පැවැත්ම ඉදිරියට ආවේය. කාඨෝපනිෂදයේ සඳහන් වන්නේ ලෝකය හා ආත්මය ජලය තුළින් නිර්මාණය වූ බවයි.
‘‘හංසශ් ශුඩිෂත්, වපුර් අන්තරික්‍ෂත්, හොතා වේදිෂත්, අතිතිර් දුරොණසත් හෘසත්, වරසත්, ඍතසත්, ව්‍යොමසත්, අබිජා, ගෝජා, ඍතජා, ආද්‍රිජා, ඍත බෘහත්’’
ආකාශයේ හිරුය. අහසත් පොළොවත් අතර අන්තරීක්‍ෂයෙහි හාත්පස පැතිර පවතින්නෝය. මෙතන අපහැදිළියි. ප‍්‍රජාවන් පිළිබඳ වූ මන්දිරයේ අමුත්තාය. ඔහු මිනිසුන් අතර වෙසෙයි. ඔහු ජලයෙහි උපන්නේය. පොළොවෙන් මතු වූයේය. නිරවද්‍ය ලෙසින් ඔහු උපන්නේය. කඳු අතරින් උපන්නේය. ඔහු සත්‍ය ලෙසින්ම උසස්ය.
ඓතරෙය උපනිෂදයෙහි සඳහන් විස්තරයකට අනුව ආත්මය විසින් ජලය ඇති කළේය. පුරාණයේ විවිධ වූ කොටස් තුළින් දිව්‍ය ලෝකය, පෘථිවිය වැනි ලෝකයේ විවිධ කොටස් නිර්මාණය කළේය. මෙය තවදුරටත් විස්තර කරන එම උපනිෂදය,
‘‘ආත්මා වා ඉදම් ඒක ඒවාග‍්‍ර ආසීත්, නාන්‍යත් කිඤ්චන මිෂත්, ස වෙක්‍ෂත් ලෝකාන්නු අසෘජා ඉති. ස ඉවාන් ලෝකාන් අසෘජත අමෙභෝ මරිචිර් මරම් අපෝ ‘දෝමභ’ පරෙණ දිවම් දෙනු ප‍්‍රතිෂ්ඨා අන්තරීක්‍ෂති මඒචයඃ පෘථිවීමණෝයා අධස්ථාත් තා ආප’’
සැබවින්ම මුලදී සියල්ලම ආත්මය මිස කිසිවක් නොවීය. ඔහු ලෝකය නිර්මාණය කිරීමට සිතීය. ඔහු ලෝකය මැවීය. ජලය මැවීය. හිරු, සඳ රැුස් මැවීය. මරණය හා ජලය ඇති කළේය. මේ ජලය දිව්‍ය ලෝකයට ඉහළය. දිව්‍ය ලෝකය එහි උදව්කරුවෙක්ය. හරු රැුස් අවට පරිසරය විය. මරණය මත පරළොව විය. යට ජල තලය විය. යනුවෙන් විස්තර කරති. විශ්වයේ ප‍්‍රභවය පිළිබඳ බෘහදාරණ්‍ය උපනිෂදයෙහි මෙසේ දක්වයි.
‘‘ආපෝවා අර්කඃ කද්‍යදපාං ශර ආසිත්. තත් සමහතසත සා පෘථිවි භවත්. තස්සාමශ‍්‍රාමසත් තස්‍ය ග‍්‍රාන්තස්‍ය තපසස්‍ය තේජෝ රසෝ නිරවර්තාගතිඃ’’
අපායම ජලයයි. ජලයේ යම් පෙනක් වී ද, එය කැටි විය. තව¥ පෙන පෘථිවිය විය. ලොව නිර්මාණය කරද්දී ඒ ප‍්‍රජාපත්ී වෙහෙසට පත් විය. ඔහුගේ අතින් තේජස නික්මිණ. එය ගින්න විය.
බෘහදාරණ්‍ය උපනිෂදයේ තෙවන පරිච්ෙඡ්දයේ දක්වා ඇත්තේ ‘ගාර්හිව’ යාඥවල්ක්‍යගෙන් කෙසේ අහස හා පොළව පැවැත්මට ආවේදනය කළ විමසීමකි. එම ප‍්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ බාහු පදාර්ථය බවය. එසේ නම් වායු මූල පදාර්ථය කෙසේ හටගත්තේ දැයි දෙවනුව විමසීය. පිළිතුර වුයේ වෙනස් නොවන හා විනාශ නොවන ස්වභාවය මත එයහ ටගත් බවයි. එය ලෞකික තත්ත්‍වය නොවේ. එම නිසා ඔහු එය විස්තර කිරීමට උත්සහ නොගත්තේය. කෙසේ වුවද සමකාලික පදුගලයෙකුගේ නියෝගය අනුව අහස හා පෘථිවිය වෙන්ව පැවති බව ඔහු උපුටා දැක්වීය. එසේම සඳ හිරු දෙදෙනා වෙන්ව පිහිටියේය. ඔහුගේ නියෝගය මත තත්පර, පැය, දවස්, රාත‍්‍රී, ඍතු, වර්ෂ වැනි දේවල් නොනවත්වා ක‍්‍රියාත්මක වේ.
බෘහදාරණ්‍ය උපනිෂදයෙහි පළමු පරිච්ෙඡ්දයේ ලෝකය පිළිබඳ කරුණු අන්තර්ගත වේ. මුලින් මෙම පෘථිවිය හුදු ආත්මය පමණි. පුරුෂ රූපයට කිට්ටුව බලන විට ආත්මය හැර කිසිවක් නොදැක්කේය. මුලින්ම ඔහු මේ මම යැයි ප‍්‍රකාශ කළේය. ඒ නිසා ඔහු මම යන නාමය ඇතිව එක් කෙනෙකු බවට පත් විය. එතැන් සිට දැන් පවා මිනිසෙකු කතා කරන විට පළමුව මේ මම යැයි ප‍්‍රකාශ කරයි. ඔහු සතු වූ නොවීය. මිනිසා තනිව සිටින නිසා ඔහු දෙවැන්නෙකු අපේක්‍ෂා කළේය. ගැහැණියක සහ පිරිමියෙකු වැළඳගෙන සිටිනු දකින විට ඔහු මේ පිළිබඳ දැඩිව අපේක්‍ෂා කළේය. ඔහු ඔහුගේ ආත්මය කොටස් දෙකක් විමට කටයුතු කළේය. මේ අනුව ස්වාමියා හා බිරිඳ යන සංස්ථාව නිර්මාණය විය. මේ නිසා කෙනෙකුගේ ආත්මය දෙකඩවූ මෑ ඇටයකට සමාන යැයි යාඥෙවෙලක්‍ය ප‍්‍රකාශ කළේය. අඩුව ගැහැණිය විසින් සම්පූර්ණ කළේය. ඔහු ගැහැණියක සම`ග සංසර්ගයෙහි යෙදුණේය. එතැන් සිට මිනිසා බිහි විය. ඔහු ඔහු විසින් මාව නිර්මාණය කොට මා සම`ග සංවාසයෙහි යෙදුණේ කෙසේදැයි අසා දොස් නැ`ගීය. අසා අතුරුදහන් වූවාය. ඇස් වසු දෙකනු බවට පත් වූවාය. ගවයා එළදෙකනු සම`ග සංවාසයෙහි යෙදුණේය. එතැන් සිට එළදෙන්නු ඇති වූහ. ඊල`ගට ඔවුන් දෙදෙනා අශ්වයෙකු හා වෙළඹක බවට පත් විය. ඒ දෙදෙනාගේ සංසර්ගය ඇතිවීමෙන් අපහැදිළිය සිට අශ්වයන්ගේ ආර්ථිකය ඇති වූහ. යනුවෙන් ප‍්‍රජාව බිහිවූ ආකාරය දක්වයි.
01. 2. අපරදිග මත
විශ්වයේ හා සත්වයාගේ ආරම්භය මෙන්ම ව්‍යාප්තිය පිළිබඳ විවිධ අපරදිග දර්ශන අතර චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය ඉතා වැදරැුත් සංකල්පයක් ලෙස සලකයි.
පරිණාමය යනුවෙන් අදහස් කරන්නේ යම්කිසි දෙයක් වෙනස් වෙමින් ක‍්‍රමානුකූලව එක්තරා තත්ත්‍වයකට පත් වීමයි. ජීවයේ පරිණාමය පිළිබඳ විද්‍යානුකූප පැහැදිළි මතයක් මුල් වරට ඉදිරිපත් කළ තැනැත්තා චාල්ස් ඩාවින්ය. පරිණාමවාදයේ පියා ලෙස විරුදාවලිය ලත් මොහු එංගන්තයේදී උපත ලැබුවේ 1809 දීය. ස්වභාව විද්‍යාඥයකු වූ ඩාවින් දකුණු ඇමරිකාවේ පර්යේෂණයක් සඳහා ගිය කණ්ඩායමකට එකතු වී ගැලපගෝස් සහ කේප්වර්ඞ් ¥පත් වල කරන ලද සංචාරයකදී ¥පත් වල සිටි සතුන්ගේ නොයෙක් වෙනස්කම් දැක පරිණාමවාදය පිළිබඳ මත පළකළේය. ඔහුගේ මතය වූයේ ලෝකයේ සෑම ජීවයකුම එකම මුලයකින් පටන්ගෙන ස්වභාවික අන්දමට විකාශනය වූ බවයි. මෙම අදහස තහවුරු කරමින් මිතුරන් වෙත ලිපි ගණනාවක් ලියූ ඔහු 1859 දි ‘ජීවයේ ආරම්භය’ නමැති ග‍්‍රන්‍ථය ප‍්‍රකාශයට පත් කළේය. වාඩින්ගේ අදහස් මූලික වශයෙන් කොටස් හතරකට බෙදා දැක්විය හැකිය.
01. ලෝකය ස්ථාවර නොවන අතර වෙනස්කම් සිදුවෙමින් පවතී.
02. මේ වෙනස් වීම් ක‍්‍රමානුකූලව නොකඩවා සිදුවෙයි.
03. එකවගේ සතුන් ඥාති සම්බන්ධකම් පෙන්වයි. ඔවුන් පැවත එන්නේ ජන්මයන්ගෙනි.
04. පරිණාම සිදුවන්නේ ස්වභාවික වර්ණ ක‍්‍රියාවලියක් තුළිනි.
ඔහුගේ මෙම අදහස් දෙවියන් විසින් ලෝකය නිර්මාණය කරදිය යන බටහිර ක‍්‍රිස්තියානි මතවාද සම`ග බරපතල ලෙස විවාදයට ලක්විය. පෘථිවියෙහි උපත පිළිබඳ මාර්ටින් වික‍්‍රමසිංහ මහතා මෙලෙස සඳහන් කරයි.
‘‘පෘථිවිය වනාහි උණු වායුගෝලයකින් ක‍්‍රමයෙන් සිසිල් වීමෙන් උපන්නක් බව යට කියන ලදි. පළමුව සිසිල් වීමෙන් දැඩි වන්නේ විශාල උණු වායු ගෝලයේ පිටස්තර පටලයයි. යකඩ උණු වීමෙන් දියාරු දෙයක් වූ විට බොර උඩට නැ`ග පාවෙයි. පිරිසිදු ලෝ දිය යටට බසියි. උණු වායු ගෝලයක් ලෙස පැවති පෘථිවිය සිසිල් වූ කළ ලෝදිය යටට බැසීමෙන් බොර ඉස්මතු වෙයි. පාංශු පටලය සැදුණේ සිසිල් වුණු පෘථිවියෙන් නැ`ගුණු ලෝදියෙහි පා වුණු බොර වලිනි. අප පෘථිවිය වූ කලි වායු ගෝලය, ජල ගෝලය, පාෂාණ ගෝලය, ලෝහ ගෝලය, අන්තර් ගර්භය යන කොටස් පහකින් යුක්ත වෙයි. පෘථිවියෙන් ඉහළ මයිල දෙසීයක් පමණ ඝණ වූ අපහැදිළිය වායු ගෝලය වෙයි. ලොකු කුඩා පර්වත සහිත පස් කඳ පාෂාණ වෙයි. යකඩ, නිකල්, රිදී බහුල කොටස ලෝහ ගෝලය වෙයි. අන්තර් ගර්භය උණු වායුවෙන් හෝ ලෝදියෙන් සැදුණු ගෝලයකි....ආදි කල්පයෙහි භූ ගර්භය පුපුරාගෙන නැ`ගුණු ලෝ දිය සිසිලූ වීමෙන් සැදුණු ලොකු කුඩා පර්වතයක් ලෙස සැලකිය යුතුයි’’
පුරාණ මිනිසා තුළ විශ්වය පිළිබඳ වූයේ පටු දැනුමකි. මෙයට හේතු සාධක කිහිපයක් සඳහන් කළ හැක.
x බොහෝ රටවල බහුදේවවාදී චින්තන රටාවක් පැවතීම.
x ස්වභාව ධර්මය ම`ගින් මිනිසා පාලනය වෙතියි යන හැ`ගීම හා පරිසිරය කෙරෙහි වූ භීතිය හා මිනිසාට වඩා ශක්තිමත් වූ බලවේග සතු වූ කිරීමට උත්සහ දැරීම.
x අවශේෂ ලෝකය පිළිබඳ නොදැනීම.
x විද්‍යාත්මකව හා තාක්‍ෂණිකව ලෝකය පිළිබඳ දැනුමක් නොමැති වීම.
ඉහත හේතූන් නිරීක්‍ෂණය කිරීමේදී පුරාණ මිනිසා විශ්වය පිළිබඳ දැනුම ලබා ඇත්තේ ඉතාම පටු සීමාවක් තුළය. මේ අනුව පුරාණයේ එක් ප‍්‍රදේශයක ජනයා කල්පනා කරනු ලැබුවේ විශ්වය තමාගේ ප‍්‍රදේශය බවත් තම ප‍්‍රදේශයේ පමණක් ජනයා වාසය කරන බවත්ය.
‘‘විශ්වය පිළිබඳ මිනිසාගේ දැනුම ඒඒ යුගයෙන් යුගයට වෙනස් වෙමින් සංවර්ධනය වුවකි. සෑම විද්‍යා දර්ශනයකටම අනුභූති තාරක නිරීක්‍ෂණ දත්ත අවශ්‍ය වේ. මුල් යුගයේ මිනිසා තමා ඇවිදින ප‍්‍රමාණය අනුව අවට පිළිබඳ කුතුහලයෙන් යුක්ත ඥානයට අවශ්‍ය අමුද්‍රව්‍ය බාහිර ලෝකයෙන් රැුස් කරගන්නා ලදි. මුලින්ම ආකාශ වස්තූන් පිළිබඳ උපන්‍යාස ගොඩන`ගන ලද්දේ අවට ලෝකය නිරීක්‍ෂණය කිරීමෙනි. මුලින් තමා ජීවත් වූ පරිසරය පිළිබඳත් ඉන් අනතුරුව පෘථිවිය පිළිබඳත් ග‍්‍රීකයන් විසින් දැනුම ගොඩන`ගා තිබේ’’
බටහිර ලෝකයේ විශ්ව සංකල්පය වහරට පැමිණියේ ග‍්‍රීක යුගයේදි යැයි සැලකිය හැකිය. තේල්ස් (ඔය්කැි*, ඇනෙක්සිමෙන්ඩර් (්බැංසප්බාැර*, ඇනෙක්සමීනිස් (්බැංදපැබැි*, ඇනෙක්සිගෝර්ස් (්බ්බමටදර්ි* වැනි ආදිතම ග‍්‍රීකයන් විසින් ද විශ්වය පිළිබඳ මෙන්ම මිනිසා පිළිබඳ ද විමර්ශනයකට ලක් කොට ඇත. විශ්වය (ක්‍දිපදි* අනන්ත අප‍්‍රමාණ ලෝකවලින් සකස් වූවක් බව ක‍්‍රි. පූ. 06 වන සියවසෙහි ග‍්‍රීසියෙහි ජීවත් වූ ඇනෙක්සිමැන්ඩර් පිළිගනියි. විශ්වයෙහි උපත පිළිබඳ ඇනෙක්සිමැන්ඩර් විසින් විස්තර කරනු ලබන විග‍්‍රහයක මෙසේ සඳහන් වී ඇත. මෙම විශ්වය හට ගැනීමේදී උණුසුම සහ සීත යන දෙකෙන් යුතු බීජයක් සදාකාලික වූ පදාර්ථයෙන් වියුක්ත වූ බවත් එම බීජයෙන් ගිනි ගුලියක් ඇති වී එය ගසක් වටා පොත්ත වැඩෙන්නාක් මෙන් පොළොව වට කොට ඇති වාෂ්පය වටා වැඞීගිය බවක් ඔහු ප‍්‍රකාශ කරයි.
ඇනෙක්සිමැන්ඩර්ගේ අදහස වූයේ මිත්‍යා විශ්වාස සහ විවිධ ආගමික තැකීම් පිළිබඳ සැලකීමකින් තොරව ප‍්‍රතිවිරුද්ධ පදාර්ථ යුගල අසීමිත බවින් වියුක්තව නියමිත තැන්හී තැන්පත් වී ලොව ඇති වීමෙන් පසු සත්ත්ව ජීවය හටගැනෙන බවය. එපමණක් නොව ශීත උෂ්ණ ආදී ප‍්‍රතිවිරුද්ධ පදාර්ථයන් අසීමිත තත්යෙන් වියුක්ත විමේ ක‍්‍රියා මාර්ගයට එක්වී පසුව සීත බව තෙත් බව කෙරෙහි උණුසුම් සහ වියළි ස්වභාවයන්ගේ බලපෑම අනුව ජීවියා ඇති වන බව ඔහු තවදුරටත් පැහැදිළි කරයි. මේ ආකාරයට සූර්යයාගේ උෂ්ණත්වය තෙතමනය කෙරෙහි බලපැවැත්වීම නිසා ජීවියා නිර්මාණය විය. මොහුගේ මෙම අදහස පසුකාලීන විචාරකයන්ගේ වමර්ශනයට ලක්වී ඇති ආකාරය මෙම විග‍්‍රහයෙන් පැහැදිළි වේ.
‘‘මුලින් ඇති වූ සත්ත්වයෝ තෙතමනයෙහි ඇති වූහ. ඔවුන්ගේ සිරුරු කටු සහිත සිවියකින් වටවී පැවතිණ. වයසින් වැඩෙත්ම ඔවුහු වඩාත් වියලි ප‍්‍රදේශ කරා නික්මුණහ. ඔවුහු කෙටි කාලයක් ජීවත් වූහ. යනුවෙන් ඇනෙක්සිමැන්ඩර් ප‍්‍රකාශ කළේය’’
පෘථිවිය පිළිබඳ තේල්ස්ගේ සිට ඇරිස්ටෝටල් දක්වා දාර්ශනිකයන් විවිධාකාරයෙන් මත ඉදිරිපත් කර තිබේ. ක‍්‍රි. පූ. 06 වන සියවසෙහි ජීවත් වුණු තේල්ස්ගේ මතය වූයේ පෘථිවිය ජලය මත පාවෙන පැතලි වස්තුවක් වූ බවයි. මෙවැනි උපන්‍යාසයක් නවීන විද්‍යාවට අනුව වැදගත් නොවූවත් එම කාලයේ චින්තරනයට සාපේක්‍ෂව බලන විට ආකාශ වස්තූන් පිළිබඳ ඉදිරිපත් වූ අනුභූතික උපන්‍යාසයක් වශයෙන් මෙය හැඳින්විය හැකිය. තේල්ස් ජීවත් වූ අපහැදිළියි අවට ජලයෙන් යුක්ත විමත් වර්ෂාව නිරන්තරව ලැබීමත් නිසා තේල්ස් මූල පදාර්ථයක් ලෙස ජලය ඉදිරිපත් කළා විය හැකිය.
එලමණක් නොව ඇතැම් විට පබුද්ගලයන් තුළ විශ්වය පිළිබඳ දැනුම තිබෙන්නට ඇත්තේ පුද්ගලන් ඇවිදගෙන යන ප‍්‍රදේශ පිළිබඳ පමණක් දැනුමක් ලබා තිබූ හෙයිනි. ඒ නිසා පෘථිවියට පැතලි යන ලක්‍ෂණය ආරෝපණය කරන්නට ඇත්තේ එකල මිනිසුන් පරිසරය ආශ‍්‍රයෙන් ලැබූ අත්දැකීම් එරහා විය හැකිය. පෘථිවිය සිලින්ඩාකාර වස්තුවක් ලෙස ද පසුව ගෝලාකාර වස්තුවක් ලෙස ද මෙකල සමහර දාර්ශනිකයන් සලකා ඇත. මුහුදේ ඈතට දිවෙන වස්තුවක අවසානයේ ඉහළ කොටසත් පසුව නොපෙනී යාමත් මුහුදේ සෑම දිශාවකින්ම නිරීක්‍ෂණය කරගත හැකි නිසා පුරාණ මිනිසාට ද පෘථිවිය ගෝලාකාර එකක් බව අවබෝධ වන්නට ඇත. මුල් ග‍්‍රීක දාර්ශනිකයන් වැඩි පිරිසක් උනන්දුවක් දැක්වූයේ පෘථිවියටයි. මේ අනුව ග‍්‍රහ වස්තූන්ගේ ක‍්‍රියා කාරිත්වය පිළිබඳ මුලින්ම ඉදිරිපත් වූ වාදය පෘථිවි කේන්ද්‍රවාදයයි. මෙය ග‍්‍රීක දාර්ශනිකයෙකු වූ ඉඩුයෝක්සන් විසින් මුලින්ම පදනමක් සහිතව ඉදිරිපත් කර තිබේ. මේ අනුව පෘථිවිය කේන්ද්‍රය ලෙස පවත්නා අතර සූර්යයා ඇතුලූ ග‍්‍රහ වස්තූන් ගෝල විසි හතක ගමන් ගන්නා බව මෙයින් ප‍්‍රකාශ වේ. පෘථිවි කේන්ද්‍රවාදය දෙවනුව පිළිගත් ඇරිස්ටෝටල් පෘථිවිය වටා ගෝල පනස් හයක ග‍්‍රහවස්තූන් ගමන් ගන්නා බව මොහුගේ මතය විය. මෙම වාදය අවසන් වරට ඉදිරිපත් කර ඇත්තේ ටොලමි විසිනි.
ඇනෙක්සිමැන්ඩර්ගේ අපෙයිරොන් (්චැමරදබ* (අසීමිතත්වය* නමැති මූල පදාර්ථය පිළිබඳ සිහිපත් කරන විට වෛදික භාරතීයන්ගේ ‘අදිති’ සංක්ලපය ද නිරතුරුවම සිහිපත් වේ. අ පූර්ව දා = බැඳීම්හි ධාතුවෙන් නිපන් ‘අදිති’ යන්නෙන් නොබැදුණු බවද අදහස් කෙරේ. කාල අවකාශය ඉක්මවා සිටි මෙය අසීමිත විශ්වයම වෙයි. අදිති යනු පසුකාලීන ප‍්‍රකෘති සංක්ලපයට මුල් වූ ජගන්මාතා දේව සංකල්පයේම එක්තරා විකාශනයකි. ලෝක විභාගීය ක්‍ෂේත‍්‍රයේ අදිති සංකල්පය සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනියි. විශ්වය පිළිබඳ වැදගත් තොරතුරු බටහිර ලෝකයේ සාකච්ඡුා කිරීම අරඹන ලද්දේ සොක‍්‍රටීස් ගුරුකුලයෙන් යැයි සඳහන් කිරීම නිවැරදිය. විශ්වය පිළිබඳ සාකච්ඡුා කළ ග‍්‍රීක දර්ශනය මිසිනා පිළිබඳ දර්ශනයක් බවට පත් වීමේ ඉතා වැදගත් යුගය ආරම්භ වන්නේ සොක‍්‍රටීස්ට පසුවය. එසේ වුවද ප්ලේටෝගේ ඇපලෝජි (්චදකදටහ* කෘතියේ සඳහන් වන විස්තරයට අනුව පැහැදිළි වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් කාලයකට පසු ඔහු උපන් බවයි. ග‍්‍රීක චින්තනය ආරම්භ වීමට පෙර බුදුන් වහන්සේ විසීය. මිනිසා සහ ඔහුගේ පරම යහපත මූලික කොටගත් මානව දර්ශනයක් ඉදිරිපත් කිරීම මෙහිදී අපගේ අවධානයට ලක්විය යුතුය. විශ්වයෙහි ආරම්භය කෙසේ සිදු වී ද? එය සදාකාලික ද? නැද්ද? යන දාර්ශනික ප‍්‍රශ්නය කෙරෙහි තේල්ස්ගේ සිට සොක‍්‍රටීස් දක්වා ඔවුන් නැ`ගූ ප‍්‍රශ්න හුදු අනුවන සංකල්පයන් (ීයැැරදෙකකහ* ලෙසින් සොක‍්‍රටීස් ප‍්‍රතික්‍ෂෙප කළ ආකාරයටම බුදුන් වහන්සේ විසින් ද සමකාලීන භාරතිය දාර්ශනිකයන් මේ සම්බන්ධව දැක්වූ අදහස් අනුවන සංකල්ප ලෙසින් බැහැර කරන ලදි.
ටිමියස් (ඔසප්ැමි* නමැති සංවාද කෘතියෙහි ලා ප්ලේටෝ සඳහන් කරන්නේ විශ්වයේ කතෘ සහ පිතෘවරයා දැනගෙන එය සියල්ලන් සඳහා වචනයෙන් ප‍්‍රකාශ කළ නොහැකි බවයි. ලෝකය නිර්මාණය කරනු ලබන විධාතෘ (ග‍්‍රීක ෘැපසදමරුදි* හට ඒ සඳහා කරුණු දෙකක් උපකාරී විය. එක් අතකින් සංකල්ප සහ අනෙක් අතින් රූප රහිත ද්‍රව්‍යක් ඇති බව ඔහුට පෙනී ගියේය. පළමුව හෙතෙම ජගතාත්මය (ඔයැ අදරකා ිදමක* සාකච්ඡුා කරයි. එය ැසරීර වෙයි. එසේම අවකාශයෙහි පදිංචි වෙයි. හෙතෙම ජගතාත්ම යදැලක් මෙන් විස්තීර්ණ කරයි. ද්‍රව්‍ය පදාර්ථය චතුර්මහාභූතයන්ට වෙන් කරයි. මහා භූත ම`ගින් ජගතාත්මයේ මූලික අවයව සකස් වෙයි. මින් පසු විශ්වයේ නිර්මාණය සම්පූර්ණ වන්නේය. ලෝකෝත්පත්තිය ගැන ප්ලේටෝගේ මෙම කථා පුවත මිත්‍යා කථාවක් ලෙස ඇතැම් ප`ඩිවරු සලකති. ටිමියස් (ඔසප්ැමි* සංවාදයේදී ප්ලේටෝ විසින් ප‍්‍රකාශ කර ඇත්තේ විශ්වයේ අමරණීය සහ මරණීය යන දෙවර්ගයටම අයත් සත්ත්වයන්ගෙන් සංයුක්ත වූ දෘෂ්‍යමාන දෙවියෙකු බවයි. මහාචාර්ය සෙලර් පෙන්වා දී ඇති මෙම අදහස ජෛනයන්ගේ ලෝක විභාගය සිහිපත් කරවයි. ලෝකය ග‍්‍රහ පරිවර්තන ස්වරූපයෙන් සදාකාලිකව පවතින බව ප්ලේටෝගේ දර්ශනයෙන් අපට ගම්‍යමාන වෙයි. ප්ලේටෝ ප‍්‍රකාශ කරන්නේ මෙලෙස එක් යුගයකින් තවත් යුගයකට එළඹෙන ලෝකය සදාතනික බවයි.
විශ්වයෙහි ආරම්භය පිළිබඳ විද්‍යාව ලබා දෙන පිළිතුර කුමක්ද? විශ්ව සම්භාව්‍ය න්‍යායට අනුව විශ්වයටෙ ආරම්භයක් ඇත. විශ්වයේ ආයු ප‍්‍රමාණය වර්ෂ කෝටි 2000 බව ඇතැම්හු ප‍්‍රකාශ කරති. විශ්වයෙහි ප‍්‍රභවය පිළිබඳ මෙලෙස ප‍්‍රකාශ විමෙන් ගැයළුවක් පැන නැෙ`ගයි. එයට හේතුව ආදි කල්පිත පරමාණුව එයටත් පෙර සිටම පැවතිය හැකි බවය. ඒ අදහස පිළිබඳ විමසා බලන විට අපහසුතාවට පත්වන බව පෙනේ.
ලෝකය සදාකාලික වෙයි
සදාකාලික නොවෙයි
නොවන්නෙක් නොවෙයි.
මේ අනුව නියත තත්ව ආරම්භයක් හෝ ද්‍රව්‍යයන්ගේ අවසානයක් පිළිබඳ කරුණු ප‍්‍රකාශ නොකරයි. වර්තමානයේ ඉතා ජනප‍්‍රියව පවතින විශ්ව සම්භව න්‍යාය (ඔයැ ඊසට ඊ්බා ඔයැදරහ* විශ්වයේ ආරම්භය පිළිබඳ අවධාරණය කරයි. එහෙත් ඒ තුළින් අවසානයක් පිළිබඳ පැහැදිළි නොවේ. මෙම සියලූ කරුණු අද ඇතැම් විට සත්‍යය වශයෙන් ගැනුන ද ඒවා අවබෝධකර ගැනීම දුෂ්කරය. එමනිසා විශ්වයේ සදාකාලික හෝ සදාකාලික නොවන බව පිළිබඳ ඉතා විවෘත්තව විමසා බැලිය යුතුය.
‘‘වර්තමානයේ විශ්ව අපහැදිළියි මූලාරම්භකයන් වූ ඇල්බට් අයිස්ටයින් සහ තාරකා විද්‍යාඥයෙකු වූ හැබ්ලි (්‍ය්මඉඉකැ* ගේ සොයා ගැනිම්වලට අනුව තාරකා මණ්ඩලය පිහිටා ඇත්තේ ක්‍ෂීර පථයෙන් ඉතා දුරය. නැතහොත් තාරකා මණ්ඩලයම ක්‍ෂීර පථය ලෙසින් සැලකිය හැකි බව ද එයින් දැක්වෙයි’’
ආදි කල්පිත සියලූ ද්‍රව්‍යයන් පිහිටියේ භෞතික වශයෙන් හුදකලා තත්ත්‍වයකය. වසර කෝටි 2000 කට පමණ පෙර අධිඝන ද්‍රව්‍ය පුපුරා ගියේය. සමස්ථ ද්‍රව්‍යයම ඉතා ඝන අධි උෂ්ණත්වයකින් යුතු ප්ලස්මාවක් ලෙසින් පැවතුණි. මෙම ප‍්‍රලස්මාව ව්‍යාප්ත විමෙන් උණුසුම අඩු විය. අංශු (ඡු්රඑසජකැි* සහ ප‍්‍රති අංශු වල (්බඑසච්රඑසජකැි* ගැටිම කාලයක් මුළුල්ලේ වර්ධනය විය. එතෙක් නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන අති විශාල ප‍්‍රමානයක් සේස විය. ඊට පසුව ආලෝක සඳහා හයිඩ‍්‍රජන (්‍යහාරදටැබ* සහ හීලියම් (්‍යැකසමප* නිර්මාණය වීමත් සිදු විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස රසායනික සාධක රාසියක් පැන න`ගින ද්‍රව්‍ය තවදුරටත් ව්‍යාප්ත වීමත් එහි උෂ්ණත්වය අඩු වීමත් අතර ඇති වූ කාල පරාසය තුළදී ක්‍ෂීර පථය (ඨ්ක්ංසැි* සහ තාරකා ඇති විය.
බාහිර ලෝකය පිළිබඳ අදහස් ගොනු කිරීමේදී විශ්වය යන පදය භාවිතයෙන් පටන් ගෙන විද්‍යාත්මක උපකරණ ද භාවිත කරමින් විවිධ චින්තකයින් දක්වා ඇති කරුණු රැුස් කළ යුතු වෙයි. පෘථිවිය යනු ඉර වටා ගමන් කරන ග‍්‍රහ ලෝකයක් පමණක් බව කොපනිකස් නම් විද්‍යාඥයා පළමුව සොයා ගත්තේය. එවිට වැදගත් වන්නේ පෘථිවියට වඩා සූර්යයා බව ඔහු ප‍්‍රකාශ කළේය. පෘථිවිය විශ්වය යැයි පළමුව ක‍්‍රිස්තු භක්තිකයන්ගේ පිළිගැනීම විය. ගැලීලියෝ නමැති විද්‍යාඥයාගේ නව සොයාගැනීම් නිසා පෘථිවිය විශ්වය වශයෙන් සැලකීමේ මතය කඩා දැමීය. මෙම විද්‍යාත්ම සොයාගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස කතෝලික පල්ලිය ගැලීලියෝ මරා දැමීය. නමුත් විද්‍යාත්ම සත්‍ය ගවේෂණය එයින් නතර නොවීය. ඔවුන් දිගින් දිගටම නවීන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් සෞරග‍්‍රහ මණ්ඩලය පිළිබඳ සෙවූහ. සූර්යා වටා කැරකෙන ග‍්‍රහලෝකයක් සොයා ගැනිම නිසා ඉර සහ එම ග‍්‍රහ ලෝක සමූහය සම්සථ විශ්වය යැයි සැලකීමට එකල චින්තකයෝ පෙළඹණහ. නමුත් ශක්තිමත් ප‍්‍රභල දුරදක්නයක් සොයා ගැනීමත් සම`ගම අපේ සූර්යයාට වඩා තවත් එවැන්ම ග‍්‍රහලෝක තිබෙන බව විද්‍යාඥයින්ට පෙනී ගියේය. අප නෙත ගැටෙන ඉරට වඩා බොහෝ දුර තව ඉරවල් තිබෙන බව ඔවුහු පිළිගත්හ. මෙම නිසා විශ්වය ප‍්‍රමාණයෙන් අති විශාල බව අවබෝධ විය. විද්‍යාවේ දියුණුවත් සම`ග විශ්වයේ දෘෂ්‍ය පථය පුළුල් වීම නිසා විද්‍යාඥයෝ විශ්වයේ සීමාවක් තීරණය කිරීම අපහසු බව පිළිගෙන තිබේ.
සෞරග‍්‍රහ මණ්ඩලය පිළිබඳ අදහස අතීතයේ සිට පැවතෙන්නකි. ඒ අනුව බැලීමේදී සූර්යා වටා ගමන් කරන ග‍්‍රහ වස්තු රාසියක් පිළිබඳ තොරතුරු අනාවරණය විය. විවිධ වර්ණයන්ගෙන් යුත් මේවායේ ආලෝකය අඩු වැඩු ආකාරයෙන් පවතින ආකාරය ද සොයාගෙන තිබේ. අපට පෙනෙන සූර්යයාට ඉතා ආසන්නම සූර්යයා ‘ප්‍රොක්‍ෂිමා සෙන්ඩෞර්’ (ඡුර්දංසප් ජැබඒමරස* ලෙස හඳුන්වයි.
විශ්වයෙහි මෙවැනි ලෝක ධාතු තවත් විශාල සංඛ්‍යාවකි. මේ ලෝක ධාතුවල ස්වරූපය විවිධ හැඩ ගනී. සමහර ලෝක ධාතු රවුම්ය. ඇතැම් ඒවා අණ්ඩාකාරය. මෙවැනි ලෝක ධාතු ගණනාවක් එකතු විමෙන් ලෝක ධාතු පුඤ්ජයක් (රාසියක් - ඉමබාකැ* සැදෙයි. අපේ ලෝක ධාතු අයත් වන ප‍්‍රදේශයට ලෝක ධාතු 20 ක් අයත් වේ. එහි කෙළවර පිහිටි ‘ඇන්ඩොමිඩා’ (්බාරදපැා්* නම් ලෝක ධාතුවේ සිට අපකරා ආලෝකය ල`ගා වීමට අවුරුදු ලක්‍ෂ 05 ක් ගතවෙයි. මේ තුළින් ලෝක ධාතු පුඤ්ජ වල විශාලත්වය දත හැකිය. ‘කොමා’ නමැති ලෝක ධාතු පුඤ්ජයට ලෝක ධාතු එකොළොස් දහසක් (11,000* අයත් වෙයි. මෙවැනි ලෝක ධාතු රාසියක් එකතු වී මහා ලෝක ධාතුව සෑදෙයි. අප දැනට විශ්වය යැයි හඳුන්වන්නේ එම ලෝක ධාතුවටය. අප දන්නේ එපමණය. එයින් ඒවා ගැන අපට ඇති දැනුම ඉතා අල්ප එකක් බව පෙනේ.
විශ්වයෙහි වැඩි පුර ඇත්තේ අවකාශයයි. එහි අතරන් පතර ග‍්‍රහලෝක ඇත. මේවා ස්ථාවරව පවතින ඒවා නොවේ. අපේ පෘථිවිය එහි අක්‍ෂය වටා කැරකෙන බව අපි දනිමු. ඒ සම`ගම එය ඉර වටා ගමන් කරයි. අපේ ලෝක ධාතුව කැරකෙන එකකි. එය රවුමට කැරකේ. එක රවුමක් කැරකීමට වසර කෝටි දෙකක් ගත වේ. ලෝක ධාතුවේ දෙපැත්ත ඇති ඉරවල් වඩා වේගයෙන් කැරකෙන බව ද එහි මධ්‍යයේ ඇති ඉරවල් ඊට වඩා අඩු වේගයකින් කැරකෙන බව ද අපට සිතා ගත හැකිය. මෙම ලෝක ධාතු සහ ලෝක ධාතු පුඤ්ජ ඉතා වේගයෙන් ඈතට ගමන් කරමින් පවතියි. මෙලෙස වේගයෙන් ඈතට ගමන් කරන බව සොයා ගන්නා ලද්දේ ‘ඩොප්ලර්’ (ෘදචචක්ර* නම් විද්‍යාඥයා විසිනි. ‘‘සියලූම ලෝක ධාතූන් එකිනෙකින් ඈතට ගමන් කරන නිසා කොතනක සිට විශ්වය දෙස බැලූවත් විශ්වය පෙනෙන්නේ එකම ආකාරයෙන් බව ‘අයිස්ටයින්’ විද්‍යාඥය ාසිය සාපේක්‍ෂතාවාදය ම`ගින් පෙන්වා දුණි’’
විවිධ දාර්ශනිකයින්ගේ මතවාද පරීක්‍ෂණයේදී ජර්මනියේ ‘ඉමැනුවෙල් කාන්ට්’ අරඥය වැදය ද අගය කළ යුතුය. බාහිර ලෝකයේ නියම ස්වරූපය කෙසේවත් අපට දැනගත නොහැකි බවත් එසේ දැකිය නොහැකි ලෝකයක ප‍්‍රභවයක් ගැන කිසි ලෙසකින් වත් අදහස්දැක්වීමට නොහැකි බවත්, ඔහු ප‍්‍රකාශ කරයි. මෙම අදහසට පිළිතුරු සපයන කොටස් දෙකකි. විශ්වයට ආරම්භයක් නැතැයි එක් කොටසක් ප‍්‍රකාශ කරයි. බෞද්ධ මහායාන දාර්ශනිකයින් සඳහන් කරන පරිදි ලෝකය ආරම්භයක් ද, කෙළවරක් ද නොමැත. විශ්වය යම් කිසි දෙයකින් ආරම්භ වී යැයි සැලකූ අයගෙන් එක් කොයසක් එය පරමාණුවක් වැනි භෞතික ද්‍රව්‍යයකින් ආරම්භ වි යැයි සලකති. පැරණි භාරතීය සංඛ්‍යා දාර්ශනිකයෝ ලෝකයේ මුල බීජයන් දෙකක් දක්වති. එයින් එකක් නම් ‘පුරුෂය’. පුද්ගලයින්ගේ ආත්මයක් සකස් වන්නේ මේ ද්‍රව්‍යයෙනි. මෙවැනි පුරාණමය ද්‍රව්‍යයන්ගේ සංඛ්‍යාව අනන්තය. ප‍්‍රකෘති නම් අනෙක් ද්‍රව්‍යයෙන් භෞතික ලෝකය සෑදේ. විශ්වය ආරම්භ වීමට පෙර මෙම ද්‍රව්‍ය දෙක අකර්මණ්‍යව පවතී. ඒවා ක‍්‍රියාත්මක විමට පටන් ගැන්මෙන් විශ්වය ආරම්භ වේ. භෞතික අභෞතික ද්‍රව්‍ය දෙකකින් විශ්වය ආරම්භ වූයේ යැයි සංඛ්‍ය දර්ශනිකයින් අදහස් කළේ මේ නිසාය.
නූතන විද්‍යාඥයෝ ආදිකාලයේ සිට පැවතෙන අදහස් සම්බන්ධව සමාලෝචනයක් කර පසුව ඔවුන්ගේම නවීන අදහස් ලෙසින් විශ්ව සම්භවය පිළිබඳ මතවාදයන් තුනක් ඉදිරිපත් කළහ.
01. මහා පිපිරවීම් වාදය (ඊසට ඊ්බා ඔයැදරහ*
02. ස්ථාවර තත්ත්‍ව වාදය (ීඑැාහ ීඒඑැ ඔයැදරහ*
03. ස්ඵන්දමාන විශ්ව වාදය (ඔයැ ෑංච්බාසබට ඔයැදරහ දෙ මබසඩැරිැ*
මෙයින් පළමු වන වාදය ඉදිරිපත් කළේ ජෝර්ජ් ගැමෝව් නම් විද්‍යාඥයාය. එයින් ප‍්‍රකාශ වන්නේ සංකීර්ණ වූ විශ්වය සරල හයිඩ‍්‍රජන් පරමාණුවක් පිපිරීම නිසා ප‍්‍රභවය ලබා ඇති බවයි. කෙසේ වෙතත් මේ මතය පිළිබඳ විවේචන එල්ලවී තිබේ. හයට ප‍්‍රධාන හේතුව පරමාණුවේ පහළ වීම පිළිබඳ කථා නොකිරීමයි.
ස්ථාවර තත්ත්‍ව වාදය ඉදිරිපත් කළේ හොයිලි, තෝනිඩි සහ ගෝල්ඞ් (්‍යදකහල ඊදබාසල ඨදකා* යන විද්‍යාඥයින් විසිනි. මොවුන්ගේ මතයට අනුව විශ්වය සැමදාම එකම ස්වරූපයකින් පවතින බවත්, මෙහි ආරම්භයක් ගැන කථා කිරීම එවිට අනවශ්‍ය බවත්ය. එහෙත් මෙහිදී ලෝක ධාතුන්ගේ විසිරීම පිළිබඳ ප‍්‍රශ්නයක් පැන නැ`ගුණි. එසේ ලෝක ධාතු වේගයෙන් ඈතට ගමන් කරනවාය යන්න සත්‍ය බවත් ඒවා එසේ විනාශ වී ගිය පසු ඒ වෙනුවට අලූතෙන් ලෝක ධාතු පහළ වෙන බවත් මොවුහු කීහ. සමහර ලෝක ධාතු කාලයෙන් කාලයට විනාශ වි යයි. එසේම කාලයෙන් කාලයට අලූතෙන් ලෝක ධාතු ඇති වේ. මේ නිසා සැමදා විශ්වය පවතින්නේ ස්ථාවර තත්ත්‍වයකින්ය.
ඉතා මෑත කාලයකදී විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන ලද අලූත්ම මතය නම් ස්ඵන්දමාව විශ්ව වාදයයි. ‘බෝනර්’ නම් විද්‍යාඥයා විසින් මෙම මතය පැහැදිළි ලෙස ඉදිරිපත් කළේය. මෙම වැදයෙන් අදහස් කරන්නේ මුලදී විශ්වය හැකිලී තිබුණු බවත් පසුව එය විසිරී තිබෙණ බවත්ය. කාලයෙන් කාලය විසිරුණු විශ්වය හැකිලිමටත් හැකිලි තිබූ විශ්වය විසිරීමටත් පටන් ගනියි. මුල් බුදුසමයෙහි ද මෙවැනි අදහසක් සංවට්ට කල්ප හා හා විවට්ට කල්ප යන අදහස් දෙකෙන් පැහැදිළි කරගත හැකිය.
බොනර් නම් විද්‍යාඥයා ඉදිරිපත් කොට ඇති ස්ඵන්දමාන විශ්ව වාදයෙන් විශ්වයෙහි ක‍්‍රියාකාරිත්වය ග‍්‍රහ හතරකින් දැක්විය හැකි බවයි.
01. හැකිලි ඇති යුගය
02. හැකිලෙමින් පවතින යුගය
03. දිග හැරී තිබෙණ යුගය
04. දිග හැරෙමින් පවතින යුගය
අයිස්ටයින්ගේ අයිස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය මෙම ස්ඵන්දමාන විශ්ව සංකල්පය සම`ග එක`ග බව විද්‍යාඥයින්ගේ පොදු පිළිගැනීමයි. මෙලෙස විද්‍යාත්මක ක‍්‍රම ම`ගින් විශ්වය පිළිබඳ සිදු කෙරුණු පර්යේෂණයන් සැළකිල්ලට ගෙන අදහස් දැක්වීමේදී විශ්වයෙහි ප‍්‍රභවය මෙම යුගයේදී සිදු වූයේ යැයි නිශ්චිතව කරුණු දැක්විය නොහැකි බව පැහැදිළි වේ. විශ්වයට මුලක් ඇත. මුලක් නැත. යන විකල්ප දෙක පමණක් සිමා වී අපහැදිළිය නවීන විද්‍යාවට පවා සිදු වී තිබේ. මෙතෙක් මෙම ප‍්‍රශ්නයෙහි ලා අවසාන පිළිතුරක් කිසිවෙකුගෙන් ලැබී නැත. අනාගතයේ ද එය එසේම වනු ඇත.
දෙවන පරිච්ෙඡ්දය
විශ්වයේ ප‍්‍රභවය පිළිබඳ ප‍්‍රධාන ආගමික මත.
විශ්වයෙහි ප‍්‍රභවය පිළිබඳ අධ්‍යනයේදි පෙරදිග හා අපරදිග මතයන් මෙන්ම විවිධ ආගමික හා දාර්ශනික සම්ප‍්‍රදායන් වල සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාම වැදගත් කටයුත්තකි. විශ්වය පිළිබඳ ගැටුළුව පෙරාපර දෙදිග දර්ශන සම්ප‍්‍රදායන් විසින් සලකා බලනු ලැබූ සංකීර්ණ වූ ප‍්‍රශ්නයකි. පැහැදිළි පිළිතුරක් ලබා ගැනීමට අපොහොසත් වූ සෑම දර්ශනයක් විසින්ම අදෘශ්‍යමාන බලවේගයක් කරා විශ්වයේ විශ්වයේ ප‍්‍රභවය හා විකාශය යොමු කර ඇත. මෙම ගැටළුව නිසාම විශ්ව නිර්මාතෘ දේව සංකල්පය ප‍්‍රභවය වන්නට ඇතැයි සිතිය හැකිය.
ක‍්‍රි. පූ. 06 - 07 වන ශතවර්ෂයන්හිදි භාරතයේ පැන නැ`ගී ව්‍යාප්ත වී තිබුණ දර්ශනයකි, චාර්වකගේ උච්ෙඡ්දවාදය. මෙම දර්ශනයේ මූලිකයා චාර්වාක නමැත්තාය. ලෝකය හා සත්ත්ත්‍වයා යනුවෙන් කිසිවක් හෝ කිසිවෙක් නැත. යනු මොවුන්ගේ ප‍්‍රධාන සිද්ධාන්තයකි. මරණින් මතු සත්ත්ත්‍වයා සම්පූර්ණයෙන්ම විනාශ වි යන්නේය. චාර්වාකගේ මෙම දර්ශනය ලෝකායතවාදය, නාස්තික වාදය හා භෞතිකවාදය යන නම් වලින් ද හැඳින්වේ.
‘‘චාතුම්මහා භූතිකෝ අයං පුරිසෝ යදා කාලං කරෝති පඨවිං පඨවි තායං අනුපෙති. අනුපගච්ඡුති. ආපෝ ආපෝතායං අනුපේති. අනුපගච්ඡුති. තේජෝ තේජෝකායං අනුපේති. අනුපගච්ඡුති. වායෝ වායෝකායං අනුපේති අනුපගච්ඡුති’’
ලෝකය හෝ සත්ත්ත්‍වයා මැවූ ඊෂ්වරයෙක්, බ‍්‍රහ්මණයෙක් හෝ නොපිළිගන්නා මෙම දර්ශනයෙන් සත්ත්ව ශරීරය එකම ද්‍රවාත්මක දෙයක් බවත් මරණින් පසුව ශරීරයේ චතු්රධාතුක කොටස් පරිසරයේ චතුර්ධාතුක කොටස් වලට එකතු වීම පමණක් සිදුවන බවත් මරණින් පසුව නැවත සත්ත්වයාගේ ඇති විමක් සිදු නොවන බවත් දැක්වේ. සත්ත්වයා මිය ගිය විට ශරීරයේ වූ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත කොටස් සම`ග එක්වන බව කියැවේ. ඉන්ද්‍රිය ශක්තීන් අහසට එක් වේ.
‘‘ආකාසං ඉන්ද්‍රියානි සංකමන්ති’’
ද්‍රව්‍යවාදි චින්තකයන් දැරූ මෙම උච්ෙඡ්දවාදය ලෝක නිර්මාතෘ ඊෂ්වර හෝ කිසිම ආකාරයකින් නොපිළිගැනේ. භාරතයේ බිහි වූ සෑම දාර්ශනයකම පොදු පුරුෂාර්ථ හතරක් අන්තර්ගත වූහ.
01. අර්ථ
02. ධර්ම
03. කාම
04. මෝක්‍ෂ
මෙම කරුණු සතරෙන් චාර්වාකගේ උච්ෙඡ්දවාදය පිළිගන්නේ අර්ථ කාම දෙක පමණි.
02.1 හින්දු ආගමේ විශ්වය හා එහි ප‍්‍රභවය පිළිබඳ ඉගැන්වීම්.
වෛදික සාහිත්‍යය සහ මහා භාරතය, මැවීමේ කථා වලිනුත් ආදි මිනිසාගේ ජීවිතය පිළිබඳ තොරතුරු වලිනුත් පිරී පවතී. එයින් අපහැදිළියි මිනිසුන් කෙරෙහි ස්වභාවයෙන් ඇති වන සිතුවිලි හා කල්පනා වශයෙන් සැලකිය හැකි කොටස් ඉවත් කළත් තම මුතුන් මිත්තන් මුලින්ම ජීවත් වූ ආකාරය ද වැඩුණු ආකාරය ද වෛදිකයන් විසින් පාරම්පරිකව රැුගෙන අවුත් ග‍්‍රන්‍ථාරුට කර තිබෙන තොරතුරු වලින් හෙළි වේ. හින්දු භක්තිකයෝ සමාජ දියුණුවත් අන් සියලූ දේත් ඇති වූ ආකාරය පැහැදිළි කිරීමට ‘යුග’ හා ‘අපහැදිළියි’ ආකාරයෙන් අමුතුම ආකාරයේ කාල නිර්මාණයක් දක්වා ඇත. මනුස්මෘතියට අනුව හින්¥න් කාලය යුග වශයෙන් සතරකට බෙදා දක්වා ඇත. එනම්,
‘‘කලිඃ ශයා නෝ භවති - සංජිභානස්තු ද්වාපරඃ
උත්තිෂ්ඨස් ත්‍රෙතනා භවතී - කෘතං සම්පද්‍ය තේ චරත්’’
01. කෘත යුගය
02. ත්‍රෙතා යුගය
03. ද්වාපර යුගය
04. කලි යුගය
ඒ අනුව කෘත යුගයේදී ඇවිදී. ත්‍රෙතා යුගයේදී කෙලින් සිටී. ද්වාපර යුගයේදී මතු වූ ගමනින් යුක්ත වේ. කලි යුගයේදී නිදා ගනිමින් විවේක ගනියි. මනුස්මෘතියෙහි සඳහන් අයුරින් කෘත යුගය ඉතාමත් ඉසුරුමත් එකකි. යුගසතරෙන් ඉතාමත් හොඳ කාලය මෙයයි. සත්‍ය, ස්වර්ණ යන අරුත් දීම කෘත යුගය නම් වේ. වර්ෂ 1728000 කල් මේ වර්ෂය පැවතියේ යැයි දැක්වුවද මහාභාරතයට අනුව නම් වසර 4800 කි.
ත්‍රෙතා යුගය වර්ෂ 1296000 ක් අයත් වේ. මෙම කාලය මදක් ඉසුරුමත් බවෙන් අඩු වේ. ද්වාපර යුගය ත්‍රෙතා යුගයටත් වඩා පහත්ය. සැප දුර්ලභ කාලයකි. වසර 864000 ක කාලයක් පවතින මෙම යුගය තඹවලට උපමා කෙරේ.
අවසාන යුගය වන්නේ කලි යුගයයි. ඉසුරුමත් බවෙන් අඩුම කාලය වන මෙම යුගය වර්ෂ 432000 බල පවත්වන්නේය. ක‍්‍රි. පූ. 3102 දී කලියුගයේ ආරම්භය සිදු වෙයි. මෙම යුගය මිනිස් ගුණ ධර්ම පරිහාණියට පත් වූ යුගයකි. මිනිස් සමාජ රටාවේ නැ`ගීම, වැඞීම, දියුණුව හා පරිහාණිය මෙම යුග හතර අනුව පෙන්නුම් කර ඇත. ඒ අනුව අප ජීවත් වන මෙම කලි යුගය මිනිසාගේ පරිහාණිය සිදුවන යුගයයි. කලි යුගය අවසානයේ ජලය, ගින්්න, වාතය යන කොටස් වලින් එකක් මුල් වී ලෝකයේ විනාශය සිදු වේ.
මන්වන්තර බෙදීම
මනුස්මෘතියට අනුව මන්වන්තරයක් යනු මනුට අයත් කාලයයි. මෙම මන්වන්තරයට අයත් කාලයෙන් වර්ෂ හතලිස් තුන් ලක්‍ෂ විසිදහසක් (43,20000* බ‍්‍රහ්මගේ දවසින් 1/12 කි. එවිට බ‍්‍රහ්මගේ දවසට මිනිස් වසර 5184000 කි. මෙවැනි දින හයක් (06* දැනට ගතවී ඇත. අප මේ ජීවත් වන කාලය බ‍්‍රහ්මගේ උපතින් හත්වන (7* දිනයයි. මේ අනුව මන්ට තව දීර්ඝ කාලයක් ඉදිරියට ඇත. මනුස්මෘතියේ සඳහන් වන මෙම වර්ෂ ක‍්‍රමය ලෝක විනාශයෙහි ඡුායා මාත‍්‍රයක් ලෙස ගත හැක්කේ බ‍්‍රහ්ම පොළොව වශයෙන් ගතහොත් පමණි. ඒ අනුව මේ වන විට පොළොව වයස් අවුරුදු 311040000 කි. මන්වන්තයේ බෙදීම අනුව මෙයට වඩා වෙනස් ක‍්‍රමයක් ද දැක්වේ. එම වර්ෂ ක‍්‍රමය සැකසී ඇත්තේ ජ්‍යෝතිෂය ආශ‍්‍රයෙනි. ජ්‍යෝතිෂයට අනුව කල්ප විභාගය දැක්වීමේදී මෙසේ සඳහන් කර ඇත. ලංකා ක්‍ෂිතිජයෙහි (නැෙ`ගනහිර දේශාංස අංශක 79* මේශරාශි පළමු වන අංශකයෙහි සියලූම යුගයන් එක් වරක් සංයෝග වීමේ පටන් නැවත වරක් එබඳු සංයෝගයක් ඇති වන තෙක් ගතවන කාලය කල්ප වශයෙන් ජ්‍යෝතිෂ ග‍්‍රන්‍ථ වල සඳහන් වේ. එහි සෞර වර්ෂයක් දෙවියන්ට එක් දිනකි. එබඳු දින 360 ක් දිව්‍ය වර්ෂයකි. සන්ධ්‍යා සංඛ්‍යංශ (යුගයක ආරම්භයට පෙරද අවසානයට පසු ද යෙදෙන නියමිත වර්ෂ සංඛ්‍යාව* එක් වීමේන් දිව්‍ය වර්ෂ 1200 කට පරිමිත වූ කාලය කෘත”‘ ත්‍රෙතා, ද්වාපර, සහ කලියුග යන යුග සතරකින් යුත් මහා යුගයකි. එහි ප‍්‍රමාණය වර්ෂ 4320000 කි. මහා යුග 71 හෙවත් සෞර වර්ෂ 306720000 ක් එක් මන්වන්තරයකි. එක් මනු රජෙකුගේ අධිකාරී සමය යම් පමණ පවතී ද එම කාලය මන්වන්තරයකි. මන්වන්තරයක අවසානයේදි කෘත යුගයේ වර්ෂ සංඛ්‍යාවට සමාන (172800* සන්ධියක් වේ. මෙම සන්ධි සහිත මන්වන්තර තුදුසක් (14* එක් කල්පයකි. කල්පයක් ආරම්භයෙදී කෘත යුගයට සමාන වර්ෂ ගණනාවකින් යුත් සන්ධ්‍යාවක් ඇති වෙයි. මේ අනුව කල්පයකට අයත් දිව්‍ය වර්ෂ ගණන 4,3200,00000 කි. මේ අනුව මනුස්මෘතියෙහි දැක්වෙන ක‍්‍රමයට වඩා පහසු ක‍්‍රමයකින් ජ්‍යෝතිෂය අනුව කල්පයක ඇති මිනිස් වර්ෂ ගණන හා දිව්‍ය වර්ෂ ගණන දැක්වේ. බ‍්‍රහ්මයාගේ කාලයෙන් දින හයක් හෙවත් වර්ෂ 311040000 ක කාලය ජ්‍යෝතිෂයට අනුව බැලූව හොත් දිව්‍ය වර්ෂ 86400000 කි. එවිට ජ්‍යෝතිෂ මතය වූ කල්පයකට දිව්‍ය වර්ෂ 1,20,000 ක් යන්න මෙම මනුස්මෘතිය මතය හා ගැටේ. මනුස්මෘතිය මතයට අනුව නම් තවම මන්වන්තරය ගෙවි නැත. වෛදිකයන්ගේ දෙසුම් වලට පදනම් වූ දේව නිර්මාණය, දේව භකිතිය ද මුල් කරගෙන පසු කාලයේදී හින්දු ආගම බිහි විය. හින්දු ආගමික මතයන්හි බෙහෙවින්ම ඇත්තේ වෛදික සෙවනැල්ලයි.
හින්දු ආගමෙහි විෂ්ණු දෙවියන් වශයෙන් ඉදිරියට පැමිණ ඇත්තේ වෛදික යුගයේ සඳහන් වන එතරම්ම ප‍්‍රකට නැති විෂ්ණු දෙවියන්මය. වෙනත් විවිධ දෙවිවරුන්, ජනප‍්‍රවාද, ආගමික විශ්වාස ආදිය හා සංකලනය වීමෙන් විෂ්ණු දෙවිඳු හින්දු ආගමෙහි එක් පාර්ශවයක ප‍්‍රධාන දෙවියන් බවට පත්ව ඇත. විශ්නු ප‍්‍රධාන කොට සලකන හින්දු භක්තිකයන් හැඳින්වෙන්නේ වෛෂ්ණවකයින් වශයෙනි.
වෛෂ්ණවකයින්ගේ ඇදහීම නම් විශ්වය මෙන්ම සියලූම දේවල් නිර්මාණය, පැවැත්ම හා විනාශය විශ්නු දෙවියන් මත රැුඳී ඇති බවයි. ප‍්‍රකට පුරාණෝක්තියකින් විස්තර කෙරෙන පරිදි විෂ්ණු දෙවියන් මහා සාගරය මැද දහසක් පෙණ ගොබ වලින් යුත් ‘ශේෂ’ නම් නා රජුගේ දරණයෙහි සමාධිගතව සිටියි. එසේ සිටින විට විෂ්ණු දෙවියන්ගේ නාභියෙන් අහස දෙසට නෙළුමක් පැන නැ`ගීය. ලෝකය මවන බ‍්‍රහ්ම දෙවියන් උපන්නේ මෙම නෙළුමෙනි. මෙසේ නිර්මාණය කෙරෙන විශ්වය ක‍්‍රමයෙන් විනාශය දක්වා යන තුරු දෙවියන් විසින් මැනවින් පාලනය කොට සුරකිනු ලැබේ.
රණශූර වෛදික දෙවියෙකු වන ඉන්ද්‍ර දෙවියන්ගේ ඇතැම් රණකාමි ලක්‍ෂණ ද විෂ්ණු දෙවියන් කෙරෙහි බලපා ඇතත් පොදුවේ ගත් කල විෂ්ණු දෙවියන් නිරූපණය කෙරෙන්නේ මානව හිතවාදී දයානුකම්පිත, ලෝකාභිවෘද්ධිය සඳහා යොමු වන කාරුණික දෙවියෙකු ලෙසය. අධර්මය ලොව රජයන විට ධර්මය ලොව රජ කරවනු පිණිස යුගයෙන් යුගය විවිධ ස්වරූපයෙන් මේ දේවෝත්තමයා ලොව පහළ වේය යන විශ්වාසය භගවත් ගීතාවෙහි ද සඳහන් වේ.
හින්දු ආරැුමෙන් ඉදිරිපත් කෙරෙන විශ්වයෙහි ප‍්‍රභවය නිර්මාපක දෙවියෙකු මත පදනම් වූවකි. විශ්වය ඇතුළු විහ්වයෙහි ඇති සියලූම දෙය සඳහා මූල හේතුව වන්නේ මේ නිර්මාපක දෙවියෝය. මේ දෙවියන් බ‍්‍රහ්ම දෙවිඳු වශයෙන් හින්¥න් විසින් සාමාන්‍යයෙන් සලකනු ලැබුව ද වෛෂ්ණවිකයින් එය විෂ්ණු දෙවියන්ගේ කාර්යයක් ලෙස සලකන අතර, ශෛවවාදීන් සලකන්නේ එය ශිව දෙවියන්ගේ කාර්යයක් වශයෙනි. ලෝක සම්භවය පිළිබඳ මීට වෙනස් මත ද වේ. සාංඛ්‍ය මතය අනුව එය පුරුෂ හා ප‍්‍රකෘති යන විශ්ව සිද්ධාන්ත දෙකෙහි අන්‍යෝන්‍ය ප‍්‍රතික‍්‍රියා හේතු කොට ගෙන සිදුවන්නකි. වේදාන්ත මතය අනුව සියල්ලහෙිම පදනම බ‍්‍රහ්මන් වශයෙන් හැඳින්වෙන විශ්ව සිද්ධාන්තයන්ය.
විශ්ව සම්භවය පිළිබඳ අදහස් දේශ කාල වහයෙන් ව්‍යාප්ත වත්ම කල්ප සංකල්පය දියුණු විය. ලෝකයේ ආයු කාලය කල්පයක් වශයෙන් සැලකිණි. කල්පයෙහි ආරම්භයේදී බ‍්‍රහ්ම දෙවියන් විසින් ලෝකය මවනු ලැබේ. විෂ්ණු දෙවියන් විසින් එය මනාව සංරක්‍ෂණය කරයි. කල්පය අවසානයේ ශිව දෙවියන් එය විනාශ කරයි. මෙලෙස සංවෘත්ත හා විවෘත්ත ක‍්‍රියාවලියක් ම`ගින් කල්පයෙන් කල්පය ලෝකය මැවී සුරැුකී විනාශයට පත් වේ. මෙම කල්ප ෂත්ත්වයෝ ඉපිද ඉපිද, මැරි මැරී”‘ ජීවිතයෙන් ජීවිතයට යති. සංසාර චක‍්‍රය එයයි. භවයෙන් භවයට යමින් සසර ගමනෙහි යෙදෙන්නේ පුද්ගල ආත්මයයි. මේ පුදගල ආත්මය හා විශ්ව ආත්මය නැතහොත් බ‍්‍රහ්මන් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධය. වේදාන්ත දර්ශනය අනුව මෝක්‍ෂය ලැබීම නම් පුද්ගල ආතාමය විශ්ව ආත්මය නැතහොත් බ‍්‍රහ්මන් සම`ග ඒකීභූත වීමය.
විෂ්ණු දෙවියන් දස අවතාරයකින් ලොව පෙනි සිටින බව විෂ්ණු දස අවතාර සංකල්පය ප‍්‍රකට කරයි. විශ්ණු දෙවියන්ගේ පළමු අවතාරය මස්ත්‍යයෙක් විය. එය මුලදී ලෝකය ජලයෙන් පිරී තිබූ බව ප‍්‍රකට කරයි. මත්ස්‍යයන් ජලයේ පහළ වේ. පසුව මෙම ජල තලය ගොඩබිම බවට හැරිණ. මෙය විෂ්ණ නැවත ඉබ්බෙකු ලෙස ඉපදීම පෙන්නුම් කරයි. කුර්මා යනු ඉබ්බාට යොදන නාමයකි. ඌ ජලයෙහි මෙන්ම ගොඩබිමෙහි ද වාසය කරයි. දිවිය ස්ථාවර විය. වරාහාවාතාරය වශයෙන් දැක් වේ. මෙයින් විෂ්ණු ඌරෙකු වශයෙන් නැවත ඉපදීම පිළිබිඹු කෙරේ. වරාහ යනු ඌරාට නමකි. ඌරා ගොඩබිම මෙන්ම ජලයට ද ප‍්‍රිය කරයි. විෂ්ණුගේ නරසිංහ අවතාරය ම`ගින් භූමියේ අවතාරය පිළිබඳ ඉතා වැදගත් සාධකයක් පෙන්නුම් කෙරේ. මෙමගින් සත්ත්වයාගේ දෙයාාකාරයක් පෙන්නුම් කරයි. මෙයින් මිනිසාගේ එක් කොටසක් සිංහයා ලෙසත් අනෙක් කොටස මිනිස් තත්ත්‍වයක් ලෙසත් ප‍්‍රකට කෙරේ. තිරිසන් තත්ත්‍වයෙහි සිට මිනිස් තත්ත්‍වය කරා සිදුවූ පරිවර්තනයක් මෙයින් පෙන්නුම් කෙරේ. නොදියුණු මිනිස් ස්වරූපයකට තිරිසන් තත්ත්‍වයේ පරිවර්තනයක් මෙයින් පෙන්නුම් කෙරේ. විෂ්ණුගේ වාමනාවතාරයෙන් මෙය පෙන්නුම් කෙරේ. වාමන යන්නෙන් මිටි යන අදහස ප‍්‍රකට කෙරේ. ඔවුන්ගෙන් නොදියුණු මිනිසෙක් නියෝජනය කෙරේ. මිනිසා ඔහුම දේවත්වය දක්වා වර්ධනය වීම විෂ්ණුගේ පරමශුරාම, ශ‍්‍රී රාම, ක‍්‍රිෂ්ණ වැනි අවතාරවලින් ප‍්‍රකට කෙරේ. විෂ්ණුගේ බුද්ධ අවතාරයෙන් ඉතාම උසස් බුද්ධි වර්ධනය පෙන්නුම් කරයි. හින්දු දහම දිව්‍යලෝක මනුෂ්‍ය ලෝක පිළිබඳ විස්තකරයන්ට අමතරව බ‍්‍රහ්ම ලෝක තත්ත්‍වයන් පිළිබඳ ද විස්තර කරයි. දිව්‍ය ලෝකයක් සහ නරකයක් තුළ ස්ථිර සැපක් හෝ දුකක් විඳින ස්වභාවයක් ඉක්මවා නියත සැප ඇති බ‍්‍රහ්ම ලෝක වලට එළඹීම මොවුන්ගේ අභිලාෂයයි. බ‍්‍රහ්ම ලෝක වල ඇති සැපය මිනිස් ලොව දක්වා ලැබෙන ආකාරයේ සැපයක් නොව, ඊට වඩා සියුම් ආකාරයේ වින්දනයකි. හින්දු ආගමේ සඳහන් බ‍්‍රහ්මයන් සතු කම් සැපට හේතුවන වස්තූන් පිළිබඳ විස්තර බුදු දහමේ සඳහන් බ‍්‍රහ්ම ස්වභාවයට වඩා යම් යම් වෙනස්කම් වලින් යුක්තය. කෙසේ වුවද බුදු දහමෙන් සහ හින්දු දහමෙන් කියැවෙන නරක, දිව්‍ය ලෝක සහ බ‍්‍රහ්ම ලෝක තත්වයන් පිළිබඳ කෙරෙන විස්තරය බොහෝ දුරට අනුමත කරයි. එහෙත් බුදු දහමට අනුව බ‍්‍රහ්ම ලෝකයන් ද ඇති වන නැති වන ස්වභාවෙන් යුකතය.
විවිධ හින්දු ආගමික නිකායන් දරන මත අනුව බ‍්‍රහ්ම ලෝක පිළිබඳ කෙරෙන විස්තර වල ගැඹුර වෙනස් වෙයි. එහෙත් ප‍්‍රකටම හින්දු මතය අනුව ලොව ආරම්භය ප‍්‍රකට වන්නේ ‘ ඕම්’ යන ශබ්දයෙනි. මෙම ශබ්දය ම`ගින් ලෝකය මැවූ ක‍්‍රිෂ්ණ අදහස් කෙරෙන බව ද පැවසෙයි. පළමු ධ්‍යාන මට්ටමෙන් ඉහළට ශබ්දයක් හටගැනිමක් නැති බැවින් මෙම ප‍්‍රකටතම හින්දු මතය ප‍්‍රථම ධ්‍යාන බ‍්‍රහ්ම ලෝක දක්වා පවතින ලෝකයක් ප‍්‍රකාශ කරන බව පෙනෙයි.
02.2 ක‍්‍රිස්තියානි ආගමෙහි විශ්වය හා එහි ප‍්‍රභවය පිළිබඳ ඉගැන්වීම්
විශ්වයෙහි සම්භවය පිළිබඳ ක‍්‍රිස්තියානි ආගමේ ඉගැන්විම වන්නේ එය දෙවියන් වහන්සේගේ කාර්යයක් බවයි. දෙවියන් වහනස්සේ සර්ව බලධාරී වන හෙයින් උන් වහන්සේ නියෝග කළ සැණෙකින් ම සියල්ල සිදු වන බව බයිබලයෙන් කියැවේ. කිසිදු මූල ද්‍රව්‍යයකින් තොරව සියල්ල මැවිමෙන් උන්වහන්සේගේ සර්ව බලධාරිත්වය සනාථ වේ. ලෝකය මැවිම සඳහා දින හයක් ගත කළ උන්වහන්සේ සත්වන දින විවේකයෙන් ගත කළේය. ‘සබත්’ දිනය වශයෙන් සැලකෙන්නේ ලෝක නිර්මාණයෙන් අනතුරුව දෙවියන් වහන්සේ විවේකී සුවයෙන් ගත කළ දිනයයි.
‘සබත්’ යන්නෙහි අර්ථය ‘සත්වන’ යන්නයි. දෙවියන් වහන්සේගේ මැවීම සිහිපත් කරමින් විවේකීව අධ්‍යාත්මික සුවය විඳිමින් ගත කළ යුතු දිනයක් වශයෙන් මෙදින කිතු බැතිමතුන් විසින් හැඳින්වේ. පැරණි ගිවිසුම අනුව සබත් දිනය යෙදෙන්නේ සෙනසුරාදාවය.ි එහෙත් නව ගිවිසුමෙන් මෙය ඉරිදා දිනය වශයෙන් නම් කෙරී ඇත. මෙයට හේතුව ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූයේ ද ශුද්ධෝත්තමයානන් අපෝස්තුථවරුන් වෙත වැඩියේ ද ඉරිදා දිනක් වීමය.
ක‍්‍රිස්තු භක්තිකයන්ගේ ආගමික ග‍්‍රන්‍ථය වන ශුද්ධ වූ බයිබලයෙහි ලෝකෝත්පත්තිය හෙවත් විශ්වයෙහි ප‍්‍රභවය පිළිබඳ අදහස් ඉදිරිපත් කොට ඇත.
ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. පොළොව ද පාලූව හිස්ව තිබුණේය. ගැඹුර පිට අන්ධකාරය තිබුණේය. දෙවියන් වහන්සේගේ ආත්මය ද පිට ක‍්‍රියා කරමින් සිටියේය. දෙවියන් වහන්සේ ද එළිය වේවවයි කීය. එවිට එළිය වීය. එළිය හොඳ බව දෙවියන් වහන්සේ දුටු සේක. දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාල යැයි කියා ද අන්ධකාරයට රාත‍්‍රිය යැයි කියා ද නම් තැබූ සේක. සවස ද උදය ද විය. ඒර ක දවසක්ය. දෙවියන් වහන්සේ ජලය අතරෙහි අවකාශයක් වේවායි කියා ද කී සේක. දෙවියන් වහන්සේ ද ආකාශය සාදා අවකාශයට යටින් තිබෙන ජලයෙන් අවකාශයට උඩින් තිබෙන ජලය වෙන් කළ සේක.ි එසේම විය. දෙවියන් වහන්සේ අවකාශයට අහස යැයි නම් තැබූ සේක. සවස ද උදය ද වීය. ඒ දෙවෙනි දවසයි.
දෙවියන් වහන්සේ අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැුස්වි ගොඩබිම පෙනේවායි කී සේක. එසේම විය.ි දෙවියන් වහන්සේ ගොඩබිමට පොළොව කියා යැයි ද රැුස් වූ ජලය මුහුද කියා ද නම් තැබූ සේක. දෙවියන් වහන්සේ තෘණ ද බීජ දරණ ඵල ජාති ද, එක් එක් වශයෙන් බීජ හැටියට ඵල හටගන්වාවයි කී සේක. ඒ එසේ විය. තෘණ ද එක් වර්ගයේ හැටියට බීජ ඇත්තාවූ ගස් ද පොළොවෙන් හටගත්තේය. එය හොඳ බව දෙවියන් වහන්සේ දුටු සේක. සවස ද උදය ද විය. එහි තුන්වෙනි දවසයි.
දෙවියන් වහන්සේ රාත‍්‍රියෙන් දවාල වෙන් කිරීමට ආලෝකවල් අහස් අවකාශයෙහි වෙත්වා යැයි කියාත් ඒවා ලකුණු පිණිස ද, කාලවල් පිණිස ද, දවස් පිණිස ද, අවුරුදු පිණිස ද තිබෙත්වායි කියාත් පොළොවට එළිය දීමට ඒවා ආලෝකවල් පිණිස අහස් අවකාශයෙහි තිබෙත්වායි කියාත් කී සේක. එලෙසම විය. දෙවියන් වහන්සේ මහත් ආලෝක දෙක එනම් වඩා මහත් ආලෝකය දවල් ආණ්ඩු කරන පිණිස ද කුඩා ආලෝකය රාත‍්‍රිය ආණ්ඩු කිරීමටත් අන්ධකාරයෙන් එළිය වෙන් කිරීමටත් දෙවියන් වහන්සේ ඒවා අහස් අවකාශයේ තැබූ සේක. එය හොඳ බව දෙවියන් වහන්සේ දුටු සේක. සවස ද උදය ද විය. ඒ හතර වැනි දවසයි.
දෙවියන් වහන්සේ ජීවත් වන පණ ඇති සත්ත්ත්‍වයෝ ජලයෙහි බොහෝ සෙයින් හටගත්වායි කියාත් පොළොවට උඩින් අහස් අවකාශයෙහි පක්‍ෂීහු පියාසර කරත්වායි කියාත් කී සේක. එලෙස දෙවියන් මහත් මත්ස්‍යයන් ද එක එක වර්ගයේ හැටියට ජලයේ බොහෝ සෙයින් හට ගත්තා වූ හැසිරෙන්නාවූ පණ ඇති සියලූ සත්ත්ත්‍වයන් ද එක එක වර්ගයේ හැටියට පියාපත් ඇති සියලූ පක්‍ෂීන් ද මැවූ සේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරමින් ජලය පිරෙන ලෙස බෝවී වැඩෙත්වායි කියා ද කී සේක. සවස ද උදය ද විය. ඒ පස්වෙනි දවසයි. දෙවියන් වහන්සේ එක එක වර්ගයේ හීලෑ මෘගයෝ ද බඩ ගැ යන පක්‍ෂීහු ද වන මෘගයෝ ද යන පණ ඇති සත්ත්ත්‍වයෝ එක එක වර්ගයේ හැටියට පොළොවෙන් හට ගනිත්වායි කී සේක. එසේම විය. තවද දෙවියන් වහන්සේ අපර ස්වරූපයේ හැටියට අපේ සමානාත්මතාවයේ ප‍්‍රකාරයට මනුෂ්‍යයා සෑදිය යුතුය. ඔහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහි ද ආකාශයේ පක්‍ෂීන් කෙරෙහි ද මුළු පොළොව කෙරෙහි ද මෘගයන් කෙරෙහි ද පොළොව සිට බඩ ගා යන සතුන් කෙරෙහි ද ආණ්ඩු කෙරෙත්වායි කී සේක. එලෙසම දෙවියන් වහන්සේ තමන්ගේ ස්වරූපයේ හැටියට මිනිසා මැවූ සේක. පුරුෂයෙකු සහ ස්ත‍්‍රියක කොට ඔවුන් මැවූ සේක. දෙවියන් වහන්සේගේ හැටියට ඔහු මැවූ සේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරමින් පොළොව පිරෙණ ලෙස නුඹලා බෝ වී එය යටත් කරගෙන මුහුදේ මත්ස්‍යයන් කෙරෙහි ද ආකාශයේ පක්‍ෂීන් කෙරෙහි ද පොළොව සිට හැසිරෙන ආණ්ඩු කරව් යැයි ඔවුන්ට කී සේක. තවද දෙවියන් වහන්සේ මෙන්ම මුළු පොළෝ තලයෙහි තිබෙන්නාවූ බීජ දරණ සියලූ පලා ජාති ද බීජ දරන්නා වූ ඵල ඇත්තාවූ සියලූ ගස් ද මා විසින් නුඹලාට දි තිබේ. ඒවා නුඹලාට ආහාර පිණිස වේ. පොළොවෙහි සියලූ මෘගයන්ට ද ආකාශයේ සියලූ පක්‍ෂීන්ට ද පොළොව පිට බඩ ගා යන පණ ඇති සියලූ සතුන්ට ද නිල් ඵලා ජාති ආහාර පිණිස දී තිබේ, යැයි කී සේක. එය එසේම විය. දෙවියන් වහන්සේ හැ¥ සියල්ලම උන්වහන්සේ බලා ඒවා ඉතා හොඳ බව දුටු සේක. සවස ද උදය ද විය. ඒ සවෙනි දවසයි.
මෙම හැඳින්වීමට අනුව කිතුණු භක්තිකයන්ගේ ඇදහිම අනුව සර්ව බලධාරී දෙවියන් වහන්සේ පොළොවත් එහි සතුන් ඇතුළු අනෙක් සියල්ලම මැවූ අයුරු ගම්‍ය වේ. දෙවියන් වහන්සේ මුලින්ම මිනිසා ආදම් නම් වේ. ඔහුව දර්ශනීය ශාලාවක රැුඳවූ දෙවියන් වහන්සේ ඔවුට අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් සියලූම සැප පහසුකම් ද ලැබෙන ලෙස සලස්වා ඔහු එම සැම වින්දනය කිරීමට ඉඩ දුන්නේය. මිහිරි සුවඳක් හා කන් පිනවන සංගීත රාවයක් ද සියුම් ආලෝකයක් ද ඒ මනහර ශාලාවෙහි තිබුණේය. දෙවියන් වහන්සේ නික්ම යන විට ආදම්ට එක්තරා අණක් නිකුත් කළේය. එනම් ඒ ශාලව මැඳ තිබූ තහනම ගසට අත නොතබන ලෙසය. එහෙත් ඒ පිළිබඳ සැක පහළ කළ පළමු මිනිසා දෙවියන් වහන්සේගේ නියමයන් කඩ කරමින් තහනම් ගසේ ගෙඩි කැඞීමට අත තැබුවේය. ඒ හා සම`ගම සංගීත රාවය අතුරුදහන් විය. ආලෝකය ද සියලූ සැප පහසුකම් ද දුරු වී ගියේය. අන්ධකාරය, දුක, ශෝකය, වේදනාව, බිය, සන්ත‍්‍රාසය වැනි නොයෙක් දුක්ඛිත තත්ත්‍වයන් ලොවට පහළ විය. එසේම දෙවියන් වහන්සේ ඔහුගෙන් ඉළ ඇටයක් ගෙන එයින් ස්ත‍්‍රය මැව්වෝය. ඈ නම් ‘ඒව’ ය මුළු මිනිස් සංහතියම පැවැතෙන්නේ ආදම් හා ඒවා ගෙනි.
බයිබලයේ සඳහන් වන අන්දමට මහ පොළොවෙහි වයස අවුරුදු 7462 ක් වෙයි. එහෙත් වර්ෂ 1658 අයර්ලන්තයේ විසූ අනුරාජගුරු ප‍්‍රසාදින් වහන්සේ වූ ‘‘උෂර් නම් ආබ් බිෂොප් තුමා බයිබලය කියවීමෙන් අමුතුම මතයක් ඉදිරිපත් කළේය’’ දෙවියන් වහන්සේ විසින් තමාගේම ස්වරූපය ඇතිව මිනිසා මැවූ බව කීමෙන් වනුයේ දෙවියන්ගේ රූපය මිනිස් කයට සමාන බව පිළිගත හැකි බවයි. මෙම මැවීම පිළිබඳ කථාවේ වැදගත්ම කොටස සියල්ල මැවූ මේ දෙවියන් වහන්සේගේ ආරම්භය කෙසේද? වෙනත් කිසිවෙකු පසුව මැවුවා ද නැතහොත් ආකස්මිකව පහළ වී ද යන අදහසයි. මේ සඳහා කිතුනුවෝ දෙන පිළිතුර වන්නේ දෙවියන් ආදියක් අන්තයක් නැත. ඔහු සදාකාලිකය යන්නයි. ලෝක විනාශයේදී පව් කළ මිනිස්සු සදාකාලික නරකයට ද පින් කළ වුන් සදාකාලිකව ස්වර්ගයට ද ගමන් කරති, යන්න සත්ත්‍වයා පිළිබඳ මතයයි.
02.3 ඉස්ලාම් ආගමෙහි විශ්ව සංකල්පය හා එහි ප‍්‍රභවය පිළිබඳ ඉගැන්වීම්.
ලොව ඇති තවත් ප‍්‍රධාන වූ දේවවාදී ආගමක් වන ඉස්ලාම් ආගමෙහි දක්නට ලැබෙන්නේ මැවීම් වාදයකි. කේවල ඒකවාදයක් වන ඉස්ලාම් ආගමෙහි පදනම වශයෙන් පවතින්නේ දෙවියන් වහන්සේගේ ඒකත්වය හා පරම ශ්‍රේෂ්ටත්වයයි. ඉස්ලාම් ආගමෙහි සර්ව බලධාරී දෙවියන් වහන්සේ අල්ලාහ්ය. අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නැත. දෙවියන් වහන්සේ හා සම්බන්ධ ශුද්ධ වූ ත‍්‍රිත්වය (ඔරසබසඑහ දෙ ඨදාි – දෙවියන් වහන්සේ, දේව දරුවන්, ශුද්ධ අවතාරය* ඉස්ලාම් ආගමෙහි ප‍්‍රතික්‍ෂේප කෙරේ. දෙවියන් වහන්සේ හැර වෙනත් දෙවි කෙනෙකු නැත. ඔහු ස්වර්ගයෙහි හා පොළොවෙහි එකම සර්ව බලධාරී දෙවියන් වහන්සේ වෙයි. ර්‍ණඔයැරු සි බද ඨදා ඉමඑ ්කක්යල එයැ ඨදාල එයැ ිමචරුපැ යදරා දෙ එයැ යැඩැබ ්බා දබ ැ්රඑය” අල්ලාහ් සර්ව බලධාරී දෙවයින් වහන්සේය. ඔබේ නායකයාය. සියල්ලෙහි මැවුම්කරුය. ර්‍ණ්‍යැ සි ් ඨදාල ශදමර කදරාල එයැ ජරු්එැර දෙ ්කක එයසබටි” අල්ලාහ් හැර වෙනත් දෙවියන් වහන්සේ කෙනෙක්, ඔහු හා සමාන වූවෙක් නැත. ර්‍ණභද ාසඩසබසඑහ ඉමඑ යසපල ඔයැරු බදබැ කසනැ යසප” උන්වහන්සේ අසම සමය. මුළු විශ්වයෙහිම නිර්මාතෘවරයාණෝ උන්වහන්සේය. පරමාධිපත්‍ය, සාධාරණත්වය, කරුණාව, මානව දයාව උන්වහන්සේගේ ගුණාංගයෝය.
මුළු මහත් විශ්වයෙහිම නිවමුවානෝ අල්ලාහ් දෙවියන් වහන්සේය. මිනිසාගේ විමුක්තිය සලසන්නේ ද උන් වහන්සේය. උන්වහන්සේ හැර වෙනත් පිහිටක් නැත. ඒ නිසා උන්වහන්සේගේ ම`ග පෙන්වීම යටතේ ජීවිතය ගෙන යෑමෙන් පමණක් විමුක්තිය ලබාගත හැකිය. අල්ලාහ් දෙවියන් වහන්සේ මිනිසා නියම ජීවන මාර්ගයට යොමු කිරීම සඳහා විවිධ මාධ්‍ය යොදා ගනී.
මුළු විශ්වයම අල්ලාහ් දෙවියන් වහන්සේගේ නිර්මාණයක් බව මුස්ලිම් බැතැමතුන්ගේ විශ්වාසයයි. එපමණක් නොව මැවූ සියල්ලම සංරක්‍ෂණය කරන්නේ ද ඔහුය. එනිසා සියල්ල කෙරෙහි පරමාධිපත්‍ය පවතින්නේ ද ඔහුටය. දෙවියන් වහන්සේ විශ්වය නිර්මාණය කරන ලද්දේ අරමුණක් ඇතිවය. එනම් උන්වහන්සේගේ අතිවිශිෂ්ඨතම නිර්මාණය වන මිනිසාට විමුක්තිය සලසා දීමය.
අල්ලාහ් දෙවියන් වහන්සේ මිනිසා පොළොවෙහි පස්වලින් ද භූතයින් ගින්නෙන් ද නිර්මාණය කළ සේක. මිනිස් සංහතිය උන්වහන්සේගේ පරපුර වන්නේය. මේ භූතයින් පිළිබඳ කුරාණයේ වැඩිපුර විස්තර නොදැක්වෙන අතර වැඩිපුර අවධානය යොමුවී ඇත්තේ මිනිසා කෙරෙහිය. උන්වහන්සේ මිනිසා තමන් වහන්සේගේ නියෝජිතයා වශයෙන් පොළොවෙහි ස්ථාපනය කළ සේක.
දේවවාදි ආගම් වන ක‍්‍රිස්තු, ඉස්ලාම් ආගම් වල ලෝක නිර්මාණ මතය බොහෝ විට එක හා සමාන බවක් දරණ බව පෙනේ.
ශුද්ධ වූ ආදම් වක්තෲන් වහන්සේ මිනිසාගේ ආදිම පියාය. මෙම භූතලයේ පළමුවෙන්ම මවන ලද මිනිසා උන්වහන්සේ වන සේක. මිනිස් සංහතිය උන්වහන්සේගේ පරපුර වන්නේය. ශුද්ධ වූ ආදම් වක්තෲන් වහන්සේ විසින් මවනු ලැබූ අල්ලාහ් ශුද්ධ කුරාන් ම`ගින් ප‍්‍රකාශ කොට ඇත. ආදම් වක්තෲන් වහන්සේගේ සිට මිනිස් වර්ගයාගේ මව වන ‘හබ්බා’ තුමිය ආදම් වහන්සේගේ මහේෂිකාව වශයෙන් මවා මේ යුවලගෙන් සිට ස්ත‍්‍රීන් පුරුෂයින් රාශියක් මවනු ලැබූ බව ශුද්ධ කුර්ආන් සඳහන් කැරයි.
බොහෝ ආගම් වල විස්තර කෙරෙන්නේ පෘථිවිය කේන්ද්‍ර කොටගත් විශ්වයකි. කි‍්‍රස්තියානි, යුදෙව්, ඉස්ලාම් ආගම්හි විස්තර කෙරෙන ලෝකෝත්්පත්ති කථාව මෙම තත්ත්‍වයන් පැහැදිළිව ප‍්‍රකාශ කරයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment