Wednesday, December 11, 2013
අම්බලම -
අම්බලම -
පුතාගෙ වචනෙන් කියනව නං ‘බස්හෝල්ටෙක’
”ලතෝ මොකද්ද ඇත්තටම මේ අම්ම කොරන විකාර වැඬේ ? මේකෙ ඉවරයක් තියෙන්ඩෙපෑයැ. අද ඉවර වෙයි, හෙට ඉවර වෙයි කියලා බලන් ඉන්නවා, කෝ ඒත් ? ලැජ්ජාවෙ පණ යනවා. එහෙත් හන්දියට මූණක් අල්ලන්න විදියක් නෑ. මිනිස්සු එකේක කයි කතන්දර කියෝනවා.”
වෙනදා තමන්ගේ මව් සුද්ධ කිරීම එකම අරමුණ කරගෙන පුතණ්ඩියාගේ කටින් පිටවෙන වචන අද පෙන්නුවේ විශාල පෙරළියක්x වචන ටික එළි බහිනවාත් එක්කම පිට වූ උෂ්ණය ලතාට කියලා දුන්නා ඒ කෝපයේ තරම. එයා කෝකටත් කියලා සාලෙ දිහාට ආවෙ දඩි බිඩියේ. මේ වගේ වෙලාවක සියලූ ආරක්‍ෂා වළලූ තර කරන එක තමන්ගේ රාජකාරිය බව එයා හොඳාකාරවම දැනං හිටියා. යන ගමනෙන් එයාට තමන් ගැනම හිතිලා හිනා ගියා.
‘ලතා ? අහවල් ලතා. ගමනෙ නං කිසිම ලතාවක් පේන්ඩ නෑ.’
කෝකට හරි උයන කොට ඇඳ ගන්න දැලි රෙද්ද කඩලා කුස්සි දොරෙන් දාලා බුරුල් වෙලා තිබිච්ච කොණ්ඩ ගැටේ හය්යට ගැට ගහගන්න ගමන්මයි ලතා ලතාවට ගමන් කළේ. ඒ ලතාවට ගිය ගමනෙ අවසාන ප‍්‍රතිඵලය වුණේ එහෙ බලලා මෙහෙ බලන ටිකට සාලේ හිටපු සැමියා ඉදිරියේ ලතාගේ සිරුර හිට ගන්න එක. සැමියාගේ කෝපයෙන් රත්වෙච්ච මූණ දකින කොටම ලතාගේ මූණට හිනාවක් ගොඩ වුණා. ඒත් සාලේ තියෙන බඩු මුට්ටු ටික පරිස්සං කර ගන්න හිතපු ලතා ඒ හිනාව කොහොම හරි කරලා හංගගත්තාx
‘අම්මෝ ! හිනාවෙනවා දැකලා යකා නැග්ගොත් කුඩු කොරලා දායි මේ සාලෙම තියෙන බඩු මුට්ටුx’
හිනාව හංග ගන්ඩත්තෙක්ක කියලා ලතා තමන්නෙ මනුස්සයගෙන් ප‍්‍රශ්නයක් අහන්න කියල හිතුව. ඒත් එක්කම සැමියගේ අතේ තිබ්බ බඩු මල්ල දියරෙද්දක් ගලේ ගහනවා වාගෙ සාලෙ මැද පොළොවෙ ගහන කොට ලතාට තරු පෙවුණාx උඩ ඉන්දවෙච්ච ඇස් දෙක අමාරුවෙන් බිමට හරව ගත්ත ලතාට සාලෙ වටේට දුවන බී ළුෑණු ගෙඩි, තක්කාලි ගෙඩි ටිකත් පොළොවෙ හැපිලා කුඩු පට්ටං වෙලා ගියපු ලීක්ස් කොල ටිකත් ගෙමැද්දෑවෙ ඉහිරිලා ගියපු සුදු සීනි ටිකත් දැක්ක ගමන් යකා නැග්ගාx
”මොන යකෙක් වැහිලද මේ ? මොකද්ද දැන් වෙලා තියෙන්නේ ?”
ඒ ප‍්‍රශ්නෙ ඉවර වෙන්ඩත් ඉස්සරලා සැමියගේ මූණ හරහා ඇ`දිලා ගියපු අකුණු පාර ලතා දැක්කාx ඒ හින්දම ඒ ප‍්‍රශ්නෙට එයා තවත් කෑල්ලක් ඈඳුවා. ‘කාරණේ හරියට දන් නැති වුණත් ඉස්සෙල්ලාම කරන්ඩෝනැ එයාව හීතල කරන එක. ලතාට එහෙම හිතුණ එක පාට්ටම.
”මමත් දෙතුන් සැරේ අම්මට කීවා. කොහෙද කියන දෙයක් අහනෙකක්යැ.,
මනුස්සයා කුමක් කිව්වත් අම්මට එක එල්ලේ වරදක් පටවන්ඩ ලතාගේ හිත ඉඩ දුන්නෙ නෑ. ඒත් ලතා ඒ බවක් ඉස්සෙල්ලම පෙන්නන්ඩ මැළිවුණා. එයාට වුවමනා වුණේ කාරණේ නිච්චියටම දැනගෙන සැමියා හීතල කරන්ඩ පටන් ගන්ඩ. එයාට එක පාට්ටම හිතුණා ‘ලෙඩක් හොඳ කරන්ඩ නං ඉස්සෙල්ලම හොඳට රෝග නිදානෙ හොයා ගන්ඩෝනැ’ කියලා තාත්තා නිතරම කියන කතාවx ‘ඒකට නං ඉතිං මුලින් අම්මට ටිකක් වරද පටවන්ඩ වෙනවා. ඩිංගක් වෙන්ඩ ආඩපාලි කියන්ඩ වෙනවා.’ ලතා තමන්ගෙම හිතත්තෙක්ක කතා කර ගත්තාx
ලතාගේ කටින් පිටවෙච්ච හැම වචනයක්ම වාගෙ ආයාස ගත්තේ අම්මා කෙරේ අඩු හානියක් කරන්න වුණත් එයා මොකක් නමුත් මූනිච්චාවට යමක් කියන්ඩ හිතුවෙ වගකීමෙන් සිතා මතා අවස්ථාවේ හැටියට. ඒත් ඒ පද බැඳීම් එයාට නෙමෙයි මායිං වුණේx එකේක පාට වෙස් මූණු දාගන්න ගමන් සැමියාගේ මූණෙ පාට වෙනස් වුණේ අකුණු ගගහ, ගොරව ගොරවා වහින මහා අනෝරා වැස්සකට සූදානං වෙන ආකාසයක් වාගෙx ඒ මූණෙ ඒ ඇඳිලා තිබ්බ බියකරු බව ලතා කවදාකවත් මේ ජීවිතේට දැකලා තිබ්බෙ නෑx ලතා ඒ විරූප, වියරු මූණ දිහා භිරාන්ත වෙලා බලන් ඉන්න කොට එක පාට්ටම ගේ ඇතුළට පැන්න සැමියා අම්මගෙ කාමරයට පැන්නෙ යකෙක් වගේx ඇෙ`ද් බොරුවට නිදාගෙන හිටපු අම්මගෙ අතින් ඇදලා අම්මව ඇහැරවන්න හැදුවත් අම්මා කෙරුවෙ ඇස්දෙක තවත් තද කොරල පියා ගන්නෙකx අම්මා කරන්නෙ බොරුවක් කියලා දැන ගත්තාම කේන්තිය වැඩිවෙච්ච පුතණ්ඩියාගෙ අතක් අම්මට ගහන්ඩ වාගේ ඉස්සුණාx අම්මට ගහන්ඩ කියලා ඉස්සුණ පුතණ්ඩියාගෙ අත අනෙක් අතත් උස්සගෙන ගිහිල්ලා තමන්ගෙ ඔළුව බදා ගත්තෙ එක පාට්මට ඇතුළෙන් ආපු වේදනාවක් හින්දා ඔළුව පුපුරන්ඩ යනවයි කියල හිතිච්ච මිනිහෙක් වගෙx ඉසකෙයා අතරෙ පහුරු ගගා විකාර විදියට දුවන්න පටන් ගත්ත අත්දෙක තවත් වෙලාවක ඉසකෙයා ගස් උගුල්ලන්න දැඟළුවාx ඊළ`ගට ඒ අත් දෙක තමන්ගෙ පපුවට එක පිට එක පාර දෙන්න පටන් ගත්තෙ ඉවරයක් නැතුවx මේ ඔක්කොම පුදුම වෙලා බලාගෙන හිටපු ලතා ඉස්සරහට පැනලා එයාගෙ අත්දෙක අල්ල ගත්තාx අත් දෙකෙන් ඇදගෙනම වාගේ ලතා තමන්නෙ මනුස්සයව කාමරෙන් එළියට ගත්තාx හොරෙන් ඇස් දෙක ඇරලා බලපු අම්මගෙ ඇ`ග සීතලකට අහුවුණා වාගෙ ගැහෙන්න පටන් ගත්තාx ඇ`ග පත පුරා දුවන්න ගත්ත ශෝකය මළුු ඇ`ගම කීතු කරන්ඩ වුණාx අම්මට ඉකිබිඳුම හපා ගත්තත් දෙකොපුල් දිගේ ගලන කඳුළු බිංදු හංග ගන්න බැරි වුණාx අම්මා අවුරුදු දහ අටක දැරිවියක් වාගේ මුණින් වැටිලා කොට්ටෙ වික විකා ඇ`ඩුම් වලක්කා ගන්ඩ බැලූවාx
සාලෙට ඇදගෙන ගියපු පුතා බිත්තියේ ගහන්ඩ ගියපු ඔළුව බේර ගත්තේ ලතාx ලතා නොහිටින්ඩ ඒ ඔළුව කණා මුට්ටියකට ගැහැව්වා වාගෙ බිඳෙන්ඩ තිබ්බාx ලතාටම පුදුම හිතෙන තරමටම ලතාගෙ ඇ`ගට යෝධ බල ලැබිලා තිබුණාx පිරිමි දහ දෙනෙකුටවත් වාවා ගන්ඩ බැරි තරමට මනුස්සයා පෙරළි කෙරුවත් ලතා නෙමෙයි පසු බැස්සෙx කොහොම වුණත් ලතාගෙ ප‍්‍රමාදයක් බලලා පොළොවට බර වෙච්ච පුතා මුණින් තලා වෙලා පොළොව පිට වැටුණෙ ගහක් කැපෑරියා වාගෙx පපුව පොළොවෙ හප්පා ගන්න අතරෙ එයාගේ ඇ`ගිලි සිමින්ති පොළව හාරන්න දැ`ගළුවාx ඒත් එක්කම නැ`ගගෙන ආපු ඉකිබිඳුමත් විලාපයත් හන්දා ලතා ටිකක් පැත්තකට වුණාx ලතාට හිතුණා එයාගෙ දුක තුනී වෙනකල් අ`ඩන්ඩ දෙන්ඩෝනැ කියලාx
”අනේ මං වායෙ කරුමක්කාරයෙක් ඇත්තටx ඇයි දෙය්යනේ මෙඋන්දට තේරෙන් නැත්තෙ මං මේ ? දාවල් නැතුව කියන දේx අය්යෝ x x x ! අනේ ඇත්තමයි x x x අපිට කනක් ඇහිලා ඉන්න මේ ගෑනි මැරිලාවත් යන් නෑනෙ දෙය්යනේ !”
පුතණ්ඩියාගෙ වචන ටික කනට වැටෙන කොට අම්මට දැවුණේ තමන් ඉදිරියේ අකුණක් ගැහැව්වා වාගෙx ළිප උඩ පැහි පැහි තිබ්බ වතුර එකක් හැළුණ වගෙ ඇඟ පිච්චිලා ගියාx අම්මට හිතට එකතු වෙච්ච දුකත් එක්කම ආවෙ තරහක්x තමන්ගෙ පුතාට තමන්ට වඩා රටේ ලෝකෙ එවුන් ලොකු වීම ගැන අම්මට ඇති වෙච්ච දුකත් එක්කම ආවෙ කේන්තියක්x තමන්ගෙ පුතාට තමන්ට වඩා රටේ ලෝකෙ එවුන් ලොකුවීම ගැන අම්මට ඇති වෙච්ච කේන්තිය පිට කරගන්ඩ විΩධියක් තිබ්බෙ නෑx අම්මා කෙරුවෙ පුළුන් එළියට පනින කල් කොට්ටෙ විකන එකx පුළුන් ටික තමන් කැමති ගානට කුට්ටි කැඩිලා කාමරේ පාවෙන අතරේ සාලෙ කලබැගෑනිය ටිකින් ටික අඩු වෙනවා අම්මට ඇහුණාx ඒත් එක්කම අම්මත් හිතුව පොඞ්ඩක් සාමකාමී වෙන්ඩෝනැ කියලx අම්මට ඇහුණ ලේලි හිමින් සීරුවෙ තමන්නෙ මනුස්සයාට කතා කරනවාx
”එපා මෙයා ඔහොම කලබල වෙන්නx කියන්ඩකෝ ඔය තරං කේන්ති ගන්ඩ මොකෑ අද වුණේ කියලාx”
”මොකද්දෑ ඉතිං, වෙනදා හෙණේම තමා. අනේ ඇත්තටම මට මුන්දට මොනවා නං කොරන්ඩද කියල හිතා ගන්ඩ බෑ. මොනවට වයසට ගියාද මං දන්නෑ ? අම්මා නොවෙන්ඩ වෙන එකෙක් නං මං උස්සලා පොළොවෙ ගහනවා, ආයෙ දෙකක් නෑ. මනුස්සයෙක් වෙච්චහම අඩු තරමෙ යමක් කියලා දුන්නහමවත් තේරුන් ගන්ඩෝනෑ.,
අම්මා වෙනදා මෙන්ම අදත් අම්බලමට - පුතාගෙ වචනෙන් කියනවා නං බස් හෝල්ටෙකට - ගොඩ වැදී ඇති බව ලතාට රහසක් වුණේ නැතත් එයා ඒ බවක් නොහඟවා සැමියාගෙන් ප‍්‍රශ්න කරන්ඩ ගත්තේ අම්මා කෙරේ ඔහු තුළ ලියලන කෝපය මොට කරලා දාන්ඩ හිතාගෙන. කොහොම වුණත් මේ හැම දෙයක්ම - හැම දොහොකම ඉවසන් ඉන්ඩ තරං අසරණ වෙලා ඉන්න මනුස්සයා ගැන ලතාට ඇති වුණේ ලොකුම ලොකු කණගාටුවක්x ඒත් ලතාට හිතුණ ටිකක් සැරට ඉඳලා මේ අවුල පොඞ්ඩක් ලිහන්ඩ බලනෙක හොඳයි කියලx ලතා සැමියගෙ උරහිසේ අනුකම්පාවෙන් රැුඳිලා තිබිචිච තමන්ගෙ අත දඩස් ගාලා ඇදලා ගත්තාx
”මනුස්සයෝ, වහෙන් ඔරෝ කියන් නැතුව කියන දෙයක් කෙළින් කිව්වනංx මොකද්දෑ ඔය කියන තරමටම අම්මා කොරලා තියෙන වැරැුද්ද ?”
”වැරැුද්ද ? වෙන ඉතිං මොකද්ද ? වෙනදා කොරන එකම තමාx ඕං අදත් බස්හෝල්ටෙකට ගිහිල්ලා පාන්සිවෙලා ගමේ මිනිස්සුන්ටx”
අමුත්තක් නොවිච්ච මේ ප‍්‍රවෘත්තිය තමන් දැන ගත්තාම තමන්ගේ මූණ වැඩි කලබලයක් පෙන්නන් නැති වෙයි කියල බය වෙච්ච ලතා යටි හිතේ ගැළපිච්ච වචන ටික එළියට පිට වෙන එක වලක්ක ගත්තෙ වෑයමෙන්. වෙන කිසිම දිනයක දැක නොමැති රත් පැහැයකින් ඇස් කෙවෙණි පාට කරගෙන ඉන්න තමන්ගේ මනුස්සයාගෙ මස් වැදලි උඩ පන්නන කෝප සහගත මූුණ ලතා මඟෑරියේ වුවමනාවෙන්මයි.
,අනේ ඇත්තටම මටත් හිතා ගන්ඩ බෑ මේ අම්මට කොහොම ඕක තේරුං කොරලා දෙන්ඩද කියලා මෙයා. ඇත්තටම මේ මිනිස්සු ඉඩෝරෙටද කොහෙද පැහිලා තියෙන්නේ.”
ඒ අවසාන වචන ටික එයාට කියවුණේ ඉබේටම වාගෙ. ඒ වචනෙ එක්කම එයා ගැස්සිලා හිටියා. ‘බැරි වෙලාවත් මෙයාගෙ කේන්ති ඇවිස්සුණොත් ? හප්පා මාත් කොරන වැඩx ඒත් ඉතිං ගිය නුවණ ඇතෙක් ලව්වා වත් අද්දා ගන්ඩ බෑයි කියනවනේx. එයාට හිතුණ ඇවිළෙන ගින්නට පිදුරු දාන එක වචනයක්වත් නොකියන්න වග බලා ගන්න ඕනෙ කියලx එහෙම හිතාගෙන ලතා පරිස්සමින්, හාල් ගරන අතරේ හාල් කොරහේ වී ඇට ඇහිඳිනවා වාගේ පරිස්සමින්, වචන එකින් එක තෝරාලා බේරලා දෙන්න පටන් ගත්තා. එයා ටිකක් වෙලා නිහඬව ඉඳල නිවිච්ච, අමුතු ලතාවක් කතාවට ආරූඪ කරගෙන කතාව දියත් කළා. හරියට එයාගෙ නමටම ගැළපෙන ලතාවකට.
”එකාතකිං ඉතිං අම්මා දැන් වයසයිනෙ මෙයා. දැන් ඉතිං පොඩි එකෙක් ගානයි. වයසට යන්ඩ යන්ඩ ඒ අය මුරණ්ඩු වෙනවාx න්හා ! හොඳයි අපිට පුළුවන්ද දෙමව්පියෝ හදන්ඩ ? ඔයාමනේ කිව්වෙ අම්ම තාත්තාට ගොඩක් ආදරෙන් හිටිය කියල. ඉතිං ඒක ආය ඔයාට අමුතුවෙන් මතක් කොරලා දෙන්ඩෝන්නෑනෙ ? ඒකනේ ඔය නිදානෙ රකිනව වාගෙ ඕක රකින්නේ.”
ඇවිලි ඇවිලී තිබ්බ ගින්න තමන්ගේ පැන් ඉසීමත් එක්ක ටික ටික සිහිල් වෙනවා බල බල, ලතා තවදුරටත් තමන්නෙ වාගාලාපෙ දික් කරන්ඩ හිතුවාx
, ඕකට ඔහෑටි කලබල වෙන්ඩෝන්නෑ මෙයා. මොනවා කෙරුවත්ත් ඒ අපෙ අම්මනේx ඔය අම්මා ඔයා වෙනුවෙන් විඳපු දුක් කන්දරාව ඔයා දන්නවනෙx අනිත්තෙක අල්ලපු ගමේ බෙරවා හැත්ත කියන හැම දෙයක්ම ඔයා විස්සාස කොරන්ඩත්තෙපා ඔහෑටිx තාත්තගෙ ලෙඬේට ඉන්ඩ හිටින්ඩ තිබිච්ච ගෙදර හිටන් උකස් කරල අවසානෙ කුලී වැඩ කොරල ඔය අම්මා ඔයාව ලොකු මහත් කෙරුවෙ රටේ ලෝකෙ උන්ට ඕන හැටියට නටන්න නෙමෙයිනෙx ඉතිං අපි හිතන්නෝනැ අම්ම ගැන නේද ? අම්බලමට යනේක අම්මගෙ සතුටනේ.”
අම්මා ඉස්සරවෙන්ඩ ආපු කට වහ ගත්තෙ බොහොම අමාරුවෙන්x
‘අම්බලම නෙමෙයි; බස්හෝල්ටෙකx’
අම්මා කොහොම හරි කට මීච්චල් කරගෙන ලේලිට ඇහුන්කන් දුන්නාx
”මිනිස්සුන්ට නං ඉතිං මොනා කියන්ඩ බැයිද ? තාත්ත නැති වුණාම ඕකුන් එකෙක් ඔයා දිහා ඇහැක් ඇරල බැලූවද ? කෑවද බිව්වද කියල ? දැන් අම්මා ඔතෙන්ඩ ගිහිං කෑගැහැව්වා කියලා එකේක කතා කියනවා. බැරිවෙලාවත් අම්මා ඔතෙන්ට නොගියා නං හොඳයි මිනිස්සු මොනාද කියන්නේ ? . ඕං අරුන්නේ ගෙදර කිසි එක්කුට ගානක් නෑ මිනිහෙක් උන්නද මළාද කියලවත්. අර ගෑනි පුතණ්ඩියා වෙනුවෙන්ම තාමත් නහිනවා. දැන් හොඳ ආණ්ඩුවේ රස්සාවකුත් කොරනවා. ඒත් මුරුංගා පල්ල වාගෙ වකුටු වෙලා ඉඳගෙන හරි මේ ගෑනි ගෙදෙට්ට වෙලා පැදුරු විය වියා පොදි බඳිනවා පුතණ්ඩියාට. කියල කියයිx ඒක ඕකුන්නෙ හැටි. අපි කලබල වෙන්ඩ හොඳ නෑ ඕවටx”
අම්මා පුතණ්ඩියා වෙනුවෙන් වෙන මහන්සිය ගැන වචන ටික ලතා කිව්වෙ බොහොම බර කරල. පුතණ්ඩියගෙ හිත මෙලෙක් වෙන නියම තැන, නිලය මොකද්ද කියලා ලතා තරං දන්න කෙනෙක් තවත් ඉන්නවැයි. ඇරත් නැත්තං එයා ගෑනියෙක් වෙනවැයිx ගෑනු ඉවx ඉතිං එයා හරියටම නිලය බලලා ඇන්නා. හැබැයි ඇන්නත් නොඇන්නා ගානට තමා වැඬේ කළේ.
”මං දන්නවා ලතාx මං තරං හොඳට කව්ද දන්නෙ ඔය අම්ම මං වෙනුවෙන් වින්ද දහදුක් ගැනx උන්දා කප්පරක් දුක් වින්දාx ඒත් ඇයි දෙය්යනේ මං ගැන දැන් x x x”
පුතාගෙ වචන ගොළු වුණේ ඇයි කියලා ලතාට වාගෙම අම්මටත් හොඳටම තේරුණාx
ලේලියගේත් පුතණ්ඩියාගේත් කතා බහට කන්දුන්න අම්මාට තමන් ගැනම ඇති වුණේ තරහවක්. ඇත්තටම තමන් ඒ දරු දෙදෙනාට මෙතරම් වද දෙන්නේ ඇයි කියනෙක අම්මට හිතා ගන්ඩවත් බැරි තරංx අම්මා දිවා ? නැතිව වෙහෙස නොබලා පොළොව සමඟ හැපුණේ මේ පුතා රජ කරවන්ඩ. ඒ අම්මාගේ දහඩිය මුගුරුවලට කඹුරන්නට වේ යැයි සිතා වෙහෙස නොබලා පාඩම් කළ පුතණ්ඩියා දැන් රජ වෙලා. එයා දැන් පොල්පිතිගම මහජන බැංකුවේ දෙවැනියx අම්මා ගැනම පමණක් සිතා ගමේ ගොඩෙන්ම හොයා ගත් ලේලිය අම්මට තමන්ගේම කුසෙන් වදාපූ දරුවෙක් ගානට පත්වෙලා. මේ අම්මා උදේ-හවහ ප‍්‍රාර්ථනා කළේ ඒ දරු දෙන්නගේ අභිවෘද්ධිය. ඒත් දැන් පේන විදියට ඒ අම්මමයි උන්ගේ පසුබෑමට හේතු වෙලා තියෙන්නේ.
”අම්මට ඇයි චුට්ටක් මං ගැන හිතන්න බැරි. මට මහා ලොකු තත්වයක් අටවගන්න ඕනෙ නෑ මෙයා. ඒත් මට තියෙන තත්වෙ රකින්න අම්මා දැන ගන්න ඕනෑ. මොකද අම්මම තමයි මං ඔය තත්වෙට ගෙනාවෙ. ඔහොම මිනිස්සුන්ට බැණ අඬ ගගහා හිටියාම මං කොහොමද ඒ මිනිස්සුන්ට මූණ දෙන්නේ ? ඇයි අම්මා ඒක තේරුං ගන්නැත්තේ මෙයා ?”
තමන්ගේ පුතා බිරිඳ සමඟ කියන කතා අම්මා අහගෙන හිටියෙ කිසිම හාවක් හූවක්් නැතුවx ඇස්දෙකට ගොඩවෙන කඳුළු බින්දු හෙමින් සීරුවේ පිහ දාන අතරේ අම්මගේ හිත පරිස්සම් වුණේ වැරදීමකින්වත් ඉකිබිඳීමක් පිට නොකරන්ඩx ඒත් පුතත් ලේලිත් අම්බලම ගැන කතා කරන කොට බැරි වෙලාවත් පාවිච්චි කෙරුණොත් අම්බලම කියන වචනෙ - අම්මගෙ කට ඉස්සර වෙන්ඩ හදනවා ඉවරයක් නැතුවx ‘අම්බලම නෙමෙයි බස්හෝල්ටෙකx ඇයි වදේ පුතාමනේ කිව්වේ අම්බලම කියන්ඩ එපා කියලාx පුතාගෙ යාළුවෝ ඉස්සරැුහැ එහෙම කියනෙක පුතාට හරි නෑ’
පුතණ්ඩියා ගෙට ගොඩ වෙන කොට තමන්ට නින්ද ගිය බවක් පෙන්නපු අම්මා පුතණ්ඩියාගේ කේන්තිය මිය යන තෙක් එළියට නොබැසීමට තීරණය කරගත්තාx අම්මා තෝරාගත්තු එකම උපක‍්‍රමය වුණේ තමන්ට නින්ද ගිහිංය යන්න ඒ අයට තවදුරටත් ඒත්තු ගන්නන්ඩx දැන් කොහොමටවත් එයාට ඒක බොරුවක් කරන්න විΩධියක් තිබ්බෙ නෑ. බැඳ ගත්ත හින්දා එයාට බෙරේ ගහන්නම සිද්ධ වෙලා.
.මං ආය අම්බලම පැත්ත පලාතකට යන්නෑ. ගියොත්නේ ඔය සණ්ඩු සරුවල් ඇති වෙන්නේ. මයෙ කොල්ලට පාඩුවේ ඉන්ඩ දෙන්ඩෝනෑ..
ඒ සිතුවිල්ල කඩාබිඳගෙන මතුවන හදිසි කෝපය අම්මට තමන් ඉන්න හිටින තැන් පවා අමතක කරනවා. තමන්ගේ අතේ රෝල් වෙවී තිබිච්ච වීදුරුව එයා බිම ගැහැව්වෙ ඒ තරහව පාලනය කරගන්ඩx
.ෂි: කොච්චර හිතුවත් හෙට එළි වෙනකොට එතෙන්ඩ යන්ඩ හිතෙනවානේ’
‘සලාං’ ගෑ වීදුරු හඬ අම්මට බනින්ඩ පටන් ගත්තා ඉවක් බවක් නැතුව. .දැන් ඉතිං හරි. ඔක්කෝම කම්මුතුයිx දැන් දැන ගන්නවා මං හොරාට නිදාගත්තු වග. කොහොම වුණත් අම්මට හිත හිත ඉන්න වෙලාවක් ලැබුණෙ නෑ. පුතණ්ඩියත් ලේලිත් දුවගෙන ආවා කාමරේට එක පොකරෙටමx
”මේ ග ග ග ග මේ ග ග ග ග ග මේ ග ග ග ග ග ග හීනෙන් අත වැදිලා වීදුරුව බිම වැටුණනේ. මේ x x x අනේ අපරාදෙ x x x x මේ ග ග ග ”
අම්මාගේ ගොත ගහන වාසගම හමාර කිරීමට ඉඩක් ලැබුන් නෑ. සිද්ධ වෙච්ච හැම දෙයක්ම අවබෝධ කර ගත්තු ලේලිගේ වචන මිදුණේ මඳක් සිනාසී ගත් දෙතොල් අතරෙන්. අම්මාගේ අනුකම්පාව යදින හොර බැල්ම දැකපු ලතාට මතක් වුණේ ගේ ඇතුළේ ඇවිදින කොට අම්මගෙන් පිටවෙන වාතයක සද්දය ඇහුණාදැයි කියා බැලීමට අම්මා ලතා දිහාට එල්ල කරන බැල්මx වීදුරුවත් එක්ක බිමට වැටිලා තියෙන බුලත් විට ටික දැකපු ලතාට මතක් වුණේ තමන්ට අසනීප වෙච්ච වංගියක බලෙන්ම ඉවුම් පිහුම් භාරගත්තු අම්මගෙ ඛටෙන් බත් එකට වැටිලා තිබ්බ පුවක් කෑල්ලx
”ඒකට ග ග ග ග කමක් නෑ අම්මා. කෝ බලන්න අම්මගෙ අතත් තුවාල වුණාද කියලා.”
ලේලිය අම්මාගේ අත අල්ලා ගන්නා විට අම්මාගේ දෙනෙත් ඉහළ ඉස්සිලා හොරාට මෙන් බැලූවේ පුතණ්ඩියා දිහා. ඒ වෙන කොටත් කෝපය හරිහැටි පලා ගිහිං නැති ඒ මූණ කේන්තිය හින්දා, නැත්තං තෙහෙට්ටුව හින්දා කළුතලා වෙලා ගිහිංx ඒ මූණේ කරුණාබර යමක් සටහන් වෙන කල් බලා නොඉඳ අම්මා බිම බලාගත්තා. ඇතිව ගත් පසුතැවිලි සිතත් සමඟ අම්මා බිමට නැමුණේ වීදුරු කටු ටික අහුලලා දාන්ඩ හිතාගෙන.
”කෝ ග ග ග කෝ ග ග ග ග අම්මා අහකට වෙන්ඩ. මං ඕක අස්කරන්නං.”
ලේලිගේ ඉදිරිපත්වීමත් එක්කම මෙන් පුතණ්ඩියගේ මුවින්ද ටිකක් දැඩිව ගත් වචන ටිකක් පිට වෙලා ගියා.
, ඕන්න ඕක තමුසෙ එකතු කොරලා දානවා. නැත්නං දැන් අතත් කපා ගන්නවා.,
බිරිඳට දුන් විධානයත් සමඟ පුතාගේ සිරුර සාලය දිහාට ඇදිලා යනවා අම්මා බලන් හිටියේ දැක්කත් නොදැක්කා වාගෙx ඒත් ලේලිගේ ඇස්සොලට ඒක රහසක් වුණේ නෑ. ලොකු වීදුරු කට්ටකට අනික් සුන්බුන් ටික එක්කාසු කරගත්ත ලේලි හෙමින් සීරුවේ ඒ ටික අත්ල පිට තබාගෙන පිට වෙලා ගියාට පස්සේ අම්මා ආයෙත් වතාවක් සුපුරුදු භාවනාවට වැටුණx අම්මට දවාලේ සිද්ධ වුණේ මොකක්ද කියලා හිතන කොටත් ඇති වුණේ කේන්තියක්. තම පුතා විසින් මිය ගිය තාත්තාට පිං පිණිස කියා ඉදි කරපු .අම්බලම. (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙක* දවසට එක වතාවක්වත් දකින් නැතුව අම්මට නින්ද යන්නේ නෑ. අම්මට නිතර දෙවේලෙ මතක් වෙන්නේ අත්තිවාරම කපපු වෙලාවෙ ඉඳලා ගලින් ගල එක්වෙලා ඒක ඉදිවෙච්ච ඉක්මන. ඒ වාගෙම අපූරුවx ළඟම තියෙන රේල් පාරේ දෙදරුමට ඔරොත්තු දෙන්න කියලා සිමෙන්තියෙන්ම, කළුගලෙන්ම ඉදි කරපු අම්බලමේ (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙකේ* තාත්තගේ පොටෝ එක ගහපු දවස තමා අම්මට වැඩියෙම්ම මතක. ගාම්භීර විධියට හරියට පොල් කොස්සක් වාගෙ නාහෙට මැදින් උජාරුවට තියාගෙන හිටපු උඩු රැුවුල, ඇඳන් හිටපු සුදු කමිසෙ, ඒ වාගෙම ඒ කමිසෙ වහගෙන හිටපු කළු කෝට්ටෙක අම්ම අත ගාලා බලාපු වාර අනන්තයි. පැත්තකින් ලියවෙන කොට ‘හිටපු පෙජා මණ්ඩල සභාපති, සමාදාන විනිච්චකාර කමලරත්න බණ්ඩාර නිළමේතුමාට පිං පිණිස’ කියලා අම්මගේ ඇස් දෙක පින්සල අල්ලාගෙන හතර අතේ කැරකුණx එදා ඒ අකුරු ටික වේලෙනකන් ඉන්න අම්මට ඉස්පාසුවක් තිබ්බෙ නෑ. ගිහිල්ලා තිබ්බා ඇඟිලිඔලින් දෙකක්ම ඒ නම අතගාන්න කියල හිතාන. හත්තිලව්වයි, ඇඟිලි දෙකම එරුණා බදාමෙx ඒ වංගියෙ ඇඟිලි එරිලා ගියපු පාර තාමත් එහෙම්මමයි.
ඊට පස්සේ ආපු වෙසක් පෝයවල් එකක් නෑර අම්මා අවුරුදු ගාණක් තිස්සේ ඒ අම්බලම (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙක* සැරසුවා. උදේ හවහ අතුපතු ගෑවා. වටේට වැවෙන කැලෑව උදැල්ලෙන් බය කරලා ආපහු පැන්නුවා. අම්මට අම්බලම (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙක* හරියට පෙවුණේ දේවාලයක් ගානට. තමන්නේ මැරිච්ච මනුස්සයා ජීවත්වෙන, අරක් ගත්ත දේවාලෙ වුණා ඒ අම්බලම එයාටx ඉතිං එහෙම සුද්ධාවාසයක් විනාස කොරන්ඩ දීලා අම්මට ඇහැ කන පියාන ඉන්ඩ බැරිවුණා. එක වතාවක් එයා ගමේ එවුන්ට බැන්නේ, පුතාට කියලා කොහොම හරි අවුරුද්දට වතාවක් හුණු පිරියම් කරන කිරිපාට බිත්තියේ අඟුරු කෑලිවලින් ලියලා තිබිච්ච දැක්ක හින්දා.
,අමර ග ග ග ග මර ග ග ග ග දිස්නාල ලව්ලූx,
අම්මා අකුරු ටික ගැළපුවා. අමරත් දිස්නත් දෙන්නම අඳුර ගත්තා. ඒත් අවසාන වචනෙ නං තේරුං නෑ. කොහොම හරි කමක් නෑ බයින්ඩ තියා ගත්ත ගමටම ඇහෙන්ඩ.
,ගස්බල්ලෝ, මේකත් නැති භංගස්ථාන කොරන්ඩ හදන්නේ. මොකදෑ ඉතිං බල්ලන්නට ජාතක ග ග ග ග ග, ඉතුරු ටික කියන්ඩ බැරි තරං අසභ්‍ය වුණත් අම්මා කියලා දැම්මා. අම්මට ඒකෙ දෙයක් නෑx කොහොම වුණත් එදා හැන්දෑ වෙනකොටම පුතාට ආවා පයිණ්ඬේ.
,අනේ බලාපන්කෝ මල්ලියේ, අපේ පොඩි එකා ඉස්කෝලෙ ඇරිලා එනකොට අව්වට ඔය අම්බලමට ගොඩ වෙලා. ඉතිං ඉර බහින කල් කියල ඔය ඉන්න ඉන්න ගමන් අඟුරු කෑල්ලක් දැකලා ඔහෙ හිතට ආපු දේ ලියලා තියෙනවා. ආය ඒ හැටි දෙයක් ලියලා නෑx ඒකට ඔහෑටි කෑගහන්න ඕනැද මං අහන්නේ ? පොඩි එවුන් නොදන්නාකොමට කොරන වැඩනේ ඔව්වා.,
,අම්මේ ඔතෙන්ඩ ගිහිං ආයෙ එහෙම කෑ ගාන්ඩ එපා. මං අද කිව්ව කියල මතක තියාගන්ඩx අපි ඕක පිරිත් කියලා මිනිස්සුන්ට දීලනේ තියෙන්නේ. ඉතිං තව මොනාද ? ඒක අපේ නෙමෙයි දැන්. ඒක ඔහොම අල්ලාගෙන හිටියොත් තාත්තට පිනක් සිද්ධ වෙන් නෑ.,
පුතා එදා ආදරෙන් කියපු දේ අම්මා කීකරු දරුවෙක් වාගෙ අහගෙන හිටියා. එදා එයා තීරණේ කෙරුවා ඉන්තේරුවෙන්ම ආය නං අම්බලමට (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙකට* පය තියන් නෑ කියලාx ඒ ගිහිං කාටවත් බැණ අඬගාන් නෑ කියලා. ඒත් උදේ හවහ තමන්නෙ සැමියා වසන දොවොලට යනේක එයාට අත්අරින්න බැරි වුණා. කොහොම වුණත් දෙවෙනි වතාවකුත් යෙදුණා අම්මට ගමේ එකාලාගෙ අම්මා මෝ මතක් කරන්න. ඒ වෙලාවෙ පුතා කිව්ව කිසි දෙයක් අම්මට මතක් වුණේ නෑ. ඇරත් කේලම කියන්නත්, හුම්මිටි තියන්නත් හිටියනේ එතන ලමිත්තුවාගෙ ගෑනි.
,මැණිකෙට කියන්ඩ මෙතන දැන් ?ට ?ට හොඳ හොඳ දේවල් සිද්ධ වෙනවා. මේක මඟුල් මඩුවක් ගානයි දැන්. අර ඉස්සරැුහැ ගෙදර වේසාවි මිනිස්සු ගෙන්න ගන්නෙ මෙතෙන්ටනේ.,
අම්මාට ඉවසුන් නැති වුණා. අම්මට මැවිලා පෙනුණෙ මේ වාගෙ විලිසංගෙ නැති වැඩක් කිරීමට තියා එවැන්නක් අනෙකෙකු කළා යැයි කියා ඇහෙන කොටත් රතු පාට වෙලා යන තමන්ගෙ මනුස්සයාගෙ ඇස් දෙකයි කම්මුල් දෙකයිx ඒත් අම්මා ඉවසගෙන හිටියා. ඒත් ඉන්නම බැරි වුණා ලමිත්තුවාගෙ ගෑනිට සිද්ධ වෙච්ච අසාධාරණේ ගැන හිතෙන කොට. ලමිත්තුවාගෙ ගෑනි තමන්නෙ පුතාට ‘මල්ලි’ කියලා කතා කොරනෙක ගැන අම්මා හිටියෙ කේන්තියෙන්x
‘හ්අඃ බෙරවායින්ට ගියපු තැනx මගේකා මල්ලි වෙලා නෙවැx ඇයි උන්නෙ තාත්තට කිව්වා වාගෙ නිළමෙ කිව්වාම ඒකියෙ කටේ ගෙඩි දානවද ?’ කිය කියා පාරම්බබා හිටියත් අම්මට මේ අසාධාරණේ වෙනුවෙන් කතා කරන්ඩම හිතුණාx
,ඊයෙ රාත්තිරියේ මයෙ මිනිහත් ගෙන්නගෙන නොවැ මේ පට්ට පඳුරු මෙතෙන්ට,
අම්ම තීරණේ කෙරුවා අම්බලම ගැන කොහොම වුණත් මේ ලමිත්තුවාගෙ ගෑනිට කරපු ආරෝවට විරුද්ධව කතා කරන්න. ඒත් එක පාට්ටම මතක් වුණා පුතාවx ‘අනේ ඇත්තට මයෙ කොල්ල හින්දා ඉවසනවා මිසක් x x x x’ ඇගේ අත මිට මෙළවුණා. දත්මිටි කැවුණා. හකුපාඩා එකට වැදුණා. ඒත් ලමිත්තුවාගෙ ගෑනි කියෝගෙන කියෝගෙන යනවා ඉවරයක් නැතුව.
”මයෙ මැණිකෙ ! මං අහන්නෙ ඔය වාගෙ දේවල් සිද්ධ වෙන්ඩෝනැ තැනද්ද මේක. හරියට දේවාලයක් වාගෙ තැන. අපේ නිළමෙ ඉන්න කොට ඒ ගෙදර තිබ්බා වාගෙ තමා මෙතනත් හරියට. මට නං ගොඩ වුණාම මෙතෙන්ට හරියට නිළමෙ ඉන්නවා ගානයි.,
අම්මට තවත් නං ඉවසන් ඉන්න බැරි වුණා. වටේම ඉන්න උන්ට ඇහෙන්ඩ අම්මා ගන්ටාරේ ගහන්න ගත්තා. ලමිත්තුවාගෙ ගෑනි අම්මට තැන දීලා හිමීටම ලිස්සලා ගියා. ඒත් එයා යන ටිකේ කියලා ගියපු වචන ටික අම්මට දීලා ගියපු දේවල් බොහොමයි.
,මයෙ මැණිකෙ, මං අහගෙන දෙතුන් දෙනෙක් කියෝනවා මෙතන අපෙ නිළමෙ ඉන්නවලූ කියලාත නාගයෙක් වෙලා ඉපදිලා මේක මුර කොරනවලූ. දෙතුන් දෙනෙක්ම දැකලා තියෙනවා දෙතුන් දොහක්, නාගයා මේන්න මේ කොට බිත්තිය උඩට වෙලා පෙනේ කොරගෙන ඉන්නව.,
අම්මා තනිවම තමන් සමඟ දින ගණනාවක් තිස්සේ කල්පනා කරමින් සිටි යෝජනාව තවත් එකියෙකු අතින් ස්ථිර වෙලාය. අම්මාගේ හිත පුරා දැන් නළියන්නේ ඒ නාග රාජයා මිස වෙනත් කෙනෙක් නොවේ. තමන්ගේ දෙනෙතට නොපෙනුණත් අම්මට බලන බලන වාරයක් පාසා ඒ බැම්ම උඩ දරණ ගහ ගෙන පෙණේ උස්සාගෙන ඉන්න නාගයා පේන්ඩ වුණා.
,ඒත් දැන් ඒ නාගයා දවස් දෙක තුනකින් මේ පැත්තේ ඇවිල්ලා නෑ.,
,කොහෙ එන්ඩද ? ඒ නාගයා ආයෙත් x x x x ?,
අම්මා කියවෙන්ඩ ආපු වචන ටික ගිල ගත්තා. ‘හත් දෙය්යනේ ! මට කියන්නේ රට්ටුන්ටත් කියන්ඩද පුතා තමන්නෙම තාත්තව මරලා දැම්මා කියලා.’
අම්මා තොල් දෙක කිටි කිටියේ තද කරගත්තේ ඒ රහස එළිබෑවෙයි කියලා බයටx ඒත් අම්මගෙ හිත ලිප උඩ තියාපු උණු වතුර හැලියක් වාගෙ පැහෙන්න ගත්තා. බුබුළු දාන්න ගත්තා. වහලා තිබ්බ මුඩිය උඩ වීසි කර කර නටන්න ගත්තා.
අම්මට පුතා ගැන ඇති වුණේ පුදුමාකාර තරහක්x .මේකා අජාසත්තයෙක්x තමන්ගේම තාත්තා මරා ගත්තා. ඒත් අම්මා ඒ ටික එළියට දැම්මෙ නෑx අම්මා තමන්නෙ තරහව පිට කළේ ඊයේ රාත්තිරියේ මේ ශුද්ධ භුමියේ මඟුල් නටපු එවුන්ට ලූණු ඇඹුල් ඇතුව කියලා දෙමින්x
අම්මට ගෙදර එන්ඩ බැරිවුණා. අම්මාට මතක් වුණා දැන් සති ගාණක් තිස්සේ වත්තේ එහා මෙහා හක්කලන් කරාපු නාග රාජයා. ඒ නාගරාජයා මරපු වෙලාවෙ අම්මට හොඳටම දැනුණ මේ දෙවෙනි වතාවටත් මැරුණේ තමන්නෙ මනුස්සයා කියලා. ඒත් අම්මා ඒක වහගෙනයි කතා කෙරුවේ.
”මේකට මොන යකා වැහිලද මේ. යකෝ නාගයෝ මරන්න හොඳ නෑ කියලා දන්නැද්ද ? මේ නාගාරාජයා දැන් කී දොහක ඉඳං නං වත්තේ කැරකෙනවද ? ඌ ඇවිත් හිටියේ අපේ ආරස්සාවටx උඹ ඌවත් මරලා දැම්මා. උඹ නං මේ කොරගත්තෙ ආනන්තරිය ග ග ග ග ග ග,
අම්මා ඒ වචන ටික නතර කර ගත්තා. මොකද අම්මා හොඳටම දැනන් හිටියා ආනන්තරිය පාපකර්ම මොනාද කියනෙකx ඒ වාගෙම පුතාත් ඒ කාරණා පහම දන්න බවත් අම්මා දැනන් හිටිය. ඉතිං අම්මාට බය හිතුණ තමන්ගේ හිතේ පැහෙන දේ පුතා දැන ගනියි කියලා. කොහොම වුණත් පුතාට අම්මා ගැන පුදුම හිතුණාx අම්මා රට්ටුන්ට කොච්චර බැණ අඬ ගෑව්වත් පුතාට උඹ නොදකින් කියලා කියලා නෑ කවදාවත්x තාත්තා ලෙඩ වෙලා මැරෙන කොට අතේ තිබිච්ච අන්තිම සතෙත් වියදං කරලා හිටපු අම්මා පුතණ්ඩියා වෙනුවෙන් මැරුණා මිසක් වචනෙකින් වත් හිත රිදෙව්වෙ නෑx අද අම්මා එහෙම කෙරුවා වුණත් පුතා ඒ ගැන හිත හිතා ඉන්නැතුව කතා කෙරුවෙ නිවිච්ච ගානටx
,අම්මා නං කියයිx පොඩි එකා මේක වටකර දුවනවා. ඔය යන වෙලාවක පෑගුණා, ඉවරයිනේ. අනික අපිත් ? තිස්සේ බයක් හැකක් නැතුව වතුර ටිකක්වත් ගන්ඩ යන්නෙ කොහොමද ? කොහෙ හරි ඉඳල පැනලා කාපුවාම තේරෙයි.,
අම්මට තිබ්බ තරහා හොඳටෝම වැඩි වුණා.
,කනවා පැනලාx ඔය නාගරාජයෝ අනික්කුන් වාගෙ නෙමෙයිත එහෙම මිනිස්සුන්ට කරදර කොරන් නෑ. ඌට කරදරයක් වුණොත් බේරුමට හැපුවොත් මිසක්කා. අපි කරදර නොකෙරුවොත් උන්ගෙන් අපිට කරදරයක් නෑ. මේ ඊයේ පෙරේදා වැට හරහා වැටිච්ච දර ලීයක් කියල හිතලා මං අල්ලන්ඩත් ගියා. ඒත් කොයි කෑවා ? ටිකක් පෙණේ පුප්ප පුප්ප ඉඳලා යන්ඩ ගියා පාඩුවේ. ඉතිං එහෙව් එකානෙ උඹ මැරුවෙ.,
එදා අම්මා තමන්නෙ හිතට හොරා කතා කෙරුව වුණත් දහස් වාරයක් හිතත්තෙක්ක පොරබැදුවා. තමන්නෙ පුතණ්ඩියා කරාපු අපරාදෙ ගැන එයා පසුතැවිලි වුණා. හිත පුපුරාගන නඟින කෝපයක් තමන්නෙ එකම පුතා වෙනුවෙන් හිස උස්සන ආකාරෙ අම්මා බලන් හිටියෙ භීතියෙන් වේවලන අත පය ඇතුව. අම්මට ගෙදර දොරේදී පුතා දකින කොට තමන්නෙ හිත වාව ගන්න බැරි වුණාx තරහව ඉහ මොළ පුච්චන්න ගත්තාx අම්මා වැඩිපුර අම්බලම (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙක* හොයාගෙන යන්ඩ ඇබ්බැහි වුණේ ඒ හින්දා. එයා ඒක හිතලා මතලා කරපු දෙයක් නෙමෙයි. ඒත් උල්ලංඝණය කරන්න බැරි තරමට, තීරණාත්මක විධියට ඒක සිද්ධ වුණා.
එදා ඉඳන් පුතාගේ බැණුම් අම්මට මායිං වුණේ නෑ. අම්මා කනකටවත් නොගත්තා වාගෙම එව්වට පහර දෙන්ඩ වාගෙ අම්බලමට (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙකට* ගිහිල්ලා ගම්මුන්ට ඉවරයක් නැතුව බැණ වදින්න ගත්තා.
අතු පතු ගා නොතිබීම, බල්ලන් ලැග තිබීම, වහලේ පරාල අස්සේ ගසා තිබූ කොස්ස ඇද බිම දමා තිබීම වැනි වැරදිඔලට තමයි එයාගේ කට බැණ අඬ ගෑවේ. ඒ බැණ අඬගාන අතරේ එයා තමන්ගේ සැමියාගේ ඡුායාරූපය දිහා බලන් හිටියේ ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතුව. ඒ මූණෙ එකතු වෙලා තිබිච්ච ගම්භීර බව දකින අම්මට දැනුණේ තමන්ගේ ඇඟටත් ඒ ශක්තිය කාන්දු වෙනවා වාගෙ. තාත්තගේ දෙනෙතේ කකියන ශක්තිය අම්මගේ ඇස්ඔලටත් ගලාගෙන එන විධිය අම්මගේ ඇස් ඉස්සරහ මැවිල ගියේ වහලේ හිල් අස්සෙන් ගෙදෙට්ට වැටෙන ඉර පොල්ලක් වාගෙ රේඛා දෙකක් අඳින ගමන්. කොහෙන්දෝ හොයාගත්ත සීතලකින් නෑවෙන ඇහි බෝල කාන්තිමත්ව බබලන්ඩ ගත්තේ ඒ ශක්තිය දොගොඩ තලා යවමින්. අම්මගේ අතක් ඉස්සිලා ඒ පොටෝ එකේ බැඳීිල තිබිච්ච ¥විල්ල පිහලා දාන්ඩ වුණේ ළමිස්සියක්ගෙ වාගෙ තාලෙකට ඇඟිලි මාරු කර කර. තමන්නේ මනුස්සයගෙ මරණෙන් පස්සෙ දවල් ? නැතුව පොළොවත්තෙක්ක හැප්පිච්ච ඒ ඇඟිලි අරගෙන තිබ්බෙ දැලිම දැලි පාටක්. අල්ල පුරා පැළවෙලා තිබ්බ කරගැට අල්ලේ රේඛා ටිකත් මකලා දාලා. අව්වට - වැස්සට - හුළඟට එක එල්ලේ මූණ දුන්නු අම්මගේ මස් දිය වෙලා ගියපු මූණ උඩ රැුඳිලා තිබිච්චි ඇස් පෙන්නුවේ බිත්තියේ ගහපු ඇණේක එල්ලපු පන් මල්ලක් වාගේ අමාරුවෙන් එල්ලිලා ඉන්න වගක්. පියවි ඇහැට පේන්නෙ නැති මොකද්දෝ නූලක් වාගෙ දේකින් නාහෙට උඩින් එල්ලලා තිබිච්චි ඒ ඇස් දෙක එළියට පැනලා තිබ්බෙ ගෙම්බෙකුගේ ඇහි ගෙඩි දෙක වාගෙ. කළු පාට මූණෙ පිපිහළු වෙච්ච හම කොරපොතුවලින් අඩුවක් නැතුව වැහිලයි තිබ්බෙx කළු පාට නාගයෙග්ගේ ඇඟ පුරා විසිරිලා තිබිච්චි මල් මෝස්තරයක් වාගෙ කොරපොතු ගොඩ අම්මගේ ඇතුළු හම ආරස්සා කොරන්ඩම පෙනී හිටියා වාගෙ තමය් හිටියෙ. අත්තොලත්, කකුල්ඔලත් මතුවෙලා තිබිච්චි කොරල ගොඩ ඒ නාගයාගේ පිටමමයි අඩුවක් නැතුව පෙන්නුවේ.
අද අම්මා මේ ආකාරෙට දෙස් දෙවොල් තිබ්බෙ මොකෙක් හරි අවලමෙක් අම්බලමේ හරි මැද්දටම වෙන්ඩ මළපහ කරලා තිබිච්චි හින්දා. ඒත් ඒ කෑගෑමට එදිරිව ගම්මුන්ගෙන් හූවක් එල්ල වෙන කොට අම්මට දැවුණා තමන්නේ ඇෙඟ් ලේ වතුර වෙලා යනවා වාගෙ. අම්මට කර කියා ගන්ඩ දෙයක් නැති වුණාx අම්මට තමන් ගැනම දුක හිතුණාx තමන්නෙ මනුස්සයා ඉන්න කාලෙ කිසි එකෙක් තමන් දිහාට ඇඟිල්ලවක්වත් උරුක් කොරල නෑ නේද කියලා අම්මට මතක් වුණාx ඇරත් මේ සද්ද දාන්නෙ අල්ලපු ගමේ බෙරවා හැත්තx වෙනදා අම්මට ‘මැණිකෙ’ කියලා කතා කෙරුව බෙරවා හැත්තx
,යකෝ මැරිච්ච මිනිහවත් මේකට අරක් ගත්ත නං කමක් නෑ. මේ අම්බලමට අරග්ගෙන ඉන්නෙ මේ ගෑනිනේ. මේ ගෑනිට යකෙක් වැහිලද කොහෙදෝ. මං හිතන්නෙ මැරිච්ච මිනිහා මේ ගෑනීට වැහිලා.,
තමන්ගේ තේජස තමන්ගෙ කකුල් දෙක ළඟම වැක්කෙරිලා යනවා අම්මා දැක්කා. වෙනදා ගම්මුන් මහා ආදරෙන් ‘නිළමේ’, කියල කතා කොරපු එයා අද .මිනිහා. වෙලා. මැණිකේ වෙච්චි තමන් .ගෑනි. වෙලා. ඒක අම්මට ඉවසන්න බැරි වුණා. තමන්ගෙ මනුස්සයා යකෙක් වෙලා ඉන්න බවක් අහපු කන් දෙක කපලා දාන්ඩ කියලා හිතුණා අම්මට. ඇරත් උන් කියන විΩධියට ඒක අම්බලමක්x තමන්ගේ මනුස්සයා වෙනුවෙන් හදාපු ඒක අම්බලමක් නෙමෙයිx පුතාගෙ වචනෙන් නං ඒක බස්හෝල්ටෙකක්x අම්බලමක් කිව්වොත් ඒක පුතාට කරන මදිපුංචිකමක්x එයාමයි කිව්වෙ ඒකට බස්හෝල්ටෙක කියන්ඩ කියලාx
අම්මා තමන්නේ මනුස්සයාගෙන් වාගෙම පුතණ්ඩියාගෙනුත් දහස් වාරයක් සමාව යැද යැද තමයි ගෙට ගොඩ වැදුණේx ඇත්තටම අම්මා ගෙට ගොඩ වුණේ ආයෙ නං සම්මජ්ජාතියකට අම්බලම (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙක* පැත්තෙ පස් පාගන්නෑ කියලා හිතත්තෙක්ක ගිවිස්සවාගෙන. ඒත් තමන්ගෙම තාත්තත් මරා ගත්තු පුතා මේ විΩධියට කෑ ගහන කොට අම්මට හිතෙන්නෙම ආයෙත් වංගියක් අම්බලමට (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙකට* යන්ඩx අම්මට හිතුණා තමන්නෙ පුතාට අද මේ තරං ගින්නක් දුන්නු එවුන් ටික කම්මුතු කරලා දාන්ඩx ඇරත් තමන්නෙම බඩින් වදපු පුතා අද තමන්නෙම අම්මට විරුද්ධව අත ඉස්සුවාx ‘මේ ගෑනි මැරිලවත් යන්නෑ’ කිව්වාx අම්මට බය හිතුණා මේ හැතිකරේ එකතු වෙලා තමන්නෙ පුතාවත් තමන්ට නැති කරයි කියලාx ‘හ්අඃ ඕකුන්ට දෙන්නෑ මයෙ කොල්ලා රවට්ටගන්ඩ මං ජීවත් වෙලා ඉන්න තාක් කල්x හිටපං මයෙ කොල්ලට මේ විස පොවන උන්ට ගිහිල්ලා හොඳවයින් දෙකක් කියලා එන්ඩx’ අම්මා අවුල් වෙච්ච කොණ්ඩෙ පිටිපස්සට ගැට ගහගෙන නැගිට්ටාx කළුවර ගෙට එන්ඩ ඔන්න මෙන්න කියලා තිබ්බත් අම්මා කරුවලට ඉස්සරලා හන්දියට ගියාx
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment