UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සාහිත්‍යානුෂංග හා ප‍්‍රශස්ති කාව්‍යය

Wednesday, December 11, 2013

සාහිත්‍යානුෂංග හා ප‍්‍රශස්ති කාව්‍යය

පළමු පරිච්ෙඡ්දය 01. සාහිත්‍යානුෂංග හා ප‍්‍රශස්ති කාව්‍යය 01.1. ප‍්‍රශස්ති කාව්‍ය හා තදනන්‍ය ලක්‍ෂණ කිසියම් රටක් ආර්ථික අතින් පෝෂණය වූ පමණින් එය දියුණු රටක් යැයි යමෙකු ප‍්‍රකාශ කරන්නේ නම්, එය සම්පූර්ණ සත්‍ය ප‍්‍රකාශයක් වශයෙන් පිළිගත නොහැකිය. එයට හේතුව රටක දියුණුව මැනීම සඳහා ආර්ථිකය එක් සාධකයක් වශයෙන් පමණක් භාවිත කිරීමයි. දේශපාලනික, ආගමික, සංස්කෘතික, සාමාජීය, අධ්‍යාපනික හා සාහිත්‍යයික යන අනෙකුත් සාධකද රටක දියුණුව ප‍්‍රමාණය කිරීමේදී ඉතා වැදගත් වේ. සාහිත්‍යය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් වින්දනයක් ලබාගැනීමේ අරමුණින් කරන ලද නිර්මාණ සමූහයකටය. පුද්ගලයාට මනස නිදහස් කරගැනීම සඳහා සාහිත්‍යය මහ`ගු පිටුවහලක් ලබාදෙන අතර එම`ගින් රටක් තුළ තෘප්තිමත් මානව සම්පතක් බිහි වේ. තෘප්තිමත් මානව සම්පතක් නොමැති කිසිඳු රටක් ආර්ථික, ආගමික, දේශපාලනික, සංස්කෘතික හා අධ්‍යාපනික ආදි අංශයන්ගෙන් දියුණු වේයැයි සිතිය නොහැකිය. එහෙයින් සාහිත්‍යය යනු රටක ගමන්ම`ග තීරණය කළ හැකි ප‍්‍රධාන සාධකයක් වශයෙන් පෙන්වාදිය හැකි අතරම පුද්ගලයාට සමාජ දැනුමනක්ද ඒ හරහා ලබාදේ. බොහෝ රටවල සාහිත්‍යය බිහි වන්නේ ඒ ඒ රටවල ජන වර්ගයේ සංස්කෘතිය හා බද්ධ වීමෙනි. සාහිත්‍යය පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කරන ලද්දේ මෙම නිබන්‍ධයේ පළමු පරිච්ෙඡ්දය වෙන් වන්නේ සාහිත්‍යය නැමති කුලකයේ උපකුලකයක් වන ප‍්‍රශස්ති කාව්‍ය පිළිබඳ වන බැවිනි. සාහිත්‍යය නැමති මහා වෘක්‍ෂයෙහි ශාඛාවෝ බොහෝ ප‍්‍රමාණයක් වෙති. ඒවා අතර ප‍්‍රධාන ශාඛා කිහිපයක් මෙසේ පෙන්වාදිය හැකිය. වීර කාව්‍ය සාහිත්‍යය, උපදේශ සාහිත්‍යය, ශතක සාහිත්‍යය, භක්ති කාව්‍යය සාහිත්‍යය, ශෘංගාර සාහිත්‍යය, මාලා කාව්‍ය සාහිත්‍යය, සංදේශ සාහිත්‍යය, ජාතක කතා සාහිත්‍යය හා ප‍්‍රශස්ති කාව්‍ය සාහිත්‍යය ආදියයි. උක්ත සඳහන් සාහිත්‍ය අනුෂංග ප‍්‍රධාන වශයෙන් ගද්‍ය හා පද්‍ය යැයි දෙකොටසකට බෙදෙන අතර අපගේ ප‍්‍රස්තූතයට අදාළ ‘ප‍්‍රශස්ති’ නම් සාහිත්‍ය අනුෂංගය ඇතුළත් වන්නේ පද්‍ය සාහිත්‍යය ගණයටය. පද්‍ය, පැදිය නැතහොත් කවිය එක භාෂාවකට, එක ජාතියකට, එක ප‍්‍රදේශයකට පමණක් සීමා කරනු ලැබූවක් නොවේ. එය ලොව පවතින සැම භාෂාවකම සහ ජාතියකම පොදුවේ දක්නට ලැබෙන්නකි. කාව්‍යයේ ආරම්භය කවදා කොතැනකදී කවුරුන් විසින් සිදු කරන ලද්දේද යන පැනයන්ට යමෙකු පිළිතුරු සොයන්නේ නම් එය නිශ්ඵල උත්සාහයක් වන්නේය. ක‍්‍රි. පූ. යුගයේ සිටම පෙරදිග මෙන්ම අපරදිග සාහිත්‍යයේද පද්‍ය සාහිත්‍යය ආරම්භ වී තිබුණු අතර අපරදිග සාහිත්‍යයට සාපේක්‍ෂව පෙරදිග, භාරතීය වේද සාහිත්‍යය ඉතා ඈත ඉතිහාසයකට දිවයන බව මෙහිලා ප‍්‍රකාශ කළ යුතු වේ. ප‍්‍රශස්ති සාහිත්‍යයේ ආරම්භයද ඒ තරම් ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියයි. ප‍්‍රශස්ති සාහිත්‍යයේ ආරම්භය හා විකාශය පිළිබඳ වෙනම මාතෘකාවක් යටතේ පසුව අධ්‍යයනය කරන අතර මෙහිදී බලාපොරොත්තු වන්නේ ප‍්‍රශස්ති යන්න නිර්වචනය කිරීම හා ඒහා බැඳි ලක්‍ෂණ පිළිබඳව කෙටියෙන් කරුණු අධ්‍යයනය කිරීමටය. ඉහතින් සඳහන් කළ සාහිත්‍යය අනුෂංග අතර ප‍්‍රශස්ති කාව්‍යය සාහිත්‍යයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ප‍්‍රශස්ති කාව්‍යය පිළිබඳ අධ්‍යයනය කරන මෙම පරිච්ෙඡ්දයේ පළමු කොටසින් බලාපොරොත්තු වන්නේ ප‍්‍රශස්ති යන්න නිර්වචනය කිරීම හා ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණ මොනවාදැයි අධ්‍යයනය කිරීමටය. ප‍්‍රශස්ති යන වචනය සකස් වී ඇත්තේ සංස්කෘත භාෂාවේ ‘ශන්ස්’ ධාතුවට ‘ප‍්‍ර’ යන උපසර්ගය එකතු වී එයට ‘ති’ යන ආඛ්‍යාත විභක්ති ප‍්‍රත්‍යය එකතු වීමෙනි. (ප‍්‍ර + ශන්ස් + ති* ‘ශන්ස්’ යනු පැසසීම හෙවත් ප‍්‍රශංසා කිරීමයි. ‘ප‍්‍ර’ යනු මනාව යන්නයි. ඒ අනුව ප‍්‍රශස්ති යන්නෙහි මූලික අර්ථය වන්නේ මනාව ප‍්‍රශංසා කිරීම යනුයි. සංස්කෘත ශබ්දස්තෝම මහාශබ්දකෝෂයේ ප‍්‍රශස්ති යන්න නිර්වචනය කළ ආකාරය එච්. එම්. සංඝදාස පෙරේරා සිංහල ප‍්‍රශස්ති සාහිත්‍යය නම් කෘතියේ සඳහන් කරන්නේ ප‍්‍රශංසා කිරීමෙහි, ස්තුති කිරීමෙහි, ගුණ පැවසීමෙහි (ප‍්‍රශංසායම් ස්තුතෞ - ගුණ කීර්තෙතනෙත ස්තුතෞ* අර්ථයෙන් යෙදෙන බවයි. පූජ්‍ය වැලිවිටියේ සෝරත හිමියන් සිය සුමංගල ශබ්දකෝෂයෙහි ප‍්‍රශස්ති යන පදය අර්ථ දක්වන්නේ පැසසීම, ස්තුති කිරීම වශයෙනි. භාරතීය හා සිංහල ශබ්දකෝෂ කතුවරුන්ගේ නිර්වචනවලට අනුව ප‍්‍රශස්ති යනු කිසියම් පුද්ගලයෙකු පිළිබඳ ගෞරවය පෙරදැරිව කරන ලද වර්ණනා යැයි නිර්වචනයක් සකස් කරගත හැකිය. මෙහිදී ප‍්‍රශංසාවට ලක්වන පුද්ගලයා සමාජයේ ප‍්‍රභූ අයෙකු විය යුතුය. විශේෂයෙන්ම දෙවිකෙනෙකු, රජකෙනෙකු හෝ ඇමතිවරයෙකු ආදි වශයෙන් සමාජයේ නායකත්වය උසුලන අයෙකු වෙනුවෙන් පමණක් මෙසේ ස්තුති ගීතිකා ඉදිරිපත් කිරීම තවත් සුවිශේෂී ලක්‍ෂණයකි. මනාව ප‍්‍රශංසා කිරීම යනු සමාජයේ පිළිගත් ප‍්‍රභූ පුද්ගලයෙකුගේ ගුණයන් අතිශයෝක්තියෙන් ප‍්‍රකාශ කිරීමයි. ප‍්‍රශංසාවට ලක්වන පුද්ගලයාගේ බාහිර මෙන්ම අභ්‍යන්තරික ගුණයන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වේ. ප‍්‍රශස්තීන්හි ආරම්භක යුගය යැයි සැලකිය හැකි වේද යුගයේදී (වේද ග‍්‍රන්‍ථයන්හි* දෙවිවරුන් පිළිබඳ ඉදිරිපත් කරන ලද වර්ණනා බොහෝමයක් දැකගත හැකිය. ඉන්පසු ක‍්‍රමයෙන් රජ, ඇමති ආදි සමාජයේ සුවිශේෂ පුද්ගලයෝ මේ සඳහා අරමුණු වූහ. මෙහි මනාව වර්ණනා කිරීම යැයි සඳහන් වීමෙන් ප‍්‍රශස්ති සාහිත්‍යයට අනන්‍යවූ ලක්‍ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. මැනවින් වර්ණනා කිරීම තුළින් සිදු වන්නේ වර්ණනයට ලක්වන තැනැත්තා සතු අභ්‍යන්තරික ගුණ වගාව හෝ බාහිර රූප ස්වභාවය අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමකි. එය ප‍්‍රශස්ති සාහිත්‍යයට අනන්‍ය වූ විශේෂ ලක්‍ෂණයක් වශයෙන් පෙන්වාදිය හැකිය. මෙසේ අතිශයෝක්තියෙන් යුතුව ප‍්‍රභූන් වර්ණනා කිරීමේ මූලිකම අරමුණ වූයේ ලාභාපේක්‍ෂාවන්ය. ප‍්‍රශස්ති සාහිත්‍යයේ ආරම්භය හා ඍජුවම සම්බන්‍ධ වන රාජසභා කවියෝ ලාභාපේක්‍ෂා බලාපොරොත්තු වූවෝ අතර ප‍්‍රධානත්වය ඉසිලූහ. මෙම රාජසභා කවීන් වන්දිභට්ටයන් නමින් හැඳින්වූ අතර රජුගේ හෝ කතානායකයාගේ ගුණයන් අතිශයෝක්තියෙන් වර්ණනා කර ඔවුන්ගේ සිත පිනවීම මොවුන්ට පැවරුණු වගකීම වේ. කතානායකයා ප‍්‍රමෝදයට පත්වන ප‍්‍රමාණය අනුව ඔවුනට ලැබෙන දීමනාවේද ස්වරූපය විවිධ වේ. වැඩි ලාභයක් අපේක්‍ෂාවෙන් එකිනෙකා අභිභවමින් කතානායකයා වර්ණනා කිරීම රාජසභාවන්හි සුලබව දක්නට ලැබෙන්නකි. ඉහත ඉදිරිපත් කරන ලද්දේ ශබ්දකෝෂයන්හි ප‍්‍රශස්ති යන්න විග‍්‍රහ කර ඇති ආකාරයයි. මේ පිළිබඳ විවිධ පර්යේෂණ කළ උගතුන්ගේද නිර්වචන කිහිපයක් මෙහිදී විමසා බැලිය යුතු වේ. ඒ අතර ජේ. ඊ. සේදරමන් නම් ප`ඩිවරයාගේ නිර්වචනය විශේෂ වශයෙන් අවධානයට යොමු කළ යුත්තකි. ‘‘ප‍්‍රශස්ති යනු ප‍්‍රශංසාර්භ ප‍්‍රණාම ආදී සිරිමතුනට අනන්‍යන් විසින් ගෞරව සම්ප‍්‍රයුක්තව ව්‍යවහාර කරනු ලබන අලංකාරමය ආසිරි පැතීමට ව්‍යක්ත බසින් කියනු ලබන්නකි. මීට ස්තෝත‍්‍ර යැයිද කියනු ලැබේ.’’ මෙම නිර්වචනය වැදගත්යැයි සඳහන් කරන ලද්දේ ප‍්‍රශස්තීන්හි අන්තර්ගත විශේෂ ලක්‍ෂණ කිහිපයක්ම මෙම නිර්වචනය තුළ ඇතුළත් වන බැවිනි. මෙහි සුවිශේෂ ලක්‍ෂණ තුනක් දක්නට ලැබේ. එනම් ගෞරව සම්ප‍්‍රයුක්තව, අලංකාරමය ආසිරි පැතීම හා ව්‍යක්ත බසින් කියනු ලබන්නක් යන්නයි. ප‍්‍රශස්තිය හෙවත් ස්තුති ගීතිකා ඉදිරිපත් කරන්නා තුළ ප‍්‍රශස්තියට බඳුන්වන පුද්ගලයා කෙරෙහි ගෞරවයක් තිබීම මෙහිදී අනිවාර්ය ලක්‍ෂණයකි. කිසියම් පුද්ගලයෙකු වර්ණනා කිරීමේදී ඔහු පිළිබඳ ගෞරවයක් නැත්නම් සිතට එක`ගව සාර්ථක වර්ණනාවක් ඉදිරිපත් කළ නොහැකිය. එසේම ප‍්‍රශංසාවට ලක්වන තැනැත්තා පිළිබඳ වෛරයක්, ක්‍රෝධයක් හෝ තරහවක් සිතේ තබාගෙන ප‍්‍රශස්තියක් ඉදිරිපත් කිරීමක් හෝ රචනා කිරීමක් සිදු කළ නොහැකිය. ප‍්‍රශංසාවට ලක්වන්නා තුළ කිසියම් දුර්ගුණ සමූහයක් තිබුණද එම දුර්ගුණ අභිභවමින් යහපත් ගතිගුණයන් ඉස්මතු වන ආකාරයෙන් වර්ණනාව ඉදිරිපත් කළ යුතු වේ. එසේ නොවන තාක් එය ප‍්‍රශස්තියක් ලෙස ගිණිය නොහැකිය. පාඨකයා තුළද ගෞරවය බිඳුවක් හෝ අඩු නොවන අයුරින් ප‍්‍රශස්තිය ඉදිරිපත් කිරීම රචකයාගේ වගකීම වේ. එබැවින් ප‍්‍රශස්ති ගායනයේදී ගෞරව සම්ප‍්‍රයුක්ත වීම අනිවාර්ය ලක්‍ෂණයකි. ප‍්‍රශස්තීන්හි අතිශයෝක්ති බහුලව දක්නට ලැබෙන බව ඉහතදී අප සඳහන් කළෙමු. එම අතිශයෝක්ති සඳහා අලංකාරවලින් ලැබෙන්නේ මහ`ගු පිටුවහලකි. ශබ්දාලංකාර හා අර්ථාලංකාර ම`ගින් පාඨකයා තුළ චිත්තරූප මැවීම නිරායාශයෙන්ම සිදු වේ. ප‍්‍රශස්තිවලදී අර්ථාලංකාරයට වඩා ශබ්දාලංකාරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. එයට හේතුව වන්නේ ප‍්‍රශස්ති ගායනා කරන්නේ ඉදිරියේ සිටින අයෙකු පිනවීම සඳහා වන බැවිනි. නානාවිධ විරිත් භාවිතයත් ඒ ඒ විරිත්වලට සරිලන මාත‍්‍රා භාවිතය ප‍්‍රශස්තියේ අවස්ථාවට සමගාමී විය යුතුය. නිදසුනක් වශයෙන් කිසියම් රජෙකුගේ යුද ජයග‍්‍රහණයක් පිළිබඳ ඉදිරිපත් කිරීමකදී එම රජුගේ ධීර, වීර, එඩිතර බව පාඨක සිතේ මැවෙන අයුරින් කියාපෑමට සරිලන විරිතක් භාවිත කළ යුතුය. සේදරමන්ගේ නිර්වචනයෙන් ප‍්‍රකාශ වන තවත් ප‍්‍රශස්ති ලක්‍ෂණයක් වන්නේ ආසිරි පැතීමයි. එනම් ප‍්‍රශස්තියට බඳුන් වන්නාගේ සියලූම ගුණයන් වර්ණනා කරන්නේ ඔහුට ආශීර්වාද ප‍්‍රාර්ථනා කිරීම ප‍්‍රධාන අරමුණ වශයෙන් සලකාගෙනය. රජෙකු උදෙසා ප‍්‍රශස්තියක් ඉදිරිපත් කරන්නේ නම් ප‍්‍රධාන වශයෙන් එම රජුට නිරෝගී සම්පත්තිය, දීර්ඝායුෂ, බිසව සහ දරුවන්ගේ අභිවෘද්ධිය හා රටේ සමෘද්ධිය ආදි ප‍්‍රාර්ථනාවන් එහි දක්නට ලැබේ. සතුරු උවදුරුවලින් කිසිඳු ලෙසකින් කරදරයකට පත් නොවී දෙවියන්ගේ ආශීර්වාදය ලබාදෙන ලෙස කරන ඉල්ලීම්ද මේවායේ බහුල වශයෙන් අන්තර්ගතව ඇත. ප‍්‍රශස්ති කාව්‍ය හා බැඳුණු තවත් ලක්‍ෂණයක් වන්නේ භය පදනම් කරගනිමින් වර්ණනා කිරීමයි. මෙම ලක්‍ෂණය බහුලව දක්නට ලැබෙන්නේ මුල්කාලීන ප‍්‍රශස්ති මූලබීජ හමුවන වේද සාහිත්‍යයේය. වේද යුගයේ දෙවියන් වර්ණනා කිරීමට තත් යුගයේ ජනතාව පෙළඹුණේ දෙවියන් කෙරෙහි ඇති වූ බිය හේතුවෙනි. සොබාදහමේ ඇති අව්ව, වැස්ස, විදුළිය, සුළ`ග, විශාල වෘක්‍ෂ, පර්වත ආදි ස්වාභාවික වස්තූන්හි මානව ශක්තිය ඉක්මවාගිය අධිමානුෂීය බලවේගයක් ඇතැයි එකල මිනිස්සු විශ්වාස කළහ. මිනිසාට සහ මිනිසා විසින් වගා කළ භවභෝගවලට කිසියම් බලපෑමක් සිදු වෙතැයි විශ්වාස කළ තත්කාලීන මිනිසා එම වස්තූන් දේවත්වයට ආරෝපණය කර වර්ණනා කිරීමට සහ වන්දනා කිරීමට ආරම්භ කර තිබේ. එවන් වර්ණනා බොහෝමයක් වේද සාහිත්‍යයේ අන්තර්ගත වේ. එහිදී දෙවියන් සතුටු කිරීම් වස් විශාල වශයෙන් ධන ධාන්‍ය ගින්නට දමා දෙවියන්ට කැපකරනු ලබයි. එවන් යාග සිදුකරන අතරතුර දේවස්තෝත‍්‍ර ගායනා කරනු ලබයි. දේවස්තෝත‍්‍රයන්හි අන්තර්ගත වන්නේ අග්නි, වරුණ, ඉන්‍ද්‍ර, රුද්‍ර, පර්ජන්‍ය, මිත‍්‍ර ආදි දෙවිවරුන් පිළිබඳ වර්ණනා ගීතිකාවෝය. අග්නි හෙවත් ගිනි දෙවියන් වර්ණනා කළ ගීතිකාවක් ඍග්වේදයේ මෙසේ සඳහන් වේ. ‘‘අග්නිර්හෝතා කවික‍්‍රතුඃ සත්‍යශ්චිත‍්‍රශ‍්‍රවස්තවඃ දේවෝ දේවේභිරාගමත්’’ (ප‍්‍රඥා සම්පන්න යදින්නා හා දීප්තිතම කීර්තිමත් සත්‍යය වන අග්නි දෙවි තෙම දෙවියන් සම`ග එනු මැනවි* ප‍්‍රශස්තීන්හි දක්නට ලැබෙන තවත් විශේෂ ලක්‍ෂණයක් වන්නේ ගාඪ භාෂාවක් උපයෝගී කර ගැනීමයි. ප‍්‍රශස්ති ම`ගින් බලාපොරොත්තු වන්නේ කිසියම් අයෙකු පිනවීමක් නිසා ඒ සඳහා උපයෝගී කර ගන්නා පද්‍යයන්හි අර්ථ රසය ඉක්මවූ ශබ්ද රසයක් ඉස්මතු කොට පෙන්වීමට ප‍්‍රශස්තිකරුවෝ සමත් වූහ. මේ සඳහා බහුල වශයෙන්ම යොදා ගැනුණේ සංස්කෘත මිශ‍්‍ර කඨෝර භාෂාවකි. මෙම ලක්‍ෂණය ප‍්‍රශස්තීන්හි ආරම්භය සංස්කෘත සාහිත්‍යය යැයි ඔප්පු කිරීමට කදිම සාධකයක්ද වේ. මුල්කාලීන රජවරුන්ගේ රාජ සභාවන්හි වැඩ කටයුතු කරනු ලැබුයේ බ‍්‍රාහ්මණ වංශිකයන් බැවින් මේ සඳහා සංස්කෘත භාෂාවේ ආභාසය ලැබීමට එයද එක් හේතුවක් විය. මේ සඳහා බලපානු ලැබූ තවත් සාධකයක් වන්නේ වර්ණනා කිරීම්වලට අවශ්‍ය වචන බහුල වශයෙන් සංස්කෘත භාෂාවේ දක්නට ලැබීමයි. සිංහල ප‍්‍රශස්ති කාව්‍යයෙහිද මෙම ලක්‍ෂණය මනාව ඉස්මතු වී පෙනෙයි. පැරකුම්බා සිරිතේ එන පහත පද්‍යය මේ සඳහා කදිම නිදසුනකි. ‘‘දින කර කුල පුල් සියපත විල සරහන මෙන රන්හස ගෙන මුදුනත තබන ලෙසට කළ නිරිඳුන් නම් සන් හස මන මිණි බිතු සුරබිදේනු කළඹ සදිසි තිළිණෙන් තොස දින පැරකුම් බුජ භූපති ලෝවිරාජ ගජ අංකුස’’ (74* ප‍්‍රශස්ති යන්න වෙනුවට භාවිත කරන තවත් නමක් වන්නේ ‘විරුද’ යන්නයි. භාරතීය මහා ප`ඩුවෙකු වන විශ්වනාථ විසින් කාව්‍ය ප‍්‍රභේද ඇතුළත් කොට රචනා කරන ලද සාහිත්‍යදර්පණ නම් විශිෂ්ට අලංකාර කෘතියෙහි ප‍්‍රශස්ති වශයෙන් කාව්‍ය ප‍්‍රභේදයක් වෙනම නම් කර නොමැත. විරුද යනුවෙන් නම්කර ඇති කාව්‍ය කොටසට රාජස්තුති පමණක් නොව, දේව ස්තෝත‍්‍රද ඇතුළත් කොට ඇත. විරුද යන්න සකස් වී ඇත්තේ ‘වි’ පූර්ව ‘රුද’ (වි + රුද - රොදනෙ* ධාතුවෙන් පරව කෘදන්ත ප‍්‍රත්‍යයක් එකතු කිරීමෙනි. පුල්ලිංග පදයක් වන මෙහි අර්ථය වන්නේ ගුණ උත්තකර්ෂාදිය වර්ණනා කිරීමයි. මෙසේ බලන කල්හි විරුද යන වචනය ප‍්‍රශස්ති යන වචනයට පූර්වයෙන් භාවිත වූ බවත් එම වචනද්වයේම සමාන අර්ථයක් ගැබ්ව ඇති බවත් පෙනී යයි. කිසියම් නායකයෙකු වර්ණනා කිරීම අරමුණු කරගනිමින් බිහිවූ ප‍්‍රශස්ති යන වචනයට සමාන වචන බොහෝමයක් විවිධ නම්වලින් දක්නට ලැබේ. එම සැම නමකින්ම ප‍්‍රශස්ති ලක්‍ෂණ ඉස්මතු වන බව පැහැදිලිව දක්නට ලැබේ.  සිරිත  වර්ණනාව  විරුදාවලිය  ශ‍්‍රී නාමය  ශෘංගාරය හෝ ශෘංගාලංකාරය  විරිදුව  ස්තවය හෝ ස්තෝත‍්‍රය ප‍්‍රශස්ති කාව්‍යයන්හි ඇතුළත් වන්නේ බොහෝවිට රාජකීය වර්ණනා හෙයින් ‘සිරිත’ යන්නෙන් අදහස් කරන්නේද ප‍්‍රශස්ති යන්නට සමාන අර්ථයකි. පැරකුම්බා සිරිත, රාජසිංහ සිරිත ආදිය උදාහරණ වේ. රජවරුන්ගේ වංශ පරම්පරාව, ධීර වීර බව, බාහිර අභ්‍යන්තර ගුණයන් ආදිය ප‍්‍රශස්තිවලදී වර්ණනයට ලක්වන බැවින් වර්ණනා යැයි මේ ස`දහා භාවිත කිරීම සාධාරණ බව පෙනීයයි. රාජසිංහ වර්ණනා, නරේන්ද්‍රසිංහ වර්ණනා නිදසුන් වේ. ආවලිය හෙවත් එකතුව යන අර්ථයෙන් ‘විරුදාවලිය’ යන්න සකස්ව ඇත. නායකයා පිළිබඳ වර්ණනාවන්ගේ එකතුව විරුදාවලි යන්නනෙහි අන්තර්ගත වේ. රජු පිළිබඳ රටවැසියෝ ඉමහත් ගෞරවයකින් මෙන්ම භක්තියකින්ද කටයුතු කරති. ශ‍්‍රී යහන, ශ‍්‍රී හස්තය ආදි වශයෙන් හඳුන්වන අයුරින්ම රජුගේ නම ප‍්‍රකාශ කරන තන්හි ‘ශ‍්‍රී’ යන්න ගෞරවය පිණිස භාවිත කෙරේ. පසුකාලීනව රචනා වූ ප‍්‍රශස්තීන්හි බහුල වශයෙන් ශෘංගාර රසය මිශ‍්‍ර කොට රචනා කර තිබේ. මෙය විරහ වේදනාවත් සම`ග මිශ‍්‍ර කොට ප‍්‍රශස්ති කාව්‍යය තුළට ඇතුළත් කර ඇති අයුරක් පැරකුම්බා සිරිතෙහි දක්නට ලැබේ. විරුද යනු ස්තුති ගීතිකාවන්ය. ස්තුති ගීතිකාවන්ගේ ආවලිය හෙවත් එකතුව විරුදාවලිය වන අතර එය කෙටි කිරීමෙන් විරිදුව යන්න සකස් කරගෙන ඇත. වර්තමානයේද විරිඳු යනුවෙන් හඳුන්වන කාව්‍ය විශේෂයක් දක්නට ලැබේ. එහිද මේ හා සමාන අර්ථයක් ගැබ්ව ඇත. රාජසිංහ විරිඳුව මේ සඳහා කදිම නිදසුනකි. භක්ති කාව්‍යයන්ගේ මුඛ්‍ය පරමාර්ථය වූයේ දෙවිවරුන්ට ප‍්‍රශංසා කිරීම හා ස්තුති කිරීමයි. පසුකාලීනව රජවරුන්ට, ඇමතිවරුන්ට ප‍්‍රශංසා කිරීම් හා ස්තුති කිරීම් ඇතුළත් ප‍්‍රශස්ති කාව්‍ය සඳහා ‘ස්තව’ හෝ ‘ස්තෝත‍්‍රය’ යන්න භාවිත කර ඇත. මෙතෙක් අධ්‍යයනය කළ නිර්වචන හා ප‍්‍රශස්ති ලක්‍ෂණ අනුව ප‍්‍රශස්තියක් යනු කුමක්ද සහ එහි අන්තර්ගත වියයුතු ලක්‍ෂණ මොනවාද යන්න පිළිබඳ කිසියම් අවබෝධයක් ලබාගත හැකිය. භාරතීය වේද කාව්‍ය යුගයෙන් ආරම්භ වූ මෙම සාහිත්‍යය සියවස් ගණනාවක් පසුකරමින් පැමිණ වර්තමානය වනවිට පුළුල් ක්‍ෂේත‍්‍රයක් ඔස්සේ විහිද පවතී. භය පදනම් කරගනිමින් දෙවියන් සතුටු කිරීම් වස් විවිධ පුදපූජාදිය පවත්වා ඔවුන්ගේ ගුණයන් වර්ණනා කිරීමෙන් ආරම්භ වූ මෙම සාහිත්‍යය සඳහා තත්කාලයේදී ප‍්‍රශස්ති යනුවෙන් භාවිත නොවුණි. පසුව ක‍්‍රමයෙන් රාජසභාවලදී රජවරුන්ගේ ගුණ වර්ණනා කළ වන්දිභට්ටයන් ම`ගින් මෙම සාහිත්‍යය තවදුරටත් පෝෂණය විය. මේ සඳහා ප‍්‍රශස්ති යන නම භාවිත වන්නට පටන් ගත්තේ මේ කාලයේදී බව අනුමාන කළ හැකිය. 01.2 ප‍්‍රශස්ති කාව්‍යකරණයේ ආරම්භය ප‍්‍රශස්ති කාව්‍යයේ ආරම්භය පිළිබඳ විමසීමේදී එය කොටස් කිහිපයක් යටතේ විමසීමට බඳුන් කළ යුතුය. එයට හේතුව වන්නේ අසවල් කාලයේ අසවල් පුද්ගලයා විසින් ප‍්‍රශස්ති කාව්‍යය ආරම්භ කරන ලදැයි නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි වීමයි. ප‍්‍රශස්ති කාව්‍යයන්හි සම්භවය පිළිබඳ පහත සඳහන් ක්‍ෂේත‍්‍රයන්හි මූලබීජ සොයාගත හැකිය.  භාරතීය වේද සාහිත්‍යය  සංස්කෘත ශතක සාහිත්‍යය  පාලි ත‍්‍රිපිටක සාහිත්‍යය  දකුණු ඉන්දීය ද්‍රවිඩ සාහිත්‍යය  බටහිර විශ්ව සාහිත්‍යය ප‍්‍රශස්ති සාහිත්‍යයේ සම්භවය පිළිබඳ විමසීමේදී ප‍්‍රධාන වශයෙන්ම භාරතීය වේද සාහිත්‍යයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ක‍්‍රි. පූ. පහලොස්වන යුගය දක්වා ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති වේද සාහිත්‍යයේ ප‍්‍රශස්ති සම්බන්‍ධ මූලබීජ බොහෝ සෙයින් සොයාගත හැකිය. තත් ගීතිකාවල දක්නට ලැබෙන වර්ණනාවන්හි දෙවියන් පිළිබඳ ගයනා කළ ස්තුති ගීතිකා ඇතුළත් වේ. ඒවා ඍජුවම ප‍්‍රශස්ති යැයි පැවසිය නොහැකි වුවද ප‍්‍රශස්ති සාහිත්‍යයේ ආරම්භයට මෙම`ගින් ලැබෙනුයේ මහ`ගු පිටුබලයකි. ප‍්‍රශස්ති සම්භවය පිළිබඳ සංඝදාස පෙරේරාගේ මතතය වන්නේ දේවවාදය වැඩුණු අවධියේ සිටම සුළු වශයෙන් ප‍්‍රශස්ති ආරම්භව තිබූ බවයි. වර්ණනාවට පද්‍යය වටිනා උපකරණයක් වන නිසා මුල් අවධියේ සිටම ප‍්‍රශස්ති සඳහා පද්‍යය සහාය කරගත් බව පෙනේ. ලෝකයේ පද්‍යය උපන්නේ යම් කලෙකද ඒ අවධියෙහිම ප‍්‍රශස්ති පහළ වන්නට ඇතැයි ඔහු ප‍්‍රකාශ කරයි. සොබාදහමේ ක‍්‍රියාකාරීත්වය අදෘෂ්‍යමාන බලවේගයන් විසින් පාලනය කරන බව වේද කාව්‍යය යුගයේ සිටම මිනිස්සු විශ්වාස කළහ. එබැවින් සොබාදහමේ ඇති සියලූම වස්තු දේවත්වයට ආරෝපණය කර වන්දනාමාන කිරීමට හා විවිධ පුදපූජා පැවැත්වීම ආරම්භ කළහ. එහි අරමුණ වූයේ දෙවියන් සතුටු කිරීම බැවින් ඒ සඳහා ස්තෝත‍්‍ර ගීතිකා ගායනා කිරීම සිදු කොට ඇත. මෙසේ ස්තෝත‍්‍ර ගායනා කරමින් සතුටු කළ දෙවියන් අතර ඉන්ද්‍ර, වරුණ, සෝම, අග්නි ආදි දෙවිවරු ප‍්‍රධාන වෙති. මෙලෙස ආරම්භ වූ ස්තෝත‍්‍ර ගායනා පිළිබඳ මුලින්ම තොරතුරු හමුවන්නේ සංස්කෘත වේද සාහිත්‍යයෙනි. ලොව පැරණිම සාහිත්‍යය ග‍්‍රන්‍ථ විශේෂයක් වන වේද සාහිත්‍යයේ දෙවිවරුන්ගේ ශාරීරික ලක්‍ෂණ, වීර ක‍්‍රියාවන් මෙන්ම වෙනත් ගුණ විශේෂයන්ද වර්ණනාවට ලක්කර ඇත. සාහිත්‍ය ස`ගරාවට ලිපියක් සපයන මොරටුවේ ශාසනරතන හිමියෝ ඍග්වේදයේ අන්තර්ගත දේව ස්තෝත‍්‍ර පිළිබඳ මෙසේ ප‍්‍රකාශ කරති. ‘‘....කිසියම් අවශ්‍යතාවක් ඉටුකරනු පිණිස අතින්ද්‍රීය දේව ලෝකයට පිවිස දෙවියන් ඉදිරියේ ගායනය කළ ස්තෝත‍්‍ර ගීතිකාවන්ගෙන් ඍග්වේදය සම්පූර්ණය. විවිධ දෙවිවරුන් වෙනුවෙන් ඔවුන්ගේ මහානීය ගුණ කීර්තනය කරමින් ලියූ එබඳු ස්තෝත‍්‍ර ඍග්වේදයේ පමණක් 10,600ක් පමණ ඇත.’’ වේද යුගයේ මිනිසුන් සිය අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා දෙවියන් වර්ණනා කර ඇති බවත් ඒ සඳහා විශාල ගීතිකා ප‍්‍රමාණයක් ඍග්වේදයේ අන්තර්ගතව ඇති බවත් උක්ත ප‍්‍රකාශයෙන් පැහැදිලි වේ. ආචාර්ය වින්ටර්නිට්ස් විසින් කරන ලද පහත ප‍්‍රකාශයෙන්ද ප‍්‍රශස්තීන්හි සම්භවය සඳහා වේද කාව්‍යය පිටුවහලක් වූ බව අවබෝධ වේ. ‘‘ ..... ආගමික පද්‍යයත් ලෞකික පද්‍යයත් අතර අන්තර් මාධ්‍යය තත්ත්වයන් දරනුයේ දන්දීම ගැන ස්තුති මුඛයෙන් බඳනා ලද දානස්තුති නම් ගීත විශේෂයට සම්බන්‍ධ (එනම් රජුන් හා යාග පූජාවන්ගේ අනුග‍්‍රාහකයන් සඳහා රචිත* සුක්තයි. එබඳු සුක්ත හතළිහක් පමණ ඇත. ඉන් සමහරක් කිසියම් රජෙකුට තම සතුරන් පරදවා විජයශී‍්‍රය අත්කොට ගැනීමට උදව් දුන් ඉන්‍ද්‍ර දෙවියා පසසමින් රචිත වූ ජය ගීතිකායි. දේවස්තුතියත් සම`ග ජයග‍්‍රාහී රජු පිළිබඳ ප‍්‍රශස්තියක්ද එක්කොට ඇත. කෙසේ වුවද අන්තිමට ගායකයා තමාට හරකුන්, අශ්වයන් හා යුද්ධයෙන් කොල්ලකාගනු ලැබූ අලංකාර දාසයන්ද පරිත්‍යාග කළ තම අනුග‍්‍රාහකයාට ප‍්‍රශංසා කරයි.’’ ඍග්වේදය තුළ ප‍්‍රශස්තීන්හි මූලබීජ පමණක් නොව, ප‍්‍රශස්ති කාව්‍යයවල අන්තර්ගත වියයුතු බොහෝ ලක්‍ෂණ ඒ තුළ දක්නට ලැබෙන බව වින්ටර්නිට්ස්්ගේ ඉහත නිර්වචනයෙන් පැහැදිලි වේ. එහිදී ඔහු ප‍්‍රකාශ කරන්නේ පරිත්‍යාග හෙවත් දන්දීම උදෙසා ප‍්‍රශංසාභිමුඛව ගීතිකා හතළිහක් පමණ ඇති බවත් ඉන්‍ද්‍ර දෙවියාගේ උදව්වෙන් යුද ජයග‍්‍රහණ ලබාගත් රජෙකු පිළිබඳ ගීතිකා කිහිපයක්ද ඇති බවත්ය. මෙහිදී අපගේ අවධානය වැඩි වශයෙන් යොමුවිය යුත්තේ දානස්තුතිවලට හා යුද ජයග‍්‍රහණ සම්බන්‍ධ ප‍්‍රශංසා පිළිබඳවය. එසේම වින්ටර්නිට්ස් ප‍්‍රකාශ කරන්නේ දානස්තුතිවලදී බහුල වශයෙන් සිදුව ඇත්තේ යාගය සඳහා දායකත්වය දුන් පරිත්‍යාගශීලියා පිළිබඳ ප‍්‍රශංසා මුඛයෙන් ගීතිකා රචනා වී ඇති බවයි. ඍග්වේදයේ දහවන මණ්ඩලයේ අඩංගු සූත‍්‍ර 1028න් 40ක් පමණ දානස්තුතියකින් කෙළවර වෙයි. සෘග්වේදයේ ගීතිකාවලට ඒ. මැග්ඩොනල් නම් ප`ඩිවරයා විසින් අනුවාදයක් සපයා ඇත. එහි සඳහන් දානස්තුති හෙවත් දක්‍ෂිණ ප‍්‍රශස්ති කිහිපයක් මෙසේ පෙන්වාදිය හැකිය. ‘‘යදියා කිස`ග හැසිරෙන රිසියෙනි අතර දන්පති වළඳවයි හිඳුවා සිය ගෙදර ඉල්ලූ කලට පිහිටක් දෙයි කොට අදර එතෙකින් බඳී ඔහු හා මිතුදම් නොහැර තම සතු වතින් කොටසක් පිය සබඳහුට විඳුමට නොදෙද හේ නොතරම් මිතු නමට කියමින් නැතැයි මා හට මෙහි කිසි පිහිට හෙතෙමේ පතයි සරණක් ගොස් වෙනතකට මඩවයි න`ගුල සී සාමින් පිසුණු ගුණ නිමවයි ගමන න`ගමින් යන්නා සරණ උපයයි බණන දද පරයා ගැරහු බණ අගනෙයි නොදෙනු හට වැඩියෙන් දෙනු තිළිණ’’ වේද සාහිත්‍යය දෙස අවධානය යොමු කිරීමේදී ඒවායේ ප‍්‍රශස්ති හෙවත් ස්තෝ්ත‍්‍ර ගණයට අයත් වන ගීතිකාවන් අන්තර්ගතව ඇති බව පැහැදිලිව දක්නට ලැබේ. ඒවා තත්කාලයේ ප‍්‍රශස්ති යන නාමයෙන් හැඳින් නොවුණද ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණ බහුල වශයෙන් මේවායේ දක්නට ලැබේ. ප‍්‍රශස්ති කාව්‍ය සාහිත්‍යයේ සම්භවය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමේදී වැදගත් වන තවත් සාහිත්‍යාංගයක් වනුයේ සංස්කෘත ‘ශතක’ සාහිත්‍යයයි. වේද ගීතිකාවන්වල දක්නට ලැබුණු ප‍්‍රශස්ති ලක්‍ෂණවලට වඩා බහුල වශයෙන් ප‍්‍රශස්ති ලක්‍ෂණ ශතක සාහිත්‍යයේ දක්නට ලැබේ. ශතක යනු සියයක එකතුවයි. ශ්ලෝක සියයකින් හෝ ඊට තරමක් අඩුවෙන් හෝ වැඩියෙන් සමන්විත ග‍්‍රන්‍ථ ශතක කාව්‍ය ග‍්‍රන්‍ථ ලෙස හැඳින්වේ. සංස්කෘත සාහිත්‍යයේ ආශ‍්‍රයෙන් සම්භවය ලද මෙම ශතක ග‍්‍රන්‍ථයන්හි අන්තර්ගත වන්නේ ශ්ලෝක නමින් හඳුන්වන පද්‍ය විශේෂයකි. ශ්ලෝක යන්නෙහි අර්ථය වන්නේ ස්තුති කිරීම, ස්තුති පූර්වක සුක්තය හෝ පද්‍යය, බ‍්‍රහ්මචර්ය ආත්තෝපදේශය හෝ කියමන් යනාදියයි. ශතක සාහිත්‍යය ග‍්‍රන්‍ථ එක් වස්තුවක් හෝ විෂයයක් පදනම් කරගනිමින් රචනා නොවන අතර ඒවායේ අන්තර්ගත ශ්ලෝකයන්ගේ අන්‍යොන්‍ය සම්බන්‍ධයක්ද දක්නට නොමැත. එක් ශ්ලෝකයකින් එක් අදහසක් ප‍්‍රකාශ කරන ආකාරයෙන් මෙම ග‍්‍රන්‍ථ රචනා කර ඇත. ශතක සාහිත්‍යය ප‍්‍රධාන වශයෙන් උපදේශාත්මක, ශෘංගාරාත්මක හා ස්තෝත‍්‍ර ස්වරූපී ශතක වශයෙන් කොටස් තුනකට බෙදේ. මේ අතුරින් ප‍්‍රශස්ති සාහිත්‍යයේ සම්භවය විෂයයෙහි ඤාතිත්වයක් දක්වන්නේ ස්තෝත‍්‍ර ස්වරූපී ශතක සාහිත්‍යයයි. දෙවි දේවතාවුන් හා ආගමික නායකයන් පිළිබඳ ස්තෝත‍්‍ර ස්වරූපී ශ්ලෝක මේවායේ අන්තර්ගත වේ. ශතක සාහිත්‍යයේ ආරම්භය ක‍්‍රි. ව. පළමුවන සියවස දක්වා දිවයයි. මහායාන බෞද්ධ ආචාර්යවරුන් වන නාගර්ජුන, ආර්යදේව, මාතෘවේට යන හිමිවරුන් විසින් රචිත ග‍්‍රන්‍ථ අතර අවදාන ශතකය නමින් කෘතියක් තිබූ බව සඳහන් වේ. නාගර්ජුන පාදයන්ගේ යෝග ශතකය හා ප‍්‍රඥා ශතකය, ආර්යදේව පාදයන්ගේ චතුශ්ශතකය, මාතෘවේට්ටයන්ගේ අධ්‍යර්ධ ශතකය සහ ධර්මපාලාචාරීන්ගේ ධර්ම ශාසන සහ විග‍්‍රහ ශතකය තත්කාලයේ රචිත මහායාන බෞද්ධ ශතක ග‍්‍රන්‍ථ වශයෙන් පෙන්වාදිය හැකිය. ඉහත සඳහන් ශතක ග‍්‍රන්‍ථ රචනා වීමෙන් පසුකාලයේදී මහායාන ආචාර්යවරුන් විසින්ම ස්තෝත‍්‍ර ගණයෙහිලා ගැනෙන ශතක කාව්‍ය කිහිපයක්ද රචනා කර තිබේ. කාශ්මීර කවියෙකු වූ සර්වමිත‍්‍ර විසින් අවලෝකිතේශ්වර බෝසතුන්ට කළ ස්තෝත‍්‍ර ගායනයක් වශයෙන් ස‍්‍රග්ධරා ස්තෝත‍්‍ර ශතකය, තාරා දෙව්දුවට අයත් නම් 108ක් වර්ණනා කරමින් රචිත ආර්යතාරානාම අෂ්ඨෝත්තර ශතකය විශිෂ්ට ස්තෝත‍්‍ර ශතක කාව්‍ය ග‍්‍රන්‍ථ වශයෙන් පෙන්වාදිය හැකිය. ක‍්‍රි. පූ. පළමු සියවසෙන් පසුව ලංකාව තුළද ශතක කාව්‍ය ග‍්‍රන්‍ථ කිහිපයක් රචනා විය. ඒ අතර සූර්ය ශතකය, අනුරුද්ධ ශතකය, නාමාෂ්ඨ ශතකය, භක්ති ශතකය වැනි ග‍්‍රන්‍ථ ප‍්‍රධාන වේ. ශතක සාහිත්‍යයෙහි ප‍්‍රශස්ති ලක්‍ෂණ අන්තර්ගත බවට ඉදිරිපත් කළ හැකි අගනා නිදසුන් භක්ති ශතකයෙන් සොයාගත හැකිය. මෙය බෞද්ධ ශතකය නමින්ද හැඳින්වෙන අතර ගෞඩදේශීය රාමචන්‍ද්‍ර භාරතී නම් ප`ඩිවරයා විසින් රචනා කර ඇත. බුදුරජාණන් වහන්සේගේ ගුණ මහිමයන් ඇතුළත් ශ්ලෝක 108ක් අන්තර්ගත මෙහි බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඉමහත් ගෞරවයෙන් යුක්තව වර්ණනා කළ ස්තෝත‍්‍ර ස්වරූපයෙන් රචනා කර ඇත. භක්ති ශතකයෙහි ප‍්‍රශස්ති ලක්‍ෂණ කෙසේ අන්තර්ගතව ඇද්දැයි පහත පද්‍යය කිහිපය නිදසුන් සපයයි. ‘‘භො වීතරාග භගවන් තව පාදමෙව වෙන්‍ද මුනීන්‍ද්‍ර මුහුරෙවමිමං මිමං ප‍්‍රවෙන්‍ද භූයඃ පුනඃ පුනරිමං පුරතඃ පරස්තාත් පාර්ශ්වද්වයෙරුපරි දික්‍ෂු විදික්‍ෂු වෙන්‍ද’’ (පහවූ රාග ඇති පින්වත් සර්වඥයන් වහන්ස නුඹ වහන්සේගේ ශ‍්‍රීපාදයම වඳිමි. මුනි ශ්‍රේෂ්ඨ වූ තථාගතයන් වහන්ස මෙසේම මේ ශ‍්‍රීපාදයම සකසා වඳිමි. බොහෝ සේ නැවත නැවතත් ඉදිරියෙහිද පිටුපසෙහිද ඇලයෙහිද මත්තතෙහිද සතර දිශාවෙහිද මේ ශ‍්‍රීපාදයම වඳිමි.* ‘‘දශබල ජින සි`ධ වජ‍්‍ර බුද්ධෙ සුගත තථාගත බුද්ධෙ ශාක්‍යසිංහ ඉති නිගදති යඃ ක්වචිත් කදාචිත් තමභිතමාම්‍යපි දාශවංශජාතම්’’ (දශබලයි කියාද ජිනයැයි කියාද සිද්ධයැයි කියාද වජ‍්‍රබුද්ධියැයි කියාද සුගතයැයි කියාද තථාගතයැයි කියාද යම් සත්ත්වයෙක් කිසි තැනෙක්හි කිසි කලෙක්හිත් මෙසේ බුදුන් වහන්සේගේ නම් සිහි කොට කියා නම් ඔහු ගැති කුලයෙහි උපන්නත් ආදරයෙන් වඳිමි.* භක්ති ශතකයෙහි අන්තර්ගත ඉහත ශ්ලෝකද්වයෙහි බුදුරජාණන් වහන්සේ පිළිබඳ වර්ණනාවක් දක්නට ලැබේ. එහි පළමු ශ්ලෝකයෙන් කියැවෙන්නේ කතුවරයා බුදුරජාණන් වහන්සේට සිව්දිශාවේ සිටම වන්දනා කරන බවයි. එසේ ගෞරව කිරීමට හේතුව වශයෙන් කතුවරයා දක්වන්නේ උන්වහන්සේ රාගයන්ගෙන් දුරු වීමයි. දෙවන ශ්ලෝකයේ බුදුරජාණන් වහන්සේට ගෞරවය පිණිස භාවිතවන පර්යාය නාම කිහිපයක් ඉදිරිපත් කොට ඇත. සංස්කෘත ශතක ග‍්‍රන්‍ථයන්හි ප‍්‍රශස්ති ලක්‍ෂණ අන්තර්ගතව තිබෙන බව මේ අනුව පැහැදිලි වේ. ප‍්‍රශස්ති කාව්‍යයෙහි සම්භවය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමේදී එය ඍග්වේදය හා සංස්කෘත ශතක කාව්‍යය සාහිත්‍යයට පමණක් සීමා වී නැති බව මෙහිලා ප‍්‍රකාශ කළ යුතුය. ප‍්‍රශස්ති මූලබීජ හමුවන තවත් ක්‍ෂේත‍්‍රයක් වන්නේ බෞද්ධ සාහිත්‍යයයි. වර්තමානයේ ප‍්‍රශස්ති නිර්වචනය කරන අර්ථයෙන්ම ත‍්‍රිපිටකය තුළ ප‍්‍රශස්ති අන්තර්ගත නොවේ. බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේලා පිළිබඳ වර්ණනා ත‍්‍රිපිටකයේ අන්තර්ගත වුවද ඒවා එකම ස්ථානයක දක්නට නොලැබේ. ත‍්‍රිපිටකයේ ඇතුළත් ප‍්‍රශස්ති ලක්‍ෂණ පිළිබඳව මොරටුවේ ශාසනරතන හිමියෝ මෙවන් අදහසක් ඉදිරිපත් කරති. ‘‘සංස්කෘත සිංහල විරුද හා ප‍්‍රශස්ති කාව්‍යයන්ගෙන් බෙහෙවින් පුද්ගලාභිවන්‍දනයට සීමා වූ අතර පාළි ධර්ම සාහිත්‍යයේ එයට වැඩි පියවර ගණනක් ඉදිරියට ගොස් ඇත. ථේර ගාථා ථේරි ගාථාවන්හි දක්නා ආත්ම ප‍්‍රකාශන අතරින් ධර්ම ගෞරවය විදහාපෑමට පසුබට වී නැත. නරසිහ ගාථා නමින් දක්නා සරල භාෂා ශෛලියකින් හා මධුර වෘත්තයකින් නිබද්ධ පද්‍යය පඞතිය යශෝදරාවන්ගේම කෘතියක් වුවත් නොවූවත් එයින් පිළිබිඹු වන ප‍්‍රශස්ති ලක්‍ෂණ අගනා කවි සම්ප‍්‍රදායකි. පිය රජුගේ අයැදීම නිසා බුදුන් සිය නුවරට වඩමවාගනු පිණිස කාලූදායී ඇමති පසුව පැවිදි වී බුදුන් ඉදිරියෙහි කළ මාර්ග වර්ණනාවේද දක්නේ ප‍්‍රශස්තියක ස්වරූපයකි.’’ ත‍්‍රිපිටක සාහිත්‍යයේ දක්නට ලැබෙන ප‍්‍රශස්ති ලක්‍ෂණ ඍග්වේදයේ දේව ස්තෝත‍්‍ර හා සිංහල විරුද කාව්‍යය යන දෙයන්ශයට වඩා වැඩි ප‍්‍රමාණයක් දක්නට ලැබෙන බව ශාසනරතන හිමියන්ගේ මතයයි. ඒ සඳහා උන්වහන්සේ ථේරගාථා, ථේරිගාථාවන්හි දක්නට ලැබෙන ආත්ම ප‍්‍රකාශන, කාලූදායී හිමියන්ගේ මාර්ග වරණනාව, යශෝධරාවන්ගේ නරසීහ ගාථා ආදිය නිදසුන් වශයෙන් පෙන්වාදී ඇත. සූත‍්‍ර පිටකයෙහි ඛුද්ධක නිකායේ ථේරගාථා පාළියෙහි එන කාලූදායී ථේරගාථා දෙස විමසිලිමත්ව බලන කල්හි ප‍්‍රශස්තීන්හි මූලබීජ එහි අන්තර්ගතව ඇති බව ප‍්‍රත්‍යක්‍ෂ වේ. බුදුරජාණන් වහන්සේ උපන් ගම වන කපිලවස්තු නුවරට යන ගමන් මාර්ගයේ ඇති අසිරිය කාලූදායී තෙරුන් වර්ණනා කරන්නේ ශුද්ධෝදන රජතුමාගේ හා මහාමායා දේවියගේ ගුණයන් හා මිශ‍්‍ර කරමිනි. ‘‘සො ගොතමි කාල කතා ඉතො චුතො දිබෙ:බහි කාමෙහි සමඬ්ගිභූතා සො මොදති කාම ගුණෙහි පඤ:චහි පරිවාරිතා දෙනගණෙහි තෙහි’’ (කලූරිය කළ ඒ ගෞතමී තොමෝ මෙයින් සැට දිව්‍ය කාමියන් යුක්ත වූවාය. ඕ තොමෝ ඒ දේව ගණයා විසින් පිරිවරණ ලද්දී පස්කම් ගුණයෙන් සතුටු වෙයි.* ‘‘බුද:ධස:ස පුතෙ:තාම:හි අසය:හසායිනො අඬ්:ගීරස:ස:පපටිමස:ස තාදිනො පිතූපිතා මය:හං තුවංසි සක:ක ධමෙ:මන මෙ ගොතමි අය්‍යකොසි’’ (ශුද්ධෝදන ශාක්‍යය, මම් අසහ්‍ය සාහීවූ අඬ්ගීරස වූ අප‍්‍රතිම වූ තාදී ගුණ ඇති බුදුන්ගේ පුත‍්‍ර වෙමි. තෙපි මාගේ පියාගේ පිය වූවාහුය. ගෞතමය ස්වභාව ධර්මයෙන් මාගේ මුත්තණු වූවාහුය.* සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ ශාරීරික ධාතු අතට ගෙන ගාථා පන්සියයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැරියුත් හිමියන්ගේ ගුණයන් වර්ණනා කරමින්ය. සැරියුත් ථේර ගාථාවන්හි අන්තර්ගත මෙම ගාථාවන්හිද ප‍්‍රශස්ති ලක්‍ෂණ දක්නට ලැබේ. ආචාර්ය බුද්ධප්පිය තෙරුන් විසින් රචනා කළ පජ්ජුමධු නම් බෞද්ධ කාව්‍ය ග‍්‍රන්‍ථයද ප‍්‍රශස්ති කාව්‍යයක ස්වරූපයක් උසුලයි. එසේම ජිනාලඬ්කාර වණ්ණනා නමින් දක්නා පාළි කාව්‍ය ග‍්‍රන්‍ථයද ප‍්‍රශස්ති ලක්‍ෂණ සොයාගත හැකි තවත් පාළි කෘතියකි. ප‍්‍රශස්ති සාහිත්‍යයේ සම්භවය පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමේදී අවධානය යොමු කළ යුතු තවත් ක්‍ෂේත‍්‍රයක් වන්නේ ද්‍රවිඩ සාහිත්‍යයයි. ස්තෝත‍්‍ර කාව්‍යය, කොහු කාව්‍යය, ප‍්‍රශස්ති කාව්‍යය නමින් හැඳින්වෙන කාව්‍යාංග දකුණු ඉන්දීය කලම්භක නම් ස්තෝත‍්‍ර කාව්‍යයන්ගේ ආභාසයෙන් බිහිව ඇති බව ඇතමෙකුගේ මතයයි. නායකයෙකු පැසසීම සඳහා ගොතන ලද කාව්‍යය හෙවත් පද්‍යය යන අර්ථය ද්‍රවිඩ ‘කදම්භ’ යන වචනයෙන් සකස් වූ ‘කලම්භකම්’ යන වචනයෙහි ගැබ්ව ඇත. කලම්භකම් යන්නට සමාන වචනයක් වශයෙන් භාවිත වන ද්‍රවිඩ ‘විරින්දු’ යන වචනයද ප‍්‍රශස්ති සාහිත්‍යයේ සම්භවයට කිසියම් ඥාතිත්වයක් දක්වයි. විරින්දු යන්නෙහි අර්ථය වන්නේ අලූත් බැඳුම් හෙවත් නවීන පද්‍යය යන්නයි. කලම්භකම් යන සාහිත්‍යයෙහි අංග දහඅටක් දක්නට ලැබේ. එනම් පුයවහුප්පු, අම්මානෛ, මදංගු, කාලම්, සම්පිරතම්, කාර්, තවම්, කුරම්, මරම්, පාණ්, කලි, සිත්තු, ඉරංගල්, කෛක්කිෙලෙ, තුදු, වණ්ඩිතෙලෙ සහ ඌසල් යනු එම දහඅටයි. මේ එක් එක් කොටස්වලින් කියැවෙන්නේ කිසියම් නායකයෙකුගේ ශරීරාංග පිළිබඳ වර්ණනාවන්ය. රජෙකු වැනි නායකයෙකුගේ බාහු බලය වර්ණනා කිරීම පුයවහුප්පු යනුවෙන් හැඳන් වීම නිදසුන් වශයෙන් පෙන්වාදිය හැකිය. කලම්භකම් යන වචනයේ ඉහතින් ඉදිරිපත් කළ අර්ථයට තරමක් වෙනස් අර්ථයක්ද ගැබ්ව ඇත. සංස්කෘත භාෂාවේ ‘කදම්භ’ යන වචනයෙන් පැමිණි මෙහි අර්ථය වන්නේ නොයෙක් මල් එකට තබා මල්කළඹක් සාදන ආකාරයෙන් විවිධ විරිත් එකතුවෙන් බැඳි සිව්පද එක් ස්ථානයකට එකතු කිරීම යන අරුත මෙම මතය ඉදිරිපත් කරන්නෝ විශ්වාස කරති. ද්‍රවිඩ සාහිත්‍යයේ කලම්භකම් නම් පද්‍යය සාහිතයයේ ඇතුළත් ග‍්‍රන්‍ථයන්හි බහුල වශයෙන් ඇතුළත්ව ඇත්තේ උසස් ගණයේ යුද වීරයන් වර්ණනා කිරීම්ය. මෙම ගණයට අයත් පැරණිතම කාව්‍යය ග‍්‍රන්‍ථය වශයෙන් සැලකෙන්නේ කලින්ගත්තුප්පරණී නම් කාව්‍ය ග‍්‍රන්‍ථයයි. මෙම ග‍්‍රන්‍ථය කුලෝත්තුංග නම් ද්‍රවිඩ රජු (ක‍්‍රි.ව. 1078 - 1118* කාලිංග යුද්ධයෙන් ජයගත් ආකාරයත් ඔහුගේ ගුණ වර්ණනාත් ඇතුළත් කොට සංකොණ්ඩාර් නම් ද්‍රවිඩ කවියා විසින් රචනා කරන ලද්දකි. එසේම මෙම ගණයට ගැනෙන තවත් කෘතියක් වන්නේ තක්කයාගප්පරණී නම් කාව්‍ය කෘතියයි. මෙය යාගයක් විස්තර කිරීම් සඳහා ඩට්ටක් කුත්තර් නම් කවියා විසින් රචනා කර ඇත. මෙසේ නායකයන්ගේ වීරත්වය විදහා දැක්වීම සඳහා ඔවුන්ගේ ගුණ කදම්භය වර්ණනා කිරීම් වස් රචනා වූ කලම්භකම් හා විරින්දු යන සාහිත්‍යාංගයන්ගෙන් ඍජු ආභාසයක් ප‍්‍රශස්ති කාව්‍යය සඳහා ලබාගෙන ඇති බව පැහැදිලිව දක්නට ලැබේ. මෙතෙක් අවධානය යොමු කරන ලද්දේ ප‍්‍රශස්ති කාව්‍යය බිහිවීම සඳහා පෙරදිග සාහිත්‍යයෙන් කුමන දායකත්වයක් ලැබී ඇද්ද යන්න පිළිබඳවය. ප‍්‍රශස්ති කාව්‍යය බිහිවීමෙහිලා අපරදිග සාහිත්‍යයෙන්ද කිසියම් ආකාරයක දායකත්වයක් ලැබී ඇතිබව පැහැදිලිව දක්නට ලැබේ. අපරදිග ලෝකයේ රටවල් වන ග‍්‍රීකය, රෝමය, ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය, රුසියාව, අරාබිය වැනි රටවල මුල්කාලීන සාහිත්‍යයෙහි වර්ණනා ලක්‍ෂණ බොහෝමයක් දක්නට ලැබේ. අපරදිග සාහිත්‍යයේ ප‍්‍රශස්ති පිළිබඳව මූලබීජ ප‍්‍රථම වරට හමුවන්නේ ග‍්‍රීක සාහිත්‍යයෙනි. ක‍්‍රි. පූ. නවවන සියවසේ හෝමර් විසින් රචිත වීරකාව්‍ය ගණයට ඇතුළත් වන ඉලියඞ් සහ ඔඩිසි යන පැරණි ග‍්‍රීක ග‍්‍රන්‍ථද්වයෙහි වර්ණනා ලක්‍ෂණ අන්තර්ගත වේ. ග‍්‍රීකයේ පැරණි ට්‍රෝයි නගරයේ පාලනයට විරුද්ධව කළ ප‍්‍රබල සටනක් පිළිබඳ විස්තර ඉලියඞ් නම් ග‍්‍රන්‍ථයේ තොරතුරු සඳහන් වේ. එම නගරයේ ජීවත් වූ පැරිස් නම් කුමරා විසින් රජතුමාගේ බිරිඳක් වූ හෙලන් කුමරිය පැහැරගෙන යාමේ සිද්ධිය හා ට්‍රෝයි නගරය පරාජය වී ආපසු යන රජතුමාට විඳීමට සිදු වූ දුෂ්කරතා පිළිබඳව විස්තර ඉලියඞ් ග‍්‍රන්‍ථයෙහි අන්තර්ගත වේ. පැරිස් කුමරාගේ වීරත්වය හා රණකාමීත්වය මෙම කෘතිය තුළ මනාව ඉස්මතු කර ඇත. ග‍්‍රීක සාහිත්‍යයේ එන ඔඩිසි නම් වීරකාව්‍යයේ ආභාසයෙන් ලතින් සාහිත්‍යයේ ඊනිඞ් නම් මහාකාව්‍යය රචනා වන්නේ රෝම මීමුතු පරම්පරාවේ සටන්කාමිත්වය පසුබිම් කර ගන්මින්ය. මෙහි අන්තර්ගත වන්නේ රෝමයේ ආදි කාලයේ ජීවත් වූ මිනිසුන්ගේ රණශූරත්වය පිළිබඳ විස්තරයන්ය. රෝලන්ඞ්ගේ වීර චරිතය පදනම් කර ගනිමින් ක‍්‍රි. ව. එකොළොස්වන සියවසේ පමණ ප‍්‍රංශයේ රචනා වූ ෂොන්සොන් ඕ ගෙස්ට් නම් කාව්‍යය ග‍්‍රන්‍ථයද වීර කාව්‍යය ගණයට අයත් වන්නකි. ක‍්‍රි. ව. හත්වන සියවසේ පමණ ජර්මනියේ ජීවත් වූ ගෝත‍්‍රික ජනයා තුළ ග‍්‍රන්‍ථාගත නොවූ සාහිත්‍යයක් තිබූ බවට තොරතුරු හමු වේ. ගොත්නින් නමින් හඳුන්වන මෙම ගෝත‍්‍රයේ ජනයා විසින් වීරයන් මුල්කර ගනිමින් උත්සව පැවැත් වූ අතර එහිදී යුද්ධය සම්බන්‍ධ ගීත ගායනා කළ බවක් ටැසිටස් නම් රෝම ජාතික කතුවරයා සඳහන් කරයි. මොන්ගෝලියන්වරු ජර්මනිය ආක‍්‍රමණය කළ කාලයේදී පියෙකු හා පුතෙකු අතර ඇති වූ සටනක් පිළිබඳ තොරතුරු ඇතුළත් ගීතයක් වන හිල්ඩබුන්ට්ස්ට් නම් ගීතය ජර්මනියේ ෆල්ඩා නම් ආශ‍්‍රමයේ දක්නට ලැබෙන බව අඹගස්පිටියේ විමල හිමියෝ ප‍්‍රකාශ කරති. එය ජර්මනියේ හටන් කාව්‍යය සාහිත්‍යයේ මූලාරම්භ අවස්ථාව වශයෙන් පෙන්වාදිය හැකිය. අපරදිග සාහිත්‍යයේ ප‍්‍රශස්ති සම්භවය අධ්‍යයනය කිරීමේදී අරාබි සාහිත්‍යය පිළිබඳවද අධ්‍යයනය කළ යුතු වේ ක‍්‍රි. ව. පහ පමණ කාලයේ ආරම්භ වන අරාබි සාහිත්‍යයේ කවියට, විශේෂ ස්ථානයක් හිමිවේ. මොවුන්ගේ මුල්කාලීන කාව්‍යකරණයේ පරමාර්ථය වූයේ ගෝත‍්‍රයේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කිරීම, යුද්ධයේදී මෙන්ම සමාජයේදී ගෝත‍්‍රිකයන්ගේ ජයග‍්‍රහණ හා සමත්කම් පැසසීම හා සතුරන් පරදා ජයග‍්‍රහණ ලබාගැනීම ආදි අරමුණුය. අරාබිකරයේ ප‍්‍රාග් ඉස්ලාමීය යුගයේ ශෘංගාරාත්මක ප‍්‍රශස්ති ස්වරූපය දරන කසීදා නම් දීර්ඝ පද්‍ය රාශියක් හමුවේ. ඊට අමතරව සතුරු ගෝත‍්‍රිකයන් සම`ග සටන් කිරීමේදී ඔවුන්ට විරුද්ධව බලවත් අවියක් සේ පරිහරණය කරන ලද උපහාසාත්මක කෙටි කාව්‍යය පඬතියක්ද හමු වී ඇත. මේ තොරතුරුවලින් අරාබි සාහිත්‍යයේ ප‍්‍රශස්ති ස්වරූපය මනාව ඉස්මතු වී ඇත. බටහිර සාහිත්‍යය තුළ ඉංග‍්‍රීසි සාහිත්‍යයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. පුරාතන ඉංග‍්‍රීසි යුගයේ ජීවත් වූ මිනිස්සු ස්වභාවයෙන්ම රණකාමියෝ වූහ. මෙකල ජීවත් වූ ගෝත‍්‍රිකයන් අතර කාව්‍ය සම්ප‍්‍රදායයක් තිබුණු අතර එම කාව්‍යය ජීවිත ආරක්‍ෂාව, පරම්පරාව ආරක්‍ෂා කරගැනීම ආදි කරුණු මුල් කරගනිමින් නොයෙක් ගෝත‍්‍රිකයන් සම`ග කළ සටන්, රණබිමේ තොරතුරු මෙන්ම ජයග‍්‍රහණ අවස්ථාවලදී ගායනා කළ ගීතිකාවන්ද ඇතුළත් වේ. ඉංග‍්‍රීසි සාහිත්‍යයේ ප‍්‍රශස්ති පිළිබඳ ලිඛිත සාධක හමුවන්නේ ක‍්‍රි. ව. අටවන සියවසේදී පමණය. බියෝවුල්ප් නම් ජර්මන් ජාතික වීරයා විසින් ග්‍රෙංඩල් නම් රකුසා සහ ඔහුගේ මව පරාජය කරමින් ලැබූ ජයග‍්‍රහණය පද්‍යය තුන්දහසකට අධික ප‍්‍රමාණයක් ඇතුළත් කොට රචනා වූ බියෝවුල්ෆ් නම් ඉංග‍්‍රීසි මහාකාව්‍යයේ ඇතුළත් වේ. මින්පසුව තවත් මහාකාව්‍යය හා ඛණ්ඩ කාව්‍ය රාශියක් ඉංග‍්‍රීසි සාහිත්‍යයේ බිහිවිය. ක‍්‍රි. ව. 1586දී විලියම් ඕනර් විසින් රචනා කළ ඇල්බියන්ස් ඉංග්ලන්ඞ් නම් කාව්‍ය, ක‍්‍රි. ව. 1595දී රෝසස් නම් රචකයා විසින් ලියූ සිවිල්ටෝර් (අභ්‍යන්තර සටන* නම් කාව්‍යයත් මේ අතර ප‍්‍රධාන වේ. මෙසේ විශ්වසාහිත්‍යය තුළ මුල්කාලයේදී රණශූරත්වය විදහා දැක්වීම සඳහා රචනා වූ කාව්‍යය ග‍්‍රන්‍ථ රාශියක් තිබී ඇත. ගෝත‍්‍ර නායකයන් සතුටු කිරීම හා පූජනය, රණකාමිත්වය වර්ණනා කිරීම හා සංස්කෘතිය ආරක්‍ෂා කිරීම වැනි කරුණු මුල්කර ගනිමින් ප‍්‍රශස්ති මූලබීජ ඇතුළත් මෙම කාව්‍යය ග‍්‍රන්‍ථ රචනා වී තිබේ. 01.3 සිංහල ප‍්‍රශස්ති කාව්‍යයේ විකාශය වර්තමානයේ අප රටේ පවතින සමාජ, ආර්ථික, දේශපාලනික, අධ්‍යාපනික, සංස්කෘතික, සාහිත්‍යය යන සැම සංස්පර්ෂයක්ම මහින්දාගමනයෙන් ලැබුණු දායාද වේ. මහින්දාගමනයේ ප‍්‍රතිඵල වශයෙන් බුදුදහම මුල්කරගත් අධ්‍යාපන රටාවක් මෙරට බිහි වූ අතර අධ්‍යාපනය ක‍්‍රමයෙන් දියුණු වත්ම ඒ ආශ‍්‍රයෙන් විවිධ නිර්මාණ බිහි කිරීමට මෙරට සාහිත්‍යධරයෝ උත්සුක වූහ. අනුරාධපුර පොළොන්නරු වැනි මුල්කාලීන යුගයන්හි සිටි නිර්මාණකරුවන් සිය නිර්මාණ සඳහා බුද්ධ චරිතය, බුද්ධ දේශනා හෝ බෝධිසත්ත්වකතා උපයෝගී කර ගත්තේ සියබස්ලකර කතුවරයාගේ පහත උපදේශය නිසාවෙනි. ‘‘පෙදෙන් බුදු සිරිතැ - බසින් වත් සිරිත් ඈ පදයුතු බසින් නළුවැ - අනතුරු ලකුණු දක්වම්’’ පද්‍යයෙන් කිසියම් නිර්මාණයක් කරන්නේ නම් ඒ සඳහා බුද්ධ චරිතය තේමා කරගත යුතුය යන සියබස්ලකර කතුවරයාගේ උපදේශය නිසා ලාංකේය කලාකරුවනට තමන් කැමති ක්‍ෂේත‍්‍රයක් ඔස්සේ නිර්මාණ බිහි කිරීමේ අවස්ථාව ඇහිරී ගියේය. එහෙයින් මුල්කාලීන සාහිත්‍ය කෘතිවන පුරාතන දළදා සිරිත. අමාවතුර, බුත්සරණ, දම්සරණ, ස`ගසරණ, සසදාවත, මුවදෙව්දාවත, කව්සිළුමිණ, පූජාවලිය, බෝධිවංශය ආදි ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය කෘති සඳහා බෞද්ධ බලපෑම නිරායාසයෙන්ම ලැබුණි. මෙම ග‍්‍රන්‍ථ රචනා කිරීමේ මූලික පරමාරථය වූයේද ලක්වාසී ජනතාවට බුදුදහම අවබෝධ කරවීමයි. එම නිසා බුදුරජාණන් වහන්සේ, ධර්මරත්නය හා සංඝරත්නයේ ගුණයන් ඇතුළත් කරමින් පාඨක ජනතාව තුළ ශ‍්‍රද්ධාව, කරුණාව, මෛත‍්‍රිය ආදි පහන් සිතිවිලි ඇතිවන අයුරින් මෙම ග‍්‍රන්‍ථ රචනා කිරීමට තත්කෘතීන්හි කතුවරයෝ සමත් වූහ. සියබස්ලකර කතුවරයාගේ ‘පෙදෙන් බුදු සිරිතැ’ යන උපදේශය අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි හා කුරුණෑගල යන යුගයන්හි නිර්මාණකරුවන් ඒ අයුරින්ම ඉටුකළ නමුත් ගම්පොළ යුගයේ පමණ සිට මෙම නීතිය උල්ලංඝනය වීමට පටන් ගැනිණි. ගම්පොළ යුගයේ රචනා වූ සංදේශ සාහිත්‍යය ම`ගින් මුල්වරට උක්ත නීනිය උල්ලංඝනය වීම සිදුවිය. මෙරට ප‍්‍රශස්ති සාහිත්‍යය බිහිවීම ප‍්‍රමාදයට උක්ත සාධකය අනිවාර්යය බලපෑමක් විය. ප‍්‍රශස්ති කාව්‍යය සාහිත්‍ය ලංකාවෙහි ස්ථිර වශයෙන්ම ආරම්භ වන්නේ කෝට්ටේ යුගයේ වුවද ගම්පොළ යුගය දක්වා රචනා වූ සාහිත්‍ය නිර්මාණ තුළ ප‍්‍රශස්ති ලක්‍ෂණ ගැබ්ව පැවතිණ. මෙහිදී අවධානය යොමු වන්නේ ලංකාවේ මුල්කාලීන සාහිත්‍යය තුළ අන්තර්ගත ප‍්‍රශස්ති ලක්‍ෂණ පිළිබඳ හා එහි අභාසයෙන් කෝට්ටේ යුගයේ පූර්ණ ප‍්‍රශස්ති කාව්‍යයක් බිහිවීම දක්වා වූ කරුණු පිළිබඳවය. සිංහල ප‍්‍රශස්ති බිහිවීමේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඒ සඳහා මූලබීජ සපයන පැරණිම ලිඛිත සාධකය වන්නේ සීගිරි කැටපත් පවුරයි. පස්වන කාශ්‍යප රජු විසින් නිර්මාණය කළ සීගිරි බලකොටුවේ ආලේඛ්‍ය කර ඇති චිත‍්‍ර බලා ඒ පිළිබඳ සිය අදහස් කැටපත් පවුරෙහි ලියා තබන්නේ කිසියම් දෙයක් වර්ණනා කිරීමේ හැකියාව ඔවුනට තිබූ බව කියාපාමිනි. සීගිරි පර්වතයේ ඇති ලලනාවන්ගේ චිත‍්‍ර නැරඹීමට පැමිණි තත්කාලීන ජනයා එම ලලනාවන්ගේ රූපශ‍්‍රීය වර්ණනා කරමින් සිය අදහස් ලියාතබා ඇත. ක‍්‍රි.පූ. 8 - 5 කාලය අතරතුර රචනා වී ඇති මෙම ලේඛනයන්හි ප‍්‍රශස්ති ලක්‍ෂණ යම් පමණකට අන්තර්ගතව ඇත. කැටපත් පවුරේ ඇති 14වන ගීය අතිශයෝක්ති වර්ණනාවක් ඇතුළත් ප‍්‍රශස්ති ලක්‍ෂණවලින් යුතු ගීයකි. ‘‘බලන් නැගියුන හය් නොමේ (බැණැ* හින්‍දිමින්ව (ජ* න් සිරි (බරි* න් තම වෙත සිකි භජනෙ හිමියබි බෙයන්දහි’’ (14* (යහලූව බලන්න බෙයඳෙහි කාන්තාව පර්වතය නැ`ග ආ අය සම`ග වචනයක් වත් නොබැණ හිඳිමින් ඔවුන් තමාගේ සිරිබරින් අදී.* ‘‘සුනිල් බැමැ තන හස් මිති කළ ඉ`ගක් පළමුව කළ වන් තො (ල්* සැබැවින රැු (පැ* සිරි ඔත් වතින් යොමුවැ’’ (90* (සුනිල් බැම, තන හසුන්, සිහිනි`ග, පබලූමය තොල්, යන මේ සියල්ල නිසා සැබැවින්ම සිරිකතට අභිමුඛවැ සියි අයුරු පළවීය.* ‘‘කොමුල් අමඞ් ලෙඞ් ලිනසී එබොන්‍ද මියුර් යහබැසී එ කපල්දල වන් දිගුසී මන ජල් (ව* යි (සිත්* නොමුසී’’ (103* (ඇය ලූ කොමල සිනහව කොම`ඩු ගෙඩියක බීජ පෙළක් මෙනි. පිය තෙපල කොම`ඩු ගෙඩියේ මදය මෙන් මියුරුය, දිගු ඇස කොම`ඩු ගෙඩියෙහි පිට පොත්ත මෙනි. ඕ තොමෝ මා හද දල්වයි. සිත ඇය කෙරෙන් නොමුදයි.* මෙහි පළමුව සඳහන් ගීයෙහි අන්තර්ගත වන්නේ සීගිරි ලලනාවන්ගේ රූ සපුව වර්ණනා කිරීමකි. එම ලලනාවන් සීගිරියට පැමිණියවුන් වස`ග කර ගන්නේ කථාවෙන් නොවේ, ශරීර ශෝභාවෙනි. මෙලෙස අනෙක් පද්‍ය දෙකෙහිද ලලනාවන්ගේ රූ සපුව අතිශයෝක්තියෙන් වර්ණනා කර ඇති අයුරක් දක්නට ලැබේ. මෙරට රචිත පාලි සාහිත්‍යය තුළින්ද ප‍්‍රමාණවත් තරම් ප‍්‍රශස්ති මූලබීජයන් සොයාගත හැකිය. මෙරට පාලි සාහිත්‍යය තුළ මුල්වරට ප‍්‍රශස්ති ලක්‍ෂණ ඇතුළත් පුද්ගල වර්ණනා හමුවන්නේ දීපවංශය තුළිනි. ක‍්‍රි. ව. හතරවන සියවසේ පමණ රචනා වි ඇති දීපවංශයේ දුටුගැමුණු රජතුමා පිළිබඳ වර්ණනාවක් අන්තර්ගත වේ. දුටුගැමුණු රජතුමා පිළිබඳ දීර්ඝ වශයෙන් කළ වර්ණනාවක් අන්තර්ගත වන්නේ ක‍්‍රි. ව. පස්වන සියවසේ මහානාම හිමියන් විසින් රචනා කළ මහාවංශයේය. දුටුගැමුණු රජතුමාගේ වීරත්වය හා සටන්කාමිත්වය වර්ණනා කිරීම සඳහා මහාවංශ කතුවරයා ගාථා විශාල ප‍්‍රමාණයක් වෙන්කර ඇත. එම ගාථාවන්හි අංග සම්පූර්ණ වීරකාව්‍ය ලක්‍ෂණ දක්නට ලැබෙන බැවින් ප‍්‍රශස්ති කාව්‍ය ගණයට නෑකම් කියන බව මෙහිලා ප‍්‍රකාශ කළ හැකිය. දුටුගැමුණු රජතුමාගේ වීරත්වය පිළිබඳ මහාවංශයේ මෙසේ විස්තර වේ. ‘‘එකල්හි මිහිපල් තෙමේ මේ දසමහා යෝධයන්ට පුතු සම සත්කාර කරවී දික්පති රජ තෙමේ මහා යෝධයන් දසදෙනා කැඳවා තෙපි එක එකා යෝධයන් දස දස දෙනා සොයව් යී කීයේය. ඔවුහු එසේම යෝධයන් ගෙනාවෝය. නැවතත් මිහිපල් තෙමේ ඒ යෝධයන් සියයටත් එසේම යෝධයන් පරියේෂණය පිණිස කීයේය. ඒ යෝධයන් දහසටත් එසේම පර්යේෂණයට ගියේය. එසේ ඔහුද යෝධයන් ගෙන අවුය. කැටිකරන ලද ඒ ඒ සියලූ යෝධයෝ එකොළොස්දහස් එක්සිය දෙනෙකි. ඒ සියල්ලෝ මීපල්හු වෙතින් හැස කල තබන ලද සත්කාර ඇත්තෝ ගැමුණු රජ පිත් පිරිවරා විසූහ. .... හස්ති ශිල්ප අශ්ව ශිල්ප, කඩු ශිල්ප යන මෙහි දක්‍ෂ වූ කරණ ලද අභ්‍යාස ඇති ගැමුණු කුමර තෙමේ එකල මාගම්හි විසීය.’’ මහාවංශයේ 23වන පරිච්ෙඡ්දයේ 96-101 දක්වා ගාථාවන්හි හා 24වන පරිච්ෙඡ්දයේ පළමු ගාථාවෙහි සිංහල අනුවාදය ඉහතින් දක්වා ඇත. එම`ගින් ප‍්‍රකාශ වන්නේ ඇත්, අස්, කඩු ආදි ශිල්පයන්හි නිපුණත්වය ලද දුටුගැමුණු රජතුමා යෝධයන් දහස් ගණනක් පිරිවරාගෙන තේජාන්විත අයුරින් වීර නායකයෙකු ලෙස මහාවංශය තුළ වර්ණනා කර ඇති බවයි. දුටුගැමුණු රජතුමා එළාර රජු පරාජය කර ලංකාව මුදාගනිමින් කළ වීරත්වය පිළිබඳ වර්ණනා මහාවංශයේ 25වන පරිච්ෙඡ්දයේ මෙසේ ස`දහන් වේ. ‘‘එහිදී දුටුගැමුණු මිහිපල් තෙමේ ‘මා හැර අනිකෙක් එළාර රජු නොමරවයි’ බෙර හසුරුවා සන්නාහ සන්නද්ධ වූයේ එසේම සදන්නද්ධ කළ කෙ`ඩාලැතු නැ`ගී තෙමේම එළාර රජු ලූහු බඳිමින් දකුණු වාසල් දොරටුව ආය. නුවර වාසල් දොර දී මිහිපලූන් දෙදෙනා යුද්ධ කළෝය. එළාර රජ තෝමරය දැමීය. දුටුගැමුණු රජ ඒ වැළකීය. ඒ පර්වත නම් ඇතු සිය කඩොලැතු ළවා දෙදළින් ඇන්නවීය. එළාර රජ හට තෝමරය දැමීය. ඇතු සහිත ඒ තෙමේ එහි හිණි.’’ මෙසේ මහාවංශය තුළ දුටුගැමුණු රජුගේ රණශූරත්වය මෙන්ම ආගමික සාමාජික කටයුතු පිළිබඳවද ප‍්‍රශංසාභිමුඛව වර්ණනාවට ලක් කර ඇත. දුටුගැමුණු වර්ණනාවට අමතරව මහාවංශයේ මුල් පරිච්ෙඡ්දවල විජය රජු යක්‍ෂ ගෝත‍්‍රිකයන් හා කළ සටන, පණ්ඩුකාභය සිය මාමාවරුන් හා සටන් කිරීම, සේනගුත්තික යන අශ්ව වෙළෙඳුන් දෙදෙනා හා අසේල රජු කළ සටන ආදි වීරක‍්‍රියාවන් වර්ණනා ස්වරූපයෙන් රචනා කර තිබේ. චූලවංශයේ ප‍්‍රථම භාගයේ වීරකාව්‍ය නායකයා වශයෙන් ගෙන ඇත්තේ පළමුවන පරාක‍්‍රමබාහු රජතුමාය. එතුමාගේ උපතේ සිට තොරතුරු, සිදුකළ සටන් හා ආගමික ක‍්‍රියා විස්තර කරන්නේ කාව්‍ය නායකයා ප‍්‍රශංසාභිමුඛව වර්ණනා කිරීම අරමුණු කරගනිමින්ය. චූලවංශයේ දෙවැනි කොටසෙහි ද්විතීය පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමාත් තෙවැන්නේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමාත් වීරත්වයෙන් වර්ණනා කර තිබේ. පොළොන්නරු යුගයේ රචනා වූ දාඨාවංශයද ප‍්‍රශස්ති ලක්‍ෂණ අන්තර්ගත වංශකතාවක් ලෙස පෙන්වාදිය හැකිය. එහි කාලිංගමාඝ ආක‍්‍රමණයේදී දෙවන විජයබාහු රජුගේ යුද ශක්තිය, ආර්ය චක‍්‍රවර්තීන්ගේ ආක‍්‍රමණය හා දෙවන බුවනෙකබාහු, තුන්වන හා හතරවන පරාක‍්‍රමබාහු වැනි රජවරුන්ගේ වීරත්වය උත්කර්ෂවත් ලෙස වර්නනා කර ඇත. මෙරට රචිත වංශකතාවන්හි එසේ ප‍්‍රශස්ති ලක්‍ෂණ හමුවෙද්දී අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල යන යුගයන්හි රචනා වූ සිංහල ගද්‍ය හා පද්‍ය ග‍්‍රන්‍ථයන්හිද ප‍්‍රශස්ති ලක්‍ෂණ දක්නට ලැබේ. එම ග‍්‍රන්‍ථ අතර බුත්සරණ, දම්සරණ, ස`ගසරණ, පූජාවලිය, අමාවතුර, සද්ධර්මාලංකාරය, මුවදෙව්දාවත, සසදාවත, කව්සිළුමිණ, ජාතක කතා පොත ආදි ගද්‍ය හා පද්‍ය ග‍්‍රන්‍ථ ප‍්‍රමුඛස්ථානයක් ගනී. විශේෂයෙන්ම මේවායෙහි දක්නට ලැබෙන වර්ණනා සම්පූර්ණ ප‍්‍රශස්ති ලක්‍ෂණවලින් යුක්ත නොවන අතර නායකයෙකු සතු ගුණාංග විවිධාකාරයෙන් වර්ණනා කර තිබෙනු දැකිය හැකිය. මුවදෙව්දාවත, සසදාවත හා කව්සිළුමිණ යන පද්‍ය ග‍්‍රන්‍ථන්හි බුදුරජාණන් වහන්සේ හා රජවරුන් කෙසේ වර්ණනා කර ඇද්ද යන්න නිදසුන් කිහිපයක් ම`ගින් පැහැදිලි කරගත හැකිය. මුවදෙව්දාවත කතුවරයා තත් කෘතියේ පළමු පද්‍යය තුනෙන් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ උන්වහන්සේ සතු අසීමිත ගුණ කදම්බයන් ඉදිරිපත් කරමින් බුද්ධස්තෝත‍්‍රයක් ආකාරයෙනි. ‘‘නුවණ නිස යුරා විනේ කුමුදු නිස යුරා කෙලෙස් තුසර දිව යුරා බව දුක් ළැව් අග යුරා සත් තිසර සරා ගුණ බි`ගු හෙළ මහ සරා විසා දල නිදුප සරා තිත් ගජන් කැන් තෙ සරා රා වසම තුරා සග මොක් සුවහස තුරා උවදුරු අ`දුරු මි තුරා නමව් තිලොවෙක මි තුරා’’ (ඤාණ නැමති නදියට සාගර වූ විනේය ජන නැමති කුමුදු වනයට නිශාකර වූ ක්ලේෂ නැමති පිනිවලට සූර්යයා බඳු වූ භව දුක් නැමති ද්‍රාවයට ගිනි ජාලාවක් බඳු වූ සත් පුරුෂ නැමති හංසයනට හා සරසිව් ගුණ නැමති භෘංග පන්තියට මහා පද්ම වූ විෂය නැමති ජල නිධියට උඩුප වූ තීර්තංකර නැමති හස්ති සමූහයාට කේසර සිංහ බඳු වූ රාග නමැති විෂයයට මන්ත‍්‍ර වූ ස්වර්ග මෝක්‍ෂ සුඛයට අග‍්‍ර යාත‍්‍රා වූ උපද්‍රව නැමති අන්‍ධකාරයට ප‍්‍රදීප වූ ත‍්‍රිලෝකයට එකම මිත‍්‍රයා වූ බුදුන් වහන්සේ ව`දිමි.* මුවදෙව්දා කතුවරයා ප‍්‍රශස්ති ලක්‍ෂණ ඇතුළත් ස්තෝත‍්‍ර ගණයට ගැනෙන පද්‍ය කිහිපයක් සිය කෘතිය තුළට ඇතුළත් කොට ඇති බව බුදුරජානන් වහන්සේ පිළිබඳ රචනා කර ඇති ඉහත පද්‍ය කිහිපයෙන් පැහැදිලි වේ. එසේම මඛාදේව රජුද ලොව සිටින ශ්‍රේෂ්ඨ රජවරු අතරින් එක් අයෙකු සේ ඉමහත් ගෞරවයෙන් වර්ණනා කර තිබෙන ආකාරයක් මුවදෙව්දාවතෙහි දක්නට ලැබේ. පහත දැක්වෙන්නේ මුවදෙව්දාවතෙහි මඛාදේව රජු වර්ණනා කිරීම සඳහා යොදාගත් පැදි දෙකකි. ‘‘වී මුව දෙව් නම් - නිරි`දු තුමෙක් පුර වෙරේ කළෙක හෙළි මුළු පොළෝ - යස වතුරින් නර තුරින්’’ (ඒ නගරයෙහි මඛාදේව නම් රජ කෙනෙක් විසීය. ඔහුගේ කීර්තිය සියලූ කල්හි මුලූ ලොව පතළේය. ඒ රජුගේ ගුණ සමූහය ගැන නොදත් පෙදෙසක් ලෝකයෙහි නැතැයි කියූ ආකාරයයි.* ‘‘නටත දෙවඹුවන් - යස ගී ගාඪ නරවරා හළ පුවළ අමරසෙන් - අසිගත් දියත්හි තමා’’ (දිව්‍ය ස්ත‍්‍රීන් ඒ රජුගේ කීර්ති ගීතිකාවන් ගායනා කරමින් නටන කල්හි දිව්‍ය සේනාව කඩු ගත්තා වූ තමන්ගේ දීර්ඝ හස්තයන්හි ප්‍රෞඪීය හැරදැමූහ.* මේ ආකාරයෙන්ම බඹදත් රජු වර්ණනා කිරීම ස`දහා සසදාවත කතුවරයා සිය කෘතියේදී මේ ආකාරයෙන් පද්‍ය බන්‍ධනය කර ඇත. බඹදත් රජු හිතවත් අහිතවත් දෙපක්‍ෂයටම උපකාර කරමින් ක‍්‍රියා කරන්නෙකු වශයෙන් ප‍්‍රකාශ කරන අතර ශරීර වර්ණයද ඉතා උසස් ආකාරයෙන් වර්ණනා කර ඇත. ‘‘සිරි සරෙ නරනි`දු - පලඹත වියක්සුපකට යම ද`ඩු කප් තුරු සිරිත් - බිය තොස කෙළෙ නර තුරින්’’ (ඒ බඹදත් නරේන්ද්‍රයාගේ ශ‍්‍රී සාර වූ ප‍්‍රලම්භ හස්තය තෙමේ විපක්‍ෂ සුපක්‍ෂයනට යමදණ්ඩ කල්පද්‍රැමාකාරයෙන් භය සන්තෝෂ කළේය.* ‘‘එරජ ගුණ නුරා - වැදැ ලෙවන් කෙරෙ සැරහී සඳුන් කොකුම් සිරිර`ග - ලෙසින් නරතුරු වෙරු රැුඳී’’ (ඒ රජුගේ ගුණයත් අනුරාගයත් ලෝකවාසීන් කෙරෙහි වැදී නිරන්තරයෙන් ශරීරයෙහි රැුඳුණා වූ චන්‍දන කුංකුම චූර්ණ ආකාරයෙන් හෙබැවීය.* සිංහලයේ පැරණි පද්‍ය සාහිත්‍ය කෘතියක් වන කව්සිළුමිණෙහිද ප‍්‍රශස්ති ලක්‍ෂණ අන්තර්ගතව ඇති බව එහි පද්‍ය කිහිපයක් විමර්ශනය කරන කල්හි පැහැදිලි වේ. කව්සිළුමිණෙහි වර්ණනා කරන්නේ කුස රජතුමා පිළිබඳවය. කුස රජු රූපයෙන් අවලස්සන වුවද එතුමාගේ රණශූරත්වය ප‍්‍රශස්තියක් ආකාරයෙන් රචනා කිරීමට කතුවරයා උත්සාහ ගෙන ඇත. ‘‘නිරිඳෙක් වී එපුරැු - දෙරෙණුසුලා වහළ නත් ගජනුඹුහුරු තළ පුවළ - රෙණේ සීසර කුස නම්’’ (දෙරණ උසුලා වැරුණු අනන්තයද දිග් ගජසෙන්ද උඩුකුරු කළ ප්‍රෞඪ වූ යුද්ධයෙහි සිංහස්වර වූ කුස නම් නිරිඳෙක් එපුරෙහි වීය.* ‘‘දිය හිමි ඔහු යසට - තිළිණ හිමි යදිනදහස් තියුණු නුවණට සත්හිමි - රුපු නැස්ම හිමි තෙද රැුස්’’ (කුස රජුගේ යසසට සීමා නම් ලෝකයයි. ත්‍යාගයට සීමා නම් යාචකයන්ගේ අදහස්ය. තියුණු නුවණට සීමා නම් ශාස්ත‍්‍රයයි. තේජෝ රාශියට රිපු විනාශය සීමායි.* ‘‘යුගත පත කුරිරු - හිරු ගුරු තෙද නරවර රිණී රුපු බළගහළ - මලගල්පතයන් ගත් මෙන්’’ (ඒ නරවරයාගේ තෙද තෙමේ යුගාන්තයට පත් හිරුගේ ගුරුය. ඔහුගේ වචනයෙහි අඩ බැල්මක් නම් දර්ප සහිත වූ කල්පාන්තයෙහි ගිනි දැල් කළඹකි.* සිංහල සාහිත්‍යයේ ප‍්‍රශස්ති සම්බවය පිළිබඳ විමසීමේදී ඒ සම`ග ඍජුවම සම්බන්‍ධ වන සාහිත්‍යාංගයක් වශයෙන් සිංහල සන්දේශ සාහිත්‍යය පෙන්විදිය හැකිය. සන්දේශ යනු කිසියම් පණිවිඩයක් වන අතර මනාව දැනුම්දීම යන අර්ථය එහි ගැබ්ව ඇත. සංස්කෘත සාහිත්‍යයේ ¥ත කාව්‍ය නම් සාහිත්‍යාංගයේ ආභාසයෙන් මෙරට සන්දේශ කාව්‍යය ආරම්භ වී ඇත. අනුරාධපුර යුගයේ රචනා වූ පුරාණ මයූර සන්දේශයක් තිබුණු බවට දඹදෙණි යුගයේ රචිත සිදත්ස`ගරාවේ තොරතුරු සඳහන් වේ. ‘‘මොණරිඳු එකල්හි පුල් සළග නවාගනී’’ සිදත්ස`ගරාවේ එසේ සඳහන් වුවද එවන් සංදේශයක් පිළිබඳ නිශ්චිත සාධක මේ වන විටත් හමු වී නොමැත. නිශ්චිත වශයෙන්ම මෙරට සංදේශ සාහිත්‍ය ආරම්භ වන්නේ ගම්පොළ යුගයේ වන අතර එම යුගයේ රචිත සන්දේශ වන්නේ මයූර සහ තිසර යන සන්දේශ දෙකයි. ප‍්‍රශස්ති හා සන්දේශ අතර ඍජු සම්බන්‍ධයක් ඇත. සැම සන්දේශයකම ¥ත ආශිර්වාදය, ¥ත වර්ණනා, කතානායකයා සහ දෙවියන් පිළිබඳ වර්ණනා ප‍්‍රශස්ති ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. මයූර සන්දේශය රචනා වන්නේ පස්වන බුවනෙකබා රජුට හා රජ පවුලටත් සෙන්පතියන්ටත් දෙවියන්ගේ ආරක්‍ෂාව පතා දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙත යවන පණිවිඩයක් වශයෙනි. උක්ත කාරණා මෙහි අරමුණු වශයෙන් කතුවරයා සඳහන් කළද මෙය රචනා වීමේ සැබෑම අරමුණ අලගක්කෝනාර ඇමතියා වර්ණනා කිරීම බව සිංහල සන්දේශ සාහිත්‍යය කෘතියේදී පුඤ්චිබණ්ඩාර සන්නස්ගල ප‍්‍රකාශ කරයි. කෙසේ වෙතත් මයූර සන්දේශ කතුවරයා පස්වන බුවනෙකබාහු රජතුමා වර්ණනා කිරීම සඳහා රචනා කළ පද්‍යය අතර ප‍්‍රශස්ති ලක්‍ෂණ ගැබ්ව ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුය. ‘‘සිරි සියබා තෙල ඔලඹා රැුඳි නිතො ර රුපු ගජබා මුල් නොතබා ගත් කෙස ර ලක ඔලඹා සිරි සුලබා කළ මෙපු ර දින මහ බා බුවනෙකබා රජ පව ර’’ (ශ‍්‍රී දේවිය නිිිරතුරුව ස්වකීය බාහුතලයෙහි රැුඳි කේසරසිංහයෙකු සේ සතුරන් නැමති හස්තීන්ගේ ශක්තිය මුලිනුපුටා දමා ග‍්‍රහණය කළාවූ ලංකාව අත්පත් කොට සම්පත්තිය සිදු කළ මහා භාග්‍ය ඇති උතුම් බුවනෙකබාහු රජු මේ නගරය ජයග‍්‍රහණය කරන්නෙහිවා.* ‘‘සොබමන් යොවුන් මන් යොන් සැටි අඳුන් වන දෙන මන් රුවන් වන්දන මන න`දුන් වන ඉසුරෙන් අමින් පුන් දස සත නුවන් වන නිරිඳුන් මෙවන් දන් ලෝ සත මුදුන් වන’’ (අනංගයා විලාසයෙන් යෞවනයෙන් ශෝභමාන වූ යමක් ඉල්ලූ විට ක්‍ෂණික ප‍්‍රදානය කරන්නා වූ මනෝනන්දනයට චින්තාමාණික්‍යක් බඳු වූ ද අනූන වූ ඓශ්වර්ය ඇති ශක‍්‍රයා වැනි වූ ලෝක සත්ත්වයන්ට ශ්‍රේෂ්ඨ වූ බුවනෙකබාහු රජතුමා හඳුනා ගන්න.* ‘‘ගුණෙන් අමිත මන් කළ අමත කි රණට තෙදින් සහසි සහසව සහස කි රණට ඔදින් විකුම් පෑ නරවර තෙද රණට කගින් පැහැර රුපු නොතිබියද රණට’’ (අප‍්‍රමාණ ගුණයෙන් චන්ද්‍රයාට අවමන් කළා වූ තේජසින් හිරුට සහසී කළ ශක්තියෙන් යුක්තව ත‍්‍රිවිධ ලංකාවටම වික‍්‍රමය ප‍්‍රකාශ කළා වූ ද මේ නරවීරයා කඩුවෙන් සතුරන්ට ජීවත් වීමට අවකාශ නොතැබීය.* ඉහත සඳහන් පද්‍ය තුනෙන් පළමු පද්‍යදෙක පස්වන බුවනෙකබාහු රජතුමා වර්ණනා කිරීම සඳහා රචිත අතර තුන්වන පද්‍යය අලගක්කෝනාර ඇමති වර්ණනා කිරීම සඳහා රචනා කර තිබේ. මෙම පද්‍යයන් ශබ්දාලංකාරය හා අර්ථාලංකාරය යන දෙයන්ශයෙන්ම ප‍්‍රශස්ති කාව්‍යය ගණයට සම කළ හැකි වේ. සන්දේශ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන කෝට්ටේ යුගයේ සන්දේශ ග‍්‍රන්‍ථ පහක් රචනා වේ. එනම් පරෙවි, කෝකිල, සැළලිහිණි, ගිරා සහ හංස යන සන්දේශ පහයි. මෙම සැම සන්දේශ කාව්‍යයකම අනිවාර්ය වර්ණනාවක් වශයෙන් රාජ වර්ණනාව ඇතුළත්ව ඇත. මයූර හා තිසර යන සන්දේශ දෙකේදී මෙන්ම මෙම සන්දේශවලද රාජවර්ණනාව හා දේවවර්ණනාව සිදු කර ඇත්තේ රජු සහ දෙවියන් පිළිබඳ භක්තියෙන් මෙන්ම ගෞරවයෙන් යුක්තවය. එබැවින් ඒවායෙහි ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණ බොහෝමයක් අන්තර්ගතව ඇති බව පෙනීයයි. කෝට්ටේ යුගයේ පළමුව රචනා වූ සන්දේශය වන්නේ හංස සංදේශයයි. මෙය වීදාගම මෛත‍්‍රීය මාහිමියන් විසින් රචනා කරන ලද්දක් යැයි සැලකෙන අතර හයවන පැරකුම්බා රජු හා රටවැසියාට ආරක්‍ෂාව සමන් දෙවියන්ගෙන් ලබාගැනීම පිණිස කෑරගල පද්මාවතී පිරිවෙණෙහි වැඩ සිටි වනරතන මාහිමියන් වෙත හංසයෙකු මාර්ගයෙන් යවන පණිවිඩයක් ලෙසින් රචනා කර ඇත. මෙහි පැරකුම්බා රජු වර්ණනා කිරීම සඳහා කතුවරයා යොදාගත් එක් පැදියක් නිදසුන් වශයෙන් මෙසේ පෙන්වාදිය හැකිය. ‘‘මනුරද සිරිත් සත සිත සිත ඇද ලීය මනනද රුසිරඳන ලිය ඇස ඇස ලීය පිරිසිඳ නැණින් සත්වග දුක් දුර ලීය ඇම සඳ මෙරද බෝසත් සිරි ඉසි ලීය ’’ (මනු රජහු විසින් සම්මත වූ චාරිත‍්‍රයන් සත්ත්වයන්ගේ සිතක් සිතක් පාසා ආකර්ෂණය කළේය. මනෝනන්දනීය වූ රූපශ‍්‍රීය නැමති රසාජනය ස්ත‍්‍රීන්ගේ ඇසක් පාසා ප‍්‍රතික්‍ෂේප කළේය. ඤාණයෙන් සත්ත්ව වර්ගයාගේ දුක් දුරලීය. මේ රජ තෙමේ හැම කල්හි බෝධිසත්ත්ව ශ‍්‍රීය ඉසිලීය.* හංස සංදේශ කතුවරයා ප‍්‍රශංසාභිමුඛ වර්ණනාවට ලක් කළ තවත් අයෙකු වන්නේ කෑරගල පද්මාවතී පිරිවෙණෙහි වැඩසිටි රාජගුරු වනරතන මාහිමියන්ය. මහනුවර යුගයේ රචනා වූ ස`ගරජවත, මොරතොටවත වැනි භික්‍ෂූන් වහන්සේලා අරමුණු කරගත් ප‍්‍රශස්ති කාව්‍යය බිහිවීමට ප‍්‍රථම භික්‍ෂූන් විසයෙහි ප‍්‍රශස්ති රචනා වී ඇති බවට මෙය කදිම නිදසුනකි. සන්දේශයන්හි අන්තර්ගත රාජවර්ණනා, දේවවර්ණනා මෙන්ම භික්‍ෂූන් වහන්සේලා වර්ණනයෙහිද කිසියම් ආකාරයක ප‍්‍රශස්ති ලක්‍ෂණ දක්නට ලැබේ. මේ එකකුදු හෝ පූර්ණ ප‍්‍රශස්ති නොවන අතර මෙරට ප‍්‍රශස්ති සම්භවය වීමෙහිලා මූලබීජ සැපයූ අවස්ථා වශයෙන් පෙන්වාදිය හැකිය. පහත සඳහන් වන්නේ කෑරගල වනරතන මාහිමියන් වර්ණනා කිරීම සඳහා හංස සන්දේශකරුවා යොදාගත් පද්‍යයකි. ‘‘පසිඳු වනරත්න ගිරි මෙන් මුළු ලොව ට මුරුදු වනරත්න රුවමෙන් දිලි රුව ට මැතිඳු වනරත්න දිව් ලද මුනිරදු ට නමඳු වනරත්න මාහිමි හිමි සඳු ට’’ (සියලූ ලෝකයාට මහාමේරු පර්වතය මෙන් ප‍්‍රසිද්ධ මනා කොට රත්න රූපයක් මෙන් දිලිසුණා වූ මෘදු වූ ශ‍්‍රී ලංකාද්වීපයට ප‍්‍රතිලාභ කළා වූ මුනිරාජ හට නමස්කාර කරව.* ඉහතින් සාකච්ඡුා කරන ලද සීගිරි ගී, බෞද්ධ සාහිත්‍යය, සන්දේශ සාහිත්‍යය ආදි සැම සාහිත්‍යාංගයකම පූර්ණ ප‍්‍රශස්ති ලක්‍ෂණ දක්නට නොමැත. ඒවායේ දක්නට ලැබෙනුයේ ප‍්‍රශස්ති මූලබීජයන් පමණි. එම සාහිත්‍යාංගයන්හි ආභාසය මෙන්ම ඉන්දීය ප‍්‍රශස්ති සාහිත්‍යයේ ආභාසයෙන් සම්පූර්ණ ප‍්‍රශස්ති ලක්‍ෂණ සහිත කෘතියක් මෙරට බිහිවන්නේ කෝට්ටේ යුගයේදීය. එම සන්දේශ කාව්‍ය වන්නේ පැරකුම්බා සිරිතයි. ‘‘කෝට්ටේ යුගය විවිධ කාව්‍යාංග සාහිත්‍යයට එක් වූ සමයකි. පැරකුම්බා සිරිතද එවැනි පැරණි කව්ම`ගට වෙනස් ම`ගක් ගත් කාව්‍යයකි. එය සිංහලයේ ආදිම වූත් උසස් වූත් විරුද කාව්‍යයයි. සංස්කෘත ප‍්‍රශස්ති කවියන්ගේ ආභාසය පැරකුම්බා සිරිත්කරුවනට ලැබී ඇති බවට කිසිඳු සැකයක් නැත. එයට පසුව මෙය අනුගමනයෙන් වෙනත් නොයෙක් නම්වලින් බොහෝ ප‍්‍රශස්ති ලියා ඇතත් ඒ එකකුඳු පැරකුම්බා සිරිතට කිසිසේත් ළංවිය නොහැකිය.’’ මෙතෙක් සාකච්ඡුා කළ සාහිත්‍යාංගයන්හි ප‍්‍රශස්ති මූලබීජයන් ඇතුළත් වුවත් තනි පුද්ගලයෙකු වර්ණනා කිරීම අරමුණු කරගත් ඒවා නොවේ. එසේ වුවත් පැරකුම්බා සිරිත හයවන පැරකුම් රජුගේ පරම්පරාවේ ඉතිහාසයේ සිට මහත් භක්තියෙන් යුක්තව වර්ණනා කර තිබේ. සිංහල සාහිත්‍යයේ විශිෂ්ටතම ප‍්‍රශස්ති කාව්‍යය ලෙස පැරකුම්බා සිරිත හඳුන්වන්නේ මේ නිසාය. 01.4 ලාංකේය ප‍්‍රශස්තිකරණයේ ප‍්‍රවර්ධනය හා පශ්චාත් කෝට්ටේ අවධිය මෙම පරිච්ෙඡ්දයේදී කෝට්ටේ යුගයේ සහ පසු යුගවලදී රචනා වූ ප‍්‍රශස්ති කාව්‍ය කිහිපයක් පිළිබඳව සාකච්ඡුා කෙරේ. මෙහිදී විශේෂයෙන්ම මෙරට රචිත විශිෂ්ටතම ප‍්‍රශස්ති කාව්‍යය වන පැරකුම්බා සිරිත පිළිබඳ අධ්‍යයනයට ලක් කෙරේ. එසේම කෝට්ටේ යුගයෙන් පසු සීතාවක හා මහනුවර යන යුගවලදී ප‍්‍රශස්ති කාව්‍යයෙහි ප‍්‍රවර්ධනය හා ඒ සඳහා බලපාන ලද හේතු සාධක මොනවාද යන්න පිළිබඳවද කරුණු විමසීමට ලක් කෙරේ. වේද යුගයේ දෙවිවරු වර්ණනා කිරීමෙන් ආරම්භ වූ මෙම සාහිත්‍යය පසුව රජවරු වර්ණනා කිරීම සඳහා රාජසභාවලදී ස්තෝත‍්‍ර ගායනා කළ වන්‍දිභට්ටයන් හරහා තවදුරටත් වර්ධනය විය. ඊටත් පසුව සංස්කෘත සාහිත්‍යයේ භක්ති කාව්‍යය, ශතක කාව්‍යය, මහා කාව්‍යය, ¥ත කාව්‍යය හා සන්දේශ සාහිත්‍යය ම`ගින් තවදුරටත් වර්ධනය සිදු විය. මුල්කාලයේදී ස්තුති ගීතිකා ම`ගින් ආරම්භව පසුව වර්ණනා සම`ග මිශ‍්‍රව ප‍්‍රශංසා කිරීම අරමුණු කර ගනිමින් කෝට්ටේ යුගයේදී ලංකාව තුළ ප‍්‍රශස්ති නමින් වෙනම සාහිත්‍යාංගයක් බිහි විය. ප‍්‍රශස්ති සාහිත්‍යය බිහි වීමේ පරමාර්ථය වූයේ රජ, ඇමති වැනි ගිහි ප‍්‍රභූන් වර්ණනා කිරීම වුවද මහනුවර වැනි යුගවලදී පැවිදි පක්‍ෂය උදෙසාද ප‍්‍රශස්ති රචනා වීම ආරම්භ විය. මෙය ප‍්‍රශස්ති සාහිත්‍යයේ නව ප‍්‍රවණතාවක් වශයෙන් අවිවාදයෙන් පිළිගත යුතු වේ. මෙරට ප‍්‍රශස්ති සාහිත්‍යය යැයි වෙනම කාව්‍ය සම්ප‍්‍රදායක් බිහිවීම සඳහා බලපෑ හේතු සාධක කිහිපයකි. සිංහල සාහිත්‍ය ලතා නම් කෘතියේ ඒ පිළිබඳ මෙසේ සඳහන් වේ. ‘‘සිංහල ප‍්‍රශස්ති කාව්‍ය ආරම්භ වන්නේ පැරකුම්බා සිරිතෙනි. එය කෝට්ටේ යුගයට අයත් වේ. ඥාන මාර්ගය අභිබවා භක්ති මාර්ගය ඉස්මතු වීම ප‍්‍රශස්ති පහළ වීමේ හේතුව වශයෙන් සැලකිය හැකිය. ප‍්‍රශස්ති රචකයෝ හැමෝම පාහේ රාජසභා කවීහුය. විරිඳු කවීහුය. ඔවුන්ගේ පරමාර්ථයද බොහෝ දුරට පෞද්ගලික ලාභ කීර්ත්‍යාදීන් ලැබීම විය හැකිය.’’ ඉහත ප‍්‍රකාශය තුළින් ප‍්‍රශස්ති කාව්‍ය බිහිවීම සඳහා බලපානු ලැබූ හේතු සාධක තුනක් පිළිබඳව විස්තර වේ. එනම්  ඥානමාර්ගය අභිබවා භක්ති මාර්ගය ඉස්මතු වීම  පෞද්ගලික ලාභ සත්කාර පිළිබඳ අපේක්‍ෂාව  කීර්තිය වර්ධනය කරගැනීම ඥානමාර්ගය අභිභවා භක්තිමාර්ගය ඉස්මතු වීම යනු කතානායකයා පිළිබඳ අධික වූ විශ්වාසයයි. මෙය බිය පදනම් කරගනිමින් හටගන්නක් වන අතර යථාර්ථය හෙවත් සත්‍යයෙන් පරිබාහිර විය හැකිය. රජ කෙනෙකු පිළිබඳව වර්ණනා කිරීමේදී ඔහු තුළ යහපත් ගතිගුණ නොමැති කල්හි එසේ ඇතැයි ඉස්මතු කර පෙන්වීම භක්තිය මත සිදු වන්නකි. පාලකයන්ගේ උත්කෘෂ්ටබව රටවැසියාට පෙන්වීම සඳහා මෙය එක් ක‍්‍රමෝපායක් වශයෙන් භාවිත කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. මෙම ලක්‍ෂණය ප‍්‍රශස්ති කාව්‍ය බිහිවීම සඳහා බලපාන ලද ප‍්‍රධාන හේතුවක් වේ. ප‍්‍රශස්ති බිහිවීමෙහිලා බලපෑ තවත් හේතුවක් වන්නේ පෞද්ගලික ලාභසත්කාර පිළිබඳ අපේක්‍ෂාවයි. මෙම සාධකය රාජසභාවන්හි ස්තෝත‍්‍ර ගායනා කළ වන්දිභට්ටයන් හා ඍජුවම සම්බන්‍ධ වේ. පාලකයන් තමන්ගේ ශ‍්‍රී විභූතිය වර්ණනා කර ගැනීම සඳහා නොගන්නා උත්සාහයක් නොමැත. තමා උසස් ලෙස වර්ණනා කරන්නන්ට වැඩියෙන් ප‍්‍රතිලාභ ලබාදීමට රජවරු කටයුතු කළහ. එහෙයින් එක් අයෙකු පරයමින් තවත් අයෙකුද ඔහු පරයමින් තවත් අයෙකුද වශයෙන් රජුව වර්ණනා කිරීමට පෙලඹුණේ අනෙකාට වැඩියෙන් යමක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙනි. මෙවන් අවස්ථාවලදී මිලමුදල් පමණක් නොව, රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබූ වටිනා සම්පත් මෙන්ම ඉඩකඩම්ද පරිත්‍යාග වශයෙන් ලබා දීමට රජවරු කටයුතු කළහ. පාලකයා ප‍්‍රමෝදයට පත්වන තරමේ ප‍්‍රමාණයට දීමනාද විවිධාකාර වේ. මෙම හේතුවෙන් පාලකයන් උදෙසා ප‍්‍රශස්ති ගායනය හෝ රචනය සිදු වූයේ තර`ගයට මෙනි. ප‍්‍රශස්ති බිහිවීම සඳහා බලපාන ලද ඊළ`ග සාධකයද උක්ත කරුණටම සම්බන්‍ධ කළ හැකිය. එනම්, කීර්තිය වර්ධනය කර ගැනීමේ අපේක්‍ෂාවෙන් ප‍්‍රශස්ති බිහිවීමයි. රාජසභාවේ කවිම`ඩුවේ කවියෙකු යනු සමාජයෙන් ගෞරව ලැබිය හැකි මහත් තානාන්තරයකි. රටවැසියාගෙන් පමණක් නොව රජතුමාද ඔවුන්ව පිළිගන්නේ රජපවුලේ අයෙකු වශයෙනි. මොවුන්ට ඕනැම අවස්ථාවක රජාමාළිගයට ඇතුළු වීමේ අවස්ථාව තිබුණු අතර රජු සම`ග ළ`ගින් ඇසුරු කිරීමේ දුර්ලබ අවස්ථාවද හිමිව තිබුණි. වර්තමානයේද කවියෙකු යනු සමාජයේ ගෞරවයට පාත‍්‍රවන චරිතයකි. මෙම හේතුව මත ලාභයන් මෙන්ම කීර්තිය වර්ධනය කරගැනීමේ අපේක්‍ෂාවෙන් ප‍්‍රශස්ති ගායනා දිරිපත් කර ඇත. උක්ත සඳහන් සාධක කිහිපයට අමතරව ප‍්‍රශස්ති බිහිවීම සඳහා බලපාන ලද තවත් සාධකයක් වශයෙන් ආක‍්‍රමණ හා පරගැතිවීම යන්න පෙන්වාදිය හැකිය. විශේෂයෙන්ම මෙම සාධකය සීතාවක, මහනුවර හා කෝට්ටේ යුගයෙන් පසු යුගවලදී ප‍්‍රශස්ති බිහිවීම සඳහා බලපා ඇත. මේ සඳහා කදිම නිදසුනක් ලෙස සීතාවක යුගයේ රචනා වූ කොස්තන්තීනු හටනයි. අලගියවන්න මුකවැටි ප`ඩිතුමන් විසින් රචනා කළ මෙම කෘතියෙහි කොස්තන්තීනුද සා නම් පෘතුගීසි කැරලි නායකයා වර්ණනාවට ලක්කර ඇත. කෝට්ටේ යුගයෙන් පසු යුගවලදී මෙරට දේශපාලනය අස්ථාවරභාවයක් ඉසිලීය. මෙරට පාලකයන් දුර්වල වී කැරලිකාර පාලකයන් බලවත් වූ කල්හි කලින් ලැබුණු ලාභ සත්කාර අපේක්‍ෂාවෙන් ප‍්‍රශස්ති ගායකයෝ සහ රචකයෝ කැරලිකාර පාලකයන්ව වර්ණනා කිරීමට සමත් වූහ. ප‍්‍රශස්ති කාව්‍යයක අන්තර්ගත ලක්‍ෂණ සම්බන්‍ධ මෙරට රචනා වූ විශිෂ්ටතම ප‍්‍රශස්ති කාව්‍යය වන පැරකුම්බා සිරිත ආශ‍්‍රයෙන් කරුණු විමසීමක් කිරීම තුළින් ප‍්‍රශස්තියක අන්තර්ගත විය යුතු ලක්‍ෂණ මොනවාදැයි අවබෝධයක් ලද හැකිය. මෙම පරිච්ෙඡ්දයේ මුලින් අධ්‍යයනය කළ සීගිරි ගී, බෞද්ධ සාහිත්‍යය, සංදේශ සාහිත්‍යය ආදියෙහි දක්නට ලැබුණේ ප‍්‍රශස්ති මූලබීජ පමණි. එම සාහිත්‍යාංගයන්හි හා ඉන්දීය ප‍්‍රශස්ති සාහිත්‍යයේ ආභාසයෙන් සම්පූර්ණ ප‍්‍රශස්ති ලක්‍ෂණ සහිත කෘතියක් මෙරට බිහිවන්නේ පැරකුම්ා සිරිතයි. කෝට්ටේ යුගයේ රජ කළ හයවන පැරකුම්බා රජු වර්ණනා කිරීම අරමුණු කර ගනිමින් රචනා වූ මෙහි කතුවරයා කවුරුන්ද යන්න ස්ථිරව ප‍්‍රකාශ කළ නොහැකිය. ඇතමෙකු තොටගමුවේ රාහුල හිමියන් මෙහි කතුවරයා යැයි ප‍්‍රකාශ කරන අතර තවත් අයෙකු පවසන්නේ රජු පිළිබඳ විරහ වේදනාවෙන් සිටි කාන්තාවක විසින් රචනා කර ඇති බවකි. කෙසේ වෙතත් බොහෝ දෙනෙකු පිළිගත් මතය වන්නේ රාජසභාවේදී විවිධ කවීන් විසින් ගායනා කරනලද ස්තෝත‍්‍ර ඇතුළත්ව මෙම කෘතිය සම්පාදනය වී ඇති බවයි. අත්තුඩාවේ රාහුල හිමියෝ පැරකුම්බා සිරිත පිළිබඳ මෙවන් ප‍්‍රකාශයක් ඉදිරිපත් කරති. ‘‘කෝට්ටේ යුගය විවිධ කාව්‍යාංග සහිත්‍යයට එක් වූ සමයකි. පැරකුම්බා සිරිතද එවැනි පැරණි කව් ම`ගට වෙනස් ම`ගක් ගත් කාව්‍යයකි. එය සිංහලයේ ආදිම වූත් උසස් වූත් විරුද කාව්‍යයයි. සංස්කෘත ප‍්‍රශස්ති කවියන්ගේ ආභාසය පැරකුම්බා සිරිත්කරුවනට ලැබී ඇති බවට කිසිඳු සැකයක් නැත. එයට පසුව මෙය අනුගමනයෙන් වෙනත් නොයෙන් නම්වලින් බොහෝ ප‍්‍රශස්ති ලියා ඇතත් ඒ එකකුදු පැරකුම්බා සිිරිතට කිසිසේත් ළංවිය නොහැකිය.’’ පැරකුම්බා සිරිත පිළිබඳව අධ්‍යයනය කිරීම ම`ගින් ප‍්‍රශස්ති කාව්‍යයක තිබිය යුතු ලක්‍ෂණ පිළිබඳ අවබෝධයක් ලද හැකිය. පැරකුම්බා සිරිතෙහි අන්තර්ගත ප‍්‍රශස්ති ලක්‍ෂණ මෙසේ වර්ග කර දැක්විය හැකිය.  තෙරුවන් සරණ යාම  රජපරපුර උත්කර්ෂවත් ලෙස වර්ණනා කිරීම  රජුගේ කීර්ති ඝෝෂය විස්තර කිරීම  ශබ්දාලංකාරයට විශේෂ තැනක් දීම  ශෘංගාරාත්මක විරහ ගීත ඇතුළත් කිරීම  විවිධ වෘත්තවලින් රචනය  එළිසම, ශ්ලේෂ, යමක හා අනුප‍්‍රාස ගැන විශේෂයෙන් සැලකීම  මිශ‍්‍ර භාෂා භාවිතය, සකු වදන් බෙහෙවින් යෙදීම  කාව්‍යයේ ඒකාබද්ධතාව ගැන සැලකීම  හින්දු දේව වර්ණනා බොහෝකොට යෙදීම මෙරට පද්‍ය සාහිත්‍යය රචකයෝ සිය කෘතිය ආරම්භයේදී තෙරුවනට නමස්කාර කිරීම චාරිත‍්‍රයක් වශයෙන් සිදුකළහ. චාරිත‍්‍රයක් වශයෙන් එසේ සිදු කළද වෙනත් ආගම් පිළිබඳ විශ්වාසයක් ඇති කතුවරුන් තමන් විශ්වාස කරන ආගමේ ශාස්තෘවරයාට නමස්කාර කරමින් කෘතිය ආරම්භ කර ඇත. මේ සඳහා කදිම නිදසුනක් වන්නේ අලගියවන්න මුකවැටි ප`ඩිතුමන් රචනා කළ කොස්තන්තීනු හටනයි. ඒ වනවිට කතුවරයා ක‍්‍රිස්තු දහම වැළඳගෙන සිටි බැවින් ග‍්‍රන්‍ථය ආරම්භයේදී ජේසුතුමන්ට නමස්කාර කරමින් කෘතිය ආරම්භ කර ඇත. කෙසේ වෙතත් පැරකුම්බා සිරිත් කතුවරයා තෙරුවන් නමස්කාරය සඳහා පද්‍යය තුනක් වෙන් කර ඇත. ‘‘පිහිටි කුලූණඹතු ර දහම් මුවරද රසබ ර සෙව් සුරනර බම ර වඳිමි මුනි රජ තඹර සිරිස ර (01* මුනි මුවගින් පහ ළ මග සිලිල පල සිහිල ළ පිවිතුරු මොක් වෙර ළ වඳිමි අදරින් දහම් ග`ග ලෙ ළ (02* පෙළ දම් නියර යුත මුහුකළ සිල් දියෙන් පත ම`ගපල කරල් ගත වඳිම් මහස`ග පවර පින් කෙත’’ (03* ප‍්‍රශස්ති කාව්‍යයන්හි දැකිය හැකි අනිවාර්ය ලක්‍ෂණයක් වන්නේ කතානායකයාගේ පරම්පරාව විස්තර කිරීමයි. අතීතයේ සිටි ඉතා උසස් ගණයේ රජවරුන්ගේ පරම්පරාවට තමන් විසින් වර්ණනා කරන පාලකයාව ඇතුළත් කිරීමට කතුවරු මහත් වෙහෙසක් දරති. ලංකාව තුළ ප‍්‍රශස්තියක් රචනා වුවද එහි කතානායකයා දඹදිව ශ්‍රේෂ්ට රාජ පරම්පරාවකට සම්බන්‍ධ කරයි. පැරකුම්බා සිරිත් කතුවරයා හයවන පැරකුම්බාවන්ගේ පරම්පරාව ලොව සුපතළ සූර්ය වංශය දක්වා ඈතට ගෙන යයි. එහිදී එම රාජපරම්පරාවේ සිටි ශේ්‍්‍රෂ්ඨ රජවරු සහ ඔවුන්ගේ ආගමික, සාමාජික යන උදාර සේවාවන් මෙන්ම යුද ජයග‍්‍රහණ ආදි වීර ක‍්‍රියාවන්ද සිහිපත් කරන්නේ ගාම්භීරත්වයකින් යුක්තවය. ලම්බකර්ණ වංශික රජවරුන් වන ගජබා, මහසෙන්, සිරිස`ගබෝ කිත්සිරිමෙවන්, බුද්ධදාස, දෙටුපතිස්, විජයබා ආදි රජවරුන්ගේ පුවත් ගෙනහැර දක්වන අතර හයවන පැරකුම්බාවන්ගේ පරම්පරාවේ සිටි කුමාරදාස නම් රජතුමා වෙහෙර විහාර දහඅටක් හා වැව් දහඅටක්ද ජානකීහරණ නම් මහාකාව්‍යයද රචනා කළ ශ්‍රේෂ්ඨ රජෙක් බව වර්ණනා කර ඇත. ‘‘වෙහෙර දසටක් පුරා කරවා දහඅටක් මහ වැව් බැඳී වසර එකදා බිසව් අභිසෙස් මහණුවම් තෙම`ගුල් යෙඳී ඇජර කිවියර පිනින් ජාණකි හරණ ඈ මහ කව් බැඳී කුමරදස් රජ කාලිදස් නම් කිවි`දු හට සිය දිවි පිදී’’ (23* පැරකුම්බා සිරිත ම`ගින් හෙළි කරගත හැකි තවත් ප‍්‍රශස්ති ලක්‍ෂණයක් වන්නේ කතානායකයාගේ කීර්ති ඝෝෂය විස්තර කිරීමයි. ප‍්‍රශස්තියක් රචනා කිරීමේ ප‍්‍රධාන අරමුණ වන්නේද කතානායකයා වර්ණනා කිරීමයි. එබැවින් අදාළ පාලකයාගේ බාහිර හා අභ්‍යන්තර ගුණයන්, රූප ස්වභාවය, ධන සම්පත්තිය හා යුද ජයග‍්‍රහණ ආදිය වර්ණනා කිරීම කතුවරයා විසින් මෙහිදී සිදු කර ඇත. ‘‘පෑ විකුම් බල කුම්බ කන් බිඳි රම් උවම් යුද ජය දජා ණෙනි බානු හිම් කැර නම්ද ගම් දෙන කම් තරම් දැනැ මනු රජා ණෙනි ලූ කොකුම් නිවැකුම් ඇතුම් කළ රම් කමල් තන යුග බුජා ණෙනි ලෝ රැුකුම් පැරකුම් උතුම් පැර කුම් නමින් දින මහ රජා ණෙනි’’ (82* (බල විකුම් පා කුම්භකර්ණයන් දිනූ රාමයා මෙන් යුද්ධයෙන් ජයගත් අපරාජිත වීරයාණෙනි, කම් තරම් දැන නම් හා ගම් දෙන මනු රජාණෙනි, ලක්‍ෂ්මියගේ පද්ම කුණ්ඩලයන් වැනි තන යුගලෙහි ගැල් වූ කොකුම් නොවැකුම් කළ අත් ඇත්තාණෙනි, ලෝ රැුකුම් ඇලූණු පැරකුම් මහරජුනි ජයගනු මැනවි.* කතානායකයාගේ යුද ශක්තිය හා රූපශ‍්‍රීය පිළිබඳව අතිශයෝක්තියකින් වර්ණනා කර ඇති අයුරු උක්ත පද්‍යයෙන් පැහැදිලි වේ. එම පද්‍යය ම`ගින් හෙළිවන තවත් ප‍්‍රශස්ති ලක්‍ෂණ කිහිපයක්ද වේ. එයට හේතුව වන්නේ ගායකයා ඉදිරියෙහි අසා සිටින අයෙකු තෘප්තිමත් කිරීම සඳහා මෙවැනි පද්‍ය යොදා ගන්නා බැවිනි. ඉහත උදාහරණ වශයෙන් ගෙන ඇති පද්‍යය ගායනා කිරීමේදී යුද්ධයක රිද්මක ආකාරයක් උසුලයි. අශ්වයන්ගේ කුර ගැටෙන හ`ඩ, කඩු එකට ගැටීමෙන් ඇතිවන ශබ්දය ආදි යුද්ධයක දැකිය හැකි ලක්‍ෂණ මෙම පද්‍යය කියවන කල්හි පාඨක සිත් තුළ මතුවේ. අර්ථ රසය පරදා ශබ්ද රසය ඉස්මතු වීම, එළිසම, ශ්ලේෂ, යමක හා අනුප‍්‍රාස ආදි භාෂා ලක්‍ෂණ මෙන්ම සකු වදන් බහුල මිශ‍්‍ර භාෂා භාවිතය සහ විවිධ විරිත් භාවිත කිරීම යන ප‍්‍රශස්ති ලක්‍ෂණ පැරකුම්බා සිරිතෙහි අඩංගු පහත සඳහන් පද්‍යයෙන් පැහැදිලි වේ. ‘‘අංග මංගජ මංගලෙන් වැඩි බිංග මෙන් මුණි පා කමල් වට අංග තුංග මතංග ඡුන්දෙන ඉංග කින් කවි බන්දනන් හට අංග වංග කලිංග ශිං ගුල කොං ගනෙන් පැවසූ යසින් හට අංග සංග වළංග වෙන් සිරි සං`ගබෝ පැරකුම් රජුන් හට ’’ (86* උක්ත පද්‍යය දෙස බලන කල්හි දක්නට ලැබෙන තවත් ලක්‍ෂණයක් වන්නේ නර්තනයක් ඉදිරියේ ගායනා කළ හැකි වීමයි. පැරකුම්බා සිරිත් කතුවරයාට මේ සඳහා දකුණු ඉන්දියාවේ කෝවිල්වල ගායනා කළ සංගීතයේ බලපෑම ලැබෙන්නට ඇත. දකුණු ඉන්දීය ද්‍රවිඩ සාහිත්‍යයේ දක්නට ලැබෙන සංගීතයේ වන්නම්, සින්දු හා විරිත් සංස්කෘත සාහිත්‍යයේ බලපෑමට අමතරව පැරකුම්බා සිරිතේ අන්තර්ගතව ඇත. කෝට්ටේ යුගයේ රචිත ප‍්‍රශස්ති සඳහා එසේ ද්‍රවිඩ සාහිත්‍යයේ බලපෑම ලැබෙද්දී මහනුවර යුගයේ රචිත ප‍්‍රශස්ති සඳහාද සංස්කෘත හා ද්‍රවිඩ සාහිත්‍යයේ බලපෑම ලැබුණි. කෝට්ටේ යුගයෙන් පසු යුගවලදී රචනා වූ ප‍්‍රශස්ති කාව්‍යය සඳහා ප‍්‍රශස්ති යන නම භාවිත නොවූ අතර ඒ සඳහා විවිධ නම් භාවිත කර තිබේ. හයවන පැරකුම්බාවන් වර්ණනා කරමින් කෝට්ටේ යුගයේ රචිත පද්‍ය කෘතිය ‘සිරිත’ වශයෙන් හැඳින් වූ අතර ඉන්පසු යුගවලදී මෙවන් ග‍්‍රන්‍ථ හැඳින්වීම සඳහා භාවිත වූ විවිධ නම් අතර ‘හටන්’ යන්නට විශේෂ ස්ථානයක් හිමිවේ. හටන් කාව්‍යයද කිසියම් පාලකයෙකුගේ යුද ශක්තිය වර්නනා කිරීම සඳහා රචනා වූ ග‍්‍රන්‍ථ විශේෂයකි. ප‍්‍රශස්ති ලක්‍ෂණ සියල්ලම පාහේ මේවායෙහිද අන්තර්ගත වේ. කොස්තන්තීනුද සා නම් පෘතුගීසි සෙනෙවියා වර්ණනා කරමින් සීතාවක යුගයේදී අලගියවන්න මුකවැටි ප`ඩිතුමන් විසින් රචනා කරන ලද කොස්තන්තීනු හටනින් මෙරට හටන් කාව්‍ය සම්ප‍්‍රදාය බිහිවිය. හටන් කාව්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන්නේ මහනුවර යුගයයි. මහනුවර යුගයේ රජ කළ ශ්‍රේෂ්ට රජකෙනෙකු වූ දෙවන රාජසිංහ රජු වර්ණනා කිරීම සඳහා රාජසිංහ හටන, රාජසිංහ සිරිත 1, 2, 3, ශ‍්‍රී නාමය 1, 2 පවන ආදි ප‍්‍රශස්ති රචනා විය. මෙම ග‍්‍රන්‍ථ හැඳින්වීම සඳහා ප‍්‍රශස්ති හා හටන් යන්න පමණක් නොව වෙනත් විවිධ නම්ද භාවිත කර තිබේ. ඒ අතර ශ‍්‍රී නාම, පවන යන නම් යෙදී ඇති අතර එයට අමතරව වර්ණනා හා ශෘංගාරය යන නම්ද ප‍්‍රශස්ති සඳහාම භාවිතව ඇති බව ඒවායේ අඩංගු පද්‍ය දෙස අවධානය යොමු කිරීමේදී පෙනීයයි.

No comments: