Tuesday, December 10, 2013
‘‘සිද්ධිය හෝ මතය සන්නිවේදකයා දකින ආකාරය ඔබ පැහැදිලි කරගන්නා ආකාරය
‘‘සිද්ධිය හෝ මතය සන්නිවේදකයා දකින ආකාරය ඔබ පැහැදිලි කරගන්නා ආකාරය
‘‘ලෝකයේ ඉදිරි ගමන රු`දී පවතින්නේ සන්නිවේදන ක්‍රියාදාමය මතයි’’ (හැරල්ඞ් ඩි. ලැස්වෙල් ආචාර්ය වරයා*
සිද්ධිය පිළිබ`ද සන්නිවේදකයා දකින ආකාරය පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් ඇසුරින්
ආදිතම මානවයා ර්ණයදපද” හෙවත් සිතන , සිතිය හැකි යන විශේෂවාචී පදයකින් හැදින්වීමට මුලික හේතුවක් ලෙස හැදින්වූයේ චින්තනය මුල්කර ගෙන සන්නිවේදනයෙහි යෙදීම හෙතුවකි වූ බව නොඅනුමානයි. සන්නිවේදනය දියුණු වී පසුව භාෂාවක් තුළින් බොහෝ දේ සන්නිවේදනය කළේය. ඊටත් පසුව ලේඛණයත් සම`ග සන්නිවේදනයේ නිම් වළලූ ප්‍රසාරණය කිරීමට මිනිසාට හැකි විය. වත_මානය වනවිට ජන සන්නිවේදනය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය හරහාද විශාල වශයෙන් සිදුවේ. ඒ අනුව සන්නිවේදනයේ විෂයීක දියුණුවක්ද ඇති වී තිබේ. සන්නිවේදන මාධ්‍යය අතුරෙන් මුද්‍රිත මාධ්‍යය අද වන විට සිද්ධි හා මතයන් ජනතාව කරා ගෙන යන ප්‍රධාන මාධ්‍යයකි. ඒ අතරින් පුවත් පත් ප්‍රධාන තැනක් ගනී.
ප්‍රවෘත්තියක් යනු කතිකාවක හා අදාළත්වය අනුව ඇති වන්නකි. ලෝකය පුරා ජාත්‍යන්තර මට්ටමේ විවිධ කතිකා තිබේ. විටෙක ජාත්‍යන්තර මුල්‍ය අර්බුද , සාමය කඩ වීම් , මනුෂ්‍යත්වයේ ප්‍රමීතීන් උල්ලංඝනය වන ආකාරයේ මානව අයිතිවාසිනමි කඩ කිරීම් වැනි එ්වා වේ. ඒ අතරම මුහුදු කොල්ල කරුවන් පිළිබ`ද නිරන්තර කතිකාවක් තිබේ. එය මෙරටටද කතිකාවක් ගොඩ නැගීමට හේතු වනුයේ මෙරට මුහුදින් වට වී ඇති බැවින් හා විවිධ රටවල මෙරට ශ්‍රමිකයන් නාවිකයන් ලෙස කටයුතු කිරීම වැනි හේතු ගණනාවක් බලපා ඇත.
මෙරට ධීවර යාත්‍රාවක් යාත්‍රා කිරීමේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වු එකම පුවතක් පිළිබ`දව දිවයින හා ලංකාදීප යන පුවත්පත්වල 20011 පෙබරවාරි මස 21 වැනි ස`දුදා පළවිය. සන්නිවේදකයා විවිධ අරමුණු ඉෂ්ඨ කර ගැනීමේ යටි අරමුණු සහිතව පුවත් හෝ සිද්ධි වාර්තා කරයි. ඒ අනුව මෙම සිද්ධිය ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කිරීමේ සම්භාවිතාවකින් යුතු වූ බව සන්නිවේදකයන් දැන සිටි බැවින් දිවි බේරා ගත් ධීවරයන් මෙරටට එන විට ඒ පිළිබ`දව වාර්තා කිරීමට ගොස් සිටි බව මෙම ලිපි දෙක මගින් පැහැදිලි වේ. මෙම ලිපි දෙක සැළකීමේදී ලංකාදීප පුවත්පතේහි මෙය කෙටියෙන් දක්වා ඇති අතර ලංකාදීප පුවත්පත එය විශේෂ වාර්තාවක් ලෙසින් දක්වා ඇත. මේ අනුව පැහැදිලිවන එක් කරුණක් වන්නේ දිවයින පුවත්පත් සන්නිවේදකයා මෙම පුවත පිළිබ`ද විශේෂ වැදගත් කමක් දක්වනු හෝ එදින පුවත් පතේ පළ කිරීමට පුවත් ප්‍රමාණවත් නොවීමෙන් මෙය විශේෂ ලිපියක් ලෙස ලිවීමට අදහස් කළා විය හැක. මෙම පුවත්පතට වඩා ලංකාදීප පුවත්පත සාර්ථක අළෙවියක් මෙන්ම දිනපතා බොහෝ පුවත් හා සිද්ධි සන්නිවේදකයන් මාර්ගයෙන් ලැබීම නිසා එම ලිපිය කෙටී වූවා විය හැකිය. එසේම එහි පුවත මුලින් සැඛෙවින් දැක්වීමෙදී ර්ණඉදකඑ” කර දැකිවීම ග්රාහකයාට ඒ පිළිබ`ද අවබෝධයක් ඇති කිරීමට වැදගත් වේ.
කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු වූ යාත්‍රාව පූවෙ_ාක්ත පුවත් පත් දෙකෙහි දත්වා ඇත්තේ වෙනස් අකාරයකටය. දිවයින එය ‘දර්ශන පුතා 06’ ලෙසද ලංකාදීපය ‘දර්ශන 06 ’ බහුදින යාත්‍රාව ලෙස හදුන්වා ඇත. එසේම මෙම යාත්‍රාව මෙරටට පැමිණි ප්‍රදේශය දැක්වීමේදී දිවයින පුවත්පත දකුණු සාගරයේ මිරිස්ස ධීවර වරායට කේන්ද්‍ර වූ බව පවසයි. ලංකාදීප පුවත්පත එය මිරිස්ස වරායට පැමිණි බව දක්වයි. ඒ බව දිවයින සන්නිවේදකයා වැලිගම පොලිස් මූලස්ථානය පවසන බව දක්වයි. මෙම කරුණු තුළින් පැහැදිලි වන විශේෂ කරුණක් නම් මෙම පුවත්පත් දෙක ස`දහා මෙම තොරතුරු ලබා ගත්තේ කේසේද යන්නයි. ලංකාදීප පුවත්පත දුරකථන මාර්ග හරහා බොහෝ තොරතුරු ලබා ගත් බව පැහැදිලි වේ. දිවයින සන්නිවේදකයා අදාළ ස්ථානයට ගොස් ඔහුන් සම`ග සාකච්ඡුා කොට තොරතුරු රුස් කළ බව පැහැදිලි වේ. අදාළ සිදු වීමට හේතු වූ ඔහුන් ගමන් ඇරඔු දිනය හා ඔහුන් ගමන් ගත් දුර ප්‍රමාණය වැනි සිද්ධියට අදාළ වැදගත් තොරතුරු මෙම පුවත් පත් දෙකේම දක්වා ඇත. මෙම යාත්‍රාව ග්‍රහණයට නතුව ධීවරයන් නැවැතී සිටි ස්ථානය දිවයින් පුවත්පතේ නොමැත. ඒ අනුව ඔහු සන්නිවේදන කාර්යය මනාව නොකළ බවටද සිතීමට මෙය බාධාවක් නැත.
මෙම පුවත්පත් දෙක පුද්ගල නාමයන් ග්රාහකයා වෙත සන්නිවේදනය කරන ආකාරය වෙනස් වේ. දිවයින පුවත්පත නම් දැක්වීමේදී වාසගම සහිතව නම දක්වා ඇත(ගාර්දිය වැලිගමගේ ප්‍රියන්ත ප්‍රදීප් කුමාර (36* *. ලංකාදීප පුවත්පත ඔහුන් පදිංචි ස්ථානය අනුව නම් දක්වයි (වැලිගම සෝමානන්ද මාවතේ ඩබ්ලිව් . ප්‍රයන්ත පදීප් කුමාර (40* *. ලංකාදීප පුවත්පත මෙය ජාතික වශයෙන් වැදගත් සිදුවීමක් ලෙස වාර්තා කරන අතර ඒම ප්‍රදේශයේ විශාල අවධානයක් දිනාගත් සිදු වීමක් ලෙස මෙය වාර්තා කරයි. දිවයින පුවත්පත ඒ පිළිබ`දව රටේ ප්‍රධාන කතිකාවක් කිරීමේ හා ඒ පිළිබ`දව උනන්දුව හා සංවේගය ඇතිවන පරිදි වාර්තා කර ඇත. මෙම නම පිළිබ`දව පුවත්පත් දෙක ඔහුගේ වයස දක්වන අතර ඒ පිළිබ`ද පුවත්පත් දෙක දෙයාකාරයකට වාර්තා කරයි. දිවයින පෙර නම් කළ තැනැත්තාගේ බිරියන්ගේ හා දරුවන්ගේ නම් හා වයස් සීමාවන් දන්වන අතර එම තොරතුරු අනුව එළඹිය හැකි නිගමනය වන්නේ දිවයින සන්නිවේදකයා අදාළ පුද්ගලයන් හමුවී තොරතුරු ලබා ගත් බවයි. මෙම කාරණය තහවුරු වන අනෙක් කරුණක් වන්නේ යාත්‍රාවේ වූ අපරාධකරු හදුනා ගැනීමට සහය වන භාණ්ඩ මිරිස්ස නාවික හමුදාව හරහා පොලීසියට ලබා දුන් බව දිවයිනෙහි ස`දහන් වීමයි. අනෙක් පුවත්පතෙහි එය ධීවරයන් පොලීසියට බාරදුන් බව සදහන් වේ.
බහුදින යාත්‍රාවේ වැඩ කළ පස්දෙනා අතරින් මියගිය දෙදෙනා පිළිබ`දව යාත්‍රා අයිතිකරු කළ ස`දහන් කිරීමේදී මෙම සිදු වීම වාර්තා කළ විවිධ මාධ්‍යය මෙය විවිධ අයුරින් වාර්තා කළ බව කියන ස`දහන දිවයින තුළ තිබේ. එයින් සන්නිවේදකයාගේ එක් යටි අරමුණක් පැහැදිලි වේ. එනම් තමා නිවැරදිව මෙය වාර්තා කරන බව ග්රාහකයාට අවබොධ කරවීම යි. නමුත් දිවයිනෙහි ඇති ලිපියෙහි ඇති ස`දහනකින් සන්නිවේදකයා කරුණු පිළිබ`දව යම් අවුල් වූ ස්වාභාවයකින් කටයුතු කළ බව සිතෙනුයේ ‘‘වයස අවුරුදු දෙක හමාරක් වන සදුනි ඉමායා ළදැරිය සිය පියා අහිමි වීමෙන් අද දවසේත් ක`දුළු වගුරුවමින් සිටිති’’ යන ෙඡ්දය තුළිනි. මෙම සිදුවීම එක්තරා ආකාරයකට අතිශයෝක්තියට නැගීමටත් සන්නිවේදකයා උත්සාහ කළ බවක්ද පෙනේ.
මෙම සිදුවීම දේශපාලනමය වාර්තා කිරීමකට වඩා කාලීන සිදුවීමකි. දිවයින ලිපිය තුළ ස්ථාන දෙකකදී පැහැදිලිව ස`දහන් වන්නේ මෙම සිදුවීම මෙරටට සැළවීමත් සම`ග ධීවර අමාත්‍යංශය හා සින්දාදි 02 නැමැති ධීවර යාත්‍රාව ඇතුළු ධීවර යාත්‍රා කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් යාත්‍රා හිමිකරුට උපකාර කළ බව දක්වයි. ඊට පසුව අවසානයේදී ස`දහන් කරනුයේ අදාළ ධීවරයන් මෙරටට පැමිණීමෙන් පසුව එදින උදේ ධීවර අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් කතා කළ බව දැක්වීම තුළින් සන්නිවේදකයා තුළ පැවැති දේශපාලන රුචිකත්වය මනාව පැහැදිලි වේ. එසේම මෙහි මිය ගිය අය වෙනුවෙන් කරන ලද ආගමික කටයුතු පිළිබ`දව බොහෝ විස්තර දත්වා ඇත. එයින් ඔහු තුළ පවතින ආගමික දෘශ්ටිය මනාව පැහැදිලි වේ. එසේම සිදු වීමට අදාළ නොවන අර්ථයකින් තොර කරුණුද එහි දක්වා තිබීම තුළින් සිද්ධිය පිළිබ`දව විශාල ලිපියක් දැක්වීමේ හුදු අවශ්‍යතාව ඒතුළින් මනාව පැහැදිලි වේ.
මේ අනුව සන්නිවේදකයෙකු සන්නිවේදක කාර්යයේ නිරත වීමෙදී බොහෝ කරුණු පිළිබ`ද සැළකිලිමත් වන ආකාරය මැනවින් පැහැදිලි වේ. එසේ වර්තමානය වන විට සන්නිවේදකයා දේශපාලනික හා ආර්ථික වැනි සාධක මත බොහෝවිට තම කාර්යයේ නිරත වන බව පැහැදිලි වේ. එම නිසා යම්සිද්ධියක් හෝ මතයක් පිළිබ`දව යටි අරුත් කියවමින් යමන් ග්‍රහණය කිරීමට ග්රාහකයා සමත් විය යුතුය .
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment