Tuesday, December 10, 2013
ශ‍්‍රි ලංකාවේ පද්‍යය සම්ප‍්‍රදාය
ශ‍්‍රි ලංකාවේ පද්‍යය සම්ප‍්‍රදාය
භාෂාව ප‍්‍රධානතම මාධ්‍යය කොට පවත්නා කලාව සාහිත්‍යය ලෙස සරලව අපි හඳුන්වමු. එම කලාව සාහිත්‍යය යන සඥාව ලබා ඇත්තේ සමාජයට හෝ අර්ථයට හෝ රසයට හිතවත් වූ බැවිනි. සාහිත්‍යයේ ප‍්‍රධාන මාධ්‍යය වන භාෂාව හසුරවන ආකාරය අනුව සාහිත්‍යය ත‍්‍රිවිධ වන බව ආචාර්ය මතය වේ. එනම් ගද්‍ය, පද්‍ය හා චම්පු/මිශ‍්‍ර යනුවෙනි. ඡුන්දසකින් තොරව පාදවලට නොබෙදා භාෂාව හසුරවනුයේ ගද්‍යය වේ. ඡුන්දසකට අනුව පාද බෙදා භාෂාව හසුරවනුයේ පද්‍යයයි (නිසඳැස් කාව්‍යය තුළ ඡුන්දසක් නොමැති වුවද පාද බෙදීම දක්නට ඇති හෙයින් එයද පද්‍ය විශේෂයෙහිලාම සලකමු*. ගද්‍ය පද්‍ය දෙකින් මිශ‍්‍ර වූයේ චම්පු කාව්‍යය හෙවත් මිශ‍්‍ර කාව්‍යය වේ. දෘශ්‍ය කාව්‍යය බොහෝ සෙයින් මේ ගණයෙහිලා සලකනු ලැබේ (ගද්‍යයෙන් පමණක් ලියවුණු දෘශ්‍ය කාව්‍යයද නූතනයේ දක්නට ලැබේ*.
සිංහල භාෂාවෙන් ‘කවිය’ යනුවෙන් හඳුන්වන මෙය සංස්කෘත භාෂාවෙන් ‘පද්‍ය/ශ්ලෝක’ යනුවෙන්ද පාලි භාෂාවෙන් ‘පජ්ජ/ගාථා’ යනුවෙන්ද ඉංග‍්‍රීසි භාෂාවෙන් ‘චදැප’ යනුවෙන්ද හඳුන්වයි. සිංහල භාෂාවේ එන කවිය යන්නෙහි මාතෘ රූපය වූ කාව්‍යය යන්නද සංස්කෘත භාෂාවේ කවිය සඳහාද යෙදී ඇතත් එය පොදුවේ සාහිත්‍යය යන අරුත්හි බොහෝ සෙයින් යෙදී ඇති බව කාව්‍යය යන්න යෙදී ඇති ප‍්‍රස්ථාවන් විමසිමෙන් පෙනේ. ‘චදැප’ යන්නට ශබ්දකොෂකරුවන් අර්ථ දක්වා ඇත්තේ මෙසේය.
පද පේළිවල සහ ශබ්දවල පිළිවෙළ අනුව පෙළ ගස්වා ඇති, යම් අදහසක්, හැ`ගීමක් හෝ මනුෂ්‍ය අත්දැකීමක් චිත්තරූප බහුලව භාවිත කොට ඉදිරිපත් කරන ලියවිල්ලකි.
පද්‍යයෙන් ඇති නිර්මාණාත්මක රචනයකි. බොහෝ විට ගැඹුරු හැ`ගීම්. වටිනා සිතුවිලි මනෝ්රම්‍ය බසකින් ඉදිරිපත් කරනු ලැබේ. පද්‍යය ලියනු ලබන්නේ යම් අත්දැකීමක් සන්නිවේදනය කරනු සඳහාය.
සෑදීම, නිර්මාණය කිරීම යන අරුත් ඇති ගී‍්‍රක පදයකින් උත්පත්තිය ලබා ඇත. කලාත්මක නිර්මාණයකි. පද්‍යයෙන් ඇති, චිත්තරූපවල ඇති සුන්දරත්වය සහ උසස්බව ලක්ෂණ කොටගත් නිර්මාණයකි.
පද්‍යයෙන් ඇති නිබන්ධනයකි. චින්තනයේ, භාෂාවේ ඉහළ සුන්දරත්වයක් පෙන්නුම් කරන බොහෝ විට පද්‍යයෙන් ඇති (නමුත් අත්‍යවශ්‍යයෙන්ම පද්‍යයෙන් තිබිය යුතු නොවේ* රචනාවකි.
කලාත්මක රචනයකි. චින්තනයේ, භාෂාවේ හෝ කලාත්මක ආකෘතියේ අතිචමත්කාරයක් පෙන්වන, පද්‍යයෙන් හෝ ගද්‍යයෙන් ඇති රචනාවකි.
යථෝක්ත නිර්වචන සියල්ල පිරීක්සීමෙන් පද්‍යයේ ලක්ෂණ අංශද්වයකින් මතු වේ. බාහිර වශයෙන් හා අභ්‍යන්තර වශයෙනි. බාහිර ලක්ෂණ යටතේ එහි ආකෘතිය අර්ථකථනය වන අතර අභ්‍යන්තර ලක්ෂණ යටතේ භාෂාව හා සංකල්ප නිර්මාණාත්මක වීම, චිත්තරූප මැවීම, චමත්කාරයක් දැනවීම, යන ලක්ෂණ අර්ථ කථනය වේ. ශබ්දකෝෂකරුවන්ගේ අදහස්වලට අනුව පද්‍යයක් යනු කිසියම් වූ අදහසක් සහෘද සන්තානයෙහි චිත්තරූප මැවෙන පරිදි හා චමත්කාරයක් ඇතිවන පරිදි නිර්මාණාත්මක සංකල්පනාවෙන් හා භාෂාවෙන් යුතුව ශබ්දවල ගැළපෙන පිළිවෙළක් අනුව පදපේළි ම`ගින් දැක්වීමයි. භාමහ නම් කාව්‍යාලංකාරිකයා කාව්‍යය යන්න හඳුන්වන්නේ ‘ශබ්දාර්ථෞ සහිතෞ කාව්‍යයම්’ වශයෙනි. ඔහුගේ පිළිගැනීමේ පරිදි කාව්‍යය තුළ ශබ්දය හා අර්ථය අතර අන්‍යෝන්‍ය ප‍්‍රතිබද්ධතාවක් පැවතිය යුතුය. මෙම ප‍්‍රතිබද්ධතාව සමස්ත ශබ්ද සමූහය මතුකරන ශබ්දය හා සමස්ත අර්ථය අතර වන්නක් විය යුතු සේ ගැනීම උචිත වේ. මක්නිසාද යත් කාව්‍යයේදි වැදගත් වන්නේ අභිධේය අර්ථයට වඩා ලක්ෂ්‍යාර්ථය හා ව්‍යංග්‍යාර්ථය බැවිනි. විශ්වනාථයන් කාව්‍යය යන්න අර්ථ දක්වන්නේ ‘වාක්‍යං රසාත්මකම් කාව්‍යයම්’ වශයෙනි. විශ්වනාථයන් කාව්‍යයේ ප‍්‍රධානම ලක්ෂණය හෙවත් ආත්මය ලෙස දකින්නේ රසයයි. භාරතේය ෙසෙද්ධාන්තිකයන්ගේ විග‍්‍රහයන්හි එන කාව්‍යය යන පදය පද්‍යය විෂයයෙහි පමණක් ලඝු කළ නොහැකි වෙතත් පද්‍යය විෂයයෙහිත් එය අදාළ හෙයින් පද්‍යයේ ලක්ෂණ දෙකක් ලෙස ශබ්දාර්ථ සුසංයෝගය හා රසාත්මකතාව හැඳින්විය හැකිය.එස්. ටි. කොල්රිජ් පවසන ‘කාව්‍යය වනාහි හොඳම වචන හොඳම පිළිවෙළට ගැළපීමයි’ යන්නද භාමහගේ විග‍්‍රහයට සමානය. හොඳම වචන හොඳම පිළිවෙළට ගැළපීම යනු යම් අර්ථයක් පැවසීමට වචන/ශබ්ද කිහිපයක් ඇත්නම් ඒ අතුරින් සමස්තාර්ථයට උචිත වූ ශබ්දයක් ඇති පදය තෝරාගැනීම හා එසේ තොරාගත් පදය/පද සමස්තාර්ථයට උචිත වූ තැනෙක පිහිටවීමයි. ධ්වනීවාදීහු කාව්‍යයේ ආත්මය ධ්වනිය ලෙසත් රීතිවාදීහු කාව්‍යයේ ආත්මය රීතිය ලෙසත් දැක්වූහ. මෙනයින්ම වක්‍රෝක්තිවාදින් හා ඖචිත්‍යවාදීන්ද අර්ථ දක්වා ඇත. එසේ හෙයින් කාව්‍යය යන්න අර්ථ දැක්වීමේදි අපට එක් ගුරුකුලයකට වහල් විය නොහැකි සේම එකකුද නොවැදගත් යැයි ප‍්‍රතික්ෂේපද කළ නොහැකිය. එසේ හෙයින් කාව්‍යය යනු යථෝක්ත සියල්ලෙන් සමලංකෘත වූවක් ලෙස අර්ථ දැක්වීම යෝග්‍ය වේ. එහෙත් මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුත්ත නම් යම්කිසි පද්‍යයක රස, ධ්වනි, ඖචිත්‍ය, වක්‍රෝක්ත්‍යාදි කාව්‍ය ලක්ෂණයන්ගෙන් එකක් හෝ දෙකක් නොඑසේ නම් කිහිපයක්ම නොතිබීම එය කවියක් නොවීම විෂයයෙහි බල නොපානා බවයි. ගද්‍යයෙන් පද්‍යය වෙන් කිරීමේ ප‍්‍රධාන ලක්ෂණය ලෙස පූර්වයේ පටන් සැලකූ පාද බෙදීම යන සංකල්පය වුව එක් පාදයකින් නිමවන කවියක් හමුවෙහිදී ප‍්‍රතිෂ්ඨා විරහිත බවට යේ. ඇතැම් ශබ්දකෝෂකරුවකු මෙය සලකාගෙන හෝ වෙනත් යම් ආස්ථානයක් සලකාගෙන කවිය යන්න ගද්‍යයෙන්ද පැවතිය හැකි බව පිළිගෙන ඇති අයුරු ශබ්දකෝෂයන්ගෙන් ගත් උධෘතයන්ගෙන් පෙනේ. කවියේ යුග ප‍්‍රවණතා අනුව කවියේ නිර්වචනය වෙනස් විය යුතු බව අපි පිළිගනිමු. පද්‍ය ඉතිහාසයේ එය එසේද වී ඇති බව නිසඳැස් හා දෙපද කවි විමසීමෙන් පෙනේ. ආදියෙහි පද්‍යයේ විශේෂ ලක්ෂණය ලෙස සැලකුවේ ඡුන්දස හා චතුෂ්පද වීමයි (පද්‍යං චතුෂ්පදී තච්ච වෘත්තාං ජාතිර්ති ද්විධා*. නිසඳැස්වල හා දෙපදයන්ගේ සම්ප‍්‍රාප්තියෙන් පසු නිසඳැස හා දෙපදය කවි ලෙස පිළිගැනීමට වූයෙන් කවියේ අනිවාර්ය අංගය ලෙස සැලකූ ඡුන්දස හා චතුෂ්පදිත්වය යල් පැන ගිය බව අපි දනිමු. නූතන කාව්‍ය ප‍්‍රවණතා අධ්‍යයනය කරන විට ‘පාදවලට බෙදනු ලැබුයේ පද්‍යය’යි යන සංකල්පයේද වලංගුතාව පිරිහෙමින් පවත්නා බව පෙනේ. එසේ හෙයින් කවිය යනු යම්කිසි අදහසක් කාල්පනිකත්වයේ හා භාෂාවේ ඇති නිර්මාණශීලීත්වය ම`ගින් සහෘදයා තුළ චමත්කාරයක් දැනවෙන ආකාරයට කරන රචනාවකි යන ආකාරයේ නිර්වචනයක පිහිට පැතීමට සිදු වේ.
අලංකාරවාදයේ ප‍්‍රගමනය විවර වනවිට අලංකාරවාදයේ අර්ථයද කලින් කලට වෙනස් වන්නට විය. උදාහරණ වශයෙන් ‘‘දණ්ඩින්ගේ භාවිතයට අනුව කාව්‍යයේ ශෝභාව ඇති කරන ධර්මයෝ යම්තාක් වෙත්ද ඒ සියල්ල අලංකාර හැටියට දණ්ඩින් කල්පනා කළේය.’’ රීතිවාදියෙකු වන වාමන නම් ප`ඩිවරයා පවසන්නේ වෙනත් කාරණයකි. ‘‘අලංකාර යනුවෙන් අදහස් කළේ කාව්‍යය පුරා පැතිරී සෞන්්දර්යය නැතහොත් චමත්කාරයයි.’’ මෙමගින් අලංකාරවාදය කුමක්ද? යන වග සහ එය පසුකාලීනව පුළුල් වපසරියක් තුළ ප‍්‍රසාරණය වී ඇති ආකාරය සුබෝධ වේ. ඒ බැව් මෙම ප‍්‍රකාශන මගින් සනාථ වේ.
‘‘කාව්‍යං ග‍්‍රාහ්‍යමලංකාරාත් ’’ (කාව්‍යය අලංකාරවලින් ගත යුතුය.*
(වාමන - කාව්‍යාලංකාර සූත‍්‍රවෘත්ති*
‘‘ගුණවදලඞකෘතශව වාක්‍යමේව කාව්‍යම්’’ (ගුණවත් වූ අලංකාර සහිත වූ වාක්‍යය කාව්‍යයයි.* (රාජශේඛර*
‘‘කාව්‍යශොභාකරාන් ධර්මාං අලංකාරං ප‍්‍රචක්‍ෂ්‍යතේ’’
(කාව්‍ය ශෝභාවත් කරන ධර්මයෝ අලංකාර වෙති.*
‘‘රූපකාදීමලංකාරං තෙනුප‍්‍රාසෝ පමාදය’’
(උපමා, රූපකාදී අර්ථාලංකාර හා යමක අනුප‍්‍රාස ආදී ශබ්දාලංකාර භාවිත කරමින් කවිය සැරසීම අලංකාරවාදය වේ.*
‘‘රූපකාදීමලංකාරං බාහ්‍යමචක්‍ෂ්‍යතෙ පරෙ’’
(කාව්‍ය පුරා පැතිරී ඇති සෞන්දර්ය නැතහොත් චමත්කාරය අලංකාර වේ.*
‘‘ගුණවදලංකෘතශ්ව වාක්‍යමෙව කාව්‍යම්’’
(ගුණවත්වූද අලංකාර සහිතවූද වාක්‍යය කාව්‍යයයි.*
‘‘ශබ්දාර්ථෞ සහිතෞ වක‍්‍ර කවි ව්‍යාපාර ශාලිනී බෙන්‍ධ ව්‍යවස්ථිතෞ කව්‍යයං ත`විදාහ්ලාද කාරිණි‘‘
(බන්ධනයෙහි යෙදුනාවූ ශබ්ද, අර්ථ දෙක වක‍්‍ර කවි ව්‍යාපාරය ස්වභාව කොට ඇති ආහ්ලාද ජනකය කාව්‍ය නමි.*
සියබස්ලකර හා කාව්‍ය සම්ප‍්‍රදාය
මුවදෙව්දාවත, සසදාවත, වෙසතුරුදාකව ආදී කාව්‍ය නිර්මාණ කැඩපතක් සේ සාක්‍ෂි දරයි. ඒ අනුව ’’කව්සිළුමිණ දැනට අප අතට ලැබී ඇති ජාතක කතාවක් පදනම් කර ගනිමින් ලියූ ප‍්‍රථම මහා කාව්‍යයයි.’’
ඒ අනුව තම නිර්මාණයට උචිත ජාතක කතාව වන කුස ජාතක කතාව තෝරා ගැනීමට කතුවරයා ප‍්‍රතිභාපූර්ණ සහ විචක්‍ෂණ ඥානයකින් හෙබි විය. මෙකල කතුවරුන් තම කෘතියට බෞද්ධ මුහුණුවරක් යොදා ගැනීමට යුහුසුළු වූවේ එකළ කාව්‍ය බන්‍ධනයේදී බුදු සිරිත ගුරු කොට ගත යුතු බව සියබස්ලකර නමැති කාව්‍ය රීති පොතෙහි අන්තර්ගත වීම නිසාවෙනි.
”පෙදෙන් බුදු සිරිතැ
බසින් වත් සිරිත් ඈ
පද යුතු බසින් ඈ
අනතුරු ලකුණු දක්වම්’’
එහෙත් කතුවරයා තම කෘතිය සඳහා කුස ජාතකය යොදාගනිමින් උක්ත ප‍්‍රස්තුතය හා එක`ග වුවද තම කෘතිය අරඹන්නේ මහා කාව්‍ය ලක්‍ෂණයක් වන ආශිර්වාදයකින්, නමස්කාරයකින් හෝ වස්තු නිර්දේශයකින් නොවේ. එය ඇරඹෙන්නේ
”තමා වරදස නොදිස්නේ - මෙරමා දොස් මැ දිස්නේ
නුවන් බැහැර නහමත් - තමා මුත් නොදක්නේ කිම් ’’
මෙහිදී කතුවරයා මහාකාව්‍ය ලක්‍ෂණ වලට පටහැනිව ගොස් ස්වාධීන මගක් අනුගමනය කළ බව ප‍්‍රකට ෙවි. මීට අමතරව කතුවරයා තම මහා කාව්‍ය සම්පාදනයේදී කුස ජාතකයෙහි උපයුක්ත කරුණු කාරණා මුතු පබළු එකිනෙක මාලකයකට ගලපන්නා සේ සරසා ඇත්තේ මහා ලක්‍ෂණයන්ට යටත් වෙමිනි. එසේම මහා කාව්‍ය ලක්‍ෂණයන්ට උපයුක්ත වන සේ යම්යම් සිද්ධි කතුවරයා තමාට අභිමත පරිදි රසෝත්පාදනය වන සේ යොදා ගෙන ඇත. ඒ අනුව කාව්‍යාදර්ශයෙහි සහ සියබස්ලකරෙහි එන මහාකාව්‍ය ලක්‍ෂණ කිහිපයක් දැක්වීම මා මේ සඳහා වඩා උචිත යැයි සිතමි.
x ”සර්ග බන්‍ධනයෙන් යුක්ත වීම.
x වස්තුවක් හෝ ආශිර්වාදයක් හෝ නමස්කාරයක් මුල්වීම.
x කථාව ඉතිහාස කථාවක් හෝ වෙනත් සත්‍ය කතාවක් වීම.
x ධර්ම, අර්ථ, කාම, මෝක්‍ෂ, යන මේ සිව්පලයෙන් යුක්තවීම.
x කථානායකයා වීර උදාර ගුණවතෙකු වීම.
x නගර, මුහුද, පර්වත, ඍතු, වන, සූර්යෝදය, චන්දෝදය යන වර්ණයන්ගෙන් යුක්තවීම.
x දිය යෙළි ,උයන් කෙළි, මධුපාන උත්සව යනාදිය තිබීම.’’
කතුවරයා උක්ත ලක්‍ෂණයන්ට ගැළපෙන සේ ජාතක කතාව යොදා ගනිමින් කාව්‍යකරණයෙහි යෙදී ඇත. ජාතක කතාවෙහි දැක්වෙන පරිදි මහා කාව්‍යයට යොදා ගත් කතාව මෙසේය. මෙම මහාකාව්‍ය පුරාවටම දිග හැරෙන පේ‍්‍රමවෘතාන්තයෙහි ප‍්‍රධාන චරිත දෙක වන්නේ කුස රජු හා පබාවතියයි. කුස රජු ඔක්කාක රජුගේ සහ සීලවතී බිසවගේ පුත‍්‍රරත්නයයි. නමුදු ඔහු රුවින් අවලස්සනය. ඒ බැව් කුස ජාතක කාව්‍යයේ එන ’නැඹුලූ යකෙක් ’ යන වදන් වලින් පැහැදිලි වේ. කුමරු තමාගේ ඇති අවලස්සන රුව නිසාවෙන් විවාහ වීමට අකමැතිව සිටියේය. නමුදු ඔහු ඇඹවූ රන් රුවට සමාන රුවකින් යුත් ස්ත‍්‍රියක් සිටින නිසාවෙන් ඇය සම`ග විවාහ වීමට ඔහු රුචි විය. ඇය පබවතියයි. කුස රජුගේ මව, විවාහ වී දරුවෙක් ලැබෙන තුරු දෙපල මුහුණට මුහුණ දවාලයේදී හමු නොවිය යුතු බවට මුසාවක් පවසයි. නමුදු කුස රජු තම පෞරුෂය පෙන්වීමට ගොස් පබවතියට හසුවේ. ඇය තමා මුලා කළ බව දැන තම රාජ්‍යය බලා පිටත් වෙයි. නමුත් පරාජය බාර නොගන්නාවූ කුස රජ තම පිරිස සම`ග ගොස් ඇයගේ සිත දිනාගෙන සිය රටට පැමිණේ. සර්ග පහළොහක් පුරාවට ගී සත් සිය හැත්තෑවක් ම`ගින් රසික හදවත් විටෙක විරහයෙන් තවත් විටෙක ශෘංගාරයෙන් ඔප්නංවමින් දිග හැරෙන්නේ එම පේ‍්‍රම වෘතාන්තයයි.
ඒ අනුව පැහැදිලි වන්නේ ”බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබෙන උසස්ම පේ‍්‍රම කතාව මෙය විය යුතු බවයි.’’ එසේම මෙම කාව්‍යය විමර්ශනය කිරීමේදී සුවිශේෂී සංකල්පනාවක් සමාජයට සිහිපත් කරයි. එනම් ”කුස ජාතකයෙන් කියවෙන්නේ විවාහයේ යථාර්ථයයි. විවාහය වූ කලි බලය හෝ ශක්තිය මත රඳා පවතින්නක් නොව. ස්තී‍්‍ර පුරුෂ රුචි අරුචි හා අන්‍යෝන්‍ය විශ්වාසය මත පවතින්නකි.’’ මීට අමතරව කතුවරයා ඔහු සතු නිස`ග සකු දැනුම යොදා ගනිමින් රඝුවංශය, ජානකීහරණය, ශිශුපාලවධය ආදී කෘති පරිශීලනය කර ඇති බව කාව්‍ය විමසීමේදී පසක් වේ. ඒ සඳහා උදාහරණ 14-26, 14-14, 5-7, 6-23, ආදී බොහෝ අවස්ථා දැකගත හැකිය. ඒ අනුව උක්ත කරුණු විමසීමේදී කව්සිළුමිණ කාව්‍ය රසාස්වාදය මිනිස් සිත් සතන් සනහන අපූරු පේ‍්‍රම වෘතාන්තයක් සේ පාඨක සිත් තුළ කි`දා බැස්මට සමත් වී ඇති බව මනාව පසක් වේ. ”කව්සිළුමිණ පාඨක ලෝකයාගේ මනෝරඤ්ජනය කරන්නේ නියම කතාවක් වශයෙනි. පේ‍්‍රම කතාවක් වශයෙන් මෙය ලොව ශ්‍රේෂ්ඨතම පේ‍්‍රම කතාව අභිබවා නොසිටියත් සමතැන් වත් ගන්නේයැයි කීම අතිශයෝක්තියක් නොවේ.’’ සත්තකින්ම ඒ බැව් ග‍්‍රන්‍ථ පරිශීලනයේදී මොනවට පසක් නොවේද?
පරාක‍්‍රමබාහු රජතුමා සහ තත්කාලීන සමාජ පසුබිම
වීර අලකේෂ්වරයාණන්ගෙන් පසු කෝට්‌ටේ රජ බවට පැමිණියේ සයවැනි සිරි පැරකුම්බා රජුයග මෙතුමා ක්රිාස්‌තු වර්ෂ 1515 දී ලක්‌දිව එකම සිංහ කොඩියක අණසක යටතේ පාලනය කරමින් රටේ උන්නතිය සඳහා සෑම විටම කටයුතු කළේයග සයවැනි පැරකුම්බා රජ කෝට්‌ටය අගනගරය කරගෙන මුළු සිරිලකට අගරජ බවට පැමිණි වසර පිළිබඳව විවිධ මත පළවේග සිරි රහල් හිමියන්්ගේ පංචිකා ප්රබදීපයෙහි රාජ්යබ වර්ෂය ක්රිිග වග 1412 දී සිදු වූ බව සඳහන් වේග තවද පැපිළියානේ එක් සෙල් ලිපියක එම වසර ක්රිුග වග 1412 වන අතර තවත් එහිම ඇති සෙල් ලිපියක ක්රිිස්‌තු වර්ෂ 1415 දී රජතුමා අභිශේක ලත් බවයග :කතිකාවත් සඟරාවය ඩීග බීග ජයතිලක* :1922 පැපිලියානේ සෙල්ලිපියග*
මේ රජතුමා රයිගමදී ක්රිදග වග 1412 දී ඔටුනු පැළැන්ද හෙයින් රාජ්යෙයද්ය වර්ෂය එය ලෙස පිළිගැනේග කෝට්‌ටේ රාජ්යතත්වයට පැමිණියේ ක්රි ග වග 1415 දී යග එබැවින් මේ රජතුමා රයිගමදී ඔටුනු පැළැන්ද බව ර්‍ණපැරකුම්බා සිරිතෙහි” එන පහත සඳහන් කවියෙන් පෙනේග
ර්‍ණඋතුම් ගුණ යුත් මෙ පැරකුම්බා
නිරිදු රයිගම් නම් පුරා
බරණ සූ සැට සිද්ද වොටුනුත්
පැළඳ විලසින් පුරදරා”
ක්රි ග වග 1412 දී මේ රජු රයිගමදී රජ වී තැනින් තැන සිටි ප්රාඑදේශීය රජුන් මෙල්ල කොටග ක්රි ර්‍ණග වග 1415 දී සකල ශ්රීි ලංකාවේම රජ බවට පැමිණි බව නූතන විද්වතුන්ගේ පිළිගැනීමයිග
මේ රජතුමාගේ රාජවංශය ගැන ර්‍ණපැරකුම්බා සිරිතෙහි” සහ සිරි රහල් හිමියන්ගේ කාව්යා ශේකරයෙහි සඳහන් වේග රජතුමාගේ මෑණියන් කලිඟු රට රාජ වංශයට අයත් සුනේත්රාි නම් දේවියක බවත් සඳහන් වන අතර එතුමිය සිහිවීම සඳහා පැපිළියානේ සුනේත්රාට දේවි පිරිවෙන ඉදිකරන ලද බව ද එම ග්රතන්ථ දෙකේම සඳහන් යග මහනුවණැති සාහිත්යපකාමී මේ නිරිඳුන්ගේ පිය පෙළපත දේවානම්පියතිස්‌ස රජ සමය දක්‌වා දිව යයිග දහම් සෝ රජුගේ ඉල්ලීම පරිදි සඟමිත් තෙරණිය සිරිමා බෝපැළය ලක්‌දිවට ගෙන එන විට 18 කුලයක කුමාරවරු ඇය සමඟ මෙරටට පැමිණියහග එම කුමාරවරු අතරින් ර්‍ණසුමිත්ර ” නම් කුමරු හට දේවානම්පියතිස්‌ස රජතුමා විසින් ර්‍ණජයමහලේනා” යන පදවිය ප්රිදානය කරන ලදීග සවන පැරකුම්බා රජතුමාගේ පියා එම කුමරුන්ගේ පරපුරෙන් පැවතෙන බවත්ල එතුමා ද එම පදවිය හෙබවූ බවත් සඳහන් යග ර්‍ණජයමහලේනා” සුමිත්රක කුමරුගෙන් පැවති ආ සවුලු විජයබාහු රජුගේ පුතෙකු බවත් මහ පැරකුම්බා රජුගේ මුණුපුරෙකු බවත් ශ්රී මත් ඩීග බීග ජයතිලක ශරීන්ට බ්රි තාන්යව කෞතුකාගාරයෙන් ලැබුණු රාජාවලිය පිටපතක සඳහන් වේග :පැරකුම්බා සිරිත අබේගුණරත්න සංස්‌කරණය 1940 හැඳින්වීම ඩීග බීග ජයතිලකග*
සවන සිරි පැරකුම්බා රජු කෝට්‌ටේ රජ වූ නොබෝ දිනකින්ම මුළු හෙළ දිවයිනම එකම සිංහ කොඩියක සෙවනේ යෙහෙන් වැජබෙන්නට වියග සතුරු කරදරවලින් තොර වී සියලුම ජාතීන් අතර සාමයල සමගිය වඩ වඩාත් පැතිරෙන්නට වියග මේ නිසා දිවයිනේ සෑම ප්රනදේශයකම ආර්ථිකල සාමාජිකල ආගමික පිබිදීමක් ගොඩනැගිණිග රජතුමා සාහිත්යනකාමියෙකිග දැහැමි බෞද්ධයෙකිග ඇමැති මඩුල්ල භාෂා සාහිත්යියල ගණිතයල විද්යාඩව හා තාක්ෂරණය අතින් පිරිපුන් පිරිසක් නිසා රජතුමාට රට පාලනය කිරීමට දැඩි ආයාසයක් ඇවැසි නොවීයග නිරන්තරයෙන් මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබමින් දැහැමින් සෙමෙන් රට පාලනය කළේයග ඔහු කෝට්‌ටේ අභිසෙස් ලැබුවේ කීර වැල්ලෙන් :රාජාවලිය 48 වැනි පිටුව* රාජවංශික කුමරියක ආවාහ කරගෙනයග මේ නිසා රජතුමාට සිහසුන කෙරෙහි ඇති අයිතිය වඩාත් තහවුරු බවට සැකයක් නැතග මේ රජතුමාට පුත් කුමාරවරු නොසිටියහග චද්ර වතිල ලෝකනාථා :අලකුඩය* නමින් දියණියන් දෙදෙනෙක් වූහග දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණ පදිංචි වී සිටි පනික්‌කාර් නම් නායකයකුගේ පුතුන් දෙදෙනෙකු සිය පුත් කුමාරවරු ලෙස ඇති දැඩි කරගත්තේයග දෙබෑයෝ සපුමල් කුමරු හා අම්බුලුගල කුමාරයා නම් වූහග මේ රජතුමාගේ පුත් තනතුරෙහි වැඩුණු අනෙක් කුමරා නම් පැවිදි බිමට පැමිණි හෙළයේ මහා පඬිරුවනක් වී ලෝක පූජිත ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්රීඅ රාහුල නාහිමිපාණන් වහන්සේයග සතර කෝරලේ පාලකයා වශයෙන් සිටි මායාදුන්නේ කුමරු ඔහුගේ එකම සොහොයුරායග
සිය පුත් තනතුරේ හැදුනු වැඩුණු සපුමල් කුමාරයා යාපනයට යවා එය විදේශ ආධිපත්යදයෙන් මුදවා එහි බලය ස්‌ථාපිත කළේයග තවද උතුරේ ද්රයවිඩ රජුන්ගේ මෙන්ම රටේ විවිධ ප්ර දේශ අල්ලා ගෙන රජ කළ ප්රාවදේශීය රජවරුන්ගේ පාලනය විසිරුවා හැර රට දේශපාලනමය වශයෙන් එක් සේසත් කිරීමට දුක් සේ හා සියුම්ව කළ යුතු කාර්යයක් බව රජතුමාට වැටහී ගියේයග මේ රජතුමාගේ රාජ්යුය කාලයේ මුලින්ම සිදු වූයේ ගිරා සංදේශයෙහි සඳහන් පරිදි වන්නි පෙදෙස් 18 ක ප්රාජදේශීය රජවරු පලවා හැර බලය සියතට ගැනීමයිග තවද මේ රජතුමා කිසිම කෙනෙකුට රටේ ඒකීය බව නැති කිරීමට ඉඩ නොතැබූ අතර සියලුම ජාතීන්ට සිය ආගම් ඇදහීමට කාව්යරකරණයේ යෙදෙන සාහිත්යකකාමීන්ට තෑගි බෝග දීම යන ආදිය පවා කළේයග මේ රජතුමා සාහිත්යසකාමීන්ගේ ප්රරයෝජනය සඳහා ර්‍ණරුවන්මල් නිඝණ්‌ටුව” නම් ගද්ය පොතක් කරවීයග මේ නිසාම කෝට්‌ටේ ප්රගධාන කොට රටේ සෑම ප්රාදේශයකම ගද්යණල පද්යයල සාහිත්යර නවෝදයක් ඇතිවියග එබැවින් මේ ප්රකතාපවත් රජතුමා සෑම කෙනෙකුගේම නෙමඳ ගෞරවයටත් ආදරයටත් පාත්ර් වියග
දුටුගැමුණුල මහා පරාක්රබමබාහු වැනි ශ්රේයෂ්ඨ නරපතියන් මෙන්ම මේ රජතුමා ද බුද්ධාගමේ චිරස්‌ථිතිය සඳහා අනුපමේය සේවාවක් කළේයග එමෙන්ම හින්දු බැතිමතුන්ගේ පූජනීය කටයුතු උදෙසා යාපනයේ නල්ලූර් කෝවිල සපුමල් කුමාරයා විසින් ගොඩනැගූ වකවානුව තුළ බත්තරමුල්ලේ ඉසුරු කෝවිල ඉදිවියග
එපමණක් නොවල සවැනි පැරකුම් යුගයේ භාෂා සාහිත්යවල ආර්ථිකල ආගමික මෙන්ම සංස්‌කෘතික වශයෙන් රටේ විශාල ප්රමබෝධයක් ඇතිවියග එකල සිටි මහා පඬිරුවනක් වූ තොටගමුවේ ශ්රීස රාහුල මාහිමිපාණන් මෙන්ම ශ්රේශෂ්ඨ පඬිවරු රාශියක් පිරිවෙන් හ ඊට අනුබද්ධ කුඩා අධ්යාටපන ආයතන බිහිවූහග එමෙන්ම ස්‌වභාවික වෘක්ෂරලතා ආදිය ගංගාවන් සංරක්ෂවණය කිරීම ජනයාගේ සෞඛ්යුයට හිතසුව පිණිස වූ බැවින් බත්තරමුල්ලේ කොන්තගන්තොටල දියවන්නාඔය වැනි ස්‌ථාන රජ අණසකට යටත් ප්රයදේශ වශයෙන් හැඳින්වියග තවද එහි තිබුණු රජමල්වත්ත ප්රිදේශය අද ද ඒ නමින් හැඳින්වේග
කෝට්‌ටේ ඓතිහාසික රාජමහා විහාරයේ රමණීය මැඳුරක ශ්රීර දළදා වහන්සේ තැන්පත් කොට දළදා අනුහස් ලබමින් රජතුමා සැම විටම දැහැමි පාලනයක් ගෙන ගියේයග මෙකළ කැකුන ඉටි යෙදූ පන්දම්වලින් හෙබි පහන් රෑ කල කෝට්‌ටේ නගරය ඒකාලෝක කෙරිනග එහි දැකුම්කළු දෙමහල් මන්දිර පවා මේ නගරයේ දිස් වූ බව ඉතිහාසයෙන් පෙනේග
කෝට්‌ටේ අග නගරය තුළ මේ යුගයේ වෙහෙර විහාර කීපයක්‌ම මේ රජතුමා විසින් ඉදිකරන ලදීග අප මෙහි සඳහන් කරන ලද පැපිළියානේ සුනේත්රා දේවි පිරිවෙනට අමතරව නුගේගොඩ සුභද්රසරාමයල විඡේරාම පන්සලල දෙහිවල කරගම්පිටිය පන්සල – කොරතොට විහාරයල කෝට්‌ටේ පැරකුම්බා පිරිවෙන ඉන් සමහරකිග කෝට්‌ටේ පහල වූ මේ දැහැමි රජතුමාගේ නාමය මෙන්ම දැහැමි පාලනයක් මුළු රට පුරා පැතිරෙන්නට වියග එහෙයින් දෙවිනුවර තිලක පිරිවෙණ හා ඊට අනුබද්ධ වාව්වේ වනවාසල ධර්ම රක්ෂිකත පිරිවෙනල කෑරගල පද්මාවතී පිරිවෙන ඇතුළු ශිල්පායතන රාශියක් නිසා අපේ රට භාෂා සාහිත්ය් කලා ශිල්ප අතින් ලෝකයේ සෙසු රටවලට නොදෙවැනි තත්ත්වයක තිබිණිග තවද ගැමියන්ගේ සාක්ෂයරතාව වැඩිදියුණු කළ පස් පිරිවෙන – ගතාරා පිරිවෙන ආදී කුඩා ශිල්පායතන කීපයක් තිබිණිග
සාහිත්යි අම්බරයේ දිදුලන තාරකාවක් බඳු කෝට්‌ටේ පුරවරය මුළු රටට පමණක් නොව අසල්වැසි ඉන්දියාවට ද ආදර්ශයක් වියග දකුණු ඉන්දියාවේ චෝල ප්ර්දේශයෙන් මෙරටට පැමිණි නත්නූරු කුනයාල ශ්රී රාමචද්රැ භාරතී වැනි සාහිත්ය්කාමීන් ව්යික්‌ත ලේඛකයන් බවට පත්වූහග
සිංහල සටන් කාව්යයයේ ආරම්භය
..පැරකුම්බා සිරිත.. රජසිරි වැනුමට කළ විරුද කවක් වූවද කාව්යිය අරඹන්නේ බුදුහිමි නැමදීමෙනිග
පිහිටි කුලුණඹ තුර දහම් මුවර ද රස බර
දෙව් සුරනර බමර වඳිම් මුනි රජ තඹර සිරිසර
කවියා දකින්නේ බුදුන් වහන්සේ පියුමක් ලෙසිනිග ඒ පියුම කරුණාව නම් දියෙහි වෙයිග දහම් නැමැති මුවර දි ඒ සියපතෙහි ඇතග දෙව් මිනිස් බමර කැල විසින් සේවනය කෙරේග
සටන් කාව්යත ඉතිහාසය විමසන විට එහි ආරම්භය කිරසි ග පූග 2000 තරම් ඈතට දිව යයිග සටන් කාව්ය්යක මුලික ලක්ෂ ණය වන්නේ එය යුද්ධයක් මූූලික කරගෙන නිර්මාණය වී තිබීමයිග ගීර එහක සාහිත්යමයෙහි එනීඉලියඩ්’ සහ ඕඩිසි’ යන මහා කාව්ය සඳහා ගීරරග සියේ ටෙරීග වයි නුවර ඇති මවු සටනක් හේතු වී ඇතග ලතින් ස්පාඤ්ඤ ජර්මන් ඉංගීසි සංස්කෘත ආදී සාහිත්යයයන්හි සටන් මූලික කරගෙන කාව්යබ නිර්මාණ බිහිවී ඇති බව ඒ ඒ සාහිත්යකය අධ්යහයනය කරන විට හඳුනාගත හැකි යග අයිරිෂ් සාහිත්යියෙහි ද සටන් පිළිබඳව ලියවුණු කාව්ය යන් බොහෝ දක්නට ලැබේගසිංහල ළුසටන් කාව්යු සඳහා වඩාත් බලපාන්නේ භාරතීය කාව්යනය යිග භාරතීය සාහිත්යංයේ සටන් කාව්යල ලක්ෂවණවල ඡායාව දක්නට ලැබෙන්නේ කිරා වග පුග 2500 දී තරම යග භාරතීය වේද ගරයේ න්ථයන්හි සටන් පිළිබඳව සඳහන් වේග භාරතය දේව විශ්වාසවලින් පිරිපුන් රටකිග භාරතීය දෙවිවරු අතර ඉන්ද්ර දෙවියන් සටන් කාමී දෙවියකු වශයෙන් පරදේ සිද්ධ යග වේද ගරිළ න්ථයන්හි ඉන්ද්ර දෙවියන් ගේ සටන් කාමීත්වය වීරත්වය ඉහළින් වාර්ණනා කර ඇතග සෘග් වේධයෙහි ඉන්ද්රි දෙවියන් වර්ණනා කිරීම සඳහා යොදාගෙන ඇති ස්තෝතර්ර සටන් කාව්ය්යක මූලික ලක්ෂතණ මතු කරයිග සංස්කෘතීමහා භාරත’ නම් කෘතිය සඳහා පාදක වී ඇත්තේ ගෝතිරටන්ක සටනකිග රාමායනයෙන් පර්ෂ කාශ වන්නේ රාවණාගේ වීරකිරෘතදයා පිළිබඳව යගසිංහල සටන් කාව්යඇ සඳහා පාලි වංශකතා සාහිත්ය්යේ ද බලපෑමක් ඇතැයි සිතිය හැකි යග දීපවංශයෙහි පාලි මහා වංශයෙහි එන දුටුගැමුණු වර්ණනාව සිංහල සටන් කාව්යකවල මුල් සැලැස්ම ලෙස දැක්විය හැකි යග චූලවංශයෙහි පළමුවන පරාකරර්ණම බාහු චරිතයත් එහිි දෙවැනි කොටසෙහි දෙවන පරාකරයශ ම බාහු චරිතයත් සිංහල සටන් කාව්යම ආරම්භයට බලපාන්නට ඇතැයි සිතිය හැකි යගසිංහල සාහිත්යව බුදු දහහම පදනම් කරගෙන ගොඩනැඟුණු සාහිත්යූයක් බැවින් සිංහල සාහිත්යතයේ ආරම්භක යුගයේ දී සටන් කාව්ය් වලට සාහිත්යදයේ තැනක් හිමි නොවී යග එහෙත් දොළොස්වන සියවසේ අග භාගය සහ දහතුන් වන සියවසේ මුල් භාගය වන විට රජවරුන්ගේ රණකාමිත්වය කිර්තිය තේජස ආදී ලක්ෂ ණ වර්ණනා කර ඇති බව පහත සඳහන් කාව්යභ යන්ගෙන් පැහැදිලි වේග
නර නිඳු සඳ ගිරිදු
බුජකුළු ලකුළු කගසීහී
රුපු ඇත් මුදුනේ
දළ දජ මුල කබලගත් :මුවදෙව් දා41*
ඒ නරේන්ද්රෝ්ත්තමයා නමැති පර්වත රාජයාගේ බාහු නමැති මස්තකය අලංකෘත කළා වූ කඩුව නමැති කේසර සිංහ රාජයා සතුරු පිරිස් නමැති ඇත් මුදුණේ මහත් එඩි නමැති මොල කබල හැරගත්තේ යග
රණ රෙඟ නරතුරු
එවිරු කෙවත නොනටත්යස
ගී ගා දියෙහි
කවඳ සුවහස් නැටුම් ගැන්වූ:සසදාවත 212*
යුද්ධ රංගයෙහි කවන්ධ දහස් ගණනක් නිරන්තරයෙන් නැටවූ ඒ වීරයා පිළිබඳ යස ගී ගයා නො නටන්නට ලොවෙහි කවරකු සමත් වේ ද?සිංහල සාහිත්යටයෙහි සටනක් පිළිබඳ මුල් ම සඳහන දක්නට ලැබෙන්නේ කව් සිළුමිණෙහි යග
පවසමින් ඉති නර - වරණ රණ හේ සෙබළන්ලවත් දත් පිළු ද පිරිමැදි - නෙත් දත් රැසින් නහවා
වදනිනෙ යුගත්නල - ගස් ලද මුහුදු මිහිතෙලෙදිවු විලසක් පාමින් - සිවුරඟ සෙනග යාගත්
පැසුළු ගොසින් එදූ - සැදූ සවන්් නරවරන්එබසින් අග ලොමු දෙහෙන් – සදමින් දිවි රජ රැස් කව් සිළුමිණ 659ල 660ල 661
නර ශ්රේ1ෂ්ඨයාණෝ මෙසේ පවසමින් යුද පිණිස යුද භටයන් ගේ මුහුණු සහ උරහිස ද නේතර–ිව කාන්තියෙන් සහ දන්ත කාන්තියෙන් නහවා පිරිමැන්දෝ යගඒ වචනයෙන් කල්පාන්ත මාරුතයෙන් පහර ලත් සමුදාය පෘථිවියෙහි දිවූ විලාසයක් පාමින් සිවුරඟ සෙනග ගමන් ගනීග පසුව ඒ දූතයෝ ගොස් ඒ වචනයෙන් නරවරයන්ගේ කන් සෑදූහග රාජ සමූහ තෙමේ ඒ වචනයෙන් ශරීරයෙහි ලොමු ඩැහැ ගැනීම් ඇතිකරමින් දිවී යගකුස ජාතකය වස්තුකොට ගෙන රචිත කව්සිළුමිණ කුසජාතකයෙහි වර්ණනා නො කරන ලද යුද වර්ණනාවක් කවි සිළුමිණෙහි දක්නට ලැබේග මහා කාව්යායක තිබිය යුතු ලක්ෂලණ රැක ගනිමින් කව් සිළුමිණ රචනා කර ඇති බැවින් යුද්ධ වර්ණනාවක් ඇතුළත් කර ඇති බව පෙනේග මේ සඳහා දකුණු ඉන්දියාවේ ද්රගවිඩ හටන් කාව්ය යන්ගේ අභාසය ද ලබා ඇති බැව් පෙනේගසිංහල සටන් කාව්යණයේ ආරම්භය පිළිබඳව සාකච්ඡා කරන විට සන්දේශ කාව්යඅයන්හි බලපෑම ද අමතක කළ නොහැකි යග මයුරල පරෙවිල කෝකිලල හංස ගිරා ආදී සන්දේශ කාව්ය්වල එන රාජ වර්ණනාවලින් සටන්්කාව්ය ලක්ෂංණ පිළිබිඹු කරයිග සන්දේශ කාව්යභයන්හි එන රාජ වර්ණනා බොහෝ විට රජවරුන් ගේ තේජසල බලය කීර්තිය හා යුධ වීරත්වය අතිශයෝක්තියෙන් යුක්තව වර්ණනා කිරීමට බොහෝ සන්දේශ කරුවෝ පෙළඹුණහග ඒ බව මෙම සන්දේශ කවිවලින් පරය අකට වේග
ගුණෙන් අමිත මන හළ අමත කී
රණටතෙදින් සැහැසි සහසවු සගසති
රණටඔදින් විකුම් පෑ නරවර මෙදෙ
රණටකගින් පැහැර රුපු නොතිබීය ද -රණමයුර සන්දේශය
සකලා අවිසිල්ප තතුගත් ලොව
පැවතීසක ලා සදිසි සපුමල් කුමරිදු
නමැතිදැකලා වත තරුණ රුපු
ඔහු ගෙ විකුමැතිඑකලාවම ගජ දළ යාන සැතපෙති -කෝකිල සන්දේශය
සන්දේශ කාව්යියන් හි එන රාජල නායක ආදීන්ගේ වර්ණතා හටන් කාව්යටයක සිරිය ගන්නේ ගිරා සන්දේශ යෙනිග එහි එන අම්බලමේ කතා වැනුමෙහි සය වෙනි පැරකුම්බා රාජවර්ණනය කුඩාීපැරකුම් හටන ක් මෙනිග
තෙදින් රිවි බිම්බානිරිදු සඳ පැරකුම්බාරුපු සිඳු කලම්බාකෙළෙ යැ විරු සිරි සඳ කුල’ම්බා
ජය ගෙනැ මුළු දෙරණපෙන්වා තමා තෙද අණලක එක හිරවරණකළේ අප හිමි විකුම් අපමණ
තෙවිකුම් විකුම් ඇතිඅප හිමි දිනිදු කුල පතිපෙර නිරිඳුන් අයතිනුවුදසටත් වන්නි ජය ගති - ගිරා සන්දේශය
සිංහල සාහිත්යමයෙහි දක්නට ලැබෙන එක ම පරල පශස්ථ කාව්යද වන පැරකුම්බා සිරිත සිංහල සටන් කාව්යවයට මූල බීජය සපයන වෙනත් සිංහල සාහිත්යනයක් දක්නට නොමැති තරම් යග පැරකුම්බා සිරිත නිර්මාණය වන තෙක් සිංහල සටන් කාව්යසයට තුඩු දෙන නිර්මාණාංග දක්නට ලැබුණේ වෙනත් සාහිත්යර නිර්මාණවල එක්් අංශු මාතර සපයක් ලෙසිනිග එහෙත් පැරකුම්බා සිරිත නිර්මාණය වන්නේ පරාකරනි ම බාහු රාජ චරිතය පර ්ශස්තියට නැගීම සඳහා යග ඒ අනුව පැරකුම්බා සිරිතෙහි තේමාව පැරකුම්බා රජතුමා වර්ණනා කිරීමයිග එහි දී පැරකුම්බා රජතුමාගේ කීර්තිය බලය තේජස රණකාමිත්වය වැනි ලක්ෂ ණ මැනවින් වර්ණනා කිරීමෙන් හටන් කාව්යපක ලක්ෂ ණවල මූල බීජයන් මෙහි දක්නට ලැබේග මෙහි එන වර්ණනයන්ට අනුරූපවන වර්ණනා සටන් කාව්යවවල බොහෝ විට දක්නට ලැබේග මෙහි දැක්වෙන්නේ පැරකුම්බා රජුගේ රණ ශූරත්වය පිළිබඳ වර්ණනාවකිගපැහැදිසර ම්බා රැඳි මනර ම්බාතුනු සිරිර ම්බා පති පිළිබි ම්බාරුපු රජර ම්බා රණ මත කු ම්බාදින පැරකු ම්බා හිමි තෙවිකු ම්බා
දූල යස පැරකුම් රජ දඹදෙණි වැසිකුල වන්නින් මැඩ තෙද බලයෙන් නිසිනිල ලා සිරි ලක තැන්පත් කළ ලෙසිකැලඹුණු දිය පෑදූ වැනි අග තිසි
පැරකුම්බා සිරිත
සිංහල සටන් කාව්යප සිංහල සාහිත්යියේ විවිධත්වය පරන් කාශ කිරීමට සටන් සාහිත්යාංුගයක් ලෙස හැඳින්විය හැකි යග දෙස් විදෙස් සාහිත්යූයේ ආභාසය ලබමින් අනෙක් සාහිත්යංග සමඟ මිශරීමටව පැවැති මෙම සාහිත්යං්ගය ස්වාධීන සාහිත්යංෙගයක් වශයෙන් පරලබ කට වන්නේ ඉතා මෑත භාගයේදී යග සිංහල සාහිත්ය යේ එන සටන් කාව්යධ අතර කොන්ස්තන්තීනු හටනල ගන්නොරුවේ සටන පරංගි හටනල ඇහැළේපොළ හටන සහ දුනුවිල හටන ආදිය පරංහ සිද්ධ සටන් කාව්යී ලෙස හැඳින් විය හැකිය
පැරකුම්බා සිරිත වනාහි සිංහල පද්‍ය සාහිත්‍යයේ නව ආරක් ගත් කෘතියකි.
සිංහල සාහිත්යහ ග්රයන්ථාවලියට ශ්රීි ජයවර්ධනපුර කෝට්ටේ සමයේ දී එක් වූ අලුත් මගක් ගත් තවත් විශේෂිත කෘතියක් ලෙස පැරකුම්බා සිරිත හැඳින්විය හැකි යග එතෙක් නො ලියැවුණු ගණයේ ප්ර්බන්ධයක් වූ මෙය විරුද කාව්යකයක් හෙවත් ප්ර්ශස්ති කාව්යයයක් වේග සංස්කෘත භාෂාවෙන් රචිත පැරැණි විවිධ විරුද කාව්යා තිබිණිග විශ්වනාථයන් සාහිත්යව දර්පණයෙහි සඳහන් කරනුයේිගද්යගපද්යෘමයී රාජස්තුතිර් විරුදමුඛ්යරතෙ’ යනුවෙනිග ඒ අනුව ගද්යවයෙන් හෝ පද්යරයෙන් හෝ රචිත රාජස්තුති ආදි වර්ණනා විරුද කාව්යත නම් වේග කෝට්ටේ ශ්රීා පරාක්ර මබාහු මහරජු වර්ණනා කරනු පිණිස පැරකුම්බා සිරිත නම් වූ කාව්යාය ලියැවී තිබේග ගුණ වර්ණනා කිරීම හෝ ප්රාශංසා කිරීම හෝ ශ්රේකෂ්ඨත්වය ප්රයකාශ කිරීම හෝ පිණිස කෙරුණු රචනා ප්රතශස්ති වශයෙන් සැලැකෙන බැවින් මෙකී කාව්ය යන් ප්රවශස්ති කාව්ය සංඛ්යාිවෙහි ලා සිංහල සාහිත්යව ග්ර න්ථ අතුරෙහි සැලකේග එසේ වූ ප්රගථම ප්රේශස්ති ග්රලන්ථය පැරකුම්බා සිරිත යිගිසිරිත’ යන්නෙහි චරිතයල චාරිත්රිය මෙන් ම ජීවිත පුවත යන අර්ථය ද පවත්නා බැවින් පරාක්ර්මබාහු රජුගේ තොරතුරු වර්ණනය යන අර්ථයෙන් මේ නම යෙදී ඇති බැව් පෙනේග මේ කෘතිය ලියැවී ඇත්තේ රජු සිරිලක එක්සේසත් කොට විදේශවල ද ස්වකීය බල පරාක්රෙමය පතුරුවා ප්රකබලත්වයට පත් කාලයෙහි බවිරන මිණි මුතු පඬුරු ලබන රටින් ලාඹ ගවුඩ වංග‘ වැනි කව් පදවලින් අනාවරණය වේ’ඔයැ ිසපචකැ පැ්බසබට දෙ එයැ ර්‍ණඡුර්ිය්ියඑයස” සි එයැ ැං්ටටැර්එසදබග ර්‍ණඡුර්ිය්ියඑයස ටැැ” අ්ි ිමබට සබ රෙදබඑ දෙ එයැ නසබට සබ එයැ නසබට.ි ජදමබජසකි දෙ ්බජසැබඑ එසපැ එද ැං්ටටැර්එැ එයැ චදඇර ්බා ඩ්කදර දෙ එයැ නසබටග ඔයැරු ඇරු ් ටරදමච දෙ ිසබටැරි එයැහ ඇරු ිචැජස්කස‘ැා දබ ිසබටසබට එයැිැ ිදබටි ්රු ජ්කකැා ර්‍ණඋ්බායසඉය්එඒ”ග ඔයැිැ ිදබටි ඇරු ජ්ච්ඉකැ දෙ ැංචරුිිසබට එයැ චදඇරලැංචකදසඑලිනසකකි සබ එයැ ඉ්එඑකැසෙැකාිලටැබැරදමිලඅසිැ ්බා එයැ ්පස්ඉකැ දෙ එයැ නසබටි ්බා කදරාිග ඔයැරු ජ්බ ඉැ ිැැබ ිැඩැර්ක සෙජඑසදබ ිඑදරසැිලඅයසජය ඇරු අරසඑඑැබ ඉ්ිැා දබ එයැිැ ැං්ටටැර්එසදබිලඑයැහ ්රු ර්‍ණඡු්ර්නමපඉ් ීසරසඑය්”ල ර්‍ණීරස භ්්ප්හ්”ල ්බා ර්‍ණඡු්ර්බටස ්‍ය්ඒබ්”ග්‍යසිඑදරසජ්ක ඉදදනි රුඩැ්කැා එය්එ ලිදපැ චැරජමිිසදබ සබිඑරමපැබඑි කසනැ ර්‍ණඹා්නනස”ල ර්‍ණ ඡු්බඑයැරම”ල ෘරමපිල ්බා ර්‍ණ්‍ය්බා ාරමපි” ඇරු මිැා එද ිසබටග ්ජජදරාසබට එද එයැ දෙකනකදරු නසබටි ඇරු ටර්බඑැා සපපැබිැ එරු්ිමරුි ල්බා ර්බනි එයදිැ අයද ිමබට එයැ ිදබටිග ඵැකදාසැි දෙ එයැිැ ිදබටි ඇරු ජරු්එැා ඉහ ිදමඑය සබාස්බ පමිසජස්බිලඉැජ්මිැ දබ එය්එ දජජ්ිසදබ දමර නසබටි ය්ා ් ිඑරදබට රුක්එසදබියසච ඉැඑඇැබ ිදමඑය සබාස් ්බා ීරස ක්බන්ග ඊමඑ එයැරු ්රු ෙැඅ ිදබටි අයසජය ්රු රුක්එැා එද එයැ ඨ්පස ටැැ ලසබ එයැ ැර් දෙ ණදඑඑැ ්බා ඵ්ය්බමඅ්ර් දෙමබා ්ි ර්‍ණෘමබමඅසක් ය්ඒබ්”ල ර්‍ණඡු්ර්නමපඉ් ිසරසඑය් පැරකුම්බා සිරිත කතුවරයා කවුරු ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් දකින්නට නොමැතග මෙහි ඇතැම් කවි ආශ්ර ය කොට ගෙන මෙය ලියා ඇත්තේ කතුවරියක වන්නට ඇතැයි සමහරු අනුමාන කරතිග
‘‘වෙහෙර දසටක් පුරා කරවා දස අටක් මහ වැව් බැ ඳී
වසර එදකා බිසව් අබිසෙස් මහණුවම් තෙම`ගුල් යෙ දී
ඇජර කිවවිය පිනින් ජානකි වරණ ඈ මහ කව් බැ ඳී
කුමරදස් රජ කාලිදස් නම් කිවිඳුහට සිය දිවි පි දී’’
රුහුණු රට මානාවුළු පුරය සොළින්ට යටත්ව පැවති බවත්, එය පැරකුම්බා රජු ජය ගත් බවත් 25 වන කවියෙන් හෙළි කෙරේ. ඉන් අනතුරුව රජ පරපුර පිළිබඳ උත්කර්ෂයෙන් යුක්තව වර්ණනා කරනු දක්නට ලැබේ.
උදුල සත්ම`ගුලැතු පිටින් පුර වැඩම කරවා පුදෙන් විසිතුරු
නිමල කුල පරපුරෙන් එන ලෙස දෙමින් ජය මහ ලෑන තනතුර
විපුල අදරින් සැලසි දුමිඳුන් පුද සිරිත් කරවනුව නිරතුර’
කතුවරයා සවෙනි සිරි පැරකුම් රජුගේ වංශය පැවසීමට මෙම කල්පයේ ආදිම රාජයා වූ වෛවාස්වත මනු දක්වා ගමන් කරයි. එම වංශය ලොව පතල සූර්ය වංශයයි. දම්සෝ රජතුමා ද එම වංශයේ වූවෙකි. සුමිත් කුමරුද මෙම වංශයට අයත් අතර ඔහුගේ ලංකා ගමනය පැවසීම සඳහා 10-11 පැදි දෙක ලියා ඇත. ධර්මාශෝක රජු විසින් එවන ලද දක්‍ෂිණ ශාඛාවත් කුල 18 ක් සම`ග පැමිණි සුමිත් කුමරු ද දෙවනපෑතිස් රජතුමා උත්කර්ෂයෙන් පිළිගත් අයුරු සඳහන් කොට ඇත. ඉන් අනතුරුව සුමිත්ත කුමාරයාට ජයමහලේ තනතුර (ශ‍්‍රී මහාබෝධීන් වහන්සේ රකින්වුන්ගෙන් ආදිතමයා* පිළිගැන්වූ බව සඳහන්වේ. කවියා සුමිත් කුමරුන් මෙරට ඉතිහාසයේ වැදගත් සිදුවීමකට සම්බන්ධ යැ’යි පැවසිම ගත් උත්සහය පැහැදිළි වේ. ඉන් අනතුරුව ගජබා රජුගේ වික‍්‍රමාතිශය කතුවරයා උත්කර්ෂයෙන් වර්ණනා කරයි.
‘‘නිරිඳ සීසී කියනු කිම බස් මෙසේ නොතකා අප සොළින් මැද
තවද වැලි මැඩ තෙල් යපා දිය ගතැකිදෝ කවුරුත් විසින් තද
එයද සොළියා බසට රැුහැණිව ගදා මිරිකා රැුපැයි දිය කඳ
පැහැද දුන් අඩු නොවැ ගෙනායේ සුවිසි දහසක් දනන් නිවර ද’’
ආදි වශයෙන් ගජබා පුවත පැදි තුනකින් ඉදිරිපත් කර ඇත. මෙය කවියා සංවාද ස්වරූපයෙන් ඉදිරිපත් කළ ද මෙය කියවන පාඨකයාට තමා ඉදිරියේ සජීව දසුන් මැවී පෙනෙයි. ගජබා රජු වැලි මැඩ තෙල් සහ ජලය ගත් බව පැවසිමෙන්, සොලීන්ගේ ගර්වය බිඳ දැමු ආකාරය පිළිබිඹු කෙරෙයි. ඉන් අනතුරුව සිරිස`ගබෝ රජුගේ අසහාය ගුණයන් පද්‍ය දෙකක් තුළින් ඉදිරිපත් කරයි.
මේ පුවත හා සම්බන්ධ අසිරිමත් සිදුවිම් ඉවත් කොට කවියා ඇදහිය හැකි කරුණු පමණක් පැදියට න`ගයි. අව්‍යාජය. සරලය. සිදුවීමේ උසස් කම ‘‘දැන් සිරිස`ගබෝ නමින් වනුවක් ලියති’’ යන්නෙන් ධ්වනිත වෙයි. ඉන් අනතුරුව මහසෙන් රජු පිළිබඳ උත්කර්ෂයෙන් වර්ණනා කරයි. එමෙන්ම
‘‘විසේ සව ලක මිහිඳු මාහිමි පුද සිරිත් පැවතෙන සදා
දෙසේ කලි`ගක වඩා සපැමිණි දකුණු දළදා වැඳ පුදා
උසේ සත් මහලින් අලූත් ලෝ මහා පහා කැර මන නදා
මෙසේ තෙදියත පසිඳුවී කිත් සිරි මෙවන් නරනිඳු සදා’’
යනුවෙන් කිත්සිරි මෙවන් රජු කලි`ගු රටින් ගෙන ආ දළදා වහන්සේට කළ පූජා පිළිබඳ සඳහන් කොට ඇත. පැරකුම්බා සිරිතෙහි මුලින් දක්වන ලද ඒකාබද්ධතාවයක් ඇත යන කරුණ මෙබඳු පද්‍ය තුළින් අපට විද්‍යමාන වේ. එමෙන්ම විසේසව, උසේ යන වදන භාවිත කිරීම තුළින් සම්ප‍්‍රදාය පිළිබඳ තැකිමක් නොකළ බව පැහැදිළි වේ. එමෙන්ම බුද්ධදාස රජු, බුද්ධදාස රජුගේ පුත් දෙටුපතිස් රජු, මහානාම ශ‍්‍රී නිවාස රජු, කුමාරදාස රජු, දාපුලූසෙන් රජු, සිරිස`ගබෝ විජයබා ආදි රජුවරුන් පිළිබඳ මහත් උත්කර්ෂයෙන් වර්ණනා කොට ඇත. ඔවුන්ගේ ආගමික භක්තිය, විරත්වය ආදී නොයෙක් කරුණු පිළිබඳ පැරකුම්බා සිරිතෙහි සංග‍්‍රහ වී ඇත.
එමෙන්ම පැරකුම් රජුගේ කීර්ති ඝොෂය විස්තර කරමින් රචිත පද්‍ය බොහෝමයක් දක්නට ලැබේ. රජුගේ රූප ශෝභාව, ගති ගුණ හා කිත් යසස් ආදිය මෙහිදී වර්ණනාවට බඳුන් වි ඇත. එහිදී සංස්කෘත කවීන්ගේ උපමා හා අලංකාරාදිය භාවිතයට ගෙන ඇත. රජුගේ වික‍්‍රමය වනමින් රචිත,
‘‘මේ නිරිඳු විකුමෙන් සිතුවොත් වැර සැ මහ මෙර තුඹසෙකි කිඳැළෙකි සමුදු
සියදොර වැලි මළුවෙකි දඹදිව ත ර
සෙසු රජ නර පණුවන් කිම බැඳ වෙ ර ’’
මෙය භර්තුහරිගේ නිති ශතකයේ එන ශ්ලෝකයක ඇති උපමා භාවිතයෙන් රචිත පද්‍යයකි. එමෙන්ම කවීන් විසින් අර්ථ රසයෙන් මෙන්ම ශබ්ද රසයෙන් ද යුක්ත පද්‍ය තර`ගයට මෙන් රචනා කොට ඇති අයුරු දක්නට ලබේ.
‘‘පැහැදිසර ම්බා රුඳි මනර ම්ා - තුනු සිරිර ම්බා පතිපිළිබි ම්ා
රුපු රජර ම්බා රණමත කු ම්ා - දින පැරකුම්බා හිමි තෙවිකු ම්ා
පුවතරදම්බා විරිදු තර ම්ා - මනහරරම්බා පතිපිළිබි ම්ා
යසහරලම්බා උර දිගුන ම්ා - දිනපැරකුම්බා රජ සිරි ර ම්
පැරකුම්බා සිරිතෙහි ශාංගාරාත්මක විරහාලාප ඇතුළත් වීම ද විශේෂ කරුණකි. පැරකුම්බා රජුගේ සමාගමය පතන, එහෙත් ඔහුගෙන් වියෝවී සිටින කාන්තාවක විසින් ඔහුගේ රූප ශෝභාව හා අලංකාරය වනමින් තම වියෝ දුක පළ වන පරිදි කියන ලද පද්‍ය ද දක්නට ලැබේ.
‘‘බන්දා මින් දද මද අරවින්දා සරලා සර යා නේ
මන්දා නිල තුර`ගුට නැෙ`ගමින්දා වියොවග නංවා නේ
චන්දා නල ලෙස විය නෙත නින්දා නො ලදිමි තනි යා නේ
කැන්දා වරෙ පැරකුම් නරනින්දා සකිසඳ සඳ පා නේ’’
පැරකුම්බා සිරිත තුළ බෙහෙවින් මිශ‍්‍ර භාෂාව භාවිතය දක්නට ලැබේ. කව්සිළුමිණ, මුවදෙව්දාවත සහ සසදාවත වැනි ග‍්‍රන්‍ථ තුළ මිශ‍්‍ර සිංහල වචන කිසිවක් දක්නට නොලැබේ. සිදතෙහි ද භාවිත වී ඇත්තේ හුදු හෙළු වදන් පමණි. නමුත් ගම්පොළ අවධියේදී ලියුවුණු මයුර සන්දේශය සහ තිසර සන්දේශය තුළ මිශ‍්‍ර සිංහලය භාවිත වි ඇත. කෝට්ටේ යුගයේදී සකු වදන් භාවිතය හංස සන්දේශයෙනුත්, පැරකුම්බා සිරිතෙනුත් බෙහෙවින් දක්නට ලැබේ. රාජවේශ්‍යා බුජංග, විරරාජ සිරෝරත්න, ලෝබිරාජ ගජ අංකුස, අකිලබුවන, මව්ලිමාල හා පට්ටවස්ත‍්‍ර ආදි සංස්කෘත වදන යොදා ඇත්තේ ශබ්ද රසය ඇති කිරිමේ අරමුණින්ය. එළිසමය හා ශබ්ද රසය ඇතුළත් පද්‍ය ද දැකිය හැකිය.
‘‘අංග වංග ජ මංගලෙන් වැඩි බිංග මෙන් මුනි පා කමල් වට
අංග තුංග මතංගජන දෙන ඉංගකින් කවි බන් දනන් හට
අංග වංග කලිංග හිං`ගුල කොංගණෙන් පැවසු යසින් තුට
අං සංගව ළංග වෙන් සිරි සංගබෝ පැරකුම් රජුන්් හට’’
මේ පොතේ කතුවරයා කවුරුන් වුව ද ඔහු මනා භාෂා ඥානයකින් යුක්ත ව සිටි උගතකු වූ බව මේ රචනයෙන් විද්යතමාන වේගපැරකුම්බා සිරිත කව් 140 කින් යුක්ත වූ කෘතියකිග මෙය පරිච්ඡේද ආදි වශයෙන් වෙන් නො කොට එක දිගට ම ගලා යන රචනයක් ලෙසින් ලියැවී ඇතග එහෙත් කාව්ය් වෘත්ත වරින් වර වෙනස් වීමෙන් විරාම සහිත වී කොටස් කීපයකට බෙදා දැක්වෙන ආකාරයක් දකින්නට පිළිවනග තත්කාලීන බොහෝ කෘතිවල එන සමුද්රසඝෝෂය වැනි සුලබ විරිත්වලට ගැති නො වී විවිධාකාර තාල රටා රැගත් විරිත් මෙහි භාවිතයට ගෙන තිබේග
එකී විවිධ විරිත්වලින් බෙහෙවින් ප්රවකට වන්නේ ගායනයට උචිත වූ සංගීතමය විලාසයකිග එසේ ම රංගන අභිලාෂය කුළුගන්වන ශබ්ද ධ්වනියෙන් යුක්ත රිද්මයකිග එබැවින් මේ රචනා වාද්ය භාණ්ඩ ද නර්තනය ද සහිත ව රාජ සභාව වැනි තැන්වල ගායනය වන්නට ඇති බැව් සිතීම දුෂ්කර නො වේග මෙය රාජ සභාවේ සිටි කාව්යදක්කාරයන්ගේ හෙවත් වන්දිභට්ටයන්ගේ රචනා සමූහයක එකතුවක් වන්නට ඇතැයි ඇතැමුන් උපකල්පනය කිරීමට මෙය එක් හේතුවක් ව ඇතග තෙරුවන සහ දෙවියන් නැමදීම සහ හැඳින්වීම කිරීමෙන් අනතුරු ව ඔකාවස් රජ පරපුරෙන් පටන් ගෙන සිරිලක දෙවනපෑතිස් රජුගේ සිට විශේෂිත රජවරුන් එකොළොස් දෙනකු පිළිබඳ වර්ණනා කිරීමෙන් පසු හය වැනි පරාක්රවමබාහු රජු පිළිබඳ හැඳින්වීමට ප්රළවේශ වේග අනතුරු ව රජුගේ රූප ශෝභාවල තේජස් වී භාවයල වීරත්වයල ත්යාහගශීලීත්වය ආදි වූ නොයෙක් ගුණාංග විවිධාකාරයෙන් ද විචිත්රුත්වයෙන් ද වර්ණනා වේග ඒ සඳහා කව් සියයක් පමණ බන්ධනය වී තිබේග මෙහි එන හැම පද්ය්යක් ම මනහර එළිවැටෙන් ද ලාලිත්යු රිද්මවලින් ද යුක්ත ශ්රයවණ රමණීය ලෙසින් පවතිද්දී ශබ්ද රසයට මෙහි මූලිකත්වය දී ඇතැයි හැඟුණ ද පැරකුම්බා සිරිතේ ඇතැම් පද්ය් අර්ථ රසයෙන් ද සමන්විත ව ලියැවී ඇතග මේ කවිවලින් බොහොමයක් ම වාගේ එකිනෙක නො පරයන තරමේ රාජ ප්රයසාදය දැනවීමෙන් ද විචිත්රද බවින් ද යුක්ත යග ඊට අතිශයෝක්තිය බෙහෙවින් මිශ්ර ව පැවතුණ ද ඇතැම් විට පුනරුත් දෝෂ දැකිය හැකි වුණ ද සමස්තයක් සේ ගත් කල කතුවරයාගේ පරමාර්ථය වූ ප්ර්ශස්ති ගැයුම මැනැවින් ඉටු කිරීමට ඔහු සමත් වී තිබේග රචනයේ ඒකාකාරී බව වෙනසකට ලක් කරන රිසියෙන් මෙන් වෘත්ත සහ කාරණා ආදිය පමණක් නො ව වෙනත් උපක්ර ම ද මෙහි වරින්වර යෙදී ඇතග දෙ බසක ස්වරූපයෙන් ලියැවී ඇතැයි සිතිය හැකි මේ කවිය ඊට නිදසුනකිග
‘කියග මගිය එනු කොහි සිට?
දද සමනොළ ගොසිනා
නොය කියමුකු එදිග?
බමුණ සුමන සුරිඳු විසිනා
ගිය කල දෙදහස් පන්සිය
රජකු එතැයි දියනා
කියැවිණි - තන්වැසිය එනම්?
පැරකුම් රජ මෙදිනා’
විවිධාකාරයෙන් රජු වර්ණනා කොට සෑහීමකට නො පත් මේ කවියා කාව්ය යේ අවසාන භාගයේ දී ශෝකී ළඳුන් ගේ මුවින් ගැයෙන රජු අරබයා වූ විරහාලාප පද්ය සමූහයක් ද මීට ඇතුළත් කරනු දැකිය හැකි යග මේ කෘතිය කිවිඳියකගේ නිර්මාණයකැයි ඇතැමුන් සැක පහළ කරනුයේ මේ කව් උපයෝගී කොට ගෙන යග එහෙත් මෙකී කව් මේ කවියා රජුගේ චරිතයේ තවත් ප්ර්තාපවත් පැතිකඩක් නිරූපණය කිරීමට උපයෝගී කොට ගෙන ඇතැයි සිතීම සාධාරණ යග පැරකුම්බා සිරිතෙහි රජවරුන් පිළිබඳ කෙරෙන හැඳින්වීමේ දී ඓතිහාසික තොරතුරු රැසක් ද අනාවරණය වනු දකින්නට පිළිවනග කතුවරයා ලංකා ඉතිහාසය ගැන පැවැසීම අරඹනුයේ සිරිමා බෝ සමිඳුන් වැඩම වීමේ පුවතිනිග ඉන් අනතුරු ව ස්වකීය විෂයයට අදාළ යැයි හැඟෙන රජවරුන් හා ඔවුන්ගේ විශේෂිත ක්රි යා පිළිබඳ පමණක් ප්රිකාශ වේග ගජබා රජු ගැනිඑසඳ සොළියා බසට රැහැණි ව ගඳා මිරිකා රැපැයි දියකඳ’ල කීර්ති ශ්රීප මේඝවර්ණ රජු ගැනිළසේ සත් මහලින් අලුත් ලෝ මහ පහා කර මනනද’ල බුද්ධදාස රජු ගැනිඅසූ මහ සව් නම් තබා කුමරුන් අසූවක් ලැබ ගෙනා’ල කුමාරදාස රජු ගැනිකුමර දස් රජ කාලිදස් නම් කිවිඳු හට සිය දිවි පිදී’ වැනි සඳහන් මෙහි දැකිය හැකි යග මේ අනුව පැරකුම්බා සිරිත කතුවරයා උසස් කවීත්වයක් සහිත සාහිත්ය මය කුසලතාවෙන් හෙබි උගතකු වී යැයි සිතීමට හේතු සාධක ඇතග මේ කෘතියෙහි දැකිය හැක්කේ අසීමිත රාජ පාක්ෂික භාවයෙන් යුක්ත ව අතිශයෝක්තියට ගැති වීම කැයි පැවසිය හැකි නමුදු ඒ අතින් තත්කාලීන අනෙකුත් කෘතිවල එන රාජ වර්ණනාවලට වඩා වැඩි අමුත්තක් මෙහි දැකිය නො හැකි යග මේ රචනයෙහි දී කතුවරයා හැම අතින් ම පාහේ සංස්කෘත කාව්යඩ සම්ප්රකදායයන් හි ආභාෂය ලබා ඇතැයි සිතීම නිවැරැදි යග එහෙත් අරමුණට අදාළ පරිදි ස්වාධීන ලක්ෂණ පිළිබිඹු කිරීමට ද ඔහු සමත් වී ඇත්තේ යග
කෝට්ටේ යුගයේ පඬිවරුන් සිංහල සාහිත්යමය විවිධාකාරයෙන් දියුණු කිරීමට ගත් උත්සාහයේ එක් පාර්ශ්වයක් පැරකුම්බා සිරිතෙන් නියෝජනය වේග එසේ ම පද්යි භාෂාවේ පෙරළියක් කිරීමට සමත් නිර්භය ප්රකයත්නයක් සේ ද මේ කෘතිය විශේෂිත වේග එතෙක් නො තිබු විරූ නව මගක් ගත් නිර්මාණයක් ලෙසින් ද පසුකාලීන ව බිහි වූ ප්ර ශස්ති කාව්යාිවලියට මග පෑදූ මුල් කෘතිය ලෙසින් ද කෝට්ටේ සාහිත්යියේ විසිතුරු භාවය පළ කෙරෙන උසස් ප්ර්බන්ධයක් ලෙසින් ද පැරකුම් සිරිත අගනේ යග
ඇසුරු කළ පොතපත
ද්විතීක මූලාශ‍්‍රය
ජයතිලක, සර් ඞී. බී, සිංහල සාහිත්‍ය ලිපි, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675, පී. ද. එස්. කුලරත්න මාවත, කොළඹ - 10, ප‍්‍රථම මුද්‍රණය - 1940.
වික‍්‍රමසිංහ, කේ. ඩි. පී, කෝට්ටේ යුගයේ සිංහල සාහිත්‍ය, ප‍්‍රකාශනය - තරංජි ප‍්‍රින්ටර්ස්, නො - 506, හයිලෙවල් පාර, නාවින්න, මහරගම, සිව්වන මුද්‍රණය - 2008.
ශ‍්‍රී ධර්මකීර්ති, නිවන්දම, සිංහල සාහිත්‍යයේ ස්වර්ණයුගය, ප‍්‍රාකාශනය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල, දෙහිවල, ප‍්‍රථම මුද්‍රණය - 1952.
සන්නස්ගල, පුඤ්චිබණ්ඩාර, සිංහල සාහිත්‍ය වංශය, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675, පී. ද. එස්. කුලරත්න මාවත, කොළඹ - 10. ප‍්‍රථම මුද්‍රණය - 1961.
තෘතීක මූලාශ‍්‍රය
‘‘පැරකුම්බා සිරිත’’ගෝනහේනේ ජෝතිපාල නාහිමි, මතකයේ නොමැකෙන පොත්, (සංස්* පී. රූපසිංහ පෙරේරා, පද්මා ලංකා රූපසිංහ, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675, පී. ද. එස්. කුලරත්න මාවත, කොළඹ - 10. ප‍්‍රථම මුද්‍රණය - 2009.
අඅඅගි්පඉ්ඩ්බ්ගජදප
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment