Wednesday, December 11, 2013
මනෝවිද්‍යාත්මක නවකතාව.
01 මනෝවිද්‍යාත්මක නවකතාව.
කෙටිකතාවට වඩා දිගින්වැඩි නිසා නවකතාව ලෙසින් හඳුන්වයි. එකී නවකතාව වත්මන වන විට අතිශය පුළුල් පරාසයක් තුළ ලියැවී ඇත. මේ පිළිබඳව විවිධ උගතුන් අදහස් දක්වා ඇත. ඊ.ඇම් පෝස්ටර් නම් විද්වතා දක්වනුයේ නවකතාව වන්නේ වචනවල ප‍්‍රමාණයේ වැඩිභාවයෙන් යුක්ත නිසා නවකතාව ලෙසින් ගතහැකි බවය. තවත් අයුරකින් එහි කිසියම් කතාවක් අන්තර්ගත වන නිසාවෙන් නවකතාව ලෙසින්ද හැඳින්විය හැකියැයි ඔහු දක්වයි. නවකතාව (බදඩැක*යන ඉංග‍්‍රීසි වචනයයි එය ”නොවෙලා” යන වචනය ඉතාලි භාෂාවෙන් බිඳී ආවකි. එය ලතින් භාෂාවෙන් බිඳී ආ බවද මතයකි. ඒ අනුව ලතින් බසින් ” බදඩැකි” යනුවෙන් නොවෙනස් යන අදහසක් අර්ථ ගැන්වෙයි. ‘‘නෝවස්’’ යන්න පසුකාලීනව (නොවලස්* යන ලෙසින් සැකසී ආබව මතයකි. ඒ ආකාරයෙන් නොවෙලා යන වචනය නිර්මාණය විය. කෙසේ හෝ නවකතා බිහිවීමටත් පෙර කතතාකලාව මානව සමාජයේ ඉතා දිගු ඉතිහාසයකට විහිදී යයි. ඒ කතා ඇසීමේ හා ලිවීමේ රුචිය මානවයා අතර සහජයෙන්ම පැවති නිසාය. නවකතාව පිළිබඳව අදහසක් ගෙනඑන කේ.ජයතිලක සූරීහු එය මෙසේ විග‍්‍රහ කරයි.
”සැබෑ ලෝකය ආශ‍්‍රයෙන් කිසියම් සමාජ අර්ථයක් ඉස්මතුවන පරිදී ඉදිරිපත් කරණ එක්තරා දිගකින් යුත් අපූර්ව ගද්‍ය ප‍්‍රබන්ධය නවකතාවකි”.
කෙසේ හෝ ලාංකීය නවකතාව වර්තමානය දක්වා ව්‍යාප්ත වූයේ කෙසේද යන්න මෙහිදී විමසමු. බෞද්ධ සාහිත්‍යයේ ජාතක කතාවන් මෙරට සමාජයේ මුල්කාලීනව ජනයා ඇසූ කතාවන්ය. එහිදී පන්සියපනස් ජාතකපොත, උම්මග්ග ජාතකය වැනි කෘතීන්හි ඇත්තේ කතා ලක්ෂණය. වෙනසකට ඇත්තේ ඒවා ආගමික පරමාර්ථයෙන් ලියන අතර නවකතාව නම් වූ ශිල්පීය ක‍්‍රමයට අයත් නොවීමය. කෙසේ හෝ දේශීය කතා කලාවේ විකාශනය හා සම්බන්ධව අපට මෙකී බෞද්ධ ජාතක කතාවන් අතිශයින් වැදගත්වේ. ලොව නවකතා කලාව ඉතා ඉක්මනින් ව්‍යාප්ත වූයේ මෙරට නොව යුරෝපය පදනම් කොටගෙනය. එහිදී බටහිර නවකතාව ආර්ථික, දේශපාලනික, සාමාජික යන කාරණා පදනම් කොටගෙන සීඝ‍්‍ර විකාශනයක් වෙත ප‍්‍රවේශවිය. ඒ නිසාවෙන් සංකීර්ණ තේමා හා සාහිත්‍යය විධීන් ඔස්සේ ලියැවිණ. එහිප‍්‍රථිපලයක් ලෙසින් දහඅටවන ශතවර්ෂයේදී එය යථාර්ථවේදී සත්‍යාන්වේක්ෂණය (ඩැරසසෙජ්එසදබි* ලෙසින් කිසියම් සංකීර්ණ නවකතා ගණයට පරිවර්තනය විය. එකී කතිකාමය සන්දර්භය හමුවේ නවකතාවේ නිමිවලළු පුළුල්විය. එකී නවකතා පාඨකයාගේ භාවයන් හුවාදක්වන කිසියම් ආකාරයේ සංකීර්ණවූ යථාර්ථවාදී රීතියකට පය තැබීය. එහි සමාරම්භකයින් ලෙසින් මොවුන් දැක්විය හැකිය. හෝමර්ගේ ‘‘ඔඩෙසියේ’’(දාැිැි** පටන් ඇපුලිස්ගේ ‘‘රන්බූරුවා’’ (ටදකාැබ ්ිි** යන්නවුන්ද, ප‍්‍රංශයේ බල්සාක් (ඉ්ක‘්න** හා ස්ටෙන්ඩාල් (ිඑැබාය්ක**යන උක්ත දෙදෙනාද එකී පියවර ඉදිරියට ගෙන ගියේය. කෙසේ හෝ අප දකින්නාවූ මෙම යථාර්ථවාදී ප‍්‍රවණතාවය ක‍්‍රමයෙන් මනෝවිශ්ලේෂණීය (චිහජය්ර ්බ්කහසිසි** විචාර කලාවක් වෙත ව්‍යාප්තවී ගියේය. ඒ අන්කවර හේතුවක් නිසාවෙන් නොව නූතනවාදී ලොවතුළ මිනිසාගේ ආභ්‍යන්තරික ජීවිතය ගවේෂණය කිරීමේ මානුෂවාදී යොමුවීම නිසාවෙන්ය. මෙය පශ්චාත් නූතනවාදී ප‍්‍රවණතාවය ලෙසින්ද හඳුන්වාදිය හැකිය. ඒ අනුව නවකතාවේ ආකෘතිය (දෙරප** නව ආරකින් ව්‍යාප්තීකරණය (ටැබැරු්කස‘්එසදබ* * සිදු වූයේය. කෙසේ හෝ නවකතාව මෙලෙසින් යම් ආකාරයකින් බෙදීමට ලක්වූ බව කිවහැකිය. එහිදී නවකතාවේ නව ප‍්‍රවණාතා ලෙසින් මනෝවිද්‍යාත්මක, ඓතිහාසික, අර්ධවිද්‍යාත්මක, රහස්පරීක්ෂක, අද්භූත, තාත්වික, අධිතාත්වික, උපහාස හා කාල්පනික ලෙසින් එකී නවකතාව වර්ගීකරණය කළ හැකිය. මින් ප‍්‍රථමයෙන් මනෝවිද්‍යාත්මක නවකතාවේ ආරම්භය සිදුවූයේ දාහත්වන සියවසේය. ඒකී නවකතාව ලෙසින් ලෆායෙත් මැතිණිිය ලියූ (චරුසබජැිි ා් ජකැඩැි* 1678 යන නවකතාව ප‍්‍රථමයෙන් සැළකේ. ඒ සදහා ප‍්‍රථම ලෝකයුද්ධයෙන් පසුව හුදකලාවූ මිනිසාගේ සාංදෘශ්ටිකවාදී ජීවිතයත් ඊට අමතරව දේශපාලනික හා සංස්කෘතික ආර්ථික ආදී සාදක හමුවේ පරාජිත මිනිසාගේ ජීවිතය පාදකවිය. එයින් මිනිසාගේ අන්තදු:ක්ඛිත ජීවිතයේ දුක්ඛාන්ත පක්ෂය වර්ධනයවීම නිසාවෙන් පරාදීන මිනිසා වෙත හෙළු මානුෂීය බැල්ම ඒ හරහා දැක්විය හැකිය. මනෝවිද්‍යාත්මක නවකතාවේ ප‍්‍රකාශන ක‍්‍රමවේදය හා මනෝවිශ්ලේෂණීය කාරණා අන්තර්ගත වන නිසා මේ ගණයෙහිලා සැළකේ. චරිත මාර්ගයෙන් එකී විඥානධාරා රීතිය ප‍්‍රකාශ කරණ නිසාවෙන් ඉතා සංකීර්ණ චරිතනිරූපණ ඇත. මෙහිදී නවකතාකරුවා කරනුයේ චරිත හරහා මිනිසාගේ විඥානයේ ඇති අතිශය සංකීර්ණ මානසිකත්වය හෙළිදරව් කිරීමය.
” ඔහුට චරිතය තුලට තමන්ගේම යටිසිත තුලට ඔහු මේ නිසා ගොළුබෙල්ලකුසේ වදියි. එසේ ඇතුළට වැදී ධ්‍යානයකට සමවැදුනකුසේ සිත් එකගතාවයකින් හා මධ්‍යස්ථභඵාවයකින් යුතුව තමාගේම චරිතාංග එකිනෙක ගෙන හදාරයි. තමාගේම චරිතය හැදෑරීමෙන් මෙසේ තමාලැබූ දැනීමත් තමා අවට ලෝකයේ ගැවසෙන පුද්ගලයින් දෙස සුපරීක්ෂාකාරීව බැලීමෙන් ලත් දැනීමත් සියුම්ලෙ සංකලනය කිරීමකි.”
මේ ලෙසින් නවකතා කරුවා විඥානධාරා සංකල්පය ස්වකීය දෘශ්ටිකෝණයෙන් හෝ එකී චරිතයෙන්ම ප‍්‍රකාශ කරන බව කිවහැකිය. කෙසේ හෝ මිනිසාගේ පුද්ගලත්වය යනු කුමක්ද? එකී පුද්ගලභාවය ක‍්‍රියාත්මක වන්නේ කෙසේද යනාදී සංකීර්ණව සිතීමේ ප‍්‍රතිඵලයමත මෙකී සංදර්භීය නවකතාව විකාශනය වූ බව කිව හැකිය. මෙහිදී මිනිස් අභ්‍යන්තරයේ ඇති අඳුරු දුක්ඛිත පක්ෂය හා ප‍්‍රපංචලෝකය ද ප‍්‍රකේවලත්වය ද(එයසබටි සබ එයසපිැකඩැි* මෙහිදී නවකතා කරුවාගේ විඥානගතවේ. තවදුරටත් මෙකී විඥානධාරා සංකල්පය දක්වනුයේ කෙසේද යන්න මෙසේ පැහැදිළි කරමු.
”නවීන නවකතාකාරයා බාහිර ලෝකයේ සිදුවීම් වලින් වඩා මිනිසුන්ගේ චිත්තාභ්‍යන්තරය විස්තර කිරීමට තැත්කරයි. දිග කථා ලිවීම ආරම්භ වූයේ ජීවිතය විස්තර වන ලෙස දිග කථාලිවීම ආරම්භවූ පසුවය.”
මේ අනුව කතාකරුවා ස්වකීය දෘශ්ටියට අනුව මානුෂීය චෙස්ටාවන් වන ශෝකය, සතුට, භය හා විස්මය යන කාරණාවන් සමුදායක් දක්වයි. මෙහිදී මනෝවිද්‍යාව හා එය සාහිත්‍යය හෙවත් සෞන්දර්යාත්මක පක්ෂයෙහිලා දක්වනුයේ සුවිශේෂීය වෙනස්කමකි.
”මනෝවිද්‍යාඥයකු විසින් පොතක පිටු ගණනකින් කිවහැකිය. කරුණු කාරණා කථාකාරයාට පිටුකාලකින් ප‍්‍රකාශකළ හැකිය. ඔහු එසේ කිරීමට සමත් වන්නේ පාඨකයාට පහසුවෙන් සිතට නගාගත හැකි ක‍්‍රියාවන්ද පුද්ගලයන්ද කතාව කීමෙහිදී ඔහු යොදාගන්නා නිසාය.”
එබැවින් නවකතාකරුගේ අභිප‍්‍රාය වනුයේ අතිශය සංකීර්ණ කේන්ද්‍රීය සංවාද(ජදපපමබසදබ දෙ දබි ෙැැකසබටි අසඑය එයදිැ දෙ එයැ ්රඑසිඑ* ඉදිරිපත් කිරීම බව පෙනේ. මේ විචාරයේදී සිදු කරනුයේ මිනිසාගේ චිත්තාභ්‍යන්තරයේ ඇති සවිඥානික, අවිඥානික, සංකල්ප භාව විශෝධනයන් (ජ්එය්රිසි දෙ ැපදඑසදබි* ඉදිරිපත් කිරීම මේ හරහා සිදු වේ. තවද සිග්මන් ප්‍රොයිඞ් දක්වන පුද්ගල විඥානයේ ප‍්‍රභේදයන් ද මේ සඳහා පාදකවී ඇත. ගුස්ටාවෝ ප්ලෝබෙයා, එමාබෝවාරිගේ මාදම් බෝවාරී, ෆ‍්‍රාන්ස් කෆ්කා, වර්ජිනියා වුල්ෆ්, ඞී එච් ලෝරන්ස්, ජේම්ස් ජොයිස්, ටී.එස් එලියට් බඳු ලේඛකයෝ මේ ප‍්‍රවණතාවය හරහා නවකතා ලියූවෝය. මනෝවිද්‍යාව මාර්ගයෙන් පරීක්ෂණාත්මකව මිනිසාගේ මනස පිළිබදව අදධ්‍යයන සිදුකරයි. නමුදු එය සාහිත්‍ය භාවිතයේදී ගැනෙනුයේ අවිඥානිකත්වයටය. එසේම නවකතාවෙහිලා චරිතයන්හි නිශ්ශබ්දතාවයේ අන්තර්භාෂණය ලෙසින් සලකයි. එහිදී මෙම කාරණාවන් පවා කතාකරුවා සැළකිළිමත්වේ. කලාත්මක විනිශ්චය (්ිඑයැඑසන වමාටපැබඑ*, ආස්වාද්‍ය වස්තුව (්ිඑයැඑසන දඉවැනඑ*, කලාත්මක දෘශ්ටිකෝණය( ්ිඑයැඑසන චදසබඑ දෙ ඩසැඩ*, ආස්වාද්‍ය වස්තුව( ්ිඑයැඑසන ුම්කසඑසැි* යන කාරණාය. එබැවින් මනෝවිද්‍යාත්මක නවකතාවේදී එකී විඥානධාරා රීතිය චරිත හරහා භාවිත වනුයේ මේලෙසින්ය.
” මනෝවිද්‍යාත්මක නවකතා ඇතැයි සිතන්නවුන්ගේ එනමින් හඳුන්වන්නේ පාත‍්‍රයන්ගේ චිත්තාභ්‍යන්තරය දක්වන නවකතායි. වෙනත් වචනවලින් කියතොත් විඥානශ්‍රොත‍්‍ර ක‍්‍රමය උපයෝගී කරගෙන ලියන ලද නවකතායි. විඥානය පිළිබඳ සවිඥානිකකම සත්වයා යොමු කෙරේ. තම ඉලක්කය වැරදුණුබව තේරුම්ගත් තැකික් ආරම්භවී ෆ්‍රොයිඞ්ගේ මනෝවිග‍්‍රහය දක්වා ක‍්‍රමයෙන් දියුණු වූවකි. ”
මෙහිදී සාහිත්‍යය හරහා සිග්මන් ෆ්‍රොයිඞ් විසින් දක්නව ලද සංකල්ප අතරින් ඔහු විසින් මිනිස් මනස බෙදා වෙන්කරණලද කොටස් තුනක් පවතී. සවිඥානය හෙවත් උඩුසිත (ජදබිජසදමිබැිි* උපවිඥානය මැදිසිත (චරුජදබජසදමැිි* හා අවිඥානය යටිසිත( මබජදබිජසදමිබැිි * ලෙසින් වර්ග කර දක්වයි. මෙකී මානසිකත්වය නවකතාකරුවා විග‍්‍රහ කරනුයේ විටින් විට චරිතයන්ගේ මනස තුලට පිවිසෙමින්ය. එහිදී ස්වකීය විඥානධාරාවත් තවත්විටෙකදී තත් ප‍්‍රබන්ධ චරිත ඔස්සේම විඥානධාරා සංකල්පයන් විකාශනය කෙරේ. එහිදී මෙකී චරිත ඹස්සේ මිනිසාගේ ආත්ම පරත්වාරෝපණය (්කසැබ්එසදබ* හා ආත්මගත (ිමඉවැනඑසඩැි* ලක්ෂණ සංකීර්ණව විකාශනය කෙරේ. කෙසේ හෝ නූතන මනෝවිද්‍යාත්මක නවකතාවේ චරිතයන් ඔස්සේම පුද්ගලාකල්ප (ුම්ිස චැරිදබ* ඉදිරිපත් කිරීම දැකියහැකි ප‍්‍රධානම ලක්ෂණයයි. මෙහිදී තත් කාරණාව මෙසේ පැහැදිළි කරගත හැකිය.
” මනුෂ්‍යත්වය පිළිබද මනෝවිශ්ලේෂකයන්ගේ විධිමත් පර්යේෂණයන් තුළින් අත්පත් කරගත්තාට වැඩි යමක් නාට්‍ය කරුවාගේ හා නවකතා කරුවාගේ සහජ ප‍්‍රතිභානය හා අන්තර්ධ්‍යානය තුළින් අනාවරණය කරගෙන ඇතිබව පැවසීම සත්‍යයකි. ශෙසානා ෆෝල්මන් නම් විචාරිකාවගේ තර්කයට අනුව මනෝවිශ්ලේෂණ සාහිත්‍යයෙහි අවිඥානිකත්වය කෙරෙහි අවධානය යොමුවන අතර සාහිත්‍යය යනු මනෝවිශ්ලේෂණයෙහි අවිඥානිකත්වයයි.”
මේ ආකාරයෙන් චිත්ත චෛතසික පිළිබඳව වැදගත්් විග‍්‍රහයක් ඇනා කැරනිනා නවකතාවෙහිදි ටෝල්ස්ටෝයි පවසනුයේ ස්ත‍්‍රී චිත්තයේ ගතිලක්ෂණ මහා පරිමාණයෙන් පැවසෙන බවය. ඒ අනුව නවකතා මනෝවිද්‍යාත්මක වන්නේ ඉතා වැදගත් හා ගැඔුරු සිතිවිලි ප‍්‍රධාන චරිතයන්ගේ චිත්තාභ්‍යන්තරය තුළ සිද්ධවන්නට හැරීමෙන් බව පෙනේ. එබැවින් සමස්තයක් ලෙසින් මෙකී නවකතාවන්හි කියැවෙන කාරණා හා ලක්ෂණ පිළිබඳව කිසියම් විස්තරයක් මෙසේ දැක්විය හැකිය.
x විඥානධාරාව චරිත හරහා ඉදිරිපත් කරයි.
x ප‍්‍රධාන චරිතයනගේ වාගාලාප හා ජංගම සිතේ සිතිවිලි පරපුර ගවේෂණය කිරීම.
x ලියෝන් ඉඩෙල් දක්වන ආකාරයට මෙකී කතා අන්තර්භාෂනයේ ප‍්‍රකාශනයක් බව දක්වයි.
x මිනිස් විඥානය හරහා යාත‍්‍රා කරමින් අත්දැකීමක අධ්‍යාත්මිකත්වය ග‍්‍රහනය කරයි.
x මිලාන් කුන්දේරා දක්වනුයේ පුද්ගලත්වය ග‍්‍රහනය කිරීම හා සෙවීම නිසාවෙන් මෙම නවකතා කලාව බිහිවූ බව.
x දෘශ්‍යමාන ලෝකයෙන් වෙන්ව මිනිසාගේ පෙද්ගලිකත්වය හා අදෘශ්‍යමාන අභ්‍යන්තරික ජීවිතය ගවේෂණය කරයි.
x මිනිසාගේ ජීවිතය අව්‍යාජව තදාත්ම්‍ය කරණ අවස්ථා ඔස්සේ පෙන්වා දෙයි.
x නවකතාව තුළ චරිත විඳින තීරණාත්මක අවස්ථා හා අනාගත අපේක්ෂා එළිදක්වයි.
x සිහින විශ්ලේෂණය හා සංකේත පද්ධතියක් මාර්ගයෙන් චරිතයනගේ මානසිකත්වය හා ආගිකත්වය දක්වයි.
මේ ආකාරයෙන් උක්ත නවකතාවන්හි ආවේණික ලක්ෂණ හා ස්වභාවයත් ප‍්‍රකාශන ක‍්‍රමයේ ඇති විශේෂතාවයත් හඳුනාගත හැකිය. එසේම මෙකී නවකතාවන්හි පරම අභිලාසය වනුයේ ස්ත‍්‍රී පුරුෂ සම්බන්ධයෙන් ප‍්‍රතිවිරුද්ධතා ව්‍යභිචාරාත්මක අපගමන මානව ධර්මතා ආදිය කෙරෙහි මානුෂවාදීව බැලීමය. කෙසේ හෝ උඩුසිතේ නලියන ඇතැම් හැඟීම් හෙවත් මනෝ වෘත්තීන් (පැබඒක ිඒඑ* ප‍්‍රකාශ කිරීමට මෙය ඉතා වැඩදායී ලෙස යොදාගත් බව කිව යුතුය. මේ ප‍්‍රවණතාව විශේෂයෙන් එක් රටකට පොදු වූ දෙයක් නොවී මෙය සෑම රටකටම ව්‍යාප්තවී ගිය බව කිව හැකිය. එහිදී එකී නවකතාවන් ලෙසින් (ලැම්පුසාගේ ව්‍යාඝ‍්‍රයා* ජාතීන් අතර ගැටුම් (ජෙම්ස් බොන්ඞ්ගේ - වෙනත් රටක්* ජාතීන් අතර අන්‍යොන්‍ය අවබෝධය ඊ ඇම් පොස්ටර්ගේ පැසේජ් ටු ඉන්ඩියා යුද්ධයෙන් විපරීත ප‍්‍රථීපල හෙමින්වේගේ අධිරාජ්‍යය චෛතසික ගැටුමක් ඇල්බයා කැම්යුගේ පිටස්තරයා විය හැකිය. ෂන් පෝල් සාර්තේගේ ජාතිවාදී යුගය කවබතාගේ හිමරට ආදියත් ප‍්‍රංශයේ ජෙම්ස් ජොයිස්ගේ යුලිසිස් යන නවකතාද මේ සඳහා ගැනිය හැකිය. එබැවින් මෙකී නවකතාවන් ලොව කවර විදියේ රටක වුවවද ලියැවී ඇති බව අප මෙහිදී පැවසිය යුතුය. මනුෂ්‍යයාගේ මේ සැගවුණු අභ්‍යන්තර මානුෂීය ජීවිතය අපට දක්නට ලැබෙන්නේ මනෝවිද්‍යාඥයන් නවකතා කරුවන් වැනි අයගේ නිරීක්ෂණ මාර්ගයෙන්ය. එහිදී ඔවුන් අධ්‍යාත්මික හෙවත් ආත්මගත(පදබදකදටමැ* පුද්ගල මනෝවෘත්තීන්අ න්තරාන්වේක්ෂණය (සබඑැරචරුඑසදබ* කිරීමත් ඒ හරහා තථ්‍ය ජීවිතය ඇසුරෙන් නව ජීවිතයකුත් පෙන්වයි. ඒ හා දක්ෂතා දක්වන දෙදෙනකු ලෙස පියදෝර් දොස්තොයෙව්ස්කි හා ලියෝ තෝල්ස්තෝයි හඳුනාගත හැකිය. අපරාධය හා දඬුවම කරමසෝගේ සහෝදරයෝ හා දොස්තොව්ස්කිගේ හා යුද්ධය හා සාමය ඇනා කැරනිනා හා තොල්ස්තොයිගේ විශිෂ්ට නවකතාවේ. එවා අපගේ විචාරාක්ෂියට හසුවනුයේ විඥානධාරා සංකල්පයද ත‍්‍රීවිධත්නයට හා ත‍්‍රීව‍්‍රකරණයටත් මිනිස් සිතේ චිත්තාභ්‍යන්තරය විනිවිද දැකීමේ හැකියාව ඇති නිසාය. මේ ආකාරයෙන් මනෝවිශ්ලේෂණවාදී නවකතාවේ පිළිගතහැකි යම් ප‍්‍රාරම්භයක් හා එහි ස්වභාවය පිළිබඳව දනගත හැකිය.
02. සිංහල නවකතාවේ ස්වභාවය.
ලාංකීය සාහිත්‍යය තුළ කතාකලාවේ විකාශනය ඉතා අතීතයට දිවයන්නකි. ඒ බෞද්ධ පුනරුදයත් සමගින් මෙරට එකී තේමා රැුගත් ජාතක කතාවන් ආදිය බිහිවූ නිසාවෙන්ය. කෙසේ හෝ ජාතක කතාවෙන් ආරම්භවූ මෙරට කතාකලාව ක‍්‍රමික විකාශනයක් සිදුවූ බව විද්වතුන්ගේ පිළිගැනීමය. කෙසේ හෝ අපගේ ප‍්‍රස්තුතය සිංහල නවකතාව බිහිවූයේ කෙසේද යන්න හා එහි විකාශනය පිළිබඳව යම් අදහසක් පැවසීම. මෙරට කතාකලාව බෞද්ධාගමික සම්ප‍්‍රදායට නෑකම් කියන නිසාවෙන්් සමහරුන්ගේ තර්කය වනුයේ විදේශීය නවකතාව මාර්ගයෙන් උක්ත නවකතාව බිහිවූ බවය. දහනමවන සියවසේ සිට මෙරට සිංහල නවකතාව යැයි කිවහැකි සාහිත්‍යාංගයේ පිබීදීමක් දැකිය හැකිය. එම සියවසේ මුල්හරියේදී නවකාතාවේ සීග‍්‍රදියුණුවක් දක්නට නොලැබෙන අතර එකී සියවසේ මැදභාගයේදී යම් ප‍්‍රවේශයක් මේ සම්බන්ධයෙන් සිදුවේ. සිංහල පුවත්පත් සඟරා ලියවීමත්, ක‍්‍රිස්තියානි ආගමික ග‍්‍රන්ථ රචනාවීමත්, නිසාවෙන් මෙකී කතාකලාව යම් ආකාරයකින් බිහිවී ගිය බව කිවහැකිය. සිංහල ගද්‍ය ආඛ්‍යාන සියල්ලම ඒ දක්වා ලියැවුනේ ආගමික හා සදාචාරාත්මක පක්ෂයේ නියෝජනය පිණිසවීම දැකියහැකි විශේෂතාවකි. කෙසේ හෝ විද්වතුන් සිංහල නවකතාවේ විකාශනීය අවස්ථාවන් හතරක් යටතේ දක්වයි.
01* 1905 - 1944 නූතන නවකතාවට පසුබිම් සැපයීම.
02* 1944 - 1956 යථාර්ථවාදී නවකතාවට මඟ පෑදීම.
03* 1956 - 1962 විවිධ ප‍්‍රවණතා පැන නැගීම.
04* 1962 - 1970 නව ප‍්‍රවණතාවල උච්චතම අවස්ථාව.
මේ ආකාරයෙන් යම් විකාශනීය අවධීන් හදුනාගත හැකිය. නමුදු මෙසේ අවස්තාවන් හදුනාගත්මුත් ඊට ප‍්‍රථමයෙන් විදේශීය කතාවස්තූන්ට මෙරට සිටි වියතුන් ස්වතන්ත‍්‍ර ප‍්‍රබන්ධ ලියූ බවද දැනගත යුතුය. ඒ අනුව ඇල්බට් සිල්වා ලියූ විදේශීය නවකතාවකට මෙරට ලියූ ප‍්‍රථම නවකතාව විමලා(1892* ආදර හසුන(1892* සහ සිරිබරී (1894* යම් අයුරකින් පාටක ප‍්‍රසාදයට පත්වීමද දැකිය හැකිය. මෙකී නවකතාවන් ඔස්සේ සිල්වා මෙරට නවකතා යැයි සැලිකිය හැකි මට්ටමේ කතා කිහිපයක් ලියූබව පෙනේ. නමුදු නවකතාවක ලක්ෂණ ඒවායෙහි සපුරාගැනීමට නොහැකිවීමෙන් පෙනී යන්නනේ ජනයා ඒවා රුචිනොකළ ආකාරයයි. කෙසේ හෝ දහනමවන සියවසේ මෙරට සිදුවූ සමාජ ආර්ථික සාමාජික හා දේශපාලනික ප‍්‍රවණතාවයන් ඔස්සේ සාහිත්‍යය කිවයුතු වෙනසක් සිදුවේ. මේ ප‍්‍රස්තුතය හමුවේ එතෙක් පැවති නවකතාව ප‍්‍රබලව කිසියම් වෙනසකට ල්ක්විය. ඒ මෙකී ආකාරයෙන්ය.
01* ආගමික මුහුණුවරින් මිඳී අගාරික දිවියට යොමුවීම.
02* සාම්ප‍්‍රදායික පාඨක පිරිස වෙනුවට අභිනව පාඨක ලෝකයක් බිහිවීම.
03* සිංහල භාෂාව යුගානුරූපීව කවර පුද්ගල සන්නිවේදනයක් නිරූපණය කිරීමට උචිත තරම් සුඛනම්‍ය තත්වයක් පරිවර්තනය වීම.
එබැවින් මෙරට නවකතාවේ පිළිගතයුතු තරමේ සිදුවූ මෙකී වෙනස්කම නිසාවෙන් අපට නවකතාව යැයි කිවහැකි සාහිත්‍යාංගය වෙත යොමුවිය. දැනට ලාංකීය නවකතාවේ මුල්ම සිංහල නවකතාව යැයි හඳුනාගනුයේ අලූත්ගමගේ සයිමන්ද සිල්වා විසින් ලියූ (මීනා* (1905* රචිත නවකතාවයි. මීනා නැමති මධ්‍යම පාන්තික චරිතයක් පාදක කොටගනිමින් විකාශනය කරන්නාවූ මෙය සමාජ චාරිත‍්‍ර හා නවකතාවයැයි සම්මත පක්ෂයට නෑකම් කියයි.
අනතුරුව සමකාලීනව විසූ සයිමන්ද සිල්වා ලියූ තෙරීසා(1907* අපේ ආගම(1910* නවකතාවන්ද තත් යුගයේ කැපී පෙනේ. මෙකී නවකතාවන් ඔස්සේ සයිමන්ද සිල්වා මහතා ආගමික ව්‍යාපාරය හා අධිරාජ්‍යවාදී ව්‍යාපාරයට පහර දීමක් සිදුකරයි. මේවාද නවකතාවයැයි කිවහැකි කලාත්මක පක්ෂයෙහිලා සැලකීමට නොහැකිය. තවත් කැපීපෙනෙන නවකතාකරුවකු ලෙසින් පියදාස සිරිසේන මහතා හඳුනාගත හැකිය. මේ මහතාගේ නවකතා සම්ප‍්‍රදායේ ප‍්‍රධාන ලක්ෂණය ලෙසින් දැකිය හැක්කේ ජාතික ආගමික හැගීම් ප‍්‍රකාශ කිරීමයි. රසවත් කතාන්දර ඉදිරිපත් කිරීමේ කාරණාවන්ය. මෙම ලක්ෂණය ඔහුගේම අදහසකින් මෙසේප දක්වමු. ‘‘ නව ප‍්‍රබන්ධ යන නම මේ කාලයේ ප‍්‍රකාශ කරතත් අපේ පොත්වල ඇත්තේ ධර්ම ශාස්ත‍්‍රීය කරුණුවලින් කිසිවක් නැත.’’ එබැවින් ඔහුගේ රචිත නවකතාවන් වන වාසනාවන්ත විවාහය අෂ්ටලෝකධර්මය තරුණියකගේ පේ‍්‍රමය චින්තාමාණික්‍ය රත්නය විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ට්ය යන නවකතාවන් ආගමික තේමාවන් ඔස්සේ රච්ත නවකතාවන්ය. තවද මොහුගේ සමාජසෝධනය උදෙසා රචිත නවකතාත් ඒවායේ දක්නට ලැබෙන අයුරු කිවහැකිය. කාලකන්නි ජීවිතය හෙවත් සුමනා සහ ජයගොෂ ,(1909* සේදිරිස් ගුණවර්ධනගේ පේ‍්‍රමවන්ත විවාහය හෙවත් වික‍්‍රමරත්න සහ ලිලියන්, (1912* ඇම් සූරසේනගේ විමලනාත නොහොත් පුදුම ගුහාව(1912* චාර්ලිස් කරුණාතිලකගේ මාගේ පොත (1916* ඩබ්ලිව් පී පෙරේරාගේ රටේ හැටි (1927* යන මේවා විශේෂයෙන් දැක්විය හැකිය. මෙසේ සිරිසේන මහතාද නවකතාවන් ලියනුයේ කලාත්මක තේමාවට වඩා ජාතික හා ආගමික තේමාවන් ඔස්සේ බව කිව හැකිය.
මේ හැර තත් යුගයේ ප‍්‍රකට නවකතාකරුවකු ලෙසින් සැලකිය හැක්කේ ඩබ්ලිව් ,ඒ ,සිල්වාය. ඔහුගේ නවකතා අතර දැකියහැකි විශේෂත්වය වනුයේ මෙකී ලක්ෂණයන්ය. අත්භූත, ත‍්‍රාසජනක, පෙම් පුවත් ආදිය දැක්වීමය. එහිදී හිගනකොල්ලා, ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැුජින, ජූලිහත, කැළෑහඳ, හඳපාන වැනි ප‍්‍රබන්ධ දැක්විය හැකිය. මෙලෙසින් ලාංකීය මුල්නවකතාවේ දැකියහැකි ස්වභාවය පිළිබඳව යම් ආකාරයක සඳහනක් කිරීමට හැකිය. මෙසේ පැවති රාමුව නවතම මාර්ගයකට ප‍්‍රවේශ වනුයේ මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ පෙරළියත් සමඟින්ය. වික‍්‍රමසිංහ මහතාද ප‍්‍රථමයෙන්ම නවකතා රචනාකරනුයේ මුල්කාලීන නවකතාකරුවන් ලියූ පරමාර්ථයන් ඔස්සේමය. ඒ ඔහුටද තත් සම්ප‍්‍රදායෙන් මිදීමට නොහැකිවීම නිසාවෙන්ය. ඒ අනුව ඔහුද ස්වකීය නවකතාවන් ආගමික හා දේශීය මාමකත්වය ප‍්‍රකටවන ආකාරයේ ලියන්නට යෙදුනේය. එසේම තවත් අයුරකින් මොහු ඓතිහාසික නවකතාවන්ද ලියූ ආකාරය රෝහිණී, විජයබා කොල්ලය, සුනේත‍්‍රා ආදී නවකතාවන් දෙස බැලීමේදී දැක්විය හැකිය. මේ නවකතාවන් ඔස්සේ ඔුහුගේ තත් නවකතාවන් එතරම් දුරට කලාත්මක පක්ෂයෙහිලා සැළකීමට නොහැකිය. එයට හේතුව වික‍්‍රමසිංහයන්ද මුල්නවකතාවන් ලියූවේ පැරණි නවකතාකරුවන් ලියූ ආකරයේ දෘෂ්ටියක සිට වීමය. නවකතාවක් වීමටනම් එහි පැවතිය යුතු ගුණාංග පැවතිය යුතුය.‘‘ නවකතාවක නවතාවයක් තිබිය හැක්කේ එයින් පිළිඔිඹුවන ජීවන දර්ශනය අලූත් එකක් උවහොත් පමණි. නවකතා කරුවකු වීමට තැත්කරණ සෑම කෙනකුටම තමා ජීවත්වන ලෝකය දෙස තමාගේ පෞද්ගලික නෙතින්ම බැලිය යුතු වේ.’’ මේ ආකාරයෙන් වික‍්‍රමසිංහ මහතාගේද මුල්නවකතාවන් එසේවුවත් පසුව නවතම මාර්ගයක් වෙත ඔහු ප‍්‍රවේශවෙයි. ඒ මෙරට නවකතවේ කඩඉමක් සනිටුහන් කරමින් යථාර්ථවාදී නවකතාව වෙතටයි. ඒ තුන්ඈදුනු නවකතා හා චරිතතුනක් මෙන්ම අක්කරපහ යන නවකතාවන් ඔස්සේය. සමාජ, මානව යථාර්ථය ගවේෂණය කිරීමේ දෘශ්ටිකෝණය වෙත ඒවායින් ප‍්‍රවේශ වීම නිසාවෙන්ය. ඒ නවකතාවේ තාත්විකත්වය (බ්එමර්කසිප* බටහිර නවකතාවේ ආභාසයත් ඔහු ඇසුරු කළ නිසාවෙන් බව කිවහැකිය. 1944 දී ඔහු විසින් ලයනලද ගම්පෙරළිය වනාහී මෙරට ලියැවුණු මුල්ම යථාර්ථවාදී නවකතාවයි. නවකතාවක ලක්ෂණ ලෙසින් චරිත නිරූපණය, සංකේතභාවිතය, වස්තුවිෂය, දෘෂ්ටිකෝණය යනාදී ශිල්පීය ගුණයන් භාවිතා කිරීම මාර්ගයෙන් විශ්වීය ධර්මතාවයක් භාවිතා කරනබව කිවහැකිය. මෙලෙසින් මෙරට යථාර්ථවාදී නවකතාවේ බිහිවීම සඳහා විශේෂයෙන් බලපාන ලද්දේ රුසියානු නවකතාව බව කිවයුතුය. ඒ රුසියන් සමාජයේ සිදුවූ සමාජ, ආර්ථික පෙරළියට මුහුණදීමට එරට සාහිත්‍යය යොමුවීම නිසාවෙන්ය. ඒ වාතාවරණය දැඞ්සේ ලාංකීය සමාජය වෙලා නොගත්තත් යම් ප‍්‍රමාණයකින් ගම්පෙරළිය ලියන සමයේ මෙරට සිදුවු සමාජ පෙරළියක තතු හෙළි කරන්නක් බව විවාදයක් නැත. අනතුරුව මෙරට නවකතාවේ සුවිශේෂීය චරිතයක් ලෙසින් එදිරිවීර සරච්චන්ද්‍ර මහතා හනාගත හැකිය.
‘‘ සරච්චන්ද්‍රගේ නවකතා ඊට වඩා ලාබාල හෑම නවකතාකරුවකුගේම පාහේ කෘතිවලින් වෙන්කර පෙන්වන ලක්ෂණයක්ද ඇත. වෙනත් අය මවන චරිතයෝ අර අනිශ්චිත අතීරණාත්මක තත්වයෙන් හෙම්බත්වීමට පත්වූකළ සමාජයට නොදුන් වසයෙන් අහිතකරවූත් අදාන්තයයි. නම් කළයුතුවූත් ක‍්‍රියාවන්හි යෙදීමටත් කියුම් කීමටත් පෙළෙඔති.’’
සරච්චන්ද්‍ර මහතා ලාංකීය නවකතාවේ වර්ධනය සම්බන්ධව ඉතා වැදගත් මෙහෙයක් සිදුවූ බව කිවහැකිය. කෙසේ හෝ මෙකී යථාර්ථවාදී නවකතාවේ බිහිවීම සමඟින් ලාංකීය නවකතකාවේ දියුණුවක් දැකිය හැක්කේ නවකතාකරුවන් කිහිප දෙනෙක්ම එයට සම්බන්ධ වීමය. කේ ජයතිලකයන්ද ඒ අතරින් වැදගත් කෙනෙකි. දෙලොවට නැතිඅය(1964* ජී.බී සේනානායක මේධා(1966* චාරුමුඛ (1965* සහ වරදත්ත(1967* මහගමසේකර හා එච්. ඒ සෙනෙවිරත්නයන්ද තවත් ඒ අතරින් වැදගත්ය. මහගමසේකර ලියූ තුංමන්හන්දිය(1967* හා මනෝමන්දිර( 1971* යන නවකතා කෘති දෙකද මේ හා වැදගත්වේ. කෙසේ හෝ හැත්තෑව දශකයේ නවකතාව කිසියම් ආකාරයක දියුණුවක් හා යම් මට්ටමක සාධනීය තත්වයකට ආබව පැවසිය යුතුය. ‘‘ විෂය කේෂේත‍්‍රය පුළුල්වී විවිධත්වයක් ඇතිවිය. වස්තුවිෂය හා චරිතවල ඒකාකාරී බව බොහෝ දඅරට ඇතිවිය. කාන්තා චරිතවලට ප‍්‍රමුඛත්වය දී කෘති කිහිපයක්ම රචනාවිය. ලේඛිකාවෝ කිහිප දෙනෙක්ම නවකතාකරණයට බටහ. සමාජයේ පැවති පංතිභේදය කුලභේදය දේශපාලන කේෂේත‍්‍රයේ පැවති අර්බුද දේශපාලනකයින්ගේ අසාධාරණකම් කම්කරු පීඩිත පංතියේ ජනතාවගේ ප‍්‍රශ්න විශ්ව විද්‍යාල සිසුන්ගේ ප‍්‍රශ්න වැනිදෑ මෙකල නවකතාවලට විෂය කරගන්නා ලදී. ඈත දුර බැහැර ගැමි දුගී දුප්පතුන්ගේ ජීවිත නවකතාවෙන් විවරණයට ලක්විය. එසේම 50 ගණන්වල 60 ගණන්වල පැවති අන්දමේ ආධ්‍යාත්මික දාර්ශනික පක්ෂයට ඇතුළත් නාගරික මාධ්‍යමික පංතිය බුද්ධිමතුන්ගේ හා කලාකරුවන්ගේ ප‍්‍රශ්න විවරණය කරණලද කතා ස්වල්පයක් හෝ ලියැවිණි. මේ සියල්ලටම වඩා වැදගත් ලක්ෂණය නම්. කලාකරුවන් තම යුතුකම් හා වගකීම් පිළිබඳව හැගීමක් ඇතිව කටයුතු කිරීමයි. නවකතාව නූතන සිංහල සාහිත්‍යයේ ප‍්‍රබලම අංශය තහවුරු කරගන්නට 70 දශකයේ සිංහල නවකතාකරුවන් විසින් සෑහෙන තරම් දුරට වෑයමක් දරණ ලදී.’’ මේ අතර සිංහල නවකතාවේ දැකිය හැකි තවත් යම් කඩඉමක් ලෙසින් යථාර්ථවාදය ඉක්මවා ගොස් මිනිස් අධ්‍යාත්මය නියෝජනය කෙරෙන අන්දමේ නවකාතා ලිවීමයි. එහි ආරම්භය ලෙසින් වික‍්‍රමසිංහ ලියූ ‘‘විරාගය’’ 1965 වැදගත් වේ. අරවින්දගේ චරිතය පාදක කොටගනිම්න් නිෂ්ක‍්‍රීය චරිතයන් ලිවීමසට මෙම නවකතාව සමත්වේ. එබැවින් මෙකී විඥානධාරා සංකල්පය යොදාගැනීම නිසාවෙන් දේශීය නවකතාවේ තවත් පැතිකඩක් හඳුනාගත හැකිය. එහිදී විරාගයේ පිළිබඳව යම් අදහසක් මෙසේ පෙන්වාදිය හැකිය. ‘‘ දේවාලය යකැදුරුකම මකුළු දැල අරවින්දගේ භාවකේෂේත‍්‍රයට හා බුද්ධි කේෂේත‍්‍රය ද හැඳින්වෙන සංකේතයන්ගේ තැන ගනී. පන්සලේ පොත්ගුල් අතර හඳුන්වයි. ඹහු ඒ සංස්කෘතිය විසින් හික්මවනු ලැබූවෙකි. සිරිදාස හැරදැමූ කවුළු දොරටුවෙන් ආ සඳ එළිය කාමරයේ අහුමුළු එලිය කරමින් පැතිරිණි. උණුසුම් සුළග කාමරය තුළවූ හුස්ම ගත්තෙමි. මෙයින් ධවනිත වන්නේ සුන්දරයැයි කියනලද දේ දුන්නක්වැනි අරවින්දගේ හද නොහොත් අධ්‍යාත්මයයි. ‘‘සැදෑ එළිය හා උණුසුම් සුළඟ’’ ඇතුළු වෙත්ම මකුළුවා දැළ හැරගොස් සැඟවෙයි. ඒ ඔහුගේ අවිඥාන බුද්ධියයි.’’ එබැවින් මෙසේ සංකීර්ණ විඥානධාරාවක් පාදකවීම මනෝවිද්‍යාත්මක නවකතාවේ ප‍්‍රවේශය ලෙසින් දැක්විය හැකිය. ඒ අනුව මෙකී නවකතාවන්යැයි පිළිතග හැකි ඒවා ලෙසින් යළිඋපන්නෙමි, මළගියඇත්තෝ, මළවුන්ගේ අවුරුදුදා, පරාජිතයෝ, අප‍්‍රසන්නකතාවක්, දෙපානොලද්දෝ, ගන්ධබ්බ අපදානය, වල්මත්වී හසරක් නොදුටිම්, හෙවනැල්ල යන නවකතාවන් දැක්විය හැකිය. කෙසේ හෝ ලාංකීය නවකතාවේ මනෝවිද්‍යාත්මක පසුබිම වනාහී තවත් එක්තරා වැදගත් සන්දිස්ථානයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. තිලකරත්න මහතා පවසනුයේ හෙවනැල්ල වනාහී මෙකී සංදර්භයේ ඉහලින්ම වැදගත් කෘතියක් වන බවය. ඒ ජිනදාසගේ චරිතය සතුවූ ලිංගික ආශා, හීනමානය, පලිගැනීම වැනි ගූඩමානසික කාරණාවන් ඉස්මතු කරන නිසාවෙනි. මේ ආකාරයේ විඥානධාරා සම්ප‍්‍රදායේ යොමුවීමත් මෙකී නවකතාවේ දැකියහැකි තවත් දියුණුවූ එක්තරා ප‍්‍රභේදයක් ලෙසින් දැක්විය හැකිය. ඉන්පසුව ලියැවෙන නවකතා කිහිපයක්ද මෙහිලා සඳහන් කළ යුතුය. එහිදී එදිරිවීර සරච්චන්ද්‍ර (හෙට එච්චරකළුවරනෑ*(1975* ඇරැුව්වල නන්දිමිත‍්‍ර (මල්දෙණියේ සිමියොන්* (1975* සෝමවීර සේනානයකගේ (යශෝරාවය* (1978* එච්.ඒ සෙනෙවිරත්නගේ (අවසානය මෙය නොවේ* (1976* ඒ.වී.සුරවීරගේ අත්තබිඳෙයි පය බුරුලෙන් (1977* සයිමන් නවගත්තේගමගේ (සුද්දිලාගේ කතාව(1978* සුම්ත‍්‍රා රාහුබද්ධගේ (බවතුරුණු යට(1978* හා උදානය(1979* එම දශකයේ පාඨක අවධානයට යොමුවූ වැදගත් නවකතාවන්ය. කෙසේ හෝ දේශීය නවකතාවේ දහනම වන සියවසේ දියුණුවක් මිස පරිහානිදායී තත්වයක් ඇති නොවුණි. ඒ එකී සාහිත්‍යාංගය පෝෂණය කිරීමෙහිලා කතුවරුන් බොහෝ දෙනෙක් නවකතා ලිවීම නිසාවෙනි. මේ සියවසේ බටහිර ධනවාදයේ පෙරළියෙන් බැටකෑ සාහිත්‍ය කරුවා ‘‘කලාව කලාව සඳහා’’ භාවිතය ඉක්මවා එය ජනතාව සඳහාය යන තේමාව පදනම් කොටගත්තේය. ඒ මිනිසාගෙරැු් දුක්ඛිත ජීවිතයේ පවතින යථාර්ථවාදී තත්වය පෙන්වා සමාජීය සාධාරණය හා මානව නිදහස සුරක්ෂිත කිරීමේ අදිටන සාහිත්‍ය කරුවා අරමුණු කිරීමය. එහිදී නවකතාවද මෙකී කර්යයෙහිලා දක්වනුයේ සුවිශේෂීය වැදගත්කමකි. මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ ගම්පෙරළිය වනාහී එකී සන්දර්භය මූර්තිමත් කරණ ප‍්‍රථම නවකතාව වෙයි. එසේම ගුණදාස අමරසේකරයන්ද මෙම යුගයේ සමාජවාදී හා මානුෂවාදී නවකතාවන් කිහිපයක්ම ලියනු ලැබේ.ඒවා අතර ‘‘එකම කතාව, එක්ටැමින් පොළවට, කතා පහක්, පේ‍්‍රමය සහ සත්‍ය කතාවක්, එක් සත්‍ය කතාවක් යන කතාවන් ප‍්‍රධානත්වය ගනී. මෙහිදී දහනවවන සියවසේ සිංහල නවකතාවේ ස්වභාවය පිළිබඳව අදහසක් ගෙන එන සුචරිත ගම්ලත් මහතාගේ අදහස මෙසේය. ඔහු දකිනුයේ මෙරට නවකතාවේ යම් සැළකිය යුතු වෙනසකි.
01* නවකතා රචකයා තමාගේ මනෝරූප යථාර්ථය මත පැටවීම.
නිදසුනක් ලෙසින් නිහාල් පී, ජයතුංගයන්ගේ ‘‘උතුරට ගිය සෙබළකුගේ කතාව’’ හා ටෙනිසන් පෙරේරාගේ ‘‘සතුරු සේනා’’ යන නවකතාවන්හි එකී ස්වභාවය ඇති බවය.
02* ඵල විස්තර කිරීම දෘශ්‍යමානයන් විස්තර කිරීම.
ජයතිලක කැම්මැල්වීරගේ ‘‘තාත්තලාගේ කතාව’’ පියසේන කහඳගමගේ ‘‘ නිම්නයක අඬහැරය’’ යන නවකතාවන් මේ පක්ෂයෙහිලා ගැනිය හැකැයි ඔහු විස්වාස කරයි.
03* පොදු දේ නොව සුවිශේෂයන් පිළිබඳව කරන විස්තර.
එච්.ඒ සෙනෙවිරත්නගේ ‘‘පරාභවය’’ සරච්චන්ද්‍රයන්ගේ ‘‘විලාසනියකගේ පේ‍්‍රමය’’ විජයරත්න මැණිකේගේ ‘‘වඩබාගින්න’’ කේ.ජී. කරුණාසේනගේ ‘‘ චෝරනාග’’ බුද්ධදාස හේවගේගේ ‘‘ යාත‍්‍රාවක මිනිස්සු’’ යන නවකතාවන් මේ හා සම්බන්ධව ගැනිය හැකි බවය.
මේ ආකාරයේ ලාංකීය නවකතාවේ කිසියම් ආකාරයේ දහනම වන සියවසේ ස්වභාවයක් දැනගැනීමට හැකියාව සැළසේ. එබැවින් මෙම යුගයේ ලියූ තවත් නවකතා ලෙසින් නවකතා බොහෝ ප‍්‍රමාණයක් වැදගත් ඒවා ඇත. සුනන්ද්‍ර මහේන්ද්‍ර ‘‘උණුඅළු පල්ල’’ සයිමන් නවගත්තේගම ‘‘සංසාරණ්‍ය අසබඩ’’ ශාන්ති දිසානායක ‘‘වරාමල්’’ චන්ද්‍ර රත්න බණ්ඩාර ‘‘වනසපුමලී’’ සේපාලී මායාදුන්නේ ‘‘දියබෙදුම’’ එස්.සිරිවර්ධන ‘‘පඹයා’’ ආර්.කංකානම්ගේ ‘‘ගම්දොර හැඬුම’’ සීතා කුමාරිහාමී ‘‘අරටු’’ අනුලා විජය රත්න ‘‘ වඩබාගින්න’’ වැනි නවකතාවන් මෙහිලා අතිශයින්ම වැදගත් නවකතාවන් ලෙසින් අපට හඳුනා ගත හැකිය. එබැවින් මේ අයුරින් ලාංකීය නවකතාවේ කිසියම් ආකාරයේ ප‍්‍රභවයක් හා ව්‍යාප්තිය පිළිබඳව අපට විමසිය හැකිය.
03* ලාංකීය මනෝවිද්‍යාත්මක නවකතාව.
සිංහලනවකතාවේ විකාශනය හා එහි ස්වභාවය පිළිබඳව මුලින් විමසුවෙමි. එසේ ලාංකීය නවකතාව දේහීය හා විදේශීය කතාකලාවේ මිශ‍්‍රණයෙන් යුක්තව බිහිවූ බව මෙහිදී පිළිගත් මතය වේ. වික‍්‍රමංසිංහ මහතා ලියූ ‘‘මීනා’’ දැනට සිංහල නවකතාවේ මුල්කෘතිය ලෙසින් සැළකේ. එකී ආරම්භයේ සිට මේ දක්වා ලාංකීය නවකතාව නොයෙක් නිමිවලළු ඔස්සේ විහිදී ඇත. මුල්කාලීනව පැවති නවකතාවලද මනෝවිද්‍යාත්මක පක්ෂය නැතිවා නොවේ. ඒවායේද යම් තරමකින් එකී පැතිකඩ කතා කළහැක බව සරච්චන්ද්‍ර වික‍්‍රමසූරිය මහතා දක්වන අදහසින් පෙනේ.
01* ධර්මප‍්‍රචාරය,දේශවාත්සල්‍යය හා සමාජ සංසෝධනය පදනම් කරගැනීම එකී කාරණයට හේතු වූ බව කිව හැකිය.
02* පාඨකයාට හුදු විනෝදාස්වාදය ලබාදීමේ අරමුණුකරගෙන ලියන ලද නවකතා.
03* පෞද්ගලික ජීවන දෘෂ්ටිය පදනම් කරගෙන ලියැවුණු නවකතා.
මේ ආකාරයෙන් ඔහු දක්වන ආකාරයට ඒවායේද තරමක් මානුෂීය චේෂ්ටාවන් දැක්වුවද ප‍්‍රබලව එකී කාරණාවන් හෝ උක්ත තේමාවවත් භාවිතා නොකිරීම නිසා මේ ගණයට අයත් නොවේ. එබැවින් මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ලියූ ‘‘විරාගය’’ එකී සංදර්භයේ ප‍්‍රාරම්භක නවකතාව වේ. මෙහිදී ලාංකීය මනෝවිද්‍යාත්මක යැයි සැළකියහැකි නවකතාවේ බිහිවීම සඳහා බලපෑවේ විදේශීය නවකතාව බව පෙනේ. එසේම මේ නවකතාවන්හි පවතින ස්වභාවය පිළිබඳව අදහසක් මෙහිදී විමසිීම වැදගත්ය. ‘‘ නවකතාවක් කියවිය යුත්තේ එයින් වින්දනයක්සේම ජීවිතයත් මිනිස් සිතත් පිළිබඳ අවබෝධයක්ද ලබා ගැනීමටය. ඒ අවබෝධය දුෂ්කර මඟහැර ජීවිතය සරිකරගැනුමට උපකාරීවෙයි. ජීවිතයත් මිනිස් සිතත් පිළිබඳ විකෘතිකොට දක්වන නවකතා කියවනු ලබන වැරදි අවබෝධය ඔහුගේ අනර්ථයට හේතු වෙයි.’’ එසේම මෙරට මනෝවිද්‍යාත්මකැයි සැළකිය හැකි නවකතාවේ පදනම ජාතක කතාවන්හි ඇතිබව තර්කයක් නොමැත. එහිදී උක්ත ජාතකකතාවන්ද දේශීය මනෝවිද්‍යාත්මක නවකතාව වර්ධනය වීමට අතිශයින් පි්ටුවහලක්වී ඇත. නමුදු ලංකාවතුළ නවකතාවයැයි සැළකිය හැකි ලක්ෂණයන්ගෙන් යුක්තව බිහිවූයේ විදේශීය නවකතාවෙන් නිසා ඒ සඳහා ඉවහල් වූයේ විදේශීය නවකතාව බව ඇතැමුන්ගේ තර්කයයි. ඒ පළමුවෙන්ම මෙරට ලියූ මනෝවිද්‍යාත්මක නවකතාව වන වික‍්‍රමසිංහ මහතා ලියූ ‘‘විරාගය’’ කෘතිය සඳහා රුසියන් නවකතාවේ ආභාසය කොටගැනීමය.‘‘ පුෂිකින් කවියාගේ ඉයුජින් ඔනේජින් නම් පද්‍යමය නවකතාවෙන් මාර්ටින් වික‍්‍රමසිංහ විසින් රචිත විරාගය නවකතාවත් අතර පෙනෙන මේ සමානකම් අහම්බෙන් ඇතිවූවක් වන්නටද පිළිවනිය. එහෙත් විරාගය කිසියම් රුසියානු නවකතාවක හෝ නවකතා කිහිපයක සෙවනැල්ල වැටී ඇතිබවට නම් සැකයක් නැත.’’ කෙසේ හෝ ලාංකීය මනෝවිද්‍යාත්මක නවකතාවේ විරාගය වනාහී සුවිශේෂීය ස්ථානයක් ගනී. මාර්ටින් වික‍්‍රමසිංහ මහතාම දක්වන ආකාරයට ජාතක කතාවන්හි බටහිර නවකතාවට වඩා විඥානධාරා සංකල්පය ඇතිබව දක්වයි. ‘‘ රුසියන් නවකතාකාරයන් දුක සැප දෙකින්යුතු මනුෂ්‍ය ජීවිතය දයානුකම්පාව නිසා උපන් ශෝකාකූල කළකිරුණු සිතින් නිරූපණය කළ බැවිණි. බටහිර විචාරකයන් නවකතාවෙහි ශ්‍රේෂ්ටත්වයට හේතුවූයේ යැයි කියන ලක්ෂණ තතුද බොහෝ ජාතක කතාවස්තුවල දක්නට ලැබේ. ජාතක පොතෙත් නවකතාවෙහි උසස් අංගයන් දත හැකිය.’’ කෙසේ මෙකි නවකතාවන්හි මනෝවෘත්තීන්(පැබඒක ිඒඑැ* චරිත මාර්ගයෙන් ප‍්‍රකාශනය(ිඒඑපැබඑ* කිරීම සිදුවේ. එබැවින් කෙසේ හෝ ලාංකීය මනෝවිද්‍යාත්මක නවකතාවේ බිහිවීම උදෙසා විදේශීය හා දේශීය ජාතක කතාවන්හි ඇසුර ලැබිණැයි කිව හැකිය. යථාර්ථවාදී නවකතාවෙන් මිදී විඥානධාරා රීතිය ඔස්සේ නවකතාකරණයට පිවිසියේද සාමාන්‍ය ලෙසින් නවකතාවන් ලියූ වික‍්‍රමසිංහමය. ඒ විරාගය හරහා එකී සන්දර්භයට ප‍්‍රවේශ වීමත් නිසාය. රුසියන් සමාජයේ මෙන් ලාංකීය සමාජය තුළද ඇතිවූ ආර්ථික, සාමාජික, දේශපාලනික යන අංශයන්ගේ බලපෑම නිසාවෙන් මිනිසාගේ ආත්මීය හුදකලාව හා දුක්ඛිත පක්ෂය වර්ධනය විය. ඒ හේතුවෙන් සාංදෘෂ්ටිකවාදි චරිත පාදක කොටගත් චරිතවෙත ලාංකීය නවකතාකරුවාද ප‍්‍රවේශවූවායැයි කිවහැකිය. ඒ හේතුවෙන් සංකීර්ණ(ජදපචකැං* ආඛ්‍යාන කලාවක් වෙත සමර්ථනය කිරීම(එද චරදඩැ* සිදුවිය. මේ ආකාරයෙන් මුල්කාලීන නවකතාවේ පැවති ඒකත්වයෙන් මිදී චරිතයනගේ අභ්‍යන්තරය විවිරණය කිරීම උදෙසා යොමුවිය. බටහිර මෙකී නවකතාව වර්ධනය කරන ලද්දේ ජෙම්ස් ජොයිස්, ප‍්‍රාන්ස් කෆ්කා, වර්ජිනියාවුල්ෆ්, ඞී.එච්. ලෝරන්ස් වැනි නූතනවාදී ලේඛකයෝ පෙරමුණ ගත්හ. සිරිගුණසිංහයන් විසින් ලියන ලද හෙවනැල්ලයි.එහිදි විඥානධාරා සංකල්පය අතිශයින්ම ප‍්‍රකටව දිවෙන නවකතාවකි. ජිනදාස යනු විටෙකදී ආත්මරාගී තැනැත්තෙකි, තවත් විටෙකදී කාමයන් අන්අයගේ ශරීරයදෙස බලා සංතෘප්ත කරගන්නා චරිතයකි. තවද ඔුහු තම මවගේ හාමුදුරුවන් අතර සදාචාරාත්මක බන්ධනයක සිරවූ චර්තයක් ලෙසින්ද දක්වයි. නව සමාජ ක‍්‍රමයට හැඩගැසීමට වෙහෙසෙන ජිනදාසට පාම්පරික ගැමි සිතුම් පැතුම්වලින් මිදීමට නොහැකිය. ඒ නිසාම ඔහුගේ සිතේ පවතින චෙතසික ස්වභාවය සංකීර්ණ හා විශ්ලේෂණීය කාරණාවකි. මෙලෙසින් හෙවනැල්ල තුළ ප‍්‍රබල මානසිකත්වයක් ඇති චරිතයක් ලෙසින් ජිනදාසගේ චරිතය ගැනිය හැකිය.වික‍්‍රමස්ංහ මහතාගේ විරාගයෙහි අරවින්ද රාගයෙන් තොරවූවකු ලෙසින් දැක්වුවත් ඒ පිළිබඳව ගුණදාස අමරසේකර මහතා මෙසේ දක්වයි.‘‘ නොතිත් ආසාව දැන් මගේ සෝකයට නොව සොම්නසට හේතුවයි. එහෙත් කරුණාව, දයාව, ඇල්ම යනාදී මිනිස් දහමින් තොර තැනක ජීවත්වීම නිසා මාගේ කලකිරීම දුරුවිය.’’ එබැවින් අරවින්දගේ රාගී සිතිවිලි මෙල්ලවූයේද නැතහොත් ඔහුගේ යටි සිතේ කැකෑරෙණ නොතිත් ආසාවන් කතුවරයා දක්වනුයේ මෙසේය. ‘‘ මෙකී දැකීමෙන් ැගේ පිරුණු කොපුලත්තල ලොකු ඇස් උතුරන තරම් ජීවයෙන් පිරුණු බඳුනක්වැනි ඇගේ කය.’’ මේ ආකාරයෙන් විරාගයේ හා හෙවනැල්ල නවකතාවන්හි දළසිත(ෂා* හා යහපත අයහපත කියැවෙන උත්තරාත්මය (ීමචැර ෑටද* අතර ගැටුම මින් මනාව පෙන්වාදෙයි. මේ සදහා යුරෝපීය නවකතාවන්හි එන මෙකී විඥානධාරා රිතිය ඉවහල්වන බව කිව යුතුය. ඒවායේ ඇති භින්නපරත්වාරෝපිත ආත්මය හා සාංදෘෂ්ටිකවාදී චරිතයන්ගේ ලක්ෂණ අන්තර්ගත වන නිසාවෙන්ය. තවද මෙකි නවකතාවන්හි චරිතයනගේ උදාසීන භාවය, අක‍්‍රීය භාවය, හුදකලා ජීවිතය ආදී ලක්ෂණයන් පාදකකොටගත් චරිතයන් මේ සඳහා අපට හදුනාගැනීමසට පිළවනිය. තවදුරටත් ලාංකීය නවකතාවේ මෙකී විශ්ලේෂණීය අදහස් ප‍්‍රකාශවන නවකතාවන් ලෙසින් මළගියඇත්තෝ, දෙපානොලද්දෝ, මළවුන්ගේ අවුරුදු දා, පරාජිතයෝ, අප‍්‍රසන්න කතාවක්, ගන්ධබ්බ අපදානය, වල්මත්වී හසරක් නොදුටිම්, පානෙන් අඳුරට ,චරිත තුනක්, යන් නවකතාවන් එකී චරිතයන් ඇතුළත් නවකතාවන්ය. මේ ආකාරයේ ලාංකීය මනෝවිද්‍යාත්මක නවකතාවේ දැකිය හැකි ස්වභාවය පෙනේ. ලාංකීය නවකතාවේද විශේෂයෙන් හුදකලා හා නිෂ්ක‍්‍රීය චරිතයන් දැක්වීම පැහැදිළිවම පෙනේ. මාර්ටින් වික‍්‍රමසිංහ මහතා දක්වනුයේ මෙකී නවකතාවන්හි පැවතිය යුතු ස්වරූපයක් මේ ලෙසින් දක්වයි. ‘‘ මනුෂ්‍ය ජීවිතය වූ කලී ගණන් පට්ටම් ඇති විදුරුමිණක් වැන්න. සදාචාරයෙහි ගුණ වර්ණනනා කරන ඇතැම්විට දුරාචාරයෙහි ඇලීම පිස්සකු මෙන් මුරගා මත්පැනෙහි දොස්කියන්නා ඇතැම්විට මත්පැන්බීමත්....’’ මේ අනුව තත් නවකතාවන් කලාත්මක භාවනාවක් මෙන් ආස්වාද්‍ය චෙතසික පිළිබඳව සදාචාරාත්ම දෘශ්ටිකෝණයක සිට (පදර්ක චදසබඑ දෙ ඩසඩැ* විවරණය කරනබව පෙනේ. එබැවින් ලාංකීය නවකතාවද මෙකී විඥානධාරා රීතියෙහි ත‍්‍රීව‍්‍රත්වය සුරක්ෂිත කොටගන්නා ආකාරය කිව හැකිය. මේ ලෙසින් අධ්‍යාත්මගත චිත්ත චෙතසික පිළිබඳව විවිරණය කරණ චරිතකිහිපයක් මෙසේ දක්වමු.
‘‘ දෙපානොලද්දෝහි පොඩි අයියා ජීවිතය තමාටම නැටවීමට ඉඩදෙන්නෙකි.’’
‘‘ මළගිය ඇත්තොහි දෙවොන්දරාසන් තත්‍ය ජීවිතයෙහි ආත්ම ශක්ත’ිය ඇත්තකු ලෙසින් මුහුණ නොදෙන්නෙකි.’’
‘‘ කරුමක්කාරයෝහි ගුණපාලගේ චරිතය අකර්මන්‍ය ස්වරූපයක් ගනි.’’
‘‘ පරාජිතයෝහි උදේනි ජීවිතයේ සියළු ගැටළුවලින් ජයගන්නට ගොස් අවසානයේ සියල්ලෙන් පරාජයට පත්වෙයි.’’
‘‘ යළි උපන්නමේහි රණතුංග අසාමාන්‍ය චර්යාවන් වෙත සිත්ඇදීයන හා වින්දනයක් සොයන්නාවූ කෙනෙකි.’’
මේ අයුරින් ලාංකීය නවකතාවේ දක්නට ලැබෙන මනෝවිද්‍යාත්මක චරිතයන්ගේ ස්වභාවය පිළිබඳව කිසියම් අදහසක් අපගේ අවධානයට යොමුකොට ගත හැකිය. මේ සඳහා බෙහෙවින් ආශ‍්‍රයවූයේ ඞී.එච්.ලෝරන්ස්ගේ කෘතීන්බව ඒවායේද දැක්වෙන අදහස් හා සමගාමීත්වයක් දනවන නිසාවෙන් පෙන්වාදිය හැකිය. ඔහුද මිනිසාගේ නිරිලෝභිත්වයෙන් අභ්‍යන්තරීක ජීවිතය ගවේෂණය කිරීමේ ක‍්‍රමවේදය නවකතාවන් ඔස්සේ මතුකළ තැනැත්තෙකි. ලාංකීය නවකතාවේ මෙම තත්වය ඇතිවීමට බලපෑවේද බටහිර ඇසුර නිසාබව ප‍්‍රථමයෙන් හැඳින්නෙමු. පශ්චාත්නූතනවාදී සාහිත්‍ය ව්‍යාප්තිය හෙවත් (පදාැරබසිඑ* යන්න නිසාවෙන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. කරුමක්කාරයෝ, දෙපානොලද්දෝ, යළි උපන්නෙමි යන නවකතාවන්ට බෙහෙවින්ම ආදර්ශවූයේ ඞී.එච්. ලෝරන්ස්ගේ කෘතීන් බව කිවහැකිය. ‘‘ මිනිසාගේ ප‍්‍රකෘති ආසාවන් සාමාජීය සිරිත් විරිත් වලින් සීමා නොකළ යුතුය. එසේ යටපත්වූ ප‍්‍රකෘති ආශාවන් කලක්ගිය පසු වෙනත් ස්වරූපයකින් සමාජයට ඒකාගතාර බලවේග ලෙසින් ඉදිරිපත්වේ.’’ මේ ලෙසින් දක්වනුයේ ගුණදාස අමරසේකරගේ නවකතාවන්හි දර්ශනයේ සව්භාවයයි. ඔහුවිසින් රචිත යළි උපන්නෙමි කතාවේ රණතුංගගේ චරිතයෙන් මනාව දර්ශනය වේ. දැඩි ආගමික භක්තියකින් වැඩුණු කතාකරුවා ස්වකීය චිත්ත චෙතසිකයන් සංතර්පණය කිරීමේ ආසාවෙන් වෙනස්ම චර්යාවකට යොමුවෙන චරිතයකි. නොයෙක් ආකාරයේ කාමසිතිවිලි හා ලිංගික ආසාවන් මැඬගත්තද ඒ තිසාවෙන්ම විටෙක ඔහු සියදිවි හානිකොටගැනීමට පවා යොමුවෙන්නෙකි. අවසානයේදී මුඩුක්කු ජීවිතය වෙත සම්ප‍්‍රාප්ත වන අතර එහිදී ඔුවුන් සමගින් ජීවත් වෙයි. එහිදී හමුවන ස්ත‍්‍රියක් සමගින් සංවාසයේ යෙදීමෙන් ඔහුගේ චිත්ත චෙතසිකයන්ද සමනයට පත් කොටගැනීමට හැකියාව සැලසේ. ‘‘ සැබෑ පේ‍්‍රමය යනු වළාකුළක් අතර පාවෙන කල්පිතයක් නොව කායික සංසර්ගය පදනම් කොටගත් එකදක් බවද ලෝකාස්වාදය පහත්කොට සැළකිය යුත්තක් නොව ව්ශ්වයේ ඇති ඉතා වැදගත් බලවේග බවද ඈ ඔහුට පහදා දෙයි.’’ ලාංකීය මනෝවිද්‍යාත්මක නවකතාවේ දැකිය හැකි තවත් මනෝවිශ්ලේෂණීය කාරණාවන් ලෙසින් ලිංගික කාරණාවන්ද ඉතා අවධානයෙන් යුක්තව පෙන්ව නබව කිව හැකිය. ඒ අතර නූතන නවකතාවේ කළු නවකතාවේ චෙතිගේ චරිතයෙන් දක්වනුයේද උක්ත ආකාරයේ ලිංගිකත්වය පිළිබඳ කාරණාවක්ය. ඇය තම සැමියාගේ කියික තෘප්තිය පමණක් නොව මානසික වසයෙන්ද ඇගේ සංතෘප්තිය පිළිබඳව ලතැවුලකට පත්වේ. මේ කාරණාවම ජයතිලක කසැමල්ලවීරගේ චුම්බන කන්ද නවකතාවෙන් පසක්වේ. එනම් පොඩිසිංහයා හෙවත් නවකතාවේ ප‍්‍රධාන පාත‍්‍රයාගේ චරිතය එවන් චරිතයක්ය. කෙතරම් දුරට සමාජයෙන් වියුක්තව කැළෑවක් තුළ දිවිගෙවූ ඔහු වරෙක සිය ස්තානයට ආ ස්ත‍්‍රීයක් සමගින් සංවාසයේ යෙදෙනුයේ සැබවින්ම මිනිසාගේ ලිංගිකාස්වාදයේ තෘප්තිය උදෙසාය. මේ කාරනාවන්ම යළිඋපන්නෙමි, අප‍්‍රස්න්න කතාවක්,වල්මත්වී හසරක් නොදුටිම් යන නවකතාවන් ඔස්සේ පෙන්වාදිය හැකිය. එකී නවකතා ත‍්‍රිත්වයේ දැක්වෙනුයේද කාර්යසාධනයෙහිලා අසමත්වන ස්වප්තිකයන් තිදෙනෙකුගේ චරිතයන් පිළිබඳ කතාවකි. ඒ කවර නවකතාවක උවද ලිංගිකත්වය යනු මනෝවිද්‍යාවට අනුව සලකනුයේ අධි මනෝවිශ්ලේෂණීය කාරණෂාවන් ලෙසින්ය. එහිදී දේශීය විදේශීය මෙම ගණයට අයත් නවකතාවන්හි මෙම පුද්ගල විඥානගත ආසාවන් මනාව විග‍්‍රහ කරනුයේ මනෝවිද්‍යාත්මක සන්දර්භය විවරණය කිරීමේ අදිටනින්ය. එහිදී මෙකී පරපීඩක කාමුක චරිතයන් ලෙසින් ප‍්‍රකටවම යළි උපන්නෙම්හි‘‘රණතුංග’’ පරාජිතයෝහි ‘‘උදේනි’’ අප‍්‍රසන්න කතාවක්හි ‘‘සිරිපාල’’ මළගිය ඇත්තෝහි ‘‘දෙවොන්දරාසන්’’ වල්මත්වී හසරක් නොදුටිම්හි ‘‘ වික්ටර්’’ ගන්ධබ්බ අපදානයේ ‘‘ කතානායකයා’’ දෙපා නොලද්දෝහි ‘‘පොඩි අයියා’’ යන චරිතයෝ සවිඥානිකතව හෝ අවිඥානිකව ස්ත‍්‍රී කායික මානසික පීඩනයට හසුකිරීමෙන් සුඛ වෙදනාවන් ලබයි.’’ මේ ලෙසින් මනස මාර්ගයෙන් පුද්ගල ජීවිතය විවරණය කරණ නිසාවෙන් මෙකී නවකතාවන්හි වැදගත්භාවය රඳා පවතියි. මේ කාරණාවම මාක්ස්වාදීන් දක්වනුයේද මිනිස්සිත විනිවිද දැකීමටනම් මෙලෙසින් අභ්‍යන්තරය වෙත සමීප වීමේ ක‍්‍රමවේදයවෙත පිවිසිය යුතු බව දක්වයි. ‘‘ නවකතාවක් කියවිය යුත්තේ එයින් විනෝදයක් මෙන්ම ජීවිතයත් මිනිස් සිතත් පිළිබඳව අවබෝධයක්ද ලබාගැනීමයි. ඒ අවබෝධය දුෂ්කරතා මඟහැර ජීවිතය සාර්ථක කරගැනුමට උපකාරී වෙයි. ජීවිතයත් මිනිස් සිතත් විකෘතිකොට දක්වන නවකතා කියවන්නා ලබන වැරදි අවබෝධය ඔහුගේ අර්ථයට හේතුවෙයි. ඔහු තම ජීවිතය හවුල් කොටගෙන අධ්‍යයනය කළ හැකිය....’’ මේ කාරණයෙන් අප විග‍්‍රහ කරනුයේ නවකතාවේ පවතිව මෙකී ව්ඥානවාදචී විශ්ලේෂණයේ ඇති වැදගත්කම පිළිබඳවය. ඒ නිසාවෙන් මනෝවිද්‍යාත්මක නවකතාව යනු මානව ජීවිතයේ ස්වභාවය ගැඹුරින් අධ්‍යයනය කොට පුද්ගලත්වය යනු කුමක්ද පෙන්වා දෙන්නාවූ සාහිත්‍යාංගයකි. ලාංකීය සමාජයේද නූතනයේදී මෙකී ප‍්‍රවණතාවය ඔස්සේ නවකතා ලිවීමේ ස්වභාවයක් දක්නට ලැබේ. මෙහිදී මනෝවිශ්ලෙෂණවාදී ලෙබලයකින් නූතන නවකතාව හැදින්විය නොහැකි වුවද කිසියම් ආකාරයකින් එකී පඨිතමය ප‍්‍රවේශයක් වෙතට ඒවා බඳුන්කළ හැකිය. කෙසේ හෝ ලාංකීය සමාජයේද මෙකී නවකතාවන්හි යම් හඳුන්වාදීමක් කරන්නේ නම් සුමිත‍්‍රා රාහුබද්ධගේ ‘‘කන්දක්සේමා’’ බටුවන්ගල රාහුල හිමගේ ‘‘ ප‍්‍රභානී’’ සමජීව වජයසිංහගේ ‘‘ ස්වයංජාත’’ හා ‘‘ කෙලෙස්පර්වත’’ ජයතිලක කැම්මැල්ලචීරගේ ‘‘ චුම්බනකන්ද’’ තාරකා වාසලමුදලි ආරච්චිගේ ‘‘කළු’’ සුනේත‍්‍රා රාජකරුණානායකගේ ‘‘ කවිකඳුර’’ කැත්ලී න් ජයවර්ධනගේ ‘‘ සත්‍යකාම’’ යන නවකතාවන්ද මෙකී සන්දර්භයක සිට කතා කිරීමට හැකියාව ඇතැයි කිවහැකිය. මෙහිදී උක්ත නවකතාවන් හමුවේ කිසියම් ආකාරයේ මනෝවිද්‍යාත්මක දෘශ්ටියක් නවකතාකරුවන් යොදා ඇතැයි සිතිය හැකිය. ඒ මෙකී නවකතාවන්ගේ පාත‍්‍රවර්ගයා මිනිස් චිත්ත චෙතසික විග‍්‍රහ කිරීමේ ස්වභාවයක් දක්නට ඇති නිසාවෙන්ය. කෙසේ හෝ නූතන සිංහල නවකතාව කිසියම් ආකාරයේ මනෝවිද්‍යාත්මක ලක්ෂණයක් වෙත මෙසේය.
‘‘ මනුෂ්‍ය සන්තානයෙහි ඇති ඊර්ෂ්‍යාව, ක්‍රොධය, පළිගැනීම, වැනි චෙතනා ආයතනයන්හි ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී දර්ශනය සතු කාර්යයකි. එමෙන්ම එය නවකතාවේදී අයත්වන්නේ වෙයි. ඉහත සඳහන් අන්දමේ ක්ලේෂයන්ගේ ක‍්‍රීයාකාරීත්වය හේතුකොටගෙන සමාජයේ ඇතිවන පිරිහීම විග‍්‍රහ කිරීමට මේධා, චාරුමුඛ, වරදත්ත යන නවකතාවන් උත්සාහ දරා ඇත. ප‍්‍රථම පුරුෂයෙන් ලියැවුණු අවධියේ විස්තර කරණ ලද්දේ මනුෂ්‍යයාගේ බාහිර ක‍්‍රියා කලාපයයි. ‘‘මම’’ දෘශ්ටියෙන් නවකතා ලිවීමේදී සුලභ වීමෙන් පසුව මනුෂ්‍යයාගේ අභ්‍යන්තර ජීවිතයට වඩ වඩාත් ගැඹුරෙන් විග‍්‍රහවන බව පෙනේ.’’
එබැවින් උක්ත නවකතාවන්හි වුවද මනෝවිශ්ලේෂණීය අදහස් සමගාමී පුද්ගල ජීවිත විවරණයක් වෙත යොමුවීමෙස් හැකියාව ඇතැයි කිවහැකිය. මෙහිදී නූතන සිංහල නවකතා කරුවාගේ විග‍්‍රහවන මානුෂීය කාරණාවන් ලෙසින් මේවා දැක්විය හැකිය. විවාහය, පේ‍්‍රමය, ධනතෘෂ්ණාව, කැපී පෙනීමේප අසාව, දාරක පේ‍්‍රමය, සමාජ අරගල යන මනුස්‍ය ස්වභාවයට අනුකූල සනාතන ධර්මතා පිළිබඳ ගැඹුරින් විග‍්‍රහකිරීමේ ක‍්‍රමවේදයකට පරිවර්තනය වීමය. 1960 න් පසුව ලාංකීය නවකතාවේ මානුෂීය කඩතුරාවෙන් ලියැවෙන චරිතයන් ඇති මනෝවිද්‍යාත්මක යැයි සැළකෙන නවකත’ාව වෙත ප‍්‍රවේශවූ බව කිවහැකිය. එහිදී සරච්චන්ද්‍ර මහතා හා ගුණදාස අමරසේකර වැනි නවකතාකරුවන්ද ලියූ නවකතාවන් මනෝවිශ්ලේෂණීය නවකතාවේ ප‍්‍රගමනය සඳහා අතිශයින් ඉවහල් විය.මේ ආකාරයේ විවරණයක් ඔස්සේ ලාංකීය මනෝවිද්‍යාත්මක නවකතාවේ ස්වභාවය පිළිබඳව
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment