Wednesday, December 11, 2013
ගොපලූ වත
ගොපලූ වත
ගොපල්ලා හරක් රංචුව ගාලෙන් එළියට ගත්තේ පාන්දරින්මය. වටපිටාවේ ආලෝකය විසිරී තිබුණද හිරු තවමත් හරියකට ඇහැරී නැත. නිදිගැට හරිමින් හිරු අහසට නඟින විට ගොපල්ලා සිටියේ හල්මිල්ල ගං තොටින්ද මෙගොඩට ආ හරක් රංචුව පිටුපසට වී උරුහමක් බාමිනි. ගොපල්ලාගේ කටින් උරුහමක් ලෙස පිට වී ගියේ නූතන ගී තාලයකි.
.රඟ හල දැන් ඇත අඩ අඳුරේ
අප දෙදෙනා පෙම් පිළිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ - තනි වී ඇත හිමගිරි අරනේ’
ගොපල්ලා ඉර ඇහැරෙන පෙරදිග අහස බලා හෙමින් තණ කමින් යන ගවරැුළ දෙසට ඇස යොමු කළේ මුහුණේ ඇඳෙන සිනාවකට නිදහසේ ගලා යාමට ඉඩ දෙමිනිx පහුගිය කන්නයේ නොවට වැසි නිසා පුරන් වී ගිය කුඹුර අලූත් කන්නය පටන් ගැනීමට හා හා පුරා කියා ඇද හැළුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ පණ ගසා ඇති තණ කොළයෙන් වැසී ඇති අන්දම ඔහුගේ සිත කුල්මත් කරයි. හරක් රංචුව ඉතා ආශාවෙන් ‘කරුක්, කරුක්’ හඬ පිට වන සේ නව තණ කොළය හපා කන විට ඔහුට තමන්ගේ කය පුරා තමන් කිසිදු දිනෙක අත්විඳ නැති මොකක්දෝ අමුතු සන්තුෂ්ටියක් නොහොත් සියුම් ප‍්‍රාණයක් ගලා යන ලෙසකි, දැනුණේ. රාත‍්‍රියේ එක් රොක්ව එල්ලා වැටෙන පිනි බින්දු තණ අග රැුඳී සිටිමින් ගවයින්ගේ ආහාරය රසවත් කරන විට පැතිරෙන තණ කොළ පුසුඹ ඔහුගේ දෙනාසාපුඩු දිග හරියි.
ගොපල්ලා තමන් අසලින් සිටගෙන සිටින රූස්ස සියඹලා ගස යටට ගියේ මුහුණේ රජ කරන සිනාව තවදුරටත් වපුරුවා හරිමිනි. අලූතින් ලියලා ඇති සියඹලා දලූ අග මතු වී ඇති රෝස පෑ සියඹලා මල් ටිකක් කඩා ගත් ඔහු එය කටට දමා අමුට්ටන්නට වූයේ ගමේ ආතෙකු බුලත් විටක් කන්නා සේයx හාත්පස අන්ධකාරයෙන් වසාගෙන සිටින වෘක්ෂය යටට ගිය ගොපල්ලා තමන්ගේ සුපුරුදු ගල් ආසනය මත හිඳ ගත්තේ ගසෙහි කඳට ශරීර භාරය වාරු කරමිනිx ගොරෝසු සියඹලා කඳට ස්පර්ෂ වූ ඔහුගේ නිරුවත් පිට රිදුම් දෙන්නට වුවද ගහ යටින් එබී එළිය බැලූ ඔහුට ඉතා ප‍්‍රීතිමත් සිතින් තණ කොළ හපමින් ඉදිරියට ඇදෙන ගව රංචුව දුටු විට ඇති වූ සතුට ඒ අපහසුව අස්ථානගත කොට දැමීයx
‘හොඳයි උදේම හරක් ගාල ඇරපු එක. උන්ගේ බඩවල් ටික පුරෝගත්තැහැකි උදෙන්මx නැත්තං ගාලට වෙලා කෑ ගාන්ඩ තියා ගත්තාම මගෙ හිතටත් හරි නෑx’
සිතිවිලි අතර අතරමංව සිටි ගොපල්ලාගේ දැහැනට බාධා කරමින් ඔහුගේ මව හෑම උදෑසනකම මෙන් තමන්ට කියන වදන් ටිකක් එක සීරුවට පැමිණ කනට තට්ටු කරයි.
”මොකෑ පුතේ ? එළිය වැටෙන්ඩත් කලියෙන් ඔය හරප්පට්ටිය දක්කාගෙන යන්නේ ? ආපහු ගාල් කොරන්නෙත් බිං කරුවල වැටිච්චහමx උන්ට ඔහෑටි කන්ඩ දෙන්ඩෝනැයි. ඇරත් උඹත් ගෙට ගොඩ වෙන්නෙ ?ට ? වෙලා. ආය උදැහැනැක්කෙම පිටවෙනවා. ඉතිං පොතේ පතේ වැඩක්අත් කොර ගන්නැද්ද උඹ ?”
”මං පාඩං වැඩ කරනවා අම්මේ. මට බෑ හරක් පට්ටිය බඩගින්නේ කෑ ගානවා බලන්ඩ. පව්නේ අම්මේ, උන් ? තිස්සෑයක් හිස් බඩනෙ ඉන්නේ.”
”අනේ මන්දා උඹේ සත්ත කරුණාව ? මං කියන්නේ බලාපන් උඹත් හොඳටෝම ඇදිලා ගිහිල්ලා. උඹලයෙ තාත්තා හිටිය නං අද උඹට ඔහොම කල දසාවක් යන්නෙ නෑ.”
ගොපල්ලා හිස ඔසවා බැලූවේ රූක්ෂ සියඹලා ගස තමන් ඉහළින් ඇති අහස වසාගෙන වියන් බැඳ ඇති අයුරු දැක ගැනීමටයx ඉතා විශාල කුඩයක් ඉහලා තමන් ඒ යට ඉන්නාක් මෙන් ඔහුට දැනුණේ වෘක්ෂය මුළු අහසක් වසා සිටිනු දැකීමෙනිx එහෙත් සුළෙඟ් තාලයට එහා මෙහා වන අතු නිසා ඒ මහා කුඩයේ රෙද්ද තැනින් තැන ඉරී ඇදී යනවා ඔහුගේ නෙත ගැටීමට වැඩිවේලා ගියේ නැත.
ගොපල්ලා තමන්ගේ ගමන් මල්ලේ වූ පොත අතට ගත්තේයx ‘උසස් පෙළ-ඉතිහාසය- අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේනතුව’
වෘක්ෂය වටා වූ අන්ධකාරය මායිම් නොකොට ඔහු පොත කියවාගෙන ගියේ ඇසේ හුරුවට මෙනි. එහෙත් ඔහුට වැඩිවේලාවක් එසේ කිරීමට ලැබුණේ නැතx සිරුරට කෙඩෙත්තු ගතියක් දැනෙන්ට වූ නිසා මෙන්ම ඇස කෙවෙන්නට වූ නිසා ඔහුගේ ව්‍යායාමය අතරමඟ ඇණ හිටිණ. ඔහු ගල් ආසනයෙන් නැ`ගිට අත පය දිග හැර ඇඟ මැළි කඩා ඈණවිල්ලක් හරිනවාත් එක්කම ඒ වේගයටම මෙන් වෘක්ෂයෙන් එළියට විසි වී ගිය සිරුර ඔහුව වත්තන් කොටගෙන ඉදිරියට ගියේ ඇතිව ගත් පිපාසය සන්සිඳවීමේද ඉඟිය යටි සිතට ඒත්තු ගන්වමිනි.
හරක් රංචුව නිස්කාන්සුවේ අහර බුදිමින් ඉදිරියට ඇදෙන බව ගොපල්ලා තහවුරු කොට ගත්තේ මීමා සමඟ ඈඳා සිටින රතී දෙස බලාය.
”ඇයි පුතේ ඔය රතී මීමගේ කරේ ඈඳුවේ ? මීමා වෙන එකෙක්කෙක්ක ඇණ ගන්න ගියොත් හෙම ? දන්නවනේ බණ්ඩලාගේ තොරටියා. ඕකුන් ලෙහලා දාපන්. මීමට ඇණ ගන්න බෑනේ රතී කරේ එල්ලූවාම. අනික රතීට ඇණලා දායි අර තොරටියා. ඒ හින්දා ලෙහලා දාපන් කියන දේ අහලා.”
”ලෙහලා හරියන්නෑ අම්මේ. රතී හොරා කන්ඩ යනවානේ. ඒකි මහා කෑදර එළදෙනක්. තොරටියා ආවොත් මීමා ඒ වෙලාවට ලෙහලා දාන්ඩ බැරියැයි.”
අම්මාට පිළිතුරු දුන් ඔහු සිතින් තමන්ම ඒ මතය ස්ථිර කොට ගත්තේ යටි සිත නඟන අනුකම්පාවට මතු වීමට ඉඩක් නොතබමිනිx
‘එළදෙන ටිකක් මට්ටු කරන්ඩෝනෑ. දවල්ට මීමා මෙඬ් බුදියන කොට එළදෙනට පැයක් විතර නිකන් හිටගෙන ඉන්න වෙනවා. ඕකුන්ට මඬේ ලගිනවා කියන්නෙ මරනවා වාගෙ තමාx’
නිදහසේ සිටිය යුතු හරකුන් පවා මෙසේ සිර මැදිරියක තබාගෙන සිටීමෙන් තමන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ? යන්න ගැන ඔහුගේ යටි සිත හදිසියේම ප‍්‍රශ්න කරන්නට ගත්තේයx කොතෙක් මඟහැරීමට දැඟළුවද ඉවරයක් නැතිව සිතට ගොඩවන එම ප‍්‍රශ්නයට දෙතුන් වතාවක් ඔහු සවන් දුන්නේ සාවධානවයx ඒ සවන් දීමත් සමඟම ඔහුගේ සිතෙහි තවත් පැත්තක් ඇසුවේ තමන් මේ පළිගන්නට අර අඳින්නේ කාගෙන්ද ? යන්නයිx මේ ලෝකය තනි යායකිx එහි ගංගා ඇළ දොල ගැලිය යුත්තේ කිසිදු අයෙකුගේ අයතා බලපෑමකට මැදිව නොවේx ස්වභාව ධර්මයේ නිහඬ බලවේගය ඔවුන් පාලනය කිරීමේ යෙදී සිටියිx ඒ රිද්මය තමන් රැුකිය යුතුයx සංස්කෘති - සදාචාර බැමි විසින් සිර කොට ගෙන සිටින ලෝකය පෙන්වනුයේ නිදහස් ලෝකයක් නොවේx එහි සියොතුන්ටවත් තමන්ගේ පාඩුවේ නිදහසේ පියාසර කිරීමේ අයිතියක්, අවසරයක් නැතx සියොතුන් තමන් විෂයෙහි පනවා ගත් තහංචි නැතද මිනිසා විසින් පැනවූ තහංචිවලට සියොතුන්ද යටව ගොස් ඇත්තේ අසාධාරණ ලෙසයx මේ සදාචාර - සම්මුති - නීති - සම්ප‍්‍රදා - තහංචි නැති ලෝකය කුමන ස්වරූපයක් ගනීදැයි ඔහුට සිතාගත නොහැකියx ඔහුට සිතුණේ එතරම් නිදහස් ලෝකයක් කවදාකවත් කොතැනකවත් නොතිබිය හැකි බවකිx මේ ජීවිතය වෙලා ඇති සියලූ තහංචිවලින් මිදී එක දවසක් ගත කිරීමට ඔහුට සිතිණx ගලාහැළෙන දිය දහරාවක හඬ මෙන් ඔහුගේ නොනැවතී ගැළපෙන සිතිවිලි පරම්පරාව කඩාහැළෙන හඬ දෙසවනට ඇසිණx ඔහුගේ සිත පී‍්‍රතියෙන් කුල්මත් වියx ඔහුගේ සිරුර පය ගසා සිටින මහපොළොව ගැන ඔහුට ආදරයක් සිතිණx මේ මව් බිමට මේ මහ පොළොවට, මේ ලෝකයට ආදරයක් සිතෙන බැඳීමක් ඇති කරවන ගීතයක් ගායනා කිරීමට ඔහුගේ දෙතොල් යුහුසුලූ වියx ඔහුට දැනුණේ තමන්ගේ දැඩි සිත වෙනදා මෙන් අද දිනයේද පාගාගෙන සිටිය නොහැකි බවකිx රතී කෙරේ උපන් අනුකම්පාවක් කොහේදෝ සිට හිස ඔසවමින් ඔහුට කරදර කරන්නට ගත්තේයx රතීට ඇති වන හැඟීම් පාලනය කිරීම ගැන, ඇගේ නිදහස සීමා කිරීම ගැන ඔහුට ඇති වූයේ දුකකි. තමන් ගැනම කෝපයකිx රතී රස කෑම සොයාගෙන යාමට ආශා කරයිx එය වරදක් නොවේx තමන්ට තම අදහස් කි‍්‍රයාත්මක කිරීමට මෙතරම් නිදහසක් තිබියදීත් තමන් සිටින අසහනකාරී තත්වය ගැන සිතන විට ඔහුට රතී කෙරේ උපන් අනුකම්පාව දෙගොඩ තලා යන සෙයක් දැනිණx ඒ සිතිවිලිත් සමඟ කි‍්‍රයාත්මක වූ ඔහුගේ දෑත් ලහි ලහියේ මීමාගේ කරේ එල්ලී සිටි රතීගේ ඈඳුත්ත ලිහා දමා ලණු පොට මීමාගේ කරේ ගැට ගැසීය. හරක් රංචුව තණ කමින් කඳුබිඩ දිහාට එන බව ඒත්තු ගන්වා ගත් ගොපල්ලා ඉස්සර වූයේය. වෙනදා හරක් රංචුව පිටුපසම සිටගෙන පොත පෙරළා ගන්නා ඔහු ඉදිරියට ඇදුණේ හරකුන් නිහඬව දෙන විධානයට කීකරුව මෙනිx වෙනදා හරක් රංචුවට පාර පෙන්නූ ඔහුට අද පාර පෙන්නන්නට වූයේ හරක් රංචුවයිx අද හරක් රංචුව පිටුපසට වී සිටීමට ඔහුගේ සිත කිසි සේත්ම ඉඩ දෙන්නේ නැතx ඔහුට තම පිපාසය සන්සිඳවා ගැනීමටද වඩා අවැසි වූයේ නිදහසේ ටිකක් කඳුබිඩ දිගේ ඇවිද යාමටයx වෙනදා ඔහුගේ සිත ඉදිරියේ නිතරම සිටගෙන සිටියේ හරක් පට්ටිය අයිතිකාර මුදලාලියx යම් හෙයකින් හරකෙක් නැති වුවහොත් හෝ වෙනත් කරදරයකට වැටුණ හොත් මුදලාලි ඉදිරියේ වග උත්තර බැඳීමට සිදු වනුයේ ගොපල්ලාටයx ඒ නිසා හරක් පට්ටිය මතම ඇහැ ගසාගෙන සිටීම ඔහුගේ රාජකාරිය වී තිබිණx එහෙත් ඔහුට එසේ කාටවත් කොටු වී සිටීමට සිතුණේ නැතx ඔහු කාලාන්තරයක් තිස්සේ හුරුවීමෙන් නීතියට සම්මුතියට එකඟව සිතන තම සිතිවිලිවලිය පවා නවතා දැමීමට සිතුවේයx සිතට හිතෙන විධියට එක මොහොතක් හෝ වැඩ කිරීමට ඔහු තුළ උපන්නේ ආශාවකිx නීතිවලින්, සදාචාර - සම්මුතිවලින් වියුක්ත ලෝකය කොතරම් සුන්දර දැයි ඔහුට සිතා ගැනීමටවත් නොහැකියx එහෙත් පරම සුන්දරත්වය ඇත්තේ එතැන පමණක්ය කියා ඔහු තීරණය කොට ගත්තේයx
පළු ගසින් වැටුණ වියළි කොලයක් සුළඟ විසින් කොහේදෝ රැුගෙන යන්නට බලනුයේ ගුරුත්වාකර්ෂණයට අභියෝග කරමිනි. එහෙත් සුළෙඟ් නැටවෙන කොලය ජයග‍්‍රහණය දීමට කැමැති වූයේ ගුරුත්වාකර්ෂණයටම පමණි. නටමින්ම, සුළඟටද තමන් පක්‍ෂපාතී බව අඟවමින් මඳක් වේලා තැවරි තැවරී සිටි කොලය අවසානයේ වැස්සෙන් පසු ලා දලූ නඟන තණ බිඩැල්ල මත සැතපී ගත්තේය. පත‍්‍රයේ ඉවරයක් නැති නර්තනයත් අවසන තණ බිඩැල්ල මත සැතපී ගැනීමත් ගොපල්ලා බලා සිටියේ ගමන මඳක් නතර කොටගෙනය.
ගොපල්ලා අතෙහි වූ කෙවිටෙන් නියර මත සිටගෙන සිටින ලොක්කන්නට්ටා, පිල ආදී පැළෑටිවලට තට්ටු කරමින් ඉදිරියට ඇඳුණේ කන්ද පාමුල ඇති පොල් වත්ත මායිම් කොට ගනිමිනි. කන්දෙහි වූ විශාල ගල් පර්වත නොවන්නට මුළු පළාතක්ම ඉහළට වැඞී ගිය මානා කැළයක් සේ දිස් වන කඳුබිඩ පහළින් පොල් වත්තේ මායිම සටහන් කරන රඹ තුරු සමූහය සුළෙඟ් සෙලවෙනුයේ වෙනදා පුරුදු ලාලිත්‍යයම ප‍්‍රකට කරමිනි. උදේ හවස තමන්ගේ හරක් රංචුව දක්කාගෙන මේ ඉසව්වට එන ගොපල්ලාට මේ කිසිවක් අමුත්තක් වූයේ නැත. ඔහුට හැඟුණේ තමන් ගත කරන මේ වර්තමානයත්, ගත කළ අතීතයත්, ගත කිරීමට නියමිත අනාගතයත් අතර මහා ලොකු වෙනසක් නැති බවකි. ඒ කාලත‍්‍රයම තමන් පය තබන මේ පොළවේම, තමන්ගේ සිරුරින් අහුරාගෙන සිටින මේ අවකාශයේම ඒකීය තලයක ඇති දෙයක් මිස කිසිම තැනකදී උස්වීමක්, අගාධවීමක් හෝ වෙන් වීමක් සිද්ධ නොවන ප‍්‍රපංචයක් වන බවකි. පුරුදු ඉන් නියරට ගොඩ වන විට තමන් මේ පය තබනුයේ ඊයේ පය තැබූ අඩිය පිටම බව ඔහුට සහතිකය. තමන්ගේ පාදය අහුරන ඉඩ එම ක‍්‍රියාවේම පුනරුක්තියක් ලෙසිනි, ඔහුට හැෙ`ගනුයේ. උදේ - හවස තමන්ගේ මෑණියන්ගේ මුවින් පිටවන වදන් වැලද ඔහුට කියා දුන්නේ එම පුනරුක්තියේම දෝංකාරයයි.
,පුතේ ඔය හරක් රංචුව දැන් ආපහු භාර දුන්නොත් නරකද මුදලාලිටම ? උඹේ අද්දියාපනේ එහෙම පිටිම්ම කඩාකප්පල් වෙනව නෙවැ, ඔය රස්සාවට යන්ඩ ගොහිං. ඇරත් වැස්සියක් පැටියෙක් වදන්න අවුරුද්දක් බලාන ඉන්ඩෝනෑ. ඒ ඉ`දලත් ඌට පණු ගායක් හරි මොකක් හරි වසංගතයක් හැදිලා මැරුණොත් ඒ බලා ඉඳිල්ලෙ තේරුමක් නෑ. උඹට පුළුවනෑ සතියකට දවසක් ඉස්කෝලේ ගිහිල්ලා ඔය උගන්නන හැම දෙයක්ම ඉගෙන ගන්ඩ. අර රේල්පාරෙ වැඩ කොරන පොඩිබණ්ඩලාගෙ කෙල්ල සතියෙ දවස් පහ ඉස්කෝලෙ ගිහිල්ලත් සෙනසුරාදා ඉරිදත් කලාස්ද මොනාද යනවා.,
ඔහුට අම්මාගේ මුවින් පිටවන වදන් කටපාඩම් වූවාක් මෙනි. ඊයේ පිට වූ වදන් ටික එලෙසම අදද පිට වෙයිx එවිට ඊයේ දිනයේ ඒ වචන අභ්‍යවකාශයේ යම් ඉඩයක් අල්ලා ගත්තේද ඒ ඉඩය මතම අද දිනයේත් පැලැස්තර අලවන බවකි, ඔහුට හැඟුණේx
රඹ තුරු කඳන්හි ඇති සිසිලසත් තෙතමනයත් පෙරා එකතු කොට ගත්තාක් මෙන් ඒ අසලින් වැතිරී සිටින වටේට ගලින් බැඳ පොළෝ මට්ටම් කොට ඇති ළිං කවාටය දුටු ඔහුගේ මුළු සිතක් සැනහී සේදී යන්නාක් සේ දැනිණ. දින දෙක තුනක් පුරා ඉවරයක් නැතිව ඇද හැළෙන වර්ෂාව විසින් ඒ ළිං කවාටය පිටාර යවනුයේ ඇළ මාර්ගය දිගේ ගොස් වක්කඩකදී හඬ නඟමින් පෙණ ගෝටයක්ද සාදමිනි. වැසි ජලය නිසා හිස ඔසවාගෙන සිටිය නොහැකිව ළිං කටට නැමී ගත් මානා මල් කිරි පැහැ ගත් වතුරේ පාවෙමින් සිටියද එතෙක් නිසලව සිටි ජලය හදිසියේම කැළඹී යන්නාක් මෙන් ඔහුට දැනිණ. ඔහුගේ සිතිවිල්ල නිවරදය. පොල්වත්ත මැද්දේ ඇති මැටි ගෙයින් එලියට ආ කෙලි නෑම්බගේ පනිට්ටුව ළිං ජලයේ වළක් හරාගෙන ඇතුළට එබිණ. එය පිරී කැළඹී ගත් වතුරින් මතු වී පැමිණ තරුණියගේ දිය රෙදි කඩින් නිරාවරණය වූ පිට දිගේ ගලා ගියේ එක සීරුවට රටා මවන ලෙස ජල බිඳිති රඳවමිනි. කඩා හැලෙන හිසකෙයා වනය පීරාගෙන වැටෙන ජලබිඳිති විසිරී යනුයේ වතුර මලක් සදමිනි.
මේ සුනදර දසුනින් සිත මුදා ගත නොහැකි වුවද ඔහුගේ සිතට එක්වැරම ‘රතී’ ගොඩ වූවායx අනෙක් හරකුන් බිම බලාගෙන තණ කන අතරේ නිකමටවත් හිස බිමට පාත් නොකොට ඈත පෙනෙන නිල්ලටම ඇස ගසාගෙන පිම්මේ යන රතී දුටු ඔහුට ඇතුළත රත්ව යන සෙයක් දැනිණx කෝපය විසින් රත් කළ සිරුර ඊළඟ මොහොතේ මළකඳක් මෙන් සීතලව ගියේ කැසපොට කවා ගත් සරමින් යුතුව කෝපාන්විත දෙනෙත් තමා දෙස එල්ල කොටගෙන සිටින මුදලාලි දැකීමෙනිx
”උඹලට අගහිඟ ඔක්කොම ඉන්න හන්දා හරට්ටික එපි මීච්චල් කොරන්ඩ තමා දෙනවාx ඕන්න ඔඳට තමා බලාගන්ඩෝනැx කොලූවො හරප්පැටව් ගහන කොට උඹට එක පටියා, එපිලට එක පටිය; ෂරියා ?”
හරක් පට්ටිය තමන්ට භාරදෙන මොහොතේ මුදලාලි කී වචන ටික ඔහුට ඇසෙන්නට වූයේ වචනයෙන් වචනය අවධාරණය ගනිමිනිx සිංහල මිනිහා සඳහා සාමාන්‍යයෙන් මුදලාලිලා දක්වන ගෞරවය, බය පක්ෂපාතකම තම පුතණ්ඩියාට හරිහැටි නුදුන් නිසා අම්මාගේ තරහව ඇවිස්සුණ හැටිද ඔහුට මතකයx
”අනේ මේ ගෙරි තම්බියා, ඇයි කටේ ගෙඩි වෙන්ඩැ කතා කොරන්ඩ බැරි ගරු නම්බු දීලාx වෙන එවුන්ට වැඳ වැඳා හරට්ටික දෙන්නෙx අපි දුප්පත් හින්දා වෙන්ඩැ ඔහොම රැුස් පොට් පෙන්නන්නෙ”
ඔහුගේ ඇස් ඉදිරියේ රතී දිව යනුයේ නැවතිල්ලක් නොගෙනයx වට පිට කිසිවක් දෙස නොබලන රතීගේ දෙනෙත් ඇලී ඇත්තේ ඈතින් පෙනෙන රඹ කැලයේම පමණකිx
එහෙත් ඒ ඈත පෙනෙන දර්ශන ගැන සිතීමට ඔහුට ඉඩ කඩක් නැතx තමන්ගේ ඇස් ඉදිරියේ සිටින ඇය ඔහුගේ සියලූ දැහැන් බිඳ දමයිx මුළු සිතක් නිරුවත් කරයිx ඒ සිහි වන විට ඔහුට රතී ගැන ඇති වනුයේ දුකකිx
‘රතීට නිදහසේ කන්ඩ ඉඩ දෙන්ඩෝනැ; ඇයි අපි උන්නෙ නිදහස සීමා කරන්නෙ? අපි අපිට කැමති තැන්ඔලට යනවා වාගෙ උන්ටත් යන්ඩ දෙන්ඩෝනැx’
හිමින් සීරුවේ ළිඳ සමීපයේ වූ රට අඹ ගසට කිට්ටු කළ ඔහු ඉහළට හකුළවා ගත් දකුණු කකුල ගහේ කඳට හේත්තු කොට සිරුරේ භාරය ගසට ත්‍යාග කළේ මෙම දසුනින් සිත ඉවතට ඇද ගැනීමට ඇති වූ ලෝභකම නිසාය. තමන්ටත් නොකියාම මෙන් අතක් විසින් නෙළා දුන් කොහොඹ කෙවිටක් තොල් අගින් ඇමිට්ටෙන අතරේ දෙතොල් එකතු වන ඛේටය අසලින් වූ තණකොළයට ගසනුයේ ඔහුගේ දෙනෙත් හොරෙන් හොරෙන් ඈ දෙස බලන විටය. දිය රෙද්දෙන් බේරෙන ඇගේ සිරුර ඔහුට සිහි කොට දෙනුයේ ගෙදර බිත්තියේ ගසා ඇති තාරා දේවියගේ පින්තූරයයිx ඔහු ඒ පින්තූරය වන් කත දෙස බලා සිටියේ ගෞරවය මෙන්ම ආදරයද උතුරන දෑසිනිx ආශාව බේරෙන දෑසිනිx කෙසේ වෙතත් තමන් නාන දෙස තරුණයකු බලා සිටිනවාය කියා ඇය කෙරෙන් කිසිදු අමුත්තක් පළ වූයේ නැත. ඒ අතරේ ඔහුගේ ආකර්ෂණයට තවත් හේතුවක් තිබුණේයx ඒ ඇය තම සිතිවිලි එලෙසම කි‍්‍රයාවට නඟන අයුරු දැකීමයx ඔහු බලා සිටියේ තමන් කල් ඇතිව ගොඩනඟා ගත් අනාගත ප‍්‍රක්ෂේපණ ඇය විසින් අකුරක්වත් නොකඩ කොට ඉෂ්ට කොට ලන අයුරු ගැන පුදුමයෙනුත් පුදුමයට පත් වෙමිනි.
. ඕං දැන් වතුර පනිට්ටුව එක අතකින් අරගෙන ඔළුවට වක්කරනවා. ඒත් එක්කම අනික් අතින් ඔළුවේ කෙහෙරැුල් අත පත ගගා වතුර ඇතුළට කාවද්දනවා. දෙය්යනේ ! පුදුමයි එයා එහෙමම කරනවා. ඕං දැන් පනිට්ටුව පැත්තකින් තියලා සබන් කෑල්ල අතට ගන්නවා. ඉස්සෙල්ලම ගාන්නේ කකුලේ. චීත්ත පොට ටික ටික උස්සනවා ඕන්න ඒත් එක්කම මං දිහා හොරෙන් බලනවාx ෂාහ් ! ඇත්තමයිx.
ගොපල්ලාට තමන් පළමුව සිතන දේ දෙවනුව ඇය අතින් ඉෂ්ට වන අයුරු බලා දෙතොලට ගොඩ වූ සිනාව සඟවා ගත නොහැකි විය. ඔහුට තමන් මේ හා සමාන සිද්ධියක් මීට පෙර කාවදා හෝ අත්විඳි සෙයක් දැනෙන්නට වුවද ඔහුගේ යටිහිත කෑ ගා කියනුයේ ඇය ස්නානය කරනවා දුටු පළමු අවස්ථාව මේ බවයි. ඒ කෙසේ වෙතත් ඔහුට මෙම ස්නානය සුපුරුදු බවක් කියයි. ඔහු තමන්ට සිතෙන දේ ඇය එසේම කරනවා දකිනුයේ අතීතයේම පුනරුච්චාරණයක් ලෙසිනිx එහෙත් ඒ පුනරුච්චාරණය වනුයේ අතීතයේ කොතැනක, කවදා සිද්ධ වූවක්දැයි කියා ඔහුට සිහි කට නොහැකියx
සිතා මතා රූප රාමු මාරු කොට පෙන්වන සිනමා පටයක මෙන් ඔහු ඉදිරියේ ඊළඟට මැවී ගියේ් රඹ කැලයට වැදී ‘චිරි චිරි’ ගා කෙහෙල් අතු බිමට අදිමින් අමුට්ටන රතීගේ දසුනයිx සිතින් සිතා ගත්තක් නැති නම් මනෝ විකාරයක් ලෙස එම දසුන භාර ගත් ඔහු අනාගතයේ සිද්ධ වන දෙය මෙලෙස පෙන්නුම් කරන්නේයි කියා ඒ මොහොතේ සිත සිතා සිටියේ නැතx අලූත් කෑමක් සොයා ගැනීමට ඇති ආශාව නිසා රත් පෑ ගත් රතීගේ දෙනෙත මඟ හැර දැමූ ඔහු ඈ දෙසට සිත හැරෙව්වේ සිතා මතාමයx
ඔහු තමන් සිතූ පරිදිම ස්නානය හමාර කොට දෙඅතින්, කොන් දෙකින් අල්ලාගත් සළුවකින් කොණ්ඩය පිසදමා සබන් කෑල්ලත් ඇඟ අතුල්ලන ගලත් පනිට්ටුවට දමාගෙන පනිට්ටු කොක්ක ගස්ස ගස්සා ගෙය දෙසට යන ඇය දෙස තවත් මොහොතක් බලා සිටියේ ඇසි පිල්ලමක්වත් නොගසමිනි. හැඳ සිටින මල් වැටුණ ගවුම පොල් වත්ත මැද්දේ වූ අඩිපාර දිගේ ඇදි ඇදී යන විට ඔහුද ගේ දෙසට ගාටන්නට වූයේ ඉබේටම මෙනි. ඇගේ ගමන බිමන, ඇල්ම බැල්ම ඈ සෑම දෙයක්ම තමන්ට නිහඬ ආරාධනාවක් කරන බවකි, ඔහුට හැඟුණේx
ඇයට පියවර කිහිපයක් ඉඩ තබා ඒ පස්සේ ඇදෙන ගොපල්ලාගේ ගමන වැළැක්වීමට මෙන් පොල් ගසක් විසින් බිමට හෙළුෑ වේළී ගිය අත්තක් හණස්සකුත් සමඟ ඔහු ඉදිරියේ පාර මැද්දේ වැටුණෙන් ඇය මඳක් පිටුපස හැරී බැලූවේ වෙව්ළා ගිය සිරුරින් යුතුවය. එය හොඳහැටි ග‍්‍රහණය කොට ගත් ඔහු පහත් වී ඔළුවෙන් අල්ලාගත් පොල් අත්ත අඩිපාරෙන් ඉවත් කොට හණස්ස අතට ගත්තේ ගෙයි මිදුලට දැමීමට සිතාගෙනය.
‘එහෙනං එයා බය වුණා මට කරදරයක් වෙයි කියලාx ඒ කියන්නේ එයා මං ගැන x x x මං ගැන හිතනවාx එයාට මං ගැන x x x ?’
පොල්වත්ත මැද්දේ සිටගෙන සිටින කටු මැටි ගෙය දකින ගොපල්ලාට වෙනදා මෙන්ම අදත් සිහියට ආවේ තමන් පහේ-හයේ පන්තියකදී කියවා ඇති මඩොල්¥ව කෘතියේ එන උපාලිත් ජින්නාත් එක්ව බිඳින්නට ගිය ගෙයයි. ඒ කාරණයම ඔප්පු කරන්නට මෙන් මෙම ගෘහයෙහිද කුදු ගැසුණු වයසක පුද්ගලයෙකු සිටින වග ඔහු හො\කාරවම දනී. වෙනසකට ඇත්තේ මඩොල් ¥වේ ගැහැනියක සිටියද මෙම ගෘහයේ සිටිනුයේ පිරිමියෙකු වීමයිx ඔහු මඳක් විපරම් කොට වට පිට බැලූවේ ඒ කුදු ගැසුණ සිරුර ගෙදර ඉන්නේ නම් නියතයෙන්ම කොහේ හෝ ගහක් යට ගෙඩියක්, කොලයක් සොයමින් සක්මන් කරන බව දන්නා හෙයිනි. තමන්ගේ මව කියා ඇති පරිදි ඇගේ නමද ඔහුට හොඳ හැටි මතකය.
‘කිරිබය්යා උන්දා’
මිදුලේ ඇති කොහු අඹ ගස දිග හැරගෙන සිටින සෙවණැල්ල පාගාගෙන ගේ දොරකඩටම ඔහු ගියේ තමන්ට පුරුදු යමක් ඉදිරියේද සිද්ධ වන්නට ඇති බවක් හැඟුණාක් මෙනි. කෙහෙල් පඳුරකට ඇණ බිම හෙළා එහි බොඩය හිසේ අමුණා ගත් රතීගේ දෙනෙත් නැවතත් ඔහු දෙසට හැරෙන විට ඔහු ‘ෂිහ්’ ගා කෙළ පිඩක්ද බිමට ගැසුවේයx
අඳුරෙහි ගිලී පැවති ඇතුළු කාමරයක සිට එළියට ආ තරුණිය දිය රෙද්ද අසලින් වූ පිච්ච ගසට පොරවා ඔහු දෙස බැලූවේ ගෙට ගොඩවන ලෙසට කරන ආරාධනයකුත් පරිත්‍යාග කරමිනි.
”මට පිපාසයි. උගුර කට ගිලෙන්ඩ තරන්x ඇහැකි නං වතුර ඩිංගිත්තක් x x x ?”
ඇය සිනාසී ගෙතුළට ගොස් වතුර කෝප්පයක් ගෙනැවිත් ඔහු ඉදිරියේ ඇල්වීය. තමන්ට නොකීවාට තමන්ගේ සිත මෙතෙක් වේලා ඇතුළු ගෙයින් ආ කොහොඹ කොළ කුයිල කුමක් නිසා ආවේ දැයි කියා කල්පනා කරමින් සිටි බව ඔහුට ඒත්තු ගියේ හේතුව සොයා ගත් විට සිත තුළ තිබූ කුතූහලය සන්සිඳී මඳක් සැහැල්ලූ වූ බව දැන ගත් නිසායx තමන් ඉදිරියේ සිටගෙන සිටින යුවතියගේ මුහුණේත් තමන් වෙතට වතුර කෝප්පයක් දික් කොටගෙන සිටින දෑතේත් ඇති කළු ලප ඔහුට සියල්ල අවබෝධ කොට දුන්නේ එක්පැහැරය.
”දෙය්යන්නෙ ලෙඩ හැදිල වාගෙ x x x x ?”
”ඔව්, දෙය්යන්නෙ ලෙඩ හැදුණා. දැන් සුවයි.”
යටි සිත සිතූ පරිදි තුවාල කැළැල් දැකීමෙන් ඔහුගේ සිරුරෙහි අප්පිරියාවක් උඩු දුව ගියේ නැතx තලෙලූ සමෙහි වැපිරී ගිය කළු ලප ඔහුට පෙනුණේ අව්වේ වනා ඇති සුදු තල අස්සේ කලවම් වී ගිය කළු තල ඇට කිහිපයක් පරිද්දෙනි.
”ඇයි මා දිහා ගිලින්න වාගෙ බලාන ? ගෙට ඇවිදිල්ලා ඈඳිගන්ඩ. වෙන කව්රුවක්අත් නෑx”
ඒ වදනත් සමඟ හීලෑ වූ ඔහුගේ දෙනෙත් මොකක්දෝ සැකයකින් හැමදාකම මෙන් වත්තෙහි පොල් අතු කපන මේ මොහොතේ බිත්ති මුල්ලට හේත්තු වී සිටින අතක් තරම් දිග වප්පිහිය දෙස බැලූවේයx ඔහුගේ දෙනෙත් නැඟූ ඒ ප‍්‍රශ්නය හඳුනා ගත් ඇය උත්තර බැන්දේ සිනාවකුත් සමඟිනිx
”එයා නෑ; ගිහිල්ලා සමාගං කඬේට.”
වතුර කෝප්පයත් අතැතිව ගෙට ගොඩ වූ ඔහුට අලූත ගෑ ගොම මැට්ටේ අමුතු පුසුඹක් දැනෙන්නට විය. එදා ඔහු තමන්ගේ ගෙදර, ගෙබිමෙහි සිමෙන්ති ටිකක් අතුරා ගැනීමට සිහින මැව්වේ ගොම කුයිල ඉවසා ගත නොහැකිවය. එහෙත් අද ඔහුට ඒ ගොම ගඳ පුසුඹකි. ඔහු ඒ සුවඳ හමන ගොම මැටි ගෑවී ඇති රටාව සොයා දෙනෙත ගෙන යන විට දුටුවේ හරකුන්ගේ බඩටද ගොස් දිරීමකට හසු නොවී ආපසු පැමිණ ගොම මැට්ටේ අලංකාර රටා මවා ඇති මයිල ඇට කිහිපයකි. ඔහු කකුලේ මහපටැඟිල්ලකින් මයිල ඇටයක් ගැළවීමට වෙර දරමින් සිටින අතර මෑත් වී ගිය දොර රෙද්දෙන් ඇතුළු ගෙයි එහා මෙහා යන යුවතිය ඇස් කොණකට අල්ලා ගත්තේය. ඔහුට ඒ පොල් අතු රටාවට අනුව ඉතාමත් අලංකාර ලෙස ගෑවී ඇති ගොම මැට්ටේ තිබූ මයිල ඇට කිහිපය පෙනුණේ ඇගේ සිරුරෙහි මතු වී ඇති ලප කැළැල් නොහොත් ඔහු තමන් විසින් නම් කොටගෙන සිටින තල ඇට කිහිපය මෙනිx ගොපල්ලාට කිළිටි වී ගිය දොර රෙද්ද සුළඟ විසින් කරන සෙලවීම් නිසා ඇතුළු ගෙයි සිටින යුවතිය පෙනෙනුයේ දිය රැුල්ලකින් මතුව නැවතත් එය විසින්ම යට කොට දමන අලංකාර නාරි දේවතා රූපයක් මෙනිx ඔහුගේ දෙනෙත් දොර රෙද්ද මෑත් වන තෙක් පුල පුලා බලා සිටින්නට වූයේයx
ගොපල්ලාට තමන්ට සුපුරුදු යමක් සිද්ධ වීමට යන සෙයකි දැනුණේ. පෙරළා ගත් ගසක වූ විශාල කෙසෙල් කැණක් රතීගේ දත්වලට හසු වී ඇමිට්ටෙයිx මුලදි වූ කෑදරකම ඉවත ලූවාක් මෙන් වූ රතීගේ හදිසිය පලා ගොසිනිx තැන්පත් උපාසිකාවක මෙන් කෙසෙල් ගෙඩි අමුට්ටන ඇගේ දෙනෙත්ද කටින් කටට පිය වී යයිx
ගොපල්ලාට දොර රෙද්ද තුළින් පෙනෙන කාන්තා රූපය නිසා සිය කය පිබිදී ගියාක් මෙන් දැනිණ. ඔහුගේ යටි සිත කීවේ මෙවැන්නක් තමන්ට හුරු බවකි. ඊළඟට ඔහුගෙන් වියුක්ත වූ සිරුර දොර රෙද්ද මෑත් කොටගෙන ගෘහාභ්‍යන්තරයට යනවා ඔහුට පෙනිණ. ගොපල්ලාට හැඟුණේ එය සිද්ධ විය යුතු දෙයක් සේයx එහෙයින් ඔහු එය නොබියව ක‍්‍රියාත්මක කළේය. සිතූ පරිදිම එය සිද්ධ විය. සිතූ පරිදිම යන විට ඇය සිටියේ සයනයේ කොනක වාඩිගෙනය. ඔහු ඇගේ උරහිසින් අතක් තැබුවේය. ඒ සැණින් ඇගේ සිරුර නැඟිට ගත්තේ ඔහුගේ අත තරයේ අල්ලා ගනිමිනි. ඔහු තමන්ගේ මුහුණට ළං වූ ඇගේ දෙතොල් තෙත් කිරීමට සිතීය. එහෙත් ඒත් එක්කම යටි සිත කොඳුරන යමක් නිසා ඔහු මඳක් නතර වී ගත්තේය.
.දෙය්යන්නෙ ලෙඩ හොඳ වුණා විතරයි. විස බීජ තාම ඇති.
එහෙත් ඔහුට පිබිදුණු කය ආපසු ඇද ගැනීමට සිතුණේ ලෝභකමකි. මුලදී කිසිදු විරුද්ධත්වයක් නොපෙන්වුවද ඇය තමන්ගේ යෞවනත්වය විසින් යමක් මතක් කොට දුන් නිසාදෝ මොනවාදෝ ආරක්‍ෂා කොට ගැනීමට දඟළන්නියක මෙන් තමන්ගේ විරුද්ධත්වය පළ කිරීමට දඟළන්නට වූයෙන් ඔහුගේ හැඟීම් දෝර ගලන්නට වියx ගොපල්ලාගේ කය එම පොරබැදීමෙන් තව තවත් පිබිදුණේ කලහකාරී ලෙසය.
එහෙත් රතී තනිවම පාළු කරමින් සිටි වත්තට එකතුව සිටි හරක් රංචුව ඇති පදම් කා බිම දපා නැවත වමාරා කමින් සිටිනු දුටු ඔහුට මේ ප්‍රෙහේලිකා විසඳ විසඳා සිටීමට ඉඩක් ලැබුණේ නැතx ඔහු ඉක්මන් වූයේයx ගෙයින් පිටවීමට පෙර එක වරක් ඇය වෙතට දෑස විද්දේ තමන් කළ අකටයුත්තට සමාව ඉල්ලීමට සිතාගෙනයx එහෙත් ඔහුට ගැළවීමක් ලැබුණේ නැතx ඇගේ දෙනෙත තමන්ට දිය නොහැකි දෙයක් ආයාචනාත්මකව ඉල්ලන සෙයකි ඔහුට දැනුණේx ඇගේ හිස අතගෑමට එසැවී ගිය අත අතරමඟ නතර කොට ගත් ඔහු පැටළෙන වචන අතරේ කුමක් නමුත් අදහසක් ගළපා දීමට තැතනීයx
”මං x x x මං x x x මට x x x සමා x x x මේ x x x මං කියන්නේ x x x මේ x x x දැන් ඔයාගෙ තාත්තා එයි x x x මේx x x ?”
එම කැලඹිල්ල ඇයට හොඳහැටි වැටහිණx තම දෙනෙත ඉල්ලූ ඉල්ලීම පසෙකට කළ ඇය සිනාවක් ආරූඪ කොටගෙන ඔහුට සමු දුන්නායx
”ඔයා x x x ඔයා යන්නx ඔයාට පිංx ඔයාට ගොඩාක් පිංx ඒ x x x ඒ මයෙ තාත්ත නෙමෙයිx ඒ x x x මං බැඳලා ඉන්නෙක්කෙනාx”
ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ
ගොපල්ලාගේ සිත තමන්ට දොස් නඟන්නට වූයේ ඉවරයක් නැතිවය. ‘නිදහස, කෙහෙල්මල් නිදහසx සම්මුති - සදාචාර නැතුව මේ ලෝකෙ පවතින්න බෑx ඔව්, නිදහස තියෙන්නෙ එව්වා ඇතුළෙමයිx ඒවයින් පිට නෙමෙයිx’ තමන් සිටි ඒ කැප නැති අඩවියෙන් වියුක්තව ඔහු ඉදිරියට ඇදුණේ අඩියට දෙකට වුවද සිත ඔහුගේ සිරුර තල්ලූ කොට දමා තිබුණේ ඊට දස දහස් ගුණයක ඈතකටය. ඔහු ඉදිරියේ පෙනී සිටි ගොම ගොඩවල්, වතුර වළවල් ඔහුට සිහි කොට දුන්නේ ඇගේ සිරුරෙහි මතු වී සිටි තුවාල කැළලියිx ඔහු ඒ තුවාල කැළලි මඟ හරිමින් උඩින්, උඩින් පාද තබමින් ඉදිරියට ඇදුණේ ඇවිද යාමකට වඩා දිවීමක ඉරියව් පළට කරමිනිx ඔහුට තමන් මුලින් සිතූ පරිදි කාලාන්තරයක් තිස්සේ පිට කොට ගත නොහැකිව තෙරපෙමින් සිටි තාරුණ්‍යයේ හැඟීම් පිටවීමෙන් උපදින සමහන් සුවය නොලැබීම ගැන ඇති වූයේ දුකකිx තමන්ගේ සිර වී ගිය ආශාවන් දෝර ගලා ගොස් තෘප්ත වීමෙන් ඇති වන සහනය, සමාදානය වෙනුවට ඔහු තුළ ඇති වූයේ පෙර තිබුණාටද වැඩි අසහනයකිx තාරුණ්‍යය විසින් මුදා හළ තුරුණු හැඟීම් එසේ පා කොට ගත් කාන්තා සිරුර මතක් වන විට ඔහු තුළ නැඟුණේ අසහනයක් තුළ සැඟ වී ගත් පිළිකුළකි; භීතියකිx
ඇය තරුණියක් නොවන බව ඔහු අවබෝධ කොටගෙන සිටියේයx එහෙත් ඒ ගැන ප‍්‍රශ්න කිරීමට ඔහුට සිත් දුන්නේ නැතx තමන්ගේ තාරුණ්‍යය දඟ කැවි කැවී ගලා ගියේ මඬ ගොඩක් මතින් බව පමණකි ඔහුට හැඟුණේx ඒ ඇගෙන් පලා ගොස් තිබූ කන්‍යාභාවය නිසා නොවේx ඇගේ සිරුර පුරා විසිරී තිබූ තුවාල කැලැල් නිසායx ඔහු ඇගෙන් නිර්මලත්වයක් බලාපොරොත්තු වූයේ නැතx
හරක් පට්ටිය පේන තෙක් මානයක නොමැති බව දැන ගත් ගොපල්ලාට තමන්ගේ මුහුණ ඉදිරියේ මැවී ගියේ ළිප තිබූ කබලක් මෙන් ගිනි පුපුරු නඟන මුදලාලිගේ මුහුණයි. දෙකංශයෙන් ගලන දහඩිය පිස දමමින් ඔහු කඳුබිඩ දිගේ දිව්වේ ඇඟ පුරා නඟින සියුම් හිරිකිතය සමඟද වාදාභිමුඛ වෙමිනි. ඔහුගේ දෙනෙත් ඉදිරියේ එකා පිට එකා නැෙඟමින් රතීත් නමවත් නොදන්නා ඒ යුවතියත් මැවී සිට ගන්නට වූවෝයx
‘ෂි: දෙය්යන්නෙ ලෙඩ. අය්යෝ ! බෝ වෙයිද දන්නෙත් නෑ. බෝ වුණොත් ඔක්කෝම ඉවරයි. ඒ ගේ හැම තැනම තාම විෂබීජx’ එහෙත් ඇතුළතින් සිට තවෙකෙක් කතා කරන්නට වූයේයx ‘න් නෑ x x ග බයවෙන්ඩ හොඳ නෑ. බය වුණොත්ලූ දෙය්යන්නෙ ලෙඩ බෝවෙන්නේ. ඇරත් එක සැරයක් හැදිච්චහම ආයෙ හැදෙන්නෙ නෑලූ. මට මතකයි අම්මා කියලා තියෙනවා මට පොඩි කාලෙ කිරි බොන්ඩවත් බැරුව හිටියලූ දෙය්යනෙ ලෙඩ හැදිලා. ෂි: මේ හරක් පට්ටිය කොටියා කාලා කොහෙ ගියාද? අනේ මේ ගහල මරක්කයාගෙ හරප්පට්ටිය ? අර රතී තමා හිටපන්කො අද ඕකි ඈඳනවා අර මීමගෙ කරේමx අර නාකියා කොහොමද මේ ළමයගේ මනුස්සයා උණේ ? එතකොට මං පර අඹුවක් සේවනය කළාx ඇත්තටම අර මුරකාරයා; අර අරනෝලිසා හරට්ටික පාළු බැඳලද දන්නෙත් නෑ. එහෙම වුණොත් නං ඉතිං කම්මුතුයි තමා. හොරෙන් හැංගිලා ඉඳලා ලෙහා ගන්නවා ඇර ණය ගෙවන්ඩ කොහෙ තියෙන කාසියද්දx මුදාලාලියා සත පහක් කියලා දෙනේකක්යෑx ඌ මාව කයි පුළුවන්නංx.
අරනෝලිස් කෙහෙල් වත්තේ සිටින හරක් රංචුව පන්නා හරිනුයේ හොඳටම කෝප වීගෙනය. තමන්ගේ අත පය වෙව්ළන වේගයටම මෙන් ඔහුගේ කටින් වචනද පිට වෙයි.
”අනේ මේ හැතිකරේ. මුන්ගේ අයිතිකාරයෝ මොකේ මකබෑවිලාද දන් නෑ ? කොහෙ හරි ගුබ්බෑයමකට රිංගගෙන ඇති මෙලහකටx උන්ගේ අම්මලාට නිදිත්‍වග”
ගොපල්ලා අසලින් වූ බොකල වැල් ගාලට රිංගා ගත්තේ අරනෝලිස්ගේ දෙනෙතට මුවා වන්නටය. අරනෝලිසාගේ කැති පාරකට මී වැස්සියකගේ වල්ගය කැපී එල්ලෙනු දුටු ඔහුගේ දෙනෙත් පියවී ගියේ ඉබේටමය. ඒ තුවාලය දවස් දෙක තුන යන විට පණුවන් තියා ඇති අයුරු දුටු ඔහුට මැවී පෙනුණේ තවමත් හරියකට වේළී නොගිය අර ගැහැනියගේ මුහුණේ වූ තුවාල කැළලියි. ඔහුගේ මිට මෙල වී ගිය අතක් අනෙක් අතෙහි අල්ලේ හැපී ගියේ සිරුර පුරා උඩු දුවන තරම් වේදනාවක් ඇති කරමිනි.
අරනෝලිස් තවත් මොනවාදෝ කිය කියා කුණු හරුපයෙන් බැණ අඬ ගා ආපසු හැරුණ විට ඔහු හරක් පට්ටියට කිට්ටු කළේ පඳුරකින් කඩා ගත් කූරටියා කෙවිටක්ද අතැතිවය. .කිස් කීස්. ගාමින් එය හරකුන්ගේ පිටෙහි පාරවල් අඳින විට හරක් රංචුව දුවන්නට වූයේ එලෝ මෙලෝ නැතිවය. තවමත් රංචුවට එකතු නොවී සිටි කණ්ඩායමේ නායිකාව වූ රතී පිටුපස්සෙන් හැම්මේ දුවගෙන විත් පට්ටියට එකතු වූයේ ඔහුගේ කෝපය කන් අඩිවලින් පිට කරවමිනි.
”මේ ගහල එළදෙනට නිදහස දෙන්න ගිහිල්ලා තමා මෙහෙව් වින්නැහියක් වුණේx අනේ ඇත්තට මේ මරක්කලයගෙ එළදෙන x x x ? හිටපන්කෝ මීට පස්සෙ ! හිටපන්කෝ ආය උඹලට සැප නෑx කෑ ගගහ හිටපියව් ගාලට වෙලා බඩගින්නේx දවසට පැයයි කන්න දෙන්නෙ වැඩිම වුණොත්x මුන්ට නිදහස දුන්නා වැඩියි මමx”
හල්මිල්ල ඇළෙන් ගොඩ කොට ගත් හරක් රංචුව ඉපණැලි බේරුණ වෙලකට දැමූ ඔහු පළමුවෙන්ම කළේ රතී නැවතත් මීමාගේ කරේ ඇඳීමයි. අනතුරුව හිතේ කේන්තිය පහ වන තුරු ඔහු කළේ කූරටියා කෙවිටෙන් රතීට තැළීමය. බලා සිටියදී වයිරපලූ නඟින පිට අඹරවමින් රතී කෑ ගාන්නට වූයේ අභය ඉල්ලා විය යුතුය. එහෙත් ඈ බේරා ගැනීමට කිසිවෙකුත් සිටියේ නැතx කෙවිට කුඩා පැන්සලක් මෙන් අතෙහි කොටයක් ඉතිරි කරන තෙක් තැළුෑ ඔහුට සියඹලා ගසෙහි ගල් ආසනය මත තැබූ ගමන්මල්ල ගෙන ඒමට ආයෙත් වතාවක් ඇළෙන් එගොඩට යා යුතු බව සිහි වන විට තමන්ටද පාර කිහිපයක් ගසා ගැනීමට තරම් සිතිණ. ඒ කෝපය දෙගුණ තෙගුණ වී ගියේ ඔහුට තම සිරුර තැන් තැන්වලින් කැසිල්ලක් නඟන බව දැනුණ විටයx
‘ෂිහ් ! අර කරුම විසබීජද කොහෙදෝx අය්යෝ දෙය්යනේ ! මං ඇයි එහෙම දෙයක් කෙරුවේ ? ෂ් x x x නෑ x x x නෑx බයවෙන්න නරකයිx මේ x x x ඔය නිදිකුම්බාඔලට එහෙම සීරිලා, මානා කොලඔලට කැපිලා දැන් වතුර ගෑවුණාට පස්සෙ එන කැහිල්ලක් වෙන්ඩැතිx’
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment