UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සිංහල පද්‍ය සම්ප‍්‍රදායය

Tuesday, December 10, 2013

සිංහල පද්‍ය සම්ප‍්‍රදායය

01. සිංහල පද්‍ය සම්ප‍්‍රදායය පද්‍යය සිංහල භාෂාවෙන් ‘කවිය’ යනුවෙන් හඳුන්වන්ද සංස්කෘත භාෂාවෙන් ‘පද්‍ය/ශ්ලෝක’ යනුවෙන්ද පාලි භාෂාවෙන් ‘පජ්ජ/ගාථා/සිලෝක’ යනුවෙන්ද ඉංග‍්‍රීසි භාෂාවෙන්ිචදැප’ යනුවෙන්ද හඳුන්වයි. සිංහල භාෂාවේ එන කවිය යන්නෙහි මාතෘ රූපය වූ කාව්‍යය යන්නද සංස්කෘත භාෂාවේ කවිය සඳහාද යෙදී ඇතත් එය පොදුවේ සාහිත්‍යය යන අරුත්හි බොහෝ සෙයින් යෙදී ඇති බව කාව්‍යය යන්න යෙදී ඇති ප‍්‍රස්තාවන් විමසීමෙන් පෙනේ. භාමහ නම් සංස්කෘත කාව්‍යාලංකාරිකයා කාව්‍යය හඳුන්වන්නේ ‘ශබ්දාර්ථෞ සහිතෞ කාව්‍යයම්’ වශයෙනි. ඔහුගේ පිළිගැනීම පරිදි කාව්‍යය තුළ ශබ්දය හා අර්ථය අතර අන්‍යෝන්‍ය ප‍්‍රතිබද්ධතාවක් පැවතිය යුතුය. මෙම ප‍්‍රතිබද්ධතාව සමස්ත ශබ්ද සමූහය මතුකරන ශබ්දය හා සමස්ත අර්ථය අතර වන්නක් විය යුතු සේ ගැනීම උචිත වේ. මක්නිසාද යත්, කාව්‍යයේදී වැදගත් වන්නේ අභිධේය අර්ථයට වඩා ලක්ෂ්‍යාර්ථය හා ව්‍යංග්‍යාර්ථය බැවිනි. රසවාදය අනුව යමින් විශ්වනාථයන් කාව්‍යය යන්න අර්ථ දක්වන්නේ ‘වාක්‍යං රසාත්මකම් කාව්‍යයම්’ වශයෙනි. විශ්වනාථයන් කාව්‍යයේ ප‍්‍රධානම ලක්ෂණය හෙවත් ආත්මය ලෙස දකින්නේ රසයයි. භාරතීය ෙසෙද්ධාන්තිකයන්ගේ විග‍්‍රහයන්හි එන කාව්‍යය යන පදය පද්‍යය විෂයයෙහි පමණක් ලඝු කළ නොහැකි වෙතත් පද්‍යය විෂයයෙහිත් එය අදාළ හෙයින් පද්‍යයේ ලක්ෂණ දෙකක් ලෙස ශබ්දාර්ථ සුසංයෝගය හා රසඥතාව හැඳින්විය හැකිය.ිචදැප’ යන්නට ශබ්දකෝෂකරුවන් අර්ථ දක්වා ඇත්තේ මෙසේය. ‘‘පද පේළිවල සහ ශබ්දවල පිළිවෙළ අනුව පෙළ ගස්වා ඇති, යම් අදහසක්, හැ`ගීමක් හෝ මනුෂ්‍ය අත්දැකීමක් චිත්තරූප බහුලව භාවිත කොට ඉදිරිපත් කරන ලියවිල්ලකි.’’ සිංහල පද්‍ය සම්ප‍්‍රදායයේ ශේෂව පවතින පැරණිතම සාධකය වන්නේ සීගිරි ගීයයි. එම ගීවල ඇති විදග්ධභාවය, සරලත්වය හා ගේයතා ලක්ෂණ ම`ගින්ද සාහිත්‍ය පොතපත මගින්ද මෙරට යම් පද්‍ය සම්ප‍්‍රදායයක ප‍්‍රවණතාවන් පැවති බවට සාක්ෂ්‍ය සැපයේ. නමුදු සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයක් පැවතුණි. එය ප‍්‍රධාන කොටස් තුනක් යටතේ වර්ගකළ හැකිය. සීගිරි ගී රචනා වීමට ප‍්‍රථමයෙන් දක්නට ලැබෙන සෙල්ලිපිවල පද්‍ය සම්ප‍්‍රදායය ඓතිහාසික කෘති, සාහිත්‍ය කෘති හා ජනප‍්‍රවාද ම`ගින් හෙළිවන පද්‍ය සම්ප‍්‍රදායය සීගිරි ගී ම`ගින්ම හෙළිවන අතීත පද්‍ය සම්ප‍්‍රදායය සීගිරි ගීවලට ප‍්‍රථමයෙන් යම් පද්‍ය සම්ප‍්‍රදායයක් ලක්දිව පැවති බවට සාධක ගෙනහැර පෑමට ඇති වටිනාම සාක්ෂ්‍යයක් ලෙස ඓතිහාසික සෙල්ලිපිවල එන කරුණු දැක්විය හැකිය. රජවරුන්ගේ විවිධ පරිත්‍යාගයන්, ජනතාව විෂයෙහි බලපැවැත් වූ නීතිරීති, සංඝ සමාජයට කරන ලද පූජාවන් ආදි නොයෙක් කරුණු සඳහන් ව මෙම සෙල්ලිපි අතර යහ ගී ආදි වෘත්තානුගත පද්‍යයෙන් ලියවුණු සෙල්ලිපි දක්නට ලැබෙන බව පුරාවිද්‍යාත්මක මතයයි. අනුරාධපුර යුගයේ රචනා වූ ඓතිහාසික කෘති අධ්‍යයනයේදීද සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් කිසියම් පද්‍ය සම්ප‍්‍රදායයක් පැවති බවට යම් යම් සාධක සොයා ගත හැකිය. මීට අමතරව ඓතිහාසික කෘති අධ්‍යයනයේදී එහි සාහිත්‍යමය අගය විද්‍යමාන වනවා සේම, එසමයෙහි පැවති සමාජ පරිසරය පිළිබඳ යම් අවබෝධයක්ද ලබා ගත හැකිය. එසේම ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායය පිළිබඳව යම් තොරතුරුද එම`ගින් සොයාගත හැකිය. එහිදී විද්‍යමාන වන ප‍්‍රාරම්භකම සාධක කිහිපයකි. මහාවංසය සඳහන් කරනුයේ විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට ගොඩබට අවස්ථාවේ ගීත රාවයක් ඇසුණු බවයි. සිව්වන ශතවර්ෂයේ දළදා වර්ණනාව සම්බන්ධයෙන් ‘එළු දළදා වංසය’ නමින් කෘතියක් රචනා වී ඇත. ඒ බව දාඨාවංසයේද ස`දහන් වී ඇත. මෙය සිංහල ගී කවක් ලෙස එකල ලියවන්නට ඇත. බුද්ධඝෝෂ හිමියන් විසින් සංරචිත ‘සාරත්ථප්පකාසිනී’ නම් පාලි අට්ඨකථාවේ එන ඇල් ගෙවිලියන් විසින් තිලකුණු පිළිබ`ද පවසමින් ගැයූ ගීතයක් ශ‍්‍රවණය කරමින් සිටි භික්ෂූන් වහන්සේලා හැට නමක් දෙනා රහත් වූ පුවත ආදි තොරතුරු ප‍්‍රාග් සීගිරි ගී යුගයේ සිංහල පද්‍යය පිළිබ`ද කරුණ දක්වයි. එමෙන්ම සීගිරි ගී තුළද බොහෝ කලක් තිස්සේ පෝෂණය වූ විශිෂ්ට කාව්‍ය සම්ප‍්‍රදායයක යටගියාව විද්‍යමාන වන අතර පසුකාලීන සියබස්ලකර, සිදත් ස`ගරාව වැනි කෘතීන්ගෙන්ද වියැකී ගිය පද්‍ය සාහිත්‍යයක ඉතිහාසය ප‍්‍රකට කරයි. සියබස්ලකර හා එහි නිර්දිෂ්ට රීතිය සිංහල පද්‍යය කෙරෙහි බලපෑයුරු සියබස්ලකර බිහිවනුයේ පැවති කාව්‍ය සම්ප‍්‍රදායයේ නිරවද්‍ය වූ මාර්ගය ප‍්‍රකට කරනු පිණිසය. සීගිර ගී ආශ‍්‍රිතව ප‍්‍රදර්ශිත ජන කාව්‍ය සම්ප‍්‍රදායයේ මෙන්ම ශිලා ලේඛන ප‍්‍රමුඛ කොට ගත් සම්භාව්‍ය කාව්‍යයේද සිංහලයා ෂතුව පැවති පරිපාකය තව දුරටත් තීක්‍ෂ්ණ කරනු රිසියෙන් රචිත සියබස්ලකර අලංකාර ශාස්ත‍්‍රය පිළිබ`ද කාව්‍යානුශාසනාවකි. නමුදු සිංහල පද්‍යයට සියබස්ලකර විශේෂී වනුයේ හුදෙක් එය සිංහලයේ හමුවන ආදිතම කෘතිය වීම හා කාව්‍යානුශාසනාවක් වන නිසාවෙන් නොව එම`ගින් නිර්දිෂ්ට වස්තු නිර්දේශ රීතීන් සිංහල පද්‍ය කාව්‍යයේ ඓතිහාසික ගමන්මග වෙනස් කළ බැවිනි. ‘‘පෙදෙන් බුදු සිරිතැ - බසින් වත් සිරිත් ඈ පද යුතු බසින් නළු ඈ - අනතුරු ලකුණු දක්වම්’’ පද්‍යය බුද්ධ චරිතය වර්ණනා කිරීම ස`දහාත් ගද්‍යය ව‍්‍රත,චාරිත‍්‍රාදිය වර්ණනය ස`දහාත් මිශ‍්‍ර කාව්‍ය නාටක ස`දහාත් විශේෂීකරණය විය යුතු බවට දැක්වෙන මෙම පාඨය තරම් සිංහල සාහිත්‍යයේ ඉතිහාසය කෙරෙහි බලපෑ තවත් න්‍යායක් නොමැති තරම්ය. විශේෂයෙන්ම පද්‍ය සාහිත්‍යයේ ආරම්භක යුගයේ පටන් කෝට්ටේ යුගය වන තෙක් නිර්මාණය වූ සැම පද්‍ය කාව්‍යයකටම මෙම සම්ප‍්‍රදායයෙන් මිදීමට නොහැකි වූ බව තත් කෘතීන් අද්‍යයනයෙන් ප‍්‍රකට වේ. කෝට්ටේ යුගය තෙක් සිංහලයේ හමුවන එකම ග‍්‍රන්තත‍්‍රය වන මුවදෙව්දාවත, සසදාවත හා කව්සිළුමිණ පිළිවෙලින් මඛාදේව ජාතනය, සස ජාතකය හා කුෂ ජාතකය පදනම් කොට රචනා වුණි. කුස පබා ආදර වෘත්තාන්තය නිරූපණය කරන කව්සිළුමිණ උද්‍යාන, දියකෙළි, මධුපාන ආදි වර්ණනාවන් ඉදිරිපත් කිරීම ම`ගින් සියබස්ලකරේ රීතිය යම් අයුරකින් ඉක්මවූ අයුරු පෙන්නුම් කරන බවක් පෙණුනද ජාතක කථාවක් තෝරා ගැනීම තූල මෙම සම්ප‍්‍රදායයෙන් මිදීමට මොවුන් තුළ තිබූ නොහැකියාව ප‍්‍රදර්ශනය වේ. කෝට්ටේ යුගයේ විරචිත ගුත්තිල කාව්‍යය, කාව්‍ය ශේඛරය හා ලෝවැඩ ස`ගරාව වැනි කෘතීන් වුව පැහැදිළි කරනුයේ කෝට්ටේ යුගයේදී පවා මෙම සම්ප‍්‍රදායය ෂතු වූ ප‍්‍රාබල්‍යයයි. සියබස්ලකර නියමය සිංහලයේ කෙතරම් මුල් බැස ගෙන තිබිණිද යන්න එයින් පෙනේ. කෝට්ටේ යුගයේ රචනා වන පැරකුම්බාසිරිත කාව්‍යය සිංහල පද්‍යයේ සුවිශේෂී කෘතියක් වනුයේ මෙම සියබස්ලකර නියමය මෙන්ම එතෙක් සිංහල කාව්‍යයේ ආවේණිකතා රාශියක් අතික‍්‍රමණය කරන්නට සමර්ථ වූ නිසාවෙනි. පැරකුම්බා සිරිත පැරකුම්බා සිරිත විරුද කාව්‍යයක් ලෙස හඳුනාගත හැකිය. සංස්කෘත සාහිත්‍යයෙහි හැඳින්වෙන අන්දමට ගද්‍යයෙන් හා පද්‍යයෙන් රචිත රාජස්තුති විරුද කාව්‍ය ලෙස විශ්වනාථ, කවිරාජ ආදි ආලංකාරිකයන් හඳුන්වා ඇත. ‘ගද්‍ය පද්‍යමයී රාජස්තුතිර් විරුද මුච්‍යතේ’ යන්නෙන් එය පැහැදිළි වේ. රජුන් පිනවාලීම හා රාජ ප‍්‍රහංසනය නම් කාව්‍ය පරමාර්ථය අනුව සන්දේශ රචනයද ප‍්‍රශස්ති කාව්‍යයේ ලක්‍ෂණ ගත්තද ඒවා ප‍්‍රශස්ති සාහිත්‍යයේ ලා සැලකිය නෙහැකි බව සාහිත්‍යවේදී මතයයි. දකුණු ඉන්දියාවේ රාජගෘහය ආශ‍්‍රය කොට ගොඩ නැගුණු ප‍්‍රශස්ති සාහිත්‍යයේ බලපෑම කරණ කොට ගොඩ නැගුණු සිංහල ප‍්‍රශස්ති කාව්‍යයේ ආදිතම හා විශිෂ්ටතම කාවයය ලෙෂ සැළකෙනුයේ බු.ව. 1955-1958 අතර කාලයේ රාජ්‍ය ශ‍්‍රී පද ප‍්‍රාප්තව රයිගමින් ජයවර්ධන පුරයට පැමිණ අර්ථ ශත වර්ෂයකටත් අධික කාතයක් රාජ්‍ය විවරණය කළ 06 වන පැරකුම්බාවන් වර්ණනය ස`දහා විරචිත පැරකුම්බා සිරිතයි. සිංහල ප‍්‍රශස්ති කාව්‍යය ස`දහා මූලාශ‍්‍රය වුයේ භාරතීය ප‍්‍රශස්ති කාව්‍යයයි. ප‍්‍රශස්ති සාහිත්‍යයේ ආරම්භය භාරතීය සාහිත්‍යයේ ආදිතම යුගය කරා දිවෙන්නකි. හරිසේන නම් සංස්කෘත කවියා විසින් සමුද්‍ර ගුප්ත රජු පිළිබඳ අලහබාද්හි ගල් කණුවක කොටා ඇති ප‍්‍රශස්තිය සංස්කෘතයෙහි පැරණිම ප‍්‍රශස්තිය වශයෙන් හඳුනාගෙන ඇත. හරිසේන කවියා කවිරාජ නම් උපාධිය ද ලැබුවේය. අනතුරුව ක‍්‍රි. ව. 473 වත්සභත්ති විසින් මන්දසෝර්හි සූර්ය දේවාලයෙහි ලියා ඇති සෙල් ලිපි ගද්‍යයෙන් හා පද්‍යයෙන් ලියවුණු ඉතා උසස් ප‍්‍රශස්තියක් ලෙස හඳුනාගත හැකිය. මාලාවයෙහි සින්ධුරාජ නවසාහසාංක රජුගේ චරිතයත්, ශශිප‍්‍රභා කුමරිය සම`ග ඔහුගේ විවාහයත් විස්තර කරමින් පද්මගුප්ත නම් කවියා විසින් එකෙළොස් වන වස සර්ග 08 න් යුක්තව ලියා ඇති නවසාහසාංක චරිතය ද ප‍්‍රධානම කාව්‍යක් ලෙස හඳුනා ගත හැකිය. ඛල්හණ නම් කවියාගේ සවන වික‍්‍රමාදිත්‍ය රජුගේ චරිතය ඇතුළත් කොට රචිත වික‍්‍රමාංකදේව චරිතයත් බෙහෙවින් සම්පූර්ණ උසස් කාව්‍යයකි. ශංකර දේවයන්ගේ ගීත ගෝවින්දය ද රමණීය ප‍්‍රශස්තියකි. 10 වන සියවසෙන් පසු ඉන්දියාවේ ප‍්‍රශස්ති රචනය සුලබ බව කියැවෙයි. විරුදමණී මාලාව ද එබඳු ප‍්‍රකට කාව්‍යයකි. කබීර්, තුලසිදාස්, සූරදාස් ආදි හින්දි කවියෝ ද ප‍්‍රකට විරුද කාව්‍ය රචකයන් ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව පැරකුම්බා සිරිත රචනා වීම කෙරෙහි සංස්කෘත චරිත කාව්‍යයන් හා අවශේෂ ඉන්දියානු ප‍්‍රශස්ති කාව්‍යයන් මූලාශ‍්‍රය වූ බව පැහැදිළි වේ. පැරකුම්බා සිරිතේ කතෘවරයා පිළිබ`ද ඇත්තේ ඒකීය වූ මතවාදයක් නොවේ. ඒ නිසාම නොයෙක් දෙන එක් එක් කතුවරයෙකුට එහි අයිතිය පැවරීමට වෙර දරති. කෙනෙක් පැරකුම්බා සිරිත් කතු ගිරා සන්දේශ කතුවරයා යැයි සිතත්. ඇතැමෙකුගේ මතය තොටගමුවේ රාහග හිමි බවයි. තවත් මතයක් වනුයේ රාමචන්ද්‍ර කවි භාරතීන්ගේ කෘතියක් බවයි. පැරකුම්බා සිරිතෙහි ශෛලිය අනුව හා ඒකීයධාරාවක් ඔස්සේ සංග‍්‍රහ නොවීම කරණ කොට මෙය ඒක කතෘක කෘතියක් නොවන බවත් සවන සිරි පැරකුම්බා රජු ගැන කවිකාර මණ්ඩුවෙහි දීත්, ඉන් පිටතදීත් නොයෙකුත් කවියන් විසින් බඳනා ලද පද්‍යයන් අතරින් උසස් පද්‍ය තෝරා ගැනීම් වශයෙන් හා අවසාන වශයෙන් පද්‍ය සෑහෙන ගණනක් ද එකතු කර සමකාලීන කවියෙකු විසින් මේ කෘතිය කරන ලදැ’යිද මතයක් වේ. රජුගේ කවිකාර මඩුවේ වරින් වර කියූ පද්‍ය සංග‍්‍රහයක් බවයි. තවත් මතයක් නම් මෙය රජුගේ වියෝග දරාගත නොහැකි කාන්තාවකගේ විරහ ලාපයක් ඇතුළත් රජුගේ වල්ලභ ස්ත‍්‍රියකගේ නිර්මාණයක් බවද මතයකි. එහෙත් එය ස්ථාරර වීමට හේතු සාධක නොවන අතර රජුගේ සමකාලීනයෙකුගේ කෘතියක් බවටද මතයක් වේ. මේ ස`දහා ද්‍රවිඩ සාහිත්‍යයේ එන කලම්බ කවි නම් වූ සාහිත්‍යාංගය මේ සඳහා පාදක වූ බවටද විචාරක මත පවතී.කෙසේ වතුදු සිංහල භාෂාවේ මෙන්ම පාලා, සංස්කෘතාදි මාතෘභාෂාගත සාහිත්‍යයන් පිළිබ`ද හසළ පරිපාකයක් හිමි ඉතිහාසය, ඡුන්දස් අලංකාර, ව්‍යාකරණය, බුද්ධ ධර්මය හා වේද ශාස්ත‍්‍රයෙහි නිපුණයෙකු විසින් මෙම කෘතිය නිර්මාණය කරන්නට ඇති බව ග‍්‍රන්ථාධ්‍යයනයෙන් පෙනේ. ප‍්‍රශස්තියේ අරමුණ වනුයේ ජනප‍්‍රසාදයට පත් එක් විර පුද්ගලයෙකු අරමුණු කොටගෙන ඔහුගේ යශෝකිර්තිය, ගුණ කදම්බය එමෙන්ම බල පරාක‍්‍රමය ඉතාමත් උත්කර්ෂවත් ආකාරයෙන් වර්ණනා කිරීමයි. වෛදික සාහිත්‍යයේ පටන් ලෞකික සංස්කෘත සාහිත්‍යයේ ස්වර්ණතම අවධීන් දක්වා භාරතීය සාහිත්‍යය තුළද මෙබඳු වීරවරයෙකු අරමුණු කරගෙන ඔහුගේ වීරත්වය, උදාරත්වය, රණශූරත්වය, බලපරාක‍්‍රමය පිළිබඳ උත්කර්ෂවත් ලෙස සිදු කරන වර්ණනා දැකිය හැකිය. රාමායනය හා මහාභාරතය වීර කාව්‍යද්වය එහි ආරම්භයයි. සිංහල සාහිතයයේද මහාවංශය, දිප වංශය, තූප වංශය, චූල වංශය ආදි කෘතින්හීද ප‍්‍රශස්තිමය ස්වරූපයෙන් කාව්‍යයන් ඉදිරිපත් වූ අතර සතරවන කාශ්‍යප, පස්වන කාශ්‍යප හා නිශ්ශංක මල්ල යන රජුන්ගේ සෙල්ලිපිවලද ප‍්‍රශස්ති ලක්‍ෂණ දක්නට ලැබේ. කව්සිළුමිණ, මුවදෙව්දාවත එම සම්ප‍්‍රදායයේ පශ්චාත්කාලීන නිර්මාණ ලෙෂ හ`දුනා ගත හැකිය. බෞද්ධ මුහුණුවර මේවායේ විශේෂත්වයයි. ගමපොළ යුගයේ පටන් රචනා වූ සන්දේශ කාව්‍ය තුළද රාජප‍්‍රශස්ති ප‍්‍රද්ර්ශිත බව දක්නට ලැබේ. මයුර සන්දේශය තුළ අලගක්කෝණාර නම් ඇමතිවරයාද හංස සන්දේශයේ පැරකුම් රජුද ප‍්‍රශස්තිමය ස්වරූපයෙන් වර්ණිත වේ. නමුදු ප‍්‍රශස්තියක අඩංගු විය යුතු ලක්‍ෂණයන්ගෙන් සමුපේත මුල්ම ග‍්‍රන්ථය වනුයේ පැරකම්බා සිරිතයි. ක‍්‍රි.ව. 1410දී පළමුවෙන් රයිගමදී රජ පැමිණ පසුව තැනින් තැන සිටි ප‍්‍රාදේහීය රජවරුන් පරදවා ක‍්‍රි.ව. 1415 දී ජයවර්ධනපුර කෝට්ටේ අලනුවර කොට රාජ්‍යපදප‍්‍රාප්ත හයවන පරාක‍්‍රමබාහු රජුගේ ගුණ ප‍්‍රශංසා මුඛයෙන් වර්ණනා කරනු ස`දහා රචිත පැරකුම්බා සිරිත කවි 140කින් පරිමිත වූවකි. තෙරුවන් සරණ යෑම රජ පරපුර උත්කර්ෂවත් ලෙස වර්ණනා කිරීම රජුගේ කිර්ති ඝොෂය විස්තර කිරීම ශබ්දාලංකාරයට විශේෂ ස්ථානයක් දීම ශෘංගාරාත්මක විරහා ගීත ඇතුළත් කිරීම විවිධ වෘත්ත වලින් රචනය එලිසම, ශ්ලේෂ, යමක හා අනුප‍්‍රාස ගැන විශේෂයෙන් සැළකීම මිශ‍්‍ර භාෂාව බෙහෙවින් භාවිත කිරීම, සකු වදන් බෙහෙවින් යෙදීම කාව්‍යයේ ඒකාබද්ධතාවය ගැන සැළකීම අතිශයෝක්තියට ප‍්‍රමුඛ ස්ථානය දීම හින්දු දේව වර්ණනා බොහෝ කොට යෙදීම යන කාව්‍යමය ලක්‍ෂණයන්ගෙන් පරිපූර්ණව නිර්මාණය වූ මෙම කෘතිය සිංහල පද්‍ය සම්ප‍්‍රදායය තුළ විශේෂීකරණයට ලක්වීමට ප‍්‍රධාන වශයෙන් හේතු සාධක ද්විත්වයකි. සිංහල ප‍්‍රශස්ති සාහිත්‍යයේ මුල්ම කෘතිය වීම සිංහල කාව්‍ය මාර්ගය නව ආරකට පාත‍්‍ර කළ කෘතියක් වීම පැරකුම්බා සිරිත වනාහි සිංහල පද්‍ය සාහිත්‍යයේ නව ආරක් ගත් කෘතියකි. සිංහල පද්‍ය සාහිත්‍යය තුළපැරකුම්බා සිරිත විශේෂීකරණය වනුයේ ඊට හිමි වන ආවේණිකතාවන් කරණ කොට ගෙන වේ. ඒ ස`දහා බලපෑ සාධක කිහිපයකි. පෙදෙන් බුදු සිරිත වෙනුවට පෙදෙන් රජ සිරිත න්‍යාය භාවිතය ෙඓතිහාසික කරුණු අන්තර්ගත වීම විරිත් භාවිතයේ විවිධත්වය සංස්කෘත භාෂා භාවිතයේ සංකීර්ණත්වය දෙබස් ස්වරූපී කාව්‍ය භාවිතය කාන්තා විරහාලාප අන්තර්ගත වීම උපමා රූපකයන්ගේ විවිධත්වය. පෙදෙන් බුදු සිරිත වෙනුවට පෙදෙන් රජ සිරිත න්‍යාය භාවිතය සිංහල සාහිත්‍යයේ මෙතෙක් පද්‍ය සාහිත්‍යයේ මෙතෙක් ආ ගමන් මාර්ගය නිර්මාණය වූයේ බුද්ධ චරිතය ආශ‍්‍රයෙනි. මුව දෙව් දා වත, සසදා වත හා කව් සිළුමිණ ආදි ග‍්‍රන්ථයන් ඊට සාධක සපයයි. නමුදු සිංහල පද්‍යයේ පළමුවරට රාජ ප‍්‍රශස්්තිය උදෙසා කාව්‍යයක් ලෙෂ නිර්මාණය වනුයේ මෙම පැරකුම්බා සිරිතයි. උක්ත ජාතක කථා කාව්‍යයන්ගේද ප‍්‍රහස්තිමය ලක්‍ෂණ දක්නට ලැබුණද පරමාර්ථ වශයෙන්ම රාජ ප‍්‍රශස්තිය උදෙසා වෙන් වන කෘතිය වූයේ මෙයයි. ‘‘මෙලෙෂ තෙද බල මහත් අණසක ඇති රජුන් කුල පිවිතුරු සවුළු විජයබ නිරි`දු පිත් පැරකුම් රජුන් හට මුණු බුරු...’ ත‍්‍රිරත්න නමස්කාරයෙන් අනතුරුව 06 වන පැරකුම් රජුගේ ඓතිහාසික පරම්පරාව පැහැදිළි කරන කතුවරයා රාජ ප‍්‍රශස්තිය අරඹනුයේ රජුගේ දෙමාපියන් පිළිබ`ද ප‍්‍රවෘත්ති කථනයෙනි. 06 වන විජයබාහු රජුගේ පුත‍්‍ර වූ පරාක‍්‍රමබාහු රජුට දාව සුනේත‍්‍රා මහා දේව බිසව විසින් ජනිත කරන ලද කාව්‍ය නායකයා පිළිබ`ද ගෞරවනීය දර්ශනයක් ඇති කරයි’ අනතුරු එන සෑම පද්‍යයකින්ම රජුගේ ගුණයන් විවරණය කරන අතර ඒ සැම අවස්ථාවකදීම මෙතෙක් කවියන් බුදු සිරිතට ලබා දුන් ආස්ථානයම මෙම රජුට ආවේශනය කරයි. පැහැදිස රම්බා රැු`දි මනරම්බා තුනු සිරි රම්බා පති පිළිබිම්බා රුපුරජ රම්බා රණ මත කුම්බා දින පැරකුම්බා හිමි තෙවිකුම්බා (ලක්‍ෂ්මිය ප‍්‍රසන්න වී රැු`දුණාවූ අලංකාර අත්වලින් හා රම්බාගේ ස්වාමියා වූ අනංගයාගේ ප‍්‍රතිබිම්බයක් වැනි ශරීර ශෝභාවෙන් යුතු වූද ෂතුරු රජුන් නමැති කෙසෙල් වනයට මත් ඇතෙකු බ`දු වූද විෂ්ණු දේවයා මෙන් භාග්‍යයෙන් යුතු වූද පරාක‍්‍රමබාහු නරේන්ද්‍රයා යෙහෙන් වැජඹේවා* මෙහිදී අනුප‍්‍රාසයෙන් යුතු භාෂාවක් උපයෝතී කොට ගෙන සිදු කරන මෙම වර්ණනයේ අරමුණ පාඨකා තුළ පැරකුම් රජු පිළිබ`ද අනභිබවනීය ප‍්‍රතිරූපයක් නිර්මාණය කිරීමයි. ඒ ස`දහා කතුවරයා ෂතු වූ පුළුල් වාක් කෝෂය මනාව උපයුක්ත කර ගන්නා අතර රජු කෙරෙහි භක්තිමය ස්වරූපයක් නිර්මාණය කරයි. කාව්‍යයේ අරමුණ වශයෙන්ම මෙලෙෂ නව මගක් ගන්නා මෙම කෘතිය අන්තර්ගතයේ සමස්ථය පුරාම විවරණය කරනුයේ පෙදෙන් රජ සිරිත යන ලේමාවේ සාරයයි. ෙඓතිහාසික කරුණු අන්තර්ගත වීම කාව්‍යයේ අරමුණ කාව්‍ය රසය ජනනය කිරීමයි. නමුදු මෙම කවියා තත් සීමාවේ නතර නොවී කාව්‍ය රසයට ඓතිහාසික කාරණාවන් වහනය කරයි. එහිදී මහා වංශාගත තොරතුරු මෙන්ම ඊට අදාළ නොවන නව්‍ය තොරතුරුද මීට ඇතුළත් කරයි. රඝු වංශය රචනා කරන ලද කාලිදාසයන් ද ස්වකීය කෘතියේ මෙබඳුම සඳහනක් කර ඇත. 09 සිට 29 වැන්න දක්වා කවි විස්සකින් පැරකුම් රජුගේ පෙළපත, හා ලංකා ඉතිහාසයේ විශේෂ තැන් හකුළුවා දක්වන කවියා වංශ කතාවන්හි නොසඳහන් ඓතිහාසික පුවත් කීපයක් හෙලි කරයි. ‘මෙකල රජ කළ පවර ගජබා....’ මේ පුවත පූජාවලියෙහි සඳහන් වුවද මහාවංශයේ සඳහන් නැත. කුමාරදාස රජු ජානකීහරණය නම් සංස්කෘත මහාකාව්‍යයක් කළ බව ද සඳහන් වේ. ‘‘වෙහෙර දසටක් පුරා කරවා දස අටක් මහ වැව් බැ ඳී වසර එදකා බිසව් අබිසෙස් මහණුවම් තෙම`ගුල් යෙ දී ඇජර කිවවිය පිනින් ජානකි වරණ ඈ මහ කව් බැ ඳී කුමරදස් රජ කාලිදස් නම් කිවිඳුහට සිය දිවි පි දී’’ රුහුණු රට මානාවුළු පුරය සොළින්ට යටත්ව පැවති බවත්, එය පැරකුම්බා රජු ජය ගත් බවත් 25 වන කවියෙන් හෙළි කෙරේ. ඉන් අනතුරුව රජ පරපුර පිළිබඳ උත්කර්ෂයෙන් යුක්තව වර්ණනා කරනු දක්නට ලැබේ. ‘‘දහම් සෝරජ සසිරි මාබෝ දකුණු සාකා එවත මෙලකට උතුම් තම කුලෙනෙවී සුමිතුරු කුමරු සමගින් කුලන් දස අට දකිම් නී උන් දෙවන පෑතිස් ලකිසුරා සෙද පෙර ගමන් කොට වැඩුම් කෙළෙ ඒ දුමිඳු අනුරා පුර වෙතෙයි පුද පෙරහරින් තුට එකල එනිරිඳු සුමිත් කුමරුන් පළඳවා මිණි වොටුනු පිවිතුරු උදුල සත්ම`ගුලැතු පිටින් පුර වැඩම කරවා පුදෙන් විසිතුරු නිමල කුල පරපුරෙන් එන ලෙස දෙමින් ජය මහ ලෑන තනතුර විපුල අදරින් සැලසි දුමිඳුන් පුද සිරිත් කරවනුව නිරතුරු’’ කතුවරයා සවෙනි සිරි පැරකුම් රජුගේ වංශය පැවසීමට මෙම කල්පයේ ආදිම රාජයා වූ වෛවාස්වත මනු දක්වා ගමන් කරයි. එම වංශය ලොව පතල සූර්ය වංශයයි. දම්සෝ රජතුමා ද එම වංශයේ වූවෙකි. සුමිත් කුමරුද මෙම වංශයට අයත් අතර ඔහුගේ ලංකා ගමනය පැවසීම සඳහා 10-11 පැදි දෙක ලියා ඇත. ධර්මාශෝක රජු විසින් එවන ලද දක්‍ෂිණ ශාඛාවත් කුල 18 ක් සම`ග පැමිණි සුමිත් කුමරු ද දෙවනපෑතිස් රජතුමා උත්කර්ෂයෙන් පිළිගත් අයුරු සඳහන් කොට ඇත. ඉන් අනතුරුව සුමිත්ත කුමාරයාට ජයමහලේ තනතුර (ශ‍්‍රී මහාබෝධීන් වහන්සේ රකින්වුන්ගෙන් ආදිතමයා* පිළිගැන්වූ බව සඳහන්වේ. කවියා සුමිත් කුමරුන් මෙරට ඉතිහාසයේ වැදගත් සිදුවීමකට සම්බන්ධ යැ’යි පැවසිම ගත් උත්සහය පැහැදිළි වේ. ඉන් අනතුරුව ගජබා රජුගේ වික‍්‍රමාතිශය කතුවරයා උත්කර්ෂයෙන් වර්ණනා කරයි. ‘‘නිරිඳ සීසී කියනු කිම බස් මෙසේ නොතකා අප සොළින් මැද තවද වැලි මැඩ තෙල් යපා දිය ගතැකිදෝ කවුරුත් විසින් තද එයද සොළියා බසට රැුහැණිව ගදා මිරිකා රැුපැයි දිය කඳ පැහැද දුන් අඩු නොවැ ගෙනායේ සුවිසි දහසක් දනන් නිවර ද’’ ආදි වශයෙන් ගජබා පුවත පැදි තුනකින් ඉදිරිපත් කර ඇත. මෙය කවියා සංවාද ස්වරූපයෙන් ඉදිරිපත් කළ ද මෙය කියවන පාඨකයාට තමා ඉදිරියේ සජීව දසුන් මැවී පෙනෙයි. ගජබා රජු වැලි මැඩ තෙල් සහ ජලය ගත් බව පැවසිමෙන්, සොලීන්ගේ ගර්වය බිඳ දැමු ආකාරය පිළිබිඹු කෙරෙයි. ඉන් අනතුරුව සිරිස`ගබෝ රජුගේ අසහාය ගුණයන් පද්‍ය දෙකක් තුළින් ඉදිරිපත් කරයි. ‘‘ගොසින් වලවන් නිරිඳු දිටි එද අසා ඔහුගෙන් රට පවත් තොසින් සියසිර ඔහුට දන් දිනි එහිස දෙස් කී ගිය තැනත් රිසින් බුදුබව ලබනු බුදුකුරු දහම් සපයන එබෝ සත් යසින් සිරි ස`ගබෝ නමින් දැන් ලියති වනුවක් රජ මහත්’’ මේ පුවත හා සම්බන්ධ අසිරිමත් සිදුවිම් ඉවත් කොට කවියා ඇදහිය හැකි කරුණු පමණක් පැදියට න`ගයි. අව්‍යාජය. සරලය. සිදුවීමේ උසස් කම ‘‘දැන් සිරිස`ගබෝ නමින් වනුවක් ලියති’’ යන්නෙන් ධ්වනිත වෙයි. ඉන් අනතුරුව මහසෙන් රජු පිළිබඳ උත්කර්ෂයෙන් වර්ණනා කරයි. එමෙන්ම ‘‘විසේ සව ලක මිහිඳු මාහිමි පුද සිරිත් පැවතෙන සදා දෙසේ කලි`ගක වඩා සපැමිණි දකුණු දළදා වැඳ පුදා උසේ සත් මහලින් අලූත් ලෝ මහා පහා කැර මන නදා මෙසේ තෙදියත පසිඳුවී කිත් සිරි මෙවන් නරනිඳු සදා’’ යනුවෙන් කිත්සිරි මෙවන් රජු කලි`ගු රටින් ගෙන ආ දළදා වහන්සේට කළ පූජා පිළිබඳ සඳහන් කොට ඇත. පැරකුම්බා සිරිතෙහි මුලින් දක්වන ලද ඒකාබද්ධතාවයක් ඇත යන කරුණ මෙබඳු පද්‍ය තුළින් අපට විද්‍යමාන වේ. එමෙන්ම විසේසව, උසේ යන වදන භාවිත කිරීම තුළින් සම්ප‍්‍රදාය පිළිබඳ තැකිමක් නොකළ බව පැහැදිළි වේ. එමෙන්ම බුද්ධදාස රජු, බුද්ධදාස රජුගේ පුත් දෙටුපතිස් රජු, මහානාම ශ‍්‍රී නිවාස රජු, කුමාරදාස රජු, දාපුලූසෙන් රජු, සිරිස`ගබෝ විජයබා ආදි රජුවරුන් පිළිබඳ මහත් උත්කර්ෂයෙන් වර්ණනා කොට ඇත. ඔවුන්ගේ ආගමික භක්තිය, විරත්වය ආදී නොයෙක් කරුණු පිළිබඳ පැරකුම්බා සිරිතෙහි සංග‍්‍රහ වී ඇත. එමෙන්ම පැරකුම් රජුගේ කීර්ති ඝොෂය විස්තර කරමින් රචිත පද්‍ය බොහෝමයක් දක්නට ලැබේ. රජුගේ රූප ශෝභාව, ගති ගුණ හා කිත් යසස් ආදිය මෙහිදී වර්ණනාවට බඳුන් වි ඇත. එහිදී සංස්කෘත කවීන්ගේ උපමා හා අලංකාරාදිය භාවිතයට ගෙන ඇත. රජුගේ වික‍්‍රමය වනමින් රචිත, ‘‘මේ නිරිඳු විකුමෙන් සිතුවොත් වැර සැ ර මහ මෙර තුඹසෙකි කිඳැළෙකි සමුදු ර සියදොර වැලි මළුවෙකි දඹදිව ත ර සෙසු රජ නර පණුවන් කිම බැඳ වෙ ර’’ මෙය භර්තුහරිගේ නිති ශතකයේ එන ශ්ලෝකයක ඇති උපමා භාවිතයෙන් රචිත පද්‍යයකි. එමෙන්ම කවීන් විසින් අර්ථ රසයෙන් මෙන්ම ශබ්ද රසයෙන් ද යුක්ත පද්‍ය තර`ගයට මෙන් රචනා කොට ඇති අයුරු දක්නට ලබේ. ‘‘පැහැදිසර ම්බා රුඳි මනර ම්බා - තුනු සිරිර ම්බා පතිපිළිබි ම්බා රුපු රජර ම්බා රණමත කු ම්බා - දින පැරකුම්බා හිමි තෙවිකු ම්බා පුවතරදම්බා විරිදු තර ම්බා - මනහරරම්බා පතිපිළිබි ම්බා යසහරලම්බා උර දිගුන ම්බා - දිනපැරකුම්බා රජ සිරි ර ම්බා’’ පැරකුම්බා සිරිතෙහි ශාංගාරාත්මක විරහාලාප ඇතුළත් වීම ද විශේෂ කරුණකි. පැරකුම්බා රජුගේ සමාගමය පතන, එහෙත් ඔහුගෙන් වියෝවී සිටින කාන්තාවක විසින් ඔහුගේ රූප ශෝභාව හා අලංකාරය වනමින් තම වියෝ දුක පළ වන පරිදි කියන ලද පද්‍ය ද දක්නට ලැබේ. ‘‘බන්දා මින් දද මද අරවින්දා සරලා සර යා නේ මන්දා නිල තුර`ගුට නැෙ`ගමින්දා වියොවග නංවා නේ චන්දා නල ලෙස විය නෙත නින්දා නො ලදිමි තනි යා නේ කැන්දා වරෙ පැරකුම් නරනින්දා සකිසඳ සඳ පා නේ’’ පැරකුම්බා සිරිත තුළ බෙහෙවින් මිශ‍්‍ර භාෂාව භාවිතය දක්නට ලැබේ. කව්සිළුමිණ, මුවදෙව්දාවත සහ සසදාවත වැනි ග‍්‍රන්‍ථ තුළ මිශ‍්‍ර සිංහල වචන කිසිවක් දක්නට නොලැබේ. සිදතෙහි ද භාවිත වී ඇත්තේ හුදු හෙළු වදන් පමණි. නමුත් ගම්පොළ අවධියේදී ලියුවුණු මයුර සන්දේශය සහ තිසර සන්දේශය තුළ මිශ‍්‍ර සිංහලය භාවිත වි ඇත. කෝට්ටේ යුගයේදී සකු වදන් භාවිතය හංස සන්දේශයෙනුත්, පැරකුම්බා සිරිතෙනුත් බෙහෙවින් දක්නට ලැබේ. රාජවේශ්‍යා බුජංග, විරරාජ සිරෝරත්න, ලෝබිරාජ ගජ අංකුස, අකිලබුවන, මව්ලිමාල හා පට්ටවස්ත‍්‍ර ආදි සංස්කෘත වදන යොදා ඇත්තේ ශබ්ද රසය ඇති කිරිමේ අරමුණින්ය. එළිසමය හා ශබ්ද රසය ඇතුළත් පද්‍ය ද දැකිය හැකිය. ‘‘අංග වංග ජ මංගලෙන් වැඩි බිංග මෙන් මුනි පා කමල් වට අංග තුංග මතංගජන දෙන ඉංගකින් කවි බන් දනන් හට අංග වංග කලිංග හිං`ගුල කොංගණෙන් පැවසු යසින් තුට අං සංගව ළංග වෙන් සිරි සංගබෝ පැරකුම් රජුන්් හට’’ මෙහි පද එළිසමය සහ ශබ්ද රසය කුළුගැන්වෙන අයුරින් සකසා ඇති බව නොරහසකි. ඊට අමතරව හින්දු දේව වර්ණනා බෙහෙවින් යොදා තිබීම, විවිධ වෘත්ත භාවිතය මෙන්ම අතිශයෝක්තිය පෙරටුකරගත් වර්ණනා වලින් යුක්තව පද්‍ය සංග‍්‍රහ කිරීම ආදි කරුණු මෙම පැරකුම්බා සිරිත තුළ දක්නට ලැබේ. ඒ අනුව ඉහතින් දක්වන ලද සියලූ සාධක තුළින් පැරකුම්බා සිරිත්කරු අනුගමනය කළ නවමු කවි ම`ග පැහැදිළි වේ. සමාලෝචනය මෙම නිබන්ධනය ම`ගින් සිංහල පද්‍ය සාහිත්‍ය තුළ මූලික වශයෙන් භාවිත රීතිය පිළිබඳ සංක්‍ෂිප්ත සටහනක් ඉදිරිපත් කොට ඇත. එහිදී විශේෂයෙන් සෙල්ලිපි, සීගිරි ගී මෙන්ම ඉන් අනතුරුව බිහිවූ සියබස්ලකර තුළ කාව්‍ය ලක්‍ෂණ නියමයන් පිළිබඳ ද කරුණු සාකච්ඡුා කෙරේ. සියබස්ලකරින් නිර්දේශ කරනු ලැබූ නියමයන් පසුකාලීනව භාවිත විම සහ එය පැරකුම්බා සිරිත තුළ වෙනස් ආකාරයකින් භාවිත විම පිළිබඳ විස්තර කෙරේ. පද්‍ය සාහිත්‍ය නව ආරක් පැරකුම්බා සිරිතෙහි විද්‍යමාන වන අතර කතුවරයා ඒ සඳහා භාවිත ක‍්‍රමෝපායන් මෙම නිබන්ධනය තුළ දී විමසුමට ලක්කෙරේ. ඒ අනුව නව ආරක් ගත් විරුද කාව්‍යක් ලෙසින් පැරකුම්බා සිරිත හඳින්වීමට හැකි, එහි අන්තර්ගත කාව්‍ය ලක්‍ෂණ මෙම නිබන්ධනය තුළින් විමසුමට ලක්කොට ඇත. ඇසුරු කළ පොතපත ද්විතීක මූලාශ‍්‍රය ජයතිලක, සර් ඞී. බී, සිංහල සාහිත්‍ය ලිපි, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675, පී. ද. එස්. කුලරත්න මාවත, කොළඹ - 10, ප‍්‍රථම මුද්‍රණය - 1940. වික‍්‍රමසිංහ, කේ. ඩි. පී, කෝට්ටේ යුගයේ සිංහල සාහිත්‍ය, ප‍්‍රකාශනය - තරංජි ප‍්‍රින්ටර්ස්, නො - 506, හයිලෙවල් පාර, නාවින්න, මහරගම, සිව්වන මුද්‍රණය - 2008. ශ‍්‍රී ධර්මකීර්ති, නිවන්දම, සිංහල සාහිත්‍යයේ ස්වර්ණයුගය, ප‍්‍රාකාශනය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල, දෙහිවල, ප‍්‍රථම මුද්‍රණය - 1952. සන්නස්ගල, පුඤ්චිබණ්ඩාර, සිංහල සාහිත්‍ය වංශය, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675, පී. ද. එස්. කුලරත්න මාවත, කොළඹ - 10. ප‍්‍රථම මුද්‍රණය - 1961. තෘතීක මූලාශ‍්‍රය ‘‘පැරකුම්බා සිරිත’’ගෝනහේනේ ජෝතිපාල නාහිමි, මතකයේ නොමැකෙන පොත්, (සංස්* පී. රූපසිංහ පෙරේරා, පද්මා ලංකා රූපසිංහ, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675, පී. ද. එස්. කුලරත්න මාවත, කොළඹ - 10. ප‍්‍රථම මුද්‍රණය - 2009.

No comments: