Tuesday, December 10, 2013
මධ්‍යම ශිලායුගය දක්වා දිවෙන ලක්දිව ජනාවාස
ලෝකයේ දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇති රටවල් අතරින් ලක්දිව ප‍්‍රමුඛ ස්ථානයක් ගනී. මෙරට ඉතිහාසය පිළිබඳ ක‍්‍රි.ව පස්වන සියවසේදී ආරම්භ වී නොකඩවා ලියවුණු මහාවංශය ඉතිහාසය පිළිබ`ද ලියවුණු ග‍්‍රන්ථ අතරින් ප‍්‍රධාන තැනක් ගනී. එය ක‍්‍රි.පූ. පස්වන සියවසේ සිට මෙහි ඉතිහාසය නොකඩවා රචනාකර ඇත. එහි එන පරිදි ලක්දිව ඉතිහාසය මෙන්ම සිංහල ජාතිය ආරම්භ වන්නේ විජයාගමනයෙනි. විජයගෙන් ආරම්භ වී ආර්ය ජනාවාස වීම පසුව විවිධ ආර්ය කණ්ඩායම් පැමිණීමත් සමඟ වර්ධනය විය. මහා වංශයේ තොරතුරු මෙසේ වුවද සීගිරිය, ඉබ්බන්කටුව, පාහියන්ලෙන, බටදොඹලෙන වැනි ස්ථානවලින් ඊට පෙර ජනාවාස වී පැවැති දීර්ඝ ඉතිහාසයන් පිළිබඳ තොරතුරු හමුවේ. ඇතැම් විට එය වසර 125000 පමණ පෙර තොරතුරු වේ. මධ්‍යම ශිලා යුගයට අයත් බොහෝ තොරතුරු හමුවේ. බලන්ගොඩ ආදි මානවයා යන විශේෂ නමකින් නම් කර ඇති මානවයන් මෙරට සිටීමෙන් මෙරටට පමණක් සීමා වූ සුවිශේෂී මානව ගෝත‍්‍ර මෙහි වූ බවට බොහෝ සාධක වේ.
විජයාගමනයෙන් පසු ග‍්‍රාම යනුවෙන් විශාල ජනපද ආරම්භ වූ අතර පසුව පනණ්ඩුකාභය රජුගෙන් පසු ක‍්‍රමවත් නගර නිර්මාණයක් මෙන්ම ලක්දිව එක්සේසත් වූ බවට සාධක මහාවංශයේ වෙයි. නගරය ක‍්‍රමානුකූලව නිර්මාණය කර ඇති බව එහිදී මනාව පැහැදිලි වේ. මෙම නගර නිර්මාණ ක‍්‍රමය සදහා ඉන්දියාවේ ආභාසය හා මෙරට ස්වදේශික ගෝත‍්‍රිකයන් සතුවූ තාක්‍ෂණික දැනුම මහෝපකාරී වන්නට ඇත. එයට කදිම සාක්‍ෂියක් වන්නේ ආසියාවටම නොමැති දියුණු වාරි තාක්ෂණයක් අතීතයේ සිටම මෙරට පැවතූණු බවට බොහෝ සාක්‍ෂි පැවතීමෙනි.
මධ්‍යම ශිලායුගය දක්වා දිවෙන ලක්දිව ජනාවාස
මානවපරිණාමය දෙස සැලකු විට දකුණු ආසියාවද විවිධ පැතිකඩයන්ගෙන් වැදගත් කමක් උසුලයි. ‘‘දැනට මානව විද්‍යාඥයන් විසින් පිළිගෙන ඇති පරිදි දකුණු ආසියා ප‍්‍රදේශය ජනාවාස විම ආරම්භ වී ඇත්තේ මෙයට අවුරුදු පන්ලක්‍ෂයකට පමණ පෙරය’’ ඉන්දියාවේ මෙන්ම ලංකාවේ හමුවූ මයික්‍රොලිනික ආයුධතුළින් මේ ලක්‍ෂණ පැහැදිලි වේ. ‘‘ශ‍්‍රී ලංකාවේ බටදොඹලෙන නැමැති ස්ථානයෙන් ලැබී ඇති එසේම විද්‍යානුකූලව දින නියමකර ඇති මයික්‍රොලිනික ආයුධ මෙයට අවුරුදු විසිනව දාහකට වඩා පැරණිය’’ ලංකාවේ කළ කැනීම්වලින් ‘‘්‍යදපද ි්චසැ්බි ි්චසැ්බි’’ වාසය කළ බව ඔප්පු වී ඇති පනිරාවෙල, බූන්දල කළ කැනීම්වලින් පැහැදිලි වන්නේ වසර 1,25,000 කට පෙර ආදි මානවකයන් මෙරට වාසය කර ඇති බවයි.
මධ්‍යම ශිලා යුගය ක‍්‍රි.පූ. 30,000 පමණ පෙර ආරම්භ වූ බව සැලකේ. මේ මානවකයන් බුලත්සිංහල පාහියන්ලෙන, කිතුල්ගල හා බටදොඹ ලෙන වැනි ස්ථානවලින් එම කාලයට අයත් තොරතුරු හමුවේ. මෙම යුගයට පසුව නව ශිලා යුගය ඇරඹෙයි. මෙම යුගයේදී මානව ශිෂ්ටාචාරයක වැදගත් තහවුරුවක් සහිතව ඇරඹි යුගයකි. ක‍්‍රි.පූ. 4000 පමණ තොරතුරු කෑගල්ල දොරවකන්ද ලෙනින් හමුවී ඇත. ධාන්‍ය අවශේෂ ශිලා මෙවලම් හමුවී ඇත. හෝර්ටන් තැන්න ප‍්‍රදේශයෙන් ධාන්‍ය අවශේෂ හා පොසිල හමු වී තිබේ.
නවශිලා යුගයට පසු ලෝකඩ යුගය (යකඩ යුගය* ආරම්භ වී ඇත. මන්නාරම මාතොට, පුත්තලම පනිරන්ඩාව හා සීගිරිය අතර පිහිටි අලිලෙන හා අලකොළ වැව වැනි ස්ථානවලින් මෙම යුගයට අයත් තොරතුරු හමුවේ. පාහියන්ගල සිටි මානවකයා ්‍යදපදි්චසැ්බි ඊ්ක්බටදාැබසිි යනුවෙන් නම්කර තිබීමෙන් පැහැදිලි වන්නේ මෙරටට ආවේණිික ජන කොටස් මෙහි වාසය කර ඇති බවයි. මෙම ප‍්‍රදේශවල පමණක් නොව උතුරු ප‍්‍රදේශවලද ජනතාව වාසය කර ඇති බවට සාධක හමුවී ඇත. ‘‘1970 වර්ෂයේදී යාපනේ චුන්නාකම් (පැරණි හුණුගම* අසල කන්තරෝදය (පැරණි කදුරුගොඩ විහාරය* අසල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකත්වයෙන් ඇමෙරිකාවේ සෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ පුරාවිදඥයන් පිරිසක් විසින් කරන ලද කැණීමකදී හමුවූ වලං කැබලි ආදි ජනාවාස අවශේෂයන් විද්‍යානුකූල කාල නිර්ණයන්ට භාජනය කරන ලදව ඒවා ක‍්‍රි.පූ. එක්දහස් දෙසීයක් පැරණි බවට තීරණය වී ඇත.’’
සීගිරියද ආදි කාලීන මානවකයා වාසය කළ ස්ථාන බවට සාධක හමුවී තිබේ. කෘෂිකර්මික ජීවිතයකට වඩා දඩයමින් ජීවත් වූ මානවකයන් මෙවැනි ස්ථාන තම වාසස්ථාන කරගන්නට ඇත.
‘‘පුරාවිද්‍යාත්මක කැණීම් මගින් අනාවරණය කරගෙන තිබෙන ක්‍ෂුද්‍ර දළගල් ආයුධ අනුසාරයෙන් කිව හැකි වන්නේ අධ්‍යයන ප‍්‍රදේශයේ දීර්ඝතම ඉතිහාසය ප‍්‍රාග් ඉතිහාස යුගයේ මෙසොලිතික අවධියේ මනුෂ්‍ය ක‍්‍රියාකාරකම්වලින් පරිපූර්ණ වී තිබූ ආදිතම ජනාවාස ස්ථානයක් බවය. විශේෂයෙන් සීගිරිය නැගෙනහිර ප‍්‍රදේශයේ අලිගල, ඇතුළු පොතාන, පිදුරංගල හා කිරීඔය ස්ථානවලින් ලැබී ඇත ද්‍රව්‍යමය සාධක දඩයම හා ආහාර රැුස්කිරීම ප‍්‍රධාන ජීවීකා වෘත්තිය කරගත්මනුෂ්‍ය කණ්ඩායමකගේ සමාජයීය ලක්‍ෂණ පුළුල් වශයෙන් අධ්‍යයනය කිරීමට උපකාර කරගත හැකිය.
සීගිරිය පිළිබඳ හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ දඹුල්ලට නුදුරු ඉබ්බන්කටුව යන ස්ථානයේ කළ පරියේෂණ තුළිනි. ’’එහි ’සිස්ට්’ වර්ගීකරණයට යටත්වන සුසාන ඇතුළුව කලූ-රතු මැටි බඳුන් භාවිතය පිළිබඳ තොරතුරු ද ජනාවාස රටාව පිළිබඳ මූලික කරුණු පිළිබඳ විස්තර ද පුරාවිද්‍යා කැණීම් මගින් සොයාගෙන ඇත.’’
මෙම පුරාවිද්‍යාත්මක සාධක අනුව පැහැදිලි වන්නේ මෙරට ඈත අතීතකාලයේ සිටම ජනාවාස පැවැති අතර බොහෝ ප‍්‍රදේශතුළ ජනතාව සැලකිය යුතු ප‍්‍රමාණයකට වාසය කර ඇති බවයි. මුලින් ස`දහන් කළ පුරාවිද්‍යාත්මක සාධකවලට අමතරව විදේශීය සාහිත්‍ය කෘති වලින්ද මෙරට වෙළදාම, ජනවාස පිළිබඳ තොරතුරු එළිවේ. එමගින් මෙරට පැවැති නගර නිර්මාණය හා ගෘහ නිර්මාණය පිළිබඳ යම් සිතුවමක් මවා ගැනීමට හැකිවේ.
විදේශීය මූලාශ‍්‍රවල වැදගත්කම රදා පවතින්නේ වෙළ\ම හා අන්තර්ජාතික සබඳතා ගැන ඒවායේ ඓතිහාසික තොරතුරු ඇතුළත් වන බැවිනි. විදේශීය මූලාශ‍්‍ර බොහෝදුරට සකස්වී ඇත්තේ ජනප‍්‍රවාද ඇසුරින් ඒවා විශ්වාසයක් තැබිය හැකි ඒවා නොවේ. ‘‘ඇරිස්ටෝටල්ගේ කෘතියක් වශයෙන් සැලකෙන ‘ඩි මුන්ඩො’ ලංකාව ගැන පළමුවෙන් සඳහන් වන ග‍්‍රන්‍ථය හැටියට සලකනු ලැබේ.’’
ඇලෙක්සැන්ඩර් රජුගේ සෙන්පතියෙකු වූ ක‍්‍රි.පූ. සිව්වන සියවසේ විසූ ඹනේස්කී‍්‍රටස් දක්වන තොරතුරු මගින් ලංකාව හා වයඹ දිග ඉන්දියාව අතර වෙළඳ සම්බන්ධතා පැවැති බව දැක්වේ. මෙම තොරතුරු වලින් පැහැදිලි වන්නේ ලක්දිව ආදිතම යුගයේ ජනාවාස පැවැති බව හා එය මධ්‍යම ශිලා යුගයෙන්ද ඔබ්බට යන බවයි. එසේම බොහෝ ඈත කාලයක සිටම ලක්දිව හා විදේශ රටවල් සමඟ වෙළඳ සම්බන්ධතා පැවැති අතර එමගින් මෙරට ගෘහ නිර්මාණ කෙරෙහි විදේශීය බලපෑමට ලක්වූ බව පැහැදිලි වේ.
තම්බපණ්ණියට සංක‍්‍රමණය වූ ආර්යයන්
අතීතයේ ලක්දිව විශේෂ වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවැති බැවින් විදේශරටවල ජනයා මෙරටට විවිධ අවස්ථාවල මෙරටට පැමිණ ඇත. එසේ වීමට හේතු වී ඇත්තේ මෙරට පැවැති කුළු බඩු, මුතු මැණික් ආදී විටිනා ද්‍රව්‍ය රැුගෙන යාම පිණිසය. ඊජිප්තුවේ නිර්මාණය කර ඇති පිරිමීඩ තුළ තැන්පත් කර ඇති මමී සාඳහා කුරු`දු තෙල් රැුගෙන ගොස් ඇත්තේ මෙරට සිට බවට මතයක් පවතී. පෙරදිග නැව් මාග_යේදී මෙරට වැදගත් නාවික මධ්‍යස්ථානයක් වී තිබුණි.
ආර්යයන් මුල් කාලීනව සිරියාව, ඉරානය රටවල හරහා ඉන්දියාවට සංක‍්‍රමණය වීම ආරම්භ වී ඇත්තේ ක‍්‍රි.පූ. 1500ට පෙර සිටය. ක‍්‍රි.පූ. 1500දී පන්ජාබයේ වෙන්ව සප්තසින්ධු ප‍්‍රදේශයට ඒමත් සමඟ ඉන්දු-ආර්යයන්ගේ ඉතිහාසය ආරම්භ වේ. ආර්යයන් ඉන්දියාවට පැමිණි පසු ස්වදේශික ගෝත‍්‍රික කණ්ඩායම් දකුණු දෙසට සංක‍්‍රමණය විය. පසුව ආර්යයන් හා ස්වදේශික ගෝත‍්‍රිකයන් අතර ගැටුම් ඇතිවීමෙන් පසු ආර්යයන් ජයගත් අතර ස්වදේශිකයන් කාලවර්ණ ඇත්තවුන් වූ අතර ඔවුන් පහත් කර සැළකූ බව සෘග් වේදයෙන් පැහැදිලි වේ. පසුකාලීනව ආර්යයන් ඉන්දියාව පුරාම ව්‍යාප්ත වූ අතර ඔවුන් එයින් නතර වූයේ නැත. ‘‘අග්නිදික ආසියාවේ පිහිටි පේරු, කාම්බෝජ, ජාවා, සුමාත‍්‍රා හා බෝනියෝ ආදි රටවල පමණක් නොව ඈත පෙරදිග පිහිටා ඇති ජපානය දක්වා වූ ඇතැම් රටවල සමහර ප‍්‍රදේශයන්හිද මේ ඉන්දු ආර්යයන් විසින් ජනපද පිහිටුවල ලද බව පෙනේ.’’ අග්නිදිග ආසියාවට පැමිණි ආර්යයන් පන්ජාබයේ පදිංචිවූ කොටස් හා සප්ත සින්දු ප‍්‍රදේශය අත්පත් කරගෙන සිටි ආර්යයන්ගෙන්ම කැඞී වෙන්ව ආ කණ්්ඩායමක් ලෙස සැලකිය හැකිය. මෙම ආර්යයන් මෙරටට සංක‍්‍රමණයවී ඇත්තේ මහාවංශයේ සඳහන් වන විජයාගමනයට පෙර සිටය.
මහාවංශය අනුව මෙරට මුල්ම ජනාවාසය ආරම්භ වන්නේ විජයාගමනයත් සමඟය. නමුත් මෙම විජයාගමනයට පෙර සිට මෙරට ජනාවාස වී තිබුණි. කලාඔය අසල පිහිටා ඇති පොම්පරිප්පු හා ආදිච්චනල්ලූර් ප‍්‍රදේශයෙන් හමුවූ මැටි භාජනවලින් මේ කරුණ සනාථ වී ඇත. ‘‘ආදිච්චනල්ලූර් මැටිභාජනවල මෙන්ම මේ මැටිභාජනවලද දක්නට ලැබුණේ මිනී ඇටකටුය. මේවා අතරද තිබී තඹක්ක අංජනකූරු කිහිපයක්ද සොයා ගනු ලැබීය. ආදිනච්චනල්ලූර් ප‍්‍රදේශයේ තිබී හමුවූ නටඹුන් මෙන්ම පොම්පරිප්පු ප‍්‍රදේශයේ තිබී හමුවූ නටඹුන් ආර්ය සංස්කෘතියකට අයත් ඒවා ලෙස සැලකීමට තරම් සාධක නැත.’’ මහාවංශයේ සවැනි හා පස්වැනි පරිච්ෙඡ්ද වලින් පැහැදිලි වන්නේ විජයාගමනය ක‍්‍රි.පූ. 5 වන හෝ සයවැනි සියවසේදී සිදු වී ඇති බවයි. ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බෙහෝ අය වෙළෙන්දො වූහ. විජයාගමනයට සමාන තොරතුරු වලාහස්ස ජාතකයෙන් පැහැදිලි වේ. ඒ අනුව ඉන්දියාවේ සිට වෙළදාම සඳහා පැමිණි පිරිසක් ගැන වලාහස්ස ජාතකයේ සඳහන් වේ. ලංකාවට මුලින්ම පැමිණි උතුරු ඉන්දියාවේ වෙළෙන්දෙකුගේ පුත‍්‍රයෙකු බව දිව්‍යාවදානයේ සඳහන් වේ.
ජී.සී. මැන්දිස් මහතා ලංකා ඉතිහාසය නම් පොතෙහි ක‍්‍රි.පූ. හයවැනි සියවසේ ලංකාවේ හා ඉන්දියාව අතර වෙළඳ මාග_ 3ක් පැවැති බව සඳහන් කරයි. මෙයින් එක් මාග_යක් රට මැදින් වැටී තිබූ ගොඩබිම් මාග_යක් වූ බවත් අනෙක් මාග_ 2 මුහුදු මාග_ වේ. මහාවංශයේ වන විජයාගමනය හා අනෙකුත් ආර්ය සංක‍්‍රමණවලට මුහුදු මාග_ 2ක් ප‍්‍රධාන වී යැයි සැලකිය හැකිය. පරණවිතාන මහතා ප‍්‍රකාශ කරන්නේ ඉන්දියාවේ අනාර්ය භාෂා කතා කරන වෙනත් ජනයා වාසය කළ නිසා ආ්‍ය_යන් මුහුදු මාග_ 2කින් සංක‍්‍රමණය වන්නට ඇති බවට කරුණු දක්වා ඇත. ක‍්‍රි.පූ. හත්වැනි ශතවෂ_ය වන විට ලක්දිව තම්බපණ්ණි යනුවෙන් හදුන්වා ඇත. ඉන්දියාවේදී දකුණු දිග ගඟක් හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශය තම්බපණ්ණි යනුවෙන් හදුන්වා ඇත. තවද ලක්දිවද තම්බපණ්ණිි නම් වූ බව ටොලටිගේ සිතියමෙහි ‘තප්‍රොබේන්’ යනුවෙන් හදුන්වා තිබීම, අශොක් සෙල්ලිපිවල මෙන්ම ආර්යයන් පැමිණි පසු තම මුල් බිම්වල නම් මෙරටද භාවිත කරන්නට ඇත. මෙය මෙසේ වුවහොත් මහා වංශයෙහි වන තම්බපණ්ණි යන නම සෑදි තිබෙන අයුරු සාවද්‍ය වේ.
විජයකුමරු භාරුකච්ඡු හා සුප්පාරක යන නැවු තොටුපල හරහා මෙරටට පැමිණ ඇති බව දීප වංශයේ දැක්වේ. මහාවංශයේ දැක්වෙන පරිදි විජය රජුගේ පුත්තණුවන් රාජ්‍යය කළේ වංග දේශයෙහිය. විජයගේ පියාවූ සිංහබාහු කුමාරයා තමාට තමාට උරුම වූ වංග රාජ්‍යය තමාගේ බාප්පාට පවරා තමන් උපත ලැබූ ප‍්‍රදේශය වූ ලාළ හෙවත් ලාට දේශයට අවුත් සංහපුරය නමින් නඟරයක් ඉදිකොට ගෙන එහි රාජ්‍යයක් පිහිටුවා ගත්තේය. විජය රජු පැමිණ ටික කාලයකින් දකුණු ඉන්දියාවේ ‘‘දක්‍ඛිණං මධුරං පුරං’’ මධුරා පුරයෙන් බිරියක් ගෙන්වා ගන්නේය. මෙය මෙරට ඇති සෙල්ලිපි මගින්ද පැහැදිලි කළ හැක. මෙරට ඇතැම් ලෙන් ලිපි වල දකින්නට ලැබෙන ‘ම’ අක්ෂරය හා ‘ඉ’ අක්ෂරය දකින්නට ලැබෙන්නේ දකුණු ඉන්දීය සෙල්ලිපිවල පමණි. විජය මෙරටට පැමිණීමෙන් පසුව මෙරට සිංහල ද්වීප යනුවෙන් හැදින්වී ඇත. විජය පරපුර සිංහයෙකුගෙන් ආරම්භ වූ බැවින් සිංහල වූ බව දීප වංශයේ දැක්වේ. ක‍්‍රි.ව. 4 වැනි සියවසේ සමුද්‍රගුප්ත රජුගේ අලහබාද් සෙල්ලිපියේ සිංහල යන නම සඳහන් වේ. විජයාගමනයෙන් පසු විවිධ ආර්ය කණ්ඩායම් මෙරටට පැමිණි බව මහා වංශයේ සඳහන් වේ.
මහාවංශයේ දැක්වෙන භද්දකච්චානා හා ඇයගේ සොහොයුරින් සම්බන්ධ කථා ප‍්‍රවෘත්තිය නැගෙනහිර ඉන්දියාවේ සිට සංක‍්‍රමණය වූ බව සැලකිය හැකිය. ඒ අනුව ගංගා නදියේ පා කර එවනු ලැබූ භද්දකච්චානා කුමරිය හා ඇයගේ පරිවාර ස්ත‍්‍රීන් ලංකාවේ ගොණගාම පටුනට ගොඩබට බව මහාවංශයේ සඳහන් වේ.
විජය කුමාරයා ඊට පෙර ලංකාවට පැමිණි යැයි නිසැක වශයෙන් සිතිය හැක. වෙළන්ඳන් හා ආර්යයන් සමඟ ඔවුන් තුළ පැවැති ශිල්පීය ක‍්‍රම හා ගෘහ නිර්මාණ ශිල්පීය හැකියා රුගෙන මෙරටට පැමිණෙන්නට ඇතැයි සිතිය හැක. විජය පැමිණීමෙන් ඔහු හා ඔහු සමඟ පැමිණි පිරිස අනුරාධ ග‍්‍රාම වැනි ග‍්‍රාමයන් ඉදිකර වීය. මෙහිදී තමත් දඹදිව දැක තිබූ හා තම ශිල්පීය දැනම උපයෝගී කරගෙන නගර නිර්මාණය කරන්නට ඇත. එම නගරයක් මත පසු කාලීනව වඩා විශාල කර නගර ඉදිකිරීම මගින් මුල් ලක්‍ෂණ අභාවයට ගොස් ඇත. විජයාගමනය සිදුවූ යුගය හා ඒ කාලයට සමගාමීව ඉන්දියාවේ නගර දැවයෙන් හා මැටියෙන් ඉදි කර ඇත. ඒ අනුව විජය කුමරු ඇතුළු පිරිස හා ඊට පෙර පැවැති නගර මැටියෙන් හා දැවයෙන් නිර්මාණය කර තිබීම නිසා එහි නටඹුන් අද දක්නට නොමැත.
‘‘අනුරාධපුර ඇතුල්නුවර කළ කැණීම් ඔස්සේ එහි ආදිවාසීන්ගේ පැවැත්මට සම්බන්ධ තොරතුරු හෙළි වී ඇත. මූල ඓතිහාසික ලෝහ යුගය ක‍්‍රි.පූ.900-600 අතර යැයි සැලකිය හැකි අතර එය දියුණු ලෝහ ශිල්ප ක‍්‍රමයක් සහිත කාල හා රක්ත වණ_ මැටි භාජන, අශ්වයා, හීලෑකළ ගවයා හා වී ගොවිතැන ආදී ලකුණින් හදුනාගත හැකිය. අනුරාධපුර රාජධානියේ මුල ඓතිහාසික ජනාවාස හෙක්ටයාර් 50ක පෙදෙසක් තුළ විහිදී යන පරිදි නගරයකුත් සමඟ වූ බවට සාධක ලැබී ඇත.’’
එසේම අනුරපුර යුගයේ පැවැති දියුණු වාරි කර්මාන්තයට සමාන දියුණු වාරි කාර්මාන්තයක් ඉන්දියාවේ හෝ චීනයේ පවා පැවතී නොමැත. ඉන්දියාවේද යම් තාක් ප‍්‍රමාණයකට දියුණු වාරික‍්‍රමයක් ඇති වූයේ 10 වන සියවසටත් පසුවය. ඒ අනුව පහත දැක්වෙන ශිල්පීය හැකියාවන්ගෙන් මෙරට ආදි ජනතාව ආර්යයන් දැන සිටින්නට ඇත.
1. නගර සැලැසුම් ක‍්‍රම
2. ගොඩනැගිලි ක‍්‍රම
3. වාරි මාග_ (වැව් හා දිය අඟල්*
4. කඹ හා ලෝකඩ භාවිතය
5. ලෝකඩ සැදීම
6. පබළු හා වීදුරු සෑදීම
මේ අනුව විජයාගමනය පිළිබඳ ජනප‍්‍රවාදයකින් කුමක් සඳහන් වූවද මෙරට සිටි ගෝත‍්‍රිකයන් හා ඔවුන්ගේ නගර නිර්මාණ ගෘහ නර්මාණ ශිල්ප සහ වෙනත් ශිල්ප හා කාර්මික ඥනයෙන් යුක්තව ආර්ය ජනතාව හා සම්මිශ‍්‍රණය වූ බවට සිතිය හැකිය.
පුව_ බෞද්ධ යුගයේ නගර නිර්මාණය පිළිබඳ මහාවංස ගත තොරතුරු
විජය රජු ලක්දිව පාලනය කළේ එක්සේසත් කර නොවේ.මුළු ලක්දිව එක්සේසත් කර පාලනය කළේ පණ්ඩුකාභය කුමරුයි.විජය සමග පැමිණි පිරිස තම තමන්ගේ නම්වලින් ගම් ආරම්භ කළද ඒවා නගර සේ ක‍්‍රමවත්ව නිර්මාණය නොවන්නට ඇත.නමුත් එක්තරා ආකාරයට එයද නගර නිර්මාණයට පසුබිමක් වූ බව නොවනුමානයි. විජය පෙළපත පහකර ශාක්‍ය පෙළපත ආරම්භ කරනුයේ පණ්ඩුකාභය කුමරු සමගිනි . ඹහු මුළු ලක්දිවම එක්සෙසත් කරයි. අනුරාධපුර නගරය අනුරාධ කුමරු විසින් අනුරාධ නැකතින් තැනූ අනුරාධ ග‍්‍රාමය මුල්කරගත් ප‍්‍රදේශය මෙම අනුරාධපුරය නිර්මාණය සදහා යොදා ගෙන ඇත.
‘‘ අනුරාධපුර ඇතුල් නුවර කළ කැණීම් ඹස්සේ එහි ආදිවාසීන්ගේ පැවැත්මට සම්බන්ධ තොරතුරු හෙළිවී ඇත. මූල ඓතිහාසික ලෝහ යුගය ක‍්‍රිපූ 900 - 600 අතර යැයි සැලකිය හැකි අතර එය දියුණු ලෝහ සිල්ප ක‍්‍රමයන් සහිත හා කාල රක්ත වර්ණ මැටි භාජන, අශ්වයා, හීලෑකළ ගවයා සහ වී ගොවිතැන ආදී ලකුණින් හදුනා ගත හැකියි.’’
මේ අනුව අනුරාධපුර නගරය න්ර්මාණය වීමෙහිලා ඊට පෙර පැවති නගර නිර්මාණ ශිල්පයන් මෙන්ම වෙනත් විදේශීය සිල්පයන්ද උපකාර කරන්නට ඇත. මුල් කාලීනව නගර යන්නට ‘‘පුර ’’ යන්න භාවිත වී ඇත. එයට ඉන්දියාවේ වර්තමානයේ ‘‘පුර්’’ යන්න භාවිත කරයි. පෙර නගරය ඇතුළුනුවර යැයිද ඉන් පිටත වෙනත් නම් වලින්ද හදුන්වා ඇත. රාජකීය සියලූ ගෘහයන් පැවතුණේ ඇතුළු නුවරය. එමනිසාම පසු කාලීනව අන්ත:පුර යන් යෙදුමද යෙදුනේ මෙම හේතුව නිසාය.එම නිසාම නගරයක ඇතුළු ප‍්‍රදේශය මෙන්ම බාහිර ප‍්‍රදේශය වෙන් කරන ලද යම් සීමාවක් නිශ්චිතවම පැවතී ඇත.
අනුරාධපුර නගරය වෙළ`ද මද්‍යස්ථානයක්ද විය. විශේෂීකරණය වූ වෙළ`ද ප‍්‍රදේශ වාණිජ ගාම හෙවත් නිගම යනුවෙන් හැදින්විය. නගරයට ඇතුළු වන ස්ථාන හෙවත් දොරටු ද්වාර ග‍්‍රාම නම් විය. විජය රජු කාලයේ වූවද මෙරට වෙළද මධ්‍යස්ථානයක්ව පවතින්නට ඇත. නමුත් නගරයක් ලෙස ක‍්‍රමානුකූලව නිර්මාණය වූ බවට සාදක නැත. ක‍්‍රමාණුකූලව නගරයක් නිර්මාණය කළේ පණ්ඩුකාභය රජතුමාය. ලක්දිව පළමු වරට එක්සේසත් කළ ශාක්‍ය පරපුරකට උරුම කම් කියන්නකුසේ සලකන ලද්දේ පණ්ඩුකාභය රජතුමාය. එමනිසා පසුකාලීන රජවරු තම රාජපරම්පරාවේ ආදිතමයා ලෙස සලකන ලද්දේ විජය නොව පණ්ඩුකාභය රජතුමාය.
අනුරපුර අවසාන භාගයේ විසූ සිවුවැනි මිහිදු රජු තම ආදිතමයා විජය නොව පනණ්ඩුකාභය යැයි සැලකීය. දීපවංශයේ එක්තැනක පණ්ඩුකාභය කුමරු ‘පකුණ්ඩක‘යැයි නම් කිරීම තුළින් ( ධූර්ත චෞරයකැයි * ඹහුට ප‍්‍රබල ප‍්‍රතිපක්ෂ කණ්ඩායම් සිටි බව පැහැදිලි වේ. එම නිසා ඔහු නගර නිර්මාණ කිරීමේදී ආරක්ෂාව පිළිබඳව සැලකිළිමත් වන්නට ඇත. පුර යනු ‘‘පේතෘ’’ ශබ්දයෙන් ආරක්ෂාවන ස්ථානයයි. එම නිසා ඔහු අනුරාධපුරය ආරක්ෂිත නගර නිර්මාණයක් ලෙස ඉදිකරවන්නට ඇත. ‘‘ ඕනෑම නගරයක් ආරම්භයේ කිසියම් සැලසුම් ගත කිරීමක් කළ යුතුය . ක‍්‍රි.පූ 04 වන සියවසේ පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි අනුරාධපුර නගරයද එසේ විය.නගරයේ ප‍්‍රධාන අවධානය යොමු වූයේ ආරක්ෂා වෙතයි’’
පුරයකට අත්‍යවශ්‍ය අඞිගයක් වූ ප‍්‍රාකාරයක් පණ්ඩුකාභය රජු අනුරාධපුර නගරයට කරවීද යන්නට සාදක නැත. නමුත් ක‍්‍රි. පූ. 41-19 අනුරාධපුර ප‍්‍රාකාරය සත්රියන් කරවා දිය අගල්ද ඇතිකරවී යැයි මහාවංශයේ සදහන් වේ. පණ්ඪුකාභයගේ සමකාලීනයකුවූ මෞර්ය අධිරාජ්‍යයේ මූලිකයා වූ චන්ද්‍ර ගුප්ත රජුගේ රාජධානිය වූ පාටලී පුත‍්‍ර නගරය වටා දාරුමය ප‍්‍රාකාරයක් තිබී ඇත. දඹදිවට නිබඳ ආභාසය ලද රටක් වනනිසා මෙහි පණ්ඩුකාභය කරවූ ප‍්‍රාකාරයද දැවයෙන් හෝ මැටියෙන් කරන්නට ඇත. චන්ද්‍රගුප්ත මාළිගයේ ගල් ඔපදමා තිබූ අතර එය ග‍්‍රීක පර්සියන් සම්බන්ධ කමේ ප‍්‍රතිපලයක් ලෙස බව එරට උගතුන් පැහැදිලි කරයි. මෙරට වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවතුණු බැවින් එවැනි ප‍්‍රාකාරයක් මෙහි පවති බවට තර්ක කළ හැකිය. නගරයෙන් පිටත සොහොන් බිම් ආදියද කර වු බැවින් පැහැදිළිවම නගර සීමාවක් පවතින්නට ඇත. පණ්ඩුකාභය රජු මුළු දිවයිනේහිම ගම්වල මායිම් ලකුණු කළ බවට ලූහුඩින් මහාවංශයෙහි දැක්වෙන විස්තරය ඉතා වැදගත්වේ. මේතුළින් පැහැදිළි වන්නේ ඹහු ගම් සීමාවන් මෙන්ම නගර සීමාවන්ද කළ බවයි. ඒ අනුව ඇතුළු නුවර යැයි කොටසක නිශ්චිතවම සීමාවන් ලකුණු කරන්නට ඇත. පණ්ඩුකාභයගේ ඤාතීන් පාලන තන්ත‍්‍රය උගත් උත්තර භාරතයේ ශාක්‍යයන් වීම නිසා ඔහුට නගර නිර්මාණය සදහා එම අභාසය බලපාන්නට ඇත. නගරය එසේ ආරක්ෂා වන්නනට ඇති අතර අවශ්‍ය ජලය සපයා ගැනීම සදහා ජාතරස්සය ( ඉබේ හටගත් විලක් * අභය වැව නමින් විහාල කර ඇත.
පණ්ඩුකාභය කරවූ නගර නිර්මාණයට පෙර බොහෝ තොරතුරු මහාවංශයේ සදහන් නොවූවද පෙර පැවැති නගර නර්මාණ ශිල්පීය ඤාණයන් උපායෝගී කරගන්නට ඇත. බුදුන් වැඩි කාලයේ නාගදීපයේ පිහිට වූ කිරිපලූ රුක රෝපණය කළ ස්ථානයේ කළ විහාරයක් පිළිබඳව මහාවංශයේ තොරතුරු එයි. පසුව එය භාතික තිස්ස හා දෙවැනි අග්බෝ යන රජවරුන් නොයෙක් ආරාම හා ගොඩනැගිලි ඉදිකර ඇත. මහා වංශයේ සදහන් වන පරිදි විජය විසින් තම්බපණ්ණිී නගරය පිහිටවනු ලැබූ අතර අනුරාධ ගාම, උපතිස්ස ගාම, උජ්ජයීනී, උරුවේිලා සහ විජිත ගාම යන නගර පිහිටවනු ලැබුයේ ඔහුගේ සගයන් විසිනි. මහාවංශයේ නව වෙනි පරිච්ඡෙදයේ දැක්වෙන පරිදි රාමගොණ, අනුරාධ ගාම, උරුවේලා, විජිත ගාම, දීඝායු සහ රෝහණ පිහිටවනු ලැබූයේ භද්දකච්චායනාගේ සහෝදර ශාඛ්‍ය කුමාරවරුන් විසිනි. මෙවායින් අනුරාධ ග‍්‍රාමය හැර අනික් ඒවා නගර ලෙස ඇතැම් තැන්වල සදහන් වුවද නගරයද ග‍්‍රාමය යන අර්ථයෙන් යෙදී ඇති බව ‘‘ කලහ නගරං නාම ගාමො තත්ථ කතේ අහු ’’ යන්නෙන් පැහැදිළි වේ. එමනිසා පඩුඅභා නගර නිර්මාණයේදී පෙර පැවති ශිල්පිය ක‍්‍රමයන් හා සැලසුම් හා තමන් උපයෝගී කරගත් බව පැහැදිලි වේ.
පණ්ඩුකාභය රාජකීය මන්දිරයක් තැනූ බව කියවේ. මෙසේ නගරය තුළ ඔහු බල කොටුවක් නිර්මාණය කළේය, එය විශාල කර ඉදිකළ වසභ රජු ද්වාර අට්ටාලයක්ද ඉදිකළේය. මෙහි නටබුන් අදද දැකිය හැකිය. නගර නර්මාණය සදහා පණ්ඩුකාභය නැකැත් කරුවන්ගේ උපදෙස් ලබාගෙන ඇත. රාජකීය ගොඩනැගිලි ඉදිකරන ලද්දේ නගරයෙන් ඇතුළතය. ඇතුළු නුවර ප‍්‍රභු හා උසස් පැලැන්තිවල ජනයාද ඇතුළු නුවර වාසය කර ඇත.
අනුරාධපුර නගරය කෞටිල්‍යගේ අර්ථ ශාස්ත‍්‍රයේ එන විශ්ව නගරයක ස්වරූපය නොගෙන ඇත. එයට අනුව සතර දිසාවට ද්වාර සතරක් තිබිය යුතු අතර නගර මධ්‍යයේ උතුරු දෙසට වන්නට රජ මාලිගය පිහිටා තිබිය යුතුය. මෙම විස්තර සමග පණ්ඩුකාභය රජුගේ නගරය නොගැලපේ. ථූපවංශයේ දැක්වෙන පරිදි නගරයේ දොරටු සතර එකහා සමාන දුරකින් පිහිටා තිබෙන බව දැක්වෙන නමුදු එමගින් සිව් දිසාවන් පිළිබිඹු නොවේ. එ් අනුව මෙරට පැවති නගර නිර්මාණය ස්වදේශීය ලක්‍ෂණ ඇතිව නිර්මාණය වූ බවට මෙය කදිම සාධකයකි.
‘‘ රත්ති රජ්ජං අදා තස්ස - අහූ නගර ගුත්තිකො
තදුපාය නගරේ - අහු නගර ගුත්තිකෝ ’’
පණ්ඩුකාභය කරවූ අනුරාධපුර නගරයේ රාත‍්‍රී කාලයේ පාලනය ගෙනයාම බාරකර ඇත්තේ ඔහුගේ මාමා වූ අභයටයි. නගරය සදහා නගර ගුත්තිකයන් විධිමත් ලෙස යෙදීම තුළින් නගරය ආරක්‍ෂා කිරීමට හමුදාමය බලයක් යෙදවූ බව පැහැදිළිවේ.
පඩුඅභා රජු වළවාමුඛී නම් යක්ෂණිය පිණිස ඉදිකළ දෙවොලද රජුගේ මාළිගය පිහිටි භූමියේම විය. චිත්ත රාජ යක්‍ෂයා සදහා ඉදිකළ දේවාලය නගරයේ බටහිර දෙස පිහිටි අතර කාලවේල නම් යක්‍ෂයාගේ දේවාලය නගරයේ නැගෙනහිර දෙසින් වූ බව මහාවංශයේ දක්වයි. මෙය මහසෙන් යුගය දක්වා පැවති අතර පසුව මහසෙන් රජු එය කඩාබිඳ දමා ථූපයක් කරවූ බව මහා වංශයේ සදහන් වේ. දකුණු දිසාවේ යක්ෂ යොනියේ උපන් පූර්වෝපකාරී දාසියගේ වාසස්ථානය වන්නට ඉදිකර ඇත. බටහිරට වන්නට වෛශ‍්‍රවණගේ නුගය හා ව්‍යාධ දේවතාවාග් තල්ගස ඉදිකර ඇත. උතුරුදිශාවට වන්නට තාපසයන්ගේ ආශ‍්‍රම හා ජෝතිය නිගණ්ඨයාගේ ආශ‍්‍රමය ඉදිකර ඇත. මෙය වළගම්බා රජතුමා කඩාදමා අභයගිරිය තැනූ බව මහාවංශයේ සදහන් වෙයි. වයඹ දිශාවට නගර ශෝධක හා වර්චස් ශෝධක හා මෘත ශරීර හාරක හා ස්වසාන ගොපකයන්ගේ නිවාස පිහිටා තිබූ බව මහාවංශයේ දැක්වේ. ඊසාන දිසාවට වන්නට චණ්ඩාල සුසාන ඉදිකර ඇතිබව දැක්වේ. මේ අනුව නගරය යම්කිසි සැලසුමකට අනුව නිර්මාණය කර අතර එය මෙරටට ආවේණික වූවකි.
‘‘ පඤ්ච සතානි වනණ්ඩාල - පුරිසෝ පුරිසොධකේ
දුවේ සතානි චනණ්ඩාල - පුරිසෝ වච්ච සොධකේ ’’
පන්සීයක් නගර ශෝධකයන්ද ඒ සදහා සැඩොලූන් පන්සීයක්ද සැඩොලූන් දෙසීයක් වර්චස්ශෝධක ලෙස(කැලි කසළ සෙදීමට* තනතුරු ලබාදමෙන්් එහි පැවති සංකීර්ණ බව පිළිබදව කදිම සාධකයන් වේ.එතරම් පිරිස් නගරය සේදීමට හා වැසිකිළි පිරිසිදු කිරීමට(කැලි කසළ* නම් කිරීමෙන් නගරයේ විශාල සේවක පිරිසක් මෙන්ම විශාල ජනගහනයක්ද වූ බව පැහැදිලි වේ.මෙම කරුණු තුළින් වර්තමාන නගරයක ඇති ලක්‍ෂණවලට බොහෝ දුරට සමාන වේ. සැඩොලූන් සදහා ඊසාන දිග කළ සුසානයට සමීපයෙන් නීච සුසානයක්ද කළ බවද මහා වංශයේ දැක්වේ එයට උතුරු දිසාවෙන් ගාමිණී නමින් තවත් වැවක් කළ බව මහාවංශයේ දැක්වේ. එමගින් නගරය තුළ පැවැති ජල පරිභෝජන අවශ්‍යතාවය මග හැරීමට හැකිවන්නට ඇත. උතුරු දිසාවට වන්නට ගිරිනිගණ්ඨයාට ආරාමයක්ද විවිධ මිථ්‍යා මත දරන්නන් ඇතුළුව ශ‍්‍රමණයන්ට විසීම සදහා ප‍්‍රදේශයක්ද විය. බටහිර වාසල් දොරටුව සමීපයේ සොහාන් බිමට අමතරව වධකස්ථානයද තිබි ඇත. විවිධ යාග පූජා සදහා වෙන්කළ ප‍්‍රදේශයකුත් පැවතී ඇත. නගරයෙන් පිටතට මළසිරුරු ගෙනයාමට 150දෙනෙක්ද 150ක් සොහොන් ගොවුවන් වශයෙන් යොදවා ඇත.
උතුරු ප‍්‍රදේශයේ ගල් පර්වත දෙකක් අතර දඩයක් කරුවන්ගේ වාසස්ථානය ඉදිකර ඇත.නීච සුසානයට උතුරින් කුම්භාණ්ඩ නම් නිගණ්ඨයන්ට මෙන්ම තවුසන්ට වෙන්වූ ආරාමද ඉදිකර ඇත. දඩයක්කරුවන්ගේ වාසභූමියට නැගෙනහිරින් මිථ්‍යාදෘෂ්ඨික පවුල් 500ක් සදහා වාසස්ථාන ඉදිකර ඇත.
‘‘ ආජීවකානං ගේහංච - බ‍්‍රාහ්මණා වට්ට මෙවච
සිවිකා සොත්ති සාලාච - අකාරෙසි තහිං තහිං’’
ආජීවකයන් සදහා වාසස්ථානද බ‍්‍රාහ්මණයන් ඇතුළු ප‍්‍රභූන් සදහා සිවිකාවන් මෙන්ම ආරෝග්‍ය ශාලා ඉදිකළ බව දැක්වේ. ඒ තුළින් එහි පැවති සමෘද්ධිමත් ස්වරූපය මනාව වටහා ගත හැක. ග‍්‍රාම සීමාවන් මුළු ලක්දිවම ලකුණු කිරීම තුළින් විධිමත් පාලනයක් පිළිබඳව දෙස් දෙයි.මෙසේ ඉදිවූ නගරය ඉතා විශාල දියුණුවක් මෙන්ම වාණිජ මධ්‍යස්ථානයක්ද වන්නට ඇත. පණ්ඩුකාභයගේ නගර ද්වාර හා යොන පිරිස වාණිජ සම්බන්‍ධයක් ඇති වෙළෙන්දන් වන්නට ඇත. මෙසේ ඉදිවූ නගරය මුටසීව රජු හා දේවානම් පියතිස්ස රජු වඩිදියුණු කළ බව මහාවංශයේ සදහන් වේ.
සමාලොචනය
ලක්දිව පිළිබඳව ලිඛිත ඉතිහාසය විජයාගමනය දක්වා දිවයන්නකි නමුත් මෙහි හමුවන පුරාවිද්‍යාත්මක සාධක හා විදේශීය මූලාශ‍්‍රවලින් හෙළිවන කරුණු අනුව මෙරට ඉතිහාසය මධ්‍යම ශිලායුගය තරම් ඈතට දිව යයි. එකල භාවිත වූ වලං හා ආයුධ මෙන්ම වෙනත් සාධක අනුව ඔහුන් දියුණු සංස්කෘතියක් තුළ ජීවත් වූ බව පැහැඳිළි වේ. බලංගොඩ මානවකයා තුළින් මෙරටට ආවේණික ජනවර්ගයක් පිළිබඳව වෛද්‍ය විධ්‍යත්මක සාදක තිබේ.
ඈත අතීතයේ සිටම ලක්දිව ඉන්දියාව , ග‍්‍රීක, රෝමය, චීනය හා යුරෝපීය රටවල් සමග වාණිජ සම්බන්ධ කම් පැවැත්වූ බවට බොහා් සාධක තිබේ. ඒ අනුව එම රටවල් වල ජීවත් වූ ජනයා මෙහි පදිංචි වන්නට ඇත. ඔවුන්ගේ ආගමනයන් සමග එම රටවල් වල පැවැති විවිධ ශිල්පීය ක‍්‍රම මෙරට ජනයාට ලැබෙන්නට ඇත. ඊට අමතරව මෙරටට ආවේණික ශිල්පීය ක‍්‍රම කාලයත් සමග සංවර්ධනය වන්නට ඇත. විජයාගමනයට පෙර ලක්දිව මෙවැනි පසුබිමක් තිබුණුබව නොඅනුමානයි.
විජයා ගමනයත් සමග ඔහු හා ඔහුගේ සගයන් විවිධ නගර නිර්මාණය කරඇත . ඒ සදහා විජය පැමිණි දඹදිව ශිල්පීය ක‍්‍රම හා මෙරට පැවති ශිල්පීය ක‍්‍රම නගර නිර්මාණය සදහා යොදාගන්නට ඇත. මේවා නගර ලෙසින් හැදින්වුවද නගර ලෙසින් මේවා සැළකිය නොහැක. ක‍්‍රමවත් නගර නර්මාණයක් ඇතිවන්නේ පණ්ඩුකාභය රජවීමත් සමගිනි. ඔහු ශාක්‍ය පරපුරෙන් පැවත එන බවට එකල සමජය සැලකූ බව මහාවංශයේ එන තොරතුරු වලින් පැහැදිළි වේ. ඔහු එවැනි පරපුරකින් පැවත ගෙන එන බැවින් දඹදිව නගර නිර්මාණ පිළිබඳව සමීප අත්දැකීම් හා ශිල්පීය ක‍්‍රම ඔවුන් සතුව පවතින්නට ඇත.
පණ්ඩුකාභය විසින් ගොඩනැගූ නගරය යම් සැලසුම් සහගතව නිර්මාණය කළ බව විවිධ දිශාවන් සදහා විවිද ගොඩනැගිලි වෙන්කොට නිර්මාණය කිරීම තුළින් පැහැදිළි වේ. නමුත් දඹදිව පැවති නගර සැළසුම් හා මෙරට පැවැති සැලසුම් වෙනස් බව පෙනීයන්නේ කෞටිල්‍යයගේ අර්ථ ශාස්ත‍්‍රයේ එන විශ්ව නගර නිර්මාණ සැලසුම පිළිබ`දව සැළකීමෙන්ය. ඒ අනුව මෙරට පැවති දේශිය ශිල්පීය ඥානය එමගින් පැහැදිලි වෙයි. අභය රජු ඉදිකළ නගරය ක‍්‍රමාණුකූල හා ක‍්‍රියාශීලී නගරයක් වී ඇත. නගරය ආරක්‍ෂාවට හා පිරිසිදු කිරීමට සෙවකයන් පත් කිරීම තුළින් නගරයේ පාලනය විධිමත් කර ඇත. නගරයට අවශ්‍ය ජල පරිභෝජනය හා කෘෂිකර්මාංතයට අවශ්‍ය ජල අවශ්‍යතාවයන් සදහා වැවු සතරක් තනා ඇත.
මෙලෙස යහපත් ආරම්භයක් සහිතව නිර්මාණය කළ අනුරාධපුරය ක‍්‍රී. ව. 09 9 සියවස පමණ වන තෙක්ම සෞභාග්‍යවත් නගරයක්ව පැවතුණි. ලංකා ඉතිහාසයෙහි වැදගත්ම ආගමික, පරිපාලන නගරය හා රාජධානිය අනුරාධපුරයයි. මෙය ශත වර්ෂ 15ක් පමණ කාලයක් විරාජමාන වන්නට හේතුව මෙහි පිහිටීම හා නගර නිර්මාණය වූ බවට කිසිදු සැකයක් නොමැත. වර්තමානය වන විට අනුරාධපුර නගරය සම්බන්‍ධ බොහෝ ඓතිහාසික තොරතුරු පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව සනාථ කර තිබීම ඉතිහාස ලෝලකයන්ගේත් ජාතිවාත්සල්‍යයක් ඇත්තවුන්ගේත් ඉමහත් ප‍්‍රසාදයට හේතුවක් වී තිබේ. ඒ මතුද නොව අනුරාධපුර නගරය ලෝකයට උරුම වූ ශ්‍රේෂ්ඨ හා පෞඩ නගරයක් හා රාජධානියක්ද වේ.
ආශ්‍රේය ග‍්‍රන්‍ථ නාමාවලිය
අනුරාධපුර යුගය, අමරදාස ලියනගමගේ, රණවීර ගුණවර්ධන (සංස්කරණ*, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 1965 (මුද්‍රණ වෂ_ය*,
අලහබාද් ප‍්‍රශස්ති ටැම්ලිපිය, බෙල්ලන ඤණවිමල හිමි (සම්පාදක*, ශ‍්‍රී ලංකා ප‍්‍රාචීන සමෝපකාර සමාගම, ඉසුරුපාය, බත්තරමුල්ල, ප‍්‍රකාශනය,
එස් උදිත කුරගල. පුරාවිද්‍යාවේ ඈතකාලීන ඉතිහාසයක්,සමන් ප‍්‍රකාසමන් ප‍්‍රකාකයෝ,39/4,වෙල පාර,ගංගොඩවිල,නුගේගොඩ(මුද්‍රණය හා ප‍්‍රකාශනය*,2003(ප‍්‍ර.මු*
ගුණවධ_න ප‍්‍රිශාන්ත, සීගිරිය ආරාමික පුරාවිද්‍යාව
මහා වංසො,මංගල ඉලංග සිංහ(සංස්*,ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ,675 පී.ද.එස් කුලරත්න මාවත, කොළඹ 10. 2006 (ප‍්‍ර.මු*
ලංකාවේ අධ්‍යාපනය, (පළමු භාගය*, ‘‘විද්‍යා හා කාර්මික කෞශල්‍ය’’ආනන්ද ඒ. එබ්ලිව් පී ගුරුගේ, 1969 (මූද්‍රණ වර්ෂය*
සිරිසෝම එච්.එම්, හෙළ උරුමය, ඇස් ගොඩගේ හා සහෝදරයෝ, අංක 675, මරදාන පාර, කොළඹ 10 (ප‍්‍රකාශනය*, 1986 (ප‍්‍ර.මු.*
සූරතිස්ස’.ඞී.ඇම්,ජීවී පරිනාමය සහ පුරාවිද්‍යාව,ෆාස්ට් පබ්ලිෂන්(ප‍්‍රයිවට්* ලිමිටඞ්,165,දේවානම්පියතිස්ස මාවත,කොළඹ 10.(ප‍්‍රකාශනය*
සෙනෙවිරත්න අනුරාධ, පුරාණ අනුරාධපුරය, එස් ගොඩගේ සහ සහොදරයෝ, 675 මරදානපාර, කොළඹ 10 (ප‍්‍රකාශනය*, 2002(ප‍්‍ර. මු.*
හරිශ්චන්ද්‍ර වලිසිංහ,සිතියම් සහිත පුරාවිද්‍යාව,සී/ස (පෞ* විසිනුදු ප‍්‍රකාශකයෝ,471,වැව පාර බොරලස්ගමුව,1912(ප‍්‍ර.මු
ෘැර්බසහ්ට්ක් ීසර්බල ්බජසැබඑ ක්‍ැහකදබල භද5ල 1984
භසක්බ ණ්බඑය් ී්ිඑරසල ්‍යසිඑදරහ දෙ ීදමඑය ෂබාස්බල 1995
ඍදමිැල උග්‍යගෘග න්‍්ඒන්ි :ඔර*ල ඪදක-11ල භදග196
ී්ා්බ්බාල ීල ්‍යසබාම ක්‍මකඑමරු සබ ඨරු්එැර ෂබාස්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment