UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: තිසර සන්දේ්ශයෙන් හෙළිවන තත්කාලීන සමාජ තතු

Thursday, December 12, 2013

තිසර සන්දේ්ශයෙන් හෙළිවන තත්කාලීන සමාජ තතු

තිසර සන්දේ්ශයෙන් හෙළිවන තත්කාලීන සමාජ තතු සන්දේශ සාහිත්‍යය හා තිසර සන්දේශය වසර දෙදහසක පමණ ඉතිහාසයකට හිමිකම් කියන සිංහල සාහිත්‍යයෙහි වැඩෙමින් ආ ප‍්‍රධාන අංගයක් ලෙස සිංහල සන්දේශ පොත් පරපුර ස`දහන් කළ හැක. දැනට අපට විද්‍යමානව ඇති සිංහල සන්දේශ කාව්‍ය සියල්ලම ගම්පොළ යුගයේ සිට ලියැවී ඇත. ඊට පූර්වයෙහි රචිත සන්දේ්්ශ කාව්‍යයක් තවම හමු වී නැත. එහෙත් එයින් ගම්පොළ යුගයට පෙර සිංහල කවීන්ට සන්දේශ කාව්‍ය රචනය නුහුරුව පැවති බවක් නිගමනය කළ නොහැක. දඹදෙණි යුගයෙහි ලියැවුණු සිදත් ස`ගරාවෙහිත් එළුස`දස්ලකුණෙහිත් එන ඇතැම් නිදර්ශන පාඨ පැරණි සන්දේ්්ශයන්ගෙන් උදුරාගෙන ඇති බව උගතුන් පෙන්වා දෙන්නකි. සිදතෙහි කම් විබතට දක්වා ඇති නිදසුන් අතර පෙනෙන ‘‘නරඹන්න මොනරාන නස්නා’’ (නටන්නා වූ මොනරුන් නරඹන්න* යන පාඨය හා එවැනි තවත් පාඨ රැුසකින් පූර්වයෙහි රචිත වන්නට ඇතැයි සැලකෙන සන්දේශ කිහිපයක් ගැන ම තතු හෙළි වේ. එම තතු විමර්ශනයට භාජනය කිරීම මෙහි අරමුණ නොවේ. ගම්පොළ යුගයේ රචිත යැයි සැලකෙන තිසර සන්දේශය පිළිබ`ද අවධානය මෙහි දී යොමු වේ. එයිනුදු එයින් හෙළිවන සමාජ තතු විමසීමට ලක්කිරීම මෙහි ප‍්‍රමුඛ පරමාර්ථය යි. සන්දේශයන්හි ඉතිහාසය, විකාශය පිළිබ`ද කරුණු කෙරෙහි ද අවධානය නොදක්වා උක්ත කරුණ පිළිබ`ද තතු ගෙනහැර දැක්වීමට අපේක්ෂා කරනුයේ මෙම ලිපිය ඉතා දිගු වීම වළක්වනු පිණිසත්, ප‍්‍රමුඛ අරමුණ සාධනය කරගනු පිණිසත් ය. තිසර සන්දේශය තුළින් හෙළිකර ගත හැකි තත්කාලීන සමාජ තතු පිළිබ`ද කරුණු සොයා යාමට පූර්වයෙන් එය රචිත කාලවකවානුව නිවැරදිව නිශ්චය කරගැනීම ඉතා වැදගත් වේ. අප සාකච්ඡුාවට ලක්වන මේ තිසර සන්දේශය කරන ලද්දේ දෙවිනුවර විහාරවාසී වූ යතිවරයකු විසිනි. ඒ බව එහි එන පද්‍යයකින් පැහැදිලි වේ. මේ තෙරි`දුන් වැඩ විසූයේ කවර අවධියක ද යන්න මත තිසර සන්දේශය රචනා කළ කාලය ද නිර්ණය කළ හැකි බව පෙනේ. එහෙත් එහිමියන් විසූ අවධිය තීරණය කරන්නට තරම් සාධක හමු නොවේ. එහි ලා සාධක කොට ගත හැක්කේ සන්දේශය ලැබූ තැනැත්තා වූ දැතිගම්පුර පැරකුම්බා රජු කවරෙක් ද ඔහු විසූයේ කවර කාලවකවානුවක ද යනු නිශ්චය කර ගැනීමෙනි. මයූරය අනුව ගිය අනෙක් සන්දේශය තිසර සෙ`දස බවත් එය ක‍්‍රි.ව. 1409 දී ගම්පොළ රාජ්‍යය වැටී ක‍්‍රි.ව. 1415 දී කෝට්ටේ රාජධානිය ඇති වීමට පෙර රට අරාජකව පැවති යුගයේ ලියන ලද බව මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මහතා පවසයි. මෙහි එන පැරකුම්බා නම් ගම්පොළ හා දැතිගම විසූ පස්වන පැරකුම්බා (ක‍්‍රි.ව. 1352-1360* රජු බව සමහර අයගේ මතයකි. ඒ අනුව මෙය මයුර සන්දේශයට වඩා වසර ගණනාවකින් පැරණි බව තහවුරු වේ. තිසර සන්දේශය කි‍්‍ර.ව. 1356-1366ටත් අතර කාලයේ ලියන ලදැ යි ශ‍්‍රීමත් ජයතිලක මහතා පවසයි. කෙනෙක් මේ කෘතිය කි‍්‍ර.ව. 1410 දී රචිත යැයි පවසත්. තිසර සන්දේශය විරචිත කාල ප‍්‍රමාණය ගැන වියත් ප`ඩිවරයන්ගේ මතභේද රැුසකි. එයින් වැඩි දෙනෙකුගේ හැ`ගීම් හෝ අනුමානය බව පෙනී යන්නේ පස්වන පැරකුම්බා කාලය ගැන ය. ඔහු රජ කළේ ගම්පොළ යුගයේය. එනම් බු.ව. 1887 දී ය. මහාවංශයේ පෙනෙන හැටියට 1894 දී ය. සිංහල සන්දේශ කාව්‍යාවලියෙහි දැනට විද්‍යමාන වූ පැරණිතම සන්දේශ කාව්‍ය තිසර සන්දේශය බව ප‍්‍රත්‍යක්ෂ කර ගැනීමට කරුණු යෙදෙන බව හිත්තටියේ උදිත හිමි පවසයි. ඞී.බී. ජයතිලක මහතා මෙසේ කරුණු දක්වා තිබේ. ‘‘තිසර සන්දේශය පස්වැනි පරාක‍්‍රමබාහු රජහුගේ කාලයේ දී රචිත ය යන අපේ කල්පනාව නිවැරදි නම් මේ සන්දේශය මෙකල පවත්නා සිංහල ¥ත කාව්‍යයන් අතුරෙන් ඉතා පැරණි කාව්‍යය බව පිළිගත යුතුයි. පස්වැනි බුවනෙකබාහු රජහු දවස (ක‍්‍රි.ව. 1386 පටන් 1391 දක්වා අතර කාලයෙහි* මයුර සන්දේශය රචනා කරන ලද හෙයින් තිසර සන්දේශය ඒ කාව්‍යයට තිස් අවුරුද්දක් පමණ වෘද්ධතර බැව් හැෙ`ග්.’’ සන්දේශ යනු ‘දක්වාලීම්’ යන අර්ථය සූචනය කරන සංස්කෘත ‘දිශ්’ යන ධාතුවට පූර්වයෙන් ‘මනාව’ යන අර්ථය සූචනය කරන ‘සං’ යන උපසර්ග යෝජනයෙන් සැදුණු පදයකි. එහි ව්‍යාකරණමය නිරුක්ත්‍යර්ථය ‘මැනවින් දක්වාලීම’ යනුයි. මෙයිනුදු එහි අරුත මැනවින් ප‍්‍රත්‍යක්ෂ නොවේ. ව්‍යාකරණමය නිරුක්ත්‍යර්ථය මතුකර ගැනීමට වඩා එහි ප‍්‍රාස්තවික අරුත මතු කරගැනීම වැදගත් වේ. එනම් කුමක් කියනු ස`දහා එම වදන පොත් පත්හි යෙදී තිබේද යන්න සලකා බැලීමයි. ආඥාව, ආරංචිය, අතින් ගෙන යන පණිවුඩය යන අර්ථවල මේ සන්දේශ යන වචනය සංස්කෘත සාහිත්‍යයේ සුලභව ව්‍යවහාර වී ඇති බව මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මහතා පවසයි. එයින් ආරංචිය හා පණිවුඩය යන තේරුම් හ`ගවන තැන් ඉතා සුලභය. ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය ‘‘ලියමන, පණිවුඩ, දැන්වීම, ආරංචිය, ප‍්‍රවෘත්තියත තොරතුර, නියමය යන අරුත් දක්වයි. සංස්කෘත, දෙමළ ශබ්දකෝෂවල ද දක්වා ඇත්තේ පූර්වෝක්ත අරුත්ම ය. ගම්පොළ යුගයට අයත් යැයි නිශ්චය කර ගත හැකි තිසර සන්දේශය රචනා වීමට හේතු සලකා බැලීම වැදගත් වේ. තිසර සන්දේශයේ එන්නේ දැතිගම්පුරයේ පරාක‍්‍රමබාහු රජුට යැවූ සන්දේශාත්මක පණිවුඩයකි. මෙහි කතෘ කවරෙක්දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි නමුත් උපුල්වන් දෙව්මැදුරට ආසන්න විහාරයෙහි වැඩ සිටි යති`දකු විය හැකි යැයි ආචාර්ය කේ.ටී.ඩබ්. සුමනසූරිය මහතා අනුමාන කරයි. ගලතුරුමුල මෛත‍්‍රීය මහා ස්ථවිරයන් වහන්සේ යයි ලීලසේන (1930* ව්‍යාඛ්‍යානයෙන් දැක්වෙයි. තිසර සන්දේශයෙහි නිමිත්ත වූයේ උපුල්වන් දෙවිදුන් යැදීමෙන් රජතුමාට හා රජ මව්තුමියට ද ආශිර්වාද කිරීමටත්, රජුගේ ඇමති මණ්ඩලය ආරක්ෂා කිරීමටත්, සතුරන් ජය ගැනීමටත් ඒ දෙවි`දුගෙන් ඉල්ලා සිටින බව ය. සන්දේශ හාරකයා රාජ හංසයෙකි. තිසර සන්දේශයෙහි ගමන් මාර්ගය දෙවිනුර සිට දැතිගම්පුරයට ය. කවි 190 කි. ‘‘තිසරයෙහි එන්නේ දෙවිනුවර සිට දැතිගම දක්වා වූ ගමන් ම`ග වැණුමකි. එහි දී තිසර ගමනට සතියක් පමණ කාලය ගත වී ඇත.’’ තිසර සන්දේශයෙහි තත්කාලීන සමාජ නිරූපණය සන්දේශ කාව්‍ය රචනය කෙරෙහි කවීන් තුළ මහත් උනන්දුවක් ඇතිවීමට බලපෑ එක් ප‍්‍රධාන හේතුවක් ලෙස එතෙක් කාව්‍ය ම`ගින් සිදු කළ දඹදිව පරිසර වර්ණනා වෙනුවට මෙරට පරිසරය ගැන අත්දැකීම් විදහා දැක්වීමට අවස්ථාව සලසන සාහිත්‍යාංගයක් ලෙස සන්දේශ කාව්‍යය මතුව ඒම දැක්විය හැකි ය. දඹදිව පරිසරය වෙනුවට දේශීය පරිසරය වර්ණනා කිරීමට ත් දේශීය සමාජය විදහා දැක්වීමට ත් එම`ගින් හැකි විය. සිංහල සාහිත්‍යයෙහි වස්තු විෂය, ආකෘතිය ආදි අංශවලින් නවාගමනයක් ඇති වූයේ සන්දේශ රචනයක් සම`ගමැ යි. එම`ගින් සිංහල කවි මෙ`ගහි ඇති වූයේ නව වෙනසකි. සන්දේශ රචනය හේතුවෙන් සිංහල කවීන්ට සැලසුණු වැදගත්ම වාසිය නම් තමන්ට හුරුපුරුදු දේශීය පරිසරය ගැන අත්දැකීම් ස්වකීය කාව්‍යෝක්ති ස`දහා යොදා ගැනීමට හැකි වීමයි. පූර්වයෙහි ජාතක කථා වස්තු විෂය කොට කාව්‍ය රචනා කිරීමේදී අප කවීන්ට සිදු වූයේ සිතින් උපකල්පනය කරගත් දඹදිව පරිසරයක් ගැන වර්ණනා කිරීමට යි. එහි දී ඔවුහු සංස්කෘත කාව්‍ය ආශ‍්‍රයෙන් ම තම කාව්‍ය සංකල්පනා නිපදවීමට යත්න දැරූහ. එයින් සිදු වූයේ ගතානුගතික වූත් සමාන වූත් කවි සංකල්ප ඉදිරිපත් වීම යි. නමුත් සිංහල සන්දේශ ලියවුණේ ඒ ඒ කවීන් සමයේ පැවති වපසරිය ආශ‍්‍රිත කොට ගෙන ය. ඔවුන් වර්ණනා කළ පුද්ගලයෝ ඔවුන් හො`දින් දන්නා හ`දුනන අය වූහ. වර්ණනාවට බ`දුන් වූ නගර, ගම්බිම් ඔවුන් දැන හ`දුනාගත් නගර හා ගම්බිම් විය. රජුන්, ප‍්‍රභූන් හා නගර වර්ණනා කිරීමේ දී ගතානුගතික කාව්‍යෝක්ති බෙහෙවින් ඇසුරු කළ ද, තමන් ඇසූ දුටු තොරතුරු හැකි පමණින් ගෙනහැර පෑමට ඔවුන් සමත් වූ බව පෙනේ. මෙයින් ගම්‍ය වන්නේ සන්දේශ කවීන් සියලූ තන්හි දී ස්වකීය වූ අත්දැකීම් ම උපයුක්ත කොටගත් බවක් නොවේ. නොයෙක් තැන සකු කවීන්ගේත් පැරණි සිංහල කවීන්ගේත් කෘතිවල විවිධ කාව්‍යෝක්ති, අලංකාරවාදී වර්ණනා ක‍්‍රම අනුගමනය කොට ඇති බව සන්දේශ ආකෘතිය විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන්නකි. යථෝක්ත පරිදි දේශීය පරිසරය ගැන ස්වාධීන කවි සංකල්පනා සහිත වැණුම් අප තෝරා ගන්නේ ඒ අතරිනි. සන්දේශ කාව්‍යයකින් අපේක්ෂා කොට ඇත්තේ කිසියම් ¥තයකු ලවා ඈත පෙදෙසක වෙසෙන දෙවියකු, රජකු, යතිවරයකු වැනි ශ්‍රේෂ්ඨයකුට අස්නක් හෙවත් පණිවුඩයක් යැවීම ය. එහිදී කවියා තමා වෙසෙන තැන සිට අස්න ලබන්නා වෙසෙන තැන තෙක් ම`ග තොරතුරු ¥තයාට පැවසිය යුතු වෙයි. ඒ ස`දහා කවියා ඒ ගමන් මෙ`ගහි යෑමෙන් ඊමෙන් හා ම`ග දෙපස නැරඹීමෙන් ලද අත්දැකීම් උපයෝගී කර ගනී. සන්දේශ කාව්‍ය රචනා කොට ඇත්තේ ඒ ඒ කවීන් ජීවත් වූ සමාජ වපසරිය පසුබිම් කොටගෙන ය. ¥තයා ගමන් කරන මාර්ගය පිළිබ`ද වැණුම් නිසා භූගෝලීය පරිසරය ද නිතැනින්ම ඒ හා බැදුණි. මේ නිසා ඒ ඒ සන්දේශ ලියවුණ අවධියෙහි පැවතියා වූ සැබෑ සමාජ තතු මෙන් ම භූගෝලීය වශයෙන් තොරතුරු රැුසක් ද අනාවරණය වෙයි. මෙහි දී තිසර සන්දේ්ශය තුුළින් ද එවන් වැදගත් තොරතුරු රැුසක් ම අපට මතු කර ගත හැකි ය. මෙහි ලා අපගේ ප‍්‍රයත්නය තිසර සන්දේශය ඔස්සේ තත්කාලීන ජන සමාජය පිළිබ`ද කෙබදු ආකාරයේ පුවත් සොයාගත හැකිදැයි විමසීම ස`දහා පාඨකයන්ට ඉංගිතයන් සැපයීම පමණකැයි කිව යුතු ය. ප‍්‍රධාන වශයෙන් ම දේශපාලන ප‍්‍රචාරක මාධ්‍යක් වශයෙන් සන්දේශ ලියැවී ආ බව සිංහල සන්දේශාවලියෙන් පෙනේ. තමන් කතා නායකයා වශයෙන් තෝරා ගන්නා පුද්ගලයා සියලූ ගුණදම්වලින් හෙබි පුද්ගලයකු බව ජනයාගේ සිත්වලට කාවද්දා ඔහු අනාගතයෙහි රාජ්‍ය පාලනයට සුදුසු තැනැත්තා ලෙස තහවුරු කිරීම ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වූවාට සැක නැත. තිසර සන්දේශය ද එම`ග ගත්තකි. වුත්තමාලා සතකයෙහි හැරුණුු විට සුමිත‍්‍රා නම් බිසවකගේ පුතකු වූ, දැතිගම්පුරය රාජධානිය කරගත් පැරකුම්බා නම් රජකු ගැන එන්නේ තිසර සෙ`දස තුළ පමණි. කවියාගේ ප‍්‍රධාන අරමුණ උපුල්වන් දෙවිදුගේ ආශිර්වාදය මේ රජුට ලබා දීම ය. තිසර සන්දේශය රචනා කරන අවධිය වන විට මෙරට තුළ පැවති දේශපාලන පරිසරය වියවුල් සහගත විය. දැතිගම්පුර පැරකුම්බා පවා ප‍්‍රදේශාධිපතියකු හා සදෘශ විය. එනිසා ඔහු මුළු රටෙහිම රජු ලෙසි පත්කර ගැනීමේ අවශ්‍යතාව කවියා තුළ තදින් බලපවත්වන්නට ඇත. එනිසාවෙන් විය හැකි යි, කවියා අස්නෙහි ලා මෙසේ පවසනුයේ. ‘‘සුරි`දුන් අතිනෙ‘වර වර ලදුවත් සුදුසු නිරි`දුන් ඇතෝතිනි ලක රැුකුමට පහසු එබැවින් දැන් වැජඹි - පැරකුම්බා නිරි`දු ස`දු සත රැුක ලක එක්සත් කරනුව වෙසෙස වෙත යොමු කර නිති වන තම කුලූණු ඇස’’ ‘‘ලක එක්සත් කරනු ව වෙසෙස, වෙත යොමු කර කුළුණු ඇස’’ යනුවෙන් මෙහි පවසා තිබීමෙන් ඒ වන විට රට අධිපතීන් කිහිප දෙනෙකුන් අතර බෙදී තිබුණු බව පෙනේ. දෙවියන් ලවා රජුගේ විරුදු සෙන් මැඩ පැවැත්වීමට බලය ඉල්ලා සිටින්නේ ද එවැනි අධිපතීන් පැරකුම්බාට එරෙහිව කටයුතු කළ හෙයින් විය හැකි යි. ‘‘ලස නොව විරිදු සෙන් මන් බි`දිමින් නැවත යස තෙද දිගා රූ සිරි දෙවමින් සතත’’ රජුගේ මෑණියන් වූ සුමිතුරු බිසොව රැුක දෙන සේ කවියා උපුල්වන් දෙවි`දුගෙන් අයැද සිටියේ ඇය ද එදා දේශපාලන භූමියේ සක‍්‍රීයව සිටි ප‍්‍රකට තැනැත්තියක නිසා බව නොඅනුමාන ය. ඇය තම පුත‍්‍රයාට රටේ සම්පූර්ණ බලය ලබාදීමට කටයුතු කරමින් සිටින්නට ඇත. ‘‘සුමිතුරු බිසෝ ස`ද දැක කුළුණැ‘සින් උදු වෙමිනොද නිතර සැරදෙන ලෙස ලක පසි`දු’’ රාජ්‍ය බලය සම්පූර්ණ වශයෙන් ස්වකීය හස්තයට ගැනීමට සටන් වදින රජකුට ප‍්‍රබල මැති ඇමතිවරුන්ගේ ද නොම`ද සහය අවැසි වෙයි. ඔවුන් ද සේනාව සම`ග ම රක්ෂා දෙන මෙන් ඉල්ලා සිටීමෙන් ගම්‍යමාන වන්නේ එදා දේශපාලන භූමියේ පැවති තර`ගකාරී ස්වරූපය යි. ‘‘සියසෙන් සම`ග රකිනුය මෙරජ මැති ගණ’’ එසමය වන විට මෙරජුගේ අග‍්‍රාමාත්‍ය ව සිටියේ සේනාලංකාධිකාර මැති බව තිසරයේ එන අක්බෝ වෙහෙර වැනුමෙන් පෙනේ. එහි ස`දහන් වන ලෙසට ඒ අගමැති ‘‘සිරිලක රැුකුම් නිසා සිවු උපා පානා’’ පුද්ගලයකු බව පැහැදිලි වේ. මේ හැර දේශපාලනය සම්බන්ධයෙන් තිසරයෙන් ලැබෙන තතු අනුව කොළඹට නුදුරු අලූත්පටන ආරක්ෂක භට පිරිස් ර`දවා සිටි බව පෙනේ. ‘‘සමත් සටන බළ මුළු රැු`දි පෙර පටන අලූත් පටන දැක යා සිරි සුපිහිටන ’’ සන්දේශ රචනා කිරීම ම`ගින් බුදුසසුන රැුක ගැනීමේ පරමාර්ථය ද නොයෙක් විට මතුකොට ඇත. තිසර සන්දේශයෙහි එය ඍජුවම ස`දහන් නොවුණ ද සසුන් රකින දෙවියා වූ උපුල්වන් දෙවිදුන්ට කරන අයැදීම ම`ගින් එය ද වක‍්‍ර ව හැ`ගවෙයි. කෙසේ වුවත් පැරකුම්බා රජු ‘‘බැති සිත නුමුත තෙරුවන වෙත ගුණ පුරුදු’’ යනුවෙන් වැනුමට බ`දුන් වන නිසා ඔහුගෙන් සසුන රැුකෙන බවට කවියා කෙරෙහි විශ්වාසයක් පැවති බවට සැක නැත. රජුගේ අගමැති වූ සේනාධිලංකාධිකාර මැති`දු ‘‘පසි`දු බුදුසිරි පතමින් දස පැරුම් පුරමින් මනහර අක්බෝ වෙහෙර සුසැදි’’ යනුවෙන් ස`දහන් ව තිබීමත් අස්නෙහි දී ‘‘මැති උතුමන් තෙරුවන් රුවන් වැළ සිය මුදුන සලසා’’ ගත්තවුන් ලෙස ස`දහන් ව තිබීමත් නිසා කවියා තුළ වූ සසුන රැුක ගැනීම පිළිබ`ද අපේක්ෂාව ධ්වනිත වේ. වෙසෙසින් තිසර සන්දේශ කතුවරයා දෙවිිනුවර විසූ යතිතුමකු බව පෙනී යාමෙන්, යතිනායකයකු පැරකුම් රජුට හිත පක්ෂපාතී වූයේ එරජුගෙන් ශාසනයේ චිරස්ථිතිය සිදුවන බවට වූූ දෘඪ විශ්වාසය නිසා වන්නට ඇත. සන්දේශ හාරකයන් බෙහෙවින් තම ගමනෙහි යෙදී ඇත්තේ වන්දනා ගමන් යන සැ`දැහැවතුන් මෙනි. ඔවුන් රාතී‍්‍ර වූ විට වැඩිමනක් නතර වූයේ විහාරයක ය. එය එකල දුර බැහැර වන්දනා ගමනෙහි නියුක්ත වූ සැ`දැහැවතුන් අනුව යෑමක් විය යුතු ය. හුදෙක් ලැගුම් ගැනීම පමණක් නොව වන්දනමාන කටයුතුවලට ද ඔවුන්ට එහි දී ඉඩ සැලසෙයි. මේ අයුරින් ¥තයන් ලැගුම් ගන්නා හෝ යන ගමනේ වැ`ද පුදාගන්නා හෝ වෙහෙර විහාර ඒ ඒ සන්දේශ රචිත කාලයන්හි ප‍්‍රකට විහාරාරාම ලෙස පවතින්නට ඇත. ඕනෑම අයකුට නිර්භයව ඇතුළු ව කල්ගෙවිය හැකි ස්ථානයක් ලෙස අද මෙන් එකල ද විහාරාරාම පවතින්නට ඇති බව අපට ප‍්‍රත්‍යක්ෂ වන්නකි. තිසරා ස්වකීය ගමන ආරම්භ කරනුයේ දෙවිනුවර උපුල්වන් දෙවොල පිහිටි විහාරයේ සිට ය. දෙව්නුවර විහාරයෙන් පිටවන තිසරා අනතුරුව ප‍්‍රවිෂ්ට වන විහාරස්ථානය වන්නේ වැලිගම්පටුනෙහි පිහිටි අක්බෝ වෙහෙරයි. එය එකල ප‍්‍රකට විහාරයක් ව පවතින්නට ඇතැයි අනුමාන කළ හැක්කේ තිසර කතුවරයා එම විහාරය දසපද සැහැල්ලකින් වර්ණනා කිරීමට යාමෙනි. එම විහාරයෙහි ප‍්‍රතිමා ගෘහය සේනාලකදියර අගමැති විසින් ‘‘පෙර වූ අයම් විතරින් ම`දකුත් නොහැර කර වූ’’ බව වෙසෙසින් ස`දහන් වේ. එය වූ කලී එකල රජයේ නිලධාරියකු විසින් කරන ලද සුවිශේෂ කාර්යයක් විය හැක. තිසරා මින් පසුව පැමිණෙන විහාරය රත්ගම් ගණය යි. ‘ගණය’යනු එදා භික්ෂූන් විසූ පන්සල් හැ`දින්වීමට යෙදුණු පදයකි. එහි භික්ෂූන් දෙසන බණ අසන්නට තිසරාට නියම කෙරෙන්නේ එහි භික්ෂූන් දහම් දෙසීම පිළිබ`ද ව ප‍්‍රසිද්ධියක් ලබා සිිටි නිසා විය යුතු යි. අනතුරුව තිසරා ලැගුම් ගන්නේ තොටගමු විහාරයේ ය. එය පිහිටියේ වැලිතලාවෙහි ය. එහි හැසිරෙන සංඝයා මනෝඥ දර්ශනයක් විය. තොටගමු වෙහෙර එකල වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව පැවතුණේ එහි වූ නාථ දේවාලය නිසා බව පෙනේ. එදින රාති‍්‍රයෙහි තිසරාට ලැගුම් වූයේ බෙන්තොට වනවාසයේ ය. ඒ වනාහි ආරණ්‍යක භික්ෂූන් නිසා කීර්තිමත් ව පැවති ස්ථානයකි. නමුත් තිසර කවියා එහි විශේෂ ස්ථානය ලෙසින් දකින්නේ මුනිනිවාසය පමණි. ‘‘වාසය කරග මිතුරෙහි මුනි නිවාසය’’ තිසරා පස්වන දිනයෙහි ද ලැගුම් ගන්නේ ද විහාරයක ය. එය නම් කළුතොට ගංගාතිලක විහාරය යි. කළු ග`ග ඉවුර සමීපයෙහි පිහිටි නිසා එනම් විය. එහි වූ පිළිම ගෙය තිසරාගේ වාසයට ද උචිත වෙයි. එහි මහා සංඝයා කවියාගේ විශේෂ වැනුමට බ`දුන් වන්නේ ඔවුන් ලබා තිබූ ප‍්‍රසිද්ධිය නිසා වන්නට ඇත. තිසරා කැලණියට ගමන් කළ ද එහි විහාරයට ප‍්‍රවිෂ්ට නොවීම විස්මයජනක ය. කවියාගේ වෙසෙස් අවධානයට ලක්වන්නේ එහි පිහිටි විභීෂණ දේවාලය පමණි. එහි රාත‍්‍රියෙහි නිවසන තිසරා පසු දින ලැගුම් ගන්නේ හිස්පත්ඇල්ලේ විහාරයේ ය. එහි විශේෂය නම් වටදාගෙයක් හා අටකොන් පිළිම ගෙයක් දක්නට ලැබීමයි. තිසර කවියාගේ විශේෂ වර්ණනාවකට ලක් වූ සිද්ධස්ථානයක් ලෙස දොරවක වෙහෙර නම් කළ හැක. මෙහි පිළිම ගෙයි වූ විශේෂත්වය නම් නාථ දෙවි`දුගේ හා එම දෙවි`දුගේ බිරිය වූ තාරා බිසවගේ ද පිළිම ඉ`දිකර තිබීමයි. ලක්දිව නාථ දෙවි`දු නමින් හ`දුන්වන ලද්දේ අවලෝකිතේශ්වර නමින් ප‍්‍රකට මහායාන බෝධිසත්ත්වවරයා යි. ඔහුගේ බිරිය වූ තාරා බිසව ද මහායානිිකයන්ගේ විශේෂ භක්ත්‍යාදරයට පත් විය. ‘ස‍්‍රග්ධරා ස්තෝත‍්‍ර’ නම් භක්තිකාව්‍යය ලියැවී ඇත්තේ ඇයට ස්තෝත‍්‍ර පැවැත්වීමේ පරමාර්ථයෙනි. කරුණු එසේ වී නම් නාථ දේවයාත් තාරා බිසවත් මෙරට බෞද්ධයන්ගේ භක්ත්‍යාදරයට ලක්ව ඇත්තේ මහායාන බෞද්ධාගමේ බලපෑම නිසා බවට අනුමානයක් නැත. තොටගමු විහාරයෙහි ද නාථ දේව පිළිිමයක් වූ බව පෙර ස`දහන් විය. තුනුරුවන කෙරෙහි බැතිපෙම් සහිත ජනතාවක් වෙසෙන දැතිගම්පුරයෙහි ද ප‍්‍රකට විහාරස්ථානයක් විය. එහි විසූ ස`ග ගණ ශීලයෙන් හා භාවනාවෙන් අකම්පිත සිත් ඇත්තෝ වූහ. උක්ත කරුණු ම`ගින් එකල පැවති විහාරාරාම පිළිබ`දවත් භික්ෂූන් පිළිබ`දවත් සැදැහැති ජනයා පිළිබ`දවත් තතු දත හැකිය. මධ්‍යතන යුගයෙහි දී දෙවියන් ඇදහීම ද ජනතාව අතර ප‍්‍රචලිතව තිබිණි. දකුණු ඉන්දියානු සංස්කෘතියෙහි බලපෑමත් විය හැකි ය. නමුත් බෞද්ධ දෙවියන් ඇදහීමේ සිරිත පූර්වයෙහි පටන් ම මෙහි විය. බෞද්ධ දෙවියන් අතර උපුල්වන්ට ලැබුණේ සුවිශේෂී තැනකි. ‘උප්පලවණ්ණා’ යනුවෙන් පාලි භාෂාවෙනුත් ‘උත්පලවර්ණ’ යනුවෙන් සංස්කෘත භාෂාවෙනුත් හැ`දින්වෙන මොහු පිළිබ`ද පුවතක් මහාවංශයෙහි ද එයි. ‘‘......ශක‍්‍රයා තථාගතයන් වහන්සේගේ ඒ වචනය සාදරයෙන් අසා උප්පලවණ්ණ දේවයාට ලංකාව ආරක්ෂා කිරීම පැවරී ය. ශක‍්‍රයා විසින් කී පමණින් ඔහු මහා පරිව‍්‍රාජක වේශයෙන් ලංකාවට පැමිණ ගසක් මුල විසී ය. විජය ප‍්‍රමුඛ ඒ සියල්ලෝ ඔහු වෙත පැමිණ......’’ උපුල්වන් දෙවි`දු ගැන ක‍්‍රි.ව. 4,5 පමණ විට ජනයා අතර පැවති ප‍්‍රවාදයක් එයින් ගම්‍ය වෙතැයි සිතිය හැකි ය. ගම්පොළ යුගයෙහි ද තිසර සෙ`දස ම`ගින් එහි සම්භාවනාවට පාත‍්‍ර වූ රජුට උපුල්වන් දෙවියන්ගේ රක්ෂාවරණය ලබාදෙන්නට ප‍්‍රයත්න දරා ඇත්තේ ද ඒ දෙවි`දු ගැන වූ විශ්වාසය නිසා බව ප‍්‍රත්‍යක්ෂ වේ. විභීෂණ ද උපුල්වන් මෙන් ම ලාංකික දෙවියෙකි. රාවණගේ සොහොයුරෙකු ලෙස සැලකෙන ඔහු රාම-රාවණ යුද්ධයෙහි දී තම සොහොයුරාට විරුද්ධව රාමගේ පක්ෂය ගති. රාම ජයග‍්‍රහණය ලැබූ අතර ඔහු ලංකා රාජ්‍යය විභීෂණට පවරා භාරතයට ගියේ ය. රාක්ෂයකු වූ විභීෂණ එයින් පසු දෙවියකු ලෙස සැලකිණි. ඔහු පිණිස ඉදි කළ දෙවොල කැලණියෙහි විය. ‘‘යසේ වැජඹි විබිසණ නම් සුරි`දු ස`දු වෙසේ එපුර සුරි`දු තුමෙක් ලක පසි`දු’’ තිසර සෙ`දස රචිත කාල වකවානුවෙහි ලක්දිව ජනතාවගේ භක්ත්‍යාදරයට පත් වූ දෙවිවරුන් අතර ගණදෙවි ද විය. ඥානයට අධිපති දෙවියකු ලෙස සැලකෙන මොහු පිදීම දකුණු ඉන්දීය දේවවාදය මෙරට පැතිර යාමේ ප‍්‍රතිඵලයක් ලෙස ආරම්භ වූවා විය හැක. ම`ගුල්වැල්ල පසු කළ තැන හමු වූ වැල්ලේමඩමෙහි ගණදෙවි රුවක් විය. තිසරාට කවියාගෙන් අණ ලැබෙන්නේ ඔහු දකින්නට මිස ව`දින්නට නොවේ. නමුත් තොටගමු වෙහෙරෙහි දී තිසරාට නති`දු (නාථදෙවි* ව`දින්නට සිදු වේ. මහායාන බෝධිසත්ත්වයකු ලෙස සැලකෙන නාථේන්ද්‍ර අනුරපුර යුගයේ සිට ම මෙරට ජනයාගේ පූජ්‍යත්වයට ලක් වූ බව සිතිය හැකි ය. ඒ මහායානය මෙරට පැතිර යාමේ ප‍්‍රතිඵලයකි. දඹදෙණි යුගයේ දී නාථ මෙත්තෙය්‍ය දේවාදීන් පි¥ බව මහාවංශය දක්වයි. තොටගමු වෙහෙරෙහි පමණක් නොව දොරවක විහාරයෙහි ද නාථදේවයාගේ සේම ඔහුගේ බිරියගේ ද (තාරා බිසව* ප‍්‍රතිමා රූප විය. මේ හැර තිසර සන්දේශයෙහි සුදස්සන නම් දෙවියකු ස`දහා ඉදිකළ දෙවොලක් ගැන ද එයි. එය පොතුපිටිය හා පාණදුරේ අතර පිහිටියේ ය. සුදර්ශන යනු ඊශ්වර ස`දහා ද යෙදී ඇති බැවින් එය ඊශ්වර දේවාලයක් විය හැකි ය. නැතිනම් දේශීය දෙවියකු උදෙසා කරන ලද්දක් විය හැකි ය. මේ අයුරින් මෙකල දෙවියන් ඇදහීම ජනතාව අතර ප‍්‍රචලිතව තිබූ අන්දම පැහැදිලිි කර ගත හැකි ය. තත්කාලීන භූගෝලීය හා සමාජීය පරිසරය විමසන විට තිසරා ගමන් කළ මාර්ගය හා සම්බන්ධ වන නගර හා ගම්බිම් ගැන ප‍්‍රවෘත්ති ඉවතලිය නොහැක. සන්දේශයේ ආරම්භයේ එන දෙවිනුවර පිළිබ`ද වැනුම නම් අලංකාරවාදය අනුව ගිය පුර වැනුමක් බව පෙනේ. වැලිගම්පටුන් වැනුම ද එම`ග ගොස් ඇතත්, මහාවීථියෙහි සල්පිල්, රියවිමන් ගැන දැක්වෙන ප‍්‍රකාශ සත්‍ය විය හැකි බව පෙනේ. එහි කිවිවරුන් වාසය කළ බව ස`දහන්ව තිබීම විශේෂයකි. කැලණි පුරය ද කවියාගේ විශේෂ වැනුමට ලක් වෙයි. අලංකාර වර්ණනා ඉවත ලූ විට එහි තථ්‍ය තොරතුරු ලෙස ගත හැක්කේ විභීෂණ දේවාලය පිහිටා තිබීමත් නැණවතුන් සිටීමත් පමණකැ යි සිතේ. කැලණි වෙහෙර ගැන වදනකුදු එහි නො එයි. දැතිගම්පුර පිළිබ`ද වර්ණනාව ද දෙවිනුවර වැනුම මෙන් අලංකාරවාදයට ගැති ය. පැරකුම්බාවන්ගේ රජදහන වූ හෙයින් කවියා එය සිවුර`ග සෙන් සහිත හැම සිරිසරින් ම පරිපූර්ණ පුරයක් ලෙස හැ`දින්වීමට යොමු වූවා සේ ය. කුඩා නගර යැයි කිව හැකි වෙළෙ`දපොළවල් සහිත තැන් කීපයක් ද තිසරා ගිය ගමන් මෙ`ගහි හමුවෙයි. සුංගම එයින් එකකි. ජනාකීර්ණ වූ එහි මුදල් අපේක්ෂාවෙන් අංගම්පොර පැවැත්වූ බව ස`දහන් වෙයි. ‘‘පුරන ලෙසේ නොමහැර කරන අංගම බලන පිණිස නොම සිට එතෙර සුංගම’’ උඩුතෙල වෙළ`දහල්වල සිටි අය භාණ්ඩවල මිල ගණන් කියමින් මහත් ඝෝෂා කළහ. බේරුවල සිටි වෙළෙන්දන් සුර`ගනන් වන් කතුන් හමුවේ නොසැලී සිටින්නට සමත් වූ බව පෙනේ. පාණදුර නගරය වෙළ`දසැල්වලින් ගැවසීගත් බව ද පෙනී යයි. ග‍්‍රාමීය ප‍්‍රදේශවල ඉතා සුන්දර කාන්තාවන් වාසය කළ බවට තිසර සන්දේශය සාධක සපයයි. පෝකරපිටියේ කාන්තාවෝ කරමුල් පැපෑ ලියගී කියති. ‘‘දුටු දුටු දනා වන ලෙස පාසේ අටිය කර මුල් පැපෑ පිිරි මදිමින් කෙස් වැටිය ලියගී කියා යන ගැමි ලියනගෙ සැටිය බලමින් වඩන ගෙවමින් පෝකරපිටිය’’ උඩුගල්පිටියෙහි කාන්තාවෝ කුසුම් දවටා කෙස්වැටිය බැ`දගෙන සිටිති. ‘‘වැටිය සුනිල් කෙස් බැ`ද කුසුම දැවටිය’’ මොරටුව එළියෙහි ගොපලූ කාන්තාවෝ සිටිති. ඔවුහු දණම`ඩලින් ඉහළට පමණ දුහුල් රෙදිකඩ හැ`ද සිටිති. උඩුකය නොවසන ලදහ. ගෙරි නවතමින් යති එති. හිස්පත්ඇල්ල පසුකොට ගියවිට හමුවන වනපෙත අසල හැසිරෙන ඇල්ගෙවිලියන් වරලසෙහි මල්කැනැති ඔබා විළිදු තබා ඔවුනොවුන් අඹා දිව යති. ගොපලූ ලියන් හා ඇල්ගෙවිලියන් ගැන ස`දහන්ව තිබීමෙන් එකල පැවති ජීවන වෘත්තීන් මෙන් ම කෘෂිකර්මාන්තය පිළිබ`ද තොරතුරු ද දත හැක. ඌරුවල ඒයෙන් යන රුසිරු අ`ගනෝ දුහුල්පටින් පියවුරු වසාගෙන සිටිති. ‘‘ලඹා දුහුල් පට වසමින් තන උදුළ තබා පියෙන් පිය පියන’ත් ගෙන සළෙල’’ අල්ගම නැමති ග‍්‍රාමයෙහි වාසය කරන අංගනාවෝ කෙතරම් පුළුල් දුහුල් රෙදි වුවත් දණහිසෙන් උඩටම අ`දිමින් සිසාරමින් ඇද ඇද නරුපට තනති. එකල විසූ ස්ත‍්‍රියත් ඇය හැ`ද පැළ`ද සිටි අන්දමත් ගැන යම් තොරතුරක් මේ නයින් දත හැකිය. ¥තයා ගමන් කළ ම`ග දෙපස පරිසරය ගැන විමසීමෙන් එකල පරිසරය ගැන තතු නිශ්චය කළ හැක. දෙවිනුවර සිට දැතිගම්පුරය වෙත යන තිසරාට වන පෙත් කීපයක් ම පසු කිරීමට සිදු වේ. කොහොම්ගස පොකුණ පසු කිරීමට තිසරා යන මාර්ගය ගසින් සෙවණ වී ඇත්තේ ඒ මාර්ගය වනපෙත මැදින් වැටී තිබූ නිසාවෙනි. ‘‘කොහොම්ගස පොකුණේ සැනහෙම්නි ම`ද පමණේ යාගන්න මග දකුණේ විසිතුරු රුකන් සෙවණේ’’ තිසර කවියා ප‍්‍රථමයෙන් ම හ`දුන්වා දෙන්නේ කඹුරුගමුව පසුකළ විට හමුවන වනය යි. එහි වූ ගස් නමින් ම ස`දහන් කරයි. අනතුුරුව කවියා කළුග`ගින් එතෙර වූ වනයත්, පිටුඋල්ගමුව හා කොළඹ අතර වූ වනපෙතත් හ`දුන්වා දෙයි. කැලණිය අසල මස්කෙළිය පසුකළ විට හමුවන මාදළුමූකලාන ද විශාල වනපෙතකි. ‘‘පිපි සල් තුරු ගැවසි දිසි කර වළාන දකිමින් ලකුළු මාදළු මූකළාන කොක වැළ සුර‘වි දුළ මා මේකුළාන යන ස`දිනෙ‘ස`ද යව මග නොව මුළාන’’ මීළ`ගට තිසරාට හමුවන කෙහෙල්වේරුගල ද වනපෙතකි. හිස්පත්ඇල්ලේ අටස් ප‍්‍රතිමා ගෘහයෙහි රැුය පහන් කළ තිසරාට පසුදා නික්ම යත්ම හමුවන වන පෙත ගැන කීමට කවියා පද්‍ය කිහිපයක් භාවිත කරයි. තිසරාට ඒ වනයේ දී වැදි කතුන් (මලදු කතුන්* සැරිසරනු පෙනේ. තිසරාට දොරවක විහාරයෙන් නිකුත් වූ පසු හමුවන මහවනය කවියා විචිත‍්‍ර අන්දමින් වර්ණනා කරයි. වත්තල දක්වා තිසරා ගමන් කරනුයේ මුහුදුබඩ මාර්ගයේ ය. එනිසා එහි හමුවන වැලිතලා ගැන කීමට කවියා අමතක නොකළ බව පෙනේ. තිසරා ගමන් කළ මාර්ගයෙහි වූ ගංහෝ, පොකුණු විල් ආදිය ගැන තොරතුරු ද අපට ලබාගත හැකි ය. දෙවිනුවරින් ගමන අරඹන තිසරාට කවියා ප‍්‍රථමයෙන් හ`දුන්වා දෙන්නේ නිල්වලාග`ග යි. අනතුරුව පොල්වතු හොය, ගිං ග`ග, මොලපු ඔය, මාදම්පා හොය (මෝදර* , වැලිතොට හොය, බෙන්තොට නදිය, කළු ග`ග, කැලණි ග`ග හ`දුන්වාදෙන බව දක්නට ලැබේ. තිසරාට පළමුව හමුවන පොකුණ කොහොන්ගස පොකුණ යි. කොසොඹ හෝ කෝන්ගසක් අසල වූ නිසා එය ඒ නමින් හ`දුන්වන්නට ඇති බව පෙනේ. අනතුරුව කඹුරුගමුවෙහි කතුන් දිය කෙළින ගෙදිගුවිල් හමුවෙයි. මහනැවියා පොකුණ මේ මාර්ගයෙහි ගමන් කළ සන්දේශ හාරකයන්ට නොදැක යාමට නොහැකි විය. මයුර කවියාත්, තිසර කවියාත් මේ පොකුණෙහි දී විචිත‍්‍ර ජල කී‍්‍රඩා දකිති. තිසරා එහි දිය නෑමෙන් සංතෘප්ත වෙයි. තොටගමුවෙහි දී විලෙහි පිපුණු නෙළුමෙහි හිරවුණු බි`ගුන් පිළිබ`ද දක්වා ඇත්තේ එහි ද විලක් තිබූ හෙයින් විය හැකි ය. වනවාසයෙහි මුනි මැදුරෙහි ලගින්නට පෙර විලඹුවගේ පහස වි`දින්නට තිසරාට දන්වන්නේ ඒ සමීපයෙහි ද විලක් වූ හෙයිනැයි සිතිය හැකිය. පිටුඋල්ගමුවෙහි දී ගෙසරස් විලක ලැගුම් ගන්නට සිදු වෙයි. දොරවක පසු කළ විට හමුවන වනයෙහි දී විශාල විල් දකින්නට හැකියාව ලැබෙයි. තිසරාට මාර්ගය අවට වූ පොල්වතු ද බලන්නට කීමට කවියා අමතක නො කරයි. වැල්ලේමඩම අවට පොල්ගසින් සෙවණ විය. නිල්වලා ග`ග දෙපස නිල්වලා රැුදුණු අයුරිනි, පොල්ගස් (මාරුකු* පිහිටියේ. වැලිතොට පසු කරත් ම පොල්ගසින් ම`ග බැබළෙයි. පයියාගල පොල්ගසින් විචිත‍්‍ර විය. තත්කාලීන සමාජයෙහි පැවති කෘෂිකර්මාන්තයට දෙස් දෙන ම`ග දෙපස වූ වෙල් හා ඇල්කෙත් තිසරාට කවියා හ`දුන්වා දෙයි. තිසරාට දක්වන පළමු වෙල්යාය ප`ගුරන්වෙල් එළිය යි. එය වනපෙතක් අසල විය. ‘‘ගෙවමින් යතුරු කර ප`ගුරන්වෙල් එළිය’’ එකල පැවති ඇල්කෙත් පිළිබ`ද තතු ද තිසර සන්දේශය තුළින් දක්නට ලැබේ. එම`ගින් තත්කාලීන සමාජයෙහි පැවති කෘෂිකාර්මික ජීවන පිළිවෙත පිළිබ`ද චිත‍්‍රයක් අප සිතේ මැවී යයි. ‘‘ගිරවුන් තුඩින් මතුවන වෙහෙස සිතමිනේ පි`ගුවන් කරල් තුඩු නැමි ඇල්කෙතුදු පෙනේ’’ පැරණි සමාජයෙහි වූ අම්බලම් ගැන තොරතුරු ද අපට තිසරයෙන් දත හැක. පැරණි සමාජයෙහි අම්බලම සුවිශේෂී තැනක් ගත් බව පෙනේ. ම`ග යන්නවුන්ට විඩා නිවා සැනහීමටත්, රාත‍්‍රියෙහි නවාතැන් ගැනීමටත් අම්බලම අතිශය ප‍්‍රයෝජනවත් විය. එනිසාවෙන් ම ම`ග සලකුණු හෙළි කිරීමෙහි දී සන්දේශ කවීන් ම`ග හමුවන අම්බලම් ගැන ස`දහන් කළ බැව් පෙනේ. තිසර කවියා අම්බලම් දෙකක් තම ¥තයාට හ`දුන්වා දෙයි. ‘‘අවට සැදි රුප්පා අම්බලම කසරුප්පා දැක තනෙතු සිතු සිප්පා යා ගන් පා සතප්පා’’ තිසරාගේ මාර්ගයෙහි හමුවන පළමු අම්බලම පූර්වෝක්ත කසරුප්පා අම්බලම යි. එය අවට රුප්පා ද වූ බව එයි. දෙවැනි අම්බලම මහදම්පා මෝදර විය. එහි මනහර කුළුණු පන්ති විය. ¥තයාට ම`ගදී හමුවන පාලම් ඒද`ඩු හ`දුන්වා දීම ද සන්දේශ කවීන්ගේ සිරිතකි. ඒ අනුව තිසර කවියා ද පාලම් හා ඒ ද`ඩු කිහිපයක් තිසරාට හ`දුන්වා දෙයි. එයින් පළමුවෙන් ම ස`දහන් කරන්නේ පොල්වතුඒය යි. එය පාෂාණමය කැටයම් යුතු පාලමක් බව පෙනේ. වැලිතොට ඒය අනතුරුව හ`දුන්වා දෙයි. මේ දක්වා විමර්ශනයට ලක්කරනු ලැබුවේ තිසර සන්දේශයෙන් හෙළිවන තත්කාලීන සමාජ තතු පිළිබ`දව යි. එය පූර්ණ විමර්ශනයකැ යි කිව නොහේ. එවැන්නකට මාර්ගය සකසනු පිණිස අප දැරූ ප‍්‍රයත්නයක් බව මෙහිදී අවසාන වශයෙන් කිවමනා ය.