UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: විදේශයක සිට

Thursday, December 12, 2013

විදේශයක සිට

විදේශයක සිට ගණනින් කීයදැයි කීමට ඔහුට හරි හැටි මතක නැතත් අතේ ඇ`ගිලි දෙකට සිරවී ඇති සය වැනි හෝ සත් වැනි සිගරැුට්ටුව ෆිල්ටරය ළගටම දැවෙමින් පැමිණ වාතයට දුම් පිට කරයිx වාතයට එකතු වන තමන්ගෙන් පිටවන දුම් වළල්ල කඩාගෙන ඔහුගේ දෙතොලට ආයෙත් වතාවක් කිට්ටුවන සිගරැුට්ටුව ආපසු පහළට යනුයේ දෙතොලේ සිරවී සිට මොනවදෝ කල්පනා කරමින් සෑහෙන වේලාවක් ප‍්‍රමාද වීගෙනයx ඔහුටද නොකියා මෙන් හෙමින් සීරුවේ දෙතොලින්දල දෙනාසාපුඩුවලින්ද පිට වන දුම්ල වළලූ තනමින් වාතයට එකතු වනුුයේ ඔහුගේ මුහුණ එල්ලී ඇති පරිසරය මීදුම් රෙද්දකින් වසා දමන්නාක් මෙන් බොඳකර හරිමිනිx සැබවින්ම සිගරැුට්ටුවේ දුම එසේ තම ගමන යාමට ප‍්‍රමාද වනුයේ ඔහුගේ හදවතේ රිදුම් දෙන සුසුම් වැල්ද එකතු කොටගෙන සිය ගමන යාමට අදිටන් කොට ගෙන සිටි නිසා විය යුතුයx කෙසේ වෙතත් අවසානයේ ඔහුගේ සිරුර පුරාම නිදන්ගතව ඇති සුසුම් ලෙසින් පිට වන ශෝක භාරය උසුලාගෙන යන සිගරැුට් දුමට තමන්ගේ බර වැඩි වී ඇති සෙයකිx ඉදිරි බිත්තියේ සවි කොට ඇති කණ්නාඩිය විඩෙන් විඬේ බලන ඔහුගේ දෙනෙත සිගරැුට් දුම අතරේ වියැකී යන තමන්ගේ මුහුණ දකිනුයේ දියාරුවටයx එම ධූම කඩතුරාව ඉවත් වී යන විට ඉතිරි වන මුහුණේ ඔහුට කැපී පෙනෙන ලෙස පෙනෙනුයේ රත් පැහැගත් දෙනෙතත්ල සිගරැුට් බීම නිසා කළු පැහැගත් විශාල දෙතොලත් පමණිx ඔහුට එම තමන් ඉදිරියේ සිටගෙන සිටින මුහුණ දකින විට හැෙ`ගනුයේ ‘එයා නං එකත් එකටම අ`ඩලා’ කියායx එහෙත් ඔහුට මතක හැටියට තමන් තවම ප‍්‍රකෘති දෙනෙතින් එකදු ක`දුළක්වත් පිට කළේ නැතx සිතින් සිය දහස් වාරයක් ගලා ගිය ක`දුළු ඔහුගේ හදවතෙහිම කැටි ගැසී තිබුණා විනා දෙනෙතට ගොඩ වූයේ නැතx එහෙත් ඔහු සිතුවා වැරදියx සිත පුරා එකතු වූ ක`දුළු ධාරා ඔහුගේ දෙනෙතට ගොඩ වී ඇතx සිද්ධ නොවූයේ එසේ ගොඩ වූ ක`දුළු බිඳු කඩා හැළී කොපුල් දිගේ ගලා බැසීම පමණකිx ආතක් පාතක් නැතිව හිතුවක්කාර ලෙස සිතට කඩා වැටී පටළැවෙන සිතිවිලි අතරේ ඔහුට තෝරා බේරා ගත හැකි පැහැදිලි අදහසක් උලූප්පා ගැනීමට නොහැකx එහෙත් එකක් පාගා එකක් නැෙඟන ඒ සිතිවිලි ගොන්නට උඩින්, ඉරි ගැසූ මාතෘකා පාඨ දෙකක් නම් ඔහුගේ සිතෙහි නොමැකෙන ලෙස සනිටුහන්ව ඇතx මේ සිතිවිලිවලියට මාතෘකා වන්නා වූ එම පාඨ දෙකම අවසානයේ එම රචනාවේ නිගමන පාඨ දෙකද වී ඇති බව ඔහුට ප‍්‍රත්‍යක්ෂයx මේ මරණයට අවුරුදු හතරකට පෙර එදා විදේශයකදී ඔහුගේ පියා මරු වැළ`ද ගත්තේයx ඒ මරණයට අවුරුදු හතරකට පසු අද ඔහුගේ මව විදේශයකදී මරු වැළ`දගෙන ඇතx වේටරයා ඔහුගේ මනෝවෘත්තිය හ`දුනා ගත්තා විය යුතුයx ප‍්‍රදීපන්ගේ මුහුණ කියවමින් ඉරි ලේනෙකුට කුරුමාණම් අල්ලන බළලෙකු මෙන් දෙතුන් වරක් එහා මෙහා ගිය වේටරයාට එය හඳුනාගත නොහැකි වීමට කාරණයක් නැතx කෙසේ වෙතත් අවසානයේ ප‍්‍රදීපන්ගේ දැනුම් දීමකින්ද තොරව වේටරයාගේ අතෙහි වූ බන්දේසිය ෂැම්පේන් බෝතලයකුත්ල සෝඩා බෝතලයකුත්ල වීදුරුවකුත්, රෝස් කළ කුකුළෙකුත් තබාගෙන ඔහුගේ මේසයට වැඩියේයx සත්‍යය නම් තමන් වේටරයාට ඇණවුම් නොකිරීම වුවද තමන් ඇණවුම් කොට ගෙන්වා ගත් කලෙක මෙන් කිසිදු ප‍්‍රශ්න කිරීමකින් තොරව ඔහුගේ දෑතද බෝතල් කිහිපය හිස් කිරීමට උදව් වනුයේ අවුරුදු ගණනාවක සාගතයකට මුහුණ දුන්නකු හදිසියේ ලද ආහාරයක් ඉදිරියේ එතෙක් රැුකගෙන සිටි සිල් බිඳින්නාක් මෙන් යුහුසුළුවයx තමන් ඉදිරියේ සිටගෙන සිටින, දෙනෙතේ ක`දු`ඵ පුරවාගත් නැෙ`ගණිය දකින විට ඔහුගේ පපුව හෝස් ගා පත්තු වී යයිx සියලූ සිතිවිලි මැඩගෙන එක්විඩයේම ඔහුගේ සිත දෙවියන්ට කන්නලවු කරනුයේ ඒ අහිංසක සොහොයුරිය වෙනුවෙනිx ”කඩවලේ ! අනේ දෙය්යනේ ! මගෙ නංගී බලාගන්නx” එහෙත් ඒ ආයාචනය එසැණින්ම ඔහුගේ යටි සිත විසින් ආපසු ඇදගනුයේ තමන් දෙස රවා බලා තරවටුවක්ද කරමිනිx ”ෂිහ් ! කෙහෙල්මල් දෙය්යෝ ! උඹ තවත් දෙය්යන්ට කන්නලව් කරනවාx දෙය්යෝ ඉන්නවා නං එහෙම වෙනවැයිx අනේ අර අහිංසකී දැන් ඉතිං මොනවද කරන්නේ ? අය්යෙක් වෙච්චාම අය්යෙක්ගෙ යුතුකම තමයි නංගිව රැුක බලා ගන්නෙකx කෝ ඉතිං ? කෝ ඉතිං ? නංගියේ x x x අනේ නංගියේ ! මං උඹට නොසලකනවා නෙමෙයි නංගියේ ! මට x x x මට x x x ඒ අයිතිය, ඒ අයිතිය මට නෑ නංගියේ !” දෙනෙතින් විත් කොපුල දිගේ රූරා ආ කඳු`ඵ බින්දුවක් මේසයේ වූ මත්පැන් වී¥රුවට වැටෙන විටය ඔහුට තමන් හ`ඩන බව දැනුණේx තමන් ළගට වී සිටින වේටරයාගේ සෙවණැල්ල දකිත්ම හිස එස වූ ප‍්‍රදීපන් කඳුළු බිඳු උරහිසින් පිසදා ගැනීමට මාන බැලූවද උල්පතකින් ජලය මතුවන්නාක් මෙන් දෙනෙත් ක`දුළු පොම්ප කරන්නට වූ නිසා ඔහුගේ වෑයම අසාර්ථක වූයේයx සියල්ල දැක දැක වේටර කි‍්‍රයාත්මක වූයේ ප‍්‍රදීපන්ට පරම නිෂ්ටාව ලබා දීමට සිතුවාක් මෙනිx ප‍්‍රදීපන්ගේ දුක තුනී කිරීමට මේ ලොව සිටින එකම තැනැත්තා තමාය කීමට මෙන් ආඩම්බරයෙන් වට පිට බලමින් හිස්වන භාජන පුරවා ඔහු සතුටු කිරීමටම වේටරයා වෙන්ව සිටීx වෙන මොහොතක එසේ එක් පුද්ගලයෙකු ළඟ පැළ වී සිටීමට හෝටල් හිමියාගෙන් අවසර නොලැබුණද අද ඔහුද කටයුතු කරනුයේ ප‍්‍රදීපන්ගේ දුක තුනී කිරීමට තමන්ටද යුතුකමක් ඇති බව හඟවමින් මෙන් සිය සේවකයාට බාධා නොකරමිනිx කුඩා සන්ධියේ සතර අතින් ඇසෙන වෙඩි හඬ අය්යාගේත් නංගීගේත් සිරුරු එකට ගුලි කොට දමා තිබුණේ දර මිටි බැඳි කලෙක මෙනිx මිදුලේ සෙල්ලම් කරමින් සිටියේ නම් අත්වැල අල්ලාගෙන ගෙට දුව යන දෙදෙනා පැදුරු ආනක එබුවාක් මෙන් උනුන් බදාගෙන මුලූ ගැන්වෙනුයේ දොර මුල්ලටයx අම්මා හෝ අප්පා ළඟ අහල පහළක වේ නම් ඒ ගුලි වීම සිද්ධ වනුයේ චීත්ත පොටට හෝ සරම් පොටටයx එක් වතාවක් අප්පාට යහළුවෙකුගෙන් ලැබුණ දොඩම් ගෙඩියකින් අම්මා තනා දුන් අමෘතය බීමට ගොස් නංගී කළ මෝඩ වැඩය සිහි වන විට පළමුව ඔහුගේ දෙතොල පිට නඟිනුයේ වාවා ගත නොහෙන සිනහවකිx එහෙත් ඒත් එක්කම තමන් කළ අලූගුත්තේරු වැඩය ගැන සිහි වන විට ඔහුගේ මුහුණ හරහා දිගට හරහට අතුල් පහරවල් එල්ල කරන්නට ගන්නේ තමන් තුළම උපදින ශෝකයත් ලජ්ජාවත් විසිනිx ”න්ආ ! දෙන්නත්තෙක්කලා හෙමීට බොන්ඩෝනැx හලාගන්නෙහෙම නෑ ඕංx ඔච්චරයි තියෙන්නේ ඇහැකට දාන්ඩ වාගෙx ඒකත්තර ශිවා මාමාට පිං සිද්ධ වෙන්ඩx” අම්මා නංගීටත් ප‍්‍රදීපන්ටත් දොඩම් ගෙඩිය මිරිකා දුන්නේ ඒ තුළ ආදරයද කලවම් කරමිනිx තමන්ගේ අතට දොඩම් වීදුරුව දෙන විට අම්මා ඔළුවද අතගෑ අයුරු ප‍්‍රදීපන්ට අද මෙන් මතකයx ”එතකොට අම්මටයි තාත්තටයි ?” නංගී ඇසූ පැනයට අම්මා දුන් පිළිතුර තවදුරටත් ඊට එක්කාසු කළේ නොහිමි ආදරයම බව ප‍්‍රදීපන්ට වැටහෙන්නේ දැන්යx ”එපා, එපාx මයෙ අම්මලා බීපල්ලකෝx ඕකෙ ආය කොහෙදෑ තුන් හතර දෙනෙකුට බොන්ඩ දෙයක් ? හරියට බේතක් වාගෙx ඇරත් අපි බීලා නැති දෙයක්යැ ? ඒ දවස්සොල අපේ ඔය ඉදිකඩුල්ල ළඟ මහ විසාල පැණි දොඩං ගහක් තිබ්බාx අප්පා x x x හ් ! කියන්ඩත් නාකයි; කොල ගානෙ ගෙඩිx ඔය ශිවා මාමා ඒ දවස්සොල හැම නිතරෝම ඒකෙන් ගෙඩි කඩන් ගියාx ඒ කළගුණේට වෙන්ඩැ මයෙ හිතේ ඔය අද දොඩං ගෙඩියක් එවලා තියෙන්නේx ඒ මනුස්සයා කොළඹ රටේ යනවනෙ බිසිනොස්ඔලටx ඉතිං ගේනව ඇතිx ඒ මනුස්සයා නං කියන්නෙ අපේ දොඩං ගහට ඇස්සහ වැදුණ කියලx ඔය පාර අයිනේ වාහනේකට අටවාපු බෝම්බයක් පුපුරලා ගහ මුලින්ම ගැලවිලා ගියානෙ; ආය තිබ්බ තැනක්අත් හොයා ගන්ඩ බැරිවෙන්ඩx” අම්මාගේ සුසුම ගැන සිත සිතා සිටීමට ප‍්‍රදීපන්ට අවකාශයක් නොවූයේ ඉනූ කෙළ සඳහා කට ඉඩ මඳ බවක් දැනෙන්නට වූ හෙයිනිx මහත්ව ගිය දෙනෙතින් යුතුව පැණි රසය ටිකෙන් ටික තොල ගාන නැෙඟණිය දෙස බැලූ ඔහුට උපන් ආශාව වැඩි වූවා මිස අඩු වූයේ නැතx විඩෙන් විඬේ ගවුම් අතෙහි නාසයද පිස දමමින් පැණි රසය තොල ගාන නැෙඟණිය එක් විඩයේම බීම නතර කොට කෝප්පය බිමට ඇල කරනු ප‍්‍රදීපන් බලා සිටියේ කුතූහලයෙන් යුතුවයx එහෙත් ඒ කෝප්පය වුවමනාවටද වඩා ඇල වී බීම ටික බිමට වත් කරන විට ප‍්‍රදීපන්ට තවත් ඉවසා බලා සිටිය හැකි වූයේ නැතx ”අම්මේ ! මේං මෙයා මේ බීමෙක හළනවෝx” එහෙත් අම්මා ගෙයින් එළි බසින විට පමා වැඩියx නංගීගේ කෝප්පයේ ඉතිරිව තිබුණේ දොඩම් ඇටයක් පමණිx ”හනේ අප්පච්චියේ ! මනුස්සයෙක් දෙනේකක්අත් කන්ඩ නෑනෙ මුං පිං කොරලාx දැං හරිනේx දැං ඉතිං ඔය කෝප්පෙ ලෝපන්x කාබාසිනියා කොරන්ඩම ඉපදිච්ච හැත්තx” ඉණට අත් දෙක ගසාගෙන තමන්ට බැණ අඬගාන අම්මා දෙස බලා ගත් නැෙඟණියගේ දෙතොල් සට සට ගා ගැහෙන්නට ගත්තේයx ඒත් එක්කම පිම්බී ගිය දෙකොපුල අඳුරු කුට්ටියක් මෙන් වූ අතර දෙනෙත් කඳුළු මිරිකන්නට ගත්තේ තෙත් බිමකින් නඟින ඉවරයක් නැති දිය සීරාවක් මෙනිx ඒ කඳුළු දෙස තවත් බලා සිටිය නොහැකි තැන අම්මා නංගීට කිට්ටු කළායx ”ඇයි මයෙ සුදු අම්මා ඒක හැළුවේ ? ඒකනේ අම්මට තරහ ගියේx ඇයි එහෙම හිතුවක්කාර වැඩ කොරන්නේ ? ඔයා හොඳ ළමයෙක්නේx” ”මං x x x මං x x x න්අ x x x මං ඒක හැළුවෙ අර x x x දොඩං ඇටයක් තිබ්බා; ඒක ගන්නනේx” අම්මාගේ චීත්ත පොටේ එතී මිටි කොට ගත් දෑතින් දෙනෙත් මිරිකමින් තොඳොල් වන නැෙඟණියගේ කතාව අසා අය්යාට සිනා නොවී සිටිය නොහැකි වියx ”හූ x x x හූ x x අනේ මෙහෙමත් මෝඩියක් ! දොඩං ඇටේ ගන්ඩ බීමෙක හැළුවාx හූ x x x හූ x x x ගහටත් නෑ බඩටත් නෑx හූ x x x හූx x x ” ”අනේ මයෙ නෑම්බ ඉතිං x x x x ”යි කියමින් නංගීගේ ඔළුව අතගාමින් සිටි අම්මාගේ අතක් පහළට නැඹුරු වී බිම අත ගෑවේ මොකක් හෝ යමක් අහුලා ගන්නා බව පෙන්වා අය්යා බය කර හැරීමටයx එහෙත් ඊට පෙර ප‍්‍රදීපන්ගේ දෙපා ඔහුව මහ පාරට දුවවා හමාරයx ඒ නිසා අය්යා සොයාගෙන පිටු පස්සෙන් දිව්වේ අම්මාගේ පහර ගසන වදන්යx ”උඹ පලයන් අහකටx ආවා මයෙ පොඩි එකී අවුස්සන්ඩx එහෙම තමා පොඩි එවුන්x මොකෑ උඹ වාගෙ පැහිලයෑ ඒකිx” තවත් ටිකක් වේලා නංගී සුරතල් කරමින් සිටි අම්මා සිය දියණියගේ දෙනෙත් අය්යාගේ අතේ ඇති දොඩම් වීදුරුව වෙත ඇලී ඇති අයුරු දැක ප‍්‍රදීපන්ට කෑ මොර දුන්නායx ”න්ආ x x x ! දැන් ඉතිං පෙරේතයා වාගෙ ඕක තනියම බොන්නේx ඕකෙන් ටිකක් දීපන් නංගිටx බඩජාරියා !” එහෙත් එදා නංගීට දොඩම් දුන්නේ ප‍්‍රදීපන් නොවේx ”ඇයි එයාට එපා හින්දනේ එයාගෙ එක හැළුවේ දැන්x මං මොකටද එයාට මගේකෙන් දෙන්නේ ?” මහපාරට වී රස කර කර බොන බීම වීදුරුව දෙස නංගී බලා සිටියේ ශෝකාතුරවයx ඇගේ ඉකිබිඳුම විසින් විඩෙන් විඬේ ඔසවා පහත් කරන පපු පෙදෙස අය්යාට සිහි වනුයේ දැන්යx ප‍්‍රදීපන්ට කෑ ගසා කීමට සිතුණේ තමන් එදා නොදන්නා නිසා නංගීට වෙනස්කම් කළ බවයිx දැන් තේරෙන වයසේ පසු වන විට අය්යාට ඒ වරද හදා ගැනීමට අවැසියx එහෙත් කරුමය වී ඇත්තේ ඊට ඉඩ අවකාශ නැතිකමයx එදා ඒ මඟහැරුණ යුතුකම කෙසේ හෝ ඉෂ්ට කිරීම අය්යාගේ යුතුකම මෙන්ම වගකීමද වෙයිx ‘ඒත් මට ඒකට ඉඩක් නෑ මයෙ නංගියේ ! උඹේ හුරතල් බලන්න ? උඹට තරවටු කරන්න ? උඹට උගන්නන්න ? උඹට කැපෙන මනුස්සයෙක් හොයල දෙන්න ? උඹටවත් මටවත් එව්වා උරුම නෑ නංගියේx අපේ දෛවයේ එව්වා ලියවිලා නෑx උඹත් හෙට අනිද්දා ඕකුන්නෙ සංවිධානෙට බඳව ගනියිx නැත්තං මයෙ අම්මව මැරුව වාගෙ උඹවත් මරලා දායි ඔය පජාති හැත්තx මට x x x මට උඹව බේරා ගන්ඩ මුං ඉඩ දෙන්නෙ නෑx මේ සිංහල කියන එවුන් ඉඩ දෙන්නෙ නෑx ඉතිං මං මොකද කරන්නෙ මයෙ නංගියේ ? ඉතිං මං මොකද කරන්නේ ?’ ප‍්‍රදීපන්ට නංගී වෙනුවෙන් වැඩිමහල් සහෝදරයා ලෙස තමන්ගෙන් ඉෂ්ට සිද්ධ විය යුතු යුතුකම් මඟහැරුණේ මේ වතාවේ පමණක් නොවේx අදටත් ඔහුගේ සිතට වධ දෙන, සිත කෙදිනකවත් ඔහුට සමාව නොදෙන කාරණයක් කුඩා සන්ධියේ සිද්ධ වියx එදා නංගී කෙතරම් නම් කඳුළු වැගිරුවේදැයි, අම්මා තමන්ට කෙතරම් නම් බැණ අඬගෑවේදැයි ඔහුට සිතා ගත නොහැකි තරම්යx ”පුතේ ! මයෙ අප්පට දැන් ටිප්පෙක ගිහිල්ලා ඉස්කෝලෙ මහත්තයා ඇන්න දුන්න දත් බුරුසුව තියෙනවනේx උඹ උඹේ පරණ බුරුසුව නංගිට දීපන්x ඒක උණුවතුරෙන් තම්බලා පාවිච්චියට ගත්තැහැකිx ඒකිගේ බුරුසුවේ කෙඳි ටික හොඳටෝම ගෙවිලා දැන්; එතිලා තියෙන්නේ හරියට පීරන කොට පනාවට කැඩිලා ආපු ඉසකෙයා ගෝටයක් වාගෙx ඒ තරමට ගැට ගැහිලාx අප්පා කියලා ඔහෑටි කොහෙන් සල්ලි හොයන්නද ? හෙට දිහාට වැඩක් පොළක් හොයාන කොළඹ දිහා යන්ඩ බලනවා කියැව්වේ; ශිවා මාමත්තෙක්කx” එහෙත් එදා අම්මා කියූ දෙය කනකට ගත්තේ ප‍්‍රදීපන් නොවේx බුරුසු දෙකක් හිමි තමන් ගැන ඔහුට ඇති වූයේ ආඩම්බරයකිx තමන් ධනවතෙකුය යන හැඟීම ඔහුගේ සිතට ගොඩ කොට දුන්නේ කිව නොහැකි තරම් සන්තෝෂයකිx තමන් සතු එම ධනය වෙනෙකෙකුට දී තමන් දුක්පත් වීමට, කණස්සලූ වීමට ඔහුගේ යටි සිත කිසි සේත්ම ඉඩ දුන්නේ නැතx ”ඒක මගෙx මං බුරුසුව ගෙනිච්චෙ නැති හින්දා ටි‍්‍රප්පෙක යන කොට අපේ සර්රුයි මට ඇන්න දුන්නේx ඉතිං ඒක මගෙx කාටවත් දෙන්නෙ නෑ ඒකx” අය්යා පාවිච්චි කොට තිබුණද තමන්ට අලූත් වන බුරුසුව තමන් සතු කොට ගැනීමට පුල පුලා බලා සිටි නැෙඟණියගේ බලාපොරොත්තු කඩවීම මුහුණට ගොඩ කොට දුන්නේ විලිබර ගතියකිx අඬන්නට තතනන ඇගේ දෙනෙත් කඳුළු සඟවාගෙන වාවා ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ වූයේ දෙතොල්ද දෙකොපුල්ද ඒ ශෝකය විසින් නටවන්නට වූ නිසායx සඟවා ගත නුහුණු ඉකිබිඳුමත් සමඟ සෙල්ලම් කිරීමට සිතූ ප‍්‍රදීපන් තම බුරුසු දෙක ගෙන එක ළඟ තබා කෝච්චි ධාවනයක යෙදුණේයx ඇතැම් විට මුහුණට මුහුණ හැපෙන කෝච්චි දෙක දෙපසට වීසි වන්නේයx තවත් විටෙක එකිනෙකා මඟහැරගෙන බාධාවක් නැතිව ඉදිරියට යන්නේ මහ පාරක යන බස් දෙකක් මෙනිx සෙල්ලම් කරන බුරුසු දෙක දෙස බලා සිටි නැෙඟණිය හඬන්නට වූයේ මොර දෙමිනිx ටික වේලාවකින් මුහුණ වසා ගත් ඇගේ සිරුර ගෙට දිව ගොස් මුණින් තලාව ඇඳට පැන ඉකිගසන්නට ගත්තේයx එවිට අම්මාගේ ගෝරනාඩුව ගේ පුරා දෝංකාර දෙන්නට වූයේ ප‍්‍රදීපන් බිය වද්දමිනිx ”අනේ ඇත්තට මෙහෙමත් සහෝදරයෝx මේකා වාගෙ එකෙක් මං ජීවිතේට දැකල නෑx හරිහ ඉන්නවා නං කමක් නෑx තමන්නෙ එකම සහෝදරීx එහෙව් එකේ ඒකිට ආදරෙන් ඉන්ඩෙපෑයැx ඒකිත්තෙක්කත් ඉන්නෙ හරියට නයයි පොළ`ගයි වාගෙx” ප‍්‍රදීපන් ඉදිරියේ මැවී යන තමන්ගේ නිවෙස බොඳවී ඇත්තේ දෙනෙතේ ඇති කඳුළු නිසා වට පිටාව මැකී ගිය හෙයින්ද නැති නම් තමන් තම නිවසට අවසාන වතාවට පය තැබුවේ මීට අවුරුදු තුනකට පමණ පෙර වන නිසා හරිහැටි මතකයක් නොමැති නිසාද කියා ඔහුට තීරණය කළ නොහැකියx කෙසේ වෙතත් ඔහු දකින ගෙය නම් ලබු මැස්සක් වැනි එහෙත්, ඒ දුප්පත් මැස්සක් වැනි වූ රූපයද බොඳ කර හරින තරම් අපැහැදිලි කටු සටහනක් ගත් එකකිx බිත්ති හතරක්, එ් එක් බිත්තියක් සිදුරු කොට තබා ඇති ගුහා ද්වාරයක් වැනි වූ දොරක්, ඒ බිත්ති හතර මත තබා ඇති උ`ඵ කැට ටිකක් යන ගෙයක් වීමේ අත්‍යවශ්‍ය අංගෝපාංග කිහිපය පමණි, ඔහුගේ සිත මවා ගත් ගෙයි දැක ගත හැක්කේx අව්-වැසි-සුළංවලට හසුව ගරා වැටී ගිය එම පරණ තාලයේ ගෙයි සාලය කියා වෙන් කොටගෙන තිබූ කොටසෙහි අම්මාගේ දෙන දිගාවී ඇති අන්දම ඔහුගේ ඇස් ඉදිරියේ රූප රාමු මාරු කරමින් මැවි මැවී යයිx අම්මාගේ ගැට ගැසී ගිය අප‍්‍රාණික දෑත පපුව මැද්දෙන් යන විට ඒ අසල ඇති බුලත් කොළ කිහිපය, පොල් ගෙඩිය, හ`දුන්කූරු ආදිය බාහිර සැරසිල්ලක් නිර්මාණය කර ඇතැයි ඔහුට සිතේ. සැබවින්ම දෙවියන් සම`ග පවතින ආධ්‍යාත්මික බැ`දීම අර්ථගැන්වෙන නිර්වචනවලට වඩා ඔහු කැමති වූයේ එය බාහිර සැරසිල්ලක්ය, යන වචනය උසුරුවීමටය. ඒ තරමටම ඔහුට දෙවියන් තිත්ත වී ඇතx එදා ඔහුට අප්පාගේ දෙන ඉදිරියේ තමන් විසින් කළ යුතු දේව මෙහෙය කළ නොහැකි වූවා සේම අද අම්මාගේ මෙහෙයද සිද්ධ කිරීමට තරම් අවසරයක්වත් දෙවියන් විසින් දී නැති විට තමන් තවත් කෙසේ නම් දෙවියන් විශ්වාස කරන්නටද කියා ඔහුට ඇත්තේ විමතියකි. එදා අප්පාගේ මරණය අවසන් ගමන් යන මොහොතේ ඔහු සිටියේ යාපනය රටට කොටුවීය. අද අම්මාගේ මරණය ගෙයින් ගෙන යන මොහොතේ ඔහු කොළඹ රටට කොටු වී සිටී. එදා ඔහුගේ පියා සිංහයන් අතින් මිය ගියේ කොළඹ රටේ බෝම්බ පිපිරවීම සඳහා කොටින්ට රහස් ඔත්තු සැපයූවා කියාය. අද ඇය කොටින්ගේ වෙඩි උණ්ඩයට දිවි දී ඇත්තේ පුතණ්ඩියා කොළඹ රටේ යවා සිංහයන්ට රහස් ඔත්තු සේවා සපයනවා කියාය. ඔහු එදා අප්පා අවසන් වතාවට දැක්කේ තම ප‍්‍රතිඵල සටහන අතට ගත් දවසේයx ‘කඩවලේ ! මයෙ රත්තරංට දෙය්යන්නෙම පිහිටයිx උඹ එහෙනං විභාගේ පාස්සුණාx අනේ මට ඉන්ඩ විධියක් නෑ; නැත්තං අද ?ට කටට රහට උයලා කන්්ඩ තිබ්බාx මයෙ කොල්ලට කාලී අම්මගෙම පිහිටයිx උඹලා දන්නෑ උඹලා උස්මහත් කොරන්ඩ මං ගත්ත මහන්සිය x x x x මං x x x මං x x x ” වැඩිපුර කතාබහ නොකරන අප්පා එදා ඕනෑවටද වඩා කතා කළේ සතුට නිසාද නැත්නම් මරුවිකලෙන්ද කියා ඔහුට අදටත් තේරුම් ගත නොහැකියx එහෙත් ඒ වචන ටික පිටවන මොහොතෙහි ඔහුගේ දෙනෙතෙහි වූ කාන්තිය නම් ප‍්‍රදීපන්ට සංඥා කළේ ඔහුගේ හදවතේ තෙරපෙන නිම් හිම් නැති සතුටම එසේ ඔහුගේ කටහ`ඩ අවදි කරන්නට ඇති බවයිx ”කඩවලේ සාවිති‍්‍ර, මේ ඇහුණද ? මං නැතුවට කමක් නෑ; මයෙ කොල්ලට හොඳට කන්ඩ හදලා දීපල්ලා අදx ඌ මාව දිනෙව්වාx හිටපන් පුතේ උඹට ඉහළට අද්දියාපනේ කොරන්ඩ මං කොළඹ ඉස්කෝලයක් කොහොම හරි හොයාගන්නවාx තුන් මාසයක් යන්්ඩිස්සෙල්ලා හොයා ගන්නවාx” එහෙත් මාස තුන යන්නට පෙර ගෙදරට ආරංචි වුණේ අප්පා සිය පුතණ්ඩියාට ඉස්කෝලයක් සොයා ගත් බවක් නොවේx තමන්ගේ නිජභූමියේ සතර රියනකටවත් උරුමකම් නැතිව කොළඹ රටේ කොහේදෝ කනත්තකින් ඔහු සතර රියනක් වෙන් කොට ගත් බවකිx මුස්පේන්තු ආරංචිය ගෙදර සොයා එන විට සොබා දහම කල් ඇතිවම මළ ගෙදරකට සූදානම්ව සිටියේයx ගේ ඉදිරියෙහි වූ සුදු අරලියා ගසෙහි මල් පොළොව මත වැටී තිබුණේ පරවීමටද පෙරයx නිවෙස ඉදිරියෙහි වූ විදුලි පහන ළ`ගට ආ මැස්සන් විදුලි සැර වැදී පිළිස්සී ගියේ ‘චට චට’ හ`ඩ න`ගමිනිx විදුලි රැුහැන් දෙකකට මැදි වී ගත් කොහේදෝ සිට පියාඹා ආ කාලකණ්ණි වව්ලකු මර ලතෝනි දුන්නේ ‘චිටි චිටි’ ගා ගිනි පුපුරු පන්වමින් විදුලියද විසන්ධි කරමිනිx එදා මාස තුනකට පෙර විභාගයේ ප‍්‍රතිඵල සටහන අතැතිව සිටි අප්පා පුතණ්ඩියාගේ නළල සිඹ ගෙදරින් පිට වූ ආකාරය ඔහුට සිහි වූයේ මළගම ආරංචි වූ මොහොතේ අම්මා තමන්ගේ නළල සිපගන්නා විටයx එහෙත් ඈ එදා තාත්තා කළාක් මෙන් නංගීගේ නළල සිපගත්තේ නැතx සිප ගත්තේ තමන්ගේ නළල පමණිx ඔහුට තමන්ට හිමි වගකීම වැටහුණේ එ් සිප ගැනීමත් සම`ගයx එනිසාම ඔහු අම්මා සම`ග යා යුතු හැම තැනකටම කකුල් ගෙවෙන තුරු බඩගෑවේ තීරණ දෙකෙන් කුමක් හෝ මස්තකප‍්‍රාප්ත කර ගැනීමට තරයේ අදිටන් කරගෙනයx ”අනේ මහත්තයෝ ! අපේ මනුස්සයා කොළඹ රටට ගියේ රස්සාව කොරන්ඩx මේ පුංචිවුන්නෙ බඩ කට පුරුවන්ඩx ඒ මනුස්සයා ගිහිල්ලා පොඩි රෙදි කඩයක් දාගෙනයි හිටියේx එයා කවමදාකවත් අහට්ට මෙහෙට්ට පණිිවිඩ ගෙනිච්චේ නෑx එ්ත් අපේ මේ යාපනේ කොල්ලන්ට උදව් කෙරුවා කියලා මරා දමලාx අනේ ඉතිං අපට වෙන මොකොවත් එපාx එක්කො එයාගේ මළකඳ මෙහාට ගෙනැත් දෙන්ඩx නැත්තං අපි තුන්දෙනා මළකඳ ළඟට - කොළඹට එක්ක යන්ඩx” එදා එ් ඉල්ලීම, ආයාචනය මල් ඵල දැරුවේ නැතx එහෙත් එහෙමයි කියා අද නම් ඔහුට කෙසේවත් නිහ`ඩව සිටිය නොහැකියx අද ඔහුට අනික් පිට කීමට සිද්ධ වී ඇති එ් ඉල්ලීම මෙලෙස පරාජය වනවා බලා සිටිය නොහැකියx ”එක්කො මගෙ අම්මගෙ මළකඳ මෙහාට ගෙනැත් දෙන්ඩx නැත්තං මට එහාට යන්ඩ දෙන්ඩ” එහෙත් මේ ඉල්ලීම එදා තරම්වත් යා නොදෙන බව ප‍්‍රදීපන්ට ටික මොහොතකින්ම ප‍්‍රත්‍යක්ෂ වියx ඔහු ඉකුත් රාතී‍්‍ර දෙකක සිට මේ වන තෙක් බඩට කෑමක් බීමක් නැතිව, නෙතට නින්දක් නැතිව දැ`ගලූයේ ඒ ඉල්ලීම මස්තකප‍්‍රාප්ත කොට ගැනීමටයx ඊයේ සිට කී වාරයක්, කී දෙනෙක් ඉදිරියේ මෙම වාසගම කීවාදැයි, පිංසෙණ්ඩු වූවාදැයි කියා ඔහුට මතක නැතx බැරිම තැන ඔහු හදවතින් වලිකමින් පිට වීමට දඟළන ඇත්තම ප‍්‍රකාශනය ඉදිරිපත් කළේ කෑ මොර දෙමිනිx ”මහත්තයෝ ! යකෝ ! මෘගයිනේ ! එක්කො මගෙ අම්මගේ මිනිය මෙහෙට ගෙනැත් දීපල්ලාx නැත්තං මට යාපනේට යන්ඩ දීපල්ලාx තොපි වාගෙ හිතක් පපුවක් නැති අමනයෝ, බල්ලෝx x x x ! ” ඒ කෑ ගෑම නිසා බිය වී ගත් කාකයෝ පොලීසියේ මිදුලෙහි වූ බෙහෙත් නෙල්ලි ගසේ සිට කෑ ගාමින් ඉගිල ගියෝයx අහසට නැඟ ගත් ඔවුනට කිසිදු බාධාවක් නොමැතිව යාපනයට උඩින්ද පියාසර කළ හැකියx එහෙත් එදා මෙන්ම අදත් මිනිසුනට යාපනය රටත් කොළඹ රටත් තරණය කළ නොහැකි සාගරයකින්, බිඳගෙන යා නොහැකි මහා ප‍්‍රාකාරයකින් වෙන් වී ගොසිනිx අප්පාගේ මළගම සිදු වී මාස තුනක් හෝ හතරක් යන්නට ඇතx බලයට ආ අලූත් ආණ්ඩුව සෑ¥ සාම පාලම ‘එ් නයින්’ මාවත විවෘත කරමින් යාපනයත් කොළඹත් යා කළේයx ආණ්ඩුව මෙන්ම ඒ හදිස්සියටම අම්මාද එදා ¥රදර්ශී කි‍්‍රයා මාර්ගයක් ගත්තායx එය අද වන විට ඔහු හමුවේ අම්මා ගත් මෝඩම තීරණය වුවද, අම්මාගේ මුවින් පිට වූ මෝඩම වචන ටික වුවද එදා නම් එය ¥රදර්ශීම වූයේයx ”අනේ මයේ අප්පා ! දැන් ඉතිං යාපනේට වෙලා ඉ`දලා තේරුමක් නෑx උඹේ ජීවිතේ තියෙන්නේ මෙහේ නෙමෙයිx තාත්තත් කිව්වෙ ඒ ටිකමයිx මයෙ අප්පා, උඹ කොළඹට පලයන්x ගිහිල්ලා තාත්තගේ කඬේ අරින්ඩ බලපන්x මං එහෙම කියන්නේ උඹ ලව්වා හරි හම්බ කොරගෙන කන්ඩ නෙමෙයිx උඹට එහෙ ගිහිල්ලා හොයා ගන්න ගතමනාවෙන් ඉස්සරැුහැට ඉගෙන ගන්ඩ පුළුවන්x මයෙ අප්පා ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙනිංx උඹලයෙ අප්පගෙ බලාපොරොත්තුව ඉෂ්ට කොරාපන්x” එහෙත් අම්මා එදා දහවල් සිය පුතණුවන් ඉදිරියේ පිට කළ වචන ටිකම නොවේ ප‍්‍රදීපන් කොළඹට යැවීම සඳහා ඇයට ඉවහල් වූයේx ප‍්‍රදීපන් එදා ගමෙන් පිටත්ව කොළඹට ඒමට ඉර ඇහැරෙන තුරු නොනිදා පහන් කළ අවසන් රාති‍්‍රයේය, අම්මාගේ සිත තුළ රැුව් දුන් නියම කාරණය දැන ගත්තේx ප‍්‍රදීපන්ගේ නැන්දනිය එදා ඔහුගේ නිවෙසට පැමිණ සිටියේ බෑනණුවන්ගේ පිටත් වීමට ආශීර්වාද කිරීමටයx නිදිපැදුරේදී අම්මා ඇය සම`ග දොඩමළු වූයේ හෙට උදයේ අක්කණ්ඩියගේ කටින් තම පුතණ්ඩියා වෙනුවෙන් පිටවන ආශීර්වාදය අර්ථවත් කිරීමට නම් ඇත්ත නොසැංගවිය යුතුය කියා සිතාගෙන විය යුතුයx ”අනේ අක්කේ ! උඹ මට හැමදාටම පිහිටට හිටියා අම්මෙක් වාගේx ඉතිං එහෙව් එකේ මට උඹට බොරු කොරන්ඩ බැරුවාx කඬේ අරින්ඩවත්, උගන්නන්ඩවත් යවනවාට වඩා මං කොලූ පැටියව කොළඹට යවන්නේ වෙන දේකටx උඹට කිව්වාම මොකද අක්කේ මට බයයිx මට බයයි අක්කේx මේ යක්කු මගේ කොල්ලත් උන්ගේ සංවිධානෙට බන්දා ගන්ඩ හදනවාx දැන් දෙතුන් වතාවක්ම මට තරවටු කෙරුවා ගෙදෙට්ට ඇවිල්ලා; මේ මයෙ ඇස් දෙක වාගෙ ඉන්න කොල්ලා එවන්ඩ කියලාx ආණ්ඩුව නතර කෙරුවට මුන් තාම සටන නතර කොරලා නෑx ඇහෙන්නැද්ද රාත්තිරියට වෙඩි සද්දේ ? ආණ්ඩුවට හොරෙන් මුන් සටන් පුහුණු කොරනවාx මුන්ට ඕනෑ කොරන සාමයක් නෑx අර සින්දරේලගේ කොලූවත් දැන් ? දෙක තුනකට කලියෙන් බලෙන්ම අරන් ගිහිල්ලලූx මට මයේකා ගැන බයයිx උන් පුහුණු කොරන තැන්ඔලින් ඔය ?ට ?ට ඇහෙන වෙඩි සද්දඔලට මගෙ ඇඟ හීතල වෙලා යනවාx මං මයේකා හැදුවෙ උගෙ අහිසංක අත්ඔලින් මිනිස්සුන්ව බාවන්න නෙමෙයිx ඒ අත් දෙකේ ලේ තැවරෙනව මට බලන් ඉන්ඩ බෑx උන්නෙ අප්පා ආණ්ඩුවෙන් මැරුන් කෑවේ කොල්ලන්ට ඔත්තු දුන්නයි කියලාx මයෙ කොල්ලා එ් සංවිධානෙට බැ`දුණා කියලා මරනවා මට බලන් ඉන්ඩ බෑx අනිත්තෙක තමුන්නෙ සංවිධානෙට බැඳුන් නෑයි කියලා ඒ අහිංසකයා කොල්ලන්ගෙන් මැරුන් කනවා බලන්නත් බෑx” එදා අම්මාගේ වචන හමාර වූයේ ඉකිබි`දීමකුත් සම`ගයx එහෙත් මෝරා එමින් අහසට නැ`ගුණ එ් හඳප`ඵව කිසිදු ගණනක් නැතිව එදාද මුකුලිත්තන් පෑවේයx දෙමාසයකට පසුව එළඹෙන දීපවාලීදාට තෑගි බෝග අරන් පුතණ්ඩියා ගෙදර එන බව දැනගෙන හඳප`ඵව සිනාසෙන බවකි, ඔහු එදා සිතූයේx එදා ඔහු ගෙදරින් පිට වූයේ මාස දෙකකින් ආපසු ඇවිත් යන්න එනවා කියායx එහෙත් එ් මාස දෙක ගෙවී ගොස්ද දැන් මාස තිහ හතලිහකිx රජයේ හමුදාපතිවරයා ඝාතනය කිරීමත් සම`ග පිස්සු බල්ලන් මෙන් උරණ වූ සිංහයෝ සටන් විරාමයට විරාමය තැබුවෝයx නිතරම අවධියෙන්, සීරුවෙන් සිටි කොටි පැටවුන් විරාමයේදී ලද ශක්තියද, ඇති කොට ගත් සබඳතාද පිහිට කොටගෙන නැවතත් ගැටෙන්නට වූයේ මීට පෙර කෙදිනකවත් නොසිදු වූ ලෙසටයx කොයි අතිනුත් ඇසුණේ වෙඩි හ`ඩ මිස එකදු රතිඤ්ඤයක හ`ඩ නොවේx කෙසෙල් කොට, පොල් කොට, තල් කොට පටවාගෙන ගිය ට‍්‍රැක්ටර මළමිනී පටවාගෙන යනවා අම්මා දුටුවේ හැබැහින්මයx රූපවාහිනිය ඒවා අහුලාගෙන කොළඹ රටේ සිටින පුත‍්‍රයා ඉදිරියේද දිගහැරියේ අඩුවක් නොකොටයx එදා අප්පා කොළඹදී මිය යන විට ඔහු සිටියේ විදේශයකයx එනම් යාපන රටේයx අද යාපනයේදී මව මිය යන විට ඔහු ඉන්නේ විදේශයකයx එනම්, කොළඹ රටේයx ”දෙන්නම මැරුණෙ පිටරටවල්ලොලx ඒත් එකම ලංකාවෙx ඔව්; එකම ලංකාවෙx එහෙන් කොටි; මෙහෙන් සිංහයෝx තිරිසන්නු, හිතක් පපුවක් නැති තිරිසන්නුx තොපි ඔක්කොම මාව කෑව යකෝ ! තොපි x x තොපි x x x තොපි සිංහලයො, දෙමල්ලූ, තොපි ඔක්කොමx පර හැත්තx මාව කෑවාx මාව කීතු කීතු කොරල කෑවාx ඉතිං තවත් මදිද යකෝ ? පාහරයෝ ! තොපිට තවත් මදිද මාව කෑවා ?” බෙරිහන් දීගෙන නැඟී සිටි ප‍්‍රදීපන්ගේ අතින් මේසයේ වූ බෝතල් කුඩු පට්ටම් වී ගියේ එක සීරුවටයx වීදුරු පිඟන්, තසිම් පාවී ගොස් බිත්තිවල හැපී බිම වැතිර ගත්තේ මස් දිය වී ගිය සිරුරකින් කඩා හැළෙන ඇට සැකිලි ගොඩක් පරිද්දෙනිx මේස, බංකු, පුටු එකිනෙකා බදා ගන්නට වූයේ කැඩුණු අත පය සහිතව වුව පණ කෙන්ද බේරා ගැනීම වටිනවා යැයි සිතුවාක් මෙනිx තාත්තා ළඟට දිව ගිය කුඩා දරුවෙකු මෙන් කලබලය අතරේ හෝටල් හිමියා වෙත දුව ගොස් ඔහුගේ පත දේහයට මුවා වී සිටින වේටරයා තවමත් හති අරියිx ඒ අතරේ හෝටල් හිමියාගේ ගැහෙන ඇඟිලි තුඩු දුරකථනයේ යතුරු පුවරුව මත දුවමින් ළඟම ඇති පොලීසියේ අංකය ඔබන්නට ගන්නේ මහත් වෑයමකිx

No comments: