Tuesday, December 10, 2013
ඉතිහාසගත කුවේණිය
යථාර්ථයට සමීප සම්බන්ධකමක් ඇති කල්පිතාර්ථන් මැවීමේ හැකියාව තුලින් නාට්‍ය කලාව අන් කලා මාධ්‍යයන් අභිබවා සිටියි. මෙම නාට්‍ය කලාව වර්ධනය වූයේ නාඩගම් හා කොහොඹායක් කංකාරිය වැනි පැරණි සම්ප‍්‍රදායන් ආශ‍්‍රය කරගෙනය. 1931 වර්ෂයේ උපන් හෙන්රි ජයසිංහ තරුණ අවධියේදී හරිස්චන්‍ද්‍ර නාට්‍යයේ රඟපාමින් සිංහල නාට්‍යයට අවතීර්ණ විය. ඉන් පසුව ඔහු මනමාලයෝ, වැදගකම, ඇත්ත කුමක්ද?, පව්කාරයෝ, ජනේලය, කුවේනි වැනි නාට්‍ය ගණනාවක් බිහිකරමින් මෙරට නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ දිදුලන තාරකාවක් බවට පත් විය. ඔහුගේ නාට්‍ය ගුණාත්මක බවින් යුතු නිසාම පේ‍්‍රක්ෂකයන්ගේ හද බැදගත් ඒවා වේ. 1962 දී බිහි වූ කුවේණි නාට්‍ය පුරාවෘත්තයක් ඇසුරෙන් රචනා කර ඇත. ඉතිහාස කතාවකට නව අරුතක් හා සාධාරණත්වය ඉටු කර දීම පිණිස ඔහු මෙම නාට්‍ය බිහි කර ඇත. කුවේණිය නම් යක්ෂණියක් නොව සැමදා ලොව දැකිය හැකි මානුෂීය ගුණ සපිරි කාන්තාවක බවත් ඇය අසාධාරණයකට ලක් වූ බවත් හෙන්රි ජයසිංහ මෙම නාට්‍යයේදී රූපණය කරවා
ඉතිහාසගත කුවේණිය
මෙරට ඉතිහාසය ඈත කාලයක සිට ලේඛණ ගත කළ ග‍්‍රන්‍ථයන් ලෙස මහා වංශය පිළිබඳ මෙරට සෑම දෙනාම දනිති. මෙහි විජයාගමනයේ සිට මෙරට ඉතිහාසය ලේඛන ගත වී ඇත. ක‍්‍රි.ව. පස්වන සියවසේදී පමණ මහානාම හිමියන් එහි ආරම්භය සනිටුවන් කර ඇත. මෙම මහාව දීප වංශය ඇතුළු වෙනත් මුලාශ‍්‍ර හා ජනප‍්‍රවාද ඇසුරෙන් රචනා කර ඇත. මෙම ග‍්‍රන්‍ථයේ සිංහල ද්වීපයේ හා සිංහල ජාතියේ ආරම්භය සනිටුවන් කරන්නේ විජයාගමනයත් සමගිනි. විජය රජු තම පිරිසත් සමඟ මෙරටට පැමිණීමෙන් පසු කුවෙණි නම් කාන්තාව හමුවූ බව මෙහි සඳහන් වේ.මෙම කුවේණිය පිළිබඳව මහාවංශ ටීකාව, කුවේනි අස්න හා රාජාවලිය වැනි මූලාශ‍්‍රවලින් තොරතුරු හමුවේ.
මහාවංශයේ සඳහන් වන පරිදි විජය හා පිරිස මෙරටට ගොඩබසින විට මෙරට වාසය කලේ යක්‍ෂ ගෝත‍්‍රිකයන්ය. මෙම පිරිසට කුවේණිය හමුවන අතර ඇය එම පිරිස මරා කෑමට උපක‍්‍රම යෙදුවාය. ඇය සතු මායා බලය උපයෝගී කරගෙන විජය සමඟ පැමිණි පිරිස පොකුණක් තුළ සඟවන්නීය. තවුසකුගේ වේශයෙන් සිටින්නේ යක්‍ෂනියක් බව දැනගත් විජය ඇය මැරීමට උත්සාහ දරනවිට ඔහුගේ පිරිස නැවත ලබාදෙන බවටත් ඔහු සමඟ ඇය විවාහ වීමට කැමති බවත් ලක්දිව රජබවට පැමිණීමට උදව් කරනබවත් ඇය පැවසීය. ලක්දිව රජකම ලබාගැනීමට සියලූ යක්‍ෂයන් මැරීම සඳහා කුවේණිය විජයට උපායක්ද ඉදිරිපත් කළාය.
‘‘කුමරා අදෘශ්‍යමාන ඒ යකුන් මම කෙසේ මරම්දැයි කීවේය. යම් තැනක ශබ්ද කෙරෙයි නම් ඒ හඩින් නැසුව මැනව. ආයුධය තෙමේ මාගේ අනුභාවයෙන් උන්ගේ කයෙහි හෙන්නේ යැයි ඇගේ බස අසා එසේ කොට සියලූ යකුන් මැරීය’’
ඉන් පසු විජය කුවේනියගේ උදව්වෙන් ලක්දිව ප‍්‍රධාන පාලකයා බවට පත්වෙයි. පසුව කුවේනියට ජීවහත්ථ හා දිසාලා යන දරුවන් දෙදෙනෙකු උපදියි. පසුව විජය ඔටුනු පැළදීම සඳහා මධුරාපුරයෙන් කුමාරියක ගෙන්වා ගනී. පසු කුවේනිය දරුවන් දෙදෙනා සමඟ පිටවන ලෙස විධාන කරන අතර කුවේණිය ඇගේ දරුවන් දෙදෙනා සමඟ පිටවී යයි. තම දරුවන් රැුගෙන කුවේණිය තම නෑදෑයින් වෙත ගිය අතර එහිදි ඇගේ නෑදෑයින් විසින් ඇ මරා දමන ලද්දීය.
ඉතිහාසයෙන් යුක්තිය ඉටු නොවූ කුවේණිය නම් මිනිස් ගැහැනිය.
මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම මානව පුරුෂයා තම ශරීර ශක්තිය පදනම වශයෙන්ගෙන ස්ත‍්‍රිය යටපත් කරගෙන සිට ඇත. එය ලෝකයේ පැවැත්ම සඳහා ස්වභාවධර්මය තුළින් ස්ත‍්‍රිය පුරුෂයාට වඩා ශක්ති හීන වුවාදැයි ඇතැම් කෙනෙක් ප‍්‍රශ්න කරති. නමුදු මානුෂීය ගුණ ධම_ වලින් හා වේදනා ආදියෙන් ස්ත‍්‍රී පුරුෂ ශේදයක් නැත. ඇතැම් තැනකදී කාන්තාව පුරුෂයාට වඩා ශ්‍රේෂ්ඨ වන බව ‘‘ඉත්‍ථිපි එකච්චියා සෙයේයා පොස ජනාධිප, මෙධාවිනි සීලවතී සප්සුදේවා පතිබ්බතො, සායං සුභගියා පුත්තෝ රජ්ජංම්පි අනුසාසති’’ බුදුන්වහන්සේ දේශනා කළ බව මෙම පාඨයෙන් පැහැදිලි වේ. බුදු සසුන ආරම්භවීමට ප‍්‍රථම කාන්තාව පිළිබඳ තිබුනේ හොඳ දෘෂ්ටියක් නොවේ. බැබිලෝනිය ශිෂ්ටාචාරය තුල කාන්තාවන් දේවත්වයෙන් තබා වන්දනාමාන කර ඇත.
‘‘සුමේරියන්වරුන්ගේ ප‍්‍රධානතම දෙවියන් වූ එන්ලිල් පසෙකට තල්ලූ වූ අතර බැබිලෝනියන්වරුන්ගේ ශ්‍රේෂ්ඨතම දෙවියා වූයේ මාඩුක්ය. ඊට අමතරව ඉෂ්තාර් (ආදරයේ දේවතාවිය හා දෙවිවරුන්ගේ මාතාව* හා තම්මුස් (වෘක්‍ෂලතාදියෙහි දෙවියන්* වැනි දෙවි දේවාතාවුන්ටද ඔවුහු වැඳුම් පිදුම් කළහ.’’
ලෝකයේ ආදිතම කාලයෙහි මෙවැනි පුද සිරිත් කාන්තාවන් ලබා ඇති බව ඉන්‍දු නිම්න ශිෂ්ටාචාරය තුළින් හමුවූ නෂ්ටාවශේෂ තුළින්ද පැහැදිලි වේ. ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල කාන්තාවන් පිරිමින් හා සම ස්ථානය හිමිකරගෙන තිබූ බව පැහැදිලි වේ. නමුත් මෙම තත්වය ක‍්‍රි.පූ. 6 වන සියවස පමණ වනවිට සුභදායක වූවක් නොවීය. විවිධ පීඩන වධ හිංසා මධ්‍යයෙහි කාන්තාව ජීවත්විය. බ‍්‍රාහ්මණයන්ට අනුව තම ස්වාමිපුරුෂයා මිය ගිය විට කාන්තාවද ස්වාමිපුරුෂයාගේ චිතකයට පැනිය යුතු තත්වයක් තිබුණි. කාන්තා අයිතිවාසිකම් තබා මානව අයිතිවාසිකමක් හෝ ඔවුන්ට නිසි අයුරින් භුකිති විදින්නට නොහැකි විය. බමුණන් තම මධයම වයසේදී විවාහ වන බැවින් ඔවුන් තම ලිංගික නොහැකියාවන් තුළින් හා වෙනත් හේතුන් කරණකොටගෙන කාන්තාව ජීවිතයට හානිකරන සසරගමනට හානිගෙන දෙන පරම හතුරෙකු කොට සැළකීය.
‘‘ඹෟදුම්බර භවං පුෂ්පං
ශ්වෙත වණ_ඤ්ච කාකයොඃ
මත්ස්‍ය පාදං ජලේ පශ්‍යෙත්
නාරි චිත්තං න විශ්වසෙත්’’
අට්ටික්කා ගහේ මල් පිපුණත්, කපුටා සුදු වණ_යෙන් යුතුව දැක්කද, මතස්‍යයාගේ පා සටහන් ජලයේ මතුපිට දැක්කද, නාරීන්ගේ සිත විශ්වාස නොකට යුතු බව බමුණෝ පවසති. මෙවැනි පරිසරයක් තුළ කාන්තාව යනු වහල් සේවයේ යෙදෙන තැනැත්තියක මෙන් සලකනු ලැබ ඇත. මෙම තත්ත්වය වෙනසකට ලක් කලේ බුදු හිමියෝ ය. කාන්තා නිදහස ස්ථාපනය කළේ කාන්තාවන් පැවිදි බිමට පත්වන්නට අවස්ථාවක් සලසා දෙමිනි. අර්හත්‍වය ලබා ගත් භික්‍ෂුණීහු ප‍්‍රඥාවෙන් පුරුෂයන්ට දෙවැනි නොවන බව මැනවින් ප‍්‍රත්‍යක්‍ෂ කළහ. එය පහත පාලි ගථා වලින් පැහැදිලි වේ.
ර්‍ණඊක්ජන අ්ි පහ ය්සර
එයැ ජදකදර දෙ ඉැැි
* ජමරකැා ්එ එයැ එසචිථ
අසඑය ්ටැග සඑ කදදනැා කසනැ ජද්රිැ යැපච
ඔයැ එරමඑය දෙ එයැ එරමඑය -ීචැ්නැර’ි අදරාි
ාදැිබ’එ ජය්බටැ’’
බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසු පිරිනිවීමේදී විජය රජු මෙරටට පැමිණි බව මහා වංශයේ දැක්වේ. එහිදී ඔහු කුවේණිය හමුවන අතර එම හමුවීම මහාවංශයේ පිළිබිඹු වන්නේ ඇය යක්‍ෂණියක ලෙසිනි. ඇයගේ මායා බලය උපයෝගී කරගෙන විජය රජු විවාහ කරගත් ඇයට දරුවන් දෙදෙනකු උපදියි. මේ ආකාරයට මෙම පුරාවෘතකයා රසවත් අයුරින් ඉතිහාසගත වී ඇත. මෙය සැමදාම බොහෝ දෙනා කුවේණිය සතු අමානුෂික ගති දෙස බලා වෛරයෙන් හා විජය රජුගේ ක‍්‍රියාවන් මෙනෙහි කර සතුටුක්ද සිතින් වින්දෝය.
ඉතිහාසයේ වාර්තා වන තොරතුරු ඇතැම් විට සත්‍ය වන්නටද අසත්‍ය වන්නටද පුළුවන. මහා වංශයෙහි මෙම සිදුවීම වාර්තා කරන්නේ මෙය සිදු වී ශත වර්ෂ ගණනාවක් පසුය. ඇතැම් විට ඉතිහාසය වර්තාකරන්නන් තමනට රුචි කරුණු කෙරෙහි අතිශයෝක්තියෙන් සත්‍ය තොරතුරු යටපත් කර යමෙකු ඉස්මතු කිරීමට උත්සාහ ගත් අවස්ථා බොහෝ විට සිදු වී ඇත.
‘‘ඉතිහාස කතාවක් යනු සාමාන්‍යයෙන් සුවිශාල සාර්ව අඛ්‍යානයකි. යම් ජන සමාජයක හෝ යම් ස්ථානයක සිදු වූයේ කුමක්ද යන්න එහි විස්තර කෙරේ. ඉතිහාසඥයෙකු සිදු වූ දේ හේතුඵල තර්කය අනුව විස්තර කිරීම ඉතිහාසයෙන් ලිවීම පිළිබඳ උපකාර මූලධර්මයයි. එලෙසින් ඉතිහාස රචනාව සාමාන්‍යයෙන් කරන්නේ යම් ජන සමාජයක සිදු වන දේ අපහැදිලි දුරවබෝධ සිද්ධි පැහැදිලි කිරීමයි. එනම් එකිනෙකට අසම්මතයැයි මතුපිටට පෙනෙන සිදධිවල හේතුඵලාත්මක අර්ථය පැහැදිලි කිරීම ඉතිහාසඥයාගේ කාර්යයි.
මේ අනුව ඉතිහාසගත තොරතුරු වලින් යම් චරිතයක් ගැන තත්ත්වූ පරිද්දෙන් බැලිය නොහැක. ප‍්‍රථිභාව යුතු නාට්‍ය රචකයෙකු හෙන්රි ජයසේන තුළ වූ බලවත් හැගීමකට අනුව කුවේණිය මුල් කරගත් පුරාවෘත්තය ඇසුරෙන් ‘‘කුවේණිය’’ නම් නාට්‍ය රචනා කළේය මෙම නාට්‍ය ශෛලීගත සම්ප‍්‍රදායට අනුව රචනා කර ඇත. හෙන්රි ජයසේන පවසන පරිදි ඔහු උත්සාහ දරා ඇත්තේ හුදු නිෂ්පාදන ආකෘතිය පමණක් ශෛලීගත කිරීමට නොවන බව ප‍්‍රකාශ කර ඇත. ඉතිහාසයේ කුවේණිය පිළිබඳව වාර්තා කළේ ඇය නොවේ. නාට්‍ය තුලින් එම චරිත නැවත ගෙන්වා එම පාත‍්‍ර වර්ගයාට පේ‍්‍රක්ෂකයා ඉදිරියේ කථා කරවීමට අවස්ථාව සලසයි.
‘‘අන්ධකාරෙන් දුරාතීතේ
අන්‍ධකාරෙට අනාගතයේ
රැුගෙන යාමට කථා පුවතක්
අන්ධකාරේ සිට කියන්නේ’’
ඉතිහාසය යනු සියලූ සත්‍ය නොදැකිය හැකි අඳුරෙන් යුතු වූවකි. එම අඳුර නිසා ඒ පවතින දේවල් මනාව දැකිය නොහැකිය. කුවේණිය නාට්‍ය ආරම්භයේදීම ජයසිංහයන් ඉතිහාසයේ පවතින එම අඳුරු ස්වරූපය සිට හිද කියවන බව ප‍්‍රකාශ වීමෙන් කුවේණිය පිළිබඳ බොහෝ දෙනා වැරදි දෘෂ්ඨියක් හෙළන බවට ඔහු යම් ඉගියන් ලබා දේ. ඉතිහාසයේ ඇතැම් තොරතුරු වලින් තුන් කාලයම අඳුරු වන බව යථෝක්ත කරුණින් පැහැදිලි වේ.
ඉතිහාසය පුරාවටම දැකිය හැකි ලක්ෂණය වන්නේ ඉන් බොහෝ ස්ථානවල පුරුෂාධිපත්‍ය අණසක පතුරුව කාන්තාවන් යටපත් කරගෙන සිටි බවයි. ඉතිහාසය පුරාවටම එසේය. කුවේණිියට අසාධාරණයක් සිදු වූවා පමණක් නොව ඇය වැරදිකාරිය කර ඇයගේ උතුම් ගති ලක්‍ෂණ පහ කර ඇය යක්‍ෂණියක් බවට අවසානයේ පත් කර ඇත. නාට්‍ය කරුවා ඇය වේදිකාවට ගෙන්වා ඇයට වූ අසාධාරණය කාන්තාව සමාජයේ සැමදා පීඩාවට පත් වන බව මැනවින් රූපණය කරවයි. කුමන අයුරින් සත්‍ය යටපත් කළද කෙදිනක හෝ සත්‍යය ජය ගන්නා බව පහත පාඨවලින් ජයසිංහයන් ප‍්‍රකාශ කරයි.
‘‘පොලෝ තලයෙන් වැසුනු බිජුවට
නැගී එන සේ දිනෙක පසු කල
අතීතේ සැඟවුණු කඳුලූ බිඳු
ලෙයින් දහඩිය මද සිනාරැුලිි’’
ඉතිහාසයෙහි සඳහන් වන අයුරින් කුවේණිය මායා කාරියකි. භූත භන්ධනයෙන් ලක්දිව වසඟ කරගත් තැනැත්තියකි. යක්‍ෂණියක තුළ මිනිස් ගුණාංග පැවතිය නොහැක.
‘‘නොදන්නෝ කව්රුද කුවේණිය
ලෝ වසී කළ මායා කාරිය
භූත බන්ධන කළ යකින්නිය
පොළෝ ගිනි දල්වා
සයුරු දිය කළඹා
මන්ත‍්‍ර මායා ජප කරන්නිය
සක්වලින් මාරුත ගෙනෙනිය
භූත වෙස් ගෙන සැරි සරන්නිය
සයුරු නැවු ගිල්වා
මුහුදු දිය කළඹා’’
යක්‍ෂණියකට මිණිසෙකු විවාහ කර ගත නොහැකිය. විවාහ කර ගත්තද දරුවන් ලැබිය නොහැක. එසේ දරුවන් බිහි වුවද එම දරුවන්ද යක්‍ෂදරුවන් විය යුතුය. විජය කුමරු දුටු විට කුවේණිය තුළ ස්වභාවික ආදරයක් ඇති විය. කුවේණිය තුළ බොරු කිරීම හා වංචාව නොපැවතිණි. ඇය තම හද පත්ලෙන්ම නිමල ආදරය ඔහුට පරිත්‍යාග කරාය. ගැහැණුන් තුළ වූ මෙම යහපත් ගුණාංග පිරිමින් තම වාසියට හරවා ගනිති. ඔවුගේ ආදරය පිරිමින් තමන්ගේ අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමට අවියක් කර ගනිති.
‘‘පළමුවන නීතිඥ කිව යුතුද ස්වමිනි තවත්
සිතා ගත හැකි නොවේද වූ දේ
බැන්ද පේ‍්‍රමය නිසා ඔහු වෙත
දෙමා-පිය ගේ දොරත් හැරදා’’
පටාචාර තම ගෙදර තිබූ වස්තු සියල්ල හා මාලිගාවේ තිබූ සියලූ සැප සම්පත් සියල්ල තම ආදරය වෙනුවෙන් කැප කල කාන්තාවකි. එම ආදරය තුලින් ඇගේ ජීවිතය විනාශ විය. ආදරය කිරීමේදී තමන්ගේ උපරීම ආදරය පුරුෂයන්ට පුද කරන්නට මෙවැනි ස්ත‍්‍රීන් උත්සාහ ගෙන ඇත. වර්තමාන සමාජයේ වුවද කාන්තාවගේ ධනය, කුලය හා වස්තුව උදෙසා ඔවුන්ට ආදරය කර ඔවුන් සතු වස්තූන් සූරා කෑමට උත්සාහ දරන්නන් අපමණව දැකිය හැක.
අතීතයේ සිටම දේශපාලන බලය රැුක ගැනීම සඳහ රාජ වංශයට සම්බන්ධකමක් දැක්වීමට පමණක් කතුන් විවාහ කරගත් අවස්ථා ඉතිහාසය පුරාවට දැකිය හැක. මෙම අරමුණ ඉටුකරවා ගැනීමට පමණක් කාන්තාවට ව්‍යාජ ආදරයක් පෙන්වමින් ඔවුන් විනාශ මුඛයට ඇද දැමූ ආකාරය දෝන කතිරිනා නාට්‍ය තුළින්ද දැකිය හැක.
‘‘දෝන කතිරිනා :- මොන තීරණය වුනත් මං රජකම දෙන්නේ නෑ
සෙනරත් :- (රාජකීය විලාශයකින්* හෙට උදෑසන මං මේ රටේ රජකම භාර
ගන්නවා රටේ ලෝකේ සිරිත් වල හැටියට රජ කෙනෙකුට බිසවකුත්
ඕන කරනවා. (පිටවේ*
දෝන කතිරිනා :- (කම්පනයෙන් බලාසිටී*’’
තම බලය රැුක ගැනීම සඳහා පමණක් කාන්තාව අවියක් කර ගනිමින් කාන්තාවන් බලෙන් සිර කරගත් අවස්ථා කීපයක් ඉතිහාසයේ සඳහන් වන්නේය. විජයද කුවේනියගේ ආදරය ලබමින් සිතුවිලි මගින් සිර කරගෙන තම බලය රැුක ගැනීම සඳහා අරගලයක් කළේය. එහිදී ස්වදේශීය යක්ෂයන් මරා ලක්දිව පාලන බලය තහවුරු කර ගත්තේය. කාන්තාවකගේ ආදරය සැබවින්ම ලැබීම ආශ්චර්යයක් සේ කතරගම රූමතිය නම් පද්‍ය සංග‍්‍රහයෙන් පැහැදිලි වේ.
‘‘වෙඩි කඳින් ගත නොහැක
වෙඩි කඳින් ගත නොහැක
ඉස වසා නැගී සිටි
දැඩි කොවින් වියරු වූ
තා මගේ සළුමුදා
සිතුවේද දකින්නට
ඒ අසිරිමත් සිරිය’’
කුවේණී නාට්‍යයේ එන දඩයක්කරුගේ චරිතය තුළින් හෙන්ද්‍රි ජයසිංහ කුවේණිිය පිළිබඳ සාම්ප‍්‍රදායික දෘෂ්ටියද ජීවහත්ථ හා දිසාලා තුළින් ඇගේ සැබෑ චරිතයද පෙන්වයි. කාන්තාවක් විශේෂයෙන් මවක් යක්ෂණියක් විය නොහැක. උතුරා යන දරු සෙනේහයෙන් කුවේනිය තම දරුවන් රැුක බලා ගත් බව දිසාලා චරිතය මගින් රූපණය කරයි.
‘‘මදු මොලොක් මල මෙනේ
කුස දරා බැති පෙමින්
වේදනා විදිමිනේ
අප ලොවට බිහි කෙරූ
ළය පුරා සෙනෙහසින්
අප දෙදෙන වැඩු පෙමින්
මවු තොමෝ කුවේණි
යකිනි වෙද මේ කියන’’
චණ්ඩ ගති ඇති කුවේණිය තුළ මෙතරම් මානුෂීය ගති ගුණ තිබුණද ඉතිහාසයෙහි ඇය යක්‍ෂණියක ලෙස විස්තර කර ඇත. හෙන්ද්‍රි ජයසිංහ කුවේණිය නම් ගැහැණිය සෑම කල්හිම අසාධාරණයට පීඩනයට ලක්ව සමාජයේ සැමදා සිටින කාන්තාවක බව මෙම අවස්ථාව වර්තමානය හා සම්බන්ධ කරමින් පැහැදිලි කිරීමේදී ගම්‍ය වේ. එය සැබෑය. ආදරය මෙන් කාන්තාව සතු ලඳ බොළඳ ගති තුලින් තම ආත්ම පෘප්තිය පිණිසම කාන්තාවන් ඇසුරු කිරීමත් වර්තමනායේ බොහෝ කොට දැකිය හැකිය. එසේ ගත කිරීමෙන් ලැබෙන දරුවන් ඔහුගේ නියම දරුවන් ලෙස නොසලකා ඔවුන් පිටමන් කිරීමෙන් දරුවන්ටද බලවත් අසාධාරණයක් කරති. විවාහක කාන්තාවක් දරුවන් සමඟ ඇයගේ වරදකින් තොරව පිටමන් කිරීම ඇයට කරන බලවත් අසාධාරයකි. ලංකාවේ දැනට ක‍්‍රියාත්මක වන විවාහ නීතියට (රෝම-ලන්දේසි නීතිය* අනුව දික්කසාදය ලබා ගත හැක්කේ විවාහ වන අවස්තාවේ පමතින ලිංගික බෙලහීන තාවය, ද්වේශ සහගත අතහැර යාම සහ අනාචාරය මදනම්ව පමණි.
හෙන්ද්‍රි ජයසිංහ කුවේණියට වූ මෙම අසාධාරණය නිශ්චය කර ගැනීම සඳහා නාට්‍ය තුළ අධිකරණයක විනිසුරු වරයෙකු හා නීතිඥවරුන් දෙදෙනෙකු උපයෝගී කරගනී. එය නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයා මෙම සිදුවීම දෙස බලන ජූරි සභාවක ජූරි සභිකයන් වන්නේය. දෙපැත්තටම තර්ක කිරීමෙන් මෙය විස\ ලීමට පේ‍්‍රක්ෂකයන් පොළඹවයි. අධිකරණයන් මගින් යුක්තිය ඉටු කිරීමට ප‍්‍රධාන ස්ථානයක් ලබා දෙන අතර යුක්තිය හා සාධාරණත්වය එකිනෙක වෙනස්ය. නීතියේ ප‍්‍රධාන මෙවලම (ඔදදක* භාෂාව වේ. භාෂාව මගින් තර්ක විතර්ක කිරීමෙන් යුක්තිය ඉටු කරයි. නමුත් නාට්‍යක එවන් ගැඹුරු බවකින් තොරව සාධාරණත්වය ඉටු කර ගැනීමට උත්සාහ කරන බවත් කුවේණිි නාට්‍යයේදී පැහැදිලි වේ. අධිකරණය ඉදිරියේ පළමුවෙනි නීතිඥ කුවේණිය ගැන කරුණු ඉදිරිපත් කිරීමට ඇගේ නම කී විට කුවේණියට එරෙහිව තර්ක ගොනු කරන දෙවැනි නීතිඥයා ඇගේ නම තුළින්ම ඇය වරදකරු කිරීමට සූදානම් වේ.
‘‘දෙවන නීතිඥ - විසදුමත් තව උවමනා නැත
ඇගේ නම විසඳයි - නඩුව මෙම
අතීතේ විසූ - කුවේණිය හට
නැත කිසිත් - වෙනසක් මැගේ
ගැහැණු වෙසකින් - නැගී සිටියත්
මෙතැන ස්වාමීණී මෑ :
මෑ රුඳුරු යකින්නියක් සම වේය
සියුම් මායාවක් සමානය
ඉන්‍ද්‍ර ජාලාවක් සමානය
මෙතැන සිටිනා මේ කුවේණිය
විනශ්චයකරු - නැත තවම එය ඔප්පු වීලා
නඩුව විසඳීමට පෙර ඔබ
ඇය හෙළා නොදැකිය යුතුයි
ඇගේ නම අමතක කරනු මැන’’
යම් සමාජයක් පුරුෂාධිපත්‍යයට හා පුරුෂාර්ථවලට නතු වීමේදී ගැහැණිය දෙස යම් ගැටළුවකට සම්බන්ධ කර බැලීමේදී ප‍්‍රථමයෙන්ම ඇය වැරදිකාරිය බවට පත් කර ඇත. ජීවිතයේදි කවර දුක් වේදනා වින්දද කාන්තාව දෙස හෙළන මෙම දෘෂ්ටියෙන් ඇයට කෙතරම් අසාධාරණයක් සිදු වන්නේ දැයි පහත පැදි වලින්ද පැහැදිලි වේ.
‘‘පුතාලගේ කිළිටි අදුම් ඔයා ඇදපු කමිස සරන්
ඉරිදා උදෙයි සේදුවේ මම ඔක්කොම ටික එකතු කරන්
කමිස හේදිලා මදියැයි කෑ ගැහුවට තරහ අරන්
ඒකෙ එහෙම වෙනසක් නෑ නිමල් ඔයා හිතන තරන්
පමාව ගැන සමා වෙලා මේ තේ එක බීලා ඉන්න
ඊට පස්සේ මහන්සිනම් ඔයා ටිකක් නිදා ගන්න
?ට මොනව හරි හදන්න යන්නම් කස්සියට යන්න
මගේ වෙහෙස තුරන් වෙන්න ඔයා ටිකක් හිනහ වෙන්න’’
කුවේණියගේ අදාල නඩුව විසඳීම ඇයට සාධාරණය ඉටු කරන පිණිස නොවේ. මුළුමහත් සමාජයේ කාන්තාවන්ට එරෙහිව සිදුවන අසාධාරණයට එදිරිව කරන විනිශ්චයක් වේ. කුවේණිය තම ස්වාමියා නැවත ලබා දෙන ලෙස විනිසුරු වරයාගෙන් ඉල්ලා සිටී. ඇයට අවශ්‍ය වන්නේ ධන ධාන්‍ය නොවේ. ස්වාමියාගේ සෙවණය. දරුවන්ට පියෙකි. තම වංශය කුලය ආරක්ෂා කර ගැනීමට හා වැඩි දියුණු කර ගැනීමට කියමින් පුරුෂයන්ගේ විවිධ අයුක්ති ක‍්‍රියා වලට මැදි වී පීඩා විදින්නේ කාන්තාව යි. නමුත් කාන්තාව කිසිම පදනමක් නැතිව වුවද කාන්තාව වරද කරු කිරීමට බොහෝ දෙනෙකු සූදානම්ව සිටිති.
‘‘දෙවන නීතිඥ - මැය නරක ගැහැණියකි ස්වාමීනි:
පළවන නීතිඥ - මෙය මුසාවකි ස්වාමිනේ මහ
සැබෑ කළ නොහැකි වූ කිසිම දින
දෙවන නීතිඥ - සත්‍යයකි එය සැබෑ කළ හැකි
මෙහි සිටිති විත් දෙස් දරන්නෝ
පළවන නීතිඥ - කුලී මුදලට සොයා ගත හැකි
දෙස් දරන්නන් මන්ද හිඟ වනු?
.................
පළවන නීතිඥ - නැත කළේ අපහාසයක් මා
ඔබට එය අපහාස වී නම්
අනාථ වූ අසරණ ලඳට මේ
යුතුද අවමන් කරනු මේ සා’’
කාන්තාවන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් අන්තර්ජාතික සම්මුති වලට, ව්‍යවස්ථා වලට අන්තර්ගත වුවද ඒවා ඔප්පු කිරීමට කෙතරම් සාක්ෂි තිබියදී වුවද කාන්තාවට අපහාස විදීමට සිදු වේ. මෙයට හේතුව සමාජයේ තහවුරු වී ඇති පුරුෂාර්ථයන්ය. මානව අයිතිවාසිකම්වලට එරෙහිව ආසියානු හා අප‍්‍රිකානු රටවල දැකිය හැකි ආසියානු සාරධර්මවාදය තුළින්ද නොයෙක් ආකාරයේ පුරුෂාධිපත්‍ය අනුමත කිරීමෙන් සමාන සැලකිල්ලක් හා පිළිගැනීමක් සඳහා වූ කාන්තාවගේ ඉදිරි ගමනට බාදා ඇති වේ. මෙරට දේශපාලනය තුළ වූවද දේශපාලිකාවන් මෙරට වාසය කරන්නේ 4%ක් පමණය. මේ තුළින්ද කාන්තාවගේ ප‍්‍රගමනය සමාජය අපේක්ෂා කරන්නක් නොව අන්තගාමීව එදෙස බලන පුද්ගලයෝ සමාජයේ බොහෝ බව පැහැදිලි වේ.
‘‘පළමුවන නීතිඥ - ඇසුව මැන ස්වාමීනී මෙදෙස
කිව යුතුද මෙ වදන් මුවකින්
මිල මුදල් ඇය නැත යදින්නේ
යුක්ති ධර්මය යැද සිටින්නේ’’
කුවේණිය බලාපොරොත්තු වන්නේ මිල මුදල් නොව කාන්තාවන්ට සැමදා ඉටු නොවන යුක්තිය ඉටු කිරීමයි. ඇය හා සම්බන්ධ පුරාවෘත්තය හා වර්තමානය අතර කාලය අවුරුදු 2500 පමණ කල් ඉකුත් වී ඇතත් ඇයට යුක්තිය ඉටු වී නැවත. යුක්තිය මෙන්ම සාධාරණත්වයද ඇය විනිසුරු වරයාගෙන් අයදී. මෙවැනි අවස්ථාවලදී මිල මුදල් ලබා දීමෙන් යුක්තිය හා කිරා බැලීමට සමාජය හුරු වී ඇත. එය යුක්තිය නොවේ. සාධාරණත්වයද නොවේ. ඇය ආදරය වෙනුවෙන් තම නෑදෑයින් මෙන්ම ධන ධාන්‍යයද අතහැර ආ තැනැත්තියකි. එසේ කළ ඇය අවසානයේ බොහෝ දේ නැති කරගත් තැනැත්තියක් වී හමාරය.
‘‘සෙනෙහසක සිහිලස නොමැති ඔහු
ලබා සැනසුම ලැබිය හැකි වෙද
ඔබේ හඳ තුල දැවෙන නිරතුරු
ගිනි නිවේවිද එයින් කිව මැන
පෙර දවස කුවේණිය මෙන්
ඔබට සිදුවිය වෙන්ව යාමට
.........
කුමක්කළ හැකි වෙද ළඳුනි මට
වෙනු මිසක කම්පා මේ ඔබ ගැන.....’’
විනිසුරු තීරණය දි හමාරය එය යුක්ති ධර්මයට අනුව තීන්දු වී ඇත. නමුත් ඇයට අසාධාරණය සිදු වී හමාරය. පුරුෂයන්ගේ විපර්යාස තුළින් ස්ත‍්‍රිය සැමදාම අසරණ වන්නේ ඇය තුළ ස්වභාවයෙන්ම වූ අසරණ බව නිසාය.
‘‘දඩයක්කරු - ඈ කිව්වා,ඔව් මම දන්නවා කියලා - මට පුදුම හිතුනා
ඊට ඉස්සර කවුරුවත් මාව ව්ශ්වාස කළේ නෑ- උං මට
හිනා වුනා මට පිස්සු කියල -මමත් හිතුවේ එහෙම-මට දැනුත් හිතෙනවා පිස්සු කියල- ඒකට කමක් නෑ-
ඈ මා එක්ක හිනාවෙලා පාර දිගේ ගියා - මම බලාගෙන
හිටියා ඈත නොපෙනී යන තුරු.....
(නිශ්ශබ්දයක්*
නොයෙක් දේ සිද්ද වෙනවා ලෝකේ - මට වෙලාවකට
දැනෙනවා මුළු ලෝකෙම අන්දකාර වෙන බව.....’’
කාන්තාවගේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් නැගී සිටින්නන්ට සමාජයයේ විවිධ දෝශාරෝපණ, විවිධ ගැරහුම්වලට ලක්වන්නට සිදු විය. එවන්නකට ඉදිරිපත් වන්නෙකු පෞරෂත්වයක් නැත්තෙකු සේ සමාජය සලකන්නට විය. අනේක විද එවැනි සමාජ ගැරහුම් ඉවසා සිටියද ලෝකයේ අතීතය පමණක් නොව වර්තමානය හා අනාගතයද එවැනි දෑ සිදු වන විට මේ මුළු ලොවම අසාධාරණය නැමැති අඳුරුන් වැසී යනු ඇත. එය සාධාරණත්ව උදෙසා සටන් කරන්නවුන්ට මහත් වේදනාවක් වන්නේය.
‘‘පූරක - අන්ධකාරෙන් දහස් වසරක
මෝහයෙන් තව දහස් වසරක
මානයෙන් යළි පන්සියක් කල්
වසා සැඟවූ මුත් කුවේණිය
අදත් අප දෙස බලන්නී හෙටත් අප දෙස බලන්නී
දුරාතීතේ අන්ධකාරය
මැදින් සිට එබිකම් කරන්නී....’’
කාන්තාවන්ට එරෙහිව අතීතයේ මෙන් අනාගතයේද අසාධාරණකම් කරන විට කුවේනිය ඔවුන් දෙස බලන්නීය. සත්‍ය කවදාවත් යටපත් කර නොහැක.
‘‘පූරක - .....
සදා කාලෙම ලොව පහල වූ
සදා කාලෙම ලොව පහල වන
කුවේණියමයි එකම ගැහැණිය
එදා උපතත් අද උපන්නත්
ඇයයි දුක් පීඩා විදින්නේ
ඇයයි වද හිංසා දරන්නේ
ඇයයි අවමානය ලබන්නේ
ඇයයි යකිණිය නම් ලබන්නේ’’
කුවේණිය මානුෂීය ගති ලක්‍ෂණ වලින් පිරිපුන් ආදරය කරුණාව දරු සෙනෙහස ඇති ගුණවත් කාන්තාවක, මවක, ස්වාමි භාර්යාවක විය. පුරුෂාධිපත්‍ය තුළ මෙන්ම පුරුෂාර්ථ සමඟ ඇය දුක්පීඩා විදියි, අවමන් ලබයි. එ මතුද නොව යක්ෂණිය යැයි කියමින් ලේබල් ගසයි.
හෙන්රි ජයසේන විසින් බිහිවී කර ඇති නාට්‍ය ගුණාත්මක මෙන්ම පේ‍්‍රක්ෂක හඳ බැදගත් නාට්‍යයන් විය. ඒ අතර කුවේනි නාට්‍ය 1962දී බිහි කරන ලද්දකි. ශෛලීගත සම්ප‍්‍රදායට මෙම නාට්‍ය අයත් වේ. නාට්‍යයක් වඩාත් උසස් වන්නේ නාට්‍ය රචකයා පමණක් හේතු කොටගෙන නොවේ. නාට්‍ය නිශ්පාදකයා හා පේ‍්‍රක්ෂකාගාරයේ පේ‍්‍රක්ෂකයන් අභිෂ්ට පිරිසක් වන විට හා නළුවන් නිර්මාණාත්මකව සතර අභිනයන් මගින් නාට්‍ය මනාව රූපණය කළහොත් උසස් නාට්‍යයක් වේ. නාට්‍ය වූ කලී රැුගුමෙන් රැුගුමට වෙනස් වන ස්ථාවර භාවයකින් තොර වූවකි. යථාර්ථයට අපූරු අයුරකින් සම්බන්ධකම් කියන කල්පිතාර්ථයක් මැවීමේ සාමර්ථ්‍ය අතින් නාට්‍ය කලාව පැරදි විය හැකි අන් කලා මාධ්‍යයක් නොමැති බව සරච්චන්ද්‍ර මහතාගේ මතයකි. එය සත්‍යයය. ප්‍රෙක්ෂකයා නාට්‍ය බැලීමට රංග භූමියට පැමිණි පසු එය නාට්‍යධර්මී ශෛලියෙන් හෝ ලෝක ධර්මී ශෛලියකින් රංග ගත වුවද ප්‍රෙක්ෂකයා නළුවන් නාට්‍ය රුපණය කරන එය කල්පිතයක් නොව සැබෑවක් ලෙස සිදු වන ආකාරය බලා සිටිති. පේ‍්‍රක්ෂක පිරිස අභිෂ්ට වන තරමට හා නළුවන්ද අභිෂ්ට වන තරමට නාට්‍ය රසවින්දනය උසස් වේ. එම නිසා නාට්‍ය රසවින්දනය හා විචාරයද පුද්ගලයාගෙන් පුද්ගලයාට නාට්‍ය රංගගත කරන වේදිකාවකින් වේදිකාවකට වෙනස් වේ.
හේන්රි ජයසේන කුවේණිය මෙරට ප‍්‍රධාන ඉතිහාස මූලාශ‍්‍රයක් වන මහාවංශයෙහි එන මෙරට අදීතම යුගය යැයි එහි දැක්වෙන කාලයෙහි සිදු වූ කුවේණි පුරාවෘත්තය ඇසුරෙන් කුවේණි නාට්‍ය නිර්මාණය කර ඇත. මෙම කතාව සියලූ දෙනාම දන්නා අතර පේ‍්‍රක්ෂකයන් මෙම නාට්‍ය බැලීමට යන්නේ මෙය සිදු වී ඇත්තේ කවර ලෙසින්ද යන්න පැහැදිලි කර දැක බලා ගැනීමටයි. ඉතිහාසයේ චරිත අජීවී වන අතර නාට්‍ය තුළින් එම චරිත වේදිකාවට ගෙන්වා පාත‍්‍ර වර්ගයා ලෙසින් ඔවුන්ගේ සිතැඟි හා හැඟීම් අදහස් ප‍්‍රකාශ කරවන්නේ කල්පිතාර්ථයක් ඇසුරින් යථාර්ථයට ඉතාමත් සමීප අයුරිනි. කුවේණිය පිළිබඳ ඉතිහාසයෙහි සඳහන් වනවාට වඩා වෙනස්ව කුවෙණිය නම් කාන්තාව ලක්වූ අසාධාරණය තුළින් මතු වූ හැඟීම් මුල් කරගෙන මෙම නිර්මාණය බිහි කර ඇත. මෙහිදී හෙන්රි ජයසේන කුවේණියගේ චරිතය කාලය නම් වැලි තලාවෙන් සැබෑවටම වැසී පවතින අතර එය නැවත ඉස්මතු කර පෙන්වීම මෙම නාට්‍ය තුළින් සිදු කර ඇත. එසේම මෙම කුවේණිය යක්ෂණියක් නොව ආදරය, කරුණාව, මව් සෙනෙහස ඇති මානව ගුණාංග වලින් පිරිපුන් කාන්තාවක ලෙස මෙහි පිළිබිඹු වේ.
කුවේණි නාට්‍යයේ එන කුවේණිය අතීතයේ පමණක් නොව සෑම කල්හිම දැකිය හැකි අසාධාරණයට ලක් වන කාන්තාවක බව ඔහු එහි දක්වා ඇත. අතීත කතාව වර්තමානයට සම්බන්ධ වන්නේ එම පෙර ලක්ෂණ නිසාය. දඩයක්කරු වර්තමාන ඉතිහාසය දන්නා සාමාන්‍ය වැසියෙකු බව එයින් ගම්‍ය වේ. ජීවහත්ත හා දිසාලා යන පාත‍්‍ර වර්ගයා තුළින් සැබෑ තත්ත්වය යැයි සැළකිය හැකි කල්පිතයක් වර්තමානයේ ප‍්‍රචලිත ඉතිහාස කතා අතර මධ්‍යස්ථව දැකීමට පේ‍්‍රක්ෂකයාට ඔහු අවස්ථාව සලසා දෙයි. කුවේණියට වූ මෙම අසාධාරණය, අයුක්තිය පිළිබඳව විනිසුරුවරයෙකු විභාග කරන අතර එයට පක්‍ෂව හා විපක්‍ෂව එයට තර්ක ගොනු කරන නීතිඥවරුන් දෙදෙනෙකු මගින් පේ‍්‍රක්ෂකයාට අදාල කාරණාව විභාග කිරීමට අවස්ථාව සලසා දීමෙන් පේ‍්‍රක්ෂකයා ජූරි සභාවක ජූරි සභිකයින් මෙන් ගැටළුව තුලනාත්මක සම්භාවිතා ඔප්පු කිරීමකට සූදානම් වී කුවේණිය අසාධාරණය අයුක්තියට ලක් වී ඇති බවත් එයට කළ පිළියමක් නොමැති බැවින් උපේක්ෂාවෙන් අදාල කාරණාව ඉවසන බව විනිසුරු පවසන්නේ සමාජය තුළ කුවේණිය නම් කාන්තාවන්ට සමාජයේ සමානත්වය, සාධාරණත්වය හා රැුකවරණය මෙන්ම අවශ්‍ය ආරක්ෂාව ලබා දෙමින් රැුක ගැනීමට සමාජය ක‍්‍රියා කළ යුතු යන පණිවිඩය ලබා දෙමිනි.
ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය අමරසේකර ගුණදාස, ආවර්ජනා, කතරගම රූමතිය,ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ,207,උසාවිය පාර,කොළඔ 12,1975(ප‍්‍ර.මු* අමර කීර්ති ලියනගේ, අමුතු කතාව, විජේසූරිය ග‍්‍රන්‍ථ කේන්ද්‍රය, 2005 අභිනය,තෙවන කලාපය,සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව,1999(ප‍්‍ර.මු*
ජයසේන හෙන්රි, කුවේණි, දීපානී මුද්‍රණය, 464,හයිලෙවල් පාර, ගංගොඩවිල , නුගේගොඩ, 1964(ප‍්‍ර.මු* ප‍්‍රත්‍යශතකය දසිල්වා රත්නපාලද,එදිරිවීර සරත්චන්ද්‍ර නාට්‍ය යුගය රබ්බිඩිගල, අමිතා, රේඛා, තරංජි ප‍්‍රින්ටර්ස්, 1506, හයිලෙවල් පාර, නාවින්න, මහරගම(මුද්‍රණය*, 1997(ප‍්‍ර.මු.*, සිංහල මහා වංශය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2006(ප‍්‍ර.මු*, සරච්චන්‍ද්‍ර එදිරිවීර,වෙස් මුහුණද සැබැ මුහුණද,ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ,207 උසාවිය පාර,කොළඔ 12,1971(ප‍්‍ර.මු* හෙරත් කේ.බි,දෝන කතිරිනා, සාර,94/1,අතුරුගිරිය පාර,කොට්ටාව(මුද්‍රණය හා ප‍්‍රකාශනය*,1996 ලෝක ඉතිහාසය, මාලනි ඇදගම (පරි*, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, 1999, (ප‍්‍ර.මු.*,
අඅඅග්ජජැිිඑදබදි’ටයඑගදරටරැුඑසචසඒක්්රැුනබරැුඑයසටරැුඑයසිග13ග01එය්බගයඑපක
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment