UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: නවාතැන

Wednesday, December 11, 2013

නවාතැන

නවාතැන රංගන පේ‍්‍රමනාත් සුපුරුදු පරිදි බෝ ගහ ළඟින් බසයෙන් බැස්සේයx එහෙත් තවමත් ඔහුගේ හිසෙහි බමණ ගතිය පහව ගොස් නැත. ඊයේ වුවමනාවට වඩා පානය කිරීම ගැන ඔහුට ඇති වූයේ තරහකි. ඒ වැඩි හරිය තවත් උගුරට එනුයේ ඔක්කල්ලාවට මෙනි. ටිකක් ප‍්‍රමාද වී ඇහැරුණ නිසා දේශනයට යාම ප‍්‍රමාද වූයෙන් ඔහුගේ ගමන වෙනදාට වඩා කඩිසර විය යුතුය. එහෙත් ඔහුගේ දෙපා පමණකි කඩිසරව ඇත්තේx කොතෙක් ගියද සිරුර එතැනමය. අමාරුවෙන් කරගෙන ගිය හදිසි ගමන අතරමඟ ඇන හිටියේ බෝ ගහ හන්දියේ ඊයේ නොවූ සුදු කොඩි වැල් පේළියක් අද වන විට පැන නැගී ඇති බව දැකීමෙනි. මඟුල් ගෙදරක් සරසන්නාක් මෙන් ඉතා අලංකාර ලෙස කැටයම් කැපූ කොඩිවැල් ටික හදිසියේම පැන නැංගේ කා වෙනුවෙන්දැයි යන්නට ප‍්‍රථම ඔහුට සිතුණේ මෙතරම් ඉක්මණට, මෙතරම් අලංකාරවත්ව පැන නැගුණේ කෙසේද යන ප‍්‍රශ්නයයි. දින ගණනක් තිස්සේ ලෑස්ති කොටගෙන සිටි කලෙක මෙන් අලංකාරව එල්ලා ඇති කොඩි වැල්ද සුළෙඟ් නටනුයේ ශෝචනීය බවක් ප‍්‍රසූත කිරීමට සිතා නොව සන්තුෂ්ටිය ජාත කිරීම පරම අධිෂ්ඨානය කොට ගත්තාක් මෙනි. සුදු කොඩිවැල් අතරේ ඊට ඉහළින්ම පිහිටන සේ ගල් කැට දෙකක් එල්ලා ඇද දමා ඇති සුදු රෙද්දේ ලියා ඇති .පේරාදෙණියේ ත‍්‍රීවිල් සංගමයේ බලවත් ශෝකය. යන වාසගම ඔහු කියවූයේ ‘ත‍්‍රීවිල් කොල්ලන්ගේ ශෝකය අර අහවල් දේකටද ?’ යන පැනය යටි සිත විසින් නඟද්දීමය. විශ්වවිද්‍යාලයට යාම ඉක්මන් වුවද ඔහු නතර වී ඒ ගැන සොයා බැලීමට සිතුවේ මොකක් නමුත් අඩුවක්, අමුත්තක් පරිසරයේ සිද්ධ වී ඇති බවක් හැඟුණ නිසාය. වෙනදා තමන් බසයෙන් බසින විටම මෙන් තමන් ළඟට ත‍්‍රීවිලරය ගෙනැවිත් නතර කරන බන්දුල අද තවමත් පැමිණියේ නැත. විශේෂයෙන් අද තමන් ප‍්‍රමාද වී ඇති බව බන්දුල දැන ගනුයේ තමාටද පෙර බව ඔහු දනී. බන්දුල ඔහුගේ හෝරා මාපකය තරමටම ඒ කර්තව්‍යය හා සමීප වී ඇත. එහෙත් අද ඔහු ආවේ නැතx එතැන වූයේ හිස් බවකි. .සමහර විට බන්දුලගෙ තාත්තවත් අන්තරා වුණාද දන්නෑ. ලෙඩ ගානෙ ඉන්නවයි කියලනේ මට කිව්වේ. පව් හොඳ කොල්ලා. බයක් හැකක් නැතුව කිව්වැහැකි, අවංක හදවතක් තියෙන කොල්ලා.’ සිත නැඟූ හේතු සාධකයක් පෙරටු කොටගෙන ඔහු ත‍්‍රීවිල් නැවතුම දෙසට පා එසවීය. ඔහුගේ රුව එන දෙස බලා ත‍්‍රීවිල් කොල්ලන් දෙතුන් දෙනෙකු හරි බරි ගැසුණේ තමන් අනෙක් හැමෝටම වඩා උපරිම සේවය සුඛෝපභෝගීව සපයන බව ප‍්‍රකාශ කිරීමට මෙනි. එහෙත් ඔහු ළං වන්නට ළං වන්නට ඒ කව්දැයි හඳුනා ගත් කොලූ වටය තමන්ගේ දඬු මොණරවලින් එළියට බසින්නට වැඩි වේලා ගත්තේ නැත. ”කෝ බන්දුල ? මොකෝ මේ සුදු කොඩි එල්ලලා ?” ”සර් බන්දුල x x x x ” එක්වැරම පිළිතුරු දීමට තැතනූ රියදුරන් දෙදෙනෙක් මුහුණින් මුහුණ බලා ගත්තෝ කතාව නතර කරමිනි. දෙදෙනාගේම කට හඬ ඇන හිට බලා සිටියේ අනෙකාට අවස්ථාව දීමටය. එහෙත් නැවත කතා නොකරන තරමට දෙදෙනාම නිහඬ වූ තැන වෙනත් එකෙකුය නැවත කතාව පටන් ගත්තේ. එහෙත් ඒත් එක්කම පරණ එකෙක්ගේ කටද අවධි වූයෙන් නැවතත් ඇතිව ගත්තේ විරාමයකි. දෙවැනි එකාගේ කට පළමු එකාටම ජයග‍්‍රහණය හිමි කොට දී පසෙකට වූයේ මුහුණ නඟා ගත් නුරුස්නාවක්ද සමඟිනි. ”සර් බන්දුල ඊයේ ? එල්ලිලා මැරිලාx මේ x x x ?” ”මොනවා !” පේ‍්‍රමනාත්ගේ කටින් පිට වූ වචනයේ දෝංකාරය බෝ ගසෙහිද තී‍්‍ර රෝද රථවලද හැපී එකතැනම කැරකෙන්නට විය. රියදුරා විසින් දෙනු ලැබූ ආරංචිය උඩ යට පෙරළමින් ඔහු නැවත නැවතත් තමා ළඟ තබා ප‍්‍රශ්න කරන්නට වූයේ ඒ දෝංකාරය අතරේමයx එය සිදු විය හැක්කක්දැයි යන්න තහවුරු කොට ගැනීමට ඔහුගේ සිත හේතු සාධක සොයන්නට ගත්තේය. අවසානයේ පිටව ගිය සුසුමකුත් සමඟින් සැබවින්ම එය සිදුවිය හැක්කක් බව ඔහු තීරණය කළේ ඉකුත් දා සවස බන්දුල තමා සමඟ දෙඩූ වචන ටික සිහි කොටගෙනය. ‘ඇත්තටම මිනිහා ඊය්යේ කියවාගෙන ගියේ මරු විකලෙන් වාගෙ. ෂිඃ මට මොළේ කල්පනා උන්නැති හැටියක් හැබෑටx’ ”දැන් මට මැරුණත් කමක් නෑ සර්x ඇත්තටම දැන් මං මැරෙන්න බය නෑ. මට හිතෙනවා මේ තමා මගෙ ජීවිතේ නවාතැන කියලාx මට මේ ලෝකෙ අවංකව හිටියෙ සර් විතරයි. ඉතිං මට බෑ සර්ට කපටිකොමක් කොරන්න. මං ඒ දේ කෙරුවා. ඔව් මං සර්ට කපටිකොමක් කෙරුවාx ඒත් මං හිතකින් නෙමෙයි ඒක හැංඟුවේ. මේ ජීවිතේටම එකම එක දෙයයි මං සර්ට හැංගුවේ. ඒ ඒකx ඒත් දැන් ඒකත් ඕන්න කීවා. සර් මට සමාව දෙයි ඒක මං මෙච්චර කල් හැංගුවාටx හිතන්ඩ සර් මං කොහොමද ඒක කටක් ඇරලා කියන්නේ ? ඒක කිව්වා නං මට සර්රුත් නැති වෙයි. කොහොම වුණත් අද මට සර් නැති වුණාට කමක් නෑ මං මගේ ජීවිතේ නවාතැනකට ඇවිල්ලාx, බන්දුල ඒ වදන් කියූවේ දෙනෙතේ පුරුවා ගත් කඳුළින් බව පේ‍්‍රමනාත්ට සිහි වනුයේ දැන්ය. අඳුරු වලා පටලයකින් වැසී ගිය චන්ද්‍රයා දකින්නාක් මෙන් ඔහුට ඒ පිළිබඳ මතක් වනුයේ බොඳ වී ගිය අතීත සිතුවම් ගොන්නක් තුළිනි. ඊයේ හැන්දෑවේ තමන් වැඩ ඇරී ආවේ හතර ගාතයෙන් බව සිහි වන විට ඔහුට දැනුණේ ශෝකයකි. තමන් ගැනම තරහවකිx ‘ෂිඃ ඊයෙ මං නොබී හිටිය නං x x x එහෙනං මට බන්දුලව බේරා ගන්න තිබ්බා.. ”සර්, සර්ට වාගෙම අපිටත් හිතට අමාරුයි. ෂිහ්ත කියලා වැඩක් නෑ මරු බොක්ක. සර්ට කියන්ඩ x x x ඕනෑ ?ක; ඕනෑ හෙල්පෙකක්, සුටුස් ගාලාx ආය සිරා පොරx දානෙට, මළගමට, පන්සලට, පල්ලියට, බාරෙකට කොතෙන්ටත් එකයි. කියූ සැණින් ඔන්දස්පොට් තමාx සර්ගෙ ෆ්‍රෙන්ඞ් වුණාට පස්සෙ මිනිහා ගොඩක් වෙනස්සුණාx හොඳට හැදුණා වාගෙම මිනිහා කතා කෙරුවෙම බරපතල වචනx ‘මං කැමතියි බං ෆුල් ඕපන් මෑන් කෙනෙක් වෙන්නx ඒත් දැන් ඒකට පරක්කු වැඩියිx දැන් මං මගෙ මේ ජීවිතේ නවාතැනට ඇවිල්ලයි ඉන්නේ’ ඕන් ඔය වාගෙ විකාර නෑ මං කීවෙ ඔය වාගෙ බරපතල දේවල් තමා කියෙව්වේx” ත‍්‍රීවිල් රියදුරා කරන කතාව පේ‍්‍රමනාත්ට එතරම් නිනව් නැත. ඔහුගේ සිතුවිලි බන්දුල සමඟ අතීතය කියවමින් තනිව ඇති අතර දෙනෙත් තමන් ඉදිරියේ තිබූ ඊයේ ලෝකය සිතුවම් කරමින් සිටියේය. ඔහුට පෙනෙනුයේ කතාවත් සමඟ එහා මෙහා වන බන්දුලගේ අත පයයි. කඩි කුලප්පුව හැදුණාක් මෙන් එක තැනක සිට ගත නොහැකිව දඟළමින් කතා කරන ත‍්‍රීවිල් කොල්ලාය ඔහුට ඉවරයක් නැතිව පෙනෙන්නට වූයේ. කනෙහි කරාඹුව ඔහුගේ කතාවට අනුව සෙලවෙනුයේ කව්රුන් හෝ අදින විට සෙළවෙන පන්සලේ ඝණ්ටාරය මෙනි. එහෙත් එය ඝණ්ඨාරය නඟන හඬ පිට නොකරයි. රන්වන් පාටක් ගත් සම වසා සිටින අත් කොට බැනියම දෙබාහු පුපුරුවා ගෙන එළියට ඒමට තතනයි. හොඳින් වැඞී ගිය මස් පිඬු සහිත සිරුර උසේ පමණට ගැළපෙන සේ මහතින්ද යුතු වෙයි. බලෙන් කැරලි ගැසූ කොණ්ඩයට ආත්ම ගණනාවකින් පනාවක් කිට්ටු නොකළ සෙයකි. නළලට දමාගෙන සිටින පෙම් රැුල්ල සුළඟ විසින් ඔසවන විට ඔහුගේ මුහුණ සතුටින් පිම්බෙයි. තඹ කොට ඇති හිසකෙයා ඉර බැස යන පෑළ දිග අහසේ පැතිරී සිටින වලාකුළු සිහි ගන්වයි. මස් පන්නා ගත් දෑතෙහි මැණික් කටුව හරියේ ගැට ගැසූ බන්ධන රාශියකි. කළු, රතු, කහ, කොල, සුදු ඈ විවිධ වර්ණ සහිත නූල් පන්දු ගණනාවක් ඔතා ඇති අත් ගොබය එම බන්ධනවලින් පැන අත්ල කෑල්ලට ලේ සම්පාදනය කරන්නේද යන්න ඔහුට සැකයකි. ”මේ මල්ලී, බැරිවෙයිද මට නවාතැනක් හොයා ගන්න ? මේ අහල පහළින් නතර වෙන්න පොඩි කාමර කෑල්ලක්.” බන්දුල සමඟ ගනුදෙනු වූ පේ‍්‍රමනාත්ගේ පළමු පැනය වූයේ එයයි. එදා ඔහු ඇසූ වචන වන නවාතැන යන්නමය බන්දුල අවසාන මොහොතේ පේ‍්‍රමනාත් ඉදිරියේ ඉවසිල්ලක් නැතිව පාවිච්චි කළේx ”මං මගේ ජීවිතේ නවාතැනට ඇවිල්ලාx” ”බොස් අදට විතරද ? නැත්තං හැමදාටමද ?” මුව පුරා දුවන කෙළිලොල් සිනාවක් සහිතව ඔහු දුන් පිළිතුර වූයේ එයයි. ඒ උත්තරය සිහි වන විට එදා පේ‍්‍රමනාත්ගේ මුව පුරා ඉගිල ගිය සිනාව අදද ලෝඹ නැතුව උඩු දුව යයි. ඒ උත්තරය තුළ ගැබ් වූ බුද්ධිමත් බව, විහිළු බව, උපහාස බව ඔහුට එකිනෙක තෝරා බේරාගත නොහැකි සේ පොර බදන්නට විය. සැබවින්ම ඔහු එදා සිතුවා නිවැරදිය. තමන් හඳුනා ගත් පසු ඔහු තමන් එදා ඒ කියූ දෙය හරි බව අවබෝධ කර ගන්නට ඇතුවාට සැක නැත. මන්ද පේ‍්‍රමනාත් සතියකට වරක් බැගින් ගැහැනුන් ගෙන ගොස් රැුය පහන් කරන කාමර දවසින් දවස වෙනස් වූ හෙයිනි. එහෙත් සැබවින්ම එදා නම් පේ‍්‍රමනාත් ඇසුවේ මාස් කුලිය ගෙවා ගෙන සිටීමට සුදුසු ස්ථිර නවාතැනකි. ”නෑ, මං හොයන්නේ හැමදාටම ඉන්න.” ” ඕකේ බොස්. සිම්පල්නේx මං සෙට් කරල දෙන්නං. බොසාට ඕනෑ ටයිම්මෙකක, ඕනෑ ටයිප්පෙකටx මං කිව්වෙ කකුල් දෙකෙන් නං දෙකෙන්, හතරෙන් නං හතරෙන්, හවස තුනට නං එහෙම, ? දොළහට - එකට නං, ඒත් එහෙමx ඕනෑ වෙලාවක එන්න යන්න පුළුවන් සිරා පොට්ටෙකක් මං දන්නවා.” එදා කිවූ පරිදිම පසුවදා වන විට ඔහු පේ‍්‍රමනාත්ට සෙට් කර දී තිබුණේ සිරා පොට් එකකි. පේ‍්‍රමනාත්ට පොට් එක සිරා වූයේ කාගේවත් ඇඟිලි ගැසීමකින් තොරව පාඩුවේ සිටිය හැකි වයසක දෙදෙනෙකු සිටින ගෙදරක පිටුපසින් වෙනම කොටසක් සේ ඇද ඇති කුඩා කාමරයක් තමන්ගේ නවාතැන වූ හෙයිනි. මහා විශාල කාමරයක් ඔහුගේ හිතට කවදාවත් නෑල්ලූවේ තියා ගැනීමට කියා මහා ලොකු වස්තුවක් ඔහු සතු නොවීමත්, ඔහු තනි පුද්ගලයෙකු වීමත් නිසාය. කෙසේ වෙතත් නවාතැනත් සමඟම ඔහුගේ ගමනාගමන ප‍්‍රශ්නයද විසඳීම වාසනාව පෑදීමක් බඳු විය. ඒ ගෙදර නතර වූ දා සිටම සුවච කීකරු ලෙස තමන් කියන ඕනෑම වැඩක් කරන, කියන පමාවට තමා සොයා එන ගෝල බාලයෙකු වූ බන්දුල නම් රියැදුරාගේ දඬු මොණරය ඔහුට එක අඩියක් පයින් යන්නට ඉඩ නොදුන්නේය. ”බොසා කොහෙද වැඩ කරන්නේ ?” ”මංද ? මං විශ්වවිද්‍යාලෙනේx ආර්ට්ස් ෆැකල්ටි එකේ ලෙක්චර කෙනෙක් මම.” එදා පේ‍්‍රමනාත්ගේ වංහුං දැන ගත් පසු බන්දුලගේ කටින් පිට වූ සුපුරුදු වදන් වැල වෙනස් වී ගත්තේය. ඒ හඳුනා ගැනීමත් සමඟ ටික දවසක් යන තෙක් බයාදු ලෙස ආයාසයෙන් මෙන් තතන තතනා වචන ගැට ගැසූ ඔහුගේ සුහද ආමන්ත‍්‍රණය වූ .බොසා. යන්න ‘සර්’ දක්වා මැරු වී ගොස් ඇති අන්දම පේ‍්‍රමනාත්ටද වැටහුණේ ටික දිනක් ගෙවී ගියාටද පසුවය. ”සර්ට නෝනලා, දරුවො එහෙම නැද්ද ?” ”ඇයි නෑ වාගෙද පේන්නේ ? ඉන්නවා, ඉන්නවා. ඒ ගොල්ල කොළඹ ඉන්නේx තමුසෙ හරියටම මං ගැන දැනගෙන වාගෙ නෙවැ කතා කරන්නේ. නැත්තං නෝනලා කියලා අහනවැයි. ඔව් අයිසේ, මට නෝනලා තමයි ඉන්නේ. මේ සතියක් තිස්සේ කොහොමද බං මෙහාට වෙලා වේලි වේලි ඉන්නේ. අපිත් කන බොන මිනිස්සුනේ බං. මං ඉතිං එහෙමයි කියලා ගෙදෙට්ට අඩුවක් කරන්නේ නෑනේ. එව්වා ඒ ආකාරයි, මෙව්වා මේ ආකාරයි. මං ඉතිං ඔය සතියේ දවසක නිවාඩුවට තමා ගෙදර යන්නේ. පේරාදෙණියෙ ගෙයක් දොරක් හදාගන්නත්තෝනැ. ඒත් බං මට ඉතිං වෙලාවකට ඔව්වා ඔය තරං මොකටදත් හිතෙනවා.” ”ඔව් නේද සර්, ඒ ඒ බනිස්ඔලට ඒ ඒ කෙසෙල් ගෙඩි කිව්වලූනේ.” ”ආන්න තමුසෙට තේරෙනවා. බං මං මෙහෙම හිටියට ගෙදර ගියාම අලූත බැන්දා වාගේ. ළමයි ඉන්නවා තමාx උන් ඉන්නවා කියලා වැඩි දෙයක් හංගන්නෙ නෑ ඉතිං. ඇරත් ළමයි ඉස්කෝලෙ ගියාමනේ මං ගෙදර යන්නේ. ඉතිං අපිට බං ලවක් දෙවක් නෑ. පඩි පෙළත් එකයි නිදි යහනත් එකයි. ඕකට ඉතිං ඇඳම ඕනැන් නෑ.” පේ‍්‍රමනාත් මහතාගේ කතා බහ බන්දුලට අල්ලා ගොස් ඇත. තමන්ගේ සිරියහන් ගබඩාවේ රහස්‍ය දේ පවා කිසිදු හේතුවක් නිසාවත් නොහංගන පේ‍්‍රමනාත් ඉදිරියේ ටිකෙන් ටික ඔහුගේ පෞද්ගලිකත්වයද දිගහැරෙන්නට වැඩි කල් ගියේ නැත. ක‍්‍රමයෙන් කොළඹ නගරයෙන් බැස ගෙදර යන පේ‍්‍රමනාත්ගේ අතෙහි එල්ලෙන කඩල, ඇපල්, මිදි සහිත පාර්සලය හා සමාන වූ පාර්සලයක් ආපසු එන ගමනේ පේරාදෙණියෙන් බසින අතේද එල්ලී සිටියි. ”න්ආ ! බන්දුල මේක ගිනිහිං පොඩිවුන් දෙන්නාට දීපන්. කොහොමද නෝන මහත්තයා එහෙම සනීපෙන්ද ?” ”ඔව් සර්, හොඳින් ඉන්නවා. පොඩිවුන් දෙන්නා අතරේ අවුරුද්දක විතරනෙ පරතරේ. ඉතිං ටිකක් කරදරයි. ලොකු පුතා හම්බුණේ බැඳලා අවුරුදු ගාණක් ගියාට පස්සෙනේ.” ”න්හ්ආ එහෙමද ? ඒකට බං අපේx මෙහෙන් ගහන කොට අහරෙන් මතුවුණා. බැඳලා දවස් දෙකයි තුනයි, සුටුස් ගාන කොට වැඬේ හරි.” සිනා සී බිම බලා ගන්නා බන්දුල ත‍්‍රීවිලරය ගෙනැවිත් ඔහු ඉදිරියේ නතර කරයි. ¥විලි වලාවන් අතරේ නොපෙනී යන ‘පුංචි මෙමට ඉඩක් දෙන්න’ යන දැන්වීම සහිත ත‍්‍රීවිලරය එක් තැනකදී නතර වෙයි. ඒ නෙයිනගේ කඬේ ළඟය. පේ‍්‍රමනාත් දකින විටම දඩි බිඩියේ ගෙට රිංගන නෙයිනා වට පිට හොරැුහින් බලමින් පැමිණ පේ‍්‍රමනාත් මහතා ඉදිරියේ පත්තර කිහිපයක් අල්ලයි. ආවාටද වැඩි වේගයකින් ආපසු කඩයට රිංගන ඔහු කිසිදු ගනුදෙනුවක් සිදු නොවූ කලෙක මෙන් සින්දුවක්ද කියමින් අලූත් ගනුදෙනුකරුවන් එන තෙක් බලා සිටියි. පේ‍්‍රමනාත් මහතාගේ බිල බන්දුල අතේ යැවෙනුයේ මාසය අවසානයේය. නෙයිනාගේ කඩය ළඟින් ත‍්‍රීවිලරය පිටත් වූ මොහොතේ පටන් පේ‍්‍රමනාත් මහතාට වෙනත් දෙයක් ගැන සිහියක් නැත. රසකැවිල්ලක් අතට හසු වූ පොඩි එකෙකු මෙන් පත්තරයටම එබී ගන්නා ඔහුගේ දෙනෙත් බන්දුලගේ විධානය ලැබුණ විටය අවධි වනුයේ. ”සර් ! අපි බෝඩිමට ආවා.” ”හ් ආ x x x ඔව් නේද ? කොහෙද ඉතිං. බන්දුල තමුසෙට මේකෙ හංගන්න දෙයක් නෑ නෙවෑ. න්ආ x x x තමුසෙත් ගෙනිහින් බලනවා. මං ඔය පත්තර කලාව ගැන පොතක් ලියනවා. ඒකයි ඔව්වා එකතු කොරන්නේ. නැති කොරන් නැතුව ගේනවා ආපහු. පොඩිවුන්ට අහුවෙන්ඩ තියන්ඩෙපා. බං කුණුහරුප පත්තරේක වුණත් තියනවා ගන්ඩ දෙයක්.” පළමු දිනයේ වෙව්ලන අතින් විත් ත‍්‍රීවිලරයේ අඩුම කුඩුම දැමීමට ඇති කබඞ් එකේ සැඟවුණ ‘සරාගී’ පත්තරය දින දෙක තුන යන විට පැමිණ තැන්පත් වූයේ ඉතාමත් ආශාවෙන් කිසිදු ප‍්‍රමාදයක් නොගෙනය. ඒ දෙන පත්තර එකක් නෑර ආපසු ලැබෙනවාද කියා පේ‍්‍රමනාත්ට හරියට සිහියක් වූයේ නැත. පේ‍්‍රමනාත් විසින් ඔහුට තෑගි ලෙස දෙන තමන්ගේ කර්තෲත්වය යටතේ වූ කෙටිකතා, නවකතා අතර ඒ පත්තරද සැඟවෙන්ට ඇතුවාට සැක නැත. සතියකට වතාවක් කෙල්ලෙකු ඩැහැගෙන හෝටල් කාමරයකට යන පේ‍්‍රමනාත්ගේ ගමනට උදව් වූයේද බන්දුලගේ දඬුමොණරයම මිස අනෙකෙක් නොවේ. මේ කීකරු සේවකයාගේ සාක්කුව ටිකක් බර කිරීමට ඔහු සිතුවේ කාටවත් මෙම රහස නොකියන ලෙසට දෙන අල්ලසක් ලෙස නොවේx ඔහුට මෙය කව්රුන් හෝ දැන ගත්තායි කියා ප‍්‍රශ්නයක් නැතx ඔහු බන්දුලට මුදල් දුන්නේ ‘පව්, අහිංසකයාට උදව් කරන්නෝනැ’ කියා සිතාගෙනයx ”මෙච්චර අවංකව කතා කරපු, වැඩ කරපු සර්ට මං මේක හැංගුවට සමාවෙන්ඩෝනෑ. සර් මට ලස්සන ගෑනියක් ඉන්නවා තමයි. දරුවෝ ඉන්නවා තමයි. ඒත් මං ඒ ජිවිතේට වැඩිය කැමති නෑ. සර් දන්නවාද අර හන්දියේ බස් හෝල්ට්ටෙකේ ලැගලා ඉන්න පිස්සු ගෑනු කෙනා ?” බන්දුල විසින් ප‍්‍රශ්නයක් නගා අනතුරුව ඉදි කොට දුන් නිශ්ශබ්ද කාල සීමාවේ පේ‍්‍රමනාත් එම ගැහැනියගේ රූපය මවා ගත්තේය. ‘කාකු කූඩයක් මෙන් අවුල් වී ගිය බොකුටු කොණ්ඩය, ඒ වසා සිටි ¥විලි කුණු-රොඩු තට්ටුව- කුණු කූඩයක් වාගේ රටේ ලෝකෙ තියෙන දහ ජරාව ඔක්කොම එතන- තාර ගෑවා වාගෙ කළු පාට වෙච්ච මූණ- ආත්මෙකට හෝදන් නෑ- කුණු තට්ටු තට්ටු බැඳිලා - විට කාලා ලේ පාට වෙච්ච තොල්පටි- මස් කන යකෙක් වාගේ- හපේ ගහලා දෙපැත්තෙන් පෙරෙන විටකෙළ - විට කහට බැඳපු දත්- ඇඳගත්ත වැරහැලි- අවුරුදු ගානකින් නොහෝදපු රෙදිවල බැඳිච්ච කුණු තට්ටු- රෙද්දෙ මුලින් තිබ්බ පාටක් හොයා ගන්න බැරි තරමට- මාස ගාණක් වතුරෙ දාලා පොඟවලා තිබ්බත් පෙෙඟන්නෙ නැති- ඒ පොඟවලා ගත්තත් සබන් ගෑවෙන් නැති- සබන් ගෑවුණත් කුණු යන් නැති- උපන් තේකට කපා නැති කොටි නියපොතු- අත්තොලත් කකුල්ඔලත් - කැතේ උපත- බඩින් වකැ- පිටින් උසැ- දත් බොල්ලෑ යැ- . . . . . . . . . . . . . . . බුත්සරණේ ඉන්න ජූජක බමුණා- වටේට තියෙන දවස් ගණන් කුණු වෙච්ච කෑම බීම- හරියට ඉන්දියාවේ ඉන්න තමන්ගේම අසූචි කන නිඝණ්ඨයෙක් වාගේx අම්මෝ ! හඩු ගඳ ? අහල්ප්පහලක ඉන්ඩ බෑ.’ පේ‍්‍රමනාත්ගේ ඇඟිලි දෙකක් පැමිණ නාසය මිරිකා නැවතත් රූටා ගොස් එය පිසදමා ලූයේ ඒ දුර්ගන්ධය ඉවසා ගැනීමට නොහැකි වූ කලෙක මෙනි. ”ඔව් සර්, අප්පිරියයි නේද සර්ට ? ඒ වුණාට මට එහෙම නෑ සර්. මට හෙට ඉඳන් x x x කොහොම වුණත් සර් x x x මං නැති හින්දා; ඒ කියන්නෙ මං දැන් මයෙ ජීවිතේ නවාතැනට ආපු හින්දා; මං කියන්නේ මට සමාවෙන්න සර් හැංගුවාට. මං ඇත්තමයි කියන්නෙ. මට මේ දේවල් තේරුණේ සර් ආශ‍්‍රය කරන්ඩ වුණාට පස්සේ. මාත් තීරණය කරා කුහක වෙලා බෑ කියලා. සර් වාගෙ අවංක වෙන්න හිතුවා. තවත් විඳවන්න ඕනෙ නෑ කියලා හිතුවා. සර් වාගේ ඕපන් වෙන්න හිතුවා. ඒ තමා සර් මං අවුරුදු ගාණක් හොයපු ආදරේx මං ඒක ඒ ගෑනිට කිව්වා. එයා විරුද්ධ වුණේ නෑ සර්. ඊට පස්සෙ මං ගෙදර ගියේ හැමදාම ?ට ? වෙලා. මං ඒ ගෑනිත්තෙක්ක බුදියෑවා, වැඩ ඉවරවෙලා. හැමදාම බුදියෑවාx අනික් උන් මෙතනින් අවසාන හයර්රෙකත් අරගෙන යනකල්ම මෙතන තැප්පා ඒ ගෑනිත්තෙක්ක බුදියන්නx මං ඒක අවුරුදු ගාණක් හිතේ තියාන හිටපු ආදරයක්x සර්ගෙ ආස්සරෙත්තෙක්ක මං හිතුවා ඒ දේ ඒ ගෑනිට කියන්ඩx ඒ ආදරේ මට ගෙදරින් හොයාගන්ඩ බැරි වුණා සර්x” පේ‍්‍රමනාත්ට දැනුණ පිළිකුළ මුළු ඇඟ පතම වෙව්ළුවා හැරියේය. ඔහුට කෙළ පිඩක් ගසාවත් ඒ අප්පිරියාව පහ කොට ගැනීමට අවැසි වුවද බන්දුල ඉදිරියේ එය කළ නොහැකි විය. ඔහුට මුළු ලිංගික ජිවිතයම එපා වූවා සේ විය. එහෙත් අරක්කු මතය ඒ සිතුවිලි නැවත නැවත පාගා දැම්මේය. බමණ හිස ඒ මැවී ගිය චිත‍්‍ර රූප මකා දැමුවේය. කුණු වූ මීයෙකුගේ කුණක් ඉවත් කොට ගෙයට සුවඳ වතුරක් ඉසුවාක් මෙන් එය අමතක කොට දැමූ ඔහු බන්දුලගෙන් ප‍්‍රශ්න කරන්නට බැලූවේය. ත‍්‍රීවිලරය බෝඩිමට යන මාවතේ මාර ගහ යට නවතා ඇති බව ඔහුට දැනුණේ කොහේදෝ සිට ආ සුළඟක් විසින් ඔසවා දුන් වියළි මාරා කොළ ටිකක් මල් වැස්සක් මෙන් ත‍්‍රීරෝද රථයේ වහලයටත්, ඇතුළටත් වැටෙන්නට වූ විටය. ”හොඳයි තමුන් මීට පෙර, ඒ කියන්නෙ ඔය හිඟන ගෑනිට ඉස්සරලා වෙනත් කාන්තාවක් ආශ‍්‍රය කරලා තියෙනවාද ?” ”ඔව් සර්, එහෙම නොවුණානං මගෙ ගෑනිට ළමයි දෙන්නෙක් ඉන්ඩ හේතුවක් නෑනේ.” ”නෑ, නෑ යෝදයෝx මං අහන්නේ ඊටත්තිස්සෙල්ලා ?” පේ‍්‍රමනාත්ගේ පැනයෙන් ඔහු නිරුත්තර වූ සෙයකි. ඔහුට කීමට මොකක්දෝ යමක් ඇති සෙයකි. එහෙත් එය උගුරේ සිර වී ඇත. එහෙත් උගුරේ සිරවුණු මාළු කට්ටක් මෙන් එය ඔහුට වධ දෙයි. අඩු තරමේ වතුර පොදක්වත් බීමට ඉඩ නොදෙයි. ඒ වේදනාව දෙනෙතට කඳුළුද නංවයි. ”කියනවා; කියනවා, බයවෙන්ඩෙපා බං. තමුසෙ, දැන් කීවනේ මං වාගේ හැමදේම කියනවා කියලා. ඉතිං කියනවාx” ”ඔව් සර්, මං x x x මං කියන්නංx ඒ තමා සර් මගෙ නියම ආදරේ. මං එදා ඉඳන් හෙව්වේ ඒ ආදරේ. ඒ සුවඳ ? එතකොට මට අවුරුදු දාසයක් ඇති. මං සාමාන්‍ය පෙළ විභාගෙ අරන් ගෙදර, ප‍්‍රතිඵල එනකල්. එතකොට තාත්තා තමයි මේ ත‍්‍රීවිල්ලෙකේ වැඩ කෙරුවේ. දැන් උන්දැ ලෙඩ වෙලා. අම්මා රට ගිහිල්ලාx මං ගෙදර දවල් තිස්සේ තට්ට තනියම හිටියේ. එතකොට තමා ඉල්ල ගන්ඩ කියලා රොඞී ගෑනියක් ආවේ. එදා ඒ ගෑනි මට ගොඩක් දේවල් කියලා දුන්නා සර්. ඔව් x x x ජීවිතේටම නොවිඳපු විධියෙ රසයක්x x x x මං එදා ඉඳන් ඒ ගෑනිව හෙව්වා. ගෙදෙට්ට වෙලා හොඳට ඇඳ පැළඳගෙන මාස ගණන් බලන් හිටියා, එයා එනකල්. ඒත් එදත්තෙදා ආවෙ නෑ. මාව දාලා යන්න ගිහිං. හීනයක් වාගේ හරියට ඇවිල්ලා ගියා. මට දැනුත් දුකයි මතක් වෙනකොට.” බමණ මතින් වුවද පේ‍්‍රමනාත් ටිකක් වේලා කල්පනා කරමින් සිටියේය. මාර ගසේ කොළ හැලීම නතර වී ඇති සෙයකි. සුළඟ තද නොවූ නිසා ඔහේ කම්මැලි ලෙස එක කොළයක් දෙකක් වැටෙයි. ඒ අතරේ තමන් ළඟින් හරක් ලොරියක් මුළු පරිසරයම කාලවර්ණ කරන දුම් ගෝටයක් පිට කරමින් ඉගිල ගියේය. ”ඉතිං තමුසෙ ඔය කතාව දැන් මාත්තෙක්ක කියන්න හිතුවෙ ?” බන්දුලගේ දෙනෙත් ත‍්‍රීවිලරය ඇතුළේ ගසා ඇති බුදු පිළිමය දෙස බැලූවේය. ඒ අසලින් වූ මාලනී ෆොන්සේකාගේ පින්තූරයක් ඔහුගේ ඇඟිලි තුඩු විසින් පිරිමදින අයුරු පේ‍්‍රමනාත්ගේ ඇස ගැසිණ. එහි සිටියේ සැබෑ මාලනී ෆොන්සේකා නොවේ. රොඞී කෙල්ලක් ලෙස .මිහිදුම් සිහින. සිනමාපටයේ රඟපෑ මාලනී ෆොන්සේකාය, එහි වූයේx නළල මතින් දමා ඇති නළල් පටය ඔහුගේ ඇඟිලි විසින් උදුරා ගැනීමට තතනන සෙයකි. ඒ අතරේ පේ‍්‍රමනාත්ගේ දෙනෙත් යොමු වූයේ ත‍්‍රිවිලරයේ බුදු පිළිමයට උඩින් ගසා ඇති පාඨය දෙසටයි. .මෙම රථයට බුදු සරණයි !. බන්දුල කතාව පටන් ගත්තේ රැුල් බුරුල් හරිමිනි. ”සර්, මං ඒ ගෑනින්තෙක්ක ඉන්නකොට අපේ කොල්ලො ටිකට අහුවුණා. ඒක හින්ද මං පහු ගිය දවස් ටිකේ වැඩට ආවෙත් නෑ. සර් ඒ වෙලාවෙ ගමේ ගිහිංx මුං මට මෙතන ඉන්ඩ දෙන්නෙ නෑ. නෝන්ඩි දානවා. උන් මං දිහා බලන්නෙ අප්පිරියාවෙන්x හරියට මූණට කෙළ ගහනවා වගෙx හෙට අනිද්දා උන් මේක අපේ ගෙදරටත් ලීක් කරනවා, ඒක ෂුවර්. මට ඒ දවසට නං මූණ දෙන්ඩ බෑ සර්x මං ඒ දවස එනකල් ඉන්නෙ නෑ මෙතනx මේ මගෙ ජීවිතේ නවාතැන වෙන්නෝනැ සර්x මට සමාජෙට මූණ දෙන්ඩ බෑx මයෙ ගෑනිට මූණ දෙන්ඩ බෑx ඒ ගෑනි මට සලකන්නෙ දෙය්යෙකුට වාගෙx” ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ බන්දුලට අවසන් ගෞරව දැක්වීම සඳහා කනත්තට ගිය පේ‍්‍රමනාත්ට කණවැන්දුම් වූ ගැහැනිය දකින විට ඇති වූයේ දැඩි කනගාටුවකි. ඇගේ සුන්දර රූපය, දිගු කෙහෙරැුල් ඔහු සිතින් පිරිමැද්දේය. දරුවන් දෙදෙනෙකු වදා සිටියද තවත් අවුරුදු ගණනාවකට පලා නොයන ඒ තරුණ්‍යය දෙස බලා සිටි ඔහු සතියකට දෙතුන් වතාවක්වත් ගොස් ඒ අසරණියගේ දුක සැප බලා කියා ගැනීමට සිත සමඟ ගිවිසුම් අත්සන් කළේය. එහෙත් ඔහුද පුදුම කරවමින් ඔහුට නිවෙසට ගොඩ වී යන ලෙස ඒ සුන්දර ගැහැනියම පළමු ආරාධනයක් කළාය. .ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ කියපි. කියා ඔහුද කනත්තේ සිට ආපසු ඇය සමඟම ගෙදරට ළඟා වූයේය. එහෙත් ඔහු සිතූ පරිදි ගෙට ගොඩ වූ ඇය ඔහුට අසුනක් අරා ගැනීමට ආරාධනා කළේ නැත. වැදගත් මහතෙකු ගෙට ගොඩ වන විට ඇතුළේ අපිළිවෙළට දමා ඇති දෑ ඇහිරීම සිරිතය. ඔහු බලා සිටියේ පිට මිනිසකු විසින් නොදැකිය යුතු ඇදුම් කැඩුම් ආදිය සඟවා ගෙට ඒමට ආරාධනා කරන, බිත්ති හතරක පමණක් ඉඩක් ලද ඇඟළුම් සේවිකාවක මෙන් හතරැුස් පෙට්ටියක් වැනි කුඩා ගෘහයෙන් එළියට එන, බන්දුල ආර්යාව දැක ගැනීමටය. සැබවින්ම ඇය පැමිණියාය. එහෙත් ඒ ඔහු සිතූ සුහද, උණුසුම් පිළිගැනීම සමඟ නොවේ. ”මහත්තයාෟ මහත්තයා ආය මේ පැත්ත පළාතක නාවට කමක් නෑ. මං හිතුවා මහත්තයා වාගෙ මිනිහෙක් ආශ‍්‍රය කරන්ඩ ලැබිච්චි එක අපේ මනුස්සයාගෙ වාසනාව කියලාx ඒ මනුස්සයා ටික ටික කාරණා කාරණ දැන ගන්න කොට මං සන්තෝසෙ උහුලගන්ඩ බැරුවයි හිටියෙx න්ආ ! මෙන්න මහත්තයාගෙ කසිකබල් පොත් ටිකx පරිස්සමට ගෙනියන්න. ඔය අස්සේ තියෙනවා මහත්තයා අපේ මනුස්සයාට කියවන්ඩ දීපු පත්තර ටිකත්. ඔය මහත්තයාගෙ පත්තර ටික තමා අපේ මනුස්සයාව කෑවෙත්, මාව කණවැන්දුන් කෙරුවෙත්x ඔව්වා මඟ දිගට හැලෙයි බලාන. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙ බේරෙනවා කිව්වලූනේx දැන් ඉතිං මෙතනිං තොලොංචි වෙලා යන්ඩx මෙව්වා මට රටට ගමට කෑ ගහලා කියන්ඩ ලැජ්ජයිx මොකද මයෙ මිනිහට මැරිලාවත් කනක් ඇහිලා ඉන්න බැරි වෙයිx නැත්තං මං දන්නවා මහත්තයා වාගෙ මිනිහෙකුට සලකන්ඩෝනැ විධිහx තුඃ විතරක් !” මෙතෙක් දවස් බොහෝ ආරක්‍ෂාවෙන්, බයෙන් ගෙට කොටාගෙන හදාගත් දියණියක කාරකාරයට දී ඇගෙන් නිදහස් වීමට බැලූ කණවැන්දුම් මවක මෙන් පත්තර- පොත් පත් ටික ඔහු අත තැබූ ඇය කඳුළු බිඳුවක් තුරුළු කොටගෙන ගෙට වැදුණාය. පේරාදෙණියේ බෝගහ ළඟට ආ ඔහුට තවත් පුදුම දෙයක් සිදු වී ඇති අයුරු පෙනිණ. ඒ ඉසව්වේ කිසිම තැනක මළගමක් තිබූ බවට කිසිම සඳහනක්, සටහනක් දක්නට නොවීය. රතන සූත‍්‍ර සජ්ඣායනයෙන් පසු වට වැසි විසින් සෝදා හළ විශාලා මහනුවර මෙන් භුමදානයත් සමඟ ත‍්‍රීවිල් සංගමය අලවා තිබූ ශෝක ප‍්‍රකාශ, සුදු කොඩි සියල්ල සේදී ගොස් තිබිණ. තමන් අසල ගඳ ගසමින් තිබූ වාහනයකට යටව ගිය බලූ මළකුණක් වළලා දමා ඉන් නිදහස් වූවාක් මෙන් කොල්ලන්ගේ මුහුණු විකසිත වී ඇත. විෂබීජ නාශකයක්ද ගසා ඒ අසලින් වූ ඉහඳ මැස්සන් පළවා හැරි සෙයකින් ඔවුන් සිත් කළඹන සේ ඇඟපත එළියට දමාගත හැකි බැනියම් කෑලි, කලිසන් කටු ඇඳ පැළඳ සිටියෝය. පේ‍්‍රමනාත් ඇස ගැසෙනවාත් සමඟම ඇතිව ගත් නොසන්සුන්තාව පෙන්වූයේ තරඟකාරීභාවයකිx ඒ තරඟයෙන් ජයග‍්‍රහණය අත්කොට ගත් සිනාවක් දල්වා ගත් කොල්ලෙකු ත‍්‍රීවිලරයක් ගෙනැවිත් ඔහු ඉදිරියේ නතර කළේ හිසද පහතට ඇල කරන ගමන්මය. පේ‍්‍රමනාත් ඊට ගොඩ වී ගත්තේ කිසිවක් සිතීමට සුනංගු නොවීය. ඔහුට අවැසි වූයේ හැකි ඉක්මණින් ආරක්ෂා ස්ථානයක් සොයා යාමටයx බන්දුලගේ බිරිඳගෙන් ලැබුණා සේම මේ ත‍්‍රීවිල් කොල්ලන්ගෙන්ද දෝෂාරෝපණයක් එල්ල වෙතියි කියා ඔහුගේ සිත බිය ගත්තේයx එහෙත් තී‍්‍රවිල් කොල්ලන් පොරයට මෙන් තමන් ඩැහැ ගැනීමට කළ උත්සාහය ඔහුව මඳක් අස්වසාලූයේයx ඒ තී‍්‍රවිල් ගොඩෙන් එළියට ආ පළමු තී‍්‍රවිලරයට පමාවක් නොගෙන ගොඩ වූ ඔහු කටහඬ අවධි කළේ පේරාදෙණි පාලමද පසු කොට ගිය ඉක්බිතිවයx ”ඔය මල්ලිගෙ නම ?” ”මමද ? මම නිස්සංකx” ඊළඟට ඇසීමට ප‍්‍රශ්නයක් නැතිව මෙන් පේ‍්‍රමනාත් ගොළුවත රකින්නට වියx එහෙත් වාහනයේ පැති කණ්නාඩියෙන් පේ‍්‍රමනාත් දෙස බැලූ තරුණයා ඒ අපහසු ඉඩ මඟහැර දුන්නේයx ”සර්, ඔව්වා සර් ලියාපු පොද්ද ? මටත් දෙන්නකෝ එකක් දෙකක් කියවන්න. මට බන්දුල කියලා තියෙනවා සර් ළඟ ලස්සන පොත් එහෙම තියනවා කියලාx” නිර්ලෝභීව ගොඩම ඔහු අත තැබීමට ගිය පේ‍්‍රමනාත් අත ආපසු ඇදගෙන තෝරා ගත් පොත් දෙක තුනක් ඔහු අත තැබීමට සිහි එළවා ගත්තේය. කෙසේ වෙතත් ඒ අතරට ඔහු අර පත්තරවලින් එකක්ද මැදි කිරීමට මැළි වූයේ නැතx ”න් ආ . . x මේ දෙක කියවලා ඉවර කරන්ඩකෝ ඉස්සෙල්ලා. ඊට පස්සේ අනික්වාත් එකේක දෙන්නං” ඇතිව ගත් සිනාව සපා ගත් පේ‍්‍රමනාත්ගෙන් තරුණයා දෙසට එල්ල වූයේ යටැසි බැල්මකිx එහෙත් පේ‍්‍රමනාත්ට පිටුපා සිටි නිස්සංකට ඒ බැල්ම ගොදුරු වූයේ නැතx

No comments: