UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: පොළොන්නරු යුගයේ ව්‍යාප්ත වු ගෘහනිර්මාණ ශිල්පය කෙරෙහි ඇති වු දක්‍ෂිණ භාරතීය බලපෑම

Tuesday, December 10, 2013

පොළොන්නරු යුගයේ ව්‍යාප්ත වු ගෘහනිර්මාණ ශිල්පය කෙරෙහි ඇති වු දක්‍ෂිණ භාරතීය බලපෑම

පොළොන්නරු යුගයේ ව්‍යාප්ත වු ගෘහනිර්මාණ ශිල්පය කෙරෙහි ඇති වු දක්‍ෂිණ භාරතීය බලපෑම හැදින්වීම මහින්දාගමනයත් සමග මෙරට සමාජ ,ආර්ථික , දේ්ශපාලන හා සංස්කෘතික වැනි සෑම ක්‍ෂෙත‍්‍රයක්ම නියොජනය වන පරිදි මනා දියුණුවකත් ඇති විය. නෂ්ටාවශේෂ තුළින් එහි පැවැති ශ‍්‍රී විභූතිය මනාව පැහැදිලි වේ. බෞද්ධ සංස්කෘතියක් යටතේ ගෘහනිරි්මාණ ශිල්පයද දියුණු විය. එහි වඩා දියුණුවට මෙහි පැවැති දේශපාලන වියවුල්බව හේතු වී ඇත. නමුත් එම දේශපාලන වියවුල් ස්වභාවය සැමදා ආරක්‍ෂා ලර ගැනීමට නොහැකි වූයේ විවධ දේශපාලන ආක‍්‍රමණ කරණකොටගෙනයි. මහා සංස්කෘතික රාජ්‍යයක් සමීපයේ තිබීම මෙහි සංස්කෘතික සංස්ඵර්ශයට හේතු වී ඇත. ඉන්දියාවෙන් මෙරටට උරුම වු ශිල්ප ඤාණයන් මෙරට දියුණු වූයේ මෙහි දේශීය ඌරුව මතුවන අයුරින් වීම විශේෂත්වයක් විය. අනුරාධපුර යුගයට වඩා පොළොන්නරු යුගයේදී මෙහි කලා ශිල්පවල විශේෂයෙන් ගෘහනිර්මාණ ශිල්පය සදහා දකුණු ඉන්දීය බලපෑම එල්ල විය. එයට හේතු වූයේ දකුණු ඉන්දීය ආක‍්‍රමණිකයන්ගේ ග‍්‍රහනයට මෙරට ලක් වීමයි. එය දීර්ඝ කාලයක් නොවූ නමුත් සැළකිය යුතු කාලයක් ඔහුන්ගේ ග‍්‍රහනයට නතු විය . මෙම කාලය තුළ දකුණු ඉන්දීය බලපෑම සැලකිය යුතු ක්‍ෂෙත‍්‍රයන් කරා යොමු විය. එය කලා ශීල්ප වලට පමණක් නොව සාමාජීය හා ආගමික ක්‍ෂෙත‍්‍රයන් කරාද යොමු විය. මෙම යුගයේ ගෘහ නිර්මාණ ශීල්පය සැලකීමේදී දකුණු ඉන්දීය බලපෑම මත විවිධ බලපෑම් හදුනාගත හැක. මෙහිදි ඒ පිළිබ`ද විමසීමක් කෙරේ. රජරට චෝළ ආධිපත්‍යය හා පොළොන්නරු රාජධානියේ උදාව අනුරාධපුර යුගයේ අවසාන භාගය වනවිට පස්වන මිහිදු රජතුමා දවස දේශපාලන වශයෙන් අවුල් සහගත යුගයක් විය. එයට විවිධ හේතූන් බලපෑවේය. රට වැසියෝ රජයට අයවිය යුතු අයබදු නොගෙවූහ. එම නිසා රාජ්‍ය භාණ්ඩාගාරය හිස්ව පැවැතීයේ ය. මෙම කාලය වන විට දකුණු ඉන්දීය චෝළයන් බලවත්ව සිටියේය. දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍යයන් දුර්වල වි සිටි යුගයක චෝළයන් මෙරට ආක‍්‍රමණය කළේය. එහිලා මුලිකත්වය ගෙන ක‍්‍රියා කළේ පළමු රාජරාජ ය. ඔහු මෙරටට පැමිණ මෙහි සම්පත් කොල්ල කෑවේය . මෙහිදි මිහිදු රජු රුහුණට පළා ගියද රාජරාජගේ සේනාවන් පැමිණ ඔහු අත් අඩංගුවට ගෙන දකුණු ඉන්දියාවට රැුගෙන ගියේය. පසුව පස්වන මිහි`දු රජු එහිදි මිය ගියේය. ක‍්‍රී . ව 1017 දි රාජරාජ අගනගරය වශයෙන් පොළොන්නරුව භාවිත කළේය. එසේ වුවද දස වන ශතවර්ෂයේ අවසාන දශකයේ සිට ම චෝළයන් ලංකාවේ සෑහෙන දේශපාලන බලපෑමක් කළා යැයි සිතීමට සාධක ලැබේ. ක‍්‍රි. ව 985 - 1014 දක්වා චෝළ අධිරාජ්‍යයා වු පළමු රාජරාජගේ ශිලා ලේඛන කිහිපයක් ලංකාවේ විවිධ ස්ථානවලින් හමුවී ඇත. මාන්තොට්ටම් නොහොත් මහාතිත්ථ නම් ප‍්‍රදේශයේ ඔහු විසින් කරවන ලදැයි සිතිය හැකි රාජරාජජේශ්වරම් නම් දේවාලයක් තිබු බවට සාක්‍ෂි ඇත. චෝළයන් පස්වන මිහි`දුගෙන් පසුව මෙහි පාලනය ගෙන ගියද එය මුලූ ලක්දිවම නොවේ. ඔවුන් උතුරු හා උතුරු මැද ප‍්‍රදේශවලට සීමා වී ඇත. ‘‘ සිංහල කුමාරයින්ට පක්‍ෂ අය චෝළයන් රටින් නෙරපා දැමීම සදහා සටන් සංවිධාන කළේ මෙම ප‍්‍රදේශවල සිටය. චෝළයෝ උතුරු ලංකාවේ ස්වකීය පාලන කාලය තුළ දී අනුරාධපුරයේ සිට ‘ජනනාථපුරම්’ යනුවෙන් ඔවුන් විසින් නම් කරන ලද පොළොන්නරුවට අගනුවර මාරු කළහ. රෝහණයෙන් එල්ල වූ විරුද්ධවාදීකම්වලට මුහුණ දීමට අනුරාධපුරයට වඩා පොළොන්නරුවේ භූගෝලීය පිහිටීම යොග්‍ය වීම මෙහි ලා ඉවහල් වූ මුලික හේතුව බවට සැකයක් නැත.’’ මේ අනුව ඔවුන් ආරක්‍ෂාව පතා පොළොන්නරු රාජධානිය ආරම්භ කර ඇත. චෝළයන් මෙරට පාලනය කළ යුගයේ දී පහත දැක්වෙන අංශයන්ගෙන් සමාන්තර වර්ධනයක් සිදු විය.  ආගමික  සංස්කෘතික  ගෘහනිර්මාණ / මූර්ති සොළීන්ගෙන් රට මුදා ගැනීම කරනු ලැුබූයේ පළමු විජයබා රජ විසිනි. පසුව ඔහු ජරාජීර්ණ වූ දේ නැවැත පිළිසකර කර නැවතත් මෙහි සිංහලයන්ගේ ශ‍්‍රී විභුතිය ගොඩනගන්නට මහත් පරිශ‍්‍රමයක් දැරීය. විජයබා රජුන්ගෙන් පසු මෙරට සුළු කාල පරාස තුළ විවිධ පාලකයන් මෙහි පාලනය ගෙන ගියේය. මෙම කාලය තුළ මෙරට සැළකිය යුතු සංවර්නයක් සිදු නොවීය. ඉන් පසු පළමු පරාක‍්‍රමබාහු රජුගේ උදාව සිදු විය. මෙම කාලය තුළ සෑම අංශයක්ම පාහේ ශීඝ‍්‍රයෙන් සංවර්ධනය විය. මෙතුමා තුන් සිංහලයම එක්සේසත් කළේය.‘‘ මහා පරාක‍්‍රමබාහු නම් වු මේ මහා නරේන්ද්‍ර තෙම සියලූ දෙමළ සතුරන් පලවාහැර මුළු රට සමත් කොට නිෂ්කණ්ටක වූ දුර රටවල්ද අභිභවනය කෙළේය. එ රජහුගේ කාලයේ දී පොළොන්නරු පුරය අතිශය ශ්‍රේෂ්ඨභාවයට පත් වූවාය.’’ පොළොන්නරුවේ විසිරි පවතින නටබුන්වලින් මෙම රජතුමාගේ ශ්‍රෙෂ්ඨත්වය හා නිර්මාණවල බහුල බව මැනවින් පැහැදිලි වේ. මින් පසුව නිශ්ශංක මල්ල රජතුමා රාජ්‍යත්වය පත් විය. මෙතුමා කාලිංග වංශිකයෙකු වූ නමුත් සිංහල බස ඉගෙනගෙන සිංහල රජ කෙනෙකු මෙන් රජ්‍ය කිරීමට උත්සාහ දැරූ රජකෙනෙකි. එසේම මෙම රජතුමාගේ කාලයේදී කලා ශිල්පවල දියුණුවක් මනාව දැකගත හැකි විය. මෙම රජතුමා ලක්දිව නොයෙක් ස්ථානවල සෙලි ලිපි පිහිටුවා ඇත. මෙම රජුගෙන් පසුව වසර 18ක් රට වියවුල් ස්වාභාවයක් පැවැතී ඇත. ඉන්පසුව රජවූ තරමක ප‍්‍රබල වූ රුජිනියන් දෙදෙනෙකු හදුනාගත හැක. එනම් කල්‍යාණවතී රුජින හා ලීලාවතී රුජිනයි. පසුව කාලිංග මාඝ නාමැති දකුණු ඉන්දීය ආක‍්‍රමණිකයෙක් වසර 40ක් පොළොන්නරුව පාලනය කළේය. නිරන්තරයෙන් අවිආයුධ ගැටුම් හා මනුෂ්‍ය ඝාතන මෙම කාලයේදී සිදු විය. බෞද්ධ භික්‍ෂූන් අප‍්‍රසිද්ධියේ මෙකල ජිවත් වී ඇත. මොහු රජරට ශිෂ්ටාචාරයට තිත තැබු පාලකයාද විය. පොළොන්නරු යුගයේ ගෘහනිර්මාණ ශිල්පයේ ආවේණික ලක්‍ෂණ පොළොන්නරුව හෙවත් පුලතිසි රාජධානියට අනුරාධපුරයෙන් මාරු වීමත් සමග අනුරාධපුරයේ දැකිය නොහැකි විවිධ ලක්‍ෂණ පොළොන්නරුවෙන් දැකිය හැක. මෙම වෙනසට දේශපාලන , ආගමික හා සමාජීය වැනි හේතූන් බලපා ඇත. ක‍්‍රි. ව 10වන සියවසේ අගභාගයේ සිට 13වන සියවසේ මුලාරම්භය දක්වා වු රාජධානිය පොළොන්නරු යුගය නම් වේ. මෙම යුගයේ ඇතිවු ගොඩනැගිලි ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට අනුරාධ සෙනවිරත්න වියත්හු වර්ගීකරණය කරති.ි’ඔයැරු ්රු එදඅ නසබාි දෙ ඉමසකාසබටි සබ චදකදබ්රමඅ් ථ රුකසටසදබ ්බා ිැජමක්ර’’ ග ඒ අනුව ආගමික ගොඩනැගිලි හා ලෞකික ගොඩනැගිලි වශයෙනි. ආගමික ගොඩනැගිලි වශයෙන් සාම්ප‍්‍රදායික ආරාම ගොඩනැගිලි , ගෙඩිගේ සම්ප‍්‍රදායේ ගොඩනැගිලි හා ගල් ලෙන් ඇසුරෙන් සෑදු ගොඩනැගිලි වශයෙනි. ලෞකික ගොඩනැගිලි වශයෙන් රජමාලිගා දාන ශාලා යනාදිය හැදින්විය හැක. අනුරාධපුර යුගයේ විවිධ නිර්මාණ පාෂාණමය මාධ්‍ය කරගෙන ඇති වීම දැකිය හැකි සුවිශේෂත්වයකි. නමුත් පොළොන්නරු යුගය වන විට ඊට වඩා වෙනස්ව ගඩොල් හා හුණු බදාමයෙන් යුතු නිර්මාණ බිහි විය. නමුත් පොළොන්නරු ගල් විහාරය වැනි් නිර්මාණ පාෂාණමය මාධ්‍යයෙන් නිර්මාණය වී ඇත. මෙකල බොහෝ නිර්මාණ සදහා හුණු ගල් හා ගඩොල් කැබලිති වලින් යුතුව කොන්ක‍්‍රීට් විශේෂයක් සාදාගෙන ඇත. මෙම කොන්ක‍්‍රීට් විශේෂය හේතුවෙන් පොළොන්නරුවේ නිර්මාණ අනුරාධපුර යුගයට වඩා උස් වු හා විශාල වූ නිර්මාණ විය. මේ පිළිබ`ද සෙනරත් පරණවිතාන සුරීහු මෙසේ දක්වති.ි’ඔයැ ජදරු දෙ එයසජන අදකකි ජදබිසිඑැා දෙ ් එහචැ දෙ ජදබජරුඑැ ප්ාැ දෙ ඉරසජනඉ්එි චැඉඉකැි ්බා කසපැ පදඒර එයැ ේජසබට අ්ි දෙ ජැබඑරු ඉරසජනි බැ්එකහ ක්සා අසඑය ඩැරහ සෙබැ වදසබි සබ එයැ ජදබඑරමජඑසදබ දෙ ඩ්මකඑි එදද එයැ ්රජයසඑැජඑි ාැචැබාැා දබ එයැ ිඑරුබටඑය දෙ එයසි ජදබජරුඑැ” . ථූපාරාමය ඇසුරෙන් මෙම කරුණු සනාථ කරගත හැකිය. ලංකාතිලක පිළිමගෙයද ගඩොල් නිර්මාණයක් වන අතර එහි තිරස් කො¥ සදහා භාවිත අමුද්‍රව්‍ය හා නිර්මාණශිලි උත්කෘෂ්ඨබව පරණවිතාන මහතා මෙසේ දක්වා ඇත. ‘‘ලංකාතිලකයේ දොරටුවල තිරස් කොදු නිමවා තිබෙන්නේ විශේෂ හැඩයකට තනන ලද සිහින් වයනයකින් යුත් ගඩොල් මගිනි. ගඩොල් පෑස්ම කොතරම් හො`දද යත් පෑන් පිහි තලයක්වත් තබන්නට බැරි තරම්ය. සැරසිලි අංග සාදන ලද්දේ සිනිදු හුණු බදාමයෙනි.’’ මේ අනුවද පැහැදිලි වන්නේ පොළොන්නරුවේ භාවිත අමුද්‍රව්‍ය වෙනස් වන බවයි. ආකෘතිය අතින්ගත් කලද පොළොන්නරුවේ ඉදිවු බොහෝ නිර්මාණවල විශේෂත්වයක් දැකිය හැක. සමස්ත ගෘහනි්ර්මාණ දෙස බලන විට පෙනී යන්නේ පොළොන්නරු යුගයේ නිර්මාණ තුළ අනන්‍යතාවක් දැකිය හැකි වීමයි. මෙහිදි මෙම යුගයේ ඉදිවු ස්තුපයන්ද වැදගත් වේ. අනුරාධපුරයේදී ස්තුපය ප‍්‍රමුඛ කර ගෙන නිර්මාණ බිහි විය. මෙහිදි එය බුද්ධ ප‍්‍රතිමාවන් ප‍්‍රමුඛ කරගෙන නිර්මාණ බිහි වී ඇත. මෙයට හින්දු ආගමේ බලපෑම එල්ල වූ බව පැහැදිලි කළ හැක. හින්දු ආගම මෙහි ප‍්‍රබල වීමත් සමග හින්දු දෙවියන් මහා බලගතු දෙවියන් යන සංකල්පයක් හා එම විශ්වාස බොදුනුවන් අතරද ප‍්‍රචලිත වීම නිසා බුදුන් වහන්සේ පිළිබ`දව හා උන්වහන්සේගේ බල මහිමය උත්කර්ෂයෙන් ප‍්‍රකාශ කළ යුතු වීම මෙයට හේතු වන්නට ඇත. පොළොන්නරුවේ ඉදිවූ ස්තූපයන් අතරද විශේෂත්ව රාශියක් දැකිය හැක. පරක‍්‍රමබාහු විසින් කළ මහා සෑය හා සුතිඝර චෛත්‍යය තුළ දැකිය හැකි විශේෂත්වයක් වන්නේ ඒවා පේසා වළලලූවලින් මදක් උස්ව ගොඩනංවා එහි මැද කුඩා චෛත්‍යයක් ඉදි කිරිමයි. සෙනරත් පරණවිතාන මහතා මේ සදහා දක්වන්නේ බලාපොරොත්තු වූ උසට සෑදීමට නොහැකි වූ බැවින් මෙසේ සාදා ඇති බවයි. නමුත් එතුමා මෙහි විශේෂත්වයක්ද දකි. ‘‘ස්තූප දෙකක් එකසේ එක පමණින් නිමාවට පත් නොකොට එයට පරිසමාප්ති ලක්‍ෂණ මාත‍්‍රයක් දෙනු සදහා එකම ක‍්‍රමය අනුගමනය කරතීයි සිතීම තරමක් අසීරු හෙයින් දමිළ ථූපය හා සුතිඝර චේතිය එක්තරා විශේෂ ක‍්‍රමයක ස්තූප ගණයකට අයත් වී යැයි අනුමාන කළ හැකිය.’’ පොළොන්නරු යුගයේ ගෘහනිර්මාණ ශිල්පයේ දැකිය හැකි තවත් සුවිශේෂත්වයක් වන්නේ ස්ථූප වටා ඇති වාහල්කඩ දෙකක් අතර ගඩොලින් කළ බොකු වහල සහිත මලසුන් ගෙවල්ය . මෙම ගෘහයෙහි බුදු පිළිම තැන්පත් කර ඇත. ප‍්‍රථිමාඝරද පොළොන්නරුවේ අනන්‍යතාව කියා පායි. මෙම නිර්මාණ අනුරාධපුරයේ නිර්මාණවලට වඩා බොහෝසෙයින් විශාල වේ. මෙහි වහලය පිළිබද ද දැකිය හැක්කේ පොළොන්නරුවට ආවේණික ලක්‍ෂණයන්ය. මෙවායෙහි බිත්ති ඉතා විශාල වන අතර මෙහි ආකෘතියද විශේෂ වූවකි. ස`දකඩ පහණ යනු මෙහි සුවිශේෂ නිර්මාණයකි. අනුරාධපුරයේ ස`දකඩ පහණට වඩා පොළොන්නරුවේ දි ඒ තුළ විශේෂත්වයක් දැකිය හැකි විය. එනම් එහි සත්ව පේළිය තුළ අනුරාධපුරයේදී වු ගවයා පොළොන්නරුවේදී ඉවත්ව යාමයි. මෙයට ප‍්‍රධාන වශයෙන් හේතූ වුයේ හින්දු දහමේ බලපෑමයි. හින්දු ආගම තුළ ගවයා යනු ශිව දෙවියන්ගේ වාහනයයි. පොළොන්නරු යුගයේදී ද්‍රවිඩයන් බලවත් වු බැවින් ඔවුන්ගේ විශ්වාසයන් සමාජගත වූ බැවින් මෙසේ ස`දකඩ පහණෙහි වෙනස ඇති විය. ඊට අමතරව අනුරාධපුර යුගයේදී ස`දකඩ පහණ යොදාගනු ලැබූයේ ආගමික ස්ථානවලට පමණක් වුවද පොළොන්නරුවේදි රාජ මාළිගා වැනි ලෞකික ස්ථානවලටද යොදාගනු ලැබීය. පොළොන්නරු යුගයේ ගෘහනිර්මාණ ශිල්පය තුළ දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ අලංකාර බාහුල්‍යයයි. අනුරාධපුරයේ නිර්මාණ අලංකාර බහුල නොවු චාම් ස්වාභාවයකින් යුක්ත විය. පොළොන්නරු නිර්මාණවල අලංකාර සාටොපවත්බව එම යුගයේ ගෘහ නිර්මාණ ආවේණික ලක්‍ෂණයක් විය. ඒ පිළිබ`දව සෙනරත් පරණවිතාන මහතා මෙසේ අදහස් දක්වයි.ි’ඔයැ ්රඑ දෙ එයැ ිජමකචඑදර ය්ි ඉැැබ මඑසකස‘ැා ්එ චදකදබබ්රමඅ් දෙර ්රජයසඑැජඑමර්ක ැපඉැකකසියපැබඑ සබ ් ප්බබ්ර එය්එ ය්ා ය්රාකහ ඉැැබ රුිදරඑැා එද සබ එයැ ්බමර්ාය්චමර් චැරසදා බ්පැකහ සබ ාැජදර්එසබට චසකක්රි එයැ ිමරේජැ ප්රටසබි දෙ ජදරබසජැි එයැ ඩැරඑරජ්ක ේජැි ඉැඑඇැබ පදමකාසබට ්එ ඉ්ිැි දෙ ඉමසකාසබටි ්බා අ්කක ිමරේජැ” ගමේ සදහා උදාහරණ ලෙස රාජ වෛශ්‍ය භුජංග මණ්ඩපය , වටදාගෙය , තිවංක පිළිම ගෙය දැක්විය හැක. පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ නාගරික කේන්ද්‍රතාවයි. අනුරාධපුරයේ ගෘහ නිර්මාණ එක් ස්ථානයකට කේනද්‍රීය වී නොතිබුණු බව පැහැදිලි කරුණකි. නමුත් පොළොන්නරු යුගයේ ගෘහනිර්මාණ සියල්ලක්ම පාහේ නගරයට කේන්ද්‍රගතව ඉදි වී ඇත. නගරයෙන් පිටත ඉදිවී ඇත්තේ පළමු විජයබාහු රජුගේ මාළිගාව හා සූතිඝර චෛත්‍ය යන ගෘහ නිර්මාණ පිහිටා ඇති ස්ථාන කිහිපයක් හැර අන් සියල්ල ඉදිවී ඇත්තේ නගරය තුළය. පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ සදහා බලපෑ දකුණූ ඉන්දීය බලපෑම පොළොන්නරු යගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ ආවේණික ලක්‍ෂණ පිළිබද ඉහතදී සාකච්ඡුා කළෙමු. ඒවායින් ඇතැම් කරුණු දකුණු ඉන්දීය බලපෑම මත ඇති වු ලක්‍ෂණයන් වේ. මෙම බලපෑම මෙම ක්‍ෂෙත‍්‍රය කෙරෙහි පමණක් නොව සමාජ හා ආගමික ක්‍ෂෙත‍්‍රයන් කරාද යොමු විය. බුදු දහමේ ඇදහිලි හා විශ්වාසවල යම් වෙනසක් සිදු වූයේද මෙම බලපෑම නිසාය. වෙනත් යුගයන්වල දක්නට නොලැබුණු වෙනස්කම් එක් යුගයකින් එක් යුගයක් තුළ ඇති වන්නේ නම් ඊට හෙතූන් වශයෙන් අභ්‍යන්තර හා බාහිර බලපෑම් පැවැතිය හැක. පොළොන්නරු යුගයේදී චෝළ ආධිපත්‍යය පවතින කල සිංහල සාම්ප‍්‍රදායික ගෘහනිර්මාණ ශිල්පය යටතේ නිර්මාණ බිහි නොවීය. චෝළයන් පැවැති දේවාල ප‍්‍රතිසංස්කරණය කිරීම හා අලූතෙන් ඉදිකිරීම සිදු කරන ලදී. ‘‘ සොළී ආධිපත්‍යය යටතේ සිංහල නිර්මාණ සම්ප‍්‍රදාය අනුව කිසිම ගොඩනැගිල්ලක් නොසාදන ලදි. සොළී ආණ්ඩුව යටතේ රාජවංශිකයන් කුලවතුන් හා බෞද්ධ භික්‍ෂූන්ද නැතිව ගිය හෙයින් එම අනු ග‍්‍රාහකයන් නොමැති වීමෙන් සිංහල ප‍්‍රථිමා ශිල්පීනට හා සහජ සිත්තරුනට සිය සිප්කම්හි යෙදීමට අවස්ථාවක් නොලැබිණි.’ ආක‍්‍රමණිකයෝ පොළොන්නරුවෙහි සිය ආගමික සිද්ධස්ථාන ඉදිකළහ. මෙවා තනන ලද්දේ එවකට පැවැති දකුණු ඉන්දීයාවේ ප‍්‍රචලිතව පැවැති ගෘහ නිර්මාණ ශිල්ප සම්ප‍්‍රදායට අනුකූලවය ’’ නමුත් මෙම නිර්මාණ තුළද මෙරට පැවැති සිංහල ගෘහනිර්මාණ ශිල්පයේ ලක්‍ෂණ කිහිපයක් අඩංගු බව සෙනරත් පරණවිතාන සූරීන් එහිම සදහන් කරයි. චෝළ අධිපත්‍යය බිද දමා මෙහි සිංහල බලය රුකගත් රජවරුන් දවස ඉදිවු යම් යම් නිර්මාණ තුළ දකුණු ඉන්දීය බලපෑම දැකගත හැක. හින්දු ගෘහනිර්මාණ ශිල්පයේ දැඩි ආභාසය පිළිබද ඇම් . බි ආරියපාල මහතා මෙසේ අදහස් දත්වා ඇත. ‘‘සිංහල කලාවන් පිළිබ`ද පැරණි වකවානුව යාපහුවෙන් (ක‍්‍රි.ව 1222* අවසන් වෙයි. මෙය ආර්ය හා සම්පූර්ණයෙන්ම බෞද්ධ වන අතර ද්‍රවිඩ ස්වරූපයක් ගත් මධ්‍යකාලීන කලා කෘති තදින්ම හින්දු වේ.’’ අනුරාධපුර යුගයේ ස්ථූපයට මුලිකස්ථානය ලැබුනද මෙහි බුදු පිළිමයට මුලිකස්ථානය ලැබුණි. බුදු පිළිමය මුල්කරගෙන විවිධ නිර්මාණ සිදු විය. දළදා මළුවේ උඩ මළුවේ ඇති වටදාගෙය පොළොන්නරුවේ ගෘහ නිර්මාණ අතරින් වැදගත් නිර්මාණයකි. වටදාගෙහි ආකෘතිය පිළිබ`ද විමසීමේදි එය අනුරාධපුරයේ සිට ලැබුණු ශිල්පීය ඥානයක් බව පැහැදිලි වේ. නමුත් මෙහි ඇති ඇතැම් ලක්‍ෂණ සදහා දකුණු ඉන්දීය බලපෑම එල්ල වී ඇත. මෙහි ස්තූපයටත් වඩා අවධානය යොමු කර ඇත්තේ බුදු පිළිම සතර කෙරෙහිය. මෙම පිළිමවල විශේෂතා කිහිපයක් දැකිය හැක. වෙනත් බුද්ධ ප‍්‍රතිමාවක ශීර්ෂයෙහි කේෂයන් පැහැදිලිව දක්වා තිබේ. නමුත් මෙහි එවැනි සලකුණු දැකිය නොහැක. මෙවැනි බුදු පිළිම මධුරාපුරයෙන්ද හමු වී ඇත. එම නිසා මෙම පිළිම සදහා දකුණු ඉන්දීය බලපෑම එල්ල වී ඇත. ‘‘කුණ්ඩලාගාරව සිටින සේ බුදු පිළිමවල හිසකේ දැක්වීම සාමාන්‍ය සිරිත වන නමුත් මේ පිළිමවල හිස් මුළුමනින්ම මුඩුකොට හෝ නැතහොත් හිසකේ නැති ලෙසින් පෙනෙන හිස්වැසුමක් පැළැද ඇති ලෙස හෝ දක්වා ඇත්තේය. ආදි යුගයේ මදුරාහි කලා කෘතීන්ගෙිද උතුරු දඹදිව මන්කු ආ නම් ස්ථානයෙන් සොයාගත් මධ්‍ය යුගයට අයත් බුදු පිළිමයක ද ඉන්දියවේ මීට සමාන සිරස් සැදුම් දක්නා ලැබේ.’’ එසේය මෙම වටදාගෙහි වහලය පිළිබ`ද විවිධ මත ඉදිරිපත් වී ඇත.දැවයෙන් තැනූ වහලක් තිබූ බවට ස්මිදර් මහතාගේ අදහසක් වන අතර ඔහුට එසේ පැවැසීමට හැකි වී ඇත්තේ ඇණ හා උළු කැබැලිති කිහිපයක් හමුවී තිබීම නිසාවෙනි. දැනට දඹදෙණියෙහි ඉදිකොට තිබෙන වහලය මෙන් තිබෙන්නට ඇතැයි හෝකාර්ට් මහතා මුලින් සිතූ නමුත් කුළුණ මත කුඩුම්බි වැනි නෙත්ති තිබෙන බැවින් එක මත එක ක‍්‍රමයෙන් කුඩාවට පිහිට වු කේතුකාකාර වහලයක් තිබෙන්නට ඇතැයි ඔහු පවසයි . කේරලයේ අද දක්නට ලැබෙන ‘ශ‍්‍රී කොයිල් ’ ක‍්‍රමයේ මෙන් වටදාගෙයි ද එක මත එක කේතුකාකාර වහලයක් තිබේන්නට ඇතැයි බණ්ඩාරනායක මහතා අනුමාන කරයි.’’ මේ අනුව මෙහි නිර්මාණය සදහා දකුණු ඉන්දීය බලපෑමක් එල්ල වී ඇති බව පැහැදිලිය. ප‍්‍රතිමා ගෘහ ඉදිවීම පොළොන්නරු යුගයේ දැකිය හැකි විශේෂත්වයකි. මෙම ප‍්‍රතිමා ගෘහ ඉතා විශාල වශයෙන් උස්වු ගොඩනැගිලි විශේෂයක් බව නෂ්ටාවශේෂ තුළින් පසක් වේ. අතිවිශාල බුදු පිළිම තැනීම පොළොන්නරු යුගය වන විට කෑපි පෙනෙන ලක්‍ෂණයක් වී ඇත්තේ මේ යුගයේ දී ඇති වු ආගමික ව්‍යුහයේ වෙනස්කම් නිසාය. පර්සි බ‍්‍රවුන් පවසන අන්දමට ආගමික ව්‍යුහයේ ඇති වු වෙනස්කම් මෙයට හේතු වී ඇත. හින්¥න් ත‍්‍රි මූර්තිය මහත් බලයකින් යුතු යැයි සළකන අතර බෞද්ධයන්ටද බුදුන් වහන්සෙගේ අධිමානුෂීය තත්ත්වය ඉස්මතු කිරීමට අවශ්‍ය විය. එම නිසා විශාල බුදු පිළිම සංඛ්‍යාවක් බිහි වී ඇක. තිවංක පිළිමගේ මෙන් විශාල ගෘහ බිහි විය. බුදු පිළිම විශාල වූයෙන් ගෘහයෙහි උසද මහත් විය. එසේද මෙහි ඇතුලූ වන දොරටුව ප‍්‍රතිමාව පෙනෙන උස්ව පිහිටුවා ඇත්තේ පිවිසෙන්නන් තුළ ශ‍්‍රද්ධාව වර්ධනය කිරීම සදහා වේ. එසේම මෙම ගෙඩිගෙවල් බාහිරව මනා අලංකරණත්වයෙන් නිමවා ඇත්තේ පිවිසෙන්නන් තුළ ගාම්භිරත්වයක් ඇති කිරීම සදහාය. ‘‘ මෙම ගොඩනැගිලිවල අභ්‍යන්තර සැලසුම් මලින් ගෘහනිර්මාණ ශිල්පිය විශේෂත්වයක් පිළිබ`ද කරන්නේ මද වශයෙන් සාධක දැක්වීම වුවත් ඇතැම් ලක්‍ෂණ අරභයා පමණක් සුවිශේෂත්වයක් දනවයි. ඒවා නම් බාහිර බිත්තිවල ඇති විසිතුරු කැටයම් හා යම්තාක් දුරකට වහලෙහි වක‍්‍රාකාර ස්වභාවය ආදිය වේ. ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ අරමුණ වී ඇත්තේ වන්දනා කරුවන් එම සිද්ධස්ථානය කරා ළගා වනවිට ඔවුන් තුළ දැඩි භක්තියක් එම කලාත්මක දර්ශනය තුළින් ඇති කිරීමයි.’’ මේ සදහා පැහැදිලිවම ද්‍රවිඩ බලපෑම එල්ල වී ඇත. ථුපාරාමයේ වහලය පිළිබ`දව විවිධ අදහස් දක්නට ලැබේ. මේ පිළිබ`දව බෙල් මහතා අදහස් දක්වන්නේ මෙය සම්පූර්ණයෙන්ම ද්‍රවිඩ ආභාසයක් බවයි. ‘‘මෙම නිර්මාණයේ සම්පූර්ණ ආකෘතිය දැනට දැනගැනීමට සාධක නොමැති වුවද මෙය ආකෘතිය අතින් ශිව දේවාලයේ ගලින් තැනු වහලයක් මෙන් තිබෙන්නට ඇතැයි බෙල් මහතා ස`දහන් කරයි. එහෙත් මෙම නිර්මාණය පිළිබ`ද පරණවිතාන මහතා පවසන්නේ චූලවංශයේ දැක්වෙන චන්ද්‍රිකා ශාලා’ යන්නට සමාන විය හැකි බවයි. ථුපාරාමයේ ගර්භගෘහය මත තිබෙන මේ කොටස ගඩලාදෙණියේ වහලය මෙන් ස්තූප ආකාරයට තිබෙන්නට ඇතැයි හොර්කාට් දක්වයි. මේ අනුව ගෙඩිගේවල නිර්මාණය සදහා ද්‍රවිඩ බලපෑම එල්ල වූ බවට සාක්‍ෂි ඉදිරිපත් කළ හැක. ථුපාරාමය , ලංකාතිලකය හා තිවංක පිළිමගෙහි වහල සදහා පොළොන්නරුවේ අංක 1 හා 2 දරන ශිව දේවාලවල වහලයේ බලපෑම එල්ලවී ඇතැයි එක් මතයකි.ි’් රුප්රන්ඉකැ ාැඩැකදචපැබඑ සබ එර්ාසඑසදබ්ක ීසබය්කැිැ ්රජයසඑැජඑමරු අ්ි එයැ ාැඩැකදචපැබඑ දෙ ් බැඅ ්රජයසඑැජඑමර්ක දෙරප සබ එයැ රුසටබ දෙ ඡු්ර්නර්ප්ඉ්යම ෂ ්ි ැංැපචකසසෙැා ඉහ එයැ ඔයමච්ර්ප්ල එයැ ඛ්බන්එසක්න් ්බා ඔසඩ්බන් සප්ටැ-යදමිැග ඔයැිැ එැපචකැිල අයසජය ඇරු රුප්රන්ඉකැ ඉැජ්මිැ දෙ එයැසර ්රජයසඑැජඑමර්ක ෙැ්එමරුි ්බා ඇරු දෙ සපචරුිිසඩැ ාසපැබිසදබිල ය්ා ඩ්මකඑැා රදදෙි දෙ ඉරසජන ජදබිඑරමජඑසදබ” ග නමුත් මෙම මතය පරණවිතාන මහතා ප‍්‍රතික්‍ෂේප කරයි. ‘‘පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය අනුරාධපුර යුගයේ එම ශිල්පයට වඩා මූලික වශයෙන් වෙනස් යැයිද , එය කාම්භොජ බුරුම සහ වෙනත් බාහිර බලපෑම්වල ලකුණු සහිත ද්‍රාවිඩ අංග ලක්‍ෂණයන් ආවේණික කොට ඇතැයි යන වැරුදි මතයක් දැන් බෙහෙවින් පැතිර පවත්නේය. දෙමළ බලය පැවැති කාලයේදී තනන ලද ශෛව හා වෛෂ්ණව සිද්ධස්ථාන කේවල ද්‍රවිඩ සම්ප‍්‍රදායට අනුව තනන ලද බවට ප‍්‍රශ්නයක් නොමැත.’’ මෙම මතය පිළිබද විමසීමෙදී ථුපාරාමය , ලංකාතිලකය හා තිවංක ඝරය යන ස්ථානවල ගොඩනැගිලිවල පාදයේ ආකාර ගැන්වීමත් සිව සිද්ධස්ථාන එවැනි දෑ සංසන්දනය කිරීමෙන් පැහැදිලි වන්නේ එහි බලපෑම ලබා ඇත්තේ පුරාණ සිංහල ගෘහ නිර්මාණ ශිල්පියෙන් වීමයි. ලංකාතිලකය හා ථුපාරාමය වැනි ස්ථානවල දැකිය හැකි බොකු වහලය සහිත ගොඩනැගිලිවලට බලපෑවේ ද්‍රවිඩ බලපෑම බව බෙල් මහතා වැනි වියත්හු පෙන්වා දී ඇත. නමුත් මෙවැනි ආකෘති සහිත ගොඩනැගිලි අනුරාධපුරයෙන් හමුවන බැවින් එක හෙලාම ඒවාට ද්‍රවිඩ බලපෑම ලැබුවා යැයි පැවසිය නොහැක. මෙම ගොඩනැගිලි ආකෘතිය ‘ගිඤ්ජකාවස්ථ’ නමින් හැදින්වෙන ගොඩනැගිලි වර්ගයකින් පැවැත ආවා යැයි පරණවිතාන මහතා පවසයි. ‘‘මේ ගොඩනැගිලි ක‍්‍රමය පොළොන්නරු යුගයේ නිර්මාණ ශිල්පීන්ගේ නව නිපැයුමක් නොවන බවට පොළොන්නරු ගොඩනැගිලි හා තමන් අතර ඇති සම්බන්දය වටහාලීමට ප‍්‍රමාණවත් තරමින් රැුකී තිබෙන ගෙඩිගේ නමින් හැදින්වෙන ගඩොළු ගොඩනැගිල්ලත් අනුරාධපුර ජේතවන දාගැබට බටහිරින් පිහිටි පිලිම ගෙයත් සාක්‍ෂ්‍ය දරයි. පොළොන්නරුවේ ගඩොළු ගොඩනැගිලිවල විසිතුරු අලංකාරයට මුල් වූයේ ද්‍රවිඩ ආභාසය යන මතයද එහෙයින් ම සාවද්‍යය.’’ මෙසේ ද්‍රවිඩ මතය ප‍්‍රතික්‍ෂේප කරන පරණවිතාන සූරීහු මෙවැනි ගොඩනැගිලි පැරුණි දඹදිව තිබු බවද සදහන් කරයි. මෙවැනි මත පිළිබ`ද තුලනයක් දැකිය හැකි අතර මීට අමතරව පටිමාඝර පිළිබ`ද විමසීමෙදී මෙහි මුල් ආකෘතිය සදහා ද්‍රවිඩ බලපෑම මණ්ඩපය නිර්මාණය විමෙහිලා බලපා තිබේ. හින්දු කොවිල්වලද බැතිමතුන්ට රුස්වීම පිණිස මෙවැනි මණ්ඩල ඉදිකර ඇත. ප‍්‍රවේශය මණ්ඩපය අන්තරාලය ගර්භ ගෘහය එසේම පටිමාඝර දෙස බාහිරින් බැලීමෙදි මහල් ගණනකින් යුතු ගොඩනැගිල්ලක් ලෙසය. එසේ පෙනෙනුයේ ව්‍යාජස්ථම්භ හෙවත් කුඩ්‍යස්ථම්භ මගිනි. ‘‘කූටිරාකාරයෙන් සහ හරස් පුවරු මගින් කොටස්වලට බෙදා ඇති මෙම ගොඩනැගිලි නිර්මාණය කර ඇත්තේ යම් කෙනෙකු සිද්ධස්ථානයට ළ`ගාවන විට ඉමහත් ගාම්භීරත්වයක් ඇති කරන අයුරිනි. සැබැවින්ම මේවා නියම කුළුණු නොවුණත් ගොඩනැගීම් ඉදිකිරීමේදි යොදාගත් සුවිශේෂ ශිල්පීය දක්‍ෂතා නිසා ඒ තුළින් දෘශ්‍යමය වශයෙන් ඇතිකරන බලපෑම සාර්ථකය’’ මෙවැනි ව්‍යාජස්ථම්භ මෙහි ඉදිවු ශිව දේවාලවල ඒබ ව පැහැදිලිව දැකිය හැක. ව්‍යාජස්ථම්භවලින් ගාම්භිරත්වයක් ලබා දුන් මෙම ක‍්‍රමය මෙරට ගෘහනිර්මාණ ශිල්පීන්ට බලපෑවේ දකුණු ඉන්දීය බලපෑම හේතුවෙනි. පෙළොන්නරුවේ ඉදිවූ වාහල්කඩ අනුරාධපුරයේ මෙන් නොව හුණු බදාමයෙන් සැකසීම ආරම්භ විය. පදනම් සදහා පමණක් ගල් භාවිත කිරීම සිදු වී ඇත. ඒ තුළින් එහි උස්බව මනාව දෘශ්‍යමාන විය. හැටදාගෙය ප‍්‍රමාණයෙන් අටදාගෙයට වඩා විශාල වේ. මෙය අඩි 8ක් උසැති ප‍්‍රාකාරයකින් වට කරන ලද අඩි 120X අඩි 90 ආයතාකාර බිමක උස්කරන ලද මළුවක ඉදිකෙට තිබේ. හැටදාගෙට ඇතුළු ඇතුළුවීම සදහා දකුණු පසින් ද්වාර මණ්ඩපයකින් යුතු දොරටුවකි. මේ ද්වාර මණ්ඩපය පොළොන්නරුවට ආවේණික වූවකි. අඩි 5 අ`ගල් 6 පුළුලැති මෙම ද්වාර මණ්ඩපය කුළුණු හතරක් මත රැුන්දවූ පියැස්සකින් ආවරණය කොට ඇත. බෙල් මහතා පවසන ආකාරයට මෙය කුඩා පරිමාණයේ හින්දු ගෝ පුරයක තරමක වෙනස් ආකෘතියකි. මෙම අංගය බුදු ගෙවලට යොදාගෙන ඇත්තේ ප‍්‍රථම වරට පොළොන්නරුවේදී බව පැහැදිලිය. නිශශංකමල්ල රජුගේ සිංහාසනය ඉසිලූ සිංහ රූපය එම රජුගේ රාජ සභා ශාලාවේ තිබේ ඊට දකුණු ඉන්දීය පල්ලව බලපෑම එල්ල වී ඇත. පොළොන්නරුවේ වටදාගෙය අසල ඇති අත්‍යලංකාර ස`දකඩ පහණද ගෘහනිර්මාණ ශිල්පයට බලපෑ හින්දු ආභාසය පෙන්වන්නකි. හින්දු දහමට අනුව ගවයා යනු ශිව දෙවියන්ගේ වාහනයයි. එම නිසා ගවයා පොළොන්නරු ස`දකඩ පහනින් ඉවත් වී ඇත්, අස් , සිංහ , ගව යන සත්ත්ව රූප අනුරාධපුරයේදී එකා පිටුපස එකා යන ආකාරයෙන් නිර්මිත වී ඇත. පොළොන්නරු යුගයේදී ගවයා හැර එක එක සත්ත්ව රූප එක තීරු වන සේ තීරු තුනක නිරූපිතය. වටදාගෙයි ඉදිරිපස ඇති ස`දකඩ පහණෙහි සත්ත්ව රූප 56ක් දැක්වෙන්නේ අර්ධ කවාකාරව තීරු තුනකය. මෙයින් පිටස්තර තීරුවේ හංස රූප 30කි. මධ්‍යම තීරුවේ ඇත් රූප 14කි. ඇතුළත තීරුවේ අශ්ව රූප 12 කි. ඒවායෙහි සැරසිලි සැලසුමේ ඒ ඒ අංගයොදා තිබෙන්නේද පැරුණි ස`දකඩ පහණ්වලට වෙසෙසින්වෙනස් අන්දමකටය.ි’ ඔයැ පදදබ ිඑදබැ ්එ චදකදබබ්රමඅ් ාද බදඑ ප්එජය සබ ්ැිඑයැඑසජ ැුම්කසඑහ අසඑය එයැැ දෙ ක්එැ ්බමර්ාය්චමර් චැරසදා ගඔයැ චදකදබබ්රමඅ් ිචැජසපැබි ්කිද ියදඅ ් බද ඒඉ්කැ ාසඩැරටැබජැ රෙදප එයැ ැ්රකසැර ැං්පචකැ” ඉහත සදහන් කළ පරිදි ඉන්ද්‍රකීර්ති සිරිවීර සදහන් කරන්නේ පොළොන්නරු ගෘහනිර්මාණ ශිල්පයෙහි හින්දු ආභාසමය ආවේණිකත්වයයි. චෝළයන් මෙරට ආක‍්‍රමණය කිරීමත් සමග මෙහි ඉදි කළ ශිව දේවාල දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පය මෙහි ප‍්‍රතිනිර්මිත කරවන ලද්දක් යැයි කීම නිවැරදි වේ. විශේෂයෙන් අංක දෙක නම් වු ශිව දේවාලය මින් ප‍්‍රධාන වේ. මෙය ඔවුන්ගේ ශ්‍රෙෂ්ඨ වාස්තු විද්‍යා සම්ප‍්‍රදාය මැනවින් පිළිබිඹූ කරයි. අනුරාධ සෙනවිරත්නයන් මෙහි ආභාසමය අනන්‍යතාව මනාව පෙන්වා දෙයි.’’ඛසනැ පදිඑ ිදමඑය ෂබාස්බ එැපචකැි ඉමසකඑ ාමරසබට එයසි චැරසදා එයැ ියසඩ් ාැඩ්කැ එදද සි ඉමසකඑ ැබඑසරුකහ දෙ ිඑදබැ ප්සබකහ ටර්බසඑැ එයසි ැාසසෙබැ සි සබ ිසපචකැ ජදක් ිඑහකැ ්බා සි ජැරඒසබඑහ දබ දෙ එයැ ප්ිඑැරචසැජැි දෙ ෂබාස්බ ්රජයසඑැජඑමරු ්ඩ්සක්ඉකැ සබ ීරසක්බන් ඉැකදබටසබට එද එයැ ැ්රකහ එැබඑය ජදබඑරහ” ගපොළොන්නරුවේ අංක 1 දරන ශිව දේවාලය චෝළ ගෘහනිර්මාණ ශිල්පය පිළිබිඹු කරයි. පොළොන්නරුවේ ඇති පැරුණිම ශිව දේවාල අතුරින් පැරුණිම හා හොදින් ආරක්‍ෂා වී ඇති දේවාලය අංක 2 දරන ශිව දේවාලයයි. ‘‘ඔයැ දකාැිඑ ්බා එයැ ඉැිඑ චරුිැරඩැා ්පදබට එයැ ්‍යසබාම පදබමපැබඑි දෙ ඡුදකදබබ්රමඩ් සි එයැ ීසඩ් ෘැඩ්කැ භදග2 බ්පැා ඪ්බ්ඩ්බප්එැඩස-සිඩ්ර්පල ්ඓැර එයැ ුමැැබ පදඑයැර දෙ ඍ්වැබාර් ක්‍යදක් :1012- 44*ග ෂඑ පැරසඑි ් ිදපැඅය්එ ාැඒසකැා ජදබිසාැර්එසදබ යැරු ්ි සඑ ිැැපි එද ය්ඩැ ඉැැබ එයැ පදාැක දෙර ප්බහ ිමඉිැුමැබඑ ්‍යසබාම ්රජයසඑැජඑමර්ක මබාැරඒනසබටි සබ එයැ ජසඑහග ෂඑ අ්ි ජදබිඑරමජඑැා දෙ ටර්බසඑැ ්බා කසපැිඑදබැ ්බා සබ සඑි ්රජයසඑැජඑමර්ක ිජයැපැ සඑ ජදබදෙරපැා එද එයැ චක්බ දෙ එයැ පැාසමප ිස‘ැා ක්‍යදක් එැපචකැි දෙ එයැ ක්එැ එැබඑය ්බා ැ්රකහ ැකැඩැබඑය ජැබඑමරසැි” ග මෙහි පියැස්ස සහිත ගර්භයෙි උස අඩි තිස් එකයි අ`ගල් නමයකි. අඩි දහසයක් ඉදිරියට තැනූ දික් ගෙයක්ද දක්නට ලැබේ. අඩි විස්සක ප‍්‍රමාණයේ දිග පළලින් යුතු සිව් රුස් ගර්භ ගෘහයක් ද ඇති මෙහි අන්තරාගය , කූඩු , විමාන ඇතුළු දේවාලයක දක්නට ලැබෙන සියළු උපාංග ඇතුළත් කර ඇත. සමාලෝචනය අනුරාධපුර රාජධානියේ අවසන් රජ වු පස්වන කාශ්‍යප රජතුමාගේ කාලය වන විට රාජ්‍ය භාණ්ඩාගාරය හිස්ව , ජනතාව රජයට බදු ගෙවීම පැහැර හැරීමෙන් රජය බංකොලොත් තත්ත්වයට පත් වී තිබුණි. මෙම කාලයෙදී දකුණු ඉන්දියාවේ චෝළයන් ප‍්‍රබලවී සිටි බැවින් පළමු රාජරාජ මෙරට ආක‍්‍රමණය කළෙන් මෙහි රජු අත් අගංගුවට ගෙන ඉන්දියාවට රුගෙන ගිය බැවින් සොළින් රාජධානිය ආරක්‍ෂාව පතා අනුරපුරයෙන් පොළොන්නරුවට රැුගෙන ගියේය. මෙහිදි මුලූ ලක්දිවම පාලනය සොළීන් අත නොපැවැතියත් භික්‍ෂුන් වහන්සේට හා කලා කරුවන්ට අනුග‍්‍රහයක් නොවූ බැවින් සිංහල කලා කෘති මෙකල ඇති නොවීය. මෙකල ඇතිවු ගෘහනිර්මාණ හින්දු (ද්‍රවිඩ* සම්ප‍්‍රදායන්ට අනුව සිදු විය. මෙම කාලය තුළ ශිව දේවාල රාශියක් ඉදිවු අතර පැවැති දේවාල ප‍්‍රතිසංස්කරණය කිරීමක්ද සිදුවිය. මෙකල මෙම ද්‍රවිඩ ගෘහනිර්මාණ ශිල්පියේ බලපෑම ඇති වූවා පමණක් නොව ද්‍රවිඩ බලපෑම ආගමික , දේශපාලන හා සමාජීය ක්‍ෂෙත‍්‍රයන් කරාද යොමු විය. අනුරාධපුර යුගයේ ස්තූපය මුල් කරගෙන ගෘහ නිර්මාණ බිහි වු අතර පොළොන්නරුවේදී එය බුද්ධ ප‍්‍රතිමාව මුල් කරගනිමින් ගෘහනිර්මාණ බිහි වූයේ යැයි හා බුද්ධ ප‍්‍රතිමා නෙලීම ජනප‍්‍රිය වී තිබුණි. එයට හේතු වූයේ සමකාලීන ආගමික විශ්වාස හා ඇදහිලි යැයි කිව හොත් එය නිවැරදිය. අනුරාධපුරයෙන් පොළොන්නරුවට රාජධානිය මාරු වීමත් සමග ගෘහනිර්මාණ සදහා යොදා ගත් අමු ද්‍රව්‍යයන්හි වෙනසක් ඇති විය. අනුරපුරයේදී පාෂාණමය මාධ්‍ය බහුල වූ නමුත් පොළොන්නරුවේදී එය හුණු ගල් හා ගඩොල් කැබිලිති මිශ‍්‍ර වු බදාම විශේෂයක් බහුල වශයෙන් භාවිත විය. ඊට අමතරව ගල් විහාරය වැනි නිර්මාණ සදහා පාෂාණමය මාධ්‍ය මුල් විය. කොන්ක‍්‍රීට් විශේෂයක් මෙකල භාවිත කිරීම හේතුවෙන් මෙම අවධියේ ගොඩනැගිලි ඉතා විශාල විය. විශේෂයෙන් විශාල ප‍්‍රතිමා සදහා විශාල ගෘහ නිර්මාණය කිරීමෙන් මෙම කරුණ පැහැදිලි වේ. වාහල්කඩ අතර බොකු වහලය සහිත මලසුන් ගෙවල් ඇති වීමද මෙකල දැකිය හැකි විශේෂත්වයකි. ඊට අමතරව සූතිඝර චෛත්‍යය වැනි මේ යුගයට අනන්‍ය වු නිර්මාණ බිහි විය. අනුරපුරයට වඩා පොළොන්නරුවේ දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ පොළොන්නරුවේ ගෘහනිර්මාණ කිහිපයක් හැරෙන්නට අන සියල්ල නගරය තුළ කේන්ද්‍රිය වී තිබුණු අයුරුයි. එසේම පොළොන්නරු ගෘහනිර්මාණයන්හි පූර්ව යුගයන්ට වඩා අලංකාර බහුල වූ සාටෝපවත් බවක් දැකිය හැක. පොළොන්නරු රාජධානිය තුළ විශේෂයෙන් කථා බහට ලක් වන්නේ දකුණු ඉන්දීය ආභාසයයි. මෙය ගෘහ නිර්මාණයන්ට පමණක් සීමා නොවීය. හින්දු දේව සංකල්පයන් සමග හා මහායාන බලපෑම මත බුදුන් වහන්සේගේ අධිමානුෂීය ලක්‍ෂණ පිළිබිඹූ කිරීමට බොදුනුවන්ට දැඩි අවශ්‍යතාවක් වූයෙන් බුදු පිළිමය මුල් කරගෙන විවිධ නිර්මාණ බිහි විය. එලෙස බිහිවු ශ්‍රෙෂ්ඨ කලා කෘතියක් ලෙස වටදාගෙය හැදින්විය හැක. දළදා මළුවේ උඩ මළුවේ වූ වටදාගෙහි බුදු පිළිමයන්හි විශේෂතාවක් දැකිය හැක. එහි ශීර්ෂයේ කේශයන් දක්වා නොමැති වීම දකුණු ඉන්දීය බුදු පිළිමයන්ට සමානත්වයක් දක්වයි. එසේම එහි වහලය කේතු ආකාරයට පිහිටි බවට විවිධ උගතුන් අදහස් දක්වන අතර එය කේරලයේ ශ‍්‍රී කොවිල් ක‍්‍රමයට කේතු ආකාරයෙන් වූ බවටද අදහස් පළවේ. ප‍්‍රතිමා ගෘහ හෙවත් ගෙඩිගේ නමින් හැදින්වෙන නිර්මාණ තුළ දකුණු ඉන්දීය බලපෑම පැහැදිලිව හදුනාගත හැකි බවට බොහෝ උගතුන් අදහස් දක්වයි. පරණවිතාන මහතා එය ප‍්‍රතික්‍ෂෙප කළත් දකුණු භාරතීය බලපෑම එම නිර්මාණ සදහා බලපෑ බවට පිළිගත හැක. විශේෂයෙන්ම වහල නිර්මාණය කිරීමේදි හා ආකෘතිය සදහා සැදැහැවතුන්ට රුස්වීමට කළ මණ්ඩපය සදහා ුමෙන්ම බාහිර අලංකරණ , ව්‍යාජස්ථම්භ සදහාද දකුණු භාරතීය ආලෝකය ලැබී ඇත. හැටදාගේ හින්දු ගෝ පුරයක ආකෘතිය ගන්නේ යැයි ඇතැම් වියතුන් ප‍්‍රකාශ කරයි. චෝළ බලපෑම මෙන්ම යම් යම් කලා කෘති කෙරෙහි පාණ්ඩ්‍ය බලපෑමද එල්ල වී ඇත. නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනය නිර්මාණය කිරීම සදහා පාණ්ඩ්‍ය බලපෑම එල්ල වී ඇත. හින්දු දහමේ බලපෑමෙන් පොළොන්නරු යුගයේ ස`දකඩ පහනින් ගවයා ඉවත්ව ගොස් ඇත . අනුරාධපුර යුගයේ පැවැති ගව රූපය ඉවත් වූයේ ශිව දෙවියන්ගේ වාහනය ගවයා වැනි වූ බැවිනි. එවැනි සත්ත්වයෙකු පයට පෑගීමට සැලැසීම පිළිබ`ද හින්¥න්ගේ විරෝධය එල්ල වූ බවට නොඅනුමානයි. දකුණු ඉන්දීය ගෘහ නිර්මාණයේ ප‍්‍රතිනිර්මිත නිර්මාණ වූයේ ශිව කොවිල් කිහිපයයි. දැනට යහපත් තත්ත්වයේ පවතින අංක දෙක දරන ශිව කොවිල වැදගත් වේ. මෙම කොවිල් ආශ‍්‍රිතව විවිධ ප‍්‍රතිමාවන් හමු වී ඇති අතර ඒවා මෙරට දී නිර්මාණය කරන ලද්දකට වඩා ඉන්දියාවේ නිර්මාණය කර මෙරටට ගෙන එන ලදැයි විශ්වාස කෙරේ. මේ අනුව විමසා බලන කල්හි පැහැදිලි වන්නේ පොළොන්නරු යුගයේ දී අනෙක් යුගයන්ට වඩා එම යුගයට අනන්‍ය වූ ගෘහ නිර්මාණ පැවැති අතර එවායින් සමහර ගෘහ නිර්මාණ සදහා සමකාලීන දකුණු ඉන්දීය බලපෑම එල්ල වී ඇති බවයි. එසේ වුවුද එය මෙරට සාම්ප‍්‍රදායික ශිල්පීය ඥානයන් සමග මුසු වීමෙන් මිස කේවල වශයෙන් කළ (ශිව දේවාල හැරෙන්නට කළ * වෙනත් නිර්මාණ නොමැති බවයි. ඇසුරු නම් ගත් වැල ආරියපාල එම් . බි , මධ්‍යකාලීන ලංකා සමාජය . කොළඹ : ලංකාණ්ඩුවේ මුද‍්‍රණාලය , 1962. ගුණසිංහ සිරි ‘‘පූරාණ ලක්දිව වාස්තු විද්‍යාව හා කලා ශිල්ප ’’ අනුමෝදනා , අනුරාධ සෙනවිරත්න උපහාර ලිපි සංග‍්‍රහය - සංස්කරණය - එච් . සෝමතිලක හා එච් .එම් . ඩි . ආර් හේරත් , කොළඹ 10: ගොඩගේ සහ සහෝදරයෝ , 2004 . පරණවිතාන සෙනරත් ‘‘පොළොන්නරු යුගයේ කලාශිල්ප හා ගෘහ නිර්මාණ ශිල්පය’’ පොළොන්නරු යුගය - සංස්කරණය- සුමනා සපරමාදු , තිසර ප‍්‍රකාශකයෝ , 1962 බස්නායක . එස් . ටී ‘‘පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යාව ’’ අපේ සංස්කෘතික උරුමය - සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය , මධයම සංස්කෘතික අරමුදල ,1998 . 349 පිටුව ශ‍්‍රි සරච්චන්ද්‍ර බන්දුල , අපේ සංස්කෘතික උරුමය හා ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික පරිසරය . මීගමුව : විජයමුනි පියදාස සිල්වා ,53 , කුන්ඩන් විල පාර (ප‍්‍රකාශ*, සිරිවීර ඉන්ද්‍රකීර්ති , රජරය ශිෂ්ටාචාරය හා නිරිතදිග රාජධානි . කොළඹ 10 : දයාවංශ ජයකොඩි සමාගම , 2001 . 78 පිටුව සෙනරත් පරණවිතාන, පොළොන්නරු යුගයේ සභ්‍යත්වය , ලංකා ඉතිහාසය/ 1වන කාණ්ඩය . 2වන භාගය , හේමචන්ද්‍ර (සංස්* ,විද්‍යාලංකාර විශ්වවිද්‍යාලිය ප‍්‍රකාශනය , 1972. හෙන්රි ඩබ්ලිව් . කේ , ලංකාවේ නටබුන් නගර . කොළඹ : රත්නාකර පොත් වෙළ`ද ශාලාව , 1956 . . ඊ්බා්ර්බ්හ්නැ ලිසබය්කැිැ පදබසිඑසජ ්රජයසඑැජඑමරු ග1976ග ඊරදඅබ චැරජහ ල ෂබාස්බ ්රජයසඑැජඑමරු :ඊමාායසිඑ ්බා ්‍යසබාම* ග ඊදපඉ්හ ථ 1957ග ච්ර්බ්ඩසඑය්බ් ිැබ්ර්එයලක්‍සඩසකස‘්එසදබ දෙ එයැ චදකදබබ්රමඅ් චැරසදා :ජදබඑසබමැා* රුමරුකසටසදබ කසඑැර්එමරු ්බා ්රඑ ල යසිඑදරහ දෙ ක්‍ැහකදබ ලැාසඑදර සබ ජයසැෙ ර්හ යගජ ග ක්‍ැහකදබ මබසඩැරිසඑහ චරුිි ලජදකදපඉදථ 1960ග ච්ර්බ්ඩසඑය්බ් ිැබ්ර්එය ල ඔයැ ්රඑ ්බ ්රජයසඑැජඑමරු දෙ එයැ චදකදබබ්රමඅ් චැරසද ා එයැ ක්‍ැහකදබ යසිඑදරහසජ්ක වදමරබ්ක ඩදක සඩ ග ැාසඑැා ඉහ ි්ච්ර්ප්ාම ිග ා ල 1954ග ිැබ්ඩසර්එය බ් ්බමර්ාය් ල‘’ඡුධඛධභභ්ඍඹඋ්” ග ්රජය්ැදකදටදටසජ්ක ිමරඩැහ ාැච්රඑපැබඑ ල ජදකදපඉද ථ 1987 ග ිසරසඩැැර් ල ෑග ්‍යසිඑදරහ දෙ ීරසක්බන් ග ජදකදපඉදථ ෘ්හ්ඩ්බිය් ව්හ්නදාහ ්බා ජදපච්බහල2002ග විද්‍යුත් මුලාශ‍්‍ර යඑඑචථරැුරැුච්එයප්ප2ගඉකදටිචදඑගජදපරැු2011රැු07රැුයසබාම-්රජයසඑැජඑමරු-සබ-ිරස-ක්බන්ගයඑපක

No comments: