UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: හෙරලිගහගෙදර

Wednesday, December 11, 2013

හෙරලිගහගෙදර

හෙරලිගහගෙදර අරූප රූපය ඔහුව විඩාවට පත් කොට ඇත්තේ හිතක් පපුවක් නැති ගාණටයx තමන්ට ඉවරයක් නැතිව වධ දෙන ඒ අරූප රූපයවත් මවා ගත නොහැකි තරමට අවසානයේ ඔහුගේ සිත වෙහෙසට පත්ව තිබුණේයx අත ළග තිබූ කහට කෝප්පය ගැනීමට ඔහුට දෙතුන් වතාවක් තම අත මෙහෙයවීමට සිදු විය. වෙනිවැල් ගැට කසායක් බිවූ කලෙක මෙන් ඒ ආරංචිය ඇසූ මොහොතේ සිට ඔහුගේ මුළු ඇඟක් පුරා දිව යමින් සිටි අප්පිරියාව උගුරෙන් උගුර ඇඟට වැටෙන කහට ඩිංගිත්ත නිසා ටිකෙන් ටික මැකී යන සෙයකි. තමන්ගේ ළඟ පාතක මලයා සිටියා නම් ඔහුට කෙසේ සලකනු ඇත්දැයි මොහොමඞ්ටම සිතා ගත නොහැකිව ඇත්තේ අපැහැදිලි ජංගමශීලී සිතුවම් පෙළක් එක් විඩයේම පැමිණ මුළු සිතක් වසා ගන්නට වූ හෙයිනි. කෙසේ වෙතත් තමන්ගේ අතක් ඉහළට එස වී මලයාගේ කම්මුල හරහා පාරක් ගැසීමට සුදානමින් සිටින බව නම් ඔහුට පැහැදිලිය. එහෙත් හදිසියේම ඒ අත මලයාගේ යදණ්ඩක් වැනි අතක් විසින් තරයේ අල්ලා පහර වළකා පෙරලා තමන්ගේ කම්මුල හරහා පහරක් ගසනු මැවී යන විට ඔහුගේ මුළු සිරුරම අප‍්‍රාණික වී යනුයේ හැඳ සිටි කොටු සරම හදිසියේ මහා සෙන`ගක් මධ්‍යයේ කැඞී බිම වැටී තමන්ගේ සෙළුව පෙන්වා ගිය කලෙක මෙනි. .හ්ම් ත්‍වත්‍වත්‍වගග ඒකත් බැරිකොමක් නෑ ඌට, මෙච්චර හරියක් කොරාපු එකේ ඕක මොකද්ද. එකාතකින් ආය මට මොකට ගහන්ඩද ? මේ කෙරුවේ මට ගහනවට වැඩි දෙයක් නොවැ. මෙයිට වැඩිය හොඳයි මූ මාව මරලා දැම්මා නං.. තමන් ගෙට පය තැබූ මොහොතේ පටන් බිරිඳ හොර බැළලියක මෙන් එහා මෙහා යමින් මේ සිද්ධ වී ඇත්තේ කුමක්දැයි සොයා ගැනීමට කරන අර ඇඳීම මොහොමඞ්ගේ සිතට ගොඩව තිබූ කෝපය පඳුරු ගසා දැමුවේය. ඇගේ හාරා ඇවිස්සීම් නිසා උඩුදිවූ කෝපය මුහුණේ මස් වැදලි ඉහළ වීසි කරමින් පිටවන්නට තැන් සොයන්නට ගත්තේ දෙනෙත් ලේ පැහැ ගන්වමිනි. ,ඔය තේ කහටෙක ඇල්වෙනවා නොවැ. ඕක බීලා හිටිය නං කල්පොනා කොරන්ඩx හැබෑටම මොකද්දෑ වුණේ ? අක්ක අසනීපෙන් වද්ද ?, මොහොමඞ්ගේ රත් පැහැ දෙනෙත් බිරිඳ වෙතට හැරී යන විට ඇගේ දෙනෙත පහළ වැටී ගියේ ලජ්ජාවත්, බියත් කැටි කොට ගත් සියුම් චකිතය පොළොවේ ගසමිනි. පොළොවේ ගැසූ පෙරේතයකු මෙන් හතර ගාත් දිගු කරගෙන ටික වේලාවක් වැතිරී සිට නැඟිට ගත් එම දෙනෙත් මඳ මොහොතක් සිමෙන්ති පොළොවේ ඈඳිගෙන විඩා හැර ඇතිව ගත් නිහඬතාව සුළු මොහොතකට බිඳ දමමින් නැවතත් එසැ වී ගියේ සැමියාගේ කෝපාන්විත මුහුණ ම`ගහැර අවට වට බැලීමට සිතුවාක් මෙනි. ”අක්කා ගෙදර උන්නද මෙයා ?” ”හ්ම් ත්‍ව x” මතක ඇති කාලෙකට බොරුවක්, මුසාවක් පාවිච්චි කොට නැති මොහොමඞ්ට බිරිඳ දෙස බැලූණේ ඉබේටමය. තමන්ද නොසිතා දෙතොල් එළියට වීසි කළ මුසාවාදය ආපසු ඇද ගැනීමට සිතුවද ඔහුගේ සිතට දැනුණ කෙඩෙත්තු ගතිය ඊට ඉඩ දුන්නේ නැත. පාරක් තොටක් නොපෙන්වා තමන් ඉදිරියේ පෙනී සිටිමින් කට දෙපසට අදිමින් විකෘති රූප මවමින් සිටි අරූප රූපය නොහොත් ඔහු සුළු මොහොතකට පෙර නමක් දී හඳුනා ගත් අල්ලා දෙවියන් වහන්සේ ඔහු ඉදිරියේ නැවතත් පෙනී සිටින්නට ගත්තේ අනාරාධිතවමය. තමන්ගේ සිත කාලයක් පුරාවට මවා ගැනීමට දැඟළුෑ අල්ලා දෙවියන් පිළිබඳ මෙවර ඔහුට ඇති වූයේ සියුම් තරහවකි. ‘බොරු කියා අනුන් රැුවටීම මහා පාපතර ක‍්‍රියාවක්. බව කුරාණය කියා ඇති ස්ථානයේ අකුරු එක් එක් අභූත රූප මවමින් ඔහු ඉදිරියේ එහා මෙහා ධාවනය වන්නට ගත්තේය. ඉහළට මතු වී පොතින් ගැළවීමට මෙන් උඩ පනින ඒවා තවත් විටෙක පොතටම ඇලී ගියාක් මෙන් මුළු පොතක් පුරා ප‍්‍රසාරණය වෙයි. ඒ අතරේ මොකෙක්දෝ අමුතු සතෙක් පැමිණ ඒ අකුරු ගලවාගෙන තම මුඛයට දමා අමුට්ටනුයේ ප‍්‍රණීත ආහාරයක් අනුභව කරන කලෙක මෙනි. ඒ අතරේ මොකක්දෝ දිගටි-පැතලි රූපයක් මොහොමඞ්ගේ හිසට උඩින් සිට උලි උලි පාන්නට ගත්තේ ඉවරයක් නැතිවය. ඔහුට තමන්ගේ මුතුන් මිත්තන් ගැන ඇති වූයේ දැඩි කෝපයකි. ‘ෂි: මේ මිනිස්සු අල්ලා දෙය්යෝ පිළිමෙකින් හරි පෙන්නලා තිබ්බ නං අද මෙහෙම වදයක් නෑනේ.. එහෙත් හදවත නැ`ගූ එම දෝංකාරයෙන් ඔහු මහා වැස්සක තමන් අසලින් පිපිරූ අකුණකට බිය වූ කලෙක මෙන් භීතියෙන් ඇළලී ගියේ ‘අල්ලා දෙවියන් ප‍්‍රතිමාවකට නැ`ගිය නොහැකියි. ඔහු සාමාන්‍ය මිනිස් රූපයකින් පෙන්විය නොහැකියි. එසේ පෙන්වුව හොත් එය උන්වහන්සේට කරන අගෞරවයකි’ යන යටි සිත කියූ කේලම ඔහුගේ කන් අඩි තළන්නට ගත් හෙයිනි. ඔහු ගෙදරින් එළියට බසින ඕනෑම මොහොතක පැළඳ ගන්නා බූල් තොප්පිය ගළවා අතට ගත්තේ එමඟින්වත් සැනසීමක් සොයා ගැනීමට සිතුවාක් මෙනිx ජම්බු ගහ දෙසින් ආ සුළං රොදක් ඔහුගේ සුදු පෑ හිසකෙයා සමඟ පොරබදන විට සිරුරට දැනුණ සීතල ඔහුගේ සිතෙහි වූ රත්ව ගත් සිතිවිලි මඳක් ළිහිල් කොට දැමුවේයx තමන්ට පිටුපසින් බිත්තියේ එල්ලා ඇති මක්කම දේවස්ථානය හා එහි රැුස් කන පිරිස සහිත ඡුායාරූපය ඔහුගේ නෙත ගැටුණේ හෙට ජුම්මා රාති‍්‍රය නිසා සුදු පෑ බූල් තොප්පිය සෝදා දැමිය යුතු යැයි කියා යටි සිත කියන සිතිවිල්ලද මැඩගෙන එය එල්ලීමට බිත්තියේ ගසා ඇති ඇණය දෙසට හැරෙන විටයx තමන්ගේ පැනයට සැමියාගෙන් ලැබුණ බුරුල දුටු ලරීනා කතාවක් පිරීමට අවැසි කළමනා එක්කාසු කරන්නට වූයේ ඔහුගේ මුහුණ කියවන අතරේමය. මඳක් ඉදිරියට ඇදී ඇති තලූ දෙක වසා ගණට වැඞී සිටි රවුල ඔහුගේ තඹ පෑ ගත් සුදු සම මත විසිරී ගිය වයෝවෘද්ධ බව වැඞී කොට තිබුණේයx හිස මතට කඩා වැටුණු වලාකුළක් වන් සුදු පැහැති හිසකෙස් ගොඩ ඒ වයෝවෘද්ධත්වය එළිපිට ප‍්‍රකාශ කරන්නට නොපැකිළ ඉදිරිපත් වූයේයx පනාවක පහසක් නොලැබූ නිසා හාවුන් විසින් පිමි පැන අවුල් කොට දමා ඇති පරඬලා ගොඩක් මෙන් වූ ඒ හිසෙහි රොද බැඳ ගත් උකුණු රංචු මතු නොව සතා සීපාවාද ඇතැයි නොසිතා සිටීමට ඇගේ සිත ඉඩ දුන්නේ නැත. ”අක්කා මොකෑ කිව්වෙ ? කවදා දිහාටෙයි එනවා කිව්වෙ ?” ,දැන්ම එනේකක් නෑ., ”ඉතිං මොකෑ ඔය ආ වෙලාවෙ ඉඳන් අහස පොළොව ගැටලන්ඩ කල්පනාව ?” එළදෙන සිටියේ තම පැටියාට කිරි පොවමිනිx ඒ අතරේ තම දරුවාගේ පිට දික් අතට ලෙව කමින් ආදරය පෙන්වන්නට ඇය ප‍්‍රමාද වූයේ නැතx එහෙත් වස්සා එක් විඩයේම හිස උස්සා අම්මාගේ කිරි පල්ලේ හිස ඇන්නෙන් අම්මා ඉහළ වීසි වී ගියේයx කෝප ගත් එළදෙනගේ පයක් ඉස්සී වස්සාට පා පහරක් එල්ල කළේ තවත් සිත සිතා නොසිටයx එවන් පහරක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ වසු පැටවා වීසි වී ගොස් ඇද වැටුණේ බඹයක් පමණ ඈතින් වූ හෙරළි ගස යටටයx බිරිඳගේ ඉවරයක් නැති ප‍්‍රශ්න කිරීම ඔහුගේ සිතට නැවතත් ගොඩ කරවූයේ කෝපයයි. කෝපය මුසුව ගත් දෙනෙත නඟා බිරිඳ දෙස බලන විට ඔහු හමුවේ නැවතත් මැවී ගියේ අර රූපයක් නැති රූපයමය. මේ වන විට අල්ලා දෙවියන් යැයි කියා සිතට කාවද්දා ගෙන, නම්ගොත් සපයා හඳුනාගෙන සිටි ඒ රූපය දුටු ඔහුට හැ`ඩුම් එන්නට වූයේ ඇතුළතින් නඟන ඉකි බිඳුමකුත් සමඟිනි. එහෙත් ඒ ඉකිබිඳුම වෑයමින් සඟවා ගත් ඔහුගේ බැල්ම යොමු වූයේ තමන් ඉදිරියේ දෙකඩ වෙමින් මහා ආවාට තනමින් ගිලා බස්නා මහ පොළොව මතටය. මොහොමඞ්, එදා සිට මේ දක්වා තමන්ගේ සෙවණැල්ල මෙන් දුකේදීත් සැපේදීත් කිසිදු වෙනසක් නැතිව වචනයකින් පවා තමනට අකටයුත්තක් නොකොට සිටි එකම තැනැත්තිය වන තමන්ගේ බිරිඳ ලරීනා දෙසටය, එතෙක් වේලා තමන් ඉදිරියේ දෙබෑ වන පොළොව මත ඉන්දවා තිබූ දෙනෙත ගෙන ගොස් තැබුවේ. ඉදිරි දොරින් ඇතුළට ආ අගහිඟකම් සියල්ල කිසිදු කෙණෙහිල්ලකින් තොරව අරපිරිමැස්ම නමැති අතින් පිසදා පෑළ දොරින් පිටමං කරන මේ බිරිඳ නොසිටින්නට තමන්ගේ පවුල් ජීවිතය කඩා වැටෙන්නට තිබුණේ බොහෝ කලකට පෙර බව සිහි වන විට ඔහුගේ හදවතට නඟිනුයේ සියුම් සන්තුෂ්ටියකි. මුළුතැන් ගෙයි ලූණු පොල් කට්ට කැලතීමටම ගෙවී ගිය බිරිඳගේ නියපොතු තුඩු දෙස බැලූ ඔහුගේ දෙනෙතෙහි දිදුළන තෙතමනය දුටු ඇය තමන්ගේ දෙනෙතින් ඒවා ග‍්‍රහණය කොට ගත්තේ කඹයක් දමා ඇදගෙන සදහටම එකට ගැට ගසන කලෙක මෙන් වෙනත් එල්ලයකට ඉඩ නොදෙමිනි. ඇතිව ගත් අපහසුතාව නිසා තම මුහුණ බිරිඳගෙන් සැඟවීමට සිතා වට පිට බැලූ ඔහුගේ දෙනෙත අල්ලා ගත්තේ තමන් ඉදිරියෙන් සිටගෙන සිටින හෙරළි ගසයි. එදා මෙදාතුර තමන්ගේ නිවෙසේ සිද්ධ වූ හැම දෙයක්ම ඇස ගසාගෙන සිටි හෙරළි ගස අදද මේ සියල්ල බලා සිටින බව ඔහුට නොරහසකිx ගෙඩි රෝගය වැළඳුණ කලෙක මෙන් ගහ මුල සිට පළගෙන ඇති හෙරළි ගෙඩි කොතෙකුත් තිබුණද ඔහුට දැනුණේ හෙරළි ගසද තමන් මෙන්ම කිසිවක් කර කියා ගත නොහැකිව වයෝවෘද්ධ වී ඇති බවකිx එහෙත් ඔහුට ඒ අනුකම්පාවට ඉඩ දීමට සිතුණේ නැතx තමන්ට කරදර පැමිණ ඇති මේ මොහොතේ හෙරළි ගසද ඔච්චම් පෑම ගැන ඔහුට ඇති වූයේ දුකකිx ඒ හෙරළි ගස අර අරූප රූපයට තමන්ගේ අතු අස්සේ ලැගගෙන සිටීමට ඉඩ දී ඇත්තේ ඔහු ගැන තඹයකටවත් මායිම් නොකොටයx හෙරළි ගස කෙරේ උපන් කළකිරීම පිළිබඳ සිතිවිල්ලෙන්ම අතු අස්සේ සැඟවෙමින් ගහ උඩට නැඟ ගත් ඔහුගේ දෙනෙත් ගස් මුදුනින් පිටත්ව ගොස් නතර වී ගත්තේ හිස් ආකාශයේයx බිමට නැඹුරුව අන්ධකාර දෝනාවක් දිගේ පහළට බැලූ විට පෙනෙන ළිං වතුරක් සේ වට පිටේ ඇති ගස් කඳන් දිගේ ඉහළට ගොස් දුටු අභ්‍යවකාශය ඔහුගේ සිතට හීනි සැහැල්ලූවක් ළං කොට දෙන්නට තැතනුවේය. එහෙත් ඒත් එක්කම මෙන් හිස් ආකාශයේ එල්ලීගෙන සිටි අර අරූප රූපය ඔහු ඉදිරියේ මොනවාදෝ කියන්නට තතනමින් තමන් දෙස රවා බලන සෙයක් ඔහුගේ ඇස ගැසුණෙන් සියුම් භීතියක් සිතට කාන්දු වන්නට වූයේය. ගස් අතරින් පෑදී සිටි මුළු අහසක් පුරා වැතිරී සිටි අරූප රූපය කෙරෙහි මේ වතාවේ ඔහු තුළ රෝපණය වන්නට වූයේ ඉවරයක් නැති කෝපයකි. තමන් මෙතෙක් වේලා අල්ලා දෙවියන් යැයි කියා උප්පැන්න දීගෙන සිටි ඒ රූපයට ඔහු ‘අල්ලා දෙවියන්ගේ සතුරා - සාතන්’ යි කියා නම් ගොත් වෙනස් කොට ගත්තේ ඒ කෝපය නිමිති කොටගෙනය. ඒත් එක්කම කන්වලට යවුල් අනින්නාක් මෙන් ඇසෙන්නට වූ නොතාරිස් තැනගේ වචන ටික ඔහු සන්තකව තිබුණා වූ අල්පමාත‍්‍ර වූ සැනසීමද කීතු කීතු කොට ඉරා දැමූයේ කිසිදු අනුකම්පාවක් නොදක්වමිනි. ”න්ආ මුදලාලි ! හුඟ දවසකින් නොවැ මේ පැත්තේ ? හොඳයි ආ එක. මං අර ලියකියවිලි ටික ඔක්කෝම සූජානං කෙරුවා. තම්බි තාම අවෙ නෑ එනව කිව්වටx දැන් ඉතිං මුදලාලිටම බැරියැයි ඒ ටික ඇන්න යන්ඩ.” ”මේ x x x ලියකියවිලි කිව්වේ ?” ”ඇයි හෙරලිගහගෙදර මල්ලිගේ නමට පවරපු ඔප්පු තිරප්පු ටිකx මුදලාලී මයෙ හිතේ බිස්නස් වැඩඔලටත්තෙක්ක පුත්තලම දිහා පදිංචියට යයි. ඒ දවස්සොල මාත්තෙක්ක කිව්වනේ පුත්තලම දිහාට යනවා නං හොඳයි කියලාx හොඳයි ඉතිං වැඩිමල් සෝයුරෙක් වෙච්චාම මෙව්වා දැම්මම නිරවුල් කරලා යනේක. නැත්තං පස්සට කරදර. මුදලාලි ඉතිං කවදත් නෑ බෑ නොකියා යුතුකං ඉෂ්ට කොරාපු මනුස්සයානේx ආය අපි නොදන්නවාය ඒ හරිය” තමන්ගේ එකම සොහොයුරිය ඇගේ එකම දියණිය බැලීමට ගමට ගොස් ආපසු එනුයේ මාසයකට හමාරකට වතාවකි. මෙවර ඈ ගොස් තිබුණේ සති දෙකකට පෙරාතුව යෙදුණ අම්මාගේ තුන් දවසේ දානය හමාර වීමෙන් අනතුරු දිනයේය. තමන් අතහැර ගොස් පල්ලියේ වත්තේ සදහටම සුව නින්දේ පසු වන අම්මා සිහි වන විට කුඩා කල සිට එක පතේ කාගෙන හැදී වැඩුණ අක්කා ඔහුගේ සිතට ගොඩ වනුයේ නිතැතිනි. අවුරුදු අසූ නමයක් යන තෙක් මේ හෙරලිගහගෙදර අතහැර නොගිය අම්මාගේ අඳුරු සෙවණැලි හොල්මන් අවතාර මෙන් ඔහු ඉදිරියේ සක්මන් කරන්නට වී දින දෙක තුන යන විට මොහොමඞ්ගේ තීරණය වූයේ අක්කා බැලීමට යාමටය. කසාදයෙන් වසරක් ගෙවී ගිය තැන කුසට දරුවකු දී පළා ගිය මස්සිනා නිසා අසරණ වූ අක්කා මහගෙදරට පිටුපසින් වූ කුඩා නිවසෙහි පදිංචි වී සිටියද ඇගේ සියලූ ඕනෑ එපාකම් සපුරා ලූයේ මොහොමඞ්ගේම දෑතය. නිසි වයස පැමිණ ඇගේ දෝණියට හොඳ තැනකින් මනාලයකු සොයා දීග තුලාවක දුන්නේද ඔහුගේ දෑතම විනා අනෙකක් නොවේ. අක්කණ්ඩිය බලා කියා ගැනීමට කියා උදෙන්ම පිටත් වූ ඔහු සුපුරුදු පරිදි අතර මඟදී නොතාරිස් මහතාගේ ගෙදරට ගොඩ වූයේ අක්කාගේ දියණියගේ මඟුලද ජෝඩු කොට දුන් තම මිත‍්‍රයාගේ ගෙදරට ගොඩ නොවෑදී යාම නොහොඹිනා හෙයිනි. එහෙත් මලයාගේ කෛරාටික වැඩ පිළිවෙළ එළි වූ විට ඔහුට එතැන තවත් රැුඳී සිටීමට සිත් දුන්නේ නැත. නොතාරිස් තැන දුන් ලියකියවිලි ටිකද කිහිලි ගන්නාගෙන ඔහු ගෙදර ආවේ අක්කා මුණ ගැසීමටවත් යන්නේ නැතිවය. ගම්මුන් විසින් තමන්ගේ ගෙදරට නම් දීමට යොදා ගත් ඉදිරියේ ඇති හෙරලි ගහ දකින මොහොමඞ්ට තමන් එය ඉන්දවූ දිනය සිහි වෙයි. හදිසි අනතුරකින් මිය ගිය වාප්පාගේ තුන්වෙනි දින දානය දවසේ අය්යා මලෝ එකතු වී ඉන්ද වූ පැළය මේ වන විට දෙදෙනාගේම උස එක් කොටද ගණන් කළ නොහැකි තරම් දෙතුන් ගුණයකින් උස ගොස් ඇත්තේය. එදා ඔවුන් එම පැළය සිටෙව්වේ අම්මාගේ කීම පිට මිස කිසිවක් දැන කියාගෙන නොවේx එහෙත් ඒ ගස වැඩෙන්නට වැඩෙන්නට ගම්මුන්ගේ අවධානය ඒ දෙසට යොමු වී ගත්තේයx හෑම කන්නයකම මදි නොකියන්නට පළදාව දෙන එම ගස ගම්මුන්ගේම බත් ගස වී තිබුණේයx කිසිවෙකුත් අසා බැලීමකින්ද තොරව තමන්ගේ ගසකින් කඩාගෙන යන්නාක් මෙන් හෙරළි ගෙඩි කඩාගෙන යනුයේ මොහොමඞ්ගේම ඇස් ඉදිරිපිටයx ආරම්භයේම මෙන් ලරීනා ඒ කෙරේ රොස් පරොස් ලෙස බලන්නට වුවද මොහොමඞ් එම කෝපය මෝරා යන්නට ඉඩ දුන්නේ නැතx ‘ඔහෙ කඩන් ගියපුවාවෙx කාගෙ හරි බඩ කට පිරෙනව නං පිනක් නොවැ’ ඔහුට ඒ හෙරළි ගසේ ගෙඩි කඩාගෙන යන ගම්මුන් දකින විට ඇති වූයේ සන්තෝෂයකිx ඒ සතුට නිසාම හෙරළි ගස දෙස කෘතඥතාපූර්වක බැල්මක් හෙළුෑ ඔහු සිය සිතිවිලි දාමය හෙරළි ගස සමඟ බෙදා ගන්නට සිතුවේයx ඔහුට හෙරළි ගස තමන්ගේ ඥාතියෙකු තරමට සමීප වූයේ ඒ හැඟීමත් සමඟිනිx ඔහුගේ සිතට සන්තුෂ්ටිය ගෙනා ඒ ඥාතියාද අද ඔහුට විරුද්ධව ඇතx කොහේදෝ සිට ආ අරූප රූපයකට ඒ හෙරළි ගස නවාතැන් සපයා ඇතx අවාරය වුවද තැනින් තැනින් සුදු පැහැති ගෙඩි කිහිපයක් අල්ලා ඇති පිනි ජම්බු ගස වෙතට මොහොමඞ්ගේ දෙනෙත දිව්වේ කළකිරීමෙන් යුතුව හෙරළි ගසෙන් බැස ගත් ඇසිල්ලේයx කුඩා සන්ධියේ අය්යාත් මලයාත් පොතත් අරගෙන පාඩම් කිරීමට යනුයේ පිනි ජම්බු ගහ යටටය. පිනි ජම්බු ගසෙහි බැඳ ඇති ගණනින් නිශ්චිත නැති කුරුලූ කූඩ කුඩාවුන් දෙදෙනාටද කුරුලූ කූඩු තැනීමට පාඩම් කියා දුන්නේය. තමන්ගේ හතර වටින් සිටිනුයේ සිංහල ගම් ගෙවල් නිසාත් මුළු ගමටම මුස්ලිමුන් කියා සිටිනුයේ පවුල් අට දහයක් පමණක් වන නිසාත් වාප්පා වැඩිපුර උනන්දු වූයේ පිරිමි දරුවන් දෙදෙනාට දෙමළ බස නොව සිංහල බස ඉගැන්වීමටය. ළඟම ඇති අල් මජිදා පාසල වැසීමට සිද්ධ වේය යන බිය නිසා නොවන්නට දරුවන් දෙදෙනා ශ‍්‍රී දුටුගැමුණු මහා විද්‍යාලය නමින් ගම මැද්දේ වූ සිංහල ඉස්කෝලයට යවනවා සිකුරුය. එහෙත් නිවෙස අසල සිටි සිංහල ඉස්කෝලෙ මහතාගේ ගෙදරට පාසල් ගමනින් පසු සැන්දෑවේ දරුවන් දෙදෙනා යැවූයේ ඒ අඩුව පිරිමැසීමට සිතාගෙනය. ”අය්යේ අද සිංහල ඉස්කෝලේ මහත්තයා උගන්නපුවා මොකවත් මට නං තේරුන් නෑ.” ”ඇයි නැත්තේ ? අද මොනාද ඉගැන්නුවේ ? න්ආ ! සිංහල භාසාව ලියන්නේ කෝමද කියනෙකනේ. .මම. නං වාක්කිය .මි. යන්නෙන් ඉවර වෙනවා. .අපි. නං .මු. යන්නෙන් ඉවර වෙනවා.” ”එතකොට අය්යේ .අපි. නං .මු.; න්හා x x x ඒ කියන්නේ x x x x ඔව් ! මට තේරුණා. .අපි x x x කන x x x අඹ x x x ඇයි x x x මෙතරං x x x අමූ. හරි නේද වාක්කිය ?” මලයාගේ උත්තරය මතක් වන විට මොහොමඞ්ගේ දෙතොලට දැනුදු නැඟ එන සිනාව වළකාගත නොහැකි සෙයකි. මොහොමඞ්ගේ අතෙහි උණ්ඩි වී තිබී දැන් ඔහු වාඩිගත් උළුවහු පඩියේ පිටුපසට වී ඇඟමැලි කඩන්නාක් මෙන් නැමුම් පාරවල් දිග හරිමින් සිටි ලියකියවිලි ටික පිටුපසින් ආ බිරිඳගේ අතට ගියේ හොර රහසේමය. හෙමින් සීරුවේ ලිපි ගොනු ටික පෙරළා බැලූ ඇයට තමන්ගේ ඇස් ඉදරියේ මේ සිටින්නේ කව්දැයි කියා සිතා ගත නොහැකි තරමට මලයාගේ රුව බොඳ වී යන සෙයකි, දැනෙන්නට වූයේ. ”අල්ලා දෙය්යනේ !” බිරිඳගේ කෑ ගෑමෙන් අවධි වූ සැමියාට හැරී බලන විට තමන් සැඟ වූ යමක් ඇත් නම් එය තවදුරටත් තම බිරිය ඉදිරියේ රහසක් නොවී ඇති අයුරු අවබෝධ වූයේ ඇගේ අතෙහි සිටගෙන වෙව්ලූම් කන ඔප්පුව දුටු විටය. ”මොකද්දෑ මේකා මේ කරලා තියෙන්නේ ? අනේ දෙය්යනේ ! එතකොට මයෙ දරු පැටව් ටික පාරට බැස්සෙව්වද මේකා ? මං ඒ දවස්සොලම කිව්වා නේද මේ ටික මේ විΩධියටම සිද්ධ වෙයි කියල ? කොහෙද x x x සත්ත කරුණාව දෝරෙ ගලනවනේ.” බිරිඳගේ ප‍්‍රකාශයට විරුද්ධව සිටීමට අයිතියක් මේ වතාවේ ඔහු සතුව තිබුණේ නැත. වෙනදා නම් .මගෙ දරු පැටව් ටික. යන වාසගමම පමණක් ඇයට විරුද්ධව නැඟී සිටීමට ඔහුට ප‍්‍රමාණවත්ය. ”මයෙ දරු පැටව් ටික ? හ්අඃ ඇයි යකෝ එතකොට මලයාගෙ දරුවො කාගෙද ? උන් අපේ නෙවෙයිද ? යකෝ අය්යගේ උණත් මලයගෙ උණත් ඔය එකම ලේ. කටට ආව පලියට වචන කියවන්නෙx” තමන්ගේ දරුවන්ද මලයාගේ දරුවන්ද කෑවේ බීවේ එකටය. නිදා කියා ගත්තේ එකටය. සාලයේ දිගට එලූ පන් පැදුරුවල කුඩාවුන් රවුමට තබා කොත ගැසූ බත් බන්දේසිය මැද්දෙන් තබා රෝස් කළ කුඩා කුකුළා ළං කරන විට කුඩාවුන්ගේ මුහුණට නැඟුණ සිනාවත් සහන් කෑම වේලෙන් පසු ඒ පැදුරුම ගසා දමා සාලයේ මෙහා කොනට වන්නට දිගට එළා කුඩාවුන් ටික පෝළිමට නිදි කර වූ අයුරුත් ඔහුගේ සිතේ ඇඳී යනුයේ අතොරක් නැති සතුට හදවතෙහි අතුරු සිදුරු නැතිව සිරකරවමිනි. ඒ අව්අස්සේ මලයාගේ කුඩා එකා සුන්නත් කළ දිනයේ තමන්ට එදිරිව නැඟූ විලාපය ඔහුගේ දෙසවන්හි දැනුදු දෝංකාර නංවනුයේ උපන් සතුට දෙගොඩ තළා යවමිනි. ”අය්යෝ ත්‍වත්‍වගග ෟ බලන්ඩකෝ අප්පා ත්‍වත්‍ව ෟ මේ ලොකු තාත්තා කියන එකා මගෙ චුය්යා කැපුවා. අප්පෝ ඉන්ඩ බෑ රිදෙනවා. මට චූ කරන්ඩවත් විදියක් නෑ අය්යෝ ! අප්පෝ !” ”එකාතකින් ඌ එහෙම කොරාපු එකෙත් වැරැුද්දක් නෑ. උඹලා රට වටේ ඉන්න මිනිස්සුන්ට අඬ ගගහ ඉඩං කෑලි ටික ලියලා දුන්නා. ඉතිං උගෙ දරුවන්ට කියලත් වැටිලා ඉන්ඩ තැනක් තියෙන්ඩෙපැයිx” බිරිඳගේ වචන ඔහුට නොඇසෙන්නේ ඔහු තවමත් අතීත ස්මරණ අතරේ දෑත් දෙපසට බැඳගෙන හෙමින් සීරුවේ සක්මන් කරන නිසා විය යුතුය. සැමියා තමනට පිටුපා සිටින නිසා ඔහුගේ දොතොල් දිගේ ඇදී ඇති මන්දහාසය ඇයට පෙනුණේ නැත. ඒ පෙනුණේ නම් ඇගේ කෝපය පිට වනු ඇත්තේ මීටද වඩා සැර පරුෂ ලෙසයx ,මට මතකයි ඌ දවසක් ඇවිල්ලා ඔහේගෙන් ඇහැව්වා; අර අම්පාරේ, තමන්නේ අඹු දරුවෝත් දාලා වෙන ගෑනියක් කර ගහන් ආපු අබ්දුල්ලට කාත් කව්රුත් නෑයි කියලා මේ පල්ලැහින් අක්කර භාගයක් දුන්න වෙලාවෙ මයෙ හිතේ, ඇවිල්ලා ඇහුවා දැන් නෑදැයින්ට බෙදලා ඉවර වෙලා ජාතියට ජම්මෙට නැති ආගමක් ධරුමයක් අදහන් නැති එවුන්ටත් දුන්නා නේද ? අය්යේ දැන් අපට කෙහෙන්ද ඉඩං’ කියලා. කෝ කනකට ගත්තැයැ. ඌ බැරිම තැන මාත්තෙක්ක කියෙව්වා .අය්යා හිටාන වාගේ ලෝකෙ රටේ එවුන්ට ඉඩං ලියලා දෙනවා, මටත් කොටහක් දෙන්ඩ කියාපන්’ කියලx ඔහේගෙ හිත රිදෙයි කියලා මං කිව්වේ නෑ. ඒත් ඌ කිව්ව කතාව ඇත්ත. උගේ දරුවන්ටත් වැටෙන්ඩ කියලා තැනක් තියෙන්ඩෙපෑයැ.” අරූප රූපය කොහේදෝ සිට ආයෙත් එබිකම් කරන්නට පටන් ගත්තේය. මෙතුවක් කාලයකට තමන්ට විරුද්ධව වචනයක් කටින් පිට කොට නැති ඇඹේණියගේද කට මෙයාකාර පණ ගසා ඇති සැටි දකින ඔහුට තමන් ගැනම ඇති වූයේ ශෝකයකි. මහා කුණාටුවකට හසුව හතර අතට ඇදගෙන යාමට දැඟළන සුළඟිනුත් ඊතල මෙන් ඇෙඟ් වදින වැහි බිඳුවලිනුත් බේරීමට ඔහු ගන්නා වූ තැත ව්‍යර්ථ වන්නට වියx කුණු ගොඩකින් ඉහළ නැඟුණ සිලි මල්ලක් මෙන් ඔහුගේ මුල් ඉදිරී ගිය ජීවිතය හිස් අහසේ ගසා ගෙන යන සෙයකි ඔහුට දැනුණේ. බිරිඳ කියන කතාවේ කිසිදු වරදක් නැත. තමන් කන්න දුන් අත සපා කෑමට අබ්දුල්ලාට ඒ හැටි කාලයක් අවැසි වූයේ නැත. අම්මාගේ මිනිය පල්ලිය වත්තේ මිහිදන් කොට ආ දිනයේ තමන්ගේ කොස් ගහ අබ්දුල්ලාගේ කුස්සිය පිට කඩා වැටුණ මොහොතේ අබ්දුල්ලා සිය කෘතෝපකාරී ගුණය නොපැකිළව පෙන්වූයේය. ”යකෝ දහ දුක් විඳලා හදා ගත්ත ගේ කෑල්ල. ඒකත් විනාස කෙරුවා. මුන් නං පුදුම ඉරිසියාකාරයෝ. ඔය ගහ මෙහාට ඇලවෙලා තියෙන කොට නිකමට හිතන්ඩ තිබ්බනේ මෙහෙම නස්පැත්තියක් වෙයි කියලා. ත්‍ව ත්‍ව ග” එදා මොහොමඞ්ට ඔහුගේ ගෝරනාඩුව නතර කිරීමට හැකි වූයේ තමන් නෙවරදීම මුළුතැන් ගෙයි අලාභය ගෙවන බව පොරොන්දු වූ ඉක්බිතිවය. ඔහුගේ ගිනි ගත් හිස තව තවත් අවුල් කරන්නට වූයේ අරූප රූපයයි. අල්ලා දෙවියන්ද, සාතන්ද කියා සිතාගත නොහැකි, ක්ෂණයකින් මැවී ඒත් එක්කම මැකී යන පැහැදිලි රූපයක් නොගත් අරූප රූපය ඔහුව බිය වැද්දීමට බලයි. හතර අතින් එබිකම් පාමින් ඔහුට ඔච්චම් පායි. තමන් මුළු ජීවිත කාලයක් කැප කළේ මිනිසුන් වෙනුවෙනි. සමාජය වෙනුවෙනි. තමන්ගේම මලයා වෙනුවෙන්, අක්කණ්ඩිය වෙනුවෙන් ඔහු ගොඩනැඟූ ලෝකය දැන් ඔහු ඉදරිපිටම කඩා වැටී ඇත. සියලූ දේහි අවසාන ඵලය ලෙස හිමි වී ඇත්තේ මහපාරය. ඔහුටත්ල ඔහුගේ බිරිඳටත්, දරුවන්ටත් පිළිසරණට සිටිනුයේ මහපාරම පමණකි. අනෙක් උන් කෙසේ හෝ සුරක්ෂිතව ඇතx හෙරලි ගහ යටින් පහළට ඇදෙන ගල් පඩිපේළිය දිගේ තකහනියේ දුවගෙන එන අක්කණ්ඩියගේ රුව දුටු මොහොමඞ් තමන්ගේ අසරණභාවය පසෙක තබා නැඟී සිටියේ අක්කණ්ඩියට සිද්ධ වී ඇති විනම්බෑසිය කුමක්දැයි කියා දැන ගැනීමටය. මඳක් ලෙඩ ගතියෙන් සිටිමින්ම වුවත් අක්කණ්ඩිය මේ ලෙස කඩා බිඳගෙන එනුයේ එකත් එකටම මොකක් නමුත් නරක ආරංචියක පණිවිඩයක් අතැතිව බව ඔහුට සිකුරුය. හිස වසාගෙන සිටින පර්දාව පහත වැටී ඇති නිසා ඔහුට ඇගේ මුහුණේ ඇති වියරුව ඈත තියාම දැක ගත හැකි වියx හදිසියේ නැඟී ආ කුණාටු සුළඟක් ගහ කොළ එකා පිට එකා පටළවමින් කෑ ගසන්නට ගත්තේයx අවසන් ගල් පඩියේ බැදුණ සාරි පොට නිසා පය පැකිලී වැටීමට ගිය අක්කාගේ උදව්වට ඔහු අත පෑවද ඇය සැපින්නක් මෙන් ආපසු පැන ඔහු දෙසට පුච්චා දමන බැල්මක් විද්දාය. ඒ බැල්මත් සමඟ ත‍්‍රස්ත වී ගිය ඔහුගේ වදන් වැල උගුරෙහි පැටළී දඩ දඩ ගා උගුර පල්ලේ වැටෙන්නට ගත්තේය. දෑත විසින් කළ උදව්වත් සමඟ ඔහුගේ දෙතොල් වෑයමෙන් වචන දෙක තුනක් එළියට වීසි කළේ කෝපයෙන් වියරුව සිටි අක්කා මරලතෝනී දී අඬන්නට ආයාස ගන්නා විටය. ”ඒ ත්‍වගග ඒ පාර මොකද මයෙ අක්කේ ? මොකද වූණේ ?” මලයාගේ වචන ටික අක්කාගේ කතාවට ඇරයුම් කළ සෙයකි. මුළු පරිසරයක් විදගෙන හතර අතේ දිව යන්නට වූ ඒ වදන් අස්සේ ඔහුට පෙනුණේ තමන් දෙස බලාගෙන ඔච්චම් පාන අහසේ එල්ලී ගත් අර අරූප රූපයයි. ”හ්අඃ මොකදත් අහනවනෙ තව ලැජ්ජා නැතුවx යකෝ ෟ උඹ හිටානා වාගෙ දේපොළ බෙදලා දෙන්නේ මගෙන් අහන්ඩ තිබ්බෙ නැද්ද නිකමටවත් ? මේ ඔක්කෝම බූදලේ උඹේ කියලද හිතන් ඉන්නේ ? ඇයි මං වැඩිමල් සහෝදරී කියල අමතක වුණාද ? සබ්බ සකල මනාවම මලයට ලියලා දුන්නාම කොයි මට ? මං අර කෙල්ලට මොනා හරි දෙන් නැද්ද ? උඹ හැමදාම කෙරුවෙ මලයටමයි. තවත් ඉවර නැද්ද ඒ කෙරිල්ල ? මට නොතාරිස් රාළහාමි කියන කල් මං හාන්කවිසියක් දන්නෙ නෑ. කෝච්චියෙන් බැස්සයි කියන ආරංචියට පාර දිහාට ගියාම තමා දැන ගත්තේ මාව බලන්න නෙමෙයි නොතාරිස් මුණ ගැහෙන්නයි ඇවිත් තියෙන්නේ කියන විත්තිය. මදැයි මයෙ මහ ලොකු සහෝදරයාx හ්අඃ මං නොතාරිසාටත් හොඳවයින් දෙකක් කියලයි මේ ආවෙ, එකතු වෙලා ගහන ගැට අහුවුණ විත්තිය දැනෙන්ඩත්තෙක්ක. හනේ අල්ලා දෙය්යනේ ෟ ඇයි මට මේකුන් මෙහෙම සලකන්නේ ? ඇයි දෙය්යනේ හැමදාම මාව මේ විධියට විභාග කොරන්නේ ? ඉස්සෙල්ලාම මාව කණවැන්දුන් කෙරෙව්වා. ඊළඟට මල්ලිලාගෙ අතපල්ලේ වැටිලා ජීවත්වෙන්ඩ සැලැස්සුවාx මයෙ රත්තරන් කෙල්ලට බලෙන්ම වාගේ ඔහෙ මොකෙක් හරි එකෙක් එක්ක යන්ඩ සැලැස්සුවාx ඉතිං ඒ මදිද ? තවත් ඇයි මේ x x x x ” මොහොමඞ්ගේ සිරුර අක්කාට පිටුපා ගෑටූයේ හෙරලි ගස දෙසටය. සුළු මොහොතකට පෙර ඇති වූ සැඩ පරුෂ කුණාටු සුළඟ විසින් සොලවනු ලැබූ ගසේ ඉදුණු කොළ මුළු මිදුලක්ම වසාගෙන තිබිණx එක රොත්තට වැටී සිටි කොළ ගොඩක් මත තැබූ මොහොමඞ්ගේ පාදයක් ලිස්සා ගියේයx ඇතිව ගිය වේදනාවත් සමඟ ක්ලාන්ත වීමට මෙන් ගිය සිරුර ඔහු හෙරලි අත්තක එල්ලා දැමුවේ බිමට වැටීමෙන් බේරීමටය. ගසෙහි එල්ලූ පරඬලාවක් මෙන් සුළඟින්ද පැද්දෙන්නට වූ ඔහුගේ අප‍්‍රාණික සිරුර ප‍්‍රකෘති සිහිය කරා ඒමට දැඩි උත්සාහයක් ගත්තේය. එහෙත් හෙරලි ගසෙහි කොළ අස්සේද සිට එබී බලන අර අභූත රූපය ඔහුගේ සිරුර තව තවත් මලානික කොට දැමුවේය. ඔහු අක්කණ්ඩියගේ දියණියට රුපියල් ලක්ෂයක දෑවැද්දකුත් සමඟ එම කසාදය කොට දුන්නේ අම්මාගේත් දුවගේත් දෙදෙනාගේම කැමැත්තට අනුවයx අක්කාගේ දියණියට වඩා වැඩිමහලූ වූ තම දෝණිය ගෙදෙට්ට නාකි වෙනවායි කියා බිරිඳ නැඟූ චෝදනාවට එදා ඔහු කන් දුන්නේ නැතx ”හැමදාම සහෝදරයො ගැනම බලනවා මිසක්කා අපේ ළමයින්ට යන කල දවසක් හිතන්නැද්ද ඇත්තටම ?” එදා ඔහු බිරිඳගේ කට වැසුවේ ”න්හා ! න්හා ! එව්වා මං බලා ගන්නංx එව්වට ගෑනු අතදානඩෝන්නෑ”යි කියමිනිx එහෙත් අද වන විට ඔහුට සිදුව ඇත්තේ ගෙදරට නාකි වන දෙවැනි දියණිය දෙස බලා දෑවැද්දක් නොමැතිව ගෑනු නොගන්නා පිරිමි සනුහුරේටම දෙස් දෙවොල් තබන්නටත් එවන් දෑවැදි ක‍්‍රමයක් හඳුන්වා දුන් දෙවියන් වහන්සේට දොස් නඟන්නටත්යx ඔහු ඒ වතාවේ අක්කාට යුතුකම් ඉෂ්ට කළේ අවුරුද්ද පුරා කෑමට බත සැපයූ එකම කුඹුරු කෑල්ලද උගසට තබමිනිx ‘ ඕක තියලා ආයෙ ගෙදෙට්ට වියට ගෙඩියක් ගන්නේ මොකෙන්ද ?’ කියා බිරිඳ කළ මැසිවිල්ල ඔහු ඒ මොහොතේද ගසා දැමූයේ බිරිඳ දෙසට පිච්චී යන බැල්මක් එල්ල කරමිනිx කෙසේ වෙතත් එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ ඔහුගේ ලොකු දෝණියට ඈ තරම්ම වයසක සිටි දෝණියකට කුඩම්මා වෙමින් කසාදය ඇරුණ මිනිසෙකු හා විවාහ වීමටයx වරක් බැලූවකු දෙවැනි වතාවටද හැරී බලන තරමට ලස්සන වූ තමන්ගේ දෝණිය ඒ තරම් වැඩිමහලූ අවලස්සන මිනිසෙකුට කරකාර දීම ගැන ඔහුගේ සිත අදද ඔහුට දොස් කියයිx එහෙත් දෑවැද්දක් නොසෙවූ පිරිමියෙකුට කියා මොහොමඞ්ට මුණ ගැසුණේ ඔහුම පමණකිx ඒ කුඹුරු කෑල්ල උගස් කොට ගත වූයේ එක කන්නයකි; හැන්දෑ වන විට තකහනියේ ගෙදර අහුමුලූ සොයා දුව එන අන්ධකාරය මෙන් අගහිඟ ගෙදරට දිව ආයේ නැවතිල්ලක් නොගෙනයx උකුළේ ගසා ගත් කළගෙඩිය පිට වැටුණ සල්වාරි පොට හදමින් ගෙට ගොඩ වන දෙවැනි දෝණියගේ රූපය දැන් ගෙදරටම වැහැරී ගොසිනිx දෑවැද්දෙන් හොඳටම හෙම්බත් වී ඒ වචනය ඇසීමට පවා අකමැති වූ නිසා ඈ ගැන ඔත්තුවක් කතා කිරීමටවත් තාත්තා ඉදිරිපත් වූයේ නැතx ඒ අකලට වියපත් වන දෝණියගේ මුහුණ දෙස බැලූ ඔහුට හැඬුම් එන්නට වූයේයx ඒත් එක්කම දියණියගේ දහඩියෙන් වැසී ගිය රැුළි වැටුණ තෙහෙට්ටු මුහුණ මත මතු වී ගත් අර අරූප රූපය ඔහුගේ දෙනෙත් ක්ලාන්ත කොට දැමුවේයx අම්මාගේත් නැන්දාගේත් රණ්ඩුව දෙස ඇරී ගිය කටින් යුතුව බලා සිටින දියණිගේ අරූප රූපය පැළඳගත් මුහුණ දකින තාත්තාගේ මුහුණට ගොඩ වූයේ උපහාස සිනාවකිx අක්කණ්ඩියගේ මොර ගෑම මත ගල් වැස්සක් වස්සන්නාක් මෙන් පතිත වන සිය බිරිඳගේ වදන් ඔහුගේ කන වැකුණේ නැත. නෑනලා දෙදෙනාගේ කෙස්වලූ පටළවා ගැනීම ඔහුට දැනුණේ තමන් නොදන්නා දෙදෙනෙකු අතරේ සිද්ධ වන, තමන් නොදන්නා තැනක සිද්ධ වන ගෝරියක් ලෙසිනි. ඔහුට පැහැදිලිව ඇසුණේ ඈත වංගුව ගනිමින් හූවක් තැබූ කෝච්චියේ හඬ පමණකි. ඒ හඬ ආශිර්වාදයක් කොටගත් ඔහු රේල් පාර දෙසට ගමන් කළේ මෙතෙක් වේලා තමන් පස්සේ හඹා එමින් තමන්ට ඔච්චම් පෑ ඒ සුපුරුදු අරූප රූපයට තමන් විසින් ඔච්චම් පාමිනි. ප‍්‍රාණය සිඳී ගිය මොහොමඞ්ගේ සිරුර රේල් පාර දෙසට ගාටන විට හිස ඔසවා බැලූ හෙරලි ගස ඈතින් එන කෝච්චිය දැක බුර බුරා එන සුළෙඟ් පොරබදමින් දඟළන්නට වූයේ මායම් වන කලෙක මෙනිx

No comments: